ධර්මාශෝක අධිරාජයා : රාෂ්ට්‍ර පාලනය
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අතර දේශපාලනය හා බැදුණු ඉගැන්වීම් සමුහයක්ද ඇත. දීඝ නිකායේ පැනෙන චක්කවත්තීසීහනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය හා කූට දන්ත සූත්‍රය යහපත් රාජ්‍ය පාලනයක් සදහා අවශ්‍ය මූලධර්ම පිළිබදව මග හෙළි පෙහෙළි කරන සූත්‍ර ලෙස සැලකෙයි. මේ සූත්‍ර වල රාෂ්ට්‍ර පාලනය හා සෘජුවම සම්බන්ධ වන පෞද්ගලික අයිතිය සමාජ විශමතා වලට අනුව දුශුචරිත ව්‍යාප්ත වන අයුරුත්, සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩ නැංවීම සදහා රජය ජනතාවට අවශ්‍ය ආධාර (ප්රාග්ධනය) සැපයිය යුතු අයුරුත් දක්වා ඇත.
දැහැමි රජ
බෞද්ධ විග්රහයට අනුව පාලකයා ධර්මය අනුව රට පාලනය කරන දැහැමි පුද්ගලයකු විය යුතුය. පාලනය පිළිබද මූලධර්මය ධර්මය වෙයි. පාලි සූත්‍රවල “ධම්මිකො ධම්මරාජා” යන ප්‍රයෝගය නිරතුරුවම දක්නට ලැබෙන්නේ එ හෙයිනි. රජු පිළිබද දැහැමි බව යටතේ රටවැසියා නොපෙලන ගතිය, අයුක්තිය- අසාධාරණය පිටුදැක යුක්තිය හා සාධාරණත්වය මත පිහිටා ක්‍රියාත්මක වන ස්වභාවය මූලික වශයෙන් ගැනෙන අතර, රජු සිව්පා සතුන් වෙතද ධාර්මික රක්ෂාවරණය සැලසිය යුතු යැයි ඉගැන්වෙයි. (රක්ඛාවරණං ගුත්තිං සංවේදහති...මිගපක්ඛීසු) බුදුදහමින් විවරණය කෙරෙන යහපත් පාලකයා පිළිබද පරමාදර්ශී පුද්ගලයා ‘සක්විති රජය’. ඔහුගේ ස්වරූපය මෙබදු ය:
“සක්විති රජ ධාර්මික ව, සාධාරණ ව , ධාර්මික පාලකයෙකු ව, සිව් දිග ජය ගෙන, ජනපද තහවුරු කොට ගෙන, දඩු අවි නොගෙන, දැහැමෙන් සෙමෙන් මේ පෘථිවිය ජය ගෙන වෙසෙ යි.”
මේ මගින් රටවැසියාගේ ආර්ථික හා අධ්‍යාත්මික අභිසංවර්ධනය සදහා ශ්‍රමය හා කාලය කැප කිරීම අපේක්ෂා කෙරේ. රට තුල මේ අංශ දෙක වර්ධනය කරලීමට අවශ්‍ය ජනතා උද්යෝගය ජනිත කිරීම රජුගේ මූලික යුතුකමකි.
විශිෂ්ට පාලකයකුගේ පරමාදර්ශී ස්වරූපය සක්විති රජුගෙන් මූර්තිමත් වෙයි. බෞද්ධ විග්රහයට අනුව සක්විති වත් හතරකි.
i. දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
ii. ජීවිත සුරක්ෂිතතාව සහතික කිරීම
iii.ආර්ථික සුරක්ෂිතාව ඇති කිරීම
iv.විශාරදයන්ගෙන් උපදෙස් ලබා ගැනීම
මීට සියවස් විසි පහකට පෙරාතු ව බුදුරජුන් අනුදත් මේ මූලධර්ම වත්මන් පාලන ව්‍යුහය අනුව ද අර්ථවත් වෙයි; ව්‍යවහාරික රාජ්‍ය තාන්ත්‍රික කාර්යන්ගෙන් වුව මෙය ප්‍රකට වෙයි. පාලකයකු වෙත පැවතිය යුතු ගුණධර්ම ‘දශරාජදර්ම’ නමින් බුදුසමයෙහි ඉගැන්වෙයි. ඡන්ද, දෝෂ, භය, මෝහ යන අගති සතරින් වෙන්වීම ද, ජනතා සුබසෙත උදෙසා සිවුසගරාවත් පිරීමද බුදුසමය අනුදනි යි. රජු සිව්බඹවිහරණයෙන් යුතුව රටවැසියා පාලනය කල යුතුය.
