![]()
|
විවිධ අභිධර්ම සම්ප්රද්රයය

සත්වයා සහ ලෝකය පිළිබඳව අවිපරිත අවබෝධය ශ්‍රාවකයන් තුළ ජනිත කිරීම පිණිස කරනු ලබන ධර්ම විශ්ලේෂණයක් හා සංශ්ලේෂණයක් වශයෙන් අභිධර්මය හැඳින්විය හැකිය. සූත්‍ර පිටකයේදී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් සත්වයා විභේදනය කර දක්වන්නේ අනාත්ම ධර්මය ප්‍රකට කිරීම පිණිසය. පූර්වෝක්ත ධර්ම අනිත්යව පරස්පර සාපේක්ෂව ප්‍රතීත්‍ය සමුත්පන්න ව ප්‍රවර්තනය වෙයි. එහෙයින් නිත්‍ය වූ අවිනශ්වර වූආත්මයක් නොලැබෙන බව සූත්‍ර ධර්මයෙන් පැහැදිලි කරනු ලැබේ. එහෙත් සූත්‍ර පිටකයෙහි දැක්වෙන මෙම බෙඳුම් සත්වයා සහ ලෝකය පිළිබඳ සකලාංග පූර්ණ බෙදුමක් අරමුණු කරගත් බවක් නොපෙනේ.
අභිධර්මයෙහි අරමුණ වූයේ සත්වයා සහ ලෝකය පිළිබඳ සියල්ල ම නිරවශේෂ වශයෙන් බෙදා දැක්විමේ මතයක් සකසා ගැනීමය. එහෙයින් ලොව පවත්නා සියල්ල ධර්ම වශයෙන් නම් කරන අභිධර්මය ඒ සියල්ල චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ වශයෙන් බෙදා දක්වයි. මෙසේ ප්‍රභේද ගත කළ විට වෙනත් කිසිවක් අවශේෂ වන්නේ නැත.
මෙම විශ්ලේෂණ ක්‍රමය මූලික වශයෙන් ථෙරවාදී විභජජවාදී සම්ප්රදායේ භාවිතා වූයේය. එහෙත් බුදුසමයෙහි විකසිත වූ සැම ආචාය්යීවාදයකට ම එය පොදුවේ අභිමත වූ බව නොපෙනේ. විවිධ අභිධර්ම ගැටළු මත විවිධ ආචාය්යීවරුන් අතර මතභේද තිබිණි. ථෙරවාදීන්ගේ සප්තප්‍රකරණය ලෙස හැඳින්වෙන පාලි ග්රන්ථ සප්තකය වෙනත් ගුරුකුල වල නොපිළිගැණිනි. නිදසුනක් වශයෙන් ථෙරවාදයේම ශාඛාවක් වූ සර්වාස්තිවාදී වෛභාෂික ආචාය්යීවරුන් දැක්විය හැකිය. ඔවුහු සකු බසින් වෙන ම අභිධර්ම ග්රන්ථ සප්තකයක් ඉදිරිපත් කළහ. මෙසේ අභිධර්ම සාහිත්‍ය සම්ප්රදාය රාශියක් ජනිත වී වාද විවාද කිරීම ගැන කළකිරුණු භික්ෂු පිරිසක් මේ සියළු ගැටළු අභිධර්මය පිළිගැනීම නිසා ඇති වූ දේ හෙයින් හොඳ ම ක්‍රියාව අභිධර්මය ප්රත්ක්ෂේප කිරීම යැයි සිතා සූත්‍ර ධර්ම පමණක් පදනම් කරගත් ආචාර්ය වාදයක් ඉදිරිපත් කළහ. ඔවුන් හඳුන්වන ලද්දේ සෞත්‍රාන්තිකයන් වශයෙනි. අභිධර්මය ප්‍රතික්ෂේප කළ ද අභිධර්ම අධ්යන්යවල ප්‍රතිඵලයක් වශයෙන් උද්ගත වී තිබුණු නව ගැටළු මඟ හරින්නට ඔවුනට හැකි නොවීය. එහෙයින් ඔවුන් අතුරින් ද බිහිවූයේ නමින් පමණක් අභිධර්මයක් නොවූ එහෙත් යථාර්ථ වශයෙන් බලන විට තවත් අභිධර්මයක් ම වූ ඉගැන්වීම් සමුද්රයයකි.
විවිධ අභිධර්ම සම්ප්රද්රයයන් ගැන සඳහන් කරන විට මුලින් ම අප විසින් සැලකිල්ලට ගත යුත්තේ පාලි බසින් සුරැකි ඇති ථෙරවාදී විභජජවාදී අභිධර්මය වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාලි සූත්‍ර සාහිත්‍යය සමඟ ගැලපී සිටින බවයි. පාලි සම්ප්රද්රයේ චින්තනය බෞද්ධ ඉතිහාසයේ පැරණිම සම්ප්‍රද්‍රය බව අවිවාදනීය යි. එහෙයින් කවර අභිධර්ම සම්ප්රද්රයකටත් වඩා එය මූලික බුදුදහම නියෝජනයෙහි ලා සමත් බව කිව යුතුය. වෙනත් සම්ප්රද්රයන්හි අභිධර්ම කෘති ථෙරීය අභිධර්ම කෘති වලට වඩා ව්‍යුහයෙන් වෙනස් බව දක්වන ජේ. තකාකුසු වැනි පඬිවරු එයින් හැඟීයන්නේ ඔවුන් තම අභිධර්ම සාහිත්‍යය වර්ධනය කරගත්තේ නිකාය වශයෙන් වෙන් ව ගියාට පසුව බව යැයි පවසති.
ථෙරවාදී විභජජවාදීන්ගේ අභිධර්මය ලඟට වැදගත් වන දියුණු අභිධර්ම සම්ප්රදායක් සේ ථෙරවාදී නිකායන් සේ දැක්වෙන සර්වාස්තිවාදය දැක්විය හැකිය. එම අභිධර්මය ථෙරවාදී නිකායන් විසින් අරඹන ලද්දේ වුව ද මහායානිකයට පවා එහි බලපෑමෙන් මිදෙන්නට නො හැකි වූ බව විචාරකයෝ පවසති. ථෙරවාදී අභිධර්මයෙහි උගන්වනු ලබන්නේ චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ පමණක් වුවද සර්වාස්තිවාදී අභිධර්මයෙහි ද චිත්ත විප්‍රයුත්ත ධර්ම නමින් තවත් ධර්ම දාහතරක් උගන්වනු ලැබිණි. මේ හැරෙන්නට අසංස්කෘත ධර්ම (අසංඛත) සංඛ්‍යාව ද ඔවුන් විසින් වැඩි කොට තිබේ. ථෙරවාදී පාලි අභිධර්මය නිර්වාණය එකම අසංස්කෘත ධර්මය වශයෙන් දක්වයි. එහෙත් සර්වස්තිවාදීහු අසංස්කෘත ධර්ම තුනක් දක්වති. එනම්, ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ සහ ආකාශ වශයෙනි. ඔවුන් දක්වන ධර්ම සංඛ්‍යාව 75කි. සංස්කෘත ධර්ම 72ක් හා අසංස්කෘත 3ක් වශයෙනි. එම ධර්ම වර්ග කර ඇත්තේ මෙසේ ය.
චිත්ත 1
චෛතසික 46
රූප 11
චිත්ත විප්‍රයුත්ත 14
අසංස්කෘත 3
තවත් වැදගත් අභිධර්ම සාහිත්‍යයක් වශයෙන් ශාරිපුත්‍ර අභිධර්ම ශාස්ත්‍රය විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙය දැනට අවශිෂ්ටව ඇත්තේ චීන බසින් පමණි. මෙය මහාසාංඝික නිකායේ ද, සම්මිතීය නිකායේ ද, නැතහොත් ධර්මගුප්තිකයන්ගේ දැයි හරියටම නීර්ණය කර නැත. මේ ආචාර්යවරුන් තුන් පිරිසට ම අභිධර්මයක් පැවති බව සඳහන් වේ. මහාසංඝිකයන් ථෙරීයයන්ගේ අභිධර්මය ප්‍රතික්ෂේප කළ ද මාතිකා පිටකයක් ඔවුනට තිබුණු බව ශිලාලේඛන සාධක මගින් සනාථ වී ඇත. මහාසංඝිකයන්ගේ ගෝකුලික හා බහුශ්‍රැතිය යන අනු නිකායවල භික්ෂුන් අභිධර්මය ප්‍රියකළ තමන්ගේම අභිධර්මයක් වර්ධනය කරගත් පිරිසක් බව පැවසේ. සම්මිතියන්ගේ අභිධර්මය පුද්ගලවාදී වූවකි. ශාරීපුත්රාභිධර්මයේ පුද්ගලවාදය ගැන කිසිවක් නොමැත.
