නා උයනේ අරියධම්ම හිමියන් පෙළ දහමෙහි ඇතුළත් බුද්ධ දේශිත ධර්ම විනය අටුවා ටීකා සහිතව මැනවින් හදාරා දිගු කලක් බවුන් වැඩීමෙන් ලද ආධ්‍යාත්මික අත්දැකීම් ද ඇති මහ තෙර නමකි. ‘අත්ථද්වාර නම් වූ දියුණුවේ දොරටු සය’ පිළිබඳ උන්වහන්සේ පැවසූ අදහස් ආලෝකෝ උදපාදි සමග ඔබට පුදමු.
තුන්ලෝකාග්ර වූ භාග්‍යවත් වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ දශබලධාරි සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වී දොළොස් වැනි වර්ෂයේදී වේරඤ්ජා නුවර සමීපයේ නළේරු පුචිමන්ද නම් රුක් මුලදී පහාරාද නම් අසුරේද්රයාණන් අමතා වදාළ පහාරාද සූත්‍රාන්ත ධර්ම දේශනාවේ පාඨයක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන ලද්දේ.
සූත්‍රපාඨයේ කෙටි තේරුම මෙහෙමයි. “පහාරාදය ! සසර දුකින් එතෙරව ශාන්ත නිවන් සුවයෙන් සැනසෙනු පිණිස සසුන්ගතව පැවිදි වූ තථාගත ශ්‍රාවක බුද්ධ පූත්ර භික්ෂුන් වහන්සේලා මේ බුදු සසුනෙහි සිත් අලවා පහන් සිතින් වාසය කරනවා.” යනුයි.
බුදුවීමෙන් දොළොස්වැනි වස්සාන කාලය සඳහා වේරඤ්ජා නුවර වාසී මහා ධනවත් වේරඤ්ජා බ්‍රාහ්මණ තුමාගේ ආරාධනාවෙන් පන්සියයක් සඟ පිරිස සමඟ සර්වඥයන් වහන්සේ වේරඤ්ජා නුවරට වැඩම කළා. වේරඤ්ජා නුවරින් පිටත පිහිටියා වූ නළේරු නම් යක්ෂයකු සඳහා ඉදිකරනලද ඉපැරණි කොහොඹ ගසක් ආශ්‍රිතව දේවාලයක් සමීපයේ බුදුපාමොක් මහා සඟ පිරිසට කුටි සෙනසුන් සහිත ආශ්රමයක් සාදා තිබුණා.
වේරඤ්ජා බ්‍රාහ්මණ තුමා වස් ආරාධනා කළ නමුත් මාරාවේශයකින් ඒ බව අමතක වූ අතර මහා දුර්භික්ෂයක්ද ඇති වූ නිසා තුන් මාසයක්ම බුද්ධ පුම්රඛ පන්සියයක් මහා සංඝයාට යව හාල් වැළඳීමට සිදුවූයේත් ඒ දොළොස්වැනි වස් කාලයේමයි.
මහා සාගර පත්ලෙහි පිහිටා තිබෙන තව්තිසා දෙව් ලොවට සමාන දස දහසක් යොදුන් පමණ වූ අසුර භාවනයේ, වේපචිත්ති, පහාරාද රාහු නමින් අසුර රජවරු තුන් දෙනෙක් සිටිනවා. එයින් මේ පහාරාද අසුරේද්රයා අපේ සර්වඥයන් වහන්සේ බුදු බවට පත් වූ දවසේ සිට, සර්වඥයන් වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමට අද යනවා. හෙට යනවා කියමින් සිට දොළොස් අවුරුද්දකට පසු එදින වේරඤ්ජාවේ වස් එළඹී වැඩ සිටි තැනට මහා දවාලේ විශාල අසුර සේනාවක් සමඟ පැමිණියා. නළේරු පුචිමන්ද නම් වූ කොහොඹ ගහ මුල වැඩ සිටියා වූ ශාන්ති නායකයන් වෙත එදින ආවේ ප්‍රශ්නයක් අසා විමසා ඉන්පසුව බණ පදයක් අසන්නම් කියා හිතාගෙනයි.
