ශ්‍රී ලංකාවේ අවුරුදු 2500 කටත් අදික ඉතිහාසය ගැන දැනගැනීමට ඇති හොදම ග්‍රන්ථය වන්නේ මහාවංශය යි.
විශේෂයෙන් දඹදෙණි සමයෙන් පසු කාලයක් නොලියා තැබීම නිසා විස්තර අඩුවීම හා ව්‍යාකූල වීමෙන් පැහැදිලි වේ.එමෙන්ම සිංහල දීපවංශය පරිශීලනය කිරීමෙන් වැඩිදුර ඉතිහාසත්මක කරුණු ලබාගත හැකිවේ.
මහාවංසය මිථ්‍යාවක් නොවේ..!

ලෝකයේ කිසිම රටක ආරම්භයේ සිට නොකඩවා තම රටේ ඉතිහාසය රචිත විශ්වසනීය ග්රන්ථයක් දක්නට නැතත් ලංකාවේ ඉතිහාසය නොකඩවා ලියෑවී ඇති මහාවංසය ලෝකයේ බොහෝ උගතුන් විසින් මහත් පිළිගැනීමට ලක් වූ විශ්වසනීය කරුණු සඳහන් ග්රන්ථයක් සේ සැලකේ. එහෙත් මෑත කාලයේ ජාතිවාදී අරගල හේතුවෙන් සමහර දමිළ ජාතිවාදීන් විසින් මහාවංසය මිථ්‍යාවක් බවත් එය මෑත කාලයේ රචනා කරන ලද්දක් බවටත් දුර්මත විශේෂයෙන් විදේශයන්හි පතුරුවා ඇති බව කියෑවෙතත් මහාවංසය යනු මෙරට පුරාණයේ රචිත විශ්වසනීය සම්භාව්‍ය ග්රන්ථයක් බව දැක්වීමට ප්‍රබල සාක්ෂි කීපයක් ම දැක්විය හැකිය. ජාතිවාදී හෝ ආගම්වාදී හෝ මොනයම් කරුණක් මත හෝ සත්‍ය ඉතිහාසය විකෘති කිරීම හෝ ඉතිහාස සාධක විනාශ කිරීම ශිෂ්ට හා උගත් සමාජය විසින් හෙළා දකිනු ඇත. කෙසේ වෙතත් දැනට මුද්‍රණය වී ඇති මහාවංසයේ ඉතිහාසය බලන විට මෙය නූතන කෘතියක් සේ සැලකිය නොහැකිය. මුද්‍රණ යන්ත්‍ර මගින් ග්රන්ථ ප්රකාශනයට පෙර මෙරට ග්රන්ථ ලිවීම කරණු ලැබූයේ පුස්කොළ පත් වල ඒවා පිටපත් කර ගැනීමය. මෙසේ පිටපත් කරගෙන තිබූ මහාවංස පිටපත් ගණනාවක් 1826 දී පමණ ජෝරඡ් ටර්නර් ගේ අවධානයට ලක්විය.
සිංහල බස පිළිබඳ දැනීමක් තිබූ ඔහු සබරගමු පළාතේ ඒජන්ත ලෙස කටයුතු කිරීමේ දී රත්නපුර කච්ෙච්රියේ දී මහාවංසය ගැන දැන ගන්නට ලැබී ඇතත් එය කියවා තේරුම් ගැනීමට නොහැකි ව සිටි අවස්ථාවේ ඔහු දන්නා හඳුනන ගාල්ලේ නම් වූ හිමි නමක් විසින් මෙහි ටීකාවක් ඇති බව සඳහන් කර ඇත. අනතුරු ව දෙදෙනා ම එක් වී පැරැණි විහාරස්ථානවල පොත් ගුල් පිරික්සීමේ යෙදීමේ දී මුල්කිරිගල විහාරස්ථානයේ තිබී පළමු වරට මහාවංස ටීකාව හමු වී