ථෙරවාදී පක්ෂයට ම අයත් අභිධර්මධර ආචාර්යවරුන් අතර වාත්සිපුත්රියයෝ විශේෂ තැනක් ගත්හ. ඔවුහු අභිධර්මයෙහි දැක්වෙන නිස්සත්ත නිජ්ජීව ධර්ම විභාගය අසම්පූර්ණ විග්‍රහයක් බව සිතූහ. ලෝක සත්වයා හුදෙක් ශුෂ්ක නිජ්ජීව ධර්ම සමූහයක් පමණක්ද? සත්වයන්ගේ සජීවි බව අභිධර්මයේ දී නොතකා කළ නොහේ. එහෙයින් එය පුද්ගල වශයෙන් හඳුන්වන ලදී. වාත්සීපුත්‍රීය නිකාය විසින් අරඹන ලද මෙම පුද්ගලවාදය ඔවුන්ගේ අනුනිකාය චතුෂ්කය වූ ධර්මෝත්තරීය, භද්‍රයානික, සම්මිතිය හා ෂණණාගාරික යන නිකායයන් විසින් ද පිළිගන්නා ලදී. මේ ඉගැන්වීම් පිළිබඳව මේ නිකායවල අනුගාමිකයන් විසින් ලියු ග්රන්ථ කිසිවක් සංස්කෘත භාෂාවෙන් ලැබී නැත. සම්මිතිය නිකායයට අයත් සම්මිතිය නිකාය ශාස්ත්‍ර නම් ග්‍රන්ථය චීන බසින් ලැබී ඉන්දියාවේ වෙන්කථරමනන් නම් පඬිවරයා විසින් 1951 දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත. මේ හැරෙන්නට කථාවත්ථු, අභිධර්මකොශ වැනි ග්‍රන්ථවල ද විවේචනය සඳහා ඔවුන්ගෙන් අදහස් ගෙන හැර දක්වා තිබේ.
අභිධර්මය පිළිබඳ ඉතා වැදගත් අදහස් දැක්වූ මහායන ආචාය්යීයවාදය යෝගාචාර නමින් හැඳින්වේ. බාහිර ලෝකය හුදෙක් අප විසින් සිතෙහි මවාගත් දෙයක් බව විඥප්ති මාත්‍රයක් පමණක් වශයෙන් එය හැඳින්විය යුතු බවත් ඔවුහු පැවසූහ. මහායන ධර්මයේ මූලික ඉගැන්වීමක් වූ සියල්ල හේතුඵල සමමවායයෙන් හටගත් ස්වභාව විරහිත ශුන්‍ය වස්තු වෙතියි යන මතය තහවුරු කරන්නට තර්ක කළ ඔවුහු බාහිර ලෝකයට යථාර්ථවත් හෝ පරමාර්ථමය පැවැත්මක් ඇතැයි නොපිළිගත්හ. ඔවුන්ගේ අභිධර්මය අනුව ලෝකයේ වද්යාමාන ධර්ම වර්ගීකරණය කරනු ලබන්නේ මෙසේ ය.
අසංස්කෘත ධර්ම 6
රූප 11
චිත්ත 8
චෛතසික 51
චිත්ත විප්‍රයුත්ත 24
මේ අනුව සංස්කෘත හා අසංස්කෘත ධර්මයන්ගේ එකතුව 100ක් වෙයි.
අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරමින් අභිධර්ම ගැටළුවලට සූත්‍ර පිටකානුසාරයෙන් පිළිතුරු සෙවූ සෞත්‍රාන්තික නිකාය ද අභිධර්ම ආචාර්ය වාදයක් බිහිකළ බව පිළිගැනීමට සිදුවේ. ඔවුන්ගේ ඉගැන්වීම් රාශියක් සර්වාස්තිවාදය සඳහා ග්රන්ථයක් රචනා කිරීමට ඉදිරිපත් වූ බව වසුබන්ධු විසින් අභිධර්මකොශයෙහි ඇතුළත් කර ඇත. වසුබන්ධු සර්වස්තිවාදී ග්රන්ථයක් ලිවීමට ඉදිරිපත් වුවද පෞද්ගලික ව සෞත්‍රාන්තික ධර්ම පිළිගත්තෙක් වූයේය. (එහෙයින් අභිධර්ම කෝශය මඟින් ඔහු සර්වාස්තිවාදයට අවාසියක් කර ැතැයි තේරුම් ගත් සර්වාස්තිවාදීහු තම මතය නිවැරදි අයුරින් වාර්තා කරනු පිණිස ‘අභිධර්මදීප’ නම් තවත් කෘතියක් සම්පාදනය කළහ.) සෞත්‍රාන්තිකයන් ගේ ධර්ම විභාගය පිළිබඳ අනෙකුත් ග්රන්ථ නෂ්ටප්‍රාය නමුත් ශිව ඥ්රන සිද්ධි නම් ද්‍රවිඩ ග්‍රන්ථයේ එම ධර්ම විභාගය දක්වා තිබේ. රූප, අරූප, ව්‍යවහාර හා නිර්වාණ වශයෙන් ධර්ම ප්‍රභේද හතරක් උගන්වන ඔවුහු එහි වර්ගීකරණය මෙසේ දක්වති.
රූප 8
අරූප 2
ව්‍යවහාර 2
නිර්වාණ 2
මෙයට අතිරේකව කේවල ධර්ම වර්ගීකරණය නමින් තවත් ප්‍රභේදනයක් දක්වා ඇත.
රූප 8
විඥ්රන 6
වේදනා 3
සංඥ්ර 6
සංස්කාර 20
මේ අනුව කේවල ධර්ම 43ක් ඔවුහු උගන්වති. ඔවුන්ගේ සුවිශේෂ ඉගැන්වීම් අතර බීජ සංකල්පය, බාහරාර්ථ අනුමෙයත්වවාදය හා අභූත්වාභාව උත්පාද වාදය දැක්විය හැකිය.
මෙසේ විවිධ අභිධර්ම සම්ප්රද්රයයන් පිළිබඳව සාකච්ජා කරන විට සූත්රධර්ම විෂයයෙහි බෞද්ධයන් අතර පවත්නා ඒකමතිකත්වය අභිධර්මය විෂයෙහි නොමැති බව පැහැදිලි වේ. මෙම ආචාය්යී වාද හය - හත භාරතයේ සජීවිව පැවති සමයේ උණුසුම් හා සිත් ගන්නා ධර්ම සංවාද ඔවුන් අතර පවතින්නට ඇත. කෙසේ වුව ද අපට පෙනී යන පරිදි පැරණි ම අභිධර්ම සම්ප්‍රද්‍රය ථෙරවාද විභජ්ජවාදීන් ගේ පාලි අභිධර්මය බව නිසැකය. පාලි සූත්‍ර ධර්මයන්හි අන්තර්ගත ධර්ම දේශනයන්හි විවිධ ප්‍රවාද, උපමා, රූපක හා සංකේත ආදිය අතුරින් වියුක්ත සිද්ධාන්ත සමූහයක් නිෂ්කර්ෂණය කරගනිමින් උජ්වලිත වන පාලි අභිධර්මය මූලික සූත්‍ර ස්ථාවරය තුළ ම රැදෙන්නට දරන ප්රයන්තය ප්‍රශංසාර්භය. ධම්ම, පඤ්ඤත්ති, වොහාර වැනි සංකල්ප සියුම් ලෙස විවරණය කර බලන විට ආභිධර්මිකයන් අත්ථිතා, නත්ථිතා වැනි මිථ්‍යා සංකල්ප දුරලමින් ස්වාධීන විචාර මාර්ගයක් හරහා සියළු දෘෂ්ටින් ප්රහාණය කරන්නට මග සලසන අයුරු පැහැදිලි වෙයි. ථෙරවාදී අභිධර්මය හුදු ලැයිස්තු මාලාවක් නොවේ. එහි එන සංශ්ලේෂණ හා විශ්ලේෂණ ක්‍රමය ප්‍රායෝගික ආගමික චරණයකට උචිත භාවනාමය පදනමකි. එහි විග්‍රහය ධර්ම බහුත්ව වාදයක් ලෙස වරදවා නොගෙන ධර්මයන්ගේ සූක්ෂම හා ගතික ස්වභාවය තේරුම් ගනිමින් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය එමගින් ධ්වනිත වන අයුරු ග්‍රහණය කරගත යුතුය.

අභිධර්ම සාහිත්‍යය

“අභීධර්මය” යන්නෙන් පාලි ත්‍රිපිටකයෙහි තුන්වන පිටකය අදහස් කරන බව ප්‍රකට කරුණකි. එහෙත් අභිධර්ම සාහිත්‍යය ගැන කරන විට එතරම් සරල ලෙස හඳුන්වා නිහඬ වීමට නොහැකි පරිදි අභිධර්ම සාහිත්‍යය විපුල බව කිව යුතුය. ථෙරවාදී බෞද්ධයන් තම තුන්වන පිටකයේ ඇති ග්රන්ථ සප්තකය අභිධර්මය සේ හඳුන්වන විට එම සාහිත්‍යයට වෙනත් ග්රන්ථ සමූහයක් අභිධර්මය සේ ඉදිරිපත් කරන නිකායාන්තර රැසක් ඇති බව සැලකිල්ලට ගන්නට අපට සිදුවෙයි. එමෙන් ම අභිධර්මය යනු බුදුරදුන් විසින් සූත්‍ර මගින් දේශිත ධර්මය විධිමත් ලෙස පද්ධති බන්ධනය කර තේරුම් ගන්නට දැරූ ප්රයන්තයේ ප්‍රතිඵල සේ ගන්නා ඇතැම් නූතන පඬිවරු ථෙරීය අභිධර්මය සාහිත්‍යය පවා ක්‍රම විකාශය වූවක් බව දක්වති. මේ මතිමතාන්තර ගැන අවබෝධයක් ලබා තිබීම බුදුසමය විධිමත්ව හදාරන්නවුනට ඉතා ප්රයෝජනවත්ය.