පළමු කොට සර්වඥයන් වහන්සේට ඉමහත් ගෞරවයෙන් වැඳ නමස්කාර කොට එකත්පසක සිටගත් නමුත් කිසිවක් කියාගත නොහැකි වූයේ බුද්ධ තේජස අභියස ඇතිවූ ගෞරවය නිසයි.
සියල්ල දත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ බව දන්නා නිසා පළමුකොට තමන් වහන්සේම ප්‍රශ්නයක් විමසූ සේක. “අභිරමන්ති පහාරාද අසුරා මහා සමුද්දෙති?” පහාරාදය! අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා සතුටින් වෙසෙත්දැයි විමසූ විට පහාරාද අසුරේද්රයාට බලවත් සතුටක් ඇති වූයේ තමන් හොඳින්ම දන්නා වූ පළපුරුදු මහ මුහුද ගැනම ඇසූ නිසයි.
“අභිරමන්ති ඛො භන්තේ අසුරා මහා සමුද්දේති”
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! අසුරයෝ මහ මුහුදෙහි සිත් අලවා සතුටින් වාසය කරනවා යයි, පහාරාද අසුරේද්රයා පිළිතුරු දුන්නේ තව තවත් ඇසුවොත් මැනවි තමන් දන්නා දේ ගැන නැවතත් ඇසුවොත් හොඳයි කියන අවදි වූ සිතින්මයි.
“කති පන පහාරාද අච්ඡරියා අබ්භූතා ධම්මා මහාසමුද්දේ යේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමන්ති” පහාරාදය! අසුරයෝ මහ මුහුදෙහි යමක් දැක දැක සිත් අලවා සතුටින් වාසය කරනවා නම්, මහ මුහුදෙහි එවැනි අසිරිමත් විශ්මය ජනක දේ කොපමණ ඇද්දැයි සර්වඥයන් වහන්සේ විමසා වදාළ සේක් ඒ අනුව ධර්ම දේශනාවක් පැවැත්වීම පිණිසයි.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහමුහුදෙහි විශ්මය ජනක අසිරිමත් කරුණු අටක් තිබෙනවා. ඒවා දැක දැක අසුරයෝ මහ මුහුදෙහි සිත් අලවා වෙසෙනවා. ඒ අසිරිමත් විශ්මය ජනක කරුණු අට නම් මෙහෙමයි.
1. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුද අඟලෙන් වියතෙන් රියනෙන් බඹයෙන් අනුපිළිවෙළින් ගැඹුරුව මහමෙර සිටි තැන යොදුන් අසු සාර දහසක්ම ගාම්භීරයි. එක තැනකින්ම මහ මුහුද ගැඹුරු වී නැති නිසා අනුපිළිවෙළින් ගැඹුරුව අනුපිළිවෙළින් නිම්නව අනුපිළිවෙළින්ම නැඹුරුව පැවතීම මහ මුහුදේ පළමුවැනි විශ්මයජනක අසිරිමත් කාරණයයි. ඒ දකින අසුරයෝ මහ මුහුදේ සිත් අලවා සිටිනවා.
2. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුද පිහිටි සීමාවේම සිටිනවා විනා වෙරළ නොපනියි. මහා රළ වේග ආවත් වෙරළේ හැපී නවතිනවා. මෙය මහ මුහුදේ දෙවැනි ආශ්චර්ය අද්භූත කාරණයයි. මෙයත් දකිමින් අසුරයෝ මහ මුහුදේ සිත් අලවා වාසය කරනවා.
3. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුද මළකුණු තබා නොගනියි. පිටතින් ආවත් හෝ මුහුදේම මළ සතකුගේ හෝ කුණක් ඇත්නම් වහාම ;වරළට පා කරනවා.
ගොඩබිමට ඔසවා දමනවා. මෙය මහ මුහුදේ තුන්වැනි ආශ්චර්ය අද්භූත කාරණයයි. මෙයත් දකිමින් අසුරයෝ මහ මුහුදේ සිත් පහදවා වාසය කරනවා.
4. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුදට ගලා එන ගංගා යමුනා අචිරවතී සරභු මහී නම් ඇත්තා වූ ගංගාවන් මහමුහුදට වැටුනාට පසු තම තමන්ගේ පළමු නම් ගොත් සියල්ල අත්හැර දමා මහා සමුද්‍රය යන එකම නමක් ගන්නවා. මෙය මහමුහුදේ සතර වැනි ආශ්චර්ය අද්භූත කාරණාවයි. මෙයත් දකිමින් අසුරයෝ මහ මුහුදේ සිත් පහදවා වාසය කරනවා.
5. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුදට කොපමණ ගංගා ජලය ගලාගෙන ආවත්, කොපමණ ධාරානිපාත වැසි වැස්සත් ඒ ජලයට මහ මුහුදේ ඉඩමදි වන්නේ නැති බව මහ මුහුද උතුරා නොයන බව මහ මුහුදේ පස්වැනි ආශ්චර්ය අද්භූත කාරණයයි. මෙයත් දකිමින් අසුරයෝ මහ මුහුදේ සිත් අලවා වෙසෙනවා.
6. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුදේ කොතනින් දිය බිඳක් ගත්තත් ඇත්තේ එකම ලුණු රසයයි. මේ එකම ලුණු රසය ඇති බව මහ මුහුදේ තිබෙන සයවැනි ආශ්චර්ය අද්භූත කාරණයයි. එය දැක දැක අසුරයෝ මහා සාගරයේ සිත සතුටින් වාසය කරනවා.
7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුදේ දශ විධ රත්න වර්ග බහුලව තිබෙනවා. මුතු, මැණික්, වෛදූර්ය දක්ෂිණාවර්ත සංක, දියමන්ති, පබලු, රන්, රිදී, මැසිරිගල්, ලෝහිතංක මාණික්‍ය යන දශවිධ රත්න බහුලව මහ මුහුදේ ඇති බව සත්වැනි ආශ්චර්ය අද්භූත කාරණයයි. එය දකින අසුරයෝ මහා සාගරයේ සිත් සතුටින් වාසය කරනවා.
8. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මහ මුහුදේ යොදුන් සීය දෙසීය තුන්සීය හාරසීය පන්සීය ගණන් දිග ශරීර ඇත්තා වූ මහා මත්ස්‍යයෝද අසුරයෝද නාගයෝද ගාන්ධර්වයෝද සිටිනවා. තිමි තිමිංගල තිමිර පිංගල අජ්ඣාරෝහ ආනන්ද ආදී මහා මත්ස්‍ය ජාතීන්ටත් අසුර නාග ගාන්දර්ව ආදී විශාල ආත්මභාව ඇත්තා වූ මහා සත්වයන්ට වාසස්ථානයක් වීම මහ මුහුදේ අටවැනි වූ ආශ්චර්ය අද්භූත කාරණයයි. එයත් දකිමින් අසුරයෝ මහ මුහුදේ සිත් අලවා සතුටින් වාසය කරනවා යයි පහාරාද අසුරේද්රයා මහ මුහුදේ ඇත්තා වූ විශ්මයජනක අසිරිමත් කරුණු අට කියා සිටියේ, බුද්ධ ශාසනය ගැන තමනුත් ප්‍රශ්නයක් අසා දැන ගැනීමේ ඡන්දයක් සිතේ දරාගෙනයි.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සිත් අලවා වාසය කරනවා දැයි පහාරාද අසුරේද්රයා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ ඉමහත් ගෞරවාකාරයෙන්, එසේය පහාරාදය! මේ බුදුසසුනේ භික්ෂුන් වහන්සේලා ඉතාමත් සතුටින් සිත් අලවා වාසය කරනවා යයි සර්වඥයන් වහන්සේ පිළිතුරු දී වදාළේ මහ මුහුදම උපමා කොට විසිතුරු දෙසුමකට ආරම්භ කිරීමක් වශයෙන්මයි.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! යමක් දැක දැක භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයෙහි සිත් අලවා වාසය කරන සේක් නම් එයට හේතු වූ ආශ්චර්ය අද්භූත කාරණා කීයක් බුද්ධ ශාසනයේ තිබෙනවා දැයි පහාරාද අසුරේÁද්‍රයා නැවතත් අසා සිටියේ බොහෝ නොදන්නා කරුණු දැන ගැනීමේ බලවත් ආශාවෙන්මයි.
