අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ‘පින් ලබන ඤාතීන්’ කෘතියෙනි.
තිරෝකුඩිඩ සුතුය, මෙය තියෙන්නේ ඛුද්ධක නිකායේ ඛුද්ධක පාඨ කියන කොටසේ, ප්‍රේතයන් ගැන හොද විස්තරයන් ඇතුලත් වන්නේ සංයුක්ත නිකායේ, ලක්ඛන සංයුත්තය් ප්‍රථම වග්ගයේ හා දෙවන වග්ගයේය..!! අප විසින් මියගිය නැයන් උදෙසා දෙනු ලබන්නාවු දානයන්ගේ විපාකය ඔවුන්ට බුක්තිවිදිමට ලැබෙන්නේද යන්න සලකා බැලිය යුතු කරැණක්.!!ඒ අංගුත්තර නිකායේ දසකනිපාතයේ ජානුස්සෝනි වග්ගයේ 23 වන ජානුස්සොනි ප්රේතදාන සුත්‍රයේයි..!!
පේතවත්ථු හා විමානවත්ථු යනු පිළිවෙළින් අකුසල කර්ම නිසා නිරාදුකට පත් සත්ත්වයන් ගැන කියන කථා සහ කුසල කර්මයන් නිසා දිව්‍යමය සම්පත්තීන් විඳින සත්ත්වයන් ගැන ද කථාය. ..!!

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසීමිත කාලාන්තරයක් දස පාරමිතා ධර්මයෙන් පුරන ලද සේක්, ලෝක සත්ත්වයා සාංසාරික දුකින් එතෙර කරවීමට පමණක් නොව, සසර ගමනේ දී උපදින, උපදින ආත්ම භාවයක් පාසා ම, ඔහුට හෝ ඇයට සහනශීලී සැපවත් ජීවිතයක් ගත කරනු සඳහා අවස්ථාවන් සලසා දීම පිණිසත් ය. සැපවත් ජීවිතයක් ගතකරන පුද්ගලයාට සහනශීලී බවත් තිබෙන නිසා හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නේ ය. එමගින් ඔහුගේ හෝ ඇයගේ බුද්ධිමත් බව ද, වඩ වඩාත් පැහැපත් කරගත හැකි ය.
ඒ තත්ත්වයට පත් වූ පුද්ගලයා පාපයට බර නො වන්නේ ය. කුසලයට - ගුණයට නැඹුරු වන්නේ ය. එහෙයින් ම ගුණය – ගුණය වශයෙන් ම කුසලය - කුසලය වශයෙන් ම, මසැසින් පමණක් නොව නුවණැසින් ද මනා ලෙස දකින්නේ ය. කළ යුතු දේ කුමක් ද? නො කළ යුතු දේ කුමක් ද? යන්න තේරුම් බේරුම් කොට ගෙන නොකළ යුතු දෙයින් වැළකී, කළ යුතු දෙය ම කරන්නේ ය. බුදුරදුන් වදාරන ලද මාර්ගයත් එය මැ යි.
බුද්ධෝහං බෝධයිස්සාමි – මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි - සංසාරෝඝා මහබ්භයා
“මම ධර්මය නිසිපරිදි අවබෝධ කොට ලෝකයාට ද ඒ ධර්මය නිසි පරිදි අවබෝධ කරවන්නෙමි. මම නැවත නැවත උපත ඇති කරවන ලෝභය, ද්වේශය, මෝහය මුල් කොට පහළ වන පාපකාරී සිතිවිලිවලින් නිදහස් ව, ලෝක සත්ත්වයා ද ඒ පාපකාරී සිතිවිලිවලින් මුදා ගන්නෙමි. නැවත - නැවත උපත ඇති කරවන ගති පැවතුම් වලින් වැළකී ලෝක සත්ත්වයා අතිභයානක වූ සංසාර නමැති සාගරයෙන් එතෙර කරවන්නෙමි.” යන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙන සම්‍යක් අධිෂ්ඨානයෙන් යුතුවම ගුණනුවණ වැඩූ සේක.
බුදු බවට පත්වීමෙන් පසුව ද ලෝකයාගේ පරලොව පමණක් නොව - එනම්, මතුභවයන් ගැන පමණක් නොව මෙලොව යහපතට ද හේතුවන අයුරින් ම ධර්ම දේශනා කළ සේක. තමන් වහන්සේගේ උත්තරීතර පැවැත්ම ද අන් අයට ආදර්ශවත් වන අයුරින් ම ගත කළ සේක. ඒ ධර්ම ගත කරුණු අනුව බලන විට භාග්‍යවතුන් වහන්සේ මියගිය තම ඥාතීන් වෙනුවෙන් ද කුසලයන් කොට පින් දියයුතු ආකාරය පැහැදිලිව ම වදාරා ඇත.
මිය ගිය ඥාතීන්ට පින් දීමෙන් කරුණු කිහිපයක් ඉටුවේ. එනම්, ජීවත් වන පරපුරට ආදර්ශයක් වීම සහ තමන්ට මහත්ඵල මහානිසංස දායී පිනක් අත්වීම ය. දෙවැන්න - අප අතරින් මිය ගොස් දුක් සහිත ලෝක වල වෙසෙන ඥාතීන්ට සැපතක් සලසා දීමත් ඔවුන්ගේ පිහිට පින්දුන් අයට ලැබීමත් ය. මේ කරුණු දෙක පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කිරීමට පෙර මියගිය ඥාතීන්ට පින් දීම පිළිබඳව තථාගතයන් වහන්සේගේ වැදගත් දේශනාවක් - අනගිතම ධර්මානුකූල ඉගැන්වීමක් ප්‍රකාශයට පත්කිරීමට හේතුභූත වූ කාරණය පිළිබඳව අප විසින් පළමුව දැනගත යුතුය.
සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වර්ණනාවට අයත් උරග වර්ගයෙහි එන පස් වැනි තිරොකුඩ්ඩ සූත්‍ර ප්‍රේත වස්තු වර්ණනාව පිළිබඳව නිවැරදිව දැනගත යුතු ය. එය මියගිය ඥාතීන්ට පින්දීම පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී මුඛ දේශනාවක් වන බැවිනි. මෙතැන් සිට ඒ කතා ප්‍රවෘත්තිය පැහැදිලිව දක්වන බව සැලකිය යුතුය.
සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායයෙහි ප්‍රේත වත්ථු වර්ණනාවට අයත් උරග වර්ගයෙහි එන පස් වැනි තිරොකුඩ්ඩ සූත්‍ර ප්‍රේත වස්තු වර්ණාව පිළිබඳව නිවැරදිව දැනගත යුතුය. එය මියගිය ඥාතීන්ට පින්දීම පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී මුඛ දේශනාවක් වන බැවිනි. මෙතැන් සිට ඒ කතා ප්‍රවෘත්තිය පැහැදිලිව දක්වන බව සැලකිය යුතුය.
කාසි පුරය
මෙයින් පෙර, අනුදෙවැනි කල්පයෙහි දඹදිව අගනුවර බවට පත්වූයේ කාසි පුරයයි. එම නගරය දිගින් ගව් දෙතිසක් වූයේ ය. පළලින් ද ගව් දෙතිසක් විය. මේ අනුව ගව්වකට සැතපුම් සතරක් බැවින් සැතපුම් එකසිය විසි අටකි. පළලින් ද මේ මහා නගරය සැතපුම් එකසිය විසි අටක් ම විය. කුඩා රටක් හා සමාන විශාලත්වයකින් යුත් සුවිශාල ජම්බු ද්වීපයට අයත් මේ නගරයෙහි, රටේ ධනවත්, බලවත්, නැණවත්, පින් ඇති, බොහෝ දෙනා ජීවත් වූවෝ ය. මේ කාසි නගරයෙහි මහා මාර්ග - අනු මාර්ග එයිනුත් තවතවත් අතුරු මාර්ග කුඩා මං මාවත් හැට හැත්තෑ දහස් ගණනකට වැඩි ය. නගරය වටා කැරකී මහා සමුද්‍රය කරා ගලා බසින සුවිශාල කාසි මහා ගංගාවෙන් හා ඇළ, දොළ මගින් නගරය තුළ විහිදී ගිය ජල මාර්ග නිසා මෙනුවර අලංකාරවත් විය.
මනා ලෙස වැඩුණු ගස් කොළන්වලින් සෙවණ සපයා දීම ද නො අඩුව සිදුවිය. එදා පාරම්පරික චාරිත්‍රයක්ව පැවති, සෑම නිවසකටම අයත් වූ ගෙවතුවල එළවළු, පලතුරු, මල්වර්ග සහ ඖෂධීය භෝග වගාවන් සශ්‍රික බවට පත් වූයේ ද – කාසි මහ ගංඟාවෙන් පැතිර ගිය මේ ඇළ දොළ මාර්ගවලිනි. එනිසා නගර වාසීහු ප්‍රසන්න සිත් ඇත්තෝ ම වූහ.
ඔවුහු ඈත ගම් නියම් ගම්වලින් එන භවභෝග දෙස ම බලාගෙන නො සිටියහ. තම තමන්ගේ ගෙවතුවලින් ලද සම්පත් නිසා නිරෝගිතාවයත් - ශරීර සෞඛ්‍යයත් දියුණු කරගත්හ. එයට වඩාත් හේතු වූයේ සෑම නිවසක ම වාසනාව ගෙනදෙන කිරි එළදෙනක් ද සිටීමයි’ ඉවසීම, කරුණාව ඔවුන් තුළ වැඩිදියුණු වීමට ද එය ප්රමුඛ හේතුවක් විය. මේ මහා කාසි නගරය හැරුණු විට දඹදිව ඒ ඒ පළාත් වල වැඩි ප්‍රමාණයක් පැවතියේ කෙත්වතු සහ ගම් නියම්ගම් ය. අලි, කොටි, වග වලස්, සිංහ ආදී සතුන්ගෙන් පිරීගිය වනාන්තරයෝ ද වූහ. ඒ නිසා එදා දඹදිව අතිවිශාල රටකි. එකී රට අද ඉන්දියාව, පාකිස්ථානය, භූතානය, නේපාලය, බංගලාදේශය, ටිබෙටය ආදී විවිධ රාජ්‍ය වලට වෙන් වී ඇත. එදා මෙකී මහා දඹදිව් රාජ්‍යයේ අගනුවර බවට පත්වූයේ ඉහත සඳහන් කළ කාසි රාජධානියයි.
දඹදිව් තලයෙහි මහා නගර - අනු නගරවල ප්‍රාදේශීය රජවරු රාජ්‍යය විචාළෝ ය. ඔවුහු සියල්ලෝ ම රටේ මහා රාජධානියෙහි එනම්, කාසිපුර ජයසේන මහාරාජයාගේ අණසක යටතේ නිදහසේ තම තමන්ගේ රාජ්‍යයන් පාලනය කළහ. වාර්ෂිකව ජයසේන මහරජතුමාට තුටු පඬුරු වශයෙන් ධනධාන්‍යය සහ සම්පත් යැවූහ. මේ නිසා මුළු දඹදිව් තලය ම සාමයෙන්, සමාදානයෙන් ගත වූ ආකාරය පැරණි පොත පතින් පැහැදිලි වෙයි. එහෙත්, තම තමන්ගේ අරමුණු ඉටු කරගැනීම පිණිස ඇතැම් ජනප්රධානීහු, වැසියන් නොමග යවා අර්බුද ඇති කළ අවස්ථාවන් ගැන ද සඳහන් ව ඇත. කාසි රජතුමා ද ගුණවත්, නැණවත්, ප්රතාපවත්, අභිමානවත් සත්‍යවාදී මහීපාලකයෙකි. රාජකීයත්වය එතුමා තුළ සියයට සීයක් ම පූර්ණ ලෙස පැවතුණි. එනිසා රටවැසියෝ ද ප්රත්යයන්ත රජවරු ද ජයසේන මහරජතුමාට දක්වන ලද්දේ ගෞරවණීය, පූජනීය තත්ත්වයකි. කලාතුරකින් ඇතිවන අරගලයක් වුණද තම ආඥාවේ බලයෙන් සන්සුන් කිරීමේ ශක්තිය එතුමා තුළ පැවතිණ.
