Dr. Medagoda Abhayathissa Thera
This is the most important position of the pirivena. All recruitments management and planning are done under the guidance of the principal and administrator. The present principal and administrator of Sunethra Mahadevi Pirivena is Dr. Medagoda Abhayathissa thera who is also a lecturer at Pali and Buddhist university of Sri Lanka, Rev. Dr. Medagoda Abayatissa thera who is the principal and administrator of the pirivena at present has brought it to a successful situation with dedication and commitment. He is doing a great service to renovate its curricula and the structure to suit the modern world.
ජනතාව කුළල් කාගත්තොත් රට පෙරට ගන්න බෑ
වර්තමානයේ ජාතීන් අතර සමඟිය තහවුරු කිරීමේ අවශ්‍යතාව, අප රටේ අනාගතය යහපත් කර ගැනීම සඳහා ජාතික සමඟිය කෙතරම්දුරට වැදගත් ද ඒ සඳහා දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්රයේ වගකීම් මොනවාද යන්න පිළිබඳ ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.
මෙරට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය නිමාවීමත් සමඟ ජාතීන් අතර සමගිය පිළිබඳ විශාල ලෙස කතාබහට ලක්වුණා. ඒත් අද වන විට රට තුළ ඇතිවෙමින් තිබූ එම ජාතික සමඟිය පළුදු වන ආකාරයේ සිදුවීම් සමාජයේ ඇති වෙනවා. මේ තත්ත්වය ගැන ඔබ වහන්සේගේ අදහස් මොන වගේ ද?
ශ්‍රී ලංකාව තිස්වසරක යුද්ධය නිසා අතිශය පීඩාවටත් දුකටත් පත් වූ රටක්. ජාතිභේදයකින් තොරව එදා අපි විශාල දුක් කන්දරාවක් වින්දා. අප යුද්ධය ජය ගැනීමෙන් පසුවත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල කුමන්ත්‍රණ ප්‍රමාණයක් පරාජය කළා. අප එදා ලද යුද ජයග්‍රහණය දේශපාලන පක්ෂ වශයෙන් ආගම් වශයෙන්, ජාතීන් වශයෙන් ලඝු කළ යුතු දෙයක් නොවෙයි.
දිගු කාලීන යුද්ධයක් තිබූ රටක පුරවැසියන්ට එකවර යුද මානසිකත්වයෙන් ඉවත් වීමට අමාරුයි. පුරවැසියන් පමණක් නොවෙයි, ආරක්ෂක අංශ සාමාජිකයන් තුළ පවා මේ තත්ත්වය එකවර වෙනස් වන්නේ නැහැ.
එදා දුටුගැමුණු රජතුමා පවා යුද්ධයට සහභාගිවූ බලසේනා යුද්ධයෙන් පසු ආගමික ස්ථාන, වැව් ඉදිකිරීම්, කෘෂිකර්ම කටයුතු සඳහා යොමු කළා. අද අපගේ යුද හමුදාවත් රටේ සංවර්ධන කටයුතුවලට දායක කරගනිමින් සිටිනවා. මේ නිසා අධිරාජ්‍යවාදී වුවමනාවන් සඳහා මෙරටට යළි අතපෙවීම් කිරීමට ඇති අවස්ථා ඇහිරී යමින් තිබෙනවා.
මේ තත්ත්වය තුළ තමයි එම බලවේග එක් එක් දේශපාලන කණ්ඩායම් යොදාගෙන ඔවුනට මූල්‍ය ආධාර ලබාදෙමින් රට තුළ අනවශ්‍ය කලබල, ජාතික සමඟියට බාධාවන දේවල් සිදුකිරීමට උත්සාහ කරන්නේ.
රටක පරමාධිපත්‍ය කියන්නේ ජනතාවයි. ජනතා පරමාධිපත්‍ය රටේ නීතියයි. එම නීතිය හා සාමය රැකීමට සිටින්නේ ආරක්ෂක අංශ, පොලිසිය හා රාජ්‍ය තන්ත්රයයි. මෙවැනි පසුබිමක් තුළ එම යාන්ත්රණයට එරෙහිව සිවිල් ජනතාව පෙළගැස්වීමට කටයුතු කිරීම ඉතාමත් වැරැදි සහගත දෙයක් ලෙස තමයි සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ.
