පිරිකර සඳහා මුදල් දීම වරදක් ද?
භික්ෂුව යනු උපසම්පදාව ලත් ශ්‍රමණයායි. උපසම්පදා තැනැත්තෙකුට විනය නීති රකින්නට ඇත. එහෙත් සීලය වශයෙන් ඇත්තේ පබ්බඡ්ජා දශ සීලයයි. කෙනෙකු උපසම්පදා වීමට පෙර සිවුර හරවා පන්සිල් දී නීත්‍යානුකූල ගිහියෙකු කරයි. ගිහි ඇඳුම් ඇඳ සමහර විට දේව දූත ඇඳුම ඇඳ පැය කීපයක් හෝ දවසක් හෝ ගත වීමෙන් පසුව නැවත අලුතෙන් පැවිදි කරයි. එහිදී දෙයාකාර සරණාගමනයෙන් හා පබ්බඡ්ජා දශ සීලයෙන් සමාදන් කරවයි. ඒ අලුත්ම අලුත් සාමණේර නම ඤක්ති චතුථ කර්මයේ උපසම්පදා කරවයි. උපසම්පදාව යනු අලුත් සීලයක පිහිටුවීම නොව සංඝ සම්මුතියෙන් කරන සම්මුතියකි. පාදක ශීලය පබ්බඡ්ජා දශ ශීලයයි. පබ්බඡ්ජා දශ ශීලයේ එක් ශික්ෂා පදයක් වන්නේ ජාත රූප රජත පටිග්ගහන වේරමණි සිඛා පදං සමාදියාමි යන්නයි. මෙහි අදහස වන්නේ රන් රිදී මසු කහවනු රුපියල් සත පිළිගැනීමෙන් වළකිමි යන්නයි. පබ්බඡ්ජා දශ ශීලය යනු අනෙක් සිල් මෙන් නොවේ. පන්සිල් අටසිල් සමාදන් වූ අයෙකුගේ එක් සිල් පදයක් කැඩුනත් අනෙක් සිල් පද හතර හෝ හත ඉතිරි වේ. පබ්බඡ්ජා දශ ශීලයේ එකක් කැඩුනොත් සියල්ල කැඩේ. සිල්පද දහයම විනාශ වේ.
දැන් අපි ජාතරූප රජත කියන්නේ මොනවා දැයි බලමු. පාරාජිකා පාලි නම් විනය පොතේ එය මෙසේ විස්තර කරයි. ජාත රූප රත්රන්, රජත කහවනු, ලෝහ දැව කොළ ආදියෙන් කරන ලද මුදල් එහි එන මූලික විග්‍රහය වන්නේ යමක් ගනුදෙනුවට පැමිණේ නම් එය මුදල් ය. එය නිම වූ අමුද්‍රව්‍ය කුමක් ද යන්න නොව එය ගනුදෙනුවට පාදක වන්නේ ද යන්නයි.
දැන් දුම්රියේ බස් රියේ ප්‍රවේශ පත්‍රයක් ගැන සිතමු. එහි වටිනාකමක් ඇත. එහෙත් ගනුදෙනු කළ නොහැක. එවැනි ප්‍රවේශ පත්‍රයක් කඩයකට දී තේ එකක් බීමට නුපුළුවන. තැපැල් මුද්දරයක වටිනාකමක් ඇත. එහෙත් තැපැල් මුද්දරය දී බස් රියේ හෝ දුම්රියේ යන්නටවත් කඩේකින් බඩුවක් ගන්නටවත් ආපන ශාලාවකින් කෑම වේලක් කන්නටවත් නුපුළුවන. ඒ අනුව ඒවා මුදල් වන්නේ නැත. අටපිරිකරක වටිනාකමක් ඇත. එහෙත් අටපිරිකර සිල්ලර කඩයකට දී හාල් තුනපහ ගත නොහැක. පන්සල්වලට එන තුට්ටු දෙකට අටපිරිකර එකතු කරන මුදලාලිලාගේ සේවකයන් කීයක් හරි දී භික්ෂුන්ට ලැබෙන අටපිරිකර ගැනීම වෙනම සිද්ධියකි.
