සිතෙහි ස්වභාවය හා ක්‍රියාකාරිත්වය
ලෝකය සහ සත්වයා පිළිබඳ බෞද්ධ විවරණයෙහි සිතට අතිශය වැදගත් ස්ථානයක් හිමිවන බව ත්‍රිපිටකය පරිශීලනය කරන විට මනාව අවභෝධ වෙයි. චිත්ත චෛතසික හා රූප අන්‍යොන්‍ය සාපේක්ෂව ක්‍රියාකරන බව අවධාරනය කරන අතර ම, මනුෂ්‍යයන්ගේ ක්රියාකාරිත්වයෙහි ලා මනස ප්රමුකවන බව ද බුදු සමයෙහි පැහැදිලි කරනු ලැබේ. මිනිසා-නාම-රූප පද්ධතියක් සේ විග්රහ කරන විට, ඔහුගේ ඉන්ද්‍රීය පද්ධතිය එම නාම - රූප සමවායෙන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර ඇත. මිනිසා ඉන්ද්‍රීය අනුසාරයෙන් බාහිර ලෝකයේ පවත්නා රූපාදී ආරම්මණ තේරුම් ගනියි. එම අරමුණු වටහා ගැනීම මගින් සංකල්ප සාධනය කරනු ලබන්නේ චිත්ත-චෛතසික ක්‍රියාකාරිත්වය අනුවය. ලෝකය තේරුම්ගෙන විවරණය කිරීමෙහි ලා මනසෙහි ප්‍රමුඛත්වය ප්‍රතික්ෂේප කිරීමට කිසිවකුට හැකිනොවේ. බාහිර ලෝකය පිළිබඳ අපගේ දැනුම අපගේ විජානක ක්‍රියාවලියේ අනිවාර්යය ප්රතිඵලයකි.
සිත හා භෞතිකය අතර පවත්නා සබඳතාව හරිහැටි තේරුම් නොගන්නා භෞතිකවාදයකු, සිත නම් භෞතික ධර්ම සමුච්චයෙන් නිපත් ද්විතික පදාර්තයක් සේ ලඝුකොට සිතුමට ඉඩ තිබේ. ඇතැම්හු එය දුම්රිය හා හූව පිළිබඳ සාදෘශ්‍යයෙන් දක්වති. දුම්රිය ධාවනයේදී එහි යන්ත්‍රානුසාරයෙන් නිකුත් කරන හූ හඬ ද්විතියික දෙයකි. මනුශ්‍ය ශරීරය හා බැඳුණු සිත ද එබඳු ක්‍රියාකාරිත්වයක් සේ ඔවූහු සිතති. එහෙත් මෙය සාවද්‍ය චින්තනයක් මිස නිවැරදි අදහසක් නොවේ. දුම්රියෙහි හූ හඬට දුම්රිය විෂයෙහි කිසිම බලපෑමක් කළ නොහැක. එහෙත් මිනිස් සිතට මනුශ්‍ය ශරීරය විෂයෙහි දැඩි බලපෑමක් කළ හැකිය. සිත මුල්කරගෙන ඇතිවන රෝග සංඛ්‍යාව අතිශයින් විශාලය. සිත පාලනය කිරීමෙන් හා අධිෂ්ඨාන ශක්තිය ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ රෝග සුවකළ හැකිය. මනසෙහි ශක්තිය පිළිබඳ ව බොහෝ විද්වතුන් විසින් මෑකනදී කර ඇති පරීක්ෂණ අනුව එය හුදු උප පදාර්ථයක් නොව ඉතා වැදගත් හා බලගතු දෙයක් බව පෙනී ගොස් ඇත. මිනිසා සතු ඉතා වැදගත් ම ඉන්ද්‍රීය මන ඉන්ද්‍රීය බවත්, එහි ක්‍රියාකාරිත්වය විශ්වයජනක බවත් දිනෙන් දිනම ස්ථුට වෙමින් පවතී.
අපගේ චය්යීයාවන් විෂයෙහි සිත දක්වන ප්‍රභූත්වය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත්තේ මෙසේ ය.
