මව, පියා, දූ දරුවන්ගෙන් සැදුම්ලත් නිවෙසක හෝ වේවා සමාජයක හෝ වේවා සාමය සතුට උදා වන්නේ, පැවැත්ම තීරණය වන්නේ එහි ජීවත්වන පුද්ගලයන් ගේ ඉවසීමේ ස්වභාවය අනුවය. සුළු දෙයින් පවා කෝපයට පත්වන පුද්ගලයා තමන්ට මෙන් ම සමාජයට ද අනර්ථකාරී වන්නේ ය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඉවසීමේ ගුණය පුද්ගලයා කෙරෙහි වර්ධනය කරගත යුතු උතුම් ගුණධර්මයක් බව දේශනා කොට වදාළේ ඒ නිසා ය.
මෙතෙක් ලොව පහළ වූ කිසිදු ශාස්තෘවරයකු වෙත නොවූ ශ්‍රේෂ්ඨ ගුණධර්මයක් උන්වහන්සේ වෙත වූහ. ඉවසීමේ ගුණය වර්ධනය කිරීමේ ඇති යහපත ලෝකයාට හඳුන්වා දෙන අතර ම ප්‍රායෝගිකව එම ගුණධර්මය ක්රියාවේ යෙදවූහ. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ඒ සඳහා නිදසුන් ලෙස ගත හැකිය.
එක් අවස්ථාවක ගුරු පඬුරු පූජා කරනු වස් ඇඟිලි දහසකින් යුත් ඇඟිලි මාලයකට තවත් එක් ඇඟිල්ලක් සොයා යමින් සිටි අංගුලිමාල නම් වූ ඒ දරුණු පුද්ගලයා හමුවට යෑමට තරම් උන්වහන්සේ නිර්භීත වූහ. අංගුලිමාලට තම අභිප්‍රාය සපුරා ගත නොහැකි වූයේ බුදුරදුන් වෙත වූ මහා ඉවසීම නිසාය.
තවත් අවස්ථාවක කුසෙහි දර මිටියක් බැඳ බුදුරදුන්ට දාව තම කුසේ දරුවෙක් සිටිනවා යැයි චිංචිමානවිකාව බුදුරජාණන් වහන්සේට චෝදනා කළාය. ඒ චෝදනා ගැරහුම් හමුවේ උන්වහන්සේ කෝපයට පත්වූයේ නැත. සියලු චෝදනා උපේක්ෂාවෙන් ඉවසා වදාළහ. බුදුරජාණන් වහන්සේ ගේ ඉවසීම හමුවේ චිංචිමානවිකාවට පරාජයට පත්වීමට සිදුවිය. පසුතැවිලි වන්නට සිදුවිය.
බුදුරදුන් වෙත වූ අසම සම ගුණ හඳුනා නොගත් ආලවක යක්ෂයා “යව මහණ එව මහණ” යැයි බුදුරජාණන් වහන්සේට අණ කරන්නට විය. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ඒ අණ පිළි ගත්හ. සිව්වනුව අණ නොපිළි ගත්හ. ආලවක බුදුරජාණන් වහන්සේට තදින් බැණ වැදුණේය. බුදුන් මෙල්ල කිරීමට ආ ආලවක බුදුරජාණන් වහන්සේ ගේ ඉවසීමේ ගුණය නිසා ම මෙල්ල විය.
සුන්දරී නම් පරිබ්‍රාජිකාව ගේ නොමනා හැසිිරීම නිසා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට අපමණ අපහාස විඳින්නට සිදුවිය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපි වෙනත් ප්‍රදේශයකට වැඩම කරමු” යි එහිදී ආනන්ද හිමියන් ඉල්ලා සිටියහ.
“ආනන්දය ඒ ගම දීත් හිරිහැර විඳින්නට සිදු වූයේ නම් කුමක් කරමු ද? එතැනින් තවත් ගමකට වැඩම කරන්නේ ද? ආනන්දය, මෙහි අවසානයක් දකින්නට නැත. මේ හිරිහැර විඳ මෙහිම විසීම මැනවි” බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. අවසානයේ සත්‍ය වටහා ගත් ගම්වැසියන් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේගෙන් සමාව අයැදූහ.
මේ සියලු සිදුවීම්වලට හේතු වූයේ බුදු රජාණන් වහන්සේ වෙත වූ ඉවසීම ය. ඉවසීමෙන් ජීවිතයට සැනසීම උදාවන බව උන්වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ.
“ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදත්ති බුද්ධා”
ඉවසීම උතුම් වූ තපස් ගුණයකි. බුදුවරු නිවන උසස් කොට කියත්. ධම්ම පදයේ ඉවසීම අර්ථ දක්වන්නේ මෙලෙසය.