මුලින් ම අපි ථෙරවාදී අභිධර්ම සාහිත්‍යය පිළිබඳව සළකා බලමු. මෙහිදී ථෙරවාදීන් අතර ප්‍රමුඛත්වය ගන්නා පාලි බසින් අභිධර්ම පිටකය පවත්වාගෙන එන ථෙරීය විභජ්ජවාදී සම්ප්‍රද්‍රය මුල් තැන ලා සැලකිය හැකිය. ජපන් ජාතික බෞද්ධ වියතකු වූ ජේ. තකාකුසු පවසන්නේ අභිධර්ම පිටකය විභජ්ජවාදී ත්‍රිපිටකයේ තහවුරු වූයේ තුනුවන සංගීතියේ දී බවය. එම අවස්ථාවේම ඊට සමාන්තරව තවත් ථෙරීය කණ්ඩායමක් වු සර්වාස්තිවාදීන් විසින් ද අභිධර්මයක් සකස් කරගන්නා ලදී. මෙහිදී අප විසින් තේරුම් ගත යුත්තේ අභිධර්ම සාහිත්‍යය අශෝක රජුගේ සමයෙහි (එනම් තෙවන සංගීති අවස්ථාවෙහි) අළුතෙන් ම ඇති වූ බව නොවේ. අභිධර්මය එසේ එක් අවස්ථාවක සංගීති කාරකයක් විසින් රචනා කරන ලද්දක් නොවේ. තෙවන සංගීති අවස්ථාවෙහි මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසින් සකස් කරන ලද්දේ කථාවත්ථුප්පකරණය පමණි. අනෙකුත් ග්රන්ථ හය ඊට පෙර පැවතුනා විය යුතුය.
ථෙරීය විභජ්ජවාදීන්ගේ අභිධර්මයට විරුද්ධව මුල්වරට විකල්ප අභිධර්මයක් සකස් කරගත්තේ සර්වාස්තිවාදීන් නොවේ. අශෝක රජුගේ පියාණන් වූ බින්දුසාර රජ දවස ථෙරීය භික්ෂුවක් වූ වාත්සී පුත්‍ර හිමියෝ එවකට පැවති අභිධර්මය ප්‍රතික්ෂේප කර නව අභිධර්මයක් සැකසූහ. පොත් නමයක් රචනා කර ඉදිරිපත් කළ මෙම නව අභිධර්මයෙන් උන්වහන්සේ කියා සිටියේ බුදු දහමෙහි පුද්ගල සංකල්පය පිළිගැනෙන බවය. බුදුරජාණන් වහන්සේ අනාත්ම වාදය දේශනා කළ නමුත් පුද්ගලයකු නැතැයි වදාරා නැති බව පැවසූ උන්වහන්සේ එම පුද්ගලයා භවයෙන් භවයට විවිධ කායික ස්වරූප ගනිමින් සංක්‍රමණය වී අවසන විමුක්තිය ලබාගන්න බව පැවසූහ. මෙම ‘පුද්ගල’ පංචස්කන්ධයට අතිරේක වශයෙන් පැනවිය හැකි අතර එය ස්කන්ධයෙන් සහමුලින්ම බැහැර දෙයක් නොවන බව ද සංස්කෘත හෝ අසංස්කෘත ධර්මයක් ලෙස වර්ග කළ නොහැකි අව්යකෘතයක් බව ද පවසන ලදී. මේ අදහස් පිළිගත් පිරිස එම ග්රන්ථ නමයේ අභිධර්මය පෙරදැරි කරගනිමින් වාත්සීපුත්‍රීය නමින් නිකායක් පිහිටුවා ගත්හ. ථෙරවාදී ආභිධර්මිකයන් අතර මෙම ප්‍රභේදය හටගන්නා සමයෙහි කථාවත්ථුප්පකරණය රචනා වී නො තිබිණි. එහෙයින් මෙම වාදය හා සර්වාස්තිවාදය පිළිබඳ විවේචන කථාවත්ථුවේ ඇතුළත් කරන්නට හැකි විය.
අභිධර්ම සාහිත්‍යයෙන් සෑහෙන කොටසක් අවශ්‍යයෙන්ම සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාශයක් විග්රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකඡ්ඡා කරමින් විධිමත් ධර්ම ප්‍රකරණයන් සේ සංගෘහිතව ඇතැයි ඒ. කේ. වෝඩර් ප්‍රකාශ කරයි. මෙම කාර්යය බුද්ධ කලයේම සමාරම්භවූ බව ගැන විවාදයක් නැත. බුද්ධකාලීන සංඝරත්නය අභිධර්ම කතාවෙහි නිරතව සිටි අවස්ථා ගැන සූත්‍ර පිටකයෙහි ග්‍රන්ථවල දැක්වෙන්නේ එහෙයිනි. මෙහිදී අභීධර්මය හා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර සම්බන්ධය ද සැළකිය යුත්තකි. සම්ප්‍රදායික මතය අනුව දිව්‍යලෝකයේ දී දේශනා කළ අභිධර්මය බුදුරදුන් විසින් සාරිපුත්ත හිමියනට උගන්වන ලදී. අනෙකුත් භික්ෂූන් වහන්සේ ලා එය උගත්තේ සාරිපුත්ත හිමියන් වෙතිනි. සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය සූත්‍රයේ දැක්වෙන්නේ සාරිපුත්ත හිමියන් අභිධර්ම විවරණ මහා සංඝයාට දේශනා කළ විට ඒවා අනුමත කිරීම බුදුරදුන් විසින් කර ඇති බව ය. ධර්මගුප්තික නිකායේ අභිධර්මය හඳුන්වන්නේ ශාරිපුත්රාභිධර්ම ශාස්ත්‍රීය නමිනි. මේ හැරෙන්නට බහුශ්‍රැතිය නිකායට ද අභිධර්මයක් තිබිණ. මහායානිකයන් අතර විශේෂ අභිධර්ම පිටකයක් සඳහන් නොවුණ ද අභිධර්ම පිටකයන්හි ආ අදහස් විවේඡනය කරමින් තව අභිධර්ම ග්රන්ථ කිහිපයක් යෝගාචාර නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් රචනා කරන ලදී. එම ග්රන්ථ ද අභිධර්ම ග්රන්ථ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. එසේ සමීක්ෂනය කරන විට.
යන වශයෙන් ඉතා පෘථුල අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳව අපට කථා කළ හැකි වෙයි. මේ හැර විවිධ මහාසංඝික නිකායයන් විසින් ඉදිරිපත් කළ විකල්ප අභිධර්ම කෘතී ද රාශියක් තිබෙන්නට ඇත. එහෙත් දැනට අපට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පමණි. නිදසුනක් වශයෙන් පුද්ගලවාදී නිකාය පහ විසින් රචිත අති මහත් ග්රන්ථ සමූහයෙන් අද අවශේෂව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රය පමණි. (එය ද ලැබුණේ චීන බසිනි. ශාන්ති නිකේතනයේ වෙන්කථරමණන් විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.) මේ හැම අභිධර්ම සම්ප්රදායයක් ම බෞද්ධ චින්තනයේ පොදු උරුමයට හිමිකම් කියන අතර විස්තර ව්යාඛ්යාතයන්හි දී වෙනස්කම් දක්වති. විභජ්ජවාදීන්ගේ පට්ඨාන ප්‍රකරණය ප්‍රත්‍ය විසිහතරක් ගැන කරුණු දක්වතත් සර්වාස්තිවාදීන්ගේ අභිධර්මයේ ප්‍රත්‍ය හතරක් පමණක් දැක්වෙයි. (ඔවූහු හේතු හයක් ද දක්වති.) ශාරිපුත්රාභිධර්මයේ ප්‍රත්‍ය දහයක් හා හේතු තිස්තුනක් දක්වති මෙසේ යම් යම් ප්‍රභේද දක්නා ලැබෙන්නේ අභිධර්ම පිටකයන්ගේ සංවර්ධනය නිකාය භේදයෙන් පසුව ද සිදුවූ හෙයිනි. වෙනත් විදියකින් කිවහොත් අභිධර්මය පිළිබඳ ව ඇතිවුණු මතභේද නිකාය භේද රාශියකට මුල් වූ බව කිව හැක.අබි අභීධර්මය පසෙක ලා සූත්‍ර කරා යමු යැයි සෞත්‍රාන්තික නිකායේ අය පැවසුවේ ද මෙම මතභේද අභිධර්මය නිසා සිදුවන බව පෙනුණු හෙයිනි. එහෙත් ඒ වනවිට ඇති වී තිබුණු ගැටළුවලින් මග හරින්නට ඔවුනට නොහැකි විය. එහෙයින් අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළත් අභිධර්ම ගැටළු මග හරින්නට බැරි වූ තැන ඔවූහු අභිධර්මයට විකල්ප සාහිත්‍යයක් ඉදිරිපත් කළහ. එය ද අභිධර්ම නම නැතත් අභිධර්මයක් ම බව කිවයුතුය.
ථෙරිය විභජ්ජවාදී සම්ප්රදායයෙහි අභිධර්ම කෘති හතක් දක්නා ලැබේ. එනම්,
වශයෙනි. මේවා සෘජු ලෙස ම සම්බුද්ධ භාෂිත කෘති බව ථෙරවාදී අට්ඨකථාව අවධාරණය කරයි. මොග්ගලීපුත්තතිස්ස හිමියන් කථාවත්ථුප්පකරණය සකස් කිරීම පිළිබඳ ව ප්‍රශ්නයක් මතු වීම වැළකිය නොහැක. ථෙරවාදී අටුවාචාරීන් එයට පිළිතුරු දෙන්නේ මොග්ගලීපුත්ත තිස්ස හිමියන් එම කෘතිය කර ඇත්තේ බුදුරජුන් විසින් දෙන ලද න්‍යායය පදනම් කරගෙන නිසා එහි කර්තෘත්වය ඒ හිමියනට නොව බුදුරදුන්ට ම හිමිවන බවයි.
ධම්මසංගණීප්පකරණය
ධම්මසංගණීප්පකරණය ථෙරවාදී අභිධර්මයෙහි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් එැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙම මාතෘකා ධම්මසංගතියට පමණක් නොව සමස්ත අභිධර්ම පිටකයට ම පොදු බව සැළකිය යුතු ය. මාතෘකා එකසිය විසි දෙකක් වශයෙන් වර්ග වෙයි. එයින් මුල් විසිදෙක තීක නමින් හැඳින් වේ. ඉතිරිය දුක වශයෙන් හැඳින් වේ. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝ ය. නිදස්නක් වශයෙන් දක්වතහොත් කුසල, අකුසල,අව්‍යකත යන තුන කුශල ත්‍රිකය ලෙස දැක්වේ. සුඛ, දුක්ඛ. අදුක්ඛමසුඛ යන තුන වෙදනා ත්‍රිකය සේ දැක්වේ. මෙබඳු ත්‍රික විසිදෙකකි. දුක හෙවත් දෙකේ ගණවලට නිදසුන් සේ හේතු- නහේතු යන දෙක, හේතු දුකය ලෙස ද, සහේතුක, අහේතුක දෙක සහේතුක දුකය සේද දක්වා තිබීම පෙන්වා දිය හැක. මෙම ලැයිස්තු දෙක නිමවන්නේ සුත්තන්තමාතිකා නම් වූ ධර්ම ගණ හතලිස් දෙකකිනි . ඒවා අභිධර්මයට නොව සූත්‍රවලට අයත් ප්‍රභේද වුව ද සැරියුත් හිමියන් විසින් ඒවා ද ධම්මසංගනී මාතිකාවලට එක් කළ බව අටුවාවේ දැක් වේ.
මාතෘකාවලින් අනතුරුව ධම්මසංගණීය කාණ්ඩ හතරකින් අභිධර්මයෙහි මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එම කාණ්ඩ හතර නම්.
චිත්තුප්පාද කාණ්ඩය-චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසලා කුසල හා අවඨාකත වශයෙන් සළකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳව සාකච්ඡා කරයි. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර,හා ලොකුත්තර භූමිවල පවත්නා ආකාරය ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙයි. අනතුරුව ඒවා කුසල, අකුසල, අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේදැයි විග්රහ වෙයි. මේවා ධම්මවවත්ථානවාරයේදී මොහ්නස, දොම්නස වැනි කවර ගුණයක් තිබේදැයි දක්වනු ලැබේ. කොට්ඨාශවාරයේදී බන්ධ, ආයතන, ඡාතු ආදී කොටස් වර්ග කරනු ලැබේ. කොට්ඨාසවා, සූඤ්ඤතවාර වශයෙන් වඩාත් සියුම් ව විග්රහ කරනු ලැබේ.
රූප කාණ්ඩය- භෞතික රූප පිළිබඳ සාකච්ඡාව ද මාතෘකාවලදි දැක්වූ ප්‍රථම .ත්‍රිකය අනුව ම කෙරෙයි. චිත්තුප්පාදයේදී කෙටියෙන් දැක්වූ අව්‍යකත ධම්ම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ රූප අයත් වන්නේ ඒ ගණයට හෙයිනි. රූප 28ක් සාකච්ඡාවට භාජන වෙයි.
නික්ඛේප කාණ්ඩය- මුලදී වර්ග කර ගන්නට නොලද පරිද්දෙන් ඒ ඒ මාතෘකාවන් අතුරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාව මෙතෙකැයි වෙන්කර දැක්වීම මෙහිදී සිදුවෙයි.
අට්ඨකථා කාණ්ඩය- මෙය අතිරේක සංග්‍රහයකි. කුශල යනු කුමක් ද? අකුශල යනු කුමක් ද, ආදී වශයෙන් ප්‍රශ්න නගා පැහැදිලි කිරීම මෙයින් සිදුවෙයි.
විභංගප්රකරණය
ධර්ම පිළිබඳ විවිධ වර්ගීකරණ ඇතුළත් විභංගප්‍රකරණයෙහි මාතෘකා දහඅටක් න්‍යාය තුනකට අනුව විභාග කර දක්වනු ලැබේ. ඒ මාතෘකා දහඅට මෙසේ ය.
(1) බන්ධ
(2) ආයතන
(3) ධාතු
(4) සච්ච
(5) ඉන්ද්‍රීය
(6) පටිච්චසමුප්පාද
(7) සතිපට්ඨාන
(8) සම්මප්පධාන
(9) ඉද්ධිපාද
(10) බොජ්ඣංග
(11) මග්ග
(12) ඣාන
(13) අප්පමඤ්ඤා
(14) සික්ඛාපද
(15) පටිසම්භිදා
(16) ඥාණ
(17) බුද්දකවත්ථු
(18) ධම්මපදය
මේවා මුලින්මසූත්ර පිටකයෙහි ඇතුළත් ක්‍රමයට අනුව විභාග කර එය සුත්තන්ත භාජනීය වශයෙන් හඳුන්වනු ලැබේ. එම පද ම අභිධර්මයෙහි ක්‍රමයට අනුව විග්රහ කරන විට අභිධම්ම භාජනීය නම් වේ. අනතුරුව ප්‍රශ්න නගා පිළිතුරු සැපයීමේ ක්රසයට සාකච්ඡා කෙරෙයි. එම න්‍යාය හඳුන්වන්නේ පඤහ පුච්ඡා වශයෙනි.
විභංගයෙහි සාකච්ඡා කෙරෙන කරුණු දහඅටෙන් මුල් 6 තුළ සත්වයන්ගේ මානසික හාකායික සංඝටක ඇතුළත් වන අතර එම සංඝටකයන් හසුරුවන ප්‍රධාන නියාම දෙක වශයෙන් අනිච්ච හා පටිච්ච සමුප්පාද දැක්වේ. හත්වැන්නේ සිට දොළොස්වැන්න දක්වා ඇති ධර්ම සත්වයන් සසරින් මුදවන මාර්ගයෙහි අංග වෙති. දහතුන් වැන්නේ සිට 18 වැන්න දක්වා ඇත්තේ මුල් කොටසේ කරුණු පිළිබඳ වඩාත් පරිපූර්ණ ලෙස කෙරෙන විග්රහ වෙති.
ධාතු කථා
මෙය මුල් පොත් දෙක හා එක්ව ගත්විට අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමට අදාළ ප්රමුඛ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකියැයි විචාරකයෝ පවසති. මෙම කුඩා ප්‍රකරණයෙහි ධාතු පිළිබඳ විභංගයට ද වඩා ගැඹුරු විවරණයක් ඇතුළත් වෙයි. මෙහි උපයුක්ත විශ්ටල්ෂණ ක්‍රමය විභංග ක්‍රමයට වෙනස් ය. තික හා දුක ආදී මාතිකා වශයෙන් මුල් ග්‍රන්ථවලදී කැටැ කළ ධර්ම ධාතූ කථාවෙහි දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් බෙදා දහහතර ආකාරයට විශ්ලේෂණය කිරීම මෙහිදී සිදුවෙයි. එම දහහතර විධිය ග්‍රන්ථයේ පරිච්ඡේද දහහත බවට පත්වෙයි.
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
අභිධර්මයේදී ධර්ම විභාගයෙහි පදනම වශයෙන් සම්මුති හෙවත් පඤ්ඤත්ති වශයෙන් එක් ධර්ම වර්ගයක් ද පරමත්ථ වශයෙන් තවත් ධර්ම වර්ගයක් ද දක්වනු ලැබේ. පරමාර්ථ සත්‍යය වියුක්ත පද භාවිතය මගින් විග්රහ කිරීම අභිධර්මයේ මූලික අරමුණ වුවත් හුදෙක් පරමාර්ථ වශයෙන් පමණක් ධර්ම සාකච්ඡා කිරීම දුෂ්කර කටයුත්තකි. ශ්‍රාවකයනට කරුණු අවබෝධ කිරීම පිණිස ලෝක සම්මුතියට අනුව දෛනික ව්‍යවහාර පද හා සංකල්ප භාවිත කිරීමට සිදුවෙයි. අභිධර්මය දෙවිදියක ප්රඥප්ති ගැන කථාතරයි. ප්‍රථම වර්ගය ලොවසැබැවින්ම ඇති දේ ගැන ද සඳහන් කරන අතර දෙවන වර්ගය යථාර්ථ වශයෙන් නැති දේ ගැන සඳහන් කරයි. යථාර්ථ වශයෙන් ම විද්‍යාමාන ප්රඥප්ති ගණයට වැටෙන්නේ ස්කන්ධ, ධාතු, ආයතන හා ඉන්ද්‍රීය වැනි දේ ය. දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා, ස්ත්‍රිය, දෙවියෝ, පුද්ගලයා වැනි යථාර්ථ වශයෙන් බලනවිට විද්‍යාමාන නැතත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරය සඳහා අවශ්‍ය හෙයින් පිළිගත යුතු ප්රඥප්තිය.
අභිධර්ම පිටකයෙහි මුල් ග්රන්ථ වූ ධම්මසංගනී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලදී මුල් ගණයට වැටෙන ස්කන්ධ, ධාතු, ආයතන, සච්ඡ හා ඉන්ද්‍රීය පිළිබඳ සාකච්ඡා හා විශ්ලේෂණ ප්‍රමාණවත්ව සිදුකර ඇත. පුග්ගල පඤ්ඤත්ති ග්‍රන්ථය ඉතිරි ප්රඥප්ති පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ කර ගත්තකි. එහෙත් පඤ්ඤත්ති පිළිබඳ සාකච්ඡාවක් අංග සම්පූර්ණ වීමට නම් පූර්වෝක්ත විද්‍යාමාන ප්රඥප්ති පිළිබඳ ව ද සඳහන් කිරීම අවශ්‍ය හෙයින් ඒවා පිළිබඳ ව ද කෙටියෙන් දක්වා ඇත. බන්ධ පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ඡ පඤ්ඤත්ති, ඉන්ද්‍රීය පඤ්ඤත්ති සහ පුග්ගල පඤ්ඤත්ති වශයෙන් මෙහි පරිච්ඡේද හයකි. හයවන පරිච්ඡේදයේ තම පොතෙහි නම වශයෙන් යොදා ඇත්තේ පොතෙහි මූලික අරමුණ පුද්ගල වශයෙන් ගත හැකි අවිද්‍යාමාන ප්රඥප්තීන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරන හෙයිනි. මෙහි දී අංගුත්තර නිකායේ ද භාවිත ක්‍රමය වන උත්තරෝත්තර ක්‍රමයට සංඛ්‍යාගත කළ පුද්ගල වර්ග අනුපිළිවෙලින් දක්වා ඇත. එබඳු අනු ඛණ්ඩ දහයක් එම පරිච්ඡේදය තුළ දක්වා තිබේ.
