ධර්මාශෝක අධිරාජයා:බෞද්ධ ආභාසය
බෞද්ධ නරපති නාමාවලියෙහි ධර්මාශෝක නාමය මුලින්ම සටහන් වනු දැකීමට සෑම බෞද්ධයෙන්ම ප්‍රිය කරයි. මීට ප්‍රධානම හේතුව බුදුරදුන් වදාළ බෞද්ධ සමාජ දර්ශනය සමාජය තුළ ප්‍රායෝගික ව සජීවාකාරයෙන් ක්‍රියාත්මක කළ නරේශ්වරයා එතුමා විමය. මෙය ඓතිහාසික සත්යයක්සේ බෞද්ධයන් මෙන්ම ඉතිහාසඥයෝ ද පිළිගනිති.
ක්‍රි.පූ.322 දී චන්ද්‍රගුප්ත අධිරාජයාගෙන් ඇරඹුණු මෞර්ය රාජවංශයේ තුන් වන අධිරාජයා වූ බින්දුසාර රජතුමා අශෝක රජුගේ පියායි. අශෝක කුමාර ක්‍රි.පූ. 273 දී රාජ්‍ය පදප්රාත වූයේ ය. මෙතුමා පිළිබද දීපවංස, මහාවංස යන ප්‍රධාන පාලි වංශකථා දෙකේ ද සමන්ත පාසාදිකාවේ ද විස්තර ඇතුළත් වෙයි. පසුකාලීන සිංහල හා පාලි පොත් වල වඩ වඩාත් තොරතුරු දක්වා තිබේ. ඒ වාර්ථා වලට අනුව කුඩා කල අශෝක නමින් හැදින්වුණු හෙතෙම සිය සහෝදරයන් මැරූ නිසා චන්ඩාශෝක වූයේය. භරතය පුරා විසිර ඇති අශෝක සෙල් ලිපිවල “දේවානමි පියෙ පියදසී ලාජා” (=දෙවියනට ප්‍රිය වු ප්‍රියදර්ශී රජ ) යන්න සදහන් වෙයි. සෙල් ලිපි කිහිපයක පමණක් “දේවානං පියස අසොක ”(=දෙවියන්ට ප්‍රිය වූ අශෝක ) යන්න සදහන් වෙයි.
අශෝක බුදු සමය වෙත නැඹුරු වූයේ ක්රමානුකූලවය. ඔහු උපත ලබා ඇත්තේ ජෛන භක්තිකයකු හෝ ආජීවක භක්තිකයකු හෝ වශයෙනි. ජෛන සමය ඔහු සිය අනුග්රාහකයකු වශයෙන් දක්වා ඇත. පාලි පොත් වල අාජීවකයන්ගේ දායකයකු ව සිටි බව පැවසේ.
බුදුසමය වැළදගත් පසු ද ඔහු ආජීවකයන්ට ගුහා පූජා සිදු කර ඇත. එසේ කිරීම පැරණි ආගමට නිගරු නොකොට පෙර සේම සැලකීමේ බෞද්ධ ප්‍රතිපදාවට සපුරා එකග ෙවි. බින්දුසාර රජුගේ දේවිය වූ ධර්මා ආජීවක දායිකාවක වූ බව සදහන් වෙයි. ෙකස් වුව ද දේශපාලනමය වශයෙන් මෞර්ය වංශයේ පිළිගැනීම වූයේ කෞටිල්‍ය නමැති බ්‍රාහ්මණයාගේ දේශපාලන විද්‍යා සංකල්පය. එහෙත් ක්‍රමානුකූලව ජෛන, බෞද්ධ, ආජීවක වැනි බ්‍රාහ්මණ චින්තනයට පටහරනි වූ ආගමිවල බලපෑම නිසා අශෝක කෞටිල්‍යගේ දේශපාලන චින්තනය කෙරෙන් ඈත්වන්නට අදහස් කරන්නට ඇත. ථෙරවාදි බෞද්ධ සමිප්රදාය අශෝක රජ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ න්සා බුදු සමය වැළසගත් බව අවධාරණය කරයි. සර්වාස්තිවාදී ග්‍රන්ථවල උපගුප්ත හිමියන් නිසා එය සිදු වූ බව කියවෙයි. කෙසේ වුවද මේ සිද්ධිය රජතුමා භික්ෂූන් වෙත එළබීම නිරූපනය කරන බව පිළිගත යුතුය. භික්ෂූන් වෙත එළබීමෙන් තමා තුල මහත් අභිවෘද්ධියක් ඇති වූ බව අශෝක රජු සෙල්ලිපි කිහිපයකම සදහන් කර ඇත. භික්ෂූන් වෙත එළබීම බහුලව සදහන් වීම අපේ දැඩි අවධානයට යොමු විය යුතුය. රජතුමා මස්කි ගිරි ලිපියෙහි මෙලෙස සටහන් කරයි.