“ධර්ම චක්‍රය නිසා බල චක්‍රය කැරකෙන්නේය.” (බල චක්‍රං නිඃශ්රාය ධර්ම චක්‍රං ප්රවර්තතේ) යනු බෞද්ධ දේශපාලන දර්ශනයේ පදනම යි. දෙදහස් පන්සිය වසරක බෞද්ධ ඉතිහාසය තුළ බෞද්ධ දේශපාලන මූලධර්ම ප්‍රායෝගික ව භාවිතා කල බෞද්ධ නරවිරුවන් රතර දේවානමිප්රිය ප්‍රියදර්ශී රජතුමා අද්විතීය ස්ථානයක් උසුල යි. බෞද්ධ අර්ථ ඉගැන්වූ චක්‍රවර්තී සංකල්පයට අනුව රාජ්‍ය පාලනය කල ප්‍රථමයා ධර්මාශෝක අධිරාජයා ය. රජතුමා විසින්ම පිහිටුවා ඇති සෙල්ලිපි පිරික්සන කල මෙය මනාව සනාථ වෙයි. ප්‍රියදර්ශී රජ යුද බෙර හඩ වෙනුවට ධර්ම යාත්‍රා ආරම්භ කළේ ය.
ධර්ම විජය
දිග් විජය (=දේශ-දේශාන්තර විජයග්රහනය) නිරායාසයෙන් සිදු නොවෙයි. ඒ සදහා සටන් කල යුතුය; යුද්ධ කල යුතු ය. යුදුධෙයෙහි අනිවාර්ය ප්‍රතිථලය විනාශය යි. දිග් විජය ප්‍රතිපත්තිය අනුව මිනිසුන්, සතුන් හා දේපල විනාහ වීම අනිවාර්ය ය. කාලිංග සංග්රාමයෙන් අශෝක රජ මෙය අතුදුටුයේ ය; එ මගින් දිග් විජය ප්‍රතිපත්තිය බැහැරලා ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය; ඒ ප්‍රතිපත්තිය දිවි හිමියෙන් ක්‍රියාවට නැගී ය.
“ධර්ම විජය යන නමක් වෙයි නම් එය දෙවියන්ට ප්‍රිය වූ රජුගේ ප්‍රධාන විජය වෙයි....... මගේ පුත්‍රයෝ ද මුණුබුරෝද අසත්වා! අලුත් විජිතයක් දිනීමට නො සිතවු.....; ධර්ම විජයම විජය ලෙස සලකත්වා!”(13ගිරි ලිපිය)
අශෝක රජතුමා සියළු ආකාරයේම භීෂණ බ්රියාවන් ගෙන් අත්මිදුණේ ය. හිංසන ප්‍රතිපත්තිය වෙනුවට අවිහිංසා ප්‍රතිපත්තිය අනුගමනය කළේ ය. මේ අවිහිංසා ප්‍රතිපත්තිය පළමුවෙන් තමා වෙතින් රජතුමා ආරම්භ කළේ ය. හෙතෙම එ බැව් අවංක ව ම පළ කර යි.
“පෙර දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජුගේ මුළුතැන් ගෙයි නොයෙක් දහම් ගණන් සතුන් සූප (හොදි) සදහා මැරූ හ. එය දැන් යම් දිනෙක මෙම ධර්ම ලිපිය ලියවන ලද නම් එදින සිට ප්‍රාණීහු තුන් දෙනෙකු පමණක් මරණු ලැබෙති. මොණරු දෙදෙනෙක් හා මුවෙක් ද යන තිදෙනා ය. ඒ මුවා ද හැම දිනම මරනු නොලැබේ. මේ ප්‍රාණීහු තිදෙනා ද (මත්තෙහි) නො මරනු ලබන්නා හ.”(1 ගිරි ලිපිය)
“දෙවියන්ට ප්‍රිය වූ රජතුමා සියලු සතුන්ගේ පීඩා රහිත බව ද සංයමය ද සමචර්යාව ද සතුටින් විසීම ද කැමති වෙයි.”(12 ගිරි ලිපිය)
සිවුපා සතුන් කෙරෙහි පවා දැක්වූ මේ ආකල්පය හේතු කොට ගෙන එතුමා තුළ සියළු රටවැසියන් සිය දරුවන් සේ සැළකීමේ බෞද්ධ පාලකයකු සතු විය යුතු ශක්‍යතාව රෝපණය වී වර්ධනය වූයේ ය. එතුමා නොපැකිළ ව “සියළුම මිනිස්සු මගේ දරුවෝය (=ස වෙ මුනිසෙ මම පජා)”යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. අශෝක රජ තුළ වර්ධනය වී ව්‍යාප්ත වූ මේ ආකල්පය සිය සිය දේශය පුරාම පැතිර ගියේ ය. රජ පදවියට පත් වී විසිහත් වන වසරේ දී හෙතෙම මෙසේ සටහන් කරයි.
