සියල්ල සිදුවන්නේ කර්මය නිසා නොවෙයි
ස්වාමීන් වහන්ස කුසල් සහ අකුසල් පිළිබඳ නිරවුල් අවබෝධයක් සාමාන්‍ය බෞද්ධයන් වන අපට නැහැ. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අපට ලබාදෙනවා නම්.
බුදුරජාණන් වහන්සේ කුසලය කියා හැඳින්වූයේ අපගේ සිත, කය හා වචනය යන ද්වාරත්‍රයෙන් සිදුවන අයහපත් දෙයින් මිදී යහපතෙහි පිහිටුවා ගැනීමයි. කුසල කියන වචනය භාවිත වන්නේ බෞද්ධ සම්ප්රදායේ පමණක් නොවෙයි. සාමාන්‍ය ජීවිතයේ දී අප කුසලතා කියන වචනයක් පාවිච්චි කරනවානෙ. ඒ දක්ෂතා ගොඩනැඟීමයි. නමුත් දක්ෂතා ගොඩ නඟා ගැනීමට වැරදි ආකාරයටත් පුළුවන්. කායික, වාචසික හා මානසික වශයෙන් කොටස් තුනකට බෙදා වෙන්කොට පෙන්වා වදාළ බුදුන්වහන්සේ කණ්හ හා සක්ඛ යනුවෙන් ද එය හැඳින්වූවා. එනම් කළු කර්ම හා සුදු කර්ම.
කළු කර්ම කියන්නෙ අකුසල කර්ම සුදු කර්ම කියන්නෙ කුසල කර්ම, අත්ථි භික්ඛවේ කණ්හං කම්ම විපාකං. කළු කර්මවලට, ඒ කියන්නෙ නරක කර්මවලට නරක විපාකත්, අත්ථි භික්ඛවේ සුක්ඛං සුක්ඛ විපාකං, සුදු කර්මවලට සුදු විපාක ලබා දෙනවා. නැත්නම් යහපත් විපාක ලැබෙනවා. මේ කුසල හා අකුසල පිළිබඳ තවදුරටත් කතාකරනවා නම් ධම්මපදයේ එන පළමු ගාථා පදයත් මේ පිළිබඳ ව මනාව පසක් කරදෙනවා.
මනෝ පුබ්බංගමා ධම්මා යන ගාථාවෙන් බුදුන්වහන්සේ සඳහන් කරනවා අයහපත් මනසකින් සිදුකරන කර්මයකදී එහි නරක විපාක ගොනා බැඳි කරත්තයේ රෝදය මෙන් පසුපසම එනවා කියා. ඒ වගේම ධම්මපදයේ සඳහන් වෙනවා යමකු ප්‍රසන්න වූ මනසකින් යමක් කරනවා ද එහි කුසල විපාකයන් එලෙසම ලැබෙනවා. එය කුසලයයි. බොහෝ දෙනා යම් නරකක් සිදුවුණාම කර්මයයි කියා කියන්න පුරුදු වී තිබෙන්නේ. අකුසල වගේම කුසල කර්මත් තමා පසුපස එනවා.

කුසල කර්ම වර්ග කරගන්නේ කෙසේද?
බෞද්ධ දර්ශනයේ හොඳ ඉගැන්වීමක් තමයි සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා – කුසල් වැඩිකර ගැනීම. සියලු අකුසල් ක්‍රියාවලින් වැළකී ඒ වෙනුවට කුසල් ක්‍රියාවන් වැඩි කරගැනීම. සමාජයේ ඇතැම් අය කියනවා මම සතුන් මරන්නේ නෑ, බොරු කියන්නේ නෑ ආදී වශයෙන්. බුදුන්වහන්සේ එය පෙන්වා දෙන්නේ ‘විරණය’ යනුවෙන්. විරණයක් පමණයි එය. වෙන්වීමක් පමණයි.