බුදු දහම කෙරෙහි නැඹුරුව
“ මා ශාක්‍ය මුනීද්‍රයන් වහන්සේගේඅනුගාමිකයකු වී වර්ෂ දෙක හමාරකට වැඩිය. සංඝයා වහන්සේ වෙත එළඹ වර්ශයකට වැඩිය. මම දියුණුවට පත්වීමි.”
එම කරුණම බ්‍රහ්ම ගිරි 1 ලිපියෙහි ද සදහන් කරයි.
“මම උපාසක වී වර්ශ දෙක හමාරකට වැඩිය. එහෙත් මම එක් වර්ශයක් දැඩි ලෙස උත්සාහ නො කෙළෙමි. සංඝයා වහන්සේ වෙත එළඹ දැඩිව උත්සාහ කරන්නට වී වසරකට වැඩි කලක් ගත වූයේය. ” රූපනාථ සෙල් ලිපියෙහි තමා ප්‍රසිද්ධියේ බෞද්ධයකු වී වසර දෙක හමාරක් බවත්, භික්ෂූන් වහන්සේ වෙත එළබෙන තෙක් වැඩි උද්යෝගයක් නොගත් බවත් සදහන් කරයි.
රජතුමා බුදු සමය පිළිගැනීමෙන් පසු බුද්ධ ධර්මය අවබෝධ කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇත. වියත් භික්ෂූන් සමග නොයෙක් වර ධර්ම සාකච්ඡා මගින් බුදුරදුන් වදාළ ගැඹුරු ධර්මය අවබෝධ කොට ගත් එතුමා බුදුසමය කෙරෙහි බෙහෙවින් ප්‍රසන්න වූයේය. ත්‍රිවිධ රත්නය විශයෙහි අචල භක්තියකින් වෙළී ගියේය. සිය හද තැන්පත් වූ අචල ශ්‍රද්ධාව භාබෲ සෙල් ලිපියෙහි මෙලෙස සටහන් කරයි.
“මගධාධිපති ප්‍රියදර්ශී රජ සංඝයා වැද සුව පහසු විචාරයයි. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සංඝයා කෙරෙහිද මාගේ ගෞරවයත් ප්‍රසාදයත් ඔබ වහන්සේලාට පැහැදිලිය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යමක් වදාරණ ලද ද ඒ සියල්ල සුභාසිතය.”
අශෝක රජුගේ සිත බුදුරදුන්ගේ දහම වෙත ඇදී යාමට තුඩු දුන් ප්‍රබල සාධකය ඔහු විසින් කළ කාලිංග සංග්‍රාමය බව පැහැදිළිය. සංග්‍රාමාවතීර්ණ රණශූරයකු ස්වකීය විජයග්රහණයෙන් පසු පසුතැවෙන ආකාරය ප්‍රකට කරන කාලිංග ලිපිය මිනිස් සංහතියේ ඉතිහාසයේ අමරණීය සිහිවටනයකි. සතර දෙසින් සාමය වෙත දෑත් දිගු කරන ජනතාවට මේ ලිපිය සෘෂිභාෂිතයක් මෙන් ගුරූපදේශ සපය යි. දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී රජතුමා අභිශේකයෙන් අවුරුදු අටක් ඉක්ම ගිය පසු කාලිංග ප්‍රදේශය ජය ගත්තේය.