ඇත. අනතුරුව කළ විමර්ශනයන්හි දී මහාවංසයේ බොහෝ පිටපත් සොයා ගැනීමට හැකි වී ඇත. ඉනික්බිති ව වංසත්ථප්පකාසිනී නම් වූ මහාවංස ටීකාව ද සපයාගෙන මහනුවර අස්ගිරි මල්වතු උභය විහාරවාසී උගත් පැවිදි පඬිවරුන් ගේ උපකාරය ලබාගෙන ටීකාව ලියෑවී තිබූ 37 පරිච්ඡේදය දක්වා ඉංග්‍රීසියට නඟා ඊට අමතර ව එතරම් හොඳින් සංස්කරණය නොකොට තවත් පරිච්ඡේද දෙකක් ද ඉංග්‍රීසියට නඟන ලදී. එය 1836 දී මුද්‍රණය විය. පසුව 1871 දී දොන් අන්ද්රයෙස් ද සිල්වා බටුවන්තුඩාව පඬිතුමා විසින් මෙම ග්‍රන්ථය වඩා හොඳින් සංස්කරණය කොට එවකට ආණ්ඩුකාර වශයෙන් සිටි හෙන්රි රොබට්සන් වෙත භාර දුන්න ද එය මුද්‍රණය කිරීම සිදුවී ඇත්තේ විලියම් හෙන්රි ග්රැගරි ආණ්ඩුකාරයගේ සමයේ දීය. පසුව ඔහුගේ ඉල්ලීම පරිදි එක් එක් පිටපත් සැසඳීමේ දී බොහෝ ව්‍යාකූලතාවන් දක්නට තිබූ මෙම ග්‍රන්ථය සිංහලට පෙරළීම හික්කඩුවේ සුමංගල හිමි ඇතුළු එම දෙදෙනාට භාර කර ඇත. ඒ 1874 වර්ෂයේ දීය. ඒ සඳහා මහාවංස පුස්කොළ පොත් සපයා ගැනීම බොහෝ ස්ථානවලින් සිදු වූ අතර ඉන් වඩා හොඳ පොත් රිදී විහාරය, අස්ගිරි මල්වතු, මුල්කිරිගල, මහනුවර අම්පිටියේ විහාරය, කොළොන්නාවේ විහාරය, මාතර, ගාල්ල, බෙන්තොට, පානදුරය හා සල්පිටි කෝරළ විහාරස්ථානවලින් ලබාගෙන ඇත. මේ අනුව පෙනී යන්නේ කිසියම් කෙනෙකුගේ අවශ්‍යතාවක් නිසා මෙය මෑත කාලයේ රචනා වූවක් නොවන බවය. පාරම්පරික ව විහාරස්ථාන මගින් ධර්ම ග්රන්ථ පිටපත් කරමින් ආරක්ෂා කරගෙන ආවා සේ මහාවංසය ද 1826 දක්වා පිටපත් කරමින් ආරක්ෂා කරගෙන ඇති බව මනාව සනාථ වේ. තව ද පාලි බසින් රචනා වී ඇති මහාවංසයේ මුල් පරිච්ඡේද 37 කියවා අවබෝධ කර ගැනීමේ පහසුව උදෙසා වංසත්ථප්පකාසිනී නමින් පාලි බසින් ම පුරාණයේ ටීකාවක් ලියෑවී තිබීම ද තවත් සාක්ෂියකි. මෙම ටීකාව සඳහන් කරන පරිදි මහාවංසය ලියා ඇත්තේ මහනාම රජුගේ කාලයේ අනුරාධපුර මහාවිහාරයේ විසූ මහානාම හිමියන් විසිනි. ඒ ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ දීය. තවත් සාක්ෂියක් වන්නේ කාම්බෝජ මහා වංසයයි.
