එකිනෙකාට බලය පෙන්නුවොත් විවාහය දෙදරනවා
මෙලොව ජන්මය ලබන මනුෂ්‍යයන් විවාහපත් වීම මානව චාරිත්‍රයක් සේ සලකනවා. අපේ හාමුදුරුවනේ මොකක්ද මේ විවාහය කියන්නේ?
විවාහයක් ලෙස සිදුවන්නේ මානව සංහතියේ වැදගත්ම බන්ධනයයි. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තනිව ගෙවන කාලය පරිපූර්ණ නැහැ. ලොව මානව ප්‍රජාවේ පැවැත්මට හා එහි වර්ධනයට සොබාදහම විසින් නිර්මාණය කළ සුවිශේෂී ක්‍රමවේදයකට තමයි විවාහය හෙවත් ස්වර්ණ බන්ධනය වශයෙන් හඳුන්වන්නේ. ගිහිගෙදර තිබෙන ලොකුම බැඳීමත් විවාහයයි. ඒ බැඳීම තුළ විශාල අර්ථයක් ගැබ්වෙලා තිබෙනවා.
මොකක්ද මේ විවාහය තුළ ගැබ්වෙලා තිබෙන අර්ථය. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් හොඳයි නේද?
යමෙකු තනිකඩව ගත කළ ජීවිතයට හාත්පසින්ම වෙනස් ක්‍රියාපිළිවෙතක් තමයි විවාහයෙන් පසු සිදුවෙන්නේ. එතෙක් මව්පිය භාරකාරත්වයේ පසු වූ දරුවන් ජීවිතයේ වගකීම් තම සහකරුවා හෝ සහකාරිය සමඟ බෙදාහදා ගනිමින් ජීවිතයට අලුත් අර්ථකථනයක් දීමට මුලපුරනවා. තනිව වැඩ කළ ඔවුන් දෙදෙනෙක් සමඟ සුසංයෝගීව කටයුතු කිරීමට පෙලඹෙනවා. විවාහයේ අග්‍රඵලය තමයි යුවතිපතීන් දෙපළ මව්පිය පදවියට පත්වීම. එහිදී ඔවුන්ට වගකීම් බහුල වෙනවා. එවිට ජීවිතයේ වැදගත්කම හා සංකීර්ණබව අවබෝධ වෙනවා. බැඳීම් වැඩිවීම හා වගකීම් වැඩිවීම තුළින් ඔවුන් පරිණතවීමට පටන් ගන්නවා.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ විවාහපත් යුවතිපතීන් හට බොහෝ අවවාද අනුශාසනා ලබාදුන්නා නේද?
ඔව් තථාගතයන් වහන්සේ විවාහපත් අයට මෙන්ම විවාහපේක්ෂාවෙන් සිටි අයටත් යුග දිවියේ හරය පැහැදිලි කරමින් එය සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා දී තිබෙනවා. ඒ සියලුදෙනාටම උන්වහන්සේ “නකුලමාතා නකුලපිතා” යුවළ උපමාකොට විවාහයේ සැබෑ සොඳුරු බව පෙන්වා දී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඔවුන් දෙපළ තුළ තිබූ විශිෂ්ට ගුණාංග විවාහ දිවියේ සාර්ථකත්වය සඳහා බලපාන අයුරු පැහැදිලිකොට දී තිබෙනවා.
ස්වාමීන් වහන්ස! කුමක් පදනම් කොටගෙනද උන්වහන්සේ “නකුල මාතා - නකුල පිතා” උපමාකොට ගත්තේ. ඔවුන් තුළ තිබූ උතුම් ගුණාංග මොනවාද?
‘නකුල මාතා - නකුල පීතා’ දෙපළ සිතින්, කයින්, වචනයෙන් යන තිදොරින් කිසිදු වරදක් සිදුනොකළ යුවතිපතීන් දෙපළක්. ඔවුන් දෙදෙනාට දෙදෙනා සිතින්වත් දොස් පවරාගෙන නැහැ. එකිනෙකාට එකිනෙකා බොහෝ ආදරය කළා. ගෞරව කළා. අවංක වූවා. දෙදෙනා අතර රහසක් තබාගත්තේ නැහැ. ඔවුන් සිහිනෙන්වත් අමනාප වූවේ නැහැ. බොහොම සමගියෙන් කටයුතු කළා.
