සම්‍යක් සමිබුදුවරයානන්වහන්සේලාගේ පරිනිර්වාණය, කෙලෙස් පරිණිර්වාණය, ස්කන්ධ පරිණිර්වාණය, ධාතු පරිණිර්වාණය වශයෙන් ත්‍රිවිධ වෙයි. එයින් ක්ලෙශ පරිනිර්වාණය බොධිමූලයෙහි වැඩහිඳ මාර බලය බිදහැර අලුයමැ ලොවුතුරා බුදු වූ ක්ෂ්ණයෙහි ම සිද්ධ වි ය. ස්කන්ධ පරිනිර්වායණය වෙසග මස මැදි පොහෝ දවස් කුසිනාරානුවර මල්ලරජුන්ගේ උපවත්තන නම් සල් වනයේ දී විය. ධාතුපරිනිර්වාණය අනාගතයේ බොධිමූලයෙහි දී ම වෙයි.
බුදු සසුන අතුරුදහන් වන ආකාරය සද්ධම්ම පතිරූපක සූත්‍රය මගින්
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
"මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති. මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.
යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන්, පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්
ලෝකයේ පහලනොවන්නේ ද, ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.
ලෝකයේ යම් තැනෙක ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද
අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි.
යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපක හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද, ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ. යම් තැනෙක සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද? එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව
බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.
මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව
අතුරුදහන් වෙයි."
සද්ධම්ම පතිරූපක සූත්‍රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්‍රයයි.
බුදු සසුන අතුරුදහන් වන ආකාරය සද්ධම්ම පතිරූපක සූත්‍රය මගින්
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
"මේ ශාසනයෙහි හිස් පුද්ගලයෝ උපදිති. මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව අතුරුදහන් වෙයි.
යම් කලෙක ජාතරූප ප්රතිරූපකයන්, පෙනුමෙන් දර්ශනයෙන් රත්රන් වැන්නක්
ලෝකයේ පහලනොවන්නේ ද, ඒ තාක් කල් රත්රන් අතුරුදහන් වීම සිදුනොවේ.
ලෝකයේ යම් තැනෙක ජාත රූප පතිරූපකයා (සරුව පිත්තල) ජනිත වන්නේ ද
අනතුරුව ජාතරූපයා (රත්රන්) අතුරු දහන්වීම සිදුවෙයි.
යම්තාක් කල් වේ ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපක හෙවත් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) නූපදීද, ඒ තාක් කල් සද්ධර්මයාගේ අතුරුදහන් වීමක් සිදුනොවේ. යම් තැනෙක සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැනි ඉගැන්වීම්) උපදීද? එවැනි අවස්ථාවලදී සද්ධර්මයාගේ අතුරුදන්වීම සිදුවන බව
බුදුන් වහන්සේ මෙම දේශනාව මගින් පෙන්වාදී ඇත.
මේ ශාසනයෙහිම උපදින හිස් පුද්ගලයන් මගින් සද්ධර්මය විනාශයට පත්ව
අතුරුදහන් වෙයි."
සද්ධම්ම පතිරූපක සූත්‍රය සංයුක්ත නිකායේ කස්සප සංයුත්තයේ දහතුන්වැනි සූත්‍රයයි.
Your browser does not support viewing this document. Click here to download the document.
මේ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පැවැති කල සත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුරජානන්වහන්සේ ජිවමාන කල කලාවු අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින් ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් ව එතැනින් නික්ම නාග දිවයින රාජායතන නම් චෛත්‍යට රැස් වෙමින් කලක් පැවත,
මෙසේ බුදුරජුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතන චෛත්‍යයෙන් නික්ම අපරාජිත ස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්‍රී මහා බෝධින්වහන්සේට පිට ලා පූර්වදිශාභිමුඛ ව වජ්රාසනාරූඩ ව බුදු රජුන් බුදු වන්ට වැඩ උන් දවසේ මෙන් දිව්‍ය බ්‍රරහ්ම නාග විමාන ආදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු දන්තධාතු ග්‍රීරීහ්වාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධ ශරීර මවාගෙණ බෝමැඩ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි ධාතුශරීරයෙන් සවණක් ඝන බුද්ධ රශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ දුටුවාවූ දිව්‍ය, බ්‍රර්හ්ම, නාග, යක්ෂ ආදීන් “අප බුදුන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය අද දවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේවත් මෙයින් මතු දර්ශකනයෙක් දුර්ලභ ය.
එසේ හෙයින් මේ අන්තිම දර්ශනයෙහි අපගේ ශක්ති පමණින් පූජා කොට මේ පශ්චිම දර්ශදනය දැක ගමුය” යි උනුන් හට කිය කියා පඤ්ච සුද්ධවාසයන් හැර දහසක් සක්වළ දිව්‍ය බ්‍රරහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්ප පහන් සුවද දුමි, නෘත්‍යය ගීත, වාද්යාදීන් අප්‍රමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදුරජුන් පුදන්ට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ චිත්ත ප්‍රසාද භාවය අධික වන ලෙස ප්රාතිහාර්යය දක්වා, පලක් බැඳ වැඩසිටිනා සේක. මෙසේ පලක් බැද වැඩහුන් ධාතු ශරීරයෙන් මහා තේජෝ ස්කන්ධයක් හටගෙන එය බ්‍රහ්ම ලොකය දක්වා පැන නැඟී මහත් අද්භූත ප්‍රභා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්‍ය කොට ධාතුස්කන්ධයෙන් මඳකුත් ශේෂ නො කොට කපුරැ දැවිගියාක් මෙන් ශාන්ත වූ කල්හි, ඒ හැම ප්රාතිහාර්යය දුටු පංච සුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්‍ය, බ්‍රහ්මාදීහු දුකට පැමිණ “අහො ! බුද්ධෝ; අහො! බුද්ධෝ” යනාදී ලෙස අපමණ වැලපිමෙන් යුක්තව “කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධ ආලොකය භවාන්ධකාරයෙන් වැසි යන ලදි. යැයි තෙවරක් පැදකුණුකොට වැද තමතමන්ගේ තැන් වලටම යති. මෙය ධාතු අන්තරධානය නමිවෙ.
මෙසේ බුදුරජුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතන චෛත්‍යයෙන් නික්ම අපරාජිත ස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්‍රී මහා බෝධින්වහන්සේට පිට ලා පූර්වදිශාභිමුඛ ව වජ්රාසනාරූඩ ව බුදු රජුන් බුදු වන්ට වැඩ උන් දවසේ මෙන් දිව්‍ය බ්‍රරහ්ම නාග විමාන ආදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු දන්තධාතු ග්‍රීරීහ්වාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධ ශරීර මවාගෙණ බෝමැඩ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි ධාතුශරීරයෙන් සවණක් ඝන බුද්ධ රශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ දුටුවාවූ දිව්‍ය, බ්‍රර්හ්ම, නාග, යක්ෂ ආදීන් “අප බුදුන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය අද දවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේවත් මෙයින් මතු දර්ශකනයෙක් දුර්ලභ ය.
එසේ හෙයින් මේ අන්තිම දර්ශනයෙහි අපගේ ශක්ති පමණින් පූජා කොට මේ පශ්චිම දර්ශදනය දැක ගමුය” යි උනුන් හට කිය කියා පඤ්ච සුද්ධවාසයන් හැර දහසක් සක්වළ දිව්‍ය බ්‍රරහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්ප පහන් සුවද දුමි, නෘත්‍යය ගීත, වාද්යාදීන් අප්‍රමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදුරජුන් පුදන්ට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ චිත්ත ප්‍රසාද භාවය අධික වන ලෙස ප්රාතිහාර්යය දක්වා, පලක් බැඳ වැඩසිටිනා සේක. මෙසේ පලක් බැද වැඩහුන් ධාතු ශරීරයෙන් මහා තේජෝ ස්කන්ධයක් හටගෙන එය බ්‍රහ්ම ලොකය දක්වා පැන නැඟී මහත් අද්භූත ප්‍රභා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්‍ය කොට ධාතුස්කන්ධයෙන් මඳකුත් ශේෂ නො කොට කපුරැ දැවිගියාක් මෙන් ශාන්ත වූ කල්හි, ඒ හැම ප්රාතිහාර්යය දුටු පංච සුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්‍ය, බ්‍රහ්මාදීහු දුකට පැමිණ “අහො ! බුද්ධෝ; අහො! බුද්ධෝ” යනාදී ලෙස අපමණ වැලපිමෙන් යුක්තව “කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධ ආලොකය භවාන්ධකාරයෙන් වැසි යන ලදි. යැයි තෙවරක් පැදකුණුකොට වැද තමතමන්ගේ තැන් වලටම යති. මෙය ධාතු අන්තරධානය නමිවෙ.
