පන්සිය පනස් ජාතක පොත නැවත සැකසූ...
සිරිලක් දිව තුළ කිසිම සිහිවටනයක් ඉදි නොවීම කෙතරම් අකෘතඥසහගතද?

1931 වසරේ පිහිටවූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූයේ පසු කලෙක "ජාතියේ පියා" යෑයි නම් ලත් ඩී. ඇස්. සේනානායක ශ්‍රීමතාණන්ය. නව කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඩී. ඇස්. සිය නිලය හා බලය තුළින් වෙහෙස මහන්සි ගත්තේ මෙරට පැවැති ඉපැරැණි වැව් ආශ්‍රිතව තිබී විනාෂව ගොස් පැවැති ගොවි ජනපද ව්‍යාපාර යළි බිහි කිරීමටය. ඒ අනුව මිනිපෙ කාගම, බකමූණ ආදී ගොවි ජනපද ව්‍යාපාරත් පසුව අම්පාර ගල්ඔය හරහා වත්මන් මහවැලි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය දක්වා ව්‍යාප්තව ගියේ. 1931 දී ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරයයි. කපුටන් තරම් මැලේරියා මදුරුවන් සිටින මහ වනයට ගෙන ගොස් අසරණ ජනතාව මරා දමනවා යෑයි චෝදනා කළ විරුද්ධවාදීන්ගේ වදන්වලට බිය නොවුන ඩී. ඇස්. සිය අතීත සංකල්පය තුළින් මෙරට ජනතාවගේ ශක්තියෙන් නව ගොවි ජනපද ගොඩනැඟුවේය. එදා මෙම ගොවි ජනපද ගොඩනැඟුවානම් රජරට හෝ නැගෙනහිර එක සිංහලයකු සොයාගන්නට නොහැකි වන බව ජාතියට අවබෝධ වන විට ඩී. ඇස්. සහ ඔහුට විරුද්ධකම් කළ නායකයන් ද පරලොව ගොස් හමාරය.
ඩී. ඇස්ට මෙම ගොවි ජනපද බිහි කරන්නට අදහස ඇතිවූයේ ඔහු තරුණ අවධියේ කියවන ලද පොතක් නිසාය. මෙම පොත ලියන ලද්දේ අප රටේ පිහිටි ඉපැරණි වැව් පිළිබඳවය. කර්තෘවරයා වූයේ එල්. ආර්. බ්රොහියර්ය. අප රටේ මිනුම්පතිවරයා වශයෙන් සිටි එල්. ආර්. බ්රොගියර් ලියන ලද මෙම පොත කොපමණ ඩී, ඇස්. ගේ සිත් ගත්තේ ද යත් 1947 දී පිහිටුවන ලද රජයේ සියලුම මැති ඇමැතිවරුන්ට මෙම පොත කියවන ලෙසට ඩී. ඇස්. උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව බ්රොහියර්ගේ පොත තමා හොඳින් පරිශීලනය කළ බව පසු කලෙක හිටපු ජනපති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමන් ප්‍රකාශ කළහ. ඔහු එම පොත කියවන ලෙස සිය රජයේ මැති ඇමැතිවරුන්ට උපදෙස් දී ගාමිණී දිසානායක මහතාට තම ළඟ තිබූ පොත පිරිනැමුවේය.