දසරාජ ධර්මයෙන් රාජ්‍යය විචාළ - පිනෙන් පිරුණු ජයසේන මහරජතුමාගේ අගමෙහෙසිය බවට පත් සිරිමා දේවිය ද එවැනි ම රටේ පිළිගත් උත්කෘෂ්ට රජ පවුලකින් පැවත ආ පංචකල්‍යාණයෙන් සපිරුණු කුමාරිකාවක් ම වූවා ය. මේ මහා පිනැති ජයසේන මහා රාජයා නිසා එබඳු ම මහ පිනැති සිරිමා බිසවගේ කුසින් ඵුස්ස නම් මහ බෝසතාණන් වහන්සේ උපත ලදහ.
පිරූ පාරමිතා ධර්මයන් ඇති ඒ මහ බෝසතාණන් වහන්සේ, නිසි වියට පත්ව ගිහිගෙය හැරපියා සම්මා සම්බුදු බවට පත් වූ සේක. තම පුතණුවන් වහන්සේ බුදු බවට පත් වීම නිසා මහත්සේ සතුටට පත් ජයසේන පිය රජතුමා ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සිවු පස පහසුව රජ ගෙදරින් ම කළ යුතු යැයි අධිෂ්ඨාන කොට ගෙන බුදුරදුන් වෙනුවෙන්සියලු උවටැන් රජු විසින් සලසන ලද්දේ ය.
දැඩි ප්‍රකාශයක් !
ජයසේන මහ රජතුමාට අනෙක් බිසවක කුසින් උපත ලද පුණ්‍යවන්ත කුමරුවෝ තිදෙනෙක් ද වූහ. ඔවුහු ද රජුගේ අමාත්‍ය මණ්ඩලයේ ම සේවය කරන රාජ්‍ය පාලනයට පිය රජුට සහාය වන ඇමතිවරු තුන්පලකි. ඒ පුතණුවරුන් තුන්පල සහ මැති - ඇමතිවරුන් අතරද, ප්‍රාදේශීය පාලකයන් සහ ප්‍රත්‍යන්ත රජවරුන් අතර ද රටේ ප්‍රභූ ජනතාව තුළ ද කල්ගත වෙත් ම, ජයසේන මහා රාජයා කෙරෙහි කලකිරීමක් ඇතිවිය. එයට හේතුව ? රජු පමණක් ම බුද්ධෝපස්ථානය සංඝෝපස්ථානය අනෙකකුට ඉඩ නොදී සිදුකිරීමයි.
මේ කරුණු පිළිබඳව රජ කුමාරවරුන් තුන්පල සහ ප්‍රභූ ජනයා නොයෙක් අවස්ථාවන්හි දී පිය මහ රජුට ඇවිටිලි කළෝ - තමන්ට ද පොදු මහ ජනතාවට ද ඵුස්ස ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දන් පහන් දීමට, ඇප උපස්ථාන කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඒ සෑම වාරයක දී ම ජයසේන රජතුමා තරයේ ම කියා සිටියේ දරුවෙනි, “බුදුරජාණන් වහන්සේ මාගේ ම පුත්‍රයෙකි. එනිසා බුදුරදුන් මගේ ය. ධර්ම රත්නය ද මගේ ම ය. ශ්‍රාවක සඟ පිරිස ද මාගේ ම ය. මේ අනුව දරුවෙනි, බුද්ධ රත්නයත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් මගේ මැ යි. මා ජීවත් වන තුරු - ත්‍රිවිධ රත්නය රැක බලා ගැනීමේ අයිතිය ඇත්තේ මටයි. එබැවින් බුදු රදුන්ටත්, ශ්‍රාවක මහා සංඝයා වහන්සේටත් මා විසින් ම ඇප උපස්ථාන කළ යුතුවා මිස, තවත් කෙනකුට එය පැවරීමට මගේ කැමැත්තක් නැත. එමනිසා මේ ඉල්ලීම නැවත මා වෙත ඉදිරිපත් නොකරව“ යි කියා සිටියහ.

රජුගේ ඉහත සඳහන් දැඩි ප්‍රකාශයෙන් කුමරුවෝ කලකිරීමට පත්වූහ. අනෙකුත් මැති, ඇමතිවරුන් සහ ඉහළ ම පෙළේ ප්‍රත්‍යන්ත රජවරුන් කිහිප දෙනකු හා රහසිගතව සාකච්ඡා පවත් වන්මෝ “ පිය මහ රජාණන් වහන්සේගේ මේ අදහසට අපට එකඟ විය නො හැකිය. අපිදු බුදු රදුන්ගෙන් බණ ඇසීමෙන් ම පමණක් සෑහීමකට පත් නොවී, උන්වහන්සේට ඇප උපස්ථාන ද කළ යුතු ය. අපටත් ඒ වරප්‍රසාදය තිබිය යුතු ය. ඒ සඳහා උපායක් යොදමු” යැයි කතිකා කොට ගෙන අගනුවරින් රටේ ඈත ප්‍රත්‍යන්ත දේශයන් දෙක තුනක වාර්ෂිකව රජතුමාට ගෙවිය යුතු අයබදු නතර කරලූහ.
රට වැසියෝ ද මහත් සතුටින් කුමරුවන් තිදෙනාගේ සහ ප්‍රත්‍යන්ත රජවරු කීප දෙනාගේ අදහසට බලවත් සේ සහයෝගය දුන්හ. එයට හේතුව ඔවුන්ගේ බලාපොරොත්තුව ද, බුදුරදුන්ට උවටැන් කිරීමේ ඉඩකඩ සලසා ගැනීමට පැවැති ආශාවයි. වසරක් හමාරක් ගත වෙත් ම රජතුමාට මෙය දැනුණේ, රාජ භාණ්ඩාගාරය කෙමෙන් හිස් වේගෙන යාම නිසා ය. සොයා බැලූ විට රජුට දැනගන්නට ලැබුණේ රජතුමා පිළිබඳව ජනතාව කලකිරී අයබදු නොගෙවන බවයි. මෙයින් කම්පිත බවට පත් ජයසේන මහ රජතුමා තම පුතණුවරුන් තුන්පොල කැඳවා සාකච්ඡාවක් කෙළේය.
“දරුවෙනි, තෙපි තිදෙනා ම මාගේ පුතණුවරු ය. අනෙක් පැත්තෙන් බලන විට මාගේ අමාත්‍ය පදවි දරන තිදෙනෙක් ද වෙති. ප්‍රත්‍යන්ත දේශ කීපයක ජනතාව මා කෙරෙහි කළකිරී අයබදු ගෙවීම් අත්හැර ඇත. ඒ ප්‍රදේශවලට අයත් රාජ භාණ්ඩාගාර අංශයන්හි මුදල් අංශ හිස් වේගෙන යයි. ඒ දේශවල ජනතාවගේ උන්නතිය පිණිස ඇළ, දොළ, වැව්, පොකුණු මං මාවත්, ගිලන් ශාලා, වැඩි දියුණු කිරීම පිණිස - දුෂ්කර ප්‍රදේශවලට ආධාර යැවීම පිණිස නියම කළවිට - රාජ භාණ්ඩාගාරයට මගේ නියමයන් ඉටු කිරීමට අපහසු බව එය භාර අමාත්‍යවරයා දැනුම් දී තිබේ. ඔබ තුන්පොල වහා ඒ ඒ දනව්වලට ගොස් ප්‍රත්‍යන්ත රජවරු කීපදෙනා සමඟ ද සාකච්ඡා කොට සාමය ඇති කළ යුතුයැයි” උපදෙස් දී කුමාරවරු තිදෙනා පිරිවර සහිතව ප්‍රත්‍යන්ත දේශයන් බලා යැවූහ. ඔව්හු ද තමන් විසින් ම යෙදූ උපායක් බැවින් මහරජුට කිසිවක් දැනගත නොහැකි වන අයුරින් ඒ ඒ ප්‍රදේශවලට ගොස් ජනතාව සාමකාමී බවට පත් කරවා මාස ගණනාවකට පසු කාසී නගරයට පැමිණ රජතුමාට වාර්තා කළෝය.
මහ රජතුමා කියනුයේ - “දරුවෙනි, තෙපි කරුණු පහදා දී ගහ බැන ගැනීමකින් තොරව - ලේ වැගිරීමකින් තොරව - සාමය ඇති කිරීම ගැන සතුටට පත්වුනෙමි. තෙපි තිදෙනා මගේ දරුවෝය. වගකිවයුතු අමාත්‍යවරු ය. මා කෙරෙහි සෙනෙහැති රාජ්‍ය පාක්ෂිකයෝ ය. ඒ දනව් වැසි මහ ජනතාව ද මා සලකන්නේ මාගේ ම දරුවන් හැටියටයි. අපේ රාජ ධර්මය එයයි. තම දරුවනට සේම රටවැසි ජනතාවට ද ස්නේහෙවන්තව පිළිපැදිය යුතු බව රාජ ධර්මයක් වේ. ඒ අනුව තෙපි තිදෙනා ජනතාවගේ සිත් සතන් දිනා ගනිමින්, රටේ මහරාජයා වශයෙන් මා කෙරෙහි ද ඔවුන්ගේ ඇති ගෞරවාන්විත පිළිගැනීමට හානියක් නොවන අයුරින් මේ බැරෑරුම් ප්රශ්නය විසඳා ඇත.
තව ටික දවසක් ගත වූවා නම් මේ අර්බුදය මාගේ පාලනය යටතේ පවත්නා අනෙකුත් ප්‍රත්‍යන්ත රාජ්‍යවලට ද පැතිරී යාමට ඉඩ තිබුණි. එය ද දැන් වැළකී ඇත. මේ ඉටුකළ උදාර රාජ පාක්ෂික සේවා අගය කරමින් මවිසින් ද තෙපි තිදෙනා ඇතුළු මේ ප්රශ්නය නිරාකරණය කර ගැනීමට සහාය දුන් නිල දරුවනට ද විශේෂ සැලකිල්ලක් කළ යුතුව ම ඇත. එයත් අපගේ කෘතෝපකාරී රාජ්‍ය නීතියකි. ඔබ තුන් පොලට අවශ්‍ය ඕනෑ ම වරයක් - ඉල්ලීමක් ඉදිරිපත් කරව. එය ඉටු කිරීමට අපේ රාජ නීතිය අනුව මම බැඳී සිටිමි.”
මේ පිළිතුරෙන් කුමරුවන්ට ඉමහත් සතුටක් ඇති විය. තමන් යෙදූ උපායශීලී ක්‍රියා මාර්ගය පිය රජතුමාට දැනගැනීමට ඉඩ නො තබා, තමන් කළ හපන්කම ගැන ද ඔවුන් ආඩම්බරයට පත්වූහ. ඊට පසු දින මේ තිදෙනා ම පිය මහරජාණන් වහන්සේ දැක ආචාර, සමාචාර දක්වා “පියමහරජතුමනි, ඔබ වහන්සේ අප ධෛර්යවත් කරමින් – අපගේ සේවය අගය කරමින් කළ ප්රශංසාත්මක දේශනය ගැන ඉමහත් ලෙස සතුටු වෙමු. ඒ ප්රකාශනය ගැන අපි සහෝදරවරු තුන්පල ද ඔබ වහන්සේ දීමට පොරොන්දු වූ වරය පිළිබඳ සාකච්ඡා කළෙමු. පිය මහරජාණන් වහන්ස, අප ඉල්ලන වරය නම් අන් කිසිවක් නොවෙයි. අපේ සහෝදර ඵුස්ස බුදුරජාණන් වහන්සේට සත් අවුරුද්දක් ඇප උපස්ථාන කිරීමට අනුමැතිය ලබා ගැනීමයි.
