පන්සිල් බුදු දහමට සීමා වූවක් නොවේ
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බුදුරජානන් වහන්සේ දේශනා කරන ලද ධර්ම විනය කරුණු වෙනස්කම්වලට ලක් නොකොට පිළිගන්නා, ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වශයෙනුත් බාහිර ලෝකයා පිළිගන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. ධර්මද්වීපය, සද්ධර්මද්වීපය ආදී වූ බුදු දහම හා සබැඳුණු කීර්ති නාමයන් රාශියකිනුත් අපේ රට හැඳින්වෙනවා.
ඒ කෙසේ වුවද අනේක විධි වූ දුසිරිත් අපරාධ ආදී වූ සදාචාරාත්මක කෙලෙසීම් අතින් දැන් අපේ මේ දහම් දිවයින සෙසු අබෞද්ධ රටවල් සිය ගණනක් අභිබවා හිඳින බව කිසිවෙකුටත් රහසක් නොවෙයි. නිර්මල බුදු දහම පවතින රට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුනේ කෙසේද? බෞද්ධයන් වශයෙන් අප කවුරුත් මේ පිළිබඳව ඉතාමත් හොඳින් විමසා බැලිය යුතුයි. ඔබේ දිවියට ‘සැබෑ සැනසුම’ උදා කරගන්නා අන්දම සැකෙවින් පහදා දෙන මේ පොත් පිංචෙහි ඇරඹුමේදීම අප ඒ පිළිබඳ මඳක් සාකච්ඡා කරමු. එය බුදු දහමින් අප කවුරුත් අපේක්ෂා කරන සැබෑ සැනසුම ලැබීමේ පූර්විකාවක් ද වෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 69% ක් පමණම ඉන්නේ බුදු දහම අදහන අය. බෞද්ධයන් නැතහොත් බුද්ධාගම්කාරයන් වශයෙනුයි පොදු ජන සමාජයේදී ඔවුන් හැඳින්වෙන්නේ. එනිසා අබෞද්ධයන් හිඳින දේශයන් අභිබවමින්, බුද්ධාගම්කාරයන් හිඳින අපේ රට විනාශ මුඛයට පිවිසෙන්නේ බුදු දහමේ ඇති කිසියම් අඩුපාඩුවක් නිසා යැයි සමහරුන් සිතන බව පෙනෙනවා. නමුත් මෙහි යථාර්තය අදත් බොහෝ දෙනා වටහාගෙන නැහැ.
අප අදහන බුදු සමය මූලික බුදු දහම, බෞද්ධ දර්ශනය සහ බුද්ධාගම යනුවෙන් කොටස් 3 කට බෙදන්න පුළුවන්. මේ කොටස් තුන මතුපිටින් එකම දෙයක් වශයෙනුයි පෙනෙන්නේ. නමුත් ඒ පිළිබඳව ගැඹුරෙන් විමසන විට මේ එකි නෙකෙහි පැහැදිලි පරස්පරතා දක්නට ලැබෙනවා. අපි දැන් මේ එකින් එක වෙන වෙනම විමසා බලමු.
1 බුදු දහම:
බුදු දහම යනුවෙන් හැඳින්වෙන්නේ අඛණ්ඩව පැවත එන ධර්ම - විනය සම්ප්රදායයි. මෙම සම්ප්‍රදායන් තුළ ශ්‍රී මුඛ දේශනාවන් වගේම පසුකාලීනව එක් වූ වියත් මතිමතාන්තරත් යම් යම් දුරට ගැබ්වෙලා තිබෙනවා. නමුත් ඒවා වෙන් වෙන්ව හඳුනා ගැනීම අසීරු නැහැ.
2 බෞද්ධ දර්ශනය
බුදු දහමෙහි එන මූලික ශ්‍රී මුඛ දේශනාවලින් මතුවන හරය විචාරාත්මකව අධ්‍යයනය කිරීම තුලින් පසුකාලීන වියතුන් බෞද්ධ දර්ශනය (Buddhist Philosophy) නම් විශේෂිත දර්ශනයක් ඉදිරිපත් කොට තිබෙනවා. බුදුරජානන් වහන්සේ ත්රිලක්ෂණය නුවණින් දැකීම සඳහා දක්වන ලද ‘දස්සන’ යන වදනත් මෙහි එන දර්ශනය (Philosophy)යන්නෙහි විශාල වෙනසක් පවතිනවා. කෙසේ වුවද අපේ මූලික බුදු දහම ජාත්‍යන්තර වශයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි ඇති දාර්ශනික ස්වරූපය නිසයි. මතක තබා ගන්න, මෙවන් ගැඹුරු දර්ශනයක් පිළිබිඹු කෙරෙන අන් දහමක් එදා මෙදා තුර ලොව බිහිවී නැති බව. ලොව පුරාම අබෞද්ධ පඩිවරුන් විශාල පිරිසක් ද එය පිළිගෙන තිබෙනවා.
