බාල වග්ගය
62. පුත්තා ම ත්ථි ධනම් ම ත්ථි
ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනො නත්ථි කුතො පුත්තා කුතො ධනං සිංහල තේරුම : අනුවණ දනෝ "මට දූ පුතුන් ඇත , දනය ඇතියි" දරු තණ්ණාවෙන් හා ධන තණ්ණාවෙන් වෙහෙස වෙති., එහෙත් හොදින් සිත බලතොත් තමාට තමාවවත් නැති බව වැටහෙනු ඇත .ඉතින් තමා සතුව ඇත්තේ කුමන දරුවන්ද ? කුමන ධනයක්ද ? සැබවින්ම නැත්තේමය. |
74. මමෙව කතමඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො මමෙ’ව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝ ච වඩ්ඩති සිංහල තේරුම : තමා වසන විහාර ආරාමයන්හි සියලු කටුතු තමා විසින්ම කරන , කරවන ලදි ගිහි පැවිදි සියල්ලෝ සිතත්වා! යි ද , එහි සියලු කටුතු තමාගේ ප්රධානත්වයෙන් පැවතේවායි ද අනුවණ භික්ෂුවකගේ සංකල්පය (මිත්යා) වේ . එහෙයින් ඔහුගේ තණ්හාව ද මානයද වර්ධනය වේ. |
75. අඤ්ඤා හි ලාභූපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනී එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො සක්කාරං නා භිනන්දෙය්ය විවේකමනු බ්රෑහයෙ ති සිංහල තේරුම : ලාභ ප්රයෝජන උපදවන ප්රතිපත්තිය එකකි. නිවනට යන පිළිවෙත අනිකකි. බුද්ධ ශ්රාවක භික්ෂු තෙමේ මේ කාරණය මෙසේ යයි විශේෂයෙන් අවබෝධ කරගෙන ලාභ සත්කාරවලට ගිජු නොවිය යුතුය.විවේක සුවය වඩා වර්ධනය කර ගත යුතුය. |