හැබැයි එයින් කුසල් වර්ධනය වන්නේ නැහැ. සමාදානය කියල වචනයක් තියෙනවානෙ. ඒ කියන්නේ ප්‍රාණඝාතය නොකරනව වගේම අප ඒ සතුන් ගේ ජීවිත ආරක්ෂා කිරීමත් සිද්ධ කළ යුතුයි. දන්දීම ගැන කතා කළාට නොව ඒ දන්දීම අප පුරුදු පුහුණු කළ යුතුයි. අප පව්වලින් වැළකෙනවා සේම කුසල් දහම් වර්ධනය කළ යුතු වෙනවා. එය බුද්ධ වචනයේ මූලික පණිවුඩයක්.
බුදුන්වහන්සේ කුසල කර්ම තුනක් පිළිබඳ ව මූලිකව උගන්වනවා. දානමය ක්‍රියාවස්තු, සීලමය ක්‍රියාවස්තු හා භාවනාමය ක්‍රියාවස්තු. මේවා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා වශයෙනුත් පෙන්වා දෙනවා. දාන සීල, භාවනා පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම සවනං හා දිට්ඨිය්යො කම්ම. ඒ කියන්නෙ සිත නිවැරැදිව පිහිටුවා ගැනීම. මේවා ප්‍රධාන හැටියට බුදුන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වගේම අටමහ කුසල්. සාංඝික දානය, අටපිරිකර පූජා ආදී මේවා කුසල ධර්ම. මේවා ජීවිතයට ඇතුළත් කරගත යුතු බව පෙන්වා දෙනවා. මේවා ප්‍රබල කුසලකර්ම වගේම ප්‍රබල අකුසල කර්මත් අපට දකින්ට ලැබෙනවා.

අකුසල කර්ම වර්ග කරගන්නේ කෙසේද?
අකුසල කර්ම විපාකත් ඒ ආකාරයෙන් ම ලැබෙනවා. චුල්ල විභංග සූත්‍රයේ ද කුසල හා අකුසල පිළිබඳ ඉගැන්වීම් තිබෙනවා. අකුසල කර්ම විපාක දීමේදීත් පෙර කීවා සේ කායික, වාචසික හා මානසික වශයෙන් ඊට අදාළ වෙනවා. ප්‍රාණ ඝාතය යනු කායිකයි. මුසාවාදා, පිසුනාවාචා, පරුෂාවාචා ආදී අකුසලයන් වාචසිකයි. සිතුවිලි ක්‍රියාකාරකම් සියල්ල මානසිකයි. මේ කාරණයේ දී වාචසික හා කායික යන දෙකටම වඩා ප්‍රධාන වවන්නේ මනසයි. මනෝ පුබ්බංගමා ධම්මා ගාථාවෙනුත් පැහැදිලි කරදෙන්නේ ‘මහණෙනි සියල්ලට වඩා ප්‍රධාන වනුයේ මනස බවයි. ඕනෑම ක්‍රියාවලියකට මූලික වන්නේ අපේ මනසයි.
කුසල් අකුසල් මූල පිළිබඳ සාමාන්‍ය බෞද්ධයා අවබෝධයක් ලබාගන්නේ කෙසේද?
කුසල් අකුසල් පිළිබඳ බෞද්ධ පොතපතෙහි සඳහන් වෙනවා මජ්ඣිම නිකායේ අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්රයේත් මේ පිළිබඳ මේ කුසලයය, මේ අකුසලයය කියා මනා විග්‍රහයක් සඳහන් වෙනවා. එහි න අත්යාවබාධ සංවත්තෙය්ය තමාට අයහපත් නොවන අනුන්ට අයහපත් නොවන ක්‍රියාව කුසලයයි. තමන්ටත් අනුන්ටත් යහපතක් නොවන ක්‍රියාව අකුසලයයි. කාලාම සූත්‍රයේ දී බුදුන් වහන්සේ කාලාමයෙනි, මේ කුසලයයි මේ අකුසලයයි තමන්ගේ ක්රියාවේ ආරම්භයේදී තමන්ගේ ක්‍රියාවෙන් තමාගේ ඇස් දෙකට කඳුළු පිරෙන බව හැඟේ නම් එය නොකර සිටීමත් යම් ක්‍රියාවකදී තම සිතට සතුටක් හැඟේනම් එය කරන්නැයි ඉගැන්වූවා. තමා තුළින් ම කුසල හා අකුසල හඳුනාගත යුතුයි. තමන් තමන්ගේ ජීවිතයට ප්‍රිය බව සලකා අනුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. එයයි බුද්ධ වචනය.
