මාන මද නිරෝධය
පෘථග්ජන සන්තායන්හි අයෝනිසෝමසිකාරයෙන් නොයෙක්විට පැනැ නැඟෙන යුහුසුලු කෙලෙසෙකි මානය නම්. එය ම උත්සන්න වු කලැ මද යැ යි කියනු ලැබේ. මෙය සම්පූර්ණයෙන් නැසෙන්නේ රහත්මඟ නුවණිනි. ඉන් යටැ තුන්මඟ නුවණින් ම නැසෙන්නේ සාවශේෂ වශයෙනි. එබැවින් රහත්මඟ නුවණ “මානාභිසමය” යැ යි කියනු ලැබේ. පුහුදුන් සතන්හි මෙය ඉතා ම හැඩිදැඩි සේ ඇවිස්සෙමින් පැවැතෙන හෙයින්, එයිනුත් අඥ වූ බාල ජනසන්තානයන්හි වැඩියක් බලපත්වන හෙයින්, ඔවුනට වැඩ සඳහා අප විසින් මේ බණපොත් පොඩිය සැකැසුණේ මෙයට විසි වසකටත් පෙරැ යැ. පින්කැමැති බොදු සමිති දෙකෙකින් දෙවරක් ම මුද්‍රණය කරවා නොමිලයේ විසුරුවා හරන ලද මුත්, දැන් ඉන් පිටපතක් සොයා ගැනීම උගහට වී තිබෙන හෙයින් මේ තුන්වන වර ත් වෙසක් දහම් ප්රචාරක සමිතිය විසින් මුද්‍රණය කරවා විසුරුවනු ලබන්නේ පින් පිණිසැ යැ. එබැවින් මින් පිටපතක් ලැබුණු හැම දෙන ම විසින් සාදරයෙන් කියවා බලා නැවැතැ නැවැතැ සිතා බලා සිය සතන්හි නැඟෙන මානමදයන් මර්දනය කැරැ ගැනීමට උත්සාහ දැරියැ යුතු වේ.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
මානය අර්හත් මාර්ගයෙන් ද, ඒ මානයාගේ ම වශයෙන් මත්වීම නම් වූ මදය සෝවාන් මඟින් ද නිරවශේෂයෙන් නිරුද්ධ කටයුතු වතුදු, මේ දෙක සියලු පුහුදුනන්හට ම විද්‍යමාන වතුදු මෙ කල්හි මහා ජනතාව බොහෝ සෙයින් මානොත්සන්න වැ සත් විසි මදයෙන් මත්ත ප්‍රමත්ත වැ කල් යවන බව නොයෙක් විට පෙනෙන බැවින් දැන් ක්‍රමයෙන් තදඞ්ග විෂ්කම්භණ වශයෙන් මාන මදයන් අඩු කැරැ ගෙන මතු මාර්ගඵලාධිගමයෙන් නිරවශේෂ නිරෝධයට පැමිණීමෙහි බෞද්ධ මහාජනතාව යොමු කරවන අටියෙන් මෙය ලියනු ලැබේ.
මානය
“මාන”- ශබ්දයෙන් සාමාන්‍යයෙන් මිනුම හෙවත් මිම්ම ද, මානිකා නම් වූ ධාන්‍යාදිය මනන උපකරණ විශේෂය (=මනාව) ද, “වන්දනා - මාන - පූජා - සත්කාරාදි” තන්හි ගරු බුහුමන් කිරීම හෙවත් යම් උතුමකු සිතින් ගරු කොට සැලැකීම ද “කුලපුත්ත මානී අඤ්ඤො’පි - පබ්බජිත්වාන සාසනෙ”යන ආදි තන්හි ආත්ම ගෞරව සඞ්ඛ්‍යාත වූ අධ්‍යාත්ම සමුත්‍ථාන වූ හිරි (=විළි) ඇති බව ද, අභිමානය හෙවත් තමා උසස් කොට සිතා ගැනීම නම් වූ උඩඟුව දැ යී - යන ආදි නොයෙක් අර්ත්ථයන් වාච්‍ය වතුදු, එයින් මෙ තන්හි “අභිමානය” අදහස් කරනු ලැබේ.
අනුන් විසින් තාමා උසස් කොට සැලැකීම නම් වූ “බුහුමන් කිරීම” වාච්‍ය වන තන්හි “මාන පූජායං” ධාතුවෙන් සිද්ධ වූ “මාන” ශබ්දය වේ. තමා විසින් ම තමා උසස් කොට සිතා ගන්නා ස්වභාවය ඇති අභිමානයට පර්යාය වූ “මාන” ශබ්දය “මන - ඤාණෙ” යන ධාතුයෙන් සිද්ධ යි. “සෙෙය්යා හ’මස්මි’ති ආදිනා මඤ්ඤ’තී = මානො,මඤ්ඤන්තී සම්පයුත්ත ධම්මා එතෙනා’ති වා = මානො, මඤ්ඤනමත්තමෙ’ව වා = මානො” නිර්වචන හෙයින් රහත් නුවූ සත්ත්වයන් ගේ දිට්ඨිගත විප්පයුත්ත වූ ලෝභසහගත සතර අකුසල් සිත්හි පහළ වන්නා වූ ‘මම උසස්මි’ යන ආදීන් හඟනා ස්වභාවධර්මය වූ අකුශල චෛතසිකය මෙහි ‘මාන’ නම් වේ. ‘හැඟීම = සිතා ගැනීම’ යන අර්ථයෙන් “මඤ්ඤනා” යයි දු මීට ම නමෙකි. මූලපර්යාය සුත්‍ර වර්‍ණනාදියෙහි පෙනෙන පරිද්දෙන් පුහුදුනන්ගේ හැඟීම් තෘෂ්ණායෙන් හැඟිම යැ - දෘෂ්ටියෙන් හැඟීම යැ - මානයෙන් හැඟීම යැ යි - තුන් වැදෑරුම් වතුදු එයින් මෙහි “මානමඤ්ඤනාව” අභිමත වේ.
එ බැවින් - මේ මානය නම් රහත් නුවූ සියලු සත්ත්වයන්ගේ සන්නානයෙහි කරුණක් ඇති විරු සමුදාගත (=පහළ) විය හැකිසේ (හෙවත් - පර්‍ය්‍යුත්‍ථාන වශයෙන් හෝ ව්යතික්රම වශයෙන් හෝ නැඟී සිටිය හැකි සේ) අනුශය වශයෙන් ලැගැ ගෙනැ මෙන් පවත්නා වු උඩඟු ස්වභාවය ඇත්තා වූ ද එය හා එක් වැ යෙදුණු සිතට රුකුල් දෙමින් නො නැමිය දී යටත් පහත් විය නො දී ඔසවා කෙළින් තබන කෘත්‍යය ඇත්තා වූ ද, තතු පරිදි විමසා බලන්නකුට “ඔසවා තුබු බොහෝ වූ කොඩි අතුරෙන් තමා ඉතා ම උසස් කොඩිය වැනි කොට’ මුදුන් කොත වැනි කොට’ දක්නා කැමැති බවක් මෙන්” වැටැහෙන්නා වූ ද ආත්ම ස්නේහයට නිඃශ්‍රය වන බැවින් ඒකාන්තයෙන් ලෝභය ඇසුරු කොට මෝහසම්පුයුක්ත වැ පවත්නා වු ද ක්ලේශයෙකි - හෙවත් - සිත්සතන් කෙලෙසන ස්වාභාව ධර්මයක් වූ චෛතසිකයකි. ‘අනුශය වශයෙන්’ අසමුදාගත වැ (=නොපහළ වැ) පවත්නා ‘ක්ලේශනාමමාත්රය’ ලබතුදු සමුදාගත වශයෙන් යටැ කී ලෝභසහගත සතර අකුසල් සිත්හි පහළ වැ පවත්නා කල්හි තත් සමඞ්ගී පුද්ගලයා දුගතියට පමුණුවන්නෙන් ‘පාප නාමය ද’ ලබයි හෙවත් පව් නමුදු වේ. එහි දු පර්‍ය්‍යුත්‍ථාන මාත්‍ර වශයෙන් පැවැත්තේ නම් කුශලයට බාධක වැ ‘ප්‍රවෘත්තිවිපාක මාත්රදායක’ ද වේ. ව්යතික්රම වශයෙන් කර්මපථප්රාප්ත වැ කාය වාග්ද්වාරයන්හි පැවැත්තේ නම් අපාය ප්රතිසන්ධිදායක ද වේ.
මෙය දිට්ඨිගත සම්පයුත්ත වූ අකුසල් සිත්හි නො යෙදෙන්නේ දෘෂ්ටිය හා සමාන වූ ගති ඇති හෙයිනි. කේශර සිංහයන් දෙදෙනකුන් එක ගුහාවක නොලග්නා සේ දෘෂ්ටිය හා එක් වැ එක සිතෙහි තත් සදෘශ වු පැවැතුම් ඇති ක්ලේශයක් වූ මානය නො උපදනේ ය. මෙසේ කීමෙන් “මිසදිටුනට මානය නැද්දැ” යි ප්‍රශ්නයෙක් නඟින්නේ යැ ඊට පිළිතුරු නම්: “නැත්තේ නො වෙ යි ඇත්තේ මැ යැ” යනු යි. මිසදිටුවනට ද උපදනා සිත් සතන්හි හැම සිත් ම දිට්ඨිගත සම්පයුත්ත නො වෙති. එසේම අකුසල් මත් නො වෙති. යම් කලෙක්හි “කාමයන්හි ආදිනව නැත, පරලොවෙක් නැත, කර්මවිපාකයෙක් නැතැ” යි යන ආදින් මිථ්‍යාදෘෂ්ටිය පෙරදැරි කොට ගෙනැ පඤ්චකාමානුභවාදී වශයේ පව් කෙරෙත් නම් එකල්හි මිසදිටුවනට වේව යි සම්දිටුවනට වේව යි කවුරුන් හට වුවත් දිට්ඨිගතසම්යුත්ත වු ලෝභසහගත අකුසල් සිත් පහළ වෙති. එසේ දෘෂ්ටියක් පෙරදැරි කොට නො ගෙනැ කාමාස්වාදයෙහි යෙදිම් ආදි වශයෙන් පව් කෙරෙත් නම් එ කල්හි දිට්ඨිගතවිප්පයුත්ත වූ ලෝභසහගත අකුසල් සිත් පහළ වෙති. යම් කලෙක්හි ඒ දිට්ඨීගත විප්පයුත්ත වු අකුසල් සිතෙක් අභිමානකරණ වශයෙන් පැවැත්තේ නම් එහි ම මේ ‘මාන’ නම් වූ අකුශල චෛතසිකය පහළවේ. එ බැවින් ලබ්ධි වශයෙන් මිසදිටුවෙක් වුවත් සම්දිටුවෙක් වුවත් මානයාගේ සමුදාගමයට එය ම අකුලෙක් හෝ රුකුලෙක් නො වන්නේ ය. කාගේ වුවත් ඒ පව් කරන්නා වූ ප්‍රස්තාවයෙහි සිත්සතන් පැවැති සැටි බලා ම දිට්ඨිගත සම්පයුත්ත බව හෝ විප්පයුත්ත බව ද මාන සම්පයුත්ත බව හෝ විප්පයුත්ත බව ද කියැ යුතු ය. මේ විස්තරයෙන් මානයත් මිථ්‍යාදෘෂ්ටිය හා සමාන ගති ඇති ‘භයානක වූ ක්ලේශයෙකැ’ යි දැනැ එයින් වැළැකෙන්නට උත්සාස දැරිය යුතු වේ.
මෙයට උපමා දක්වන තැනැ “උම්මාදො විය දට්ඨබ්බො” යනුයෙන් - උමතුවක් වැනි කොට දතැ යුතු ය යි - දක්වා තිබෙන්නෙන් ‘මානයෙන්’ උමතු වූවකු විසින් නො කට හැකි වියරුවක් නැතැ යි ද - මානයෙන් මත් වූවෝ උමතු වුවන් මෙන් නොයෙක් නොසරුප් කම් කෙරෙතැ’යි දතැ යුතු.
