කුවේණිය පිළිබද කථා පුවත ලක්දිව ආදිම වැසියන් පිළිබද අදහසක් අප තුළ ජනිත කරව යි. විජය කුමරු ලක්දිවට පැමිණි දිනය පිළිබද මහාවංසය කරන විස්තරයෙන් ප්‍රකට වන්නේ යක්ෂ නමින් හැදින්වුනු ඒ වැසියන් එක්තරා අන්දමකට සකස් වූ මිනිස් කොටසක් ලෙසින් කල්පනා කළ හැකි බවය. මෙ දින සිරිසවත්ථු පුරයෙහි තූර්යවාදන, ගීත රාවය සහිත මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු යක්ෂයින්ගේ ආවාහ මංගලෝත්සවයක් සිදු විය (මහාවංසය VII – 30 - 34).ඥාති සම්බන්ධතා පැවැත්වීම, ාඅවාහ විවාහ මංගලෝත්සව පැවැත්වීම, ගායනය, වාදනය, නර්තණය ආදී සෞන්දර්යාත්මක කාර්යයන් පැවැත්වීම වැනි දෑ සංස්කෘතික වශයෙන් සමාජය දියුණු වීමෙහි දී දක්නට ලැබෙන සමාජාංගයෝ යි. ප්රාකෘතික සමාජවල ප්‍රාථමික ස්වරූපයෙන් දක්නට ලැබෙන නැටුම්, ගැයුම්, වැයුම් වැනි දෑ ගොරහැඩි ය; අසංවරශීලී ය. මහාවංසය වාර්ථා කරන ඉහත සදහන් තොරතුරු වලින් සමාජය සංස්කෘතික වශයෙන් එක්තරා ප්‍රමාණයකට දියුණු වූ තත්ත්වයක පැවති බව පැහැදිළි ව නිගමනය කළ හැකි ය. විජය කුමරු ලක්දිවට ගොඩබසින අවධිය වන විට කිසියම් ප්‍රමාණයකට එකල ලක්චිව වැසියන් දියුණු තත්ත්වයන සිටියහ’යි නිගමනය කිරීම අසාධාරණ නොවෙ යි.
විජයාගමනය ප්රවාධයක් ලෙස සළකා බැහැර කළද, එම කථා පුවත කියවෙන වකවානුවෙහි දී ඉන්දියාවේ නැගෙනහිරින් හා බටහිරින් මෙන් ද දකුණින් ද භාරතීය ජන කොටස් මෙහි පැමිණ ඇත. පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව මහාතිත්ථ හා ගෝකණ්ණ යන ප්‍රදේශ වල මෙන් ම රුහුණු ප්‍රදේශයෙහි ද මේ සංක්‍රමණික කොටස් ජනාවාස පිහිටුවා ගත්හ. (අනුරාධපුර යුගය, පි. 45 - 60) මෙසේ පැමිණ පදිංචි වූ පිරිස් මිහිදු මහ රහතන් වහන්සේ පැමිණෙන තුරු කවර ආකාරක හෝ ඇදහිළි ක්‍රමයක් අනුගමනය කරන්නට සිදුවූවාට කිසිදු සැකයක් නැත. සමාජ විද්‍යාඥයින් විසින් බැසගෙන ඇති නිගමන වලට අනුව ‘ආගම’ යන වහර භාවිත කළ නොහැකි තත්ත්වයේ යම් යම් ඇදහිලි ප්‍රාථමික ජන කොට්ඨාශ අතර පවා පවති යි. දේශීය ප්‍රභවයක් ඇති ආගම් සම්බන්ධ ව මහාවංසයේ දක්නට ලැබෙන සටහන් විශ්වාස භාවයෙන් වැඩි වෙති’යි හැගේ. බුදුසමය මෙහි ආපසු ඒ හා නොගැටී සාමයෙන් ඒවා පැවති බව ශ්‍රී ලංකා සංස්කෘතික ඉතිහාසයේ දිගින් දිගට ම දක්නට ලැබෙ යි.