“මිනිස්සු එක් ලක්ෂ පනස් දහසක් සිර භාරයට පත් වූහ. මිනිස්සු ලක්ෂයක් මරන ලදහ.ඊට වඩා බොහෝ ගණනක් විනාශාභිමුඛයට පත්වූයේය. කාලිංග ප්‍රදේශය ජයගත්තායින් පසු මහරජතුමා ඉතාමත් සංවේගයට පත්විය. ඒ කුමක් නිසාද? රටකට විරුද්ධ ව යුද්ධ කිරීමේ දී මිනිස්න් සිරභාරයට ගැනීමත්, වධ දීමත් මනුෂ්‍ය ඝාතනයත් අනිවාර්යෙන්ම සිදු වන හෙයිනි.” කාලිංග යුද්ධයේ දී සිදු වූ බිහිසුණු ලේ වැගිරීම ගැන මහරජතුමාගේ ශෝකයත් පශ්චාත්තාපයත් මෙයින් ප්‍රකාශ වෙයි. යුග ප්රවර්තක පාලකයෝ කලින්කල පහළ වෙති. අශෝක රජතුමා ද එවැන්නෙකි. ඔහු සතු අනුපමේය ස්වීයත්වයක් (=පෞරුෂත්වයක්) වූයේය. අනභිභවනීය (වෙනත් කෙනෙකුට මැඩලිය නොහැකි) බුද්ධි බලමහිමයත් කාය බලයත් නිසා අශෝක රජතුමා කාලිංග සටනින් පසු තමා ම ඒ පිළිබද සිතන්න වූ බව පැහැදිලිය. යුග ප්‍රවර්ථක වීර පුරුෂයෝ තමන් විසින් කලයුතු දේ ද ඒ දේ කල පසු එහි ප්‍රතිඵල ගැනද සිත මෙහෙයවති. විජයග්රහනයක් සදහා අශෝක කාලිංග සටන කල යුතුම වූයේය. එම ක්‍රියාවලියෙන් පසු රජතුමා අතීතය ලෙස සිංහාවලෝකනයක යෙදෙයි. බුදුවදන් වඩ වඩාත් ඇසෙත්ම සටන කුරිරු දෙයක් බවට පසක් කර ගනියි. එ හෙයින් කිසිදු වංචාවකින් තොරව කාලිංග යුද පිටියේ සැබෑ වාර්ථාවක් සෙල්ලිපියෙහි කොටා සිය දරුමුණුබුරුපරපුරට යුද්ධය නැමැති ශාපයෙන් වළකින සේ අවවාද කරයි. මෙය අවංක වූත් විවෘත වූත් හදවත් ඇති අතිවිශිෂට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ මහගු ගුණය කියාපාන්නකි. බ්‍රාහ්මණ දේශපාලන න්‍යයයෙන් ඉගැන්වුණු කුඩා කුඩා රටවල් බිලීබාගනිමින් රාජ්‍ය ලොකු කර ගැනීමේ න්‍යාය (=මත්ස න්‍යාය) අශෝක ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට අසල්වැසි රාජ්‍යන් සමග සංස්කෘතික සබදතා මගින් මිත්‍රත්වය ඇති කර ගත්තේය. මේ සදහා රජුගේ මානසිකත්වය පෙරළීමට තුඩු දුන්නේ බුදුරජුන් වදහල දහම බව ඉතා පැහැදිළිය. රජතුමාම සදහන් කොට ඇති පරිදි පටන් ගැනීමේ දී ධර්මය පිළිබද ව අභිවෘද්ධියක් නො ලැබුවද කෙමෙන් කෙමෙන් ධර්මාවබෝධය පුළුල් වී ඇත. බෞද්ධ දර්ශණය ගැඹුරින් ප්‍රකාශ කෙරෙන සුත්තනිපාතාගත ඉගැන්වීමි පවා එතුමා හදාළ බව සෙල්ලිපි වලින් හෙළි වෙයි. සුත්තනිපාතයට ඇතුලත් සූත්‍ර කිහිපයක නම් කෙළින් ම සදහන් කිරීමෙන් ප්‍රකට වන්නේ ඒවායෙහි අන්තර්ගත බෞද්ධ ඉගැන්වීම එතුමා මනාව අවබෝධ කොට ගෙන සිටි බවය. මේ කරුණ මෙලෙස තේරුම් ගැනීමට එතුමාගේ බ්රහ්මගිරි 1 ලිපියෙහි සදහනම ප්‍රමානවත්ය. එතුමා බෞද්ධයකු වී වසර දෙක හමාරක් වූ බවත්, එක් වසරක් දැඩි උත්සාහයක් නොගත් බවත් සදහන් කරන අතර සංඝයා වෙත එළඹ දැඩිව උත්සාහ කරන්න වී වසරක් ඉකුත් වූ බවත් සදහන් වීමෙන් ප්‍රකට වෙයි. පාරමිපරික ව සාමිප්‍රදායික ව ආගම දහම අදහන්නකුට වඩා අළුත් ආගමක් පිළිගත් බොහෝ දෙනෙක් මෙ බදු මානසිකත්වයක් ප්‍රදර්ශනය කරති. ඔවුහු අළුත් ආගමේ ඉගැන්වීම් දෙස විචාර පූර්වක ව බලති. ධර්මාශෝක රජු වෙතින් මේ ලක්ෂණය මනා ව ප්‍රදර්ශනය වෙයි.