පුරාවෘතය සහ දළදා වහන්සේ පිළිබඳව විග්ග්රහයක්
ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකෙන අති පූජණීය ශ්‍රී දළදා වහන්සේ අවස්ථා කිහිපයක දීම අසිරිමත් සේ පෙළහර පෑ අයුරු දාඨා වංශය තුළින් හා අවශේෂ මූලාශ්රයන්ගෙන් අනාවරණය වේ.
මිසදුටු පඬිරජු දළදා සමිඳුට සිදුකළ කුරිරුකම හමුවේ පෑ පෙළහර බොදුනු සිත් පහන් කරවයි. බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.
එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බදු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.
එයිනුදු නොනැවතුණු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගටුන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලුණු දළදා වහන්සේ ගෙන කැමති වස්තුවක් ගන්නැයි රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය
එකල්හි අනේපිඬු සිටුගේ මී මුණුබුරෙකු වූ සුභද්‍ර නම් එක් සිටු පුත්‍රයෙක් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කොට සත්‍ය ක්‍රියා කළෙන් දළදා වහන්සේ අහස් කුසව පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත් කළ සේක. එය දුටු නිගණ්ඨයන් විසින් මෙය වනාහි සිටු පුත්‍රයා විසින් මන්ත්‍ර බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදී.
මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාත්රයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් ප්‍රසාදයට පත්කළ සේක.
එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වළක් කපවා දළදාව එහි දමවා පස් පුරවා ඇතුන්ලවා පාගවන ලදී. එකෙණෙහි මහ පොළොව පළාගෙන පැන නැගුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලු දිසාවන් බුදුරසින් බබළවාලූහ. නිගණ්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ. එහෙයින් සිව්වෙනුව මළ මුත්රාදියෙන් අපවිත්‍ර දිය අගලකට දළදා වහන්සේ දැමූහ. එවිට ඒ විල පස් පියුමින් සුසැදි, රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහරව පිවිතුරුව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්යය මාර්ගයෙහි යොමු කළහ.
මෙහිදී බුදු ගුණ හා දළදා අසිරිය අසා මහත් ප්‍රසාදයට පත් පඩි රජතුමා දිය අගලෙහි වැඩ සිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුනුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජ ගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරියුම් කළේය.
එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩම වමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක.
මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලු කුරිරු කම් වලට ක්ෂමාව ඇයද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිළෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.
ලක්දිව පළමු දළදා පෙළහර
ලක්දිවට වැඩම වූ දළදා වහන්සේ දුටු කිත්සිරිමෙවන් රජු තුළ පැහැය පිළිබඳව කුකුසක් ඇතිවිය. එකෙණෙහි දළදා වහන්සේ රාජ හංසියක මෙන් අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට නිලඹර සරසමින් සවණක් රසින් පෙළහර පා වදාරා සියලු ජනයා පැහැද වූ සේක.
ලක්දිව දෙවන දළදා පෙළහර
එවිට මහ රජතුමා සුදු ඇතිරියක් සිංහාසනය මත එලා ඒ මතට දළදා වහන්සේ වැඩමවා සමන් මල් රැසකින් වැසීය.
එකෙණෙහි දළදා වහන්සේ මල් ගොඩ මුදුනට පැන නැගී මල් කෙමියෙහි වැඩහිඳ දනන් සිත් සනසා සුදු මුදු බුදු රැස් විහිදුවා වදාළ සේක.
ලක්දිව තෙවන දළදා පෙළහර
තවදුරටත් විමසා බලනුයේ සිංහාසනය මත දුහුල් සුදු වස්ත්‍රයක් එළා දළදා වහන්සේ ඒ මත වඩා හිඳුවා තවත් සුසිනිඳු සළු සියයකින් පමණ වැසීය. දළදා වහන්සේ ඉන් මතුවී උඩට පැන නැගී සියලු දිසාවන් සුදු බුදු රැසින් බැබළවූ සේක. එකල මහ පොළොව කම්පා විය. මහ සයුර නිසල විය. අහස් ගැබෙහි වැසි වැසිණ. මෙම ආශ්චර්යන් දැක පැහැදුණු රජතුමා නොයෙක් ආකාරයෙන් දළදා වහන්සේ පිදීය.
දඹදෙණියේදී පෑ දළදා පෙළහර
දඹදෙණියෙහි දෙවැනි පරාක්‍රමබාහු රජු සතුරන් පැරදවීම සඳහා යුදයට සූදානම්ව කළ සත්‍ය ක්‍රියාවේදී රජුගේ හස්තය නැමති පද්මයෙන් අහසට පැන නැඟුණු දළදා වහන්සේ බුදු රුවක් මවා සවණක් ගණ බුදු රැස් විහිදුවා සියලු පුරය බබළවා භික්ෂූන් වහන්සේ හා මහජනයා විසින් කරන ලද සාධුකාර මධ්‍යයේ පෙළහර පා රජු සතුටට පත් කොට ධාතුන් වහන්සේ අහසින් බැස යළි රජතුමාගේ හස්තයෙහි පිහිටි සේක.
එම විස්මිත පෙළහර දුටු රජතුමා, රජ ඔටුනු ඇතුළු සිව්සැට බරණින් දළදාව පුදා මිණි කරඬුවෙහි පිහිටුවා ඒ කරඬුව රන් කරඬුවෙක බහා ඒ කරඬුව ද මාහැඟි කරඬුවෙක තැන්පත් කළේය. මෙසේ කරඬු තුනක තැන්පත් කර නැවත දළදා වහන්සේ ස්වකීය ධාතු මන්දිරයෙහිම තැන්පත් කළේය.
මෙම අද්භූත දළදා ප්රාතිහාර්යය මහාවංසයෙන් පමණක් නොව පූජාවලිය හා දළදා පූජාවලිය වැනි මූලාශ්රයන්ගෙන් ද සනාථ වේ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ යටකී අවස්ථාවන් හී පමණක් නොව වර්තමානය දක්වා පෑ පෙළහර පිළිබඳව සැදැහැව දනවන කතා පුවත් රාශියක් දක්නා ලැබේ.
බුද්ධ ගෞරවය හා ශ්‍රද්ධාව දනවන සුළු එම කතා පුවත් ලිඛිතව මෙන්ම, ජනප්‍රවාද වශයෙන් ද පවතී. අදත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත ජනී ජනයාගෙන් සනාථ වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ අති පූජනීය ගුණ මහිමයයි.
ශ්‍රී දළදා පුරාණය
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ලක්දිවට වැඩම කරනු ලැබු ශාරීරික ධාතුන් අතරින් බුදුරදුන්ගේ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද, ශාරීරික ධාතුන් වහන්සේ නමක් ලෙසින් බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේ බෞද්ධ සංකේතයක් ලෙසින් පමණක් නොව රාජත්වයේ සංකේතයක් ලෙසින් ද ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ දිගු කලක් මුළුල්ලේ වැජඹිණි.
බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ ලෙසින් සැලකෙන ශ්‍රී දළදාව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යයක් ලෙසින් පුරාතන අවධියේ සිටම සැලකිණි. දළදාව හා සම්බන්ධ පූජාවන් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ද කලින් කලට ශ්‍රී ලාංකේය බොදුජන ජීවන පැවැත්ම හා නිරන්තරයෙන් ඒකාබද්ධ වෙමින් පෝෂණය විය.
නිසි කලට වැසි ලැබ රට සශ්රීකවීම ද කාල විපත්වලින් තොර සෞභාග්‍ය ලැබීමේ බල මහිමයක් ද ශ්‍රී දළදාව කෙරෙහි නිසි පුද පූජා සත්කාර දැක්වීම තුළින් ලැබෙන බව ලක්වැස්සෝ අතීතයේ සිටම විශ්වාස කළහ.
එමෙන්ම පාලකයාගේ දැහැමි බවේ මෙන්ම පාලනයට ඇති උරුමයේ සංකේතයක් ලෙසින් දළදා වහන්සේ සැලකීමේ සම්ප්රදාය ද ක්‍රියාකාරිත්වය හා දායකත්වය මෙන්ම අභිචාර විධි ඔස්සේ අතීතයේ සිටම ලක්වැසියාගේ සිත් සතන්හි බැඳී පවතී
සතර දළදා වහන්සේ
බුදුරදුන්ගේ අදාහනයෙන් පසු එක්තැන් වූ ධාතුන් වහන්සේලා අතුරින් නොවිසුරුණු සත් ධාතු ගණයට අයත් සතර දළදා වහන්සේ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ජිනකාලමාලීයෙහි හා පාලි ධාතුවංසයෙහි දක්වා ඇත
ජිනකාලමාලීයෙහි සඳහන් වන පරිදි එක් දළදාවක් තව්තිසා දිව්‍ය ලෝකයේ ද, එකක් නාග ලෝකයේ ද, තවත් එකක් ගාන්ධාර දේශයේ ද, අනෙක කාලිංග නගරයේ ද තැන්පත් කරනු ලැබ ඇත.
කුසිනාරා නුවර දී ධාතු බෙදන දිනයේ දී ද්‍රෝණ බමුණා විසින් එහි සිටි කිසිවකුටත් නොපෙනෙන පරිද්දෙන් සිය කෙස් කළඹ තුළ සඟවාගත් දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ තැන්පත් කර ඇත. මේ ගැන දක්වන විස්තරයේ මෙසේ දක්වයි.
එනම් ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා විසින් කළ ක්‍රියාව දුටු ශක්‍ර දේවේන්ද්‍රයා ඔහුට ද නොදැනෙන පරිදි ඒ දන්ත ධාතුව කෙස් කළඹින් ගෙන ගොස් තව්තිසාවේ සිළුමිණි සෑයෙහි තැන්පත් කරනු ලැබූ බව පූජාවලිය හා දළදා සිරිත සඳහන් කරයි.
දකුණු උඩු දළදා වහන්සේ නාගලෝකයේ නා රජු විසින් රැගෙන ගොස් ඇත. පාලි ධාතුවංසයෙහි මේ ප්‍රවෘත්තිය දීර්ඝ වශයෙන් දැක්වේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වූ පුවත දැනගත් ජයසේන නමැති නා රජු ඔහුගේ පිරිවර සමඟ කුසිනාරා නුවරට ගොස් චිතකයට ගෞරව දක්වා සිය සෘද්ධි බලයෙන් දන්ත ධාතුන් වහන්සේ නාග පුරට වැඩම කරවා ඇත.
පසුව නාග ලෝකයේ නගර මධ්‍යයෙහි ඉදි කළ රන් දාගැබක තැන්පත් කරමින් පූජා පවත්වා තිබේ. පසුව ලක්දිව මාගම පාලක වූ කාවන්තිස්ස රජුගේ කාලයේ දී මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙර නමක් නා ලොවට වැඩ එම දන්ත ධාතුන් වහන්සේ ගෙනවුත් තම්බපණ්ණියෙහි ගිරි අභය රජු හා සෝමා දේවිය විසින් ඉදි කළ ස්තූපයක තැන්පත් කළ බව කියැවේ.
ගන්ධාර දේශයේ රජු විසින් සිය දේශයට වඩමාගෙන යන ලද්දේ වම් උඩු දළදා වහන්සේ බව කියැවේ. මෙම ධාතුන් වහන්සේ දැනට පකිස්ථාන ගන්ධාරයේ තක්ෂිලා ජාතික කෞතුකාගාරයේ තැම්පත්ව ඇතැයි සැලකේ. ඛේම නම් මහරහතන් වහන්සේ විසින් සෘද්ධි බලයෙන් චිතකයෙන් ඇරගත් වම් යටි දළදා වහන්සේ කාලිංග පුරයට වැඩම කරවා ඇත.
කාලිංගයට වැඩම කර වූ වාම දන්ත ධාතුව
ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයෙන් ලබාගත් වාම දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට දන්තපුරයෙහි බඹදත් නම් රජෙකුට භාර කළ බව දාඨාවංශය සඳහන් කරයි.
අනතුරුව තෙරුවන් කෙරෙහි පැහැදුණු රජු රනින් කළ එල්ලෙන මුතු දැලින් අලංකාර වූ මහලින් සිය ගණනකින් සැදුම් ලද දෙව් ලොවට හා නිවනට යන යානාවක් බදු වූ දළදා ගෙයක් කරවා එහිම රත්නයන් ගෙන් බබළන දළදා වහන්සේට වැඩ හිඳිනා ආසනයක් ද කරවා දළදාව එහි වඩා හිඳුවා දිවා රෑ දෙක්හි අනලස්ව පුෂ්ප සුගන්ධාදියෙන් මෙන්ම අනේක විධ වස්තුන් ගෙන් ද පීදීය.
ඔහු පුත් කසී රජු නිරතුරුව පුද පූජාවන්ගෙන් දළදා වහන්සේ පුදා නිරන්තරයෙන් මාණික්‍ය නමැති පහණින් දළදා මැඳුර අලෝකමත් කොට මහත් පින්කම් රැසක නිරත වූ බව දාඨාවංසය කියයි. ඔහුගේ පුත් සුනන්ද රජුට ද අයත්ව තිබී පසු කාලයේ දී එය ගුහසීව නම් රජු අතට පත්ව ඇත.
ඔහු මිථ්‍යාදෘෂ්ටික මතධාරියකු වුව ද රටවැසි ජනයා විසින් දළදා වහන්සේ විෂයෙහි මහත් පූජා පැවැත්වීම අරබයා තොරණ බැඳ ධජ පතාකාදිය එල්වා රන් රිදි මලින් ද නානාවිධ සුගන්ධයන්ගෙන් ද ස්තුති පූර්වක ගී ගයමින් ද නෘත්‍යගීතාදිය තුළින් ද පූජාවන් පවත්වනු ලැබීය.
මෙලෙසින් පූජාවන්හි යෙදී සිටි ජනයා දකින රජු මහත් කුතුහලයකින් යුතුව ඇමැති ගණයා විචාරන්නේ තුනුරුවන් විෂයෙහි භක්තියක් ඇති එක් ඇමැතියකු බුදු ගුණ ඉදිරිපත් කරමින් පෙර රජදරුවන් විසින් දළදා වහන්සේ විෂයෙහි පුද පූජාවන් පවත්වා අත්පත් කරගත් ශාන්තිය අසා සැදැහැවත්ව මිත්‍යා මතධාරින්ගෙන් වෙන්ව දළදා වහන්සේ වෙත අපමණ ගෞරවාදර දක්වා ඇත.
මෙයින් කිපෙන මිත්‍යා මතධාරී නිගණ්ඨයන් පණ්ඩු රජු වෙත ගොස් ඔහුගේ සමාන්ත පාලකයකු වූ ගුහසීව රජු මිනි ඇටයක් තබා වදින බව කියමින් රජු කුපිත කරවීය. කළිගු රට වැසි ගුහසීව රජුත් ඔහු විසින් වඳින මිනි ඇටයත් ගෙනෙන ලෙසට චිත්රයාන නම් වෙනත් සාමන්ත පාලකයකුට පණ්ඩු රජු අණ කළේය.