“චිතෙතන නියති ලෝකෝ
චිතෙතන පරිකස්සති
චිත්තස්ය එක ධම්මස්ස
සබේබව වසමන්වගූ”
ලෝකය මෙහෙය වනු ලබන්නේ සිත විසිනි. සිත විසින් ලොව ඇදගෙන යනු ලැබේ. සිත නම් වූ එකම ධර්මයට සියල්ලෝ වසඟ ව සිටිති. සිත දමනය කරගතහොත් මිනිසාට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් බවට එය පත්කරගත හැකිය. (චිත්තං දන්තං සුඛාවහං) එහෙත් එය පහසු දෙයක් නොවේ. සිත අරමුණෙන් අරමුණට වහ වහා පනින, තම බස්වභාවය නිතර ම වෙනස් කරන වස්තුවකි. එක් මොහොතක යමකට ප්‍රිය කරන සිත වහා වෙනස් වී එයම අප්‍රිය කරයි. (ලහු පරිවත්තක) සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකු සේ සැලෙතියි පැවසේ. එහෙයින් ක්ෂණයෙන් දුර ගමන් යන සිත දමනය කොට අපගේ වසඟයට ගැනීම සඳහා දැඩි ශික්ෂණයක් අවශ්‍යය වෙයි. බොහෝ අපරාධ සිදුවන්නේ සිත දමනය කරගන්නට අසමත් පුද්ගලයන් අතිනි. බොහෝවිට සිදුවන්නේ අප පිළිගත් සදාචාර ධර්ම අපගේ දැනුම හා බුද්ධිමත් බව වැනි සියළුම කරුණු අභිබවා අද්රන්ත සිත ප්රචණ්ඩ ලෙස ක්‍රියාකාරී වීමයි. මෙසේ සිදුවන්නේ කවර හෙයින් ද? සිත කයින් නිපන් දෙවන පෙළ පද්රර්ථයක් නම් එය හික්මවා ගැනීම මෙතරම් අපහසු මන්ද?
මිනිස් සිත හුදෙක් එක් මොහොතකදී කායික ක්‍රියාකාරීත්වයෙන් පමණක් හටගන්නා රසායනික හෝ භෞතික ප්‍රතිචාර මාත්‍රයක් නොව දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන පටිච්චසමුප්පන්න ක්‍රියා පද්ධතියක ප්‍රතිඵලයක් සේ ක්‍රියාත්මක වන්නකි. මිනිස් සිත තුළ දීර්ඝ සාංසාරික අතුදැකීම් සමූහයක් නිදන්ගතව ක්‍රියාත්මක වෙයි. සිත තුළ නීලිනව ඇති කුසලාකුසල බීජ සමූහය හැඳින්වෙන්නේ අන්සය නමිනි. ‘අනුසය’ යන වචනයෙහි අරුත නිද්‍රෝපගත යන්නය. බොහෝ කෙලෙස් සිත තුළට වැදී උප විඤ්ඤණගතව නිශ්ක්‍රියව පවතියි. අනුසය වශයෙන් සිත තුළ නිදන මෙබඳු නලීන රන්ජන හතක් බුදු දහමෙහි ඉගැන්වෙයි. එනම්, කාමරාග, පටිඝ, දිට්ඨි, විචිකිච්ජා, මාන, භවරාග හා අවිජ්ජා ය. මේවා පවතින යටි සිත නිතරම උඩු සිත කළඹන්නට වෑයම් කරයි. ගැලපෙන අරමුණක් ලද විට යටි සිතේ නිදා සිටින අනුසය පිබිදෙයි. එය පරියුට්ඨාන නමින් හැඳින්වෙයි. අනුසය පිබිදුම වඩාත් ප්රචණ්ඩ ලෙස සිදුවේ නම්, එය ‘විතික්කම’ වශයෙන් හැඳන්වේ. මෙසේ මිනිස් සිත ගැඹුරින් තැන්පත් වූ ආවේග බීජ මගින් දූෂිත හෙයින්, එහි ක්‍රියාකාරිත්වය අද්රන්ත වෙයි. අප පිළිගත් සදාචාර ධර්ම මගින් එය හැසිරවීම දුෂ්කර වන්නේ එහෙයිනි. දූෂිත යටි සිත අපේ චර්යාව ව්‍යාකූල කිරීම සඳහා අධිසංවේදීව අපේක්ෂා කරවශව සිටින අතර, සීලය හා භාවනාව මගින් සිත හා ප්‍රඥාව වර්ධනය කරමින් අපි ඒවාට එරෙහිව අරගලයක යෙදෙමු. මෙම අරගලයේ දුෂ්කරතාව බෞද්ධ පතපොතෙහි විවිධ ආකාර වලින් නිරූපනය කර ඇත. මෙහිදී ‘යටිසිත’ යන වචනය නූතන මනෝවිද්‍යා ව්යයහාරානුසාරයෙන් අප භාවිතා කළ ද, පැරණි බෞද්ධ පතපොතෙහි ‘අනුසය’ හා සම්බන්ධකර යොදාගත හැකි පදය ලෙස හමුවන්නේ අසම්පජාන මනො සංඛාර යන වචනය යි. උඩු සිත සම්පජාන මනො සංඛාර ලෙස දැක්විය හැකිය. අපගේ යටිසිතෙහි නිලීනව සිට අපගේ සක්‍රීය මනස කෙරේ බලපාන ක්ලේශ සංයෝජන හෙවත් සසරට බඳනා බැමි වශයෙන් ද ක්‍රියාත්මක වෙයි. සිත නිබඳව ක්‍රියාත්මකව පවතින්නකි. එය නවතා තැබීම අතිශයින් ම දුෂ්කරය. එහි වේගය භෞතික රූපයෙහි වෙනස් වීම් වේගයට වඩා දහහත් ගුණයකින් වැඩි බව අභිධර්මයෙහි දැක්වේ. පෙළ පොත්වල සිතේ පැවැත්ම ‘විඤ්ඤණ සොත’ වශයෙන් හඳුන්වන්නේ ද මෙම ගලා බස්නා ස්වභාවය හේතුවෙනි.