ඇත්තෙන් ම රට තුළ ග්‍රීස් යක්කු, භූතයෝ කියලා පිරිසක් නැහැ. රත්නපුර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් මාලාවක් මුල්කරගෙන තමයි මේ තත්ත්වය රට පුරා පැතිර ගියේ. මේ සිදුවීම් පිටුපස සිටින්නේ කාම උම්මත්තකයන් හා විවිධ අරමුණු පෙරදැරි කරගත් පිරිසකුයි. මේ අතරට පුද්ගලික අරමුණු මුල් කරගත් අයගේ කුමන්ත්රණකාරී ප්රයත්නයන් ද ඇතුළත්. එහෙම නැතිව මෙතැන කිසිදු ජාතියක් මුල්කරගත් ඔවුන්ව ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් නැහැ. ඒ තත්ත්වය තුළ තමයි සමහර සුළු ජන කණ්ඩායම් හමුදා කඳවුරු පොලිස් ස්ථාන වටකරමින් කටයුතු කරන්නේ. මෙය ඔවුන්ගේ වරදක් නෙවෙයි. ඔවුන්ව මුලා කිරීමට ඔවුන්ව නොමඟ යැවීමට කටයුතු කරන පිරිස්වල සැලැසුම්වල ප්‍රතිඵලයක් විදිහටයි මා දකින්නේ.
මේ මොහොතේදී අප නොමඟ ගියවුන් ලෙසවත් ආවේගශීලි ලෙසවත් කටයුතු කිරීම හොඳ දෙයක් නොවෙයි. සියලු දෙනා හොඳ සිහිකල්පනාවෙන් යුතුවයි කටයුතු කළ යුත්තේ.
මෙවැනි මොහොතක මහජනතාව කටයුතු කළ යුත්තේ කොහොමද?
ඉතාමත් හොඳින් කල්පනාවෙන් කටයුතු කළයුතු අවදියක් විදිහටයි මා මේ යුගය හඳුනාගෙන තිබෙන්නේ. අපට අප රටට ඉතාමත් පැහැදිලි අනාගතයක් තිබෙනවා. ජාතීන් අතර සමඟිය ගොඩනැඟීම සමඟිය ආරක්ෂා කර ගැනීමෙන් පමණයි අපට අනාගත දියුණු ලෝකයට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අප සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු මෙහොත එළැඹිලා තිබෙන්නේ.
ජාතීන් අතර සමඟිය හා ඒකාත්මිකතාවය පිළිබඳව බුදුදහම තුළ මොන විදිහට ද හඳුන්වාදී තිබෙන්නේ?
ශ්‍රී ලංකාව කියන්නේ බුදු දහමෙන් පෝෂණය වූ රටක් විදිහට තමයි මුළු ලොව පුරාම ප්‍රචලිතව තිබෙන්නේ. බුදුන්වහන්සේ පෙන්වා දෙන්නේ කෙනෙකුගේ උසස් පහත් බව තීරණය වන්නේ ධනය, ගෝත්‍රය නිසා නොවෙයි එම පුද්ගලයාගේ ආකල්ප නිසා බවයි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබෙන්නේ සංවාද කරන්න එහෙත් විවාදවලට යන්න එපා ලෙසයි.
බුදු දහම තුළ මූලික හරය බවට පත්වෙලා තිබෙන්නේ එවැනි වූ උතුම් අරමුණු මුල්කරගත් ප්‍රතිපත්තියකුයි. මහා වනාන්තරයක වුණත් තුරු එකනෙකට අතුපතර බැදී තිබෙනකම් මහා සුළඟක් ආවත් බිඳ දමන්න බැහැ. එහෙත් හුදෙකලාව ඇති මහා වනස්පති වෘක්ෂයක් වුණත් සුළඟකදි ඇද වැටෙනවා.
බෞද්ධයන් විදිහට අප කල්පනා කළ යුත්තේ සියලු දෙනා මනුෂ්‍යයෝ යන අර්ථය ඇතිවයි. හැමෝම ශ්‍රී ලාංකිකයන් කියන සිතුවිල්ලෙන් යුතුවයි.
