Rebirth ,Buddhism & Evidences
(The Research Documentary)
අන්තර් භවය:
ථෙරවාද බුදුදහම හෙවත් නිර්මල ශ්‍රී සත්ධ්ර්මය තුල ගන්ධබ්යා යනුවෙන් මරණින් මතු පාවෙමින් සිටින සත්වයෙකු නොමැත .මරණයට පත්වන කුමන කොට්ටාශයක වුවද ප්රනියෙකු චුති චිත්තයට අනුව එසැනින් පටිසන්ධිය ලබති. එමනිසා "නා උයනේ අරියධම්ම හිමියන්" විසින් පහදා දෙනලබන මෙමෙ හඬපට දෙකෙහි අරුත එලෙසින්ම ධාරණය කරගන්න.!

දරු උපත හා බුදුදහම

දරුවකු මවුකුසයෙහි පිළිසිඳ ගැනීම හා මවුකුසයෙන් බිහිවීම පිළිබඳව දුරාතීතයේ විසූ මිනිසුන්ට තිබුණේ සීමිත දැනුමකි. ඒ පිළිබඳ සිද්ධි දාමය ඔවුන් තේරුම් ගත්තේ නිර්මාණවාදය සමග ගැලපීමෙනි. ලොව සියල්ල මවනු ලබන සර්ව බලධාරි දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා විසින් දරු උපත සිදුකරන බව ඔවුහු සිතූහ. දෙවියන් විසින් හෝ මහා බ්‍රහ්මයා විසින් දෙන ලද යන අදහසින් දේවදත්ත බ්‍රහ්මදත්ත වැනි නම් දරුවන්ට යොදන්නට පවා ඔහුවු පෙළඹුණහ. ශිව ලිංග පූජා පැවැත්වීම ද දරු උපතට දේවත්වය ආරෝපණය කරගැනීම නිසා ඇතිවුණ සිරිතකි. දරුවන් පතා අදිසි දෙවිවරුන් යෑදීමේ පුරුද්ද අදත් ජන සමාජයෙහි දක්නට ලැබේ.
දරු උපත අදිසි බලවේගයක මැදිහත් වීමෙන් සිදුවන දෙයක් ලෙස ආදි යුගයේ මිනිසුන් තුළ පැවැති විශ්වාසය තරමක් වෙනස් වුණේ බුදුරදුන් ලොව බිහිවුණු යුගයේ භාරතයේ විසූ දාර්ශනිකයන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙනි. ඒ අනුව මවු කුසක දරු ගැබක් හටගන්නේ ස්ත්‍රි- පුරුෂ දෙදෙනාගේ එක්වීමෙන් පමණක් නොව කර්මය, අන්තරාභවය . ඒ පිළිබඳව ගැඹුරු හා පුළුල් විග්රහයන් ආගමික සම්ප්‍රදායන් මගින් ඉදිරිපත් කර ඇත. සත්ත්වයා නිර්මාණය වන්නේ ජීව හා ද්‍රව්‍ය මූලයන් එක්වීමෙනි. සත් - අසත් වශයෙන් වෛදික ග්‍රන්ථවල ද, ප්‍රකෘති - පුරුෂ වශයෙන් සාංඛ්‍ය දර්ශනයේ ද, නාම - රූප යනුවෙන් උපනිෂද් ග්රන්ථවලද දැක්වෙන්නේ එම කාරණයයි. බුදුදහම ද සත්ත්වයාගේ නිර්මාණය විග්රහ කරන්නේ නාම - රූප පදනම් කරගෙනය. ස්කන්ධ, ආයතන ආදිය පිළිබඳ ගැඹුරු විස්තරය ද එයට ඇතුළත් ය.
