බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් ද?

පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි
ලෝභ, ද්වේෂ මෝහ කියා කියන්නේ ඔබ නිවනට ගෙනයන ධර්ම නොවේ. ඔබ බඹ ලොවට ගෙනයන ධර්මත් නොවේ. ඔබ සදෙව් ලොවට ගෙනියන ධර්මත් නොවේ. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ නැවත වතාවක් මිනිස් ලෝකයට එන ධර්මත් නොවේ. එහෙමනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ ඔබ සතර අපායට ගෙනයන ධර්මයි
තුන් ලොවක් සනසා වදාළ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මෙ ලොව පහළ වී සසර දුක දුරුවෙන, සංසාරගත සත්ත්වයාගේ සංසාර දුක් ගිනි නිවාලීම පිණිස ඇති ගමන් මග ලෝකයා ට දේශනා කොට වදාළා. ඒ දේශනා කළ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ, අප ලබාගත් මිනිස් ආත්ම භාවය කෙතරම් දුර්ලභ ද කියන බවත්, ඒ සසර ගමන කෙතරම් බියකරු ද කියන කරුණත් ලෝකයට හෙළිකළා. විශේෂයෙන් අනමතග්ග සංයුක්තිය වගේ් දේශනාවල සඳහන් වෙනවා අප කවුරු කවුරුත් ආ ගමන් මඟ පිළිබඳව. “මම ත් නුඹලා ත් අවිද්‍යා නීවරණ වලින් බැඳිලා සංයෝජනයෙන් බැඳීලා මේ සසර බොහෝ කලක් ඇවිද ගියා” යැයි උන්වහන්සේ වදාළා.
එකම අම්මා වෙනුවෙන් හැඬූ කඳුළු මහ සයුරට වැඩි යි. පියා වෙනුවෙන් සහෝදරයා, සහෝදරිය වෙනුවෙන්, බිරිඳ ස්වාමියා වෙනුවෙන් , ඥාති ව්‍යසනයෙන්, බෝග ව්‍යසනයෙන් ඒ ඒ අවස්ථාවල හැඬූ කඳුළු මහ සයුරේ ජලයටත් වැඩි බවයි උන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් යම් ආත්මභාව සත්ත්ව උත්පත්තිවල කුකුළු වෙලා , එළුවෝ වෙලා, ඌරෝ වෙලා හරක්වෙලා මේ වගේ උපන් වාරවල ගෙල කපා දැමූ වෙලාවේ ගැලූ රුධිරය මහ පොළොවේ එක්තැන් වුනා නම් එය මහ සයුර පුරවන්න තරම් ලේ කඳුළු වගුරුවා තිබෙන බව. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඔහුට හිතෙන්න පුළුවන් මේ නම් බොරුවක්. මේ කියන්නේ අතිශෝක්තියක්. මෙතරම් ලේ කදුළු වගුරන්න පුළුවන් දෙයක් ද? එක ආත්මයකදී දෑසින් ගලන කදුළු මොන තරම් ස්වල්පයක් ද? මහ සයුරක් පුරවන්න කොතරම් හඬන්න ඕන ද? මහ සයුරක් පුරවන්න ලේ කොතරම් ඕනෑද? මෙය වෙන්න පුළුවන් දෙයක් ද කියලා. නමුත් තුරුණු වන් අදහන විශ්වාස කරන කෙනෙක් නම් ඒක විශ්වාස කරනවා.
