මහාවිහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්රදාය
අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යාවලිය

අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යාවලිය ආරම්භ කිරීමේ දායකත්වය දැක්වූ මුඛ්‍යතම පාලන යුගය ලෙස සලකනු ලැබේ. එකල සහ ඊට පෙරද පශ්චාත් අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි, සීගිරි කුරුටි ගී සහ දම්පියා අටුවා ගැටපද වැනි සන්න පොත් පත් ලිපි ලේඛනද අප සතු මහාර්ඝ දායාදයෝ වෙති. අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය පමණක් නොව පොදුවේ පාලි භාෂාව සහිත බෞද්ධ සාහිත්‍යයේද ස්වර්ණමය යුගය ලෙස හැඳින්වීම නිවරදිය.
අනුරාධපුර යුගයේ ප්රකටව පැවැති අද නාම ශේෂ බවට පත්ව ඇති ප්‍රධාන හෙළ අටුවා ග්රන්ථ තුනක් පිළිබඳව සාකච්ඡා කරති. ඒවා නම් මහා අටුවාව, මහා පච්චරි අටුවාව සහ කුරුන්දිවෙල්ලි අටුවාවයි. අපි දන්නා තරමින් පාලි මහාවංස, දීප වංස, මහා බෝධිවංස, ථුපවංස ආදී අනුරාධපුර යුගයට ආසන්න පාලි වංස කතා ගැන සාකච්ඡා කරන විට පවා එම ග්රන්ථවලට මුල් වූ සිහල බසින් රචිත මුල් අටුවා ග්රන්ථ ගැන සාකච්ඡා කරනු ඇත. සීහලට්ඨකථා මහාවංස, වංසත්ථ පකාසිනී හෙළ බෝධිවංස අටුවා ආදිය ගැන එම ග්රන්ථවලින්ද තොරතුරු ලැබේ. ක්‍රි.පූ තුන්වන සියවසට පමණ අයත් ඉපැරණි තෝනිගල සෙල්ලිපිය පවා ප්රාකෘත සිංහල භාෂාවෙන් රචනා වූවකි. එකල ලියවුණු මිහින්තලා බදුල්ල, වේවැල්කැටිය, වෙස්සගිරි පුවරු ලිපිවල පවා විද්‍යමාන වන්නේ සිංහල භාෂාවේ සංවර්ධනයේ ඉතිහාසයයි.
පාලි භාෂාව සමග අපේ භාෂා ඉතිහාසය බද්ධ වන්නේ මහින්දාගමනයත් සමගිනි. පාලි ත්‍රිපිටකය සමග පාලි අට්ඨකථාද අපේ සාහිත්‍යයට ආලෝකයක් සපයන්නේ මෙම යුගයේ සිටය. එතැන් පටන් අනුරාධපුර නන්දන උයන කේන්ද්‍ර කර ගනිමින් විහාරාරාම ගොඩනැගෙන අතර භික්ෂු සමාජයද විසි දහස ඉක්මවමින් අනුරාධපුරය කේන්ද්‍රීය ශාසනික රාජධානියද වේ. මෙයින් ප්රමුඛ වන්නේ අනුරාධපුර මහා විහාරයයි. රාජ්‍ය පාලකයන් සහ භික්ෂූ ආකල්පවල මතභේද ඔස්සේ පසුව අභයගිරිය සහ ඡේතවන විහාර ඇරඹෙන අතර, මේවායේ ශාසනික තර්ජනය ඉස්මතුවන්නේ ධර්ම විරෝධී ආකල්ප සහ විනය විරෝධී පිළිවෙත ඉස්මතු වීම නිසාය. කෙසේ නමුත් මහා විහාරයේ භික්ෂුන් තුන් දහසක් වැඩ සිටින විට අභයගිරියේ භික්ෂුන් පන් දහසක් වැඩ සිටිති. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස දළදා වහන්සේ පළමුව වැඩම කරවන්නේ අභයගිරිය විහාරයටය. මහා විහාරය තරමටම අභයගිරි විහාරය ප්‍රබල මට්ටමක පැවැති බව සිතිය හැකි නමුත් ඡේතවන විහාරය තුළ එසේ ප්‍රබල භූමිකාවක් ඉස්මතු නොවේ.