සිතෙහි ක්‍රියාකාරිත්වය පඤ්ච උපාදානස්ඛන්ධ විවරණය තුළ ද ප්රකටව පෙනේ. නාම ධර්ම චතුර්විධව ප්‍රභේද කරන විට සිතෙහි ක්රියාකාරිත්වයන් හතරක් නාම ධර්ම කදම්භ වශයෙන් හැඳින්වෙන බව පෙනේ. වේදනා උපාදානස්ඛන්ධය මගින් වින්දන ක්‍රියාවලිය අභිප්‍රේත ය. බාහිර ලෝකයෙන් අපගේ ඉන්ද්‍රියන් වෙත ගෝචර වන අරමුණු විෂයෙහි සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වින්දන ලැබීම මෙයින් අදහස් වෙයි. මෙම වින්දන මඟින් අපි තෘෂ්ණාව වැනි විවිධ කෙළෙස් වලට මඟ පාදමු. ප්‍රිය රූපී රූපයක් දුටු විට අපි ඒ කෙරේ ආශා කරමු. (ප්‍රිය රූපෙ රූපෙ සාරජ්ජති) අප්‍රිය රූපී රූපයක් දුටු විට ඒ කෙරේ අමනාපයක් ඇති කර ගනිමු. (අප්පිය රූපෙ රූපෙ ඛ්‍යාපජ්ජති) මෙසේ අරමුණු ඇසුරින් වින්දන ලබා කෙළෙස් ජනිත කරගන්නා අපි අසම්ප්රජාන මනසේ අනුසය ද වර්ධනය කරමු. සඤ්ඤ උපාද්රනස්ඛන්ධය මඟින් අපගේ හඳුනා ගැනීම් ක්‍රියාවලිය දැක්වෙයි. අපගේ සිතෙහි පවත්නා ආකල්ප හෝ සංකල්ප උපකාරී කර ගනිමින් බාහිර ලෝකය හඳුනා ගැනීමෙන් අපි සඤ්ඤ උපාද්‍රන ඇතිකර ගනිමු. වින්දන කෙරෙහි මෙන් ම ‘හැඳුනුම්’ කෙරෙහි ද සත්වයෝ බැඳුම් ඇති කර ගනිති. ආත්ම දෘෂ්ටිය ඇති කර ගනිති.
සංඛාරා හෙවත් විවිධ චර්යා විශේෂ දැක්වීම් ද මනසෙහි ක්‍රියාකාරිත්වයකි. විවිධ චෛතසිකයන් පෙළගස්වමින් මානසික හැසිරීම් රටා සකසාගෙන, සිත කය හා මනස මගින් නිරූපනය කරන විට සංඛාර උපාද්රනස්ඛන්ධය ජනිත වෙයි. විඤ්ඤණ නමින් හැඳින්වෙන්නේ ඉන්ද්‍රියානුසාරයෙන් අප ලබන දැනුම් සමූහය යි. එය ද අපගේ මමායනය හා බැඳෙන විට විඤ්ඤණ උපාද්රනස්ඛන්ධ වශයෙන් පංච උපාද්රනස්ඛන්ධයේ සංග්‍රහණය වෙයි. මෙසේ අපගේ මානසික චර්යා පද්ධති හතරක් සිතෙහි ක්‍රියාකාරිත්වය සමඟ බැඳී අපගේ ආත්ම දෘෂ්ටිය තහවුරු කරයි.