“දරුවෙනි, ඔය ඉල්ලීම හැර වෙනත් කවර වරයක් හෝ ඉල්ලීම හොඳයි. බුද්ධෝපස්ථානය නම් මා ජීවත් වනතුරු මවිසින් ම කළ යුත්තකි.” “පිය මහරජතුමනි, එසේ නොකියනු මැනවි. එසේ නම් සය අවුරුද්දක් දුන මැනව. දරුවෙනි, එය ද නො කළ හැකි ය. මේ අනුව පස් අවුරුද්ද, සිවු අවුරුද්ද, තුන් අවුරුද්ද, දෑවුරුද්ද, එක් අවුරුද්ද, දක්වා ද අඩු කොට බැරිම තැන සත් මසක් ද, සය මසක් ද, පස් මසක් ද, සිවු මසක් දැයි කියා බලවත් සේ ඇවිටිලි කොට ඉතා අමාරුවෙන් හාර මාසයකට අනුමැතිය ලබා ගත්හ. “එසේ නම් දරුවෙනි, තොපගේ මේ බලවත් ඉල්ලීම ඉවතලිය නොහැකි නිසාත්, අන් කිසිවක් තෙපි බලාපොරොත්තු නොවන නිසාත් ඉදිරි වස් කාලය බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට උන් වහන්සේගේ අනුමැතිය පරිදි ඉෂ්ට කර ගනුව“ යි, අවසර දුන්නේය.
වස් සාරමසක්
කුමාරවරු තිදෙනා ද සිහසුනට පත් වූවාක් මෙන්, මහත් සේ සතුටුව ඵුස්ස බුදුරදුන් වෙත ගොස් මෙපුවත් සැළකොට ඉදිරි වස් කාලය තුළ ඇප උපස්ථාන කිරීම සඳහා අවසර ලබාගත්හ. මහත්සේ ප්‍රමුදිත බවට පත් වූ මේ කුමාරවරු තිදෙන තමන්ගේ ප්‍රධාන කාර්යභාරයන්හි නියුක්ත පිරිස කැඳවා ඉදිරි වස් කාලය තුළ බුදුරජාණන් වහන්සේටත්, මහා සංඝයා වහන්සේටත් විහාරාරාමාදිය ඉදි කිරීමට සැලසුම් කළහ. ඒ අනුව ජල පහසුකම් සහ නිසි ලෙස වැඩුණු ගස් කොළන් ඇති භූමි භාගයක් තෝරා එහි සමවූ බිම් කොටසක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවිශේෂ ගන්ධ කුටියක් ද, මහා සංඝයා වෙනුවෙන් සුවිශාල ආරාමයක්ද ඉදි කරවා ඊට අදාළ දාන ශාලා, සක්මන් මළු, පැන් පොකුණු, වච්ච කුටි ආදිය ද ඉදිකොට නිම කළහ.
රටේ ජනතාව ද බොහෝ කාලයක සිට බලාපොරොත්තු වු පැතුමක් ඉටුවීම නිසා ඉමහත් උනන්දුවකින් යුතුව මේ සියලු කටයුතු වහා නිම කර ගැනීමට කුමාරවරුනට මහත්සේ උපකාර කළහ. රාජකාරි කටයුතු පිළිබඳව මනා පුහුණුවක් ඇති කුමාරවරු වස් තෙමස හා කඨින මාසය තුළ දිනපතා හීල් දානය හා දහවල් දානය පිළියෙල කිරීම පිණිස තෝරාගත් දස දහසක් පිරිස අතුරෙන් එක් කණ්ඩායමකට භාර කළහ. ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ද සේවක කාරකාදීන් සම්බන්ධ කොට ගෙන දානයට අවශ්‍ය ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු, කුළුබඩු, සහ කැවිළි - පෙවිළි, ආදිය නිතිපතා ලැබෙන සේ අවශ්‍ය විධිවිධානයන් ද යෙදූහ.
ගිලන්පස පිළියෙල කිරීම් සහ ජල සැපයීම් ආදී කටයුතුවලට ද පවිත්‍රතා කටයුතුවලට ද තවත් පිරිසක් යෙදවූහ. මේ අතර මහ සඟ පිරිසක් සහිත බුදුරදුන් වැඩ සිටිනු ලබන විහාරස්ථානයකට උන්වහන්සේ දැකීමට බණ පිරිත් ඇසීමට සංඝෝපස්ථානාදී කටයුතුවලට නිමක් නොමැතිව සෙනඟ පැමිණෙන බැවින් ඔවුනට අදාළ පහසුකම් සැලසීමට ද තවත් පිරිස් යොදවන ලදහ. මෙසේ අතිමහත් පවිත්රතාවයකින් යුත් පරිසරයක පිහිටුවන ලද මේ චිත්තාකර්ෂණීය විහාරස්ථානයට නිතිපතා පැමිණෙන්නෝ ද එලෙස ම නිමක් නැති තරම් විය. මේ සෑම කාර්ය සම්භාරයක් සඳහා පත් කරන ලද ප්රමුඛ පුද්ගලයා වූයේ ඒ ජනපදයෙහි අධිපතිවරයා ය. මෙසේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින බුද්ධප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වස් සමාදන් කරවන ලදහ. නගරයේ පමණක් නොව ගම් දනව් වැසියනුත් ඵුස්ස බුදුරදුන් ප්‍රධාන මහා සඟරුවනට ඇප උපස්ථාන කිරීමට ලැබීමත් බණ දහම් ඇසීමට ලැබීමත් උන් වහන්සේලා උදේ සවස දැකීමට ලැබීමත් නිසා මහත් සේ ප්‍රමුදිත බවට පත්වූහ.
ඉඳුල් කිරීම
මෙසේ අපරිමිත පරිශ්‍රමයකින් යුතුව ජයසේන පිය මහ රජාණන්ගෙන් ලබාගත් වරය අනුව පින්කම නිසි පරිදි ම ඉටුකොට අනුසස් ලබා ගැනීම සඳහා කුමාරවරු තුන් පල ද සමත් වූහ. වස් කාලය තුළ බුද්ධ ප්රමුඛ මහා සංඝයා වහන්සේට නිරන්තරයෙන් ම උවැටැන් කිරීම පිණිස තෝරාගත් සැදැහැවත් දස දහසක් පමණ පුරුෂයන් සමග කුමාරවරු ද - ගුරු පාට වස්ත්‍රයෙන් සැරසී උපෝස්ථ අෂ්ටාංග ශීලයෙන් යුතුව ම පිළිවෙත් පිරූහ. ඔවුන්ගේ භාණ්ඩාගාරික පුරුෂ තෙමේ ඟනමය කටයුතු ඉහත කී පරිදි තම පිරිසත් සමඟ නිසි පරිදිම ඉටු කළහ. මේ අතර කුමරුවන්ගේ නියමය පරිදි දානමය කටයුතු බාරගත් පිරිසට අයත් ඇතැම් දෙනා මාසයක් හමාරක් ගත වූ විට පළමුව පැවැති සැදැහැවත් බවින් තොරව පිළියෙල කළ දානය බුදුරදුන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට පිදීමට පෙර උඩින් පල්ලෙන් ඉඳුල් කරන්නට පටන් ගත්හ.
ටික දවසක් ගත වෙත්ම රසවත් ආහාරවලට ඇලුණු ඔව්හු, නිබඳව ම සංඝ දානයට පෙර බිය සැක නැතුව ම හොරෙන් කෑමට පවා උත්සුක වූහ. එසේම දානයෙන් පසු ඉඳුල් අතන මෙතන දමා දාන ශාලාදිය ද අපිරිසුදු කිරීමට පටන් ගත්හ. දානයට පෙර අතිශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත්, මහරහතන් වහන්සේටත්, පිළියෙල කළ ආහාර පාන අනුභව කිරීමට පටන් ගත් මේ කෑදර පිරිස - කඨින පින් කමෙන් පසු රණ්ඩු සරුවල් ඇතිකරගෙන දාන ශාලාවට ද ගිනි තැබුවෝ ය. මිනිස් ගති දන්නා සැදැහැවත් කුමාරවරුන්ගේත් ඇපකැප වී පින්කම් කළ මූලික වූ දහසක් පුරුෂයන්ගේත් පුණ්‍ය චේතනාවනට එයින් හානියක් නො වීය.
තුන් බෑ ජටිලයෝ!
කුමරුන් තිදෙනා ඒ කඩාකප්පල්කාරී, පාපකාරී පිරිසගේ ක්‍රියා පිළිබඳව කලනොකිරී තමනට සහය වූ ප්රමුඛ පෙළේ පුරුෂයන් දස දහසක් දෙනා සමඟත්, කටයුතු මැනවින් ඉටුකළ ජනපද අධිපතියන් සමඟත් පින්කම නිමකොට බුදුරජාණන් වහන්සේ සහ මහ සඟරුවන කාසිපුර පිය මහරජුගේ විහාරයට සුවිශාල පෙරහැරින් වැඩම කරවූහ. පියරජතුමා ද දරුවන් විසින් නිසිපරිදි කරගත් මෙම මහා පින්කම පිළිබඳව මුව නොසෑහෙන පරිදි ප්‍රශංසා කරන ලදහ.
මේඅතර තමන් බලාපොරොත්තු නොවූ අකාරයෙන්, අර දරුවා ක්‍රියාශීලී යහපත් ගති පැවතුම් ඇති කෙනෙකුන් බවට පත්ව දක්ෂ ලෙස අධ්‍යාපනය නිම කොට උසස් පුද්ගලයෙක් බවට ද පත් වෙති. “අනේ ! මේ දරුවා පසුගිය කාලයේ හැසුරුණු - ජීවත් වුණු ආකාරය අනුව අද මේ සිටින තත්ත්වයට කවදාවත් පත්වේ යැයි අපි නම් සිහිනයකින් වත් හිතුව් නෑ. එහෙත් අද ඉතාමත් හොඳ පුද්ගලයෙක් බවට පත්ව, අපේ පවුල ද ආලෝකවත් කර තිබෙනවා” මෙසේ ඇතැම් මව්පියන් කරන ප්‍රකාශ අපට අසන්නට ලැබෙන අවස්ථා බොහෝ ය.
තමන් දුන් ඒ පින් අනුමෝදන්ව සැපයට පත් වූ දේවත්වයට පත් වූ ඤාති දෙවියෝ - දෙවඟනෝ ඒ දරුවාගේ මනස යහමගට යොමු කිරීමට උපකාරවත් වන්නට පිළිවන. එය අපට දැක ගන්නට නොහැකි වුවද, ඔවුන් එසේ උපකාර කෙරෙති. නොසිතූ පරිදි භයානක උපද්‍රවයන්ගෙන් බොහෝ විට අප ආරක්ෂා වන්නේ ද මෙවන් මිය ගිය ඤාතීන්ගෙන් ලැබෙන පිහිට නිසා නොවේ යැයි කාට කිව හැකිද ?