දළදා වහන්සේගේ ආශ්චර්යාත්මක බව දකින චිත්රයාණන් ද දළදා වහන්සේ කෙරෙහි මහත් ප්‍රසාදයට පත් වුව ද පණ්ඩු රජුගේ අණ මත මහත් පෙළහරකින් දළදා වහන්සේ හා ගුහසීව රජු පණ්ඩු රජු වෙත පමුණු වනු ලැබිණ. මිසදිටු මතධාරින්ගේ උපදෙස් මත දළදා වහන්සේ විනාශ කිරීමට පණ්ඩු රජු විවිධ උපක්‍රම භාවිත කළ ද ඒ කිසිවකින් දළදා වහන්සේ විනාශ කළ නොහැකි විය.
ඒ සෑම අවස්ථාවකදීම දළදා වහන්සේ විසින් දක්වනු ලැබු ආශ්චර්යාත්මක බවත් ජනයා ඒ කෙරෙහි පැහැදුනු අයුරුත් දකින පණ්ඩු රජු ද දළදා වහන්සේ නිසා මිසදිටු බවින් මිදි දළදා වහන්සේ වෙත අනෙක උපහාරයන් දැක්වීමට පෙළඹිණි. දළදා වහන්සේට ගෙයක් ද කොට මහත් පූජාවන් පවත්වනු ලැබු පණ්ඩු රජු විසින් මුළු දඹදිවින් ද දළදා වහන්සේ පුදනු ලැබීය.
දඹදිව දී මුළු රාජ්‍යයෙන්ම දළදාව පිදු ප්‍රථම අවස්ථාව ද මෙය වන්නේය. පසුව ක්ෂීරධාර නම් රජෙක් දළදා වහන්සේ ලබා ගනු වස් සිවුරඟ සේනා පිරිවර කොට පැළලුප් නුවරට පැමිණි බවත් පණ්ඩු රජු දළදා වහන්සේ ඔහුට අයත් වීම වළක්වනු පිණිස යුද කොට ඔහු පරාජයට පත් කළ බවත් දැක්වේ. පසුව පණ්ඩු රජු සිය රාජධානිය තුළම තබා ගනිමින් මහත් ගෞරවාදර දක්වනු ලැබූ දළදා වහන්සේ පෙරළා ගුහසීව රජු වෙතම ලබාදීමට කටයුතු කළ බව දාඨාවංසය කියයි.
දළදා වහන්සේ මහත් බැතියෙන් පිළිගත් ගුහසීව රජ තෙමේ සිය නුවරට පෙරළා දළදාව දෙනු මැනව නැතහොත් යුද්ධ කරනු යනුවෙන් සඳහන් හසුන් ගුහසීව රජු වෙත එවා ඇත. මෙම අවස්ථාවේ දළදාවේ ඉදිරි ආරක්ෂාව පතා බමුණු වෙස් ගන්වනු ලැබූ සිය දියණිය වන හේමමාලාව හා දන්ත කුමරු අත ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට එවීමට ගුහසීහ රජු විසින් කටයුතු කරන ලද අතර ඒ අනුව ක්‍රිස්තු වර්ෂ තෙවැනි සියවසේ අග භාගයේ දී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.
ලක්දිවට වැඩම කරවන දළදා වහන්සේ
දළදාව ලබා ගැනීමට ප්රයත්නයක් දැරු පළමු ශ්‍රී ලාංකේය රජු ලෙසට මහසෙන් රජුගේ නාමය දාඨාවංසය සඳහන් කරයි. දළදාවේ පහස ලද පැන් ටිකක් දෙනු මැනැවැයි ඔහු විසින් කළ කාරුණික ආයාචනය ද සිහියේ තබා ගත් ගුහසීව රජු දළදාව සම්බන්ධව එවකට කළිගු දේශයේ ඇති වූ අරගලකාරී තත්ත්වය හමුවේ එහි ආරක්ෂාව පතා රහසේම ලක්දිවට එවීමට තීරණය කළේය.
එම කාර්යය වඩාත් විශ්වසනීයව හා ගරුත්වයකින් යුතුව සිදු කිරීමේ අරමුණෙන් ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමේ භාරකාරත්වය සිය දියණිය වූ හේමමාලාවට හා බෑණනුවන් වන දන්ත කුමරුට පවරා අදාළ ආරක්ෂාව මෙන්ම පහසුකම් ද ලබා දුන්නේය.
රජුගේ නියමය පරිදි එම දෙපළ සාගර තරණය කොට ආරක්ෂා සහිතව නැඟෙනහිර මුහුදු සීමාවේ මහාපට්ටනයෙන් (වර්තමාන ඉලංකෙයිතුරෙයි නම් ස්ථානය යැයි විශ්වාස කෙරේ) ශ්‍රී ලංකාවට ගොඩ බැස තිබේ.
මෙලෙසින් ලක්දිවට පැමිණි මෙම පිරිස මහත් හරසරින් පිළිගෙන අනුරාධපුරය දක්වා දළදාව සමඟ වැඩම කරවීමට අදාළ කටයුතු ලක් පාලක වූ කිත්සිරිමෙවන් රජු විසින් යොදන ලද අතර දළදාව අනුරාධපුරයට මහත් ගෞරවයකින් යුතුව වැඩම කොට නගරයට ඊශාන දිගින් පිහිටි මේඝගිරි විහාරයේ තැම්පත් කරන ලදි.
දළදා වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ සිරිමෙඝවණ්ණ රජුගේ නවවැනි වර්ෂයේ දී යැයි මහාවංසය සඳහන් කරනු ලබන දාඨාවංසය තුළින් ද ඒ බව සනාථ වේ. මේඝගිරි විහාරය වෙත පැමිණි කිත්සිරිමෙවන් රජු මහත් බැතියෙන් ලක් රාජ්‍යයෙන් ද අනේක විධ පුද පූජාවන් ගෙන් ද ශ්‍රී දළදා වහන්සේ පුදා පසුව සිය සිංහාසනයට සුදුවතක් එලා ඒ මත වඩා හිඳුවා දෑසමන්මලින් පුදා රාජ්‍යයේ මෙන්ම රාජ්‍යත්වයේ උරුමකාරිත්වය ද දළදා වහන්සේ වෙත පිදු අයුරු දාඨාවංසය සඳහන් කරයි.
රජු විසින් ‘ඇතුළතම’ (අන්තොව) ධාතුඝරයක් කොට දළදා වහන්සේ එහි පිහිටුවා නොයෙක් පුද පූජාවන්ගෙන් දිවා රෑ දෙක්හි දළදා වහන්සේ පීදීය. වසරක් පාසා මෙලෙසින් අභයගිරි විහාරය වෙත මහත් පෙරහරකින් දළදා වහන්සේ වැඩම කරවනු ලැබූ අතර ඒ තුළින් දළදා වහන්සේ දැක බලා ගැනීමට මෙන් පුද පූජා පැවැත්වීමට ද ජනතාවට අවස්ථාව සැලසිණි.
එමෙන්ම මතුවට ද මෙලෙසින් දළදා වහන්සේ වෙත මෙබඳු ආකාරයෙන් නව ලක්ෂයක් වියදම් කොට වාර්ෂික පූජා කළ යුතු යැයි සිරිත් ලිවීමක් ද (චාරිත්තලෙඛං) ද රජු විසින් කරවනු ලැබීය.
රජ අණින් එතැන් සිට දළදා වහන්සේ විෂයයෙහි පවත්වනු ලැබූ රාජකීය දළදා පෙළහරේ ස්වභාව ගැන ශීීශ්රී ලාංකේය මූලාශ්රවල කරුණු ඉස්මතුව නොපැවැතිය ද පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ වාර්තාවේ ඒ බව සටහන්ව තිබීම ලක් පාලකයන් දළදා වහන්සේ වෙත දක්වන ලද ගෞරවය කෙතෙක් ද යන්න නිර්ණය කිරීමේ දී වැදගත් වේ.