බ්‍රොහියර් අප රටට ආවේ වැව් ගැන ලියන්නට නොව සිවිල් සේවා නිලධාරියකු ලෙස කටයුතු කරන්නටය. ඔහු මිනුම්පතිවරයා ලෙස කුරුණෑගල දිසාවේ සේවය කරන විට ඔහුට කදිම පුද්ගලයකු මුණගැසිණ. කුරුණෑගල ඇත්කඳ විහාරයේ පොත්ගුලේ පුස්කොළ පොත් අවුස්සා වර්ග කරමින් ඒවා විමසමින් කටයුතු කරන මෙම පුද්ගලයා බ්‍රොහියර් වෙනත් මඟට හරවන ලද්දේය. ඉංග්‍රීසි ආණ්ඩුව මේ වන විට කෝල්බෲක් කැමරන් ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනාවලට අනුව සූදානම් වෙමින් සිටියේ අප රට ක්‍රමවත් පරිපාලන බෙදීමකට යොමු කරන්නටය. නමුත් මෙම බෙදීම සිදුකිරීම ලෙහෙසි පහසු නොවුණ නිසා එය අතපසු වෙමින් ගෙවී ගිය කාල පරාසය සෑහෙන එකක් විය. බ්‍රොහියර් මෙම පුද්ගලයාට තම අරමුණ පැහැදිලි කර දුන්නේ මේ රටේ සීමා මායිම් සැකසීමට ඉවහල් වන දේවල් කුමක්දැයි විමසමිනි. එවිට මෙම පුද්ගලයා පැවසුවේ ඒ සඳහා වෙනමම කඩඉම් පොත් යනුවෙන් සීමා මායිම් ගැන කියවෙන පුස්කොල පොත් තිබෙන බවය. මෙයින් උද්දාමයට පත්වන බ්‍රොහියර් නව සොයාගැනීම පිළිබඳව එංගලන්තයට දන්වා ඒ අයගේ උපදෙස් මත සිරිලක් දිවයිනේ පළාත්, කෝරළ, මායිම් ආදිය සැකසීමට පුරාණ කඩඉම් සොයා ගන්නට තම නව හිතවතාගෙන් අවශ්‍ය සහය ඉල්ලා පසුපස එමින් බැගෑපත් වන්නට විය.
ඉංගී්රසි ආණ්ඩුවේ මෙරට පරිපාලනයේ පළාත් නවයේ බෙදීමේ සිට බොහොමයක් මායිම් ලකුණු කිරීමට හේතු වන කඩඉම් සොයාදුන් මේ මහා විද්වතා අන් කවරකුවත් නොව වර්තමානයේ ජාතියටම අමතකව ඇති පොතපත කියවන ඓතිහාසික විමර්ශනවල යෙදෙන අය පමණක් දන්නා අතීත කොස්ගොඩ බලපිටියේ හාරඹ වලව්වේ විසූ ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලි තුමන්ය.
ඉංග්රීSසීන්ට කඩඉම පමණක් නොව මෙරට සිංහල බෞද්ධයන්ට පන්සිය පනස් ජාතක පොතෙහි තිබෙන ජාතක කතා ටික දැන් තිබෙන අයුරින් සොයාගෙන සකසා ඉදිරිපත් කරන ලද්දේ මෙම මුදලිතුමන් විසිනි. කුරුණෑගල යුගයේ ලියෑවුණු ජාතක පොත් වහන්සේ මහනුවර යුගය වන විට වන වැදීගොස් ජන භාවිතයෙන් ඈත්වී තිsබිණි. වැලිවිට සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේ ද ජාතක පොත පිළිබඳව අසා තිබුණ ද දැක නොතිsබිණි. ජාතක කතා පොතක් තිබෙන බව අසා තිබුණ හෙයින් උන්වහන්සේ ඒ පිළිබඳව සොයන්නට අපමණ වෙහෙස ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්තරා ගනින්නාන්සේ කෙනකුගේ නිවසේ වී අටුවක හිඩැසකට තබා තිබූ ජාතක කතා (පුස්කොල) පොතක් සොයාගන්නට ලැබිණි. නමුත් එයද ජාතක කතා රාශියක්ම අඩු විනාශව ගිය ග්රන්ථයක් විය. නමුත් ලුවී ද සොයිසා මහ මුදලිතුමන් මේ රටේ සියලුම පැරණි විහාරස්ථානවල තිබෙන පුස්කොළ ග්රන්ථ සොයා බලා සිදුකළ විමර්ශනයේදී එතුමන්ට නුවර යුගය වන විට ඉතිරිව තිබුණ අසම්පූර්ණ පන්සිය පනස් ජාතක පොත දැනට තිබෙන අයුරින් සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජාතක කතා මුල්කිරිගල, ගඩලාදෙනිය, ඇත්කඳ විහාරය, ගණේගොඩැල්ල ආදී තවත් විහාරස්ථානවලින් සොයාගෙන ඒ අඩුව පිරිමසන ලද්දේය. එය බෞද්ධ ලෝකයම ලද වාසනාවකි. එය සිය සොයාගැනීම් තුළින් සම්පූර්ණ නොකපු නම් අද මෙරට ජාතක කතා පොත් වහන්සේ ජාතක කතා දෙතුන් සියයකට පමණක් සීමා වූ පොතක් වනු ඇත.
ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිතුමන් මෙලොව උපත ලද්දේ මෙරට ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත්ව වසරක් පිරෙන 1816 මාර්තු මස 02 වැනි දින බලපිටියේ වැලිතර හරඹ වලව්වේදීය. රන්දෙණිගල සටන මෙහෙයවා පරංගි බලය නැසූ දොන් කොස්මෝ විජයසේකර යුද මුදලිඳුගේ පරපුරට නෑකම් කියන හරමානිස් ද සොයිසා විජයසේකර ජයතිලක මුදලිතුමන්ගේ පුතණුවකු ලෙස ජන්මය ලද මෙතුමා කුඩා අවධියේදී වැලිතර මරදානේ පන්සලේ විහාරාධිපතිව වැඩ සිටි බෝගහපිටියේ විමලසාර මාහිමියන් වෙතින් සිංහල පාලි සංස්කෘත භාෂාවන් ද බුදුදහම ද උගත්හ. එයින් පසු කොළඹ පාසලකට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව හදාරා පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟ පාසලේ විදුහල්පතිවරයාගේ නිර්දේශය මත "මුහන්දිරම් පදවියක්" සමඟ රජයේ භාෂා පරිවර්තක තනතුරට පත්විය. ක්‍රම ක්‍රමයෙන් පිළිවෙළින් උසස් තනතුරු ලැබූ ලුවී ද සොයිසා සිය ශාස්ත්‍රීය අධ්‍යාපනය නොනවත්වාම ඉදිරියට පවත්වාගෙන ගියහ. ඉතිහාසය, පුරාවිද්‍යාව, සිංහල සාහිත්‍ය ප්‍රියතම ලෙස හැදෑරූ විෂයන් විය. රාජකාරියත් ශාස්ත්‍රීය සේවයත් සමබරව ඉදිරියට ගෙනගිය මෙතුමාගේ දැනුම, සොයාගැනීමේ හැකියාව ධාරණ ශක්තිය උසස් පාණ්ඩිත්වය පිළිබඳව විමතියට පත් ඉංග්‍රීසි ජාතිකයෝ ලුවී ද සොයිසා හඳුන්වන අන්වර්ත නාමය වූයේ "කළු පුදුමය" යනුවෙනි. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා තරමක් ලොකු හිසක් තිබුණු ලුවී ද සොයිසාගේ හිස පුරාම සිංහල මොළයක් තිබෙනවා යෑයි ඉංග්‍රීසි පාලකයෝ හා විද්වත්හු විශ්වාස කළහ. ඔහුගේ සියලු හැකියාවන් හා දක්ෂතාවන් නිසා මේ මහා කළු සිංහලයා ඉංගී්රsසීන්ට "කළු පුදුමයක්" වූවා නිසැකය.
මේ සියල්ල ගැන පැහැදී ප්‍රසාදයට පත් ඉංග්‍රීසි පාලකයෝ 1863 දෙසැම්බර් මස 01 වැනි දින මාසිකව රු. 1800 ක වැටුපක් යටතේ මෙතුමා සිංහල භාෂා පරිවර්තක තෝල්ක මුදලි ලෙස පත්කර ගත්හ. එදා මෙරටේ වැටුප් පිරිනැමීම හා මුදලේ වටිනාකම මත මෙම මාසික වැටුප සුළුපටු එකක් නොවීය. මෙයින් සිව් වසරකට පසු බෙන්තර වලල්ලාවිටි කෝරළයේ මුදලි පදවියත් පසුව වාසල මුදලි පදවියත් පිරිනැමූ අතර එදා ඉහළම ප්‍රභූන් කිහිප දෙනකුට පමණක් පිරිනමන සාමදාන විනිශ්චයකාර ධුරයක් ලුවී ද සොයිසා මහතාට පිරිනමා ගෞරවකරන්න ඉංගී්රසි ආණ්ඩුව උත්සුක විය. 1879 වන විට එවකට සිටි මහමුදලිවරයා මියගිය පසු මෙම තනතුර ලුවී ද සොයිසා මුදලිතුමන්ට පිරිනමන්නට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළ නමුත් මෙය ලබාගැනීමට තවත් අයකු ද ඉල්ලුම් කළහ. ඩයස් නමින් හඳුන්වන මෙම පුද්ගලයා ද එදා ඉංග්‍රීසි පාලකයන්ට බොහෝ ආධාර උපකාර කළ පරපුරක අයකු විය. නමුත් ඉංගී්රසි පාලකයන්ගේ විශේෂ අවධානය යොමුවූයේ මෙම තනතුර ඩයස්ට ලබා නොදී ලුවී ද සොයිසාට පිරිනමන්නටය.