සැරියුත් තෙරණුවෝ
තථාගත බුදුරජාණන් වහන්සේගේ අග්‍රශාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ දිනක් සවස් භාගයේ වන රොදක් මැදින් රජගහනුවර වේළුවනාරාමයට වඩිති. පුළුල් ගුරු පාරකි. ඉර බැහීගෙන යන හැන්දෑ යාමයයි. පෙරදින අහස බැසී යන හිරු එළිය වැටී රක්ත වර්ණයෙන් බබළයි. පක්ෂි ගණයා කැදලි කරා නාද දෙමින් පියාඹති. ඒ අවට කිසිවෙක් නොවීය. සැරියුත් තෙරණුවෝ හුදකලාව වඩිති.
කැලෑව අයිනේ කුඩා පඳුරු අතර සිට සිහින් කටහඬකින් උන් වහන්සේට කතා කරන බවක් ඇසුණි. “පුතණුවනි සාරිපුත්ත, මම ඔබේ මවයි. මා මේ දුකින් ගලවා ගන්න. පුතණුවෙනි උපතිස්ස, ඔබ මගේ දරුවෙක් ! මම දැන් දුකට වැටී සිටිමි.
මා මේ දුකින් ගලවා ගත හැක්කේ ඔබට පමණයි” යනුවෙන් දෙතුන් වතාවක්ම කීය. උන්වහන්සේ නැවතී මේ කියමනට ඇහුන්කන් දුන් සේක. කියන දේ ඇසෙතත් කියන්නේ කවුරුන්දැයි නොපෙනෙනි. හඬ ඇසෙන තැනට ගිය විට නැවත තව තැනක සිට අර වචනම කියන හඬ ඇසේ. එතනට ගිය විට තවත් බඹ කීපයකට ඈතින් සිට කියන හඬ ඇසේ.
පියවි ඇසට නොපෙනෙන බැවින් සාරිපුත්ත තෙරණුවෝ වහා සමාපත්තියට හිත යොමු කොට මේ කතා කරන්නේ කවුරුන්දැයි දිවසින් බැලූසේක. “පුදුමයකි, ඉතා විරූපි ප්‍රේතියකි. ඇටකටු පෑදුන, නහර ගැට ගැසුන, ඉත්තෑකූරු සේ කෙලින් සිටි කෙස් ගස් ඇති, විසිරුණු දත් වලින් යුත්, අපවිත්‍ර, විරූපී ශරීරයකින් හෙබි ප්‍රේතියකි. තමන්ගේ මවයයි පවසන හෙයින් පෙර භවය දැකීමේ නුවණින් ඇය කවුරුන් දැයි බලත්ම, මීට පෙර පස්වෙනි භවයෙහි තමන්ගේ මෑණියන් බව දුටුසේක.
නැවත මේ ප්‍රේතිය කියන්නී “පුතණුවනි, සාරිපුත්ත, එදා කළ පාප කර්මයන්ගේ විපාක වශයෙන් කාලාන්තරයක සිට මම අපාගතව සිටියෙමි. දැන් අපා දුකින් මිදී පරදත්තූප ජීවී නැමැති (දෙන පිනකින් ගොඩ විය හැකි) ප්‍රේත භවයට වැටී ඇත්තෙමි. මා මේ දුකින් මුදා ගත හැක්කේ ඔබට පමණයි. අද ඔබ දැකීමෙන් පෙර ඥාති සම්බන්ධය දැන ගත හැකි විය” පේ‍්‍රත මවගේ මේ වචනවලින් සාරිපුත්රයාණන් වහන්සේ මහත් වූ ධර්ම සංවේගයට පත්ව “මෑණියනි, මම ඔබ හෙටම මේ දුකින් ගලවා ගන්නෙමි, එතෙක් ඉවසනු මැනැවැයි” ඇය සනසා සාරිපුත්‍රයන් වහන්සේ වේළුවනයට වැඩියහ.
උන් වහන්සේ පසුදා උදෑසනම මුගලන් මහ තෙරුන් අනුරුද්ධ මහතෙරුන් අනඳ මහතෙරුන් හා කච්චායන තෙරුන් ද යන සිව් නම වෙසෙන කුටි වලට වැඩමවා “ අද දවල් දානය පිණිස මාගේ කුටියට වැඩම කරවනු මැනවැයි” උන්වහන්සේලා වැඩ සිටි ඒ ඒ තැන් වලට දුර බැහැර බැවින් සෘධි බලයෙන් ගොස් ආරාධනා කළහ. ඉන් පසු සැරියුත් තෙරණුවෝ දෙවරක්ම පිඬුසිඟා වැඩ ලැබුණු ආහාරය තැන්පත් කොට නිසි පරිදි සකසා තබා තමන් වහන්සේට ලැබී තිබුණු සිවුරු පිරිකර සහ බේත් හේත් වර්ගද ක්‍රමවත්ව තැන්පත් කොට නිමවෙත්ම පෙර කී සිව්දෙනා වහන්සේ ද දුර බැහැර වනසෙනසුන්වල වැඩ සිටි බැවින් නියමිත වේලාවට අහසින් දානයට වැඩම කළහ.
සැරියුත් තෙරණුවෝ ද උන් වහන්සේලා වඩා හිඳුවා තමන් වහන්සේ කලින් දා දුටු ප්‍රේත මාතාව පිළිබඳව පැහැදිලි කොට “කාලකතානං මේ ඤාතීනං පුඤ්ඤත්ථාය – ඉමං භික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම” යනුවෙන් තෙරවරුන් වෙත වැඳගෙන මිය පරලොව ගොස් මාගෙන් පින් බලාපොරොත්තු වන ඒ මාගේ මව ඇතුළු ඤාතීන්ට පින් පිණිස මේ දානයත්, පිරිකරත් මහා සංඝරත්නයට පූජා කරමියි” තුන් වරක් කියා දානය පුජා කොට පිරිකරද පුදා “ඉදං වෝ ඤාතීනං හෝතු - සුඛිතා හොන්තු ඤාතයො” යනුවෙන පැන් වඩා පින් අනුමෝදන් කළහ. ඒ ප්‍රේතිය ද මහත් සතුටින් ඒ පිං අනුමෝදන්ව ප්‍රේත ආත්මයෙන් මිදී දෙවඟනක් බවට පත්වූවා ය.

එතැන් පටන් මේ දෙවඟන තමන්ට මහත් උපකාරයක් කළ මෙබඳු දිව්‍යමය සැපයකට පත් කළ සැරියුත් මහතෙරුන් අදෘශ්‍යමානව සිටිමින් ආරක්ෂා කරති. මේ දානමය පිංකමෙන් විසි වසරකට පමණ පසු සැරියුත් මහරහතන් වහන්සේ රෝගාතුර බවට පත් වූහ. ඒ දිනවල උන්වහන්සේ වැඩ සිටියේත්, රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි ය. කුසේ අමාරුවකි. වේදනාව අධිකය. බඩ වැල් ඇඹරෙන්නාක්මෙන් - පෙරළෙන්නාක් මෙන් – අධික වේදනාවක් දැනේ. සරුවාංගය පුරාම ඉවසිය නොහැකි තරම් වේදනාවකි. මුහුණ තදින් රත් පැහැයට පත්ව ඇත. හිසෙනුත් – ඇඟෙනුත් දහඩිය වැගිරෙයි. මෙය දැනගත් භික්ෂූන් වහන්සේලා විවිධ ප්‍රතිකාර කළහ. ගුණදායක බෙහෙත් වර්ග - කැඳ වර්ග වැළදෙව් නමුදු සුවයක් නැත. ළඟ සිට බෝජඣංග සූත්‍ර ආදි පිරිත් දේශනා පවත්වන විට ඒ වෙලාවට පමණක් වේදනාව අඩු වී නැවත වැඩිවේ.
මුගලන් මහ රහතන් වහන්සේ ද සාරිපුත්රයාණන් වහන්සේගේ මෙම අසනීපය දැනගෙන වහා ගිජුකුළු පව්වට වැඩි සේක. උන්වහන්සේද අනෙකුත් සංඝයා වහන්සේලා සමඟ අවශ්‍ය ප‍්‍රතිකර්මාදිය කෙරෙති. මෙසේ රෝගී බවට පත්ව වේදනාවෙන් පසුවෙන සැරියුත් තෙරුන් ළඟ වාඩි වී ප්‍රතිකර්ම කරන අතර, තුන්වෙනි දවසේ රාත්‍රී භාගයේදී වේදනාවෙන් ඇඹරෙන සැරියුත් තෙරුන්ගෙන් “ස්වාමීනි සාරිපුත්රයාණන් වහන්ස, මෙම රෝගය ඔබ වහන්සේට මින් පෙරත් වැළඳී තිබේද ?” ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුණුවෙනි, මේ රෝගය මගේ වයස අවුරුදු දහ නවය පමණ කාලයේ දී වැළඳුණි. නැවත තක්ෂලා නුවර අධ්‍යාපනය ලබා නිම කොට පැමිණි කාලයේ දී ද මේ රෝගය හටගත්තේ ය.
“අනේ - ස්වාමීනි එදා ඔබ වහන්සේට බෙහෙත් කළේ මේ රජගහනුවර සුප්‍රසිද්ධ ජීවක වෙද තුමාද ? නැත්නම් අතුල වෛද්යාචාරී තුමාද ? එසේත් නැතිනම් සේනක වෙද තුමන්ද ? අපට කියනු මැනවි. වහා හෙට උදෑසනම එදා ප්‍රතිකාර කළ වෙදතුමන් වෙත ගොස් අවශ්‍ය බෙහෙත නැත්නම් ඒ වෙදතුමන් කැඳවාගෙන පැමිණීම හෝ කළ හැකිය. “මොග්ගල්ලාන තෙරණුවෙනි, වෙදකෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තේ නැත. ඒ අවස්ථා දෙකේදීම මගේ මව - රූපසාරී බ්‍රාහ්මණ මාතාව සුවිශේෂ ඖෂධීය කිරි බතක් පිළියෙළ කොට දෙන්නීය. ඒ ඖෂධීය කිරිබත අනුභව කිරීමෙන් පසු ඒ දෙවාරයේ දී ම රෝගය සංසිඳී ගියේ ය.
“එසේ නම් ස්වාමීනි, අනුකම්පා කොට ඒ බෙහෙත සකස් කරන ආකාරය සහ යොදා ගන්නා ඖෂධ වර්ග කියනු මැනවි. එය අපට පිළියෙළ කළ හැකි ය. ඔබ වහන්සේ රෝගාතුරව සිටින බව අසා අද සවස් කාලයේ ද බිම්බිසාර රජමාලිගාවෙන් රෝගී තත්ත්වය විමසා මාලිගාවට වැඩමාගෙන ගොස් ප්‍රතිකාර කිරීමට රාජ දුතයන් දෙපළක් එවා තිබුණි. එතුමා ලවා හෝ වැදගත් දායක කෙනෙකුට කියා එම ඖෂධීය කිරිබත සකස් කරවිය හැකිය. සැරියුත් තෙරුන් රෝගාතුරව ඇතැයි අසා එක එක්කෙනා එති. ඔව්හු අවශ්‍ය දෙයක් විමසති. හෙටත් ඔය වගේම වැළ නොකැඩී පිරිස එනවාට සැකයක් නැත.
හෙට වන විට මේ ආරංචිය වඩ වඩාත් කටින් කට පැතිරී යන හෙයිනි. එයින් සුදුසු කෙනෙකුට දන්වා මේ බෙහෙත සකස් කළ හැකිය. එකී බෙහෙත සකස් කරන ආකාරය පවසනු මැනවි”.
දෙවඟනකගේ උපකාරයක් !