පහාරාදය! භික්ෂුන් වහන්සේලා සිත් අලවා සතුටින් පහන් සිතින් වාසය කිරීමට හේතු කරුණු විශ්මයජනක අසිරිමත් ධර්මතා අටක් තිබෙනවා. පහාරාදය! බුද්ධ ශාසනයේ ඇත්තා වූ ආශ්චර්ය අද්භූත ඒ කරුණු අටනම් මෙසේ යයි මහා සාගරයේ ඇත්තා වූ ආශ්චර්ය අද්භූත කාරණා අට අනුව සන්සන්දනය කරමින් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා.
බුද්ධ ශාසනයේ ආශ්චර්ය අද්භූත කාරණා අටක් නොව දහස් ගණනක් වූවත් දේශනා කළ හැකි වුනත් පහාරාද අසුරේද්රයා කියා සිටියා වූ මහා සයුරේ අසිරිමත් කරුණු අට අනවූ පමණක් සර්වඥයන් වහන්සේ දේශනා කොට වදාළේ දේශනා ශ්‍රවණ ධාරණ වාචනා පහසුව පිණිසයි.

1. පහාරාදය! යම් සේ මහා සාගරය එක තැනින්ම ප්‍රපාත නොවී ගැඹුරු නොවී අනුපිළිවෙළින්ම ගැඹුරු වූයේද නිම්න වූයේද ප්‍රවණ වූයේද, එමෙන්ම මේ බුදු සසුන අනුපිළිවෙළින් අර්හත්වය තෙක් ගැඹුරු වූයේ වෙයි. තිසරණ පඤ්චසීලය උපොසථ සීලය ගහට්ඨ දසශීලය සාමණේර දස සීලය කෝටියක් සංවර උපසම්පදා සීලයයි. සීලය අනුපිළිවෙළින්ම ඇත.
දහතුනක් වූ ධූතාංග ධර්මද ඕමක මධ්‍යම උත්කෘෂ්ඨ යනුවෙන් අනුපිළිවෙළින්ම පිරිය යුතුය. සමථ භාවනා විපස්සනා භාවනා මාර්ගයද පරිකර්ම භාවනා උපචාර භාවනා අර්පණා භාවනා රූපධ්‍යාන අරූපධ්යානාදී වශයෙන් චිත්ත සමාධිය ද, නාමරූප පරිච්ඡේදය ප්‍රත්‍ය පරිග්‍රහණය සන්මර්‍ශනය උදයව්‍යය භංගානුපස්සනාය යනාදි විදර්ශනා ඥානත් සීල විසුද්ධී – චිත්ත විසුද්ධි – දිට්ඨි විසුද්ධි – කංඛාවිතරණ විසුද්ධි – මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි –
පටිපදා ඤාණ දස්සන විසුද්ධි – ඤාණ දස්සන විසුද්ධි යන ප්‍රඥා භාවනාවද අනුපිළිවෙළින්ම වැඩිය යුතු වෙයි. ඒ පිළිවෙළ හැර එකවරටම රහත් බවට පත්වීමක් නැත. මෙසේ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව කි‍්‍රයාව අනුපූර්ව ප්‍රතිපදාව ඇති බව නම් වූ පළමුවැනි ආශ්චර්ය අද්භූත ධර්මතාව දැක දැක භික්ෂුන් වහන්සේලා මේ බුදු සසුනේ සිත් අලවා සිටිනවා.
2. පහාරාදය! මහා සාගරය වෙරළ නොපනින්නේ යම් සේ ද එසේම මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝද සීලමය වෙරළ පැන යන්නේ නැත. මා විසින් ශ්‍රාවකයන් හට යම් ඒ ශික්ෂා පදයක් පණවන ලද්දේ නම් මගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවකින්වත් ඒ ශික්ෂාපද නොබිඳින බව මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා සිත් අලවා පහන් සිතින් වාසය කිරීමට හේතුවක් වූ දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මතාවයි.
3. පහාරාදය! මහමුහුද මළකුණප තබා නොගෙන මළකුණු මුහුදෙන් ගොඩ දමා පිරිසිදුව පවතින්නේ යම් සේද මේ බුද්ධ ශාසනයේද මළකුණු තබා නොගෙන පිරිසිදුව ලජ්ජී සුපේශල ශික්ෂාකාමීන්ටම පිහිටක් ඇත්තේ වෙයි.