මෙලෙස 1879 වසරේදී මහමුදලි පදවියට පත්වූ ලුවී ද සොයිසා මහතා පාලක පාලිත දෙපක්ෂයේම ගෞරවාදරයට පත්වෙමින් සිය මෙහෙවරේ යෙදෙන්නට විය. මෙතුමා මහමුදලිකම දැරුව ද ප්‍රදේශයේ ජනතාව එතුමාට සැලකුවේ දිසාපාමොක් ආචාර්යවරයාට දක්වන තරම් ගෞරවාදරයකි. හැම විටම දෙස් විදෙස් උගතුන් මෙතුමා සොයාගෙන සිය වාසස්ථානවලට පැමිණියේ බොහෝ නොදන්නා කරුණු දැනගන්නටය. ඉංග්රීsසි ආණ්ඩුවේ සිවිල් නිලධාරීන් මෙතුමා සොයාගෙනවිත් තම දැනුම වර්ධනය කරගන්නට දැක්වූයේ මහත් උනන්දුවකි. මේ නිසා ඔවුන් මෙතුමාට දැක්වූයේ තම ගුරුවරයකුට දක්වන ගෞරව සම්ප්‍රයුක්ත බියකි.
බලපිටියේ හාරඹ වලව්වත්, කොස්ගොඩ කුඩා ගොඩගම වලව්වත් යන දෙතැන්හි වාසය කළ මෙතුමා පසුව බලපිටියේ වැලිතර ගොඩගෙදර ගජෙරු වලව්වේත් ජීවත් වූහ. මෙතුමාට කොස්ගොඩ කුඩා ගොඩගම වලව්ව හිමිවූයේ එහි විසූ සොපයා ද සිල්වා ගුණසේකර අභය ශ්‍රී වර්ධන හාමු මහත්මාව සමඟ අවාහ වූ හෙයිනි. මෙම විවාහයෙන් පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකු උපත ලදහ.
වලව් පරම්පරා දෙක තුනක මහා විශාල ධනස්කන්දයක්ද, මාලිගා තුනක් වැනි වලව් තුනක් ද අක්කර සිය ගණනක පොල්, කුරුඳු වතු ද හරක බාන සහ කෙත් වතු ද ගොන් කරත්ත සහ අශ්ව කරත්ත ද හිමි මෙම මහ මුදලිවරයා සිය ගතසිත යොමුකළේ තව තවත් ධනය වැඩි කරගෙන ධන කුවේරයකු වීමට නොව වැසී ගිය සිංහල බෞද්ධ ඉතිහාසයත්, ශාස්ත්‍රීය මෙහෙවරත් යළි ඉස්මතු කර අනාගත පරපුරට උරුම කර දෙන්නටය. ඒ අනුව ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් පුරාණ වෙහෙර විහාරස්ථානවල වසන් වී ඇති පුස්තකාල විවෘත කරගෙන පුරාණ පොතපත හදාරන්නට විය. මෙහි එක් ප්‍රතිඵලයක් නම් මා මුලින් සඳහන් කළ ඩී. ඇස්., ඡේ. ආර්. ආදී මෙරට රාජ්‍ය නායකයන් කියවූ බ්රොහියර්ගේ වැව් පිළිබඳව පොත පළකිරීමයි.