ඉවසීම උපරිමයෙන්ම තිබුණා. නිතර අවවාද අනුශාසනා ලැබීමටත් කුසල් කිරීමටත් ප්‍රිය කළා. සැමට පරිත්‍යාගශීලීව කටයුතු කළා මෙන්ම කාරුණික වුණා. එනිසා “නකුල මාතා - නකුල පිතා” එකල ආදර්ශවත් යුවළක් වශයෙන් කා අතරත් ජනප්‍රිය වී තිබුණා. ඔවුන් තුළ තිබූ උතුම් ගුණ ධර්මයන් නිසාම බුදුරජාණන් වහන්සේ “නකුල මාතා - නකුල පිතා” දෙපළ සැවොම ආදර්ශයට ගත යුතු බවට දේශනා කළා.
යහපත් විවාහක යුවළක් සතුව සම ශීල, සම චාග, සම ප්‍රඥා තිබිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?
සම ශීල, සම චාග, සම ප්‍රඥා යන ත්‍රිවිධ ගුණ ධර්මයන් විවාහක යුවළක් සතුව තිබිය යුතු උතුම් ගුණධර්ම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමශීල යනුවෙන් හඳුන්වන්නේ දෙදෙනා තුළ එක සමානව සිල්වත් බව තිබෙන්න ඕන කියන කාරණාවයි. ශ්‍රද්ධාව එකසමානව දෙදෙනා තුළ තිබෙන්න ඕන. සම චාග කියන්නෙ දෙදෙනාම එක හා සමානව පරිත්‍යාගශීලීව වෙන්න ඕන කියන දේමයි.
පරිත්යාගශීලබව කියන්නෙ දන්දීම විතරක්ම නොවෙයි. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ස්වාමිපුරුෂයා වෙතින් ස්වාමි දුවට ඉටුවිය යුතු යුතුකම් හා පරිත්‍යාගයි. ස්වාමි දියණියගේ මවුපිය ඥාතීන් වෙත සිදුවිය යුතු යුතුකම් වලටයි. ස්වාමියා තමාගේ මවුපිය සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් වෙත සලකන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම බිරියගේ පාර්ශ්වයටත් ඒ යුතුකම් ඉටුකළ යුතුයි කියන කාරණාවයි.
ඒ වගේම තමයි ස්වාමි දියණියද තම පාර්ශ්වයට මෙන්ම ස්වාමියාගේ පාර්ශ්වයටත් ඒ අයුරින් සැලකිය යුතු වෙනවා. සම ප්‍රඥා ලෙසින් හඳුන්වන්නේ ස්වාමියා හා ස්වාමි දියණිය එකහා සමානව බුද්ධිමත් විය යුතුයි කියන කාරණාවයි. සෑම ගැටලුවක්ම නුවණින් විමසා බලා විසඳාගැනීමේ ප්‍රඥාව දෙදෙනාටම එකහා සමානව තිබෙන්න ඕන කියන කාරණාවයි. මේ ත්‍රිවිධ ගුණ ධර්මයන්ට අනුකූලව ජීවත්වනවා නම් විවාහ දිවිය ඉතා සාර්ථක වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
ස්වාමීන් වහන්ස! අප අසා තිබෙනවා සාර්ථක විවාහ දිවියක් ගතකිරීමට නම් “ගෙයි ගින්දර පිටට දෙන්න එපා - පිට ගින්දර ගෙට ගන්නත් එපා” කියලා. මෙහි අර්ථය කුමක්ද?
මෙහිදී “ගෙයි ගින්දර” යනුවෙන් අදහස් කරන්නේ ගෙදර තිබෙන අඩුපාඩු හා ගැටලු පිටස්තරයන්ට දැනගැනීමට සලසන්න එපා. ඒවා නිවස තුළම බුද්ධිමත්ව විසඳාගන්න කියන කාරණයත් “පිට ගින්දර ගෙට ගන්න එපා” යනුවෙන් අදහස් කරන්නේ නිවසේ සාමාජිකයන්ට අදාළ නොවන ගැටලු නිවස තුළ කතා කරන්නත් ඒවා නිවස තුළට සම්බන්ධ කරගන්නත් එපා කියන කාරණාවයි. පෘථග්ජන මිනිසුන් විදියට කවුරු අතිනුත් වැරදි අඩුපාඩු සිදුවෙනවා. එය ස්වභාවිකයි.