පොත්පත්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ දී නො කළ වරදක් තිබෙනවා. ඒ තමයි බොරු නොකියා සිටීම. ඒ නිසා අප බිය කරන්නට හෝ සනසන්නට හෝ උන්වහන්සේට ඒ සිල්පද කඩ කරන්නට වුවමනාවක් නැහැ. උන්වහන්සේ යමක් දේශනා කළානම් ඒක බුදු නුවණින් විමසල දේශනා කළේ. ඒ වගේම සසර ගමනේ දී සතර අපාය කියන තැනක් ගැන අපට පෙන්වා තිබෙනවා. ඒ සතර අපායේ කෙනෙක් උප්්පත්තිය ලැබුවොත් නැවත වතාවක් මනුස්ස ආත්මයට නො එන තරම්. නො එනවා නොවේ. එනවා නම් එන්නේ මොනවගේ් දුර්ලභ ව ලබන ප්‍රතිලාභයක් ද කියලා උන්වහන්සේ උපමා වලින් පැහැදිලි කර දුන්නා. ඒ තමයි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ් කියලා. එක මේ වගේ දෙයක් නගුලක වියගසක් මහ මුහුදට ගසා ගෙන ආවොත් එහි එක සිදුරයි තිබෙන්නේ. ඊළඟට මහ මුහුද කියන්නේ නිහඬ නිසල තැනක් නොවේ. මහ මුහුදට වැටුන දේ ඒ අතට මේ අතට තල්ලුකරගෙන පාවෙවී යනවා. නිසලව එක තැනක තිබෙන්නේ නැහැ. කැස්බෑව ගේ උඩට මතුවීම අවුරුදු සියයකින්. ඊළඟට ඒ කැස්බෑවට තිබෙන්නේ එකම ඇසයි. අවුරුදු සියය වගේ් උඩට මතුවෙන එක ඇසක් තිබෙන කැස්බෑවගේ පෙනෙන ඇස අර එහාට මෙහාට පාවෙවී යන විය ගසේ සිදුරට ළංවෙලා අහස දකිනවා කියන එකයි. එය නොවන දෙයක් නොවේ. හැබැයි ඒක ඉතාමත්ම අහඹු ලෙස සිදුවන සිදුවීමක්. මෙන්න මේ වගේ මහණෙනි, සතර අපායට ගිය කෙනෙක් මිනිස් ආත්ම භාවයට පැමිණීම එතරම් දුර්ලභ යැයි” දේශනාවේ සඳහන්ව තිබෙන්නේ. ඒ අනුව අපට තේරෙනවා ඔබෙත් මගෙත් මිනිස් ජීවිතයේ වටිනාකම මැන බලන්න පුළුවන් වන්නේ මෙන්න මේ සංසාරික ස්වභාවය පිළිබඳ ව සතර අපාය පිළිබඳ ව හොඳට නිරීක්ෂණය කළ කෙනෙකුටයි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ් ඉතාමත් දුර්ලභ අවස්ථාවක් උදාවෙමිනුයි ඔබටත් මටත් මේ මිනිස් ආත්මය ලැබෙන්නේ. එනිසයි බුදුරජාණන් වහන්සේ දුල්ලභෝ මනුස්සත්ව පටිලාභෝ කියා දේශනා කළේ. අප හැමෝම ඒ දුර්ලභ මිනිස් ආත්මය ලබලා. නමුත් ඒ ලබාගත්ත මිනිස් ආත්මය තුළින් අපට සතුටු විය හැකි ද? අපි මේ ගැන විමසා බලමු. අප කාටද ලැබු මිනිස් ජීවිතය ගැන සතුටුවෙන්න පුළුවන්. උද්දාමයට පත්වෙන්න පුළුවන්. නුවණින් විමසන කොට නම් පෙනෙන්නේ නැවත වතාවක් අප කවුරු කවුරුත් ගෙදර යන්න සූදනමින් ඉන්න බව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර අපාය අපට ගෙදර වගේ් කියලා. එහෙම දේශනා කළේ අපි ගෙදර ඉදල ඉඳහිට එළියට ආවත් පිට තැනකට ගියත් අප ඒ කටයුත්ත අවසන් වෙලා ගෙදර යනවා. අපේ මනස මැවිලා තියෙන්නේ, බරවෙලා තිබෙන්නේ නැවත ගෙදර යන්න. ඒ වගේ අපි සතර අපායෙන් මිදිලා මෙහාට ආවොත් අපේ මනස නැවත වතාවක් හැරිලා තියෙන්නේ සතර අපාය දෙසට. සතර අපායට හැරිලා සතර අපායට බරවෙලයි මේ ජීවිතය ගලාගෙන යන්නේ. ජීවිතය ගැන විමසා නො බැලූ කෙනෙක් මේ දෙයට එකඟ නො වෙන්නටත් පුළුවන්. නමුත් ඔබට පුළුවන් ඔබ තුළින් යමක් සිතන්න. අනුන් තුළින් නොවේ. තමන් තමා දෙස බලලයි හැම දහමක්ම තීරණය කරන්නේ.