මේ ජීවිතය හටගන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? යන ප්‍රශ්නයට පිළිතුරක් සංයුත්ත නිකායේ සේලා සූත්‍රයෙහි දැක්වෙයි. එම ප්‍රශ්නයට පිළිතුරු සපයන සේලා භික්ෂුණිය මෙම ජීවිතය තමන් විසින් නිර්මාණය කර ගන්නා ලද දෙයක් නොවේ. අනුන් විසින් සාදන ලද්දක් ද නොවේ, එය හේතු මුල්කරගෙන හටගත්තකි, හේතු බිඳීමෙන් නැතිවන්නකි යනුවෙන් පවසයි. මිනිස් ජීවිතය දේව නිර්මාණයකි යන අදහස ඒ අනුව බුදුදහමෙන් ප්‍රතික්ෂේප කර ඇත. තුරු ලතාවන්ගේ හට ගැනීම පිළිබඳ බෞද්ධ මතය ද සේලා සූත්‍රයෙහි දැක්වෙයි. කෙතක වපුරන ලද බීජ පොළොවෙහි සාරය ද, ජලය ද උරා ගෙන අංකුරයක් බවට පත්වන බව සේලා භික්ෂූණිය පවසයි. බීජයක් තිබුණ පමණින් එය පැළයක් බවට පත්වන්නේ නැත. ඒ සඳහා පොළවේ පස් සහ ජලය වුවමනා වෙයි. එම හේතු එක්වීමෙන් බීජය වැඩෙයි. ලෝකයේ සෑම දෙයක්ම හටගන්නේ මෙම හේතුඵල න්‍යායට අනුවයි. යමක් හටගන්නේ ඒ සඳහා බලාපන මූලික හේතු එක්තැන් වීමෙනි. එම හේතු නොමැති විට ඵලය හටගැනීමක් සිදු නොවෙයි. දරු උපතකට මෙන්ම තුරු ලතා ආදිය හටගැනීමට පදනම් වන මෙම හේතුඵල න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය බුදුදහමේ සඳහන් ගැඹුරු ඉගැන්වීම්වලින් එකකි. මවුකුස තුළ නාමරූප (පටිසන්ධි විඤ්ණය සහ භෞතික ශරීරය) අංකුරය හටගන්නා අයුරු මහායාන ආර්ය ශාලිස්තම්යක සූත්‍රය විස්තර කරන්නේ මෙසේය. මවුකුසේ පිළිසිඳ ගන්නා නාමරූප අංකුරය තමන් විසින් කරන ලද්දක් නොවෙයි. අනුන් විසින් කරන ලද්දක් ද නොවේ. තමන් හා අනුන් විසින් කරන ලද්දක් ද නොවේ. මැවුම්කරුවකු විසින් කරන ලද්දක් ද නොවේ. කාලය සමග පරිණාමය වූවක් ද නොවේ. ප්‍රකෘතියෙන් හටගත් දෙයක්ද නොවේ. එක හේතුවකින් පමණක් ඇතිවූවක් ද නොවේ. හේතුවකින් තොරව ඇතිවූවක්ද නොවේ. මවුකුස තුළ නාමරූප අංකුරය උපදින්නේ විකල නොවූ හේතූන් රාශියක් එක්වීමෙනි.
දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයේ දැක්වෙන අන්දමට මේ සිරුර මවුපියන්ගේ එක්වීමෙන් හා සතර මහා භූතවලින් හට ගත්තකි. ඒවා දරු උපතකට බලපාන භෞතික හේතු වශයෙන් දැක්විය හැක. ඒ අනුව මවුකුසක දරුවකු හට ගැනීම සඳහා මවුපියන්ගේ ලිංගික සබඳතාවයත්, පඨවි (තද ගතිය), ආපෝ (ජලය මෙන් වැගිරෙන දේවල්) තේජෝ (උණසුම), වායෝ (වාතය) යන සතර මහා භූතයන්ගේ එක්වීමත් බලපායි. දරු උපතකට පාදක වන ප්‍රධාන කාරණා තුනක් මජCධිම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයෙහි සඳහන් වෙයි. 