අපි අසරණ වෙලාවගේ දැනෙනවා බුදු පියාණනේ .!
බුදු හාමුදුරුවනේ ....!

බාරගන්න කෙනෙක් නැතිව මං අවුරුදු එක හමාරක් රෝහලේ හිටියා
අතීතය හාරා අවුස්සා බැලීමේදී එහි බොහෝ සුන්දර කතා මෙන් ම අසුන්දර කතා ද ඇත්තේ ය. මේ කියන්නට යන්නේ එවන් වූ සුන්දරත්වයෙන් පිරි කතාවක් නම් නොවේ.
ඒ එක්දහස් නවසිය අසූහත අවුරුද්දයි. දිනය ජූලි 2 දා. අම්පාර මහාවාපි මහා විහාරයේ විද්‍යානන්ද පිරිවෙනේ දිවයිනේ විවිධ පළාත්වල සිසුන් වහන්සේ ඉගෙනුම ලැබූහ. මේ සෑම භික්ෂුන් වහන්සේ නමකගේ ම ගුරු හාමුදුරුවන් වූයේ උතු
රු නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපවත්වී වදාළ හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නායක ස්වාමීන් වහන්සේ ය.
නායක ස්වාමීන් වහන්සේ එවකට රට පුරා ධර්ම ප්රචාරක කටයුතු සඳහා පිරිවෙන් භික්ෂුන් වහන්සේ ද සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැඩිහ. ඉහත කී දවසේ ද උන්වහන්සේ කුඩා භික්ෂුන් වහන්සේ සමඟ ගමනක් යන්නට පිටත් වූයේ ය. නායක ස්වාමීන් වහන්සේගේ අදහස වූයේ ජූනි දෙවැනිදා අරන්තලාවෙන් පිටත් වී කොල්ලුපිටියේ පුෂ්පාරාම විහාරස්ථානයේ ඊට පසුදා නතර වී ජූනි 7 වැනිදා කළුතර බෝධිය ළඟින් ගමන අරඹා ගාල්ල මාතර කතරගම දක්වා ධර්ම ප්රචාරක කටයුතු කරමින් යන්නට ය.
1987 ජුනි පළමු වැනිදා නායක ස්වාමීන් වහන්සේ “හෙට යන්න තියෙනවා” යැයි කුඩා හිමිවරුන්ට පැවැසුවේ ය. කුඩා හිමිවරු ද කොළඹ යන ගමනට ඉතා කැමැත්තෙන් සූදානම් වූහ.
දෙවැනිදා උදේ හයට පමණ මහාවාපි මහා විහාරයෙන් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කුඩා හිමිවරුන් හතළිස් දෙනකු පමණ රැගත් බස් රිය ගමන් ආරම්භ කළේ ය. එහෙත් ඒ ගමන වැඩිදුර යන්නට නොලැබුණේ ය. රුදුරු ත්රස්තවාදීන් විසින් මඟ හරස්කර බස් රථය නවතා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ මරා දමනු ලැබීය. ඒ අතරින් කිහිප නමක් පමණක් දිවි බේරා ගැනීමට සමත් වූහ. එය එකල රටම හැඬවූ සිදුවීමක් විය.
අද ද අරන්තලා භික්ෂු ඝාතනය සම්බන්ධව සිහිවූ විට ඒ වෙනුවෙන් කදුළු සලන්නෝ සුසුම් හෙළන්නෝ ද අප අතර වෙති. යුද්ධය අවසන් වුව ද අතීතයේ කළු සෙවණැලි තවමත් ඇති බවට මේ ඛේදවාචකයන් අපට පසක් කර දෙන්නේ ය. වසරකට වරක් අරන්තලා භික්ෂු ඝාතනය සමරන්නේ ය. එනිසා ම කෙනකුට මෙය අචාරයේ ලියූ දෙයක් ලෙස සිතෙන්නට පුළුවන.
ඉකුත් දිනෙක ‘සිළුමිණ’ කියවන්නියක අප ඇමතුවා ය.
ඇය කිරිඳිවැල වසන්තා කුමාරි දසනායක මහත්මිය යි.
“මං කතා කළේ තොරතුරක් කියන්න. අරන්තලා භික්ෂු ඝාතනය සිදුවූ වෙලාවේ දිවි බේරුණු භික්ෂුන් වහන්සේ නමක් බොහෝ ම දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවනවා...”
ඇය අපට භික්ෂුන් වහන්සේ පිළිබඳ තොරතුරුත් ගමන් මාර්ගයත් කීවා ය.
බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ඒ හිමියන් සොයා පසුගිය දිනෙක අපි එහි ගියෙමු. මහියංගන බිබිල පාරේ ගිය අපි රිදීමාලියැද්ද 9 කණුව පසුකොට ඇකිරියන්කුඹුර මාර්ගයේ දී ගැමියකුගෙන් පාර ඇසුවෙමු.
ආඳාඋල්පත බුද්ධසාර හිමි බුදුන් පුදමින්
“ආ... ඔය කියන්නේ අරන්තලාවේ හාමුදුරුවෝ ඉස්සරහට යනකොට තියෙන දහම් සෙවණේ උන් වහන්සේ ඉන්නේ.”
වේලාව සවස පහත් පසු වී ඇත. දහම් සෙවණ ඉදිරිපස ඇත්තේ වෙල්යායකි. බුදු මැදුරත්, ඝණ්ටාර කුලුනත් චෛත්‍යයක් බෝධි වෘක්ෂයත් යන විහාර අංගවලින් සමන්විත භූමියන් සිතෙහි මවාගෙන ගිය ද දහම් සෙවණේ ඒ කිසිවක් දකින්නට නොවී ය. අපි ආවාස ගෙය ඉදිරිපිටට ම ගියෙමු. පිටතට පැමිණි පිරිමි ළමයාගෙන් විමසුමක් කළෙමු.
බුද්ධසාර හාමුදුරුවෝ වැඩ ඉන්නවද?
පිරිමි ළමයා ආවාස ගෙට ගියේ ය. මොහොතකින් ඔහු අප ඉදිරියට ආවේ බුද්ධසාර හිමියන් ද සමඟිනි.
“එන්න ඇතුළට. රෝද පුටුවේ අසුන්ගෙන සිටින හිමියෝ අප ඇතුළට කැඳවූහ.
එහි අසුන් ගන්නට හරි හමන් පුටුවක් හෝ නැත.
කුමක් අසන්න ද?
ආබාධිතව රෝද පුටුවේ වැඩවසන හිමියන් දෙස අපි මොහොතක් බලා සිටියෙමු.
“කුඩා කාලේ ඉඳලම මට පැවිදි වෙන්න උවමනාව තිබුණා. මං අපේ අම්මටයි තාත්තටයි කිව්වා මට පැවිදි වෙන්න ඕනෑ කියල. තාත්තා කැමති වුණේ ම නැහැ. මගෙ පවුලේ සහෝදර සහෝදරියෝ නමදෙනයි. මම හත්වෙනියා. මම යනවා... යනවා කිය කියා ම හිටියා. අම්මා කල්පනා කරමින් හිටියා. අන්තිමට මගේ කැමැත්තට ඉඩ දුන්නා.
එතකොට මට අවුරුදු දහතුනක් විතර ඇති. මගෙත් එක්ක තව යාළුවෝ දෙන්නෙකුත් මහණ වුණා. මම ආඳාඋල්පත බුද්ධසාර හිමි. යාළුවෝ දෙන්නගෙන් එක් කෙනෙක් මගෙ අක්කගේ පුතා. යාළුවෝ දෙන්නා මහියංගනේ ආනන්ද හා මාපාකඩ වජිර බුද්ධි. පැවිදි වුණාට පස්සේ අපි හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ගේ පන්සලට ගියා.
ගුරු හාමුදුරුවෝ අපට හරිම ආදරෙයි. කරුණාවයි. උන්වහන්සේ කිව්වම අපි උන්වහන්සේ සමඟ යනවා. 1987 ජූනි 2 වැනිදාත් අපි උන් වහන්සේ සමඟ යන්න පිටත් වුණා. මට ඔය සිද්ධිය හොඳට මතකයි. ඒ වෙනකොට මට අවුරුදු 15 යි. අපි ඒ කාලේ හරි කැමැතියි ගමන් යන්න.
මට ඕන වුණේ බස් එකේ ඉස්සරහ අසුනක වාඩිවෙන්න. ඒත් පොඩි හාමුදුරුවරු ඉදිරියෙන් වාඩිවුණ නිසා මම බස් එකේ පිටිපස්සට ගියා. ත්‍රස්තවාදින් අපේ බස් එකට පැන්නට පස්සේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ ළඟ තිබුණ මුදල් දුන්නා. ත්‍රස්තවාදියෝ හතර පස් දෙනෙක් බස් එකට ගොඩවෙලා හිටියා.