ඔබට ඇසට රූප පෙනෙනවා. කනට ශබ්ද ඇසෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. විශේෂයෙන් මේ ආයතන පහට අරමුණු ලැබෙනවා. මේ අරමුණු ලැබෙන වෙලාවේ ඔබ තුළ මොනවද ඉපදෙන්නේ. පහළ වෙන්නේ. ඇසෙන් රූප දැකලා අපි සතුටු වෙනවා හොඳයි කියලා. එහෙම නැත්නම් අසතුටු වෙනවා කැතයි නරක යි කියලා. නාසයෙන් කනෙන්, දිවෙන්, කයෙන් අරමුණු ලැබෙන විටත් එහෙමයි. කැමැත්ත උපදවා ගන්නවා. එහෙම නැත්නම් අකැමැත්ත උපදවා ගන්නවා. කැමැත්ත අකැමැත්ත කියන දෙක යම් තැනකද එතැන තිබෙන්නේ ලෝභය හා ද්වේෂය යි. අරමුණුවල කැමැතිවන බව සතුටුවන බව යම් තැනකද එතැන ලෝභ මූලය තිබෙනවා. අකැමැත්ත තිබෙන තැන ද්වේෂ මූලය යෙදිලා තිබෙනවා. කැමැත්ත අකැමැත්ත සමඟ යෙදෙන ලෝභ ද්වේශය යෙදෙන්නේම අරමුණෙහි ඇති තතු නොදන්නා මෝහය නිසායි.
දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් සිහිනුවණින් නොසිටින හැම මොහොතකම අපට ලෝභ ද්වේශ මෝහ කියන ගතියයි සිත තුළ ඇති වෙන්නේ. ලෝභ, ද්වේෂ මෝහ කියා කියන්නේ ඔබ නිවනට ගෙනයන ධර්ම නොවේ. ඔබ බඹ ලොවට ගෙනයන ධර්මත් නොවේ. ඔබ සදෙව් ලොවට ගෙනියන ධර්මත් නොවේ. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ නැවත වතාවක් මිනිස් ලෝකයට එන ධර්මත් නොවේ. එහෙමනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ ඔබ සතර අපායට ගෙනයන ධර්මයි. අප මේ මනුස්ස ලෝකයට දුර්ලභ ව ආවත් නැවත අපේ මනස චිත්ත දහරාව නැමිලා හැරිලා බරවෙලා ගලන්නේ සතර අපායටයි. හැබැයි මේක නියතයක් නියාමයක් නොවේ. මේ ගමන වෙනස් කරන්න ලෝකයට දුර්ලභ වූ උපතක් සිදුවුණා. ඒ නිසයි බුදු උපත සැපතක් කියලා කියන්නේ. බුදු උපත අපට සැපතක් වන්නේ. මේ ගමන් මඟ න්‍යාය ක්‍රමය ලෝකයට හෙළි පෙහෙළි කරලා දෙන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණයි.