මහාචාර්ය එඩ්මන්ඩ් හාර්ඩි විසින් සොයාගත් මෙයට කාම්බෝජ මහාවංසය යෑයි මහාචාර්ය ජී. පී මලලසේකර මහතා විසින් එය නම් කොට ඇත්තේ එය කාම්බෝජයේ තිබී හමු විමත්, කාම්බෝජ අකුරින් ලියා තිබීමත් නිසා මිස කාම්බෝජයේ වංසකතාවක් නොවේ. එය ලංකාවේ මහාවංසයමය. මෙහි මහානාම හිමියන්ගේ මහාවංසයට වඩා විස්තර දැක්වේ. එසේ ම එය මොග්ගල්ලාන නම් යතිවරයෙකු විසින් රචනා කරන ලද බව ග්රන්ථ සමාප්ති ගාථාවල සඳහන්ය. තව ද මහානාම හිමියන්ගේ මහාවංසයේ ඇති ගාථා එපරිද්දෙන් ම සඳහන් කර ඇති අතර ම වැඩි විස්තර සඳහන් ගාථා රාශියක් දක්නට ලැබේ. මහනාම හිමියන්ගේ මහාවංසයේ ගාථා 2886 ක් දක්නට ලැබෙන අතර මෙහි ගාථා 5772 ක් දක්නට ලැබේ. මහාවංසය රචනා කිරීමේ දී ඊට සපසුබිම් වූ සීහලට්ඨකතා මහාවංසාදියේ වූ අති විස්තර ඉවත් කරමින් එය රචනා කළ බව මහානාම හිමියන් සඳහන් කරන හෙයින් කාම්බෝජ මහාවංසය එකී අති විස්තර ද ඇතුළත් කොට ලියන ලද්දක් යෑයි සිතිය හැකිය. කෙසේ වෙතත් පුරාණයේ මෙකී මහාවංසයේ පිටපතක් කාම්බෝජ වාසීන් විසින් කාම්බෝජ අක්ෂරයෙන් පිටපත් කරගෙන තිබීමෙන්ද මහාවංසයේ පෞරාණිකත්වය සනාථ වේ. ශ්‍රේෂ්ඨ පඬිවරුන් වන රීස් ඩේවිඩ්ස්, ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, මහාචාර් ආර්. සී. මජුම්දාර් ඇතුළු ලොව ශ්‍රේෂ්ඨ උගතුන් බෝහෝ දෙනෙකු මහාවංසයේ පෞරාණිකත්වයත් විශ්වසනීයත්වයත් පිළිගෙන තිබේ. 1912 දී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් විසින් මෙය ජර්මන් බසට පෙරලීය.
ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ඉපැරැණි ශිලාලේඛන ලියෑවී ඇති බ්රාහ්මී අක්ෂර මාලාව පළමුවෙන් ම කියවූයේ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කාසි නිෂ්පාදන අධිකාරී ඡේම්ස් ප්රින්සෙප් විසිනි. අනතුරු ව ඔහු විසින් ඉන්දියාව පුරා විසිරී තිබූ අශෝක අධිරාජයාගේ ශිලා ලිපි සියල්ල කියවූවත් එම ලිපිවල සටහන් ව තිබූ දේවානම්පිය පියදසි, යන නාමය කුමන රජෙකු හැඳින්වීමට යෙදී දැයි කිසිසේත් දැනගත නොහැකි විය. පසුව 1802 උපසම්පදාව ලබාගැනීම සඳහා අඹගහපිටියේ ඥනවිමල තිස්ස හිමියන් සමග බුරුමයට ගිය රතනපාල නම් හිමි නම උපැවිදි වී ඉන්දියාවේ ව්‍යාපාර කටයුතුවල යෙදීමෙන් මහා ධන කුවේරයෙක් ව විටෙක මෙකී ඡේම්ස් ප්රින්සෙප් හමු වූ විට දේවානම්පිය යනු ලංකාවේ රජකළ රජෙකු බව දන්වීමෙන් පසු ටර්නර්ගෙන් මහාවංසය ගෙන්වා බැලීමෙන් ඉන්දියාව පුරා විසිරී ඇති ශිලාලිපිවල දේවානම්පිය පියදසි යනුවෙන් සඳහන් වන්නේ අශෝක මහා අධිරාජයා බව හඳුනා ගත්තේ මහාවංසයේ පිහිටෙනි.