කිත්සිරිමෙවන් රජු දවස සිට ලක්දිවු නිවැසි පාලක පිරිස් මෙන්ම ජනතාවත් දළදා වහන්සේ කෙරෙහි දක්වන ලද අපමණ ගෞරවය හා භක්ත්‍යාදරය හේතුවෙන් ගොඩනැඟෙන දෘඪතර සම්බන්ධය මත දළදාව වනාහි දේශයේ ;සෟභාග්යමත් බවේ සංකේතය ලෙසින් ද පාලකයන්ගේ ධාර්මිකත්වය මතු කළ සංකේතය බවට ද දළදා වහන්සේ පත්වීමත් සමඟ රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ ආගමික පූජ්‍ය වස්තුවක් ලෙසින් පිදුම් ලැබීය. මේ නිසාම රජවරු දළදා වහන්සේ මහත් බැතියෙන් යුතුව ආරක්ෂා කිරීමට පියවර ගත්හ.
ධාතුසේන රජු (ක්‍රි. ව. 455 - 473) දිරා ගිය දළදා මැඳුර ප්‍රතිසංස්කරණය කොට දළදා වහන්සේ වෙනුවෙන් ස්වර්ණමය කරඬුවක් ද ඝන වශයෙන් ඔබ්බ වන ලද මාණික්‍යමය රැස්වළල්ලක් ද මහාර්ඝ වූ මාණික්‍යයෙන් ගහන වූ ස්වර්ණ පද්මයක් ද පූජා කළේ ය. පළමුවැනි අග්ගබෝධි (ක්‍රි. ව. 571 - 604) දළදා මැඳුර මැණික් ගලින් අලංකරණය කොට ස්වර්ණමය කරඬුවක් ද දළදා වහන්සේට පූජා කර තිබේ.
තෙවැනි මොග්ගලාන රජු (ක්‍රි. ව. 618 - 623) ද දළදා වහන්සේ විෂයෙහි දළදා පූජාවක් කළ බව මහාවංසය දක්වයි. එමෙන්ම දාඨෝපතිස්ස (ක්‍රි. ව. 643 - 650), දෙවැනි සේන (ක්‍රි. ව. 853 - 887) දළදා වහන්සේ වෙත පුදපූජා පැවැත්වූ පාලකයෝ වෙති.
සිවුවැනි සේන (954 - 972) රජු විසින් නගර මධ්‍යයේ දළදා ගෙයක් කරවා දළදා වහන්සේට පූජාවන් දක්වා තිබේ. එමෙන්ම දළදා වහන්සේට ආරක්ෂාව සලසා දෙමින් කළ මහත් උපහාර හා පූජාවන් ගැන තොරතුරු වංසකථාවන්හි ඇතුළත්ය. සිවුවැනි මිහිඳු රජුගේ සෙල් ලිපි දෙකක ද දළදා වහන්සේ ගැන තොරතුරු අන්තර්ගතය.
දළදා වහන්සේ සහ පොළොන්නරු රාජධානිය
අනුරාධපුර යුගයෙන් පසු පාලන කේන්ද්‍රස්ථානය පොළොන්නරුවට සංකේන්ද්‍රගත වීමත් සමඟම දළදාව හා සම්බන්ධිත වූ ආකල්පවල ද වර්ධනයක් දැකිය හැකි අතර රාජ්‍යත්වය හා දළදාව අතර සංකේතාත්මක සම්බන්ධතාව ද වඩාත් සමීප වේ.
අනුරාධපුර යුගයේ අවසන් භාගයේ එල්ලවන දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ උත්තරෝළ මූළයේ භික්ෂුන් විසින් දළදාව රෝහණ ප්‍රදේශයේ සඟවනු ලැබූ අතර පළමුවැනි විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055 - 1110) නායකත්වයට පත්වීමත් සමඟ දළදාව පෙරළා පොළොන්නරුවට වැඩම කරවා ඇත.
පළමුවැනි විජයබාහු රජු විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් අටදාගේ නම් නව මැඳුරක් ඉදිකොට දැඩි ආරක්ෂාව පතා වෙෙලෙක්කාර හමුදා භාරයට පත් කළ බව පොළොන්නරු වේෙලෙක්කාර පුවරු ලිපියේ දැක්වේ. රජුගේ අණ පරිදි නුවරකල් දේව සෙන්පති විසින් මෙම මාලිගය ගොඩනංවා ඇත
බුදුදහම විවිධ දේශයන්හි පැතිරීම හා තහවුරු වීම සිදුවුණේ පූජනීය වස්තූන් හේතුවෙනි. දාගැබ් හා සිරි මහබෝධිය පිහිටුවීම ලක්දිව බුදුදහමේ පැවැත්මට ද විශේෂයෙන් උපකාර වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වන කරුණකි. සම්බුදුරදුන්ට සම්බන්ධ පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ යන ත්‍රිවිධ චෛත්‍යය යන නමිනි. 1 ශාරීරික 2 පාරිභෝගික 3 උද්දේශික යන ඒ ත්‍රිවිධ චෛත්‍යයන් සඳහා නිදසුන් ලෙස සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබ්, බුදුරදුන් පරිහරණය කළ බෝධිය හා උන්වහන්සේ වෙනුවෙන් තැනූ බුදුපිළිම දැක්විය හැකි ය. ආගමික ශාස්තෘවරයකු හා බැඳුණු පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ ධාතු (Relics) යන වචනයෙනි. සිරුරේ කොටස් සහ පරිහරණය කළ දේවල් එයට අයත් වෙයි.
සර්වඥ ධාතු වන්දනාව බුදුරදුන් වැඩ සිටි සමයේ දී ම ආරම්භ වූ සිරිතකි. බුදුන් හා දහම් සරණ ගිය උපාසකයන් දෙදෙනා වන තපස්සු - භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට බුදුරදුන් කේශ ධාතු ලබා දුන් බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ කේශ ධාතු තැන්පත් කොට ඔවුන් විසින් සාදන ලද චෛත්‍යය පිළිබඳ ව චීන, බුරුම හා ලාංකික බෞද්ධයන් අතර එකිනෙකට වෙනස් වූ අදහස් පවතියි. හියුං සාන් හිමියන් චීනයේ සිට සේද මාවත දිගේ දඹදිවට පැමිණෙන විට ඇෆ්ඝනිස්ථානයේ බාහ්ලුක ප්‍රදේශයේ (වර්තමාන බල්ක්) තිබුණ තපස්සු භල්ලික දෙදෙනා තැනූ කේශ ධාතු දාගැබ වැඳ පුදාගත් බව වාර්තා කර ඇත. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන විද්‍යාඥ ජායි ප්‍රකාශ් ඔරිස්සා ප්‍රදේශයේ තිබෙන ලෙන් ලිපියකට අරුත් දක්වමින් තපස්සු භල්ලුක දෙදෙනා තැනූ දාගැබක් එහි තිබුණ බව පෙන්වා දෙයි.
කේසථූප, භෙක්ඛු තපුස දනම්, භාලික ලේන යන වචන එම සෙල්ලිපියේ සඳහන් බව පවසයි. (Tapassu and Bhalluka of Orissa, Their Historicity and Nativity - Orissa Review Nov. 2007) මේ අතර බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය තපස්සු - භල්ලික දෙදෙනා විසින් කේශ ධාතු තැන්පත් කොට සාදන ලද දාගැබක් බව එරට වැසියෝ විශ්වාස කරති. තිරිකුණාමලයේ තිරියායේ පිහිටි ගිරිහඩු සෑය තපස්සු භල්ලුක දෙදෙනා තැනූ කේශ ධාතු චෛත්‍යය ලෙස ලාංකික බෞද්ධයෝ විශ්වාස කරති. ගිරිකණ්ඩි චෛත්‍යය ත්රපුස්සක වල්ලික නම් වෙළෙඳ ගණයා ඉදිකළ බව එහි තිබෙන සංස්කෘතයෙන් ලියූ සෙල්ලිපියේ සඳහන් වෙයි. එසේ වුවත් ගිරිකණ්ඩ සෑය ගැන මහාවංසයේ සඳහන් නොවේ.
