”මට කියලා කුලී වැඩකටවත් යන්න විදිහක් නැහැ මෙයාව ගෙදර දාලා. හැමදේම මම කරන්න ඕන. පුළුවන්, පුළුවන් විදිහට ගමේ අය උදව් කරනවා. මගේ ගෙදර කට්ටිය උදව් කරනවා. ඒත් නිතර ඒ අයට කරදර කරන්න බැහැ. අපි තනිවෙලා පුදුම විදිහට අසරණ වෙලා ගොඩක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන්නේ. සමන්ට බෙහෙත්වලට එයාට දාන බටවලට කෑම බීම හැමදේටම රුපියල් දහදාහක් (10,000) විතර මට හොයාගන්න වෙලා තියෙන්නේ. සමහරදාට එක වේලක් කාලා නිදාගන්න වාර අනන්තයි. පුළුවන් නම් මට මෙයාව කොහොමහරි නැගිට්ටවලා දෙන්න. එයාව සනීප කරගන්න මට උදව් කරන්න.”
ලිපිනය - හේන්පිටගෙදර, මරදගහමුල,
ගිණුම් අංකය–100-2-001-9-5038670
මහජන බැංකුව - මරඳගහමුල
ලිපිනය - හේන්පිටගෙදර, මරදගහමුල,
ගිණුම් අංකය–100-2-001-9-5038670
මහජන බැංකුව - මරඳගහමුල
අම්මේ නුබ නැතිඋන කාලෙක කව්රුද මගේ දුක සැප විමසන්නේ. !

ජිවිතේ ගැන හිතුවොත් ඒක මහා පුදුමාකාර දෙයක් කියලා ඔබට හිතෙනවා ඇති. ඒක ඇත්ත තමයි. සතුට, දුක, ආදරය, විරහව මේ හැම දේත් එක්කයි ජීවිතේ දෝලනය වෙන්නේ. ඒත් ඉතිං මේ හැම දේමත් අතර මොන කෙනාටද ප්‍රශ්න නැත්තේ. මේ කියවන ඔබට මට වගේම ජීවිතේට මොනයම් හෝ මොහොතක ප්‍රශ්න එල්ලවෙනවා. ඒ අතර සමහරුන් නැති ප්‍රශ්නත් දාගන්නවනේ. ඒත් මේ කියන්න යන කතාව ටිකක් වෙනස්ම විදිහේ කතාවක්. ඒ දිහා හොඳින් බලන්න.
අද සමහරු ජීවත් වෙන්නේ මේ සමාජයේ කවදාවත් මැරෙන්නේ නැති විදිහට. සමහරු ජීවත්ව හිටියත් මැරුණා හා සමානයි. කොයික වුණත් අපි හැමෝටම උපන්නා නම් ජීවත් වෙන්නම සිද්ධ වෙනවා. අද මේ හෙළිදරව්ව හේන්පිටගෙදර මරදගහමුල සමන් කුමාර ගැන. එතකින් පස්සේ මිනිස්සු කවුද කියලා තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්න. එහෙම තේරුම් අරන් ඒ ජීවිතේට සරණක් වෙන්න පුළුවන්ද කියලත් අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා.
හේන්පිටගෙදර, මරදගහමුල, මිනුවන්ගොඩ පදිංචි සමන් කුමාරත් කටුවැල්ලෙගම පදිංචි නයනා දමයන්ති දසනායකත් සංසාරයේ පතාගෙන ආ අයුරින්ම එකිනෙකා හඳුනාගත්තේ කාලයකට ඉහතදියි. ඒ හඳුනා ගැනීමම මේ සසරෙත් එකිනෙකා හා බැඳෙන්න දින නියම වෙන්නේ 1995 මැයි මාසේ 10 දා.
”අපි විවාහ ගිවිසගෙන ඉඳලා අවුරුදු දෙකකට පස්සෙයි එයා මාව හේන්පිටගෙදරට කැන්දගෙන ආවේ. ඔය වෙනකොටත් සමන් වැඩකළේ බලවේග මැෂින්වල ඔපරේටර් කෙනෙක් විදිහට. 97 ජුනි 26 දා අපි දෙන්නා එයාගේ මහගෙදරට ආවේ ලොකු බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. ඒත් අපි දෙන්නා විවාහ වෙලා මාස හතරක් විතර යනකොට තමයි මහත්තයෝ සමන්ට අසනීප වෙන්න ගත්තේ.
කාත් කවුරුත් නොපැතූ නොසිතූ විදිහට හිටිගමන්ම සමන්ගේ ජීවිතයට අඳුරු සෙවණැල්ලක් පතිත වුණා. ඒත් ඒ අඳුර මේ විදිහට ජීවිත කාලයම ලෙඩ ඇඳකට ඇද දමයි කියල සමන් තියා කිසිම කෙනෙක් හිතුවේ නැහැ. අවුරුදු 17 ක් තිස්සේ ඔබ මේ දකින ඇඳට ම සිය ජීවිතය තල්ලු කරලා අද ඔහු ජීවත්වෙන්න ජීවිතයත් එක්ක අරගල කරනවා. පොඩි කාලයක් නෙවෙයි අවුරුදු දාහතක්.