කථාවත්ථුප්පකරණ
මෙම ග්‍රන්ථය (පුග්ගල පඤ්ඤත්තියමෙන් ම) සාමාන්‍ය පරමාර්ථ සත්‍ය විග්රහ ක්‍රමයෙන් බැහැරව ව්‍යවහාරික ගැටළුවක් වූ ධර්ම විරෝධී මතිමතාන්තර විවේචනය වෙනුවෙන් කැප වූවකි. “පුද්ගලයෙක් ඇත” “ආත්මයන් ඇත” වැනි ධර්මය විකෘති කරන සංකල්ප බෞද්ධ නිකායාන්තරයන් අතර ඇති වූ හෙයින් ඒවා නිසි සේ නිරාකරණය කොට ථෙරවාදී විභජ්ජවාදී ස්ථාවරය තහවුරු කරලනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රාජ සමයේදී මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. එහෙත් මේ සඳහා භාවිත කර ඇත්තේ බුදුරදුන් විසින්ම දෙන ලද න්‍යාය හෙයින් හෙය ද බුද්ධ වචන වශයෙන් ම සළකා ථෙරවාදී අභිධර්ම පිටකයට ඇතුළත් කර ඇත.
කථාවත්ථුප්පකරණයේ ඇතුළත් කරුණු සකවාද (තම පක්ෂයේ මතය) හා පරවාද (ප්‍රතිවාදින්ගේ මතය) වශයෙන් දෙවැදෑරුම් වෙයි. සකවාද පන්සියයක් ද පරවාද පන්සියයක් ද මෙහි ඇතුලත් ය. ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිවාදියකු හා මොග්ගලී පුත්තතිස්ස හිමියන් අතර ඇති වන විවාදයක විලාසය අනුගමනය කරමිනි. වාද ප්රතිවාද සාකච්ඡා රටාවෙන් ඉදිරිපත් කරන මෙම රීතිය වෙනත් අභිධර්ම ග්‍රන්ථවල රීතියට බෙහෙවින් වෙනස්ය. ඒ වන විට ඇතිව තිබූ මිත්‍යාමත මෙන් ම ඇති වෙතැ යි හැඟුණු මත ද මෙයට ඇතුළත් කර සාකච්ඡා කළ බව කියනු ලැබේ. මේ අදහස් කවර කවර නිකායයනට අයත්දැයි හඳුන්වා දෙනු ලබන්නේ කථාවත්ථු අටුවාවෙනි.
යමකප්පකරණ
බෞද්ධ තර්ක හෙවත් න්‍යාය ශාස්ත්රයේ මූල ග්රන්ථයක් ලෙස සැලකිය හැකි යැයි රිස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් හඳුන්වනු ලබන මේ ග්‍රන්ථය බෞද්ධ දාර්ශනික ගැටළු හා පාරිභාෂික පද පිළිබඳ විචක්ෂණයක් වගා කර ගැනීම පිණිස අදාල වන්නකි.
අභිධර්ම පිටකයට අයත් ඡම්මසංගණී, විභංග හා ධාතු කථා යන ග්රන්ථවලින් සංඛාර ලෝකයේ පවතින ධර්මයන් පිළිබඳ ව පැහැදිලි කරන ලදී. පුග්ගල පඤ්ඤත්තිහා කථාවත්ථු මගින් සත්ව ලෝකයහෙවත් පුද්ගලයන් හෝ ජීවින් විසින් නිරූපණය කරනු ලබන යථාර්ථ නොවූ එහෙත් යථාර්ථ වශයෙන් පෙනෙන ලෝකය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. සංඛාර ලෝකය හා සත්ව ලෝකය පවතින්නේ එකට ය. මේ දෙක ම එක් කර ඔකාසලෝක (අවකාශ ලෝකය) වශයෙන් හැඳින්වේ. මෙම ලෝකත්‍රය ම එකට ගෙන එහි පවතින ධර්ම හා පුද්ගල අතර පවත්නා අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කිරීම යමක මහා ප්‍රකරණයෙන් කරනු ලැබේ. යමකය මෙම කාර්යය ඉටු කරන්නේ ධර්ම යුගල වශයෙන් ගැනීමෙනි. එක් එක් පදයක සම්පූර්ණ වැදගත් කම හා සීමාවන් තීරණය කිරීම සඳහා අනුලෝම හා පටිලෝම යන තාර්කික ප්‍රතිපදා දෙක අනුව මෙම විමර්ශනය සිදු කෙරේ. මෙහිදී කිසියම් පදයක් පිළිබඳ සංශයක් ඇතිවීම වැළකීම සඳහා වෙනත් අර්ථ එයට නොගැලපෙන ආකාරය තහවුරු කිරීම ද කරනු ලැබේ. මේ කාර්යයන් ඉටුකර ගන්නේ ප්‍රශ්න නගා පිළිතුරු දීමේ රටාවෙනි.
නිදසුනක් වශයෙන් :-
සියළු රූප රූපස්කන්ධ ද? යන්නට පිළිතුරු වශයෙන් රූප යන්න ප්‍රිය රූප, මෙබඳු රූප වැනි වාක්‍යාංශ වල ද යෙදෙයි. එහෙත් ඒ තැන්හි රූප යන්නෙන් රූපස්කන්ධය නොහැඟේ යයි පවසා සියළු රූපස්කන්ධ රූප ද යන ප්රශෟනය නගා එයට රසේය’ යන පිළිතුර දෙනු ලැබේ. රූපස්කන්ධ යන්න පුළුල් අරුත් ඇති පදයක් හෙයින් එයට පියරූප-ඵවරූප වැනි පද ඇතුළත් වෙයි.
පට්ඨානප්පකරණ
මෙය විශාලතම අභිධර්ම ප්‍රකරණය වනඅතර අභිධර්ම පිටකයෙහි සංශෙලෂණ කාර්යය ඉටුකරන ග්‍රන්ථය සේ ද හැඳිනවෙයි. ධම්මසංගනියෙහි දැක්වූයේ ධර්ම විශෙලෂණය කරන ආකාරයයි. ධර්ම බෙදමින්, විග්රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මය නම් බහුත්ව වාසයකි යන මිත්‍යාදෘෂ්ටිය කිසිවකුට ඇති වුවහොත් එය දුරුවීමට ධර්ම සංශෙලෂණයක් වූ පට්ඨාන මහා ප්‍රකරණය උපකාර වෙයි. ධර්ම නම් එකිනෙකට අසම්බන්ධව පරිබාහිරව වියුක්තව පවතින දේ නොවෙති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතියි. ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත ඒකක රාශියකි. කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරු එකකි. පට්ඨානය එම සම්බන්ධතා විසිහතර ආකාරයක්නි දක්වයි.ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙයි.
(මෙහිදී දුක නමින් දෙකේ ගොඩ යන්න ද තික යන්නෙන් තුනේ ගොඩ යන්න ද අදහස් වෙයි.) මෙසේ සතරකාර සිවු පට්ඨානය ෂාඩාකාර සය පට්ඨානය හා මිශ්‍ර වූ විට කාණ්ඩ විසි හතරක් වන හෙයින් මහා ග්රන්ථයක් බවට පට්ඨානය පත්වෙයි. එහෙයින් ටිකානු ටිකාවන්හි එය අනන්තනය සමන්තපට්ඨාන ලෙස හඳුන්වා ඇත.