සුභසාධනය
“තම තමන් ගැන සිතා බැලීම කරන කොට ගෙන සත්වයන්ට හිංසා නොකිරීම නිසා ද මිනිසුන්ගේ ධාර්මික දියුණුව වැඩි විය.”(7 ටැම් ලිපිය)
ධර්මාශෝක රජතුමා මිනිසුන්ට පමණක් නොවතිරිසන් සතුන්ට ද ආරෝග්‍යශාලා පිහිටුවී ය.(දුවේ චිකිසකා කතා, මනුස චිකිසා ච පසු චිකිසා ච-ගිරිනාර් ලිපිය);මිනිසුන්ට හා සතුන්ට බෙහෙත් සදහා අවශ්‍ය වෘක්ෂලතා රෝපණය කරවී ය; සමහර වෘක්ෂ පිටරටින් ගෙන්වා සිටුවූයේ ය; තැන් තැන්වල ජලාශ ඉදිකරවී ය; මිනිසුන්ට හා සත්න්ට සෙවන ලබා දීම පිණිස මහා මාර්ග වල රුක් රෝපණය කරවූයේ ය; පානය පිණිස ජළය ලබා ගැනීමට ලිං කැනවී ය.(ගිරිනාර් අංක 02)
බෞද්ධ පාලකයා ආත්මාර්ථය පිටුදැක පරාර්ථ චර්යාවෙහි නිරත විය යුතු ය. චක්‍රවර්තී රාජ සංකල්පය මේ කරුණ අවධාරණය කරයි. අශෝක රජතුමා කොපමණ මහජන සේවාවෙහි නියලුණු ද එයින් තෘප්තියට පත්වූයේ නොවේ.
“මහජන සුභ සිද්ධිය සදහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීම මම කිසි විටෙක තෘප්තියට නො පැමිණියෙමි. සියළු ලෝකයාගේ යහපත සදහා වැඩ කිරීම මාගේ බලවත් යුතුකම යැයි මම සිතමි. නොපසුබස්නා උත්සාහයත් (ප්‍රජාවගේ යහපත සදහා) නිතරම වැඩ කිරීමත් එම අදහස මුල්කොට ඇත.”
“සියළු ලෝකයාගේ යහපත පිණිස වැඩ කිරීමට වඩා ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් මට වෙන නැත්තේ ය. මා කුමන උත්සහයක් ගන්තත් ඒ ගන්නේ සියළු සත්ත්වයන්ට ම ඇති ණයෙන් මිදීමට ය. පරලොවදි මොවුන්ට ස්වර්ගය ලබා දීමට ය.”
අශෝක රජතුමාගේ මේ ප්‍රකාශය දශරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු හා විශේෂයෙන් සිවුබඹවිහරණ යන බෞද්ධ දේශපාලන මූලධර්ම ගැඹුරින් අවබෝධ කොට ගෙන, ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීමේ ප්‍රතිඵල ලෙසින් නිගමනය කල හැකි ය. ඔහු ‘ධර්මය’ යන්න විවරණය කල නිර්වචනයෙන් ද මේ බව ප්‍රකට වෙයි.
“ධර්මය යහපති ධර්මය කුමක්ද යත් ආශ්‍රවයන් අඩු බව, බොහෝ වූ යහපත් ක්‍රියා, දයාව, දානය, සත්‍යය,පිරිසිදු බව යන මේ ය.” (ධංමෙ සාධු කියං චුධං චෙති. අපා සිනවෙ බහු කාය නොදයා දානො සාවෙ සො ච යො).
බුදුසමය අනුදත් දේශපාලන ඉගැන්වීම් අනුව පහත සදහන් අශෝක ප්‍රකාශය අත්‍යන්තයෙන් බැදී පවත්නා අයුරු මනාව ප්‍රකට වෙ යි.