කුසලයේ මූලය ශ්රද්ධාවයි. අපගේ හදවතේ උපදින ශ්‍රද්ධාව නිසයි කුසලට නැඹුරු වන්නේ. ශ්රද්ධානි තථාගතස්ස බෝධිං ‘සම්බුද්ධත්වය ගැන උපන් ශ්‍රද්ධාව අප තුළ තිබිය යුතුයි.

ලෝභ, ද්වේශ හා මෝහ අර්ථ දක්වන්නේ කෙසේද?
සංයුක්ත නිකායේ සනාත සූත්‍රවල සඳහන් වෙනවා මේ සසරේහි තමන් වහන්සේ සැරිසැරුවේ මේ කියන ලෝබය, ද්වේශය, මෝහය සංකල්ප නිසාය කියා. පුද්ගලයනට හා ද්‍රව්‍යයනට ඇති බැඳීම ලෝභකමයි. එහෙම නැත්නම් මමය, මාගේය යන සංකල්ප ඇති තාක් අප ලෝබ සහගතයි ද්වේශය යනු තරහ ගතිය. නොඉවසන සුලු බව, ද්වේශයට පත්වන පුද්ගලයාට කළ නොහැකි අපරාධයක් නැත කියා බුදුන්වහන්සේ වදාළා. අකුසලකර්ම රාශියක් කළ හැකි ශක්තිය තිබෙනවා. මේ කියන ලෝභයත් ද්වේශයත් මෝහයත් යමෙකුට ඇතිතාක් සත්‍ය අවබෝධ කරගන්නට බැහැ. සත්‍යය අවබෝධ කරගන්නට නම් මේ ත්‍රිවිධ කරුණු බැහැර කළ යුතුයි. මෝහය යනු මුළාවයි. මේවා අකුසල්. මේවාට ලැබෙන විපාකත් අකුසල්. මෝහයට පත්වූ පුද්ගලයා සෑම විටම සිතන කියන කරන සැම දේ මුලාවෙන් සිදුකරන්නේ.
මෝහයෙන් සිදු කැරෙන අකුසල කර්ම පිළිබඳ සාමාන්‍ය බෞද්ධයා අවබෝධයක් ලබා ගන්නේ කෙසේද?
මෝහය නිසා සිදුවන අකුසල කර්ම රැසක්ම තිබෙනවා. එක් උදාහරණයක් ගනිමු. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තබනවා. නමුත් එය සිදුකරන්නේ නිසි අවබෝධයකින් තොරවයි. මෙහිදී අප ජීවමාන බුදුන් වහන්සේට සිදුකරන ශ්‍රද්ධා සම්පන්න බවකින් කළ යුතු වුණත් නොදැනීම නිසා අකුසල් රැස් කරගන්නවා. බුදුන් වහන්සේ පිළිබඳ ජීවමාන හැඟීමක් තමන් තුළ නොමැති වීමෙන් සිදුකරන පූජාවලදී ලෝබයට සිත යටපත් වෙනවා. එහිදී කුසල කර්මය මුලදීම අප එය අකුසල කර්මයක් බවට අපම පත් කොටගන්නවා.
කුසල හා අකුසල කර්ම පිළිබඳ විනිශ්චයයන් බුදුදහමේ සඳහන් වන්නේ කුමන ආකාරයකින් ද?
තීනි මානි භික්ඛවේ නිදානානි කම්මාන... ඒ කියන්නෙ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ලෝභ, ද්වේශ හා මෝහ අකුසල කර්මයි. අලෝභය, අද්වේශය, අමෝහය, කුසලයයි යස්ස පාප කතං කම්මං කුසලෙන පිටියතී... අකුසලය මැඩ පැවැත්වීමට කුසලයට හැකියාව තිබෙනවා. කුසල පක්ෂය වර්ධනය වෙමින් දියුණු වන විට අපගේ ජීවිත සාර්ථකයි.