- ථෙරිය විභජ්ජවාදී අභිධර්ම සාහිත්‍යය
- ථෙරිය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍යය
- වාත්සි පුත්‍රීය හා ඔවුන්ගේ අනුනිකායිකයන් (ධර්මොත්තරීය භද්‍රයානික, ෂණ්ණාගාරික, සම්මිතිය) විසින් නිර්මිත පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යය
- ධර්මගුප්තික නිකායේ ශාරිපුත්රාභිධර්මය
- බහුශ්‍රැතිය නිකායේ අභිධර්මය
- මහායාන යෝගාචාරනිකායේ අභිධර්මය
- සෞත්‍රාන්තිකයන් අභිධර්මය විවේඡනය කරමින් ඉදිරිපත් කළ සාහිත්‍යය
යන වශයෙන් ඉතා පෘථුල අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳව අපට කථා කළ හැකි වෙයි. මේ හැර විවිධ මහාසංඝික නිකායයන් විසින් ඉදිරිපත් කළ විකල්ප අභිධර්ම කෘතී ද රාශියක් තිබෙන්නට ඇත. එහෙත් දැනට අපට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පමණි. නිදසුනක් වශයෙන් පුද්ගලවාදී නිකාය පහ විසින් රචිත අති මහත් ග්රන්ථ සමූහයෙන් අද අවශේෂව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රය පමණි. (එය ද ලැබුණේ චීන බසිනි. ශාන්ති නිකේතනයේ වෙන්කථරමණන් විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.) මේ හැම අභිධර්ම සම්ප්රදායයක් ම බෞද්ධ චින්තනයේ පොදු උරුමයට හිමිකම් කියන අතර විස්තර ව්යාඛ්යාතයන්හි දී වෙනස්කම් දක්වති. විභජ්ජවාදීන්ගේ පට්ඨාන ප්‍රකරණය ප්‍රත්‍ය විසිහතරක් ගැන කරුණු දක්වතත් සර්වාස්තිවාදීන්ගේ අභිධර්මයේ ප්‍රත්‍ය හතරක් පමණක් දැක්වෙයි. (ඔවූහු හේතු හයක් ද දක්වති.) ශාරිපුත්රාභිධර්මයේ ප්‍රත්‍ය දහයක් හා හේතු තිස්තුනක් දක්වති මෙසේ යම් යම් ප්‍රභේද දක්නා ලැබෙන්නේ අභිධර්ම පිටකයන්ගේ සංවර්ධනය නිකාය භේදයෙන් පසුව ද සිදුවූ හෙයිනි. වෙනත් විදියකින් කිවහොත් අභිධර්මය පිළිබඳ ව ඇතිවුණු මතභේද නිකාය භේද රාශියකට මුල් වූ බව කිව හැක.අබි අභීධර්මය පසෙක ලා සූත්‍ර කරා යමු යැයි සෞත්‍රාන්තික නිකායේ අය පැවසුවේ ද මෙම මතභේද අභිධර්මය නිසා සිදුවන බව පෙනුණු හෙයිනි. එහෙත් ඒ වනවිට ඇති වී තිබුණු ගැටළුවලින් මග හරින්නට ඔවුනට නොහැකි විය. එහෙයින් අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළත් අභිධර්ම ගැටළු මග හරින්නට බැරි වූ තැන ඔවූහු අභිධර්මයට විකල්ප සාහිත්‍යයක් ඉදිරිපත් කළහ. එය ද අභිධර්ම නම නැතත් අභිධර්මයක් ම බව කිවයුතුය.
ථෙරිය විභජ්ජවාදී සම්ප්රදායයෙහි අභිධර්ම කෘති හතක් දක්නා ලැබේ. එනම්,
- ධම්මසංඝණිප්පකරණ
- විභංගප්පකරණ
- පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
- ධාතුකථාප්පකරණ
- කථාවත්ථුප්පකරණ
- යමකප්පකරණ
- පට්ඨානප්පකරණ
වශයෙනි. මේවා සෘජු ලෙස ම සම්බුද්ධ භාෂිත කෘති බව ථෙරවාදී අට්ඨකථාව අවධාරණය කරයි. මොග්ගලීපුත්තතිස්ස හිමියන් කථාවත්ථුප්පකරණය සකස් කිරීම පිළිබඳ ව ප්‍රශ්නයක් මතු වීම වැළකිය නොහැක. ථෙරවාදී අටුවාචාරීන් එයට පිළිතුරු දෙන්නේ මොග්ගලීපුත්ත තිස්ස හිමියන් එම කෘතිය කර ඇත්තේ බුදුරජුන් විසින් දෙන ලද න්‍යායය පදනම් කරගෙන නිසා එහි කර්තෘත්වය ඒ හිමියනට නොව බුදුරදුන්ට ම හිමිවන බවයි.
ධම්මසංගණීප්පකරණය
ධම්මසංගණීප්පකරණය ථෙරවාදී අභිධර්මයෙහි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් එැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙම මාතෘකා ධම්මසංගතියට පමණක් නොව සමස්ත අභිධර්ම පිටකයට ම පොදු බව සැළකිය යුතු ය. මාතෘකා එකසිය විසි දෙකක් වශයෙන් වර්ග වෙයි. එයින් මුල් විසිදෙක තීක නමින් හැඳින් වේ. ඉතිරිය දුක වශයෙන් හැඳින් වේ. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝ ය. නිදස්නක් වශයෙන් දක්වතහොත් කුසල, අකුසල,අව්‍යකත යන තුන කුශල ත්‍රිකය ලෙස දැක්වේ. සුඛ, දුක්ඛ. අදුක්ඛමසුඛ යන තුන වෙදනා ත්‍රිකය සේ දැක්වේ. මෙබඳු ත්‍රික විසිදෙකකි. දුක හෙවත් දෙකේ ගණවලට නිදසුන් සේ හේතු- නහේතු යන දෙක, හේතු දුකය ලෙස ද, සහේතුක, අහේතුක දෙක සහේතුක දුකය සේද දක්වා තිබීම පෙන්වා දිය හැක. මෙම ලැයිස්තු දෙක නිමවන්නේ සුත්තන්තමාතිකා නම් වූ ධර්ම ගණ හතලිස් දෙකකිනි . ඒවා අභිධර්මයට නොව සූත්‍රවලට අයත් ප්‍රභේද වුව ද සැරියුත් හිමියන් විසින් ඒවා ද ධම්මසංගනී මාතිකාවලට එක් කළ බව අටුවාවේ දැක් වේ.
මාතෘකාවලින් අනතුරුව ධම්මසංගණීය කාණ්ඩ හතරකින් අභිධර්මයෙහි මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එම කාණ්ඩ හතර නම්.
චිත්තුප්පාද කාණ්ඩය-චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසලා කුසල හා අවඨාකත වශයෙන් සළකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳව සාකච්ඡා කරයි. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර,හා ලොකුත්තර භූමිවල පවත්නා ආකාරය ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙයි. අනතුරුව ඒවා කුසල, අකුසල, අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේදැයි විග්රහ වෙයි. මේවා ධම්මවවත්ථානවාරයේදී මොහ්නස, දොම්නස වැනි කවර ගුණයක් තිබේදැයි දක්වනු ලැබේ. කොට්ඨාශවාරයේදී බන්ධ, ආයතන, ඡාතු ආදී කොටස් වර්ග කරනු ලැබේ. කොට්ඨාසවා, සූඤ්ඤතවාර වශයෙන් වඩාත් සියුම් ව විග්රහ කරනු ලැබේ.
රූප කාණ්ඩය- භෞතික රූප පිළිබඳ සාකච්ඡාව ද මාතෘකාවලදි දැක්වූ ප්‍රථම .ත්‍රිකය අනුව ම කෙරෙයි. චිත්තුප්පාදයේදී කෙටියෙන් දැක්වූ අව්‍යකත ධම්ම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ රූප අයත් වන්නේ ඒ ගණයට හෙයිනි. රූප 28ක් සාකච්ඡාවට භාජන වෙයි.
නික්ඛේප කාණ්ඩය- මුලදී වර්ග කර ගන්නට නොලද පරිද්දෙන් ඒ ඒ මාතෘකාවන් අතුරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාව මෙතෙකැයි වෙන්කර දැක්වීම මෙහිදී සිදුවෙයි.
අට්ඨකථා කාණ්ඩය- මෙය අතිරේක සංග්‍රහයකි. කුශල යනු කුමක් ද? අකුශල යනු කුමක් ද, ආදී වශයෙන් ප්‍රශ්න නගා පැහැදිලි කිරීම මෙයින් සිදුවෙයි.
විභංගප්රකරණය
ධර්ම පිළිබඳ විවිධ වර්ගීකරණ ඇතුළත් විභංගප්‍රකරණයෙහි මාතෘකා දහඅටක් න්‍යාය තුනකට අනුව විභාග කර දක්වනු ලැබේ. ඒ මාතෘකා දහඅට මෙසේ ය.
(1) බන්ධ
(2) ආයතන
(3) ධාතු
(4) සච්ච
(5) ඉන්ද්‍රීය
(6) පටිච්චසමුප්පාද
(7) සතිපට්ඨාන
(8) සම්මප්පධාන
(9) ඉද්ධිපාද
(10) බොජ්ඣංග
(11) මග්ග
(12) ඣාන
(13) අප්පමඤ්ඤා
(14) සික්ඛාපද
(15) පටිසම්භිදා
(16) ඥාණ
(17) බුද්දකවත්ථු
(18) ධම්මපදය
මේවා මුලින්මසූත්ර පිටකයෙහි ඇතුළත් ක්‍රමයට අනුව විභාග කර එය සුත්තන්ත භාජනීය වශයෙන් හඳුන්වනු ලැබේ. එම පද ම අභිධර්මයෙහි ක්‍රමයට අනුව විග්රහ කරන විට අභිධම්ම භාජනීය නම් වේ. අනතුරුව ප්‍රශ්න නගා පිළිතුරු සැපයීමේ ක්රසයට සාකච්ඡා කෙරෙයි. එම න්‍යාය හඳුන්වන්නේ පඤහ පුච්ඡා වශයෙනි.
විභංගයෙහි සාකච්ඡා කෙරෙන කරුණු දහඅටෙන් මුල් 6 තුළ සත්වයන්ගේ මානසික හාකායික සංඝටක ඇතුළත් වන අතර එම සංඝටකයන් හසුරුවන ප්‍රධාන නියාම දෙක වශයෙන් අනිච්ච හා පටිච්ච සමුප්පාද දැක්වේ. හත්වැන්නේ සිට දොළොස්වැන්න දක්වා ඇති ධර්ම සත්වයන් සසරින් මුදවන මාර්ගයෙහි අංග වෙති. දහතුන් වැන්නේ සිට 18 වැන්න දක්වා ඇත්තේ මුල් කොටසේ කරුණු පිළිබඳ වඩාත් පරිපූර්ණ ලෙස කෙරෙන විග්රහ වෙති.