ධර්මාවබෝධය
බෞද්ධ ඉගැන්වීම් පිළිබද රජතුමා සතු වූ දැනුම ප්‍රකට කරන සෙල්ලිපි වශයෙන් කල්කටා බයිරාම් හෙවත් භාබෲ ගිරි ලිපිය හා රුම්මින්දෙඊ, නියාලි සාගර්, කෞශාම්බී,සාඤ්චි සහ සාරානාත් ටැම් ලිපිත් සැළකිය හැකිය.ධර්මාවාද ලිපියේ රූපනාත්, සහශ්රාම්, බයිරාම්, මස්කි,බ්රහ්මගිරි, සිද්ධාපුර හා ජටින්ගරාවේශ්වර යන සෙල්ලිපිත්, ගිර්නාර්, කාල්සී, ෂාබාශ්ගර්හි,මාන්සේහ්රා, ධෞලි සහ ජෞගඩ ගිරි ලිපිත්, දෙල්හි මරාම් සහ දෙල්හි තෝප්රා ටැම් ලිපිත් සැලකේ. මේ සෑම ලිපියකම රජතුමා හැදින්වෙන්නේ ‘දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී’ යන නාමයෙනි. හබැවින් සමහර උගත්තු මේ ලිපිවල කතුවරයා අශෝක දැයි සැක කරති. එසේ වුවද මස්කි ලිපියෙහි පැහැදිළිව ‘දේවානම් පියස අසොකස’ යන්න සදහන් වේ. එනිසා ඉහත සදහන් උගතුන්ගේ සැකය බැහැරලීමට අපහසු නැත. අශෝක රජතුමා බුදුදහම කොතෙක් දුරට අවබෝධ කරගත්තේ දැයි සනාථ කිරීමට මස්කි ලිපිය බෙහෙවින්ම උපකාරී වෙයි. ඒ ලිපියෙහි අදහස් වටහාගැනීමේ පහසුව තකා කැටි කළ කල මෙසේ යි.
(අ) මගධාධිපති ප්‍රියදර්ශී රජ සංඝයා වැද සුව පහසු විචාරයි.
(ආ) බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත්,සංඝයා කෙරෙහිත් මගේ ගෞරවය හා ප්‍රසාදය ඔබ වහන්සේලාට පැහැදිලිය.
(ඇ) භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යමක් වදාරණ නම් ඒ සියල්ල සුභාසිතය. (එ කෙච් භංතෙ භගවතා බුධෙන භාසිතෙ සවෙ සේ සුභාසිතෙ වා)
(ඈ) යමක් අප විසින් සද්ධර්මයේ චිරස්ථායි වීම පිණිස මෙසේ පවත්නේ යයි දක්නා ලද නම්, එය ප්‍රචාරය කිරීමට සුදුස්සෙමි.
(ඉ) මේ ධර්ම කොට්ඨාස වෙයි;(i) මුළු විනය,(ii) අරියවංස සූත්‍රය, (iii) අනාගත භය සූත්‍රය, (vi) උපතිස්ස ප්‍රශ්න,(vii) රාහුලෝවාද සූත්‍රය යන මේ ධර්ම කොටස මම කැමැත්තෙමි. බොහෝ භික්ෂූහු දඋපාසකයෝ ද උපාසිකාවෝ ද ඒ ධර්ම කොටස් අසත්වා! සිතින් සලකා බලත්වා!
