Tupawanshaya (ථූපවංසය)
ථූපවංසය - ප්‍රස්තාවනාව

ප්‍රස්තාවනාව ථූපයන්ගේ වංසය , හෙවත් පැරණි ඉතිහාසය ගැබ් වූ පරම්පරා කථාව , “ථූප වංස” නම්. ගෞතම බුදු රජුන්ගේ ධාතූන් නිදන් කොට ඉදි කරන ලද ථූප හෙවත් දාගප් දහයක් පිළිබඳ තොරතුරු ද පූර්ව බුදුවරයන් වහන්සේලාගේ ධාතුන් හෝ දාගැප් පිළිබඳ තොරතුරු ද ථූපවංසයෙහි සඳහන් වන නමුත්, එහි ප්රරධාන කොට ම සවිස්තරව දක්වනු ලබන්නේ මහා ථුපය යයි කියනු ලබන රුවන් වැලි මස සෑයේ ඉතිහාස කථාව හෙයින් ‘මහා ස්තූපයාගේ වංශය’ය යන අර්ථයෙන් ථූපවංස යන නාමය විය. ග්රථන්ථය ආරම්භයෙහි ම දක්නා, ඒ බුදුරජාණන් වහන්සේගේ තිඹක් පමණ ධාතුන් වහන්සේ නිධාන කළ නොයෙක් රත්නයෙන් උප්ජ්චලිත වූ රත්නමාලි නම් චෛත්යනය වර්ණනා කෙරෙමි. මා කියන ඒ රුවන්වැලි දාගැබ් වර්ණනාව සත්පුරුෂයන් විසින් සාවධානව අවික්ෂිප්තව මා දාසවට කන් නමා ඇසුව මැනවි’ යන පාඨයෙන් ම මෙම ග්රාන්ථය කිරීමේදී කර්තෘහු ගේ ප්රැධාන බලාපොරොත්තුව වූයේ රුවන්වැලි මහ සෑය ම වර්ණනා කිරීම බැව් පැහැදිලි වේ. ජාතක කථා වස්තුවක්. එසේ නැතහොත් අන් කිසි චරිතාපදානයක් වස්තු කොට ගෙන මහා කාව්යියක් රචනා කරන කිවියකු මෙන් ථූපවංස කර්තෘහුද රුවන්වැලි සෑයේ ප්රරවෘත්තිය මුඛ්යථ වස්තු කොට ගෙන ස්වකීය කෘතිය ධර්මර ග්රතන්ථයක් බවට පමුණුවා ලූහ. එසේ කර ලීමෙහිදී ථූප වංසය පහත සඳහන් කරුණුවලින් සමන්විත කොට තිබේ. සූවිසි විවරණ කථා බුද්ධ චරිතය, සම්බුද්ධ පරිනිර්වාණය හා ධාතු පූජා කථා, බුදුන්ගේ ශරීර ධාතුන් නිදන් කොට කළ දාගැප් අට හා අඟුරු වඩා කළ දාගැබ හා ධාතු බෙදු නැළිය වඩා කළ දාගැබ දැයි යන දඹදිව පිහිටි දස ථූපයන් පිළිබඳ කථා, ධාතුන් වහන්සේට තීථිකයන්ගෙන් වන උපද්රිව බලා අජාසත් රජ්ජුරුවන් විසින් කරවන ලද ධාතු නිධානයේ කථාව, ධර්මාාශෝක චරිතය, දෙවනපෑතිස් රජු දවස ලක්දිව බුදු සසුන් පිහිටුවීම, ථූපාරාම කථා, බොධීන් වහන්සේ වැඩමවීම, සැදැහැති දෙවන පෑතිස් රජු ලක්දිව මුළුල්ලෙහි යොදුනක් යොදුනක් පාසා දාගැප් බැඳවීම, හා අනතුරුව මෙම මුද්රිුත කොටසෙහි ඇතුළත් වන දුටු ගැමුණු චරිතය සහ රුවන්මැලි මහ සෑයෙහි කර්මාින්ත ද යන මොවුහුයි.
ග්රඅන්ථය අවසානයෙහි දක්නා පාඨයෙහි සිංහල ථුපවංසය ‘සකල විද්යාණ චක්රනවර්ති පරාක්රහම පණ්ඩිතයන්’ විසින් කරන ලද බැව් සඳහන් වේ. ඔහු කවරේ ද, කවර සමයයෙක්හි විසුවේ ද යනු විසඳිය යුතු ප්රයශ්නයෝයි. 1889 වෙනි වර්ෂයෙහිදී ථූපවංස සංස්කරණයක් කළ වැලිවිටියේ ධම්ම රතන ස්ථවිරයන් වහන්සේ ථූපවංශය චක්රසවර්ති පරාක්රවම පණ්ඩිතයන් විසින් 12 වෙනි ශත වර්ෂයේ මැද භාගය පමණේ දී කරන ලද බවත්, එහි කර්තෘහු සමකාලීන වූ සූරපාද, ධර්මකීර්තිපාද වැනි පඬිවරයන්ට සමාන කීර්තියක්
ඉසුළූ බවත්, මහා පරාක්රතමබාහු රජතුමන්ගේ බෑනණූ කෙනකුන් වූ එම ථූපවංස කර්තෘ මයිලණුවන්ගේ ඇවෑමෙන් පසු විජයබාහු යන නාමයෙන් ලංකා රාජ්යියට පැමිණ පොළොන්නරුවෙහි සිට අවුරුද්දක් රාජ්යානනුශාසනා කළ බවත් කියත්.
මහා බ්රිකතාන්යේයේ රාජකීය ආසියාතික සමාගමේ සඟරාවෙහි ථූපවංසය පිළිබඳ විස්තරයක් කරන මහාචාර්ය වික්රයමසිංහ මහතා ධම්මරතන හිමියන්ගේ මතයට විරුද්ධව කරුණු දක්වමින් පරාක්රසමබාහු රජුගේ බෑනණුවන් සිංහාසනාරූඪ වීමට පෙර චක්රවවර්ති පරාක්රහමබාහු යන නාමයෙන් විසූ බව මේතාක් දන්නා කිසි ම ඓතිහාසික ග්‍ර න්ථයක සඳහන් වී නොමැති බවත්, එම බෑනා ‘ව්ය්ක්ත වූ පඬිවරයකු හා ප්රයසිද්ධ කිවිවරයෙක්’ ය යි මහාවංසයෙහි දක්නා ප්රාවෘත්තිය හැර, රජුගේ බෑනාත් විද්යා් චක්රාවර්ති පරාක්ර මබාහු තෙමේත් එක ම තැනැත්තා ය යි කීමට අන්‍ය, කිසිම සාක්ෂියක් නොමැති බවත්, ථූපවංසයේ භාෂාවෙහි හා මහා පරාක්රයමබාහු රජතුමන්ගේත් 11 වෙනි 12 වෙනි ශතවර්ෂයන්ට අයත් අනික් රජුන්ගෙත් සෙල්ලිපිවල භාෂාවෙහි හා මහත් වෙනසක් පෙනෙන බවත්, රචනා විලාසය හා වාක් ප්රෙයෝග අතින් ද ථූපවංසයේ භාෂාව ගුරුළුගෝමීන්ගේ අමාවතුරට හා ධර්මප්රදීපිකාවට වඩා 13 වෙනි 14 වෙනි ශතවර්ෂයන්ට අයත් පූජාවලිය, එළු බොධිවංශය වැනි පොත්වල භාෂාවට අතිශයින් සමාන බවත් ප්රනකාශ කරයි. වාචිස්සර මාහිමියන් විසින් රචිත පාලි ථූපවංසය හා සිංහල ථූපවංසය ද පිළිබඳ තුලනාත්මක විවේචනයක් කරන මහාචාර්ය ගයිගර් පඬිතුමා වික්රඳමසිංහයන්ගේ පූර්වොක්ත අදහස් අනුමත කොට විජයබාහු රජ සිංහාසනාරූඪ වීමට පෙර පරාක්රකමබාහුය යන නමින් සිටි බව කිසි තැනෙකත් සඳහන් වී නොමැති බැව් තරයේ ප්රතකාශ කරයි. බුත්සරණෙහි ප්රිශස්ත සංස්කරණයක් කළ පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමිපාණෝ එම ග්ර්න්ථයේ ප්රබස්තාවනාවෙහි බුත්සරණත් ථූපවංසයත් එක කර්තෘක කෘතීන් බව තරයේ කියාපාමින් මෙසේ පවසත්.
එනම් බුත්සරණෙහි “මේ ග්රරන්ථයාගේ කර්තෘ විද්‍යා චක්රතවර්ති නම් පඬිවරයෙකි. මෙතුමන් විසින් කරන ලද තවත් ග්රගන්ථයෙක් නම් ථූපවංසය යි. එහි මෙතුමන්ගේ සම්පූර්ණ නාමය වූ ‘සකල විද්යාූ චක්රාවර්ති පරාක්ර ම පණ්ඩිත’ යන නම දක්වන ලදී. ඇතැම්හු ‘සකල විද්යාූ චක්රාවර්ති’ යනු උපාධියක් ලෙස බෙදා ‘පරාක්රමම පණ්ඩිත’ යනු නියම නාමය වශයෙන් යෙදු නිසා ද ‘පරාක්රරම පණ්ඩිත’ නාමයෙන් ම ඒ පඬිවරයාගේ නාමය නිකාය සංග්‍ර හයෙහි සඳහන් වන නිසා ද ඒ මෙම විද්‍යා චක්රගවර්ති යැ යි සිතිමට කරුණු නැත්තේ ය” යනු යෙමින් මේ දෙපොත දෙදෙනෙකුන්ගේ කෘති යැ යි කියති. පැරැණි නිකාය සංග්‍ර හයෙහි හුදු පරාක්ර ම පණ්ඩිත නාමය නොෙපනේ. එහි පෙනෙන්නේ ‘ආගම චක්රිවර්ති පරාක්ර ම පණ්ඩිත’ යන නාමය යි. සමහර විට ‘සකල විද්යාම චක්රහවර්ති පරාක්රමම පණ්ඩිත’ යනු හා ‘ආගම චක්රේවර්ති පරාක්රනම පණ්ඩිත’ යනු ද එක ම ආචාර්යවරයකුගේ නාම යැ යි සිතිය හැකි වුවත්, ධර්ම පරිච්ඡෙදය නම් ග්රඑන්ථය ආගම චක්රාවර්ති පඬිවරයාගේ කෘතියෙකැ යි ප්රපසිද්ධ හෙයින් හා ආගම චක්‍ර වර්ති පරාක්රිම පණ්ඩිත නම් ඇඳුරකුගේ කෘතියක් නැති හෙයිනුත් එකී නිකාය සංග්රකහ පාඨය අසම්පූර්ණ යැ යි කිය හැකි වේ. ‘ආගම චක්රඑවර්ති යැ, විද්යාම චක්රමවර්ති පරාක්ර ම පණ්ඩිතයැ’ යි තුබූ තන්හි ‘විද්යාෙ චක්රරවර්ති” නාමය අභාවයට යෑමෙන් යථොක්ත පාඨය පමණක් ෙශෂවූ බව සිතිය හැක. තවද පුරාතනයන් සමහර විට උපාධි නාමය ම මුඛ්යත වශයෙන් යෙදු බවට නිදසුනක් වශයෙන් දළදා සිරිත කතුවරයා ‘දෙව් රද දම් පසඟිනාවන්’ යී හඳුන්වනු ලැබීම ද ධම්පියා අටුවා ගැටපදය කළ පණ්ඩිත කසුප් මහ රජතුමා ‘දෙබියෙවැ ජා අභාසලමෙවන් මහ රජහු’ යි සිය විරුද නාමයෙන් හඳුන්වනු ලැබීම ද සඳහන් කරන සෝරත හිමියෝ ථූපවංසයෙහි බොහෝ තන්හි බුත්සරණෙන් පාඨ උපුටා ගෙන තිබීම ද පෙන්නා දේ පොත ම එක කතුවරයකුගේ කෘති බවට බලවත් සාධක කොට දක්වති. සිංහල ථූපවංසයේ කාලය නිශ්චය කිරීමට පෙර පාලි ථූපවංසය කවර කාලයෙකදී කරන ලද්දක් ද එය සිංහල ථූපවංසයට වඩා පැරණි ද මෑත දැයි යනු පරීක්ෂා කට යුතුයි. පාලි ථූපවංසය අවසානයෙහි එය පරාක්රිමබාහු රජුගේ ධර්මාගාරයෙහි නියුක්ත වූ ත්රිාපිටක පාරප්රා ප්ත වාචිස්සර ස්ථවිරපාදයන් විසින් විරචිත බැව් කියෑවේ. “පරක්කම නරින්දස්ස සබ්බභූපාල කෙතුනො ධම්මාගාරෙ නියුත්තො යො පිටකත්තයපාරගො ........................................................................ තෙන වාවිස්සරතේථරපාදෙන ලිඛිතො අයං” ති iii පාලි ථූපවංසය, ආරම්භයෙහි, එම ග්‍ර.න්ථය කිරීමට කලින් ද සිංහලයෙන් ලියනලද ථූපවංසයක් හා පාලියෙන් ලියන ලද ථූපවංසයක් ද තුබුණු බවත්, සිංහල ථූපවංසය ලංකාවාසීන්ට පමණක් ප්රදයෝජනවත් හෙයිනුත්, පාලි ථූපවංසය නොයෙක් දෝෂයන්ගෙන් ගහන හෙයිනුත් විස්තර කටයුතු බොහෝ දෑ එහි විස්තර වී නොමැති හෙයිනුත් තමන් වහන්සේත් නැවත ථූප වංසයක් කරන බවත් ප්රවකාශ කොට තිබේ. පාලි ථූපවංසය රචනා කළ වාචිස්සර තෙරුන් වහන්සේ වනාහි තුන්වෙනි විජයබාහු රජු දවස (1236-1240) වැඩ විසූ සංඝ පිතෘවරයකු බවත්, උන්වහන්සේ විජයබාහු රජුගෙන් පසුව ලංකා රාජ්‍ය යට පත් දෙවෙනි පැරකුම්බා මහ රජුන්ගේ රාජ්යහ සමයෙහිත් (1240-1275) වැඩ වසන්ට ඇති බවත් පඬිවරුන්ගේ පිළිගැන්මයි. එවිට වාවිස්සර තෙරණුවන් නියුක්තව සිටියේ දෙවෙනි පැරකුම්බා මහරජුන්ගේ ධර්මාගාරයෙහි විය යුතුයි. මෙසේ පාලි ථූපවංසය අවසානයෙහි එන ප්‍රවෘත්තිය ද සැසඳෙයි. පාලි ථූපවංසය රචනා කිරීමට කලින් තිබුණා යයි සඳහන් අනික් පාලි ග්රින්ථය මහාවංස ටීකාවෙහි නම් කරන චේතියවංසට්ඨ කථාව විය හැකි ය යනු ගයිගර් මහතුන්ගේ පිළිගැනීමයි. කලින් පැවතුණා ය යි සඳහන් සිංහල ථූපවංසය අප අතට පත්ව තිබෙන මෙම කෘතිය යයි සමහරු කියතත්, මෙම ථූපවංසය හා පාලි ථූපවංසය ද සුපරීක්ෂ්ය කාරී වැ බලන කවරකුට වුවත් මෙම සිංහල ථූපවංසය පාලි ථූපවංසයෙන් පසුව කරන ලද්දක් බැව් පෙනී යයි. ගයිගර් මහතා ද එම පොත් දෙක ම තුලනාත්මකව පරීක්ෂා කොට සිංහල ථූපවංසයේ භාෂාව අමාවතුර ආදී ග්රලන්ථයන්ගේ භාෂාවට වඩා 13 වෙනි 14 වෙනි ශතවර්ෂයන්ට අයත් කෘතීන්හි භාෂාවට අතිශයින් සමාන බවත්, පාලි මහා බොධිවංසය ම වැඩි දුරටත් විස්තර කොට එළු බොධි වංශය කළාක් මෙන්, පාලි ථූපවංසය ම තව දුරටත් විශාල කිරීමෙන් මෙම සිංහල ථූපවංසය කොට තිබෙන බවත් ප්රලකාශ කරයි. බුද්ධඝොෂාචාරීන්ගේ සමයයෙහි පටන් බුද්ධ වර්ෂ 1809 (ක්රිපස්තු වර්ෂ 1266) දක්වා පහළ වූ ගිහි පැවිදි පඬිවරුන්ගේ නම් සඳහන් කරන රාජ රත්නාකර පාඨයෙක, (46 වෙනි පිටෙහි) ‘කවිරාජසේකර ය ගුරුළුගෝමි ය ආගම චක්රපවර්ති ය පරාක්රහම පණ්ඩිතය යන බොහෝ පණ්ඩිතවරු නොයෙක් ටීකාර්ථ කථා හා ..... අනෙකප්රිකාර ධර්ම ප්ර්බන්ධ හා සන්න ගැටපද පිටපත් ආදීය උපදවා බුදුන්ගේ පර්යාප්ති ශාසනය බැබළවූහ’ යි කියැවේ. මේ නයින් කල්පනා කර බලන විට පරාක්රපම පණ්ඩිතයන් ක්රිධ.ව. 1266 ට පෙර විසිය යුතු හෙයින් සිංහල ථූපවංසය පාලි මහාබොධි වංශය සංග්රතහ කොට වැඩි කලක් යන්ට මත්තෙන් 13 වෙනි ශත වර්ෂය තුළ දීම රචනා කරන ලද්දක් විය යුතුයි. ක්‍රි .ව. 1250 ටත් 1260 ටත් අතර ථූපවංසය රචිතය යනු ගයිගර් මහතුන්ගේ නිගමනයයි.
මෙම ථූපවංසය රචනා කිරීමෙහිදී පාලි ථූපවංසයට පවා කලින් තිබුණා යයි සඳහන් සිංහල ථූපවංසය ද, චෙතියවංසට්ඨ කථාව වේවා, අන්කිසි ග්‍ර න්ථයක් වේවා, පාලියෙන් තුබුණා ය යි කී ථූපවංසය ද නිසැකින් ම ආශ්රනය
කරන්නට ඇත. සිංහල ථූපවංසය බෙහෙවින් ම පාලි ථූපවංසයෙහි ක්රාමය අනුව ගොස් තිබෙන හෙයින් ද, එය ඉහත සඳහන් හේතූන් නිසා පාලි ථූපවංසයට මෑත ය යි කිව යුතු හෙයින් ද වාචිස්සර ස්ථවිර පාදයන්ගේ පාලි ථූපවංසය ද ගුරු කොට ගන්නට ඇත. ථුපවංසයේ මුල කොටසෙහි දක්නා සූවිසි විවරණ හා බුද්ධචරිතය ආදීය පිළිබඳ විස්තර දැක්වීමෙහිදී ජාතක නිදාන කථාව, සමන්තපාසාදිකාව, බුද්ධවංස පාලිය හා එම අටුවාව වැනි ග්රෙන්ථ ඇසුරු කොට තිබෙන බැව් පෙනේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙහි පටන් ධාතු විභාගය දක්වා ඇති විස්තරයෙහි (පිටු 55-56) පාලි ථූපවංසයෙහි (පිටු 65-66) හෝ මහාවංසයෙහි (xxx 85-87) නො දක්නා නොයෙක් තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍ර ය හා එම අටුවාව ආශ්රපයෙන් එකතු කරන ලද සේයි. ධාතුගර්භය ඇතුළෙහි කරවන ලදැයි එන වෙස්සන්තර ජාතකයේ විස්තරය (පිටු 56-59) ‘වෙස්සන්තර ජාතකන්තු විත්ථාරෙන අකාරයි’ (xxx 88) නොහොත් ‘වෙස්සන්තර ජාතකය සවිස්තරව කරවී ය’ යී මහා වංසයෙහි නාම මාත්‍ර යෙන් සඳහන් වේ. පාලි ථූපවංසයෙහි (පිට 66) ස්වල්ප විස්තරයක් එයි. එහෙත් සිංහල ථූපවංසයෙහි වෙස්සන්තර ජාතක අටුවාව ඇසුරු කොට දීර්ඝ විස්තරයක් කොට තිබේ. මහාවංසයෙහි මිස පාලි ථූපවංසයෙහි හෝ අප දන්නා අන්කිසි පාලි පොතක හෝ නොදක්නා වූ යම් යම් විස්තර විභාග සිංහල ථූපවංසයෙහි එන හෙයිනුත්, 64 පිටෙහි මෙන් කිහිප තැනක ‘එ ද මහාවංසයෙහි කියන ලද මැයි’ යනාදි වශයෙන් මහාවංසය නමින් ම සඳහන් කර තිබෙන හෙයිනුත්, ථූපවංස කර්තෘ මහාවංසය ද ඇසුරු කළ බැව් අවිවාදයෙන් පිළිගත යුත්තකි. එහෙත් කිසි විටෙක මහාවංසයෙහි ම එන ප්රඳවෘත්තියක් කීමෙහිදී යම්කිසි විස්තරයක් මහාවංසයෙහි එන ආකාරයට වෙනස් ලෙසකින් සිංහල ථූප වංසයෙහි දකිනු ලබන බැව් ද, ඇතැම් තන්හි මහාවංසයට මුළුමනින් ම වෙනස් ලෙස යම් යම් ප්‍ර වෘත්ති දක්වා තිබෙන බැව් ද පෙනේ. දුටුගැමුණු රජුගේ බාල සොහොයුරු වූ තිස්ස කුමාරයා වැඩිමල් සොහොයුරා හා යුද්ධ කොට පැරද පලා ගොස් විහාරයකට වැදුණු බවත් එබැව් දත් ගැමුණු කුමාරයා ආපසු හැරුණු බවත් පසුව භික්ෂුහු කුමරුන් දෙදෙනා ක්ෂමා කරවූ බවත් කෙටියෙන් පාලි ථූපවංසයෙහි (පිට 46) එයි. මේ ප්රෙවෘත්තිය බෙහෙවින් ම මහාවංසයෙහි (xxxiv 38-57) එන පරිදි සිංහල
ථුප වංසයෙහි (පිටු 18-20) සවිස්තරව දක්නට ලැබේ. මෙම ප්ර්වෘත්තිය ම මීට වෙනස් ලෙස රාජාවලියෙහි පෙනේ. එසේ ම 61 වෙනි පිටේ සිට 63 වෙනි පිටේ මැද දක්වා ඇති භාතිය රජුගේ පින්කම් විස්තරය මහාවංසයෙහි මිස පාලි ථුපවංසයෙහි නොපෙනේ. එහිදු කාරෙසි..... මහාථූපෙ වෙදිකාවෙ’ (xxxiv 39) හෙවත් ‘මහසෑයෙහි පිළිකඩ දෙකක් කරවීය’ යි සඳහන් වන නමුත් සිංහල ථූප වංසයෙහි ඇත්තේ ‘රුවන්වැලි දාගැබ කොත්, කැරැල්ල පටන් දාගැබ වැලිකොන් ද දක්වා පට කඩින් ජවනිකා දෙකක් කරවා’ (පිට 61) යනුයි. නිර්මල හෙවත් නිමිල යෝධයා තමාගේ සූරවීර භාවය නිසා සූරනිර්මල හෙවත් සූරනිමිල යයි ප්රයසිද්ධ වූ බව සිංහල ථූපවංසයෙහි (පිට 11) එයි. එය මහාවංසය (xxxiii 41-44) හා මහාවංස ටීකාව හා සැසඳෙයි. එහෙත් රසවාහිනියෙහි “සුරාය පීත භාවෙන’ස්ස සුරනිම්මලො’ති වොහරිංසු” (පිටු 71-72) යි ද, සද්ධර්මාලංකාරයෙහි ‘විශාල ඔඩමක් රා පූ බැවින් ඕහට සුර නිර්මලයයි ව්යලවහාර කළහ’ (පිට 464) යී ද පෙනේ. දසමහා යෝධයන්ගේ උත්පත්ති කථා ආදී විස්තර (පිටු 7-15) කිසිවක් පාලි ථූපවංසයෙහි දක්නට නොමැතියි. එහිදි ‘තෙසං උප්පත්ති කථා මහා වංසතො ගහෙතබ්බා” හෙවත් “ඔවුන්ගේ උත්පත්ති කථා මහාවංසයෙන් ගතයුත්තාහ” යී කියැවේ. එම විස්තර මහා වංසයෙහි (xxiii) වෙනි පරිච්ඡෙදයෙහි) එන හෙයින්, එයින් ම සිංහල ථූපවංස කර්තෘ එම ප්රතවෘත්ති ගන්ට ඇතැයි සිතිය හැකියි. යෝධයන් පිළිබඳ මෙම විස්තර වෙදෙහ ස්ථවිරයන් විසින් දඹදෙණි සමයෙහිදී ම විරචිත රසවාහිනියෙහි ද සඳහන් හෙයින් එහි මූලාශය වශයෙන් සඳහන් කරනු ලබන මහාවිහාරයෙහි ගුත්තවංක පරිවෙණවාසී රට්ඨපාල ස්ථවිරයන් වහන්සේගේ කෘතිය හෝ මහාවංස ටීකාවෙහි සඳහන් වන සහස්ස වත්ථූ අට්ඨකථාව වැනි ග්රෝන්ථයක් හෝ සිංහල ථූපවංසය කිරීමෙහිදී ඇතැම් විට ඇසුරු කරන්නට ඇතැයි ද සිතිය හැකියි. රසවාහිනී කර්තෘ හෝ එම පරපුරෙහි යම් ආචාරී කෙනකුත් විසින් යෝධයන් පිළිබඳ තොරතුරු මහාවංසයෙන් ම ගන්නා ලද ද යනුත් විමසිය යුත්තකි. සමහර තන්හි පාලි ථූපවංසයෙහි හෝ මහාවංසයෙහි නොමැති විස්තරයක් රසවාහිනි පරපුරට අයත් යම්කිසි පොතකින් උපුටා තිබෙන බැව් පෙනේ. මෙසේ කැලණිතිස්ස රජු රහතුන් වහන්සේ විසින් බිසෝවට රහස් පතක් දෙන ලද්දේ ය යි සැක කොට උන්වහන්සේට හා ලියමන බිම දැමූ පුරුෂයාට ද දඩුවම් කළ සිද්ධිය පිළිබඳව මහාවංසයෙහි එනුයේ කෝපවූ රජු තෙරණුවන් හා ලියුම ගෙන ගිය පුරුෂයාත් මරවා මුහුදට දැමූ බවත් ඉන් කෝපයට පත් දේවතාවුන් මුහුද ගලන්නට සැලසූ බවත් පමණකි.
(xxii 19-20). මහාවංස ටීකාවෙහි ද ඒ පිළිබඳ වැඩි විස්තරයක් නොමැතියි. එහෙත් පාලි රසවාහිනියෙහි හා සද්ධර්මාලංකාරයෙහිත් (පිට 439) තෙරණුවන් කකියන තෙල් කටාරමක දැම්මවූ බවත් උන්වහන්සේ ටික වේලාවක් නො දා එහි වැඩ සිට පූර්ව කර්මයක් සිහිපත් කොට පසුව පිරිනිවන් පා වදාළ බවත් පසුව රජු තෙරණුවන් සහ පුරුෂයාත් මරා මුහුදට දැම්මවූ බවත් එවිට දේවතාවන් උදහස් වී මුහුද ගලන්නට සැලසූ බවත් සඳහන් වේ. සිංහල ථූපවංසයෙහි, කැලණිතිස්ස රජ ලියමන ගෙනගිය සොරා මරා මුහුදට දම්මවා පසුව තෙරුන් වහන්සේ තෙල් කටාරමක ලා තෙල් කකියවන්නේ එසේ කකිය වන්නට නොහැකි වූ බවත් පසුව තෙරුන් වහන්සේ තමන්ගේ පූර්ව කර්මයක් සිහිපත් කොට තමාගේ අධිෂ්ඨානය හළ පසු තෙලෙහි කකියා පිරිනිවන් පා වදාළ බවත් එවිට දෙවියන්ගේ කෝපයෙන් මුහුද ගලන්නට පටන්ගත් බවත් (පිටු 2-3) කියැවේ. දුටුගැමුණු රජ වරක් නන්ධිමිත්රෙ යොධයා විමසනු පිණිස ‘නන්ධිමිත්තං දිස්වා කණ්ඩුලං මුංවෙසි’ යී කණ්ඩුලයා මිදු බව පාලි ථූපවංසයෙහි සඳහන් වේ. මහාවංසයෙහි (xxv 21) ‘දිස්වා යන්තං නන්දිමිත්තං විසජ්ජාපෙසි කණ්ඩුලං’ යී එය ම කියැවේ. මහාවංස ටීකාවෙහි වැඩිපුර විස්තරයක් නොමැතියි. රසවාහිනීයෙහි (පිට 72) ඇතුට රා පොවා එවූ බවත්ඇතු එසේ රා බී ගර්ජනා කෙරෙමින් සොඬින් බිමට පහර දෙමින් ආ බවත් දැක්වේ. ඊට වඩා දීර්ඝ විස්තරයක් සිංහල ථූපවංසයට (පිටු 24-25) හැර ගෙන තිබේ. ඇතැම් තන්හි ඊටත් වඩා විස්තර සහිතව එම වර්ණනනාව සද්ධර්මාලංකාර යෙහි (464-465) එයි. සද්ධර්මාලංකාරයෙහි එන විස්තරය. ථූපවංසයේ තිබෙන විස්තරයට වඩා මෑත වුවත් දෙක ම සහස්සවත්ථූ අට්ඨකථා වැනි යම්කිසි එක ම ග්රරන්ථයක ආශ්රදයෙන් හඬ ගැසුණා විය හැකියි. සොණුත්තර සාමණෙරයන් වහන්සේ නා ලොවින් ධාතු ගෙන ගිය විට එබැව් දත් නාගයන් හැඩූ බව පමණක් පාලි ථූපවංසයෙහි හා මහාවංස යෙහිත් සඳහන් වන නමුත් ඔවුන්ගේ හැඬීම හා වැලපීම පිළිබඳ දීර්ඝ විස්තරයක් සිංහල ථූපවංසයෙහි එයි. එම වර්ණනය කිනම් ග්‍රන්ථයක ආශ්රයෙන් කරන ලද්දක් ද එසේ නැතහොත් ථූපවංශ කර්තෘහුගේ ම ප්රතිහානයේ ඵලයක් දැයි නිශ්චය කට නොහැකියි. මහසෑයේ ධාතු නිධාන පූජාව සඳහා ශක්‍රදෙවෙන්ද්‍රයා විශ්ව කර්ම දිව්‍යපුත්‍රයා කැඳවා ඔහු ලවා ලංකාද්වීපය නොයෙක් ලෙසින් සැරසූ බව මහාවංසයෙහි (xxxi 34) කියැවේ. මහාවංස ටීකාවෙහි 'නොයෙක් ලෙසින්' හෙවත් 'අනෙකධා' යනු කිම් දැයි විස්තර කිරීම් වශයෙන් 'අටුවායෙහි කී හෙයින්' හෙවත් 'අට්ඨකථාය චුත්තනයෙන' යී කියන ලදී. පාලි ථූපවංසයෙහි ද සිංහල ථූපවංසයෙහි ද ලංකාව සැරසූ ආකාරය විස්තර කර තිබෙන හෙයින් ඒ කී අටුවාව බලන්ට ඇතැයි සිතිය හැකියි. ඒ අටුවාව යයි කීවේ vii
චෙතියවංසට්ඨ කථාව හෝ කලින් පැවත විනාශවී ගොස් තිබෙන අට්ඨ කථා මහාවංසය විය හැකියි. මෙසේ සිංහල ථූපවංසය කිරීමේහිදී ත්‍රිපිටකයට අයත් නොයෙක් පෙළ හා අටුවා ආදිය ද, මහා ස්තූපයේ ඉතිහාසය සඳහන් නොයෙක් සිංහල හා පාලි පොත්පත් ද, මහාවංසය, මහාවංස ටීකාව හා අට්ඨකථා මහාවංසය ද, පැරණි කථාවස්තු පුරාවෘත්ත ආදිය ඇතුළත් වූ සහස්සවත්ථූ අට්ඨකථා වැනි පොත්පත් ද ඇසුරු කරන්ට ඇතැ යි සිතිය හැකියි. ථූපවංසය ධර්ම ග්රන්ථයෙකි. ප්‍රථම පරිච්ඡේදයාගේ අවසානයෙහි ඇති 'සාධු ජනයන් සිත් පහදවන පිණිස කරන ලද මේ ථූපවංසයෙහි..... යනාදි පාඨයෙන් මෙම ග්‍රන්ථය කිරීමෙහිදි කර්තෘහුගේ පරමාර්ථය වූයේ මහාජනයාගේ ශ්‍රද්ධාව හා භක්තිය දියුණු කොට තුනුරුවන් විෂයයෙහි ඔවුන් පහදවමින් ළ ගන්වා බණ කීම බැව් පෙනේ.ඒසඳහා රුවන්වැලි මහ
සෑයේ වර්ණයත් සමගම භක්තිමත් වු ආගමමාමක වු දුටුගැමුණු මහරජුගේ උදාර චරිතයත් ලංකා බුද්ධශාසනයේ පූර්ව ඉතිහාසය හා බුද්ධ චරිතයත් එකට ගළපා තිබේ.
ථූපවංසය සිංහල සාහිත්‍යයේ පොළොන්නරු සමය අවසන් වී දඹදෙණි යුගය ආරම්භ වූ කාල පරිච්ඡෙදයෙහි විරචිත හෙයින් ද, මහජනයාට ප්‍රසාද සංවේග උපදවනු සඳහා කරන ලද හෙයින් ද, කාහටත් තේරුම් ගත හැකි ලෙස මිශ්‍ර සිංහලයෙන් කරන ලදී. අමාවතුරෙහි මෙන් එහි එළු ශබ්ද බහුල නො වේ. එහි භාෂාව සර්වප්රකාරයෙන් ම දඹදෙණි සමයට අයත් ග්රන්ථ යන්ගේ භාෂාවයි. එවක ද්‍රවිඩ බලය තදින් බල පවත්වා තිබුණු හෙයින් ද්‍රවිඩ ශබ්ද රාශියක් ථූපවංසයේ භාෂාවට වැද්ද ගෙන තිබේ. පැරණි සිංහල ග්රන්ථ කර්තෲන් අතුරෙහි ථූපවංස කර්තෘ කෙබඳු තත්වයක් උසුළා දැයි යනු මඳක් විමසිය යුත්තකි. ඇතැම් පඬිවරු ථුපවංසයත් බුත්සරණය කළ විද්‍යා චක්රවර්තීන්ගේ ම කෘතියකැයි කියතත් එම පොත් දෙක සියුම් ලෙස පරීක්ෂා කරතහොත් භාෂාව අතින් හෝ රචනා විලාසයෙන් හෝ වර්ණනා ක්‍රමයෙන් හෝ කවිත්වයෙන් හෝ මෙම කර්තෲන් දෙදෙනා අතුරෙහි එතරම් සාම්‍යයක් නොමැති බැව් පෙනේ. පදයන්ගේ සංඝටනයෙහි පවා දෙදෙනා අතර ඇති වෙනස ඉතා මහති. ථූපවංස කර්තෘහු ගේ වර්ණනා කොතරම් ඇතත් ගුරුළුගෝමීන්ගේ හෝ විද්‍යා චක්රවර්තීන්ගේ වර්ණනයකින් ලැබෙන ප්රීවතිය හා රසාස්වාදය එයින් ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. 'ථූපවංසය, අමාවතුරෙන් පටන් ගෙන සද්ධර්මරත්නාවලියෙන් කෙළවර වන සිංහල ගද්‍යාවලියෙහි ලා සැලකිය යුතු ගද්‍යයක් නො වේ.
එය පූජාවලියෙන් පටන් ගැනුණු කනිෂ්ට ගද්‍යාවලියෙහි ලා සැලකිය යුත්තකි. යනු මාර්ටින් වික්‍රමසිංහ මහතුන්ගේ ථූපවංශය පිළිබඳ හැඟීමයි. මෙසේ ථූපවංස කර්තෲන් ගුරුළුගෝමීන් හා විද්‍යා චක්‍රවර්තීන් මෙන් පළමුවන ශ්‍රේණියෙහි ලා ගිණිය හැකි නොවූවත් ඔවුන්ගේ කෘතියෙහි සිත්ගන්නා ඇතැම් වර්ණනා ඇති බැව් කිව යුතුයි. මාර යුද්ධ වර්ණනාව එබන්දකි. සොණුත්තර සාමණෙරයන් නා ලොවින් ධාතු ගෙනා විට මහ කෙළ නා රජ සාමණෙරයන් කරා අවුත් හඬමින් කළ අඳෝනාව දක්ෂ ලෙස සිතුවම් කොට තිබේ. පාලි පොතපතට ණය ගැතිකම වැඩි හෙයින් දෝ ථූපවංස කර්තෘහුගේ ප්‍රතිභානය අධිකවූ බවක් නො පෙනේ. පාලි ථූපවංසයෙහි දක්නා ඇතැම් පාඨ, අර්ථය එතරම් ව්‍යක්ත නොවන පරිදි සිංහලයට නඟා තිබෙන තැන් ද කිහිපයක් වෙත්. මෙසේ පාලි ථූපවංසයෙහි (47 වෙනි පිට) දක්නා "එවමච්චායිකං කම්මං කරොන්තාපි ගුණාකරා කරොන්ති පුඤ්ඤා සංසාරභයහීරුකා" මෙසේ ඉක්මන් ඉක්මන්ව සටන් කරන්නෝ ද පවා ගුණයට ආකර වූ, සංසාර භයින් භයපත් වූවාහු, පින්කම් කොට දිව්‍ය ලොක සම්පත් අත්පත් කොට ගත්තෝ ය' යි සිංහල ථූපවංසයෙහි (23 වෙනි පිට) එයි. ථූපවංසය කර්තෘහුගේ ඇතැම් වාක්‍ය එක් ආකාරයකින් පටන් ගෙන තරමක් දුර ගියායින් පසු එහි මුල කර්තෘහුට අමතක වී යාමෙන් දෝ ඉඳුරාම වෙනස් ලෙසකින් අවසන් වන බැව් නොයෙක් විට දක්නට ලැබේ. මෙම ලක්ෂණය බෙහෙවින් ම පෙනෙනුයේ දීර්ඝ වාක්‍යයන්හි ය. 'එබස් ඇසූ භාතිය රජ්ජුරුවෝ 'කුමක් වදාරණසේක් ද? ස්වාමීනි, නුඹ වහන්සේට මා විසින් කියන ලද්දේ ඒ ධාතු ගර්භයෙහි පූජායෙන් දස භාගයෙන් භාගයක් විචරත් නො කීමි' යි දැන් වූහ. (පිට 63); ‘පලගත් රුක් දුනු පට සේ නැමී සිටි රුකින් මියුරු පලාපල කඩා දරුවන්ට දුන් තැන් ද’ (පිට 57): ‘නැවත වන දොරකඩ සිටි වැද්දවු වඩනා බොධිසත්වයන් දැක මී හා දඩමස් දුන් වැද්දවුට රන් ඉද්ද දුන් තැන් ද’ (පිට 57) "දුටු ගැමුණු රජ 'මා මුත් සෙසු කෙනෙක් එළාල රජු නො මරව' යි ඒ යුද්ධ භූමියෙහි බෙර ලවා ගැමුණු රජ සන්නාහ සන්නද්ධව සන්නාහ සන්නද්ධ වූ කඩොලැතු පිටට පැන නැඟී බිඳී දුවන එළාල රජු ලුහු බඳවා දිවගෙන ගොස් අනුරාධපුර නුවර දකුණු වාසලදි රජ දරුවන් දෙදෙනාගේ සටන් විය" (පිට 28); (රජ්ජුරුවෝ) ...... අනුරාධපුර නුවරට වැද නුවර බෙර ලවන්නෝ මේ සැටියේ කියා බෙර ලැවූ ය. '....' බෙර ලවා, ඉක්බිති විසාඛ ය සිරිදෙව ය යන නම් ඇති අමාත්‍යයන් දෙදෙනකුට මෙසේ නියෝග කළහ; 'තෙපි දෙ ix දෙන ගොස් දාගබ බඳිනා තෙන සරහව' යි කියා යවා, උන් දෙන්න අවුත් ....නොයෙක් සැටියේ ඒ දාගබ බඳිනා ස්ථානය සැරහු ය' (පිට 40). එක ම වාක්‍යයෙහි, බොහෝ විට ම කර්තෘ ද, ඇතැම් විට කර්මය ද, කිසිවිටෙක සම්ප්‍රදාන ආදී අනික් විබතකින් සිටිනා නාමයක් ද, නොයෙක් විට ආඛ්‍යාතය ද කීපවර නැවත නැවතත් යෙදීම ද ථූපවංස කර්තෘහුට ආවෙණික වූ ලක්ෂණයකි. 'රජ පත දැක නුවණ නැති කම කළ ඒ කැලණිතිස්ස නම් රජ.....' (පිට 2); 'එවෙලෙහි රජ්ජුරැවෝ සේනාව පෙළ බලා...... රහතුන් වහන්සේට දන් දී රජ්ජුරුවෝ.... දුටුගැමුණු රජ්ජුරුවෝ..... කසු දාගබක් කරවූහ' (පිට 21). 'අපගේ බුදුරජාණන් වහන්සේ..... අවුත් ...... සර්වඥයන් වහන්සේ වැඩ සිට..... දෙව යි වදාළ සේක (පිට 22). ඉක්බිති දුටුගැමුණු මහරජ '..... රිදිමය සිසාරා ඇවිදිනා රියන් දණ්ඩ ..... අමාත්‍ය පුත්‍රයකු ලවා රිදි දණ්ඩ ගන්වා දාගබ වට මහත් කරනු පිණිස පටන් ගත' (පිට 43). 'ඉක්බිති රජ්ජුරැවෝ සේනාවට රත්රන් පටකඩ පිළිකඩ ප්‍රසාද දී සේනාව සිත් ගෙන.... සේනාව පිරිවරා.... මෙසේ දැන්වූ ය.' (පිට 20). 'ඒ දුටුගැමුණු මහරජ මෙසේ දැන්වී ය '....' යි දැන්වී ය (පිට 75). ථූපවංස කර්තෘහු අතින් මෙසේ එක ම වාක්‍යයෙහි එක ම ශබ්දය කීප විටක් ම යෙදී ඇත්තේ ඇතැම් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නට යෑම නිසා ද, එසේ නැතහොත් පද යෝජනාවට වඩා කථා වස්තුව කියා පෑමට වැඩියෙන් සැලකිලිමත් වීම නිසා දැයි සිතුව මනායි. කල්‍යාණවතී බිසවුන් විසින් පිහිටුවන ලද සෙල් ලිපියක 'රුවන්වැලි මළුවේදී ථූපවංස අසා' ලංකා ශිලා ලිපි (iv 256) යි දක්නා හෙයින් බොහෝ දෙනා අසා සිටියදී ථූපවංසයක් කියවීමේ සිරිත ඉතා පැරණි කාලයන්හි සිට පැවති බැව් පෙනේ. මෙම ථූපවංසයාගේ ආරම්භයෙහි ද 'මා කියන ඒ රුවන්වැලි දාගැබ් වර්ණනාව සත්පුරුෂයන් විසින් සාවධානව අවික්ෂිප්තව මා දසාවට කන් නමා ඇසුව මැනවි' යි ද පෙනේ. යම්කිසි පිරිසක් අසා සිටියදී ඔවුන් පිනවා කියන කථාවක, ඔවුන් සිත් ගන්නා, එසේ නැතහොත් ඔවුන්ගේ විශේෂ සැලකිල්ලට භාජන කටයුතු වූ යමක් නැවත නැවතත් කීම පුදුමයක් නොවේ. එසේ ම වියරණය කුමක් වුවත් කථාරසයෙහි ම ගැලී සිටින හෙයින්, එක් ලෙසකින් කියන්ට පටන්ගත් කරුණක් අන් ලෙසකින් අවසන් කිරීම ද ආශ්චර්යයක් නොවේ. එසේ හෙයින් මෙම ථූපවංසය රුවන්වැලි මහසෑයෙහි වර්ණනාව කෙරෙමින් ප්‍රසාද සංවේග
ඇති කරනු වස්, මහජනයා ඉදිරියෙහි, ඔවුන් අසා සිටියදී කියවීම් සඳහා විශේෂයෙන් සැපයුණු කෘතියක් දෝ යි විමසිය යුතුයි. පැරණි පොත්පත්හි දක්නා වියරණ රීතීන්ට නො සැසඳෙන තැන් කීපයක් ද ථූපවංසයෙහි දක්නට ලැබෙත්. 'එවේලෙහි රජ්ජුරැවෝ 'කුමක් පිණිස ද, ස්වාමීනි' යි විචාළ කල්හි 'මහරජ, තිස්ස කුමාරයන් දක්වනු පිණිස ගෙන ඒම්හ' යි වදාළ සේක" (පිට 20). 'නිශ්ශබ්ද වූ රජදරුවන්ට බමුණාණෝ බොහෝ අවවාද කියා ගිවිස්වා ගෙන ඒ සියලු රජදරුවන්ට ධාතු බෙදා දුන් නියාව ද යන මෙකී සියල්ල ම සත් රුවනින් ම කරවූ ය' (පිට 56). ශබ්ද කීපයක් ළග ළග යෙදී තිබෙන විට ඒවා සමාස නො කොටත් අවසාන ශබ්දයට යම්කසි විභක්තියක් යොදා ඒ සියල්ල සමාස වූවාක් මෙන් ගැනීම ද කීප තැනක දක්නට ලැබේ: 'හස්ති ශිල්ප අශ්ව ශිල්ප රථ ශිල්ප ඛඩ්ග ශිල්ප ධනුශ් ශිල්පයෙහි දක්ෂ ය' (පිට 7). ථූපවංසයෙහි යෙදී තිබෙන උපමාවන් දෙස බලන කල පාලි පොත පතෙහි එන උපමාවන් හැර, අර්ථය ව්‍යක්ත කරනු සඳහා ඇතැම් විට ගැමි වහරින් ගත් අමුතු උපමා ද යොදා තිබෙන බවත් කිසි විටෙක පාලියෙහි එන උපමාවන් ම සිංහලයට වඩා යෝග්‍ය ලෙස සකස් කොට ගෙන තිබෙන බවත් පෙනේ. මෙසේ පාලි ථූපවංසයෙහි එන 'මහාසමුද්දං ච සන්නිසින්නං' යනු අලංකාර කොට මහ මුහුද රළ සිඳී ශර්කරා බහ ලා කකාරා ගත් මීකිරි ඇතිළියක් මෙන් මිහිරි සිහිල් පැන් විය" (පිට 67) යී කියයි. පාලි ථූප වංසයෙහි දක්නා 'කසිණ මණ්ඩලං විය සමං කත්වා' යනු 'බෙර ඇසක් මෙන් සම කොට' (පිට 67) යි දක්ෂ ලෙස සිංහලයට ගළපා තිබේ. පාලි ථූපවංසයෙහි හා මහාවංසයෙහි නොමැතත් විශුද්ධි මාර්ගයෙහි දක්නා 'ධමිත්වා පූරිත වත්ථි විය" යනු 'තොලබෝ විතෙක හුළං පුරාපී කලක් මෙන්' (පිට 76) යී යොදා තිබේ. 'දිය කිමිද ගෙන යන දියකාවකු සේ පොළොව කිමිද ගෙන' (පිට 68)ල 'සියුම් වූ මකුළු හුයක් යටි පිටින් දා මතු පිටින් කළුවන් පෑ නොවන තෙක් පොළොව කිමිද අවුත්' (පිට 71) යනාදි පාඨයන්හි ද විසිතුරු උපමාවෝ වෙත්. 'කාවන්තිස්ස රජ සූසැටක් විහාර කරවා සූසැට වසක් රාජ්‍යය කොට මළේ ය' යන පාලි ථූපවංසයෙහි හා මහාවංසයෙහි එන ප්‍රවෘත්තිය සිංහල ථූපවංස කර්තෘ රසවත් කොට "කාවන්තිස්ස රජ්ජුරුවෝ සූසැට විහාරයක් කරවා සූසැට ඔටුන්නක් පැලඳ මළෝ ය" යි කියයි. 'සූසැට' යන අර්ථය පාලියෙහි දෙවරක් නො එතත් 'රජ සන්නාහ සන්නද්ධව සන්නාහ සන්නද්ධ වූ කඩොලැතු පිටට පැන නැඟී' (පිට 28) යනාදි පාඨයන්හි මෙන් අනුප්රාසය ගරු කොට යම්යම් ශබ්ද දෙවරක් යෙදීම ථූපවංස කර්තෲන්ට ප්‍රිය වූ බැව් පෙනේ. xi මෙසේ ථූපවංසයේ භාෂාවෙහි හා රචනා විලාසයෙහි දක්නා යම් යම් විශේෂ ලක්ෂණ මෙන් ම එහි අන්තර්ගත කරුණු ද පාඨකයාගේ සැලකිල්ලට භාජන විය යුතුයි. ථුපවංසයෙහි ප්‍රධාන කොට ම විස්තර වනුයේ මහසෑය පිළිබඳ තොරතුරු වුව ද, ඒ සමගම දුටුගැමුණු නරවීරයන්ගේ සමයයෙහි ලංකාවෙහි පැවති සමාජ තත්වය පිළිබඳ නොයෙක් තොරතුරු ද පළින් පළ හෙළි වේ. සිංහලයෝ ප්රෞබඩ ජාතියකි. ඔවුන් මහත් භක්තියෙන් හා උදාර ලෙසත් ආගමික කටයුතු සියල්ල කළාක් මෙන් ම, ජාතික දියුණුවට බාධක ලෙස සතුරු වියවුල් ආදී උවදුරු එළඹුණු විට නිර්භයව උග්‍ර ලෙස සටන් කළහ. එසේ සටන් කිරීමෙහිදී, පවා වීර ලෙසත් ශුර ලෙසත් සටන් කළ බැව් දුටුගැමුණු මහරජතුමා එළාල රජු සමග කළ සටනෙහිදි එළාල රජු සමග සටනට අන් කිසිවකු නො යවා තමා ම යෑමෙන් ද, එළාල රජුගේ මළ සිරුරට පවා රජකුට කළ යුතු සියලු ම සත්කාර කරවීමෙන් ද ඔප්පු වේ. දුටුගැමුණු රජුගේ එම ආදර්ශයෙන් අපේ ජාතික ගෞරවය සහස්ර වාරය කින් ගුණිත වෙයි. පැරණි භාරත දේශියයන්ගේ මෙන් ම සිංහලයන්ගේත් යුද්ධ ශිල්පයෙහි ශිෂ්ටත්වය ද එයින් හෙළිවේ මැයි.
ඩී. ඊ. හෙට්ටිආරච්චි