විනය, ශික්ෂණය අප කෙරෙන් ගිලිහී ගියේ නම් ක්‍රෝධය, වෛරය නමැති පරම සතුරා අප ගේ ජීවිතයෙන් ඉවසීමේ ගුණය උදුරා ගත්තේ ය. කෙනෙක් ඔබට පහර දුන්නේ යැයි සිතන්න. කෝපයෙන් බැණ වැදුනේ යැයි සිතන්න. විනයක්, ශික්ෂණයක් ඇති පුද්ගලයා, තවත් පහරකින් හෝ බැණ වැදීමෙන් හෝ ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත. ප්‍රති ප්‍රහාර නොදුන් නිසා ඔහු පරාජයට පත්වන්නේ ද නැත. පරාද වූයේ පහර දුන් පුද්ගලයා ය. පහර පිට පහර දෙන්නා පහරට ගොදුරු වන තැනැත්තාටත් වඩා වේදනාවට පත්වන්නේ ය. ඒ කුමක් නිසා ද? අධික කෝපයෙන් ඔහු ගේ ගත සිත දැවෙන නිසා ය.
ගෘහ ජීවිතය සාර්ථක වීමට නම්, සතුට සැනසීම උදාකර ගැනීමට නම් මව සහ පියා අතර මනා ඉවසීමක් තිබිය යුතු ය. එහෙත් අද බොහෝ අඹුසැමියන් වෙත නොවන්නේ ද ඉවසීම ය. ඉතා සුළු සිදුවීමක් පවා විසඳා ගත නොහැකිව පවුල් ජීවිතය විනාශ කරගන්නා තරමට කටයුතු කැරෙන ආකාරය පිළිබඳ මේ සමාජයෙන් කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ.
තම ස්වාමියා ගේ යම් දුර්වලතාවක් දුටු තැන යහපත් ස්වාමි දියණියක් කෝපයට පත් වන්නේ නැත. ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ ඇය ඉවසීමෙන් ම, යහපත් චර්යාවෙන් ම ඒ දුර්වලතාව මඟ හරවා ගන්නට සමත් වන්නී ය. යහපත් ස්වාමි පුරුෂයකු ගේ ගති ලක්ෂණය ද එසේ ය. නිතර අඬ දබර ඇති නිවෙසකට සාමය, සෞභාග්‍යය උදාවන්නේ නැත. දරුවන් යහමඟ යන්නේ නැත.
පෘථග්ජන පුද්ගලයාට ඉවසීම ප්‍රගුණ කළ නොහැකි ගුණාංගයක් බව සමහරුන් ගේ අදහසයි. පුහුදුන් සිතක ඉවසීම රඳවා ගැනීම අපහසු බව සත්‍යයකි. එහෙත් ඉවසීම පුරුදු පුහුණු කර ගත හැකි ගුණාංගයකි. ඔබ උදේ සවස බුදුරජාණන් වහන්සේට මල් පහන් පුදා පංචශීලය සමාදන් වන්නේ නම්, ඒ පන්සිල් පද පහ මනාව ආරක්ෂා කරන්නේ නම්, ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ ගේ ඇසුර ලබන්නේ නම්, නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන්නේ නම්, ධර්මය පිළිබඳ පොත පත පරිශීලනය කරන්නේ නම් ඔබත් නොදැනීම ඔබ ගේ සිත ඉවසීමට හුරු වන්නේ ය.
දරුණු රෝගයක් ඖෂධවලින් සුවපත් කරන්නා සේ ඉවසීම පුරුදු පුහුණු කිරීමෙන් ඔබ ගේ ජීවිතය සුවපත් වන්නේ ය. සමහර අවස්ථාවල දී අප කෙරෙහි ජනිත වන ආවේගශීලී හැඟීම් පාලනය කර ගැනීමට අසීරු විය හැකිය. එහෙත් අපගේ සිතිවිලි තැන්පත් කරගන්නේ නම්, තැන්පත් නුවණක් ඇති කරගන්නේ නම් ආවේගශීලී හැඟීම් පාලනය කර ගැනීම අපහසු වන්නේ නැත.
රටක් සංවර්ධනය වීමට නම් එහි ජීවත්වන මිනිසුන් ගේ චර්යා යහපත් විය යුතුය. සමාජය පුරා නොසන්සුන් බවක් වේ නම්, එකිනෙකා එකිනෙකා වෙත ආවේගශීලීව කටයුතු කරන්නේ නම් ඒ පරිසරයේ සංවර්ධනය නිරන්තරයෙන් ම අඩාල වන්නේ ය. තමන් ගේ නිවෙසින් බැහැර කරන කුණු කසළ තවත් නිවසක් ඉදිරිපිට තබා යෑමට තරම්, යන එන මඟ තොටේ බැහැර කිරීමට තරම් ආකාරුණික සිත් ඇති මිනිසුන් මේ සමාජයේ සුලබය. අප දිවි ගෙවිය යුතු වන්නේ කෙසේ ද?