මේ වන විට රාත්‍රී ප්‍රථම යාමයෙහි හෝරා හතරක් පමණ ඉක්ම ගොස් ඇත. එනම් පැය දෙකකි. අද හැටියට නම් රාත්‍රී 8.00 පසු වුණා විතරය. භික්ෂූන් වහන්සේලා ද සිය නමකටත් වඩා සැරියුත් තෙරුන්ගේ කුටිය වටා රැස්ව සිටිති. මුගලන් තෙරුන්ගේ ඉල්ලීම පිට සැරියුත් තෙරණුවෝ මව පිළියෙලකොට දෙන බෙහෙත ගැන කරුණු පැහැදිලි කරමින් “ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරණුවෙනි, මගේ මව කළු ගල්වලට අයත් විශේෂ තිරුවානා ගල් තුනක් මත අරුණුවන් මැටි වලින් තනන ලද මුට්ටියක් තබා අබ ඇට හා සමාන වර්ණවත් ඇල් හාල් ගෙන එයට ඇඹරූ අල වර්ග, කොළ වර්ග, පුච්චන ලද රත්තරන් අළු, ගෝරෝචන, කස්තුරි ආදිය ද – එක් එක් වර්ගවලට අයත් තව තව බෙහෙත් වර්ග සමඟ අඹරා මිශ්‍රකොට පැඟිරි දරවලින් ගිනි දල්වා මගේ මෑණියෝම මේ ඖෂධීය කිරිබත පිසන්නීය” මෙසේ ගනුලබන ඒ ඒ බෙහෙත් වර්ගවල නම් සහ ප්‍රමාණයද පැහැදිලි කළේය.
ළඟ සිටි භික්ෂූන් වහන්සේලාත් මුගලන් තෙරණුවෝත් සවිස්තරාත්මකව පැවසූ ඒ බෙහෙත් වට්ටෝරුව අහ කියා ගත්හ. අවශ්‍ය පරිදි අමතක වේ යැයි සිතා පුස්කොළයක වහා ලියා ගත්හ. අනතුරුව එදින රාත්‍රිය එළිවෙන තුරු දීගෙන ආ බෙහෙත් වර්ගද දෙමින් බෝජ්ක්දග සූත්‍ර දේශනාදිය පවත්වමින් ගත කොට පසුදා උදෑසන තරමක් දවල් වෙන්නට හැර මුගලන් තෙරුණුවෝ රජ ගෙදරට යන අදහසින් පිටත්වූහ. මේ බෙහෙත සෑහෙන වියහියදමක් යන අමාරුවෙන් සපයා ගත යුතු බෙහෙත් වර්ග ද ඇතුළත් ඖෂධීය කිරිබතක් වන නිසාය.
ගිජුකුළු පව්වෙන් බසින විට නොයෙක් දෙනා මුගලන් තෙරුණ්ව හමුවෙති. “සැරියුත් හාමුදුරුවෝ රෝගාතුර බව දැන ගන්නට ලැබුණා. උවමනා කරන බෙහෙතක් කසායක් කියනු මැනැවැයි” හමුවෙන හමුවන අය මුගලන් තෙරුන්ගෙන් අසති. මේ අයට මෙම ඖෂධීය කිරිබත සකස් කිරීමට ශක්තිය නැති බව උන්වහන්සේ දනිති. එනිසා ඔවුනට “පසුව කියන්නම් යැයි” ඔවුන් සනසමින් රජගහ නුවරට වැඩියහ.
දස දහස් සංඛ්‍යාත සෙනඟ එහා මෙහා යන වීදියක උන්වහන්සේ වඩින විට අර මහ සෙනඟ පීරාගෙන මහේශාක්‍ය පෙනුමින් යුත් රූප ශෝභාවෙන් බබලන තරුණ කුමරියක් උන්වහන්සේ වෙත පැමිණ, “ස්වාමීනි, මුගලන් මහ රහතන් වහන්ස, සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැඩි ලෙස රෝගාතුරව සිටින බව අපට දැන ගන්නට ලැබුණා! උන්වහන්සේට යෝග්‍ය - සුදුසු ඖෂධීය බෙහෙත් වර්ගය සකස් කොට තිබෙනවා! අනුකම්පා කොට මා සමඟ වැඩිනු මැනවි.
+ඒ බෙහෙත පිළිගැන්වීමට අපි බලවත් ආශාවෙන් සිටිනවා.” මෙසේ කියා මුගලන් තෙරුන් කැඳවාගෙන උන්වහන්සේලා දන්න කියන ඉහළ පෙළේ වැදගත් බ්‍රාහ්මණ මන්දිරයකට පමුණුවන ලද්දී ය. මුගලන් තෙරුන් දුටු විගස බ්‍රාහ්මණ මන්දිරයේ පිරිසත් අවට ගෙවල්වල පිරිසත් වහා වටවී මුගලන් තෙරුන් පිළිගෙන සැරියුත් තෙරුන් ගැන මහා බැඳීමකින් තොරතුරු විමසා, පළමුව මුගලන් තෙරුන්ට දානය පිළිගැන්වූහ. උන්වහන්සේ වළඳා නිමවෙත්ම ඒ පාත්‍රය ගෙන සුවඳ පැන්වලින් සෝදා පිළියෙල කරන ලද සුවිශාල නෙළුම් කොළයක තැන්පත් කරන ලද මේ ඖෂධීය කිරිබත පාත්‍රය තුළ තැන්පත් කොට වැඳ,
“ස්වාමීනී, මුගලන් තෙරුන් වහන්ස, ඔබ වහන්සේ එනතුරු අප බල බලා සිටියා. සැරියුත් තෙරුන්ගේ රෝගාතුර බව අපට දැනගන්නට ලැබුණි. පිළියෙළ කරන ලද මේ ඖෂධීය කිරිබත අපි බෙහෙතක් සාදන ආකාරයෙන්ම අවශ්‍ය ඖෂධීය වර්ග යොදා, සුබ මොහොතකින් අද උදේ ලිප මත තබා කරුණු දන්නා වැඩිහිටි මව් කෙනෙක් ම කිරිබත පිසිනු ලැබූවා ! ලිප මත පැසෙත්ම විහිදුණු සුවඳ අනුව මෙය නම් සුවිශේෂමය ඖෂධයක් යැයි අපට වැටහුණා. මේ කිරිබත සැරියුත් මහ රහතන් වහන්සේට වළඳවනු මැනවි. වහා උන්වහන්සේගේ ඔය බරපතල ආබාධය සැනකින් සුව වන බව අපට විශ්වාසයි. මේ ඖෂධ පිළිබඳ ලැබුණු උපදෙස් හා ඖෂධීය සුවඳත් එයට හේතුවයි.”
මුගලන් තෙරුණුවෝ පළමුවෙන් ඒ දායකවරු පිළිගැන්වූ දානය වළඳා නිම වෙත්ම තම පාත්‍රයට පිළියෙළ කර දුන් මේ ඖෂධීය කිරිබත පා ගමනින් ගොස් පිළිගැන්වීමට වේලා මදි බැවිනුත්, බෙහෙත තරමක රස්නයකින් යුතුව ම පිළිගැන්විය යුතු නිසාත් සැකෙවින් පින් අනුමෝදන් කොට ඍධි බලයෙන් වහා අහසට පැන නැගී ගිජුකුළු පව්වේ සැරියුත් තෙරුන් වැඩ සිටින කුටියට ගොස් කුටිය තුළ සුදුසු තැනක දාන පාත්‍රය තැබුවේ ය.
එහි සිටි භික්ෂූන් වහන්සේලාත් සමඟ සැරියුත් තෙරුන් ලෙඩ ඇඳෙන් ඉවතට ගෙන මද උණු වතුරෙන් ඇඟ පත සෝදා වෙනත් සිනිඳු අඳනයක් සිවුරක් අන්දවා ආසනයක වඩා හිඳුවා මේ දාන පාත්‍රය ඔඩොක්කුව මත තබා “සැරියුත් මහ රහතන් වහන්ස, මෙය වළඳනු මැනවි. ඔබ වහන්සේ ඇතුළු අප කව්රුත් දන්නා කියන ධනවත් – බලවත්, සැදැහැවත් පවුල් කීපයක් මේ ඖෂධීය කිරිබත මා පිඬු පිණිස උදේ වඩිද්දී කැඳවා ගෙන ගොස් මට ද දානය දී මෙම සුවිශේෂ ඖෂධීය කිරිබත ඔබ වහන්සේට පිළිගන්වන්නට යැයි බැගෑපත්ව ඉල්ලා සිටියහ. දැන් මෙය වළඳන සේක්වා.”
දාන පාත්‍රයෙහි පියන ඉවත් කළ විගසම සැරියුත් තෙරුණුවෝ ඖෂධීය කිරිබත දෙස බලා “ඇවැත්නි, මේ මාගේ මව සකස් කර දෙන ඖෂධීය බෙහෙත ම තමයි. සුවඳත් – පාටත් ඒ හා සමානමයි. උවමනා බෙහෙත් වර්ග සියල්ල ම සංයෝග කොට මේ ඖෂධීය කිරිබත සකස් කොට ඇති බව පේනවා! එනමුදු මේ ඖෂධීය ආහාරය මට අකැපයි. කැප නැහැ. වළඳන්නට සුදුසු නැහැ. වැළඳුවොත් එය ධර්ම විනයට විරුද්ධයි. මේ කිරිබත් පාත්‍රය වහා ඉවතට දමනු මැනවැයි” පවසා මුගලන් තෙරුන් අතට ම දුන්නේ ය. උන්වහන්සේ මේ කිමෙක්දැයි විමතියට පත්ව වහා සමාපත්තියට සිත නංවා කිරිබත ඉවත දමන්නැයි ප්‍රකාශ කළේ, කවර කරුණක් නිසාදැයි දිවැසින් බැලූ සේක.
මුගලන් තෙරණුවෝ ද අකැපයැයි පැවසීමට හේතුව දැන ගත්තේ එවිට ය. ඍධි බල ඇති බුදු – පසේබුදු – මහරහතුන්ට සෑම දෙයක් ම සෑම විට ම දිවසින් පෙනෙන්නේ නැත. අහසින් යාමට හෝ දිවැසින් යමක් දැකීමට හෝ දිව කනින් ඇසීමට හෝ අන් අයගේ සිත් සතන් දැන ගැනීමට හෝ තමන්ගේ හෝ අන් කෙනෙකුගේ පෙර ආත්ම භාවයන් දැකීමට හෝ ඊට අදාල සමවතට සිත යොමු කොට දැකිය යුතු ය, බැලිය යුතු ය. මුගලන් තෙරුණ්ට එය කලින් දැනගත නොහැකි වූයේ එනිසා ය. මේ සිද්ධිය නිසා දිව නුවණින් එය දැකගත හැකි විය. මෙම ඖෂධීය කිරිබත ඉවතට දැමූ විගස ම සැරියුත් තෙරුන්ගේ අර දරුණු ආබාධය සැනෙකින් ම අතුරුදහන් විය.
හේතුව? අසීමිත සීල බලයයි. මේ තරම් දරුණු වේදනාවකින් ඉවසිය නොහැකි දුකකින් පසුවෙන අවස්ථාවේ දී වුවද, උන්වහන්සේ කුඩා සික පදයක් පවා කඩා ගැනීමට, නොසළකා හැරීමට නො පෙළඹුණේ ය. ඒ සත්‍යමය, සීල බලය තුළින් ඇති වූ ආධ්‍යාත්මික ගුණ ශක්තිය නිසා රෝගය මුගලන් තෙරුන් දාන පාත්‍රය ඉවතට හලත්ම, සැනෙකින් සුවපත් විය. අතුරුදහන් විය. නැවත උන්වහන්සේ පිරිනිවන් පාන තුරු ඒ අසනීපය මතු නොවීය.