සසර දුක නිවෙන ප්රතිපදාවන්

පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ
අනුශාසක පිටිගල ගුණරතන හිමි
මේ ලබා ගත් මිනිස් ජීවිතය තුළ අප කළ යුතු කරුණු කාරණා විමසන විට අපට ඉතාමත් ම නුවණින් සිතන්න විමසන්න වෙනවා. උන්වහන්සේ ගේ දේශනාව ලෞකික හා ලෝකෝත්තර ප්‍රතිපත්ති දෙකකින් යුක්තයි. ඒ ප්රතිපදාවන් දෙක පිළිබඳ ව ම යම් වැටහීමක් අප ලබන්න ඕන.
බෝධිසත්වයන් වහන්සේ නමක් කල්ප ගණනක් දුක් විඳලා බුදු වන්නේ කුමක් සඳහා ද? ලෝක සත්වයන් සංසාර සාගරයෙන් එතෙර කරවීමේ අදහසින්. ඒ අදහසින් බුදුවන උන්වහන්සේ බුද්ධත්වයට පත්ව කල්පනා කළා, මේ ධර්මය ලෝකයට දේශනා කරලා වැඩක් නැහැ. කාමයෙහි රැඳුන කාමයෙහි වෙලුනු මේ ලෝකයට ධර්මය දේශනා කිරීම තමන් වහන්සේට වෙහෙසක් පමණයි කියලා. ලෝක වාසීන් මුදවන්න බුදු වූ උත්තමයන් වහන්සේ බුදු වූ මොහොතේ දී ම ලෝකයට මේ බණ කියනව ද? නැද්ද? කියන අදහස ඉපදෙනවා. නමුත් බ්‍රහ්මරාජයාගේ ආරාධනාවට පස්සේ නුවණින් විමසා බලා උන්වහන්සේ ලෝකය හඳුනා ගන්නවා. “අල්ප රජස්ස මහා රජස්ස” කියලා දෙ පිරිසක් ලෝකයේ ඉන්නවා. “රජස්ස” කියන්නේ කෙලෙස්වලට. උන්වහන්සේ තේරුම් ගන්නවා “සම රජස්ස” අයට මේ ධර්මය දරන්න බැහැ. ඒක ප්‍රයෝජන නැති වැඩක්. නමුත් අල්ප කෙලෙස් ඇති අයට මේ දහමෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්.
උන්වහන්සේ දකිනවා මඩ ගොඩින් සියුම් කැකුළක් මඩින් උඩින් ඇවිත් දිය මතුපිට ට එනවා. දිය මතුපිට ට ආවාත් හිරුගේ් එළිය වැටුණේ නැත්නම් ඒ මල විකසිත වන්නේ නැහැ. මල විකසිත වන්නනම් හිරුගේ පහස ලැබෙන්න ඕන. ඒ වගේ උන්වහන්සේ දකිනවා මේ මිනිස් සමාජය නමැති මඩ දිය ඉක්මවා ඉහළ ආපු නෙලුම් කැකුලු වගේ් මිනිස් ජීවිත. ධර්ම පහස මේ ජීවිතවලට නො ලැබුණොත් විකසිත වන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා එබඳු අයට ධර්මය දේශනා කරන්න. එතකොට මඩදිය ඉක්මවූ නැති අය ගැන උන්වහන්සේ අනුකම්පාවක් තිබුණේ නැද්ද? ඒ අය ගැනත් විශාල අනුකම්පාවක් තිබුණා. ඒ නිසාම තමයි දේශනාව කොටස් දෙකකට බෙදෙන්නේ. මඩදිය ඉක්මවා උඩට මතුවූ නෙලුම් කැකුලු එවැනි මිනිස් සන්තාන දුටු බුදුරජාණන් වහන්සේ ඒ සඳහා සීල සමාධි ප්‍රඥා ත්රිශික්ෂා මාර්ගය ඔවුන්ට කියා දුන්නා. ඊට සුදුසුකම් සම්පූර්ණ කරපු නැති පිරිසක් ලෝකයේ බහුලකොට ඉන්න බව උන්වහන්සේ දුටුවා. මේ හේතුව නිසා තමයි බුදු සිරිත සෑම හිමිදිරියකම මහ කරුණා සමාපත්තියට සම වදිමින් ලෝකය දෙස බලන්නේ. අද මම කාටද පිහිට වෙන්නේ , කාටද මේ සසර ගමනේ නැවැතුමට ගෙනයන්නේ. සසර දුකෙන් එතෙර කරවන්නේ කවුරුන්ද? කියා. එසේ සුදුසුකමක් නැති පිරිසට සුදුස්සන් බවට පත්කර ගන්නට අර සීල සමාධි ප්රඥාාවට අතිරේකව දාන, සීල, භාවනා නම් සුන්දර වූ ලෞකික ප්‍රතිපදාවක් දේශනා කළා. මා හමුවේ නො වුවත් මගේ අනාගත ශ්‍රාවකයන් හමුවේ කල්‍යාණ මිත්‍රත්වය ලබා මේ සසර සාගරෙන් එතෙර වේවා යි කරුණාව උන්වහන්සේට තිබුණා.
