Alcohol Addiction & Prevention
මත්වීමටත් ප්‍රමාදයටත් (නොසැලැකිල්ලටත්) කරුණු වන සුරාමේරය පානයෙන් වැළැකෙන ශික්ෂාපදය සමාදන් වෙමි.
සුරා - නම් නා නා ලෙසින් බත් - පිටි - ගෙඩි ආදී ද්‍රව්‍ය හා වතුර එක්කොට පල් කරගත් මද්‍යවිශේෂයෝ ය.
මේරය - නම් මල් ගෙඩි ආදියෙන් වාස්වා ගන්නා ලද යුෂ පල් කරගත් මද්‍යවිශේෂයෝ ය.
මජ්ජ - නම් මත්වීමයි. මෙහි මදනීයාර්ථයෙන් හෙවත් මත් කරන්නට සමර්ථය යන අර්ථයෙන් යටැ කී සුරාමේරයත් ලොවැ ඇතිතාක් වෙනත් මද්‍ය විශේෂත් ඇතුළත් වෙති.
පමාද - නම් නොසැලැකිල්ලයි. තමාගේ මනුෂ්‍යකම - බෞද්ධකම - පිරිමිබව - ගැහැණුබව - ළදරු තරුණ මහලුබව - උගත් නූගත්බව - දුප්පත් පොහොසත් බව ආදි හැම තත්ත්වයක් ම අමතකවීම, නොසලකා හැරීම මේ ප්‍රමාද පදයෙන් කියැවේ.
සුරාපානය යයි කෙටියෙන් කී විට යටැ සඳහන් හැම මද්‍යවිශේෂයක් මැ ගැනෙන ලෙස සලකා ගත යුතුය. මේ සුරාපානයෙන් වැළැකීම ගිහි බෞද්ධයන්ගේ නිත්‍ය ශීලයක් ලෙස වදහළ බුදුරජාණන් වහන්සේ සුරාපානය නිසා මනුෂ්‍යයා දෙලොවින් ම පිරිහෙන අයුරු ද මැනැවින් පැහැදිලි කළහ.
යංමනුස්සාවිවජ්ජෙන්ති - සප්පංඝෝරවිසංවිය
ලොකේවිසසමානංතං - කෝනරෝපාතුමරහති
දරුණු විෂ ඇති සර්පයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? මේ ආදී ගාතා විසිහතරෙකින් (24) කුම්භ ජාතකයෙහි මත්පැන් දොස් ප්‍රකාශ වෙයි.
ධම්මික සූත්‍රයෙහි දී, ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ උම්මාදනං මෝහනං බාලකන්තං යී මිනිසුන් එකෙණෙහි ම උමතුබවට හා මුළාබවට ද පමුණුවන අඥානයන් පොළොඹවන මේ සුරා නම් පව් උණන උල්පත් විශේෂයෙන් හළ යුතු යයි වදාළහ.
වසල - පරාභව ආදී නොයෙක් සූත්‍රයන්හි ද ධම්මධ්වජ ආදී නොයෙක් ජාතකයන්හි ද සුරාපානයෙහි ආදීනව මැනැවින් ප්‍රකාශ කොට ඇත්තේ ය.
සිඟාලෝවාද සූත්‍රයෙහි දී
1. මෙලොවදී ම ධනහානියට පැමිණීම,
2. සණ්ඩු කෝලාහල වැඩිවීම,
3. නොයෙක් ලෙඩ උපදවන බව,
4. සුරාධූර්තයෙක (බේබද්දෙක) යන අපකීර්තියක් ගෙන දෙන බව,
5. ලජ්ජා නසන බව,
6. දුබල කරන බව දැයි මෙලොව ම සුරාපානයෙන් ලැබෙන ප්‍රධාන ආදීනව හයක් වදාළ සේක.
මේ ආදීනවයන් අතුරෙන් නුවණ දුර්වල වීම හා රෝග බහුල වීම ද පිලිබඳව දිනමිණ පත්‍රයෙහි පළවූ ලංකා පුත්‍රගේ ලිපියෙකින් කොටසක් සඳහන් කරනු කැමැත්තෙමි.

මද්‍යසාරයෙන් නිදහස් වෙමු…
වර්තමානයේ ඇතැම් මිනිසුන් සතුට සැමරීම හා දුක සමනය කරගන්නට මද්‍යසාර නැතිවම බැරි පානයක් බව සලකන්නට පුරුදුව ඇත. කෙසේ වුවද පැහැදිලිව කිව යුතු කාරණාව වන්නේ ඔබ මද්‍යසාර සඳහා ඇබ්බැහිවීම යනු අහක යන නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවෝ කනවෝ යැයි කෑ ගැසීමට කදිම නිදසුනක් බවය. සහනය හෝ සතුට ලැබෙන බව සිතා ඔබ ලං කරගන්නා මද්යසාරම ඔබ ප්‍රපාතයකට ඇද දමනු ඇත.
අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බියර්, කසිප්පු ආදී නොයෙකුත් නම් වලින් විවිධ පෙළපත් දරමින් වටිනාකම අනුව නොයෙකුත් මත් පැන් වර්ග ඇත. කෙසේ වුවද වඩාත්ම ප්‍රචලිතම මධ්‍යසාර වර්ගය ලෙස අරක්කු සැලකිය හැකිය. පොල්මල්, උක්, සහල් හෝ වෙනත් පළතුරු වර්ගයක් භාවිතා කොට අරක්කු නිෂ්පාදනය කෙරේ. එතිල් ඇල්කොහොල් හෝ එතනෝල් සේ රසායන විද්‍යානුකූලව හඳුන්වන කාබන් ,හයිඩ්රජන් හා ඔක්සිජන් පරමාණු එකතුවෙන් නිර්මාණය වී ඇති මේ සංයෝගය වාෂ්පශීලී, අවර්ණ, ගිනි ගන්නා සුළු එයටම ආවේණික ඝන්ධයකින් යුත් ද්‍රවයකි.
මත්පැන් ගත් විට ශරීරයේදී සිදුවන්නේ කුමක්ද?
මද්‍යසාර ආමාශය සහ බඩවැල් මඟින් අවශෝෂණය කරගැනීමෙන් පසුව අක්මාව හරහා සිදුකෙරෙන බහිශ්‍රාවී ක්‍රියාවලිය මඟින් මද්‍යසාර විශාල ප්‍රතිශතයක් ශරීරයෙන් බැහැර කරවයි. අක්මාව මඟින් මද්‍යසාර වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමේ කාර්යයභාරය සිදු කරන බැවින් රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය ක්ෂණිකව වැඩිවීම්ක් සිදුනොවේ. විද්‍යඥයන්ගේ පිළිගැනීම මද්‍යසාර මොළය වෙත ගමන් කිරීමට අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ගත වන බවය.
එසේම මිනිසාගේ ආහාර ජීර්ණයේදී පද්ධතියේ දිනකට ඇල්කොහොල් ඉතා සුළු ප්‍රමාණයක් නිෂ්පාදනයවේ. නිරෝගී ජිවිතයක් සඳහා මෙසේ ශරීරය තුල නිෂ්පාදනය වන එතනෝල් බිඳ හෙලීමට ලක්ව අවසන් ප්‍රතිඵලය ලෙස ජල අණුවක් හා කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් බවට පත්වේ. මද්‍යසාර භාවිත කරන්නන්ගේ සිරුර තුළ මධ්‍යසාර බිඳ හෙලීමේ ක්‍රියාවලිය හා මධ්‍යසාර බිඳහෙලීමේ අතුරුඵල සිරුරෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය යන ක්‍රියාවලීන් දෙක සෑම පුද්ගලයකුගේම සමානව සිදු නොවේ. එනම් සමහරුන් තුළ මෙම ක්‍රියාවලිය වේගවත්ව සිදුවන අතර සමහරුන් තුළ මෙම ක්‍රියාවලිය සෙමෙන් සිදුවේ. එවිට සිදුවන්නේ ඉහත ක්‍රියාවලීන් වල අතුරුඵල වන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරය තුළ එකතුවීමයි. එසේම මද්‍යසාර බිඳහෙලීමේ ක්‍රියාවලියට ජානමය බලපෑමක් හා ස්ත්‍රී පුරුෂභාවය බලපානු ලබයි.
ඒ අනුව මද්‍යසාර අවශෝෂණය වීමෙන් අනතුරුව මෙම එතනෝල් නම් රසායනික ද්‍රව්‍ය රුධිරය හරහා මොළයේ ස්නායු වෙත ගමන් කරයි. ඒ අනුව මෙම රසායනිකය මඟින් මතිෂ්ක අවපීඩනයක් ඇති කරවයි. එනම් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු කරවයි. ඔබ නිදි පෙති කෙදිනක හෝ භාවිතා කර තිබේද? සාමාන්‍යයෙන් මද්‍යසාර භාවිතයෙන් පසු ප්‍රතිඵලය නිදි පෙති පානය කල පසු දැනෙන දැඩි අලසබව නිදි බර බව ක්‍රියාශීලී බව අඩු වීම ආදිය බව කියවේ.

එහෙනම් ඔය මද්‍යසාර පානය කරපු අය අපූරුවට දඟලලා සින්දු කියලා නටන්නේ?