ථූපවංසය - i

දුටුගැමුණු චරිතය
ඉක්බිති දෙවෙනිපෑතිස්ස රජ්ජුරුවන් බොහෝ පින්කම් කොට සතළිස් අවුරුද්දක් රාජ්‍යය කොට මළ කල උන්ගේ මලණුවෝ උත්තිය නම් රජ්ජුරුවෝ රජ පැමිණ දස අවුරුද්දක් රාජ්‍යය කළෝ ය. උන්ට ඉක්බිතිව උන්ගේ මළණුවෝ මහාසීච රජ්ජුරුවෝ දස අවුරැද්දක් රාජ්‍යය කළෝ ය. උන්ගේ මලණුවෝ සූරතිස්ස රජුජුරුවෝ දස අවුරුද්දක් ම රාජ්‍යය කළෝ ය. සූරතිස්ස නම් රජ්ජුරුවන්ට ඉක්බිති අස් නැවියකුගේ පුත් වූ දෙමළු දෙන්නෙක් සූරතිස්ස රජ්ජුරුවන් මරාපියා දෙවිසි හවුරුද්දක් දැහැමින් රාජ්‍යය කළෝ ය. පසුව උන් දෙන්නා අල්වා ගෙන මරාපියා මුටසීව නම් රජුගේ පිත් අසෙල නම් රජෙක් දස හවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. පසුව සොළිරට එළාල නම් රජෙක් අසෙල නම් රජු මරාපියා සූසාළිස් අවුරුද්දක් රාජ්‍යය කෙළේ ය. එළාල රජු හා සටන් කොට දුටුගැමුණු නම් රජ එළාල රජු මරාපියා රජු විය. ඒ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පූර්ව පිළිවෙළ කථාවයි.
මහානාග යුවරජදෙවෙනිපෑතිස්ස රජ්ජුරුවන්ගේ දෙවෙනි මල් මහානාග නම් යුව රජ්ජුරු කෙනෙක් ඇත. ඉක්බිති රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසවූ තමන්ගේ පුතණුවන්ට රාජ්‍යය දෙනු කැමතිව සරස්නා වැව බඳවන සුළුගෙයි යුවරජ්ජුරුවන්ට අඹයෙහි සිරිඟි ලාලා තෙසු අඹ හා සැළියේ ලා සිරිඟි ලූ අඹය මතුපිට තබා යවූ ය. බිසවුන්ගේ පුතාත් කුඩා පියාණන් හා සමග වැව බඳිනා තෙනට ගියේ ය. එවේලෙහි අඹ ගෙන ගිය බඳුන අස් කඩන්නා හා ම කුමාරයා මතුපිට විෂ මිශ්‍ර කොට තුබූ අඹ ගෙඩිය අතට ඇරගෙන කා එවිට ම මළේ ය. යුවරජ්ජුරුවෝ ඒ කාරණය දැක බෑණන් කෙරෙහි ආසා සිඳි කරන රාජ්‍ය ලොභයත් හැර දෙවින් කෙරෙහි භයින් බෑණන්ට නො කියා එතැන සිට තමන්ගේ බිසවුන් හා සේනාවත් හැරගෙන රූණට පලා අවු ය. එසේ එන රජ්ජුරුවන්ගේ බිසවූ අතර මහ යටාල නම් විහාර යෙහිදි පුතණු කෙනකුත් වදාපීහ. ඒ වැදු පුතණුවන්ට තමන්ගේ බෑණන්ගේ නම ම තුබූහ. පසුව බිසවුන් නාපී කල ඉන් නික්ම මාගම වසන රජ රූණ ම රාජ්‍යය කෙළේ ය.
2 ථූපවංසය
උන්ගේ අයාමෙහි උන්ගේ පුත් වූ යටාලතිස්ස කුමාරයෝ මාගම ම රාජ්‍යය කළෝ ය. උන්ට ඉක්බිති ව උන්ගේ පුතණුවෝ ගොඨාභය නම් රජ්ජුරුවෝ එම මාගම රාජ්‍යය කළෝ ය.
කාවන්තිස්ස රජු හා විහාරමහාදේවියගොඨාභය රජ්ජුරුවන්ගේ පුතණුවෝ කාවන්තිස්ස රජ්ජුරුවෝ එම මාගම ම රාජ්‍යය කළෝ ය. ඒ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ වනාහි විහාර මහාදේවි නම් බිසෝ කෙනෙක් ඇත. උන් කෙසේ වූ කෙනෙක් ද යත්; කැලණිතිස්ස නම් රජ්ජුරු කෙනෙක් ඇත. උන්ගේ උත්තිය නම් මලණු කෙනෙක් ඇත. ඒ මලණුවෝ කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් හා සංවාසයක් ඇතිව වසන්නෝ ය. ඒ සැළ ව ගිය තැනදී බෑණන් කෙරෙහි භයින් පලා ගොස් තමන්ට පාසු තෙනක වසන්නෝ බිසවුන් කෙරේ කළ සොකයෙන් බිසවුන්ට සොරා පත්හස්නක් යවූ ය. ඒ කෙසේද යත්: එක් පුරැෂයකු කැඳවා ඌ සිවුරු පොරොවා පත ඌ අතට දී කැලණියට යවූහ. ඒ සොරාත් පත හැරගෙන ගිය තැනැත්තෝ, රජ්ජුරුවන්ගේ රජ ගෙට අවුත් වන. ඒ රජගෙයි නිරන්තරයෙන් රහත් තෙර කෙනකුන් වහන්සේ වළඳන්නට වඩනා සේක. එසේ වඩනා තෙරුන් වහන්සේට නො හඟවා ඒ පත ගෙන ගිය සොරා ඔබ හා කැටිව ඇතුළු රජගෙට වැද කෙළවර හස්නේ හිඳ වළඳා වැළඳූ අන්තයෙහි රජ්ජුරුවන් තෙරුන් වහන්සේ ට පසුගමන් කරන්නට නික්මුණු කල තෙමේ පසු වූයේ පසු ව ලා එන බිස වුන්ට පෙනෙන සැටියේ පත බිම හෙළා ලී ය. තෙරුන් වහන්සේට ආදර සිතින් අත දි ලා ඉදිරියෙහි යන රජ්ජුරුවෝ පත බිම හුණු හඬ අසා පිටිපස්ස බැලූහ. රජ පත දැක, නුවණ නැති කම් කළ ඒ කැලණිතිස්ස රජ, "මේ පත අකුරු අනික් කෙනකුන් අත අකුරු නො වෙයි. මේ තෙරුන් වහන්සේ අත අකුරු ය" යි කියවා කොපයෙන් තමාගේ මලුගේ අත අකුරු දැන ගත නුහුණුයේ පත ගෙන ගිය සොරා මරා මූදුදියට දමාපියා, "තෙරුන් වහන්සේ ගනුව" යි කියා තෙල්කටාරයේ ලා තෙල් කකියවන්නේ තෙල් හුණු කොට ගත නුහුණුයේ ය. තෙරුන් වහන්සේ තෙල් කටාරයේ වැඩ හිඳ තෙල් හුණු නොවන්නට කාරණ කිම්දෝ හෝයි දිවසින් බලන සෙක්, යටගිය ජාතියෙහි ගොපලු ව තමන් වහන්සේ උපන් තෙනදී කකියන හුණු කිරි සැළක මැස්සකු හෙළා මැරූ ලෙස දැක, "රජුගේ වරද නැත. යටගිය ජාතියෙහි මා කළ කර්මය" යි දැන වැඩහුන් පසු තෙලෙහි ම කකියා පිරිනිවන් පෑ වදාළ සේක. එවෙලෙහි දේවතාවෝ තෙරුන් වහන්සේ කෙරෙහි කළ ශොකයෙන් කිපී, "මේ රජුත්
ථුපවංසය 3
මේ රජුගේ රටත් ගලා මරම්හ" යි මූද උත්පාතික කොට ඔහුගේ නුවර ගලන්නට පටන් ගත්හ. එවේලෙහි කැලණිතිස්ස රජ තමාගේ රාජ වංශයෙහි උපන් විශේෂ රූ ඇති තමාගේ දියණියන් දිව්‍යාංගනාවක සේ සරහා සැළෙක හිඳුවා බිසවුන් නියාවට සැළ අකුරු ලියවා මූදුදියට සැළ හැරපි ය. එලෙස බිසවුන් නැඟි සැළ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ කෙවුළෝ දැක ගොසින් කාවන්තිස්ස රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එබස් අසා සතුටු ව අවුත් බිසවුන් දැක බිසවුන් නියාවට සැළ අකුරු කියවා බිසවුන් හැරගෙන මහ පෙරහරින් මාගමට ගොස් සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නාවා රන් සළු හඳවා සර්වාහරණයෙන් සරහා රුවන් රැසක් පිට සිටුවා රුවන් සකින් අභිෂෙක ජලය දී නැඟි තොට විහාර කරවූ හෙයින් විහාර මහාදේවී යයි යන නමින් ප්‍රසිද්ධ කොට අග මෙහෙසුන් තැන තුබූහ. ඒ විහාරමහාදේවී කාවන්තිස්ස රජ්ජුරුවන්ට ඉතා ප්‍රියයෝ ය. මන වඩති. ඒ දෙදෙනා සුවසේ වසන කල එක් දවසක් විහාරමහාදේවී රජගෙයිදී බොහෝ සංඝයා වහන්සේට මහ දන් දී වළඳවා වැළඳූ අන්තයෙහි සුවඳ මල් තෙල් බෙහෙත් බඩු මේ ආදීය ගෙන්වාගෙන මහ පෙරහරින් විහාරයට ගොස් ගෙන්වා ගෙන ගිය බෙහෙත්සත් ආදිය මහා සංඝයා වහන්සේට දන් දී ඔබගේ ශ්‍රීපාදය වැඳ, "දුන් දනෙහි අනුසස් අසනු කැමැත්තෙමි" යි ආරාධනා කොට එකත්පස් ව සහපිරිවරින් බණ අසන්නට උන්හ. එවේලෙහි එසේ හුන් විහාරමහාදේවීන්ට ධර්මදේශනා කරන තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක: කෙසේ ද යත්: "යටගිය ජාතියෙහි තොප කළ සුචරිත පින්කමින් මෙවෙනි සම්පත් ලදුව. දැනුත් අප්‍රමාදව පින් කළා නම් මතු මෙයට වඩා සම්පත් ලැබ නිවන් දක්නාවාදැ" යි වදාළ සේක. එබස් ඇසූ විහාරමහාදේවී තෙරුන් වහන්සේට මෙසේ කීවාහු ය: "ස්වාමීනි, මා වඳ වුව. දරු කෙනෙක් මට නැත. සම්පත්තීන් කාරිය කිම්දැ, යි කිවු ය. එබස් ඇසූ සර්වඥ පුත්‍ර වූ ප්‍රතිපත්තියට දිවි පුදන්නා වූ අෂ්ටාය්‍ර්‍ය පුද්ගල වූ තෙරුන් වහන්සේ, "මේ දේවීන්ට පුත්‍ර ලාභයකට හේතුවෙක් ඇද්දෝ හෝ" යි දිවසින් බලා වදාරන සේක්, දරු කෙනකුන් ලබන නියාව දිවසින් දැක බිසවුන්ට මෙසේ වදාරන සේක්, "මහ පිනැති දේවීනි, තෙල ගෙයි වසන ගිලන් වූ මියන්නට ආසන්නව සිටි සාමණෙරයන් හා කථාකරව" යි වදාළ සේක.
ගැමුණු කුමරු පිළිසිඳ ගැනීමඑබස් ඇසූ බිසවු ලැගුම් ගෙට ගොස් ඒ ලැගුම් ගෙයි වැද හොත් සාමණෙරයන් වහන්සේ සමීපයට එළඹ වැද" දොහොත් මුදුනෙහි තබා ගෙන මෙසේ දැන්වූ ය: "ස්වාමිනි, මාගේ සම්පත් ඉතා මහත. මේ අත්බැවින්
4 ථුපවංසය
වුතව මට දරු වුව මැනවැ" යි ආරාධනා කළෝ ය. එබස් ඇසූ සාමණෙරයන් වහන්සේ, "මිනිසත් බව ඉතා ප්‍රතිකූල ය" යි සිතා නො ඉවසා වදාළ සේක. නුවණැත්තා වූ ඒ විහාරදේවී එබව දැන බොහෝ සුවඳ මල් ගෙන්වා ගෙන සාමණෙරයන් අත පහරවා මල් පුදා නැවතත් දරු වන්ට ආරාධනා කළෝ ය. සාමණෙරයන් වහන්සේ නො ඉවසත් ම සාමණේරයන් වහන්සේගේ ඉඟි දත් ඒ විහාරදේවී එවිට ම අරළු උක්සකුරු හෙළ ගිතෙල් මේ ආදී බොහෝ බෙහෙත් බඩු ද නැවත බොහෝ සිවුරු සළුපිළි ද ගෙන්වා ගෙන සාමණෙරයන් වහන්සේ අත පහරවා, "ස්වාමීනි, නුඹ වහන්සේ නමට දන් දෙමි" යි කියා මහා සංඝයා වහන්සේට පිළිගන්වා නැවතත් දරු වන්ට ආරාධනා කළෝ ය. එවේලෙහි සාමණෙරයන් වහන්සේ, "දුක්පත් ව උපනොත් පින් කොට ගන්ට බැරි ය. මේ බිසවුන් බඩ පිළිසිද" රජ ව ඉපද ගත්තොත් බොහෝ පින් කොටගත හැක්කැ" යි සිතා, එවිට, "මම දරු වෙමි" යි බිසවුන් මුහුණ මෛත්‍රියෙන් බලා ඉවසා වදාළ සේක.
එවිට සතුටු සිත් ඇති බිසවූ වැඳ සමුගෙන යානාවට නැඟී නික්මුණු ක්ෂණයෙහි ම සාමණෙරයන් වහන්සේ ද නිරුද්ධ ව බිසවුන් මාළිගාවට නො යන තෙක් ම බඩ විදුරැ පුරාපී කලක් මෙන් බිසවුන් බඩ පිළිසිද" ගත් සේක. එකෙණෙහි බිසවු සාමණෙරයන් වහන්සේ මළ බැව් දැන, යන ගමන් වැළකී විහාරයට පෙරළා අවුත් සාමණෙරයන් වහන්සේ මළ පවත් කාවන් තිස්ස රජ්ජුරුවන්ට කියා යවා රජ්ජුරුවන් ගෙන්වා ගෙන දෙමහල්ලෝ ම බොහෝ පූජා සත්කාර කොට සාමණෙරයන් වහන්සේට ආදාහන පූජා කරවා බිසවු රජ ගෙට නො ගොස් විහාරයෙහි ම වැස මහා සංඝයා වහන්සේ ට මහ දන් දුන්හ.
දොළ උපතනැවත මහ පිනැති බිසවුන්ට මේ නියා දොළෙක් උපන. කෙසේ වූ දොළෙක් ද යත්: සියක් රියන් දිග ඇති මහත් මීවැදැල්ලක් සමීපයෙහි හිස තබා ගෙන වමැලයෙන් යහන්පත් ව දොළොස් දහසක් මහා සංඝයා වහන්සේ ට මි දන් දී ඉතිරි මී තමා අතින් කඩා ගෙන කන්නට ද, නැවත අනුරාධපුර නුවර රජ කරන එළාල රජ්ජුරුවන්ගේ විසිමහා යොධයන් අතුරෙන් නායක යොධයාගේ ඉස කැපූ කඩුව දෙව ඒ පැන් ඔහුගේ හිස මැඩ ගෙන බොන්නට ද, නැවත අනුරාධපුර නුවර දෙමළ රජුගේ තිසා වැව මානෙල් කෙතින් නො මලා ගිය මානෙල් මල් පලඳින්නට ද යන මෙතෙක් දොළ දේවීන්ට උපන. කාවන්තිස්ස රජ්ජුරුවෝ විහාරදේවින්ට උපන් දොළ අසා නිමිත්ත දන්නවුන් ගෙන්වා ගෙන වීචාළෝ ය. එබස් ඇසූ නිමිත්ත පාඨකයෝ
ථුපවංසය 5
තමන්ගේ නුවණින් පරීක්ෂා කොට දිවසින් දුටුවන් මෙන් කියන්නෝ, "දෙවයන් වහන්ස, නුඹ වහන්සේගේ මේ බිසවුන් බඩ පිළිසිඳ ගත්තේ මහ පිනැති පුතණු කෙනෙක. ඌ තුමූ දසඑකඩ මසින් බිහිව වැඩිවිය පැමිණ මතු මේ ලංකාද්වීපය පුරා ගෙන හුන් දෙමළුන් මරා ලක්දිව බුදුසසුන් පවත්වති" යි කිවු ය. එබස් ඇසූ රජ්ජුරුවෝ මාගම බෙර ලවන්නෝ මෙසේ කියා බෙර ලැවූ ය. කෙසේ ද යත්: "සියක් රියන් දිග ඇති මී පටලයක් දැක මට කී කෙනෙක් ඇත්නම්, බොහෝ සම්පත් මාගෙන් ලැබෙති" යි කියා බෙර ලැවූ ය.
ඉක්බිති ගොළු මුහුද වෙරළ මුණින් නමා තුබූ මාලු නැවක මීමැස්සෝ මී බැඳ තුබූ ය. මිනිසෙක් ඒ මී දැක කාවන්තිස්ස රජ්ජුරුවන්ට දැන්විය. රජ්ජුරුවෝ එබස් අසා සතුටු ව මහ පෙරහරින් බිසවුන් එතැනට ගෙන ගොස් එතැන්හි යහපත් කොට මඬුවක් ලවා ඒ මඬුව සරහා යහන් පනවා බිසවුන් මී අනුභව කරවන්නට දොළොස් දහසක් රහතුන් වහන්සේට ද මී දන් දුන්හ. නැවත ඉතිරි දොළ බිසවුන්ට දෙනු කැමැති කාවන්තිස්ස රජ්ජුරුවෝ වෙළුසුමන නම් යොධයා කැඳවා දොළ ගෙනෙන්නට නියෝග කළෝ ය. ඒ යොධයා රජ්ජුරුවන් කී බස් ගිවිස මාගමින් නික්ම අනුරාධපුර නුවරට එදවස් ම ගොස් දෙමළ එළාල රජුගේ මඟුලසු රකිනා අස්සලයා හා මිත්‍ර ව ඔහු කරන සියල්ල ම තෙමේ කොට නැවත වෙළුසුමන තෙම අස්සලයා තමාට නො වෙනස් බව දැන එක් දවසක් උදැසන ම මානෙල් කෙතින් මානෙල් මල් කඩා ගෙන කොළොම් ඔය සමීපයේ මලුත් කඩුවත් සඟවා තබා කිසි කෙනකුන් කෙරෙහි භයක් සැකක් නැති ව වෙළුසුමන එළාල රජුගේ මඟුලසු පිටට පැන නැඟි තමාගේ යෝධ නම් අස්වාලා, "සුරෙක් මා අල්වා ගනුව"යි කියාලා අශ්ව වේගයෙන් නික්මිණ.ඒ ඇසූ දෙමළ රජ වෙළුසුමනයන් ගන්නා පිණිස යොධයන් විසි දෙනාගෙන් නායක යොධයාට තමා නැඟෙන දෙවෙනි මඟුලසු දි, "ඌ ගනුව" යි සමු දින.එවේලෙහි වෙල්දෙව නම් දෙමළ යෝධයා රජ්ජුරුවන් වැඳ සමුගෙන අසු පිටට පැන නැඟී අශ්ව වේගයෙන් ඔහු අඹා දිවී ය. එවේලෙහි වෙළුසුමන තමා පසු පස්සෙහි අඹා දිවන දෙමළ යෝධයා දැක කැලයක් මුවාව ගෙන අසුපිට හිඳ වේගයෙන් දිවන්න වුට කඩුව සරස් කොට පෑ උගේ හිස කපා හිස අසුපිට තබා ගෙන ඌ ගෙනා අසුත් හැර ගෙන එදවස් ම සවස් වේලෙහි මාගමට ගොස් වන. එවේලෙහි කාන්තිස්ස රජ්ජුරුවෝ සතුටු ව බිසවුන් රුචි වූ පරිද්දෙන් දොළ දෙවා දොළ පහ කොට වෙළුසුමනයන්ට බොහෝ සම්පත් දුන්හ. ඉක්බිති බිසවු වැදුව මනා සමයෙහි මහ පිනැති උතුම් කුමාරයන් වැදු ය. එදවස් කුමාරයන්ගේ පිනින් රුවන් පිරූ නැව් සතෙක් අවුදින් තොටට බට. තවද කුමාරයන්ගේ පිනින් හිමාලයෙහි ඡද්දත්ත විලින් එක් ඇතින්නක් තමාගේ පුතු ඇලි ඇත් පැටවකු ගෙනහැර හෝතෙර ලාපියා පලා ගියා ය.
6 ථුපවංසය
එතැන සිටි ඇලි ඇත් පැටවු බිළි බාන්නට ගිය කඩොල් නම් බිළී වැද්දෙක් දැක රජ්ජුරැවන්ට කී ය. එබස් ඇසූ රජ්ජුරුවෝ ඇත්තලයන් යවා ඇත් පැටවු ගෙන්වා ගෙන පෙරහර තබා දුන්හ. කඩොල් නම් බිළී වැද්දවු දුටු විසින් ඒ ඇතුට කඩොලැතා යයි නම් විය. නැවත කුමාරයන් උපන් දවස් ම රන් වළන් පිරූ නැවකුත් තොටට බට. රජ්ජුරුවෝ එයින් ගෙන්වා ගෙන තැබූ ය. කාවන්තිස්ස රජ්ජුරුවෝ පුතණුවන්ට නම් තබන මඟුලෙහි දොළොස් දහසක් සංඝයා වහන්සේ රැස් කරවා, "මාගේ පුතණුවෝ සියලු ලංකාද්වීපයෙහි දෙමළුන් සාධා බුදුසසුන් ඇති කෙරෙත් නම්, ගොතම නම් තෙර කෙනකුන් වහන්සේ මාගේ පුතණුවන් අත අල්වා ගන්නා සේක්ව" යි, "උන්වහන්සේ ම ශරණ ශීලයෙහි පිහිටුවන සේක්ව" යි සිතූහ. රජ්ජුරුවන් සිතූ සැටි ම විය. ඒ සියලු නිමිත්ත දැක රජ්ජුරුවෝ සතුටු ව සංඝයා වහන්සේට කිරිබත් දන් දී පුතණුවන්ට ගැමුණු කුමාරයෝ යයි නම් තැබූ ය. නැවත බිසවුන් හා පුතණුවන් හැරගෙන විහාරයෙන් රජගෙට ගියහ. එසේ රජගෙට ගෙන ගිය නව දවසකින් දේවින් හා කැටීව සංසර්ග වූහ. ඒ සංසර්ගයෙන් නැවතත් පුතණු කෙනකුන්ට උපතක් සිටියේ ය. ඒ උපත සිට වැදු කුමාරයන්ට තිස්ස ය යි නම් තැබූහ. මෙසේ මහ පෙරහරින් දෙබෑයෝ වැඩුණාහු ය. රජ්ජුරුවෝ දරුවන් දෙන්නාගේ සියලු මඟුලෙහි ම පන්සියයක් පන්සියයක් මහණ වහන්දැට කිරිබත් දන් දුන්හ. නැවත කුමාරයන්ට බත් කවන මඟුලෙහි එසේ ම පන්සියයක් දෙනා වහන්සේ පවරා වළඳවා වැළඳූ අන්තයෙහි රන් තලිය ගෙන හැර දෙමහල්ලෝ ම පන්සියයක් දෙනා වහන්සේ ගෙන් පන්සියයක් බත් ආලොප ගෙන දරුවන් දෙන්නා ගෙන තබා බතට හිඳුවා මෙසේ කිවු ය. "දරුවෙනි, තෙපි දෙදෙනා බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පින් කරවු නම්, මේ බත තොපගේ කුසහෙ යෙහෙන් දිරාව" යි කියා දුන්නු ය. කුමාරවරු දෙබෑයෝ ඒ බත අමාවක් මෙන් කැවු ය. උන් දෙබෑයන් (දස) දොළොස් හැවිරිදි වූ කල දරු දෙන්නා විමසනු පිණිස පෙරසේ ම වහන්දෑ වරුන් වළඳවා වැළඳූ අන්තයෙහි වැළඳු බත් තලියෙහි ලා ගෙන දෙබෑයන් හිඳුවාලා තලියේ බත් තුන් කොටසක් කොට ඒ කාවන්තිස්ස රජ්ජුරුවෝ දෙබෑයන්ට මෙසේ කිවු ය. "තෙපි දෙබෑයෝ ම 'අපගේ කුල දෙවතා වූ සංඝයා වහන්සේට විමතියක් නො කරම්හ" යි කියා මේ බත් තුන් කොටසින් එක් කොටසක් කව" යි කිවු ය. එවේලෙහි එබස් ඇසූ දෙබෑයෝ, "අපි දෙන්න ම නිරන්තරයෙන් ම සංඝයා වහන්සේට, පියාණන් වහන්ස, නුඹ වහන්සේ කී සැටියේ ම කරම්හ" යි කියා පළමු කොටස කැවු ය. නැවත රජ්ජුරුවෝ කියන්නෝ, "අපි දෙබෑයෝ ඔවුනොවුන්ට විපක්ප නොවම්හ යි කියා දෙවෙනි කොටස කව" යි කිවු ය. ඒ කොටසත් එසේ ම කියා අමාවක් මෙන් කෑවු ය. තුන්
ථුපවංසය 7
වන කොටස, "දෙමළුන් හා සටන් නො කරම්හ යි කියා දිවුට කව" යි කිවු ය. මෙසේ රජුජුරුවන් කී කල්හි තිස්ස කුමාරයෝ තමන් අතින් ගත් බත් පිඬ පිට හෙළාපියා පලා ගියෝ ය. ගැමුණු කුමාරයෝ ද එසේම තමන් ගත් බත් පිඩ තලියේ හෙළාපියා තමන් වැදහෝනා තැනට ගොස් යානට පැන නැඟි අත පය හකුළුවා ගෙන වැද හොත්තෝ ය. එවේලෙහි එලෙස හොත් පුතණුවන් දැක විහාරමහා දේවි ශෝකයෙන් කම්පා ව මියුඩුරු සුසුම් ලා මෙසේ කියන්නාහ. "ඇයි, පුතණ්ඩ, ගැමුණු කුමාරයෙනි! මේ යහන සුව සේ අතපය දික් කොට වැද නො හෙව කුමක් පිණිස අතපය වක් කොට ගෙන බැණ නො නැඟී වැද හෝනාවු ද පුතණ්ඩැ" යි කිවු ය. එබස් ඇසූ ගැමුණු කුමාරයෝ, "කුමක් කියන සේක් ද මෑණියන් වහන්ස! ගඟින් එතෙර දෙමළුන් වුව, මෑතින් ගොළු මුහුද වුව; කෙසේ ද මා අතපය දික් කොට සුවසේ වැද හෝනේ?, යයි කිවු ය. එබස් අසා ගැමුණු කුමාරයන්ගේ අභිප්‍රාය දත් මවුපියෝ මුයෙන් නො බිණු ය. ගැමුණු කුමාර තෙම ක්‍රමයෙන් වැඩෙන්නේ සොළොස් හැවිරිදි වි ය. ඒ කුමර මහ පිනැතියේ මහත් යසසට පැමිණියේ ය. ධෛර්යෙන් ද තෙජසින් ද බල පරාක්‍රමයෙන් ද යුක්ත ය. හස්ති ශිල්ප අශ්ව ශිල්ප රථ ශිල්ප ඛඬ්ග ශිල්ප ධනු ශිල්පයෙහි දක්ෂ ය. ඒ මහා බල ඇති ගැමුණු කුමාර තෙමේ මාගම විසී ය.
දශ මහා යෝධයෝඉක්බිති කාවන්තිස් රජ්ජුරුවෝ පුතණුවන් ගැමුණු කුමාරයන්ට සේනාවක් දී ඇති කරන පිණිස නන්දිමිත්ර යෝධයන් ඇතුළු ව දස දෙනකු දුන්හ. ඒ යෝධයෝ කිනම්හු ද යත්: නන්දිමිත්ර නම් යෝධයාණ කෙනෙක, සුරනිර්මල නම් යෝධයාණ කෙනෙක, මහාසොණ නම් යෝධයාණ කෙනෙක, ගොඨයිම්බර නම් යෝධයාණ කෙනෙක, ථෙරපුත්තාභය නම් යෝධයාණ කෙනෙක, භරණ නම් යෝධයාණ කෙනෙක, වේළුසුමන නම් යෝධයාණ කෙනෙක, ඛඤ්ජදේව නම් යෝධයාණ කෙනෙක, ඵුස්ස දෙව නම් යෝධයාණ කෙනෙක, ලභිය්ය වසහ නම් යෝධයාණ කෙනෙක යන මෙ කී දශ මහා යෝධයන් පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. ඒ දශ මහා යෝධයන්ගේ උත්පත්ති ගම් බිම් උන් කළ කුසල් මෙසේ දත යුත. හේ කෙසේ ද යත්:
නන්දිමිත්ර යෝධයා
නන්දිමිත්ර නම් යෝධයා-අනුරාධපුර නුවර නැගෙනහිරි දිශාවෙහි රාජ්‍යය කරන එළාල රජ්ජුරුවන්ගේ මිත්ත නම් සෙනෙවිරත් කෙනෙක් ඇත. ඒ සෙනෙවි රදුන් හා එකකුස හෝත් නැඟණියන්ගේ පුතණුවෝය.
ථුපවංසය 8ඌ අනුරාධපුර නුවරට නැගෙනහිරි දිශාවෙහි සිතුල් පවුව යයි යන පර්වතයක් සමීපයෙහි කඩරොද යන ගම උපන්නේ ය. එසේ උපන් කුමාරයන්ට නම් තබන්නෝ මයිලණුවන්ගේ නම තබන්නාහු මිත්ත නම් තුබූහ. ඒ මිත්ත නම් කුමාරයන් දණ හෙළා ඇවිදිනා කල දණ ගාගෙන කුමාරයා දුරට යන විසින් මෑණියෝ වලකා වෙහෙසි පියා "තට කියටි දනිමි" යි වරපටක් හැර ගෙන කුමාරයන් හිණ බැඳලා ඒ වරපට කෙළවර දාගල බැන්දෝ ය. ඒ කුමාර, "මෑණියෙනි, තොප බැඳ රැඳෙවුවත් මා රඳන්නේ නැතැ" යි බැඳ ලූ දාගල ඇද ගෙන යන කුමාර එළිපත දක්වා ඇද ගෙන ගොස් එළි පත් පඩියේ දාගල වැද ගත් විසින්, එසේ ද වුවත් ගලත් ඇද ගෙන යෙමී" ගල අදීනාවූ හිණ බැඳි වරපට සිඳි ගියේ ය. වරපට සිඳි ගිය හෙයින් නන්දි මිත්‍රයෝ ය යි එදා පටන් මේ නමින් ප්‍රසිද්ධ වූයේ ය. ඒ නන්දිමිත්ර කුමාර ක්‍රමයෙන් වැඩී අභිවෘද්ධියට පැමිණියේ ය. ඇතුන් දශ දෙනකුට බල දරන්නේ ය. උහු අනුරාධපුර නුවරට ගොස් මයිලණුවන් මිත්ත නම් සෙනෙවිරදුන්ට ම සේවාකම් කෙරෙති. එසමයෙහි අනුරාධපුර එළාල රජුගේ දෙමළු සවස උදැසන පලා ගොස් ථූපාරාම මළුවෙහි හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටි මළුවට ගොස් කිස අත්පස කරන දෙමළුන් දැක නන්දිමිත්ර නම් යෝධයා මෙසේ සිති ය: "මා වැනි සැදැහැ ඇති තුනුරුවන් දස් එකක්හු මේ දැක දැක හිඳිනා බව සුදුසු නො වෙයි" සිතා දිව ගෙන ගොස් විහාරය නසන දෙමළුන් අල්වා ගෙන හඬව හඬවා බලි සේ හෙළා ගෙන සල්ව සල්වා තමාගේ දකුණු පයින් උන්ගේ කලවා මැඩ අතින් අනික් පය ඔසවා ගෙන මහත් බල ඇති නන්දි මිත්‍රයා දෙමළුන් දෙකඩක් කොට පළා පවුරෙන් පිටතට දමන්නේ ය. එලෙස දැමු දෙමළුන් දැක, "නන්දිමිත්‍රයන්ට භය එති" යි සිතා දෙවියෝ අන්තර්ධාන කෙරෙති. මෙසේ මරන දෙමළුන් දවසකට පනසක් සැටක් බැගින් බොහෝ දෙමළුන් මැරූ කල දෙමළුන්ගේ විනාශය දැක අමාත්‍යයෝ එළාල රජ්ජුරුවන් කරා ගොස් මෙසේ කිවු ය: "දෙවයන් වහන්ස, යක්ෂ රාක්ෂයකු සිංහ ව්‍යාඝ්‍රයකු විසින් කන බවත් නො දනුම්හ. එසේ ඔවුන් කතොත් ඉසකේ ඇට ආදිය නො දකුමෝ ද? මීට කාරණ කිම් දැ" යි රජ්ජුරුවන් විචාළෝ ය. එබස් ඇසූ රජ්ජුරුවෝ අමාත්‍යයන්ට මෙසේ කිවු ය. කෙසේ ද යත්: "තෙපි හැම දෙන රාත්‍රියෙහි ඒ ඒ ස්ථානවල සැඟවී සිට ඒ උපද්‍රව කරන්න වුන් අල්වා ගෙන මා සමීපයට ගෙනෙව. උන්ට කළමනා දෑ දනිමි" යි අමාත්‍යයන්ට සම්මත කළෝ ය. එතැන් පටන් නුවර පරීක්ෂා කරන්නා වූ අමාත්‍යයෝ පරීක්ෂා කොට දෙමළුන් මරන නන්දිමිත්‍රයන් අල්වා ගත නුහුණුවාහු ය. දෙමළුන් මරන නන්දිමිත්‍රයෝ එක් දවසක් මෙසේ සිතු ය: "මම මේ සැටියේ දෙමළුන් මරන්නම් මාගේ ආයු ප්‍රමාණයෙන් මරන්නා මුත්, මරා
ථුපවංසය 9
නිමවාගත නො හැක්කේ ය. එසේ වූ දෙමළුන් මරා කවර දා බුදුසසුන් පවත් කෙරෙම් දැ" යි සිතා නැවත මෛස් සිතූ ය. කෙසේ ද යත්: "රූණ රජ කරන බොහෝ රජදරුවෝ ඇත. ඒ රජදරුවන් අතුරෙන් රත්නත්රුයෙහි සැදැහැඇති රජ්ජුරු කෙනකුන්ට සේවාකම් කොට ලඞ්කා ද්වීපයෙහි පුරාගෙන හුන් මේ සියලු දෙමළුන් සාධා ඒ රජ්ජුරුවන්ට රාජ්‍යයය ගෙන දී උන් ලවා බුදුරජාණන් වහන්සේගේ පස්වාදහසක් පවත්නා බුදුසසුන් බබුළුවමි" යි සිතා අනුරාධපුර නුවරින් නික්ම සවස මාගමට අවුත් ගැමුණු කුමාරයන් දැක මෙපවත් කියා ගැමුණු කුමාරයන් සමීපයෙහි ම වසන්නාහ. ගැමුණු කුමාරයෝ ද මෑණියන් හා කථාකොට නන්දිමිත්රප යෝධයන්ට බොහෝ සත්කාර කොට සම්පත් දුන්නු ය. ඒ නන්දිමිත්‍රා යෝධයෝ එතැන් පටන් ගැමුණු කුමාරයන් සමීපයෙහි විසූ ය. න්න්දිමිත්ර යෝධයාණන්ගේ උත්පත්ති කථාව මෙසේ දත යුතු.
සුරනිර්මල යෝධයානැවත සුරනිර්මල යෝධයාණන්ගේ උත්පත්ති කථාව කෙසේද යත්: කාවන්තිස්ස රජ්ජුරුවෝ දෙමළුන් ගඟින් මේතරට ආ නො දි වලකනු පිණිස මාවැලිගඟින් මෙතර දිගට ම රැකවල් ලැවූය. එසේ රැකවල් ලබන රජ්ජුරුවෝ තමන් බිසෝවරුන් අතුරෙන් එක් බිසෝ කෙනකුන්ගේ දීඝාභය නම් පුතණු කෙනකුන් කසාතොට යයි යන තෙන රැකවල් ලැවු ය. දීඝාභය නම් කුමාර යෝ ද තමන් උන් කසාතොටට හාත්පසින් සතර ගව්වෙක ගම්වලින් "එකි එකී මහ කුලයකින් තම තමන්ගේ එකි එකී පුතණු කෙනකුන් මා සමීපයෙහි සිටිය මැනවැ" යි ගෙන්වූ ය. එසමයෙහි කෙළිවාපි ජනපදයෙහි කඩවිටි නම් ගම බොහෝ සම්පත් ඇති සංඝ නම් කෙළෙඹියක්හුගේ පුත්තු සත් දෙනෙක් වූහ. රාජ කුමාරයෝ සංඝ නම් කෙළෙඹියාණන්ගේ පුතුන් සත් බෑයන් ඇති නියාව අසා, "එක් කෙනකුන් මට සේවාකම් කළ මැනවැ" යි පත් යවූ ය. සත් බෑයන් අතුරෙන් කිස්දොවුන් පුතණුවෝ නිර්මල නම් වූහ. ඒ කුමාර ඇතුන් දශ දෙනකුට බල ඇත්තේ ය. එසේ බල ඇතත් කිසි කර්මාන්තයක් දෙමවුපියන්ට නො කරන්නේ ය. එසේ හෙයින් අනික් සැබෑයෝ නිර්මල නම් මලණුවන්ට "කාලා කිසි කර්මාන්තයක් නො කොට ගෙන් දොරට නො යෙයි. එ සේ වූ සොරු රාජ කුමාරයන් සමීපයට, එවූ පතට, යවුව මැනවැ" යි සබෑයෝ මලණුවන් නො කැමැතිව ම දෙමවුපියන්ට කිවු ය. මවුපිය දෙදෙන කෙනෙක් දරුවන් ඇතත් කිස්දොවුන් දරුවන් කෙරේ සෙනෙඟ බොහෝ විසින් නිර්මලයන් යවනු නොකැමැත්තෝ ය. නිර්මල කුමාරයා මල් බෑයන්ට කිපී උදෑසන කඩවිටි නම් ගමින් නික්ම දොළොස් කව්වක් ගෙවා ගෙන හිරු නැගෙන වේලාවට කසාතොටට ගොස් දීඝාභය කුමාරයන් දුටුයේ ය.
10 ථුපවංසය
කුමාරයෝ නිර්මලයන් දැක උන්ගේ ගමන් පරීක්ෂා කරනු පිණිස දුරු මෙහෙවරක් කියා යවා ගමන් පරීක්ෂා කළ මැනවැයි සිතා, "මිහින්තලා ගල ආසන්නයෙහි ද්වාරමණ්ඩල නම් ගම මාගේ යහළණුවන් කුණ්ඩල නම් බමුණාණන් සමීපයට ගොස් මා යවූ පත දීලා, උන් දුන් සඳුන් කපුරු කස්තුරු කළුවැල් තුවරලා මේ ආදී සුවඳ ගෙනෙව" යි කියා නිර්මලයන් බත් කවා බමුණානන් සමීපයට පත දී යවූ ය. ඒ කසාතොට අනුරාධපුර නුවරට සතිස් ගව්ව ය. නිර්මලයෝ ඒ සතිස් ගව්ව ගෙවා ගෙන පෙරවරු ම ද්වාරමණ්ඩල නම් ගමට ගොස් බමුණානන් දැක පත දුන්හ. බමුණාණෝ නිර්මලයන් "කවර දා නික්මුණුදැ"යි විචාළෝ ය. එසේ විචාළ බමුණාණන්ට නිර්මලයෝ "උදෑසන ම බත් කා ආමී" යි කිවු ය. එබස් ඇසූ බමුණාණෝ කියන්නෝ, "ආශ්චර්යය, තිසා වැවට ගොස් නාපියා බත් කන්නට පලා එව" යි කීහ. ඒ බස් ඇසූ නිර්මලයෝ අනුරාධපුර නුවරට ගොස් තිසා වැවින් නා පියා ශ්‍රි මහාබෝධින් වහන්සේට මල් පුදා වැඳ ථූපාරාම මළුවට ගොස් ථූපාරාමයත් වැඳ ඇතුළු නුවරට වැද-නැඟෙනහිරි වාසලින් බස්නාහිරි වාසල දකින්නේ සතර ගව්වක් ගිය කල ය; දකුණුදිග වාසලින් උතුරු දිග වාසල දකින්නේ සතර ගව්වක් ගිය කල ය; එසේ වූ සියලු නුවර නිර්මලයෝ බලා සතර වාසල් දොර ඇවිද පියා සල්පිළින් සුවඳ හැර ගෙන උතුරු වාසල් දොරින් නික්ම මානෙල් කෙතට ගොස් මානෙල් මල් කඩා පැලඳ ගෙන නැවත බමුණන්ගේ ගෙට ම පෙරවරු බත් වේලාවට ම ගියාහු ය. බමුණා "කොයි ගියා ද" යි විචාරා ගිය ගමන් අසා සතුටු ව විස්ම පත් ව මෙසේ සිති ය: "මේ පුරුෂයා උතුම්පිරිමියෙක. ඉදින් එළාල රජ මොහුගේ බල දත් නම් තමා සමිපයට හැර ගන්නේ ය. එසේ හෙයින් දෙමළුන් ආසන්නයේ කල් යවා හිඳීම සුදුසු නො වෙයි. දීඝාභය කුමාරයන්ගේ පියාණන් සමීපයේ වසන්නට සුදුසු ය" යි සිතා කාවන්තිස්ස රජ්ජුරුවන් සමීපයෙහි හිඳිනා නියායෙන් පතක් ලියා නිර්මලයන්ට දින. නැවත පූර්ණවර්ධන නම් පිළී සඟළක් ද ඇතුළු වූ පඩුරු දී බත් කවා තමාගේ යහළු වූ දිඝාභය කුමාරයන් සමීයට යවී ය. ඒ නිර්මලයෝ ඒ දවස් සවස් වේලෙහි ම රාජ කුමාරයන් ඇවිත් දුටහ. නැවත තමා ගෙන ගිය පත හා පඬුරු රාජ කුමාරයන් දින. රාජ කුමාරයෝ නිර්මලයන්ට මසුරන් දහසක් වටනා මැහැඟි ප්ර්සාද දී නිර්මලයන් හිසකේ කපා මාවැලි ගඟින් නාවා බමුණාණන් තමන්ට එවූ පූර්ණ වර්ධන නම් පිළිසහළ ද මල් සුවඳ ද නිර්මලයන්ට දී දුහුලින් නිර්මලයන් හිස වෙළා තමන් කන සැටියේ බත් කවා මසුරන් දහසක් වටිනා මාහැඟි යහනක් ද දුන්හ. ඉක්බිති නිර්මලයෝ තමන්ට දුන් සියලු ප්රකසාද එක් කොට
ථුපවංසය 11
ලා කිසිල්ලේ ගන්වා ගෙන දෙමවුපියන් හිඳිනා ගමට එදා ම ගොස් පිළි සහළ මෑණියන්ට දී මාහැඟි යාන පියාණන්ට දී දෙමෝපිය දෙදෙනා වැඳලා සමුගෙන නැවත ඒ දවස් ම රාත්‍රි යෙහි රැකවල් රකිනා තෙනට අවුත් උන්හ. රාජ කුමාරයෝ නිර්මලයන් දෙමෝපියන්ගේ ගම නො රඳා ඊයේ ම රැකවලට ආ නියාව උදෑසන අසා සතුටුට මසුරන් දහසක් දී, "කාවන්තිස්ස රජ්ජුරුවන් සමීපයෙහි වසව" යි සමු දුන්හ. නිර්මලයෝ මසුරන් දහසත් දෙමෝපියන්ට දි එදවස් ම මඟ ගෙවා ගෙන මාගමට ගොස් කාවන්තිස්ස රජ්ජුරුවන් දුටහ. රජ්ජුරුවෝ ඒ දැක සතුටු ව නිර්මලයන්ට බොහෝ ප්රිසාද දී සුරනිර්මල යෝධයා යයි මේ නමින් ප්රාසිද්ධ කොට පුතණුවන් ගැමුණු කුමාරයන්ට ම පාවා දුන්හ. එතැන් පටන් ශෞර වීය්ය් ොස ඇති හෙයින් සුර නිර්මල නම් විය. මේ සුරනිර්මලයන්ගේ උත්පත්ති කථාවයි.
මහාසොණ යෝධයා
නැවත මල්වතු මඬුල්ලෙහි උදුර කරවිටි නම් ගම තිස්ස නම් කෙළෙඹි යක්හුගේ පුත්තු අට දෙනෙක් ඇත. උන් අට දෙනා අතුරෙන් කිස්දොවුන් පුතා සත් ඇවිරිදි වයසේදි ඉස් වට උස කොර තල් උදුරන්නේ ය. දස ඇවිරිදි කල මහ තල් ගස් උදුරන්නේ ය. ක්‍රමයෙන් වැඩි සොළොස් ඇවිරිදි කල ඇතුන් දසදෙනකුට බල ඇත්තේ ය. එතෙම මහාසොණ නම් යෝධයා ය යි මේ නමින් ප්රරසිද්ධ විය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ බල අසා දෙමෝපියන් දෙදෙනාට බොහෝ සම්පත් යවා, "තමන්ගේ තෙල පුතා තමන් සමීපයේ වසන්ට සුදුසු නො වෙයි. මාගේ පුතනුවන් ගැමුණු කුමාරයන් සමීපයේ වසන්නට සුදුසු ය යි කියා ගෙන්වා ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ මහාසොණ නම් වූ යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.ගොඨයිම්බර යෝධයාතවද දොළොස් දහස් ගිරුවා හෝ බඩ නිටුල්විටි නම් ගම මහානාග නම් කෙළෙඹියක්හුගේ පුතෙක් මිටි හෙයින් ගොඨ යයි කියනු ලැබෙයි. එසේ කියන බව මුත් ඇතුන් දස දෙනකුට බල ඇත්තේ ය. ඔහුගේ වැඩි මහලු සබෑයෝ බාල මලණුවන්ට මිටි හෙයින් ගොඨයා යයි පරිහාස කියා වෙහෙසා කෙළිනාහු ය. එක් දවසක් මාසට කුඹුරු ඉදි කරන්නා වූ සබෑයෝ උනුන් අතුරෙන් ගැණ ගැණලා ගස් මුල් කපන්නෝ බාල මලණුවන්ටත් භාගයක් තබා තුමු සදෙන ගස් මුල් කපා ගෙට අවුත් මලණුවන්ට සබෑයෝ කියන්නෝ:
12 ථුපවංසය
"ගොඨය, මෙතෙක් දා සේම ගෙයි කාලා වැද හුන්නා සේ ඉතිකින් වැඳ හිඳිමි යි නො සිතව. තොපටත් කුඹුරු කිරියක වපවල් තබාලා ආම්හ" යි කීහ. ගොඨයා ද මල් බෑයන් කී වාසි බස් අසා කුඹුරට ගොස් කුඹුරෙහි තල් පොල් සා ඉඹුරු වනය තම්පලා පැළ උදුරන්නා සේ උදුරා කඳ වැට බැඳ කුඹුරේ වළ ගොඩ තැන් උදලු ගා සම කොට තනා ගෙට අවුත් තමාට වාසි කී සබෑයන්ට එපවත් කී ය. සබෑයෝ එපවත් අසා උනුන් මුහුණ බලා සිනාසි, "ගෙයි කාලා හිඳිනා ගොඨයා හින්ද නො දී මෙහෙයට යවූම්හ. උන් කළ මෙහෙවර බලාපුව මැනවැ" යි කුඹුරට ගොස් ගොඨයන් කළ ආශ්චර්යමත් කර්මාන්ත සබෑයෝ දැක මහත් වූ විස්මයට පැමිණියාහු ය. එතැන් පටන් ගොඨයා ඉඹුරු ඉදුරු හෙයින් ගොඨයිම්බර යෝධයා ය යි මේ නමින් ප්රයසිද්ධ විය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ගොඨයිම්බරයන්ගේ බල අසා දෙමවුපියන් දෙදෙනාට ප්‍රසාද යවා ගොඨයිම්බරයන් ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ ගොඨයිම්බර යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.
ථෙරපුත්තාභය යෝධයා
නැවත කොළපවු පර්වත සමීපයෙහි කැතිගම රොහණ නම් කෙළෙඹි යක්හුගේ පුතෙක් උපන. ඌ උපන් තෙනදී ඌට නම් තබන්නෝ ගොඨාභය නම් රජ්ජුරුවන්ගේ නමින් අභා නම් කුමාරයා යයි නම් තුබූහ. ඒ කුමාරයා දොළොස් හැවිරිදි වූ කල මහත් ශක්ති ඇත්තේ ය. නැවත සතර පස් දෙනකු විසින් සොලවා ලිය නො හැකි වට ගල් කෙළිපෙඳවට සේ ඔසවා ගෙන සරු නැතිව දමන්නේ ය. සොළොස් හැවිරිදි කල ඔහුගේ පියාණන් කරවා දෙන ලද අටතිස් අඟුලක් වට ඇති වඩුවෙන් සොළොස් රියනක් දිග ඇති යගදාවක් ගෙන තල් පොල් යගදාවෙන් ගසා හෙළන්නේ ය. එසේ හෙයින් අහා නම් යෝධයා ය යි ප්රයසිද්ධ විය. නැවත ඒ අභා නම් කුමාරයන්ගේ පියාණෝ රොහණ නම් කෙළෙඹි පුත්‍රයා මහාසුමන නම් තෙර කෙනකුන් වහන්සේගෙන් බණ අසා සේවාන් ඵලයට පැමිණ කෙළ පවු පර්වතයෙහි වසන සුමන නම් තෙරුන් වහන්සේ සමීපයෙහි මහණ වෙමි යි ගිහිගෙයි කළකිරි කාවන්තිස්ස රජ්ජුරුවන්ට කියා යවා අවසර ඉල්වා ගෙන මහණව භාවනා කොට රහත් විය. එසේ හෙයින් ඒ කුමාර යාව රජ්ජුරුවන්ගේ නමින් අභය නම් හැර පියාණන් මහණව රහත් වූ හෙයින් ථෙරපුත්තාභය නම් යෝධයා යයි මේ නමින් ප්රාසිද්ධ විය. කාවන් තිස්ස රජ්ජුරුවෝ ථෙරපුත්තාභය නම් යොධයාණන්ගේ පවත් අසා උහු ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ ථෙරපුත්තාභය නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.
ථුපවංසය 13
මහා භරණ යෝධයානැවත කප්පඳුරු නම් ගම කුමාර නම් කෙළෙඹියක්හුගේ භරණ නම් පුතෙක් උපන. ඒ භරණ නම් කුමාරයා දොළොස් ඇවිරිදි කල බලයෙන් ද ජවයෙන් ද යුක්ත ය. බාලයන් හා කැටිව වල ඇවිදිනේ සාවුන් ලුහුබඳවා ගෙන පයින් ගසා මරන්නේ ය. එසේ ම සොළොස් හැවිරිදි කල ගම් වැස්සන් හා කැටිව වලට ගොස් මුවන් ගෝනන් ඌරන් ලුහුබඳවා කකුල් අල්වා ගෙන බිම ගසා මරන්නේ ය. මෙසේ බල ඇති හෙයින් මහාභරණ නම් යෝධයා ය යි මේ නමින් ප්ර්සිද්ධ විය. ඉක්බිති කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ බල අසා ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ මහා භරණ නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.වෙළුසුමන යෝධයානැවත ගිරිනිල් දනව්වෙහි කෙළෙඹියඟණ නම් ගම වසභ නම් කෙළෙඹි යක්හුගේ පුතෙක් උපන. එම දනව්වෙහි වෙළු නම් ගම වෙළු නම් (කෙළෙඹි පුත්රායකු හා සුමන නම් ජනපද නායකයකු හා දෙදෙන ඔහු) හා මිත්ර්ව හිඳිනාහ. (ඔහු දෙදෙන) තමන්ගේ වසභ නම් යාළණුවන්ගේ පුතණු කෙනකුන් උපන්හ යි අසා බොහෝ උපකරණ ගෙන්වා ගෙන යාළණුවන්ගේ ගමට අවුත් යාළුණුවන්ගේ පුතණුවන් දැක තමන්ගේ සුමන නම් වෙළු නම් දෙක එක් කොට වෙළුසුමන යයි නම් තබා (සුමනයන්ගේ) ගමට කුමාරයන් ගෙන ගියෝ ය. ඉක්බිති වෙළුසුමන කුමාර වැඩිවිය පැමිණ මහත් යසසට පැමිණියේ ය. එසමයෙහි එක් සෛන්ධවයෙක් කිසි කෙනකුන් තමා පිටට නැංග නො දෙයි. ඒ සෛන්ධවයා වෙළුසුමනයන් දැක "මා පිටට නැඟෙන්නට සුදුසු සේවායෙකැ" යි සතුටුව වෙළුසුමනයන් මුණ බලයි. ඒ දැක කුඩා පියා වෙළුසුමනයන්ට "පුත, වෙළුසුමනයෙනි, තෙපි මේ අසු පිටට නැඟෙව" යි වෙළුසුමනයන්ට අසු දින. එවේලෙහි වෙළුසුමනයෝ කුඩා පියාණන් දුන් අසු පිටට පැන නැඟි අසු විහිදුවා ලූ ය. ඒ වේලෙහි ඒ සෛන්ධවයාගේ ජව කෙසේද යත්: අසුන්ගෙන් වටලා ලූ අස් වළන්ලක් මෙන් විය. එසේ අසු විහිදුවා නැවත අසු දිග හැර දිවන අසු පිට තෙමේ සිට ගෙන ඌ කෙරේ මඳ ශඞ්කාවක් නො කොට තමා හැඳගත් සළු පටින් පට අසු දිවියදි ම ගලවයි. නැවත පටින් පට ඇඳ ගන්නි. ඒ දැක බොහෝ දෙනා මහත් කොට ඔල්වර හඬ පැවැත්වූ ය. එවේලෙහි වෙළුසුමනයන්ගේ කුඩා පියාණෝ පුතණුවන්ගේ බල දැක සතුටුව ඔහට මසුරන් දහසක් දී, "මේ මාගේ කුඩා පිත් මා කෙරෙහිත් මාගේ යාළුණුවන් කෙරෙහිත් වසන්නට සුදුසු නොවෙයි" සිතා ඌ කැඳවා ගෙන මාගමට ගොස් කාවන්තිස්ස රජ්ජුරුවන්ට
14 ථුපවංසය
පාවා දුන්හ. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඕහට බොහෝ සම්පත් දී වෙළුසුමන යන් තමන් සමීපයෙහි රැඳ වූහ.
මේ වෙළුසුමන යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.
ඛඤ්ඡදෙව යෝධයා
තවද අංජලි පවු සමීපයෙහි මීදෙණිය යන නම් ඇති ගම අභා නම් එක් කෙළෙඹී පුත්ර්යක්හුගේ පුතෙක් උපන. ඒ උපන් පුතා මඳක් පිළු හෙයින් ඛඤ්ඡදෙව යයි මේ නමින් ප්රෙසිද්ධ විය. ඛඤ්ඡදෙවයා මහත් බල ඇත්තේ ය. ඒ ගම්වැස්සන් හා කැටිව වලට මුව දඩ ගියේ, වල දිවන වල් මීවුන් දැක ඛඤ්ඡදෙවයා ඔවුන් දෙකකුල් අල්වා ගෙන තමා හිස සිසාරා බිම ගසා ඇට තුතු කොට වල් මීවුන් මරයි. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ බල අසා දෙමවුපියන්ට බොහෝ සම්පත් දී උන් ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට ම පාවා දුන්හ. මේ ඛඤ්ඡදෙව නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.
උන්මාද ඵුස්සදෙව යෝධයාතවද චිත්තල පර්වත සමීපයෙහි ගොඩිගමුව යයි යන ගම් උප්පල නම් කෙළෙඹියක්හුගේ ඵුස්ස(දෙව) නම් පුතෙක් බාල කල තමා සේම සෙසු බාලයන් හා එක්ව විහාරයට ගොස් බොධීන් වහන්සේට පූජා පිණිස විහාරයෙහි තුබූ සක තමා අතට හැර ගෙන පිඹපී ය. ඔහු පිඹපූ ඒ සඬ්ඛ නාදය සිය ගණන් එක විට ගැසූ සෙණ හඬ මෙන් ශබ්ද පතළේ ය. ඒ ඇසූ බාල දරුවෝ භය පත්ව උන්මත්ව මුහුණින් කඩා ගෙන වැටියෙති. එතැන් පටන් ඒ කුමාරයා උන්මාද ඵුස්සදෙව යයි නමින් ප්රවසිද්ධ විය. ඉක්බිති ඵුස්සදෙවයාගේ පියාණෝ පුතුට දුනු සිල්ප ඉගැන්වුහ. ඒ කුමාර ශබ්දවෙධී ය. වැලි පිරූ ගැල් ද විද හිය පලවන්නේ ය. සමීන් බඳනා ලද සම් ගැල් ද අටඟුල් සොළොසඟුල් බොල පියා පෝරු ද විද හීය පල වන්නේ ය. සතරඟුල් බොල යපට ද අතින් අතට විද පලවයි. ඔහු විසින් හරන ලද ශරය ගොඩින් අට ඉස්බක් යන්නේ ය. දියෙන් ඉස්බක් පමණ යන්නේ ය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඔහුගේ දුනු සිල්ප අසා දෙමෝපියන්ට සම්පත් දී ඔහු ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ උන්මාද ඵුස්සදෙව නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.
ලහිය වසභ යෝධයතවද තරාල් පවු සමිපයෙහි වේරවෑගම මත්ත නම් කෙළෙඹියක්හුගේ, නමින් වසභ නම් පුතෙක් උපන. ඒ වසභ නම් පුතා යහපත් ශරීර ඇති හෙයින් ලභිය වසභ යයි මේ නමින් ප්ර්සිද්ධ විය. ඒ ලභිය වසභයා විසි හැවිරිදි
ථුපවංසය 15