ධම්මසංගණි පාළියෙහි මාන සංයෝජනය නිදෙසන (=ස්වරූප වශයෙන් දක්වන) තන්හි - “සෙය්යො ‘හමස්මී’ති මානො - සදිසො ‘හමස්මී’ති මානො - හීනො ‘හමස්මී’ති මානො - යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං - උන්නති උන්නාමො - ධජො - සම්පග්ගාහො - කෙතුකම්යතා චිත්තස්ස - ඉදං වුච්චති මානසංයොජනං” - යනුයෙන් මම් උසස්මී හැඟීම යැ - මම් සමයෙමී හැඟීම යැ - මම් හීනයෙමී හැඟීම යැ - යන මෙබඳු වූ යම් අභිමානකරණ වශයෙන් හැඟීමෙක් වේ ද, උඩඟුවෙන් සිතා ගන්නා ආකාරයෙක් වේ ද, ගරු මන් සිතා ගත් බවෙක් වේ ද, උන්නතියක් හෙවත් ච්තිතයාගේ එසැවුණු බවෙක් වේ ද, උන්නාමයෙක් හෙවතත් තත් සමංගී පුද්ගලයා ඔසවා කෙළින් තබන බවෙක් වේ ද, ධ්වජයක් හෙවත් කොඩියක් මෙන් චිත්තයාගේ ඉතා උස් වැ නැඟි බවෙක් වේ ද, සම්පග්ගහයෙක් හෙවත් තමා හා එක් වැ යෙදුණු සිත පහත හියැ නො දී නො නැමියැ දී ඔසවා පියන්නා වූ රුකුල් දීමෙක් වේ ද, සිත පිළිබඳ වූ යම් කෙතුකම්යතාවක් වේ ද - හෙවත් ඔසවා තුබූ බොහෝ වූ ධ්වජයන් අතුරෙන් ඉතා ම උස් වැ නැඟී සිටි කේතුවක් මෙන් තමා හුවා පියනු කැමැති බවෙක් වේ ද, මෙසේ වූ ක්ලේශය මාන සංයෝජනය යි කියනු ලැබේ ය”යි මානො - මඤ්ඤනා - මඤ්ඤිතත්තං - උන්නති - උන්නාමො - ධජො - සම්පග්ගාහො - කෙතුකම්යතා යන මේ අට පෙදෙකින් දක්වා වදාරන ලද්දේ මේ මානය වේ. මෙසේ ඒ ඒ පෙදෙන් අවබෝධ කරන්නා වූ සත්ත්වයන් සඳහා අට පෙදෙකින් විවරණය කොට වදාළෝ වී නමුදු ධර්ම වශයෙන් නම් චිත්තයාගේ උඩඟු බව නම් වු එක බවෙක් ම ය. “විධා - ගර්ව - අභිමාන - අහඞ්කාර - දර්ප - අවලෙප” යන ආදිහු ද මීට ම නම් වෙති. සිංහල භාෂාවෙනුදු ‘මන් - අබිමන් - එඩි - දප් - ඔද’ යන ආදිය පත් පොත්හි ද “ආඩම්බරය - උඩඟුව - මාන්නය” යනු සාමාන්‍ය ග්‍රාම්‍ය කථායෙහි ද මීට ම නම් වශයෙන් ව්‍යවහාර කැරෙන බව හැඟේ. මෙයින් “මාන්නය” යනු මේ අර්ථයෙහි පමණක් නො වැ “තාන්න මාන්න” යන ආදි තන්හි මාන්යතා සංඛ්‍යාත වූ බුහුමන් කටයුතු බැව්හි හෝ බුහුමනෙහි දු (=නම්බු කට යුතු බැව්හි හෝ හෝ නම්බු කිරීමෙහි දු) දක්නා ලැබේ. එය ස්වසන්තානගත ක්ලේශයක් නො වැ පරසන්තානගත ගරුකාර බුද්ධිමාත්රයක් වන බැවින් මෙහි අනභිමත වේ.
මෙහි අභිමත වූ මානය ද චෛතසික ධර්ම වශයෙන් එකක් ම වුවත් උපදනා ආකාර වශයෙන් නොයෙක් වැදෑරූම් වේ. පළමු කොට A. සෙය්‍යමානය, B. සදිසමානයC. හීනමානය යි ත්‍රිවිධ වේ. එයින්-

සෙය්‍යමානය නම්
යම් කිසිවෙක් තමාගේ ක්ෂත්රිය බ්රාහ්මණා දි ජාති සම්පත්තියක් නිසා හෝ පෙර සිට ලෝක මාන්යත්වයෙන් සම්මත වැ පැවැතැ එන උත්කෘෂ්ට ගෝත්‍ර සම්පත්තියක් නිසා හෝ මහකුලවත් බවක් නිසා හෝ හෙවත් ශිෂ්ටසම්මත වූ මහ වැදැගත් පවුලෙකැ උපන් බවක් නිසා හෝ වර්ණ සම්පත්තියෙන් යුත් ශරීරය නිසා හෝ හෙවත් විශිෂ්ට රූපසම්පත්තිය නිසා හෝ ධනම්පත්තියක් නිසා හෝ ශිල්පකර්මාන්තාදීන්ගේ සම්පූර්ණතාවක් නිසා හෝ ශාස්ත්‍රඥානයක් නිසා හෝ ශ්රැතසම්පත්තියක් (=බොහෝ වූ ඇසු පිරූ තැන් ඇති බවක් = උගත්කමක්) නිසා හෝ ප්රතිභාණසම්පත්තියක් (=ඒ ඒ ප්‍රස්තාවයෙහි කට යුතු දෑ වහා වැටැහෙන නුවණ ඇති බවක්) නිසා හෝ තනතුරු යස ඉසුරු පිරිවර ආදි වෙන යම් සමෘද්ධියක් නිසා හෝ ‘මම් උසස්මී’ සිතා අභිමාන උපදවා නම් - උඩඟුකම පවත්වා නම් එසේ තමාගේ උසස්කම් තකා ගන්නා අභිමානය යි.
සදිසමානය නම්
යම් කිසිවෙක් සෙය්යමානයෙහි කී පරිදි ම වූ තමාගේ යම්කිසි ජාත්‍යාදී සම්පත්තියක් නිසා එබඳු ම වු සම්පත් ඇති අනෙකකු හා තමා සම කොට තකා ‘මම් අසුවල් තැනැත්තා හා සමයෙමි’යි අභිමාන උපදවා නම් උඩඟුකම් පා නම් එසේ සමකම් තකා ගන්නා අභිමානය යි.
හීනමානය නම්
යම් කිසිවෙක් තමාගේ යථොක්ත ජාත්යාදින් ම පිළිබඳ විපත්තියක් (හෙවත් ඔවුන්ගේ විපන්නතා විකලතා ය යි කියන ලද අඩුවක් පහත් බවක්) තකා ‘අහෝ! මම් හීනයෙමි’ යී මාන වශයෙන් තෙමේ තම හට පිළිකුල් කෙරේ ද, තමා පහත් කොට සිතා ගනී ද, අවමන් කැරැ ගනී ද, පරිභව කැරැ ගනී ද, එසේ අභිමාන වශයෙන් පහත්කම් සිතා ගන්නහු ගේ මානය යි.
මේ කීයේ සෙය්‍ය - සදිස - හීන වශයෙන් තුන් වැදැරුම් වූ මානය එසේ ම තුන් වැදැරුම් වූ පුද්ගලයනට එක එක බැගින් උපදනා පරිදි යි. සෙය්යාදි වූ එකි එකී තැනැත්තහුට මෙකී තුන් තුන් මානය බැගිනුදු උපදනේ ය. “සෙය්යස්ස සෙය්යො’හ’මස්මීති මානො - සෙය්යස්ස සදිසො’හ’මස්මීති මානො - සෙය්යස්ස හීනො’හ’මස්මීති මානො” - යන ආදීන් වදාළ ලෙස A 1. උසස් වූවකුට උපදනා ‘මම් උසස්මි’ යන මානය, A2. ‘මම් සමයෙමි’ යන මානය, A3. ‘මම් හීනයෙමි’ යන මානය, B. සම පමණ ඇත්තකුට ද, එසේ ම තුන් පරිද්දෙකින් උපදනා මානය, C. හීනයකුට ද එසේ ම තුන් පරිද්දෙකින් උපදනා මානය යන මොහු පිළිවෙළින් A. සෙය්යසෙය්ය මානය - සෙය්යසදිස මානය - සෙය්යහීන මානය, B. සදිසසෙය්ය මානය - සදිසසදිස මානය - සදිසහීන මානය, C. හීනසෙය්ය මානය - හීනසදිස මානය- හීනහීන මානය යි නම් ලබති. මෙසේ තුන් තුන් පරිද්දෙන් බෙදී ගියා වු ත්‍රිවිධ මානය නවවිධ මානය යි කියනු ලැබේ. මෙයින් - සෙය්‍යමානය සෙය්යයාහට ම (=උසස් තැනැත්තාහට ම) උපදනා කලැ යාථාවමාන නම් වේ හෙවත් - තමා සතන්හි ඇති දෙයක් ම වස්තු කොට පහළ වූ බැවින් තතු පරිදි වූ මානය =සැබෑ මානය නම් වේ. අනෙක් (සදිස - හීන) දෙදෙනාහට උපදනා කලැ අයාථාවමාන නම් වේ. හෙවත් තමා සතන්හි නැති දෙයක් වස්තු කොට ගෙන පහළ වූ වැවින් නොතතු මන් (=බොරුමන්) නම් වේ. එසේ ම සදිස මානය ද සදිසයාට ම උපදනා කලැ යාථාවමාන නම් වේ. අනෙක් දෙදෙනාහට උපදනා කලැ අයාථාවමාන නම් වේ. හීන මානය ද හීනයාට ම උපදනා කලැ යාථාවමාන නම් වේ. අනෙක් දෙදෙනාහට උපදින කලැ අයාථාවමාන නම් වේ. නවවිධ මානයන් A1. සෙය්යසෙය්යමානය - රජුනට හා උසස් පැවිද්දනට ද උපදනේය. රජෙක් වු කලී තමා සතු රටෙන් හෝ ධනයෙන් හෝ බල වාහන සම්පත්තියෙන් හෝ ‘මා හා සමාන වූ වෙන කවරෙක් ලොවැ ඇද්දැ’ යි මේ මානය උපදවයි. (යට ගිය දා ජර්මන් අග රජු අනෙක් හැම රජුන් පහත් කොටැ සිතා තමා ම කොඩියෙනුත් කොඩිය කොට තකා මානයෙන් උදම් වූවාක් මෙනි.) උසස් පැවිදි තෙමේත් ‘ශීලාදී ගුණයෙන් හෝ ත්රිපිටකධාරීත්වාදී බහුශ්රැතහාවයෙන් හෝ කවරෙක් නම් මට සරිලන්නේ ද? මම් ම හැමට උසස්මී’ මේ මානය උපදවයි. A2. සෙය්යසදිය මානය ද එ බන්දන් හට උපදී. රජෙක් වූ කලී තමා සතු රටෙන් හෝ ධනයෙන් හෝ බලසම්පත්තියෙන් හෝ ‘වෙන රජුන් හා මාගේ ඇති වෙනස කිම් දැ’ යි මේ මානය උපදවයි. පැවිදි තෙමේ ද ශීලාදී ගුණයෙන් ‘වෙන ඇති තාක් උසස් පැවිද්දකු හා මාගේ ඇති වෙනස කිම් දැ’ යි මේ මානය උපදවයි. A3. සෙය්යහීනමානය ද එ බන්දන් හට ම උපදී. යම් රජකුගේ රට හෝධනය හො බලවාහනාදී සම්පත් අසම්පුර්ණ වෙත් නම් හෙ තෙමේ “අහෝ මට ‘රජය’ යන නම පමණෙක, මම කවර නම් රජෙක් දැ” යි තෙමේ ම තමහට පරිභව කැරැ ගනිමින් මේ මානය උපදවයි. පැවිදි තෙමේ ද ස්වල්ප වූ ලාභ සත්කාර ඇත්තෙක් නම් “අහෝ මට ‘ධර්ම කථකයෙක - බහුශ්රැතයෙක - මහා ස්ථවිරයෙකැ’යි ලෝකයාගේ කථාව පමණෙක, මට රට පුරා ප්‍රසිද්ධිය මුත් ලාභ සත්කාර මාත්රයකු දු නැත. එසේ වූ මම කවර නම් ධර්ම කථකයෙක් ද? කවර නම් බහුශ්‍රැතයෙක් ද? කවර නම් මහා ස්ථවිරයෙක් දැ” යි තෙමේ ම හෙළා දැකීමෙන් මේ මානය උපදවයි.
B.4, 5, 6 සදිස සෙය්යමානාදිහු රාජාමාත්යාදින්හට උපදිති රජ ඇමතියෙක් වේව යි රදළ මහ රැටියෙක් වේව යි තමාගේ ශ්‍රී සමෘද්ධ කාලයෙහි “භෝග යාන වාහනාදියෙන් මා හා සමාන වූ කවර නම් රාජ පුරුෂයන් ලොවැ ඇද්ද” යි කියා ද - වෙන ඉතා ම උසස් රාජජුරුෂයන් හා ත් මාගේ කිනම් වෙනසක් දැ යි කියා ද - ශ්‍රී සමෘද්ධියෙන් හුන් කල්හි අහෝ! මට ‘ඇමැතියෙක - රදළ මහ රැටියෙක’ යන නම පමණෙක, යැපෙනා පමණ කෑම් ඇඳිම් පමණකුත් මට නැත. මම කවර නම් ඇමතියෙක් ද? කවර නම් රදළ මහරැටියෙක් ද? යි තෙමේ ම තමා හෙළා දැකීම් වශයෙන් - මේ සදිස සෙය්යමානාදි තුන් මානය උපදවයි.