දැන් මේ සිද්ධිය කියවන ලද කාටත් විමතියක් ඇති විය හැකිය. මේ තරම් සැලකිලිමත්ව ප්‍රණීත අයුරින්ම ඖෂධ වර්ග යොදා මසුරන් දහස් ගණනක් වියදම් කොට ඉහළම පෙළේ බ්‍රාහ්මණ පවුල් දෙක තුනක් එක්ව පිළියෙළ කරන ලද “ඖෂධීය කිරිබත වහා ඉවත දමන්නැයි, කැප නැතැයි ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද? යන්න ගැනය.
” අවුරුදු විසි ගණනකට කළින් සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින්ම පිණ්ඩපාතයේ ගොස් තමන් ලද දානයත්, ලැබී තිබුණු සිවුරු පිරිකරත් සමඟ සඟ සතු කොට පුදා – පින් අනුමෝදන් කළේ ආත්ම පහකට පෙර මවක්ව සිටි ප්‍රේත මාතාවකට ය. එදා දේවත්වයට පත් වූ ඇය - සැරියුත් තෙරුන් රෝගාතුරව සිටි දවස් දෙක තුන ද ගත කරන ලද්දී මහත් දුකකිනි.
“මගේ පුතණුවන් දැඩි ලෙස රෝගාතුරව ඇත. උන්වහන්සේ කෙසේ සුවපත් කර ගනිම්දැයි සිත සිතා රැඳී සිටි ඇය, කලින්දා රාත්‍රියෙහි මුගලන් තෙරුන් ප්රමුඛ අනෙකුත් සංඝයා වහන්සේට තම මෑණියන් වූ රූපසාරී බ්‍රාහ්මණ මාතාව පිළියෙල කර දෙන ඖෂධීය කිරිබත ගැන මැනවින් අදෘශ්‍යමානව අසාගෙන සිටියා ය.
අනතුරුව දෙවඟන, සැරියුත් මහ රහතන් වහන්සේට සලකන අර බ්‍රාහ්මණ නිවසෙහි දරුවකුට ඒ රාත්‍රියේ ම ආවේශ වූවා ය. දඟලන කෑ ගහන, පෙරළෙන දරුවා දැක, දැං මේ හොඳට හිටි දරුවාට කුමක් වූවේදැයි නිවසේ පිරිසත් අහළ පහළ ගෙවල් දොරවල්වල අයත් කලබලයට පත්ව එතනට රැස් වූහ. සිහි විකල් බවින් යුතුව ආවේශ වී සිටි මේ දරුවා ළඟට පැමිණි කාරණා, කාරණා මැනවින් දන්නා තලතුනා බමුණු කෙනෙක් “මේ දරුවාට පීඩා කරන්නේ කවුරුන්දැයි තර්ජනාත්මකව - සැර කටහඬකින් ඇසුවේ ය.
එවිට සිහි විකල් බවින් දඟලන දරුවා තරමක් නිහඬ වී බියට පත්ව කියුනුයේ “අනේ ! මම විපතක් කරන්නට, කරදරයක් කරන්නට ආවා නොවේ. ඔබ සියල්ලන් විසින් මහත් ගෞරවයෙන් සලකනු ලබන සැරියුත් මහ රහතන් වහන්සේ දැඩි ලෙස ගිලන්ව සිටී. උන් වහන්සේ ඒ බරපතල රෝගාතුර බවින් සුවපත් කරවා ගැනීමට නම්, අදාළ බෙහෙත ඔබ සැමට දැන්වීමටයි මා මෙම දරුවාට ආවේශ වුනේ! මම දෙවඟනක් ! සැරියුත් තෙරුන්ගේ පිහිටෙන් පේ‍්‍රත භාවයෙන් මිදී දේවත්වයට පත්වූ දිව්‍යාංගනාවක් ! ඔබ කවුරුත් මේ මේ වර්ගවලට අයත් ඖෂධීය බෙහෙත් ද්‍රව්‍ය යොදා මෙවන් ආකාරයෙන් ඖෂධීය කිරිබතක් සකස් කරනු මැනවි.
හෙට දවාලට මුගලන් තෙරණුවෝ මෙම නිවසට වඩිනවා ඇත. උන්වහන්සේට දානය වළඳවා අනතුරුව එම පාත්‍රය පිරිසුදු කොට පිළියෙළ කළ දුර්ලභ ඖෂධීය කිරිබත පූජා කර සැරියුත් තෙරුන්ට වළඳවනු මැනවැයි’ කියා දානය පිළිගැන්විය යුතුය. එය ඔබ සැමට මහා පිනක් ! මේ බෙහෙතෙන්ම උන්වහන්සේ සුවපත් වනු ඇතැයි” පවසා දෙවඟන අතුරුදහන් වූවාය. දරුවාද වහා ආවේශ බවින් තොර වූයේ ය.
දරුවාගේ ආවේශය නිසා කලින් බියට පත්වුවද, මේ විස්තරය ඇසීමෙන් හා දරුවා සුවපත්වීමෙන් පසු සියල්ලෝ ම මහත්සේ සතුටට පත්වූහ. අපට මහා පිනක් කර ගැනීමට ලැබුනේයැයි ඒ මොහොතේ පටන් ම බෙහෙත් වර්ග සම්පාදනය කර ගෙන පසුදා උදෑසන දෙවඟන කී පරිදිම කිරිබත පිසන ලදහ. මහ මඟ වඩින මුගලන් තෙරුන් ගෙදරට වැඩමවාගෙන පැමිණි අර වර්ණවත්, පැහැපත් තරුණ කුමරිය අන් කිසිවෙක් නොව, ඒ දිව්‍යාංගනාව ම ය.
මේ කථා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ මිය ගිය ඥාතීන් අපෙන් පිං ලබා සැපවත් වූ විට අපගේ දුකට පිහිට වන ආකාරය යි. “පේතාන පූජාච කතා උළාරා” යනුවෙන් තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි පෙන්වා දී වදාළ සේක් ද, මේ කාරණය මැයි. දැනුදු විවිධ කුසල ක්‍රියාවන් සිදු කොට, පින් අනුමෝදන් කර වීම නිසා, සැපතට පත්, දේවත්වයට පත් ඤාතීහු පිහිට වූ අය ගැන සොයන්නේ බලන්නේ නැතැයි කිව නො හැකි ය.
අර තරම් වියදමක් දරා වැදගත් බමුණු පවුල් රැසක් එක්ව දැඩි වෙහෙසකින් දේව දිෂ්ඨියෙන් කී ලෙසම, පිළියෙළ කළ ඖෂධීය කිරිබත වහා ඉවත දමන්නැයි සැරියුත් තෙරුන් මුගලන් තෙරුන්ට පැවසුවේ කවර කරුණක් නිසාදැයි දැන් කාගේත් සිත්වල කුතුහලයක් පවතිනවාට සැක නැත. දෙවඟන දරුවකුට ආවේශ වී එහි කළබැගෑනියක්, නොසන්සුන්තාවයක් සිදුකර එම නිවසෙහි කාටත් දේවාරූඪය නිසා ලැජ්ජාවක්, අපහසුතාවයක් සිදුකරන ලදී.
එසේ කිරීමෙන් පිළියෙළ කළ දානය කැප නැත. එය අනිසි පෙළඹවීමකින් සැකසූ දානයක් බැවිනි. මුගලන් තෙරුන් වහන්සේ වඩින විට කවුරුන් හෝ “ස්වාමීනි මුගලන් මහ රහතන් වහන්ස, සැරියුත් මහ රහතන් වහන්සේ දැඩිව රෝගීව සිටි බව දැනගන්නට ලැබුණා. උන්වහන්සේට අවශ්‍ය බෙහෙතක්, කසායක්, ඖෂධයක් සකසා දීමට කරුණා කර අපට කියනු මැනවි.” මෙසේ අසා දැනගෙන පිළියෙළ කරදුන් දානයක් බෙහෙතක් කැපය. දැනුදු අපගේ දායක පින්වතුන් සඟරුවනට බෙහෙතක්, දානයක් සකසා පූජා කරන්නේ ඒ ආකාරයෙනි.
එබඳු දානයක්, පිළියෙළ කරදුන් දෙයක් ලබා ගැනීම කැපය. ඖෂධීය කිරිබත ඉවත ලන ලෙස පැවසුවේ එය එසේ සිදු නොවූ නිසා ය. ඉහත කී පරිදි අනිසි මෙහෙයවීමකින් පිළියෙළ කරන ලද්දක් නිසා ය. සිල්වත්, ගුණවත් පැවිදි උතුමන්ගේ ස්වභාවය මේ සැරියුත් කථා පුවතින් මනාව පැහැදිලි වෙයි.
මෙ හි දී බෙහෙතට වඩා සිල්වත් කමේ බලය ඉස්මතු වූ ආකාරය පැහැදිලිවේ. ඉහත සඳහන් කථාවේ සැරියුත් තෙරුන් පේ‍්‍රත මාතාවට පින් දීමේ සිද්ධිය පේ‍්‍රතවත්ථු ප්‍රකරණයෙහි ද, දෙවඟනගේ සැලකීම විසුද්ධි මාර්ගයෙහි සීල නිර්දේශයෙහි ද දක්වා ඇත.
“බලං ච භික්ඛුනමනුප්පදින්නං - තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකං” යනුවෙන් කියැවෙන්නේ සිල්වත්, ගුණවත් මහා සංඝයාට නැති බැරි අයට තිරිසන් ගත සතුනට පවා මෛත්‍රී සහගත සිතින් යුතුව මියගිය ඤාතීන් සුවපත් කරනු සඳහා කුසල් කිරීමෙන් ඒ දායකයනට සසර වසනතුරු සැප විපාක ලබා දෙන මහත්ඵල මහානිසංස දායී පිනක් ලැබෙන බව ය. එය නිවනට ද ;හ්තු වන්නේ ය. මෙතෙක් දැක්වූ කරුණුවලට අනුව මියගිය ඤාතීන් සුවපත් කරන ආකාරය පැහැදිලි වන්නේ ය.
දෙන පින් ලබන්නෝ
සෑම රටක ම බෞද්ධ ජනතාව කලින් සඳහන් කළ පරිදි තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කුසල කර්මයන් – මිය ගිය ඤාතීන්ට පිං දීමේ බලාපොරොත්තුවෙන් සිදු කරති. එසේ වුවද ඒ පින ඉබේම නොලැබෙන්නේ ය. පිනක් සිදුකොට අවසානයේ දී එම කුසල බලය ඤාතීන්ට අනුමෝදන් කරවිය යුතුය. ඒ සඳහා තමන්ගේ සිත ද තමන්ගේ වචනය ද, තමන්ගේ ශරීරය ද සම්බන්ධ කර ගත යුතු ය. දෙන පින ශක්තිමත්ව මිය ගිය ඤාතීන්ට ලැබෙන්නේ එවිට ය. දානයක් හෝ වෙනත් පිංකමක් කොට සියල්ලෝම තැන්පත්ව වාඩි වී පිරිසුදු පැදුරක් මත පිරිසුදු සුදු වස්ත්‍ර කෑල්ලක් එලා ඒ මත පැන් වඩන පිඟාන, කෝප්පය සහ කෙණ්ඩිය ද ඉතාමත් පිරිසුදු විය යුතුය.