එයට හේතුව ඒ පූජනීය ස්ථානය මහායාන භික්ෂූන්ට අයත් වීම නිසා වන්නට පුළුවන. අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී බෝසත්වරුන් ගැන ද සෙල්ලිපියේ සඳහන් වෙයි. නමුත් පූජාවලිය ග්‍රන්ථයේ ගිරිහඬු සෑය ගැන විස්තරයක් දක්නට ඇත. “ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශ ධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකාද්වීපයට පැමිණ දරපැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කළ දා කරඬුව තුබූ පළින් සොලවා ගත නොහී මේ උත්තම ස්ථානයෙක් වනැ යි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ. පසුව එතන ගිරිහඬු නම් වෙහෙරක් වීය.” (පූජාවලිය) තපස්සු - භල්ලුක දෙදෙනා වෙළෙඳුන් වූ නිසා ඔවුන් ගමන් කළ දේශවල කේශ ධාතු කොටස් තැන්පත් කොට දාගැබ් තනන්නට ඇතැ යි මේ විස්තර අනුව සිතිය හැකි ය.
බුදුරදුන් පළමුවරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ සමන් දෙවිඳුන්ට කේශධාතු තැන්පත් කොට මහියංගණය දාගැබ තැනූ බව වංශ කථා රාශියක දැක්වෙයි. අනුරාධපුර ජේතවන දාගැබේ ද කේශ ධාතු තැන්පත් කර තිබෙන බව වන්දනා ගාථාවක සඳහන් වෙයි.
“පතිට්ඨපෙත්වා ජින කාය බන්ධනං
සකේසධාතුං සහ දේහධාතුයා
මහේ මහාසේන නරින්ද කාරිතං
සුචෙතියං ජේතවනං ති විස්සුතං”
(බුදුරදුන්ගේ කාය බන්ධනය ද, කේෂ ධාතු ද, ශාරිරික ධාතු ද තැන්පත් කොට මහසෙන් රජු තැනූ දාගැබ ජේතවන නම් වෙයි.)
රාජරත්නාකරයේ දැක්වෙන පරිදි මිහින්තලා සෑයෙහි බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව නිදන් කර ඇත. මහාවංසයේ 41 පරිච්ඡේදයේ සඳහන් අන්දමට දෙවන අග්බෝ රජු උණු ලොම් ගෙයක් සාදවා තිබේ. එහෙත් ඒ කුමක් දැ යි පැහැදිලි නැත.
ධාතු වන්දනාව ප්‍රචලිත වීමට පටන් ගත්තේ බුදුරදුන්ගේ පිරිනිවන් පෑමෙන් පසුව ය. උන්වහන්සේගේ ආදාහනය උත්සවයෙන් පසු සහල්, මුංපියලි වැනි විවිධ ප්‍රමාණයේ ශාරීරික ධාතු නොදැවී ඉතිරි වුණි. ඒ අතර දන්ත ධාතු හතරක්, ගී‍්‍රවා ධාතුව, අකු ධාතුව හා ලලාට ධාතුව ද තිබුණි. දේහය ආදාහනය නිමා වූ කෙණෙහි ම සරභු මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතුව රැගෙන වුත් මහියංගණ සෑයෙහි තැන්පත් කළ බව දාඨාවංසය කියයි. ඛේම මහ රහතන් වහන්සේ ද ඉතිරිව තිබුණ වාම දන්ත ධාතුව රැගෙන කළිඟු රට බඹදත් රජුට භාර දී ඇත. පූජනීය වස්තුවක් ලෙස වැඳුම් පිදුම් ලද වම් දළදාව ලබා ගැනීමට මෙන් ම වැනසීමට ද නොයෙක් පුද්ගලයන් වෑයම් කළ අයුරු දාඨාවංශයේ විස්තර කර ඇත. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වම් දළදාව ලක්දිවට වැඩම කළේ එයට රැකවරණය සැලසීම සඳහා ය.
බුදුරදුන්ගේ අකු ධාතුව අනුරපුර ථූපාරාම දාගැබෙහි නිදන් කර ඇත. දෙවන පෑතිස් රජ සමයෙහි සුමන සාමණේරයන් විසින් එය වැඩමවන ලද බව වංශ කථාවන්හි දැක්වෙයි. පසු කලෙක දාගැබ ගරා වැටුණ නිසා දෙවන අග්බෝ රජු අකු ධාතුව ලෝවාමහපායට වැඩම කරවා ඇත. දාගැබ පිළිසකර කිරීම ප්‍රමාද වන විට දෙවිවරු ආරාමිකයන්ගේ වෙසින් අවුත්, ප්‍රතිසංස්කරණය ප්‍රමාද කළොත්, අකු ධාතුව පැහැර ගන්නා බවට තර්ජනය කළහ. රජු වහාම දාගැබ පිළිසකර කරවා ලංකා රාජ්‍යය දාගැබට පිදුවේ ය. එය මහජන විරෝධයක් ලෙස ද සිතන්නට පුළුවන. කෙසේ වුව ද, බුදුරදුන් මුල් කරගෙන ලංකා රාජ්‍යය දාගැබට පුදන්නට පෙලඹීමෙන් පෙනෙන්නේ ධාතුන් වහන්සේලා කෙරෙහි දැක් වූ ගෞරවය යි.
රාජ්‍යයන්ට දීම සඳහා සර්වඥ ධාතු බෙදීම සිදු කරන ලද්දේ ද්‍රෝණ බමුණා විසිනි. මලල රජවරුන්ට බුදුරදුන්ගේ ලලාට (නළල) ධාතුව ලැබුණි. පසුව එය සුරැකීමේ වගකීම පැවරුණේ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සඟ පරපුරට යි. ඒ අනුව ලලාට ධාතුව එම ශිෂ්‍ය පරපුරේ මහාදේව නමැති රහත් තෙර නමක් සතු විය. උන්වහන්සේ ලක්දිව මහානාග රජ සමයේ රුහුණු රට මාගම හත්තොට්ඨ ජනපදයේ කුක්කුට පර්වතයට වැඩම කොට එහි විසූ මහාකාල නමැති අයකුට ආරක්ෂාව සඳහා ලලාට ධාතුව සඟවා තිබුණ බව නැඟෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමය පිළිබඳ පූජ්‍ය ගවේෂණ කටයුතු සිදුකළ එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. ඒ ප්‍රදේශයේ අප සිදුකළ ගවේෂණයේ දී එහි ගල් තලාවක පිහිටි දාගැබක නටබුන් මත සිටුවා තිබෙන අන්‍යාගමික සංකේතයක් අපට දක්නට ලැබුණි. එම ප්‍රදේශවල ත්‍රස්තවාදී තර්ජන පැවැති සමයේ බෞද්ධ විරෝධී කණ්ඩායම් ධාතු නිදන් කළ දාගැබ් රැසක් විනාශ කර ඇත.
කාවන්තිස්ස රජු ලලාට ධාතුව සේරුවාවිල මංගල සෑයෙහි තැන්පත් කළ බව ලලාට ධාතු වංසයෙහි සඳහන් වෙයි. රජුගේ සොහොයුරියගේ ස්වාමියා වූ සෝම නුවර ගිරි අභය, සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන්ගේ අනුග්‍රහයෙන් එය සිදුකර තිබේ. ලලාට ධාතුව තිස්සමහාරාම සෑයෙහි තිබෙන බවට ද විශ්වාසයක් ඇත. ලලාට ධාතුව සේරු නුවරට වැඩම වන්නට පෙර තිස්සමහාරාමයේ මණ්ඩපයක තැන්පත් කර තිබීම නිසා ඒ අදහස ඇති වූ බව පෙනී යයි. තිස්සමහාරාමයේ මණ්ඩපයක තැන්පත් කර තිබීම නිසා ඒ අදහස ඇති වූ බව පෙනී යයි.
