මහින්දාගමනයට පෙර හෙළදිව බුදුදහම
ශාස්ත්‍රපති චසිත බුලත්සිංහල
මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයකදී භද්දකච්චායනා කුමරියගේ පැමිණීමද අතිශය වැදගත්වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමග මෙහි පැමිණ ඇත. භද්දකච්චායනා කුමරිය බුදුරජුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ දියණිය වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.ඇය බුදුරජුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත් සිතිය නොහැක.
අතීතයේදී, ලක්දිව සිවුහෙළය ලෙස හඳුන්වා ඇති අතර යක්ෂ, රාක්ෂ, නාග,දේව යන කොට්ඨාසයන් මෙහි වාසය කොට ඇත. බුදුරජුන් තෙවරක් ලක්දිවට වැඩි බව වංශ කථා මගින් ද සනාථ වේ. පළමු වරට මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත්රිකයින්ගේ ආරවුලක් සංසිඳවා ධර්ම දේශනා කරන ලදී. මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ 32 ගාථාවේ සඳහන් පරිදි “නොයෙක් කෙළ ගණන් සත්ත්වයන් සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධය වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල්හි පිහිටියෝය “ යනුවෙන් දැක්වේ.
මේ අනුව විශාල යක්ෂ ගෝත්‍රිකයින් පිරිසක් ධර්මාවබෝධය ලැබූ බැව් මින් පසක් වේ. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ සරභූ තෙරණුවෝ බුදුරදුන්ගේ අකුධාතුව රැගෙන ලංකාවට වැඩම කළ බවත් උන් වහන්සේම එම ධාතුව මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළ බවත් මහාවංසයේ සඳහන් වේ.
බුදුරජුන් දෙවන වර වැඩියේ නාග ගෝත්‍රිකයින් අතර සිදුවීමට ගිය විශාල යුද්ධයක් නැවැත්වීමටය. මහා :1:63 ගාථාවට අනුව දෙවනි ලංකාගමනයේ ප්‍රතිඵලයක් ලෙස දිය වැසි වූද ගොඩවැසි වූද අසූ කෙළක් නාග ගෝත්‍රිකයෝ තුන්සරණයෙහි ද සීලයෙහි ද පිහිටා ඇත. උන්වහන්සේ තෙවන වර 500 භික්ෂූන්ද සමග වෙසක් පොහෝ දිනයක කැලණියට වැඩම කළහ. මණිඅක්ඛික නා රජු නාගදීපයේ දී එම ආරාධනාව කරන ලද බව වංශකථා සඳහන් කරයි. 500 ක් භික්ෂූන් සමග වැඩි පුවත මහාවංසයේ 01 පරි:73 ගාථාවෙන් ද සනාථ වේ. 84 ගාථාවේ මෙසේ ද සඳහන්වේ. “ලංකාවේ දේව නාග සමූහාදීන්ගේ වැඩ ද දක්වමින් මේ යහපත් දිවයිනට තුන්වරක් වැඩි සේක. ඒ කාරණ කොට ගෙන මේ ද්වීපය ධර්මය නමැති පහනෙන් බැබල්මි ඇත්තාවූ ....” කැලණියට භික්ෂූන් 500 සමඟ වැඩි අවස්ථාවේද විශාල ගණනක් ජනයා ධර්මාවබෝධය ලබන්නට ඇත. එසේම එම භික්ෂූන්ට ආවතේව කිරීමට ද විශාල ජනකායක් රැස්වන්නට ඇත. මේ අනුව ද විශාල පිරිසක් බොදුනුවන් වූ බැව් මහාවංසය දීප වංසය වංසත්ථප්පකාසීනිය වැනි ඓතිහාසික ග්රන්ථ විමසීමෙන් ද පැහැදිලිවේ.