ඔය අපල කියන්නෙත් අකුසල පැත්තයි. හැමවිටම කුසලය යටපත් කර ගැනීමේ හැකියාව ද කුසලයටත් අකුසලය යටපත් කරගැනීමේ හැකියාව කුසලයටත් තිබෙනවා. කුසලය කියන්නෙ පුරසඳ වගේ. අකුසලයෙන් මිදීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ. කොහේ සැඟවී සිටියත් අකුසලය විපාක දෙනවා.
න අත්තලික්ඛෙ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සො ජගදිප්ප දේසො යත්තට්ඨිතො මඤ්ජෙය්ය පාප කම්මං අකුසලය විපාක දීමේ දී අහසේ පොළවේ මුහුදේ කොහි සිටියත් විපාක දෙනවා. පුණ්‍ය කර්මත් එසේමයි. කොහි සිටියත් විපාක දෙනවා. පුඤ්ඤත්තේ පුරිසෝ කයිහං - සැම විටකදීම කළ යුත්තේ පුණ්යකර්මයි. යහපත් දේ කළ යුතුයි. තම්හි චන්දං කයිරානි – ඒවාට කැමති විය යුතුයි. හේතුව පින යනු සැපයට තවත් වචනයක්. සංසාර ගමනේදී සැපය ලබන්නත් කුසලය හේතුවන නිසා පින් වැඩිය යුතුයි දන්දීම, සිල් රැකීම් ආදියෙන්.

කුසලය සඳහා බලපෑම් කරනු ලබන කර්මයත් අකුසලය සඳහා බලපෑම් කරනු ලබන කර්මයත් අප නිවැරැදිව අවබෝධයට ගන්නේ කෙසේද?
මා පෙර කීවා සේ ම මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයෙහි සම්මත්තකා මානවසත්තා, කම්මදායාදා කම්මසත්ති විභජිති යදිදං හීනංපනීති.. මිනිසුන් අතර උස් පහත් බේද පවතින්නේ කුසල් හා අකුසල් කර්ම හේතුකොටගෙන බව කියැවෙනවා. යමෙකු ලස්සන රූපයකින් උපදින්නේ කිසිවකුට ක්‍රෝධ වෛර ඊර්ෂ්‍යා නොකිරීමෙන්, අකුසල් සිතුවිලි නොමැතිවීමෙන්. සමහරු ධනවත්. සමහරු දුප්පත්. මේවා ද කර්මදෝෂ මත දන් නොදීම, පරිත්‍යාගශීලී නොවීම, ලෝබගතිය හේතුවෙන්.
ධනවත්, දුප්පත්, උස්, පහත් ආදී බේද ඇතිව ඉපදීම කර්ම දෝෂ පළදීමක් ද?
නැහැ. සියල්ල සිද්ධවන්නේ කර්මය පදනම් කරගෙන නොවෙයි. බුදුදහමේ එය කිසිසේත්ම කියන්නේ නැහැ. නියාම ධර්ම පිළිබඳ කල්පනා කරමු. සෘතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, ලෝකයේ නියාම ධම්ම සතරෙන් මින් එකක් තමයි කර්මය කියා කියන්නෙ. සංසාරයේ කර්මානුරූපීව ඉගෙනුමට අදක්ෂව උපන්නත් මේ භවයේ දී අපට එය නිවැරැදි කරගත හැකියි. කර්මයට බාර දීමට අවශ්‍ය නැහැ. වහින්නේ මල් පිපෙන්නේ කර්මයට අනුව නොවෙයි ඒවා සංසිද්ධි.
තමන්ගෙ අභ්‍යන්තරයට පිවිසිල යටපත් ව ඇති කුසලතා වර්ධනය කරගත හැකියි අකුසල් කර්ම වර්ධනය කරගන්න අවස්ථාත් දකිනවා. සංසාරගතව එන පුරුදු ඒවා.

අකුසල කර්ම ගෙවා දැමීම සඳහා කුමක් කළ යුතුද?