ලුවී ද සොයිසා මහමුදලි විසින් සොයාගන්නා කඩඉම පොත් හැදෑරූ බෝහියර් ඊළඟට ගියේ එම පොත්වල සඳහන් වන ඉපැරණි වැව් අමුණු සොයාගෙනය. අපේ සිංහලයාගේ වැවත් - දාගැබත් ගැන බොහෝ කරුණු ලුවී ද සොයිසා මුදලිවරයාගෙන් දැන විමසා ගත් බ්‍රොහියර් කොස්ගොඩ හා බලපිටියේ වැලිතර ලුවී ද සොයිසා මුදලිවරයාගේ වලව්වල වෙසෙමින් ඔහු සමඟ සාකච්ඡා කරමින් බොහෝ දේ දැන උගෙන හදාරා කඩඉම්, මායිම් සීමා ගැන පමණක් නොව අපේ වැව් සංකල්පය පිළිබඳව වටිනා ග්රන්ථයක් ලියා පළ කළහ. අප රටේ පමණක් නොව විදේශීය විද්වතුන්ගේ ද අවධානයට ලක්වූ වැව පිළිබඳ ලියෑවුණ මෙම පොත නිසා මෙරටේ වර්තමාන ගොවිජනපද නවෝදයක් වාරි ශිෂ්ඨාචාරයේ ඇරඹුමත් යළි 1931 සිට සැකසුන බව නොරහසකි. මෙහි නිහඬ අදෘශ්‍යමාන හස්තය ලුවී ද සොයිසා ජයතිලක මුදලිතුමන් බව දන්නේ සහ සලකන්නේ ඉතා අල්පයකි.
ලංකාවේ විහාරාරාම මුල් කරගෙන පොත් ගුල්වද ඇති සියලුම පුස්කොල ග්රන්ථ නාමාවලියක් සකසා ප්‍රකාශයට පත්කළ ලුවී ද සොයිසා මහමුදලිතුමා "පදසාධන ටීකාව" නම් එතෙක් භාවිතයේ නොතිබුණ කිසිවෙක් නොදත් වටිනා ග්රන්ථයක් ශාස්ත්‍රීය ලෝකයට සොයා දුන්නේය.
1873 දී රිදී විහාරයේ තිබී සොයාගත් මෙම වටිනා ග්‍රන්ථය දුටු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ත මහා පඬිවරයා ප්රමුඛ එකල මෙරට විසූ පාලි භාෂා පඬිවරයන් පැවසුවේ ලුවී ද සොයිසා මහා මුදලිවරයාගේ මෙම සොයාගැනීම සිදුකළ ගවේෂණයටම ප්‍රමාණවත් බවයි. එයින් පසු එම ග්‍රන්ථයේ තවත් පිටපත් දෙකක් ගඩලාදෙනියෙන් හා මුල්ගිරිගල රජමහා විහාරවලින් සොයාගෙන ඉදිරිපත් කළ අතර මුල්ගිරිගල විහාරයෙන් තවත් ඉපැරණි ග්රන්ථයක් සොයාගෙන ඉදිරිපත් කළහ. එය "මොග්ගල්ලා යන වූත්ති සන්නය" ලෙස හඳුන්වයි.
ලංකාවේ ජීවත්වන වැදි ජනතාව විජය රජුගේ දරු දෙදෙනාගෙන් පැවත එන පිරිස ලෙස කරුණු කාරණා සහිත ශාස්ත්‍රීව පෙන්වා දුන් මෙතුමන් වැදි භාෂාවේ එන පැරණි වදන් එයට නිදසුන් ලෙස ද ගෙනහැර පා ඇත. ලක්දිව පැරණිම සන්දේශ කාව්‍ය "මියුරු සන්දේශය" බව ශාස්ත්‍රීය ලෝකයට ඉදිරිපත් කළ ප්‍රථම පුද්ගලයා ලුවී ද සොයිසා මහමුදලිතුමන්ය. ඒ පිළිබඳ මයුර සංදේශ විවරණයෙහි සංඥපනය ලියන ගුරුදෙවි කුමරතුඟු මුනිදසුන් මෙලෙස සඳහන් කරයි.