ධර්ම විජය ප්‍රතිපත්තිය
බුදු දහම හා බුදු සසුන කෙරෙහි අශෝක රජතුමා වෙත වූ හැගීම කෙබදු දැයි මෙයින් ප්‍රකට වෙයි. එතුමා බුදු දහම ගැඹුරින් හදාරා, බුදුධ ධර්මය ඇසුරින් සකසා ගත් ධර්ම විජය ප්‍රතිපත්තිය සිය රට වැසියාගේ අවනත බව ලබා ගැනීම සදහාත්, ඔවුන්ගේ දෛනික ජීවිතය වර්ධනය කිරීම සදහාත් යොදා ගත්තේය. හෙතෙම බුදුරජුන් වදාළ ආචාර ධර්ම හා සමාජ ධර්ම කොටස් උපුටා සිය රටවැසියා වෙත ඉදිරිපත් කළේය; දේශනා කළේය;තෙමේ ද පිළිපැද්දේය. බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගික ව භාවිතා කළ හැකි බව ක්‍රියාවෙන් පැහැදිලි කර දීම අශෝක රජුගෙන් ඉටු වූ විශිෂ්ට සේවාවකි. සිය ධර්ම විජය ප්‍රතිපත්තිය සාර්ථ වූ බව ද එතුමා අභීත ව ශිලා ලේඛන වල සටහන් කොට ඇත.
“මේ මාගේ ධර්මානුශාසනයෙන් ධර්මය පිළිබද අපේක්ෂාව ද ධර්මය පිළිබද කැමැත්ත ද දවසින් දවස වැඩුණේ ය. වැඩෙන්නේය.”
සිය දේශනා නිසා රටවැසියා තුළ විනීත බව හා ආත්ම දමනය ඇති වූ බව රජතුමා සදහන් කරයි.
“තමා තමා ගැන සිතා බැලීම කරණ කොට ගෙන සත්වයත්ට හිංසා නො කිරීම නිසා ද මිනිසුන්ගේ ධාර්මික දියුණුව වැඩි විය.”
ධර්ම විජය ප්‍රතිපත්තිය නිසා රට වැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති වූයේ ය.
බුදුසමය පිළිබද උද්යෝගය අශෝක රජතුමා හුදු දේශපාලනමය උපක්‍රමය ලෙස කළ දෙයක් බවට ඔහුගේ සෙල්ලිපිම සාධක වෙයි. භාරතීය සමාජයෙහි පැවති විවිධ බිළි පූජා හා සමජ්ජ නමින් හැදින්වුණු ආගමික උත්සව අර්ථශුන්‍ය දේ බව එහු දැන සිටියේය. ආගමික සහනශීලීතාව අනුගමනය කළ රජතුමා ඒවා තහනම් කළේ ය.
“මෙහි කිසි සතෙකු නසා යාග නොකළ යුතු ය. සමාජ (=උත්සව) නොපැවැත්විය යුතු ය.”(1 ගිරි ලිපිය)
රටෙහි අධර්මය (දෙමාපියන්ට නො සැලකීම,ශ්‍රමණ බ්‍රාහ්මණයන් නොතැකීම, සත්ත්ව ඝාතනය වැනි) සදාචාර විරෝධී ක්‍රියා පැතිරී තිබීම ගැන අශෝක රජ කම්පා වුනේය; මේ අවාසනාවන්ත තත්ත්වය බුදුසමය මගින් පිටුදැකිය හැකි’යි කල්පනා කලේය. ඒ කරුණ පූර්වෝක්ත භාබෲ සෙල්ලිපියෙහි ලා භික්ෂු- භික්ෂුණී, උපාසක- උපාසිකාවන්ට කියවීමට නිර්දේශ කළ ධර්ම කොට්ඨාස වලින් මනාව ප්‍රකට වෙයි. සම්පූර්ණ විනය පිටකය පිළිබදවත්, මජ්ඣිම නිකාය - අංගුත්තර නිකාය වැනි නිකාය ග්රන්ථ පිළිබදවත් එතුමා දැනුමක් ලබා තිබූ බව පෙනේ. වෙනත් ශිලා ලේඛන වලින් සිගාලෝවාද, මංගල, පරාභව, වසල වැනි සූත්‍ර පිළිබද පරිචය ද පෙනී යයි.