ඒ සියල්ලට වඩා අනුරාධපුර මහා විහාරය ධර්ම ශාස්ත්‍රීය සේවාවට ප්රබලව කැපී පෙනෙන ආයතනය ලෙස ඉස්මතු වන්නට ඇත. මහා විහාරය සැමවිටම වෑයම් කළේ බුදුන් වදාළ ධර්මය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සහ තමන් සතු හෙළ අටුවා සමුදාය රැකබලා ගෙන ඒවා මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමටය. ක්‍රි.ව. පස්වැනි සියවස ත්‍රිපිටක සාහිත්‍යයේ ආරම්භක වර්ෂය ලෙස සටහන් කරන්නේද, සාහිත්‍යයක් වශයෙන් එම අරමුණු පුළුල් පරාසයකට පාත්රවීම මෙකල සිදුවීම නිසාය. ධර්ම ග්‍රන්ථකරණයේ නිරත වූ පඬිවරුන්ගේ කේන්ද්‍රීය භූමිභාගය මහා විහාරය වේ. සෑම අන්ධකාර යුගයකම සාහිත්‍යාලෝකය පතුරුවාලීම සහ සාහිත්‍ය උද්දීපනයට යම් කිසි ආයතනයක් හෝ පැවිදි පඬිරුවනක හෝ පහළ විය. අනුරාධපුර යුගයේ මහා විහාරයට එම ගෞරවය හිමි වේ.
ක්‍රි.ව. පස්වැනි ශත වර්ෂය අනුරාධපුර මහා විහාරයට ඉතා වැදගත් කාලයකි. දකුණු ඉන්දීය බෞද්ධ පඬිවරයකු වූ අට්ඨකථාචාරී බුද්ධ ඝෝෂ මාහිsමි ලංකාවට වැඩම කළේ මෙම වකවානුවේදීය.
බුද්ධඝෝෂ හිමියන්ගේ උපාධ්‍යාය රේවත හිමියන් තම ශිෂ්‍ය පුත්‍රයා ලංකාවට එවන්නේ පාලි භාෂාවෙන් අට්ඨකථා ලිවීමට වඩා, ලක්දිව මහා විහාරය සතු හෙළ අටුවා ග්රන්ථ පාලි භාෂාවට රචනා කොට පරිවර්තනය කිරීමෙන් ජාත්‍යන්තර (දීපන්තර වාසීන්) ප්‍රයෝජනය වැඩිවන බව පවසමිනි. මහානාම සිරිනිවාස නම් රාජ්‍ය පාලන යුගයේ වැඩම කළ බුද්ධඝෝෂ මාහිමි එකල මහා විහාරයේ අධිපති පදවිය හෙබවූ සංඝපාල මහතෙරුන්ගේ අධීක්ෂණයට ලක්විය. බුද්ධමිත්ත වැනි මහා විහාරික මහතෙරවරුන් රැසක් මහා විහාරයේ වැඩ සිටියද, මහා විහාරයට ද දැඩි අවශ්‍යතාව තිබුණේ හෙළ අටුවා ඉක්මනින් පාලි භාෂාවට පරිවර්තනය කිරීමය. දුරසංකර පිරිවෙන, පධානඝරය, ලෝවාමහාපාය, දීඝසන්ද සේනාපති පිරිවෙන ආදී කේන්ද්‍රගත අධ්‍යාපන ආයතන රැසක් මහා විහාරය යටතේ පාලනයවූ නිසා, ධර්ම ශාස්ත්‍රීය රාමුවක් තුළ ධර්මය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට බුද්ධඝෝෂ හිමියන්ගේ පෘථුල පාණ්ඩිත්‍යය මහා විහාරයට ආලෝකයක් විය.
මෙකල අභයගිරියද ශාස්ත්‍රීය කටයුත්තක් සිදුකර තිබිණි. එනම් විමුක්තිමග්ග නමින් නිවන්මග හෙළිකරන ග්රන්ථයක් රචනා කර තිබීමය. එහි කතුවරයා අභයගිරියේ උපතිස්ස නම් තෙර නමකි. විමුක්ති මාර්ගයට වඩා උසස් කෘතියක් රචනා කිරීමේ අභිලාෂය මහා විහාරය සතු අභියෝගයකි. ඒ නිසා විමුක්ති මාර්ගය පරිශීලනය කරමින් එයට වඩා දහස් ගුණයකින් පිරිපුන් බණවර පනස් අටකින් යුක්ත මහාර්ඝ ග්රන්ථයක් ලෙස බුද්ධඝෝෂ හිsමියන් විසින් විසුද්ධිමග්ග රචනා කරන ලදී. මෙතැනදී මහා විහාරය සතු ධර්ම ශාස්ත්‍රීය සම්ප්රදායද ඉස්මතු කර පෙන්වීමට මහා විහාරය වග බලා ගත්තේය. හිතුවක්කාර ලෙස ධර්මය තමන්ට රිසි පරිදි අර්ථ ගැන්වීම නොව සතර මහාපදේස විකසිත වන පරිදි මහා විහාර ධර්ම ශාස්ත්‍රිය රටාවක් ගොඩනැංවීමට මහා විහාරයට හැකිවූයේද බුද්ධඝෝෂ හිමියන්ගේ ආගමනය නිසාය. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්නට ලැබෙන සතර මහා පදේස ධර්ම විනිශ්චයේදී වැදගත් වේ. බුද්ධපදේස, මහාථේරාපදේස, සංඝථේරාපදේස සහ ඒකථේරාපදේස යනු සතර මහා පදේස වේ.
