අඩු ආදායම් පවුල්වල දූ දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි
|
|
මතකද අපිත් ගොඩක් දුක් විදලානේ ඉගෙන ගත්තේ ..! ඔයාලට මෙන්න මේ පොතක් පැන්සලක්, ඇදුමක් , සෙරෙප්පු කුට්ටමක් ගන්න බැරි අහිසක දරුවන් පිහිට වෙන්න අවස්ථාවක් ..!
පින්වත් යාලුවනේ ඔයාල දන්නව පහුගිය කාලෙ අපි කල පින්කම්. මේ පිලිබද මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
ඉතින් අපි 2013.09.25 දින ධර්ම දේශනයක් පැවැත්තුව කියල ඔබ දන්නව නේ. එදාම අපි අහිංසක දූ දරුවන් ඉන්න පාසැලක දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබා දුන්න. විශේෂයෙන්ම කියන්න ඕනි මම ඉල්ලුවෙ එක නිල ඇදුමකට පමණක් සල්ලි. ඒනිසයි ගොඩදෙනෙක් පොඩි මුදල් දීල තියෙන්නෙ. ඒක මම හිතපු විදිහ. නමුත් මගෙ පින්වත් යහලුවො මම හිතුවටත් වඩා විශාල මුදලක් මට රැස් කරල දුන්න. එක් නිල ඇදුමකට මුදල් දුන්න අය දුක් වෙන්න එපා. මොකද ඒ මම ඉල්ලුපු විදිහනෙ. ඉතින් මේ නිල ඇදුම් පාසැලේ ගුරුවරයෙක් විසින් බොරැල්ලේ කොවිද හිමිපාණන් අතින් බාරගත් අයුරු ඔය රූපයේ තියෙන්නෙ. ඉතාම ඉක්මනින් විදුහල්පතිතුමා ලබාදෙන ස්තුති කිරීමේ ලිපිය ලැබෙන්න සලස්සන්නම්.
පහත සදහන් අය විසින් අපිට මුදල් ප්‍රමාණයන් එවල තිබුන. මේ තියෙන්නෙ මුදල් ලැබුන පිලිවෙලටයි.
- ලයනල් ගුණතිලක මහතා 5000/-
- දිනුෂ විජේතුන්ග මහතා 800/-
- රුවන් එස්. ජයසිංහ මහතා 5000/-
- නෙවුශිකා හේරත් මිය 1000/=
- චාමර මහතා 2000/-
- බියන්කා තෙන්නකොන් මිය 1000/-
- ජගත් කුමාර මහතා 5000/-
- රුවන් හෙට්ටිආරච්චි හා මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල =5123.23
- නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා =5123.23
- මංජුලා මිය =5123.23
- රන්ජිත් මුණසිංහ=1712.41
- රේණුකා හේරත් =1712.41
- රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ=1712.41
එතකොට මේ සියල්ලෙම එකතුව රුපියල් 40,307 /= ක් පමණ වෙනව.
එතකොට යාලුවනේ ඔය සල්ලි දුන්න අය අතර ඉන්න මංජුලා මිය කියන්නෙ අර බණට සල්ලි දුන්න අක්ක. එයා බණ වෙනුවෙන් වියදම් කරන්න වෙනම සල්ලි එවල තිබුන. නමුත් පොඩි මුදලක් මදි උන නිසා මේ නිල ඇදුම්වලට එයා එව්ව මුදලින් පොඩි මුදලක් බණ වෙනුවෙන් ගත්ත. රැ. 1407 /=ක්.
එතකොට 40,307.00 – 1407.00 = 38900යි.
ඒ කියන්නෙ නිල ඇදුම් ගන්න 38900/=ක් ලැබිල. එකෙන් නිල ඇදුම් වලට ගියෙ 17500/=යි.
38900.00 – 17500.00 = 21400.00
එවපු මුදල් වලින් 21400 /=ක් තියෙනව. අපි කල්පනා කලා මේ ප්‍රදේශයේ තියෙන තවත් පාසැලකට නිල් කලිසන් ටිකක් ලබාදෙන්නට. ඒක අපි ලබන සතිය තුල සිදුකෙරෙනව. ඉකින් මේ බින්කමට ඔබ සියලු දෙනා වගේම සරත් කුමාර මහතා ගොඩක් මහන්සි උනා. එතුමා තමයි මේ රෙදි කොළඹින් අරගෙන කපල පිලිවෙලකට සකස් කරල අපිට එව්වෙ.
මේ මුදල් පිලිබද නිවැරදිවම මෙලෙස සටහන් කලේ ඔබ දැනගතයුතු නිසයි. එසේ නොවන්නට මට නරක නාම එන්න ඉඩ තියෙනව.
ඉතින් උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා...
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා ... ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලක අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා ... සියලු සැප සම්පත් පහල වේවා ... ඔබේද දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ... සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා ... බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා ...
සතවයා කෙරේ අපමණ මෙත් සිතින් එරන්ද ලක්මාල් වන මා විසින් ගෞ.තම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි ...
- ගිණුම් හිමිකරුගේ නම - එන්.ඒ.චන්දන තිලකසිරි කුමාර
- ගිණුම අදාල බැංකුව - මහජන බැංකුව
- ශාඛාව - පොතුහැර
- ගිණුම් අංකය - 280 - 2 - 001 - 7 - 0031930
- දුරකථන අංකය - 071- 2933180
~ සටහන එරන්ද ලක්මාල් සොයුරා විසින් ~
ඔහුගේ සියලු කටයුතු සාර්ථක වේවා ..! වේවා ..!!
තෙරුවන් සරණ යි
ඔහුගේ සියලු කටයුතු සාර්ථක වේවා ..! වේවා ..!!
තෙරුවන් සරණ යි