1 මවුපිය දෙදෙනාගේ එක්වීම 2 දරු ගැබක් හටගැනීමට සුදුසු ශාරීරික තත්ත්වයක් මවු කුසෙහි තිබීම 3 උපතක් බලාපොරොත්තු වන ගන්ධබ්බයකු එළඹ සිටීම යන මූලික කරුණු සම්පූර්ණ වූ විට දරු ගැබක් ඇතිවෙයි. මවුකුසයේ සකස් වීම ගැන මහා තණ්හා සංඛය සූත්‍ර අටුවාව විවරණයක් ඉදිරිපත් කර තිබේ. මවගේ කුසයෙහි දරුවකු පිළිසිඳ ගන්නා අවකාශයෙහි ලොකු ලේ ගඩුවක් සැදී බිඳී වැගිරෙයි. මවුපියන්ගේ එක්වීමෙන් සත්දිනක් ගතවන තුරු පිරිසිදු වූ අවකාශයෙහි දරුවකු පිළිසිඳ ගැනීමට ඉඩ තිබේ. එම කාලය තුළ මවගේ අත ඇල්ලීම, හිස හා සිරුර පිරිමැදීම වැනි දෙයකින් වූවද දරුවකු පිළිසිඳ ගන්නා බව අට්ඨ කතාවෙහි සඳහන් වෙයි. දරු උපතක් පතන සැමියා බිරිඳ කෙරෙහි ආදරය දැක්වීම වැදගත් බව මෙයින් පෙනේ. උපතක් අපේක්ෂා කරන ගන්ධබ්බ යන වචනයෙන් අදහස් වන්නේ ප්රතිසන්ධි විඥනයයි. සර්වාස්තිවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් අභිධර්ම කෝෂයේ ගන්ධර්ව යන වචනයට අන්තරාභවිකයා යන අර්ථය දී ඇත. මරණය සිදු වූ පසු නැවත මවුකුසයක පිළිසිඳ ගන්නා තුරු භවයෙහි සැරිසරන විඥන ශක්තිය එයින් අදහස් කෙරේ. එය ආත්මයට වෙනස් වූවකි. කරණියමෙත්ත සූත්‍රයේ සම්භවේසී යනුවෙන් දැක්වෙන්නේ සත්ත්වයකුගේ ගන්ධබ්බ අවස්ථාවයි. උපතක් බලාපොරොත්තුවෙන් සිටින ගන්ධබ්බයා කෙරෙහි ද මෛත්‍රිය පතුරුවන ලෙස එම සූත්‍රයේ උපදෙස් දී ඇත. ඒ අනුව සලකන විට මිනිස් කළලයක් ගබ්සාවට ලක්කිරීම බුදුදහමට පටහැනි ක්‍රියාවකි.
සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්තර දැනගත හැක. මේ සිරුර ලැබෙන්නේ කෙසේද? ඇට සහ අක්මාව පැමිණෙන්නේ කොහින් ද? මවුකුස ලැග ගන්නේ කෙසේද යනුවෙන් ඉන්දක අසන ප්‍රශ්නවලට බුදුහිමියෝ පිළිතුරු දෙති. පළමුව කළල රූපය හටගනියි. එය සිදුවන්නේ කම්ම, චිත්ත, සෘතු, ආහාර යන කරුණු හේතුවෙනි. කළලයෙන් අබ්බුදය හටගනියි. (එය මස් සේදූ ජලය බඳුය.) තුන්වන සතියෙහි අබ්බුදය පේසි අවස්ථාවට පත්වෙයි. සිව්වන සතියේ දී තද ස්වරූපයට පත්වන කළලය ඝන නමින් හැඳින්වෙයි. අනතුරුව අත් පා සහ හිස හටගන්නා තැන් උස්ව (ගැටිති මෙන්) වැඩෙයි. සති එකොළහකට පසු චක්බු, සෝත, ඝාණ ජිව් හා පහළ වෙයි. මව ගන්නා ආහාරයන්ගේ රස ඕජාව පෙකණිය මගින් දරුවා උරාගනියි. මුල්වලින් ගන්නා රසෝජාවෙන් ගසක් වැඩෙන්නා සේ මවුකුසෙහි සිටින දරුවාගේ රූප කලාප වැඩෙයි. ඒ හටගන්නා රූප කලාපයක් පවතින්නේ ඉතා කෙටි කාලයකි. නමුත් ඒවා නැවත වැඩෙන්නේ කලාප වශයෙන් තෙගුණ වෙමිනි. ඒ අනුව සත්වන මාසය වන විට බිළිඳු සිරුරේ සියලුම අංග සම්පූර්ණ වෙයි. එබැවින් සත් මසින් දරු උපත් සිදුවිය හැක. මවුකුසේ මුලින්ම හටගන්නා කළලය ගිතෙල් බඳුනක බහා ගත් එළුලොමක් යටිකුරු කළ විට වැගිරෙන තෙල් බිඳක් පමණ වෙයි. දරුවකුගේ ස්ත්‍රි, පුරුෂ භාවය තීරණය වන්නේ දරු ගැබ ඇතිවන අවස්ථාවේදීය. දරුවකුගේ පිළිසිඳ ගැනීම ගැන සූත්‍ර දේශනාවල සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කිරීමේ දී අටුවාචාරීන් දක්වන අදහස්වල වෙනස්කම් පවතියි.