බුදුදහමේ අකුසල කර්ම ගෙවා දැමීමේ හැකියාව පවතිනවා. අකුසලයන් කාලීන වශයෙන් ගෙවා දැමිය හැකියි. දේවදත්ත හාමුදුරුවෝ ගනිමු. උන් වහන්සේ නිරයේ අකුසල් කර්ම විපාක විඳ මතු පසේ බුදුවරයකුව උපදින බව සඳහන් වෙනවා. අකුසල කර්මයන් යටපත් වන පරිදි කුසල කර්මයන් ගොඩනංවනවා. අංගුලිමාල අවසානයේ රහත් ඵලයට පැමිණි පසුත් නින්දාවට පත්වුණා. ශ්රද්ධාවට පැමිණි දා සිට පාපයක් සිදු නොකිරීම හේතුකොට ගෙන එහි බලය උපයෝගී කොට ප්‍රසූත වේදනාවෙන් බරිත මවුවරුනට අංගුලිමාල පිරිත මහත් අනුහස් ලබාදෙනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් පෙර අකුසල කර්ම රහත් ඵලයට පැමිණි පසුත් විපාක ලැබුණා. විපාකයෙන් පසුව නිදහස් වුණා. විපාක දීමේ අවධියක් නැහැ. විපාක දෙනවා.
මෙහි එකම ක්‍රමවේදයක් පවතිනවා. අකුසල කර්ම මකාගැනීමට කුසල ධර්ම වර්ධනය කරගන්නවා නම් එය හොඳම ක්රමවේදයයි.

පංචානන්තරිය කර්ම හැරෙන්නට ගෙවා අවසන් කළ නොහැකි කර්ම මොනවාද?
ගෙවා අවසන් කළ නොහැකි කර්ම පංචානන්තරිය කර්ම පමණයි. පංචානන්තරිය කර්ම ආචාර විද්‍යාර්ථීන්ගේ ඉගැන්වීමක්. එය ඇත්තට ම සූත්‍ර දේශනාවල අභ්‍යන්තරයේ සාකච්ඡා කෙරෙන දෙයක් නොවෙයි.
අප අද කතාකරන කුසල අකුසල කර්මත් බෞද්ධ ආචාර විද්‍යාවට සම්බන්ධ වූවක්. ආචාර විද්‍යාවට අදාළ වුවත්, සාධාරණ වූ සමාජයක් ගොඩනැඟීම උදෙසා බෞද්ධ ආචාර විද්‍යාවෙන් පංචානන්තරිය කර්ම පිළිබඳවත් අදාළ වූවා.
කෙනකුට සිතන්න පුළුවන් බුදුන් වහන්සේ ගේ ලේ සෙලවීම හා මවුපියන් සමාන වන්නේ කෙසේද කියා. මන්ද ශ්‍රේෂ්ඨ වන්නේ බුදුවරයකු නිසා. සමාජයේ නිසි පැවැත්මට මේවා අදාළ වූයේ මූලික සූත්‍ර දේශනාවල පවා එම කරුණු හමුවී නැහැ. මේවා බෞද්ධ ආචාර විද්‍යාව මත පදනම් වූ ඉගැන්වීම් හැටියට සැලකිය හැකියි. මේ කරුණු සමාජයේ යහපැවැත්මට අනතුරක් වේ යැයි සලකා පැනවූවක්. අනික, සංඝ භේදය ගිහියනට කළ නොහැකියි නේ. එය සඟ පරපුරට කළ හැකි දෙයක්.
මේ පැනවීම් සිදුවූයේ එදා අජාසත්ත තම පියරජු ඝාතනය කිරිමේ ආදී සිද්ධීන් වලට අනුව යැයි විශ්වාස කළ හැකියි. මේවායේ ඇති බරපතළ තත්ත්වය අනුව එදා පැවැති සාහිත්‍ය ඔස්සේ මේ කරුණු පැමිණි බව සිතිය හැකියි. සමාජයේ යහපැවැත්ම උදෙසා එම කරුණු හා සිද්ධීන් පාදක කොට ගෙන ධර්ම ග්රන්ථයනට අඩංගු කළා කියා සිතිය හැකියි.
සංලාපය - අමල් යශෝමන් ජයසිංහ
සේයාරුව - සමන්ත වීරසිරි
Source : www.silumina.lk