දුශ්ශීල වූ ලාමක පහත් ගති ඇත්තා වූ අපවිත්‍ර වූ සැකකටයුතු පහත් හැසිරීම් ඇත්තා වූ රහසින් පව් කරන්නා වූ මහණකමක් නොමැතිව මහණ වෙසින් සිටින්නා වූ බ්‍රහ්ම චර්යාවක් නොමැතිව බඹසර අඟවන්නා වූ ඇතුළත කෙලෙස් කුණපයෙන් පිරුණා වූ කෙලෙසුන්ගෙන් තෙත් වූ කසළ ගොඩක් මෙන් දුඟද වූ යම් අල්ජ්ජියෙකු වෙසේ නම් සංඝයා එකතු වී එවැන්නන් ශාසනයෙන් නෙරපා දමනවා. රහසින් එවැන්නෙක් සිටියේ නමුත් පිරිසිදු සංඝයා කෙරෙන් ඒ තැනැත්තා දුරින්ම දුරුවූවෙක් වෙනවා. පහාරාදය! භික්ෂුන් වහන්සේලා බුදු සසුනේ සිත් අලවා පහන් සිතින් විසීමට හේතු වූ මෙය තුන් වැනි, ආශ්චර්ය අද්භූත ධර්මතාවයි.
4. පහාරාදය! මහා සාගරයට ගලා යන ගංගා යමුනා අචිරවතී සරභූ මහී නමැති මහා ගංගාවෝ මහා සාගරයට පත්වී පළමු නම් ගොත් අතහැර මහ සමුද්‍රය කියා එකම නමක් බවට පත්වන්නේ යම් සේද, එසේම ක්ෂති්රය බ්‍රාහ්මණ වෛශ්‍ය ක්ෂුද්‍ර නම් වූ සතර වර්ණයෙන්ම මේ බුදු සසුනේ පැවිදි වන කුල පුත්‍රයෝ පළමු නම්ගොත් සියල්ල අතහැර දමා ශ්‍රමණ ශාක්‍ය පූත්ර නම් වූ එකම නමක් ඇති බවට පත් වෙනවා. මේ සතර වැනි ආශ්චර්ය අද්භූත ධර්මතාව දකිමින් භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයේ සිත් අලවා පහන් සිතින් වාසය කරනවා.
මෙතැන දී පඤ්ච මහා ගංගාව ගැන අර්ථ කථා චාර්යයන් වහන්සේලා කරුණු දක්වා ඇත්තේ මෙහෙමයි. සියලු දඹදිව වටින් ප්‍රමාණය යොදුන් දස දාහයි. එයින් යොදුන් හාර දහසක්ම මුහුදට යටවී ඇත. යොදුන් තුන් දහසක් ප්‍රමාණය මිනිස් වාසයට වෙන් වූ ගොඩබිමයි. ඉතිරි යොදුන් තුන් දහසක ප්‍රමාණයේ හිමවත් කඳු පිහිටා ඇත. හිම කඳු මුදුන් අසූසාර දහසක් ද ගංගා පන්සියයක්ද හිමවත් පෙදෙසේ පිහිටා ඇත.
යොදුන් පණහ බැගින් දිග පළලත් යොදුන් එකසිය පණසක් වට ප්‍රමාණයකින් සහිත මහා විල් සතක් එහි ඇත. අනෝතත්ත විල, කර්ණ මුණ්ඩ විල, රථකාර විල, ඡද්දන්ත විල, කුණාල විල, මන්දාකිණි විල, සිංහප්‍රපාත විල නම් වූ මේ සප්ත මහා විල් අතුරෙන් අනෝතත්ත විල පර්වත පහකින් වටවී ආවරණය වී ඇත.
ස්වර්ණ කූටය, චිත්‍ර කූටය, කාල කූටය, ගන්ධ මාදන කූටය, කෛලාශ කූටය කියන පර්වත පහයි. එයින් ස්වර්ණ කූටය තනි රත්තරන් පර්වතයක්. චිත්‍ර කූටය සර්ව රත්මය පර්වතයක්, කාලකූටය අඳුන් පර්වතයක් ගන්ධමාදන කූටය සුවඳ මුල්, සුවඳ හැර, සුවඳ ඵලය, සුවඳ දියපොතු, සුවඳ වියළි පොතු, සුවඳ කොළ, සුවඳ මල්, සුවඳ ගෙඩි, සුවඳ කඳ යන සියලුම සුවඳ වර්ගයන්ගෙන්ම පිරුණු සුවඳ පස් මිශ්‍ර පර්වතයක් පසේ බුදුවරුන් වහන්සේලා බොහෝ සේ වැඩ සිටින නන්දමූල පබ්භාරය ද පිහිටියේ මේ ගන්ධමාදන පර්වතයේමයි.