සිතෙහි සක්‍රිය ස්වභාවය අභිධර්මයෙහි දැඩි ලෙස ම අවධාරණය කෙරෙන බව පැහැදිලි හෙයින් එමඟින් ඉටු කෙරෙන කාර්ය කවරේදැයි අභිධර්මානුකූලව තේරුම් ගැනීම ද වැදගත් ය. සිතෙන් ඉටු කෙරෙන ඒ ඒ ක්‍රියාවලින් විස්තර කිරීමේ දී “චිත්තවිථී” නමින් හැඳින්වෙන “සිතුවිලි වැල්” ක්‍රමය භාවිතා කෙරේ. සිතෙන් කෙරෙන කාර්ය දාහතරක් මුල්කරගෙන මෙම පැහැදිලි කිරීම කරනු ලැබේ.
ප්රතිසන්ධි කෘත්‍යය - මරණයෙන් ජීවිතය කෙළෙවර වන්නට ඉඩ නොදී නැවත උපතක් ඇති කිරීම.
භවංග කෘත්‍යය - ජීවිතය අතරතුරේ සිත් පරපුර සිඳී යන්නට ඉඩ නොදී දිගට පවත්වාගෙන යාම.
ආවර්ජන කෘත්‍යය - කිසියම් අරමුණකට (විෂයයකට) සිත යොමු කිරීම.
දර්ශන කෘත්‍යය - රූපය දැකීම.
ශ්‍රවණ කෘත්‍යය - ශබ්ද ඇසීම
ආඝ්රාණ කෘත්‍යය - ගඳ සුවඳ දැන ගැනීම
ආස්වාදන කෘත්‍යය - රස දැන ගැනීම
ස්පර්ශන කෘත්‍යය - සිරුරෙහි ගැටෙන දේ දැන ගැනීම
සම්ප්රත්යෙෂණ කෘත්‍යය - ඉන්ද්රිය පද්ධති මඟින් අරමුණු පිළිගැනීම
සන්තීරණ කෘත්‍යය - එසේ පිළිගත් අරමුණු විමසීම
ව්‍යවස්ථාපන කෘත්‍යය - විමසූ අරමුණෙහි තත්ත්වය විනිශ්චය කිරීම
ජවන කෘත්‍යය - පූර්වෝක්ත ක්‍රියා පිළිබඳව ම වූ අධික චිත්ත වේගය.
තද්රලම්බන කෘත්‍යය - ජවනයෙන් ගත් අරමුණ ග්‍රහණය කර ගැනීම
ච්‍යුති කෘත්‍යය - එක් එක් භවය (ජීවිතය) කෙළවර කිරීම
මේ අතුරින් එක් සත්වයකුට එක් භවයකදී ප්රතිසන්ධි, චූති යන කෘත්‍යය සිදුවන්නේ එක්වර ම බැගිනි. වැඩිපුරම සිදුවන්නේ භවංග හා ජවන් සිත් ඇතිවීමය.
චිත්ත විථී වර්ග දෙකක් වෙයි. පඤ්චද්වාරික විතී හා මනෝද්වාරික විථී නමිනි. පඤ්චද්වාරික විථී නම් අපගේ ඉන්ද්‍රීය පඤ්චකය හා බැඳුණු අරමුණක් පදනම් කරගන්නා සිත් වැළ ය. මනෝද්වාරික නම් සිතට අරමුණු වන ධර්මයක් එල්බගෙන පවත්කා සිත් වැළ ය. සිත ක්‍රියාත්මක වන මෙම විථී නම් වූ රටාවන් අභිධර්මයේ දී ඉතා විසිතුරු ආකාරයකට සංකේත යොදමින් පැහැදිලි කරනු ලැබේ. ( මේ පිළිබඳව දීර්ඝ ලෙස සංකීර්ණ විස්තර දැන ගැනීම සඳහා මහාචාර්ය රෙරුකානේ චන්දවිමල නා හිමියන් ලියූ අභිධර්ම මාර්ගය නම් ග්‍රන්ථය කියවන්න.) සාමාන්‍යයෙන් චිත්ත වීථියක් ක්ෂණ 17කින් සම්පූර්ණ වෙයි. මෙම 17 සංඛ්‍යාව යොදා ඇත්තේ රූපයක පවත්නා ආයුෂ අනුවය. චිත්ත වීථියක ආරම්භය අතීත භවංගයේ සිට සටහන් කරනු ලැබේ. භවංගය නම් සිත අරමුණු වින්දනයක නොයෙදී පවත්නා විට තත්ත්වය හඳුන්වන නමකි. අතීත භවංගය පළමු ක්ෂණය සේ ගත්විට දෙවැන්න භවංග චලනය වෙයි. තුන්වන ක්ෂණයේදී භවංගය උපච්ජේද වෙයි. හතරවන ක්ෂණයේ දී පඤ්චද්වාරාවජ්ජන තත්ත්වය උදාවේ. අරමුණක් කරා යොමු වීම ඇරඹෙන්නේ මෙම ක්ෂණයේදීය. ඉන්පසු ක්ෂණයේදී චක්ඛු - සොත ආදී ඉන්ද්‍රියන් පදනම් කරගෙන විඤ්ඤාණයක් ඇතිවේ. එය අදාළ පරිදි චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ ආදී නම්වලින් හැඳින්වේ. හයවන ක්ෂණය සම්පටිච්ජන හෙවත් සම්ප්රත්යෙෂණය සිදුවන අවස්ථාවයි. හත්වන ක්ෂණයේදී සන්තීරණය ද අටවන ක්ෂණයේදී වොත්ථපනය ද සිදුවේ. 9 සිට 15 දක්වා වූ ක්ෂණ ජවන් සිත් වෙයි. 16 – 17 ක්ෂණ තදාරම්මණ කාර්යය සඳහා ගතවන කාලයයි. සාමාන්‍ය චිත්ත වීථියක පොදු රටාව මෙයින් හඳුනාගත හැක.
අතිමහන්තාරම්මණ, මහන්තාරම්මණ, පරිත්තාරම්මණ, අතිපරිත්තාරම්මණ වශයෙන් චිත්ත වීථි රටාවෙහි යම් යම් ප්‍රභේද කිරීම් ද වෙයි. මේවායේ වෙනස් කම් රඳා පවතින්නේ අතීත භවංග සංඛ්‍යාව වැඩිවීම, ජවන් සිත් සංඛ්‍යාව අඩුවීම වැනි කරුණු මතය.
අතිමහන්තාරම්මණයේ දී අතීත භවංග එකකි. ජවන් හතකි.
මහන්තාරම්මණයේ දී අතීත භවංග දෙකක් හෝ තුනක් ඉවත් වේ. ජවන් හතකි. තදාරම්මණ නොමැත.
පරිත්තාරම්මණයේ දී අතීත භවංග හතරක් වේ. ජවන් සිත් නොමැත. ඒ වෙනුවට වොත්ථපන දෙකක් හෝ එකක් ඇති වී ඉතිරි චින්තක්ෂණ භවංග වලින් සම්පූර්ණ වේ.
අතිපරිත්තාරම්මණයේ දී පංචද්වාරාවජ්ජනයේ සිට වොත්ථපන දක්වා ඇති සිත් ඇති නොවේ. ජවන් ද නොමැත.
මනෝද්වාරික චිත්ත වීථිවල ස්වරූපය මීට වෙනස් ය. එහිදී පඤ්ච ද්වාරා වර්ජනයක් නැති හෙයින් ඉන්ද්‍රීය පංචකය පිළිබඳ දැක් වූ චක්ඛු විඤ්ඤාණාදියත් සම්පටිච්ජන සන්තීරණ, වොත්ථපන ආදියත් නොමැත. මනෝද්වාරික චිත්ත වීථී විබූත හා අවිභූත වශයෙන් දෙයාකාරය. සිතෙන් කල්පනා කරන විට පැහැදිලි ව හොඳින් නොවැටහේ නම් එය විභූතය. එසේ පැහැදිලි නොවන්නේ නම් අවිභූතය. අවිභූත චිත්ත වීථියක් විභූතයෙන් වෙනස් වන්නේ අවිභූතයේ දී තදාරම්මණ සිත් නොමැති වීමෙනි. එමෙන් ම මනෝද්වාරක චිත්ත වීථී , කාම ජවන චිත්ත වීථී හා ආවර්ජනා චිත්ත වීථී වශයෙන් දෙවැදෑරුම් ය. ප්‍රථම වර්ගය කාමාවචර ජවන් සිති උපදිනා චිත්ත වීථීය , දෙවන වර්ගය ධ්‍යාන, මාර්ගඵල හා බැඳෙන රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර චිත්ත වීථීය.
සිතෙහි ක්‍රියාකාරිත්වය ඉතා සංකීර්ණ හා ගැඹුරු විෂයකි. මෙහි එය සංකේෂපයෙන් දැක් වූබව සිහියෙහි තබා ගත යුතුය.