“දාස සේවකයන් කෙරෙහි මනාව පිළිපැදීම ද, ඇසුරු කළවුන්ට, නැදෑයින්ට, මහණ බමුණන්ට දන් දීම ද, සතුන් නොමැරීමද කළ යුතු ය.”(ගිරි ලිපි 11)
“ මා-පියන්ට සේවා කිරීම මැනවි. මිත්‍රයන්ට හදුනන්නවුන්ට නෑදෑයන්ට හා මහණ බමුණන්ට දන් දීම මැනවි.”(ගිරි ලිපි 3)
“යමෙක් දේවප්‍රිය රජු හට යම්බදු අවමාන කෙරේ ද, දේව ප්‍රිය රජ ඒ සියල්ල ඉවසමින් එම අවමානය කරන්නාට හැකිතාක් සමාව දෙන්නේ ය.”(13 ශිලා ලිපිය)
ක්ෂාන්තිය දශරාජධර්ම වලින් එකකි. ඉවසීම එයින් ප්‍රකාශ වෙයි. රාජ්‍ය පාලනයෙහි දී නො ඉවසිලිමත් භාවය හා ක්ෂණික තීරණ ගෙන ක්‍රියාවට නැගීම සමහර විට මුලු රටක්ම අසීරු තත්ත්වයට පත් කිරිමට සමත් වෙයි. බුද්ධිය තාරුණ්‍ය හා බලය පාලකයෙකුගේ ඉවසීම පලවා හරින සාධක සේ ඉදිරිපත් වෙ යි. පාලනයෙහි ස්ථාවරත්වයට පාලකයාගේ ඉවසීම බලපායි. එ බැවින් සෑම පාලකයකු තුළම ඉවසීමේ ගුණය රෝපණය විය යුතු ය. අශෝක රජු තුළ එය මැනවින් වර්ධනය වී පැවතුණි.
“ප්‍රත්‍යන්ත දේශවාසීන් ගැන රජුගේ අදහස් කෙසේද යනු දැන ගැනීමට කැමැත්ත ඇති විය යුතු ය. මේ කියන කරුණට මාගේ කැමැත්ත මෙසේ ය:
රජු විසින් අවිජිත ඒ ප්රත්යන්තවාසී ස්වාධීනයෝ මා කෙරෙහි විශ්වාසය තබා බය රහිත වෙත්වා! ඔවුහු මා කෙරෙහි සුඛභෝගයන් ලබත්වා! දුකක් නො ලබත්වා!”.(කාලිංග ලිපි 2)
“දේවප්‍රිය රජුගේ ධාර්මික පැවැත්ම කරණ කොට ගෙන ධර්මඝෝස භේරිය පහළ විය.”(4 ශිලා ලිපිය)
රාෂ්ට්‍ර පාලනය විශයෙහි අශෝක රජු බුදුසමයෙන් කෙතරම් ගැඹුරු ආභාසයක් ලැබීද යන්න මේ ප්‍රකාශ වලින් ප්‍රකට වෙයි. මෙහි ඇති සුවිශේෂත්වය නම් එතුමා ඒ බෞද්ධ නිසි පරිදි ක්‍රියාවට නගා, ඒවායෙහි ප්‍රතිඵල ද නිසි ලෙස නෙළා ගැනීම යි.
ආගමික සහනශීලතාව
ඈත අතීතයේ සිටම ඉන්දියාවේ ආගම් රැසක් ද ජාතීන්රැසක් ද පැවතගෙන එයි. ආගමි රැසක් පවත්නා දේශයකට ආගමික සහනශීලතාව අත්‍යවශ්‍ය ය. පාලනය විශයෙහි බුදුරදුන් අනුමත කල සප්ත අපරිහානීය ධර්මවල ආගමික සහනශීලතාව ද ඇතුළත් ය . අශෝක රජතුමා මේ කරුණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ අයුරු ඔහුගේ ප්‍රකාශ තුළින් ගම්‍ය වෙ යි.