තිස්සමහාරාම දාගැබේ කැණීම් සිදුකරන විට සොයා ගත් ගොඩනැගිලි නටබුන් එම මණ්ඩපයට සම්බන්ධ ඒවා විය හැකි ය යන්න විද්වතුන්ගේ අනුමානයකි. කිරිඳිඔය වන ලැහැබකින් 1960 වසරේ ලැබුණ සෙල්ලිපියක් ගැන පුරා විද්‍යා වාර්තාවක් 1969 වසරේ නිකුත් කර ඇත. ඒ අනුව එම සෙල්ලිපිය පිහිටුවන ලද්දේ පස්වන කසුප් රජුගේ පුත් මිහිඳු ඈපාණන් විසිනි. කාවන්තිස්ස රජු පෙර බුදුවරුන් තුන් නමගේ ධාතුන් නිදන් කළ තන්හි අපගේ ගෞතම දස බලධාරීන් වහන්සේගේ යටි වම්හකු දන්ත ධාතුව තැන්පත් කොට තිස්සමහාරාම චෛත්‍යය ඉදිකර තිබෙන බව එහි සඳහන් වෙයි. මිහිඳු ඈපා එයට ඉඩම් පූජා කළ බව පැවැසීමට සෙල්ලිපිය පිහිටුවා ඇත.
“ඈපා මිහින්දු විසින් පෙර තුන් බුදුන් දා නින්දු තන්හි මෙ අප ගොයුම් දසබුල් යටි වම් දළදා වසා මග තුම්බු කර තුන්සිය තෙසැටි පිරිවෙ තත් ලකර් කොම් කාවන්තිස් රද්හු තමා තන්ම් තෙත් කුරු දෙව් තිසරම් රද් මහ වෙහෙර්” (EZ nco Par 2)
බුදුරැස් විහිදුවීමේ හාස්කම් තිබෙන බව කියන සෝමාවති මහ සෑය ඉදි කරවන ලද්දේ සේරුනුවර ගිරි අභ්ය්ය රජු විසිනි. තමන්ගේ හා සෝමාවතී බිසවගේ වන්දනාමාන කටයුතු සඳහා දාගැබ ඉදිකරවීමෙන් එහි නිදන් කිරීමට සර්වඥ ධාතු ලබා දෙන්නැ යි රජු භික්ෂුන්ගෙන් ඉල්ලීය. ඒ වන විට අරිට්ඨ සඟ පරපුරේ මහින්ද මහ තෙරණුවන් සතුව පැවැතුණ දකුණු දළදාව රජුට පරිත්‍යාග කර තිබේ. දීඝවාසි සෑයෙහි බුදුරදුන්ගේ නිය ධාතුව නිදන් කර තිබෙන බවට විශ්වාසයක් ද පවතියි. බුදුරදුන් විවේක සුවයෙන් වැඩ සිටින විට සිරුරෙන් බිම වැටුණ දහඩිය බිඳු මුතු ඇට බවට පෙරළුණ බවත්, එබැවින් ඒ භූමිය මුතුඅංගණ හෙවත් මුතියංගණ නමින් හැඳින්වෙන බවත් ඒ පිළිබඳ ඉතිහාසයෙහි සඳහන් වෙයි.
එම මුතු තැන්පත් කොට නමුණුකුලට අධිපති ඉන්දක දෙවියා තැනූ සෑය මුතියංගණය යි. මහාවංශයේ හා ථූපවංශයේ විස්තර කර ඇති අන්දමට දුටුගැමුණු රජු තැනවූ රුවන්වැලි මහ සෑයෙහි සර්වඥ ධාතු නිධානෝත්සවය සිදු කෙරුණේ ජාත්‍යන්තර උත්සවයක් අයුරිනි. එතුමා යුද්ධයට ගෙන ගිය සර්වඥ ධාතුන් සහිත කුන්තායුධය මිරිසවැටි දාගැබෙහි තැන්පත් කර ඇත. අභයගිරි දාගැබෙහි සර්වඥ ධාතු පමණක් නොව බුදුරදුන්ගේ පාරිභෝගික වස්තුවක් වන කාය බන්ධනය හෙවත් පටී ධාතුව තිබෙන බව වංස කථාවන්හි දැක්වෙයි. බුදුරදුන්ගේ පාත්‍රා ධාතුව සෙංකඩගලපුර දළදා මැදුර අසල තැන්පත් කර තිබුණ බවට මතයක් පවතියි.
භාරතයේ භස්ති දිස්ත්‍රික්කයේ පිප්ප්රාවා නමැති ස්ථානයේ 1898 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ඉංජිනේරුවකු වන පෙප් කැනීමක් සිදුකරන විට සර්වඥ ධාතු කරඬුවක් සහිත ගලින් නිමවූ පෙට්ටියක් හමුවිය. කපිලවස්තු පුර බුදුරජුන්ගේ ඥාතීන්ට ලැබුණ සර්වඥ ධාතු කොටස බව එහි තිබෙන සටහනෙහි චක්වෙයි. එම සර්වඥ ධාතුවලින් කොටසක් ලබා දෙන්නැ යි ශ්‍රී ලංකාව ඇතුළු බෞද්ධ රටවල් ගණනාවක් ඉල්ලා ඇත. එහෙත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය නියෝජිත මාකස් කර්සන් සර්වඥ ධාතු කොටසක් ලබා දුන්නේ සියම් රටේ පස්වන රාම රජතුමාට පමණි. බැංකොක් වට් සකේට් සෑයෙහි ඒවා තැන්පත් කර තිබේ. ජවහර්ලාල් නේරු අගමැතිවරයා සර් ජෝන් කොතලාවල ඒ අතරින් රැගෙන අගමැතිවරයාට පෞද්ගලිකව පිරිනැමූ සර්වඥ ධාතු කීපයක් ශ්‍රී ලාංකික පවුලක් සතුව තිබෙන බවට තොරතුරු ඇත. 1898 වසරේ පෙප් කැනීම් කළ ස්ථානය අසලින් 1972 වර්ෂයේ දී සර්වඥ ධාතු 20 ක් සහිත බඳුනක් ද සොයා ගෙන ඇත.
1978 වසරේ කපිලවස්තු සර්වඥ ධාතු වැඳ පුදා ගැනීමට බෞද්ධයන්ට වාසනාව උදාවිය. 2011 වසරට එළඹෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නැවතත් ඒ ධාතුන් වහන්සේලා වැඩම කරවන ලෙස යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇත. රජය එය ඉටු කරනු ඇතැ යි බෞද්ධයෝ අපේක්ෂා කරති.
1909 වසරේ දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්පූනර් සිදුකළ කැණීමකින් පේෂාවෝර් දුම්රිය ස්ථානය අසලින් සර්වඥ ධාතු සහිත සිලින්ඩරාකාර කරඬුවක් සොයා ගත්තේ ය. ඒ සිද්ධිය ඇසීමෙන් ලෝවැසියන් විශ්මයට පත්වුණු බව 1910 අපේ‍්‍රල් 10 දින නිව්යෝක් ටයිම්ස් පත්‍රය වාර්තා කර ඇත. අඟල් හතක් උසැති ඒ සර්වඥ ධාතු කරඬුවේ බුදුරුවක් හා බෝසත් පිළිභ දෙකක් දක්නට ඇත. සෙල්මුවා බඳුනක් තුළ ගී්රක කලා ලක්ෂණ සහිත කරඬුව තැන්පත් කර තිබුණි. එය නම් කර තිබෙන්නේ කණිෂ්ක කරඬුව නමිනි. මින්ටෝ ආදිපාදවරයා එහි තිබූ සර්වඥ ධාතු බුරුමයට පරිත්‍යාග කළේ ය.