C.7, 8, 9 හීනසෙය්යමානාදීහු දාසාදීනට උපදිති. “දාසයෙක් වූ කලි මව් පසින් හෝ පියපසින් හෝ මා හා සමාන වූ වෙන කවර නම් දාසයෙක් ලොවැ ඇද්ද? සෙස්සෝ ජීවත් වන්නට වෙන මඟක් නැත්තෙන් බඩ උදෙසා දාසයෝ නම් වූ හ. මම වූ කලී නියම දාස පරම්පරායෙන් ආ බැවින් හැමට වඩා උසස්මී” කියා ද - “පරපුරෙන් ආ බැවින් දෙ කුලෙන් පිරිසුදු දාසභාවයෙන් අසුවල් නම් දාසයා හා මගේ කිනම් වෙනසක් දැ” යි කියා ද - “අහෝ! මම බඩ නිසා ගැත්තෙක් වූයෙමි. මව් පිය පරපුරෙන් හිමි වැ ආ දස් තනතුරක් නම් මට නැත. මම කවර නම් දාසයෙක් දැ” යි තෙමේ ම තමා හෙළා දැකීම් වශයෙන් ද මේ හීන සෙය්යමානාදි තුන් මානය උපදවයි. පුප්සඬු සැඬොල් ආදි වෙනත් හීන සත්ත්වයෝ ද මේ තුන් වැදෑරුම් හීනමානයන් උපදවති.
තවද - 1.මානය 2.අතිමානය 3.මානාතිමානය 4.ඔමානය 5.අධිමානය 6.අස්මිමානය 7.මිච්ඡාමානය යි සත්වැදැරුම් කොට ද මෙය බෙදා වදාරණ ලද්දේය. එහෙයින්:
1. මානය නම්:- යටැ දැක්වු පරිදි වූ සාමාන්‍ය මානය මැ යි.
2. අතිමානය නම්:- ජාති ගෝත්‍ර ධනාදි යම් කිසි කාරණයකින් අනුත් ඉක්මවා තමා ම උසස් කොට සිතා ගන්නා අභිමානය යි.
3. මානාතිමානය නම්:- ඒ ජාත්‍යාදි යම් කිසිවෙකින් මුල දි තමා අනුත් හා සම කොට සිතා පසුකල්හි අනුත් ඉක්මවා තෙමේ ම උසස්මි උඩඟු වන්නකුගේ ප්‍රථම වූ සදිසමානය මත්තෙහි පහළ වූ අතිමානය යි. බර පිටැ පැටැවූ මහ බරට “භාරාති භාරය” යි කියනා සේ සදිස මානයෙන් මතුයෙහි පැන නැඟි අතිමානයට ‘මානාතිමානය’ යි කියති.
4. ඔමානය නම්:- යටැ දැක්වු සෙය්යහීන - සදිසහීන - හිනහීන වශයෙන් තුන් වැදැරුම් හීනමානය මැ යි. එතැන්හි “හීනෝ ‘හ’මස්මීති මානො” යි ද, මෙතන්හි “ඔමානෝ” යි ද වදාරන ලද්දේ ඒ ඒ පරිද්දෙන් අවබෝධ කරන්නා වු විනේය සත්ත්වයන්ගේ අධ්‍යාශයට අනුරූප වශයෙනි. ‘අවමාන’ ය යි කිව මනා තැනැ පාළි නිරුක්ති ක්‍රමයෙන් ‘අව’ - හට ‘ඔ’ ආදේශ වැ “ඔමාන” විය.
5. අධිමාන නම්:- අනධිගත වැ අධිගතයෙමි හඟනා මානය යි - හෙවත් - නොරහත් කල්හී ‘මම රහත්මි’ යන ආදීන් භ්රමයෙන් හඟනා මානය යි. “අප්පත්තේ පත්තසඤ්ඤිතා - අකතේ කතසඤ්ඤ්තා - අනධිගතේ අධිගතසඤ්ඤිතා - අසච්ඡිකතේ සච්ඡිකතසඤ්ඤිතා” - යන ආදින් චතුස්සත්යාවබෝධයට නො පැමිණැ මැ පැමිණියෙමැ යි භ්රමයෙන් හඟනා බව ය. සෝවාන් ආදී සතර වැදෑරුම් ආර්‍ය්‍ය මාර්ගයෙන් කට යුතු කිස කොට නො නිමි කල්හි ම කෙළෙමැ යි භ්රමයෙන් හඟනා බව ය. චතුස්සත්යාධිගමය නො කළ කල්හි ම කෙළෙමැ යි භ්රමයෙන් හඟනා බව ය. අර්හත්ඵලය ප්රත්යක්ෂ නො කළ කල්හි ම කෙළෙමැ යි භ්රමයෙන් හඟනා බව ය යි මෙය විවරණය කොට වදාළ සේක. මේ ‘අධිමානය’ සෝවාන් ආදී ආර්ය්යයකුට වත්, ආර්ය්යගුණ ලැබීමෙහි බලාපොරොත්තුවක් නැති දුශ්ශීලයකුට වත්, සිල්වත් වුවද කමටහන් වැඩීමක් නැති වැ නිද්රාකථාදියෙහි ඇලී ගැලී කල් යවන්නකුට වත් නූපදී. ඉතා පිරිසුදු සිල් ඇති කමටහන් වැඩීමෙහි අප්‍රමත්ත වූ ‘සීලවිසුද්ධි - චිත්තවිසුද්ධි - දිට්ඨිවිසුද්ධි - කංඛාවිතරණවිසුද්ධිනට පැමිණැ සංස්කාරධර්මයන් අනිත්‍යාදි වශයෙන් තිලකුණට නඟා සන්මර්ෂණය කරන්නා වු ආරබ්ධවිදර්‍ශක වූ උතුමකුට ම උපදී. එබදු උතුමෙක් ඉදින් ශමථමාත්රලාභී වී නම් හෝ හුදෙක් විදර්ශනා මාත්රලාභී වී නම් හෝ අවුරුදු දස විසි තිස් ගණන් කල් මුළුල්ලේත් තමා සතන්හි කෙලෙස් පැවැත්මක් නො දැක ‘මම සෝවාන්මි’ කියා හෝ ‘සෙදගැමියෙමි’ කියා හෝ ‘අනගැමියෙමි’ කියා හෝ භ්රමයෙන් හඟනේ ය. ඉදින් සමථ විදර්ශනා දෙක ම ලැබූ ඒ දෙක්හි ම ඉතා පුරුදු වූ වශීභාව ඇති උතුමෙක් වී නම් මොබෙකැ අතුරෙකැ නො සිටැ ‘මම රහත්මි’ කියා ම භ්රමයෙන් හඟනේ ය. එ බඳු උතුමන් සතන්හි සියක් හවුරුද්දකින් වත් කෙලෙසුන් සමුදාගත නො වන හෙයිනි. මේ අධිමානය ආර්ය මාර්ගයට බාධක වූ සුක්ෂ්ම ක්ලේශයක් වන පමණ මුත්, දුර්ගතිගාමී අකුශලයක් නො වේ.
6. අස්මිමානය නම්:- ‘මම රූපය වෙමි, වේදනාව වෙමි’ යන ආදින් ‘පඤ්චස්කන්ධය මම යෙමැ’ යි සිතා ගන්නා දෘෂ්ටිසදෘශ වූ හැඟීම යි.
7. මිච්ජාමානය නම්:- පවිටු වූ මස් මැරීම් ආදි දිවිවැටුප් නිසා කරන කර්මාන්තයෙකින් හෝ දැල් කෙමෙන් කරප් කඩු දුනු තැනීම් ආදී වූ ශිල්පයෙකින් හෝ පරෝපඝාතය පිණිස පවත්නා මන්ත්‍ර ශාස්ත්රාදී යම් කිසි විද්‍යායෙකින් හෝ භරත යුද්ධ ශීතාහරණාදින් පිළිබඳ ඇසු පිරූ තැන් ඇති බවෙකින් හෝ නොයෙක් දුර්භාෂිතයෙන් යුක්ත වූ කාව්‍ය නාටකාදීන් පිළිබඳ ප්රතිභාණයෙකින් (වුවමනා කොටසක් කෙණෙහි වහා වැටැහෙන හුරු බුහුටි දැනීමෙකින්) හෝ අජශීල අජව්රතාදී මිත්යාශීල ව්රතයෙකින් හෝ යම් කිසි මිත්යාදෘෂ්ටියෙකින් හෝ වෙනත් මෙබඳු යම් තමා පිළිබඳ ලාමක දෙයෙකින් හෝ උඩඟු වැ ‘මේ මේ දෙයින් මම් උසස්මී’ සිතාගන්නා අභිමානය යි. මේ සප්තවිධ මානයෝ ද යටැ දැක්වු නවවිධ මානයන්හි ම ඇතුළත් වෙති.
තවද මෙකල්හි නොයෙක් ගිහියන් පැවිද්දන් අතරැ නොයෙක් ලෙසින් පවත්නා ඇතැම් පැවැතුම් ද මේ මානයාගේ ම විකාරයෝ වෙති. සමහරු තමන් උපන් ජාතිය සඟවති. උසස් යැයි ලෝකයා පිළිගත් ජාතියෙක හෝ නම කියති. පරපුරෙන් උරුම වැ ආ ගෝත්රනාමයන් හැරැ දමති. ශ්‍රේෂ්ඨ සම්මත වූ පැරැණි පෙළපත්වලට උරුම වැ ආ නම් ආරූඪ කැරැ ගනිති. පෙරැ දඹදිවැ උපතිස්ස නම් ගමෙහි අධිපති පවුල එ නමින් ද කෝලිත නම් ගමෙහි අධිපති පවුල එ නමින් ද ව්‍යවහාරප්‍රාප්ත වූවාක් මෙන් ලක්දිවැ ද, සිංහජ රාජ කාලයෙහි ඒ ඒ ගම්වර ලැබූ අධිපති රදළ පවුල් “කොබ්බෑකඩුවේ - මොල්ලිගොඩ - මඩුවන්වෙල” යන ආදී වශයෙන් ව්‍යවහාරයට පැමිණිය හ. “පුංචිබණ්ඩා - ලොකුබණ්ඩා - ටිකිරිබණ්ඩා” යන ආදින් මව්පියන් විසින් ව්‍යවහාර සෞකර්ය ය (= පහසුව) පිණිස තබා ගත් නම් හා සමඟ යටැ කී ග්‍රාම නාමයන් යෙදීමෙන් ඒ ඒ ගම්හි ඒ ඒ පවුල් මුත් වෙන අධිපතියන් නැති බැවින් ඒ ඒ ගම් නමින් ම ගෝත්‍රය හෙවත් පෙළපත හඳුනා ගත හැකි විය. සිංහල රාජකාලයෙන් පසු මෙබඳු ගම්වර දීමෙක් ග්රාමධිපත්ය සම්මතියෙන් ලැබීමක් වත් නොවූ හෙයින් යටැ කී පරිදි පැරැණි රදළ පවුල්වලින් පැවැත එන්නවුන්ට පරම්පරා වශයෙන් ගෝත්රනාමයන් සැටියට උරුම වැ එන ග්‍රාමනාම ස්වල්පය හැරැ සෙස්සනට අළුතෙන් එබඳු නම් ලැබෙන්නට මඟක් නැත. එහෙත් දැනුදු සමහරු යම් ගමෙකැ උපන් පමණින් ඒ ගමෙහි පරපුරෙන් ආ අධිපතියකු මෙන් හිමියකු මෙන් හැඟැවීමට තමන්ගේ ගෝත්‍රනාමය හැර දමා ඒ වෙනුවට ගමේ නම යොදති. ඉදින් එක ගමෙකින් හත් අට දෙනෙක් ම මේ හොරේ කළොත් මිනිසුන් හැඳිනීම පවා දුෂ්කර වේ. අහෝ! මාන විකාරයෙකැ සැටි!! සමහරු යම් කිසි අශිෂ්ට වූ පවුලෙකින් පැනැ නැඟි මව්පිය සහෝදරාදීන්ගේත් නෑකම් නො කියා හරිති. අසුවල් අසුවල් පවුල් අපේ නෑයෝ ය යි නොයෙක් උසස් අය හා නැති නෑකම් ඇතිකොට නොහමුයෙහි කියති. රූපසම්පත් නැතහොත් සබයට එළැඹෙන්නට මැළි වෙති. විකල වූ ශරීරාවයවයක් හෝ කබර දද ආදියෙක් වී නම් නිතරම එය නොපෙනෙන සේ වසා ගනිති. ඉදුණු කෙස් රැවුල් උදුරා දමන්නට හෝ කළු කැරැ ගන්නට තැත් කෙරෙති. ධන නැති වැත් ඇඳුම් පැළැඳුමෙන් හෝ ගේදොර විසිතුරු බඩු යාන වාහන ආදියෙන් හෝ ණය තුරුස් වෙමින් වත් පෙහොසතුන් මෙන් පෙනෙන්නට සිතති. ණයට ඉල්ලා ගත් ඇඳුමෙන් දීප්තිමත් වැ සබයෙහි පෙනී සිටිති. තමන්ගේ ආදායම් පමණ හෝ පඩි ගණන හෝ ලුහුඬු නම්, කියන්නට මැළි වෙති. වැඩි කොට හෝ කියති. සබයෙහි සෙස්සනට වඩා උසස් වැ හෝ සමසම වැ හෝ බිණීමට තරම් වාක්පටුත්වයක් නැතැහොත් කිය යුතු ම ඇත්තක් වුව ත් කීමට නො එළඹෙති. චිත්රකථිනට හෝ ‘දොඩමළුවෝ’ ය යි ගර්හා කෙරෙති. තමන් දිවි පෙවෙත් පිණිස කරන්නා වූ ශිල්ප කර්මාන්තාදියක් ලෝකයෙහි පහත් කොට සලකනු ලබන්නක් වී නම් එය සඟවති. ඇසූ කෙනෙකුන්ට අනෙකෙකැ හෝ නම කියති. උගතුම්හ යි ප්‍රතිඥා කෙරෙමිනුත් ඒ උගත්කම යම් කෘතියෙකැ නො යොදති. ශාස්ත්‍ර ගෞරවයෙන් නො වැ ඒ කෘතියෙන් ම සෙස්සෝ තමන්ගේ උගත්කම් මැනැ ගත්තු නම් නපුරැයි යන බියෙනි.