"මෙ නම් කාව්‍යක් ඇති බව දැනගන්නට ලැබුණේ ඉතා මෑතෙකදීයෑ. ලුවී ද සොයිසා මහමුදලිතුමන්ගේ පොත් ගුලෙහි තිබී එකම පිටපතක් ලැබූ බර්තොලමියුස් ගුණසේකර මුදලිතුමාණෝ "එක පිටපත නොවේදැයි" අධෛර්යයට නොපැමිණ තුඩාවේ පඬිතුමන්ගේ ද වහල ලැබෑ මේ කාව්‍ය මුද්‍රණය කරවා ප්‍රකාශ කළහ. එය සිදුවූයේ බු. වර්ෂ 2427 දීය. (ක්‍රි.ව. 1884)
රාජකීය ආසියාතික සමිතියේ ප්‍රථම සාමාජිකත්වය දිනාගත් ලාංකික පුත්‍රයා වූ මෙතුමාට එය ප්රදානය සිදුකරන ලද්දේ 1881 අප්‍රේල් මස 06 වැනිදාය. එම වසරේම එම සමිතියේ පුස්තකාලයාධිපති තනතුරට පත් වූ මෙතුමා ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉල්ලීම මත පාලි බසින් ලියන ලද මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ කාර්යය ද පැවරුණි. නමුත් ජීවිතයේ අවසාන භාගයේ සිදුකරන මෙම ඉල්ලීම ඉටුකිරීමට නොහැකි වූයේ ඒ වන විට දෙනෙතේ පෙනුම අඩු වෙමින් පැවතුණු නිසාය.
කලක් ලංකා කෞතුකාගාරයේ පුස්තකාලයාධිපති තනතුර ද දැරූ මෙතුමන් රාජකීය ආසියාතික සමිතියට ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය ලිපි ලේඛන අතර කිහිපයකි මේ.
ෆ සිංහලයේ ආප්තෝපදේශ සංග්‍රහය
ෆ කැලණි රජමහා වෙහෙරේ ශිලා ලේඛන පාඨ හා පරිවර්තන
ආදියෙහි ලියෑවුන තම සන්නස්හි පිටපත් හා පරිවර්තන
ෆ පියදස්සි හා අසෝක එක පුද්ගලයකුගේ නම බවට සාක්ෂය හා සටහන්
ෆ ජාතක කතා දෙකක අනුවාද
ෆ වැදි ජනයාගේ සම්භවය ගැන සටහන් සහ වැදි ගී සහිත මන්ත්‍ර සංග්‍රහයක්
ෆ කුලය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අදහස්
ෆ එකල උතුරු ඉන්දියාවේ ගවේෂණය කරන ලද ගල් කැටයම් ඇසුරින් ඇතැම් ජාතක කතා පිළිබඳ විමසුමක්
ඉංග්‍රීසි ආණ්ඩුවේ පළාත් දිස්ත්‍රික් කොරළ, පත්තු ආදිය බෙදා වෙන්කිරීම් තුළින් නිදහසින් පසු කලින් කල විවිධ ගැටලු මතු වුවද ඒවා අවමයක් බවට පත්වූයේ ලුවී ද සොයිසා මුදලිතුමන්ගේ මෙහෙවර නිසාය. සිංහලයේ රාජ යුගය නිමාකොට රදල නායකයන් ආදී ප්‍රධානීන් විටින් විට ඝාතනය කොට ලංකාව සම්පූර්ණයෙන් යටත් කර ගත්තද රටක් පාලනයට එයම ප්‍රමාණවත් නොවන නිසා රටේ පාලනයට පහසුව සඳහා ප්‍රාදේශීය බෙදීම් අවශ්‍ය බව 1833 දී කෝල්බෲක් කැමරන් ආණ්ඩු ප්‍රතිසංස්කරණවලින් පෙන්වා දුන්නත් අවම නියෑදියක්වත් නොමැතිව මෙය සිදු නොකළ හැකි නිසා කල්මරමින් අතහැරී ගිය මෙම යෝජනා බ්‍රොහියර් හරහා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන මග පෙන්වන්නා වූ මුදලිදු ලුවී ද සොයිසාගේ මැදිහත්වීම ඔවුන් ලද දේවාශිර්වාදයක් වූවා සේම මෙරට වාසි ජනතාව ලද වාසනාවක් විය.
