සමන්තපාසාදිකා විනයට්ඨකථාව
විනය පිටකය සඳහා කරන ලඳ අටුවාව සමන්තපාසාදිකාව නම් වේ. සිරිනිවාස නම් රජුගේ විසිවෙනි රාජ්‍ය වර්ෂයේදී බුද්ධසිරි නම් තෙරැන් වහනසේගේ ආරාධනයෙන් මේ කෘතිය රචනා කර ඇත. මෙහි නිදාන කථාවේ බුද්ධ ශාසනයේ සංක්ෂිප්ත ඉතිහාසය සඳහන් සඳහන් වේ. ධර්ම සංගායනා තුන සිදු වූ ආකාරය, ලක්දිවට බුදු දහම ගෙනා සැටි අනුරාධපුර මහා විහාරය පිහිට වූ සැටි, ලාංකික භික්ෂු සංඛ්‍යාව අධික වීම සමඟ මිහිඳු හිමියන් ලාංකීය භික්ෂූන් හා ධර්ම සංගායනයක් පැවැත්වීම ආදී තොරතුරු එහි සඳහන්ය.
සුමංගලවිලාසිනී අට්ඨකථාව
මෙය දීඝ නිකායට කරන ලඳ අට්ඨකථාවයි. සුමංගල පිරිවෙනේ වාසය කළ දාඨානාග මහ තෙරුන්ගේ ආධනාවෙන් කරන ලදි. "සුමංගල පිරිවෙනේ නම මුල්කොට "සුමංගලවිලාසිනී" යැයි නම තැබුවා සේ පෙනේ".
පපඤ්චසූදනී අට්ඨකථාව
මජ්ඣිම නිකායට කරණ ලඳ අටුවාව පපඤ්චසූදනී යයි. මෙම කෘතිය ලිවීමට ආරධනා කරන්නේ බුද්ධඝෝෂ හිමියන් දඹදිව වැඩ වසන සමයේ මයුර රූප පටුනෙහි එක්තැනක විසූ බුද්ධමිත්ත නම් තෙරුන් වන්හසේය.
සාරත්ථප්පකාසිනී අට්ඨකථාව
සංයුත්ත නිකායට ලියන ලඳ අටුවාව සාරත්ථප්පකාසිනිය වන අතර ජොතිපාල නම් තෙරුන්ගේ ආරාධනාවෙන් මෙය ලියාඇත. මෙහි බණවර හැත්තෑ අටක් ඇත. මෙහි තෙරුන් වහන්සේලාගේ චරිත කථා සහ කොසොල් රජු අල්ලස් ගත් සැටි මෙහි අවසානයේ සඳහන් වේ.
මනෝරථපූරනී අට්ඨකථාවඅංගුත්තර නිකායට ලියන ලඳ අටුවාවට ජෝතිපාල හිමියන්ගේ සහ ජීවක උපාසකයාගේ ආරාධනය ලැබී ඇත. මෙහි බණවර 84 කි.
පරමත්ථජෝතිකා අට්ඨකථාව
මෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා අටුවා ග්රන්ථයකි. මෙය ඛුද්දක නිකායට අයත් ඛුද්දකපාඨ ග්රන්ථයට සම්පාදනය කර ඇත. ඇතැම් පිරිස් මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි.
ධම්මපදට්ඨකථාව
ධම්මපදයට ලියන ලඳ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. මෙහි අඩංඟු ගාථා 423 ට කථා වස්තු දෙසිය අනූනවයක් රචනා කොට ඇත. ධම්මපදය බෞද්ධයනගේ හස්තසාර ග්‍රන්ථයයි.
ජාතකට්ඨකථා
වබුද්ධමිත්ත තෙරුන් විසින් සහ මහිංසාසක නිකායෙහි බුද්ධදේව තෙරුන්ගේ ආධනාවෙන් මෙම කෘතිය ලියා ඇත. පන්සිය පනස් ජතකකථා හා එහි ගාථාවන් ඇතුලත් කරමින් ලියන ලඳ මෙය විශාම අටුවා ග්‍රන්ථයයි.
කංකාවිතරණී අට්ඨකථාව
ප්රාතිමෝක්ෂය හෙවත් භික්ෂූන් වහන්සේලා සඳහා පණවා ඇති විනය ශික්ෂාපද විග්රහ කරමින් ලියන ලඳ කෘතිය කංකාවිතරණී අට්ඨකථාවය. මෙය සෝණ නැමති තෙර කෙනෙකුගේ ආරාධනාවෙන් ලියා ඇත.
අත්ථසාලිනී අට්ඨකථාව
ධම්මසංගනී ප්‍රකරණයට ලයන ලඳ අටුවාව අත්ථසාලිනියයි. මහාචාර්ය බාපන් මහතා මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි. මෙය බණවර විසිතුනකින් සමන්විතය.
සම්මෝහවිනෝදනී අට්ඨකථාව
විභංගප්රකරණය සඳහා ලියන ලඳ අටුවාව සම්මොහවිනෝදනියයි මෙහි බණවර හතළස් එකක් ඇත.
පඤ්චප්රකරන අට්ඨකථා
කථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, යමක, හා පට්ඨාන යන ප්‍රකරන ග්රන්ථ පහටම ලියන ලඳ අටුවාව ඤ්චප්රකර අට්ඨකථාවය. මෙලෙස අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ඉහත දැක්වූ අටුවා පරිවර්තනය කරමින තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් "අයං පන මෙ අත්තනොමති" යනුවෙන් යොදා තමඅදහස ප්‍රකාශ කර ඇත.බුද්ධඝෝෂ හිමියන් අටුවා කරණයේදී ලක්දිව තමා වැඩි ස්ථාන රාජ්‍ය පාලනය පිළිබඳව දඅඳහස් ඇතුලත්කර ඇත. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ තමා ලබා සිටි ත්‍රිවේද දැණුම, ත්‍රිපිටක දැණුම උපයෝගී කරගෙන ත්‍රිපිටකයෙන් අඬකටත් වැඩිය අටුවා රචනා කර ඇත. බුද්ධඝෝෂ හිමියන් සියලු පඬිවරුන් අගය කරන ශ්‍රේෂ්ඨ පඬිවරයා බවට පත් වූයේ මේ නිසාය.