අනුන්ගේ කෘතීන් තමන්ගේ නමින් හෝ ප්‍රකට කෙරෙති. නොදන්නා දෙයක් දන්නා තැනින් අසා ගන්නට නො සිතති. එමෙන් නොදන්නා දේ ඍජු වැම ‘නො දනිමැ’ යි නො කියති. තමන් නූගත් බැවින් අනුන් උගන්වන්නට යෙදෙන මං අවුරති. උගන්නවුන්හට අකුල් හෝ හෙළති. එ මෙන් ම තමන් ධනවත් තනතුරු නැති බැවින් එසේ වන්නට තැත් කරන්නවුන් හට ද, තමන් තනතුරු නැති බැවින් ඒ පදවි බලන්නවුන් හට ද අකුල් හෙළති. ගුණ ධන ඥානයන්ගෙන් හීන වැ තමන් යටතෙහි වසන්නවුන් ඉදින් ඒ තුනින් වැඩුණොත් තමනට බුහුමත් නො කෙරෙතැ යි යන බියෙන් ඔවුන්ගේ දියුණුවලට හේතු වූ දේ නිරායාසයෙන් රජය (= ආණ්ඩුව) මඟින් වත් සැලැසෙන්නට ආ තැනදී පවා වළකන්නට ම උපා යොදති. තමන් අතින් කැරෙන නොයෙක් සුළු දේ අගය කොටත් සිතති. කියති. නොයෙක් කටයුතුවලදී සබයට එන්නට පැකිළෙති. හැකිළෙති. පුවත්පත්හි හෝ සබයෙහි හෝ සෙස්සනට ඇනුම් පදත් තමන්ට වැනුම් පදත් ලියති. කියති. මව්පිය ගුරුවර ආදී වැඩිහිටියනට පවා ගෞරව ආචාර පවත්වන්නට හෝ දැකැ හුනස්නෙන් නැඟී සිටින්නට හෝ මැළි වෙති. තමන් විසින් වැඳිය පිදිය යුත්තෝ නැතැ යි යන අභිමානයෙන් ස්වකීය සමයයෙහි පූජ්‍යයන් කරා හෝ සිද්ධස්ථානයන් කරා හෝ නො එළඹෙති. ඉදින් කාකතාලිය න්‍යායයෙන් අදිසියෙකින් එළැඹුණත් මල් පහන් ආදියෙන් පිදීමක් හෝ පසඟ පිහිටුවා වැඳීමක් හෝ නො කෙරෙති. නො පරිමැසෙන පිළිතුරු ලෙස කොන්ද නමන්නටවත් මිටි අසුන්වලැ හිඳගන්නට වත් වහන් මුදන්නට වත් බැරි බව කියති. එහෙත් කොන්ද නම් පහසුවෙන් නැමිය හැකි ලෙස පුරුක් අටළොසක් (18) ක් පමණ ඇති වැ ඇට මස් නහරින් තැනුණු එකක්වා මිස, පණපෙවු වානෙන් හෝ දර දඬුයෙන් ඇඹූ එකක් නො වේ. යමකුට එය නො නැමිය හැකි නම් ඔහු ‘කොරෙක්’ විය යුතුය. ශරීරකෘත්‍යය පිණිස දිනපතා උක්කුටියෙන් හිඳ ගත හැකි නම් සිද්ධස්ථානයට පැමිණැ මිටි අස්නෙහිත් හිඳ ගත හැකි විය යුතු ය. ‘වහන්’ (=සෙරෙප්පු) උපතින් ම ලැබුණු ශරීරාවයව නො වෙති. නෑම් නිදීම් ආදි ප්රස්තාවයන්හි වහන් දිනපතා ම මිදිය හැකි නම් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් මිදිය හැකි විය යුතු ය. තමන් නො දන්නා දෙයක් ශාස්තෘ සමයයෙහි නැතැ යි හෝ පූජ්‍යයෝ නො දනිතැ යි හෝ බණ මඩුවට ගොස් නොසමයන් හා එකට හිඳැ ගන්නට වෙතැ යි හෝ සිතා ගර්වයෙන් ධර්මශ්රවණයට නො එළඹෙති. දුගී මහලු දුබලන් රක්නා සිල් සමාදන් වීමෙන් ඔවුන් හා සමානතාවට හෝ සමානාත්මතාවට වැටෙත යන අභිමානයෙන් පෙහෙවස් නො වෙසෙති. මිසදිටුවන් හමුයෙහි තමන් සම්දිටු බව සඟවති. තමන් සමයෙහි සිරිත් විරිත් කරන්නට හැකිළෙති. දැන් පිරිහී සිටින “ස්වජාතීයයන්ගේ භාෂායෙන්” කථාකරන්නට හෝ එයින් ලියූ පත්පොත් කියවන්නට හෝ මැළි වෙති. තමන්ගේ සියුමැලිකම් පෑමෙහි ද වියත්කම් උසස් කම් වැදගත්කම් කියා ගැනීමෙහි ද, අනුන්ගේ අඩුකම් කියා පෑමෙහි ද හුරු බුහුටි වෙති. දුගියා කළ ආචාරයට ප්‍රත්‍යාචාර නො කෙරෙති. තුමු ‘ගරුනම් - හාමුදුරුකම් - මුල් පුටු - ස්තුතිපත්ර’ ආදිය පතමිනුත් සෙස්සනට ආමන්ත්‍රණය කිරීමේදී පවා නියම නම වත් සම්පූණයෙන් නො කියති. නො හමුයෙහිත් හෙළා දකිති. තුමුත් සෙස්සන් මෙන් ජාතියෙන් මනුෂ්‍ය ම වුව ද ධනාදීන්ගේ සමෘද්ධියෙකින් උදම් වැ දෙවියන්ගේ අවතාරයක් මෙන් සිතා ගනිති. මේ ආදීන් පැවැති නා නා විචිත්‍ර සිද්ධීහු යථොක්ත නව විධ මානයාගේ විකාරයෝ වෙති. මෙයින් සමහරක් හැකිළෙන පැකිළෙන ආකාරයෙන් වැටැහෙන බැවින් ‘ලජ්ජා’ යැ යි සමහරු සිතති. එහෙත් ලජ්ජා නම් පවක් නපුරක් කිරීමෙහි හැකිළෙන පියෙවි ඇති නපුරට පිළිකුල් සිතන ස්වභාවය ඇති ගුණධර්මයෙකි. යටැ කී පරිදි යම් යම් වුවැමනා ප්‍රස්තාවන්හි මුහුණ හකුලමින් උකුළු මුකුළු පෑම නම් ඒ ලජ්ජාව නො වේ. කුහක විජ්ජාවෙකි. මාන විකාරයෙන් ම ය. හෙ ද අයාථාවමානයාගේම විකාරයක් වන බැවින් දුර්‍ගතිගාමි අකුශල පක්ෂය ම භජනය කෙරෙයි. අදත්තාදාන මුසාවාදාදි වෙනත් නොයෙක් අකුශලයනට හේතු ද වේ.
මේ මානය නම්: සප්තානුශයධර්මයන් අතුරෙන් එකෙකි. දශසංයොජනයන් අතුරෙනුදු එකකි. දශවිධ ක්ලෙශයන් අතුරෙනු දු එකෙකි. දශවිධ ක්ලෙශයන් අතුරෙනු දු එකෙකි. “අප්පහීනට්ඨෙන ථාමගතා කිලෙසා අනුසයා”යනු හෙයින් අනුරූප කාරණයක් ලද කල්හි සමුදාගත (= පහළ) වන පරිද්දෙන් අප්‍රහීණ වැ සන්තානයෙහි ලැගැ ගෙනැ මෙන් පවත්නා අතිශය බලවත් සංඛ්යායෙහි ලා ගිණිය යුතු වූ ක්ලේශයෝ අනුශය නම් වෙති. සංයෝජන නම් සත්ත්වයන් සසරින් නික්මිය නොදි දුකෙහි ලා යොදනා බඳනා අරුතින් එ නම් වූ ක්ලේශයෝ යි. කෙලෙස් නම් සිත්සතන් කෙලෙසන තවත් අශෝභන ධර්මයෝ යි. මෙහි මානානුශයයෙන් අයාථාවමානයෝ අර්හන් මාර්ගයෙන් ම නැසි ය යුත්තාහ. අයාථාවමානයෝ දුර්ගතිගාමී වන බැවින් සෝවාන් මාර්ගයෙන් නැසිය යුත්තෝය. දශසංයෝජනයන් අතුරෙනුදු මානය උද්ධම්භාගිය සංයෝජනයක් වන බැවින් රහත්මඟ දක්වා සම්පූර්ණයෙන්නො නැසෙන්නේ ය. දස ක්ලේශයන් අතුරෙනුදු මානයෙන් කෙලෙසුණු සිතින් “අත්තුක්කංසන පරවම්භන” වශයෙන් පව් කොට සතර අපායෙහි උපදිති. විශේෂ වශයෙන් “අතිමානෙන කුක්කුරො” යි දැක්වූ පරිදි මානස්තබ්ද වැ (= එඩි දැඩි වැ) පව් කොට බලු වැ උපදිති. තොදෙය්‍ය බ්‍රාහ්මණාදීන්ගේ කථාවස්තූහු ඊට උදාහරණ වෙති. මෙසේ තමා සතන්හි ඇත්තාම වූ ජාත්‍යාදීන් පිළිබඳ උසස් බවත් නිසා ඒ ‘ඇති දෙයින්’ එඩිතරකම් සිතා ගැනීම පවා යාථාවමාන නම් වූ ක්ලේශ ධර්මයක් වන කලැ නැති උසස්කම් තකා ගැනීමෙන් හෝ ඇත්තා ම වූ දෙයක් ඒ ඇති පමණට වඩා බර පතළ කොට උසස් කොට තකා ගැනීමෙන් හෝ එඩිතර වැ අයාථාවමානයන් ඉපැදැවීම කොතරම් භයානක දැ යි සලකා සර්වප්රකාර මානයෙන් වැළැකෙන්නට උත්සාහ දැරිය යුතු වේ.
අනාදිමත් කාලයක් මුළුල්ලෙහි අනුශය වශයෙන් පැවැතැ ආ මානයාගේ සමුච්ඡෙද ප්‍රහාණිය හෙවත් - නැවැතැ කිසි කලෙකත් නූපදනාසේ මුල් සිඳැ නැසීම අර්හන් මාර්ගයෙන් මැ කටයුතු වතු දු - පුහුදුනන් විසිනුත් යොනිසෝමනසිකාරයෙන් යෙදී “නිවාතවුත්ති අත්ථද්ධො” - යන ආදීන් වදාළ පරිදි යටහත් පහත් පැවැතුම් ඇති වැ කල්‍යාණ මිත්‍ර සේවනයෙන් කල් යැවීමෙන් ව්යතික්රම වශයෙන් නොයෙක් විටැ සමුදාගත වියැ හැකි මානය තදඞ්ග ප්‍රහාණි වශයෙන් බැහැර කැරැ ගතැ හැකි බැවින් ද, ශමථ විදර්ශනාවන් පිළිබඳ මූලකර්මස්ථානමාත්රයෙකැ වත් නිබඳ ම යෙදීමෙන් පර්යුත්ථාන වශයෙන් කුශලයට බාධක වැ නැඟී සිටිය හැකි මානය විෂ්කම්භණ ප්‍රහාණි වශයෙන් ඔබා පියා හැකි බැවින් ද, එසේ කොටැ ලීමෙහි උත්සාහ දැරිය යුතු වේ. මානයෙන් මෙලොවැ දී මැ ලැබෙන විපාකයන් පවා අති කටුක වන බවට ගෙනැ හැරැ දැක්විය හැකි ජාතකකථාදි අතීත කථාවෝ ද මෙ කල්හි සිදුවන නොයෙක් විකාර සිද්ධීන් පිළිබඳ වර්තමාන කථාවෝ ද අනන්ත වෙති. එහෙත් මෙය අතිසංක්ෂිප්ත ලිපියක් වන බැවින් ඒ කිසිත් මෙහි ගෙනැ හැරැ නො පාම්හ. “උඩඟුකම විනාශයට මුල ය” යන ව්‍යවහාර කථාව ඒකාන්ත සත්‍යයක් බව සලකා දෙ ලොවැ දියුණුව කැමැත්තන් විසින් ඒ සියලු උඩඟුකම්වලින් හාත්පසින් ඉවත් වියැ යුතු වේ.