මහාවංසයේ සඳහන් කරුණු සත්‍යතාවෙන් යුක්ත බව සනාථ වී ඇත්තේ එහි සඳහන් බොහෝ දේ පැරැණි ශිලාලිපිවල ද සඳහන් ව තිබීමෙනි. මේ සඳහා උදාහරණ කීපයක් ම දැක්විය හැකිය. දොළොස් වැනි සියවසේ දී මහ පැරකුම්බා සහ ගජබාහු අතර රාජ්‍ය සඳහා සිවිල් යුද්ධයක් ඇති වූ බවත් පසුව මහා සංඝයා මැදිහත් වී මේ දෙදෙනා සමාදාන කරවා ගිවිසුමක් අත්සන් කළ බවත් එම ගිවිසුම මැදිරිගිරි විහාරයේ හා දක්ෂිණ දේශයේ විහාරයක ගලේ කොටා තිබූ බවත් මහාවංසයේ සඳහන්ය. දැනට මෙයින් පුරාණ දක්ෂිණ දේශයට අයත් කුරුණෑගල පෙදෙසේ සංගමුව විහාර භූමියේ තිබී එම ගිවිසුම කෙටූ ශිලාලිපියක් හමු වී තිබේ. මහාවංසයේ එසේ සඳහන් තවත් පුවතක් නම් පළමුවැනි අග්බෝ රජුට පුතෙකු නොසිටියත් දාඨා හෙවත් දළ නමින් දියණියක් සිටි බවත් එහෙයින් තම නැගණියගේ පුතුට එම දියණිය විවාහ කොට දී රාජ්‍ය උරුමය ද ලබා දුන් අතර ඔහු පසුව දෙවන අග්බෝ නමින් රජ වී කරන ලද ලෝකශාසනික වැඩ කටයුතු අතර අභයගිරි විහාරයේ සිය බිසව වූ දළ හා තමාගේ නම වූ අග්බෝ නමින් නම් කොටා දළග්බෝ නම් වූ විහාරයක් කරවූ බවත් සඳහන් ය. මෙකී ප්‍රවෘතිය සම්පූර්ණයෙන් ම සත්‍ය බව අනාවරණය වී ඇත්තේ ඉතා මෑත කාලයේ අභයගිරි විහාර භූමියේ පුරාවිද්‍යා කැනීම් වලින් එක්තරා පිරිවෙන් භූමියක දොරටුවට සවිකොට තිබී හමු වූ ශිලා ලිපියක එය දළග්බෝ පිරිවෙන බව තවත් විස්තර සමග සඳහන් කර තිබීමය. මෙම ලිපිය දැනට අභයගිරි විහාර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අශෝක අධිරාජයාගේ සමයේ දී සිදු වූ තුන් වැනි ධර්ම සංගායනාව ගැන මහාවංසයේ කියා ඇති කරුණු ද උතුරු ඉන්දියාවේ ශිලාලිපි මගින් සනාථ වී ඇත. මහාවංසයේ සඳහන් වන මෙම සංගායනාවට සම්බන්ධ ධර්මදූතයන් කීප නමකගේ නම් පුරාවිද්‍යාඥ ඇලෙස්සැන්ඩර් කැනිංහැම් විසින් සාංචියේ අංක 2 දරන ස්තූපය කැනීමේ දී හමු වූ කරඬු වල කොටා තිබිණි. එක් කරඬුවක මඡ්ජිම නම් පත්පුරුෂයාණන්ගේ ය යනුවෙන් ද තවකෙක හිමවත් පෙදෙසේ ආචාර්ය වූ කස්සප ගොත්ත සත්පුරුෂයාණන්ගේ ය යන්න කොටා තිබේ. තව ද මිහිඳු හිමියන් සමග මෙරටට වැඩම කළ භික්ෂුන්ගෙන් තුන් නමකගේ නම් මිහින්තලේ ලිපියක සඳහන් ව තිබී එඩ්වඩ් මුලර් විසින් ප්‍රකාශයට පත් කර ඇත. එසේ ම මෙකී නම් රජගල ශිලාලේඛනවල ද තිබී හමු වී ඇත. තවත් සාක්ෂයයක් වන්නේ පළමු වන කාෂ්‍යප රජු ගැන මහාවංසයේ කර ඇති විස්තරයකිනි. එතුමා ඉසුරුමුණි විහාරය පිළිසකර කරවා තමාගේත් තම දියණියන් දෙදෙනා වැනි බෝධි හා උප්පලවණ්ණා යන අයගේ නම්වලින් එය නම් කළ බව සඳහන් අතර දැනට පැරැණි ඉසුරුමුණිය වන වෙස්සගිරියේ තිබී හමු වී ඇති ශිලා ලිපිවල එය බෝ- උපුල්වන්- කසුප්ගිරි රද් මහ වෙහෙර යනුවෙන් නම්කොට තිබූ බව කොටා ඇත.