දරු ගැබක් ඇති නොවීමට හෙවත් වඳ බවට බලපාන හේතු කීපයක් සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්වෙන්නේ මේ අයුරිනි. දරු ගැබ් හටනොගන්නා ස්ත්‍රියක් නොමැත. දරු ගැබ රඳවා ගත නොහැකි ස්ත්‍රිය වඳ ස්ත්‍රියක් ලෙස හැඳින්වෙයි. සෘතුභාවයට පත් ස්ත්‍රි කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවන නමුත් කළලය රඳන්නේ නැත. වඳ ස්ත්‍රියක ලෙස හැඳින්වෙන නැතැත්තියගේ ගැබෙහි මඳ වූ කුසලයකින් පිළිසිඳ ගන්නා තැනැත්තා අකුසල විපාකයන්ට මුහුණ දෙයි. එයින් පීඩාවට පත්වන ඔහු වැනසෙයි. පිළිසිඳ ගැනීමක් සිදුවූවත් දරු ගැබ ර¹ නොපැවැතීමට හේතුවන කරුණු දෙකක් ඇත. එය සිදුවන්නේ වාතය නිසා හෝ ප්‍රාණීන් නිසාය. වාතයෙන් ගැබ වියළී කළලය අතුරුදන් වෙයි. ප්‍රාණීහු කළලය කා දමති. වාතයෙන් හෝ ප්‍රාණින්ගෙන් සිදුවන කළල විනාශය වැළැක්වීමට බෙහෙත් කළ යුතුය. එවිට දරුගැබ පිහිටන බව සමන්තපාසාදිකාවේ සඳහන් වෙයි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙන් සත්ත්වයන් උපත ලබන ස්ථාන හතරක් ගැන ම-Cධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ දක්වා ඇත. මිනිසුන් උපදින්නේ ගර්භාෂය මුල්කරගත් ජලාබුජ සත්ත්වයකු වශයෙනි. නමුත් සුවිශේෂ සිදුවීම් කීපයක් පිළිබඳ නිදසුන් ත්‍රිපිටකයේ ඇත.
දරුවකුගේ උපතට බලපාන භෞතික සාධක සම්බන්ධයෙන් ආගම්වලට මෙන්ම විද්‍යාවට ද එතරම් ගැටලුවක් නොමැත. නමුත් මවුකුසේ සිටින දරුවකුට ජීව ශක්තිය හෙවත් ප්‍රාණය ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට එමගින් පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැත. බොහෝ ආගම් ඒ සඳහා මැවුම්කරුවකුගේ පිහිට ලබාගනියි. ඒ අනුව ප්‍රාණය පිඹීම මැවුම්කරු විසින් සිදුකරනු ලබන්නකි. එහෙත් ගන්ධබ්බ හා ප්රතිසන්ධි විඥනය සංකල්පය ඔස්සේ බුදුදහම එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. උපත ලබන්නට බලාපොරොත්තු වන ගන්ධබ්බයා යනුවෙන් දැක්වෙන්නේ උත්පත්ති විඥනයයි. එය භෞතික තත්ත්වය ඉක්ම වූ අරූපී දෙයකි. තෛතරීය ආරණ්‍යයක වැනි හින්දු වේදාන්ත ග්රන්ථයන්හිද ගන්ධර්ව යන වචනයෙන් දරු ගැබට ඇතුළුවන ජීව ශක්තිය හඳුන්වා ඇත. එහෙත් එයින් කියෑවෙන්නේ ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්ව ගමන් කරන ආත්මයකි. පුනරුත්පත්තිය යනු දිරාපත් නිවස වෙනුවට නව නිවසක් සකස් කර ගැනීමකි. දිරාපත් ඇඳුම ඉවත් කර අලුත් ඇඳුමක් අදින්නාක් මෙන් ආත්මය දිරාපත් සිරුර අත්හැර අලුත් සිරුරක් සොයාගැනීමකි. ජීවිතයෙන් ජීවිතයට නොවෙනස්ව යන ආත්මයක් ඇත යන වෛදික ඉගැන්වීම් බුදුදහම පිළිගන්නේ නැත.