ධර්මය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීමේදී බුදුරදුන් වදාළ නියමය ධර්ම විනයානුකූලව පිළිගැනීම වූවද ව්‍යක්ත විනීත විශාරද ධර්මානුධර්ම පටිපන්න මාතෘකාධාරි මහතෙරනමකගේ හෝ සංඝථෙරවරයකුගේ නියමයට අනුව ධර්ම විනය ප්රාමාණිකත්වයෙන් පිළිගැනීම සතර මහ පදේසවල අභිප්‍රාය විය. බුදුරදුන් ජීවමාන කාලයේ එලෙස ධර්මය පරියාය, විස්තර වශයෙන් විග්රහ කරන ලද මහතෙරවරු කීපනමක්ම බුදුරදුන්ගේ ප්‍රශංසාවට ලක්විය. සාරිපුත්ත, ආනන්ද, මහාකොට්ඨිත, කච්චාන ආදී මහරහත්හු ඒ අතර වෙති. දේවානම්පියතිස්ස මහරජු මහාමේඝවනෝද්යානය මෙලෙස විහාරාංගවලින් සරසද්දීම මහාවිහාරයද ස්ථාපිත විය. මෙහි කීර්තිය දසක සියවස් ගණනාවක් පුරා ප්‍රචලිතව පැවතුනි. මහාවිහාරයටද බුද්ධඝෝෂ වැනි Æණබල සම්පන්න පඬිවරයකුගේ සේවය සොයමින් සිටි යුගයක, සූත්‍ර පිටකයේ දීඝ, මඡ්Cධිම සංයුත්ත සහ අංගුත්තර යන නිකාය ග්‍රන්ථවල අභිප්‍රාය ඉස්මතු වන ලෙස ශාස්ත්‍රීය සංග්‍රහයක් නිකුත් කිරීමේ අදහස තදින් දැනෙන්ට විය. හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමට පෙර සිය Æණ සම්භාරය සහ පෘථුල පාණ්ඩිත්‍යය පළ කිරීමට විසුද්ධිමග්ග රචනා කළහ.
බුද්ධඝෝෂ මහ තෙරුන් විසින් රචිත පාලි අට්ඨකතා රැසකම සඳහන් කර ඇති අන්දමට පුරාණ අට්ඨකථාවක සාරය ගෙන (පෝරාණ අට්ඨකථං සාරං ආදාය) හෝ මුල් අටුවා ග්‍රන්ථයක සාරය ගෙන (මුලට්ඨකථංසාරං ආදාය) අට්ඨකථා රචනා කර ඇති බව හෙළිකරති. ඒ නිසා හෙළ අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කර ඇති බව අවිවාදයෙන් පිළිගත හැකිය. එසේනම් මෙම හෙළ අටුවා සුරක්ෂිතව
රැකගත්තෝ අන් කවරකු හෝ නොව අනුරාධපුර මහා විහාරය බව පැහැදිලිය.
හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමත් විසුද්ධිමග්ග රචනා කිරීමත් තුළ මහාවිහාර සතු භූමිකාව නිරූපණය වේ. පිරිසිදු බුදුදහම
රැකගැනීම මහා විහාරය සතු වගකීම වේ. ඒ නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියන්ට සහ පශ්චාත් අට්ඨකතාකරුවන් වූ බුද්ධදත්ත ධම්මපාල වැනි තෙරවරුන්ටද මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදායට අවනතව ධර්ම ග්‍රන්ථකරණයේ නිරතවීමට සිදුවිය. මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්රදාය කරුණු දහයකින් නිර්මිත වේ.