තපස්සු භල්ලුක යන දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිධන්කර තිරියායේ චෛත්‍යයක් කළ බව ඓතිහාසික සාධක තුළින් අනාවරණය වේ. පෙර ආත්මයක ලේ නෑයෙකුව සිටි දේවතාවකු විසින් ඔවුන් දෙපොල බුදුරජුන් කරා යොමු කරන ලද බැව් මහාවග්ගයේත්, නිදාන කථාවේත් සඳහන්ය. මෙම වෙළෙඳුන් දෙපොළ උතුරු ඉන්දියාවේ උක්කල රටෙන් ආ බවත් කේශධාතු නිදන් කිරීම සඳහා ඔවුන් තැන වු ස්ථූපය ඔවුන්ගේම ස්වදේශයෙහි වූ බවත් මහාවග්ගය, නිදාන කථාව හා ලලිත විස්තරය යන ග්රන්ථ තුළ අන්තර්ගතය. එසේම තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා ලංකාවේ දාගැබක් කළ බව දහතුන් වැනි සියවසේ රචිත පූජාවලියේ ස්ථිර කොටම සඳහන් කර ඇත. එම තොරතුරු නිදාන කථාවේ තොරතුරුත් අතර සාම්‍යක් දක්නට පුළුවන. එසේම එහි දාගැබ තැනූ බව කියන ස්ථානයේ නාමයත් තිරියායේ සෙල්ලිපියේ නාමයත් සමාන වේ. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය පරිවර්තනය කොට ඇති අතර ශිලා ලේඛන සංග්‍රහයේ IV වෙළුවේ එය අන්තර්ගතය. එහි අවසානයේ මෙසේ දැක්වේ. “ ත්රපුස්සක සහ වල්ලික (යන) වෙළෙඳ ගණයක් විසින් පිහිටුවන ලද ගිරිකණ්ඩ චෛත්‍ය ....”(පි.87) ගිරිකණ්ඩි හා ගිරිගඬු යන නම් දෙකම එකක්ම බැව් පෙනේ. එනම් II පරාක්‍රමබාහු රජු විසුද්ධිමග්ගයට ලියන ලද සන්නයේ පාලි කෘතියේ එන ගිරිකණ්ඩ මහ විහාර යන්නට ගිරි කඩු වෙහෙර යන තේරුම දී ඇති හෙයින් එය සනාථ වේ. සෙනරත් පරණවිතාන මහතාගේ මතය වනුයේ ද මෙම සෙල්ලිපිය ලියනලද වකවානුවේ තිරියායේ පැරණි ස්ථූපයක් හා තපස්සු භල්ලුක දෙදෙනාත් සම්බන්ධ කළ ප්‍රාදේශීය ජනප්‍රවාදයක් තිබුණු බවත්, බුදුරජාණන් වහන්සේ විසින් මේ වෙළෙඳුන්ට දෙන ලදැයි කියන කේශධාතුත් එම ස්තූපයේ නිදන් වී තිබුණේය යන විශ්වාසයක් තිබුණූ බවත් ස්ථිර කොට කිව හැකි යන්නය. (ශිලා ලේඛන සංග්‍රහය පි.85) මේ අනුව බුදුරජුන් බුද්ධත්වයට පත්වූ කාලවකවානුවේ දීම ලක්දිව තුළ චෛත්‍යයක් හා ඒ ආශි‍්‍රත වටපිටාවක් නිර්මාණය වීම අතිශය වැදගත් වේ.
එසේම මහාවංසයට අනුව විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන්නේ ද බුදුරජුන් පිරිනිවන් පෑ දිනයේ මය. එම කාලවකවානුව වන විට බුදුදහම භාරතයේ නොයෙක් ප්‍රදේශ කරා විහිදී ගිය බැව් ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. එසේම විජය සමග පැමිණෙන සත්සියයක් පිරිස අතර බුදුදහම ගැන දැන සිටි පිරිස් ද ඇතැම්විට සිටින්නට පුළුවන. එසේම ඔවුන් ගොඩබිමට පැමිණි විට පරිබ්‍රාජක වේශය ගත්තෙකු පිරිත් නූල් හා පිරිත් වතුර දුන් බැව් මහා :7 පරි:8 ගාථාවේ සඳහන්ය. මේ පිළිබඳව තවදුරටත් විද්වත් අවධානය යොමුවිය යුත්තේය.
මහින්දාගමනයට පෙර ලක්දිව පැවති බෞද්ධ අවබෝධය පිළිබඳ කරන විමර්ශනයකදී භද්දකච්චායනා කුමරියගේ පැමිණීමද අතිශය වැදගත්වේ. ඇය දෙතිසක් ස්ත්‍රීන් සමග මෙහි පැමිණ ඇත. භද්දකච්චායනා කුමරිය බුදුරජුන්ගේ ඥාති සහෝදරයකු වූ පණ්ඩු නම් ශාක්‍ය වංශික රජුගේ දියණිය වූ බැව් ඓතිහාසික සාධක තුළින් ගම්‍ය වේ.ඇය බුදුරජුන්ගේ සමීප ඥාතිවරියක වූවා නම් ඇය බුදුදහම නොදැන සිටියා යැයි කිසිසේත් සිතිය නොහැක. එසේම මේ වන විටත් බුද්ධ පරිනිර්වාණය වී ගත වී ඇත්තේ සුළුකාල පරාසයකි.(මහාවංසයේ 8 පරි:23 - 24 ගාථා)
මේ අනුව භද්දකච්චායනා කුමරිය ඇතුළුපිරිස උපතිස්ස ග්‍රාමය තෙක් පැමිණෙන්නේ පැවිදි (පබ්බජිතාකාරා) ආකාරයටය. බෞද්ධ භික්ෂූන් ඇතුළු බ්‍රහ්මණ නොවන ඕනෑම තාපස කොට්ඨාසකට පබ්බරජිත යනුවෙන් ව්‍යවහාර කළ හැකි හෙයින් මින් කියවෙන්නේ කිනම් පැවිදි කොට්ඨාසයක්ද යන්න එකවර නිශ්චය කිරීම අපහසුය. නමුත් එදා භාරතයේ ප්‍රකට වු කාන්තා පැවිදි පිරිසක් වුයේ බුදුසසුන් තුළ බැව් සිහිපත් කළ යුතුය. එසේම බුදුරජුන්ගේ ඥාති සම්බන්ධයක් ඇති පිරිසක් අන්‍ය පූජක වේශයකින් පැමිණියේ යැයි සිතීමට ද අපහසුය. සියලු කරුණු මැනවින් අධ්‍යයනය කරන විට භද්දකච්චායනා හා පිරිස ලක්දිවට පැමිණ ඇත්තේ භික්ෂූණී වේශයකින් බැව් මනාව පැහැදිලිය. උපතිස්ස ගම දක්වා යාමට එය ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් වු බවද මහාවංසය තුළින්ම සනාථ වේ. එසේ ආරක්ෂාව ලැබෙනුයේ එකල ජනතාවට එම භික්ෂුණී ස්වරූපය ඔවුන්ට හුරුපුරුදු ඔවුන් ගරුකරන ස්වරූපයක් වීම නිසා විය නොහැක්කේද?