කෛලාශ කූටය තනිකර රිදීමය පර්වතයක් මේ පර්වත පහම උසින් යොදුන් දෙසීයයක් පමණ සමානව උස්ව පිහිටා තිබෙනවා. කපුටු හොටක් මෙන් උඩින් නැම්මක් සහිත මේ වර්වත පහ මුදුනෙන් එකතු වී අනෝතත්ත විල ආවරණය කරගෙන සිටිනවා.
පර්වත පහකින් වටවූ අනෝතත්ත විල දොරටු සතරින් විශාල ගංගා සතරක් පිටවෙනවා. සිංහමුඛ, හස්ති මුඛ, අශ්ව මුඛ, වෘෂභ මුඛ නමින් ඒ දොරටු සතර නම් කරනවා. ඒ නම් ඇති දොරටු පැත්තේ සිංහ ආදි සතුන් ජාති සතර බහුලව වාසය කරනවා. දිව්‍ය, නාග, යක්ෂාදීන් අධිගෘහිත ඒ පර්වත සතර ඔවුන්ගේ අනුභාවයෙන් සෑම දවසේම වර්ෂාව පවතිනවා.
අනෝතත්ත විලේ මසුන් කැසුබුවන් ආදී කිසිම සතකුවත් රොඩු කුණු කිසිවක් නොමැති නිසා ඉතාමත් පිරිසිදු සිසිල් දියෙන් පිරී පවතිනවා. බුදුවරු පසේ බුදුවරු සෘද්ධිමතුන් එහි සුපිහිටි තොටුපලින් පැන් පහසු වෙනවා.
අනෝතත්ත විලේ සතර දොරටුවෙන් පිටවෙන විශාල ගංගා සතරින් එක එකක් අනිකකට එකතු නොවී තුන් වටයක් විල වටින් ගමන් කොට නැගෙනහිර දොරටුවෙන් නිකුත් වූ ගංගාව නැගෙනහිර මුහුදටත්, බටහිරින් උතුරුදිගින් පිටත් වූ ගංගාවන් ඒ ඒ දිශාවන්ගෙන් මුහුදටත් වැටෙනවා. දකුණු දොරටුවෙන් පිටවන ගංගාවද තෙවිටක් විල වටා ගමන් කරනවා. යොදුන් හැටක් පමණ වූ ඒ ගංගාව ආවර්ත ගංගාවයි. නැවත කලුගල් තලාවක් දිගේ යන එම ගංගාව කාල ගංඟාවයි. එතැනින් විශාල හරස් පර්වතයක හැපී දිය ඇල්ලක් බවට පත්වී යොදුන් හැටක් පමණ අහසින් යන එය ආකාශ ගංගාවයි.
ඒ අහස් ගඟදිය පතිතවන තැන තියග්ගල නම් පාෂාණය බිඳී ගොස් හැදුනු පනස් යොදුන් පමණ මහා ජලාශය තියග්ගල පොකුණයි. එහි ඉවුර බිඳගෙන යොදුන් හැටක් පමණ දුරට යන එම ජල ධාරාව බහල ගංඟාවයි.
එතැනින් පොළොව බිඳගෙන යොදුන් හැටක් පමණ දුරයන එම ජලධාරාව උමං ගංඟාවයි. එම උමං ගංගාව වින්ධ්‍යා පර්වතයක හැපී පර්වතය පලාගෙන අතේ ඇඟිලි පහ මෙන් පස් තැනකින් පිටවී දඹදිව්තලය මැදින් මහ මුහුදට ගලා බසින්නා වූ ඒ ජලධාරාවෝ පස් දෙන ගංගා, යමුනා, අචිරවති, සරභූ, මහි යන නම්වලින් හැඳින්වෙනවා. මහමුහුදේදී එකම මුහුදු ජලයක් බවට පත් වෙනවා. පළමු නම්ගොත් සියල්ල අත් හරිනවා.