හාමුදුරුවෝ පිටිපස්ස හැරිලා බලලා කිව්වා
“මේ දරුවන්ට මුකුත් කරන්න එපා. කරන දෙයක් මට කරපල්ලා කියලා”
ලොකු හාමුදුරුවන්ගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා මම දැක්කා. රියදුරුට හාමුදුරුවන්ට කඩුවෙන් පහර දුන්නා. ඒ එක කඩු පහරක් වැදුණේ බස් එකේ වහලෙට. පොඩි හාමුදුරුවරු කෑගහන්න ගත්තා. ඒ වෙනකොට බස් එක තිබුණේ කැලේ. කොටි බස් එකේ පිටි පස්සට ආවා. එතැනින් පස්සේ මං දන්නෑ මොනවද වුණේ කියලා. මාස තුනකට විතර පස්සෙ තමයි දන්නේ ලොකු හාමුදුරුවෝ, සහෝදර හාමුදුරුවරු අපවත් වුණා කියලා.
මගෙ අතේ ඇඟිලි වලට, කොඳු ඇට පේළියට වෙඩි වැදිලා තිබුණා. මාව බලන්න ආව අය කිව්වා හාමුදුරුවන්ව හරිම අමාරුවෙන් ගොඩ දැම්මේ කියලා. වීදුරු පෙට්ටියේ හිටියෙ කියලත් කිව්වා. මම ඔය කිසිය දෙයක් දන්නෑ. මම දන්නේ මට ඇවිද ගන්න බැහැ කියන එක විතරයි.”
මේ සිදුවීම සිදුවී වසර විසිහතරක් ගෙවී ඇත. ඒ වසර විසිහතර තිස්සේ ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ගේ ජීවිතය රෝද පුටුවට ම සීමා වී ඇත. බුද්ධසාර හිමියන් ගේ වයස අවුරුදු හතලිහකි.
මං එක දිගටම අවුරුදු හයක් විතර රෝහල් ගතවෙලා හිටියා. නුවර රෝහලේ වගේ ම කොළඹ ජාතික රෝහලෙත් රාගම පුනරුත්ථාපන රෝහලෙත් හිටියා. සාමාන්‍ය සුව තත්ත්වයට පත්වුණාට පස්සේ මාව බාරගන්න කෙනෙක් හිටියේ නැහැ. අම්මා ඇවිත් ගෙදර යන්න කතා කළා. අම්මට ඒ වෙනකොටත් වයසයි. ඇයට කරදර කරන්න බැරි නිසා ගෙදර යන්න අකමැති වුණා. බාරගන්න කෙනෙක් නැති නිසා අවුරුදු එක හමාරක් විතර රෝහලේ නතර වෙලා හිටියා.
අන්තිමට අක්ෂි ශල්‍ය විශේෂඥ සිරිමා ගුණසිංහ මැතිනිය ඉදිරිපත් වෙලා මාව බලගල්ල භික්ෂු ගිලන් හලට බාර දුන්නා. එහි නායක හාමුදුරුවෝ බලගල්ල සරස්වතී පිරිවෙනේ විහාරාධිපති අපවත් වී වදාළ ආචාර්ය ධම්මපාල හාමුදුරුවන්ට බුදු බව ලැබෙන්න ඕනෑ. උන්වහන්සේ අවුරුදු හයක් මාව බලාගත්තා. පසුව මම ගෙදර ආවා. අම්මා තාත්තා කිව්වා සිවුරු ඇරලා ගෙදර එන්න කියලා. ඒත් මම මේ මහණකම අත්අරින්න කැමැති වුණේ නැහැ.”
පැවිද්ද අත්නොහැරිය බුද්ධසාර හිමි තමන්ට ඉන්න තැනක් හදා ගැනීමේ අරමුණින් ශබ්දවාහිනී යන්ත්‍රයක් බැඳගත් රථයකින් බදුල්ලේ සිට බණ්ඩාරවෙල දෙසට ගියේ ය. ඒ ආධාරයක් එකතු කර ගන්නා අරමුණිනි. එහි ප්‍රතිඵලය වූයේ උඩුවර ධර්මරතන පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේ හා බණ්ඩාරවෙල ධර්මවීර පිරිවේනාධිපති හිමියන්ගේ මැදිහත් වීමෙන් එවකට ඌව පළාතේ ප්‍රධාන ඇමැති සමරවීර වීරවන්නි මහතාගේ අනුග්‍රහය ලැබීම ය.
ඒ අනුව රිදීමාලියැද්ද ප්‍රාදේශීය ලේකම් තුමියගේ අවධානය ද යොමු වී දහම් සෙවණ බුද්ධසාර හිමියන්ට පරිත්‍යාග කරන ලදී. දහම් සෙවණ කාමර දෙකකින් හා මුළුතැන් ගෙයකින් සමන්විත ය.