වයසට පැමිණියේ ඇතුන් දස දෙනකුට බල ඇත්තේ ය. මිනිසුන් කීප දෙනකු හැර ගෙන මහ වැවක් බඳවන්නේ විසි තිස් දෙනකු විසින් ඔසවා ගත නො හැකි පස් පිඬි උදැල්ලෙන් දමා වැව බඳවා නිමවිය. කාවන්තිස්ස රජ්ජුරුවෝ ලභිය වසභයන්ගේ බල අසා ඔහුගේ දෙමවුපියන්ට සම්පත් දී යවා ඌ ගෙන්වා ගෙන පුතණුවන් ගැමුණු කුමාරයන්ට පාවා දුන්හ. මේ ලභිය වසභ නම් යෝධයාණන්ගේ උත්පත්ති කථාවයි.යෝධයන්ගේ පින්කම්මේ යෝධයන් දසදෙනාගෙන් නන්දිමිත්රේ නම් යෝධයාණෝ මෙම කප බුදු වූ කොණාගමන නම් බුදුන් සමයෙහි බොහෝ සම්පත් ඇති කුල ගෙයක ඉපද, බොහෝ මිනිසුන් පැහැද සංඝයා වහන්සේට මහදන් දෙන්නා දැක, තුමුත්, "එක් කෙනෙකුන් වහන්සේට දනක් දෙමි" යි සිතා, තුන් මස්සක දි හැර ගෙන සුවඳ කවා තිබූ හැල් සාලින් බත් ඉදි කරවා, එක් රහත් කෙනකුන් වහන්සේට දන් දී ඒ ආත්ම භාවයෙන් චුත ව දිව්‍යා ලොකයෙහි ඉපද අනන්ත කාලයක් දිව්‍යා සම්පත් අනුභව කොට නැවත දෙව්ලොවින් චුත ව කාශ්යුප බුදුරජාණන් වහන්සේ සමයෙහි මනුෂ්යභ ලොකයෙහි ඉපද සතලිස් දහසක් අවුරුදු සම්පත් අනුභව කොට සංඝයා වහන්සේට කිරි බතින් ලාබතක් දුන්හ. ඒ දුන් දනින් ඒ ආත්මභාවයෙන් චුත ව දෙව්ලොවින් චුත ව මේ අත්බැව්හි මෙ බඳු බල ඇති ව උපන. සුරනිර්මලයෝ කවර පින් කළෝ ද යත්: මෙතනට බුද්ධාන්තරයකින් යට බුදු වූ කාශ්‍යයප බුදුරජාණන් වහන්සේ සමයෙහි අනන්ත සම්පත් ඇති කුලයෙක ඉපද කිරිබත් වහ්නි කබල් ඇල් කල පොරෝනට පලස් යන බල වඩනට නිසි පින්කම් කොට දෙව්ලොව ඉපද දිව්යො සම්පත් අනුභව කොට මේ ආත්ම භාවයෙහි මෙ වැනි බල ඇතිව උපන. සෙසු යෝධයෝ ද තමන් බල වඩනට නිසි පින් කම් කොට මේ ආත්ම භාවයෙහි මෙසේ බල සම්පන්න ව උපන්නාහ යි දත යුතු. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඒ දශ මහා යෝධයන්ට පුතණුවන්ට කරන සත්කාර හා සමග කොට සම්පත් දී පුතණුවන්ට බොහෝ සත්කාර කොට බලවාහන ද දී දශ මහා යෝධයන් ගැමුණු කුමාරයන්ට ම පාවා දුන්හ. දෙවෙනි පුතණුවන් තිස්ස කුමාරයන් රට රකිනා පිණිස දිගාමුඬුල්ලට යවූහ. ගැමුණු කුමාරයෝ තමන්ගේ අනන්ත වූ පාබළ සේනාව දැක, "මේ සේනාව හැර ගෙන දෙමළුන් හා සටන් කළ මැනවැ" යි සිතා පියාණන් වහන්සේට, "දෙමළුන් හා සටන් කරනු කැමැත්තෙමි" යි කියා යවූ ය. රජ්ජුරුවෝ, "පුතණුවන් සටනේ නැසී යෙති" යි යන ශොකයෙන් පුතු රකිනා පිණිස, "ගඟින් මෑත අපට පමණ. සටනින් කාය්ය්ශොක නැතැ" යි වැලකූ ය. ගැමුණු
16 ථුපවංසය
කුමාරයෝ ද සටනේ කළ ලොභයෙන් තුන් වාරයක් පියාණන්ට කියා යවා තුන් වාරයෙහි ම නො ගිවිස්නා හෙයින් සතරවෙනි වාරයෙහිදි, "මාගේ පියාණන් වහන්සේ, පිරිමියෙක් වූ නම්, මෙසේ කියා මා නො වලකන සේක; ගැහැනියක සෙයින් වේද එසේ කියන්නේ? අදවක් පටන් එකාවැල දහන්හූ කටිසූත්රව රුවන්තෝඩු යන පිරිමි ආභරණ නො පලඳිනේ ය. පාමුදු පාඩගම් රුවන් තනපට පමුතිලිඞගම් පට්ටකාර මේ ආදී ගෑනු පලඳනා ම පලඳින්නේ ය" යි පියාණන්ට කියා යවූහ. ඒ දැක කාවන්තිස්ස රජ්ජුරුවෝ ගැමුණු කුමාරයන්ට කිපි, "රන් හැකිලි ගස්වා මසා මුත් මාගේ පුතණුවන් රැක ගත නො හැක්කැ" යි කිපුණාහ. එබස් ඇසූ ගැමුණු කුමාරයෝ පියාණන්ට කිපි නො කියා ම මායා රට කොත්මලේ ගිලිමලයට පලා ගොස් හිඳිනාහ. පියාණන්ට නො කියා කිපී ගෙන දුෂ්ටව ගිය හෙයින් දුට්ඨගාමිණි ය යි මේ නමින් ප්රණසිද්ධ විය.
කාවන්තිස්ස රජුගේ මරණයකාවන්තිස්ස රජ්ජුරුවෝ, "දරුවන් දෙදෙනා මා නැති අතරෙක සම්පතෙහි කළ ලොභයෙන් හා රටට කළ ලොභයෙන් දබරෙක් වී නම් දශ මහා යෝධයෝ එක් කෙනකුන්ට පක්ෂ වූ නම් එක් කෙනෙක් බල නැතිව මියන්නාහ. දෙන්නාගේ දබරෙහි දි දශ මහා යෝධයන් එක් කෙන කුන්ටත් සහාය නො වන පිණිස දිවුරවාපුව මැනවැ" යි සිතා දශ මහා යෝධයන් දිවුරවා පීහ. කාවන්තිස්ස රජ්ජුරුවෝ සූසැට විහාරයක් කරවා සූසැට ඔටුන්නක් පැලඳ මළෝ ය. තිස්ස කුමාරයෝ පියාණන් මළ නියාව අසා දිගාමඬුල්ලෙන් අවුත් පියාණන් දවා සොහොන් අස් කරවා පියාණන් මළ පවත් බෑණන්ට කියා නො යවා ම මෑණියන් විහාර දේවීන් ද, කඩොලැතු ද, වස්තුව ද හැර ගෙන බෑණන් කෙරෙහි භයින් ඔටුනු නො පැලඳ ම දිගාමුඬුලු නැඟි ගියේ ය. මාගම හුන් අමාත්යවයෝ ඒ බව ගැමුණු කුමාරයන්ට කියා යවු ය. කුමාර යෝ අසුන් කියවා පියාණන් මළ ශෝකයෙන් හඬා වැලප උදෑසන කොත් මලයෙන් නික්මුණු තැනැත්තෝ පෙරවරු ම ගුත්හලට අවුත් වන්හ.දෙබෑයන්ගේ යුද්ධයඉක්බිති දිගාමඬුල්ලේ උන් මලණුවන් තිස්ස කුමාරයන් එන්නට පත් යවා තුමූ මාගමටගොස් ඔටුනු පැලඳ මෑණියන් හා කඩොලැතු එවන්නට තුන් වාරයක් පත් යවා තුන් වාරයේ ම යවූ පතට මලණුවන් නා විසින් ගැමුණු කුමාරයෝ, මෙවිට "මම ම යෙමි" යි සේනාව හැර ගෙන සටනට නික්මුණාහු ය. තිස්ස කුමාරයෝ ද, "මාගේ බෑණන් වහන්සේ වේද" යි
ථුපවංසය 17
නැකුලු කමෙක් වේචයි, නායක රජ්ජුරුවෝ වේදැ යි සැකයක් නැතිව තුමු ද සේනාව පිරිවරා ගෙන කඩොලැතු පිටට පැන නැඟි සටනට සැරහි නික්ම සුළඟුණු පිටියේදී දෙබෑයන්ගේ මහත් වූ සටන් විය. එදවස් සටනේදී, "දශ මහා යෝධයෝ ආදී ම දෙබෑයන්ගේ සටනෙක් වී නම් එක් කෙනකුන්ට නතු නො වම්හ" යි රජ්ජුරුවන්ට ශපථ කළ විසින් දෙබෑයන්ගේ සටන් නො ඉවසා සිටීයෝ ය. එදවස් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නොයෙක් දහස් ගණන් සේනාව යටතේ මිය වැගිර ගියාහ. දුටුගැමුණු රජ්ජුරුවෝ මලණුවන්ට සටනේ පැරද තිස්ස නම් අමාත්යවයකු හා දිඝතූණී නම් වෙළඹක මෙපමණක් හැර ගෙන බිඳි දිව ගත්හ. තිස්ස කුමාරයෝ ද බිඳි පලා යන බෑණන් පසු පස්සෙහි සේනාව හැර ගෙන, "කොල සේ ව සේ ව දිව්ව" යි කීහ. "සේව කොල, ගනුව, කොටව, වීදුව" යි කියා දිවන සේනාවට සරස රහතන් වහන්සේ ගල් කන්දක් මවා සේනාව වලකාපි සේක. ඒ ගල් කන්ද දැක තිස්ස කුමාරයෝ, "රහතුන් වහන්සේ කොට වදාළ දෙයෙකැ" යි දැන සේනාව හැර ගෙන දිගා මුඩුලු නැඟි ගියෝ ය.
දුටුගැමුණු රජු පලා යෑමදුටුගැමුණු රජ්ජුරුවෝ ද බිඳී පලා ගොස් සප්පඳුරු නම් හොය දාවල් නාන තොට්ට ගොස් ඇමැත්තහු බණවා. "බෑණෙනි, තිස්සයෙනි, සා දුකට වඩා මහත් දුකෙක් නැත. බතෙක් ඇද්ද" යි විචාළහ. එබස් ඇසූ තිස්ස නම් අමාත්‍යවයා, "ස්වාමීනි, රන් තැටීයෙන් ගෙනා බතෙක් ඇත. මේ නිමවා වදාළ මැනවැ" යි කියා රන් තැටියේ බත් මෑත් කොට රජ්ජුරුවන්ට දින. එවේලෙහි රජ්ජුරුවෝ බත දැක වේලා ඇති බැව් දැන, "සඟුරුවන්ට දන් දී මුත් මේ බත් නො කම්" යි සිතා, "බෑණෙනි, තිස්සයෙනි, සංඝයා වහන්සේ සිඟා වඩනට කලැ යි අඬගාව" යි සම්මත කොට ඒ බත තමන් අතට හැර ගෙන සඟුරුවන්ට දන් දෙන්නට ද, තමන්ට ද, ඇමැත්තවුට ද, වෙළඹට දැ යි සතර කොටසක් කොට බෙදා තුබූහ. එවෙලෙහි හඬ ගෑ හඬ පුවඟු දිවයින කුටිම්බිය තිස්ස නම් තෙර කෙනකුන් වහන්සේ දිව කනින් අසා ඍද්ධියෙන් අවුත් රජ්ජුරුවන් ඉදිරියෙහි වැඩ සිටි සේක. රජ්ජුරුවෝ "තෙරුන් වහන්සේ සයින් ඉන්දදී මම මේ බත අනුභව කෙරෙම් ද" යි සිතා තමා ලත් බතුත් පිළිගන්වාපූ සේක. එවේලෙහි තිස්ස නම් අමාත්යතයා ද, "රජ්ජුරුවන් සයින් ඉන්දදි මම මේ බත කම්ද" යි තමා ලත් බතුත් දන් දින. එවේලෙහි වෙළඹ ද තමා ලත් බත් කොටස ද දන්දෙනු කැමති ව සතුටින් රජ්ජුරුවන් මුහුණ බැලූ ය. ඇගේ අභිප්රාදව දැන අමාත්යටයා ඇගේ බත් කොටසත් දන් දින. තෙරුන් වහන්සේ ද පාත්රමය නමාපියා පිළිගෙන ආකාශයට පැන නැඟී පුවඟු දිවයිනට වැඩ ගොතම නම් තෙර කෙනකුන් වහන්සේට දුන් සේක. ඒ ගොතම නම් තෙරුන් වහන්සේ ඒ බත් පන්සියයක් දෙනා වහන්සේ
18 ථුපවංසය
හා සමග වළඳා නමකට බත් ආලොපයක් බැගින් පාත්රාය පුරාලා, "මේ බත් පාත්රදය ආකාශයෙන් ගොස් රජ්ජුරුවන් ඉදිරියෙහි අත පොවා අල්වා ගත හැකි සැටියේ සිටීව" යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එවේලෙහි පාත්ර්ය ආකාශයෙන් අවුත් ඉදිරියෙහි සිටියා දැක තිස්ස නම් අමාත්යහයා පාත්රවය ගෙන රජ්ජුරුවන් බත් කවා තෙමේත් බත් කා වෙළඹත් බත් කැවී ය. ඉක්බිති රජ්ජුරුවෝ, "පාත්රමය සෝධා දිය සිඳ තමන් පෙරවි සන්නාහ සුඹුළුවක් කොට පාත්රවය ඊ පිට තබා මේ පත්‍රිය ගොස් තෙරුන් වහන්සේ අත පිහිටවා" යි සිතූ ය. රජ්ජුරුවන් සිතූ සිත හා සමග පාත්රළය ආකාශයෙන් ගොස් තෙරුන් වහන්සේ අත පිහිටා ගියේ ය.
නැවත සටන් කිරීමනැවත රජ්ජුරුවෝ ඔය අස සැතපි මාගමට අවුත් සේනාව රැස් කොට ගෙන සැට දහසක් සෙනඟ ගෙන නැවත මලණුවන් හා සටන් කළෝ ය. එදවස් කළ සටනෙහි තිස්ස කුමාරයන්ගේ නොයෙක් දහස් ගණන් සේනාව මළාහ. දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාව සටනෙහි මියන්නා දැක. "ඉදිරියේ මා කරන දෙමළ සටන් ඇත. සේනාව නට කල සටන් කොට ගැන්ම බැර වේදැ" යි සිතා මලණුවන් හා සටන් නො කළ මැනවැ යි සිතා කඩොලැතු පිට හුන් තිස්ස කුමාරයන්ට කියා යවන රජ්ජුරුවෝ, "සටන් කොට සේනාව නො නසා මා සමීපයට නැඟී එව" යි මලණුවන්ට කියා යවූ ය. එබස් ඇසූ තිස්ස කුමාරයෝ බෑණන්ට කිපී තෝමරය හැර ගෙන ඇතු ඉදිරියට මේ හෙයූහ. එවේලෙහි දුටු ගැමුණු රජ්ජුරුවෝ, "තිස්සයා එන ගමන් සැදැහැයෙන් එන ගමන් නො වෙයි" සිතා දීඝතූණී නම් වෙළඹ පිටට පැන නැගි කඩුව තරයේ ගෙන මල් රජු දැමු තෝමරය වළහා ඇතු පිට හුන් මලු හිස පන්වා වෙළඹ විහිදවූහ. එවේලෙහි ඒ වෙළඹ පන්වා අත තුබූ කඩු පිටින් මලණුවන් පිට ලූ සන්නාහය පිටට ගැසූහ. එවේලෙහි කඩොලැත් සිතන්නේ, "මා පිට හුන් තිස්ස කුමාරයාගේ නො පිරිමිකමින් වේද පිරිමි රජු ගෑනු වෙළඹ ලවා මා හිස පැන්වූයේ?" යයි සිතා කිපි පිට හුන් කුමාරයා සලමින් ගෙන ෙගාස් ගසකට නැංවී ය. කඩොලැතාත් අවුත් ගැමුණු රජ්ජුරුවන් දිට.
තිස්ස කුමරු විහාරයට ගොස් වැදීමතිස්ස කුමාරයෝ ද ගසින් බැස දිවගෙන ගොස් විහාරයට අවුත් වන්හ. ඔවුන් දැක ගැමුණු රජ්ජුරුවෝ සේනාව ගෙන, "තිස්සයා නො මරා ගෙනෙව" යි කියා ලුහුබඳවා ගත්හ. එසේ දිවන කුමාරයෝ විහාරයට වැද තෙරුන් වහන්සේගේ ශ්‍රී පාදය වැඳ, "ස්වාමීනි, ගැත්තවූ රැකගත මැනවැ" යි කියා ගෙමැද සිට ගත නො හී බෑණන් කෙරේ ගත් භයින් තෙරුන් වහන්සේ
ථුපවංසය 19
සැතපුණු ඇඳ යට වන්හ. එවේලෙහි තෙරුන් වහන්සේ ඇඳ යට හුන් කුමාරයන් නො පෙනෙන නියායෙන් ඇඳ සිවුරු වසා වදාළ සේක. දුටුගැමුණු රජ්ජුරුවෝ පසු පස්සෙහි ලුහු බඳවා ගෙන අවුත් විහාරය වට කොට සේනාව සිටුවා තුමු විහාරයට අවුත් තෙරුන් වහන්සේගේ ශ්රීවපාදය වැඳ, "තිස්සයා කොයි ද? ස්වාමීනි" යි විචාළෝ ය. එසේ විචාළ රජ්ජුරුවන්ට තෙරුන් වහන්සේ වදාරන සේක්, "දෙවයෙනි, තිස්සයා ඇඳ නැතැ" යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු, "තිස්සයා ඇඳ නැති නියාව මමත් දනිම් ම ය. එතෙකුදු වුවත් කුල දෙවතාවන්ට පටහැණි ව විචාරීම අප සේ වූ තුනුරුවන් දස් ගැත්තවුන්ට සුදුසු නො වන්නේ වේදැ" යි සිතා නැවත ඔබගේ ශ්රීත පාදය වැඳ අවකාශ ඉල්වා ගෙන එතනින් නික්ම විහාරය වට කොට තරයේ රැක වල් ලවා රජ්ජුරුවෝ තුමූ දොරටුවේ රැකවල් ගත්හ. එවෙලෙහි තෙරුන් වහන්සේ කුමාරයන් ඇඳක ලා සිවුරු කඩින් වසා බාල සතර දෙනකු වහන්සේ ලවා මළ සඟුරුවනක් ගෙන යන පරිද්දෙන් කුමාරයන් විහාරයෙන් පිටත් කළ සේක. එවේලෙහි වහන්සේ වරුන්දෑ කරින් ගෙන යන්න දැක දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ කීහ: "එම්බල තිස්සය, තා සේ වූ ගැත්තෝ කුලදෙවතා වූ ස්වාමිදරුවන් කරින් යෙද්දැ" යි කියා, "බලාත්කාරයෙන් ස්වාමීදරුවන් අතින් අදුරා ගැන්ම අපි සේ වූ බුදුසස්නෙහි පහන් තුනුරුවන් දස් සැදැහැ ඇත්තවුන්ට තරම් නො වෙයි" සිතා, "තිස්සය, ස්වාමිදරුවන් තට කළ උපකාර මතු සිහි කරව" යි කියා සේනාව හැර ගෙන මාගමට යන රජ්ජුරුවෝ, "මෑණියන් වහන්සේ දැන් මාගමට ගෙන ගියෙන් නම් බලාත්කාරයෙන් ගෙන ගියා සේ තිබෙයි. ඒ මතු ඇසුවන්ටත් දුටුවන්ටත් නින්දාය" යි සිතා තුමූ මාගමට ගොස් නැවත ආදර සහිතව මහත් වූ පෙරහරින් දිගාමඬුල්ලේ හුන් මෑණියන් වහන්සේ ගෙන්වා ගත්හ.
මහා සංඝයා දෙබෑයන් සමගි කරවීමඉක්බිති තිස්ස කුමාරයෝ ද ගොතම නම් එක් තෙර කෙනකුන් වහන්සේ සමීපයට ගොස් වැඳ එකත් පස්ව සිට මෙසේ දැන්වූහ. "ස්වාමිනි, මම මාගේ බෑණන් වහන්සේට බොහෝ අපරාධ කෙළෙමි. එසේ හෙයින් මම ගොස් ඔබ වහන්සේ දැක ගත නො හෙමි. නුඹ වහන්සේ මා කැඳවා ගෙන ගොස් මා දක්වාලා ක්ෂමා කරවුව මැනවැ" යි කිවූ ය. එවේලෙහි එබස් ඇසූ ගොතම නම් තෙරුන් වහන්සේ පන්සියයක් පමණ මහා සංඝයා වහන්සේ පිරිවරා තිස්ස කුමාරයන් කැඳවා ගෙන මාගමට ගොස් රජගෙට වැඩ හිණිහිස කුමාරයන් රඳවා පන්සියයක් දෙනා වහන්සේ පිරිවරා තෙරුන් වහන්සේ රජ්ජුරුවන් සමීපයට වැඩි සේක.
20 ථුපවංසය
රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ ඇතුළු වූ පන්සියයක් දෙනා වහන්සේ වැඳ වඩා හිඳුවා පය සෝධවා වළඳන්ට කැඳබත් එළවූහ. තෙරුන් වහන්සේ පාත්රව පතින් පාමුව වසා වදාළ සේක. එවේලෙහි රජ්ජුරුවන්, "කුමක් පිණිස ද ස්වාමිනි" යි විචාළ කල්හි, "මහ රජ, තිස්ස කුමාරයන් දක්වනු පිණිස ගෙන ආම්හ" යි වදාළ සේක. එවේලෙහි රජ්ජුරුවෝ, "ස්වාමිනි, නුඹ වහන්සේ කැඳවා ගෙන ආ තිස්සයා දැන් කොයිදැ" යි විචාළෝ ය. තෙරුන් වහන්සේ වදාරන සේක්, "තිස්සයා හිණිහිස රඳවලා ආම්භ" යි වදාළ සේක. එවේලෙහි එබස් අසමින් ම විහාරදේවී සෝකව ගොසින් හිණිහිස සිටී පුතණුවන් දැක හඬා වැලප සිටීයෝ ය. දුටුගැමුණු රජ්ජුරුවෝ ද තෙරුන් වහන්සේට දන්වන්නෝ, "ස්වාමිනි, ගැත්තවු කරා සත් හැවිරිදි සාමණේර කෙනකුන් වහන්සේ අත එවා නො වදාර මෙතෙක් සංඝයා වහන්සේ හැර ගෙන ස්වාමීන් වඩනට මාගේ ගැතිකම ස්වාමිදරුවන්ට නැති නියා වේද" යි කියා නැවත මෙසේ කියන රජ්ජුරුවෝ තෙරුන් වහන්සේට මෙසේ දැන්වූ ය. "ස්වාමිනි, ගැත්තවුට මේ කරන අවවාද ආදිම කොට වදාළා නම් මෙතෙක් දහස් ගණන් සේනාව නො නස්නේ වේද? ගැත්තවුන්ගේ වරද නැත. ස්වාමිදරුවන්ගේ වරදම ය" යි තෙරුන් වහන්සේට රජ්ජුරුවෝ කියා මලණුවන් ගෙන්වා ගෙන මහා සංඝයා වහන්සේ මධ්යහයේ දෙබෑයෝ වැලඳ ගෙන පියාණන් ගුණ සිහි කොට හඬා වැලප ඉස් සෝධා නහා බත් කා මහා සංඝයා වහන්සේ වැඳ පුදා පසු ගමන් කොට අවකාශ ඉල්වා ගෙන මාළිගාවට නැගී ආහ.
දෙමළුන් හා සටනට සැරසීමදුටුගැමුණු රජ්ජුරුවෝ එතැන් පටන් හැම දෙනා ම ගොයම් කරනු පිණිස සම්මත කොට මලණුවන් තිස්ස කුමාරයන් දිගාමුඩුලු යවා බොහෝ ගොයම් කරවන්ට සම්මත කොට රට රක්නා පිණිස සමු දී රජ්ජුරුවෝ තුමූ ද මාගම බොහෝ ගොයම් කරවූහ. ඉක්බිති රජ්ජුරුවෝ සේනාවට රත්රන් පටකඩ පිළිකඩ ප්රමසාද දී සේනාව සිත් ගෙන තමන්ගේ ජයකොන්තයට ධාතුන් වහන්සේ වඩා තුමූ ශක්රහදෙවෙන්ද්රිලිලායෙන් සැරහි සේනාව පිරිවරා තිස්ස නම් ආරාමයට ගොස් සංඝයා වහන්සෙ වැඳ මෙසේ දැන්වූ ය. "ස්වාමිනි, බුදුසසුන් ඇති කරනු පිණිස මාවැලි ගඟින් එතර යෙමි. වැඳ පුදා ගන්නා පිණිස මා හා කැටි ව වඩනා භික්ෂූන් වහන්සේ දුන මැනවැ" යි කිවු ය. එබස් ඇසූ සංඝයා වහන්සේ ද පන්සියයක් දෙනා වහන්සේ දුන් සේක. දුටුගැමුණු රජ්ජුරුවෝ භික්ෂු සංඝයා වහන්සේ හැර ගෙන කඩොලැතු පිටට පැන නැඟි මෑණියන් විහාරමහාදේවීන් ද කැඳවා ගෙන නන්දිමිත්ර්යන් ආදී වූ දශ මහා යෝධයන් පිරිවර මහත් වූ බලකායෙන් යුක්ත වූ රජ්ජුරුවෝ
ථුපවංසය 21
මහත් වූ යස සිරින් මහත් වූ පෙරහරින් මාගමින් නික්ම කළුවළ අවුත් ලැගුම් ගත්හ. එයින් නික්මුණු රජ්ජුරුවෝ ඒහල ලැගුම් ගත්හ. ඒහල සැතපි සංඝයා වහන්සේ වැඳ පුදා දන් දී සේනාව හා සමඟ මහ පෙරහරින් අවුත් ගිකිත්තේ ලැගුම් ගත්හ. එයින් නික්මුණු රජ්ජුරුවෝ ගුත්හල අවුත් ලැගුම් ගත්හ. එයින් නික්මුණු රජ්ජුරුවෝ කිරිගම ලැගුම් ගත්හ. කිරිගමින් නික්මුණු රජ්ජුරුවෝ නියමුල්ලේ ලැගුම් ගත්හ. එතනින් නික්මුණු රජ්ජුරුවෝ මැදගම උයන්තොට ලැගුම්ගත්හ. මැදගම උයන්තොටින් නික්මුණු රජ්ජුරුවෝ ගොසින් තුන්ගම කසටපිටියේ ලැගුම්ගත්හ. එතනදි සන්නාහ සන්නද්ධව අන්නට කොටන්නට විදින්නට සැරහි මුළුබැඳිසිටි සේනාව කොපමණදයත්: සේනාව සිටි නැගෙනහිරි කෙළවර පටන් බස්නාහිරි කෙළවරට සතර ගව්වෙක පිරිස උරයෙන් උරය ගැසී සිටීයෝ ය. එවේලෙහි රජ්ජුරුවෝ සේනාව පෙළ බලා, "දෙමළ මහ සෙනඟ වූ නියාවට මේ සෙනග යම්තම් දෙනෙක. එකාන්තයෙන් බුදුසස්නෙහි තර සැදෑයෙක් මට ඇත්නම්, දෙමළුන් සාධා නටබුන් වෙහෙර සසුන් කරවමි යන මනදොළ මට හැම වේලෙහි ම ඇත්නම් දෙවියෝත් මට වහල් වන්නෝ වේදැ" යි සිතා එදවස් රෑ සැතපි උදෑසන ධාතුන් වහන්සේ වැඳ පුදා පන්සියයක් රහතුන් වහන්සේට දන් දී රජ්ජුරුවෝ තුමූත් කා බී සැරහි දශ මහා යෝධයන් ඇතුළු වූ සේනාව කා බී පටකඩ පට්ටෝලි බැඳ සැරහී සිටි සේනාවට ප්රුසාද දී ගැට බෙර පණා බෙර එකැස් බෙර මිහිඟු බෙර මද්දල පටහ ලොහො බෙර යුවළ බෙර මහ බෙර දැදුරු බෙර රෝද බෙර මිහිඟු බෙර කරඬි බෙර ඝොෂා බෙර තලප්පර වීරන්දම් තම්මෑට නිසාන රණරඬ්ග ඝොෂා සමුද්‍රා ඝොෂා අනුක්කත්තුලි තිඹුලිවු දවුල් මොරහූ මල්ලරි සිරිවිලි තප්පු තත්සර ඩැක්කි උඩැක්කි මඬල නාගසර උච්චාංභයාඞ්ගි කොම්බු දළහම් සකුණවිරිදු සුරණ කාල දම් දාරා දළහම් ලෝහම් සින්නම් කින්නර කයිතාලම් සමුත්තාලම් ගිතාලම් පටහ ඩමරු මඩු ඩෙණ්ඩිම ධ්වනි මේ ආදි සිය ගණන් දහස් ගණන් හෙරි ජාතීන් ගස්වමින්, රන්සක් රිදිසක් රන් සින්නම් රිදි සින්නම් රන් දාරා රිදි දාරා දළ දාරා දළහං ලෝහං ගවරහං විජයොධ්වනි ඔත්තු තන්තිරි පටසිරි මෙකී කාහල ජාතීන් යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් මහත් කොලා හලයෙන් කෙළිමින් අසුර පුරයට නික්මුණු ශක්ර්දේවෙන්ද්රියා පිරුවැරූ දෙවතා සමූහයක් මෙන් දුටුගැමුණු රජ්ජුරුවෝ මහ සෙනඟ පිරිවරා තුන්ගම කසට පිටියෙන් නික්ම මියුගුණු ගොස් මියුඟුණෙහි ඡත්රත නම් දෙමළා හා සටන් කොට ඌ මරා ගහ ලා මියුඟුණේ කසු දාගබක් කරවූහ.
මියුඟුණු දාගැබ් කථාවඒ මියුඟුණු දාගබ් වහන්සේ බැඳවූ නියාව කියනු පිණිස මේ කියන පිළිවෙළ කථාවයි. හේ කෙසේදයත්:
22 ථුපවංසය
අපගේ බුදුරජාණන් වහන්සේ බුදු වූ නවවෙනි මස දුරුතු මැදි පොහෝ දවස් මේ ලඞ්කාවට වැඩ මාවැලිගං බිත්තියෙහි දොළොස්ගව්වක් දිග ඇති සතර ගව්වක් පළල ඇති මහානාග නම් උද්‍යා නයෙහි යක්ෂයන්ගේ සන්නි පාත ස්ථානයට අවුත් ඒ යක්ෂයන්ගේ හිස් මත්තෙහි මියුඟුණු දාගබ පිහිටුවන තැන ආකාශයෙහි සර්වඥයන් වහන්සේ වැඩ සිට වැසි හා සුළං හා ඝනාන්ධ කාරයක් මවා යක්ෂයන්ට හය උපදවා ඒ යක්ෂයන් විසින්, "අපට අභය දුන මැනවැ යි, ස්වාමිනි" දැන්වූ කල්හි, "මම වනාහි තොපට අභය දෙමි. තොපි හැම දෙන ම සමඟ ව මා හිඳිනා තැනක් දෙව" යි වදාළ සේක. ඒ යක්ෂයෝ, "ස්වාමිනි, මේ සියලු ලංකාද්වීපය නුඹ වහන්සේට අපි හැම දෙන ම එක් ව දෙම්හ. නුඹ වහන්සේ අපට අභය දුන මැනවැ" යි කිවු ය. ඉක්බිති බුදු රජාණන් වහන්සේ උන්ට වූ භය දුරු කොට උන් හැම දෙනා විසින් දුන් බිම සම්කඩ අතුට ඒ සමකඩ වැඩ උන් බුදු රජාණන් වහන්සේ තොජොකසිණ සමාපත්තියට සමවැද, "සම්කඩ හාත්පසින් ගිනිදැල් නික්මෙව" යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එවේලෙහි ඒ යක්ෂයෝ ගිනිදැල් දක්නාහු මරණ භයින් භය පත්ව සියලු යක්ෂයෝ මුහුදු වෙරළ රැස් වුහ.
ඉක්බිති අසමසම වූ අප්ර්තිපුද්ගල වූ බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් යක් ගිරිදිවයින නම් දිවයිනක් (මවා ඒ දිවයින) ගෙන්වා යක්ෂයන් ඊට නංවා ඒ දිවයින පෙර තිබූ තැන්හි ම තබා සමකඩ අකුළුවා වදාළ සේක. එවේලෙහි දෙවතා සමාගමය විය. ඒ දෙවතා සමාගම යෙහි බුදුරජාණන් වහන්සේ බණ වදාළ සේක. එවේලෙහි නොයෙක් කෙළ ගණන් දෙවතාවෝ බණ අසා ශරණ ශීලයෙහි පිහිටියාහු ය. අසංඛ්‍යයක් දෙවියෝ සෝවාන් වූ ය. සමන්තකූට පර්වතයෙහි මහාසුමන නම් දෙවේන්ද්රතයෝ සෝවාන් ඵලයට පැමිණ සර්වඥයන් වහන්සේගේ ශ්රීනපාදය වැඳ තමා වැඳ පුදා ගන්නට බුදුන්ගෙන් පූජා වස්තුවක් ඉල්වූ ය. එවේලෙහි සියලු සත්වයන්ට හිත වූ සර්වඥයන් වහන්සේ දක්ෂිණ ශ්රීු හස්තයෙන් සිරස පිරිමැද මිටක් පමණ කෙශධාතුන් වහන්සේ ඒ සුමන නම් දෙව්රජ්ජුරුවන්ට දුන් සේක. ඒ සුමන නම් දෙවේන්ද්රේ ඒ කෙශධාතුන් වහන්සේ උතුම් රන් සුමුඟකින් පිළිගෙන සර්වඥයන් වහන්සේ වැඩහුන් තැන පිහිටුවා උසින් සත් රියනක් උස ඇති නොයෙක් සත් රුවනින් ඒ කෙශධාතුන් වහන්සේට පූජා කොට ඉන්ද්රසනීල මාණික්ය්මය දාගබක් කෙළේ ය. නැවත බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ අතවැනි සරභූ නම් එක් තෙර කෙනකුන් වහන්සේ දරසෑයෙහි ගිනි නො නිවෙන තෙක් ම ශ්‍රි වා ධාතුන් වහන්සේ ගෙන මහා සංඝයා වහන්සේ විසින් පිරිවරන ලදුව අවුත් ඒ මියුඟුණ දාගැබ ධාතුන් වහන්සේ නිධාන කොට ඒ වසා මෙවන් පාණින් දොළොස් රියනක් උස කසු වන් දාගබක් කොට වදාළ සේක. ඉක්බිති දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන්ගේ මලණුවෝ චූලාභය
ථුපවංසය 23
නම් රජ්ජුරුවෝ ආශ්චය්ය්රුයමත් ඒ දාගබ දැක උසින් තිස් රියනක් කොට දාගබ බැන්දේ ය. දැන් මේ දුටුගැමුණු රජ්ජුරුවෝ මියුඟුණ අවුත් එහි උන් දෙමළුන් මරා ගහ ලා (ඒ දාගබ වසා) අසූ රියනක් කොට දාගබක් බැන්දෝ ය. මෙසේ ඉක්මන් ඉක්මන්ව සටන් කරන්නෝ ද පවා ගුණයට ආකර වූ, සංසාර භයින් භයපත් වූවාහු, පින්කම් කොට දිව්යජලොක සම්පත් අත්පත් කොට ගත්තෝ ය. එසේ හෙයින් සියලු සත්වයෙනි, හැම වේලෙහි ම නොපමා ව කුසල් කළ යුතු මියුගුණු දාගබ් කථාව නිමි
දෙමළ කඳවුරුවලට පහර දීමඉක්බිති ගැමුණු රජ මියුගුණෙන් නික්ම අඹටුවට ගොස් අඹටු දෙමළා හා සටන් කොට සාර මසකින් අඹටු දෙමළා සාධා ඒ නුවරින් නික්ම මහා සේනාව පිරිවරා මහත් බල ඇති සත්බෑකොට්ටය වට ලා ගෙන සත්බෑ දෙමළුන් ඇතුළු වූ බොහෝ දෙමළ සේනාව එක දවස් ම සාධා දුටුගැමුණු රජ සේනාවට රන් ප්රිසාද දී සේනාව සිත් ගෙන එයින් නික්ම අතුරොබට ගොස් මහාතුණ්ඩ නම් දෙමළා හා සටන් කොට ඒ දෙමළා මරා දෙණගම ගොස් ගවර නම් දෙමළා සාධා එයින් නික්ම කඩොලැතු පිටට පැන නැඟී මහා බල සේනාව පිරිවරා කෙළිමින් සෙමින් හාලකෝල නම් නුවරට ගොස් ඒ නුවර වසන මහාතිස්ස නම් දෙමළා හා සටන් කොට ඒ දෙමළා සාධා එයින් නික්ම පොල්වත්තේ නාළික නම් දෙමළා සාධා දීඝාභයගල්ලට ගොස් දීඝාභය නම් දෙමළා සාධා එයින් නික්ම කසාතොට ය යි යන තෙන වසන කිංවිසීහ නම් දෙමළා හා සටන් කොට ඒ දෙමළා සාර මසකින් සාධා එයින් නික්ම වෙඨ නම් නුවර වෙඨ නම් දෙමළා සාධා හාණක නම් ගම හාණක නම් දෙමළා ද වෙඨක නම් ගම වෙඨක නම් දෙමළා ද ගාමිණි නම් ගම ගාමිණි නම් දෙමළා ද කුම්භ නම් ගම කුම්භ නම් දෙමළා ද නන්දික නම් ගම නන්දික නම් දෙමළා ද බානුක නම් ගම බානුක නම් දෙමළා ද තඹුන්න නම් ගම තඹුන්න නම් දෙමයිල් දෙමළුන් දෙන්නා හා සටන් කොට බොහෝ දෙමළුන් ද මරා එයින් නික්ම දඹුන්නරුවේ දෙමලා හා සටන් කරන වේලෙහි, "සිය සේනාව ය සතුරු සේනාව ය" යි වෙනසක් නැති ව එක සැරහුම් හෙයින් ඒ දවස් දුටුගැමුණු රජ "තමාගේ සේනාව ඔවුනොවුන් තෝරා ගත නො හී මරති" යනු අසා ඒ සටන් බිමදි රජ මෙසේ වූ සත්යි ක්‍රි යාවක් කෙළේ ය. ඒ කෙසේදයත්:සත්‍යක්‍රියාව"මම කිසි කලෙකත් මට රාජ්යළ සුවයක් පිණිස සටන් කරන්නෙම් නො වෙමි. සම්‍යාක් සම්බුදු රජාණන් වහන්සේගේ පස්වා දහසක් පවත්නා
24 ථුපවංසය
ශාසනය පිහිටුවන පිණිස ය යි යන මනදොළෙක් හැම වේලෙහි ම ඇත් නම් ඒ සත්‍යා ක්රියයායෙන් මේ මාගේ සේනාව හන් පිළි ද පලන් ආභරණ ද ගත් ඵලකායුධ ද යන මේ සියල්ල ගිනි ගෙන දිලිසේවයි, දෙමළුන්ට ඒ සැටි නො වේව" යි සත්යනක්රිියා කෙළේ ය. එකල්හි ඒ රජුගේ සත්ය් ක්‍රි යාව ඒ පරිද්දෙන් ම විය. ඒ සැටියේ ඒ නුවර සාධා සේනාවට රන් ප්ර්සාද දී දුටු ගැමුණු රජ්ජුරුවෝ දසමහා යෝධයන් ඇතුළු වූ මහ සෙනඟ පිරිවරා ගංගා තීරයෙහි පටන් දෙමළ කඳවුරු තාක් පැහැර විජිතපුරයට නික්මුණාහ.
විජිතපුර සටනඉක්බිති බුන් බුන් නුවර ගැලවුණු දෙමළු අවුත් මහ බල ඇති විජිතපුරයෙහි රැස්වුහ. එසමයෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ විජිත පුරය සමිපයෙහි කඳවුරු බැඳ ඒ පුරය ගන්නා කැමති ව දස මහා යෝධයන්ගේ බල විමසනු පිණිස දක්නට එන නන්දිමිත්‍රව නම් යෝධයා ඉදිරියට, තමන්ගේ කඩොලැතු රා පොවා කිපෙන්නට සුදුසු බස් බැණ නියපිට ගල් ගසා ඩවුර සින්නම් ගෙන වඩබා මුඛයෙන් පිටත්ව ගිය අවීචියෙහි ගිනි කඳක් සේ රළු වූ ඒ කඩොලැත් මහ පොළොව යදඬෙන් ගසා ලූ ලෝතලියක් සේ අනුරාව කෙරෙමින්, ගිගුරූ හඬින් තතනවමින්, කෝපයෙන් පය ඇද ලූ කෙණෙහි මකුළු හුයක් කඩන්නා සේ බැඳ ලූ යදම් සුනු විසිනු කෙරෙමින් නෙලුඹු දැලියක් උපුටා ගන්නා සේ බැඳ ලූ කඹය පෙරළී සිට ඇන තුතු කෙරෙමින් සිටි ඇත්හල පැහැර ධූලි කෙරෙමින්, බිඳපු කඹය හකුළුවා දළ අස්සේ තබා ගෙන තමාගේ සේයට ඇන ලූ ඇන්මෙන් ම පොළොව දැදුරු කෙරෙමින්, දිව ලුහු බඳවා පළාපූ මිනී දළග අවුණුවා නඟමින්, ලෙහෙයෙන් රැඳි ගිය මුහුණින් ලෙහෙයෙන් රැඳි ගිය දළින් ගෙරින් මීවුන් ලුහුබඳවා ඇන පළමින්, ඔවුන් අතුණුබහනින් බැලු බැලූවන් කොපයෙන් ඇස් පියවමින්, සොඬ කට ලා හිස සල සලා ගුගුරමින් මෙලෙසින් කඩොලැත් අවුත් විථීයට වන. එවේලෙහි නන්දිමිත්රී නම් යෝධයා ඇතු කෙරෙහි කළ භයින් සේනාවා ඒ ඒ අත දිවන්නවුන් දැක මෙසේ සිතී ය: "මේ කඩොලැත් ඡද්දන්ත කුලයෙහි උපන්හෙයින් ඇත් බලයෙන් සියක් කෙළක් ඇතුන්ට බල ධරන්නේ ය. එසේ වූ ඇතු දැක හිසකේ පිට හෙළා දිවීම මා සේ වූ යෝධයන්ට තරම් නො වෙයි. අද ඇත් රජ, තට කියටි දනිමි" යි වමත හකුළුවා ගෙන දකුණතින් අත් පොළා මහත් කොට බැණ නැඟී, දිව ගෙන ආ ඇතු සොඬ හයා කරපිට තබා දෑතින් දෙදළ තරයේ ගෙන උක්කුටුකයෙන් හිඳුවාපී ය. ඒ වේලෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ මහත් සන්තෝෂයට පැමිණියාහ. මහා සේනාව ද "නන්දිමිත්රදයන්ගේ පුරුෂ බලපරාක්රනම ඉතා ආශ්චය්ය්ත්ර නියා ය යි සන්තොෂ වෙමින් මහත් කොලාහල පැවැත්වූහ. දුටුගැමුණු රජ්ජුරුවෝ
ථුපවංසය 25
නන්දිමිත්ර යන්ගේ බල විමසා විජිතපුර නුවර දෙමළ සටන් සැක නැතැ යි සේනාව සන්නාහ සන්නද්ධ කොට පිරිස මෙහෙයූහ. ඉක්බිති දකුණු වාසල යෝධයන් හා දෙමළුන් හා සටන් විය. නැඟෙන හිරි වාසල වෙළුසුමන නම් යෝධයෝ අසු පිටට පැන නැඟි බොහෝ දෙමළුන් මැරී ය. එවේලෙහි දෙමළු වේළුසුමනයන් කෙරෙහි භයින් ආයුධ හෙළා ඇතුළු නුවරට වැද වාසල් හෙළා ඉදි හැර අට්ටාලවලට පැන නැඟි උන්හ. ඉක්බිති ගැමුණු රජ යෝධයන්ට සම්මත කරන්නේ කඩොලැතු ද නන්දි මිත්රහයන් ද සුරනිර්මලයන් ද යන මේ තුන් දෙනා දකුණු වාසල සටනට යවී ය. මහාසොණ නම් යෝධයා ද ගොඨයිම්බර නම් යෝධයා ද ථෙරපුත්තාභය නම් යෝධයා ද යන මේ තුන් දෙනා ඉතිරි වාසල්වල සටනට නියම කෙළේය. ඒ විජිතපුරය කෙසේද යත්: අගළ තුනකින් යුක්ත ය. දැඩි වූ, උසින් අටළොස් රියන් ලෝ පවුරෙන් හා පළල් වාසලින් හා යදොරින් ද යුක්ත ය. ඒවේලෙහෙ කඩොලැත් දිව ගෙන ගොස් පෙරවා අත දණ බිම ඔබා සිට පවුරේ උළු බිඳ යදොර බිඳින්ට ගියේ ය. එවේලෙහි උඩ සිටි දෙමළු අනෙක ප්ර්කාර ආයුධ ඇතුට ගැසූ ය. එසේ ද නො වැලක ඇතු දොර බිඳිනාවුට රත් කොටපූ යවට දැමූ ය. නැවත කකියවාපු මලකඩ ඇතුපිට නැමූ ය. එවෙලෙහි කඩොලැත් වේදනායෙන් පිඩිත වූයේ මහ හඬින් හඬා දිය අගළට ගොස් ගැලිණ. එවේලෙහි එසේ දියෙහි ගැලුණු ඇතු දැක ගොඨයිම්බර නම් යෝධයා ඇතු ඇලයට ගොස්, "මෙතෙක් දා තා බොන රා සේ නො වෙයි. මේ දෙමළ වාසල බිඳීම නම් බැරි දෙයකැ යි නො සිට තවත් ගොස් යදොර බිඳුව" යි කී ය. එබස් ඇසූ ඇත් හටගත් අභිමාන ඇතිව කුඤ්චනාද කොට දියෙන් ගොඩ නැඟි සිටියේ ය. ඉක්බිති ඇත් වෙදහු ඇතු පිට ඇලුණු මලකඩ සෝධා බෙහෙත් ගැල්වූ ය.
කඩොලැතු යදොර බිඳීමගැමුණු රජ්ජුරුවෝ ඇතු පිටට පැන නැඟි අතින් කුඹ පිරිමැද, "මා උපන් දවස් මාගේ පිනින් උපන් ඇති රජ, මේ සියලු ලක්දිව රජය තොපට දෙමි" යි මෙසේ මියුරු තෙපුල් කියා ඇතු සතුටු කොට තමන් මේ නිමවන්ට තුබූ උතුම් රාජ භොජනයෙන් ඇතු කවා පිට වණය සළුවෙන් වසා ඊ පිට මිසට සියක් පට අතුට මත්තෙහි තෙලිසම් බැඳ දොර බිඳිනට අළහ. ඒ වෙලෙහි ඒ ඇත් රජ සෙණ හඬ මෙන් ගර්ජනා කොට ඇතුළු නුවර දෙමළුන් භය ගන්වමින් දිව ගෙන ගොස් දළින් යදොර ඇන බීඳපි ය. එවේලෙහි එළිපත පයින් ඇන දොර හා දොරබාව හා සමග ඇතුපිට උගුලක් සේ ඇතු යට කොට ගෙන හෙන්නා දුටු මහ බලැති නන්දිමිත්රම නම් යෝධයා මාගේ රජ්ජුරුවන්ගේ රාජ වාහන ඇතු නටහොත් අලාභ ය යි සිතා තමාගේ උරයෙන් පැහැර ඉස්බක් පමණ තැන් දමාපී ය. කඩොලැත් තමාගේ දෙදළ ගෙන බිම කෙළින්
26 ථුපවංසය
හිඳුවාපු වෛරය එදවස් හැරපි ය. එවේලෙහි කඩොලැත් තමා පිටට නැඟෙනු පිණිස නන්දිමිත්රපයන් මුහුණ බැලී ය. එවිට නන්දිමිත්‍රා යෝධයා තා තිරිසනා කළ මගින් මම කුමට වදිම් දැයි කියා උසින් අටළොස් රියන් ලෝ පවුර උර බාහුවෙන් පැහැර අට ඉස්බක් පමණ තැන් පවුර කඩා හෙළා සුර නිර්මල නම් යෝධයන් මුහුණ බැලී ය. එසඳ සුරනිර්මල නම් යෝධයාණෝ ද එක්පොළකින් බිඳපූහ. ථෙරපුත්තාභය නම් යෝධයාණෝ ද වේළුසුමන නම් යෝධයාණේ ද භරණ නම් යෝධයාණේ ද ඛඤ්ඡදෙව නම් යෝධයාණෝ ද ඵුස්සදෙව නම් යෝධයාණෝ ද (මහාසොණ නම් යෝධයාණෝ ද ගොඨයිම්බර නම් යෝධයාණෝ ද) ලභිග වසභ නම් යෝධයාණෝ ද යන මෙ කී දස මහා යෝධයෝ එකකු වන් කඩින් එකෙක් නො වැද වෙන වෙන ම අට ඉස්බක් අට ඉස්බක් පමණ තැන් එකී එකී දෙනා බිඳ වන්හ. එවේලෙහි කඩොලැත් ගැල් සකක් ගෙන දෙමළුන් මැරී ය. නන්දිමිත්රන ගැලැත්තක් අත ලා ගෙන දෙමළුන් තැළී ය. ගොඨයිම්බර නම් යෝධයා පොල් ගසක් කඩා ගෙන තැළී ය. සුරනිර්මල නම් යෙධයා උතුම් කඩුවක් ගෙන කෙටී ය. මහාසොණ නම් යෝධයා තල් ගසක් උදුරා ගෙන තැළී ය. ථෙරපුත්තාභය නම් යෝධයාණෝ යගදාවක් ගෙන තැළූ හ. එසේ හෙයින් කියන ලදි:
"හත්ථි ගහෙත්වා රථවක්කං මිතේතා සකට පඤ්ඡරං නාළිකෙරතරු ගොඨො නිම්මලො බග්ගමුත්තමං, තාලරුක්ඛං මහාෙසාණො ථෙරපුතේතා මහාගදං විසුං විසුං විථිගතා දමිළෙ තත්ථ වුණ්ණයුං"
අනුරාධපුරයෙහි සටනට නික්මීමමෙසේ විජිතපුරය සාර මසකින් සාධා එහි උන් බොහෝ දෙමළුන් මරා එයින් නික්ම ගිරිනිල් නුවර ගනුම්හ යි සැරසි ගිරිනිල් නුවරට ගොස් වැද ගිරිනිල් දෙමළා මරා, එයින් නික්ම මානෙල් නුවරට ගොස් මානෙල් දෙමළා හා සටන් කොට සාර මසකින් ඒ දෙමළා සාධා, එයින් නික්ම දුටු ගැමුණු රජ්ජුරුවෝ සේනාවට රන් ප්‍රාසාද දි පන්සියයක් රහතුන් වහන්සේ වැඳ පුදා මහා සේනාව පිරිවරා කඩොලැතු පිටට පැන නැඟී එලිල්ලන්කඩ පැන අනුරාධපුර නුවරට සටනට නික්මෙන රජ්ජුරුවෝ මඟ කෙළිමින් සෙමින් ගොස් කසාගල් පාබඩ කඳවුරු බැඳ එතැන්හි වැවක් බඳවා සේනාව හා සමග මහත් වූ පෙරහරින් පොසොන් මස දිය කෙළියට පටන් ගත්හ. එසමයෙහි එළාල රජ දුටුගැමුණු රජ්ජුරුවන් ආ බව අසා තමාගේ අමාත්යයයන් හා කථා කරන්නේ, "කිමෙක් ද අමාත්යමයෙනි, තොප වැනි මන්ත්‍රි වරුන් ඇත්තේ මෙසේ වූ තෙනට වේ ද? දුටුගැමුණු රජ මියුඟුණේ පටන්
ථුපවංසය 27
සියලු දෙමළ කඳවුරු තාක් පැහැර දැන් අප උන් නුවර ගනුම්හ යි සැරහි කසාගලු නම් තෙන කඳවුරු බැඳ ගෙන හිඳින්නේ ය. ඒ රජු හා සමඟ කෙසේ සටන් කරමෝ දැ" යි අමාත්යායන් විචාළේ ය. එබස් ඇසූ අමාත්ය්යෝ කියන්නාහු, "මෙලොව නුවණින් පරීක්ෂා කොට කළ මනා සියලු කටයුත්තෙක් ඇත් නම් එහි කෙළ පැමිණ සිටි අප වැනි අමාත්යහයන් විසින් පිරිවරන ලද නුඹ වහන්සේ විසින් කිසි සැකයක් නොකොට සෙට දවස් සටන් කොට වදාළ මැනවැ" යි නියත කළහ. එබස් ඇසූ එළාල රජ්ජුරුවෝ දීඝඡත්තු නම් යෝධයා ඇතුළු වූ විසි මහා යෝධයන් ප්රලධාන කොට ඇති මහත් වූ දෙමළ සේනාවට රන් රුවන් ප්රුසාද දීමෙන් සෙනඟ සිත් ගෙන දුටුගැමුණු රජ්ජුරුවන්ට කියා යවන්නෝ, "සටනට ඇවිත් ඔතන ඉඳ කරනු කිම් ද? වහා සටනට අව මැනවැ" යි පත් යවුහ. එබස් ඇසූ දුටුගැමුණු රජ්ජුරුවෝ, "කියා එවූව මනා ද? අපි එමින් සිටියම්හ. සෙට දවස සටනට සැරහි සිටිය මැනවැ" යි පත් යවා, නන්දිමිත්රි නම් යෝධයාණන් ආදී වූ තමන්ගේ දශ මහා යෝධයන් ළඟට කැඳවා කියන්නාහු, "මෙතෙක් දවස් කළ සටන් සේ නො වෙයි. දෙමළ දෙතිස් කඳවුරට නායක වූ විසි මහා යෝධයන් විසින් පිරිවරන ලද මාර සේනාව වැනි මහත් සේනාවෙන් යුක්ත වූ එළාල රජ්ජුරුවන් හා සෙට දවස් සටන් කෙසේ කරමෝ දෑ" යි විචාළහ. එබස් ඇසූ දශ මහා යෝධයෝ කියන්නාහු, "දෙවයන් වහන්ස, එක එළාල රජුගේ සේනාව තබා මුළු දඹදිව සියලු සේනාව ඇවිදිනුත් අප දසදෙනා ජයගතනො හෙති. සැක නො සිතා වදාළ මැනවැ" යි කිහ. එබස් අසා දුටුගැමුණු රජ්ජුරුවෝ සතුටුව සේනාවට ප්රළසාද දී ස්නානාහ සන්නද්ධව සටනට නික්මුණාහ.
දීඝඡත්තු යෝධයාඑළාල රජ දුටුගැමුණු රජු සටනට ආ බව අසා දෙවන දවස් සන්නාහ සන්නද්ධ වූයේ මහා පර්වත නම් ඇතු පිටට පැන නැඟි දෙමළ මහා සේනාව පිරිවරා අවුත් වන. එවෙලෙහි දුටුගැමුණු රජ මෑණියන් විහාරමහාදේවීන් හා මන්ත්රහණය කොට දිඝඡත්තු නම් යෝධයා පිණිස මෑණියන්ගේ අප දෙශයෙන් දෙතිස් බල කොටුවක් කරවා ධවලච්ඡත්රණ නංවා සර්වාභරණයෙන් සැරහු කිහිරි හරින් කළ රජ රූ දෙතිසකුදු සිටුවා දෙතිස් වන මහ බල කොටුවෙහි රජ තෙමේ සිටගත. ඉක්බිති දෙසෙනඟ සටන් කෙරෙමින් සිටියදී එළාල රජුගේ දිඝඡත්තු නම් යෝධයා කඩු පලඟ ගෙන බිමින් අටළොස් රියනක් අහසට පැන නැගි රජ රූ පොලු ගසා පළමු වන බල කොටුව හා සෙසු බල කොටු ද බිඳ ගැමුණු රජ සිටි බල කොටවට නික්මිණ. එවේලෙහි රජ්ජුරුවන් සමීපයට යන දිඝඡත්තු නම් යෝධයා දුටු සුර නිර්මල යෝධයා තමාගේ නම කියා "මා සිටියදී ඔබ කොයි යෙයි ද නිවට
28 ථුපවංසය
දෙමළෑ" යි හඬ ගැසී ය. එවෙලෙහි ඔහු බිණූ බස් ඇසූ දීඝඡත්තු නම් යෝධයා "දෙපලු කොට ගසා මොහු මරා රජු පසු ව මරමි" යි කිපි අහසට පැන නැඟි තමාගේ හිස මුදුනට බස්නහු දැක සුරනිර්මල නම් යෝධයා තමා අත තුබූ පලඟය මිටින්ගෙන ඉස වසා සිටියේ ය. දිඝඡත්තු නම් යෝධයා ද ඉස් වසා සිටි පලභය දැක පලඟය හා මොහු හා එක් කොට ගසමි යි සිතා පලඟයට ගැසි ය. එකෙණෙහි සුරනිර්මල නම් යෝධයා පලඟය අතින් හැරපි ය. දිඝඡත්තුවා පලඟය හා බිම වැටී හිණ. එවේලෙහි සුරනිර්මල යෝධයා බිම හුණුවහු නැඟී සිටිය නො දි කඩුවෙන් දෙපලු කොට ගැසි ය. ඵුස්සදෙව නම් යෝධයා එකෙණෙහි සෙණ ගසන කලක් මෙන් සක පිඹපි ය. එවේලෙහි දෙමළු උන්මත්ත භාවයට පැමිණයන් මෙන් වූ ය.
එළාර රජුගේ මරණයඉක්බිති දෙමළ සේනාව ද බිඳුණාහු ය. එළාල රජ, "දිඝඡත්තුවා හුණු කල කුමන සටන් දැ" යි බිදි පලා ගියේ ය. එදවස් බොහෝ වූ අපමණ දෙමළුන් මැරූ ය. එසේ මැරූ දෙමළුන්ගේ ලෙහෙයෙන් පොළොව ගලා ගෙන වැව දියට වැද ඒ වැව දිය ලෙහෙයෙන් කැලති ගියේ ය. එසේ හෙයින් එතැන් පට ඒ වැව කලතා නම් වැව ය යි ප්රේසිද්ධ විය. දුටුගැමුණු රජ "මා මුත් සෙසු කෙනෙක් එළාල රජු නො මර ව" යි ඒ යුද්ධ භූමියෙහි බෙර ලවා ගැමුණු රජ සන්නාහ සන්නද්ධ ව සන්නාහ සන්නද්ධ වූ කඩොලැතු පිටට පැන නැඟි බිඳි දුවන එළාල රජු ලුහු බඳවා දිව ගෙන ගොස් අනුරාධ පුර නුවර දකුණු වාසලදි රජදරුවන් දෙදෙනාගේ සටන් විය. ඒ දෙදෙනා සටන් කළ පරිදි කෙසේ ද යත්: එළාල රජ තෝමරය දමා මරමි සිතා තෝමරය දැමී ය. දුටුගැමුණු රජ එළාල රජු දැමූ තෝමරය වළහාපි ය. එකෙණෙහි එළාල රජු නැඟි පර්වත නම් ඇත්හු, ගැමුණු රජ තමාගේ කඩොලැත්හු ලවා දළින් දළ අන්වා එළාල රජහට තෝමරය දමා ඒ රජු ළෙන් ඇන පිටින් නැංවි ය. එවේලෙහි ඇතු හා සමග ඒ රජ එතැන්හි ම හිණ. ඉක්බිති දිනන ලද සංග්‍රා ම ඇති දුටුගැමුණු මහ රජ වතුරඬ්ගිනි සේනාව සහිත වූයේ ලඞ්කාද්වීපය එකාතපත්රර කොට දෙදෙව්ලොව දෙවතාවන් පිරුවැරූ සක්දෙව් රජහු මෙන් මහ පෙරහරින් අනුරාධපුර නුවරට වන.