සිදුහත් බෝසතුන් බුදුබවට පත්වීමෙන් පසු දෙසූ "අනේක ජාති සංසාරං" යනාදී උදන් වැකියෙන් කියෑවෙන අන්දමට ජීවිතය නමැති නිවෙස ඉදිකරනු ලබන්නේ තණ්හා නමැති ගෙවල් සාදන්නා විසිනි. බුද්ධඝෝෂ ආචාර්යයන් විශුද්ධි මාර්ගය පොතේ දක්වන අන්දමට දරු උපතක් ඇතිවීමට කර්මය, විඤ්ණය හා තණ්හාව මුල්වෙයි. කර්මය කුඹුර යි. විඤ්ණය බීජය යි. තණ්හාව ජලයයි. මෙම කාරණය මහායාන සම්ප්‍රදායට අයත් ආර්ය ශාලිස්තම්භක සූත්‍රයේ තවත් විස්තරාත්මකව සඳහන් වෙයි. කර්මය නමැති කුඹුරේ විඤ්ණ නමැති බීජය වපුරණු ලබන්නේ අවිද්‍යාව විසිනි. මේ පැහැදිලි කිරීම්වලින් පෙනෙන්නේ භෞතික ස්වභාවය ඉක්ම වූ නවීන විද්‍යාවට හසුනොවන කරුණු ද දරු උපතකට බලපාන බවයි.
මවුකුසෙහි කළලය හටගන්නා ආකාරය පිළිබඳ ඉස්ලාම් ආගමිකයන්ගේ අල් කුරාණයේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ මෙසේය. අපි මැටිවල සාරයෙන් මිනිසා මැවීමු. ඉන්පසුව අපි ඔහු කිසියම් ස්ථානයකට ස්ථිරව හා තදින් සවි වූ බිඳුවක් කළෙමු. පසුව අපි එම බිඳුව අලකා (Alaqah) බවට පත් කළෙමු. ඉන්පසු අපි "අලකා" මුද්ගා (Mudghah) බවට පත්කළෙමු. (අල් කුරානය 23) මෙහි "අලකා" යන වචනයෙන් 1 කූඩැල්ලා aleach..... 2 එල්ලෙන බීජයක් drop of seed රුධිර කැටිය Colt blood යන අර්ථ දෙයි. මවුකුසේ මුලින්ම ඇතිවන කළලය කූඩැල්ලා වැනිය. එය ගැබ තුළ ඇලී පරපෝෂිත කූඩැල්ලකු මෙන් මවගේ රුධිරයෙන් යෑපෙන බව එයින් අදහස් කෙරේ. ඝන ලේ කැටියක ස්වරූපයෙන් සැදුන කළලය බීජයක් ලෙසින් එල්ලී පවතියි. ඒ අනුව කළලයේ මුල් අවස්ථාව හැඳින්වෙන "අලකා" යන්නට යොදන තේරුම් තුනම ගැලපෙයි. අල් කුරානයේ දැක්වෙන "මුද්ගා" (Mudghah) යන අරාබි වචනයේ තේරුම් හපන ලද ද්‍රව්‍ය යන්නයි. ලේ කැටියක් මෙන් තිබුණ කළලයේ වර්ධනය එයින් දැක්වෙයි. එහි ඇත්තේ මස් වැදැල්ලක"Lump of Flesh" ස්වරූපයකි. දත්වලින් සපන ලද චුයින්ගමයක් පිටතට ගෙන බැලුවොත් කොඳු නාරටියක හැඩයට දත් පෙළ වැඳී ඇති අයුරු දැකිය හැක. මුද්ගා අවස්ථාවේ කළලය ද එබඳුය. කුරානයේ එන මෙම විස්තරය අගයමින් ටොරොන්ටෝ සරසවියේ මහාචාර්ය කිත් එල්. මුවර් මානවයාගේ වර්ධනය The developing human නමින් ශාස්ත්‍රීය ලේඛනයක් ඉදිරිපත් කර ඇත.