මහාවංසයේ10 පරිච්ඡේදයේ 96 - 103 ගාථා පරිශීලනය තුළින් භාරතයේ එදා පැවති නොයෙක් ආගම් හා ඇදහිලි පණ්ඩුකාභය රාජ්‍ය කාලය ලක්දිව පැවති බැව් විද්‍යමාන වේ. ජෛන, ආජීවක, නිඝණ්ඨ, පරිබ්‍රාජක, තාපස යන කොටස් මෙහි විසූ බවත් යක්ෂ, නාග, වෘක්ෂ, වන්දනාවන් පැවති බවත් එහි සඳහන්වේ. එසේම බ්‍රහ්මණයින් සඳහා යාගහෝම පවත්වන සොත්ථි ශාලාද ශීව ලිංග පූජා පවත්වන සිවිකා ශාලාද එකල පැවති බැව් ගම්‍ය වේ. මේ හැරුණු විට තවත් විවිධ ඇදහිලි පන්සිය ගණනක් පැවති බැව් මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා ශ්‍රී ලංකාවේ ඉතිහාසය නම් ග්රන්ථයට ලිපියක් සපයමින් පෙන්වා දෙයි. නමුත් බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ මහාවංසයේ සඳහන් පරිදි මෙකල බුදුදහම හැර භාරතයේ තිබූ බොහෝ ආගම් හා ඇදහිලි ක්‍රම මෙහි ස්ථාපිතව පැවති බවය. නමුත් විචක්ෂණශීලිව විමසන විට මහා: පරි: 98 ගාථාවේ.
“ නා නා පාසණ්ඩකා ඛෙම වසිංසු සමණා බහු “
ලෙස සඳහන්ව ඇත. මෙහි “සමණා බහු” යන්නෙන් බොහෝ ශ්‍රමණ යන අර්ථය ගෙනදේ. එනම් පණ්ඩුකාභය රජ දවස අනුරපුරයේ බොහෝ ශ්‍රමණයින් (භික්ෂූන්) සිටි බව මෙයින් සිතීමට පුළුවන. නමුත් ඇතැම් විචාරකයින් මෙම සමණාබහු යන්න භික්ෂූන් නොව පරිබ්‍රාජක ලෙස වරදවා වටහා ගෙන ඇත. පරිබ්‍රාජකයින් පිළිබඳ එනමින්ම එහි 101 ගාථාවේ සඳහන් වේ. මේ අනුව දෙතැනක පරිබ්‍රාජකයින් පිළිබ¼ඳව සඳහන් වුවා යන්න සිතීමට ද අපහසුය. එසේම බුද්ධ කාලයේදී භික්ෂූන් හදුන්වා ඇත්තේ සමණ (ශ්‍රමන) ශාක්‍ය පුත්‍ර යන නාමයෙනි. එසේම මහා :14 පරි:9 ගාථාවේ සඳහන් පරිදි මිහිඳු හිමි සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා ලෙස සඳහන් කරයි. මේ අනුවද පණ්ඩුකාභය රජ දවස අනුරපුරයේ බොහෝ ශ්‍රමණයින් (භික්ෂූන්) සිටි බැව් පිළිගැනීමට පුළුවන.
