කපිල වස්තු යනු අප ගෞතම ශාක්‍ය මුණීද්‍රයන් වහන්සේ උපන් භූමියයි.කපිලවස්තුවේ සිට ලූම්බිණියට ඇත්තේ කිලෝමීටර 35ක් පමණ දුරකි.අප බෝසතුන් වසර 29ක්ම සිය පියසෙවනේ ගත කලේ කපිල වසතුවේය.යශෝදරාවන් සමග අතිනත් ගෙන සොදුරුව කල්ගෙවු අප මහා බෝසතාණෝ ෂතර පෙරනිමිත් දකිමින් ඇසල පුන්පෝදා අභිනික්මන් කලේ කපිලවස්තුව හැරදාය.අප මහා බෝසතුන් දසමරුන් පරදවා සම්මා සමුබුද්ධත්වයට පත් වී දසමසක් ගත වු තැන මහා සඝපිරිවරා තරු වටකොට නිල් අහසේ බබළන පුන්සද සේ වැඩියේද කපිල වස්තුවටය.මානය උරුමකර ගත් තම නෑයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් යමාමහා පෙළහර පාමින් සම්බුදු බව ප්‍රකට කලේද කපිලවස්තුවේදීය.මහා ආනන්දයන්ද, භද්‍ර රාහුලයන්ද උතුම් සමුබුදු සසුනට ඇතුලූ වුනේ කපිල වස්තුවේදීය. තිලෝවක් සනහා වදාල නුවණින් ලොව එළියකරනා පබාසකරයාණන් වහන්සේ වන අප ගෞතම සම්බුදුරජුන් අනුපාදීශේෂ පරිනිර්වාණ ධාතූවෙන් පිරිණිවන් පා වදාල පසු දසදහසක් ලෝ ධාතු කම්පිත කරවමින් සම්බුද්ධ ශරීරය ආදහනය කලෝය.
ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි
සම්බුද්ධ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ශේෂවූ ධාතූන්වහන්සේලා ද්‍රෝණ බමුණන්ගේ මැදිහත්වීමෙන් දෝණ අටකට ඛෙදා වෙන්කර එකල රට කල රජදරුවන් අට දෙනෙකුට ඛෙදාදෙන ලදී.ඉන් ධාතූන්වහන්සේලා කොටසක් ලැබුනේ බුදුසමිදුන්ගේ ඥාතීන් වු කපිල වස්තු ශාක්‍යයන්ටය.ඔවුන් ඉමහත් ගෞරවයෙන් යුතුව ධාතුන් වහන්සේලා කපිල වස්තුව වෙත වැඩමවා මහා සෑයක් කරවීය. කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී කපිල වස්තු පුරයද මහා වනයේ අනසකට යටත් විය.එය 19වන සියවස වනවිට වන අලින්ගෙන් යුතු මහා වනයක් සේ දිස්විය.
මෙකල එංගලන්තයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාය.ඔහු 1861වනවිට ඉන්දියාවේ පුරාවිද්යාකැනීම් කටයුතුද ආරම්භ කර තිබිනි.එහි ප්‍රතිඵලයක් ලෙස 1861 දී කුසිනගර් හෙවත් එදවස කුසිනාරාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදහනය කල තැන ඉදිවූ ආදාහන ස්තූපය සොයා ගැනිමට හැකිවිය.එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.
1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.

බ්රාහ්මීය අක්ෂර
එකල කපිලවස්තු නුවර භාරව සිටි පුරාවිදඥයා වූයේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගේ හිතවතෙක් මෙන්ම සහයකයාද වූ පීප් මහතාය.1898දී ඔවුන් කපිල වස්තුවේ කල පර්යේෂන කටයුතු වලදී අද්විතීය සොයා ගැනීමක් කිරිමට හැකිවිය.මෙම බටහිර කිර්තිමත් පුරා පුරාවිදඥයා දෙදනා එක්ව කපිල වස්තුවේ තිබුනු නටඹුන් වි ගිය විශාල ස්තූපයක් සොයා ගත්හ.ඔවුන් අතින් ලොවට විවර වූයේ එදා ශාක්‍ය වංශිකයන් සම්බුදුරදුන්ගේ ධාතූන්වහන්සේලා තැන්පත්කොට ගොඩනැංවූ කපිල වස්තු මහා සුතූපයයි.