ධාතු කථා
මෙය මුල් පොත් දෙක හා එක්ව ගත්විට අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමට අදාළ ප්රමුඛ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකියැයි විචාරකයෝ පවසති. මෙම කුඩා ප්‍රකරණයෙහි ධාතු පිළිබඳ විභංගයට ද වඩා ගැඹුරු විවරණයක් ඇතුළත් වෙයි. මෙහි උපයුක්ත විශ්ටල්ෂණ ක්‍රමය විභංග ක්‍රමයට වෙනස් ය. තික හා දුක ආදී මාතිකා වශයෙන් මුල් ග්‍රන්ථවලදී කැටැ කළ ධර්ම ධාතූ කථාවෙහි දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් බෙදා දහහතර ආකාරයට විශ්ලේෂණය කිරීම මෙහිදී සිදුවෙයි. එම දහහතර විධිය ග්‍රන්ථයේ පරිච්ඡේද දහහත බවට පත්වෙයි.
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
අභිධර්මයේදී ධර්ම විභාගයෙහි පදනම වශයෙන් සම්මුති හෙවත් පඤ්ඤත්ති වශයෙන් එක් ධර්ම වර්ගයක් ද පරමත්ථ වශයෙන් තවත් ධර්ම වර්ගයක් ද දක්වනු ලැබේ. පරමාර්ථ සත්‍යය වියුක්ත පද භාවිතය මගින් විග්රහ කිරීම අභිධර්මයේ මූලික අරමුණ වුවත් හුදෙක් පරමාර්ථ වශයෙන් පමණක් ධර්ම සාකච්ඡා කිරීම දුෂ්කර කටයුත්තකි. ශ්‍රාවකයනට කරුණු අවබෝධ කිරීම පිණිස ලෝක සම්මුතියට අනුව දෛනික ව්‍යවහාර පද හා සංකල්ප භාවිත කිරීමට සිදුවෙයි. අභිධර්මය දෙවිදියක ප්රඥප්ති ගැන කථාතරයි. ප්‍රථම වර්ගය ලොවසැබැවින්ම ඇති දේ ගැන ද සඳහන් කරන අතර දෙවන වර්ගය යථාර්ථ වශයෙන් නැති දේ ගැන සඳහන් කරයි. යථාර්ථ වශයෙන් ම විද්‍යාමාන ප්රඥප්ති ගණයට වැටෙන්නේ ස්කන්ධ, ධාතු, ආයතන හා ඉන්ද්‍රීය වැනි දේ ය. දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා, ස්ත්‍රිය, දෙවියෝ, පුද්ගලයා වැනි යථාර්ථ වශයෙන් බලනවිට විද්‍යාමාන නැතත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරය සඳහා අවශ්‍ය හෙයින් පිළිගත යුතු ප්රඥප්තිය.
අභිධර්ම පිටකයෙහි මුල් ග්රන්ථ වූ ධම්මසංගනී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලදී මුල් ගණයට වැටෙන ස්කන්ධ, ධාතු, ආයතන, සච්ඡ හා ඉන්ද්‍රීය පිළිබඳ සාකච්ඡා හා විශ්ලේෂණ ප්‍රමාණවත්ව සිදුකර ඇත. පුග්ගල පඤ්ඤත්ති ග්‍රන්ථය ඉතිරි ප්රඥප්ති පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ කර ගත්තකි. එහෙත් පඤ්ඤත්ති පිළිබඳ සාකච්ඡාවක් අංග සම්පූර්ණ වීමට නම් පූර්වෝක්ත විද්‍යාමාන ප්රඥප්ති පිළිබඳ ව ද සඳහන් කිරීම අවශ්‍ය හෙයින් ඒවා පිළිබඳ ව ද කෙටියෙන් දක්වා ඇත. බන්ධ පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ඡ පඤ්ඤත්ති, ඉන්ද්‍රීය පඤ්ඤත්ති සහ පුග්ගල පඤ්ඤත්ති වශයෙන් මෙහි පරිච්ඡේද හයකි. හයවන පරිච්ඡේදයේ තම පොතෙහි නම වශයෙන් යොදා ඇත්තේ පොතෙහි මූලික අරමුණ පුද්ගල වශයෙන් ගත හැකි අවිද්‍යාමාන ප්රඥප්තීන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරන හෙයිනි. මෙහි දී අංගුත්තර නිකායේ ද භාවිත ක්‍රමය වන උත්තරෝත්තර ක්‍රමයට සංඛ්‍යාගත කළ පුද්ගල වර්ග අනුපිළිවෙලින් දක්වා ඇත. එබඳු අනු ඛණ්ඩ දහයක් එම පරිච්ඡේදය තුළ දක්වා තිබේ.
කථාවත්ථුප්පකරණ
මෙම ග්‍රන්ථය (පුග්ගල පඤ්ඤත්තියමෙන් ම) සාමාන්‍ය පරමාර්ථ සත්‍ය විග්රහ ක්‍රමයෙන් බැහැරව ව්‍යවහාරික ගැටළුවක් වූ ධර්ම විරෝධී මතිමතාන්තර විවේචනය වෙනුවෙන් කැප වූවකි. “පුද්ගලයෙක් ඇත” “ආත්මයන් ඇත” වැනි ධර්මය විකෘති කරන සංකල්ප බෞද්ධ නිකායාන්තරයන් අතර ඇති වූ හෙයින් ඒවා නිසි සේ නිරාකරණය කොට ථෙරවාදී විභජ්ජවාදී ස්ථාවරය තහවුරු කරලනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රාජ සමයේදී මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. එහෙත් මේ සඳහා භාවිත කර ඇත්තේ බුදුරදුන් විසින්ම දෙන ලද න්‍යාය හෙයින් හෙය ද බුද්ධ වචන වශයෙන් ම සළකා ථෙරවාදී අභිධර්ම පිටකයට ඇතුළත් කර ඇත.
කථාවත්ථුප්පකරණයේ ඇතුළත් කරුණු සකවාද (තම පක්ෂයේ මතය) හා පරවාද (ප්‍රතිවාදින්ගේ මතය) වශයෙන් දෙවැදෑරුම් වෙයි. සකවාද පන්සියයක් ද පරවාද පන්සියයක් ද මෙහි ඇතුලත් ය. ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිවාදියකු හා මොග්ගලී පුත්තතිස්ස හිමියන් අතර ඇති වන විවාදයක විලාසය අනුගමනය කරමිනි. වාද ප්රතිවාද සාකච්ඡා රටාවෙන් ඉදිරිපත් කරන මෙම රීතිය වෙනත් අභිධර්ම ග්‍රන්ථවල රීතියට බෙහෙවින් වෙනස්ය. ඒ වන විට ඇතිව තිබූ මිත්‍යාමත මෙන් ම ඇති වෙතැ යි හැඟුණු මත ද මෙයට ඇතුළත් කර සාකච්ඡා කළ බව කියනු ලැබේ. මේ අදහස් කවර කවර නිකායයනට අයත්දැයි හඳුන්වා දෙනු ලබන්නේ කථාවත්ථු අටුවාවෙනි.
යමකප්පකරණ
බෞද්ධ තර්ක හෙවත් න්‍යාය ශාස්ත්රයේ මූල ග්රන්ථයක් ලෙස සැලකිය හැකි යැයි රිස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් හඳුන්වනු ලබන මේ ග්‍රන්ථය බෞද්ධ දාර්ශනික ගැටළු හා පාරිභාෂික පද පිළිබඳ විචක්ෂණයක් වගා කර ගැනීම පිණිස අදාල වන්නකි.
අභිධර්ම පිටකයට අයත් ඡම්මසංගණී, විභංග හා ධාතු කථා යන ග්රන්ථවලින් සංඛාර ලෝකයේ පවතින ධර්මයන් පිළිබඳ ව පැහැදිලි කරන ලදී. පුග්ගල පඤ්ඤත්තිහා කථාවත්ථු මගින් සත්ව ලෝකයහෙවත් පුද්ගලයන් හෝ ජීවින් විසින් නිරූපණය කරනු ලබන යථාර්ථ නොවූ එහෙත් යථාර්ථ වශයෙන් පෙනෙන ලෝකය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. සංඛාර ලෝකය හා සත්ව ලෝකය පවතින්නේ එකට ය. මේ දෙක ම එක් කර ඔකාසලෝක (අවකාශ ලෝකය) වශයෙන් හැඳින්වේ. මෙම ලෝකත්‍රය ම එකට ගෙන එහි පවතින ධර්ම හා පුද්ගල අතර පවත්නා අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කිරීම යමක මහා ප්‍රකරණයෙන් කරනු ලැබේ. යමකය මෙම කාර්යය ඉටු කරන්නේ ධර්ම යුගල වශයෙන් ගැනීමෙනි. එක් එක් පදයක සම්පූර්ණ වැදගත් කම හා සීමාවන් තීරණය කිරීම සඳහා අනුලෝම හා පටිලෝම යන තාර්කික ප්‍රතිපදා දෙක අනුව මෙම විමර්ශනය සිදු කෙරේ. මෙහිදී කිසියම් පදයක් පිළිබඳ සංශයක් ඇතිවීම වැළකීම සඳහා වෙනත් අර්ථ එයට නොගැලපෙන ආකාරය තහවුරු කිරීම ද කරනු ලැබේ. මේ කාර්යයන් ඉටුකර ගන්නේ ප්‍රශ්න නගා පිළිතුරු දීමේ රටාවෙනි.
