බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි නොයෙක් ස්ථාන වලදී නොයෙක් කරුණු අරභයා දේශනා කරන ලද ගාථාවන් ධම්මපදයට ඇතුළත් කැර ඇත.ප්‍රථම සංගායනාවේ දී මෙහි සඳහන් ගාථා 423 සංග්‍රහ කොට එය ‘ධම්මපදය’ නමින් හැඳින් වූහ. එක් එක් විෂයයන්ට අදාළ කරුණු සහිත ගාථාවෙන් වෙන්ම ‘වග්ග‘ වශයෙන් බෙදා ඇත. ඒ අනුව වග්ග විසි හයක්, එනම් යමක, අප්පමාද, චිත්ත, පුප්ඵ, බාල, පණ්ඩිත, අරහන්ත, සහස්ස, පාප, දණ්ඩ, ජරා, අත්ත, ලෝක, බුද්ධ, සුඛ, පිය, ක්‍රෝධ, මල, ධම්මට්ඨ, මග්ග, පකින්ණක, නිරය, නාග, තණ්හා, භික්ඛු, බ්‍රාහ්මණ යනුවෙන් එම වග්ග දැක්විය හැක.
ධම්මපදය බෞද්ධයා ළඟ තබා ගත යුතු නිරතුරුව කියවිය යුතු ශ්‍රේෂ්ඨ ග්රන්ථ රක්තයකි. මෙම ගාථා තුළින් සිත පිළිබඳව, කර්මය හා කර්ම ඵල පිළිබඳව, ධෛර්යය හා උත්සාහය යන කරුණු රැසක්ම මෙහි අන්තර්ගතය. සිත සංවර කර ගැනීම, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමේ වටිනාකම, යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව අගනා කරුණු රැසක්ම “ධම්මපදය” තුළින් හෙළි කරයි.
ධම්මපදය බෞද්ධයා ළඟ තබා ගත යුතු නිරතුරුව කියවිය යුතු ශ්‍රේෂ්ඨ ග්රන්ථ රක්තයකි. මෙම ගාථා තුළින් සිත පිළිබඳව, කර්මය හා කර්ම ඵල පිළිබඳව, ධෛර්යය හා උත්සාහය යන කරුණු රැසක්ම මෙහි අන්තර්ගතය. සිත සංවර කර ගැනීම, අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමේ වටිනාකම, යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව අගනා කරුණු රැසක්ම “ධම්මපදය” තුළින් හෙළි කරයි.
01) යමක වග්ගය - පිලිවෙලකට යුගලය බැගින් ගලපා වදාළ ගාථා 20 කින් යුක්තයි.
02) අප්පමාද වග්ගය - කුසලයෙහි යෙදිමෙහිලා කෙනෙකු තුල තිබිය යුතු ඉක්මන් කම පිළිබද වදාළ - ගාථා 12 කින් යුක්තයි.
03) චිත්ත වග්ගය - සිත පිළිබද වදාළ ගාථා 11 කින් යුක්තයි.
04) පුෂ්ප වග්ගය - විවිධ පුෂ්ප වර්ග උපමා කරගෙන වදාළ ගාථා 16 කින් යුක්තයි.
05) බාල වග්ගය - සම්මා දිට්ඨියෙන් තොර පුද්ගලයාගේ පුහු අහංකාරකමත්, නුවණ මද බවත් පිළිබද වදාළ ගාථා 16 කින් යුක්තයි.
06) පණ්ඩිත වග්ගය - සත්පුරුෂයන්ගේ වටිනාකමත්, ඔවුන් ඇසුරු කිරිමේ වටිනාකමත් පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
07) අරහන්ත වග්ගය - රහතන් වහන්සේලාගේ ගුණයන් පිළිබද වදාළ ගාථා 10 කින් යුක්තයි.
08) සහස්ස වග්ගය - එක් කරුණකට යටත් වන කරුනු දහසක් ( හෝ සියයක් ) බැගින් ගලපා වදාළ ගාථා 16 කින් යුක්තයි.
09) පාප වග්ගය - පව සහ එහි ස්වභාවය පිළිබද වදාළ ගාථා 13 කින් යුක්තයි.
10) දණ්ඩ වග්ගය - පෘථග්ජන පුද්ගලයා නිරයේ උපත ලබා දඩුවම් ලබන අයුරුත්, භික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් පිළිබද වදාළ ගාථා 17 කින් යුක්තයි.
11) ජරා වග්ගය - ආර්ය මාර්ගිකයා ජාති, ජරා, මරණ රහිත නිර්වාණය කරා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා අකාරය පිළිබද වදාළ ගාථා 11 කින් යුක්තයි.
12) අත්ත වග්ගය - තම සිත සුරක්ශිත කරගැනිම අයිති තමාටම බව පෙන්වා දෙමින් එ පිළිබද වදාළ ගාථා 10 කින් යුක්තයි.
13) ලෝක වර්ගය - ලෝකය ( ජිවිතය ) පිළිබද වදාළ ගාථා 12 කින් යුක්තයි.
14) බුද්ධ වග්ගය - සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිළිබද වදාළ ගාථා 18 කින් යුක්තයි.
15) සුඛ වග්ගය - සැපය ( නිවන ) යනු කුමක්ද? පිළිබද වදාළ ගාථා 12 කින් යුක්තයි.
16) පිය වග්ගය - ප්‍රියමනාප විම, එහි ස්වභාවය පිළිබද වදාළ ගාථා 12 කින් යුක්තයි.
17) කෝධ වග්ගය - සිත, කය සහ වචනය සන්වර කරගැනිම සහ එමගින් තරහව නැති කර ගැනිම පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
18) මල වග්ගය - මල යනු මලකඩයි…..එනම් කෙලෙස් මල දුරු කරගත යුතු ආකාරය පිළිබද වදාළ ගාථා 23 කින් යුක්තයි.
19) ධම්මට්ඨ වග්ගය - ධර්මයෙහි පිහිටි ජිවිතය පිළිබද වදාළ ගාථා 17 කින් යුක්තයි.
20) මග්ග වග්ගය - ආර්ය අෂ්ඨාංගික මාර්ගය ( නිවන් මග) පිළිබද වදාළ ගාථා 17 කින් යුක්තයි.
21) පකිණ්ණක වග්ගය - විවිධ තේමාවන්ට අදාලව වදාළ ගාථා 16 කින් යුක්තයි.
22) නිරය වග්ගය - පාපය දුරු කිරිම පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
23) නාග වග්ගය - නාග යනු හස්තියා ( ඇතා ) කියන තෙරුමයි. ඇතා උපමා කරගනිමින් වදාළ ගාථා 14 කින් යුක්ත කොටසයි.
24) තණ්හා වග්ගය - සසර දුකට හේතුව වූ තණ්හාව පිළිබද වදාළ ගාථා 26 කින් යුක්තයි.
25) භික්ෂු වග්ගය - බුදු සසුනෙහි භික්ෂුව කවරෙක්දැයි හදුන්වා දෙමින් ඒ පිළිබද වදාළ ගාථා 23 කින් යුක්තයි.
26) බ්‍රාහ්මණ වග්ගය - අර්හත් භික්ෂුව හැදින්වීමට බ්‍රාහ්මණ වචනය යොදා ගනිමින් වදාළ ගාථා 41 කින් යුක්තයි.