අප සියලු දෙනා සසර කතරෙන් එතෙර කරවන්න බුදු වූ තථාගතයන් වහන්සේට සිදුවුණා සුදුස්සන් හොයන්න. සුදුස්සන් ඈතක හිටියත්, උන්වහන්සේ එතැනට වැඩම කර ඔහුට පිහිට වෙනවා. ඒ සුදුසුකම් සම්පූර්ණ නොකර ගත් අය සිටින බවත් දැක්කා. ඒ අයට කොහොමද පිහිට වෙන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් අප දන්නවා ඔබ යම් කෙනෙකුට රැකියාවක් දෙන්න ඕනෑකම තිබෙනවා. ඒ වගේම රැකියාවක් ලබාදීමේ හැකියාවත් ඔබට තිබෙනවා. නමුත් ඒ අදාල පුද්ගලයාට රැකියාවේ පිහිටුවීමට අවශ්‍ය කරන අවම සුදුසුකම් ටිකවත් නැත්නම් මොකද කරන්නේ? ඔබේ වුවමනාව තිබුණට, හැකියාව තිබුණට ඒ අවශ්‍යතාව ඉෂ්ඨ කර ගන්න බැහැ. ඔහු අවම සුදුසුකම් ටිකවත් සකසා ගෙන නැති නිසා. දැන් බුදුරජාණන් වහන්සේ ට ඕනකමක් තිබෙනවා හැමෝම සංසාර සාගරයෙන් එතෙර කරවන්න. ඒ සඳහා අවශ්‍ය කරන ධර්මයත්, හැකියාවත් තිබෙනවා. හැබැයි ලෝකයේ බොහෝ
දෙනෙකුට අවම සුදුසුකම නැහැ. දුකෙන් මිදෙන්න ඕනෑකමක් නැත්නම් උන්වහන්සේට පිහිට වෙන්න බැහැ. එනිසා ඒ සුදුසුකම නැති අය සුදුස්සන් බවට පත් කර ගන්න සීල සමාධි ප්‍රඥා තුනට අතිරේකව දාන, සීල භාවනා නමින් ත්‍රිවිධ වූ පුන්‍ය වූ ලෞකික ප්‍රතිපදාවක් ලෝකයට දේශනා කළා.
එනිසා අප ලබාගත් මිනිස් ජීවිතය අර්ථවත් කර ගන්න ක්‍රම දෙකක් උන්වහන්සේ දේශනා කළා. වඩ වඩාත් වටිනාකම වැඩි දියුණු කර ගන්න සසර ගමන නිමකර ගන්න ක්‍රමයකුත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපයාගෙන නැත්නම් ඒ සඳහා සුදුසුකම් සපයා ගැනීම සඳහා ලෞකික ප්‍රතිපදාවකුත් අපට කියා දුන්නා.