භල්ලුක යෝධයයම් දවසෙක දුටුගැමුණු රජ විජිතපුරය පහළේ ද, එදවස් ම දිඝඡන්තු යෝධයා එළාල රජු සමීපයට ගොස් තමාගේ බෑනා භල්ලුක නම් යෝධයාගේ බල රජ්ජුරුවන්ට කියා ඔහු එන පරිද්දෙන් දඹදිවට පත් යවී ය. එපවත් ඇසූ භල්ලුකයා ද එළාල රජ්ජුරුවන් දැවූ සත්වෙනි දවස් සැට දහසක් යෝධයන් පිරිවරා පඩ්වු නැඟි මාවටුතොටට අවුත් බැස එළාල රජ්ජුරුවන් මළ බව අසා "ලජ්ජාවෙන් නැවත රට නො යමි; සටන් කෙරෙමි" යි මාවටුතොටින් නික්ම කොළඹලා නම් ගම පඩවිටි බැඳ උන්නේ ය. දුටුගැමුණු රජ්ජුරුවෝ ද භල්ලුකයා ආ බව අසා සන්නාහ සන්නද්ධ ව කඩොලැතු පිටට පැන නැඟි දශ මහා යෝධයන් පිරිවරා ගෙන මහත් වූ ශ්රීක විභුතීන් මහත් වූ පෙරහරින් සේනාව පිරිවරා නික්මුණාහ. ඵුස්සදෙව නම් යෝධයා ද පඤ්චායුධ සන්නද්ධ වූයේ ගැමුණු රජු නැඟි ඇතුගේ පශ්චිමාසනයෙහි හුන්නේ ය. භල්ලුක නම් මහායෝධයා ද සන්නාහ සන්නද්ධ ව ඇතුපිට හුන් ගැමුණු රජ අභිමුඛයට අවුත් වන. එදවස් කඩොලැත් ඔහුගේ වේගය මඳ වනු පිණිස සෙමෙන් සෙමෙන් පසුබැස යෙයි. ගැමුණු සේනාව ද ඇතු හා සමග පසු පස්සෙන් බටහ. එවේලෙහි ගැමුණු රජ්ජුරුවෝ ඵුස්ස දෙව නම් යෝධයාණන්ට මෙසේ කිවු ය. කෙසේ ද යත්: "මේ ඇත්රජ පෙර අප අටවිසි මහ සටනක් කරන කල පසු නො බට, දැන් භල්ලුකයාගේ සටනට කුමක් පිණිස පසුබසි දැ" යි විචාළහ. ඵුස්සදෙව නම් යෝධයා රජ්ජුරුවන්ට මෙසේ කී ය: "දෙවයන් වහන්ස, ජය අපට ම ය. මේ ඇත්රජ ජය බිමක් සොයා යයි. පසු පස්සෙන් බැස ජය බිමකට පැමිණි කල එතැන්හි සිටිනේ ය" යි දැන්වී ය. ඉක්බිති ඒ කඩොලැත් ද පසු පස්සෙන් බැස අනුරාධපුර නුවර සමීපයෙහි මහාවිහාර සීමා අන්තයෙහි සිට ගත. එවේලෙහි භල්ලුකයා ද ගැමුණු රජහු අභිමුඛයට අවුත් මා බෑනන් මැරූ මේ රජහු මුඛයට ම විදිම යි හීයක් හිඳුවා ගෙන බැණ නැංගේ ය. ගැමුණු රජ ද කඩු තලයෙන් මුඛය වසා ගෙන, "කිමෙක් ද? නිවට දෙමළැ" යි කියා බැණ නැංගේ ය. බැණ නැඟි රජහුගේ මුඛයට ම විදිමි යි භල්ලුකයා හීයක් හැරපි ය. ඒ හිය ද ගොස් කඩුව පට වැද ගෙන බිම වැටී හිණ. එවේලෙහි රජ්ජුරුවෝ කට පුරා හුන් ලාරස බිමට දැමූ ය. ඒ දුටු භල්ලුකයා ද දුටුගැමුණු රජුහුගේ මුඛයට ම තර කොට විද්දෙමි යි සොම්නසින් ඔල්වර හඬ පැවැත්වි ය. එවේලෙහි රජ්ජුරුවන්ට පශ්චිමාසනයෙහි හුන් ඵුස්සදෙව්
30 ථුපවංසය
නම් යෝධයාණෝ රජ්ජුරුවන් පැලඳි කුණ්ඩලාභරණය පැහැර ගෙන භල්ලුකයාගේ මුඛයෙහි සැරයක් විද්දාහ. එවේලෙහි විත් කා රජ්ජුරුවන් දසාවට පය ලා හෙන්නහුගේ දණට නැවත සැරයකින් විද රජ්ජුරුවන් දසාවට හිස ලවා හෙළී ය. එදවස් ලබන ලද ජය ඇති දුටුගැමුණු රජ නුවරට අවුත් වන. ඉක්බිති ඵුස්සදෙව නම් යෝධයා රජ්ජුරුවන්ගේ කුණ්ඩලාභරණය පැහැර තමා සැරය විදි දඬුවමට තමාගේ කන්වැලින් ලේ ගෙන හැර, "ස්වාමීනි, නුඹ වහන්සේගේ කුණ්ඩලාභරණය පැහැර මා සැරය විදි වරදට මේ දඬුවමැ" යි රජ්ජුරුවන්ට දැන්වූයේ ය. එවේලෙහි රජ්ජුරුවෝ, "මාගේ සතුරන් සාධක පිණිස කළ දෙයින් තොපට වරද නැතැ" යි ඒ විදි හීය ගෙන්වා ගෙන "හිය ගෙළින් සිටුවා හීපගිලිය වසා මසුරන් ගොඩක් ඵුස්සදෙවයන්ට දෙව" යි කියා මෙලෙස දෙවූහ.
මෙසේ මේ ලඞ්කාද්වීපය සතුරන් සාධා එකාතපත්රර කොට රජ්ජුරුවෝ දශ මහා යෝධයන්ට හිමි පමණ රන් රුවන් තනතුරු දෙවූහ.

ථෙරපුත්තාභය යෝධයා මහණ වීම
එසේ තනතුරු දෙන වේලෙහි ථෙරපුත්තාභය නම් යෝධයාණෝ තමන්ට දෙන තනතුරු නො ගත්හ. "කුමක් පිණිස නො ගනුදැ" යි රජ් පුරුවන් විසින් විචාරන ලද්දාහු, "දෙවයන් වහන්ස, තව සතුරෝ ඇතැ" යි කීහ. එබස් ඇසූ රජ්ජුරුවෝ: "දැන් සිංහලය මට එකරාජ්යයය වුව, කුමන සතුරු කෙනෙක් ඇද්ද" යි විචාළහ. මෙලෙස විචාළ රජ්ජුරුවන්ට ථෙර පුත්තාභය නම් යෝධයාණෝ: "දෙවයන් වහන්ස, කිසි කලෙකත් කෙලෙස් නැමැති සතුරා ජයගත නො හැක්ක. එසේ හෙයින් ඒ කෙලෙස් නැමැති සතුරා හා යුද්ධයට යෙමි" යි කීහ. එබස් ඇසූ රජුජුරුවෝ දෙතුන් වරෙක ම වලකා නො ගිවිස්නා හෙයින් "යහපත, වැලි, මහණ වව" යි අවසර දුන්හ. රජ්ජුරුවන් විසින් දෙන ලද අවසර ඇති ථෙරපුත්තාභය නම් යෝධයාණෝ මහණ ව විදර්ශනා වඩා සිවුපිළිසිඹියාපත් රහත් වූහ. රහත් ව පන් සියයක් රහතන් විසින් පිරිවරන ලදුව රුහුණු දනව්වෙහි වූ ගුත්හල අඤ්ජලි පවු නම් විහාරයෙහි වැඩ වසන සේක.