ජපානයේ කමාකුරා එන්ගකුජි ප්‍රදේශයේ 1285 වසරේ ඉදිකෙරුන ශාරිදන් (Shar-iden) පන්සලේ දන්ත ධාතුවක් තිබේ. ටිබෙට් රටේ ක්වන්ගා දෝර්ජි රින්පෝෂේ නමැති ලාමාවරයා සතුව තිබී 1966 වසරේ ඉන්දියාවට වැඩමවන ලද දන්ත ධාතුවක් 1998 අපේ‍්‍රල් මස තායිවානයේ ෆෝ ක්වන්සාන් පන්සලට පරිත්‍යාග කර ඇත.
දන්ත ධාතුව වැඩමවන අතරතුර බැංකොක් ගුවන් තොටුපළේ දී ප්‍රදර්ශනයක් පැවැත්වුණි. තායිවානයේ දී අතිවිශාල ජනකාය මැද දන්ත ධාතුන් වහන්සේට ප්‍රථම පූජාව පැවැත්වූයේ එරට අගමැතිවරයා ය.
මේ අතර, බෙයිජින්හි ලින්ග්වන් පන්සලේ ද දන්ත ධාතුවක් ඇත. කලකට පෙර එය ලංකාවට වැඩමවීය. මහනුවර වැඩ සිටින වාම දළදා වහන්සේ සමඟ එක් තැනක තබා එය ප්‍රදර්ශනය කිරීමට සංවිධායකවරු උත්සාහ කළත් එවකට චීනයේ පැවැති ආගම් විරෝධී කොමියුනිස්ට් පාලනය කෙරෙහි අප්‍රසාදය හා අවිශ්වාසය නිසා අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමට පිළිගත්තේ නැත.
පකිස්ථානයේ කෞතුකාගාරයක කණි- ෂ්ක රජ සමයේ සර්වඥ ධාතු කරඬුවක් තිබී දැනට වසර කීපයකට පෙර අපේ මහනාහිමිවරුන් ඇතුළු බෞද්ධ නියෝජිත පිරිසක් ඉදිරියේ ඒ කරඬුව විවෘත කර ඇත. එය දන්ත ධාතුවක් විය හැකි බව නාහිමිවරු පවසති. එය දුටු මහාචාර්ය ජේ. බී. දිසානායක අදහස් කරන්නේ එය ගන්ධාර දේශයට ලැබුණ දන්ත ධාතුව වශයෙනි.
පස්වැනි සියවසේ විසූ බංගලිදේශයේ දීපංකර ශ්‍රී ඥාන නමැති හිමිනමක් නාලන්දා විශ්ව විද්‍යාලයේ මහායාන බුදුදහම හැදැරුවේ ය. පසු කලෙක ටිබෙට් රටේ ඉගෙන්වීමේ යෙදුන උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ අතීෂ් දීපංකර නමිනි. උන්වහන්සේට ටිබෙටයෙන් බුදුරදුන්ගේ කේශ ධාතු ලැබුණි. ඒවා බංගලිදේශයේ තිබේ. මෑතක දී මාදම්පේ සේනානායකාරාමයට හා ගංගාරාමයට වැඩම කරවූයේ ඒ කේශ ධාතුවලින් කොටසක් විය හැකි ය.
චීන පුරාවිද්‍යාඥයන් පිරිසක් 1987 අපේ‍්‍රල් මාසයේ දී චීනයේ ෂාන්ෂි පළාතේ මහ වැස්සකින් ගරා වැටුණ ෆාමන්සි පන්සලේ පැරැණි දාගැබකින් බුදුරදුන්ගේ මැදඟිල්ලේ පුරුකක් සහ තවත් සර්වඥ ධාතු 2499 සොයා ගත්හ. ඒ පන්සල තන් රාජ යුගයේ සිටි ෂේතියන් රැජින විසින් ක්‍රිස්තු වර්ෂ 874 ඉදි කෙරුණකි. 2008 වර්ෂයේ චීනයේ නන්ජින් පළාතේ චන්ගන් පන්සලේ සිදු කෙරුණ පුරාවිද්‍යා කැනීමකින් බුදුරදුන්ගේ කපාල ධාතුවක කොටසක් සහිත පෙට්ටියක් හමු වී ඇත.
සර්වඥ ධාතු තැන්පත් කළ පූජනීය ස්ථාන රාශියක් දුටුව බව චීනයේ ෆාහියන් සහ හියුංසාන් හිමිවරුන් වාර්තා කර ඇත. බුදුරදුන් දැහැටි දඬු ලබාගත් ගසක් ද දැක තිබේ. එහෙත් උන්වහන්සේලා සඳහන් කරන තැන්වල ඒ බෞද්ධ පූජනීය ස්ථාන අද දක්නට නොමැත. අඩි 170 ක් උසැති බාමියන් බුදුපිළිමය බෞද්ධයන්ට අහිමි වුණේ 2001 වසරේ මාර්තු මාසයේ දී ය. 2007 වර්ෂයේ දී පකිස්තානයේ ස්වාට් නිම්නයේ ඓතිහාසික බුදුරුවක් විනාශ කර ඇත. එම සිදුවීම් අනුව බෞද්ධයන් තේරුම් ගත යුතු වැදගත් කරුණක් ඇත. පූජනීය ස්ථානවලට වැඳුම් පිඳුම් කිරීමෙන් බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙයි. ධර්මය පිළිපැදීමට එයින් පෙලඹවීමක් ඇතිවෙයි.
බෞද්ධයන් බුදුරදුන් වෙනුවෙන් දාගැබක් ඉදිකරන විට සර්වඥ ධාතු නිධානය අනිවාර්යෙන් සිදුවන්නකි. සර්වඥ ධාතු දකින්නට ලැබීම නිසා බුදුරජාණන් වහන්සේ යනු සැබැවින්ම ලොව විසූ ශාස්තෘවරයකු බව සනාථ වෙයි. වෙනත් ආගම්වලට තිබෙන එවැනි ඓතිහාසික සාධක සීමිත ය. වෙනත් ආගම් ලොව ප්‍රචලිත වුණේ අවි බලයෙනි. බලහත්කාරයෙනි. බුදුදහම ප්‍රචලිත වුණේ ධර්ම ප්රචාරයෙන් සහ සර්වඥ ධාතු වන්දනාව මඟිනි. බුද්ධ ශාසනය අවසන් වන විට සර්වඥ ධාතු සියල්ල ම ලක්දිවට එක්රැස්ව බුදුරුවක් මැවී අතුරුදන් වන බව මිලින්ද ප්රශ්නයේ සඳහන් වෙයි.
එයින් දැක්වෙන්නේ බුදුදහම සම්බන්ධයෙන් ලාංකිකයන්ට ඇති සුවිශේෂ අයිතිය හා බැඳීම යි. දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට එවීමට පෙර ගුහසීව රජු බැණනුවන් වූ දන්ත කුමරුට රහසින් පවසන වදන් දාඨාවංශයේ මෙසේ සඳහන් වෙයි. මගේ ජීවිතය තිබෙන තුරු දළදාව සතුරන් අතට පත් නොකරමි. සයුරෙන් එතෙර පිහිටි හෙළදිව ඔබගේ හෝ මගේ නෑදැයින් නොමැත. නමුත් සර්වඥ ධාතු රැසක් හෙළදිව පිහිටා ඇත. බුදුරදුන්ගේ ධර්මය ද හෙළදිව ඇත. ධර්මය පිළිපදින භික්ෂූහු හා මිනිස්සු එහි වෙසෙති. එරට රජු සම්බුදු සසුන සුරකින සැදැහැතියෙකි. මේ වදන්වලින් පෙනෙන්නේ බුදුසසුන සුරකින පිරිසක් ලෙස ලක්වැසියන් කෙරෙහි ලෝවැසියන් තුළ පැවැති දැඩි විශ්වාසය යි.
Sources:
1. Mahawanshaya
2.Thupawanshaya
3.Dhathuwanshaya
4.Pujawaliya
5.Divaina News Paper
6.Budusarana News Paper
1. Mahawanshaya
2.Thupawanshaya
3.Dhathuwanshaya
4.Pujawaliya
5.Divaina News Paper
6.Budusarana News Paper