Practice The Buddha’s Path Way & May Try To Achieve Nibbana Before The Buddhism Disappears.
This place is situated in Sabaragamuwa, Sri Lanka, its geographical coordinates are 7° 11' 0" North, 80° 29' 0" East and its original name (with diacritics) is Kuragala.
බුදුගල සිරි පතුල් සලකුණ මගින් හෙළිවන කූරගල පුරාවෘත්තය:
කූරගල නොහොත් කුහරෙගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශනයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මේ ස්ථානයට ජනී ජනයා ඇලුම් කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්කොට ජනපද ව්‍යාපාරය ලෙසට හැඳින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව්ද පිළිවෙළකට එලා ඇති ලියෑදු සහ වන රොදවල් දකින්නෙකු ඉන් වශී වෙයි.
දහනව වන ශත වර්ෂය ආරම්භයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුණේ වනගත ගම්මාන කීපයක් පමණකි. කූරගල අසලම පිහිටියේ තන්ජමයි. දුරාතීතයේදී භික්ෂූන් වහන්සේලාගේ තපෝවනයක් ව පැවැති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.
මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යෑපුණු දුප්පත් ගොවි පවුල් කීපයක් සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුළු පිරිසක්ද විය. මොවුහු අස්වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්‍යය සඳහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුළ විශ්වාසයක් පවතී. කල්තොට මැද බැද්ද බදුගල වැලිපොතයාය ආදී ගම්මානවලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන් දැක බලාගෙන කුරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්ව පැවැති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක් නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවැති විශ්වාසය නිසාවෙනි.
මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිදු වී මේ වන්දනා නඩ හිටුවන්ගල හා කූරගල තරණය කරති. ප්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්ෂ්මන් විසින් රහතුන් වහන්සේලාට පූජා කරන ලද කටාරම් කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහන්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්‍යයට ලක ලෑස්ති වෙති.
කූරගල පර්වතයට තාණ්ඩුෙල්යය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස් ඉසිවරුන් බවුන් වැඩූ තපස් පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශොණ ගල් ගේට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියෝ පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමඟ වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශ්‍රී පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිමා කොට ආපසු ගම් රටවල් බලා පිටත්ව ගියහ.
දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉදිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. වෙළෙඳ ව්‍යාපාර බලය මුස්ලිම්වරු අත්පත් කර ගෙන සිටියහ. දුම්කොළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයන් ලබා ගත් බව සඳහන්ය. මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලව්වේය. ඒ ඉංග්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි.
නිතර නිතර රත්නපුර කච්ෙච්රියට යාම්ඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසු දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය.
මරික්කාර් නම් මුස්ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය.
මුස්ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙ¹ම හා දඩමස් වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්වා අලි කොටි වලස් ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්තම් නම් මුස්ලිම් භක්තිකයෙක් කූරගලට ගොස් හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස් විකුණමින් සිටියේය.
නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.
මේ පිළිබඳ එම්. ජී. බ්රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.
කල්තොට ආරච්චි නමටයි... අලි මස්තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.
දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්ථානය වැදගත් මුස්ලිම් සිද්ධස්ථානයක් ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්ලිම් පල්ලියක් මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දµaතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්ලිම් දේවස්ථානයක් බවට පත්වී ඇත්තේ එකොලොස්වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්ෂර මෙම ස්ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්රකාශනයේ සඳහන් වේ.
හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්කර 33 පර්චස් 23 ක් වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්තු 11 දින පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලදී. ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් බ්රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්ථානය රහතුන් වහන්සේලා වැඩ සිටි තපෝ භූමියක් වශයෙන් හඳුනාගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද, පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල යන නායක හිමිවරුන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස්තුමා මෙම නිගමනයන් ස්ථිර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයන් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි.
කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය නමින් ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබිණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැවව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල දෙසටත් පාරක් තිබූ බව පැරන්නෝ කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉදිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත. මේ සියලු සිද්ධස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝට්ටේ යුගයේදී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණු ආකාරය අධ්‍යයනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේදී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.
මෙම ආරාම සංකීර්ණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේදී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබඳව සඳහන් වන නමුත් ජන ප්රවාදයන්ට අනුව මහියංගණයට පැමිණීමට ද ප්‍රථම බුදුන් වහන්සේ මුහුදු යාත්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප්‍රථම ශ්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත්‍රිකයන්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.
කූරගල ද රාක්ෂ ගෝත්‍රිකයන්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යැමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක්ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්රිත ජන ප්‍රවාද ජන කවිවල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහන්සේ වැඩිය ගමනේදී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ.
අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සලකුණු කීපයක් ඇත. ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් එහි එක රූපයක් ගුවන් යානාවක හැඩයක් ගනී. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිස් දෙකෙන් කියෑවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගෝත්‍රිකයන්ගේ ගෝරා පසලම නම් සංකේතයයි. පළමු සලකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වූවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.
තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයන්ගේ යකුළු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස් කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක් කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.
මතුගම සෙනෙවිරුවන්
උපුටාගැනීම: www.divaina.com