”එයා මේ විදිහට ඇඳට වැටුණම මොකද කරන්නේ කියලා මට හිතාගන්න බැරුව ගියා. අපි බැඳලා මාස 4 යි. අපි දෙන්නා හිතාගෙන හිටිය හැම බලාපොරොත්තුවක්ම වතුරේ ගියා. ඊට පස්සේ මම එයාව එක්කරගෙන ඉස්පිරිතාල ගානේ ගියා. පුනරුත්ථාපන කරන තැන්වලට ගියා. කොළඹ ස්නායු රෝහලට අරගෙන ආවා. එතැනදි තමයි කිව්වේ එයාගේ ස්නායු අඩපණ වෙලා ශරීරය අප්‍රාණිකයි කියලා. මේක බොහෝම දුර්ලභ රෝගයක්. ඒ නිසා සමන්ගේ ස්නායු මැරෙනවා කියලා දැනගත්තා. කොඳු ඇට පවා දුර්වල වෙලා තියෙන්නේ. එයාව පරීක්ෂා කළේ කොල්වින් සමරසිංහ දොස්තර මහත්තයත් රංජනි ගමගේ වෛද්‍ය තුමියත්. මොනවා කරන්නද මේ විදිහට ඇඳට වැටිලා කිසිම දෙයක් එයාට දැන් කරන්න බැහැ. කන්න බොන්න හැමදේම දැන් දෙන්නේ බටවලින්.
”දුනගහ අපේ ගෙවල් කිට්ටුව ඉන්න දොස්තර මහත්මයෙක් ඇවිදින් සමන්ට උදව් කරනවා. ඒ දොස්තර මහත්තයට පින් සිද්ධ වෙන්න ඕන. මාසයකට දෙපාරක් මේ බට මාරුකරන්න ඕන. ඒ දේවල් කරන්න එයාව එක්කරගෙන යන්න මට සල්ලි නැහැ. බොහෝම අමාරුවෙන් අපි ජීවත්වෙන්නේ. මෙයාට හැමවෙලේම බඩගිනි එනවා. එහෙම වෙලාවට කතා කරන්න බැරි නිසා එයා කෑ ගහනවා. ඒ වෙලාවට මම කැඳ ටිකක් හරි හදලා පොවන්න ඕන. මොන දුක විඳගෙන හරි මම එයාගේ වැඩකටයුතු කරනවා. මට එයාට නොසලකා ඉන්න බැහැ. ලෙඩ ඇඳක හිටියත් එයා මගේ සැමියා.”
ලක්ෂ ගණන් වියදම් කර අද සැපට ගන්න මංගල්‍යය හෙට දික්කසාදයෙන් කෙළවර වන සමාජයක ජීවිතේ මෙවැනි කරදරයකදි සියල්ල හැරදා සැමියා බිරිද හැරයන සමාජයක ඒ වගේම බිරිඳ සැමියා හැරයන සමාජයක දමයන්තිලා මේ සමාජයට ලොකු ආදර්ශයක්. ජීවිත කාලයම සමන් ලෙඩ ඇඳේ ජීවත්වෙන්න වාරුගද්දි දමයන්ති අද ඇගේ ජීවිතයම කැපකළේ දයාබර ස්වාමියා වෙනුවෙන්.
”මට කියලා කුලී වැඩකටවත් යන්න විදිහක් නැහැ මෙයාව ගෙදර දාලා. හැමදේම මම කරන්න ඕන. පුළුවන්, පුළුවන් විදිහට ගමේ අය උදව් කරනවා. මගේ ගෙදර කට්ටිය උදව් කරනවා. ඒත් නිතර ඒ අයට කරදර කරන්න බැහැ. අපි තනිවෙලා පුදුම විදිහට අසරණ වෙලා ගොඩක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන්නේ. සමන්ට බෙහෙත්වලට එයාට දාන බටවලට කෑම බීම හැමදේටම රුපියල් දහදාහක් (10,000) විතර මට හොයාගන්න වෙලා තියෙන්නේ. සමහරදාට එක වේලක් කාලා නිදාගන්න වාර අනන්තයි. පුළුවන් නම් මට මෙයාව කොහොමහරි නැගිට්ටවලා දෙන්න. එයාව සනීප කරගන්න මට උදව් කරන්න.”
ඔව් දමයන්ති ළඟ අද මහලොකු බලාපොරොත්තු සිහින ගොඩනැගිලා නැහැ. ඇයට ඕන එකම පිළිසරණ තමන්ගේ සැමියා විඳින මේ දුකෙන් ඔහු ගලවා ගන්න එක. ඒ වෙනුවෙන් ඇය මේ මොහොතේ නොවිඳිනා දුක් විඳිනවා. ඒත් අවුරුදු 17 ක් තිස්සේ මේ ලෙඩ ඇඳේ ඉන්න සමන් තවත් මේ ලෙඩ ඇඳ මතම ඉන්න ඕනද?
නැත්නම් ඔහු සනීප කර ගන්න අත්වැලක් වෙන්න ඔබට පුළුවන්ද? ඒ සියල්ල තීරණය කරන්න අපි ඔබ ඉදිරියේ මේ ජීවිත හෙළිදරව්ව ලෙහා දමනවා. පුළුවන් නම් දමයන්තිටත් සමන්ටත් ජීවිතයට ශක්තියක් වෙන්න. ඒ ශක්තියෙන් හෙට දවසේ මේ පැල්පතට ආලෝකයක් එක්කරන්නට ඔබට හැකි නම් ඒක ඔබ මේ ආත්මයේ රැස්කරන මහා පුණ්‍ය කර්මයක්.
වසන්ත ජයසිංහ ආරච්චිගේ