මේ මහා භද්‍ර කල්පයට බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළ වෙති. ඉන් සිවු නමක් මේ වන විට සම්බුද්ධත්වයට පත්ව ලෝක සත්ත්වයාට ධර්මය දේශනා කොට පිරිනිවන් පෑහ. මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ අනාගතයෙහි පහළ වෙති.
පස්ගම්මන ඤාණසාර හිමි
කකු සඳ - කෝනාගමන – කාශ්‍යප - ගෞතම යන බුදුරජාණන් වහන්සේලා තම බුද්ධ කාලය තුළ අපගේ මවුබිම වූ ශී‍්‍ර ලංකා ධරණි තලයට වැඩම කොට සුපූජනීයත්වයට පත් කළ අයුරු මහාවංස - දීපවංස - බෝධිවංස - ථූපවංස ආදී වංශකතාවල සඳහන් වෙයි. මේ අනුව මේ සතර බුදුවරයන් වහන්සේලාම අනුරාධපුරයට වැඩම කොට තිබීම ද විශේෂත්වයකි.
කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට වඩින කාලය වන විට හඳුන්වා ඇත්තේ “ඕජ දීප” නමිනි. මහමෙවුනා උයන “මහා තීර්ථක” නමින් හඳුන්වා ඇත. උන්වහන්සේ මහාතීර්ථකයෙහි (අනුරාධපුර) වැඩ හිඳිමින් ලක්වැසියනට ධර්මය දේශනා කළහ. රාජනන්දා භික්ෂුණීන් වහන්සේ ලවා මහරි (මාර) බෝධීන් වහන්සේගේ ශාඛාවක් වඩමවා අභය නම් රජතුමා ලවා රෝපණය කරවූහ. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශී‍්‍ර ලංකාව නම් කර ඇත්තේ “වරදීප” නමිනි.
එකල මහමෙවුනාව හැඳින්වූයේ “මහ අනෝම වන” නමිනි. ඒ සම්බුදුරජාණන් වහන්සේ ද මෙරට වැසියන්ට ධර්මය දේශනා කොට සන්මාර්ගගාමි කළහ. කනකදත්තා මෙහෙණින් වහන්සේ ලවා දිඹුල් (අට්ටික්කා) බෝධි ශාඛාවක් දඹදිව සිට වඩමවා සමෘද්ධි නම් රජතුමා ලවා රෝපණය කරවූහ. ඉන්පසු පහළ වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේයි.
ඒ සමයෙහි ශී‍්‍ර ලංකාව නම් කර ඇත්තේ “මණ්ඩප දීප” යනුවෙනි. මහමෙවුනාව “මහ සාගර වන” නමින් හැඳින්විනි. රාජ්‍ය විචාළේ ජයන්ත නම් රජතුමා ය. උන්වහන්සේ ද මෙරට වැසියනට දහම් දෙසූහ. ඒ බුදුරජාණන් වහන්සේට සෙවණ දුන්නේ නිග්‍රෝධ බෝධියකි. එනම් නුග ගසයි. සුධර්මා තෙරණින් වහන්සේ ලවා ඒ බෝධි ශාඛාවක් වැඩම වූහ. එය ජයන්ත රජතුමා ලවා රෝපණය කරවූහ.
මේ තුන් බුදුරජාණන් වහන්සේම අද අනුරාධපුර නමින් අප හඳුන්වන පූජනීය භූමියටම වැඩම කළහ. එහි ශී‍්‍ර මහා බෝධි මළුව, රුවන්වැලි සෑ මළුව හා ථූපාරාමය ආදී පූජනීය ස්ථානවල සමාධි සුවයෙන් කල් ගෙවූහ. උන්වහන්සේලා සමඟ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වැඩිය බව සඳහන් වෙයි. ඒ පැරණි බෝධි ශාඛාවන් ද රෝපණය කර ඇත්තේ අද ශී‍්‍ර මහ බෝධීන් වහන්සේ වැඩ වෙසෙන මළුවෙහිමය.
මේ බුදුවරයන් වහන්සේ ජනතාවට පූජා හි වස්තූන් දී තිබේ. ඒ පූජනීය වස්තු තැන්පත් කර අද ථූපාරාම භූමියෙහි චෛත්‍ය ඉදිකළ බව ද සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළ රහතන් වහන්සේලාගෙන් පිරිසක් ද බෝධි ශාඛා වැඩම වූ තෙරණීන් ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලා ද මේ දිවයිනේ නතර කළහ. බුදුරජාණන් වහන්සේ ආපසු දඹදිවට වැඩම කළහ. මේ දිවයින් වැසියෝ උන්වහන්සේලාට සිවු පසයෙන් සංග්‍රහ කළහ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධරමාන කාල පරිච්ඡේදයේම මේ රට ද බෞද්ධ වූහ. මේ පිළිබඳ තොරතුරු මහාවංශයේ 15 පරිච්ඡේදයේ 52 ගාථාවේ සිට ඉදිරියට හමුවෙයි.
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ද තෙවරක් ම ලක්දිවට වැඩම කළහ. ති‍්‍රපිටකාගත ග්‍රන්ථයක මේ බවක් දක්නට නැත. එතකුදු වුවත් ඓතිහාසික සාහිත්‍යාත්මක මූලාශ්රවල පැහැදිලිව ම සඳහන් කර තිබේ.
ගෞතම සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මාසයේ දුරුතු පොහෝදා පළමුවරට ලක්දිවට වැඩම කළ බව මෙසේ සඳහන් කරයි