රජුගේ දොම්නසඉක්බිති දුටුගැමුණු මහරජ මාළිගාවෙහි විසිතුරු කොට සරහන ලද ශ්රිව යහන් මස්තකයෙහි සැතපී දිව්යිසම්පත් හා සමාන සම්පත් සඳහන් කොට, "ගිය ජාතියෙහි කළ සුචරිත පින්කමින් මේ සා මහත් සම්පතකට පැමිණි යෙමි" යි සතුටුව නැවත මැරූ අටළොස් කලන්දයක් දෙමළුන් සඳහන්
ථුපවංසය 31
කරන රජ්ජුරුවන්ට මහත් වූ දොම්නස් උපන. එවේලෙහි පුවඟු දිවයින වැඩ හුන් එක් රහත් කෙනකුන් වහන්සේ රජ්ජුරුවන් සිතූ සිත තමන් වහන්සේගේ නුවණින් දැන වදාරා රජ්ජුරුවන්ව අස්වසනු පිණිස රහත් අට දෙනකුන් වහන්සේ ඒවා වදාළ සේක. ඒ අට දෙනා වහන්සේ ද අවුත් තමන් වහන්සේ වැඩි නියාව රජ්ජුරුවන්ට කියා යවා මාළිගාවට නැඟී වදාළ සේක. එවේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ වැඳ අසුන් පනවා වඩා හිඳුවා "වැඩි කාරණ කිම් දැ" යි විචාළහ. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේ වැඩි කාරණ වදාරන සේක්, "මහරජ, තොප විසින් මැරූ අටළොස් කලන්දයක් දෙමළුන්ගෙන් ස්වර්ග මොක්ෂ දෙකට අන්තරායක් වේදෝ හොයි යනුවෙන් සිතූ සැකය හරනට ආම්හ" යි වදාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ, "එසේය ස්වාමීනි, අටළොස් කලන්දයක් පමණ දෙමළුන් මරා මේ සා යුද්ධයක් කරන ගැත්තවූ විසින් බොහෝ පව් රැස් කරන ලද. මේ අකුශල කර්මයෙන් ස්වර්ග මොක්ෂ දෙකට ගත්තවුට බාධා ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි යන මේ සැකය පසිඳ වදාළ යහපතැ" යි කීය. එබස් ඇසූ තෙරුන් වහන්සේ ද "මහරජ, මේ නිසා තොපට ස්වර්ග මොක්ෂ දෙකට බාධාවක් නො පැනෙයි" වදාළ සේක. "ඇයි, ස්වාමීනි, බාධා නැතැයි වදාරන්ට කාරණ කීම ද?" කිහිඹි කුහුඹු ලේඬිති ඉනිකුණු ආදි කුඩා සතුන් මෑරු කල මහත් පාප ය යි යන කල මෙතෙක් මනුෂ්යළන් මැරූ පවින් මේ දුටුගැමුණු රජ්ජුරුවන්ට ස්වර්ග මොක්ෂ දෙකට බාධා නැත්තේ ඇයි ද යත්: මේ දුටුගැමුණු රජ්ජුරුවෝ එකාඞ්ඛ්යහ කප් ලක්ෂයක් පිරූ පාරමිතා ඇති කෘතාධිකාර මහාත්මයාණෝ ය. අනාගත යෙහි බුදු වන මෛත්‍රී නම් සම්‍යාක් සම්බුදු රජාණන් වහන්සේට දකුණත් සවු වන්නාහු ය. එසේ හෙයින් මේ රජ්ජුරුවන් සසරෙහි විසීම නැති හෙයින් පාපයට අවකාශ නැතැ" යි වදාළ සේක.

මිරිසවැටි විහාරය කරවීමඑවේලෙහි තෙරුන් වහන්සේගේ බස් අසා සතුටුව අස්වැසුණු රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ වැඳ යවා අවකාශ ඉල්වා ගෙන නැවත ශ්රිස යහනෙහි සැතපී මෙසේ සිතූහ: "සංඝයා වහන්සේට දන් නො දී මම කිසි කලෙක්හි බත් ආදි කිසිවක් අනුභව නො කළ වීරිමි. මාගේ දෙමවුපිය දෙදෙනා මා බාල කල්හි ම අප දෙබෑයන් දන් නො දි කිසිවක් අනුභව නොකරව" යි දිවුරවූහ. සංඝයා වහන්සේට මා විසින් දන් නො දි කෑ දෙයෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි පරීක්ෂාම කරන්නාහු සඳහන් නැතිව දන් නො දී කෑ මළ මිරිස් පැස්සක් දැක, "මා විසින් කෙළේ මහා අපරාධයෙක, එසේ හෙයින් මා ම දඬුවම කළ මැනවැ" යි සිතා රජ්ජුරුවෝ ඔටුනු පලන් සතියක් ගිය කල මහත් වූ රාජානුභාවයෙන් සේනාව පිරිවරා දිය කෙළිනා
32 ථුපවංසය
පිණිස ද, නැවත රාජාහිෂෙකයට පැමිණි රජදරුවන්ගේ චාරිත්රිය රක්ෂා කරනු පිණිස ද, තිසා වැවට නහන්නට ගිය රජ්ජුරුවන්ගේ කැටිව ගෙන ගිය රන් වළන් ද පිළි සම්බඩම් ආදි වූ සෙසු වස්තුන් ද මිරිසවැටි විහාරය කරවන තැන තබා වැව දිය කෙළියට පටන් ගත්හ. ඒවේලෙහි රජ්ජුරුවන් හා කැටිව ගිය රාජ පුරුෂයෝ මිරිස වැටි දාගබ බඳිනා ස්ථානයෙහි රජ්ජුරුවන්ගෙ ධාතු සහිත ජල කොන්තය ඉඳුරා කෙළින් සිටුවූහ. දුටුගැමුණු රජ්ජුරුවෝ පුරඟනන් හා සමඟ දිවාභාගය මුළුල්ලෙහි දිය කෙළ සවස් වේලෙහි "නුවරට යම්හ යි; ධාතු පිහිටවූ රුවන් කොන්තය ඉදිරි කොට නික්මෙව" යි කීහ. රජ්ජුරුවන්ගේ බස් ඇසූ රාජ පුරුෂයෝ "ජයකොන්තය ගනුම්හ" යි ගොස් ඒ ගන්නා තබා තුබූ කෙනින් සොල වාලිය නුහුණුවාහු ය. ඒ ආශ්චය්ය්ගොස දැක රජ්ජුරුවන් ඇතුළු වූ සේනාව සුවඳින් මලින් ඒ ධාතු සහිත ජයකොන්තයට පූජා කළාහ. නැවත දුටුගැමුණු රජ්ජුරුවෝ සතුටු සිත් ඇතිව හාත්පසින් එතැන්හි රැකවල් ලවා නුවරට ගොස් අවුත් ජයකොන්තය වසා දාගබක් බඳවා මහත් වූ විහාරයක් කරවන රජ්ජුරුවෝ තුන් අවුරුද්දකින් කරවා නිමවූහ.

විහාර පූජාව
නැවත මේ දුටුගැමුණු මහරජ ඒ විහාර පූජා පිණිස මහා සංඝයා වහන්සේ රැස් කරවී ය. කෙපමණෙක් රැස් වූ ද යත්: භික්ෂූන් වහන්සේ ගෙන් ලක්ෂයක් දෙනා වහන්සේ රැස් වූ සේක. භික්ෂුණීන් වහන්සේගෙන් අනූදහසක් දෙනා වහන්සේ රැස් වූ සේක. එසමයෙහි මහා සංඝයා වහන්සේ දැක සතුටු වූ රජ්ජුරුවෝ, වැඳ එකත්පස් ව සිට මෙසේ දැන්වූහ. කෙසේද යත්: "ස්වාමීනි, සඳහන් නැති ව සංඝයා වහන්සේට නො දි මළ මිරිස් පැස්සක් කෑමි. ඒ පිණිස මට මේ දඬුවම් වේවයිදාගබ සහිත මේ මිරිසවැටි විහාරය කරවිමි. ගැත්තවුට පින් පිණිස පිළිගෙන වදාළ මැනවැ" යි දන්වා දාගබ සහිත විහාරය දන් දී ඇත පැන් වත් කොට මහා සංඝයා වහන්සේට වැඩ හිඳිනා පිණිස මහත් කොට මඩුවක් ලැවූ ය. ඒ මඩුවේ පලය බයා වෑව දිය පිට දක්වා සිටියේ ය. සෙසු අවකාශයෙහි කියනුම් කිම ද? එසේ ලවන ලද මඬුයෙහි ලක්ෂයක් පමණ භික්ෂූන් වහන්සේ ද අනූ දහසක් පමණ භික්ෂුණීන් වහන්සේ ද එහි වඩා හිඳුවා අත පැන් වත් කොට භික්ෂු සංඝයා වහන්සේට මහ දන් දී සිවුරු ආදී සියලු පිරිකර දන් දින. එහි වැඩිමහලු සඬ්ඝ ස්ථවිරයන් වහන්සේලත් පිරිකර ලක්ෂයක් වටනේ ය. (සෙසු භික්ෂුන් වහන්සේට පිළිගැන්වූ පිරිකර පන්සියයක් වටනේ ය.) මෙසේ යුද්ධයෙහි ද දානයෙහි ද සූරවීර වූ ප්ර්ඥා සම්පන්න වූ, රත්නත්රයයෙහි ප්රයසන්න වූ නිර්මල වූ සිත ඇති, ලොක ශාසන දෙක බැබළවීමෙහි
ථුපවංසය 33
කරන ලද මහත් වූ වීය්ය් ූර ඇති, කෙළෙහි ගුණ දන්නාවූ ඒ දුටුගැමුණු රජ්ජුරුවන් රත්නත්රයය පුදනු පිණිස ආදියෙහි දාගබ කරවීමෙහි පටන් ගැන්මෙහි පටන් ඒ මිරිසවැටි දාගබ පූජාව අන්ත කොට පරිත්යාකග කළ අනර්ඝ වස්තූන් හැර සෙසු වස්තූහු (එකුන්විසි) කෙළක් පමණ වස්තූහු ය. නුවණැත්තවුන් විසින් බිඳෙනසුලු වූ නිස්සාර වූ ආත්මයෙහි ද වස්තුයෙහි ද කරන ලද ඇල්මෙක් ඇත් නම් ඒ දුරු කොට මෙලෝ පරලෝ දෙක සුව විඳිනා පිණිස මේ දුටුගැමුණු මහරජහු මෙන් සියලු කුශල සම්භාරයන් රැස් කොට කෙළවර ජරා මරණ නැති අමා ය යි බුදුන් විසින් වදාරන ලද නිවන් දහම් ප්රවත්ය ක්ෂ කටයුතු. මිරිසවැටි විහාර කථාව නිමි.

ලෝවාමහාපායේ සැලැස්ම
ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ සිතුහ: මිහිඳු මහ තෙරුන් වහන්සේ මාගේ මුත්තණුවන් දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන්ට වදාරන සේක් "මහරජ, තොපගේ මුනුබුරු වූ දුටුගැමුණු නම් රජෙක් එක්සිය විසි රියන් රුවන්වැලි නම් දාගබක් කරවන්නේ ය. සඬ්ඝයා වහන්සේට ද පොහෝ කරන්නට නව මහල් ඇති ලෝවාමහපා ය යි යන ප්ර්සාදයක් කරවන්නේ ය" යි (යනු සිතා පරීක්ෂා කරන්නෝ) රජගෙයි කරඬුවෙක රන්පත ලියා තුබූ අකුරු දැක කියවා බලා, "මතු එන දවස එක්සිය සතලිස් අවුරුද්දක් ගිය කල කාවන්තිස්ස නම් රජ්ජුරු කෙනකුන්ගේ පුත් වූ දුට්ඨගාමණී අභය නම් රජෙක් මෙකී විහාර දෙක කරවයි" කියා ලියා තුබූ හසුන් කියවා සතුටු වූ ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ වමත හකුළුවා ගෙන දකුණතින් අත් පොළා, "මාගේ ස්වාමිදරු වූ මිහිඳු මහතෙරුන් වහන්සේ විසින් මම දක්නා ලදිම් වනැ" යි සතුටුව දෙවෙනි දවස් උදෑසන මහ සෙනඟ පිරිවරා මහමෙවුනා උයනට ගොස් මහා සංඝයා වහන්සේ රැස් කරවා සඬ්ඝයා වහන්සෙ වැඳ එකත් පස් ව සිට දොහොත් මුදුනෙහි තබා ගෙන මෙසේ දැන්වූහ: "ස්වාමීනි, මම භික්ෂු සංඝයා වහන්සේට පොහෝ ගෙයක් දිව්‍යා විමානයක් හා සදෘශ කොට කරවමි. රහතන් වහන්සේ දෙව්ලොවට යවා පෙතිකඩෙක මාළිගා සැලැස්මක් අඳවා ගෙන්වා ගෙන මට දෙවා වදාළ මැනවැ" යි දැන්වූහ. ඉක්බිති මහා සඬ්ඝයා වහන්සේ රහත් අට දෙනකු වහන්සේට එපවත් කියා දෙව් ලොවට යවූ සේක. ඒ අට දෙනා වහන්සේ ද තව්තිසා දෙව්ලොවට ගොස් බීරණී නම් දිව්‍යව ස්ත්රින යටගිය ජාතියෙහි අනුන්ට මිඬීව ඉපිද සමයිතින් දන් පිසු කුසලින් උපන්නා වූ තුන් ගව්වක් උස දිව්යී ශරීරයක් හා ගව්වක් උස වන් ඔටුන්නක් පැලඳ අටසාලිස් ගව්වක් දිග දිව සළුවක් හැඳ සැට ගැලක් පුරා ලන ආභරණ පැලඳ නවාමුණක් සුවඳ විලවුන් ගෙන සපු නා පනා සිහින් කෙන්ද දෑසමන් දෙඉද්ද සුරගි උපුල් පරසතු කොවිළාර මහනෙල්
34 ථුපවංසය
දුනුකේ වැටකේ කරාකේ සෙව්වන්දි සෞගන්ධික මරුවා විදෑවන මේ ආදි වූ සුවඳ මුල් යෙළයාළක් පැලඳ සැට දහසක් නළු නාටකයන් පිරිවරා උන්, අටසාලිස් ගව්වක් උස ඇති දහසක් රුවන් ගබඩායෙන් සැදුම් ලද රුවන් මාළිගාව දැක රහතන් වහන්සේ ඒ ප්රකසාදය දැහිඟුලෙන් පෙතිකඩෙක හැඳ ගෙනවුත් භික්ෂූ සඬ්ඝයා වහන්සේට දුන් සේක. සඬ්ඝයා වහන්සේ ද ඒ පෙති කඩ රජ්ජුරුවන්ට දෙවා වදාළ සේක.

ලෝවාමහාපාය කරවීම
රජ්ජුරුවෝ ඒ පෙති කඩ දැක සතුටුව ඒ ප්රෙසාදය හා සදෘශ කොට ලෝවාමහාපාය කරවූ ය. කෙසේ කරවූ ද යත්: මාළිගාට පටන්ගත් දවස් ම සතර වාසල අට දහසක් රන් තැබී ය. නැවත සතර වාසල් දොර දහසක් පිළිසම්බඩම් ද උක් සකුරු හෙළ ගිතෙල් තල තෙල් මී තෙල් පුරා තුබූ නොයෙක් සිය දහස් ගණන් සැළ තැබ්බවිය. නැවත ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ යමෙක් මේ ලෝවාමහාපයේ මිල නොගෙන මෙහෙ නො කළ මැනවැ" යි නුරාධපුර නුවර බෙර ලවා "යම් කෙනෙක් මිල නො ගෙන ඉදින් මෙහෙ කළෝ වූ නම්, උන් කළ මෙහෙ අගය කරවා මිල දෙව" යි සම්මත කළෝ ය. ඒ ලෝවාමහාපාය එකි එකි දිගින් සියක් සියක් රියන් විය. උසිනුත් සියක් රියන් විය. නව මහලකින් සැදුම් ලද. එකි එකී මාලෙහි සියක් සියක ගබඩා ගෙවල් විය. ඒ සියලු ගබඩා ගෙවල් රිදියෙන් ම කරවූ ය. එකී සියලු ගබඩා ම රන්රසු දැලින් පරික්ෂෙප කරවූහ. ඒ ගබඩා ගෙවල් නොයෙක් විසිතුරු රුවනින් හෙබියා වූ පබළුමය පදනමින් ද යුක්ත ය. ඒ වෙදිකායෙහි පියුම් ද නොයෙක් සත් රුවනින් කරවූ ය. එසේම දහසක් ගබඩා අනෙක රත්නයෙන් කරවා සිවුමැදුරු කවුළු ද රුවනින් ම නිමවා වෙසමුණු රජුහුගේ නාරි වාහනය අසා ඒ වාහනය ආකාර කොට මාළිගා මද්ධ්යෙයේ රුවන් මණ්ඩපයක් කරවූ ය. ඒ මණ්ඩපය ද නොයෙක් රුවන් ටැඹීන් ද සිංහ රූපයෙන් ද ව්යා.ඝ්රඩ රූපයෙන් ද දෙවතා රූපයෙන් ද යනාදි නොයෙක් රූපයෙන් හෙබියා වූ හාත්පසින් එලෙන්නා වූ ඇඹුලපක් සා මුතුදැලින් ද පරීක්ෂෙප කරවූ ය. ඒ මණ්ඩපයෙහි පබළුමය වෙදිකා පෙර කී ලෙස ම කරවූ ය. සත් රුවනින් විචිත්රහ මණ්ඩප මද්ධ්යායෙහි දෑවාණමය බිම ඇද්දළින් ආසනයක් කරවා පිටාටුව ද ඇද්දළින් ම කරවූ ය. හිරු මඬල ද රත්රනින් ම කරවූ ය. එසේ ම රිදියෙන් සඳමඬල ද කරවූ ය. නැවත මුත්තෙන් කරවන ලද තරුවෙන් ද විචිත්රර විය. ඒ ඒ තන්හි සුදුසු ලෙස රත්නමය පියුම් ද ප්ර්සාදවහ වූ ජාතක ද අතුරතුරෙහි රන්ලිය ද කරවූ ය. ඒ මණ්ඩපයෙහි මාහැඟි වූ බුමුතුරුණු අතුට සිත්කලු වූ ඇද්දළින් කරවන ලද ව්යූජන පත්රැ ද තබා පබළුමය පියගැට කරවූ ය. එසේ ම ආසන මත්තෙහි ද පබළුමය පියුම් පිහිටුවන ලද්දේ ය. රිදියෙන් කරවන ලද දඩු ඇති රුවන්
ථුපවංසය 35
සේසත් ද පිහිටවූ ය. එහි සත් රුවන්මය අටමඟල ද අතුරතුරෙහි මැණික්මය වූ මුතුමය වූ සිවුපා පඬ්කතියක් ද කරවූ ය. ධවලච්ඡත්රන කෙළවර රත්නමය වූ මිණි පඬ්කතියක් ද එල්වූ ය. මාළිගාව ද, ධවලච්ඡත්රුය ද, ආසනය ද, මණ්ඩපය ද යන මේ සතර අනර්ඝ ය. මාහැඟි වූ ඇඳ පුටු පනවා එහි මැහැඟි වූ පලස් ද අතුට මාහැඟි වූ බිම බුමුතුරුණු ද අතුරුවූ ය. සැට කළයක් පැන් ගන්නා රන් සැළ ද පැන් ඉස්නා රන් එව් ද කරවූ ය. සෙසු අනුභව කළමනා සියලු පිරිකර මෙතෙකැ යි පමණ නැත්තේ ය. නැවත ප්රුසාදය වට කොට වාසලින් ද පවුරින් ද පිරිවරන ලද. ලෝ හුළින් ද මාළිගාව සෙවූ බව හෙතු කොට ගෙන "ලෝවාමහාපාය" යි නම් විය.

ලෝවාමහාපාය සංඝයා වහන්සේට පිළිගැන්වීම.
මෙසේ තව්තිසා දෙව්ලොවෙහි සුධර්මා නම් දිව්යච සභාව මෙන් ප්රදසාදය නිමවා මහා සංඝයා වහන්සේ රැස් කරවූහ. මිරිසවැටි විහාර පූජාවට මෙන් මහා සඬ්ඝයා වහන්සේ රැස්වූ සේක. යට මාලේ පෘථග්ජන වහන්සේවරුන්දෑ වැඩහුන් සේක. දෙවෙනි මාලේ සූත්රර පිටකය අභිධර්ම පිටකය විනය පිටකය යන තුන් පිටකය ධරන වහන්සේවරුන්දෑ වැඩහුන් සේක. තුන්වෙනි මාල ද සතර වෙනි මාල ද පස්වෙනි මාල ද යන තුන් මාලෙහි සෝවාන් සකෘදාගාමි අනාගාමි භික්ෂූන්වහන්සේ වැඩහුන් සේක. මත්තේ සතර මාලෙහි රහතන් වහන්සේ වැඩහුන් සේක. ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ මහා සඬ්ඝයා වහන්සේ රැස් කරවා වඩා හිදුවා අත පැන් වත් කොට සඬ්ඝයා වහන්සේට මහාපාය පිළිගන්වා මිරිසවැටි විහාර පූජාව මෙන් සද්දවසක් මහ දන් දුන්හ. මහත් වූ දාන පරිත්යාවග ඇති දුටුගැමුණු මහ රජ්ජුරුවන් විසින් ප්‍රා සාද යට අනර්ඝ වස්තූන් තබා ප්රුසාදය පිණිස පරිත්යාමග කළ ධනය තිස් කෙළක් පමණ ය. එසේ හෙයින් "නුවණැති සත්වයෙනි, පරලොව යන කල හැරපියා යා යුතු වූ ධන සමූහය ඒ රජ්ජුරුවෝ මෙසේ දන් දීමෙන් තමා කැටුව පර ලොව ගෙන ගියහ" යි දත යුතු. ලෝවාමහපා කථාව නිමි.

මහ සෑයට උළු ලැබුණු අයුරුනැවත එක් දවසක් ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ ලක්ෂයක් ධන වියදම් කොට බොධීන් වහන්සේට පූජාවක් කරවා ඇතුළු නුවරට වදනෝ රුවන්වැලි දාගැබ් වහන්සේ පිහිටුවන තෙන දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන් විසින් ඉඳුවන ලද ශිලා ලෙඛය දැක මිහිඳු මහ තෙරුන් වහන්සේ විසින් කියන ලද වචනය ද සිහි කොට, "මහ දාගබ කරවමි" යි කරන ලද සනිටුහන් ඇතිව ඇතුළු නුවරට
36 ථුපවංසය
වැද රජගෙයි මතු මාලට පැන නැඟි රසමසවුලෙන් යුක්ත වූ ආහාරය මෙහෙ නිමවා යහන්හි සැතපුණු රජ්ජුරුවෝ මෙසේ සිතූහ. හේ කෙසේ ද යත්: "රාජ්ය්වාසිහු මා හා කැටිව දෙමළ සටන් කොට මහත් වූ දුකට පැමිණි යෝ ය. කවර උපායකින් ලොකවාසින්ට දුක් නො දි දැහැමෙන් සෙමෙන් මහ දාගබට සුදුසු ලෙස උළු උපදවා ගනිම් දෝහෝ" යි රජ්ජුරුවන් සිතූ ක්ෂණයෙහි ධවලච්ඡත්රයෙහි අධිගෘහිත දෙවිඳූ, සිතූ සිත් දැන, "දුටුගැමුණු රජ්ජුරුවෝ මෙසේ සිතූය" යි මහත් කොට හඬගෑ ය. ඒ හඬ ගෑ ශබ්දය පරම්පරාවෙන් ගොස් සදෙව්ලොව පැතිර සිටියේ ය. ඒ බව සක්දෙව් රජ දැන විශ්වකර්ම දිව්‍යය පුත්රවයා කැඳවා මෙසේ කී ය: "දරුව, දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි දාගබ බඳිනට උළු කෙසේ ලැබෙම් දෝ හො යි සිතා උන්නෝ ය. තෙපි ගොස් අනුරාධපුර නුවරට උතුරු දිග නුවරට සතර ගව්වක් පමණ තෙන ගැඹුරු හෝතෙර උළු ගොඩක් මවා එව" යි යවී ය. එබස් ඇසූ විශ්වකර්මයා අවුත් ඒ හෝබඩ මහ දාගබට සුදුසු උළු මවා දෙව්ලොවට ගියේ ය. දෙවන දවස් බල්ලන් හැර ගෙන දඩගිය බලු වැද්දෙක් ඒ ඒ තැන ඇවිදිනේ උළු තුබූ තෙනට ගොස් උළු නො දැක නැවත නුවරට එන්නේ ය. ඒ ඇසිල්ලෙහි එක් බූමාටු දෙවියෙක් ඒ වැද්දවුට උළු දක්වනු පිණිස මහත් ගෝ වෙසක් මවා ගෙන වැද්දවුට ද බල්ලන්ට ද තමා දක්වා උන් විසින් ලුහුබඳවා ගෙන යන ලද්දේ උළු ගොඩ තැබු තෙනට ගොස් අන්තර්ධාන විය. එසේ ලුහුබඳවා ගෙන ගිය වැදි උළු දැක,"අපගේ රජ්ජුරුවන් වහන්සේ දාගප් කරවනු කැමති සේක. මා විසින් මහත් වු පඩුරක් දක්නා ලදැ" යි සතුටු වූ සිත් ඇත්තේ නුවරට අවුත් දෙවෙනි දවස් උදැසන මාළිගාවට අවුත් රජ්ජුරුවන් දැක තමා දුටු උළු පඬුරු රජ්ජුරුවන්ට දැන්විය. එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ සතුටුව ඒ බලු වැද්දවුට බොහෝ සම්පත් දී ඒ වැද්දවු ම උළු රක්නා නියායෙන් සම්මත කළාහ. දුටුගැමුණු රජ්ජුරුවෝ, "උළු දක්නට මම ම යෙමි. රුවන් කොන්තය ඉදිරි කරව" යි කිහ:

රන් පහළ වීමඒ ඇසිල්ලෙහි අනික් අස්නක් ගෙනවුත් රජ්ජුරුවන්ට දැන්වූහ. අනුරාධ පුර නුවරට දොළොස් ගව්වකින් ඈත ඊශාන කොණයෙහි අවුරුවිටි නම් ගම තුන්යම් රාත්රිසයෙහි වැසි වට කල තුන්යාළ සාරමුණක් බීජුවට යන තන්හි රන් පැළ පැන නැංගේ ය. එසේ නැඟුණු රන් පැළ කෙතෙක් උස නැඟි ද යත්: උස්ව නැගි රන් පැළ වියතක් උස නැංගේ ය. මිටි ව නැඟි රන් පැළ සතරඟුල් පමණ උස ඇති ව නැංගේ ය. රාත්රිේය පාන් ව ගිය කල ඒ ගම්වැස්සෝ රන් පැළ දැක සතුටුව, "අපගේ රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩ
ථුපවංසය 37
යෙක් උපනැ" යි එතැන්හි රැකවල් ලවා රන් පැළ පාත්රණයක් පුරා ගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ. රජ්ජුරුවෝ සතුටුව ගම්වැස්සන්ට සුදුසු ලෙස සම්පත් දී ඒ ගම්වැස්සන් ම ඊට ආරක්ෂායෙහි සිටුවූහ.

තඹ පහළ වීම
නැවත එම ඇසිල්ලෙහි ම අනික් අස්නක් රජ්ජුරුවන්ට ගෙනවුත් දැන්වූහ. නුවරට නැගෙනහිරි දිශාවෙහි අටවිසි ගව්වකින් ඈත ගඟින් එතෙර තඹවිටී නම් ගම තඹ උපන. ඒ ගම්වෑස්සෝ, "රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩ යක් ලදුම්හ" යි සතුටුව එයින් තඹ පාත්රටයක් පුරා ගෙනවුත් රජ්ජුරුවන්ට දක්වූහ. රජ්ජුරුවෝ ද ඒ දැක සතුටුව උන්ටත් සුදුසු ලෙස සම්පත් දී ඒ ගම්වැස්සන් ලවා ම රැකවල් ලැවූහ.
මැණික් පහළ
වීමඒ අස්නට ඉක්බිතිව අනික් අස්නකුත් ගෙනවුත් දැන්වූහ. අනුරාධපුර නුවරට සොළොස් ගව්වකින් ඈත අග්නි කොණයෙහි සමන් නම් වැව සමීපයෙහි උපුල්වන් කුරුඳු හා බොහෝ මැණික් උපන. ඒ ගම්වැස්සෝ එයින් පාත්රනයක් පුරා ගෙනවුන් රජ්ජුරුවන්ට දැක්වූ ය. රජ්ජුරුවෝ ද ඒ පඬුරු දැක සතුටුව ඔවුන්ටත් සුදුසු ලෙස බොහෝ සම්පත් දි උන් ම ඒ වස්තුවට රැකවල ලැවුහ.
රිදි පහළ වීමඒ අස්නට ද ඉක්බිතිව අනික් අස්නක් ගෙනවුත් රජ්ජුරුවන්ට දැන්වූ ය. අනුරාධපුර නුවරට දකුණු දිග දෙතිස් ගව්වකින් මත්තෙහි ඇමතොට දනව් වෙහි එක් ලෙණක රිදි උපන. එසමයෙහි අනුරාධපුර නුවර හිඳිනා එක් වෑපාරයෙක් බොහෝ ගැල් ගෙන්වා ගෙන ඉඟුරු කසා ආදිය නිසා ගල්වල යන්නේ ඒ රිදි තුබූ ලෙණ දොරට නුදුරු තෙන ගැල් මුදා කැවිටි දඩු හා දර සොයා ඒ පර්වතයට නැංගේ එක් කොස් ගසක් දිට. එසේ දුටු කොස් ගස අත්තෙක සැළක් සා එකම එක් කොස් ගෙඩියක් පල ගෙන කොස් අත්ත නමාගෙන යට ගල් මත්තෙහි තුබූ කොස් ගෙඩිය ඒ වෑපාරයා දැක කොස් ගෙඩිය සමීපයට ගොස් අතින් මැඩ බලා විලිකුන් බව දැන වෑයෙන් නටුව කැපි ය. එවේලෙහි ඒ කොස් අත්ත පෙර සේ ම කෙළින් සිටියේ ය. ඉක්බිති ඒ ව්යා.පාරයා ඒ කොස් ඵලය කපා ගෙන, "තමා ලත් දෙය දන් නො දි නොකමි" යි සිතා, "සිඟා වඩනට කලැ" යි සංඝයා වහන්සේට හඬ ගෑ ය. එවේලෙහි රහත් සතර දෙනකුත් වහන්සේ ඒ වෙළඳා අභිමුඛයෙහි අවුත් පෙනුණු සේක. ඒ වෙළඳා ද වැඩි සරතදෙනා වහන්සේ දැක සතුටුව ඒ සතරදෙනා
38 ථුපවංසය
වහන්සේගේ ශ්‍රි පාදය වැඳ වඩා හිඳුවා කොස් ගෙඩිය නටුව වට කොට වෑයෙන් සැස වසල්ල උදුරා හැරපී ය. එවේලෙහි කොස් ඵලයෙහි සියලු රසය බැස වසල්ල පහ කළ තැන පිරී ගියේ ය. ඒ වෙළඳා රන්වන් පැහැ බඳු වූ ඒ කොස් පැණි පාත්‍රය සතර පුරා ගෙන දන් දින. ඒ රහත් සතරදෙනා වහන්සේ ඒ වෙළඳා බල බලා සිටියදි ම ආකාශයට පැන නැඟි වැඩ වදාළ සේක. නැවත ඒ වෙළඳා "සිඟා වඩනා කලැ" යි හඬ ගෑ ය. එවේලෙහි ම අනික් සතර දෙනකු වහන්සේ වෙළඳා සමීපයට වැඩි සේක. ඒ සතරදෙනා වහන්සේ අතින් පාත්රඳ ගෙන රන්වන් පැහැයෙන් යක්ත වූ කොස් මිදුලු පාත්රල පුරා පිළිගැන්වී ය. එවේලෙහි ඒ තෙරුන් වහන්සේගෙන් තුන් දෙනකු වහන්සේ අහසින් වැඩ වදාළ සේක. අනික් ඉන්දගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ඒ ගල් ලෙණ තුබූ රිදි ඒ වෙළඳාට පානා කැමැති සේක් පර්වතයෙන් බැස රිදී තුබූ ලෙණ දොරට නුදුරු තෙනක වැඩහිඳ කොස් මිදුලු වැළදු සේක.ඒ වෙළඳා තෙරුන් වහන්සේ වැඩි කල ඉතිරි කොස් මිදුලු තෙමේ අනුභව කොට තෙසු මිදුලු පොදියක් කොට බැඳ ගෙන එන තැනැත්තේ කොස් මිදුලු වළඳන තෙරුන් වහන්සේ දැක සතුටුව ඔබ අත සෝධන පැන් ද පාත්රබය සුද්ධ කරන කොළ ද දින. තෙරුන් වහන්සේ ද රිදි තුබූ ලෙණ දොරින් වෙළඳා ගැල් තුබූ තෙනට යන මගක් මවා" "උපාසකය, මේ මගින් යව" යි වදාළ සේක. ඒ වෙළඳාත් වදාළ බස් මුදුනෙන් පිළිගෙන වැඳ යමු ගෙන ඔබ මෑවු මගින් යන තැනැත්තේ ලෙණ දොරට පැමිණ ඇතුළු ගල් ලෙණ බලන්නේ පුරා තුබූ රිදි දැක රිදි පිඬක් හැර ගෙන වෑයෙන් සැස බලා රිදී බැව් දැන සතුටුව මහත් රිදි පිඬක් හැර ගෙන ගැල් තුබූ තෙනට ගොස් තණ පැන් ඇති තෙනක ගැල් රඳවා යුහුව අනුරාධපුර නුවරට ගොස් තමා ගෙන ගිය රිදී රජ්ජුරුවන්ට පෑ ඒ කාරණය දැන්වී ය. එපවත් ඇසු දුටුගැමුණු මහරජ ඒ වෙළඳාට බොහෝ සම්පත් දින.

මුතු හා පබළු
ඒ අස්නට ඉක්බිතිව අනික් අස්නක් දැන්වූහ. අනුරාධපුර නුවරට බටහිරි දිශාවෙහි විසි ගව්වකින් මත්තෙහි උරුවෙල් නම් පටුන්ගම මහත් ඇඹුලපක් සා මුතු හා පබළු හා ගැල් සැටක් පුරා ලන පමණ මුතු සාගරයෙන් නැඟි අවුත් වෙරළ ගැසි ගියේ ය. ඒ පටුන්ගම කෙවුළෝ ඒ දැක, "අපගේ රජ්ජුරුවන්ට සුදුසු භාණ්ඩයෙක් උපනැ" යි සතුටුව ඒ මුතු හා පබළු උකාගෙන ගොඩක් කොට රැකවල් ලවා එයින් පාත්ර්යක් පුරා ගෙන අවුත් රජ්ජුරුවන්ට දැක්වූහ. රජ්ජුරුවෝ ඒ කෙවුළන්ට සුදුසු ලෙස බොහෝ උපකාර කළහ.
ථුපවංසය 39

මැණික් සතරක්
නැවත අනික් අස්නක් ගෙනහැර දැක්වූ ය. නුවරට වායව්‍යා කොණ යෙහි අටවිසි ගව්වකින් ඈත පෙළවාපි නම් ගම වැවට දිය හුණු කඳුරැලි යෙහි වැලි පිට දාපෝ සා පමණ දිගින් වඩුයෙන් එක් වියත් සතරඟුල් පමණ දිග ඇති දිය මෙරලිය මල් පැහැ වැනි වූ සතර මැණිකෙක් උපන. ඉක්බිති මත්ත නම් එක් බලු වැද්දෙක් බල්ලන් හැර ගෙන හෝ කඳුරැලිය හස ඇවිදිනේ ඒ මැණික් සතර තුබූ තෙනට අවුත් මැණික් සතර දැක සතුටුව, "මේ මාගේ රජ්ජුරුවන්ට සුදුසු පඬුරෙකැ" යි සිතා ඒ මැණික් සතර වැල්ලෙන් වසා නුවරට අවුත් රජ්ජුරුවන් දැක එපවත් දැන්වී ය. එපවත් ඇසූ රජ්ජුරුවෝ සතුටුව ඒ වැද්දවුට ප්රජසාද දුන්හ. මෙසේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ දාගබ පිණිස උපන් උළු යන මේ ආදිය එක දවස් ම අසා උළු හා රිදි ආදිය උපන් තෙනට රජ්ජුරුවෝ ගියෝ ය. ඒ ඒ රත්නයෙන් උපන් තැන් ඒ ඒ නම් විය. ථූප සාධන කථා නිමි.
කර්මාන්ත පටන් ගැනීමඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ දාගබ් නිසා උපන් රත්රන් ආදි සියලු රුවන් ම ගෙන්වා ගෙන තමන්ගේ භාණ්ඩාගාරයේ රැස් කරවූ ය. නැවත ඒ සියලු සම්භාරයන් නිමි කල වෙසඟ පුර පසළොස්වක් දවස් විසා නකතින් මහදාගබ බිම ගන්නා පිණිස කර්මාන්තයට පටන් ගෙන රජ්ජුරුවෝ දාගබ පිහිටන තෙන දෙවෙනි පෑතිස්ස රජ්ජුරුවන් හිඳුවූ ශිලාලෙඛය හරවා තලව්ව පිණිස හාත්පසින් ඇත් පවුර කෙළවර කොට වඩුවෙන් සත් රියනක් පමණ තෙන බිම කප්පවා හැර යෝධයන් ලවා වටගල් අතුරුවා කඹුරුකුළින් තළා පොඩි කොට ඊට ඉක්බිතිව සොම්මරුන් ලවා ඇතුන් පයට සමිපයි විද ලවා ඇතුන් ලවා මඩවා නැවත ගල්සුනු මත්තෙහි නවතින මැටි අතුරුවූ ය. ඒ නවනීත මැටි නම්: ආකාශ ගඞ්ගාව හුණු තෙන ජලබින්දු නැඟි හාත් පසින් එක්සිය විසි ගව්වක් පමණ තන්හි ජල බින්දු ඉසෙන්නේ ය. යම් තෙනක සයංජාත හැල් උපදි ද, ඒ ස්ථානය නිරන්තරයෙන් ම තෙමෙන හෙයින් ඒ ස්ථානයට තින්තසිසකොල ය යි නම් විය. එතැන මැටි සියුම් හෙයින් නවතින මැටි යයි කියන්නාහ. එතැනින් ඒ මැටි ක්ෂිණාශ්රිව සාමණේරයන් වහන්සේ ගෙනෙන සේක. ඒ මැටියෙන් හැම තැන්හි ම මැටියෙන් කරන කර්මාන්ත කළහ. ඒ මැටි මත්තෙහි ගඩුළු අතුරුවා ඒ මත්තෙහි බොරළු සුනු ලැවූ ය. ඒ බොරළු සුනු මත්තෙහි කුරුඳු පහණ අතුරුවා ඒ කුරුඳු පහණ මත්තෙහි යදැල් කැට අතුරුවා ඒ යදැල් කැට මත්තෙහි රහත් සාමණේරයන් වහන්සේ හිමාලයෙන් ගෙනා සුවඳ කල්ල අතුරුවා ඊපිට කිරිවාණ ගල් අතුට කිරිවාණ ගල් මත්තෙහි දැවාණ ගල් අතුට දැවාණ ගල්
40 ථුපවංසය
මත්තෙහි ගල්බිම කැරවිය. හැම තැන්හි ම මැටියට නවතින මැටි ගත්හ. ගල් අතළ මත්තෙහි රසදියෙන් අනන ලද ගිවුළු ලාටුයෙන් හනන ලද මැටි පෙළ මත්තෙහි අටඟුල් බොල තඹ පටක් අතුට, ඒ තඹ පට මත්තෙහි තල කතලින් හනන ලද සිරියලින් සතරඟුල් බොල රිදි පටක් අතුට මෙසේ දුටු ගැමුණු මහ රජ සර්වප්රුකාරයෙන් තලව්ව කරවා ඇසළ මස තුදුස්වක් දවස් භික්ෂු සංඝයා වහ්නසේ රැස් කරවා වැඳ එකත්පස්ව සිට මෙසේ දැන්විය.

නුවර බෙර ලැවීම හා සැරසි
ම"ස්වාමීනි, සෙට මැදි පොහෝ දවස් උතුරුසළ නැකතින් මහ දාගබ් මඟුල් උළු බිම ඔබමි. සෙට දාගබ බඳිනා තැන්හි මහා සංඝයා වහන්සේ රැස් වන සේක්ව" යි දන්වා අනුරාධපුර නුවරට වැද නුවර බෙර ලවන්නෝ මේ සැටියේ කියා බෙර ලැවූ ය: "සෙට හැම දෙන ම පෙහෙව ගෙන සුවඳ ම්ල පහන් තෙල් මේ ආදිය හැරගෙන දාගබ බඳිනා තන්හි රැස් වෙත්ව" යි බෙර ලවා, ඉක්බිති විසාඛ ය, සිරිදෙව ය යි යන නම් ඇති අමාත්යායන් දෙදෙනකුට මෙසේ නියෝග කළහ: "තෙපි දෙදෙන ගොස් දාගබ බඳිනා තෙන සරහව" යි කියා යවා, උන් දෙන්න අවුත් හාත්පසින් රිදි පට හා සමාන වැලි අතුරුවා ඒ වැලි මත්තේ හෙළ සිද්දතු ය, සුන්සාල ය, දෑසමන් කැකුළු ය, හීතණ ය, විලඳ ය යි යන මේ පස අතුරුවා කෙහෙල් තොරණ නංවා පූර්ණ ඝට පූර්ණ කලස තබවා ඉඳුනිල් මැණික් වැනි නිල් හුණදඩු අග රත් නිල් සුදු මේ ආදී පඤ්ච වර්ණයෙන් යුක්ත ධජ පතාක බඳවා රන් මල් රිදි මල් සුවඳ වහන අනෙක ප්රණකාර මල් ද බිම අතුරුවා නොයෙක් සැටියේ ඒ දාගබ බදිනා ස්ථානය සැරහූය. ඉක්බිති දුටුගැමුණු මහ රජ සියලු අනුරාධපුර නුවර ද විහාර මාර්ගය ද තව්තිසා දෙව්ලොව සුදර්ශන වීථිය මෙන් සරහා රාත්‍රි ය පාන්ව ගිය කල නුවර සතර වාසල් දොර පූජාවට එන දනවූ ගම්වැස්සන් ද නුවර වැස්සන් ද දැළිරැවුළු කප්පවා සුනු පැනි ලා පූජාවට ගෑනු පිරිමින් සරහනු පිණිස කරනැවෑමියන් ද, ඉස් සෝධා නහවනු පිණිස තෙල් කසා ද සුවඳ වහන දෑ ද වස්ත්රබභරණ ද, ඔවුන් සරහනු පිණිස කපුවන් ද, නහා හැඳ පැලඳ පූජාවට වදනවුන් අනුභව කරනු පිණිස මියුරු බත් මාළු ද, සකුරු කෙහෙල් උක්දඬු පොල් පුවක් වැල වරකා මී පැන් උක් පැන් කස පැන් ඇටකෙහෙල් පැන් අඹ පැන් දඹ පැන් මේ ආදී වූ අනුභවයට සුදුසු දෑ ද පානය කටයුතු වූ අෂ්ට විධ පාන වර්ගයන් ද, කපුරු ලමඟ තකුල් නාරඟ හිගුරු යන මේ ආදී පස් පලවතින් බුලත් ද සතර වාසල් දොර තබ්බවා ඒ රජ මෙසේ සම්මත කෙළේ ය. "මේ චෛත්යඟ ස්ථානයට පූජාවට වදනා මේ මාගේ ලංකාද්වීප වාසීන් මාගෙන් තැබ වූ සියලු වස්තූන් අනුභව කොට පූජාවට අව මැනවැ" යි සම්මත කෙළේ ය. එවේලෙහි සියලු ජනයෝ තම තමන් රුචි වූ පරිද්දෙන්
ථුපවංසය 41
දැළිරැවුළු කප්පා ඉස් සෝධා නහා බත් මාළු අනුභව කොට සුවඳ කවා තබන ලද සුවඳ පැන්බී වස්ත්‍රා භරණයෙන් සැරහි. "දාගබ බඳිනා තෙනට යෙත්ව" යි ලියන්නන් විසින් කරන ලද විධාන වූ පරිද්දෙන් සියලු ජනයෝ පූජාවට වදනාහ.