මවුකුසක හටගත් කළලය හඳුන්වන්නට නවීන විද්‍යාව යොදන්නේ ඉදිමුම යන අදහස දෙන ඉරදහද යන ලතින් වචනය යි. මුල් සති කීපය තුළ කළලයේ ශෛල දෙගුණ සිව් ගුණ වශයෙන් බෙදෙමින් වර්ධනය වන බව කළල විද්‍යාව පෙන්වා දෙයි. පුරුෂ ජන්මානු සහ ස්ත්‍රි ආර්තවානු මැද පියවි ඇසට නොපෙනෙන නියුක්ලිස් නමින් හැඳින්වෙන නූලක් වැනි දෙයක් පවතියි. ඒ ඇතුළත තිබෙන වර්ණදේහ සෑදී තිබෙන්නේ පබළු වැලක් මෙන් බැඳුණ ජාන එක්වීමෙනි. මෙම ජානවල තිබෙන දෙමවුපියන්ගේ පරම්පරානුගත ගති ලක්ෂණ දරු කළලයට එක්වි වෙයි. ඒ අනුව මවුපිය දෙපාර්ශ්වයට ම අයත් ජානවල ගති ලක්ෂණ දරුවකු තුළ පිහිටයි. පරම්පරා දෙකක් යනු විශාල ජන කොටසකගේ ජාන එකතුවකි. ඒ නිසා දෙමවුපියන් තුළ නොපෙනෙන පරම්පරාගත විවිධ ගති ලක්ෂණ සහිත ජානයන්ය. ඒ හේතුවෙන් උපදින දරුවන්ගේ කායික දුබලතා ඇතිවන බව විද්‍යාවෙන් සොයාගෙන ඇත. ඒ නිසා සමීප ඥතීන් අතර විවාහයට වෛද්‍ය විද්‍යාව අනුබල නොදෙයි. රුබෙල්ලා එන්නත ලබාදෙන්නේ ජාන මගිනි. ගලා එන ආබාධිත තත්ත්වයන් වැළැක්වීමටය.
බුදුදහමේ දැක්වෙන රූප කලාප පරිණාමය නවීන විද්‍යාව සඳහන් කරන කළලයේ ශෛල බෙදී යැමට සමානය. බුදුදහම සඳහන් කරන අන්දමට පටිසන්ධි විඤ්නය සමග බැඳුණු කර්ම ශක්තිය මවුකුසේ හටගන්නා කළලයට සම්බන්ධ වෙයි. ඇතැම් ශාරීරික දුබලතා ඇතිවන්නේ ඒවායේ බලපෑමෙනි. එහෙත් බුදුදහම මවුකුසේ සිටින දරුවකුගේ සියලු සකස්වීම් කර්මය ට හෝ විඤ්ණ ශක්තියට පවරන්නේ නැත. අඹ ඇටයකින් අඹ පැළයක්ම හටගැනීම , මවුකුසකින් මිනිස් දරුවකුම බිහිවීම වැනි කරුණු නියාම ධර්මයන්ට අනුකූලව සිදුවන බව බුදුදහමේ විස්තරය කර ඇත. බුදුදහම බීජ නියාමය මගින් පෙන්වා දෙන්නේ ජානවල ක්‍රියාකාරිත්වය යි. ආරය වශයෙන් හැඳින්වෙන්නේ පරම්පරාවෙන් පිහිටන ගති ලක්ෂණයන්ය. ඒවා පැවැතෙන්නේ ජාන මගිනි. පුද්ගලයකු රහත් බවට පත්වූවන් කායික වශයෙන් ආරයෙන් පැවතෙන ගති සිරිත් ඔහු තුළ ඉතිරි වන්නට පුළුවන. ඇතැම් විට පෙර භවයට සම්බන්ධ ගති ලක්ෂණද පෙර පුරුදු වශයෙන් පවතියි. බුදුදහමේ දක්වෙන පාරමිතා පිරීම වැදගත් වන්නේ සසරේ ඉදිරි ජීවිතවල ගුණ යහපත් පුද්ගලයකු වීමට ඒවා බලපාන බැවිනි.
