සිත පිරිසිදු කරගැනීම
සිත කිළිටි කරන, රාගාධි පව් වඩන සිත සංවර කර ගැනීම අවශ්‍ය ය. බුදුරදුන් වද්‍රළ යථාභූත ඥ්රන දර්ශනය පසක් කරගැනීමට බ්‍රහ්මචරිය වාසය අත්‍යවශ්‍ය ය. එබැවින් බුදුදහම ආචාර විද්‍යාත්මක පදනමක පිහිටා මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය ගරු කරමින් ධර්ම මාර්ගය ඉදිරිපත් කරයි.
ආදී බෞද්ධ චින්තනය ආත්මවාදය බැහැරලයි. මනසේ ක්‍රියාකාරිත්වයට ප්රමුඛ ස්ථානයක් පිරිනමයි. මනෝ විශ්ලේෂණය ගරු කරයි. එම පදනමෙහි පිහිටා සිට දුක හා දුකේ ස්වභාවය ද දුඃඛනිරෝධය ද විවරණය කාට දක්වයි.
පුද්ගල සන්තානය ශාන්ත බවට පත්කර ගැනීම සඳහා සදාචාරාත්මක ශික්ෂණය අවශ්‍ය වෙයි. සමාධිය ජනිත කරගැනීමට පෙරාතුව ‘සීලය’ ආවශ්‍යක ප්‍රත්‍යයක් සේ දක්වා ඇත්තේ එබැවිනි. සාමාන්‍ය පුද්ගලයා සංවර බවට පත්කිරීම ක්ෂණිකව කළ නොහේ. එබැවින් එය ද එක්තරා ක්‍රමයකට අනුපිළිවෙලින් සිදු විය යුතුය. ඒ නිසා පුද්ගලයාගේ සංවරය ඇති කරලීමට පළමුව ඉඳුරන්ගේ සංවර බව ඇති කළ යුතුය. ඉන්ද්‍රීය සංවරය නොමැති විට සිත සමාහිත කළ නොහැකිය. මූලික වශයෙන් සංවරය ඇති කරලීමට සීලය අවශ්‍ය යැයි බුදුරජාණන් වහන්සේ වද්‍රළ හ. කෙලෙස් කසටින් වැසී යන සිත පවිත්‍ර කර ගැනීම අවශ්‍ය ය. බුදුදහම අභ්‍යන්තර විශුද්ධිය සලසන විශුද්ධි මාර්ගයක් සේ පෙළ දහමෙහි සඳහන් වන්නේ එබැවිනි.
බෞද්ධයාගේ අවසාන නිෂ්ඨාව වන නිර්වාණය සාක්ෂාත් කළ හැක්කේ අවිද්‍යාව නසා සන්තානය තුළ විද්‍යාව ජනිත කිරීමෙන් පමණි. භක්තිය, විශ්වාසය පදනම් කොටගෙන විද්‍යාව ඇති කළ නොහැකිය. එසේම අවිද්‍යාව නසා විද්‍යාව ජනිත කරගැනීම ආකස්මිකව කළ නොහැකිය.ඒ සඳහා අවශ්‍ය පරිසරයක් හා සුදුසු ක්ෂේත්රයක් සකසා ගැනීම සිදුවෙයි. බුදුරදුන් වද්‍රළ ධම්මක්චක්කප්පවත්තන සූත්‍ර දේශනාව දෙස විචාර පූර්වක බලන කළ මේ තත්ත්වය මනාව ප්‍රකට වෙයි.
මිනිස් සන්තානය තුළ ජනිත වන පූර්වෝක්ත ක්ලේශ ධර්ම ප්රහාණය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව බුදුසමය පිළිගනියි. බුදුරජාණන් වහන්සේ සීල සමාධි පඤ්ඤ්ර යනුවෙන් ත්රීශික්ෂාවක් දක්වා වද්රළේ එබැවිනි. අනුපූර්ව ශික්ෂණ ක්‍රමය මඟින් අභ්‍යන්තර විශුද්ධිය උපදවා ගන්නා අයුරු සහ උපදවා ගත හැකි බව පාලි සූත්‍ර ධර්මවලදී මනාව දක්වා තිබේ. මේ පිළිබඳ විස්තර එක් තැනක දෙතැනක නොව බොහෝ සූත්‍රවල දක්වා ඇති අයුරු පෙළ දහමින් ප්‍රකට වෙයි. මුල් බුදුසමයෙහි අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා හා අධිපඤ්ඤ්රසික්ඛා යනුවෙන් අනුපූරුව ශික්ෂාව දැක්වෙයි.