මහාවංසයේ සත්‍යතාව සනාථ කිරීම සඳහා මෙවැනි සාෂ්ය තවත් බොහෝ ප්‍රමාණයක් ඇත. මිහිඳු හිමියන් විසින් මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමෙන් පසුව ශාසන ඉතිහාසය කියා පෑම සඳහා ලියන ලද වංසකථාවට ඊට අනුබද්ධ පාලකයන් පිළිබඳ විස්තර ද සම්බන්ධ කිරීම වර්ධනය වී යැමෙන් මෙම විශිෂ්ට ඉතිහාස ග්‍රන්ථය සම්පාදනය වී ඇත. අද දක්නට ඇති මහාවංසය මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන පරිදි ඊට පෙර තිබූ සීහලට්ඨකතා මහාවංසය නම් පොතක තිබූ වැඩි විස්තර ඉවත් කරමින් කරන ලද සංස්කරණයකි. එසේ නම් දැනට දක්නට ඇති මහාවංසය මුල්කොටස එනම් පස්වැනි සියවසේ රචනා වූවක් නොව ඊට පූර්ව කාලයක රචනා වී තිබුණක් බව සැලකිය යුතුව ඇත. මහාවංස ටීකාවේ මහාවංසයට මුල්කොටගත් සීහලට්ඨකථා මහාවංසය ඇතුළු ග්රන්ථ ගණනාවක නම් සඳහන් ව ඇත.
මහාවංසය එක් කාලයක ලියවුණු ග්රන්ථයක් නොව වරින් වර අද දක්වා ලියනු ලැබූ ග්රන්ථයකි. රටේ යුද්ධ කලකෝලහාල පැවැති යම් යම් කාල වකවානුවල නොකඩවා ලියා තැබීමේ සම්ප්රදාය ඇනහිට ඇති බව විශේෂයෙන් දඹදෙණි සමයෙන් පසු කාලයක් නොලියා තැබීම නිසා විස්තර අඩුවීම හා ව්‍යාකූල වීමෙන් පැහැදිලි වේ.
අනූෂි තිසාරා කාරියවසම්
Source: www.divaina.com
ඉතිහාසය ප්‍රබන්ධයක් නො වේ.!

අතීතය හා අනාගතය යා කැරෙන පාලම තැනීමට ඉතිහාසය නමැති විෂය අවශ්‍ය කැරේ. ඉතිහාසයේ පියා යැයි හැඳින්වෙන ගී්රක ජාතික හෙරඩෝටස් ගේ රචනා මෙන් ම සිරිලක ප්‍රධාන වංශ කතාව ලෙස සැලැකෙන මහාවංසය ද අතීතය හා අනාගතය යා කිරිමට ගත් අනඟි උත්සාහයන් ය. එ බඳු රචනා හා පුරාවිද්‍යාඥයන් දැරූ අපමණ වෙහෙස නිසා අතීතය පිළිබඳ යම් දැනුමක් අපට ලැබී තිබේ. එම දැනුම අනුව ගෞතම බුදුන් වහන්සේ (ක්‍රි.පූ. 623 – 543 ) උත්තර භාරතයේ බිහි ව ලෝක ආගමක් බවට පත් බෞද්ධ දර්ශනයේ නිර්මාතෘවරයා යැයි අපි පිළිගනිමු. ජෝර්ජ් පි‍්‍රන්සෙප් විසින් 1842 දී බ්රාහ්මී අක්ෂර මාලාව හඳුනා ගත් තැන් සිට බුද්ධ චරිතය හා සම්බන්ධ ස්ථානවල අශෝක අධිරාජයා පිහිටුවා තිබූ සෙල් ලිපි හෙළිදරවු වන්නට විය. මෙ සේ ලුම්බිනි, කපිලවස්තු, බුද්ධගයා, සාරානාත්, ශ්‍රාවස්ති, කුසිනාරා, ආදී සෑම ස්ථානයක් ම මේ වන විට ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින් නිශ්චිත ව සොයාගෙන ඇත. එහෙත්, පසුගිය පොසොන් පොහොය දා ප්‍රකාශයට පත් කළ ‘‘අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීප යයි’ නමැති පොතෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් පවසන්නේ ඊට පටහැනි කතාවකි. අපි එහි කොටස් කිහිපයක් උපුටා දක්වමු.