ලක්දිව දියුණු සංස්කෘතිකාංග නියෝජනය කරන ජන කොටස වශයෙන් සැලකිළි ලබන්නේ විජයාවතාරණයත් සමග මෙ රටට පැමිණි ආර්ය වර්ගයා යි. උපප්රවේශයක් වශයෙන් ඉන්දියාවට පැමිණි ආර්ය වර්ගයා දියුණු සංස්කෘතියකට හිමිකම් කිය යි. වේද සාහිත්‍යයෙන් ඒ බව ප්‍රකට වෙයි. ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති ආර්ය සංස්කෘතිය රැගෙන ආ ආර්ය ජනතාව ලක්දිවෙහි ද ප්‍රබල සංස්කෘතියක් ගොඩනැගීමේ අඩිතාලම දැමී ය. විධිමත් රාජ්‍ය පාලනයකට පසුබිම දැමූ ඒ ජනතාව මූලික වශයෙන් කෘෂිකර්මය පදනම් කොට ගත් ජන ජීවිතයක් ආරම්භ කළේ ය. අද දක්වා ගලා එන ජන ජිවිතයේ පදනම කෘෂිකර්මය පදනම් වූ ආර්ථික ක්‍රමය යි; කෘෂිකර්මය පදනම් වූ සංස්කෘතික රටාව යි. මහින්දාගමනයට පෙරාතු ව ඉන්දියාවෙන් ලක්දිවට පැමිණි ජන කොටස් වරින් වර ඉන්දියාවට ලිව්ම් යැවූ බව මහාවංසය වාර්ථා කරයි. විජය රජුගේ අවසාන සමයෙහි ඔහු සුමිත්ත කුමරුට ලියුමක් යවා ඇත. ඒ තොරතුරු වලින් සිතිය හැක්කේ කිසියම් ක්රමයක අක්ෂර මාලාවක් ලක්වැසියන් විසින් භාවිත කළ බව ය. ආර්ය ජනතාව ඉන්දියාවේ එකල භාවිත කළ අක්ෂර මාලාව මෙහි දී පරිහරණය කරන්නට ඇත.
පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි අනුරාධපුරයෙහි කරන ලද ගොඩනැගිලි සමූහයක්ගැන මහාවංසය වාර්ථා කරයි.ඒ අනුව කිසියම් ගෘහ නිර්මාණ කලාවක් ඔයුන් සතුව පවතිනැ’යි සිතිය හැකි ය. පණ්ඩුකාභය රජතුමා විසින් කිසියම් නිශ්චිත සැලැස්මක් අනුව අනුරාධපුරයේ පළමු වැනි වරට අංග සම්පූර්ණ නගරයක් ගොඩනංවාගත් ආකාරය මහාවංසයේ දසවැනි පරිච්ඡේදයේ විස්තර වෙ යි. එතුමන්ගේ මෑණියන් තරුණියක සිටි සමයේ ඇයට විශේෂ ආරක්ෂා සංවිධාන සැලසීම් වස් තනන ලද කවුළු සහිත එක්ටැම් ගෙයක් (ඒකථූනිකා - ම.ව.x පරි.) ගැන විස්තරයක් ද හමුවෙ යි. එවකට භාරතයේ මෙන් ම මෙරටේ ද මේ ගොඩනැගිලි සදහා භාවිත වූයේ අවු වැසි සහිත ස්වභාව ධර්මයාගේ තර්ජණ වලට මුහුණ දීමේ දී ඉක්මනින් විනාශයට පත්වන දැව වර්ග හා මැටි වැනි අස්ථිර ගොඩනැගිලි ද්‍රව්‍යයන් ය. එ හෙයින් ඒවා තැනූවන්ගේ හා භාවිත කළවුන්ගේ ඇවෑමෙන් පසු ඊළග පරම්පරාවන්ගේ ප්‍රයෝජනය හා අධ්‍යනය සදහා ඒවායේ නටබුන් ඉතිරි වූයේ නැත. භාරතයේ ද මූර්ති කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය මුලින් ම හදාරන්නට පටන්ගත් නූතන උගත්තු මෞරය රාජ්‍ය සමයට පෙරාතු ව කාලය නිර්ණය කළ හැකි නෂ්ටාවශේෂයන් දක්නට නොලැබුණු හෙයින් ඒ පැරණි යුගයේ භාරතීයයන් කලාශිල්ප නොදැන සිටි බවට වැරදි නිගමනයනට එළබිය හ. එහෙත් එබදු නිදසුන් දක්නට නැත්තේ ඒ යුගයේ විසූවන් මේ ශිල්ප අබ්යාස නො කළ නිසා නොව, ඒ සදහා ඔවුන් යොදා ගත් ද්‍රව්‍ය ඉක්මණින් විනාශයට පත්ව යන මාධ්‍යයන් වූ හෙයිනි. අනෙක් අතට සාමාන්‍ය පුරවැසියන්ගේ වාසය සදහා තනන ලද ගෙවල් ඔවුන්ගේ අභාවයෙන් පසු රැක බලා ගන්නට අවශ්‍යතාවයක් ද සමාජය සතු නොවී ය. මේ නිසා ආගමික හා පොදු අවශ්‍යතා සදහා තනන ලද ගොඩනැගිලි කලක් තිස්සේ ආරක්ෂා කර ගැනීමට, අළුත්වැඩියා කරන්නට හා යලි ගොඩනංවන්නට එක්තරා ප්‍රමාණයක වෙහෙසක් ගන්නා ලද අතර, එ මගින් ඒවා සුරක්ෂිත වූ නමුත් සාමාන්‍ය ජනතාවගේ ගෙවල් දොරවල් සාහිත්‍යමය වාර්ථාවල සදහන් වන මතකයන් පමණක් ඉතිරි කොට ඇත