බුද්ධධර්මය ආචාර විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු ධර්මමාර්ගයක් ලෙස පිළිගනු ලබයි. එමනිසා බුදුසමය විද්‍යාව මෙන් ම චරණය ද (විජ්ජාචරණසම්පන්නෝ) අවධාරණය කරයි. විද්‍යාවත් චරණයත් සමතුලිතතාවෙන් යුතුව වර්ධනය කළ යුතු බව උගන්වා ඇත්තේඑහෙයිනි. “යත්ථ සීලං තත්ථ පඤ්ඤ්ර, යත්ථ පඤ්ඤ්ර තත්ථ සීලං (සීලය යම් තැනක ද ප්‍රඥාව එතැනය. ප්‍රඥාව යම් තැකන ද සීලය එතැනය.)යන්නෙන් ප්‍රකාශ වන්නේ එම අර්ථයයි.
බෞද්ධ ප්‍රතිපදාවෙහි ප්‍රධානතම පරමාර්ථය චතුරාර්යසත්යාවබෝධයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ද විමුක්තිය ද සදාගැනීමය. බාහිර වූත් ආධ්‍යාත්මික වූත් පාරිශුද්ධිය ද විමුක්තිය ද නිරායාසයෙන් ලබා ගත නොහැකිය. ස්යාවබෝධය සඳහා ප්රඥ්රව අවශ්‍ය යි. පෘථග්ජන පුද්ගලයාට විශුද්ධ වූ ප්‍රඥාව නොමැතිය. එම නිසා පෘථග්ජනයා විසින් සත්‍යාබෝධය සඳහා ප්‍රඥාව වැඩිය යුතුය. “පඤ්ඤා භාවේතඛ්ඛා” යැයි සූත්‍රවල නිරතුරුව සඳහන් වන්නේ ඒ නිසාය. ප්‍රඥාව වැඩිය හැකි එකම මාර්ගය ශීලයෙහි පිහිටවා ඉන්ද්‍රීය සංවරය ඇති කොට ගෙන සමාධිය උපදවා ගැනීමෙන් පමණි.
දිනක් බුදුරජාණන් හමුවීමට පැමිණි එක්තරා දේවතාවෙක්, “ආභ්‍යාන්තරික වූත් භාග්‍ය වූත් ක්ලේශ ජටාව නැති කළ යුත්තේ කෙසේදැ”යි ප්‍රශ්න කළේය. ඊට බුදුරජාණන් වහන්සේ මෙලෙස පිළිතුරු දුන් හ.
“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤච භාවයං
ආතාපී නිපකෝ භික්ඛු
සෝ ඉමං විජටයේ ජටං”
මේ ප්‍රකාශයට අනුව බෞද්ධ විමුක්ති මාර්ගයෙහි මූලික ම ශීලය වන බව ඉතා පැහැදිලිය. සදාචාර ධර්ම මාර්ගය විමුක්තිය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වන ශ්‍රාවකයාගේ මූලික කාර්යය ලෙස උගන්වනු ලබන්නේ ද එහෙයිනි.
ආර්යප්රඥ්රව උපදවා ගැනීම පිණිස චෛතසිත පාරිශුද්ධිය අත්‍යවශ්‍ය ය. බුදුසමයෙහි ඉගැන්වෙන උසස් ම ඥාන තත්ත්වයන් වන පුබ්බේනිවාසානුස්සති, තූපතපා හා ආසවක්ඛය වැනි විශිෂ්ටතර ඥානාදිය ලබාගත හැක්කේ ද සදාචාර ධර්ම පරිපූර්ණයෙන් චිත්ත පාරිශුද්ධිය ලබාගත හොත් පමණි. රූපාවචර, අරූපාවචර ආදී ධ්යානලාභිත්වය සඳහා ද අභ්‍යන්තර පාරිශුද්ධිය (නොමැතිව නොහැකිය.) තිබිය යුතුය.