මොළය කරා මද්‍යසාර ගමන් කිරීමට විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ගතවන බව විද්‍යානුකූල පිළිගැනීම වුවද බොහෝ දෙනා මද්‍යසාර පානය ආරම්භයත් සමඟම වෙනසකමක් දක්වයි. මෙය මනස හා ආකල්පමය වශයෙන් සිදුවන තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය. ඔබේ මනස ඔබවම රැවටීමකට ලක් කරයි. එයට කදිම නිදසුන රුසියානු ජාතික විද්‍යාඥ අයිවන් පැව්ලෝ විසින් බල්ලෙක් යොදා ගෙන කළ පරීක්ෂණය දැක්විය හැකිය. මෙම පරික්ෂණයේදී පළමුව සීනුවක් නාදකොට ඉන්පසුව බල්ලාට මස් කැබැල්ලක් දෙන ලදී. නැවත නැවත සීනුව නාද කරන සෑම අවස්ථාවකම බල්ලාට මස් කැබැල්ලක් හිමිවිය. සීනු හඬ සහ මස් කැබැල්ල අතර සම්බන්ධතාවය හරහා බල්ලාගේ හැසිරීම් නිරීක්ෂණය කරන ලදි. සීනුව නාදකොට මස් කැබැල්ල දෙන සෑම අවස්ථාවකම බල්ලාගේ කටින් කෙළ උනන්නට විය. ටික වේලාවකට පසුව සීනුව නාදවූ සැනින් බල්ලාගේ කටින් කෙළ උනන්නට විය. නමුත් මස් කැබැල්ලක් නම් හිමි නොවීය. සීනුව නාද කිරීම සහ බල්ලාගේ කෙළ ඉණීම එකවිට සිදුවූ බව නිරීක්ෂණය කරන ලදි. සීනුව නාදකරන්නේ මස් ලබා දෙන්නටය යන අදහස බල්ලාගේ මනසට කාවැදී තිබුණු නිසාවෙන් සීනු හඬ ඇසූ පමණින් බල්ලාගේ කටට කෙළ උනන්නට වූ බව ප්රත්යක්ෂ විය. මස් නැතිව වුවද සීනුව නාද කළ විට කෙළ ඉනීම සිදුවිය. සීනුව නාදවීම සහ කෙළ ඉනීම කිහිපවරක් එකවර සිදුවීම නිසා සීනුව නාදවූ විට කෙළ ගැලීම බල්ලා පුරුදුවූ අලූත් හැසිරීමයි. මේ අනුව අලූත් හැසිරිම් පමණක් නොව අලූත් චිත්තවේගයන් ද ඉගෙන ගැනීමට හැකිවේ.
මිනිසාට සිදුව ඇත්තේද බල්ලාට සිදු වූ දෙයමය. මද්‍යසාර ගත් පසු උත්තේජනය වී ඉතා ක්‍රියාශීලී විය හැකි බවට පුද්ගල මනසට දීර්ඝ කාලයක් ඒත්තු ගැන්වූ පසු සිතෙහි මුල් බැස ගත් මෙම වැරදි ආකල්පන් අනුවම ඔවුන් ක්‍රියාකරයි. දුබල වන ගතට බලෙන් ශක්තිය නංවා නිදිමත පසෙකලා ගීත ගයමින් රඟමින් කෑකෝ ගසමින් රණ්ඩු සරුවල් කරමින් කලබලකාරී ලෙස හැසිරෙන්නේ මෙම ආකල්ප නිසා මිස මද්‍යසාර වල සැබෑ ක්‍රියාකාරීත්වය මත නොවන බව ඔබ අවබෝධ කරගන්න.

මද්‍යසාර වලට ඇබ්බැහිවීමක් සිදුවෙනවද?
මද්‍යසාර භාවිත කරන පුද්ගලයන්ගෙන් සළු පිරිසක් මද්‍යසාර වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මකව එකම රසායනිකයක් නොකඩවා ශරීර ගත වීමේදී රුධිරය හරහා මොළය වෙත මෙම රසායනිකයන් ගලා යාමක් සිදුවේ. මෙසේ දීර්ඝ කාලීනව නොකඩවාම එම රසායනිකය ලැබෙන විට මොළය මෙම රසායනික ද්‍රව්‍යයට මොළය හුරුවේ. එම නිසා යම් පුද්ගලයකු දීර්ඝ කාලීනව භාවිතා කළ මද්‍යසාර හිටි හැටියේ නතර කළ පසු ඔහුට විරමන ලක්ෂණ පහළවේ. දීර්ඝ කාලීනව මද්‍යසාර භාවිතා කළ පුද්ගලයෙක් එකවරම මද්‍යසාර නතර කළ පසු මොළයේ ක්රියාකාරීත්වයද වෙනසකට බඳුන්වේ. අතපය වෙව්ලීම නින්ද නොයෑම විකාර මායා රූප පෙනීම වලිප්පුව වගේම මරණය වුවත් සිදුවීමේ අවදානමක් ඇතිවේ. එනිසා මද්‍යසාර දිනපතාම බොන්නට පුරුදු වූ පුද්ගයකු මද්‍යසාර වලින් ඈත් විය යුත්තේ වෛද්‍ය උපදෙස් මත මොළයට බලපෑමක් නොවන ලෙසය. බොහෝ පුද්ගලයන්ට මද්‍යසාර වලින් මිදීමේ අවශ්‍යතාවය ඇති වුවද විරමන ලක්ෂණ දරාගත නොහැකි නිසාවෙන් නැවත මද්‍යසාර වෙත බොන්නට පෙළඹේ. එනිසා වෛද්‍යවරයකු වෙත යොමුවීම තුලින් ඔබගේ විරමන ලක්ෂණ මඟහරවා ගැනීමට වෛද්‍යවරයා ඔබට සහය වනු ඇත.