“අත්තානං උපමං කත්වා”
තමන් උපමාවට ගැනීමෙනි. යම් දෙයකට තමන් අකැමැති නම් අනෙක් පුද්ගලයා ද ඊට කැමැති නොවන බව වටහා ගත යුතු ය. නිතරම පරාර්ථකාමී අදහස් ඇති කර ගත යුතු ය. සමාජයෙන් පරාර්ථකාමී බව අපේක්ෂා කිරීමට නම් පළමුව තමන් පරාර්ථකාමී විය යුතු ය. ආත්මාර්ථකාමී පුද්ගලයා තමන්ට පමණක් නොව සමාජයට ද අයහපත් වන්නේ ය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම කටයුතු කළේ සියලු ලෝක සත්ත්වයා සසරින් එතෙර කරවීමට ය.
උන්වහන්සේ ඒ සඳහා වේලාව අවේලාව නොබැලුහ. අව්ව වැස්ස පින්න චෝදනා ගැරහුම් නොසැලකූහ. සංසාර ගමනේ කෙළවර නොදැක අතරමං වූ සත්ත්වයාට මඟ කියා දෙනුවස් උන්වහන්සේ යොදුන් ගණන් දුර පා ගමනින් වැඩම කළහ. බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ ගමන් ගන්නා අප විසින් කළ යුතු වන්නේ ද හැකි පමණින් සමාජයට යහපතක් කිරීම ය. අඩුම තරමේ සමාජයට අවැඩදායි නොවන ලෙස හැසිරීම ය.
කෙනෙක් යටපත් කොට තවත් කෙනෙක් නැඟී සිටීමට දරනා උත්සාහයක් ද අප ජීවත්වන පරිසරයේ සුලබය. එය යහපත් ප්‍රවණතාවක් නොවේ. එවන් පුද්ගලයා සමාජය පි‍්‍රය කරන්නේ නැත. යහපත් පුද්ගලයා නම් තමන් ගේ දියුණුව ඇති කර ගන්නා අතරම අන්‍යයන් ගේ දියුණුව ද අපේක්ෂා කරන්නේ ය. ඒ සඳහා අත දෙන්නේය. එවන් පුද්ගලයා ප්‍රසන්නය. සමාජයට පි‍්‍රයය. ඔබ උත්සාහ කළ යුතු වන්නේ ඔබ ගේ නිවෙසට ගමට, සමාජයට පරමාදර්ශී චරිතයක් වීමටය. ඔබ කෙරෙන් මතු විය යුතු වන්නේ, ඔබ ගේ චරිතයෙන් සමාජයට උකහා ගත යුතු දේ වන්නේ යහපත් ගුණාංගයන්ය. ක්‍රියාවෙන් මෙන් ම කතාවෙන් ද ඔබට අන්‍යයන්ගේ ප්‍රසාදයට ලක්වීමට පුළුවන.
අප ජීවත්වන කාලය ඉතා කෙටිය. මොහොතින් මොහොත අපි මරණයට ළඟා වෙමු. උත්සාහ කළ යුතු වන්නේ මේ කෙටි කාලයේ මෙලොවටත්, පරලොවටත් වැඩදායක වන ලෙස කටයුතු කිරීමට ය. අද තමන් ගැන ම පමණක් සිතන බොහෝ පිරිස් දිවි ගෙවන්නේ නොමැරෙන පුද්ගලයන් ලෙසට ය. මේ ලොව ජනිත වූ සෑම සත්ත්වයෙක් ම මරණයට පත් වන බව අප සිහි තබා ගත යුතුය. මේ ජීවිතය දුක් සහිත බව, අනිත්‍ය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඔබ ගේ මීළඟ බවය සුවපත් වන්නේ හෝ දුක්ඛිත වන්නේ ඔබ කළ හොඳ නරක අනුවය. කුසල් අකුසල් අනුවය.
මිනිසා සියලු සත්ත්වයන් අතර උසස් වන්නේ විඤ්ඤාණයක් ඇති නිසා ය. සිතන්නට හැකියාවක් ඇති නිසාය. උසස් මනසක් සහිත මිනිසා පහත් ක්‍රියාවන්ට පෙළඹුණේ නම් මේ ලැබු මිනිසත් බවින් ප්‍රයෝජනයක් නැත. මේ යථාර්ථය දැන ජිවිතය සකසා ගැනීමට කටයුතු කළ යුතුය. තමන් හොඳින් ජීවත්වන අතර ම අන්‍යයන් ද හොඳින් ජීවත් කරවීමට ඇප කැප වීම යහපත් ගුණාංගයකි. මිනිසත් බවින් අපේක්ෂා කරන්නේ එයයි. දයාව, කරුණාව, අනුන්ගේ දුකෙහි දී පිහිට වීම යන ගුණාංග ඔබ කෙරෙහි නිරන්තරයෙන් වර්ධනය කර ගත යුතු ය. ඔබ සමාජයට වැඩදායි පුද්ගලයකු වන්නේ, මෙලොව මෙන් ම පරලොව ද සාර්ථක කරගත් පුද්ගලයකු වන්නේ එවිටය