ව්මුක්ති මාර්ගයට පිළිපත් ආර්ය ශ්‍රාවකයෙකු විසින් සමාදන් ව පිළිපැදිය යුතු ශීලය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයෙහි එයි. එහි චූල සීල - මජ්ක්‍ධිම සීල - මහා සීල වශයෙන් ශීලය කොටස් තනකට බෙදා දක්වයි.
බෞද්ධ ව්මුක්ති මාර්ගය ශික්ෂාත්රයකින් යුක්ත බව ඉහත සඳහන් කරන ලදී. ඒ ත්‍රිවිධ ශික්ෂා සමාදානය ශ්රමණකරණීය ධර්ම වශයෙන් සාමඤ්ඤඵල සූත්‍රයෙහි ද ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි ද දක්වයි.
“අධිසීල සික්ඛා සමාද්රනං, අධිචිත්ත සික්ඛා සමාද්රනං, අධි පඤ්ඤ්ර සික්ඛා
සමාද්රනං, ඉමානි බෝ භික්ඛවේ තිනි භික්ඛුස්ස අච්ජායිතානි කරණීයානී”
බෞද්ධ දර්ශනයට අනුව පරමාර්ථ සත්‍ය තර්කානුසාරයෙන් හෝ අනුශ්රාවානුසාරයෙන් හෝ ලබාගත නොහැකිය. පරමාර්ථසත්ය ප්රත්යක්ෂ කළ යුත්තේ ප්‍රඥාවෙනි. විමුක්තියට ප්‍රධාන වන්නේ ආර්යප්රඥාවයි. එහෙත් ආර්යප්රඥාව නිරායාසයෙන් ම ජනිත නොවෙයි. එබැවින් බුදුරජාණන් වහන්සේ මෙලෙස දක්වති.
“නාහං භික්ඛවේ ආදිකේනේව අඤ්ඤ්රරාධනං වද්රමි. අපි ච භික්ඛවේ අනුප්බ්බකීරියා අනුප්බ්බ පටිපදා අඤ්ඤරාධනා හෝති”
ශීලය විමුක්තිය සොයන්නාගේ ආදී ප්‍රතිෂ්ඨාව ලෙස දක්වන්නේ මේ නිසා ය. ප්‍රඥා ප්‍රතිලාභය සඳහා අවශ්‍ය වූ සතර සතිපට්ඨානය වැඩීම පිණිස ද, ශීලය අවශ්‍ය ප්‍රත්‍ය ලෙස උගන්වා ඇත්තේ මේ නිසා ය.
“සීලේ සතිපට්ඨාය, සීලං නිස්සාය චත්තාරෝ සතිපට්ඨානේ භාවෙය්යථ”
යම් සේ සියලු බීජයන් මහා පොළොව ම ප්‍රතිෂ්ඨාව කොට වෘද්ධියට පැමිණේ ද, එසේ ම ශීලය ම ප්‍රතිෂ්ඨාව කොට සප්ත බෝධි අංග වඩා භික්ෂුවක් විසින් ධර්මයන්ගේ විපුලත්වයට පැමිණිය යුතුය.
විමුක්තිය සලසා ගත යුත්තේ අනුපූර්ව ප්රතිපදාවකිනි. අනුපූර්ව ශික්ෂාවකිනි. ය් සේ ගණකයන් හික්මවන පුද්ගලයා අනුපූර්ව වශයෙන් එකේ සිට උපරිම සංඛ්‍යාව දක්වා යේද, එසේම පැවිදි බිමට පිළිපන් ආර්යශ්රාවකයා ද අනුපූර්ව වූ පිළිවෙළකට බුදුරජාණන් වහන්සේ හික්මවනු ලබන බව ගණක මොග්ගල්ලා සූත්‍රයෙහි පැහැදිලිව දක්වා තිබේ. තථාගත තෙමේ දමනය කළ යුතු පුරුෂයකු ලැබ ප්‍රථමයෙන් ම හික්මවන්නේ ශීලයෙහි ය.