අශෝක රජතුමාගේ ධර්ම රාජ්‍යයේ පදනම වන්නට ඇත්තේ චක්කවත්තී සීහනාද, කූටදත්ත, අග්ගඤ්ඤ වැනි බෞද්ධ සූත්‍රවල දැක්වෙන ධාර්මික රජවරුන්, සක්විති රජවරුන් පිළිබද තොරතුරුය.ඒවායෙහි ඉගැන්වෙන ආර්ථික, දේශපාලන හා සදාචාරාත්මක ඉගැන්වීම් අනුව ජනතාවට ආරක්ෂාවට, අවශ්‍යතා සම්පාදනය, බාධාවන්ගෙන් තොරව තෘප්තිමත් ජීවිතයක් පවත්වාගෙන යෑම වැනි කරුණු සිය රාජ්‍යය සකස්කර ගැනීමට උත්සාහ ගත් බව පැහැදිලි ය. මේ අනුව සිය පාලන සමය තුළ ධාර්මික සමාජයක් ගොඩනැගුණු බව එතුමා ගිරි ලිපි කිහිපයකම සදහන් කොට තිබීමෙන් පැහැදිළි වෙ යි.
සැදැහැවත් කුලදරුවන් විසින් සංවේගය උපදවා ගත යුතු ස්ථාන අටක් පිළිබදව බුදුහු වදාළහ. ඒ ස්ථාන වලින් ලුම්බිනිය, බුද්ධගයාව, සාරානාථය යන ස්ථාන නිසැකවම හදුනාගත හැක්කේ අශෝක රජතුමා නිසාය. ඉහත සදහන් ස්ථාන කරා ගොස් ඒවා වැද පුදාගත් රජතුමාඒ ස්ථාන වල ශිලා ලිපි පිහිටුවූයේය. ඒ ගමන් සිහිකරනු වස් ස්තම්භ ඉදි කළේය. මේවා අද ද දක්නට ලැබෙයි. බුදුරදුන්ගේ ජන්ම භූමිය වූ ලුම්බිනිය ග්‍රාමයට ගෞරව කිරීමක් වශයෙන් අයබදු අඩුකල බව රුන්මින්දෙඊ ලිපියේ සදහන් කර ඇත.
අශෝක රජතුමා වෙහෙර විහාර 84, 000ක් ඉදි කළේ යයි පාලි වංශකතා වාර්තා කරයි. රජතුමා දඹදිව පුරාම බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැගූ බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. සුප්‍රකට සාංචි ස්තූපය අශෝක රජු දවස ඉදිකළ ලද්දක් සේ සමහරු සලකති.
ථෙරවාදීන්ගේ පිළිගැනීම අනුව ධර්මාශෝක රජතුමා සසුනට උරුම කරුවෙකි. සිය පුත් මහින්ද කුමරු හා දියණිය සංඝමිත්තා කුමරිය ශාසනයට පූජා කල බැවිනි.
ධර්ම ශ්‍රවණයත් ධර්මානුශාසනයත් සදාචාර සම්පන්න පුරවැසි පිරිසක් බිහිකිරීමට අත්‍යවශ්‍ය බව රජතුමා නිගමනය කල බව පෙනේ.
“මට මෙවැනි අදහසක් පහල විය. කුමක්ද? ධර්මාවවාද දෙනු පිණිස මා විසින් ධර්ම ලිපි ලිවිය යුතුය. මේවා කියවා මිනිසුන් ගුණ ධර්මයන්ගෙන් උසස් ව දියුණුව කරා ගමන් කරනවා ඇත.”
සදාචාරය පිළිබද දැණුම වර්ධනය කිරීම තුලින් ප්‍රීතිමත් ජනතාවක් පිහිකල හැකි යැයි එතුමා කල්පනා කළා විය යුතුය. නිර්වාණය වැනි පාරභෞතික තත්වයන් පිළිබදව කිසිවක් සෙල්ලිපි වල සදහන් නො වන්නේ පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය සමෘද්ධිමත් කිරිම රජ කෙනෙකුගේ යුතුකම සේ ඔහු සැලකුව නිසා විය යුතුය. කෙසේ වුවද ධර්මාශෝක රජතුමා බුදුරදුන් අනුදත් සමාජ දර්ශනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ ප්‍රතම බෞද්ධ අධිරාජයා ලෙස පිළිගැනීමට කිසිදු බාධාවක් නැත. බුදුසමයත් බෞද්ධ ශිෂ්ටාචාරයත් පිළිබද කතා කරන කිසිවෙකුට අශෝක නාමය අමතක කල නොහැකිය.