රජු දගබ බඳින තැනට පෙරහරින් යෑම
ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නහා රන් සළු හැඳ රන් පට රුවන් සොළු කර්ණකුණ්ඩලාභරණ තාඩංක නාගවඩම් කාදුකාප්පු මුතුපට කට්ටොඩම් බාහුදණ්ඩි මිණි වළලු කයිවළලු ගිගිරිවළලු මණිකයිවඩම් පස්රූ රුවන් වැල රන් සවඩි පාදසංඛලා පාදහරණ පාසලඹ කිංකිණිජාලා මේ ආදි වූ සූසැට ආභරණයෙන් ද, සිද්ධ ඔටුනු මිණි ඔටුනු සිංහ ඔටුනු ව්යාරඝ්රු ඔටුනු රුවන් ඔටුනු යන මේ ආදි වූ සත් ඔටුන්නෙන් රුවන් ඔටුන්නක් පැලඳ දෙදෙව්ලොව දෙවියන්ට අධිපති වූ සක් දෙව්රජහු මෙන් සැරහී, සූරවීර වූ විචිත්රෝ වූ චිත්රළ කර්මාන්තයෙන් යුක්ත දඬු ඇති අසි සන්ති තොමරාදි වූ ආයුධ ගත් හස්ති ශිල්ප අශ්ව ශිල්ප ඛඞ්ග ශිල්ප ධනුශ් ශිල්ප මේ ආදි අෂ්ටාදශ ශිල්පයෙහි දක්ෂ වූ නන්දිමිත්ර්දි යෝධයන් ප්රකධාන කොට ඇති සතලිස් දහසක් පුරුෂයන් විසින් පිරිවරන ලදුව, පෙහෙව, නොයෙක් දහස් ගණන් අමාත්යනයන් විසින් ගන්නා ලද රැකවල් ඇතිව, කනක කටක සර නුපුර තාඩංක පාදාඬ්ගුලි පාදපට පස්රූ පස්පෙරහර එක්වැටි පා මුදු පා සලඹ පා පියුම් නබ පියුම් දෙපට විද්‍යා ඔරවසුම් රන් සවඩි මණිකයිවඩම් රන් තනපට මුතු පට කට්ටොඩම් පමුති ලිංගම් කාදුකාප්පු රුවන් තෝඩු සිරිකත් කොණ්ඩමාල මේ ආදි ආභරණ පලන් සුජාතා නම් දිව්යාතඬ්ගනාව හා සමාන වූ සොළොස් දහසක් නාටක ස්ත්‍රී න් පිරිවරා, සක්දෙව් රජහු මෙන් තමන්ගේ ශ්රිමසම්පත්තීන් ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ බොහෝ දෙනා සතුටු කරවමින් ගැට බෙර පණා බෙර එකැස් බෙර මිහිඟු බෙර මද්දල පටහ ලොහො බෙර තලප්පර වීරන්දම් ඉඬිත්ති තම්මැට රණරඟ ඝොෂා සමුද්රව ඝොෂා ඩවුර සක්පඤ්ච යන මෙකී හෙරි ජාතීන් ද, රන් සක් රිදි සක් ජය සක් රුවන් සක් යුවළ සක් දකුණු සක් රන්සින්නම් රිදි සින්නම් රුවන් සින්නම් රන් දාරා රිදි දාරා දළ දාරා දළහං ලෝහං ගවරහං විජයොධ්වනි ඔත්තු තන්තිර පටසිරිවිල මෙ කී කාහල ජාතින් ද, නකුල වීණා භාඬ්ග වීණා ක්ෂුද්රු වීණා ආලවත්ති වඬ්ගී වස්දඬු මේ ආදි නාදයෙන් ද ඒ දුටුගැමුණු මහ රජහු යුගන්ධර පර්වත සමීපයෙහි සාශර නාදයක් මෙන් මහත් වූ යසඃශ්රි න් මහත් වූ පෙරහරින් පස්වරු දාගබ බඳිනා ස්ථානයට නික්මුණාහ. ඉක්බිති දාගබ බඳිනා තැන මඟුල් පිණිස පොදි කොට බඳනා ලද අටෝරා දහසක් පිළි සම්බඩම් තැබූහ. තෙල් මී හකුරු උක් කෙහෙල් වැල වරකා හා අනෙක වර්ගයේ කැවුම් ද රැස් කරවූහ.
42 ථුපවංසය
රැස්වූ මහා සංඝයා වහන්සේඑවේලෙහි නොයෙක් රටින් බොහ සඞ්ඝයා වහන්සේ වැඩි සේක. හේ කෙසේ ද යත්: රජගහ නුවර සමීපයෙහි වසන ඉන්දගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ අසූ දහසක් රහතන් පිරිවරා ආකාශයෙන් වැඩ වදාළ සේක. එසේ ම බරණැස් නුවර ඉසිපතන මහා විහාරයෙහි වැඩ වසන ධර්මසෙන නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ දොළොස් දහසක් රහතන් වහනසේ පිරිවරා වැඩි සේක.
සැවැත් නුවර බුදුන් වැඩ විසූ ජෙතවන මහා විහාරයෙන් පියදස්සි නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ සැට දහසක් රහතන් වහන්සේ පිරිවරා වැඩි සේක. විසාලා මහ නුවර සමිපයෙහි මහවන නම් විහාරයෙන් බුද්ධරක්ෂිත නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ අටළොස් දහසක් රහතුන් පිරිවරා වැඩි සේක. කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙන් ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ තිස් දහසක් රහතුන් පිරිවරා වැඩි සේක. එසේ ම උදේනි නුවර දකුණුගිරි විහාරයෙන් මහා ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ සතලිස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. පැළලුප් නුවර අශොකාරාමයෙහි වසන මිත්තිණ්ණ නම් මහ තෙර කෙනකුන් වහන්සෙ එක් ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා වැඩි සේක. ගන්ධාර දෙශයෙන් උත්තිණ්ණ නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ දෙලක්ෂ අසූ දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. මහා පල්ලව භොග නම් රටින් මහාදෙව නම් එක් මහ තෙර කෙනකුන් වහන්සේ සාර ලක්ෂ සැට දහසක් පමණ රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක.යොන් රට අලසන්දා නම් නුවරින් යොනක ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ තිස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. වින්ධ්යාුටවි වත්තනියෙන් උත්තර නම් එක් තෙර කෙනකුන් වහන්සේ අසු දහසක් රහතුන් වහන්සෙ පිරිවරා වැඩි සේක. මහාබොධිමණ්ඩල විහාරයෙන් චිත්තගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ තිස් දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. වනවාසිභොග නම් විහාරයෙන් චන්දගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ අසූ දහසක් රහතුන් පිරවරා වැඩි සේක. කෙලාස මහා විහාරයෙන් සුරියගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ සයානූ දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩි සේක. ද්විපවාසී වූ බිමින් වැඩි පෘථග්ජන භික්ෂූන් වහන්සේ මෙතෙකැ යි ගණන් නැත. ඒ සමාගම යෙහි රැස් වූ භික්ෂූන් වහන්සේ අතුරෙන් ක්ෂිණාශ්රරව වූ ආකාශයෙන් වැඩි සයානු කෙළක් පමණ රහතන් වහන්සේ ය යි දත යුතු.
මෙසේ රැස් වූ මහාසංඝයා වහන්සේ පබළු වළල්ලක් මෙන් දුටුගැමුණු රජ්ජුරුවන් මැදි කොට ඔවුනොවුන් වහන්සේට ගහට නො වන සැටියේ අතුරෙහි නමකට බිම තබා වැඩ සිටි සේක. එවේලෙහි බුද්ධරක්ෂිත නම්
ථුපවංසය 43
මහ තෙර කෙනකුන් වහන්සේ තමන් වහන්සේගේ නමින් බුද්ධරක්ෂිත නම් ඇති පන්සියයක් රහතුන් හැර ගෙන නැගෙනගිරි දිසාවෙහි වැඩ සිටි සේක. එසේ ම දකුණු දිග, ධර්මරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ ධර්මරක්ෂිත නම් ඇති පන්සියයක් රහතුන් හැර ගෙන දකුණු දිග වැඩ සිටි සේක. සඬ්ඝරක්ෂිත නම් මහ තෙර කෙනකුන් වහන්සේ සඬ්ඝරක්ෂිත නම් ඇති පන්සියයක රහතන් වහන්සේ පිරිවරා ගෙන බස්නාහිරි දිශාවෙහි වැඩ සිටි සේක. ආනන්ද නම් මහ තෙර කෙනකුන් වහන්සේ තමන් වහන්සේගේ නමින් ආනන්ද නම් ඇති පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා උතුරු දිග වැඩ සිටි සේක. පියදස්සි නම් මහ තෙර කෙනකුන් වහන්සේ තමන් වහන්සේගේ නමින් පියදස්සි නම් පන්සියයක් රහතුන් වහන්සේ හැර ගෙන ඊසාන කොණයෙහි වැඩ සිටි සේක. මෙසේ බුද්ධරක්ෂිත ධර්ම රක්ෂිත සංඝරක්ෂිත ආනන්ද යන මෙ කී තෙරවරුන් වහන්සෙ නැඟෙන හිර දකුණු දිග බටහිර උතුරු දිග වැඩ සිටි සේක.
සහ මැදට වදනා වූ දුටුගැමුණු මහ රජ, "මා මේකරන දාගබ කර්මාන්ත අන්තරායක් නැති ව නිෂ්ඨාවට යේ නම් මේ මේ දිග මේ මේ නම් ඇති දෙනා වහන්සේ සිටිනා සේක්ව" යි රජ්ජුරුවෝ සිතු සේක. ඒ සිතු සැටියේ ම විය.
ඉන්දගුත්ත නම් මහ තෙර කෙනකුන් වහන්සේ රජ්ජුරුවන්ගේ අභිය දැන එලෙස ම සිටවූ සේක. නැවත සිද්ධාර්ථ නම් තෙර කෙනකුන් වහන්සේ ය, මඬ්ගල නම් තෙර කෙනකුන් වහන්සේ ය. පදුම නම් තෙර කෙනකුන් වහන්සේ ය, සීවලී නම් තෙර කෙනකුන් වහන්සේ ය, චන්දගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ය, සුරියගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ය, ඉත්දගුත්ත නම් තෙර කෙනකුන් වහන්සේ ය, සාගර නම් තෙර කෙනකුන් වහන්සේ ය, චිත්ත සෙන නම් තෙර කෙනකුන් වහන්සේ ය, ජයසෙන නම් තෙර කෙනකුන් වහන්සේ ය, අචල නම් තෙර කෙනකුන් වහන්සේ ය යන මෙකී එකොළොස් දෙනා වහන්සේ තම තමන් වහන්සේගේ භික්ෂූන් වහන්සේ පිරි වරන ලදුව පුන් කලස ඉදිරි කොට නැඟෙනහිරට අභිමුඛ ව වැඩි සිටි සේක.

ථූපවංසය - ii

දා ගැබෙහි ප්ර්මාණය ගත් සැටිඉක්බිති දුටුගැමුණු මහ රජ එලෙස සිටි සංඝයා වහන්සේ දැක ප්ර්සන්න වූ සිත් ඇත්තේ සුවඳ මල් ආදියෙන් පූජා කොට පැදකුණු කොට සතර තෙනක බිම බැස හෙව වැඳ පුන් කලස තුබූ තෙනට වැද රන් කීලයෙහි බහාලන ලද රිදිමය සිසාරා ඇවිදිනා රියන් දණ්ඩ, ජීවත්ව පවත්නා මවු පියන් ඇති, මවු පක්ෂ පිය පක්ෂයෙන් මනාව කුලජ වූ, සැරහුණා වූ අගි මඬ්ගල සම්මත වූ, අමාත්යක පුත්රෂයකු ලවා රිදි දණ්ඩ ගන්වා දාගබ වට මහත් කරනු පිණිස පටන් ගත. ඒ ලෙස මහත් කොට කරන්ට පටන් ගන්නා.
44 ථුපවංසය
වේලෙහි සිද්ධාර්ථ නම් මහ තෙර කෙනකුන් වහන්සේ වැලකූ සේක. කුමක් නිසා දයත්:
ඒ තෙරුන් වහන්සේට මෙසේ වූ සිතෙක් උපන: 'ඉදින් මේ රජ දාගබ මහත් කොට කරවන්නේ වී නම්, නො නිමෙන තෙක් ම මියන්නේ ය. නැවත මහා විශාල කොට බැඳි කල මතු පරිහරණයට කොට ගන්ට බැරි ය" යි සිතා වලකා වදාළ සේක. ඒ ක්ෂණයෙහි මහා සඬ්ඝයා වහන්සේ "දෙවයෙනි, තෙරුන් වහන්සේ මහානුභාව ඇති සේක. එසේ හෙයින් තෙරුන් වහන්සේ වදාළ බස් ගිවිස වදාළ මැනවැ" යි වදාළ සේක. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේගේ අභිප්රාැය දැන, "ස්වාමීනි, වැලිකෙබඳු ප්රිමාණයෙක කෙරෙම් දැ" යි කි ය. ඒ සිද්ධාර්ථ නම් මහ තෙරුන් වහන්සේ වදාරන සේක්, "මහරජ මා ගියා වූ ස්ථානයේ වට දාගබට ගන්ව" යි වදාළ සේක. තෙරුන් වහන්සේ නික්මුණු මහ ම දාගබ වට හඳවා තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ ශ්රින පාදය වැඳ "ස්වාමිනි, නුඹ වහන්සේ කිනම් සේක්දැ" යි විචාරා, "සිද්ධාර්ථ නම් ය" යි වදාළ බස් ඇසූ දුටු ගැමුණු මහ රජ්ජුරුවෝ, "මේ මා බඳවන දාගබ මට සිද්ධ වේය" යි සතුටුව ඔබට ගන්ධ මාලාදින් පූජා කොට තෙරුන් වහන්සේ වැඳ ඔබ පිරිවරා සිටි සෙසු එකොළොස් තෙරුන් වහන්සේ ද සමීපයට ගොස් ඔබගේ ශ්‍රි පාදය වැඳ සුවඳින් මලින් පුදා එකොළොස් දෙනා වහන්සේගේ ද නම් විචාරා දාගබ වට සිසාර ඇවිද රිදි දණ්ඩ අල්වා ගෙන සිටි අමාත්යප පුත්රායාගෙන්, "තෝ කිනම් දැ" යි විචාළහ. ඒ අමාත්යජ පුත්රුයා ද "දෙවයන්වහන්ස, මම සුප්රේතිෂ්ඨික නම් බමුණෙක්මී" කී ය. "තෝපගේ පියාණෝ කිනම්හු දැ" යි විචාළහ. "ස්වාමීනි, මාගේ පියාණෝ නන්දිසෙනයෝය" යි කි ය. "තොපගේ මෑණියෝ කිනම්හු දැ" යි විචාළහ. "සුමනාදේවී ය" යි කි ය. එබස් ඇසූ දුටුගැමුණු මහ රජ සියල්ලවුන්ගේ ම නම් අභිමඬ්ගලය යි සිතා සතුටුව, "මා විසින් කරවන මේ දාගබ කර්මාන්තය අවශ්යවයෙන් ම මට නිෂ්ඨාවට යන්නේ ය" යි සතුටු විය.
මඟුල් උළු පිහිටුවීමඉක්බිති ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ සතුටු ව මධ්යඳයෙ රන් කළ අටක් ද රිදී කළ අටක් ද තබ්බවා ඒ කළ පිරවරා අටෝරාසියක් පූර්ණ ඝට තැබ්බවූ ය. ඉක්බිති රන් උළු අටක් ද තබා එකි රන් හුළක් පිරිවරා අටෝරාසියක් අටෝරාසියක් රිදී උළු තබ්බවා එකි එකී රන් හුළකට අටෝරාසියක් අටෝ රාසියක් පිළී තැබ්බ වූහ. නැවත සුප්රකතිෂ්ඨිත නම් අමාත්ය් පුත්රියා ලවා එක රන් හුළක් ගන්වා ඒ අමාත්යූ පුත්‍ර යා හා සදෘශ වූ නම් ඇති ජිවත්ව පවත්නා වූ මවුපියන් ඇති අනික් අමාත්‍යා පුත්රතයන් සත් දෙනකු ලවා අනික් රන් උළු
ථූපවංසය 45
සත ගන්වා මඟුල් උළු ඔබන්නට නික්මුණු ඒ ක්ෂණයෙහි චිත්තසෙන නම් තෙර කෙනෙකුන් වහන්සේ නැගෙනහිරි දිසාවේ වට ඇඳි රේඛා ඇති බිම් සුවඳ පිඬක් තබා වදාළ සේක. ජයසෙන නම් තෙර කෙනකුන් වහන්සේ ඒ සුවඳ පිඬ පිට පැන් ඉස අතින් ඒ සුවඳ පිඬ හනා වදාළ සේක. සුප්ර්තිෂ්ඨීක නම් බමුණු ද යහපත් යොග ලද උතුරුසළ නකතින් මහත් වූ පූජා සත්කාරයෙන් මඟුල් උළු පිහිටවිය. සුමන නම් මහ තෙර කෙනකුන් වහන්සේ දෑ සමන් මලින් එතැන පුදා වදාළ සේක. ඒ ඇසිල්ලෙහි දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් බොල ඇති මහ පොළොව ගුගුරා පැන නෑංගේ ය. මෙම ක්රදමයෙන් තෙසු සත් හුළ ද පිහිටුවුහ. ඉක්බිති දුටුගැමුණු මහ රජ රිදි උළු අටක් ද පිහිටුවා සුවඳින් මලින් පූජා කොට මඟුල් විධාන කොට නිමවි ය.
නැවත ඒ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ පූජා විධාන කෙළවර රන් පෙට්ටියෙන් මල් ගෙන්වාගෙන නැගෙනහිරි දිසාවෙහි භික්ෂූ සඬ්ඝයා වහන්සේට අභිමුඛයෙහි වැඩ සිටි මහාබුද්ධරක්ෂිත නම් තෙරුන් වහන්සේ සමීපයට ගොස් සුවඳ මල් ආදියෙන් ඔබට පූජා කොට වැඳ ඒ තෙරුන් වහන්සේගේ නම් ද ඔබ පිරිවරා සිටි පන්සියයක් තෙරුන් වහන්සේගේ නම් ද විචාරා, දෙවෙනි වූ දකුණු දිග සිටි මහාධර්මරක්ෂිත නම් තෙරුන් වහන්සේ ද බස්නා හිර දිසාවෙහි සිටි මහාසඬ්ඝරක්ෂිත නම් තෙරුන් වහන්සේ ද උතුරු දිග වැඩ සිටි ආනන්ද නම් මහ තෙරුන් වහන්සේ ද සමීපයට එළඹ සුවඳ මල් ආදියෙන් පූජා කොට ඔබගේ නම් ද විචාරා ඔබ සමීපයෙහි රජ්ජුරුවෝ සිටියාහ. එසේ සිටි රජ්ජුරුවන්ට පියදස්සී නම් මහ තෙරුවන් වහන්සේ ඒ මඟුල් උළු එබූ දවස් රජ්ජුරුවන් ඇතුළු වූ සිවුවනක් පර්ෂදට මියුරු වූ ධර්ම දෙශනා කොට වදාළ සේක. ඔබගේ ධර්ම දෙශනාව අසා ගිහිගෙන් සතලිස් දහසක් පුරුෂයෝ සිවුපිළිසිඹියා පත් රහත් බවට පැමිණියාහ. නැවත සතලිස් දහසක් පුරුෂයෝ යෙළ දහසක් කෙලෙසුන් නසා දහසක් නයින් හෙබියා වූ සෝවාන් ඵලයට පැමිණියාහ. නැවත දහසක් දෙන සකෘදාගාමි ඵලයෙහි පිහිටියාහ. දහසක් දෙන අනාගාමි ඵලයෙහි පිහිටියාහ. භික්ෂුන් වහන්සේ කෙරෙන් අටළොස් දහසක් දෙනා වහන්සේ රහත් බවට පැමිණි සේක. භික්ෂූණින්ගෙන් තුදුස් දහසක් මෙහෙණින්නෝ රහත් වූ සේක.
=========ථූපාරම්භ කථාව නිමි.

සත් දවසක් මහ දන් දීම
ඉක්බිති දුටුගැමුණු මහ රජ්ජුරුවෝ භික්ෂූන් වහන්සේ වැඳ "ස්වාමීනි, යම් දවසෙක මාගේ මේ දාගබ බැඳ නිමා ද, ඒතාක් මේ සයානු කෙළක් රහතුන් වහන්සේට ද ගණන් නැති පෘථග්ජන භික්ෂු සංඝයා වහන්සේට ද සිවු පසයෙන් උපස්ථාන කෙරෙමි" යි ආරාධනා කළහ. එබස් ඇසූ මහා සඬ්ඝයා වහන්සේ නො ඉවසා වදාළ සේක. "එසේ වීනම් සත් අවුරුද්දකට ඉවසුව
46 ථුපවංසය
මැනවැ" යි ආරාධනා කොට මෙම ක්රධමයෙන් පිරිහෙළා සත් දවසකට අවසර ලදින් පවරා දාගබ බඳිනා තන්හි වට කොට හාත්පසින් අටළොස් තෙනක මඬු ලවා මහා සංඝයා වහන්සේ වඩා හිඳුවා සද්දවසක් මහ දන් දී ඒ සියලු මහා සංඝයා වහන්සේට තෙල් මී උක්සකුරු පා සිවුරු බෙහෙත් ආදිය දන් දෙවූහ.
උළුවඩුවන් රැස් කරවීමඉක්බිති නුවර වැද උළු වඩුවන් රැස් වන පිණිස ලැවූ බෙර වාසගම් අසා පන්සියයක් පමණ උළු වඩුවන් රැස්වූ කල ඔවුන් අතුරෙන් එක් උළු වඩුවෙක් "මම රජ්ජුරුවන් සිත් ගෙන දාගබ බඳිනට පොහොසත්මි" යි කියා ගොස් රජ්ජුරුවන් දිට. 'එවේලෙහි රජ්ජුරුවෝ "දරුව, කෙසේ දාගබ බඳු දැ" යි විචාළාහ. "ස්වාමීනි, මම අතවෑස්සන් සියයක් දෙනා හැරගෙන දවසෙක මෙහෙයට පස් යාළෙක කර්මාන්ත කෙරෙමී" යි දැන්වී ය. එබස් ඇසූ රජ්ජුරුවෝ "දරුව, එසේ කල මාගේ දාගබ පස් ගොඩ වන්නේ ය. තණගස් ආදිය අටගන්නේ ය. බොහෝ කාලයක් නො පවත්නේ ය. එසේ හෙයින් දාගබ බැඳිම තෝපට නො පිළිවනැ" යි ඔහු අළහ. ඔහු එතැනින් පහ වූ කල්හි අනික් උළු වඩුවෙක් වැඳ සිට "මම, දේවයන් වහන්ස, මෙහෙකරුවන් සියයක් දෙනා හැරගෙන දවසකට පස් දස මුණෙක කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. ඔහු ද නො කැමැතිව අළහ. අනික් උළු වඩුවෙක් වැඳ සිට "දේවයන් වහන්ස, මම මෙහෙකරුවන් සියක් දෙනා හැරගෙන පස් පසමුණක කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. එවේලෙහි ඔහු ද හළ කල අනික් උළු වඩුවෙක් රජ්ජුරුවන් වැඳ සිට "දවසකට පස් දෑමුණක් ගෙන කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. ඔහුගේ ද බස් නො ගිවිස සිටි කල්හි අනික් නුවණැති උපායවත් බාල උළු වඩුවෙක් අවුත් රජ්ජුරුවන් වැඳ සිට "ස්වාමීනි, මම දවසකට පස් අමුණක් ගෙන වන ලා කොටා ඒ පස් කුල්ලේ ලා සලා ඒ සැලූ පස් දාගල ලා අඹරා එසේ ගත් පසින් එක් දවසක් කර්මාන්ත කෙරෙමි" යි දැන්වී ය. එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ සතුටුව "දරුව, එසේ කල මාගේ දාගබ තණ ගස් නො නැහෙන්නේ ය. බොහෝ දවසක් පවත්නේ ය" යි කියා ඔහුගේ බස් ගිවිස නැවත රජ්ජුරුවෝ "දරුව, කවර සැටියේ දාගබ බදුදැ" යි විචාළහ. ඒවේලෙහි විශ්වකර්ම දිව්යවපුත්රුයා වඩුවා ඇග ආවේශව රන් තලියක් ගෙන්වා ගෙන පැනින් පුරා අතින් පැන් ගෙන තලියේ පැන් පිට ගැසී ය. ඒ ක්ෂණයෙහි දෑවාණ වටක් මෙන් මහත් දිය බුබුළෙක් පැන නැංගේ ය. එවිට වඩු කියන්නේ "දෙවයන් වහන්ස, මේ දිය බුබුළ සැටියේ දාගබ වට ගෙන බඳිමි" යි දැන්වී ය. එබස් ඇසූ ගැමුණු රජ්ජුරුවෝ විශේෂයෙන් සතුටු ව "යහපතැ" යි ගිවිස ඕහට දහසක් මිල වටනා පිළි සඟළක් ද නැවත දහසක්
ථුපවංසය 47
වටනා පූර්ණක නම් ස්වර්ණාභරණයක් ද දහසක් අගනා රන් මිරිවැඩි සඟළක් ද දොළොස් දහසක් මසුරන් ද දී ඔහට සුදුසු තෙනින් මාහැඟි ගෙයක් ද මාහැඟි කුඹුරක් ද යන මෙ කී සියල්ලෙන් ඕහට ප්රකසාද දී ගෙට යවා නැවත රජ්ජුරුවෝ රාත්‍රි භාගයෙහි මෙසේ සිතුහ: "කෙසේ මම මිනිසුන්ට දුක් නො දි මහ සෑය බඳින්ට උළු ගෙන්වා ගනිම් දෝ හො" යි සිතූහ.
ඉක්බිති දෙවතාවෝ රජ්ජුරුවන් සිතූ සිත් දැන දාගබ බැඳීමට දාගබ සතර වාසන එක එකී දවසට සෑහෙන විචර උළු ගෙනවුත් තුබූහ. ඒ රෑ පාන්ව ගිය කල මිනිස්සු උළු සතර ගොඩ දැක රජ්ජුරුවන්ට ගොස් දැන්වූහ. එබස් ඇසූ දුටුගැමුණු රජ වඩුවා කර්මාන්තයෙහි පටන් ගැන්වී ය. දෙවතාවෝ මෙම ක්රබමයෙන් යම්තාක් දාගබ බැඳ නිමා ද, ඒ තාක් එක එකී දවසට සෑහෙන විවර උළු ගෙනවුත් දෙවියෝ තබන්නාහ. සියලු දවස් මුළුල්ලෙහි කර්මාන්ත කළ ස්ථානයෙහි මැටි වේවයි උළුපොඩි වේවයි නොපෙනෙන නියායෙන් රාත්‍රි යෙහි දෙවතාවෝ ම අන්තර්ධාන කර්න්නාහ. ඉක්බිති රජ්ජුරුවෝ කර්මාන්ත කරන සියලු පර්ෂදට මිල පිණිස වාසල් දොරකඩ සොළොස් දහසක් රන් ද පිළී සම්බඩම් ද ආභරණ ද සුවඳ ද පලදනා ද මල් ද තෙල් මී සකුරු උක් කෙහෙල් වැලවරකා කසපැන් මේ ආදිය ද ලුණු මිරිස් ඉඟුරු දුරු අබ ද යන මෙකී සියල්ල ම මෙම ක්රරමයෙන් සතර වාසල් දොර රැස් කරවූහ. නැවත අනෙකප්රිකාර රසමසවුලෙන් යුක්ත වූ කැඳ බත් අවුලු පත් ආදිය ද සිහිල් මිහිරී සුවඳ පැන් ද තැබ්බවූහ. කපුරු තකුල් ලමහ නාරහ ඉඟුරු යුක්ත වූ පස්පලවතින් බුලත් ද තබ්බවා "මේ මාගේ දාගැබෙහි කර්මාන්ත කරන ගිහීන්වත් තපස්වීන් වහන්සේ වත් සිත් වූ පරිද්දෙන් මෙකී සියල්ල අනුභව කොට කළ කර්මාන්තයෙහි මිල මාගෙන් තො ගෙන නො යෙත්ව" යි කියා මෙලෙස විධාන කොට තැබ්බූහ.
දාගැබ් කර්මාන්තයට සහභාගිවීමට ගිය තෙර නමක්ඉක්බිති එක් තෙර කෙනකුන් වහන්සේ රජ්ජුරුවන්ගේ දාගබ කර්මාන්තයෙහි එක්ව ගන්නා කැමැති සේක් දාගබ කර්මාන්ත කරන මැටි හා සදෘශ කොට කළ මැටි පිඬක් එක් අතකින් ගෙන අනික් අතින් මල් මිටියක් ගෙන දාගබට නැගී රජ්ජුරුවන්ගේ දාගබ මෙහෙ කරන්නවුන් වඤචා කොට වඩුවාට දී වදාළ සේක. ඒ වඩුවා ද මැටිපිඬ ගන්නේ "මා මෙතෙක් දා මෙහෙයට ගන්නා මැටි සේ නොවේ" යි දැන තෙරුන් වහන්සේ මුහුණ බලා එවේලෙහි ඔබගේ අඳෝනාකම් දැක මැටිපිඩ කර්මාන්ත කෙළේ ය. එසේ වුව ද මැටිපිඬ වඤචා ව ගිය නියාව කොලාහලව ගියේ ය. ඒ කොලා හලය රජ්ජුරුවෝ අසා ඒ ස්ථානයටඅවුත් වඩුවා විචාරන්නාහු "කොළ, තට එක් තෙර කෙනකුන් වහන්සේ මිල නො ගෙන මැටි පිඬක් මාගේ දාගබ මෙහෙයට දුන් සේක් දැ" යි විචාළාහ. එසේ විචාළ රජ්ජුරුවන්ට වඩුවා
48 ථුපවංසය
කියන්නේ "ස්වාමීනි, බොහෝ ආය්ය්අසායන් වහන්සේ එක් අතකින් මල් හා එක් අතකින් මැටිපිඬක් බැගින් ගෙනහැර දෙන සේක. එසේ හෙයින් මම නො දන්නෙම් මැටි පිඬ කර්මාන්ත කෙළෙමි. බල, එකක් කියමි. මුන් වහන්සේ ආගන්තුක සේක. මුන්වහන්සේ නෙවාසික සේකැ යි මෙපමණක් දනිමි" යි දැන්විය. රජ්ජුරුවෝ ද "එසේ වී නම් දරුව, තොපට මැටි පිඬ දුන් තෙරුන් වහන්සේ මුන් වහන්සේ ය යි කියා මොහුට පෑ ලව" යි කියා මාලු බලතකු වඩුවා සමීපයෙහි සිටවූහ. එම වඩු ද දෙවෙනි දවස් මැටිපිඬ දුන් තෙරුන් වහන්සේ දාගබ බඳිනා ස්ථානයට වැඩි ගමනේ 'මැටි පිඬ දුන් සේක් මුන් වහන්සේ ය" යි බලතාට පෑයේ ය.
ඒවේලෙහි බලතා ද උන්වහන්සේ හැඳිනගෙන රජ්ජුරුවන් සමීපයට ගොස් "ස්වාමීනි, මිල නො ගෙන දාගබට මැටිපිඬ ලූ තෙරුන් වහන්සේ හැඳින ගතිමි" යි දැන්වී ය. ඉක්බිති ඒ පවත් ඇසූ රජ්ජුරුවෝ ඒ බලතාට කියන්නාහු "දරුව" මාගෙන් දෙන ලද දෑසමන් කැකුළු යෙළයාළ තෙපි ගෙන්වා ගෙන ගොස් බොධි මළුවේ ගොඩ කොට සුවඳ පිඬක් තබා බොධි මළුවට උන් වහන්සේ වැඩි කල තොපි ගොස් ඔබගේ ශ්‍රි පාදය වැඳ දෙවයි" කියා බලතාට දුන්හ. එවිට බලතා ඒ මල් හා සුවඳ ගෙන ගොස් "ස්වාමිනි, ආගන්තුක ව වැඩි තෙරුන් වහන්සේ පුදනු පිණිස රජ්ජුරුවන් වහන්සේ දුන් සුවඳ මලැ" යි දැන්වී ය. ඒ පවත් ඇසූ තෙරුන් වහන්සේ සතුටු ව මල සුන් සෝධා එවූ සුවදින් පිරිබඩ ගෙන මල් පුදා සතර තෙනක සිට පැදකුණු කොට වැඳ නැඟෙනහිරි දොරටුයෙහි සිට ප්රිඇති උපදවා මල් පූජාව බල බලා වැඩ සිටි සේක. ඒවේලෙහි බලතා ද තෙරුන් වහන්සේ සමීපයට ගොස් ඔබගේ ශ්රිබපාදය වැඳ ගෙන සිට දන්වන්නේ "ස්වාමීනි, නුඹවහන්සේ රජ්ජුරුවන්ගේ දාගබෙහි මිල නො ගෙන පින් පිණිස ලූ මැටි පිඬට මිල පිණිස එවූ සුවඳ හා දෑසමන් මල් යෙළයාළක් බව දැන වදාළ මැනවැ" යි කියා නැවත "රජ්ජුරුවන්ගේ වැඳීමෙන් වඳිමි" යි කියා වැන්දේ ය. එබස් ඇසූ තෙරුන් වහන්සේ නො සතුටුවූ සේක් "මා දුකින් කොට ගත් පින්කම කුමට නැසී දැ" යි වදාළ සේක. එවේලෙහි එබස් ඇසූ බලතා ද "ස්වාමීනි, එසේ නො සිතා වදාළ මැනව. දෑසමන් කැකුළු යෙළයාළක් තබා එපමණ රන් මල් රජ්ජුරුවෝ දුන්නෝ වූ නමුත් නුඹ වහන්සේ දාගබ බඳිනට දුන් මැටි පිඬ නො අගනේය. ස්වාමිනි, සිත පහදවා වදාළ මැනවැ" යි දන්වා ගියේ ය.

තවත් තෙර නමක්නැවත කොටසර පියන්ගලු විහාරයෙහි වැඩ වසන එක් තෙර කෙනකුන් වහන්සේ දාගබ බඳිනා උළු වඩුවාට කුලුපග සේක. එසේ හෙයින් ඒ තෙරුන් වහන්සේ ද නුවරට අවුත් වඩුවාණන් හා කථා කොට දාගබ බඳිනා
ථුපවංසය 49
උළෙහි දිග බොල පළල මැනගෙන ගොස් තමන් වහන්සේ සිය අතින් සකස් කොට මැටි මැඬ බොරලු හැර සකස් කොට මැටි ඉදි කොට උළු කපා ඒ උළු වියළා පලහා පාත්ර්පයියේ ලා ගෙන නුවරට අවුත් දෙවෙනි දවස් එක් අතකින් රජ්ජුරුවන්ගේ උළක් ද එක් අතකින් මල් මිටියක් ද ගෙන තමන් වහන්සේගේ උළ හා එක් කොට රජ්ජුරුවන්ගේ උළ දි වදාළ සේක. වඩුවා උළු ඇරගෙන කර්මාන්ත කෙළේ ය. එවේලෙහි තෙරුන් වහන්සේ ද සොම්නසට පැමිණ "මහ දාගබ කර්මාන්තයෙහි එක්ව ගතිමි" සිතමින් උළුහල් පිරිවෙනට වැඩ වදාළ සේක. ඉක්බිති උන්වහන්සේ ඒ කළ ක්රිියාව රජ්ජුරුවන්ට සැළව ගියේ ය. රජ්ජුරුවෝ එපවත් අසා වඩුවා අතින් විචාළහ. "කොළ, එක් තෙර කෙනකුන් වහන්සේ මාගෙන් මිල නො ගෙන උළක් මාගේ දාගබෙහි ලන ලද දැ" යි විචාළ කල්හි "සැබව, දෙවයන් වහන්ස, එක් තෙර කෙනකුන් වහන්සේ දුන් උළක් අපගේ උළු හා එක්වැනි හෙයින් කර්මාන්තයෙහි ලා පිමි" යි දැන්වී ය. "එසෙ වීනම් උන් වහන්සේ ලූ අළ හඳුනෙයි දැ" යි රජ්ජුරුවෝ විචාළහ. වඩුවා ද එබස් අසා තෙරුන් වහන්සේ කෙරෙහි මෛත්‍රි හෙයින් "ස්වාමිනි, උළ නො හඳුනමි" යි කී ය. "ඉදින් තෝ හුළ නො හඳුනෙයි නම් උළ ලූ තෙරුන් වහන්සේ මේ බලතාට පෑ ලව" යි කියා බලතකු වඩුවා සමීපයෙහි සිටවූහ. ඒ උළු වඩුවා ද පෙර මැටිපිඬ ලූ තෙරුන් වහන්සේ මෙන්ම බලතාට උළ ලූ තෙරුන් වහන්සේ පෑයේ ය. එවේලෙහි බලතා ද තෙරුන් වහන්සේ හැඳින ගෙන ඔබ වසන උළුහල් පිරිවෙනට ගොස් ඔබගේ ශ්රිර පාදය වැඳ එකත්පස්ව හිඳ පිළිසඳර කථා කොට "ස්වාමීනි, නුඹ වහන්සේ ආගන්තුක සේක් ද?නොහොත් නේවාසික සේක දෑ" යි විචාළේ ය. ඒවේලෙහි තෙරුන් වහන්සේ "උපාසකය, අපි ආගන්තුකයම්හ" යි වදාළ සේක. "ස්වාමිනි, කවර රටක වසන සේක් දැ" යි විචාළ බලතාට වදාරන සේක් "කොටසර පියන්ගලු විහාරයෙහි වසම්හ, උපාසකය" යි වදාළ සේක. එබස් ඇසූ උපාසක "ස්වාමිනි, මෙහි ම වැඩ හිඳිනා සේක් ද? නොහොත් කොටසර වඬනා සේක් දැ" යි විචාළා ය. "මෙහි නො වසම්හ. අසවල් දවස් යම්හ" යි වදාළ සේක. එබස් ඇසූ බලත් "ස්වාමිනි, මහලූ මමත් නුඹවහන්සේ කැටිව එමි. මාගේ ගම ද එම කොටසර අසෝගම ය" යි තෙරුන් වහන්සේට දැන්වී ය. තෙරුන් වහන්සේ ද "යහපත, උපාසකය, කැටිව යම්හ" යි වදාළ සේක. ඉක්බිති ඒ බලත් මහලු එපවත් රජ්ජුරුවන්ට ගොස් දැන්වී ය. රජ්ජුරුවෝ ද එපවත් අසා බලතාට මසුරන් දහසක් වටනා පිළී සඟළක් ද දහසක් අගනා මැහැඟි පලසක් ද වහන් සඟළක් ද සුවඳ තෙල් පිරූ තෙල් කුලාවක් ද පත් කුඩයක් ද සෙසු ශ්රකමණ පරිප්කාර ද නො මිලයේ උළ ලූ තෙරුන් වහන්සේට මිල පිණිස දෙව" යි කියා බලතාට දුන්හ. ඉක්බිති ඒ බලතා ද රජ්ජුරුවන් විසින් දෙන ලද ඒ පිරිකර ඇරගෙන ඒ තෙරුන් වහන්සේ
50 ථුපවංසය
වැඩ හුන් උළුහල් පිරිවෙනට ගොස් තෙරුන් වහන්සේ වැඳ ඔබ හා සමග ඒ රාත්රිසයෙහි වැස උදෑසන ඔබ හා කැටීව නික්ම ක්රලමයෙන් මහ ගෙවා කොට සර ගොස් පියන්ගලු විහාරය පෙනෙන ස්ථානයෙහි සිහිල් සෙවණ ඇති ඵාසු තෙනක වඩා හඳුන්වා ඔබගේ ශ්රීසපාදය සෝධා සුවඳ තෙලින් ශ්රී්පාදය මැඩ උක් සකුරු වළඳවා සිහිල් පැන් වළඳවා වහන් සහළ ඔබගේ ශ්රීඇපාදයෙහි ලා "ස්වාමීනි, මේ පිරිකර මාගේ අඳුනන තෙර කෙනකුන් වහන්සේ නිසා ගන්නා ලද. දැන් නුඹ වහන්සේට මේ පිරිකර දෙමි. මේ පිළි සඟළ ද මාගේ පුතණුවන් සරණ හිඳුවන මඟුල් නිසා ගන්නා ලද. මෙයිනුදු නුඹ වහන්සේට සිවුරක් කොට වදාළ මැනවැ" යි දන්වා තෙරුන් වහ්නසේගේ පාමුල තැබී ය. තෙරුන් වහන්සේ ඒ පිළි සහළ ද මාහැගි පලස ද පාත්රපපයියේ ලා ගෙන සෙසු පිරිකර පොදියක් කොට බැඳගෙන වහන් සහළ පය ලා ගෙන පත් කුඩය හිසට කොට ගෙන සැරයටිය අතින් ගෙන මහ නික්ම වදාළ සේක. එවේලෙහි බලතා තෙරුන් වහන්සේ හා කැටිව මඳක් තැන් ගොස් "ස්වාමීනි, මඳක් වැඩි සිට වදාළ මැනව. මේ මා යන මඟ ය" යි දන්වා පෙර මැටිපිඬ ලූ තෙරුන් වහන්සේට දැන්වූ ලෙස ම රජ්ජුරුවන්ගෙන් කියා එවූ තෙපුල් තෙරුන් වහ්නසේට දැන්වී ය. එවේලෙහි තෙරුන් වහන්සේ ද ඒ බලතාගේ බස් අසා මහත් වූ ශොකයෙන් කම්පාව "මේ නිසා වූ ආශ්චය්ය් හිමත් දාගබෙක මා විසින් දුකින් කරන ලද කුශල කර්මය නො කළා නම් වෙයි" දොම්නස් ව දෙ ඇසින් කඳුළු ධාරා වගුරුවා "ඇයි උපාසකය, මා දුකින් කළ කුශලය කුමකට නාසා පි ද? තාගේ පිරිකර තෝ ම ඇරගනැ" යි කියා සියලු පිරිකර දමාපු සේක. එසේ පිරිකර දමා වැඩ සිටි තෙරුන් වහන්සේට ඒ කාරණ දන්නා උපායවත් බලත් මහලු මෙසේ දන්විය: "ස්වාමිනි, නුඹ වහන්සේ කුමක් වදාරන සේක් ද? මේ දුටුගැමුණු රජ පින්කම කළ ලොභයෙන් මෙසේ කරන බව මුත් නුඹ වහන්සේ ලූ උළට මිල දෙමි යි කියා අකනිටා බ්‍රාහ්ම ලෝකය දක්වා තුන් සිවුරු පාත්‍රා දුන්නේ වී නමුදු නුඹ වහන්සේ ලූ උළ හා සරි කරන්නට නො පිළිවන. එසේ හෙයින් නුඹ වහන්සේ ලූ උළ නුඹ වහන්සේට ම පින. රජ්ජුරුවන් දෙවූ පිරිකර රජ්ජුරුවන්ට පිනැ" යි කියා තෙරුන් වහන්සේ අස්වසා සියලු පිරිකර තෙරුන් වහන්සේට ම දි ඔබගේ ශ්‍රි පාදය වැඳ සමු ගෙන පෙරළා නුවරට ම නැඟී ගියේ ය.
මෙසේ මේ දාගැබෙහි යම් කෙනෙක් බැළමෙහෙ කොට සිත් පහදවා ඒ කුසලින් දිව්යැ ලෝකයෙහි උපන් ඒ සත්වයෝ මෙතෙකැ යි ගණන් නැත. එසමයෙහි තවුතිසා දෙවුලොවෙහි උපන් දිව්යි ස්ත්රිතයක් තමාගේ අසාධාරණ වූ දිව්යි සම්පත් බලා සතුටුව "මනුෂ්යළ ලෝකයෙහිදී කවර පින්කම් කොට මේ සම්පත මා ලද්දේ ය" යි බලන්නි, "ගිය දවස දුටුගැමුණු රජ්ජුරුවන් ගේ රුවන්වැලි දාගබෙහි බැලමෙහෙ කොට සිත් පහදවා මෙබඳු වූ සම්පතක්
ථුපවංසය 51
ලත් කල, යම් කෙනෙක් අනුන් සන්තක දෙයක් නො ගෙන තමන් සන්තක දෙයින් පරලෝ අදහා කළ සුචරිත, පින්කම විපාක කෙබඳු දෝ හෝ" යි සිතා සතුටු ව එවේලෙහි ඒ දේවතා දු දිව සුවඳ දිව මල් දිව පිළි ගෙනහැර ඒ රාත්රිවයෙහි ම අවූත් ගෙනා සුවඳින් ඒ දාගබ පිරිබඬ ගෙන සුවද මල් ඒ රුවන්වැලි දාගබට පුදා සතුටින් වැඳ වැඳ සිටියාහ.
එවේලෙහි බැලවක වැඩ වසන මහාසීවලි නම් එක් තෙර කෙනකුන් වහන්සේ රජ්ජුරුවන් බඳවන රුවන්වැලි දාගබ වඳිනා පිණිස ගිය සේක් වඳිනා ඒ දිව්යජ ස්ත්‍රි ය දැක මහ රුක්අත්තන ගස මුල් වැඩ සිටි සේක. ඒ දිව්‍යය ස්ත්රිදය අභිප්රා ය වූ පරිද්දෙන් වැඳ නික්මුණු වේලෙහි විචාරන තෙරුන් වහන්සේ දිව්යි ස්ත්‍රි ය අතින් මෙසේ විචාළ සේක. කෙසේ ද යත්: "තොපගේ ශරීරා ලොකයෙන් මේ සියලු ලඬ්කාද්වීපය හිරු දහස් සඳ දහස් නැංගා සේ එකා ලොක විය. මෙසේ වූ රූප සම්පත්තියක් ලබන්ට ගිය ජාතියෙහි කවර පින් කමක් කළාදැ" යි විචාළ සේක. "ස්වාමීනි, අප සන්තක දෙයින් කළ කුසල යෙක් නැත. මේ දාගැබට අප සිත පහදවා ගෙන බැලමෙහෙ කොට එයින් ලද සම්පතැ" යි දැන්වූහ. මෙසේ බුදු සස්නෙහි පහන් සිතින් මිලයට කළ කුසල් පවා මහාඵල මහානිසංස වෙයි. එසේ හෙයින් මාගේ ස්වාමිදරු වූ සම්ය්ක් සම්බුදු රජාණන් කෙරෙහි සිත පැහැද වූ පමණකින් මෙබඳු දිව්‍යය සම්පත් ලබන කල නුවණැති සියලු සත්පුරුෂයන් විසින් හැම වේලෙහි ම නො පමාව මේ රුවන්වැලි දාගබට පූජා කළ මැනවි.
දාගැබ් කර්මාන්තයෙන් බැඳි කොටස පොළොවෙහි ගිලීමමෙසේ දුටුගැමුණු මහ රජ ඒ දාගැබෙහි කර්මාන්ත කරවන්නේ තුන් මාල් පියවසාව බැඳ නිමවිය. එසේ කරවූ තුන් මාල් පියවසාව රහතුන් වහන්සේ ස්ථිර වන පිණිස බිම හා සම කොට තමන් වහන්සේගේ ආනුභාවයෙන් ගල්වා වදාළ සේක. මෙසේ බැඳි බැදි සේ නව වාරයෙක ම ගලාපූ සේක. ඉක්බිති දුටුගැමුණු රජ්ජුරුවෝ මේ කාරණය නො දන්නෝ නො සතුටු වූ සිත් ඇතිව "මාගේ කුල දේවතා වූ මහා සඬ්ඝයා වහන්සේ රැස් වන සේක්ව" යි ආරාධනා කොට රාජ පුරුෂයන් යවූහ. එවේලෙහි රාජ පුරුෂයන්ගේ ආරාධනයෙන් අසූ දහසක් දෙනා වහන්සේ රැස්වූ සේක. දුටුගැමුණු රජ්ජුරුවෝ සර්වාභරණයෙන් සැරහී මහ සෙනඟ පිරිවරා සුවඳ මල් බෙහෙත් ආදිය ගෙන්වා ගෙන විහාරයට ගොස් රැස්වූ අසූ දහසක් දෙනා වහන්සේට බෙහෙත් සුවද මලින් පූජා කොට වැඳ එකත්පස්ව සිට මෙසේ විචාළාහ: "ස්වාමීනි, මා කරවන මහ දාගබ තුන් මහල් පියවසාව බැඳි බැඳි සේ නව වාරයෙක ම පොළොව ගැලිණ. එසේ වනු මාගේ ජීවිතයට හෝ මා කරවන දාගබට හෝ අන්තරාය වන බවත් නො දනිමි. ඒ මට වදාළ මැනවැ" යි දැන්වූහ.
52 ථුපවංසය
එබස් ඇසූ මහා සඬ්ඝයා වහන්සේ රජ්ජුරුවන්ට මෙසේ වදාළ සේක: "දෙවයෙනි, තොප කරවන දාගබ කර්මාන්තයට වේව යි, තොපගේ ජීවිතයට වේව යි අන්තරායෙක් නැත. මතු එන දවස තිර්ථකයකන් විසින් වන උපද්ර්ව වලකන පිණිස ද, දාගබ බොහෝ කලක් ස්ථිරව පවත්නා පිණිස ද රහතන් වහන්සේ විසින් මේ කරවන ලදැ" යි වදාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ සතුටින් පිණා වදාළ බස් මුදුනෙන් පිළිගෙන මහදාගබ කර්මාන්තයට නැවත පටන් ගෙන බඳවන්නාහු තුන් මාල් පියවසාව දස කෙළක් උළින් බැඳ නිම වූහ.
උතුරුකුරු දිවයිනෙන් ගල් ගෙන්වීමමෙසේ තුන් මාල් පියවසාව බැඳ නිමි කල මහා සංඝයා වහන්සේ උත්තරය සුමන ය යන නම් ඇති රහත් සාමණෙරයන් දෙදෙනකු වහන්සේ කැඳවා දෙදෙනා වහන්සේට මෙසේ වදාළ සේක: "තෙපි දෙදෙනා උතුරු කුරු දිවයිනට ගොස්, සතර අතින් සම වූ, වඩුවෙන් අට රියන් බොල ඇත, එකි එකී අතින් අසූරියන් දිග ඇති මෙහෙවන් පාණ සයක් ගෙනෙව" යි වදාළ සේක. එවේලෙහි ඒ සාමණෙර දෙදෙනා වහන්සේ ද "යහපතැ" යි ගිවිස එම විට ම උතුරුකුරු දිවයිනට ගොස් මහා සඞ්ඝයා වහන්සේ වදාළ ලෙසට ම බඳුවද මල් පැහැ වැනි වූ මෙහෙවන් පාණ සයක් ගෙනවුත් එක් පහණක් දාගබ ධාතු ගර්භයෙහි ම බිම අතුට අනික් ගල් සතර සතරදිග පිහිටුවා අනික් ගල ධාතුගර්භයෙහි පිධාන කරන පිණිස දාගබට නැගෙනහිරි දිසාවෙහි වැලි මළුවේ පවුර සමීපයෙහි නො පෙනෙන පරිද්දෙන් තබා වදාළ සේක.