මේ මුදල් ජාති රූප රජත පිළිගැනීම පිළිබඳව තථාගතයෝ ශික්ෂාපද දෙකක් පනවා ඇත. ඒවා පරාජිකා පාලියේ සඳහන් ය. බුදුන් දවස සිටි උපනන්ද ශාක්‍ය පුත්‍රයන් එක්තරා කුළුපඟ දායක ගෙදරකට දිනපතා යමින් සිටියේය. මේ ගෙදර මිනිස්සු තමන්ට කිසියම් අලුත් කෑමක් ලදොත් එයින් කොටසක් උපනන්ද හිමියන්ට වෙන් කර තබති. පසුවදා උපනන්ද හිමිට එය පුදති. දිනක් මේ මිනිස්සුන්ට මස් වර්ගයක් ලැබිණ. ඔවුහු එය පිස තමන් පරිභෝජනය කොට උපනන්ද හිමිට කෑල්ලක් වෙන් කර තැබීය. එදින මහ රෑ ඒ මිනිසුන්ගේ දරුවා නින්දෙන් පිබිද මස් ඉල්ලා හැඩීය. ළමයාගේ හැඩීම නවත්වා ගනු සඳහා උපනන්ද හිමිට වෙන් කළ මස් ටික ළමයාට දුනි. පසුවදා උපනන්ද හිමි ගෙදරට ආ විට ගෙහිමියා උපනන්ද හිමියන් පිළිගෙන සිදුවූ සිද්ධිය කියා, ඒ මස් වෙනුවට කහවනු දෙන්නම් යෑයි කීය. උපනන්ද හිමි කහවනු මුදල් පිළිගෙන පන්සලට ආයේය.
තවත් දවසක් සවඟ මහණහු දායකයන්ගෙන් රන්රිදී මසු කහවනු පිළිගත්හ. මේ අවස්ථා දෙකේදීම මහජන විරෝධතා මතුවිය. භික්ෂුන් වහන්සේ ද කාමභෝගී ගිහියන් මෙන් රන් රිදී මසු කහවනු පිළිගන්නේය. එය අවැඩකි. නුසුදුස්සකි යෑයි තැන් තැන්වල විරෝධතා මතුවිය. එයට හේතු වූයේ එදා බුදුන් දවස බෞද්ධ ජනයා සිටියේ සසරින් එතරව නිවන් ලබනු රිසියෙනි. භික්ෂුන් වහන්සේ සුපේශලව ශික්ෂාකාමීව, පිං කෙතක් වියයුතුය යන බෞද්ධ මතය විය. ඒ නිසා සමහර භික්ෂුන් වහන්සේ ගිහියන් මෙන් වැරදි ක්‍රියාවන්හි යෙදීම ගැන විරෝධය පළ කළහ. අද එවැනි බෞද්ධයෝ නැත. අද බෞද්ධ භික්ෂුන් වර්ණනා කරමින් ඒ භික්ෂුන්ගෙන් කුමක් හෝ ලාභයක් වරදානයක් ලෞකික වශයෙන් බලාපොරොත්තු වීම අද බෞද්ධයන්ගේ සිරිතය. මේ යුග දෙකක වෙනසයි. භික්ෂුන් වහන්සේ මුදල් පිළිගන්නේය යන ආරංචිය තථාගතයන් දැනගත් විගසම ඒ භික්ෂුන් ගෙන්වා තදින් දෝෂාරෝපණය කොට, රූපීය ශික්ෂාපදය හා රූපීය සංවෝහාර යන ශික්ෂා පද දෙක පැනවීය. එපමණක් ද නොව එසේ රන් රිදී මසු පිළිගන්නා භික්ෂුන් රූපීය ෂඩ්ඩක මහනුන් වශයෙන් නම්කර විනය කර්මයක් ද පැනවීය. දෙවැනි සංගායනාවට මුල් කරුණු වලින් එකක් වූයේ වේසාලියේ භික්ෂුන් මුදල් පිණ්ඩපාතයේ යැමය.