Kuragala Buddhist Monastery

Proceeding 21 kilometers from Balangoda, along Kalthota road Thanjantenna can be found. Next 1.5 kilometers further to wards the south starting infront of the Thanjantenna school is the kuragala rock. Kuragala rock which is situated 1000 feet above sea level is a scenic beauty consisting with several steep rock fortresses. These rock fortresses are very elegant, environmentally & historically important places within Rathnapura district which can be explored & toured.
A plane surface can be found After waiting for about an hour at the kuragala rock bed & surpassing a path consisting with rocky steps. A nother rock, called Navgala is situated about 300 feet above this plane area. (Navgala is now called Kapparamale) The total land area consisting with these rocky outcrops is called “Kuragala.”
The history bound to kuragala is much complex & important phenomena far beyond what the naked eye can grab. The history actually runs towards the period of king “Ravana”. King Ravana was said to possess seven kingdoms built upon rocks and Kuragala was said to be one of them being famed as “Indragiri Kingdom” According to the “Ramayana” of waalmikee Ravana had Kidnapped Princess “Seetha” from India and Rama along with Laxman Hanumanth and the rest had come here to find her “Wibheeshana” brother of Ravana who condemned the ruling strategy of the latter was said to help Rama to successfully fight and win back Seetha Kuragala (Indragiri Kingdom) was said to be complimented to wibheeshana by Rama to appreciate his help during the context.
Another historic note is that king “Walagambha” famous for rock cave related war organizing strategy; had operated similarly, hiding at Kuragala.

More About Kuragala

How ever, it is quite clear that “Kuragala” is having a long history related to it. hence. It has been declared as an archeological reserve. Infact, the name “Kuragala” was dubbed to this rock due to the tunneled cave with holes. There is an opening to this dark rock cave and thus the place was initially called “Kuragala” which means tunneled rock. Which is believed to ultimately become Kuragala. Within the premises, a ruined stupa i.e.a. pagoda with about 10 feet high and made of bricks and some more ruined historical remains within a rock can be seen.
There are about 30-40 natural rock caves within the premises, some of them were Kataramed th ere is a naga lacuna little below the large cave in surface of the Navgala. About 2000-3000 people can stay with unhindrance in this enormous cave and a large Kalugal Uluwassa was said to be closeby though it is not identifiable now. considering all these, it can be concluded that this was an ancient rich Buddhist religious place where. Rahathan wahanse were said to be occupied.
The Environmental Value bound to Kuragala too, is remarkable as same as its historical value and the scenary beyond the pack of the rock is fabulous. Infact, Kalthota, Welipotha yaya and Meddebedda to the south of the rock peak and far away places like Hmabegamuwa, north part of the Udawalawe National Park and the Udawalawe reservoir were eye catching. “Budugala stupa” situated close to welipothayaya and can be seen as a bubble of milk through he mammoth tree tops, only, would heel the mind of an observer from the top of the rock. There was an ancient connection between Budugala and Kuragala. During the period of the Kaltota kingdom people had escaped by fleeing through a secret forest passage from Budugala to Kuragala. Some believe that there was a secret umaga from Budugala to Kuragala. Though there is a Buddhist background with kuragala its current authority is with the Muslims. Infact, they refer to this place as “Dafter Jailany”. They justify this by claiming that a paster named Dafter Abdul Jailany had lived there. Muslim believe him as a grandson of the Allah. The tunnel cave at Kuragala is the place where Allah had gone to the heaven. Due to the flag hoisting ceremony of the church on the 03rd of July and the concluding ceremony on 04th and 05th of August Muslims are gathering here by thousands annually. annually About 10,000 to 15,000 muslims, infact gather here from every parts of the country to the August feast. As said before, the biological and ecological value of the place in high as same as the historical value. Kuragala is nourished during the rainy season b/clear water streams and green flora but become a dry rough earth and a terribly unheralded vegetation during the dry season. There are heart breaking environment of them. Kuragala kanda was a fine venue for wild animals, yesteryear not only wild Buffalow. Deer, Samber but also wild elephant were lived here. Ar present, these animals are scarely seen here Hog Deer, Here and porcupine etc. only can be seen sufficiently. Burutha, Kone, Davilolu, Kohomba, Thelembu and kara are among the abundant trees within the mountain territory. A rich growth of lluk bushes are frequent within cleared forest surfaces.
“Indragiri Kingdom” of Ravana or Kuragala is an important place rich in historical and environmental value. This place can be highlighted as an area much suited for the enthusiastic explorers of environment, wild life and our historical inheritance.