සාසනයේ හිස් පුරුශයන් ගැන – අලගද්දූපම සුත්‍රය, මජ්ජිම නිකාය - මේ සාසනයේ ඇතැම් හිස් පුරුෂයෝ ධර්මය ඉගෙනගන්නාහුය.ඔවුන් ඒ ධර්ම ඉගෙන ඒ ධර්මය නුවණින් නොබලන්නාහුය.නුවණින් අර්ථය සලකා නොබලන්නාවු ඔවුනට එය හොදින් නොවැටහේ. ඔවුන් අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපණයෙන් නිදහස් කර ගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති.
Your browser does not support viewing this document. Click here to download the document.
සාවත්ථිනිදානං, අංගුත්තර නිකාය(01), දුක නිපාතො යම් සමයෙක් හි පවිටු භික්ෂුහූ බලවත් වෙත් ද, එසමයෙහි පේශල භික්ෂුහූ දුර්වල වෙත්. මේ කරුණ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේ.
මහනෙණි, මම ගිහියාගේ වේව යි පැවිද්දාගේ වේව යි දෙදෙනාගේ වරදවා පිළිපැදුම වර්ණනා නො කරමි. වරදවා පිළිපැදුම් හේතුයෙන් විදර්ශනා සහිත මාර්ගය පුරන්නට නො හැකි වෙයි.
මහණෙනි, යම් මහණ කෙනෙක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ (ශබ්දවින්තායෙන් වරදවා ගන්නට නිසි) සූත්‍රාන්තයෙන් අටුවා ද පෙළ ද පිළිබහන්නාහු ද, මහණෙනි ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නො සුව පිණිස, බොහෝ දෙනාට අනත්ත පිණිස දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස ද පිළිපන්නාහු ය. මහණෙනි ඒ භික්ෂූහු බොහෝ අකුසල් ද රැස් කෙරෙත්. ඔහු ම මේ සස්න ද අතුරුදන් කෙරෙත්