යුද්ධයෙන් විනාශ වුණේ සිංහලයන් පමණක් නොවෙයි. දෙමළ සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ජනනායකයන් දක්වා විශාල පිරිසක් මිය ගියා. මුස්ලිම්වරුන්ටත් ලොකු හානියක් සිදු වුණා. යුද්ධය ජයග්‍රහණයේ දී අප සියල්ල එකාවන්ව කටයුතු කළා. යුද්ධයෙන් පසුවත් අප රට ගොඩනැඟීමේ අරමුණ ඇතිව එකාවන්ව කටයුතු කළ යුතුයි. කුළල්කාගැනීම් තුළින් ජයග්‍රාහී අරමුණු වෙත යන්න බැහැ. විනාශය පරාජය පමණයි අත්පත් කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ.
මේ පසුබිම තුළ මෙරට ජනමාධ්‍යවලට පැවරී ඇති වගකීම ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද?
අප රට තුළ කේලාම්කරුවන්ට, රැවටිලිකරුවන්ට, කටකතාකරුවන්ට පියාපත් දෙන මාධ්‍ය සංස්කෘතියක් බිහිවෙලා තිබෙනවා. තවත් මාධ්‍ය රටටවත් තමන්ටවත් වැඩක් නැති වචන අල්ලාගෙන දිගින් දිගට ම පහර දෙන ප්රතිපත්තියකට හුරුවෙලා සිටිනවා.
මේ ජුගුප්සාජනක වින්දනයට හුරු වූ මාධ්‍ය ග්රාහක සමාජයකුත් බිහිවෙලා තිබෙනවා. බොහෝ ප්රවෘත්තිවල මූලික සිරස්තලය බවට පත්වන්නේ හිස් ප්‍රවෘත්තියක්, හිස් ප්රලාපයක් පමණයි. වෙළෙඳ වාසිය ක්ෂණික කුතුහලය ගැන පමණයි මාධ්‍ය කල්පනා කරන්නේ.
මිනිස්සු කලබල වන්නේ, සැක බිය උපදවා ගන්නේ මේ මාධ්‍යවල හැසිරීම් නිසයි. ජ්‍යෙතිෂ්‍යවේදියෙක් හෙට මුහුද ගොඩගලනවා යැයි කිව්වොත් එය හිස් මුදුනින් පිළිගන්නා තරමට අපගේ මාධ්‍ය ග්රාහක සමාජය හුරුකරවලා තියනවා. ඒ නිසා මාධ්‍යත් ඉතාමත් කල්පනාකාරී ලෙස හා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.
සමහර මාධ්‍ය මඟින් එක් එක් ආගම් සම්ප්රදාය ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා. එම සම්ප්‍රදායන් ලෙඩට බෙහෙත් නොගත යුතු බවට කියන තැනට තල්ලු වෙලා තිබෙන්නේ.
බෞද්ධ සම්ප්රදාය විකෘතිකරගෙන ඇතැම් පිරිස් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මුලාකරමින් කටයුතු කරනවා.
මෙයටත් මාධ්‍යවල දායකත්වය ඉහළින් ලැබෙනවා. හොඳ දේටත් නරක දේටත් මාධ්‍යයේ වගකීම තිබෙනවා. මේ විදිහේ උදවිය තමයි ජාතික සම¼ඟියට බාධාවන විදිහටත් කටයුතු කරන්නේ. මාධ්‍ය මේ වගකීම් තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.
රටේ සමඟිය සහ සාමය සුරක්ෂිත කිරීමට දේශපාලන තන්ත්රය පැත්තෙන් මොන විදිහේ වගකීමක් ද තිබෙන්නේ?
වෛරය, ක්‍රෝධය පතුරුවන දේශපාලන සම්ප්රදාය අප අතහැර කටයුතු කළ යුතුයි. සෑම පාර්ශවයක් ම එකට එක්ව කටයුතු කළ යුතුයි.
ග්‍රීස් යක්ෂ භීතිය තුරන් කිරීමත් රජය සතු වගකීමක්. එය රජය සාමකාමී ලෙස හෝ බලහත්කාරී ලෙස සිදු කළ යුතුයි.
ජනතාව රජයට දේශපාලන වගකීම පවරා ඇත්තේ රටේ වගේ ම තමන්ගේ ආරක්ෂාව ද ආණ්ඩුවෙන් ලැබේවියැයි යන අදහස මතයි. ඒ නිසා රජයත් තමන්ගේ යුතුකම් හා වගකීම් තේරුම්ගෙන කටයුතු කළ යුතුයි.
සාකච්ඡා කෙළේ
උදිත ගුණවර්ධන

Source :www.dinamina.lk