එවැනි වැරදි අඩුපාඩු පිටස්තරයන්ට දැනගැනීමට සැලසීම මගින් නැති කරදර ඇතිවීමටත් ඒ වගේම නිවසේ අය අන් අයගේ සමච්චලයට ලක්වීමටත්, සමාජයේ අවමානයට හා අවතක්සේරුවට පත්වීමටත් අවස්ථා උදාවෙනවා. ඒ වගේම එවැනි තත්ත්වයන් යටතේ පිටස්තරයන්ගේ අනවශ්‍ය අතපෙවීම් හා අවධානයට ලක්වීම් බහුල වෙනවා. එය නිවසේ සතුට හා සාමයට බොහෝ සේ බලපානවා. ඒ වගේම තමයි නිවසෙන් පිට අයගේ ප්‍රශ්නවලට අතපෙවීම් නිසා අනවශ්‍ය කරදර හිරිහැර ඇති කර ගන්නවා. මේ නිසා නැති ප්‍රශ්න ඇති වෙනවා.
සැමියෙක් සතු කාර්යභාරයත්, බිරියක් සතු කාර්යභාරයත් බුද්ධ දේශනාවේ තිබෙනවා නේද? ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළොත්?
ඔව්. එක් එක් පාර්ශ්වයට කරුණු පහ බැගින් කරුණු දහයක් ‘සිඟාලෝවාද සූත්‍රයේ’ දේශනා කොට තිබෙනවා. බිරියකගෙන් සැමියා වෙත ඉටුවිය යුතු යුතුකම්වලදී නිවසේ වැඩකටයුතු මනා ලෙස ඉටුකිරීම, සැමියාගේ පරිවාර පිරිසට එක හා සමානව සැලකීම, වෙනත් පුරුෂයන්ගේ පහස නොලැබීම, ස්වාමියා උපයන ධනය ආරක්ෂා කිරීම හා අලස බවින් යුතුව කටයුතු නොකිරීම වැදගත් කොට සලකනවා.
සැමියකු සතු යුතුකම් වන්නේ බිරිය විසින් සිදුකරන කාර්යභාරය ඇගයීමකට ලක්කිරීම, බිරියට කිසිවකු ඉදිරියේ දෝෂාරෝපණය නොකිරීම, ප්‍රසිද්ධියේ විවේචනය නොකිරීම, වෙනත් ස්ත්රීන්ගේ පහස සොයා නොයෑම, නිවසේ වැඩ කටයුතුවලට ප්‍රමුඛස්ථානය බිරියට ලබාදීම හා තමාට හැකි උපරිමයෙන් බිරියට සැලකීම හා පෝෂණය කිරීම යන කරුණු වැදගත් වෙනවා. මේවා යහපත් යුවතිපතීන් තුළ තිබිය යුතු වටිනා ගුණාංග වශයෙන් හඳුන්වන්න පුළුවන්.
බිරියකට මිහිපිට සිටින දෙවියා “සැමියා” බව අපේ පැරණි ජනවහරේ සඳහන් වෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොන වගේද?
එහි සත්‍යතාවයක් තිබෙනවා. යුග ජීවිතේ සැමියා කෙරෙහි බිරිය කොතරම් පූජනීයත්වයෙන් දැකිය යුතුද යන්න පියෙක් තම දියණිය විවාහ දිවියට ඇතුළත් වන අවස්ථාවේ කරන ලද අවවාදයත් කෝට්ටේ යුගයේ ලියවුණ “කාව්‍යශේඛරයෙහි” මෙසේ සඳහන් වෙනවා.
හිමි ගමනක් ගොසින් - ගෙට ආ කලට සතොසින්
නොයවා දාසියන් - නුඹම පය සෝදපන් සතොසින්
එහි තේරුම තමයි “තමන්ගෙ ස්වාමිපුරුෂයා නිවසින් පිටවී දුර ගමනක් ගොස් නැවත නිවසට පැමිණෙන විට නිවසේ වැඩකරන දැසි දස්සන් ස්වාමියා ඉදිරියට නොයවා තමාම ඉදිරියට ගොස් පය සෝදා ගෙතුළට ගන්න.” එයින් පේනවා බිරිය තම ස්වාමියාට කොතරම් පූජනීයත්වයෙන් සැලකිය යුතුද, මොන තරම් ගෞරවයකින් හා සෙනෙහසින් තමාගේ ස්වාමියා පිළිගත යුතුද කියලා. පවුලක මව, පියාට ගරු සරු ඇතිව ක්‍රියාකිරීම තුළ දරුවන්ද තම පියාට ගරුකරන්න පෙලඹෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ “භාර්යාව” සත් ආකාරයකින් හඳුන්වනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන්ද?