පෙර කතා කළ ආකාරයට මිනිස් සැප, දෙවි සැප, බඹ සැප නිවන් සැප පිණිස මේ සිත මෙහෙයවන්න පුළුවන් ප්‍රතිපදාව වන වැඩ පිළිවෙල ලෝක වාසීන්ට උන්වහන්සේ දේශනා කළා. දැන් අපට සිද්ධ වෙලා තියෙනවා මේ දේශනා මගට අවතීරණය වෙන්න. මේ දේශනා මාර්ගයට බැස ගන්නවා කියන එක කාටවත් හිතුමනාපෙට කළයුත්තක් හෝ කළ හැක්කක් නොවේ.
අද දවස වන විට අපට බුදුරජාණන් වහන්සේ දුර්ලභ ධර්මය පිළිබඳ මහත් වූ ගැටලු සහගත තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අද වර්තමාන කාලයේ තරම් නුවණින් මේ ගැන හිතන්න, විමසන්න ඕන කාලයක් ලෝකයේ කවදාවත්ම උදාවෙලා නැහැ. ඔබට සිහි කර ගන්න පුළුවන්නම් අපේ බුදුහාමුදුරුවෝ කාලාම දේශයට වැඩම කළා. කාලාමවරු ඇවිත් උන්වහන්සේට ප්‍රකාශ කලා “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, අපේ ගං දනව්වට නොයෙක් ශාස්තෘවරු එනවා. ඒ හැමෝම ඇවිදින් කියනවා මම සර්වඥයි. මම සම්මා සම්බුද්ධයි කියලා. මගේ ධර්මය ස්වාක්ඛාතයයි. සන්දිට්ඨිකයි. අකාලිකයි. මගේ ශ්‍රාවකයෝ තමයි සුපටිපන්නයි. හැබැයි අපට පේනවා මේ සියලුම දෙනා සර්වඥ නොවේ මේ අය ගේ ධර්මය සන්දිට්ඨික අකාලික වෙන්නත් බැහැ. මේ හැමදෙනාගේම ශ්‍රාවකයෝ සුපටිපන්න වෙන්න බැහැ. ඇයි? මේ ඇත්තෝ කියන දේ එකිනෙකට වෙනස්. එකිනෙකට ගැළපෙන්න බැහැ. ප්රතිවිරෝධතා තිබෙනවා.
එහෙම තියෙද්දී මේ හැමෝම කියනවා මම බුදුවෙලා. මගේ ධර්මය ස්වාක්ඛාතයි. මගේ ශ්‍රාවකයෝ සුපටිපන්නයි කියා. මේ හැමෝම කියන දේ අපි කොහොමද පිළිගන්නේ කියා ඇසුවා. තථාගතයන් වහන්සේ වදාළා කාලාමවරුනි, සැක කළයුතු තැනමයි ඔබට සැක පහළ වුණේ කියලා කාලාමවරුන්ගේ සැකය උන්වහන්සේ සාධාරණය කළා.
දැන් බලන්න, වර්තමාන ලෝකය කාලාම දේශය බවට පත්වෙලා. අද අපට අන්‍ය ශාසන වලින් බුදුදහම වෙන්කර ගන්න අමාරු නැහැ. හැබැයි දහම තුළ දහමේ නාමයෙන් පවතින දේ තුළින් සද්ධර්මය වෙන්කර ගන්නා එක නම් එතරම් ලෙහෙසි නැහැ.
ඒ නිසා අප සැමදෙනාම තථාගතයන් වහන්සේ වදාළ මේ සද්ධර්මය හොඳින් අසා දැනගෙන නුවණින් විමසා ඒ කරුණු අපේ ජීවිතයට ද ගලපා ගන්නට මහන්සි වෙන්නඕන. එවිට අපටත් පුලුවන් වේවි ඒ සද්ධර්මය තුළට පිවිසෙන්න. ඒ අමා මහා නිවන් සුව සුවසේ අත් විඳින්න.
සාකච්ඡා කළේ
නයනා නිල්මිණි
Source www.lakehouse.lk