නවීන විද්‍යාව දරු උපත ගැන සියලු දේ විස්තර කරන්නේ භෞතික හේතු සාධක පදනම් කරගෙනය. දරු උපතකට බලපාන කර්ම ශක්තිය හා පටිසන්ධි විඤ්ණය වැනි ආගමික ඉගැන්වීම් නවීන විද්‍යාව පිළිගන්නේ නැත. ප්රතිසන්ධි විඥනය හා කර්මය දරු උපතකට බලපාන බවට බුදුදහම ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවට මාර්ටින් වික්‍රමසිංහ මහතා විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත. ඒ මහතා පිළිගන්නේ දරු උපතකට බලපාන භෞතික හේතු පමණි. භවකර්ම විකාශය නමැති පොතේ එම විස්තරය ඇතුළත් වෙයි.
මවුපිය පරපුරේ තිබෙන කායික හා මානසික ගති ලක්ෂණ රෝගාබාධ ජාන මගින් දරුවන්ට උරුම වන බව පිළිගත හැක. නමුත් මවුකුසයෙන් බිහි වූ පසු පරිසරයෙන් දරුවකුට උරුම වන දේවල් සහජ හැකියාවන් වශයෙන් ඇතැම් දරුවන්ගෙන් මතුවන්නේ කෙසේද? යන්නට පිළිගත හැකි පිළිතුරක් නවීන විද්‍යාවෙන් සපයා නැත. එපමණක් නොව පුනර්භවය, කර්ම සිද්ධාන්තය හා පටිසන්ධි විඥනය නොපිළිගන්නා ආගම්වලට ද එයට පිළිතුරු දීමට නොහැක. ඔස්ටියෝපොරසිස් රෝගය ගැන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන්ට දේශන පවත්වන හය හැවිරිදි මෙක්සිකානු දරුවකු ගැන 2005 අප්‍රේල් මස වාර්තා විය. කිසිම අකුරක් නොවරදවා සතිපට්ඨාන, ධම්මචක්කපවත්තන වැනි සූත්‍ර කටපාඩමින් කියූ ධම්මරුවන් නම් දරුවෙක් මහනුවර සිටියේය. තමා බුද්ධඝෝෂ අටුවාචාරින් සමග පැමිණි මුදිතඝෝෂ භික්ෂුව බව ඔහු පැවසුවේ තුන්හැවිරිදි වියේදී ය. පූර්ව ජන්මයන් පිළිබඳව පර්යේෂණ පවත්වන ඉයන් ස්ටීවන්සන් මහාචාර්යවරයා ද මෙම දරුවා හමුවීමට පැමිණියේය. කිසිදු පෙරහුරුවක් නොමැතිව ගී තනුවලට අනුව සංගීත භාණ්ඩ වාදනය කරන, උපත ලබා කෙටි කලකින් විදේශීය භාෂාවන් කතා කරන බිළිඳු දරුවන් ගැන ද අසන්නට ලැබේ. දරුවකුට මෙවැනි හැකියාවන් ලැබෙන්නේ කෙසේද එය සිදුවන අන්දම විග්රහ කළ හැක්කේ මිනිසාගේ සාංසාරික පැවැත්ම හා කර්මය පිළිගන්නා දහමකට පමණි.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්ගිරි මහා විහාරවාසී
Source : www.divaina.com

සංයුත්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් හා එහි අටුවාවෙන් ද දරු ගැබක වර්ධනය පිළිබඳ විස්තර දැනගත හැක.
දරු උපතකට පාදක වන ප්‍රධාන කාරණා තුනක් මජධිම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයෙහි සඳහන් වෙයි.
දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයේ දැක්වෙන අන්දමට මේ සිරුර මවුපියන්ගේ එක්වීමෙන් හා සතර මහා භූතවලින් හට ගත්තකි.