කෝප්පයකට අල්ලන වතුරට වඩා කෙන්ඩියෙහි පැන් තිබිය යුතුය. අපේ බෞද්ධ රට රාජ්‍යවල එනම්, මියන්මාර්, තායිලන්ත, කාම්බෝජ, ලාඕස් ආදී දේශවල ගනු ලබන්නේ ඉතාමත්ම පිරිසුදු ජලය නැත්නම් කුරුම්බා වතුරය. අපේ රටේ ද දැනුදු ඇතැම් පළාත්වල තැඹිලි වතුර හෝ කුරුම්බා වතුර පැන් වැඩීමට ගැනීම සිරිතකි. එයින් අදහස් කරන්නේ, පිරිසුදු - නොයිඳුල් බව ය. මේ වන විට දායක භවතුන්ගේ සිත් සතන් පිංකම නිසා ඇතිවුණු කුසල චේතනාවන්ගෙන් අතිශයින් ම පිරිසිදු බවට පත්ව ඇත. ප්‍රථමයෙන්ම පන්සිල් සමාදන්ව පිංකම ආරම්භ කළ බැවින් සියල්ලෝම සීලයක පිහිටා සිට පිංකම කිරීම නිසා ආනිසංස වැඩි වන්නේය.
සිල්වත්ව පහන් සිතින් යුතුව දායක භවතුන් තැන්පත්ව වාඩිවී පවුලේ කීප දෙනෙක් පැන් භාජනය අතට ගෙන ටික ටික පැන් වැඩිය යුතුය. මේ අවස්ථාවේ දී සියල්ලෝම මහත් වූ කරුණා චේතනාවන්ගෙන් සිත පිරිසිදු කරගත යුතු ය. අප විසින් සිදු කරගත් මේ මහා පුණ්‍ය බලයෙන් “අපට උපකාරවත්ව සිට අභාවප්‍රාප්ත අයගේ නම් ගම් ද කියමින් අප දන්නා නොදන්නා අපෙන් පින් බලාපොරොත්තු වන සියල්ලන්ටම මේ කුසල බලයෙන් දිව්‍යමය සැපයක් ම ලැබේවායි! පිරුණු කරුණා හදවතින්ම පැන් වැඩිය යුතුය.
පැන් වැඩීමේදී තිරොකුඩ්ඩ සූත්‍රයෙහි එන “ඉදං මේ ඤාති නංහෝතු - සුඛිතා හොන්තු ඤාතයෝ” යන ගාථාව තුන් වරක් නොව හතර පස් වතාවක් කීවද වරදක් නැත. මේ ගාථාව කියමින් පැන් වඩා පිං අනුමෝදන් කරවීමට ගත වන්නේ විනාඩි තුනක පමණ කෙටි කාලයකි. ඒ කෙටි වේලාව තුළ තමන්ගේ හිතත්, තමන්ගේ වචනයත්, තමන්ගේ ශරීරයත් මේ පින් අනුමෝදන් කරවීමට යොමු කර ගත යුතුය.
පැන් භාජනය, සහ ලේ ඤාතීන් දෙතුන් දෙනෙක් අල්ලාගෙන පැන් වඩන විට අනෙක් සියල්ලෝම එකම කරුණා සිතකින් යුතුව ගාථාව නිසි පරිදි උච්චාරණය කොට පිළිවෙළකට කිව යුතුය. ගේ තුළ පිං අනුමෝදන් කරන්නේ නම්, ගෙයින් පිටතට – මිදුලෙන් තරමක් ඈතට ඇසෙන පරිදි ගාථාව සියල්ලෝම තරමක් ශබ්ද නගා කිව යුතුය.
අපේ අට්ඨ කථාවන්හි දක්වා ඇත්තේ ඉස්බක් පමණ ඈතට ඇසෙන පරිදි මේ පැන් වඩන ගාථාව ක්‍රමවත්ව කරුණාවෙන්ම සියල්ලෝම එකට කිව යුතු බවය. ඉස්බ යනු, බඹ තිස් පහක දුරකි. එයින් අදහස් කරන්නේ, ගේ අවට සිටින කෙනෙකුට ඇසෙන පරිදි කිව යුතු බවය. පරදත්තූපජීවි පේ‍්‍රත භවයට වැටුනු අය පිං ගැනීමට බලාපොරොත්තුව පැමිණෙති. ඔවුන්ගේ ස්වභාවය, අතිශයින්ම විරූපයි, දුක්ඛිතයි, අසරණයි, අපවිත්‍රයි, දුර්ගන්ධයි.
ඒ නිසා තමන්ගේ ස්වභාවය තව කෙනකුට පෙන්වීමට කැමති නැත. සමහර පේ‍්‍රතයන්ට එසේ පෙනී සිටීමට ද නොහැකි ය. අප දැන් ජීවත් වන්නේ මිනිස් ලෝකයේ බැවින් එය සුගතියකි. සැපවත් තැනකි. කලින් මිත්‍රාදී හිතවත් කම් පැවතිය ද, දැන් ඒ පේ‍්‍රතයනට අප ළඟට පැමිණිය නො හැකි ය. අප ඉන්නේ සුගතියක බැවිනි. මිනිස් ලොව සුගතියකි, දිව්‍යලෝක, බ්‍රහ්මලෝක ඊටත් වඩා ඉහළ සුගති සංඛ්‍යාත ලෝකයෝ ය. දුගති සංඛ්‍යාත පේ‍්‍රත භවයේ සිටින කෙනකුට සුගති සංඛ්‍යාත පින්වත් මනුෂ්‍යයන්ට ළංවිය නො හැකි ය. “ඉදං වෝ ඤාතිනං හෝතු” යන ගාථාව එළියට පහළියට ඇසෙන සේ කිව යුතු වන්නේ ද ඒ නිසා ය.
පැන් වැඩීමේ දී ද ඉක්මණින් පැන් ටික වත් කිරීමට කලබල නොවී සන්සුන් තැන්පත් සිතින් ගාථාව කියමින් කරුණා සිත් ඇතිව පැන් වැඩීම කළ යුතුය. මෙයින් පැහැදිලි වන්නේ සිතත්, වචනයත්, ශරීරයත් තුන ම පැන් වැඩීමේ දී සම්බන්ධ කර ගත යුතු බවයි. ඒ විනාඩි දෙක තුනක කාලය තුළ පිංකමට රැස් වූ සියල්ලෝ ම එකම සිතින් මෙසේ පැන් වඩා පින් දෙන විට එය ශක්තිමත් මනෝමය බලවේගයක් බවට පත්වන්නේ ය.
පින් බලාපොරොත්තුවෙන ඤාතීන්ට පින් නිසි සේ අනුමෝදන් වීමට ප්‍රමුඛතම පිහිට බවට පත්වන්නේ එයම බව සැළකිය යුතුය. අනෙක් බෞද්ධ රටවල පැන් වඩන විට ගාථාව අතිශයින්ම සිත් ගන්නා ස්වරූපයෙන් ලයාන්විතව සියල්ලෝම ප්‍රමාණවත් හඬකින් යුතුව එකට ම කියති. ඇතැම් රටවල එක් එක් ප්‍රදේශයන්හි පැන් වැඩීමේ දී කියන මෙම ගාථාව බඹ තිස් පහක් නොව බඹ හැට හැත්තෑවක් ඈතට ඇසෙන පරිදි කියති. ඒ ඔවුන්ගේ වැඩි ශ්රද්ධාවයි.
අපේ රටේ චාරිත්‍රය වන්නේ පැන් වඩන විට එහි රැස් වූ සියල්ලෝ ම ද ගාථාව කීම ය. පෙරකී පරිදි අනෙක් රටවල සමහර ප්‍රදේශවල පින් දීමේ දී පැන් වඩන දෙතුන් දෙනා ළඟ සිට සියල්ලෝ ම එකිනෙකාගේ ඇඟට අත තබා ගනිති. තරමක් දුරින් සිටි කෙනෙක් වුවද පැන් වඩන ඒ විනාඩි දෙක තුළ අනෙක් කෙනාගේ ළඟට පැමිණ නොකැඩී වැළක් සේ පවතින අයුරින් ඇඟට අත තබා ගැනිති.
එය පැන් වඩන මොහොතට පමණක් සීමා වූවකි. එයින් අදහස් කරන්නේ මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමේ මේ මහා පුණ්‍ය කර්මයට සහභාගි වූ “අප සියල්ලෝ ම ද” සිතෙන් – වචනයෙන් පමණක් නොව ශරීරික – කායික වශයෙන්ද පින් දීමට සම්බන්ධ වන බව ය. පැන් වඩන මොහොතේ ඔවුනොවුන්ගේ ඇඟට අත තබා ගැනීම පමණක් නොව, ගේ තුළ පැන් වඩන විට මිදුල – එළිය පැත්තට ඇති දොර ජනෙල් ද නිසි පරිදි විවෘත කොට, දොර ජනෙල් තිරපවා ගැටගසා එළියේ අදෘශ්‍යමානව සිටින ඒ භූතයනට පෙනෙනු පිණිස පින්දීම ඔවුන්ගේ සිරිතකි.
මේ අනුව ගෙයින් පිටත සිටින අපට නො පෙනෙන ඒ අදෘෂ්‍යමානව පින් ගන්නට රැස්ව ඇති භූතයනට ඇසෙන පරිදි පෙනෙන පරිදි මේ පුණ්‍යක්‍රියාව සිදු කිරීම ඒ රටවල චාරිත්‍රයයි. බුරුම, කාම්බෝජ, ලාඕස්, තායි ආදී ඇතැම් දේශවල පැන් වැඩීමට කලින් උදේ කාලයේ කෙනෙක් කථා නොකොට පොල් ගහකට නැඟ කුරුම්බා ගෙඩියක් හෝ දෙකක් කඩාගෙන බිම නොදමා අතින් රැගෙන ගසින් බසිති. ඒ කුරුම්බා ගෙඩිය හෝ දෙක බිම නොතබා - උඩක තබා පැන් කෙන්ඩියට පුරවා ගනිති.
පැන් වැඩීමට ගන්නේ ඒ පිරිසුදු මේ කුරුම්බා වතුරය. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කරුණු ම නොවේ. පසු කාලවල ඒ ඒ රටවල සැදැහැවත් ගිහි පැවිදි භවතුන් විසින් වඩාත් පිරිසිදුව ගැඹූරු හැඟීමකින් යුතුව මේ උත්කෘෂ්ඨ ක්‍රියාව සිදු කරනු පිණිස පවත්වාගෙන එන චාරිත්‍ර ධර්මයන් බව සැලකිය යුතුය. වඩාත් මෙසේ සිදුකරනු ලබන්නේ අතිශයින් ම පිරිසුදු ජලය සොයාගත නොහැකි ප්‍රදේශවල ය.
නිවැරදිව පින්දීම !
ඉහත සඳහන් කළ කරුණු අනුව පැහැදිලි වන්නේ ඤාතීන්ට පින්දීමේ බලාපොරොත්තුවෙන් දානාදී පුණ්‍ය ක්‍රියාවන් කළ පමණින් ම ඉබේ ම ඔවුනට අප කරගත් පින නොලැබෙන බව ය. වෙහෙස මහන්සිවී – විය පැහැදම් කරගෙන – මහත්වූ ආශාවකින් යුතුව පින් කමක් කළ විට ඒ පිනේ ආනිශංසය ලැබෙන්නේ කුසලය කරගත් භවතුන්ට ය.