මදය
“මද” - ශබ්දයෙන් මත් ඇතුන්ගෙන් වෑහෙන මද ජලයද මද්යපානාදියෙන් හට ගන්නා සිහි මුළා කරන මත් බව ද අතිරේක භෝජනාදියෙන් ඇතිවන බත් මත ආදී වූ මත ද රාග මද - ද්වේෂ මදාදි තන්හි සත්ත්වයන් මුළාකරන රාගාදී කෙලෙස් ද පුරුෂ මදාදී තන්හි තුරුණු වියෙහි සිටියනට කායබලාදිය නිසා “මම් පිරිමියෙමැ” යි අභිමාන වශයෙන් පහළ වන නොසංසුන් ඔද නැඟි බව වූ ඔළ මොළ බව ද - නොහොත් රාගයෙන් ඔද වැඩි බව ද, වාච්‍ය වතුදු මෙතන්හි - තමා සතන්හි විද්‍යමාන වූ ජාත්‍යාදී වූ යම් කිසි සම්පත්තියක් නිසා ‘මම් උසස්මි’ සිතා ගන්නාහුගේ ඒ මානයෙන් මත්වීම හෙවත් ඔළ මොළ එඩියෙන් දැපී ඉල්පී සිටීම “මද” යයි සලකනු ලැබේ. ස්වභාවධර්ම වශයෙන් බලත් හොත් එය යටැ දැක් වූ මානය ම බව හැඟේ. එසේ ද වුව ඒ මානයෙන් මත් වූවකුගේ දැඩි එඩියෙන් ඇලැළී ගිය (= කැළැඹුණු ) ප්‍රෞඪ භාවය මදය යි ව්‍යවහාර කරනු ලැබේ. එය පරමාර්ථ වශයෙන් එකක් වුව ද ඊට වස්තු වූ කාරණයන්ගේ වශයෙන් සත්විස්සක් ෙකාට බෙදා වදාරන ලද්දේ ය. ඔව්හු නම්: 1.ජාතිමද ය, 2.ගොත්තමද ය, 3.ආරෝග්‍යමද ය, 4.යොබ්බනමද ය, 5.ජීවනමදය, 6.ලාභමද ය, 7. සක්කාරමද ය, 8.ගරුකාරමද ය, 9.පුරෙක්ඛාරමද ය, 10.පරිවාරමද ය, 11.හෝගමද ය, 12.වණ්ණමද ය, 13.සුතමද ය, 14.පටිභාණමද ය, 15.රත්තඤඤුමද ය, 16.පිණ්ඩපාතිකමද ය, 17.අනවඤ්ඤාතමද ය, 18.ඉරියාපථමද ය, 19.ඉද්ධිමද ය, 20.යසමද ය, 21.ශීලමද ය, 22.ඣානමද ය, 23.සිප්පමද ය, 24.ආරෝහමද ය, 25.පරිණාහමද ය, 26.සණ්ඨානමද ය, 27.පාරිපූරීමද ය - යන මොහු යි. මෙයින්:
1. ජාතිමදය නම්:- “ජාතියා සතියා තං ජාතිං නිස්සාය උප්පන්නො මජ්ජනාකාරප්පවත්තො මානො ජාතිමදො’තිවුච්චති” යනු අටුවා හෙයින් - උසස් ජාතියක් ඇතිකල් හි ඒ තමාගේ ශ්රේෂ්ඨසම්මත වූ ජාතිය නිසා උපන්නා වූ මත්වන ආකාරයෙන් පැවැත්තා වූ මානය ජාතිමද ය යි කියනු ලැබේ. එය නුනුවණින් මෙනෙහි කරන ක්ෂත්රිය බ්‍රාහ්මණාදි සතරවණන්හි ම අයට උපදී. ජාතිසම්පන්න වූ ක්ෂත්රියයෙක් වූ කලී “මා වැනි වෙන ජාතිමත් ක්ෂත්රියයෙක් නම් නැත. සෙසු රජවරු අතුරෙකැදි පැනැ නැඟී ක්ෂත්රිය නම් වූවෝ ය. මම නම් නියම මහාසම්මත වංශාගත ක්ෂත්රියයෙක්මි” යී මානය උපදවයි. කුල්මන් වෙයි. සෙස්සන් පහත් කොට සිතා අභිමානයෙන් මත් වැ හැසිරෙයි. බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍රයන් අතරත් තමන් තමන්ගේ උභයකුල පරිශුද්ධ වූ ජන්මය නිමිති කොට ගෙනැ ජාතිමදය පහළ වන්නේ මේ නියායෙන් මැ යි.
2. ගොත්තමදය නම්:- තමාගේ ගෝත්‍රය හෙවත් පෙළ පත නිසා උපන් මානයෙන් මත් වීම යි. මෙය ද සිවු කුලයෙහි ම අටළොස් (18) වණන්හි ම කාටත් උපදී. රජෙක් වුවත් අනෙකෙක් වුවත් “මම අසුවල් පෙළපතින් පැවැතෙන නියම අසම්මිශ්‍ර ජාතිමත් ක්ෂත්රියයෙක්මි - බ්‍රාහ්මණයෙක්මි - වෛශ්යයෙක්මි - අසුවල් වණමේ අයෙක්මි - මා උපන් ජාතියෙහි අපගේ ග්රෝත්රයට වැඩි තරම් වූ පෙළපතෙක් නම් නැත. සෙස්සෝ අතුරෙකැදී පැනැනැඟී අළුතෙන් වත ගොත ගත්තෝයැ - යන ආදීන් කුලගෝත්‍රය නිසා උපන් අභිමානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙයි.
3. ආරොග්යමදය නම්:- තමාග් ආරෝග්‍යය - හෙවත් - ලෙඩ නැතිකම නිසා උපන් මානයෙන් මත්වීම යි. නුනුවණින් සිතන නොලෙඩ තැනැත්තේ “මම කිසිත් ලෙඩක් නැති හොඳ සනීප ඇත්තෙක්මි. සෙස්සෝ රෝග බහුලයෝ ය. සියොලඟ ඉල්පී ගිය නහරවැල් ඇති වැ ඇටසැකිලි පමන වැ කටකට යන ශබ්දයෙන් ලැසි වැ ඇවිදිමින් සුසුම් හෙළන්නෝ ය. උන් සිටි තැනැ වැතිරැ හෙන්නෝ ය” යන ආදීන් අනුන් හෙළා දකිමින් තමන්ගේ නො ලෙඩ බව නිසා උපන් මානයෙන් මත් වැ හැසිරෙයි.
4. යොබ්බනමදය නම්:- තමාගේ තරුණභාවය නිසා උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් තරුණයෝ “මම නම් භද්රයෞවනයෙහි හෙවත් හොඳ තරුණ වයසෙහි සිටියෙක්මි. වර්ණ බල ජව සම්පන්නයෙක්මි. හෘෂ්ටපුෂ්ටාඞ්ග ඇත්තෙක්මි. මේ වෙන අය ඡින්නප්රපාතතටයෙකැ (= කැඩී ගිය කඳු බෑවුම් අද්දරෙක) වැනි වැනී තිබෙන දිරාපත් (කනාටු) ගස් මෙන් ජරපත් සිරිරු ඇත්තෝය. කොයි වේලේ කැඩී හෙළෙද්දැයි නොදැනෙ යි. කිසි ත් ශක්තිමත් භාවයෙක් නැත. සිහියක් බුද්ධියක් නැත” - යන ආදින් අනුත් හෙළා දකිමින් තමන්ගේ නව යොවුන් තුනුසපුවෙන් මත් වැ ඔළ මොළ වැ හැසිරෙති. පොරට කුරඳන නහඹ වල් මද ගොනුන් මෙන් නිබඳ ම සටන් කැමැත්තෝ වෙති. ජරා ජීර්ණයකු දුටු කලැ “අපටත් මේ ටික වන්නේ ම ය” යි නො සිතා කෙළි කවට කෙරෙති.
5. ජීවිතමදය නම්:- තමාගේ ජීවත්වීම නිසා උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් චිරජීවී තැනැත්තෝ “මම බොහෝ කාලයක් ජීවත් වූයෙමි. මතු ද බොහෝ කල් ජීවත් වන්නෙමි. සුවසේත් ජීවත් වීමි. දැනුදු මතුදු සුවසේ ම ජීවත් වෙමි. වන්නෙමි මේ සෙස්සෝ මල් මැලැවෙන්නා සේ එදා එදා මන්දායුෂ්ක වැ මියැ යෙති” - යන ආදීන් තමන්ගේ නිදුක් වූ ද දීර්ඝ වූ ද ජීවත් වීම නිසා උපන් අභිමානයෙන් මත් වැ නො මැරෙන්නා සේ සිතමින් සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති.
6. ලාභමදය නම්:- තමාගේ ලැබීම් නිසා උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් ලාභී පුදගලයෙක් “මම බොහෝ වූ ලැබීම් ඇත්තෙක්මි. මාගේ ලැබීමෙහි මෙතෙකැ යි යන ප්රමාණයෙක් නම් නැත. මේ අනෙක් තැනැත්තෝ ඉතා ම අල්ප වූ ලැබීම් (= ආදායම්) ඇත්තෝ ය” යන ආදීන් තමාගේ අධික ලාභය නිසා උපන් මානයෙන් මත් වැ තමහට කිසිත් ව්‍යසනයක් නො පැමිණෙන්නා සේ සිතා ගෙනැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙයි.
7. සක්කාරමදය නම්:- සත්කාරය නිසා හෙවත් අනුත් විසින් තම හට සකස් කොට විශේෂයෙන් පිළියෙල කොට පිරිනමනු ලබන පුද සැලැකිලි නිසා උපන් මානයෙන් මත් වීම යි. මෙය ද සෙසු මදයන් මෙන් ම ගිහි පැවිදි කාටත් ඉපැදියැ හැකි ය. රටුන්ගෙන් (රටවැසියන්ගෙන්) සත්කාර ලබන්නා වූ ගම් මුදලි රදළ මහරැටි ආදි ඇතැම් ගිහියෝත් “වෙන අය නම් ඉඳැ සිටැ ලා කාගෙන් වත් යම්තම් දෙයක් ලබති. මම් එසේ නො වෙමි. නිබඳ වැ ම වැසියා විසින් ගෞරවයෙන් විශේෂයෙන් සකස් කොට පිරිනමනු ලබන උසස් ම බඞ්ක්තියේ පුද පඬුරු ලබමි” යන ආදීන් සිතා තමනට ලැබෙන ලාභ සත්කාරයන් නිසා උපන් මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති. ඇතැම් පැවිද්දෝත් “වෙන භික්ෂූහු යම්තම් දැයක් ලබති. මම වූ කලි විශේෂයෙන් සකසා පිළියෙල කරන ලද ප්‍රණීත වූ පට්ට දුකුල කෞශෙය චීවරාදි (ඉතා දුහුල් කසී සිවුරු ආදි) ප්‍රත්‍යය ලබමි” යන ආදීන් මානයෙන් මත් වැ සෙසු පැවිද්දන් හෙළා දකිමින් හැසිරෙති.
8. ගරුකාරමදය නම්:- අනුන් තමහට කරන ගරු බුහුමන් නිසා උපන් මානයෙන් මත් වීම යි. මෙය ද ගිහි පැවිදි කාටත් ඉපැදියැ හැකි ය. ඇතැම් අධිපති ගිහියෝත් “වෙන ලොක්කන් ඇඟේ හැපුණත් මිනිස්නට ගණනක්වත් නැත. එහෙත් මා දුටු තැනැ පුටුයෙන් බසිති. හිස තමති. ළංවන්නටත් බිය වෙති. ගරු කෙරෙති” යන ආදීන් සිතා තමනට ලැබෙන ගරු බුහුමන් නිසා උපන් මානයෙන් මත් වැ සෙසු ප්‍රභූන් හෙළා දකිමින් හැසිරෙති. ඇතැම් පැවිද්දෝත් “වෙන මහණුන් පෑගුණත් මිනිස්සු මේ භික්ෂුවෙකැ යි සිතා නො වදිති - එහෙත් - මා දුටු තැනැ ම වඳිති. ගිනිකඳක් මෙන් ළං වියැ නො හැකි තෙද ඇත්තකු කොට සලකති. - ඈත් වැ නැමි නැමී ගරු කෙරෙති” යන ආදීන් සිතා මානයෙන් මත් වැ සෙසු පැවිද්දන් හෙළා දකිමින් හැසිරෙති.