“මට මේ ගේ ඇතුළෙ එහෙට මෙහෙට රෝද පුටුවෙන් යන්න පුළුවන්. රෝද පුටුවේ ඉඳගෙන ම සිවුරු සෝදා ගන්න නාන්න පුළුවන්. උදව්වට දරුවෙක් ඉන්නවා. මේ ඉන්නේ ඥාති දරුවෙක්. ඔහු දරු පවුල් කාරයෙක්. ඔහුට වැටුපක් ලබාදෙන්න විදිහක් නම් මට නැහැ.”
ගමේ පවුල් කිහිපයකින් ස්වාමින් වහන්සේට දානය ලැබෙන්නේ ය. එසේ නැති දාට ඥාති පුත්‍රයා මොනවා හෝ පිළියෙල කර දෙන්නේ ය. බුද්ධසාර හිමියෝ තම දුක කියා ජනාධිපති තුමාට ලිපියක් ලියූහ. ජනාධිපතිතුමා උන්වහන්සේව කැඳවා තොරතුරු විමසුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට ජනාධිපතිතුමා මාසිකව රුපියල් නම දහසක මුදලක් ලබාදීමට කටයුතු කළේ ය.
“ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ රටේ යුද්ධය අවසන් කළාට. මට තාමත් දුක හිතෙනවා අපිත් එක්ක එකට හිටපු කුඩා ස්වාමීන් වහන්සේ මතක් වුණහම. මේසයක් මත සකස්කර ඇති පුංචි බුදු කුටියට මල් පුදන අතරේ බුද්ධසාර හිමියෝ අප හා පැවසූහ.
“සිල් සමාදන් වෙන්න පිරිස එන්නේ නැහැ. මෙතැන පන්සලක් කියන්න බැහැනේ. රෝද පුටුවෙ ගෙවන ජීවිතය ඒකාකාරියි. විහාරස්ථානයක් ලෙස කටයුතු කරන්න පුළුවන් නම් මම හරි කැමතියි. ඒත් වෙහෙර විහාර හදන්න මට පුළුවන් කමක් නැහැ.” බුද්ධසාර හිමියන් පවසන්නේ කනගාටුවෙනි.
එම ස්ථානයේ බුදු මැදුරක් වෙහෙරක් සාදන්නට හැකියාවක් යමෙකුට ඇත්නම් එය මහඟු පින්කමකි.
ගුරු හාමුදුරුවන් ඇතුළු එකට සිටි සහෝදර භික්ෂුන් වහන්සේ මරා දමන අයුරු සියැසින් දැක කුමක් හෝ කුසල කර්මයකින් ජීවිතය බේරා ගැනීමට වාසනාව ලද බුද්ධසාර හිමියන්ගේ ජීවිතයේ හෙට දවස මීටත් වඩා යහපත් වන්නේ නම් එය සතුටකි.
එහෙත් එය කරන්නේ කෙසේද? සතියකට දෙතුන් දවසක් හෝ එමින් යමින් උන්වහන්සේගේ දුක සැප සොයා බලන වයෝවෘද්ධ මෑණියන්ට හෝ දුප්පත් ගම් වැසියන්ට එය කළ හැකි ද?
“දැන් මගෙ වයස අවුරුදු හැටතුනක් විතර වෙනවා. පුතා මහණ වෙන්න ඕන කිව්වම තුන් පාරක් හඳහන බැලුවා. වෙලාව හොඳයි කිව්වා. දරුවන් ගෙ තාත්තා වෙදකම කළේ. එයා නම් බිඳක්වත් කැමැති වුණේ නැහැ මහණ වෙනවට. ඒත් අපි අන්තිමට පුතාගෙ කැමැත්තට ඉඩදුන්නා. කවදාවත් හිතුවේ නැහැ මේ වගේ අවාසනාවක් වේවි කියලා. මමත් නැති වුණාට පස්සේ හාමුදුරුවන් බලාගන්න කෙනෙක් නැති එක ගැන දුකයි.”
දරුවන් විවාහ වී මහගෙය හැර ගිය පසු ගරා වැටුණ මහගෙදර තනිවූ සෝමාවතී අම්මා පවසන්නී ය.
මේ ගෙදර රෑට ඉන්නේ නැහැ. පහළ ඉන්න දරුවෙක්ගෙ ගෙදර යනවා.” අඳුරේ ම ඇය අපගෙන් සමුගෙන ගියා ය.
බුද්ධසාර හිමියන්ගේ දුරකථන අංකය - 0553553829
ඉනෝකා සමරවික්‍රම