නිදසුනක් වශයෙන් :-
සියළු රූප රූපස්කන්ධ ද? යන්නට පිළිතුරු වශයෙන් රූප යන්න ප්‍රිය රූප, මෙබඳු රූප වැනි වාක්‍යාංශ වල ද යෙදෙයි. එහෙත් ඒ තැන්හි රූප යන්නෙන් රූපස්කන්ධය නොහැඟේ යයි පවසා සියළු රූපස්කන්ධ රූප ද යන ප්රශෟනය නගා එයට රසේය’ යන පිළිතුර දෙනු ලැබේ. රූපස්කන්ධ යන්න පුළුල් අරුත් ඇති පදයක් හෙයින් එයට පියරූප-ඵවරූප වැනි පද ඇතුළත් වෙයි.
පට්ඨානප්පකරණ
මෙය විශාලතම අභිධර්ම ප්‍රකරණය වනඅතර අභිධර්ම පිටකයෙහි සංශෙලෂණ කාර්යය ඉටුකරන ග්‍රන්ථය සේ ද හැඳිනවෙයි. ධම්මසංගනියෙහි දැක්වූයේ ධර්ම විශෙලෂණය කරන ආකාරයයි. ධර්ම බෙදමින්, විග්රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මය නම් බහුත්ව වාසයකි යන මිත්‍යාදෘෂ්ටිය කිසිවකුට ඇති වුවහොත් එය දුරුවීමට ධර්ම සංශෙලෂණයක් වූ පට්ඨාන මහා ප්‍රකරණය උපකාර වෙයි. ධර්ම නම් එකිනෙකට අසම්බන්ධව පරිබාහිරව වියුක්තව පවතින දේ නොවෙති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතියි. ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත ඒකක රාශියකි. කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරු එකකි. පට්ඨානය එම සම්බන්ධතා විසිහතර ආකාරයක්නි දක්වයි.ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙයි.
- අනුලෝම පට්ඨානය - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතාවන් පවත්නා ස්ථාන විග්රහ කරයි.
- පච්චනීය පට්ඨාන - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතා නො පවත්වා සථාන විග්රහ කරයි.
- අනුලෝමපච්චනීය පට්ඨාන - සමහර ප්‍රත්‍යය සම්බන්ධතා පවත්නා සහ සමහර සම්බන්ධතා නො පවත්නා තැන් පිළිබඳව දක්වයි.
- පච්චනීය අනුලෝම පට්ඨාන - සමහර පච්චය සම්බන්ධතා නැති නමුත් සමහර ඒවා පවත්නා තැන දක්වයි.
- තික පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය තික විසි හතරක් අනුව යෙදේ.
- දුක පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය දුක සියයක් අනුව බෙදේ.
- දුක - තික පට්ඨානය - දුක සියය තික විසි හතරට මිශ්‍රව යෙදේ.
- තික - දුක පට්ඨාන - විසි හතරක් වූ තික, සයයක් වූ දුක හා මිශ්‍රව යෙදේ.
- තික - තික පට්ඨාන - තික විසිහතර එකනෙක මිශ්‍රව යෙදේ.
- දුක - දුක පට්ඨාන - සියයක් දුක සියයක් දුක හා එකිනෙක මිශ්‍රව යෙදේ.
(මෙහිදී දුක නමින් දෙකේ ගොඩ යන්න ද තික යන්නෙන් තුනේ ගොඩ යන්න ද අදහස් වෙයි.) මෙසේ සතරකාර සිවු පට්ඨානය ෂාඩාකාර සය පට්ඨානය හා මිශ්‍ර වූ විට කාණ්ඩ විසි හතරක් වන හෙයින් මහා ග්රන්ථයක් බවට පට්ඨානය පත්වෙයි. එහෙයින් ටිකානු ටිකාවන්හි එය අනන්තනය සමන්තපට්ඨාන ලෙස හඳුන්වා ඇත.
අට්ඨකථා
සමන්තපාසාදිකා විනයට්ඨකථාව
විනය පිටකය සඳහා කරන ලඳ අටුවාව සමන්තපාසාදිකාව නම් වේ. සිරිනිවාස නම් රජුගේ විසිවෙනි රාජ්‍ය වර්ෂයේදී බුද්ධසිරි නම් තෙරැන් වහනසේගේ ආරාධනයෙන් මේ කෘතිය රචනා කර ඇත. මෙහි නිදාන කථාවේ බුද්ධ ශාසනයේ සංක්ෂිප්ත ඉතිහාසය සඳහන් සඳහන් වේ. ධර්ම සංගායනා තුන සිදු වූ ආකාරය, ලක්දිවට බුදු දහම ගෙනා සැටි අනුරාධපුර මහා විහාරය පිහිට වූ සැටි, ලාංකික භික්ෂු සංඛ්‍යාව අධික වීම සමඟ මිහිඳු හිමියන් ලාංකීය භික්ෂූන් හා ධර්ම සංගායනයක් පැවැත්වීම ආදී තොරතුරු එහි සඳහන්ය.
සුමංගලවිලාසිනී අට්ඨකථාව
මෙය දීඝ නිකායට කරන ලඳ අට්ඨකථාවයි. සුමංගල පිරිවෙනේ වාසය කළ දාඨානාග මහ තෙරුන්ගේ ආධනාවෙන් කරන ලදි. "සුමංගල පිරිවෙනේ නම මුල්කොට "සුමංගලවිලාසිනී" යැයි නම තැබුවා සේ පෙනේ".
පපඤ්චසූදනී අට්ඨකථාව
මජ්ඣිම නිකායට කරණ ලඳ අටුවාව පපඤ්චසූදනී යයි. මෙම කෘතිය ලිවීමට ආරධනා කරන්නේ බුද්ධඝෝෂ හිමියන් දඹදිව වැඩ වසන සමයේ මයුර රූප පටුනෙහි එක්තැනක විසූ බුද්ධමිත්ත නම් තෙරුන් වන්හසේය.
සාරත්ථප්පකාසිනී අට්ඨකථාව
සංයුත්ත නිකායට ලියන ලඳ අටුවාව සාරත්ථප්පකාසිනිය වන අතර ජොතිපාල නම් තෙරුන්ගේ ආරාධනාවෙන් මෙය ලියාඇත. මෙහි බණවර හැත්තෑ අටක් ඇත. මෙහි තෙරුන් වහන්සේලාගේ චරිත කථා සහ කොසොල් රජු අල්ලස් ගත් සැටි මෙහි අවසානයේ සඳහන් වේ.
මනෝරථපූරනී අට්ඨකථාවඅංගුත්තර නිකායට ලියන ලඳ අටුවාවට ජෝතිපාල හිමියන්ගේ සහ ජීවක උපාසකයාගේ ආරාධනය ලැබී ඇත. මෙහි බණවර 84 කි.
පරමත්ථජෝතිකා අට්ඨකථාව
මෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා අටුවා ග්රන්ථයකි. මෙය ඛුද්දක නිකායට අයත් ඛුද්දකපාඨ ග්රන්ථයට සම්පාදනය කර ඇත. ඇතැම් පිරිස් මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි.
ධම්මපදට්ඨකථාව
ධම්මපදයට ලියන ලඳ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. මෙහි අඩංඟු ගාථා 423 ට කථා වස්තු දෙසිය අනූනවයක් රචනා කොට ඇත. ධම්මපදය බෞද්ධයනගේ හස්තසාර ග්‍රන්ථයයි.
ජාතකට්ඨකථා
වබුද්ධමිත්ත තෙරුන් විසින් සහ මහිංසාසක නිකායෙහි බුද්ධදේව තෙරුන්ගේ ආධනාවෙන් මෙම කෘතිය ලියා ඇත. පන්සිය පනස් ජතකකථා හා එහි ගාථාවන් ඇතුලත් කරමින් ලියන ලඳ මෙය විශාම අටුවා ග්‍රන්ථයයි.
කංකාවිතරණී අට්ඨකථාව
ප්රාතිමෝක්ෂය හෙවත් භික්ෂූන් වහන්සේලා සඳහා පණවා ඇති විනය ශික්ෂාපද විග්රහ කරමින් ලියන ලඳ කෘතිය කංකාවිතරණී අට්ඨකථාවය. මෙය සෝණ නැමති තෙර කෙනෙකුගේ ආරාධනාවෙන් ලියා ඇත.
අත්ථසාලිනී අට්ඨකථාව
ධම්මසංගනී ප්‍රකරණයට ලයන ලඳ අටුවාව අත්ථසාලිනියයි. මහාචාර්ය බාපන් මහතා මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි. මෙය බණවර විසිතුනකින් සමන්විතය.
සම්මෝහවිනෝදනී අට්ඨකථාව
විභංගප්රකරණය සඳහා ලියන ලඳ අටුවාව සම්මොහවිනෝදනියයි මෙහි බණවර හතළස් එකක් ඇත.
පඤ්චප්රකරන අට්ඨකථා
කථාවත්ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, යමක, හා පට්ඨාන යන ප්‍රකරන ග්රන්ථ පහටම ලියන ලඳ අටුවාව ඤ්චප්රකර අට්ඨකථාවය. මෙලෙස අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ඉහත දැක්වූ අටුවා පරිවර්තනය කරමින තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් "අයං පන මෙ අත්තනොමති" යනුවෙන් යොදා තමඅදහස ප්‍රකාශ කර ඇත.බුද්ධඝෝෂ හිමියන් අටුවා කරණයේදී ලක්දිව තමා වැඩි ස්ථාන රාජ්‍ය පාලනය පිළිබඳව දඅඳහස් ඇතුලත්කර ඇත. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ තමා ලබා සිටි ත්‍රිවේද දැණුම, ත්‍රිපිටක දැණුම උපයෝගී කරගෙන ත්‍රිපිටකයෙන් අඬකටත් වැඩිය අටුවා රචනා කර ඇත. බුද්ධඝෝෂ හිමියන් සියලු පඬිවරුන් අගය කරන ශ්‍රේෂ්ඨ පඬිවරයා බවට පත් වූයේ මේ නිසාය.