මද්‍යසාර පානයෙන් වැළඳෙන රෝග මොනවාද?
මද්‍යසාර පානයෙන් වැළඳෙන රෝග මොනවාද?
- මොළය ස්නායු පද්ධතිය ආශ්රිත රෝග
- අක්මාව හා අග්න්‍යාශය විනාශ කරයි
- හෘදය හා රුධිරය ආශ්රිත රෝග
- ආඝාතය හෙවත් අංශභාග තත්ත්වය ඇති වීම. අංශභාග තත්ත්වය ඇති වීමට මද්‍යසාර සෘජු බලපෑමක් කරනු ලබන බව සොයාගෙන තිබේ.
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත රෝග
- ලිංගික බෙලහීනතාවය: ලිංගික බෙලහීනතාවයද හෝමෝන අසමතුලිතතාවය එනම් පුරුෂයන්ගේ කාන්තා හෝමෝන ප්‍රමාණය වර්ධනය වන අතර පියයුරු විශාලවී වෘෂණ කෝෂ අක්‍රීය තත්ත්වයට පත්වේ.
මද්‍යසාර වලින් මිදෙන්නේ කෙසේද?
මද්‍යසාර වලට ඇබ්බැහි නොවූ පුද්ගලයෙකුට එනම් දිනපතා පානය නොකරන අයෙකුට ඕනෑම අවස්ථාවක මද්‍යසාර වලින් මිදී නිදහස් වන්නට හැකිය. මද්‍යසාර වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට එනම් දිනපතා මද්‍යසාර පානය කරන අයෙකු නම් වෛද්‍යවරයකු වෙත යොමුව මද්‍යසාර වලින් මිදී නිදහස් වන්නට කටයුතු කිරීම වැදගත්ය. එවිට වෛද්‍යවරයා විරමන ලක්ෂණ මඟහරවා ගැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම ඖෂධ ආදියද නියම කරනු ඇත. එසේම මද්‍යසාර අත්හැරීමට දැඩි ආත්ම විශ්වාසයක් තමන් තුල තිබිය යුතුය. මද්‍යසාර නැවැත්වීමට වඩා දෙයක් ඔබ කළ යුතුය. එනම් මද්‍යසාරයෙන් නිදහස් වීමය. උදාහරණය ලෙස විනෝද චාරිකාවක් සාදයක් යැයි පැවසු සැනින් ඔබට සිහියට නැඟෙන්නේ මද්‍යසාර නම් ඔබ සත්තකින්ම මද්‍යසාර වලින් නිදහස්ව නැත. කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර අංක 36 ට බ්‍රහස්පතින්දා සවස 2ට ගියහොත් මද්‍යසාර වලින් නිදහස් වන්නට ප්‍රථම අඩිතාලම යෙදිය හැකිය.
ඔබේ බුද්ධිය නිද්‍රාවට පත් කොට මෝඩකම පමණක් අවදි කළහොත් විද්‍යාඥ අයිවන් පැව්ලෝ මහතා පර්යේෂණයට ලක් කළ බල්ලා හා ඔබ අතර වෙනසක් නොවනු ඇත.එහෙයින් ඔබ ලෙහෙසියෙන් මද්‍යසාර කර්මාන්තයේ ගැට වලට හසුවීම වෙනුවට ඔබේ බුද්ධිය අවදිකරන්න. එවිට කිසි දිනක ඔබ මද්‍යසාර කර්මාන්තයේ උගුල් වලට හසු නොවනු ඇත. එසේම මද්‍යසාරයෙන් ඔබට නිදහස් වන්නට හැකි වනු ඇත.
කොළඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.
සටහන දිශාන්ති වෙදගේ