මේ අනුව ලුවී ද සොයිසා මුදලිතුමන් සිය කාලය, ශ්‍රමය, ධනය, නැණ නුවණ යොමුකොට සිදුකළ ශාස්ත්‍රීය ගවේෂණවලදී සොයාගත් පැරණි මායිම් ග්රන්ථ වූ කඩඉම් පොත් රාශියක් විය. මාතලේ කඩඉම් පොත, සිරිලක් කඩ අයුරු, තුන් රාජ්‍යයේ රටකඩ අයුරු, සිරිලංකා ද්වීපයේ කඩඉම් ඉපැරණි තෝම්බු සන්නස් ආදිය මෙයට පිටිවහලක් විය. මේ සියල්ල කැටි කොට ලුවී ද සොයිසා මුදලිතුමාන් විසින් කඩඉම් පොතක් වශයෙන් සකසා ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කළහ. ඉංග්‍රීසි පාලකයන් එය හිස් මුදුනින් පිළිගත්හ. මෙයට හොඳම නිදසුන වූයේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන සිවිල් නිලධාරියකු වූ මෙරටේ ප්‍රබල ශාස්ත්‍රීය ගවේෂණයක යෙදුණු සුදු පාලක හියු නෙවිල් මහතා 1888 දී ලුවී ද සොයිසා විද්වතාණන්ගේ කඩඉම් ඇසුරෙන් ලියා පළ කළ "සිරිලක් කඩ අයුරු" නම් ග්‍රන්ථයයි.
මෙය කියවූ දේශීය විදේශීය ඉංගී්රසි පාලකයන් හා අන් ජාතික විද්වතුන් ලක්දිව පැවති පාලන බෙදීම් පිළිබඳ මවිතයට පත්ව ඉන්දියාවේ ද නොමැති තරම් සාර්ථක සීමා මායිම් ක්‍රමයක් තිබූ බව පිළිගත්හ. හියු නෙවිල් නම් ඉංග්‍රීසි සිවිල් නිලධාරියා ලුවී ද සොයිසා මුදලිතුමන් පිළිබඳව දැක්වූයේ තම ගුරුවරයකුට දක්වන තරමේ සැලකිල්ලකි ගෞරවයකි. ඒ මන්දයත් 1866 ජුනි මස 01 වැනි දින සිට 1869 අගෝස්තු 15 දක්වා වසර තුනක පමණ කාලයක් බලපිටිය උසාවියේ වැඩබලන පොලිස් මහෙස්ත්‍රාත් පදවිය දැරූ හියු නෙවිල් මහතා බොහෝ අවස්ථාවල ලුවී ද සොයිසා මුදලි ඇසුරෙන් වටිනා දේවල් රැසක් උගත්හ. පොලිස් නඩුකාරවරයෙකු වුවද ලුවී ද සොයිසා මහතා හමුවේ සිය හිස්වැසුම ගලවා ආචාර සමාචාර පවත්වා ගරු කොට මෙම විද්වතා හමුවෙන හියු නෙවිල් කොස්ගොඩ වැලිතර බලපිටි ජනයා තමාටත් වඩා මුදලිවරයාට දක්වන බිය පක්ෂපාත ගෞරවය ගැන මවිතයට පත්ව සිටියහ. හියු නෙවිල් සුදු පාලකයා සිංහල භාෂාව, සංස්කෘතිය, ජාතිකත්වය, කලාව පිළිබඳව කොතෙක් විමර්ශනයක යෙදුනද යත් ඔහු ඒ වන විට සතු කරගෙන තිබුණු අපේ පුස්කොළ පොත් ප්‍රමාණය 2777 කි. එයින් 931 ක්ම පද්‍ය පොත්ය. ඔහුගේ ශාස්ත්‍රීය එකතුවේ තිබූ අපේ උරුමය පිළිබඳව එකතුව පසුගිය සියවසේ සිළුමිණ පුවත්පතේ පළ වූ ශාස්ත්‍රීය අතිරේකයේ පුස්කොල සටහන් පිටපත් ඇසුරෙන් අපට වටහාගත හැක. ඔහු මෙරටදී පත්කර ගත් සියලුම පතපොත අද තිබෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ බව සඳහන් වේ.