‘සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත්තුමා උතුම් බුද්ධත්වයට පත් වූයේත්, ගෞතම බුදුපියාණන් වහන්සේ ගේ අපවත් වීම සිදු වූයේත් ජන්බුද්වීපයේ දී ය. වසර හතළිස් පහක් තරම් දීර්ඝ කාලයක් තුළ ම බුද්ධ ධර්මය දේශනා කළේත්, ජන්බුද්වීපයේ ම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන් + බුද් + ද්වීපය) බුදුන් ජන්මය ලබන දීපය යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. (9 වන පිටුව)’
‘අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක්, ධර්ම රාජ්‍යයක් මෙන් ම කෘතිම ජන්බුද්වීයක් ද ඉන්දියාවේ ස්ථාපිත කළේ තමා යුද්ධ කැර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය ධර්මානුකූල ව ආරක්ෂා කැර තම බලය පවත්වා ගන්නටත් යුද්ධයෙන් තොර වූ ධර්ම මාර්ගයක් තම රටේ පවත්වා ගන්නටත් පමණි. නිවන පිළිබඳ ව කිසිම දැනුමක් ඔහුට නො වී ය. විශ්වාසයක් ද නොවී ය.’ (27 වන පිටුව)
‘කපිලවස්තු පුර සුද්ධෝදන මාලිගාවේ සිට දෙව්දහ නුවරට – එදා සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානයට - හෙළ දිව ජම්බුද්වීපයේ නියම වශයෙන් ම පැවැති දුර සැතපුම් 40 ක් පමණ වූ දුරකි. ඒ අද දිඹුලාගල සිට කුණ්ඩසාලය තෙල්දෙණිය අසල ප්‍රදේශයට යි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි හඳුනා ගත් තැන සිට නේපාලයේ ලුම්බිනියට දුර කී.මී. 3000 ක් පමණ වේ.’
‘හෙළදිව ජන්බුද්වීපයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අදත් වැඩ සිටින හිරිවඩුන්නේ සිට කසීරට පිහිටි නියම ඉසිපතනාරාමයට (අද මැදවච්චිය අසල පිහිටි ඉසින් බැස්සගල නම් ස්ථානයට) ගෞතම බුදුන් එදා පස්වග මහණුන් සොයා ඇවිද්ද දුර කී.මී. 70 ක් පමණ වූ දුරකි.’ (32 වන පිටුව)
“ බුදුපියාණන් අලව්යකු (ආලවක යක්ෂයා) දමනය කළේ අද අලව්ව යන නමින් පිහිටි ස්ථානයේ ය.” (46 වන පිටුව)
“ගෞතම බුදුන් වහන්සේ පිරිනිවියේත් ආදාහනය කළේත්, ද්‍රෝණ බමුණා ධාතු බෙදා දුන්නේත් මේ හෙළදිවේ දී ම ය. එදා මල්ල රට යනු අද බලංගොඩට පහළින් පිහිටි මහවලතැන්න, උග්ගල් කල්තොට, වේලිඔය සිට සංඛපාල තෙක් ඇති ප්රදේශයයි. අද බුදුගල කුරගල නමින් බලංගොඩට පහළින් කල්තොට පාරේ පිහිටි ප්‍රදේශය එදා ගෞතම බුදුන් පිරිනිවී ස්ථානයයි. (69 වන පිටුව)
මේ සියලු කරුණු ලංකා ඉතිහාසයෙන් පමණක් නො ව ඉන්දීය ඉතිහාසයෙන් ද සනාථ කළ යුතු ඒවා ය. එහෙත්, එ බඳු ඓතිහාසික මූලාශ්‍ර හෝ පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් මෙහි දක්වා නොමැත. ගෞතම බුදුරදුන් ගේ ධර්මය ලක්දිවට රැගෙන ආවේ අසූ මහා ශ්‍රාවක පුණ්ණ හිමියන් යැයි ජයරත්න පතිරආරච්චි මහතා කළ ප්‍රකාශයක් ද වරක් අපි පළ කළෙමු. එහෙත් එය යාල වනයේ ගොනාගල ප්‍රදේශයේ ඇති සෙල්ලිපියකින් සනාථ වන බවට ඔහු කළ ප්‍රකාශයක් නිසා ය. එ සේ නොමැති ව අලව්ව යන ග්‍රාම නාමය ආලවක යක්ෂයාට සබඳතාවක් ඇතැයි කීම කිසිසේත් ශාස්ත්‍රීය සම්ප්රදාය නො වේ. මෙහි දී කරුණු දෙකක් පාඨකයන් ගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු. එහි පළමු වැන්න නම්, මහාවංසයේ ප්‍රථම පරිච්ඡේදයේ සඳහන් මේ වාක්‍යය යි.
“ඒ මහා මුනි තෙමේ මගධ රට උරුවෙල් දනව්වෙහි බෝමුල දි වෙසඟ පුරපසළොස්වක් හි උත්තම වූ සම්බෝධියට පැමිණියේ ය.” දෙවන කරුණ නම්, ඛුද්දක නිකායේ සූත්‍ර නිපාතයේ මහා වග්ගයේ එන පබජ්ජා සූත්‍රයෙහි බිම්බිසාර රජුට බුදුන් වහන්සේ වදාළ මේ කරුණ යි.