භික්ෂුවක් දනකට, බණකට, පිරිතකට වැඩිය විට පිරිකරක් පූජා කරන්නේ කුලියක් වශයෙන් නොවේ. බණ කීමෙන් භික්ෂුවට කුසලයක් පිනක් සිදුවේ. එය දස පුණ්‍ය ක්‍රියාවලින් එකකි. උන්වහන්සේට පිරිකර පූජා කරන්නේ ඒ භික්ෂුව ලබාගත් කුසලයන් ද තමන්ට අනුමෝදන් වීමට සමාදන්වීමට අරමුණු කරගෙනය.
භික්ෂුවකට තම දෝතින් පිරිකර පූජා කරන විට දායකයාගේ සිතට ඇතිවන කුසල් සිත භික්ෂුවකට මුදල් දීමෙන් උපදවා ගත හැකිද? පිරිකරක් පූජා කරන විට දායකයාගේ සිතේ ඇතිවන්නේ සෝමනස්ස සහගත කුසල ෙච්තනාවකි. මුදල් පුදන විට ඇතිවන්නේ ලෝභසහගත ෙච්තනාවකි. ඒ අනුව භික්ෂුවකට අවශ්‍ය පිරිකරක් පූජා කිරීමේදී ලැබෙන පින මුදලක් දීමෙන් නොලැබේ. කුසල කර්මය කියන්නේ ඒ ෙච්තනාවටය. භික්ෂුවකට අටපිරිකරක් පූජා කරන විට ඇතිවන ප්රසාදජනක සෝමනස්ස සහගත සිතිsවිල්ල රුපියල් තුන්හාර දාහක් දීමෙන් නොලැබේ. තවදුරටත් සංඝයාට අටපිරිකරක් පූජා කිරීමෙන් සක්විති රජ සැප සක්දෙවු සැප, සිටු සම්පත් ද ලැබීමට හේතු වාසනා ලැබෙන අතර බුදුවරයකු හමු වූ විටක ඒහි භික්ෂු භාවයෙන් රහත් වන්නට ඉඩ ලැබේ. එහෙත් ඒ අටපිරිකර වෙනුවට රුපියල් තුන්හාරදහසක් දීමෙන් ඉහත සඳහන් සම්පත් ලැබිය හැකිද?
සමාජය කෙතරම් නවීකරණය වුවද තාක්ෂණය දියුණු වුවද, බෞද්ධ සංස්කෘතිය නවීකරණය කළ නොහැක. අප අපේ ගෙදරට සාංගික දානයක් සඳහා භික්ෂුන් වැඩමවන විට පෙර පැන්වලින් කකුල් සෝදා පිසදමා ගෙතුළට වැඩම වීම අපේ සංස්කෘතියයි.සමාජය නවීකරණය වී තාක්ෂණය දියුණු වී ඇතැයි කියා ගෙදර දානයට වැඩම වන භික්ෂුන්ගේ දෙපාවලට හෝස් පයිප්ප ඇල්ලීම නිවැරැදි ද? යුතු ද? අපේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ හා සිරිත් විරිත් විකෘති කිරීම බුදු සසුනට හිතවත්ව කරන්නක් නොවේ.
ඕනෑම දේකට මුදල් දීම යනු කුලිය දීමකි. ධර්ම දේශනාවක් කළ භික්ෂුවකට පිරිකරක් පිදීම වෙනුවට මුදල් දීම භික්ෂුවගේ ශ්රමයට කුලිය දීමක් වේ. මේ අනුව පිරිකර වෙනුවට මුදල් දීම සුගතිගාමී මඟ නොවන්නේය. කඨින චීවර පූජාවක් වෙනුවට වස් විසූ භික්ෂුවට රුපියල් දෙදාහක් දීමෙන් කඨිනානිසංස කුසලය ලැබේද, කඨින චීවරයක පවත්නා ලක්ෂණයක් වන්නේ එම කඨින චීවරය පොරවාගෙන කඨිනානිශංශ ධර්ම දේශනාව කරයි. කඨින චීවරය වෙනුවට මුදල් දීමෙන් මේ පුරාණ චාරිත්‍රය කෙසේ කරන්නද?