මේ ජීවිතය හටගන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? යන ප්‍රශ්නයට පිළිතුරක් සංයුත්ත නිකායේ සේලා සූත්‍රයෙහි දැක්වෙයි.
Dhammaruwan Story
Chanting in the 6th century

Chanting in the 6th century, August 9, 2008 by theravadin, Just recently i came across this fascinating story, which is especially valuable to those among you who read or chant pali texts:
Dhammaruwan Story :
Dhammaruwan was born in a small village near Kandy , Sri Lanka in November, 1968. From the age of about two, before he could read or write , he spontaneously started to chant the ancient Buddhist scriptures in the original pali language , known only to a few scholar monks.
Each day, somewhere around two o’clock in the morning, after sitting in meditation with his adopted and devoted Buddhist foster father for about twenty to forty minutes, he would spontaneously start to chant pali suttas. On the Poya or lunar Observance day, he would sometimes chant for two hours.
Dhammaruwan’s foster father started making amateur recording of the chanting and invited prominent scholar monk to listen. The monk verified that it was indeed the ancient pali language and the boy were chanting it in an ancient style which no longer existed in world.
That a young boy shows signs of having been a Buddhist monk in his former live is not that unusual by itself. See related past-life memories captured in these scientific studies.

The chanting style of these suttas are his own and nowhere else to be found or trace back to. As the child grew in age and was able to speak more, he related where he learnt this particular style of chanting the suttas and how he was able to chant such deep and profound suttas, which even an adult find difficult to chant precisely. He has said that in 6th century A.C. he together with few monks accompanied the scholar Monk, Bhadanthachariya Buddhagosa to Sri Lanka. He has said that including him (Mudithagosa) the others were monks who had by-hearted the tripitaka or part of it. He says it is from this memory that he chants the suttas by recollecting that life. Until the age of 10 he was able to chant the suttas. The earliest recorded chanting was at the age of three.
Here a sample
Here a sample
If you know some pali you will quickly recognize that this young boy’s stress and intonation goes according to the meaning of the texts. Even scholars reading the suttas sometimes will put in stops where – according to the meaning – you need to continue and vice versa. Not so this three year old boy. Chanting the Dhammacakka sutta like he does, in my opinion, could only be done, if you
Anyway, the chanting style he uses is definitely closer to the texts as something like this which is the current style of chanting in Sri Lanka and sounds more like a mixture of Tibetan monks meeting in a mosque
So, what happened to Dhammaruwan? I was curious to find out more about him, expecting him to have become a monk in this life too. Almost These days Dhammaruwan is an experienced meditator and founded a very support-worthy meditation center in central Sri Lanka (called “Nirodha” – good choice).
If you like to find out more, here is the link,
www.nirodhatrust.org
- learnt the text by heart
- know pali very well so as to know the meaning while chanting
- chanted the text a million times.
Anyway, the chanting style he uses is definitely closer to the texts as something like this which is the current style of chanting in Sri Lanka and sounds more like a mixture of Tibetan monks meeting in a mosque
So, what happened to Dhammaruwan? I was curious to find out more about him, expecting him to have become a monk in this life too. Almost These days Dhammaruwan is an experienced meditator and founded a very support-worthy meditation center in central Sri Lanka (called “Nirodha” – good choice).
If you like to find out more, here is the link,
www.nirodhatrust.org
Scientific Evidence for Survival Of consciousness after death
Dr. Ken Ring published a paper in the Journal of Near-Death Studies (Summer, 1993) concerning near-death experiencers who, while out of their bodies, witness real events that occur far away from their dead body. The important aspect to this phenomenon is that these events seen far away are later verified to be true. Experiencers not only witness events from great distances, but they have been documented to hear conversations between people at the same events. Conversations such as these have also verified to be true. An even more fascinating phenomenon occurs when the experiencer actually appears in spirit to someone, usually a loved one, during their NDE and it is verified to be true by the experiencer and the loved one. It is evidence such as this, if scientifically controlled, that can provide absolute scientific proof that consciousness can exist outside of the body. A scientifically controlled NDE that can be repeated which provides such evidence would be the scientific discovery of all time. However, science does not yet have the exact tools to accomplish this. But, science is coming very, very close. This kind of evidence and others provide very strong circumstantial evidence for the survival of consciousness.