“රජතුමනි, මෙහි සිට සෘජුව ම පිහිටි හිමාල පර්වත ප්‍රාන්ත ප්‍රදේශයේ ධනයෙන් හා වීර්යයෙන් සම්පන්න වූ එක් ප්‍රදේශයක් ඇත. එය කොසොල් රටට ඇතුළත් වෙයි. එහි වසන්නවුන් ගේ ගෝත්‍රය ආදිත්‍ය නමි. ඔවුන්ට ශාක්‍ය යැයි ද කියති. රජතුමනි, මම ඒ කුලයෙන් පැවිදිවීමි. එ සේ පැවිදි වූයේ කාමොපභෝග සඳහා පැවැති ආශාව මුලිනුපුටා දමා ය.”
Source URL : www.lakehouse.lk

"විඩුඩබ" කියන කුමාරයා ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනය කරන්නට යන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් සෘධියෙන් ඔවුන්ගේ රථ මේ ගලේ එරෙන්නට සල්ස්වපු වෙලාවේ ඇතිවූ ලකුණුයි...!!!
ශාක්‍ය වංශිකයන් තරම් මානය නිසා හිස උදුම්මාගත් තවත් ජන කොටසක් බුදුරදුන් දිවමන් කළ ඉන්දියාවේ නොසිsටි තරම්ය. බුද්ධ කාලයේ දඹදිව රාජ්‍යයන් 16 කට බෙදී තිබුණ අතර ශාක්‍ය වංශිකයන්ගේ පාලනය යටතේ පැවතියේ කුඩා ජනපදය නැතහොත් කුඩා රාජ්‍යයන්ය. එසේ වුවද, ඔවුන්ගේ කුල අභිමානය නම් කිසිසේත් සුළු පටු එකක් නොවූයේය.
නිසැක ලෙසම අතට පත් විය යුතුව තිබූ සක්විති රජකමත් තවුසකුව වෙසෙන කළ මහා රජවරු දෙපාමුල ප්රදානය කළ ඒ ඒ මහා රාජ්‍ය පදවියත් පා ගැටුණු දුහුවිල්ලක් තරම් නොසළකා පිළිකෙව් කළ ගෞතම තාපසයන් වූද ලෝක සත්‍යය අවබෝධ කර තුන්ලෝකාග්ර තත්ත්වයට පත් සම්මා සම්බුදු රජාණන් වූද ශාක්‍ය සිංහයාණන් වහන්සේට යමා මහ පෙළහර දක්වන්නට සිදුවූයේද මේ ශාක්‍යයන් තුළ තිබූ පුහුමානය නිසාවෙනි.
පසේනදී රජු බුදුරජාණන් වහන්සේට බොහෝ ගෞරව කළ මහරජකු විය. ඒ නිසාම බුදුරදුන්ගේ වංශය වූ ශාක්‍ය වංශයෙන් කුමරියක් විවාහ කර ගැනීම ප්‍රසේනජිත් රජුගේ අපේක්ෂාව විය. එසේ වුවද කුල මානයෙන් ඉදිමුණ ශාක්‍යයෝ පසේනදී රජු අයත් කෝසල කුලය පහත් එක්ක යෑයි සලකන ලදී. නමුදු පසේනදී රජු බලවත් වූ බැවිනුත් තම තමන්ගේ රාජ්‍යයන් වලින් පසේනදී රජුට කප්පම් ගෙවූ බැවිනුත් රජුගේ අපේක්ෂාව එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට ශාක්‍යයන්ට කොහෙත්ම ශක්තියක් නොවීය.
අවසානයේ සියලු ශාක්‍ය ප්‍රධානීන් එක්ව එක් කූටෝපායයක් යොදනු ලැබීය. එනම් මහානාම ශාක්‍යයා නිසා දාසියකගේ කුසින් උපන් වාසභ ඛත්තියා නම් කුමරිය තමන්ගේම දුවක් ලෙස හඳුන්වා රජුට සරණ පාවා දීමය. පසේනදී රජුගේ අමාත්‍යයෝ ද වාසභඛත්තියාට කැමැති වූ අතර ඇය මහානාම රජු සමග එකට හිඳ ආහාර අනුභව කරනු දුටු බැවින් රජුගේ දියණියක බවත් විශ්වාස කළහ. ප්‍රතිඵලය වූයේ පසේනදී කෝසල හා වාසභ ඛත්තියා අතර විවාහය සිදුවීම වූ අතර රජු විසින් වාසභ ඛත්තියාට අග මෙහෙසිය තනතුර ප්රදානය කරන ලදී.