9. පුරෙක්ඛාරමදය නම්:- පුරස්කෘති නිමිත්තක වූ මද ය යි. - හෙවත් - ප්‍රශ්න විසඳීම් ආදි වූ ක්‍රියාවන්හි ලෝකයා විසින් තමා ඉදිරිපත් කැරැ ගැනීම නිසා උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහියෝත් “යම් තෝරා බේරා ගත නොහෙන ගැටලු පැනයෙක් වී නම් එය මාගේ කටින් ම විසැඳෙන්නේ ය - කොයි යම් බැරෑරුම් කටයුත්තෙකැ දී වුවත් මහාජනයා මා ම පෙරටු කැරැ ගන්නේ ය” යන ආදී වශයෙන් ද, ඇතැම් පැවිද්දෝත් “උපන් යම් ධර්ම ප්‍රශ්නයෙක් වී නම් එය මාගේ මුඛයෙන් ම පසිඳෙන්නේ ය - භික්ෂාචාරාදියකට වඩනා භික්ෂුහූ ද මා ම පෙරටු කැරැ ගෙන පිරිවරා ගෙන යෙති” යන ආදී වශයෙන් ද සිතා ලෝකයා විසින් යම් යම් කටයුතුවලැදී තමන් පෙරටු කොටැ ගැනීම නිසා උපන් මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති.
10. පරිවාරමදය නම්:- තමාගේ මහා පරිවාර සම්පත්තිය නිසා උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහියෝත් පැවිද්දෝත් “සෙස්සෝ මඳ පිරිවර ඇත්තෝය - මම් එසේ නො වෙමි - මහ පිරිවර ඇත්තෙම් ද වෙමි - පිරිසුදු වැදැගත් උසස් පිරිවර ඇත්තෙම් ද වෙමැ” යි යන ආදීන් තමන්ගේ පිරිවර සැපත නිසා උපන් මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති.
11. භෝගමදය නම්:- නිදන් කොට තුබු ධනරාශිය නිසා උපන් මානයෙන් මත් විම යි. (අනෙක් ධනයෙන් මත්වීම ‘ලාභමදයෙහි’ ඇතුළත් වේ.) “වෙන මිනිස්සු එදිනෙදා යැපෙන පමණ වත් නො ලබති. නොයෙක් අයට ණයගැත්තෝ ද වෙති - මාගේ නම් නිදන් කොට - හෙවත් - ධනාගාරයන්හි තැන්පත් කොට තුබූ වස්තුවේ පවා ප්රමාණයෙක් නැතැ” යි යන ආදීන් අභිමාන අපදවා ගෙන එයින් මත් වැ සමහරු සෙස්සන් තණපත් මෙන් හෙළා දකිමින් හැසිරෙති.
12. වණ්ණමදය නම්:- ශරීර වර්ණය නිමිති කොට ද ගුණ වර්ණන සංඛ්‍යාත කිර්තිය නිමිති කොට ද උපදනා මානයෙන් මත් විම යි. ඇතැම් ගිහි පැවිද්දෝ “වෙන අය දුර්වර්ණයහ - විරූපයහ - මම අභිරූපයෙමි - දුටුවන් ප්‍රසාද එළවන දැකුම් කටයුතු රූසපුව ඇත්තෙමි” - යන ආදී වශයෙන් හෝ, “වෙන අය ඇති බවක් වත් රට වැස්සෝ නො දනිති. ඔවුහු රට පුරා පතළ ගුණකථා නැත්තෝ ය. පැතිරී ගිය අකීර්තිය ඇත්තෝ ය - මා පිළිබඳ ගුණ ඝෝෂය වූ කලී ලොව පුරා පතළේ ය - මා නො දන්නා කෙනෙක් මුළු රටේ ම නැත්තා හ. ‘මෙසේ වූ උගතෙක - මෙසේ වූ ගුණවතෙකැ යි හැම තැන ම ප්‍රකටයෙමි’ - යන ආදී වශයෙන් හෝ සිතා, මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති. (මෙහි - ශරීරවර්ණමදයෙන් ස්ත්‍රීහු ද, ගුණවර්ණමදයෙන් පුරුෂයෝ ද බෙහෙවින් මත් වෙති)
13. සුතමදය නම්:- බණ දහම් හෝ ශාස්ත්රාන්තරයක් හෝ ඇසූ පිරූ බව (= උගත් බව) නිමිති කොට උපදනා මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහි පැවිද්දෝ “සෙස්සෝ ඇසූ පිරූ තැන් නැත්තෝය - නූගත්තු ය - මම වූ කලී බොහෝ ඇසු පිරූ තැන් ඇත්තෙමි - අග්‍ර පණ්ඩිතයෙමි” යි යන ආදීන් මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති. (‘අසුවල් අසුවල් අධ්‍යයන පරීක්ෂණයෙන් උසස් ලෙස සමර්ථ වීමි. රාජ ප්‍රසාද - සන්හස් පත්‍ර - පදක්කම් - පටබැඳි නම් ලදුයෙමි. අසුවල් අසුවල් උපාධි දරන්නෙක් වෙමි’ - යන ආදීන් ගර්විත වීම ද මෙහි ම ඇතුළති.)
14. පටිහාණමදය නම්:- ඒ ඒ ප්රස්තාවයට අනුකූල වූ දේ එ කෙණෙහි වැටැහෙන තියුණු නුවණ නම් වූ ප්රතිහාණය නිමිති කොට උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහි පැවිද්දෝ “සෙස්සෝ අදිසියෙන් පැමිණි යම් යම් ප්රස්තාවයන්හි කිසිවක් කියා කොට ගත නො හෙති - යටිකුරු කොට හෙළා ලූ මැටි පිඬු මෙන් කිසිත් වැටහීමක් නැති වැ බිම බලා ඉඳිති - කලබල හෝ වෙති. මම වූ කලී පැමිණි ප්‍රස්තාවයෙහි කටයුතු දේ නිසොල්මන් වැ සිටි පියෙහි ම සිටැ සිතූ පමණින් වැටහෙන ස්ථානෝචිත ප්‍රඥා ඇත්තෙම් වෙමි. මාගේ වැටහීමෙහි (= තේරුම් පැහැදුම් කමේ) ප්‍රමාණයක් නිමෙක් නම් නැත” යි යන ආදීන් සිතා මානයෙන් මත් වැ සෙස්සත් හෙළා දකිමින් හැසිරෙති.
15. රත්තඤ්ඤුමදය නම්:- පැරැණි දේවල් දන්නා බව නිමිති කොට උපදනා මානයෙන් මත් වීම යි. එනම්:- චිරරාත්‍රයෙහි - හෙවත් බොහෝ පෙර දවස්හි උපන් වැඩි හිටි ගිහියකු විසින් හෝ එසේ ම චිරරාත්‍රයෙහි පැවිදි වූ ස්ථවිර භික්ෂුවකු විසින් හෝ දත යුතු වූ යට ගිය දවස් පිළිබඳ වූ දේවල් දන්නා බව නිමිති කොට පහළ වන මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහි පැවිද්දෝ “මම චිරරාත්රඥයෙමි - බොහෝ පෙරැ වූ දේ දන්නා පැරැණියෙක්මි - අසුවල් අසුවල් බුද්ධවංශ - රාජවංශ - ජනපදවංශ - ග්රාමවංශාදි පරම්පරා ගත පැරැණි කථා සියල්ල දනිමි. බෙහෝපැරැණි පෙළපත් ආදියෙහි මුල් තොරතුරු දත්තෙක්මි - මේ අනෙක් අය අද ඊයේ කොළුතරුවෝ ය - මොවුහු කවර නම් දැයක් දනිද්දැ” යි යන ආදීන් සිතා මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති.
16. පිණ්ඩපාතිකමදය නම්:- පැවිද්දනට ම උපදනා පිණ්ඩපාතිකාංග නිමිත්තක වූ මානයෙන් මත් වීම යි. ඇතැම් පැවිද්දෝ “සෙසු මහණහු අතුරෙකැදී පිණ්ඩපාතික වුවෝ ය. මම නම් ජාතියෙන් ම ශ්‍රමණ ජන්මයේ මුලැ පටන් ම (= පැවිදි ලත් තැන් සිට ම) පිණ්ඩපාතිකයෙක්මි” යන ආදීන් සිතා මානයෙන් මත් වැ හැසිරෙති. (සෙසු ධුතගුණාදීහු ද මෙහි ම ඇතුළත් කොට සිතිය යුතු.)
17. අනවඤ්ඤාතමදය නම්:- අවමන් නො ලද්දෙමැ යි උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහි පැවිද්දෝ “සෙසු අය නොයෙක් දෙනාගෙන් නොයෙක් අවමන් ලද්දෝ ය - මම නම් දැනැ ගත් තෙක් පටන් මෙවක් දක්වා කිසි කලෙකත් කිසිවකුගෙනුත් ස්වල්ප වූ ද අපමානයක් නො ලද්දෙමැ” යි යන ආදීන් සිතා මානයෙන් මත් වැ අනුත් හෙළා දකිමින් හැසිරෙති. කාටත් අවමන් ලැබිය හැකි බව නො තකති. සත් මුත්තෙකින් වත් අපේ පෙළපතේ අය අවමන් නොලද්දෝ ය යි ගර්විත වැ සිතති. කියති.
18. ඉරියාපථමදය නම්:- යෑම් ඊම් ආදි ඉදියවු පැවැත්වීම වස්තු කොට උපන් මානයෙන් මත් වීම යි. ඇතැම් ගිහි පැවිද්දෝ “වෙන අයගේ ඉරියව් පැවැත්වීම ප්‍රසාද එළවනනේ නො වෙයි. මාගේ ආකල්ප සම්පත්තිය නම් දුටුවන් පහදවනසුලු ය - තැන්පත් ය” යන ආදීන් සිතා මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් හැසිරෙති.
19. ඉද්ධිමදය නම්:- ඍද්ධිය වස්තු කොට උපදනා මානයෙන් මත් වීම යි. මෙහි “ඉද්ධි” ශබ්දයෙන් වතුර්ථධ්යානය පාදක කොට උපදවා ගත් ප්රථමාභිඥාවගේ චීර්ණවශීත්වයෙන් (= හොඳින් පළපුරුදු පුහුණුකමින්) සිතූ සිතූ දේ නිපදවා ලීමෙහි පුළුවන්කම ඇති බව ද, එසේ අභිඥාලාභී නුවූවකුගේ නම් යථාභිමතාර්ථයන්ගේ සමෘද්ධිය දැ යි - යන අර්ථද්වයයෙක් වාච්‍ය වේ. එහෙයින් යම් පෘථග්ජන වූ අභිඥාලාභියෙක් “අනෙක් ඇත්තෝ පියා වගුළ (= පියාපත් හැළුණු) කවුඩන් වැන්නාහ. මම වූ කලී අහසින් යා හැකි පොළොව කිමිදැ යා හැකි මහර්ධි ඇත්තෙක්මි. මහානුභාව ඇත්තෙක්මි” කියා හෝ, එසේ අභිඥාලාහී නුවූවෙක් “මම යම් යම් ක්‍රියාවක් කෙරෙම් ද ඒ හැම සිතූ සිතූ පරිදි ම සමෘද්ධ වෙයි. සෙස්සන් කළ කළ දේ වැරදෙ” යි කියා හෝ සිතා අභිමානයෙන් මත් වැ හැසිරේ නම් ඒ ඉද්ධිමද ය යි.
20. යසමදය නම්:- යසස වස්තු කොට උපන් මානයෙන් මත්වීම යි. “ඉස්සරිය භොග - සම්මාන සඞ්ඛාතො චෙ’ව කිත්ති වණ්ණ සඞ්ඛාතො ච යසො” යන ආදි අටුවා නයෙන් ‘යස’ ශබ්දයෙන් තමන් අණසක පවත්වාලීමෙහි පොහොසත් බව වූ ඵෙශ්වර්ය - හෙවත් - අධිපති භාවය ද ආදයම් වසයෙන් දින පතා ලැබෙන්නා වු හෝ නිදන්කොට තුබුවා වු හෝ මිල මුදල් හා උපභොග පරිභොග වස්තු සඞ්ඛ්‍යාත ධනය ද - සත්කාර - ගරුකාර - සඞ්ඛාත වු සම්මානය ද - ගුණ කීර්තිය ද - පුරෙක්ඛාර - පරිවාර - ලාභ භෝග - මදයන්හි සෙසු අර්ථයන් ඇතුළත් වූ බැවින් මෙතන්හි (ඓශ්වර්යාර්ථයාගේ ම අර්ථ විකල්පයක් සැටියට) ඇණැවීමෙහි පොහොසත් බව ඇණවන්නකු - කෘත්යවිචාරණය කරන්නකු (= කළ මනා කරුවකු = අධ්‍යක්ෂයකු) වන බව ම යසසැ යි සලකනු ලැබේ. මෙයින් නඟිනා මානයට “උපට්ඨාපක මානය” යි කියති. එයින් මත් වීම ද ගිහි පැවිදි දෙපසට ම වේ. ඒ ඒ පිරිස්හි ප්‍රධාන වූ හෝ කෘත්‍ය විචාරක වූ (= කළ මනා කරු වූ) නොයෙක් ගිහියෝත් ‘මම සෙස්සන්ට අණ දෙමි - ඔවුන්ගේ කටයුතු විමසමි. ඔවුහු මාගේ වශයෙහි පවතිතැ” යි අභිමාන උපදවා එයින් මත් වෙති. ඇතැම් පැවිද්දෝත් “මම නායක වෙමි. සෙසු භික්ෂූහු මාගේ අවවාදයෙහි පවතිති. මම ඔවුන්ගේ කෘත්‍ය විචාරකයෙක්මි” යි අභිමාන උපදවා එයින් මත් වැ සෙසු පැවිද්දන් හෙළා දකිති.