මැලේසියාව වැනි රටවල්වල විවිධ මහායාන විහාරාරාම ඇත. බෞද්ධ දායකයෝ සිටිති. මේ බෞද්ධයකු මැරුන විට පාංශුකූලය සඳහා ආරාධනා කරති. එහිදී භික්ෂුව ගණනක් පොරොන්දු වේ. ඒ ගණන පොරොන්දු වන්නේ මියගිය පුද්ගලයාගේ වත්කම අනුවයි. මුදලාලි කෙනෙකුට එක් ගණනකි. ව්‍යාපාරිකයකුට වැඩි ගණනකි. වෙළෙඳ සේවයකයකුට වෙනම මුදලකි. කෙසේ වෙතත් ඩොලර් දාහක තරම් මුදලකි. මුදල පොරොන්දු වූ භික්ෂුව මෘත දේහය තිබෙන ගෙදරට යයි. එතැන් සිට සොහොන් බිමට ද මෘත ශරීරය ගෙන යන පෙරහැරේ ද යයි. ඒ මහායාන සංස්කෘතියයි. ථේරවාදී සංස්කෘතිය එය නොවේ.
වර්තමාන අර්ථ ක්‍රමය අනුව භික්ෂූන්ට ද මුදල්වලින් කළයුතු කර්මයන් ඇති බව අපි පිළිගනිමු. අධ්‍යාපනය හදාරණ භික්ෂුන්ට පොතපත අවශ්‍යය. පන්සල්වල විදුලිබිල, වතුරබිල ගෙවිය යුතුය. මේවාට පන්සලේ දායක සභාව විසින් ක්‍රම විදි සකස් කළ යුතුය. විසඳුම් සෙවිය යුතුය. අධ්‍යාපනය ලබන හාමුදුරුවරුන් වෙන්වෙනු කැපකරු දායක ක්‍රමයක් සකස් විය යුතුය.
පිරිකර වෙනුවට මුදල් ගෙවීම ශ්රමයට වැටුප් ගෙවීම මිස අනෙකක් නොවේ. එය බෞද්ධ සම්ප්රදාය නොවේ. එයින් සිදුවන්නේ භික්ෂු මුදලාලිලා බිහිවීමය. එය සිදු නොවන දෙයක් නොවේ. බුදු සසුනත් සඟ සසුනත් පිරිහීගෙන යන ක්‍රමය අනුව තව වසර දහස් ගණනින් නොසිදුවන දෙයක් නොවේ. ඒ ශාසන අන්තර්ධානයේ ගණින්නාන්සේලාගේ යුගයේදීය.
පිරිකර වෙනුවට මුදල් දිය යුතු යෑයි කියන්නේ බුදුන් දවස කොසොල් රජු දුටු සිහින සැබෑ වෙන බව දැක්වීම වේ. කොසොල් රජු දුටු සිහින දහසයෙන් එකක් නම් ඉතාම වටිනා සුදු හඳුන් කොටයක් පිළුණු වූ දුඟඳ හමන කුණු මෝරු කළයකට හුවමාරු කරනු දැකීමයි. තථාගතයන් මෙම සිහිනය විසඳුවේ, මහරජ, අනාගතයේ මගේ ශාසනයේ බොහෝ භික්ෂුන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්ම දේශනා කරනවා, පස්කම් ලබා ගැනීම සඳහා සිවුරු දරනවා, මෙසේ ශාස්තෘවරයාගේ ධර්මය ලාභයට මුදලට යටත් කිරීම පෙන්වීම මේ සිහිනයේ තේරුමයි. දැන් මේ සිදුවේගෙන යන්නේ එය නොවෙන්නේ ද?
විජිතනන්ද සරත්චන්ද්‍ර

www. divaina.com