කලක් ගත විය. වාසභඛත්තියා බිසවගේ පුත් විඩුඩභ දැන් සොළොස් වියෑතිය. දිනක් ඒ කුමරා පිරිවරද සමග තමන්ගේ සීයා (ශාක්‍යයන්) දකින්නට ගියේය. පුරහලේදී විඩුඩභ කුමරු පිළිගෙන නිසි සැලකිලි දැක්වූ ශාක්‍යයෝ ඔහු පිටව ගිය පසු කුමරා හිඳගත් ආසනය ජලයෙන් සෝදා හැරියහ. ඉක්මනින්ම මේ පුවත විඩුඩභ කණ වැකුණු අතර කරුණු සොයා බැලීමේදී තමන් දාසියකගේ පුතකු බවද වැටහී ගියේය. බලවත් රජ කුමරකු වූ තමා හිඳගත් ආසනය ජලයෙන් සෝදා පවිත්‍ර කිරීම ගැන නයකු සේ කිපුණේය. පළි ගැනීමේ වෛරයෙන් පිරී ගියේය.
විඩුඩභ මුලින්ම කළේ නිසි වයස් එළැඹි කල කෝසළ රාජ්‍යය බලෙන්ම සියතට ගෙන මහලු ප්‍රසේනජිත් රජු සැවැත් නුවරින් පිට මං කිරීමය. වෙස් වලාගෙන තම බෑණා වූ අජාසත් වෙත ගමන් ඇරඹූ පසේනදී රජු නොයෙක් දුක් ගැහැට විඳ අතරමග විශ්‍රාම ශාලාවකදී මරණයට පත් විය.
පියාගේ මරණයෙන් පසු තම රාජ්‍ය බලය තවත් තහවුරු කරගත් විඩුඩභ හිතයට දැවෙමින් තිබූ පලිය ගැනීමට ශාක්‍ය සංහාරය පිණිස යාමට සැරසුණද දෙවරක්ම තිලෝගුරු බුදු පියාණන්ගේ මැදිහත්වීම මත එය වැළකී ගියේය. තෙවන වර බුදුරදුන්ටද කිසිවක් කිරීමට ඉඩ නොතැබූ හෙතෙම තම අදහස වහා ක්‍රියාත්මක කළේය.
විඩුඩභගේ මේ ප්‍රහාරය කොතෙක් දරුණු වීද යත් පලාගිය හා යටත්ව පිහිට පැතූ ස්වල්ප දෙනා හැරුණවිට ළමා ළපටීන් ඇතුළු සියලු ශාක්‍යයෝ සමූල ඝාතනය කිරීමට විඩුඩභ සමත් විය. ශාක්‍යයන්ගේ ලේ ගෙන තම ආසනය සේදූ විඩුඩභ එතෙක් තමා තුළ පැසවමින් තිබූ වෛරයේ පලිය ගත්තේය.
ජයග්‍රාහී විඩුඩභ මහත් තේජසින් යුතුව ආපසු පිරිවර සහිතව තම රාජ්‍යය කරා යාමට පැමිණ රෑ බෝවුණ බැවින් අචිරවතී ගංගාව අසබඩ කඳවුර බැන්දේ පසුදා ගඟ තරණය කර විජයග්රාහකයකු ලෙස තම රාජ්‍යයට යාම පිණිසය. එහෙත් සිතු දේ නොම විය නොසිතූදේම සිදුවිය. එදා රෑ හිටි ගමන් මේඝ ගර්ජනා අකුණු ගැසීම් හා චණ්ඩ මාරුතය සහිත මහා අකල් වර්ෂාවක් වහින්න පටන් ගත්තේය. ඒ මහා අකල් වැස්සෙන් අචිරවතී ගඟ දෙගොඩ තලා ගැලීය සැඬ පහර දරුණු විය. බිහිසුණු ඒ රැයේ ගඟ අසබඩ කඳවුරු ලා සිටි විඩුඩභ රජු සිය සියලු පිරිවරත් සමග ගඟ දියට හසු වී ජීවිතක්ෂයට පත් වීය.