ඔවුන් දෙපල මෙම මහා සුතුපයේ තිබි විහාල ගල් පෙට්ටියක් සොයා ගතහ.එම ගල් පෙට්ටියේ තිබි හමුවූයේ තවත් කුඩා ප්‍රමාණයේ බඳුන් කීපයකි.එත් සමගම එම බදුන් වල සටහන් බ්රාහක්මීය අක්ෂර වලින් යුත් වාක්‍ය කන්ඩයක්ද සොයා ගැනීමට එවුන්ට හැකිවිය.

වාක්‍ය කන්ඩය කියවා ගත හැකි වුවහොත් මෙම බදුන් වල ඇත්තේ කුමක්දැයි කියා නිශ්චිතවම හඳුනා ගත හැකි බව දත් මෙම විද්‍යාඥයින් දෙපලගෙ මීලඟ මෙහෙයුම වූයේ බ්රාහ්මීය අක්ෂර කියවිය හැකි අයෙකු සොයා ගැනිමයි.සෑ ගර්භයේ අඩි 20ක් යටී තිබී සොයා ගත් ගල් පෙට්ටියඒක්වරම ආචාර්ය ඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාට සිහිවූයේ අප ලක් දෙරණේ වැඩ සිටිය සුසනඹරේ දිලූණු තාරුකාවක් බදු වූ "රාජගුරු සිරිසුබූති මහානාහිමියන් වහන්සේය".පෙරදිග භාෂාවන් හි විශාරද ඤාණයකින් සමන්විත වූ උන්වහන්සේ පාලි සහ සංස්කෘතයන්හි විශාරදයන්වහන්සේ නමක් වූහ.
ධාතූන් වහන්සේලා සහිත භාජන හමු වූයේ මෙසේයඇලෙක්සැන්ඩර් කනිංහැමි මහතාගෙන් ලැබුනු බ්රාහ්මීය අක්ෂර සුපරික්ෂාකාරිව කියවා බැලු උන් වහන්සේ සතුටින් ඉපිල ගියේ ඉතිහාසයේ සැඟව ගිය නිධානයක් නැවත විවර වන මග එහි සටහන් වූ නිසාය.එහි සටහන් වූ දෑ උන් වහන්සේ පාලි සංස්කෘත සිහංලයට පරිවර්ථනය කලේය.ඒ මෙසේය.
ර්ණඉයං සලිලන්ධනෙ බුදස භගවතෙ සතියානංසුකිතිබන්නං සභගිනිකානං සපුතදලනං”
"ශාක්යි වංශයට අයත්ලූ සුක්ති සිය නෑයන් සමඟ එක්ව බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙහි තැන්පත් කළේය"

ඒ අනුව බුද්ද චරිතයේ අතීතය සොයා ගිය ඔවුන්ට හමු වූයේ දීඝ නිකායට අයත් මහා පරිනිබ්බානසූත්රයයි.සම්බුදු රදුන් පිරිණිවන් පෑ අවසන දැවුනු ශ්‍රී දේහයෙන් ධාතූන් වහන්සේලා ඉතිරි විය.එම ධාතූන් වහන්සේලා ලබා ගැනීමට පැමිණි රජ දරුවන් අතර කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ද සිටි බව මහා පරිනිබ්බානසූත්රයේ දැක් වේ. "එවිට කිඹුල්වත් පුර වාසි ශාක්‍ය රජ දරුවෝ භාග්‍යවතුන් වහන්සේද අපගේ ඥාති ශේෂ්යඨ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතුකොටසක් ලබන්නට අපිද සුදිසු වන්නෙමු."(දීඝ නිකාය)
මෙසේ ඉල්ලීම් කල පසු ද්‍රෝණ බමුණාගේ මැදිහත්වීමෙන් කිඹුල්වත් පුර ඥාති ශාක්‍යයන්ටද ධාතූන් වහන්සේලා කොටසක් ලබා දුන් බව එහිම දැක් වේ.