දිව්‍යාවදානය නමැති ඓතිහාසික සංස්කෘත මූලාශ්‍ර ග්‍රන්ථය තුළින්ද බුදුරජුන්ට සමකාලීනව ලංකාවේ බුදුදහම පිළිබඳව තිබූ අවබෝධය පිළිබඳව විමසීමට හැකිවෙයි. දිව්‍යාවදානයේ එන පූර්ණාවදානය - 2 න් කියවෙනුයේ රත්නද්වීපයේ (ලංකාවේ) චන්දන වනයේ සඳුන් දැව වලින් ගඳ කිළියක් කරවා බුදුන් පිදූ පූර්ණ තෙරුන් පිළිබඳවය.
දිව්‍යාවදානයේ සඳහන් සංඝරක්ෂිතාවදානය (23.24) අධ්‍යයනය කිරීමෙන් බුදුරජුන් දවස රත්නද්වීපයේ නාග ළමයින්ට බුදුදහම ඉගැන්වූ සංඝරක්ෂිත හිමියන් පිළිබඳව හෙළිවේ. බුදුන් දවස විසූ සංඝරක්ෂිත හිමියන් මුහුදු ගමනක යෙදී සිටියදී ලක්දිව ආසන්නයේදි එම නැව නාග ගෝත්රිකයින්ගේ භාරයට ගන්නා ලදී. ඔවුන්ට අවශ්‍ය වනුයේ සංඝරක්ෂිත හිමියන්ය. එහි මෙසේ සඳහන් වේ.
“රත්නද්වීපය ආසන්නයේදි ඔවුන්ගේ නැව නාග ගෝත්‍රිකයන් විසින් වට කරන ලදී. සංඝරක්ෂිත අපට දියව්, සංඝරක්ෂිත අපට දියව් යනුවෙන් කෑගසන්නට පටන් ගත්හ. (පි.270 ) ”
මෙම ඓතිහාසික සාධක පුළුල්ව විමසා බලන විට ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයේ ආරම්භයද බුදුරජුන්ට සමකාලීනවම සිදුව ඇති බැව් මනාව පැහැදිලිය.
අශෝක අධිරාජ්‍යයා තම විජිතයේත් අසල රාජ්‍යයන්හිත් දැහැමි සමාජයක් අපේක්ෂා කොට ධර්ම මහාමාත්රවරුන් ලක්දිවට ද පැමිණි බැව් අශෝක ශිලාලේඛන තුළින් විද්‍යාමාන වේ. මේ ධර්ම මහා මාත්රවරුන් ඉදිරිපත් කරන ලද්දේ බුදුසමයේ එන මංගල සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය වැනි සූත්‍රධර්මවල කොටස් බැව් තවදුරටත් අධ්‍යනය කිරීමෙන් හෙළිවේ. මෙය ප්රාග් මහින්දාගමන යුගයේ සිදුවූවකි.
ප්රාග් මහින්දාගමන යුගයේ ලක්දිව බුදුසමය පිළිබඳව හඳුනාගෙන සිටි බවට ජාත්‍යන්තර වශයෙන්ද පිළිගන්නා ප්‍රධානතම ඓතිහාසික මූලාශ්‍රය වෙත අවසාන වශයෙන් අපි යොමු වන්නෙමු. එය වනාහි මහායාන ප්‍රධානතම සූත්‍රධර්මයක් වන ලංකාවතාර සූත්‍රයයි. සංස්කෘත සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රය පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතාය. එතුමා එහි හැඳින්වීම තුළ මෙසේ සදහන් කරයි.” ලංකාවතාර සූත්‍රය ලාංකීය සිංහලයන් වන අපට විශේෂ වැදගත් කමක් උසුලන බැව් සඳහන් කළ යුතු කරුණකි. මේ සූත්‍රය ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද කඳු මුදුනෙහි දී රාවණා රජුට දේශනා කරන ලද්දකි.රාවණා යනු එක් කාලයක සිටි එක් අයෙකු පමණක් නොවන බවත් ඒ නමින් පරපුරක් තිබුණු බවත් සඳහන්ව ඇති කරුණකි. බරණැස බ්‍රහ්මදත්ත රජුමෙනි. “එසේම එතුමා බුදුරජුන් විශේෂයෙන්ම සිංහලයට දුන්, ත්‍යාග කළ සූත්‍ර ධර්මය ලෙස ලංකාවතාර සූත්‍රය හඳුන්වනු ලබයි. ඉහත සාධක තුළින් ප්රාග් මහින්දාගමන අවධියේ ලක්දිව වාසීන් තුළ බුදුසමය පිළිබඳ යම් අවබෝධයක් පැවති බැව් මනාව විද්‍යමාන වේ. නමුත් මූලාශ්රකරුවන් එම කරුණ මතුකොට නොදක්වන්නට වෑයම් කරන ලද්දේ මහින්දාගමනය උත්කර්ෂයෙන් ගෙනහැර පෑමට මූලාශ්රකරුවන් තුළ පැවති අභිලාෂය නිසා විය හැකිය.