1. හේතු - ඵල සිද්ධාන්තය පදනම් කරගත් විභඡ්ජවාදි සම්ප්‍රදායට බැසගැනීම (විභඡ්ජවාදි මණ්ඩලං ඔතාරෙත්වා.
2.ගුරුකුලවලට අයත් අසත්‍ය දෝෂාරෝපණවලින් සහ මතවාදවලින් බැහැරවීම (ආචරියේ අනබ්භාචික්ඛන්තේන.
3. ස්වකීය මතවාද නොපිළිගැනීම සහ බැහැර කිරීම (සකසමයං අවොක්කමන්තේන)
4. අනුන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට හෝ පිළිගැනීමට වෑයම් නොකිරීම (පරසමයං අනායුහන්තේන
5. මූලික සුත්‍ර දේශනා මතය නොඉක්මවීම (සුත්තං අප්පටිබාහන්තේන)
6. විනයානුකූලවීම (විනයං අනුලොමෙන්තෙන)
7. සතර මහා පදේස අවලෝකනය කිරීම (මහාපදෙසෙ ඕලොකෙන්තේන
8. ධර්මය බැබැළවීම (ධම්මං දීපන්තෙන)
9. අර්ථ ව්‍යක්ති සංග්‍රහ කිරීම (අත්ථංසංගහන්තේන)
10. මූලික අර්ථ නැවත විමර්ශනය කර අනෙකුත් පර්යාය අර්ථ ව්‍යඤ්ජන සමග සංසන්දනය කිරීම (තමෙව අත්ථං පුනරාවත්තෙත්වා අපරෙ හිපි පරියායෙහි නිද්දිසන්තේන)
බුදුරදුන් ජීවමාන කාලයේම වදාළේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව තම ශ්‍රාවක සිව්වණක් පිරිසට ශාස්තෘවරයා වන්නේ ධර්මය සහ විනය බවයි. පුද්ගල නායකත්වයට වඩා ධර්මමය ආකල්ප නායකත්වය ධර්ම විනය උද්දීපනයට ඉවහල් වේ. ධර්මය ශාස්තෘත්වයේ තබා ගැනීම නිසා විශේෂයෙන් භික්ෂු සමාජය තුළ ධර්මානුධර්මපටිපන්න සඟ පරපුරක් බිහි වේ. බුදුරදුන් වදාළේ ධර්මය වැසී තිබුණහොත් නොබබළවන බවයි. බුදුන් වදාළ ධර්මය සාකච්ඡාවට සම්මන්ත්‍රණයට විවෘත වූ තරමට එය බබළන බවත් එමගින් ජනතාව අතර ප්‍රචලිත වන බවත්ය.
මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්රදාය වඩාත් ආලෝකමත් වූයේ පාලි අට්ඨකථාකරණය තුළිනි. එනම් ක්‍රි.ව. පස්වන සියවසේදීය. මූලික බුදු සමය මුල් සූත්‍ර දේශනාවලට අනුකූලව සංරක්ෂණය කිරීම මහා විහාරයේ අභිප්‍රාය වූවත් මූලික ධර්මයට හානියක් නොවන පරිදි අර්ථ විවරණ පර්යාය විස්තර ඉදිරිපත් කිරීමට ඉඩ සලසා තිබිණි. ඒ නිසා හෙළ සහ පාලි අර්ථකතා සාහිත්‍ය තුළින් අනුරාධපුර යුගයේ සමාජ සංස්කෘතික අර්ථ විවරණ ඉදිරිපත් කිරීමට ද අටුවාචාරි ඇදුරන්ට හැකිවූහ. අට්ඨකථා සම්පාදනයට අදාළ මූලික කරුණු දහය තුළද දිස්වන්නේ මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්රදායේ පොදු සම්මුතියයි. මහා විහාරය අන්තර්ජාතික කීර්තියට පත් මහ වියතුන්ගෙන් පිරිපුන් ආයතනයකි. එයට අභියෝග කිරීමට කිසිවකුට නොහැකි විය. ඒ නිසාම පිරිසිදු අට්ඨකථා සම්ප්රදායක් අපට ශේෂ විය. එබැවින් මහා විහාර ධර්ම ශාස්ත්‍රීය සම්ප්රදාය අපට ආවේණිකව වූ අපේම ධර්ම න්‍යාය පිළිවෙත බව සිහිපත් කරමු.
සරත්චන්ද්‍ර අමරතුංග
පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
Source : www.divaina.com