"බ්‍රහ්මණයා ශාරීරීක ධාතුන් මනා කොට සමව අට කොටසක් කොට ඛෙදා ඒ රජදරු සමුහයාට මෙසේ කීය."............"එවිට වෙදෙහ පුත්‍ර වූ මගධ රටට අධිපති අජාසත් මහරජ තෙම රජගහ නුවරද විසාලා මහනුවර වාසීවූ ලිච්ජවි රජදරුවෝද විසාලා මහනුවරද කිඹුල්වත් නම් නුවර වාසී ශාක්‍ය රජ දරුවෝද කිඹුල්වත් නම්පුරයෙහි අල්ලකප්ප නම් නුවර වාසී වූ බූලය නම් රජ දරුවෝද,අල්ලකප්ප නම් නුවර රාම ග්‍රාමයෙහි වාසය කරන්නාවූ කෝලිය නම්රජහුද රාම නම් ගමෙහි වෙටදිප නම් නුවර වාසී වූ බ්‍රාහ්මණ තෙමෙද වෙටදීපයෙහි පාවා නම් නුවර වාසී වූ මල්ල රජදරුවෝද පාවා නම්පුරයෙහි කුසිනාරා වැසි මල්ල රජ දරුවෝද කුසිනාරා නුවර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට චෛත්‍යයක් කරවා පූජා සත්කාර කළාහුය."(දීඝ නිකාය)

එදා මහත් වූ හරසරින් ජීවමාන බුදු සමිදු මෙන් වඩමවා ගෙන ගිය එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට කිඹුල්වතෙහි ශාක්‍ය ජනපදය වූ කපිලවස්තුවෙහි මහා සැයක් බැන්ද වීය.සිරිසුබූති මහානාහිමියන් වහන්සේ අතින් පරිවර්ථනය වූයේ එදා ශාක්‍ය වංහිකයන් ධාතූන් වහන්සේලා තැන්පත් මංජුසා,ධාතූ ගර්භයේ තැන්පත් කිරීමට පෙර සටහන් කර තැබූ වාක්‍ය කණ්ඩයයි. මෙසේ කපිල වස්තු ශාක්‍ය ඥාතීන්ට අයත්ව තිබූ ධාතූන් වහන්සේලාගේන් ධාතුන් වහන්සේලා 21 නමක් ලක්දිව ශාක්‍යයන්ටද ලැබුනි.
ධාතූන් වහන්සේලාගෙන් කොටසක් එංගලන්තයට යැවුනු අතර එක් නමක් සියමේ රජුගේ ආයාචනයෙන් එරටට පුජා කෙරිනි.පීප් මහතා විසින් ඉතිරි දාතූන් වහන්සේලා 21නමක් සිරි සුභූති මහානාහිමියන්ට ලැබීමට සැලැස්වීය.එදා මීට වසර 113ට පෙර එනම් 1899 අප්‍රේල් මස 16 වනදා ඉන්දියා වේ සිට ලක් දිවට ලැබුනු ධාතූන් වහන්සේලා සමග පීප් මහතා විසින් එවන ලද ෙඓතිහාසික ලිපය තවමත් ශ්‍රී ලංකා රාජ්‍ය ලියවිල්ලක් ලෙස ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තෙමින්තු වේ සුරක්ෂිතව පවති. එංගලන්තයට යවන ලද ධාතූන් වහන්සේලාගෙන් කොටසක් නැවත ඉන්දියාවට ලැබුනු අතර එවා අදටත් දිල්ලි ජාතික කෞකුකාගාරයේ දැක ගත හැක.

ඉන්දියාවේ ජාතික කෞතුකාගාරය වන මෙහි රනින් සහ දියමන්ති වලින් විසිතුරු කෙරුනු විශේෂ මණ්ඩපයක වෙඩි නොවදින වීදුරු ආවරණයක් සහිතව මෙම අසිරිමත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇත.