21. සීලමදය නම්:- “සෙස්සෝ දුශ්ශීලයෝ ය - මම ඉතා සිල්වත්මි” යි උපදනා මානයෙන් මත් වීම යි. “මම අනගාරිකයෙමි - බ්රහ්මචාරීයෙමැ” යි යන ආදින් උදම් විම ද මෙහි ම ඇතුළති. එසේ සිල්මෙදෙන් මදනැඟි ගිහි පැවිද්දොත් සෙස්සන් හෙළා දකිති.
22. ඣානමදය නම්:- “සෙස්සනට මොහොතකුදු සිත් එකඟ බවෙක් නැත - මම නම් උපචාරාර්පණාධ්යාන ලාභියෙක්මි” යි ලෞකිකධ්යානයක් නිසා පුහුදුනකුට උපදනා මානයෙන් මත් වීම යි. දෙව්දත් තෙර මෙ කි ‘සීලමද - ධ්යානමද - ඉද්ධිමදාදියෙන්’ මත් වැ ඔළ මොළ වැ හැසිරීමෙන් මහත් වනසට පැමිණි බව ඔහුගේ කථාවස්තුයෙන් හැඟේ.
23. සිප්පමදය නම්:- “සෙස්සෝ කිසිත් ශිල්පයක් කර්මාන්තයක් නො දනිති - මම නම් හුරු බුහුටි වූ ශිල්පියෙක්මි” යි ශිල්පය නිසා උපදනා මානයෙන් මත් වීම යි. මෙයින් ඔළ මොළ වූවෝ ද සෙස්සන් හෙළා දකිති.
24. ආරොහමදය නම්:- “වෙන අය මිට්ටෝ ය. මම නම් හොඳ උස ඇත්තෙ මැ” යි තමාගේ ආරොහ සම්පත්තිය නිසා උපන් මානයෙන් මත් වීම යි. මෙයින් මත් වූවෝ ද මිට්ටන් දුටු තැනැ හෙළා දකිමින් හැසිරෙති.
25. පරිණාහමදය නම්:- “වෙන අය මිටි හෝ වෙති උස් හෝ වෙති. මම නම් නූස් නොමීටි උසට සරිලන මහත ඇති නිසිසේ වැවුණු මහනුගයක් මෙන් පිරිමඬුලු බව නිසා උපදනා මානයෙන් මත් වීම යි.
26. සණ්ඨානමදය නම්:- “සෙස්සන්ගේ සිරුරු සටහන (= හැඩහුරුකම) විරූපය - පිළිකුල් කට යුතුය - මාගේ නම් දුටුවන් මන වඩන්නේ ය - ප්‍රසාද එළවන්නේ යැ” යි තමාගේ ශරීර සංස්ථානය නිසා උපන් මානයෙන් මත් වීම යි.
27. පාරිපූරීමදය නම්:- “වෙන අයගේ ශරීරයෙහි දොස් බොහෝ ය. මාගේ ශරීරයෙහි නම් කෙසගක් පමණකුදු දොසෙක් නැත. හිසකේ මොණරපිල් වැන්න - නෙත් නිලුපුල් වැන්නැ” යි යන ආදීන් කේශාග්‍රය පටන් යටිපත්ල දක්වා අවයවයක් පාසා පරිපූර්ණතාව ම හඟිමින් දෙව්විමනක් හමුයෙහි නැඟූ රුවන් තොරණක් මෙනැ” යි සිතා තමාගේ තුනුසපුව ගැන දැපෙමින් මත් වීම යි. මෙයින් උමතු වූවෝ නොපිරිපුන් අඟපසඟ ඇතියවුන් දුටු නැතැ “මරපිරිස් වැන්නෝ ය - හිඟන දරුවන් වැන්නෝ ය” යන ආදින් පරිහාස කෙරෙමින් හෙළා දකිති.
මෙහි රොහමදාදි සතරමදයෝ ද වණ්ණමදයෙන් ඒක දෙශයක් වූ ශරීරවර්ණමදය ද රූපමද නම් වෙති. සතර මදයන් පමණක් වදාළ නැතැ “ඉස්සරියමදය ද” යස භොග මදාදියෙහි ම ඇතුළත් වෙති. නිලතල ආදියෙන් නඟිනා මදය ද එහි ම ඇතුළත් වේ. මවුපිය - ගුරු - ස්වාමිපුත්රාදීන්ගේ ලොකුවෙකින් පුත්‍ර - ශිෂ්‍ය - දාසාදීන්හට නැඟෙන මදය ද ‘යස - පරිවාරාදි’ මදයන්හි ම ඇතුළති. මෙසේ ලොවැ ඇති තාක් මදයෝ හෙවත් යම් කිසි ඉසුරෙකින් උපන් මානයෙන් කුලමත් වැ ඔළ මොළ වැ හැසිරීම මේ සත්විසි මදයෙහි ම ඇතුළත් කට යුතු වෙති. එපමණකුක් නො වැ ‘පලාස’ නාමයෙන් ව්‍යවහාර කරනු ලබන්නා වු ‘යුගග්‍රාහය’ ද හෙවත් තමන්ගේ පමණට උසස් උතුමන් පවා ඉක්මවා සිතමින් මගෙත් නුඹෙත් ඇති වෙනස කිම දැ’ යි දෙදෙන ම සමකොට සිතා ගැනීම ද ‘සදිසමානයාගේ ම’ විකාරයක් වූ මදයෙකි. හුලං පිරූ මයිනහමක් මෙන් පුප්පන දඬුකම් හා කිසිවකුටත් හිස නොනමන නොකීකරු රළු බව පහළ කරන්නා වූ ‘ථම්භය’ ද මානමද විකාරයෙක් ම ය. අනුත් යමක් කරන්නා දැකැ තමන් ඊට වැඩියක් කරන්නට සලසන්නා වූ ‘සාරම්භය’ ද මානවිකාරයෙකි. එය මාන වශයෙන් ලැබෙන කලැ ‘කුශසසාරම්භය’ යි ද කියනු ලැබේ. මෙයින් අකුශලසාරම්භය ම මානමදවශයෙන් ලැබේ. එය වූ කලී:
“එවං මන්දස්ස පොසස්ස - බාලස්ස අවිජානතො
සාරම්භා ජායති කොධො - සො’පි තෙනෙ’ව ඩය්හති”
යන ආදීන් වදාළ ලෙස ක්‍රෝධයට ද නිදාන වෙයි. යටැ කී නියෙන් ලෝභ මෝහ සම්ප්‍රයුක්ත ද වෙයි. මෙසේ බැවින් මානයාගේ විෂයය (= පවත්නා හරිය) සහ විකාර - හවත් - එය පවත්නා ආකාර විශෙෂත් ඉතා මහත් වෙති. විසිතුරු වෙති.
මෙසේ ජාති ග්රෝත්රාදී නොයෙක් දේ වස්තු කොට පහළ වන්නා වූ මානයෙන් මත් වැ සෙස්සන් හෙළා දකිමින් තමන් හුවා ගනිමින් මදාන්ද වැ උමතු වැ හැසිරීම - බණදහම් නො දත්කමින් ද - බොහෝ බණ උගත්තකු වුවත් යෝනිසෝමනසිකාරයෙන් තතු විමසා නො බැලීමෙන් ද - මානස්තබ්ධවූ (එඩියෙන් දැඩි වූ) ලෝකස්වභාවය නොදන්නා නුමුහුකළ නොවැඩුණු නොපුළුල් නුවණ ඇති කූපමණ්ඩුකජනයන් ම නිරතුරු ඇසුරු කිරීමෙන් ද - රට තොට බලා ඇවිදැ මේ විශාල වූ ලෝකයෙහි සිටිනා නොයෙක් සිය දහස් කෙළ ගණන් වූ නොයෙක් අතින් තමනට උසස් වූ උතුමන් හා දේශාන්තර චාරිත්‍ර විශේෂාදියත් සියැසින් දැකැ ලෝක්ස්වභාවය තීරණය කැරැ ගත් තැනැත්තකු නොවීමෙන් ද ගුරු තන්හි තබා අවවාද ඇසීමට කිසි කෙනෙකුත් ඇසුරු නො කොට කවුරුන් කීවත් නො තකා ස්වෛරී වැ විසීමෙන් දැ යි - යන ආදී නොයෙක් හේතූන්ගෙන් වේ. මාන මදයෙන් ලෝභ සහගත වූ සතර අකුසල් සිතෙකැ ම යෙදෙන බව කී හෙයින් ද හැම අකුසල් ඒකාන්තයෙන් මෝහසම්ප්රයුක්ත වන හෙයින් ද මානමදයෙන් මත් වූ ප්‍රස්තාවයෙහි යම් කිසි ආශායෙකින් බැඳී මෝහයෙන් මුළා වැ මැ උමතුවකු මෙන් හැසිරෙන්නට වේ.
“සුවණ්ණතා සුස්සරතා - සුසණ්ඨාන සුරූපතා,
ආධිපච්චපරිවාරා - සම්බමෙතෙන ලබ්භති”
යන ආදීන් වදාළ පරිදි සලකා බලත හොත් - ජාතිමදාදි සත්විසිමදයනට වස්තු වූ - ත්‍රිවිධ කුලසම්පත් - ආරෝග්යසම්පත් - වර්ණසම්පත් - ආරෝහපරිණාහසම්පත් - යශස් හා පරිවාර සම්පත් ආදී වූ සත්විසි කරුණු ම “පෙර පින්” ලැබිය යුතු ඉතා අගනා උතුම් දේවල් වතුදු - අධම වු ගති ඇති ලාමක පුරුෂයනට අයෝනිසෝමනසිකාරය හේතු කොට ගෙන එයින් මද නැඟෙති.
“ඵලං වෙ කදලිං හන්ති - ඵලං වෙළුං ඵලං නළං
සක්කාරෝ කාපුරිසං හන්ති - ගබ්භො අස්සතරිං යථා”
යන ආදී දේශනාවට අනුකූල වැ මෙනහි කරන කලැ ඒ බව හැඟේ. එබැවින් ජාත්‍යාදි සත්විසි කරුණු නො වැ ඒ සත්විසි කරුණෙන් මත්වීම ම භයානක වන බව සැලැකිය යුතු වේ. තමනට ත් ලොවටත් බොහෝ යහපත සැලසීමට උපකාර වන්නා වූ ද බොහෝ උත්සාහයෙන් සපයා ගත යුතු වූ ද ධනය සමහර බාල ජනයන් අතට පැමිණි කල්හි සුරාසොඬ දූසොඬ බැව් ආදිය පිණිසත් පරෝපඝාත පිණිසත් යෙදූ ළියට එය එසේ යෙදූවන්ගේ ම වරද මුත්, ධනයේ දෝෂයක් නොවන්නාසේ ඓශ්වර්ය යෞවනාරෝග්යාදී සම්පත් නිසා මත්වීම ම වරද වන පමණක් මුත් ඒ සම්පත්හු වරද නො වෙති. ඉතා අගනා දෙලෝ වැඩෙහි යෙදියැ හැකි උතුම් අගනා දේවල් ම වෙති. සෙසු ලෝ වැස්සන් විසින් ඒ ගුණ උසස් කොට ම සැලැකිය යුතු වෙති. තමන් විසිනුත් ඒ හැම උසස් බව දනිමිනුදු එයින් මත් විය යුතු නො වේ. තමන් සතන්හි විද්‍යමාන වූ මේ කොයි යම් උසස් බවක් වුවත් මානවශයෙන් සිතා ගෙන සෙස්සන් පහත් කොට තකා එයින් මත් වීම ම වරද වුවත් - ඒ ගුණ ගරු කොට සලකා ආත්ම ගෞරවය උපදවාගෙන “අජ්ඣත්තසමුට්ඨාන” වූ (- තමා සතන්හි ඇති උසස්කම නිමිති කොට ගෙන පහළ වන්නා වූ) හිරිය හෙවත් වරද කිරීමෙහි හැකිළෙන පැකිළෙන පියෙවි ඇති ලජ්ජාව උපදවා ගැනීම උතුමන් හසළ සිරිතෙකි. ඒ සිතන්නේ මෙසේ ය:- “මේ පව් කිරීම නම් පහත් අශිෂ්ට පවුලෙක උපන් නූගත් කිසිවක් කොට ගත නොහෙන හුරු බුහුටි කමක් නැති නිසි විය නො පැමිණි කොළුතරුවන්ගේ ක්‍රියාවෙකි. මම නම් අසුවල් වැදගත් පවුලේ උපන් බොහෝ දේ දැන උගත් කටයුතු කිරීමෙහි හුරු බුහුටි වූ යමක් තේරුම් ගත හැකි තලතුනා වයසට පැමිණියෙක්මි. එසේ වූ මම මේ වැරැද්ද කෙළෙම් නම් ඒ මාගේ පවුලේ වැදැගත්කමට ද, උගත්කමට ද, ශූරභාවයට ද, තලතුනා වයසට ද අවමන් කළා නම් වේ” යන ආදි වශයෙනි.