හියු නෙවිල්, ලුවී ද සොයිසා මුදලිතුමන්ගේ ශාස්ත්‍රීය ගවේෂණයෙන් මෙරට ගැන ලොවට කියන විට එම ශෘස්ත්රය ගවේෂණය තුළ බ්‍රොහියර් අපේ වැව ගැන අපට හා ලොවටම පොතක් ලියා උගැන්වූ කරුණු පසු කලෙක මෙර ගොවි හා වාරි ශිෂ්ටාචාරයකට අඩිතාලම දමන්නට තරම් මෙරට දේශීය රාජ්‍ය නායකයන් ගත් තැත ලුවී ද සොයිසා මහමුදලිවරයාගේ ශාස්ත්‍රීය මෙහෙවරේ නිහඬ ප්‍රතිඵලයක් බව නොකියාම බැරිය. කුමන නිලතල බලතල ලැබුණට දේශීයත්වය සිංහලකම බුදුදහම පාවා නොදුන් ලුවී ද සොයිසා මහමුදලි තම පරම්පරාගත ඉපැරණි බ්‍රාහ්මණ සම්ප්‍රදායන් අකුරට පිළිපැද්දහ. මියයනතුරුම කඩු කස්තානවලට යටින් සිරුරේ පැළඳගත් පුන නූල ඔහු ඉවත් කර ගත්තේ නැත. බුද්ධ වන්දනාව මෙන්ම සූර්යදේව වන්දනාව සිදුකළ මෙම මුදලිවරයා තමාට අයත් වතු වැවිලි ව්‍යාපාර දෙස කිසිම අවධානයක් යොමු නොකළහ. තමාගෙන් පසු තම දරුවන්හට මුදලි මුහන්දිරම් පදවි පවරන පවුල්වාදයට ද යොමු නොවිණි. ඔහු යොමුවී සිටියේ ශාස්ත්‍රීය ලෝකයටමය. ශාස්ත්‍රීය ලෝකය තුළින් ඔහු සොයාගෙන ජාතියට දායාද කළ අනගි රන්මිණි මුතු වර්තමාන ලෝකය පරිහරණය කරනුයේ මේවා සොයාදුන් පුද්ගලයා කවුරුන්දවත් නොදැනය.
අද අප රටේ ඉපැරණි මායිම් පැරණි සමාන නාම රජයේ ලේඛනගතව භාවිත වන්නේ නම් ඒ ලුවී ද සොයිසා මහමුදලිතුමන්ට පින්සිදුවන්නටය. අධිකව පොතපත කියවීම, නිදි වැරීම, දැඩි ලෙස වෙහෙසීම නිසා සිය දිවිමගේ හැටවන විය පසුකරන විට දෙනෙත් නොපෙනී යැමේ අභාග්‍යයට මුහුණ දෙන්නට විය. මේ නිසා ගිලන් වූ මෙතුමාණන් සිය දිවිමග හැටඅටවෙනි වියට පත්වූ දිනයේම එනම් උපත සිදු වූ මාර්තු දෙවැනිදා වර්ෂ (1854 මාර්තු 02) කොස්ගොඩ මහ වලව්වේදී දිවංගත විය.
මහා පඬිවර ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහමුදලිතුමන් මියගොස් දහසය වසරක් ගෙවෙද්දී එතුමා උපත ලද බලපිටිය හාරඹ වලව්වේදී ඔහුට මුණබුරුව තවත් ලංකා පුත්‍රයෙක් බිහිවිය. එතුමාණන් පසු කලෙක ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරයා වූ ආචාර්ය අධිනීතිඥ ශ්‍රීමත් ලලිත අභය රාජපක්ෂ මැතිතුමන්ය. මුදලිතුමාගේ තවත් මුණුපුරකු ඒ යුගයේම කොස්ගොඩදී උපත ලදහ. එතුමාණන් දොස්තර ඊ. ඇම්. විඡේරාම ශ්රීමතුන්ය. කොළඹ විඡේරාම මාවත විඡේරාම හන්දිය ආදී නම්වලින් සැමරෙන්නේ එතුමන්ය. විශ්ව කෝෂයට වෛද්‍ය විද්‍යාව පිළිබඳව බොහෝ තොරතුරු සපයා ඇත්තේ දොස්තර ඊ. ඇම්. විඡේරාම මහතාය. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය වූයේ එතුමා පරිත්‍යාග කළ සිය වලව්වයි.
ජාතියට පණ දී පණ ජාතියට දී මියගිය මහ උගත් ලුවී ද සොයිසා විජයසේකර ජයතිලක මහා ප්‍රාඥයා වෙනුවෙන් සිරිලක් දිව තුළ කිසිම සිහිවටනයක් ඉදි නොවීම කෙතරම් අකෘතඥසහගතද?
අහුන්ගල්ලේ - දේ.සු.ද සොයිසා
Source : www.divaina.com