බුදු සසුනේ පැවිදි වන නා නා වංශ කුල ගෝත්‍ර ඇත්තෝ එකම ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර පිරිසක් බවට පත් වන්නේත් එසේමය. මෙය බුදු සසුනේ සතරවැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි.
5. පහාරාදය! මහා සාගරයට හාත්පසින් කොතෙක් ගංගා ජලය ගලා ආවත් කොතෙක් ධාරානිපාත වැහි වැස්සත් පිරී ඉතිරී ඉඩමදි වීමක් නොවන්නා සේ, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්මාදී අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය සංඛ්‍යාවක් නිවනට පැමිණියත් නිර්වාණ ධාතුවෙහි පිරී ඉතිරී ඉඩමදිවීමක් වන්නේම නැත. මෙය දැක දැක භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයෙහි සිත් අලවා පහන් සිතින් වාසය කරනවා. මෙය බුද්ධ ශාසනයෙහි පස් වැනි ආශ්චර්ය අද්භූත ධර්මතාවයි.
6. පහාරාදය! මහ සමුදුර ජලය කොතනින් ගත්තත් එකම එක ලුණු රසයම ඇත්තා සේ බුද්ධ ශාසනයේ කොතනින් දහම් පදයක් ගත්තත් ඇත්තේ එකම එක විමුක්ති රසයයි. නිවන් අමාරසයයි.
මෙය දැක දැක භික්ෂුන් වහන්සේලා බුදු සසුනේ සිත් අලවා පහන් සිතින් වාසය කරනවා. මෙය මේ බුද්ධ ශාසනයේ තිබෙන සයවැනි ආශ්චර්ය අද්භූත ධර්මතාවයි.
7. පහාරාදය! මහ සමුදුරේ මුතු මැණික් වෛදූර්ය ශංඛ දියමන්ති පබලු රන් රිදී ලෝභිත මාණික්‍ය මැසිරිගල් යන දශ විධ රත්න බහුලව ඇත්තේ යම් සේද, එසේම මේ බුද්ධ ශාසනයෙහිත් බොහෝ රන් රුවන් පිරී ඇත. සතිපට්ඨාන ධර්ම සතර, සම්‍යක්ප්‍රධාන ධර්ම සතර, සෘද්ධිපාද ධර්ම සතර, ඉන්ද්රිය ධර්ම පස, බලධර්ම පස බොජ්ඣංග ධර්ම සත මාර්ගාංග ධර්ම අට, යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ රන් රුවන් පිරී ඇති බැවින් භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයෙහි සිත් අලවා සතුටින් වාසය කරනවා. මෙය බුද්ධ ශාසනයේ සයවැනි ආශ්චර්ය අද්භූත ධර්මතාවයි.
8. පහාරාදය! මහා සමුද්‍රය තුල යොදුන් සියය, දෙසීය, තුන්සීය, හාරසීය, පන්සීය ගණන් ආත්මභාව ඇත්තා වූ තිමි තිමිංගල තිමිරපිංගල අජ්ඣාරෝග ආනන්දාදී මහා මත්ස්‍ය ජාතීන්ටත් අසුර නාග ගාන්ධර්වාදින්ටත් වාසස්ථාන වන්නා සේ මේ බුද්ධ ශාසනය ද මහේශාක්‍ය ආර්ය මහෝත්තමයන්ට වාසස්ථානයක් වෙනවා. සෝවාන් මාර්ගස්ථ ඵලස්ථයෝ ද සකෘදගාමී මාර්ගස්ථ ඵලස්ථයෝද, අනාගාමී මාර්ගස්ථ ඵලස්ථයෝද අර්හත් මාර්ගස්ථ ඵලස්ථයෝද ති්රවිද්යාලාභී ෂට් අභිඥා ලාභී සිවුපිළිසිඹියා ලාභී සෝළස මහා ඤාණ ලාභී අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ආර්යයෝ මේ බුද්ධ ශාසනයෙහිම සිටින බව දැක දැක භික්ෂුන් වහන්සේලා බුදු සසුනෙහි සිත් අලවා වාසය කරනවා. මෙය මේ බුද්ධ ශාසනයෙහි අටවැනි ආශ්චර්ය අද්භූත ධර්මතාවයි.