මෙසේ තමන් සතන්හි විද්‍යමාන වූ යම් උසස් දෙයට තමන් ම ගරු කෙරෙමින් ඒ ආත්ම ගෞරවය ම අංකුශයක් කොට ගෙන පව් නොකොටැ හැරීම උතුමන් හසළ මඟක් මුත් එඩි දැඩි බවෙක් නො වේ. එහි තමන්ගේ උතුම් ගුණ උතුම් කොට සලකා ඒ ගුණ කිලිටි වන දේවලට නො බැඳෙන්නට සිතන පමණ මුත් - අනුන් පහත් කොට සිත්නා වූ එඩියෙක් වත්, එයින් මත් වැ ඔළ මොළ වීමෙක් වත් නැත. මෙසේ බැවින් මේ ජාත්‍යාදි සත්විසි සම්පත්තීහු ලාමක පුරුෂයනට මත් වීමටද, උත්තම පුරුෂයනට ආත්ම ගෞරවයෙන් ලජ්ජාව උපදවා පව් නොකිරීමට ද හේතුවන බව පිළිගත යුතු ය. පෙර පින් ආදිය හේතුකොට ගෙන ලැබුණු මේ උසස් සම්පත්තීන් විධි වූ පරිද්දෙන් පරිහරනය කරන්නට දත් යෝනිසෝමනසිකාර බහුල වූවෝ ආත්ම ගෞරව වශයෙන් මතු මතුන් දෙ ලොවැ සැප දියුණු තියුණු කැරැ ගැනීමෙහි උපකරණ කැරැ ගනිති. නො එසේ වූවෝ මාන වශයෙන් මත් වැ අයථා විධියෙන් පරිහරණය කරන්නට ගොස් ඒ ලද සැපතිනුත් පිරිහී දෙ ලොවැ වැඩ වනසා ගැනුමට ආයුධ කැරැ ගනිති. පරම්පරාගත නුවූ යසඉසුරක් අළුතෙකැදී ලත් කලැ ලාමක පුරුෂනට මද නැගෙන බවත් නූගත්කමින් සිටි කලැ නැගුණු මද නියම උගත්කම ඇති වූ දා සිඳී යන බවත් ලෞකික පණ්ඩිතයෝ කියති.
“අවංශපතිතො රාජා - මූර්ඛපුත්රශ්ච පණඩිතඃ
අධනශ්ච ධනං ප්රාප්තඃ - තෘණවන් මන්යතෙ ජගත්”
(නියම වතගොතින් නො වැ අතුරෙකැදි යම් කිසි පවුලෙකින් පැනැ නැඟී රජ වු තැනැත්තේ ද, පරම්පරාගත නූගත් මූඪයකුගේ පුතකු වැ යම් කිසි ලෙසකින් පණ්ඩිත වූ තැනැත්තේ ද, පරපුරෙන් දිළිදු වැම සිටැ අතුරෙකැදී ධනවත් වූ තැනැත්තේ ද, මානයෙන් උමතු වැ මදනැගුණ පියෙවි ඇති වැ සෙස්සන්ගේ තරම් තිරම් නො තකා සෙසු මුළු ලෝවැස්සා තණපත් මෙන් පහත් කොටැ සිතන්නේ ය යන මේ චානක්‍ය වචනයෙන් ද,
“යදා කිඤ්චිඥො’හං ද්විප ඉව මදාන්ධඃ සම’භවං
තදා සර්වඥො’ස්මීත්ය’භවද’වලිප්තං මම මනඃ
යදා කිඤ්චිත් කිඤ්චිත් බුධජනසකාශාද’වගතං
තදා මුර්ඛො’ස්මි’ති ජ්වර ඉව මදෝ මේ ව්යපගතඃ”
(- යම් කලෙක් හි මම ඉතා අල්ප මාත්‍ර වූ දෙයක් දැන සිටියෙම් ද ඒ මඳ උගත් කම් ඇති කල්හි මදයෙන් අන්ධ වු වල් ඇතකු මෙන් වීමි. එ කල්හි මාගේ සිත “මම් සියල්ල ම දත්තෙක්මි” යි උපන් මානයෙන් ගර්විත වැ මද නැඟී පැවැත්තේය. යම් කලෙක්හි මා විසින් නොයෙක් පණ්ඩිත ජනයන් වෙතින් මඳක් මඳක් වත් දැනැ උගන්නා ලද්දේ ද එකල්හි “මම මේ මිහිපිට සිටිනා මහා මූඪයෙක්මි” යි හැඟී ගියෙන් ඒ මාගේ පෙර තිබූ හිස් උගත් මදය උණක් බැසැ යන්නා සේ ඉවත් වැ ගියේ යැ -) යන මේ භර්තෘහාරී වචනයෙන් ද ඒ බව ප්‍රකාශ වේ. “පිරුණු කළය නොසෙල්වෙ” යි යන ප්‍රස්තාවෝචිත පිරුළ ද මීට ම අදාළ වේ. දිග නම් නම්බු නාම ස්තුති ප්රශංසාවන් ලැබීමේ ආශාව ද ලැබුණු යම් සුළු දෙයක් මහත් කොටැ කියා පෑමේ ආශාව ද යන දෙකින් ම ප්‍රකාශ වන්නේ කිසි කලෙකත් තමනට වත් තමන් ගේ පරපුරෙහි වැඩි සිටියනට වත් ඒ ආශා පිපාසාවන් සංසිඳෙන තුරු පානය කරන්නට එකී දේවල් සෑහෙන පමණට නො ලැබුණු බව ම ය. වාළෝදක ජාතකයෙහි ද - පැන් නුමුසු මිදි රස පානයෙන් නිසොල්මන් වැ සිටි සෛන්ධවයන් හා ඉතිරි මිදිරොඩු පැන් හා කලතා නියඳ වැහැරි කඩින් පෙරාගත් කශටජලය බීමෙන් කොටළුවනට (- බූරුවනට) මද නැඟුණු සැටි දුටු මහරජතුමා එවකට පෙරවි බමුණු වැ සිටි බෝසතාණන් වහන්සේට:
“වාළෝදකං අප්පරසං නිහීනං
පීත්වා මදෝ ජායති ගද්රභානං
ඉමං ච පීත්වාන රසං පණීතං
මදෝ න සඤ්ජායති සින්ධවානං”
යනුවෙන් - “මේ රස නැත්තා වූ එ හෙයින් ම පහත් වූ නියඳකඩින් පෙරා ගත් මිදි රොඩු දිය බීමෙන් කොටළුවනට මඳ නඟී. එහෙත් මේ ප්‍රණීත වූ පැන් නුමුසු මිදිරස පානය කොටත් නියම ජාතිමත් සෛන්ධවයනට මදයක් නො නැඟේ ය” යි කී කලැ බෝසතාණන් වහන්සේ:
“අප්පං පිවිත්වාන නිහීන ජච්චො
සො මජ්ජතී තෙන ජනින්ද ඵුට්ඨො
ධොරය්හසීලී ච කුලම්හි ජාතො
න මජ්ජති අග්ගරසං පිවිත්වා”
යනුයෙන් - “මහරජාණෙනි! පහත් වූ ජන්මයක් (= උපතක්) ඇති තැනැත්තේ ඉතා සුළු දෙයක් පානය කොටත් එයින් උඩඟු වැ මත් වෙයි. මහත් ධුර උසුලන්නා වූ ආචාර සමපන්න වූ නියම ශිෂ්ට පවුලෙකැ උපන් තැනැත්තේ අග්‍ර රසයක් පානය කොටත් මත් නො වේ” ය යි කී සේක. මේ කථාවන්ගෙන් මනුෂ්‍යයෙක් උපතින් ම ශිෂ්ටයකු වීම මද නො නැඟීමට කරුණක් වන බව හැඟේ. එ මෙන් ම මද නැඟුනු ලෙසින් එඩිතර වැ හිසිරීමෙන් ඔහු අතුරෙකැ දී පැනැ නැඟුනු මඳ ඉසුරෙකින් ඉල්පී ගිය පරපුරෙන් යම් පදවියක් උසුලා පළපුරුදු බවක් නැති තැනැත්තකු බව ද ප්‍රකාශ වේ.
එහෙත් බුදුබවට පැමිණි පසු තථාගතයන් වහන්සේ බුද්ධඥානයෙන් වදාළ දහම්වලින් ප්රකාශවන්නේ නම් කුලයෙන් හෝ වේව යි අකුලයෙන් හෝ වේව යි පඅනඅනැඟුණු කවරෙක් වුවත් ලාමක පුරුෂයෙක් නම් නිකෘෂ්ට අදහස් ඇත්තෙක් නම් අයෝනිසෝමනසිකාර බහුලයෙක් නම් ඔහුට ම මද නැඟෙන බවයි.
අභිමානයෙන් මත් වූ තැනැත්තේ මුළු ලොවට අප්‍රිය වෙයි. නිතර උසස් වූ ඉඳුම් සිටුම් සත්කාර සම්මාන ම බලාපොරොත්තු වන්නේ වෙයි. අනුන් හට ගර්හා කරන්නේ වෙයි. තමනට ලෝකයා කොතෙක් සම්මාන කළත් තවත් මඳ ය යි ම සිතන්නේ වෙයි. “මාගේ නම පිටැ ලියූ සැටි හරි නැත - මට ආමන්ත්‍රණය කළ සැටි අගරු ය - මට ඉඳුම් හිටුම් දුන් සැටි නොසැලකලි සහිත ය - මා දැකැ හුනස්නෙන් නො නැඟී සිටියේ ය. ආචාර නො කෙළේ ය - නැමී මඟ දී අයින් වැ නො ගියේ ය - මා ඉදිරියෙහි කුඩ වහන් ලා ගෙනැ ගියේ ය - උතුරුසළු හිස්වෙළුම ඉවත් නොකෙළේ ය - යන ආදින් සිතමින් කියමින් ඉතා සුළු දේවල් නිමිති කොට ගෙනැ කලහ විග්රහ විවාද උපදවන්නේ වෙයි. “යෙන මානෙන මත්තා -තෙ සත්තා ගච්ජන්ති දුග්ගතිං” යන ආදීන් වදාළ ලෙස මෙලොවත් පිරිහී පරලොව වශයෙන් අපායගාමීත් වෙයි. එබැවින් සියලු සත්පුරුෂයන් විසින් යම් ප්‍රමාදයෙකින් පුහුදුන් බැවින් තමන් සතන්හි මානයක් උපන්නේ නම් සියල්ලන් ම මැරෙනසුලු බව හා නැවැතැ ඉපැදීම නොයෙක් ලෙසින් උස් පහත් විය හැකි බවත් ‘කරනිහිත කන්දුකසමා - පාතොත්පාතා මනුෂ්යානාම්’ යනුයෙන් දැක් වූ ලෙස මේ ආත්මභාවයෙහි දී මත් මිනිසුන්ගේ වැටීම හා නැඟීම අතැ තුබූ පන්දුවකගේ උස් පහත් වෙමින් පැවැත්මක් මෙන් අති චපල බවත් - සියලු මිනිසුන් මනුෂ්‍යත්වයෙන් සහෝදරයන් බව සලකා, ඒ මානය ඉවත් කොටැ දමා යම් යම් ක්ෂණික වූ යස ඉසුරුවලින් මත් නො වී තව තවත් දියුණු වන්නට ද - සර්වප්රකාර මානමදයන් ක්‍රමයෙන් බැහැර කැරැ ගැනීමෙන් දෙලොවැ සැපත් විඳැ කෙළවර උතුම් අමා මහ නිවන් සැපත් ලබා ගැනීමටද උත්සාහ දැරිය යුතු.
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!
නීරෝග වෙත්වා!! සුවපත් වෙත්වා !!!
1954 දී පළ කැරුණකි
ශ්‍රී බු. ව. 2497 / ක්‍රි. ව. 1954 මාර්තු මස 01 වන සඳුදා
බම්බලපිටියේ වජිරාමයේ දී යැ.