තථාගතයන් වහන්සේ ‘සත්ත බරිය’ සූත්‍ර දේශනාවේ වදාරා තිබෙනවා වධක බරියා, (නිතර නිතර තම ස්වාමියාට කරදර හිරිහැර කරමින් ඔහුගේ මානසිකත්වය විනාශ කර අසහනයට පත්කරන) ආර්ය බරියා, (බොහෝ සේ ස්වාමි භක්තියෙන් කටයුතු කරමින් ඔහු සනසාලන බිරිය) බගිණි බරියා (සැමියාට තමන්ගේ සහෝදරයකුට වගේ සලකන කරුණාවන්ත බිරිඳ), සඛී බරියා (කල්‍යාණ මිත්‍රයෙක් තවත් කල්‍යාණ මිත්‍රයකුට සලකනවා වගේ දැඩි විශ්වාසයෙන් තම ස්වාමියාට සලකන බිරිය), මාතු බරියා (මවක් තම දරුවකුට ආදරෙන් සලකනවා වගේ තම ස්වාමියාට සලකන බිරිඳ), චෝර බරියා (ස්වාමියා දුක් මහන්සි වී උපයන ධනය සොරකම් කර තමාගේ සුඛ විහරණය සඳහා යොදා ගන්නා බිරිඳ), දාසි බරියා (ස්වාමියාට යටහත් පහත්ව ගෞරවයෙන් යුතුව දාසියක් මෙන් ගරු සත්කාර කරන බිරිඳ) ආදී වශයෙන් සත්භාර්යවරු පිළිබඳවත් ඒ අයගේ ක්‍රියාවන් පිළිබඳවත් ඒ අතරින් වධක බරියා සහ චෝර බරියා හැර අනිත් භාර්යාවන් ස්වාමියාට ශ්‍රියා කාන්තාවක් වෙනවා.
ස්වාමීන් වහන්ස! අද සමාජයේ විවාහපත් බොහොමයක් පිරිස් අතර අඩ දබර ඇති වෙනවා වගේම ඇතැම් විවාහපත් වූවන් වෙන් වෙන තරමට ගැටලු මතුවෙනවා. මේ සම්බන්ධව ඔබ වහන්සේ දක්වන අදහස කුමක්ද?
ඔය කාරණය වර්තමාන සමාජය තුළ සුලබව දකින්න තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අනවබෝධය හා අපදාන බව. පෘථග්ජනයින් වශයෙන් ජීවිතයේ ගැටලු මතුවන එක ස්වභාවිකයි. මා පෙර සඳහන් කළ පරිදි බිරිය හා සැමියා තම තමන්ගේ යුතුකම් හා වගකීම් ගැන අවබෝධයක් ලබාගන්න ඕන. විවාහ දිවියට ඇතුළත් වෙනවා කියන්නේ වගකීමෙන් කටයුතු කරන්න ඕන කාලය ඇවිත් කියන එකයි.
ඉවසීම වගේම ඥානවන්තකමත් ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වෙනවා. එකිනෙකාගේ බලය පෙන්වීමට යාම තුළින් විවාහ ජීවිතය දෙදරා යන බව පේනවා. එකිනෙකාට තිබෙන සීමාවන් තේරුම්ගෙන කටයුතු කරනවා නම් ගැටුම් ඇතිවන්නේ නැහැ. විවාහ වෙනවා කියන්නේ මියෙන තුරාවට දුකසැප එකසේ විඳ දරාගෙන සතුටින්, සමගියෙන්, ජීවත්වෙනවා මිස අඩ දබර ඇති කරගෙන ජීවිතය අපායක් කරගෙන අසහනයෙන් ජීවත්වෙනවා කියන එක නෙවෙයි. දික්කසාදයත් විලාසිතාවක් කරගන්න තරමට අද සමාජය පිරිහිලා. එවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ. එනිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. එවිට ජීවිතය යහපත් වේවි.
කඩිහිංගල ධම්මරක්ඛිත හිමි
සටහන - නිශාන් මෙන්ඩිස්
ඡායාරූපය - ශ්‍රීකාන්ත