“තථාගතෝ පුරිසදම්මං ලභිත්වා පඨමං ඒවං විනේති: ඒහි ත්වං භික්ඛු සීලවා හෝගී”
සප්ත විශුද්ධින් අතුරෙහි ද පළමුවෙන් ම දැක්වෙන්නේ සීල විශුද්ධියයි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි හා ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි ද දැක්වෙන පරිදි විමුක්තිය සලසා ගැනීමේ දී භික්ෂුව පළමුවෙන් ම ශීල සම්පන්න විය යුතු බව උගන්වයි. ඊට පසුව ඉන්ද්‍රීය සංවරය ද, සතිසම්පජඤ්ඤය ද සන්තුට්ඨිය ද වැඩිය යුතුය. මේ අංගයන්ගෙන් පිරිපුන් භික්ෂුව භාවනා වැඩීමට යෝග්‍ය වූ ස්ථානයක් කරා ගොස් සිත තව තවත් පිරිසිදු කිරීමට උත්සාහ ගත යුතු වෙයි. ඒ අවස්ථාවෙහි චිත්ත නීවරණ ධර්මයන්ගේ ප්රශාණය සිදුවෙයි.
“සෝ අභිජ්ක්ධාලෝකෝ පහාය විගතාභිජ්කේධන චේතසා විහරති. අභිජ්ක්ධාය චිත්තං පරිසෝධේති. ව්‍යාපාද පදෝසං පහාය අඛ්යාපන්නචිත්තේන විහරති. සබ්බ පාණභූතහිතානූකම්පී ව්‍යාපාද පදෝසා චිත්තං පරිසෝධේති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුපමත්තෝ විහරති. අභිජ්ක්ධං චූපසන්නචිත්තෝ උද්ධච්ච කුක්කුච්චං චිත්තං පරිසෝධේති. විචිකිච්ජා පහාය තිණ්ණං විචිකිච්ජා විහරති. අකථං කථං කුලේසු ධම්මේසු විචිකිචිජාය චිත්තං පරිසෝධේති.”
මෙසේ සිත තුළ පවත්නා පඤ්ච නීවරණ ධර්මයන් ප්‍රහීණ වූකළ ස්වකීය අධ්‍යාත්මය දෙස බලන භික්ෂුවට ප්රමෝදයක් උපදී. ප්රමෝදයට පත් භාවනානුයෝගියාට ප්‍රීතිය පහළ වෙයි. ප්‍රීතිමත් මනසක් ඇති ඕනෑම කෙනෙකුට කායපස්සද්ධිය (සිරුරේ සැහැල්ලු බව ) උපදී. සන්සුන් වූ සිරුර ඇති භික්ෂුව ආධ්‍යාත්මික වශයෙන් සුවයක් විඳියි. සුවය විඳින ඔහුගේ සිත සමාධිගත වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇති චිත්ත දියුණුව මේ මූල ධර්මය මත පිහිටා ඇත.
භෞතික වශයෙන් සිරුර සන්සුන් නොවූයේ නම් සිත සමාධිගත නොවෙයි. එබැවින් සිත මූල ප්‍රතිෂ්ඨාව කොට ගෙන පඤ්ච නීවරණ ප්‍රහාරණයෙන් ඇති වන ප්‍රමෝදය ප්‍රීතිය, කාය පස්සද්ධිය හේතු කොට ගෙන උපදින ආධ්‍යාත්මික සුවය සමාධිය වර්ධනය කරමින් ධ්‍යාන වැඩීමට උගන්වා ඇත. ප්‍රථමාදි ධ්‍යාන වැඩීමෙන් පසු සිත මුළුමනින් ම කර්මණ්ය තත්ත්වයට පත්වෙයි. එවිට සිත ආර්යප්රඥාව වෙත යොමු කළ හැකිය. පුබ්බේනිවාසානුස්සති, චූතූපපාත හා ආසවක්ඛය යන ඥාන නිවන් පසක් කිරීමට අවශ්‍ය ත්‍රිවිද්‍යා ප්රතිලාභිත්වය පිණිස සිත යොමු කළ හැක්කේ ධ්‍යාන වැඩීමෙන් සිත සම්පූර්ණයෙන් පරිශුද්ධ වූ පර්යෝදාන (හාත්පසින්ම පිරිසිදු) වූ අනංගණ (කෙලෙස් මළ රහිත) වූ තත්ත්වයට පැමිණීමෙන් පසුව යි.
“සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝද්රතේ අනංගණේ
විගතුපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ අනේඤජපත්තේ
ඤ්රණදස්සනාය චිත්තං අභිනිහරති; අභිනින්නාමේති”
(දි. සමාඤ්ඤඵල සුත්ත)
නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමට පෙරාතුව පුනර්භවය හා කර්මය යන සත්‍යයන් පිළිබඳව ප්රත්යක්ෂ ඥානයක් අවශ්‍ය වන බව බෞද්ධ ඉගැන්වීම් තුළින් ප්‍රකට වෙයි. පුබ්බේනිවාසිනුස්සති ඤාණය හා චූතූපපාත ඤ්රණය ද වඩනා තෙක් ශ්රාවකයා මේ සත්‍යයන් පිළිගන්නේ හුදෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් (සද්ධාමත්තේන) පමණකි. පුර්වාත්මයන් දැකීමේ ඥානය පහළ වීමෙන් පසුව පුනර්භවය පිළිබඳ සත්‍යය ද චූතූපපාත ඤ්රණය පහළ වීමෙන් යථා කර්මෝපග වූ (කර්මානූරූප සසර සැරිසරන) සත්ත්වයන් දැකීමෙන් කර්ම ශක්තිය ද ප්රත්යක්ෂ වෙයි. එයින් පසු ප්රත්යක්ෂ වශයෙන් චතුර්රාය සත්‍යාබෝධය කොට ආසවක්ඛය ඤාණයෙන් සියලු කෙලෙසුන් නසා අවසන විමුක්තිය සාදාගනි යි.
චිත්ත පාරිශුද්ධිය ජනිත කරගැනීම සඳහා බෞද්ධයා විසින් අනුගමනය කළ යුතු පිළිවෙත කවරක්දැයි මෙයින් ප්‍රකට වෙයි. අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත අනුපූර්වශික්ෂාවෙහි අර්ථ ක්‍රියාකාරිත්වය ද මෙයින් පැහැදිලි වෙයි. හුදෙක් ශීලයෙන් ද හුදෙක් සමාධියෙන් ද පරමාර්ථ සත්‍ය පසක් කළ නොහැකිය. ප්‍රඥාවෙන් කෝටි ප්‍රාප්ත පුද්ගලයන්ට ගැඹුරු එක් ධර්ම පදයක් ඇසූ පමණින් සපුරා කෙළෙස් බැමි බිඳහැර නිවන් පසක් කළ හැකි වූව ද සාමාන්‍ය පොදු මහජනතාවට එය කළ නොහැකි වෙයි. එම නිසා අනුපූර්ව ශික්ෂණ මාර්ගයක් නිර්දේශ කිරීමට බුදුන් වහන්සේට සිදු විය.
ප්‍රාථමික වශයෙන් ශීලයෙන් පුද්ගලයා සංවරත්වයට පත් කොට, සමාධියෙන් චිත්ත දියුණුව ඇති කොට, සිතෙහි පවත්නා කෙළෙස් දහම් බිඳ දමා, සියලු බැඳීම් වලින් මිදී විෂය ලෝකය දෙස බැලීමට බුදුහු අනුදැන වද්‍රළහ. අප වාසය කරන ලෝකය සරාගී වෙයි. එම සරාගී ලෝකය දෙස විරාගී චිත්තාකල්පයකින් බැලිය හැක්කේ ආර්යප්රඥාව ඇති වූ විටය. සරාගී ලොව ඉන්ද්‍රීය සංවරය ඇති කොට, චිත්ත සංවර්ධනයෙහි දී ප්රබුද්ධව ලොව දෙස බලන විට ලොව යථා තත්ත්වය පසක් වෙයි. ලෝකය ශුන්‍ය වශයෙන් බැලීමට තරම් ප්‍රඥාවෙහි පිරිපුන් බවක් ලබාගත යුතු වෙයි. ආර්යප්රඥා ජනිත කර ගැනීමත් සමඟ ම භෞතික මෙන් ම අභෞතික සියලු බැඳීම් නසා නිවන් පසක් කළ හැකි ය.