ඔවුන් විසින් තමන් අත් කරගත් මහ කුසල බලය තමන්ගේ සිතත්, තමන්ගේ වචනයත්, තමන්ගේ කයත් එකසේ යොමු කරගෙන පෙර කී සේ පිරුණු කරුණා හදවතකින් යුතුව ම පින අනුමෝදන් කළ යුතු ය. මහත් වූ කරුණාවක් තම සිත් සතන් තුළ පහළ වන විට සිත පිරිසුදුය. ඉමහත් කරුණාවකින් යුතුව පින් කමක් සිදු කර ගැනීමට කලක් ගත විය හැකි ය. මහත් වූ වෙහෙස මහන්සියක් ද දැරිය යුතුව ඇත. ලොකු විය පැහැදමක් ද කර ගත යුතුව තිබේ.
මෙසේ පින්කමක් යොදා කියා ගැනීමට - සිදු කර ගැනීමට කළක් ගතවුව ද, තමා උපදවා ගත් පින ඤාතීන්ට අනුමෝදන් කිරීමට ගත වන කාලය කලින් සඳහන් කළාක් මෙන් විනාඩි තුනක් පමණ ය. මේ කියන්නේ “ඉධං වෝ ඤාතිනං හෝතු” යන ගාථාව තුන් හතර වතාවක් සංසුන්ව කීමට ගතවන කාලයයි. ඒ විනාඩි තුන තුළ සියල්ලෝ ම එකම අරමුණක හිත පිහිටුවා ගෙන තම තමන්ගේ මුවින් – එකසේ ගාථාව කියමින් ගෙදර සහ ලේ ඤාති කීප දෙනෙක් පැන් භාජනය අතින් ගෙන එකම ඉරියව්වකින් – එකම ආකාරයට පින් අනුමෝදන් කරන විට ඒ ස්වල්ප මොහොත තුළ ඇතිවන මනෝමය බලවේගය කියා නිමකළ නොහැකි තරම් බලවත් ය.
ශක්තිමත් ය. එමනිසා පින් අනුමෝදන් කිරීමේ දී මේ සඳහන් කළ කරුණු ටික තදින් ම සිතට ගත යුතු ය. එවන් අයුරින් සිත, කය, වචනය පිහිටුවාගෙන පින් දීමෙන් තමන්ගේ උදාර කුසලය අංග සම්පූර්ණ වන්නේ ය.
මෙහි සැලකිය යුතු වැදගත් කරුණක් තිබේ. අපේ බෞද්ධ ජනතාව කොතෙකුත් මිය ගිය ඤාතීන් වෙනුවෙන් පින්කම් සිදු කළද, ඉහත සඳහන් කළ චාරිත්‍රයන් සපුරා ඉටු නොකරති. බොහෝ තැන්වල නිසිලෙස සියල්ලෝ ම පැන් වැඩීමේ දී ගාථාව උච්චාරණය කොට නොකියති. වෙන දෙයක් ගැන හිත යොමුකරගෙන ගාථාව කීමෙන් දෙන පින ශක්තිමත් නොවේ. බොහෝ තැන්වල දානයෙන් පසු යන එන ඤාති මිත්රාදින්ට සැලකීම පිළිබඳව සිතනවා මිස මේ උදාර වගකීම ගැන නොසලකන්නෝ ය. එසේම පැන් වැඩීමේ දී ද එක පාරට ම වතුර ටික හැලීම සිරිතකි. එය ජලය හැලීමක් නොවේ.
පැන් වැඩීමකි. පිරිසුදු පැන් – පිරිසුදු සිතින් යුතුව සීලයක පිහිටා ඉඳගෙන පරලොව අයට අනුමෝදන් කිරීමකි. ඒ අවස්ථාවට සම්බන්ධ වූ සියල්ලෝ ම මෙවැනි පිරිසුදු මානසික තත්ත්වයක පිහිටා සිට මහත් වූ කරුණාවෙන් “මේ පිනෙන් අපගේ මිය ගිය ඤාතීන්ට සැපතක් ම වේවායි” එකට පතන විට ඇතිවන මනෝමය බලවේගය කලින් මතක් කළාක් මෙන් කියා නිම නොකළ හැකි තරම් බලවත් ය.
පින්කමක් කරන අවස්ථාවල දී හිත නරක් වෙන ප්‍රශ්න මතුවෙයි. පින් කම ආරම්භයේ පටන් ම අවසානය දක්වා කළකිරීමක් ඇති කර නොගෙන මොනම හේතුවක් නිසාවත් සිත දූෂ්‍ය බවට පත්කර නොගෙන පින්කම නිමකර ගත යුතු ය.
පින් කමක් කිරීමට පෙර ද සතුටු සිතින් ම ඒ පිංකමට සූදානම් විය යුතුයැයි දක්වා ඇත්තේ එහෙයිනි. පූර්ව චේතනාව යනු එයයි. එසේම පින්කම කරන අවස්ථාවේ දී ද සිත පැහැපත්ව ම පවත්වා ගත යුතු ය. එපමණක් නොව පින්කම කිරීමෙන් පසුව ද, “මම මෙබඳු පින්කමක් කර ගත්තෙමි” යැයි සිහිපත් වෙන සිහිපත් වෙන වෙලාවට සතුටක් ම උපදවා ගත යුතු ය. තුන් සිත පහදවාගෙන පිංකම් කළ යුතු යැයි දේශනා කර ඇත්තේ එනිසා ය.
“පුබ්බේව දාන සුමනා භවාම
දදම්පි චේ අත්තමනා භවාම
දත්වා පි චේ නානු තප්පාමි පච්චා
තස්මා හි අම්හං දහරා න මියරේ.”
පින්කමක් කිරීමට පෙර ද, කරන අවස්ථාවේ දී ද, කිරීමෙන් පසුව ද යන තුන්සිත පහදවාගෙන පින්කම් කිරීමෙන් ලැබෙන එක ආනිශංසයක් නම්, සාංසාරික වශයෙන් කවරදාකවත් අකාලයේ අභාවයට යන දරුවන්, ස්වාමි පුත්‍රයන් සහ භාර්යාවන් ඇති නොවන බව ය. දරුවන් ඇතුළු තම පවුල්වල අය අකල් මරණවලට පත් නොවී නිසි වයස් ම ජීවත්ව සිට අභාවයට පත්වෙති. මේ කාරණය මහා ධර්මපාල ජාතකයේ දී පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව තමන් කරන කියන යහපත් දේ පිළිබඳව පැහැදිලි හැඟීමක් ඇතිව තුන් සිත පහදවාගෙන ම සිදු කිරීමට සෑම කෙනෙක් ම උත්සාහවත් විය යුතු ය.
මෙතෙක් දක්වන ලද්දේ මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමේ දී පිළිපැදිය යුතු ආකාරය ගැන ය. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කුසල කර්මයන් සිදු කොට මියගිය, මව් – පිය – ගුරුවරුන් – භාර්යාවන් – දරුවන් - ස්වාමි පුරුෂයන් - සහෝදර සහෝදරියන් සහ තමනට හොඳට ම හිතවත්ව සිට උපකාරවත්ව සිට මියගිය අයට උපදවාගත් පින අනුමෝදන් කරවීම ඉහත සඳහන් ආකාරයෙන් ම හිතත්, වචනයත්, කයත් නිසි පරිදි යොමුකොටගෙන ම අනුමෝදන් කරවීමට අමතක නොකළ යුතු ම ය.
ඒ ඒ පින්කම් කොට නිමවූ අවස්ථාවන්හි දී ඇතිවන හිත නරක් වෙන ප්‍රශ්න නිසා දූෂිත වූ සිතින් යුතුව නම්, පින් අනුමෝදන් කිරීමක් කවර වේලාවක්වත් නොකළ යුතු බව තරයේ ම කියා සිටිය යුතුව තිබේ. හේතුව? මේ තරම් උතුම් පැතුමකින් මහා පරිශ්‍රමයක් දරා රැස් කර ගත් කුසල බලය, අවුල් සහගත සිතකින් යුතුව ගාථාව කියා පැන් වඩා අනුමෝදන් කළද පරදත්තූපජීවි භවයෙහි වැටී – පින් බලාපොරොත්තුව එන ඤාතීන්ට නියම ආකාරයෙන් අනුමෝදන් විය නොහැකි බැවිනි.
මියගිය අය වෙනුවෙන් නොවරදවා ම පිනක් දහමක් කොට පින් අනුමෝදන් කළත්, ඉහත සඳහන් කරුණු පිළිබඳව මනා සැලකිල්ලක් නොදක්වන බැවින්, මෙතරම් ඕනෑකමකින් යුතුව මෙකී කරුණු ටික පැහැදිලි කරන ලද බව සැලකිය යුතු ය. බුදුරදුන් ලොව පහළ වීමට පෙරද මියගිය ඤාතීන් සිහිපත් කළ අයුරු පැරණි පොත පතෙහි සඳහන්ව ඇත. ඈත කාලීන මිනිස්සු විශ්වාස කළෝ, ලෝකය පවතින්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව බවයි.
ලෝකයේ සිදුවෙන සෑම දෙයක්ම ලොව මවන ලද, ලොව රකිනු ලබන දේව අදහසට අනුව සිදුවන්නක් බැවින්, මිය යන සියල්ලෝ ද දේවත්වයට පත්කළ හැක්කේ ඒ දෙවි දේවතාවුන් සතුටුකරවීමෙන් ය. එබැවින් ඔව්හු දෙවියන් සතුටු කරවනු පිණිස තම තමනට කළහැකි පමණින් ගවයන්, එළුවන්, කුකුළන් ආදී සතුන් මරා ඒ සතුන්ගෙන් ලේ රැගෙන දෙවි දේවතාවන් වඳින පුදන තැන්වල තබා බ්‍රාහ්මණයන් ලවා ස්තූති ගීතිකා කියවා දෙවියන්ට කැප කළහ.
එවිට දෙවියෝ, තමන් වෙනුවෙන් කළ මේ ලේ පූජාවන් නිසා සතුටට පත්ව, මියගිය ඤාතිවරයා දේවත්වයට පත් කරන්නෝ ය. සතුන් මරා යාග හෝම පවත්වන්නට ආරම්භ වූයේ මේ පදනම ඇතුව ය. ඇතැම් අවස්ථාවල දී බලගතු රජවරු - සිටුවරු ද සතුන් සිය දහස් ගණන් කැප ;කාට දෙවියන් පිදීමට කල්පනා කළහ. පුරුදු වූහ. දඹදිව බ්‍රාහ්මණ සමාජයට අයත් භවතුන්ගේ ප්‍රධාන ම ආගමික කාර්ය වූයේත් මෙයයි.
බුදුරදුන් ලොව පහළ වූ සේක්, මෙබඳු වකවානුවකය. උන්වහන්සේ මහා කරුණාවෙන් යුතුව දේශනා කරන ලද්දේ ප්‍රාණඝාතාදිය කොට රුධිර පූජාවන් කිරීමෙන් සතුටු වන දේව පිරිසක් නැති බවත්, එබඳු පූජාවන්ගෙන් සතුටු වන්නෝ, යක්ෂ, පේ‍්‍රත, භූත, පිසාච, කුම්භාණ්ඩ, අසුර, රාක්ෂාදී අමනුෂ්‍යයන් බවත්ය. එනිසා එවන් පාපක්රියාවන්ගෙන් වැළකී කරුණා පෙරදැරිව දානාදී කුසල ධර්මයන් වඩා, ඒ කුසල් මියගිය ඤාතීන්ට අනුමෝදන් කළ යුතු බවත්ය. ඒ අනුව මේ පොතේ මුලදී දක්වන ලද පරිදි බුදුපියාණෝ බිම්බිසාර මහාරාජයාට මියගිය අයට පින්දෙන පිළිවෙත පැහැදිලිව වදාළහ. බිම්බිසාර මහාරාජයාට වදාරන ලද තිරොකුඩ්ඩ සූත්‍රය මෙතැන් සිට දක්වනු ලැබේ.