3 බුද්ධාගම:
අපේ රටේ 69% ක් වූ බෞද්ධයන්ගෙන් 90% කටත් වඩා බුදු දහම වශයෙන් දක්වන්නේ මේ බුද්ධාගමයි. නමුත් මේ බුද්ධාගම ඇදහීම බුදු දහම පිළිපැදීම හෝ බෞද්ධ දර්ශනය පිළිගැනීම නොවෙයි. මේ බුද්ධාගම සඳහා මුල්ව ඇත්තේත් බුදු දහම තමයි. නමුත් හුදෙක් අභිචාර විධි මත පදනම් වූ මෙම ප්‍රසිද්ධ බුද්ධාගම ඉතා සීඝ්‍ර ලෙස කලානුරූපව පරිණාමය වුණා. එසේ වුණේ බාහිර ආගමික - සංස්කෘතික බලපෑම් ඉවක් බවක් නොමැතිව පිවිසුවා ගනිමින්. ඒ අනුව අද අප අදහන බුද්ධාගම බුද්ධ දේශනාවන්හි මූලික හරය නොතකා මුළුමනින්ම මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් ගෙන ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දිය යුතුයි. මිනිසා විසින් පිළිපැදිය යුතු සදාචාර ධර්ම සමුදායක් මත පදනම් වූ බුදු දහමෙයි හරය ඉවතට දමන වර්තමාන සමාජය ධර්ම මාර්ගයෙන් පිටත පැන අගතිගාමී ලෙසින් කටයුතු කරන අතරේ තමන්ගේ එම අවතුම් පැවතුම් සඳහා මේ වන විට බුද්ධාගමත් ඉතා විපරීත ලෙස සකස් කරගෙන තිබෙනවා. බුදු දහමෙන් කියැවෙන්නේ මිනිසාගේ මෙලොව පරලොව යහපත සඳහා අනුගමනය කළ යුතු පුතිපදා මාර්ගයක් මිස හුදෙක් පූජා හෝ යාඥා ක්‍රමයක් නොවන බව බුද්ධ දේශනා මගින් මනාව පැහැදිලි වෙද්දී අපේ බෞද්ධයන් වැදගත් දේ නොවැදගත් ලෙසත් නොවැදගත්දේ වැදගත් ලෙසත් සළකමින් කටයුතු කරනවා.

බෞද්ධයා යනු කවරෙක්ද?
බුදුරජාණන්වහන්සේගේ ධර්මය ලොව සියලුදෙනාගේ දෙලොව හිත සුව පිණිස දේශනා කරන ලද්දක්. තිසරණ සරණ එළැඹීමේ නියත ප්‍රතිඥාවක් මගින් ආර්ය අශ්ඨාංගික මාර්ගය නම් වූ එම දහම පිළිගෙන එම මාර්ගයට පිවිස හිඳින තැනැත්තායි බෞද්ධයා වශයෙන් හඳුන්වන්නෙ. සමාජීය වශයෙන් එසේ බෞද්ධයන් යනුවෙන් හඳුන්වනු ලැබුවද තෙරුවන් සරණ ගිය ගිහියන් සඳහා යෙදෙන්නේ උපාසක උපාසිකා යන යෙදුමයි. නමුත් අද සමාජයේ මේ ‘උපාසිකා’ යන්න විශේෂිත අරුතක් දනවන්නක්. අද සමාජය උපාසක උපාසිකා නමින් හඳුන්වන්නේ සිල්රෙදි පොරවා ගත්තවුන් පමණයි. නමුත් බෞද්ධයන්ගේ නිත්‍ය ශීලය වන පංච ශීලයෙහි පිහිටි ගිහියන් වුණත් මේ උපාසක උපාසිකා යන නම ලැබීම යෝග්‍ය වෙනවා. ඒ අනුව තෙරුවන් සරණගොස් නිත්‍ය ශීලයක් ආරක්ෂා කිරීමට බැඳී සිටින පිරිස පමණයි සැබෑ බෞද්ධයන් වශයෙන් හැඳින්විය හැක්කේ. උපතින් පමණක් බෞද්ධ වූ අය ලේබල් බෞද්ධයන් වශයෙන් පමණයි නම් කළ හැකි වන්නේ.
පන්සිල් බුද්ධ භාෂිතයක් ද ?