ධාතු ගර්භ වර්ණනාව
ඉක්බිති ගැමුණු මහ රජජුරුවෝ ධාතු ගර්භ මධ්යායෙහි සත්රුවන්මය වූ සිත්කලු වූ බෝධි කෙනකුන් වහන්සේ කරවූහ. ඒ බෝධින් වහන්සේ ඉන්ද්රිනීල මාණික්යෙමය බීමහි පිහිටි සේක. රජ්ජුරුවන් කරවන ඒ බොධින් වහන්සේගේ මුල් පබළුමය කොට කරවූහ. කඳ රිදියෙන් කරවන ලදි. සිරිවස ද රත්රනින් ම කරවූහ. අටමහල ද සත් රුවනින් ම කරවූ ය. නැවත මල් පඞ්ක්තියක් ද සිවුපා පඞ්ක්තියක් ද හංස පඞ්ක්තියක් ද විචිත්රත කොට සත් රුවනින් ම කරවූ ය. නැවත ඒ බොධින් වහන්සේ වඩුවෙන් අටළොස් රියන් උස ඇති සේක. එසේ ම කරවූ සත් රුවන් බොධින් වහන්සේගේ උඩ බලා ගිය කඳු ශාඛාව ද සතර දිගට ගිය කඳු ශාඛා සතර දැයි යන මේ ශාඛා කඳු පස ම වඩුවෙන් අටළොස් රියන් දිග ඇති සේක. ඒ බොධින් වහන්සේගේ බෝපත් ඉන්ද්රනනීල මාණික්යටයෙන් ම කරවූ ය. පඬෙරවන්
53 ථුපවංසය
පත් සත් රුවනින් ම කරවූ ය. අංකුර රත්රනින් ම කරවූ ය. ඒ බොධින් වහන්සේ මුදුනෙහි සුදු වියන් බැඳවූ ය. ඒ වියන් කෙළෙවර වටකොට මුතු හා එක් කොට අමුණන ලද රන්රසු දැල් බැඳවූ ය. නැවත රන් මිණි පඞ්ක්තියක් ද රන්දම් පඞ්ක්තියක් ද ඒ ඒ තන්හි එලෙන්නේ ය. ඒ වියන් සතර කොණ නව ලක්ෂයක් අගනා එසේ වූ සතර මුතු කඳක් ද එල්වූ ය. මෙසේ ම ඒ ධාතු ගර්භයෙහි සුදුසු ලෙස සත් රුවනින් ම සදහිරු දෙදෙනා ද නකත් තරු ද රන් පියුම් ද කරවන ලද්දේ ය. මාහැඟි වූ පස්වනක් පැහැයෙන් යුක්ත වූ අටෝරාදහසක් පිළි ද එල්වන ලද්දේ ය.
ඉක්බිති ඒ සතු රුවන් බොධීන් වහන්සේගේ කඳ මුල වට කොට සත් රුවන්මය පිල් කඩකුදු ලැවූ ය. ඒ පිල් කඩ මත්තෙහි මැහැඟි ඇඹුල පක් සා මුතු ද ඇතුරුවූ ය. ඒ මුතු රැසට කෙළවර සුවඳ පැන් පිරූ සත් රුවන් කළ පඞ්ක්තියක් ද තැබ්බවූ ය. එසේ තැබ්බ වූ රුවන් කළ පඞ්ක්තියෙහි පබළුමය මල් ලැවූ ය. පබළුමය කළයෙහි රන් මල් ලැවූ ය. මැණික්මය කළයෙහි රිදි මල් ලැවූ ය. රිදිමය කළයෙහි ඉන්ද්රඳනිල මාණික්‍යමය මල් ලැවූ ය. සත් රුවන් කළයෙහි සත් රුවන් මල් ලැවූ ය. නැවත ඒ බොධින් වහන්සේට නැගෙනහිරි දිසාවෙහි සත් රුවන්මය වූ කෙළක් අගනා ආසනයෙහි සත් රුවන්මය වූ බුදුන් වැඩ හුන් උස පමණට බුදුරුවකුදු කරවූ ය. එසේ කරවන ලද සත් රුවන්මය බුදුරුවෙහි විසිනිය ද ඇස් සඟළෙහි සුදු තැන් ද ජාති ස්ථිටික මාණික්යෙයෙන් ම කරවූ ය. අතුල් පතුල් ද තොල් සහළ ද ඇස්හි රත් තැන් ද පබළුයෙන් ම කරවූ ය. නැවත ඒ පිළිම රූපයෙහි මුදුන් කෙස් ද බැම සහළ ද ඇස් සහළෙහි කෘෂ්ණ මණ්ඩල ද යන මෙකී තැන් ඉන්ද්රෙනීල මාණික්යියෙන් ම කරවූ ය. තව ද ඒ පිළිම රූපයෙහි නළල්හි උර්ණ රොම ධාතුව ද රිදියෙන් ම කරවන ලද්දේ ය.
ඉක්බිති සහම්පති මහා බ්රනහ්මයා රිදී කුඩය ධරා සිටි නියාව ද එහි ම කරවූ ය. එසේ ම දෙදෙව්ලොව දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු දෙවියන් පිරිවරා එක්සිය විසි රියන් දිග ජයතුරා සක පිඹ පිඹ සිටි නියාව ද එහි ම කරවූ ය. එසේ ම පඤ්චසිඛ දිව්යෙ පුත්රයයා බෙළුවපණ්ඩු නම් වීණාව ගෙන ගායනා කරන්නා වූ නියාව ද එහි ම කරවූ ය. නොයෙක් නාග මාණවිකාවන් පිරි වනර ලද, අනෙක ප්‍රාකාර ස්තුති ඝොෂාවෙන් බුදු රජාණන් වහන්සේ වන්දි භට්ටයකු සේ ස්තුති ඝොෂා කරන මහකෙල නම් නාග රාජයා ද එහි ම කරවූ ය.
ඉක්බිති වශවර්තිමාරයා අත් දහසක් මවා ත්‍රි ශුල මුද්ගරාදි නානායුධ ගෙන දහසක් කූඹින් සැරහුණු සසියයක් ගව උස ඇති ගිරිමෙබල නම් ඇතුපිට හිඳ දස බිම්බරක් මර සෙනග පිරවරා ගෙන බෝමඬට දිව අවුත් නොයෙක් භයංකාර දක්වා කිසි උපද්රයවයක කොට ගත නොහී පැරද ගිය නියාව ද එහි ම කරවූ ය. අනික් තුන් දිග, නැඟෙනහිරි දිසාවෙහි බොධි
54 ථූපවංසය
පය්ය්ථූපඞ්කය හා සදෘශ කොට කෙළක් අගනා ආසනයකුදු කරවා ඇද්දළින් දළමිටු ලවා පබළුමය ව්යශජන පත්රඬ ද ඒ ආසනයෙහි ම තැබ්බූය. බොධින් වහන්සේට ඉස්දොර අනෙක රත්නයෙන් හෙබියා වූ කෙළක් අගනා රිදි යහනකුදු කරවූ ය. කාය බල දසයක් හා ඤාණබල දසයක් ඇති ඒ මාගේ බුදු රජාණන් වහන්සේ ලොවතුරා බුදු ව සත් දවසක් මුළුල්ලෙහි දෑස නොපියා එයින් නික්මෙන පස් වනක් පැහැයෙන් බොධි පූජා කළ නියාව ද සත් රුවනින් ම කරවූ ය. රුවන් සක්මන් කළ තැන් ද, රුවන් ගෙයි වැඩ හිඳ දහම් විමසූ තැන් ද, මුලින්ද නම් නාග රාජයාගේ භොගාවලියෙහි වැඩ හුන් තැන් ද, අජපාල නිග්රො,ධ මූලයෙහි වැඩ හුන් තැන් ද, කිරිපලු ගස මුල් වැඩ හුන් තැන් ද, තපස්සු භල්ලුක ය යන වෙළඳුන් දෙදෙනා විසින් මීපිඬු දන් දුන් තැන් ද, එවේලෙහි සතරවරම් රජදරුවන් එළවූ පාත්රෙ සතර තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් එක පාත්‍ර යක් කොට ඒ පාත්රායෙන් පිළිගත් නියාව ද එහි ම කරවූ ය. ඉක්බිති මහා බ්රැහ්මයාගේ ආරාධනාවෙන් ධම්සක් පැවැත්වූ නියාව ද, යස නම් කුල පුත්රියා ප්රූධාන වූ පස් පනස් දෙනා ගේ මහණ වීම ද, භද්‍රය වර්ගයෙහි රජ කුමරුවන් තිස්දෙනාගේ මහණ වීම ද, තුන්බෑ ජටිලයන් ප්ර්ධාන වූ දහසක් තාපසවරන්ගේ මහණ විම ද, ලට්ඨි වන නම් උයන්හි වැඩ හුන් තෙනට බිම්සර රජ්ජුරුවන්ගේ ඊම ද, රජගහ නුවරට වැඩීම ද වෙළුවන උයන පිළිගත් නියාව ද, දෑග සව්වන් ප්රයධාන අසූ මහ සව්වන් ද නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේ ද යන මේ සියල්ල ම සත් රුවනින් කරවූ ය.
ඊට ඉක්බිතිව රජගහ නුවර සිට කාලුදායි නම් මහ තෙර කෙනකුන් වහන්සේගේ ආරාධනායෙන් අඟු මගධ දෙරටින් කිඹුල්වත් පුරයෙන් මෙකී තුන් රටින් විසි දහසක් දෙනා වහන්සේ පිරිවරා, දෙසිය සතළිස් ගව්වක් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩිම ද, ශාක්යූ රජදරුවන් මානයෙන් නොවඳුම්හ යි සිටියවුන් දැක ඔවුන්ගේ මානය මැඩ රුවන් සක්මන්හි සක්මන් කොට, ඒ ආශ්චය්ය්දැක දුටු පියාණන් සුද්ධොදන රජ්ජුරුවන් ඇතුළු වූ රජදරුවන්ගේ වැඳිම ද, පොකුරු වැසි වට නියාව ද, රාහුල කුමාරයන්ගේ මහණ වීම ද, නන්ද කුමාරයන්ගේ මහණ වීම ද, ජෙතවන උයන පිළිගැන්ම ද, ගණ්ඩම්බ නම් අඹ රුක් මුල්හි කරන ලද යමක ප්‍රා තිහාය්ය්මා ද, ඒ රුවන් සක්මන්හි සිට තුන් පියවරකින් තවුතිසා දෙව්ලොවට වැඩ පඬු ඇඹුල් හසූන් හි වැඩ හිඳ තුන් මසක් විජම් දේශනා කළ තැන් ද, මනුෂ්ය්යන්ගේ ආරාධනා පිළිගෙන මුගලන් මහ තෙරුන් වහන්සේ මහාමෙරු පර්වතය පත්ලට ගොස් මහමෙර පළා ගෙන බුදුන්ගේ ශ්රීරපාද මූලයෙන් හිස නඟා පැදකුණු කොට මිනිසුන්ගේ පවත් දැන්වූ නියාව ද, දෙවොරොහණ නම් ප්රාහතිහාය්ය්ුි ද, සකස්පුර දොරට වැඩි නියාව ද, ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ප්ර්ශ්න විචාළ තැන් ද එහි ම කරවූහ.
ථූපවංසය 55
නැවත මහාසමය සුත්රණ දෙශනාව ද, රාහුලොවාද සුත්රේ දේශනාව ද, මංගල සුත්රැ දේශනාව ද, තිරොකුඩ්ඩ සුත්රු දේශනාව ද, බදිරඞ්ගාර සුත්ර් දේශනාව ද, ජම්බුකාජිවක සුත්රන දේශනාව ද, චක්ක සුත්ර් දේශනාව ද, ගොවින් ද සුත්‍ර දේශනාව ද, පාරායන සුත්රව දේශනාව දැයි මේ ආදී වූ සුත්රි දේශනා ද, ධනපාල නම් හස්තියාගේ දමනය ද, ආලවක දමනය ද, අංගුලිමාල දමනය ද, බක බ්‍ර හ්ම දමනය ද, සච්චක දමනය ද, පොරිසාද දමනය දැයි මෙකි සියල්ලම හුදු සත් රුවනින් ම කරවූහ. ඉක්බිති මාරයාට බුදුන් ආයුසංස්කාරය හළ නියාව ද, මෘදු වූ සූකර මද්දවය පිළිගත් තැන් ද, රන්වන් වූ පිළි සහළ පිළිගත් තැන් ද, පහන් පැන් වැළඳු තැන් ද, කුසිනාරා නුවර මුල පටන් අග දක්වා පිපි සිටි සල්ගස් දෙකට මැද පනවන ලද යන්හි උතුරු දිගට හිස ලා දකුණු දිගට පය ලා නැඟෙන හිරට පිටලා බටහිරට මුහුණලා නැඟි නො සිටිනා සෙය්යා වෙන් වැඩ හෙව පිරිනිවන් පෑ තැන් ද, අනඳ මහ තෙරුන් වහන්සේ කුසිනාරා නුවරට වැද සැට දහසක් මල්ල රජදරුවන්ට බුදුන් අලුයම් වේලෙහි පිරිනිවන් පෑ බැව් වදාළ තැන් ද, එබස් ඇසූ රජ දරුවන් පුරාඞ්ගනාවන් හා සමග හිස තැබූ අතින් හඬා වගුළ තැන් ද, රන් දෙණට වැඩූ තැන් ද, දිව්යන බ්ර්හ්මයන් හා මනුෂ්ය්යන් පූජා කළ තැන් ද, එක්සිය විසි රියන් සඳුන් දරසෑයට රන්දෙණ වැඩූ තැන් ද, මහසුප් මහ තෙරුන් වහන්සේ ඇතළු වූ ගණදෙටු සත් ලක්ෂයක් මහ තෙරුන් වහන්සේ ඇතළු වූ සෙසු නො කී බොහෝ මහා සංඝයා වහන්සේ බුදුන්ගේ ශ්‍රී,පාදය වැඳීම ද, බුදුන්ගේ ශරීරය දාගිය නියාව ද, සොහොන් හස් කළ තැන් ද, මගධ රටට අධිපති වූ අජාතශත්රැද නම් රජුගේ අමාත්යියන් පළමු කොට බුදුන් පිරිනිවන් පෑ බැව් අසා කම්පාව "මෙම සැටියේ ඇසූනම් අපගේ රජ්ජුරුවන්ගේ ළය දෙකක්ව පැළී යෙයි. එසේ හෙයින් අප වැනි මන්ත්රී්වරුන් විසින් අපගේ රජ්ජුරුවන් රැකගත මනා වේදැ" යි සිතා රන්දෙණ තුනක් කරවා චතුමධුර පුරා රජ්ජුරුව්න සමීපයට ගොස් "ස්වාමීනි, අප විසින් ඊයේ රෑ දක්නා ලද නපුරු ස්වප්නයෙක් ඇත. ඒ ස්වප්නය දෙසන නියායෙන් මේ චතුමධුර පිරූ දෙණ නාසා අග පමණක් පෙනෙන නියායෙන් වැඩ හොත් මැනවැ" යි දන්වා එසේ දෙණ හොත් රජ්ජුරුවන්ට එක් අමාත්යනයෙක් තමා පැලඳ සිව් ආභරණ ගලවා බුදුන් වන දෙසට මුහුණ ලා දොහොත් මුදුනේ බැඳ ගෙන බුදුන් පිරිනිවන් පෑ බවු රජ්ජුරුවන්ට දන්වා, එවේලෙහි රජ්ජුරුවන් මූර්ච්ඡාව ගොස් ළෙන් නැගි ශොකයෙන් නාසයෙන් කින්මුණු හුණු වාතයෙන් ඒ දෙණ පිරූ චතුමධුර කකියා හුණුසුම නැඟි කල්හි ඒ දෙණින් ඔසවා එසේ ම චතුමධුරු පිරූ දෙවෙනි දෙණක ලා බුදුන් පිරිනිවන් පෑ බව දන්වා මෙම ක්රිමයෙන් තුන් වෙනි දෙණ ලා මූර්ච්ඡාව ගිය රජ්ජුරුවන්ට හිස සියගණන් සිහිල් පැන් සලා හිස මුදුනෙහි සුවඳ පිඬක් තබා මෙසේ සීසන්න ලත් රජ්ජුරුවන්ට
56 ථූපවංසය
බුදුන් පිරිනිවන් පෑ බවු දන්වා, එපවත් ඇසූ අජාතශත්රැව රජ්ජුරුවෝ හඬා වැලප වියරු හුණුවක්හු වෙස්ගෙන සොළොස් දහසක් පුරඟනන් පිරිවරා හිසකේ මුදා පිටමැද හෙළාගෙන රන් පිළිමයකට බඳු වූ තමන්ගේ ළය පැළියෙති සිතන්නක්හු මෙන් දෑතින් ළය ගෙන රාජ විථියට බැස ජීවකයන් ගේ අඹ උයනට ගොස් ඒ අඹ උයනෙහි යම් ස්ථානයෙක්හි බුදුන් වැඩ හිඳ රජ්ජුරුවන්ට ධර්ම දේශනා කරන සේක් ද ඒ ස්ථානය බලා හඬා වැලප සිතන්නාහු "මා හැඬුවායින් ශොක සන් නො සිඳෙයි. බුදුන් පිරිනිවන් පෑවත් ශරීර ධාතුන් වහන්සේ මාත් ලද මනා වේදැ" යි සිතා කුසිනාරා නුවර සැට දහසක් මල්ල රජදුරුවන්ට "රජදරුවෙනි, බුදුන් වහන්සේත් රජව උපන් සේක. මමත් රජ කුලයෙහි උපන්මි. එසේ හෙයින් බුදුන් පිරිනිවන් පෑවත් බුදුන්ගේ ශරීර ධාතුවෙන් භාගයක් මාත් ලද මැනවැ" යි කියා පත් ලියා දුතයන් අත යවා යවූ පතට ධාතුන් වහන්සේ නො එවත් නම් ගත යුතු උපායකින් ධාතු ගත මනාවේ දැයි සිතා මාර සෙනගක් මෙන් සිවුරඟ සෙනග පිරිවරා අජාසත් මහ රජ්ජුරුවන් නික්මුණු බවු අසා විසාලා මහනුවර සත් දහස් සත්සියයක් රජදරුවෝ ද, කිඹුල්වත් පුරයෙහි ශාක්‍යා රජදරුවෝ ද, අල්ලකප්ප නුවර බුලය නම් රජදරුවෝ ද රාම ග්‍රාමයෙහි කොලිය රජ දරුරෝ ද, වෙඨදිපක නම් ගම බමුණෝ ද, පාවා නම් නුවර මල්ල රජදරුවෝ ද යන මෙකී සත්රට රජදරුවන් විසින් කුසිනාරා නුවර වට කොට ගෙන හිඳ අපට ධාතුන් වහන්සේ හෝ දුන මැනව, නොහොත් අප හා යුද්ධ කළ මැනවැයි ඔවුනොවුන් කෙරෙහි අභිමාන පුරස්සරව යුද්ධයට සැරහී සිටී කල්හි ඒ විවාදය දුටු ද්රෝකණ නම් බමුණු ආචාරීහු විසින් මාගේ ස්වාමිදරු වූ අරාග වූ අද්වෙෂී වූ අමොහි වූ තිලෝ ගුරු සම්යතක් සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවා වූ ස්ථානයෙහි මේ රජදරුවෝ ආයුධ ආදීන් ඔවුනොවුන් පැහැර ලෙහෙ පමණකුදු දුටුවු නම් මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ විසින් පන්සාළිස් හවුරුදු කාලයක් මුළුල්ලෙහි බුදුව වැඩසිට වදාළ සියලු බුද්ධ කෘත්යනයට මෙලෙසෙක් වී නම් ඒ සුදුසු නො වෙයි. මා විසින් මේ කලහය සන්හිඳුවා මෙකි රජදරුවන්ට ධාතු බෙදා දී ලුව මැනවැ යි සිතා එතැන්හි උස් ගොඩකට නැඟි, පන්සියයක් පමණ, ද්රෝබණ ගර්ජිත නම් ගර්ජනාවක් පිරිවානා කල්හි පළමු බණවරින් දෙසිය පනසක් ග්රධන්ථ පිරිවන තුරු පර්ෂත් අරගළයෙහි නො අසා දෙවන බණවර පිරිවානා කෙළවර අපගේ ආචාරින්ගේ ශබ්දය වැනි ශබ්දයකැ යි අරගළ නො කරව යි කියා නිශ්ශබ්ද වූ රජදරුවන්ට බමුණාණෝ බොහෝ අවවාද කියා ගිවිස්වා ගෙන ඒ සියලුරජදරුවන්ට ධාතු බෙදා දුන් නියාව ද යන මෙකී සියල්ල ම සත් රුවනින් ම කරවූ ය.
නැවත පන්සිය පනස් ජාතකය ද එහිම කරවූ ය. වෙස්සන්තර ජාතක යෙහි සඳමහ රජ්ජුරුවන් ද, පුසති දේවීන් ද මද්‍රි දේවීන් ද ජාලිය කුමාරයන් ද
ථූපවංසය 57
කෘෂ්ණජිනාවන් ද ඇලිඇතු දන් දුන් නියාව ද, සන්තසතක මහා දානය ද, නුවරින් නික්ම නුවර බැලූ නියාව ද, අඹා දිවූ බමුණන් සතර දෙනාට අසුන් සතර දෙනා දුන් නියාව ද ශක්‍ර යන්ගේ නියොගයෙන් දේවතාවන් රොහිත නම් මුවවෙස් මවාගෙන රථය ඇදි නියාව ද, නැවත හඹා දිවු බමුණාට රථය දුන් නියාව ද, දරු දෙදෙනා වඩාගෙන දෙදෙනා යන ගමනේ දරුවන් පලාපල දැක ඇවිටිගෙන ඇගිලි ඔසවා පෑ නියාව ද, පලගත් රුක් දුනුපට සේ නැමි සිටි රුකින් මියුරු පලාපල කඬා දරුවන්ට දුන් තැන් ද, චෙතිය රට සාලාවෙහි වැඩහුන් තැන් ද, මද්‍රි දේවීන් මහ තනිව සිටි නියාව ද, නුවර වැස්සන් මද්රිු දේවින් දැක "මේ කුමන අනාථ ගමනෙක් දැ" යි කියා වැලපි තැන් ද, එපවත් ඇසූ සැට දහසක් චෙතිය රජදරුවන් සාලාවට අවුත් බොධි සත්වයන් පා පිට හඬා සන්හිඳි වැඳ සිට තමාගේ නුවරට වඩනට ආරාධනා කළ නියාව ද, ඒ නො ඉවසන විසින් එම සාලාව දිව්යෙ විමානයක් මෙන් සරහා බොධිසත්වයන් ඉස් සෝධා නාවා සළු පෙරළා සළු හඳවා උතුම් රාජභොජනය අනුභව කරවා සද්දවසක් තමන්ගේ නුවර රඳවා මඟ වල් කප්පවා හෙළි කරවා සැට දහයක් රජදරුවන් බොධිසත්වයන් නික්මුණු වේලෙහි කඩු පලඟ ගෙන සැට ගව්වක් පමණ මඟ ගෙවා ඉදිරියෙහි වඞ්කගිරි පර්වතයට සැට ගව්වක් පමණ තැන් මහ සලකුණු කියා බොධිසත්වයන් වැඳ වන දොරකඩ වැද්දකු සිටුවා රජදරුවන් තම තමන්ගේ රටට යන්ට සමුගත් තැන් ද, ඒ ධාතු ගර්භයෙහි සත් රුවනින් ම කරවූ ය.
නැවත වන දොරකඩ සිටී වැද්දවු වඬනා බොධිසත්වයන් දැක මී හා දඩමස් දුන් වැද්දවුට රන් ඉද්ද දුන් තැන් ද, මුවලින්ද නම් විල් තෙර ද, වංක ගිරි පර්වතයට වැඩීම ද, අඹුදරුවන් සහිතව තවුස් වෙස් ගෙන පන්සල්හි හුන් තැන් ද, මද්රිමදේවීන් ඵලාඵල ගෙනහැර වළඳවා මළු හැමද දැහැටි පැන් තබා පුදන්නට මල් කඩා දි අත්පා මෙහෙකළ තැන් ද, අමිත්තතාපා නම් බැමැණියගේ ගහටින් පූජක නම් බමුණා ජයතුරා නුවරට වැද බොධි සත්වයන් විචාළ තැන් ද, ඒ ඇසූ නුවර වැස්සන් "තව දන් ගැන්මෙහි නො වැල කුණු දැ" යි කැට මුගුරු ගෙන ලුහුබැඳවූ නියාව ද, දෙවියන්ගේ ආනුභාවයෙන් බමුණා උතුරු වාසලින් නික්ම වඞ්කගිරි පර්වතයට යන මඟ දිවු නියාව ද, වන දොරකඩ සිටි වැද්දවුගේ කීන බල්ලන් බමුණා දැක සිසාරා ගත් නියාව ද, එවේලෙහි බල්ලන් කෙරෙහි භයින් බමුණා ගසට නැගී උන් නියාව ද, වැද්දවු අවුදින් බමුණා ගසින බා ගත් තැන් ද, මී හා දඩමස් කා පැන් බී නික්මුනු බමුණාට මඟ කී තැන් ද, බමුණා අච්චුත නම් තපස්වීන්ගේ පන්සලට වන් තැන් ද, තපස්වීන් දෙවෙනි දවස් නික්මුනු බමුණාට වඞ්ක ගිරියට මහ කී තැන් ද, එදවස් බමුණු අතර මහ රෑව ගොස් උස් වූ ගොඩක සැතපුණු තැන් ද, රෑ මද්‍රි දෙවී නපුරු සිනයක් දැක එවේලෙහි බොධිසත්ව යන්ගේ පන්සලට ගොස් දුටු සීනය කියා හැඬූ තැන් ද, එවේලෙහි බොධි
58 ථූපවංසය
සත්වයන් ස්වප්න විමසා සතුටුව මද්රිැදේවීන් අස්වසා යවූ තැන් ද, ඒ රෑ පාන්ව ගිය කල වත් පිළිවෙත් කොට බොධිසත්වයන් ද දරු දෙදෙනා ද ඵලාඵල අනුභව කරවා දරු දෙදෙනාට අවවාද කොට බොධිසත්වයන්ට පාවා දී වැඳ සමුගෙන ඵලාඵල බාගන්නා දේටිල්ල ද අලමුල් කණිනා යහුල ද පැය ද යන මෙකී දෙය ගෙන දෙවියන්ට යැද වල් ගිය තැන් ද, ඉක්බිති පූජක නම් බමුණා පන්සලට ආ තැන් ද, ඒ බමුණාණන් දැක ආදර පිණිස අතින් පිරිකර ගන්ට ජාලිය කුමාරයන් භයින් වෙවුලා බොධිසත්වයන් පිටිපස්සට වන් තැන් ද, එවේලෙහි බමුණා බොධිසත්වයන් ළඟට ගොස් ස්තුති කොට දරුවන් දන් ඉල්වූ තැන් ද, එබස් ඇසූ මහ බෝසතාණන් "යහපත බමුණාණෙනි, දන්දෙමි. දරුවන් ගනුව" යි කී බස් අසා දෙබින්නන් භයින් ගොස් විලට වැද සැගවී සිටී තැන් ද, බොධිසත්වයන් දරුවන්ගේ පියවර සල කුණෙන් ගොස් විල් තෙර සිට දරුවන්ට හඬ ගෑ තැන් ද, ඒ හඬ ඇසූ දරුවන් අවුදින් පාපිට හඬා හුණු තැන් ද, ඔවුන් වඩා ගෙන ගොස් වටිනා මිල කියා දරුවන් බමුණාට දන් දුන් තැන් ද, එවේලෙහි බොධිසත්වයන් බල බලා සිටියදි දරු දෙදෙනා බැඳගෙන නික්මුණු තැන් ද, බමුණා පැකිල හුණු අවකාශයෙහි අත බැඳි බැඳුම් කඩාගෙන දිව අවුත් පියාණන් පාපිට හඬා හුණු තැන් ද, නැවත බමුණා අවුදින් දරුවන් බැඳගෙන ගිය තැන් ද, ඵලාඵල සොයා ගිය මද්‍රි දේවී වෙනෙහිදි නපුරු කාරණා දැක එන ගමෙනෙහි පන්සලට එන නො දි ශක්රායන්ගේ නියොගයෙන් දෙවතාවන් තුන් දෙනකු විසින් සිංහ ව්යාොඝ්රි වලස් වෙස් ගෙන මං හවුරා වැදහොත් තැන් ද, උන් දැක ඒ පන්සලට යා නො හී අන් පලා ගිය පසු සඳ නැගි වේලේ පන්සලට යන්නා වූ මෙතෙක් දා කෙළනා ඒ ඒ රෑප්පා ආදිවු තැන තමන්ගේ දරුවන් නො දැක ළය පිරුණු හොකයෙන් හැළුලුණා වූ සිත් ඇතිව ඒ මද්රිදදේවි බොධි සත්වයන් සමීපයට ගොස් එතෑන්හි දරුවන් නො දැක "දරුවෝ කොයි ද, ස්වාමිනි" යි රජ්ජුරුවන් විචාරා, බැණ නොනැහෙන හෙයින්, ඒ තුන්යම් රාත්‍රියෙහි ගලසෙල ඇවිද දරුවන් නො දැක ළෙයි පිරුණු ශොකයෙන් ඇස පිරුණු කඳුළෙන් බල්ලකු ගත් කිකිළියක සේ බොධිසත්වයන්ගේ පා පිට හඬා හුණු තැන් ද, එවේලෙහි හිස ඇකයෙහි තබාගෙන මුහුණ පැන් ඉස අතින් පිරිමැදි තැන් ද, සීසන්න ලදින් නැඟී සිට දරුවන් විචාරා දන් දුන් බව අසා දොහොත් මුදුනෙහි තබා "දන් දුන් බව පළමු මට නො වදාළේ ඇයි ද? ස්වාමිනි" යි සතුටින් වැඳ සිව් තැන් ද, ශක්රවයන් විසින් බමුණු වෙස් ගෙන අවුත් මද්‍රි" දේවීන් දන් ලත් තැන් ද නැවත මද්රිර දේවීන් බොධිස්වයන්ට ම පාවා දි ගිය තැන් ද, ජූජක නම් බමුණා දරු දෙදෙනා ගස මූල බැඳ ගසට නැඟි වැද හොත් තැන් ද, දෙවතාවන්ගේ ආනුභාවයෙන බමුණාට මඟ වැරද ජයතුරා නුවරට ම දරුවන් ගෙන ගොස් මුතුන් වූ සඳමහ
ථූපවංසය 59
රජ්ජුරුවන්ට දැක්වූ තැන් ද, බමුනාට නොයෙක් වස්තු දි මුනුබුරන් ගැලවූ තැන් ද, නැවත සඳමහ රජ්ජුරුවන් වංකගිරි පර්වතයට ආ තැන් ද දරු දෙදෙනාගේ හා නෑයන්ගේ සමාගමයෙහි පොකුරු වැසි වට තැන් ද, වෙස් සන්තර රජ්ජුරුවන් හා මද්රිප දේවීන් හා දෙදෙනාගේ අභිෂෙක පැමිණි තැන් ද, ජයතුරානුවරට වැඩි කල සත්රුවන් වැසි වට තැන් ද, ඒ වෙස්සන්තරාත්ම භාවයෙන් චුව තුසිත භවනයෙහි උපන් තැන් ද යන මෙකී සියල්ල ම විස්තර වශයෙන් ඒ දුටුගැමුණු රජ්ජුරුවෝ සත්රුවනින් ම ඒ ධාතු ගර්භ යෙහි කරවූහ.
ඉක්බිති දස දහසක් සක්වළ දෙවියන් විසින් බුදු වන පිණිස ආරාධනා කළ නියාව ද, ඔවුන්ගේ ආරාධනාවෙන් මවුකුස පිළිසඳ ගත් නියාව ද, මහාමායා දේවින් ද, සුද්ධොදන රජ්ජුරුවන් ද, ලුම්බිනී වන නම් උයන්හි බිහි වූ නියාව ද, අහසින් උදක ධාරා දෙකක් අවුදින් බොධිසත්වයන් හා මෑණියන් හා එවේලෙහි ම තෑවූ නියාව ද, එමවිට ම අතුරු දිගට සත් පිය වරක් නඟා නික්මුණු තැන් ද, කාලදෙවල නම් තපස්වීන්ගේ ජටාවෙහි පතුල් සුං දෙක පිහිටි නියාව ද, නැවත දඹගස සෙවණ ගස වට ඉක්ම නො ගිය නියාව ද, කිරි ඔවුන්ගේ ප්රාමාදයක් දැක යහන්හි පය්ය්ුවීඞ්ක බැඳ ධ්යාදනයෙන් යුක්තව වැඩ හුන් නියාව ද, යන මේ හැම හුදු සත්රුවනින් ම ධාතු ගර්භයෙහි කරවූහ.
ඉක්බිති රාහුල කුමාරයන්ගේ මෑණියන් යසොධරා දෙවීන් ද, රාහුල කුමාරයන් ද, සතර මහා නිධානය ද, තුන් ඍතුවට අචිත වූ මාළිගා තුන ද, එකුන් තිස් හවුරුද්දේ උයන් කෙළි පිණිස යන ගමනෙහි ජරා රූප, ව්යා ධි රූප, මෘතරූප යන මේ දේවදූතයන් තුන්දෙනා දැක වැලකී තැන් ද, සතර වෙනි වාරයෙහි මහණ රුවක් දැක "පැවිදි රූපය යහපතැ" යි සිත් උපදවා උද්‍යා නයට ගොස් ශ්‍රී අනුභව කොට සවස් වේලෙහි මඟුල් පොකුණෙන් නහා මඟුල් සල වට වැඩහුන් කල්හි විශ්වකර්ම දිව්‍යා පුත්රියා සැරහූ තැන් ද, ඉක්බිති මධ්යාම රාත්රිටයෙහි නළුවන්ගේ විප්රිකාරය දැක කන්ථක නම් අශ්ව රාජයා පිටට පැන නැඟී මහභිනික්මන් කළ තැන් ද, දස දහසක් සක්වළ දෙවියන් කළ පූජා විඳිම ද, කන්ථක නම් අශ්ව රාජයා වැලකි තැන් ද, අනොමා නම් ගංතෙරදි මහණ වීම ද, රජගහ නුවර පිඬුසිඟා වැඩි තැන්ද පාණ්ඩව නම් පර්වතච්ඡායාවෙහි වැඩහිඳ පිඬු වැළඳූ තැන් ද, බිම්සර රජ්ජුරුවන් ඒ ස්ථානයට අවුදින් රාජ්යුයෙන් පැවරූ තැන් ද, සුජාතා නම් කෙළෙඹි දුව විසින් දෙන ලද කිරි පිඬු අජපාල නම් නුගරුක මුලදී පිළිගත් නියාව ද, ඒ කිරිබත් නෙරඤ්ජරා නම් ගංතෙර දී වැළඳූ නියාව ද, වැළඳු තලිය උඩුගං බලා යවූ නියාව ද, දවල් දවස් සල් වෙනෙහි කල් යවූ නියාව ද, සවස් වේලෙහි සොත්ථිය නම් බමුණා විසින් එළවන ලද කුසතණ පිළිගත් නියාව ද, ඒ සලා ඟුළ නියාව ද, එම විට පොළොව පළාගෙන පැන නැඟි තුදුස් රියන් වජා
60 ථූපවංසය
සනයට පැන නැඟි බෝ කඳට පිට දි නැගෙනහිර බලා පය්ය්දඩුඞ්ක බැද වැඩ හුන් තැන් ද යන මෙතෙක් දෑ විස්තර වශයෙන් සත්රුවනින් ම කරවූ ය. ඉක්බිති මිහිඳු මහ තෙරුන් වහන්සේ හා කැටිව මිහින්තලා වැඩි තෙරුන් වහනසේ ද, දෙවනපෑතිස්ස රජ්ජුරුවන් ද, මහමෙවුනා උයන පිළිගත් තැන් ද, මිහින්තලා ගල අටසැට ලෙණක් කටාර කොටවා පිළිගැන්වූ තැන් ද, සතර වරම් රජදරුවන් සතර දෙනා කඩු ගෙන රැකවල් ගෙන සිටි තැන් ද යන මේ හැම සත්රුවනින් ම කරවූ ය. ඉක්බිති දෙතිස් දිව්ය් පුත්රූයන් ද ලියවැට පහන් ගෙන සිටි දෙතිස් දිව්යැ ස්ත්රීින් ද අටවිසියක සෙනෙවියන් ද එහි ම කරවූ ය. නැවත දොහොත් මුදුනෙහි තබා ගෙන සටි දෙවියන් ද, රන් මල් ගෙන සිටි දෙවියන් ද, රන් කලස ගෙන සටි දෙවියන් ද, තබන දෙවතාවන් ද, බෙර ගසන දෙවතාවන් ද, වස්දඬු පිඹින දෙවතාවන් ද, තන්තිරි ආලවත්ති ගෙන සිටී දෙවතාවන් ද, වෙන වෙන ම ලක්ෂ අගනා උසින් දස රියන් උස ඇති කැටපත් ගෙන සිටි දෙවතාවන් ද, ලක්ෂ අගනා මල් ඇර ගෙන සිටි දෙවතාවන් ද, සඳමඬල ගෙන සිටි දෙවතාවන් ද, හිරු මඬල ගෙන සිටි දෙවතාවන් ද, රන් පියුම් ගෙන සිටි දෙවතාවන් ද, රිදි පියූම් ගෙන සිටි දෙවතාවන් ද, රුවන් පියුම් ගෙන සිටි දෙවතාවන් ද, මල් තොරණ ගෙන සිටි දෙවතාවන් ද, කුඩ ගෙන සිටි දෙවතාවන් ද, විසිතුරු වූ මල්ල දෙවතාවන් ද, පිළී හිස සිසාරන දෙවතාවන් ද, ධම්සක් ගෙන සිටි දෙවතාවන් ද, කඩු ගෙන සිටි දෙවතාවන් ද, පස් රියන් උස ඇති සුවඳ තේල පුරා තුබු දුහුල් පියල්ලෙහි ඇවළෙන පහන් පාත්රු හිස තබා ගෙන සිටි දෙවතාවන් ද යන මේ සියල්ල ම ඒ දුටුගැමුණු මහ රජ ධාතු ගර්භයෙහි සත්රුවනින් ම කරවී ය.
ඉක්බිති ඒ ධාතු ගර්භයෙහි සතර කොණ දෑවාණමය සතර ඇගෑයක් කරවා ඒ ඇගෑ සතර මත්තෙහි තියඹරා ගෙඩි සා මහක් මැණික් සතරක් තැබ්බී ය. නැවත ඒ ධාතු ගර්භයෙහි සතර කොණ රන්, රිදි, මුතු, මැණික්, පබළු, වීදුරු මෙ කී රුවන් සතර ගොඩකුදු කරවී ය. ඉක්බිති මෙහෙවන් ගල් සතර භික්තියෙහි විදුලිය කරවී ය. නැවත ඒ ඒ තන්හි රන්ලිය ද වල් විදුනා ද සත්රුවනින් ම කරවී ය. නැවත නිල් මහනෙල් මල් ගෙන සිටි නාග මාණවිකාවන් ද, කඬුපුල් මල් ගෙන සිටි නාග මාණවිකාවන් ද, යන මේ සියල්ල ම දුටුගැමුණු මහරජ උසින් පස් රියන් උස කොට ඝන රනින් ම කරවී ය. අවශේෂ වූ පූජා භාණ්ඩ මෙතෙකැ යි කියා පමණ නැත්තේ ය. හේ කෙසේ ද යත්: අඹපාණ වැසි චිත්තගුත්ත නම් එක් තෙර කෙනකුන් වහන්සේ ලෝවා මහපායෙහි යට මාලේ රැස් වූ දොළොස් දහසක් දෙනා වහන්සේ මද්ධ්යි
ථූපවංසය 61
යෙහි බණ වදාරන සේක් රථවිනීත සුත්රිය පටන් ගෙන මහා ධාතු නිධානය වර්ණනා කරන සේක් "මේ බණ අසන්ට හුන් පර්පද්හි සමහර කෙනෙක් මේ දුටුගැමුණු රජ කරවූ මේ පූජා විධි නො අදහද්දෝ හෝ" යි සිතන සේක් පූජා විධි සමහරක් හැර වදාළ සේක. එවේලෙහි ගුත්හල කොට පව්වෙහි වසන තිස්ස නම් මහ තෙර කෙනකුන් වහන්සේ ඒ ධර්මාසනයට නුදුරු තෙන වැඩ හුන් සේක් ධර්මකථික තෙරුන් වහන්සේට වදාරන සේක් "ඇවැත්ති, තොප කියන කථාවෙන් පිරිහුණු දෑත් ඇත. නො හැර කියව" යි වදාළ සේක.