සූත්‍ර පිටකයේ මහා පරිනිම්බාන සූත්‍රයෙහි ඒ අසිරිමත් සම්බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත්ව පවතියි. මෙම මහා පරිනිර්වාණය සිදු වීමෙන් අනතුරුව එකල දඹදිව් තලය පුරා විසිරී සිටි පාලකයන් විසින් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දහනය කොට ශේෂ වූ ධාතු බෙදා ගැනීම සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගන්නා ලදී. මෙසේ සර්වඥධාතු පිණිස ගැටුම් ඇතිකර ගැනීමට සූදානම් වූහ.
මොවුන් සියලූ දෙනාම ධාතු තමන්ට අයිති කර ගැනීමට සුදුසු කමක් ලෙස ඉදිරිපත් කර සිටියේ ‘‘භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්‍ෂත‍්‍රිවම්හ. එබැවින් ධාතුවල හිමිකාරිත්වය අපට හිමි විය යුතුය’’ යන්නය. මේ අවස්ථාවේදී කුසිනාරාවේ මල්ල රජවරුන් කියා සිටියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ තමන්ගේ ග්‍රාමයේ බැවින් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය දහනය කර ශේෂ වූ ධාතුන් වහන්සේලා අන් අයට දීමට නොහැකි බවත් ඒවා තමන්ට අයිති බවත්ය.
‘‘ භාගයවතුන් වහන්සේ පිරිනිවන් පාන ලද්දේ අපගේ පාලන ප්‍රදේශය තුළය. එබැවින් උන්වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් අපි අන් අයට නොදෙමු’’.
(මහා පරිනිබ්බාන සූත්‍රය - දීග නිකාය)
මෙම අර්බුදකාරී පිරිස් අතර තවත් සුවිශේෂී පිරිසක් සිටියහ. ඔවුන් නම් කපිලවස්තු ජනපදයෙහි ශාක්‍යයෝය. ඔවුහු තමන් ක්ෂත්රියෝ පමණක් නොව බුදුන්ට ලේ ඥාතිකමක් ද ඇති පිරිසක් බව තරයේ ප්‍රකාශ කර සිටියහ.
‘‘භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෙකි. අපි ද උන් වහන්සේගේ ශාරීරික ධාතුවලින් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුන් උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සව ද කරන්නෙමු.’’
(මහා පරිනිබ්බාන සූත්‍රය - දීග නිකාය)
මෙම ව්‍යසනකාරී මොහොතේ වහා ඉදිරිපත් වූ ද්‍රෝණ නමැති බමුණා ඉතා වැදගත් ප්‍රකාශයක් කර ඇත. එය නම් -
‘‘පින්වත් රජවරුන් මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණෝ ක්ෂාන්තිවාදියෙක් වූහ. (සාමය අගය කල පුද්ගලයෙක් වූහ) ඒ උතුම් බුදුරදුන්ගේ ශරීර කොටස් වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේමය.’’යන්නය.
මේ ආදී වශයෙන් අවවාද කොට එම රජ දරුවන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව ධාතු ඉල්ලූ අට පිරිසට සමසේ ඒවා බෙදා දීමෙන් හා බෙදා ගැනීමෙන් සම්මුතියකට එළඹීමට හැකි විය. ඒ අනුව ධාතු අට කොටසකට බෙදා දී එම ධාතු පුරවා තිබූ නැලිය ද්‍රෝණ බමුණා විසින් ලබා ගෙන ථූපයක් කරවා පුද සත්කාර ද කරන ලද බව සඳහන් වේ. උක්ත රජදරුවෝ ද තම තමන්ට ලැබුණු ධාතු කොටස් ඒ ඒ පාලන ප්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළ බව ථේරවාදී බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ අතරින් කිඹුල්වත්පුර - කපිලවස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට හිමි වූ ධාතු කොටස තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ.
‘‘කපිලවස්තුවේ (වර්තමාන කිඹුල්වත්පුර නමින් හැඳින්වෙන නේපාලයේ) ශාක්‍යයෝ ද භාග්‍යවතුන්ගේ ශරීර කෙටස් තැන්පත් කොට චෛත්‍යයක් කරවා මහා පූජා සත්කාර ද කළහ’’
(මහා පරිනිබ්බාන සූත්‍රය - දීඝ නිකාය)