ගිහියන්ගේ නිත්‍ය ශීලය වන පංච ශීලය බුද්ධ කාලයටත් පෙර සිටම පැවති උතුම් සදාචාර ධර්ම පද්ධතියක්. තමන්හට සේම අනුන්හටත් අවැඩක් අයහපතක් සිදු නොකර තමන්ටත් අන්‍යයන් හටත් අර්ථවත් වන ලෙසින් ජීවිතය ගත කරන අන්දමයි මේ පංචශීල ප්‍රතිපදාවෙන් දැක්වෙන්නේ. එහි පළමු ශික්ෂා පදය ගෙන බලමු.
‘පාණාතිපාතා වෙරමණී සික්ඛා පදං සමාදියාමි’ යන්නෙහි අදහස ‘පරපණ නැසීමෙන් වැළකිමි’ යන්නයි. මොලොව ජීවත් වන සියළුම දෙනා හට ජීවත්වීමේ අයිතිය තහවුරු කෙරෙන ආචාර විද්‍යාත්මක ශික්ෂා පදයක් ලෙස මෙය දැක්විය හැකියි. එසේම පන්සිල් පිළිබඳව කෙරෙන විස්තරයන්හිදී අනුන් වැනසීම පිණිස දඬුමුගුරු පිහි ආදිය නොඔසවන ලෙසත් තමන් උපමා කොට අනුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙසත් බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ නිසා පංචශීලය බෞද්ධයන්ට පමණක් කැප වූවක් යැයි සිතන්නට බෑ. සදාචාර පැවැත්මක් අගය කරන්නාවූ සියල්ලන් විසින්ම වැඩිය යුතු මිනිස් ගුණදම් මාලාවක් තමයි බෞද්ධයන් පංචශීලය වශයෙන් සමාදන් වන්නේ.
පන්සිල් බුදු දහමට අයත් වන්නේ කෙසේද?
අප බොහෝ දෙනෙක් අදහස් කරන අන්දමට පන්සිල් බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නොවෙයි. දුරාතීතයේ සිට වර්තමානය දක්වාම උතුම් මිනිසත් බවේ උත්තරීතරත්වය රැක ගනිමින් ජීවත් වූ සහ ජීවත් වන බෞද්ධයන් සේම, අබෞද්ධයන්ද මේ පංච ශීලය ආරක්ෂා කළා විය හැකියි. නමුත් බෞද්දයන් මේ පන්සිල් රකින්නේ ඊට වඩා ශ්‍රේෂ්ඨ අරමුණක් ඇතිවයි. එනම් ඔවුන් පංච ශීල ප්‍රතිපදාව බුදු දහමෙහි පමණක් දැක්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ පවත්නා වූ නිර්වානගාමී ප්‍රතිපදාවෙහි පදනම් වීමයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන වදන තරමක් ගැඹුරු අරුතක් පළ කරන්නක් වුවද සිත කය වචනය තුන් දොරෙහි දමනය හා සංයමය ඒ තැනැත්තා නිර්වාණය වෙත යොමු කෙරෙන අන්දමයි මෙහි සවිස්තරාත්මකව දැක්වන්නේ. තමන් හටත්, අනුන් හටත් අනර්ථය පිණිස වන සියලුම සිතිවිලි, වදන් සහ ක්‍රියාවන්ගෙන් වැළකී, තමන් හටත් අනුන් හටත් යහපත් අර්ථ චර්යාවන්හි යෙදී සිත මානාව දමනය කර ගත් කෙනෙකුට නිවන් මගට පිවිසීමට හැකි බවයි බෞද්ධ ඉගැන්වීම.
අද කාලේ හැටියට පන්සිල් රකින්න බැරිද?
තමන් හටත් අනුන් හටත් අනර්ථයක් සිදු කිරීම පස් පව් වශයෙන් අප මුලින් සඳහන් කළා. ඒ අනුව අද සමාජයේ කෙනෙකුට පන්සිල් රැකීමට නොහැකියැයි කියන්නේ තමන් හටත් අනුන් හටත් අයහපතක් සිදු නොකරමින් ජීවත් වීමට නොහැකි යැයි පැවසීමයි. පන්සිල් පිළිබඳව අපේ රටේ බෞද්ධයන් දක්වන ආකල්පය කෙබඳු වුවද ලොව දියුණු රටවල ඇතැම් පාසල් දරුවන් පවා මේ පංච ශීල ප්‍රතිපදාව පිළිබඳ අධ්‍යයනය කොට බුදු දහමේ එන පංච ශීල ප්‍රතිපදාව සදාචාරාත්මක සමාජයක පදනමය යනුවෙන් ඔවුන්ගේ රචනා නිබන්ධන පවා ලියූ අවස්ථා අප පෞද්ගලිකව දන්නවා.
REF: www.lakbima.lk