භාතිය රජුගේ චෛත්යු පූජාවනැවත මෙම ලක්දිව දුටුගැමුණු රජ්ජුරුවන්ට දස වැනි වූ භාතිය නම් රජ්ජුරු කෙනෙක් මහත් වූ සැදැහැ ඇත්තෝ ය. තුනුරුවන්හි පහන් සිත් ඇත්තෝ ය. සවස උදෑසන රුවන්වැලි දාගබ වැඳ පුදා මුත් බත් අනුභව නොකෙරෙති. ඒ භාතිය රජ එක්සිය විසි රියන් රුවන්වැලි දාගබ කොත් කැරැල්ල පටන් දාගබ වැලි කොන් ද දක්වා පටකඩින් ජවනිකා දෙකක් කරවා ලංකාද්වීප වාසින්ගෙන් තමන්ගේ භාණ්ඩාරයට වදනා අය හරවා නුවරට එකි එකී අතින් සතර සතර ගව්වෙහි බිම් කොටවා ඉද්ද වතු හා දෑසමන් වතු කරවා ඒ මල්වතුවල මල් සමව පිපෙන අවස්ථාවෙහි භාණ්ඩාරයේ රැස් කොට තුබූ සඳුන් මෑත් කරවා තුන්මාල් පියවසාවෙහි පටන් කොත් කැරැල්ල දක්වා සතරගුලක් පමණ බොල සඳුන් කලල් ගල්වා ඊපිට මල් නටුයෙන් නටුව ගාවා මල් හිඳුවා ඒ එක් සිය විසි රියන් උස රුවන්වැලි දාගබ මෙම ක්රාමයෙන් මල් ඔටුන්නක් මෙන් සදා තිසා වැවින් ජල යන්ත්රතයෙන් දිය ගෙන හැර කොත් කැරැල්ල මුදුනට දිය දැදුරැ දි මෙසෙයින් සතියක් පුදා එසේ ද මල් බොහෝ විසින් දාගබ සතර දොරටුයෙහි පටන් කොත් කැරැල්ල දක්වා සිය ගණන් දහස් ගණන් පැස්වලින් මල් සලවා මෙම ක්ර්මයෙන් ඒ එක් සිය විසි රියන් රුවන්වැලි දාගබ වසා මල් ගොඩක් කෙට ජල යන්ත්ර්යෙන් දිය දැදුරු දී මෙ සෙයින් සතියක් පුදා, ඉක්බිති ඒ මහ පිනැති භාතිය නම් රජ භාණ්ඩාරයේ තුබු මුතු සියක් ගැල් දමා මුතු සුනු හනවා දාගබ සුනුවම් කරවී ය. ඉක්බිති රුවන්මය පබළු දැලක් කරවා එක් සිය විසි රියන් දාගබ වසා හෙළවා සන්ධි සන්ධියෙහි ගැල සක් සා රන් පියුම් පුදා මුතු කලඹින් සදා මේ සැටියේ ද සතියක් පූජා කරවී ය. ඉක්බිති දාගබ වට සතියක් මුළුල්ලෙහි මීවැසි වැස්වී ය. සතියක් සුවඳ වැසි වැස්වී ය. සතියක් රසදිය වැසි වැස්වී ය. සතියක සිරියල් වැසි වැස්වී ය. සතියක් රන් කලල් වැසි වැස්වී ය. එහි රන් කලල් වැස්ස වැස දාගබ සලපතර මළුවෙහි ගොප් මස ගැලෙන පමණ වැසී සිටි කල්හි සද්දවසක් මහනෙල් මලින් සදා පුද කරවී ය.
62 ථුපවංසය
එසේ හෙයින් ම දාගබ අඞ්ගණයෙහි ගඳකලල් පුරා පිට ජාල පැදුරු අතුරුවා ඒ පැදුරු සිදුරෙහි මහනෙල් මල් හිඳුවා මේ සැටියේ සතියක් පුද කරවී ය. ඉක්බිති ඒ දාගප් මළුයෙහි නැසිනි අස්වා භාණ්ඩාරයේ තුබූ තෙල් ගෙන හැර එම මළුයෙහි පුරවා තුන්පා පිය වසා අතුරු නැති කොට සද් දවසක් හෙළ ගිතෙලින් ම පාන් පූජා කෙළේ ය. එසේ ම මී තෙලින් ම සතියක් පාන් පූජා කරවී ය. මෙසෙයින් ම සතියක් තල තෙලින් ම පූජා කරවී ය. හවුරුදු පතා බුද්ධ රත්නය ධර්ම රත්නය සඞ්ඝ රත්නය යන තුනු රුවන්ට තුලාභාර වස්තු පුදන්නේ ය.
මෙසේ ඒ භාතිය රජ එක් දවසක අධිකරණයෙහි හිඳ නපුරු කොට බණන ලද යුක්තියක් අසා මැදහත්ව විචාරන රජහට ඉතාම සවස් ව ගියේ ය. එවේලෙහි නැඟි සිටි රජ්ජරුවෝ රුවන්වැලි දාගබ වැඳීම සඳහන් නොකොට බත් මෙහෙ නිමන්නට එළඹ හිඳ බත් ආලොපයක් අතින් ගෙන මුඛයෙහි නො තබා ළඟ සිටීයවුන් අතින් විචාරන භාතිය රජ්ජුරුවෝ "අද මාගේ මුත්තණුවන් වහන්සේ වැන්දෙම් ද? නො වැන්දෙම්දැ" යි විචාළහ. එසේ විචාරන ලද මය. පෙර පුරාතන රජදරුවෝ බුදු රජාණන් වහන්සේට 'අපගේ මුත්තණුවන් වහන්සේ ය" කියන්නාහ. එබස් ඇසූ මිනිස්සු "දෙවයන් වහන්ස, අද දාගබ් වහන්සේ වැන්දේ නැතැ" යි දැන්වූහ. එවේලෙහි අතින් ගත් බත් පිඬ රන් තලියෙහි හෙළාපියා නැඟි සිට දකුණු වාසල් දොර හරවා විහාරයට අවුත් නැගෙනහිරි දොරකඩින් මළුවට නැඟී දා වඳිනේ ඇතුළු දාකුස රහතුන් වහන්සේ බණ වදාරන ශබ්දය අසා බණ පරිව පිරිවා සිසාරා ඇවිදිනා සේක් දෝහෝයි බලන පිණිස ඒ භාතිය නම් රජ සතර වාසල් දොර මිනිසුන් සිටුවා තුමූ දාගබ වට කොට ඇවිද නො දකිනා රජ රැකවල සිටි මිනිසුන් විචාරා පිටත බණ පිරිවානා ශබ්දයක් නැති බව දැන ඇතුළු දා කුස යයි නියත කොට ගෙන නැඟෙනහිරි දිසාවෙහි වාසලට ආසන්න ස්ථාන යෙහි දාගබට මුහුණ ලා වැදහෙව, ඒ රජ තමාගේ ජීවිතය පරිත්යාදග කොට "දාකුස බණ පිරිවානා රහතුන් දැක මුත් නැඟි නො සිටිමි" යි දෘඪතර ව වැද හොත්තේ ය.
මෙසේ වැද හොත් ඒ භාතිය රජ්ජුරුවන්ගේ ගුණානුභාවයෙන් සක් දෙව් රජ්ජුරුවන්ගේ ආසනය හුණුව ගියේ ය. ඉක්බිති සක්දෙව් රජ දහසක් නුවණැස් ලා මනුෂ්‍යව ලොකය බලන්නේ ඒ කාරණය දැක දෙව්ලොවින් අවුත් දාකුසට වැද බණ පිරිවානා තෙරුවන් වහන්සේට මෙසේ දන්වයි: "ස්වාමිනි, මේ භාතිය නම් රජ ධර්මිෂ්ඨ ය. තුනුරුවන්හි ඉතා පහන. එසේ හෙයින් ඒ රජ ඇතුළු දාකුස බණ පිරිවානා ශබ්දය අසා 'දාකුස දැක මුත් නැඟි නො සිටිමි" යි අධිෂ්ඨාන කොට ගෙන වැද හොත්තේ ය. ඉදින් ස්වාමිනි, ඒ රජ දාකුස නුදුටුයේ වී නම්, එතැන්හි ම මියන්නේ ය. ඔහු ඇතුළට ගෙන වුත් දාකුස පෑ වදාළ මැනවැ" යි කි ය.
ථූපවංසය 63
එබස් ඇසූ රහතුන් වහන්සේ ද රජ්ජුරුවන් කෙරෙහි කරන ලද කරුණා යෙන් දාකුස පානා පිණිස එක් තෙර කෙනකුන් වහන්සේව නියම කොට වදාරන සේක් "භාතිය රජ්ජුරුවන් ගෙනවුත් ධාතු ගර්භය වඳව" යි වදාළ සේක. එවේලෙහි තෙරුන් වහන්සෙ ද මැනවැයි අවුත් වැදහොත් රජ්ජුරුවන් අත අල්වා ගෙන ඇතුළු දාකුසට ගෙන ගොස් ඒ රජ්ජුරුවන් සිත් වූ පරිද්දෙන් වන්දවා ඇතුළු දාකුස සියල්ල ම සලකා ගත් කල්හි පිටත ලා වදාළ සේක. ඒ භාතිය රජ්ජුරුවෝ නුවරට ගොස් කල් යාමක් ගිය කල්හි දාකුස තමා දුටු රුවින් එකදෙහ මාත්රතයක් රන් රූ කරවා රජගෙයි මිදුලෙහි මහත් මඬුවක් ලවා ඒ රූ පන්තීන් තබා නුවර වෑස්සන් රැස් කරවා "දාකුසෙහි මා දුටු රූ මෙබඳු ය" යි හැම දෙනාට ඒ රජ කීයේ ය. ඒ දාකුස රූ සැටියට කළ විසින් නියාමකරූ නම් වෙයි. ඒ රජ හවුරුදු පතා ඒ රූ භාණ්ඩාරයෙන් මෑත් කොට මඬුවෙහි තබා නුවර වැස්සන්ට දක්වයි. ආදි දවස් ඒ රූ දැක්වූ කල නුවර වැස්සෝ පැහැද එකි එකී කුලයෙන් එකි එකී දරු කෙනකුන් බැගින් මහණ කරවූහ. මහා සඞ්ඝයා වහන්සේ මේ රූ නො දකිනා සේක් බොහෝ ය යි සිතා මහා සඞ්ඝයා වහන්සේටත් කියමි යි විහාරයට ගොස් ලෝවාමහාපායෙහි යට මාලෙහි භික්ෂූ සංඝයා වහන්සේ රැස් කරවා සංඝයා වහන්සේ වැඳ රජ්ජුරුවෝ තුමූ ආසනයේ හිඳ තුන්සම රාත්‍රියෙහි ධාතු ගර්භයෙහි තමන් දුටු පූජා ස්තකාර කියා කෙළවර කොට ගත නොහෙන්නාහු ම ආසනයෙන් බැසපූහ. ඒ පර්ෂද්හි වැඩ හුන් භික්ෂු කෙනකුන් වහන්සේ රජ්ජුරුවන්ට මෙසේ වදාළ සේක. "දෙවයිනි" තෙපි පෙරවරු බත් කා අවුත් තුන්යම් රාත්රිසයෙහි ධාතු ගර්භයෙහි වර්ණනා කරන්නාහු කියා නිමවා ගන්ට නො පොහොසත් වූහ. අනික් තවත් නො කී පූජා වර්ණනා ඇද්ද" යි විචාළ සේක. එබස් ඇසූ භාතිය රජ්ජුරුවෝ, "කුමක් වදාරන සේක් ද? ස්වාමිනි, නුඹ වහන්සේට මා විසින් කියන ලද්දේ ඒ ධාතු ගර්භයෙහි පූජායෙන් දස භාගයෙන් භාගයක් විචාරත් නො කිම්" යි දැන්වූහ. "මම වනාහි, ස්වාමිනි, මා විසින් සලකන ලද්දක් ම කියෙමි. ස්වාමිනි, ධාතු ගර්භයෙහි අනන්ත වූ පූජා භාණ්ඩ ය. මෙසේ අනන්ත වූ පූජා භාණ්ඩ සතරැස් සම වූ එකී එකී අතින් අසූ රියන් අසූ රියන් ධාතු ගර්භයෙහි අතුරු නැතිව පුරන්නටත් නො පිළිවන් කල සුදුසු සුදුසු සැටියේ තබන කල දාකුස තිබේවයි, මහ දාගබෙහි වැලි මළුයෙහි පවුරු කෙළවර දක්වා අතුරු සිදුරු නැතිව පුරන්නටත් බොහෝ ය. එසේ හෙයින් ඒ සියලු පූජා භාන්ඩ ඒ දාකුස කෙසේ පිහිටවී ද? එහි කිය යුත්ත පුරාතනයන් විසින් කියන ලදමය." නුගපිටි ත්රිඑපිටක මහාසීව නම් තෙර කෙනකුන් වහන්සේ රජගෙයි වැඩ හිඳ රජ්ජුරුවන්ට දසබල සිංහනාද සුත්රලය වදාරන සේක් ධාතු නිධානය කියා සූත්රූය නිමවා වදාළසේක. රජ්ජුරුවෝ ද තෙරුන්වහන්සේට මෙසේ දැන්වූහ: 'ස්වාමීනි, මේ ධාතු ගර්භය සම චතුරශ්රි ය. එකි එකී දිගින් අසූ
64 ථූපවංසය
අසූ රියන. මෙතෙක් පුජා භාණ්ඩ මෙහි ම ය යි කවරෙක් අදහා දැ" යි දැන් වුහ. එවේලෙහි තෙරුන් වහන්සේ "දෙවයෙනි, අපගේ බුදු රජාණන් වහන්සේ ඉන්ද්රූශාල ගුහායෙහි ශක්රහප්රෙශ්න සූත්‍රේ දේශනාව දෙයන දවස් ඒ ගුහායෙහි රැස්වූ දෙවසමාගමයෙහි කොපමණ පර්ෂදක බැස සිටියෝ දැයි තොප විසින් අසන ලද දෑ" යි විචාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ "ස්වාමීනි, දෙදෙව් ලොව දෙවියෝ සිටියෝ ය" යි අසමි යි කීහ. එවේලෙහි තෙරුන් වහන්සේ "මහ රජ, එයිත් අදහා ගත යුතු දැ" යි වදාළ සේක. එබස් ඇසූ රජ්ජුරුවෝ "ස්වාමිනි, දෙවතාවන්ගේ ඍද්ධියෙන් වේ දැ" යි දැන්වුහ. ඉක්බිති තෙරුන් වහන්සෙ නැවත මෙසේ වදාළ සේක. "දෙවයිනි, ඒ එක දෙවතාවන්ගේ දෙව ඍද්ධියෙන් වේ ද? මේ වනාහි රුවන්වැලි දාගබ කරවූ දුටුගැමුණු රජ්ජුරුවන් ගේ රාජ ඍද්ධිය ය, රහතුන් වහන්සේගේ රහත් ඍද්ධිය ය, දෙවතා වන්ගේ දෙව ඍද්ධිය ය යන මේ තුන් ඍද්ධියෙන් පිහිටියේ ය" යි වදාළ සේක. රජ්ජුරුවෝ තෙරුන් වහන්සේගේ බස් අසා "යහපත, ස්වාමිනි" යි ගිවිස තෙරුන් වහනසේට ධවලච්ඡත්ර්ය පුදා විහාරයෙහි හැර ලැවූ ය. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට පිදු ධවලච්ඡත්රනය රුවන්වැලි දාගබ් වහන්සේගේ කොත් කැරැල්ලෙහි බැඳ සත් දවසක් පුදා දෑසමන් මලින් පූජා කළ සේක. එසේ හෙයින් මෙ දුටුගැමුණු මහරජ එකාසංඛ්‍ය කප් ලක්ෂයක් පිරූ පාර මිතා ඇති විසින් මේ රජ මහානුභාව ඇත්තේ ය. එසේ හෙයින් ම දත යුතු.
සක්දෙව් රජ්ජුරුවන්ගේ නියෝගයෙන් විශ්වකර්ම දිව්‍යම පුත්ර්යා මේ කර්මාන්ත ආදියෙහි පටන් වඩුවා ඇඟ ආවේශව ගෙන කරවන ලද හෙයින් ඔහුගේ ඍද්ධිය යි කියාත් දත යුතු ය. කර්මාන්ත කරවන ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේ කුඩා මහත් කර්මාන්ත විධාන කරවන හෙයින් හුදෙක් තෙරුන් වහන්සේ මතු නො වන සේක. සියලු රහතන් වහන්සේ ම තම තමන් වහන්සේ කළමනා කටයුත්තෙහි උත්සාහ පානා පිණිස තරව මේ තුන් ඍද්ධියෙන් කරන ලදැ යි දත යුතු. ඒ ද මහාවංසයෙහි කියන ලද මැයි. ෂඩභිඥා පාරප්රාලප්ත වූ මහා නුවණැති ඉන්දගුත්ත නම් මහ තෙරුන් වහන්සේ මේ දාගබෙහි කර්මාන්ත විධාන කොට නිමවූ සේක.
==============ධාතුගර්භ වර්ණනාව නිමි.
"මෙසේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භයෙහි කර්මාන්ත නිමවා තුදුස්වක් ලත් දවස් විහාරයට ගොස් මහා සංඝයා වහ්සේ රැස් කරව" යි කියා ආරාධනා කොට යවුහ. එවේලෙහි තිස් දහසක් දෙනා වහන්සේ රැස්ව වදාළ සේක. එවේලෙහි දුටුගැමුණු රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේ වැඳ මෙසේ දන්වන්නාහු. "ස්වාමීනි, මා විසින් ධාතු ගර්භයෙහි කළමනා
ථූපවංසය 65
කාය්ය්65ග කොට නිමවීම් සෙට ඇසළ මස මැදි පොහෝ දවස් උතුරුසළ නක තින් ධාතු නිධාන වෙයි. එසේ හෙයින් ස්වාමිදරුවන් විසින් ධාතු ඇති තැනක් දන මැනව" යි මහා සංඝයා වහන්සේට භාර කොට රජ්ජුරුවෝ තුමූ නුවරට ගියාහුය.
ධාතු ගෙන ඊට සොණුත්තර හෙරණපාණන්ට පැවරීමඉක්බිති භික්ෂු සඞ්ඝයා වහන්සෙ ධාතුන් වහන්සේ ගෙනෙන්නට සමර්ථ නෙකුන් වහන්සේ සොයන සෙක්, පුදපිරිවෙන වසන වයසින් සොළොස් හැවිරිදි වයස සිව් ක්ෂිණාශ්ර්ව සොණුත්තර නම් සාමණෙරයන් වහන්සේ දැක ඔබ කැඳවා වදාරන සේක් "සොණුත්තරයෙනි, දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භයෙහි කර්මාන්ත නිමවා ධාතුන්වහන්සේ ගෙනෙන පිණිස මහා සංඝයා වහ්නසේට භාර කළෝය. එසේ හෙයින් ධාතුන් වහන්සේ තොප විසින් ගෙනෙව මැනවැ" යි වදාළ සේක. මහා සංඝයා විසින් වදාරන ලද බස් ඇසූ සාමණෙරයන් වහන්සේ "ස්වාමිනි, මම ධාතූන් වහන්සේ ගෙනෙමි. ධාතූන් වහන්සේ කොයි වැඩ සිටින සේක්දැ" යි විචාළ සේක. එසේ විචාළ සාමණෙරයන් වහන්සේට මහා සංඝයා වහන්සේ වදාරන සේක්, සොණුත්තරයෙනි, අපගේ බුදු රජාණන් වහන්සේ කුසිනාර නුවර සල්ගස් දෙක මද්ධ්යේයෙහි පැනවූ යහන්හි නැඟි නො සිටිනා සෙය්යාද වෙන් වැඩ හොත් සේක් සක්දෙව් රජ්ජුරුවන් කැඳවා වදාරන සේක්, "මාගේ අට ද්රෝදණයක් පමණ ධාතුන් වහන්සේ අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතු කොලිය රජදරුවන් විසින් පුජා කරනු ලබන්නේ ය. ඒ ධාතු ද්රෝ ණයක් එන දවස ලංකාද්වීපයෙහි රුවන්වැලි නම් දාගබෙහි පිහිටන්නේ ය" යි වදාළසේක. නැවත බුදුන් පිරිනිවන් පෑ කල ද්රෝපණ නම් බමුණු ආචාරි ධාතු අට කොටසක් කොට අට රට රජදරුවන්ට බෙදා දින. ඒ රජදරුවෝ තම තමන්ගේ නුවරවල දාගප් බැඳ පූජා සත්කාර කළෝ ය. ඒ දාගප් අතුරෙන් රාම ග්රාතමයෙහි කොලිය රජදරුවන් විසින් බඳවන ලද දාගබ මහ වතුරෙන් බිඳි දා කරඩුව මුහුදට වැද රුවන් වැලි මත්තෙහි සවනක් රුසින් දිලිසෙමින් තුබූයේ ය. එසමයෙහි මාඤෙජරික නම් නාග භවනයෙහි නයි දාකරඬුව දැක නාග භවනයට ගෙන ගොස් මහකෙල නම් නා රජ්ජුරුවන්ට දැන්වූහ. ඒ තෙපුල් ඇසූ මහකෙල නම් නා රජ දස කෙළක් නයින් පිරිවරා අවුත් සුවඳින් මලින් මහත් වූ පූජා සත්කාර කොට, රන් ධජ රිදි ධජ මුතු ධජ පබළු ධජ මැණික් ධජ සත් රුවන් ධජ පඤ්චාඞ්ගික තූය්ය් ෙළනාදයෙන් මහත් වූ පූජා සත්කාර කොට දාකරඬුව ඉන්ද්රෙනීල මාණික්යන කරඩුවෙක තබා තමා ඉසින් ගෙන මහත් වූ පූජා සත්කාර ධාතුන් වහන්සේට ඒ නාරජ කොට නාග වනයට ගෙන හැර සයානූ කෙළක් ධන ධාතුන් වහන්සේට පූජා කොට
66 ථුපවංසය
සත් රුවනින් දාගෙයක් කරවා ධාතුන් වහන්සේ ඒ දාගෙයි පිහිටුවා පූජා සත්කාර කරන්නේ ය. නැවත මහසුප් මහ තෙරුන් වහන්සේ අජාසත් රජ්ජුරුවන් ලවා ධාතු නිධාන කරවන සේක් රාම ග්රාරමයෙහි ධාතුන් වහන්සේ තබා සෙසු සත් රට ධාතුන් වහන්සේ ගෙන හැර රජ්ජුරුවන්ට දි වදාළ සේක. ඒ අජාසත් රජ්ජුරුවෝ රාම ග්රාහමයෙහි ධාතුන් වහන්සේ නො දැක "ස්වාමිනි, කුමක් පිනිස රාම ග්රාවමයෙහි ධාතුන් වහන්සේ නො ගෙනෙන ලද දැ" යි විචාළහ. එවේලෙහි ඔබ වදාරන සේක් "දේවයෙනි, ඒ රාම ග්‍රා මයෙහි ධාතූන් වහන්සේට තීර්ථකයන් විසින් උපද්රයරව නැත. මතු එන දවස ලංකාද්වීපයෙහි රුවන් වැලි නම් මහ දාගැබෙක ඒ ධාතුන්වහන්සේ පිහිටන සේකැ" යි රජ්ජුරුවන්ට වදාළ සේක. නැවත ධර්මාශොක රජ්ජුරුවෝ අජාසත් රජ්ජුරුවන් කරවූ ධාතු නිධානය උගුළුවාපියා ධාතුන් වහන්සේ ගන්නෝ සත් ද්රෝරණයක් ධාතු දැක අට වැනි ධාතු ද්රෝනණය නො දැක සංඝයා වහන්සේ අතින් විචාරන රජ්ජුරුවෝ "ස්වාමීනි, අනික් ධාතු ද්රෝවණය කොයි දැ" යි විචාළෝ ය. එසේ විචාළ රජ්ජුරුවන්ට රහතුන් වහන්සේ වදාරන සේක් "දෙවයෙනි, කොලිය රජදරුවන් විසින් බඳවන ලද දාගබ පිහිටි ධාතුන් වහන්සේ මහ වතුරෙන් දාගබ බිදී, දාකුස තුබූ දාකරඬුව මහ මුහුදට වන. එසේ ගිය දාකරඩුව නයි දැක තමන්ගෙ මාඤෙජරික නම තාල භවනයට ගෙන ගොස් මහකෙල නම් නා රජ්ජුරුවන්ට දී පූජා කෙරෙති" යි වදාළ සේක. එබස් ඇසූ ධර්මා ශොක රජ්ජුරුවෝ මහා සංඝයා වහන්සේ වැඳ දන්වන්නෝ "ස්වාමීනි, නාග භවනය නම් මාගේ ආඥව පවත්නේ ය. ඒ ධාතූන් වහන්සේ ගෙන්වා ගනිම් දැ" යි දැන්වූ ය. එසේ දැන්වූ රජ්ජුරුවන්ට රහතුන් වහන්සේ වදාරන සේක් "දෙවයෙනි" ඒ ධාතූන් වහන්සේ මතු එන දවස ලංකාද්වීපයෙහි දුටුගැමුනු නම් රජක්හු විසින් රුවන්වැලි නම් දාගබක් බඳවා ඒ ධාතු ඒ දාගබහි පිහිටුවන්නේ ය. එසේ හෙයින් ඒ ධාතුන් වහන්සේ ගෙන්වීමෙන් ප්රුයෝජන නැතැ" යි වලකා වදාළ සේක.
(නැවත රහතුන් වහන්සේ වදාරන සේක්:) "එසේ හෙයින් සොණුත්තර යෙනි, තෙපි මාඤෙඡරික නම් නාග භවනයට ගොස් මේ හැම අප කී සරුප මහකෙල නා රජ්ජුරුවන්ට කියාලා ධාතුන් වහන්සේ සෙට ධාතු නිධානයට ගෙන එව" යි වදාළ සේක. එතෙපුල් ඇසූ සොණුත්තර සාමණෙරයන් වහන්සේ, "යහපත, ස්වාමිනි" යි ගිවිස තමන් වහන්සේ වැඩ හිඳිනා පුද පිරිවෙනට වැඩ වදාළ සේක.
නුවර සැරැසීමදුටුගැමුණු මහ රජ්ජුරුවෝ නුවරට ගොස් බෙර ලවන්නෝ "යෙට දගැබෙහි ධාතු නිධාන වන්නේ ය. එසේ හෙයින් නුවර වැස්සන් තමන්
ථුපවංසය 67
තමන්ගේ විහවානරූපයෙන් සැරහී සුවඳ මල් ආදිය හැර ගෙන දාගබ් මළුවට රැස්වන්නේ ය" යි කියා මේ සැටියේ බෙර ලැවූ ය. ඉක්බිති සක්දෙව් රජ විශ්වකර්ම දිව්යේ පුත්රියා කැඳවා මෙසේ නියොග කෙළේ ය: "සෙට මහ දාගබ ධාතු නිධාන වෙයි. තෝ ගොසින් සියලු ලංකාද්වීපය විශේෂ කොට සරහව" යි සම්මත කෙළේ ය. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා දෙවෙනි දවස් එකුන් සියයක් යොදුන් පමණ ලඞ්කාද්වීපය වළක් ගොඩක් පර්වතයක් යන මේ සියල්ල ම අන්තර්ධාන කොට බෙර ඇසක් මෙන් සම කොට රිදි පට හා සමාන වැලි අතුට පස් වනක් මලින් සරහා හාත්සින් පූර්ණ ඝට පූර්ණ කලස පඞ්ක්තින් තබා සියලු මේ ලක්දිව වට කොට තිරයක් ඇද මුදුනෙහි සුදු වියන් බැඳ පොළෝ තෙලෙහි පියුම් ද දියෙහි පියුම් ද ආකාශයෙහි ඔලම්බක නම් එලෙන්නා වූ පියුම් ද දක්වා අලංකෘත කොට සරහන ලද සූධර්මා නම් දිව්යු සභාව මෙන් සරහා ලී ය. මහ මුහුද රළ සිදි ශර්කරා බහලා කකාරා ගත් මීකිරි ඇතිළියක් මෙන් මිහිරි සිහිල් පැන් විය. පස් වනක් පියුමෙන් ද ඒ මුහුද සැරහුණේ ය. ඒ මාගේ බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන්, සියලු සක්වළ ගබ, බුදුන් මවුකුස උපන් දවස් මෙන් ද බිහිවෙන දවස් මේන ද බුදුවන දවස් මෙන් ද සැරහුණේ ය.
ඉක්බිති රජ්ජුරුවන්ගෙ රාජ නියොගයෙන් නුවර වැස්සෝ රැස්ව රාජ විථිය කසළ හැර හැමද මුතු සුනු හා සමාන සුදු වැලි අතුට ලදපස්මල් ආදිය අතුට අනෙක ප්රේකාර පැහැයෙන් දිලිසෙන ධජ පතාක නංවා පුන් කලස තනා කෙහෙල් තොරණ පන්තීන් ද මල් තොරණ පන්තීන් ද පිළී තොරණ පන්තීන් ද, යන මේ අතෙක ප්ර්කාර තොරණින් ද, මල් ඇගෑ පහන් ඇගෑ ආදිය ද ඉදි කොට නුවර සැරහු ය. දුටුගැමුණු මහ රජ ද එවේලෙහි සතර වාසල් දොර දුක්පත් මිනිසුන් අනුභව කරනු පිණිස මියුරු වූ ආහාර ද නොයෙක් වර්ගයේ කැවුම් ද මි පැන් අක් පැන් කස පැන් ඇටකෙහෙල් පැන් මේ ආදි අටළොස් වර්ගයෙහි පාන වර්ගයන් ද සුවඳ කවා තුබූ සිහිල් පැන් ද මල් සුවඳ ද පිළි පලඳනා ද පස්පලවතින් යුක්ත වූ බුලත් ද යන මේ හැම තැබ්බවිය.

ගැමුණු රජ ධාතු නිධාන ස්ථානයට යෑම
ඉක්බිති ඒ දුටුගැමුණු මහ රජ උදෑසන සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නහා රන් සළු හැඳ සූසැට ආභරණයෙන් සැරහී මියුරු වූ ආහාර අනුභව කොට ඇඹුල මල් පැහැ බඳු වූ අසුන් සතර දෙනකු යොදන ලද උතුම් රථයකට නැඟි, සරහන ලද කඩොලැතු තමන් නැඟි රථයට ඉදිරි කොට, රන් කරඩුව හිස තබා ධවලච්ඡත්රැය යට රජ සිටියේ ය. ඒ ඇසිල්ලෙහි සක්දෙව් රජුහුගේ දිව්යා්ඞගනාවන් හා සමාන රූ ඇති අනෙක ප්රකකාර ආභ
68 ථූපවංසය
රණයෙන් සැරහුණු සොළොස් දහසක් බිසෝවරුන් හා නොයෙක් ස්ත්රීදහු රජ්ජුරුවන් පිරිවරා කික්මුණාහ. උන්ට ඉක්බිතිව නන්දිමිත්රාිදී දශ මහා යොධයන් හා එකොළොස් දහස් එක් සියයක් පමණ සිරි යොධයන් හා සිවුරහ සෙනඟ හා කුරුන් කුදුන් හා රාජාමාත්යදයන් හා යන මෙකි සියල්ලෝ ම රජ්ජුරුවන් පිරිවරා නික්මුණාහු ය. නැවත අටෝරා දහසක් පුරුෂයෝ ද අටෝරා දහසක් ස්ත්රිරහූ ද මල් කරඬු ද දඬුවැට පහන් ද පඤ්ච වර්ණයෙන් යුක්ත ධජ පනාක ද ගෙන රජ්ජුරුවන් පිරිවරා ගත්හ. මෙසේ ඒ දුටුගැමුණු මහ රජ එදවස් මහත් වූ රාජෛශචය්ර්යයෙන් යුක්තව නන්දනොද්යාදනයට ගමන් ගත් සක්දෙව් රජහු මෙන් ධාතු නිධාන කෙරෙමි යි කියා නික්මුණේ ය. එවේලෙහි රජු ඉදිරියෙහි නටන්නෝ ද ගි කියන්නෝ ද ගමන් ගත්හ. භෘඞගවීණා නකුලවීණා දද්දරවීණා බ්රෝහ්මවීණා කඤ්විතාලම රසුතාලම් සමුත්තාලම් හස්තතලම් ද දැදුරුබෙර පණාබෙර ගැටබෙර රෝදබෙර මහබෙර එකස්බෙර ලොහොබෙර තලප්පර වීරන්දම් තම්මැට නිසාන සමුද්රහඝොෂා රණරඞ්ගඝොෂා ඩැක්කි උඩැක්කි ඩවුර සක්පඤ්ච මේ ආදී හෙරි ශබ්දයෙන් ද, රන්සක් රිදිසක් රුවන්සක් තැලිසක් කරසක් යුවළ සක් දකුණුසක් රන්සින්නම් රුවන්සින්නම් රන්දාරා රිදිදාරා රුවන්දාරා දළදාරා දළහං ලෝහං ගවරහං විජයොධ්වනි ඔත්තු නන්තිරි පිට සිරිවිලි යන මෙකි කාහල ජාතියෙන් ද හස්තීන්ගේ කුඤ්චනාදයෙන් ද අශ්වයන්ගේ හේෂාරවයන් ද රථයෙහි නිමවළල්ලෙහි ශබ්දයෙන් ද සෙණහඬ මෙන් ගසන්නාවූ බලත් හඬෙහි ශබ්දයෙන් ද යන මෙකී ශබ්දයෙන් යුගන්ධර පර්වත සමීපයෙහි සාගර නාදයක් මෙන් ද පොළෝ පැළී යන කලක් මෙන් ද ඒ දුටු ගැමුණු මහ රජ පූජාවට නික්මුණු ඝොෂාව පැවැත්තේ ය.
සොණුත්තර හෙරණපාණන් නා ලොවට වැඩම වීම
එවේලෙහි පුදපිරිවෙන වසන සොළෙස් හැවිරිදි සොණුත්තර සාමණෙරයන් වහන්සේ දුටුගැමුණු රජ දාගබ ධාතු නිධානයට නික්මුණු හෙරි නාද ඝොෂාව අසා අභිඥාපාදක කොට ඇති චතුර්ථ ධ්යාසනයට සමවැද මහ පොළොව පළා ගෙන දිය කිමිද ගෙන යන දිය කාවකු සේ පොළොව කිමිද ගෙන මාඤේඡරික නම් නාග භවනයෙහි මහකෙල නම් නාග රාජයා අභිමුඛයෙහි ගොස් පෙනුණු සේක.
එවේලෙහි මහකෙල නම් නාග රාජයා ද තමා අභිමුඛයෙහි වැඩ සිටි සාමාණෙරයන් වහන්සේ දැක වහා හුනස්නෙන් නැඟී සිට ඔබගේ ශ්රීස පාදය වැඳ සුවඳ පැනින් පය සෝධවා සුවඳින් මලින් ඔබට පූජා කොට ඔබ හා සමග පිළිසඳර කථා කොට එකත් පස්ව හිඳ "ස්වාමිනි, කොයි සිට අපගේ මේ නාග භවනයට වැඩිසේක්දැ" යි විචාළේ ය. එසේ විචාළ නාග රාජයාට සොණුත්තර සාමණෙරයන් වහන්සේ වදාරන සේක් "මහරජ, ලංකාද්
ථූපවංසය 69
විපයෙහි සිට ආම්හ" යි වදාළ සේක. එසේ වදාළ සාමණෙරයන් වහන්සේට නා රජ කියන්නේ, "ස්වාමිනි, කුමක් පිණිස ලඞ්කාද්වීපයෙන් මේ මාගේ නාග දිවයිනට වැඩි සේක් දැ" යි විචාළේ ය. මෙලෙස විචාළ නා රජහට වදාරන සේක් "ලක්දිව රජ කරන දුටුගැමුණු මහරජ රුවන්වැලි නම් දාගබක් බඳවා දාකුස ධාතු නිධාන කරනු පිණිස ඒ රජ මහා සංඝයා වහන්සේට භාර කෙළේ ය. රජුගෙන් එපවත් ඇසූ මහාවිහාරයෙහි වැඩ හිඳිනා තිස් දහසක් පමණ භික්ෂූන් වහන්සේ එක්තැන්ව වැඩ හිඳ මට වදාරන සේක්, "සාමණෙරයෙනි, දුටුගැමුණු මහ රජ බැඳවු මේ රුවන්වැලි දාගබ් වහන්සේ නිසා තුබූ ද්රෝදණයක් පමණ ධාතුන් වහන්සේ මහකෙල නම් නාගරාජයා සමීපයෙහි තුබූ සේක. එසේ හෙයින් තෙපි ඔහු සමීපයට ගොස් අප හැම දෙනා වහන්සේ කී මෙපවත් ඒ නා රජහට කියා ධාතුන් වහන්සේ ගෙනෙව" යි මා තොප සමීපයට එවා වදාළ සේක. එසේ හෙයින් මම තොප සමිපයට ආමි" යි වදාළ සේක.

දාකරඬුව සැඟවීම
සාමණෙරයන් වහන්සේ වදාළ බස් ඇසූ මහකෙල නම් නාග රාජයා එබස් අසමින් ම පර්වතයකින් මඬනා කලක් මෙන් මහත් වූ ශොකයට පැමිණියේ මෙසේ සිතී ය: "අපි මේ ධාතූන් වහන්සේට පූජා සත්කාර කොට මේ තිරිසන් ආත්ම භාවයෙන් මිදි මතු දිව්යට ලොක සම්පත් අනුභව කරම්හ යි සිතුම්හ. මේ සොණුත්තර සාමණෙරයන් වහන්සෙ ද මහත් වූ ඍද්ධ්යාරනු භාව ඇති සේක. එසේ හෙයින් ඉදින් මුන් වහන්සේ මේ ධාතුන් වහන්සේ මේ දැගැබෙහි තුබුවා දුටු සේක් වී නම්, අප අත්මැඩ පියා ඇර ගෙන යන්නට පොහොසත් සේක. එබැවින් මා විසින් මුන් වහන්සේට ධාතූන් වහන්සේ නො දි දාෙගන් ධාතුන් වහන්සේ ඉවත් කොටපුව මැනවැ" යි සිතා තමන් ගේ නාග පර්ෂත් කෙළවර සිටි වාසුලදත්ත නම් තමාගේ බැනකු දැක ඕහට අත්සන් කොට ඔහු ලවා ධාතුන් වහන්සේ සඟවනු කැමැතිව සලකුණු දින. එවේලෙහි වාසුලත්ත නම් වූ ඔහුගේ බෑනා මයිලා කළ සංඥාව දැන දාගෙට ගොස් දාකරඩුව හැර ගෙන ගැලපියා මහාමෙරු පර්වත පාමුලට ගොස් මහත් වූ නාග වෙශයක් මවා ගෙන වැද හොත්තේ ය. හේ කෙසේ ද යත්: සාරසියයක් ගවු වට ඇති එක් දහස් දෙසියයක් ගවු දිග ඇති නොයෙක් දහස් ගණන් පෙණ මවා ගෙන මහත් වූ ඍද්ධි ඇති ඒ නාග රාජ තෙම, මහාමෙරු පර්වත පාර්ශ්වයෙහි විෂ