“රජතුමා සියළු තන්හිදී ම සියළු ආගමිකයෝ වෙසෙත්වා”යි කැමති වෙති. ඒ සියල්ලෙහිම සංයමය හා ආධ්‍යාත්මික ශුද්ධිය, කෘතඥතාව, දෘඩ භක්තිය යන මේවා ශ්‍රේෂ්ඨ යයි සලකති.”(ගිරි ලිපි 7)
“ස්වකීය ලබ්ධියට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධීන්ට ලර්හා කිරීම නො කටයුතු ය. යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ට ද පූජා කටයුතු වේ. එයින් උභය පක්ෂයේ ම අභිවෘද්ධිය සිදු වේ. එසේ නොකලහොත්, තමන්ගේ ලබ්ධියට පාඩු ද අන්‍ය ලබ්ධිකයන්ට අපකාර ද වේ. ඉදින් යමෙක් තම නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිසහෝ ස්වකීය ලබ්ධියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිගා කෙරේ නම්, හෙතෙම තම නිකායට හානි පමුණුව යි. එ බැවින් සාමග්‍රිය උතුම් වේ. සියල්ලෝම ඔවුනොවුන්ගේ ආගම ධර්මයන් දැන ශ්‍රවනය කරත්වා! අනුදත් අදහන ධර්මය ඇසිරීමට රුචි උපදවත්වා!” (12 ගිරි ලිපිය)
“සියළු නිකායෝම විසින් නානා පූජා සංග්‍රහ වලින් පුදනු ලබති.”(6 ටැම් ලිපිය)
පුරාණ වජ්ජි රජ දරුවන් විසින් පිළිපැදි අපරිහානී ධර්මයන්හි හය සහ හත මෙසේ යි:
6. වජ්ජි රාජ්‍ය ඇතුළත හා පාටත පිහිටි පූජනීය ස්ථාන වලට ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම.
7. ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැලසීම;රටට පැමිණි පූජකයන් එහි සුවාස් විසීම හා නොපැමිණි පූජකයන් එහි පැමිණවීම
දශරාජධර්මයන්හි ‘අවිරෝධතා’ යන්නෙන් පරස්පර විරෝධී අදහස් උදහස් දරන පුද්ගලයන් සමග සුහදතාවෙන් කටයුතු කිරීම ඉගැන්වෙ යි. බහු ආගමික හා බහු ජාතික ජන සමාජයක් තුළ ජාතික හා ආගමික සහනශීලතාව අත්‍යවශ්‍යම දෙයකි. අශෝක රජතුමා මේ කරුණ ඉතා විචක්ෂණ ව අවබෝධ කොට ගෙන ක්‍රියාත්මක කළේ ය. එ කල භාරතයේ පැවති විවිධ සාමයික ඉගැන්වීම් පිළිබද මනා අවබෝධයක් රජුට තිබිණි. මේ විවිධ ආගම් වල ඇතුළත් වූ ලෞකික ජීවිතය සැපවත් කිරීමට අදාළ ඉගැන්වීම් අශෝක රජතුමා විසින් මනා ව හදාරා ඒවා රට වැසියාගේ ප්‍රයෝජනය සදහා සෙල්ලිපි මගින් නිර්දේශ කළේ ය;ක්‍රියාවට නැගිය හැකිව පැවති සන්නිවේදන මාධ්‍යන් ඉවහල් කොට ගනිමින් ඒ පණිවිඩය ජනතාව වෙත ගෙන ගියේ ය; මේ සදහා ධර්මානුශාසනය මෙන්ම සෙල්ලිපි, ටැම් ලිපි සහ ගිරි ලිපි උපයෝගී කොට ගත්තේ ය.
ධර්මයාත්රා
විහාර යාත්‍රාවට වඩා ධර්ම යාත්‍රාව අනුගමනය කළ රජතුමා ආර්ථික සමෘද්ධිය ද සදාචාරාත්මන සමෘද්ධිය ද ඇති කළේ ය.යුක්ත, රාජුක හා ප්‍රාදේශික යන නිළධාරින් පත්කොට මුළු භාරතය පුරාම ආර්ථික සදාචාරාත්මක සැළසුම් දියත් කළේ ය; සැළසුම් නිසි ලෙස ක්‍රියාත්මක වේ දැයි සමීක්ෂණය කළේ ය; ඒවායෙහි ප්‍රගතිය සමාලෝචනය කළේ ය. මේ හේතුව නිසා පූර්වෝක්ත ආර්ථික හා සදාචාරාත්මක සැළසුම් රට පුරා එක ලෙස ක්‍රියාත්මක වු බව පිළිගත හැකි ය. මේ ක්‍රියාදාමය ස්වදේශයෙහි ද ක්‍රියාත්මක වූයේ ය. මේ කරුණ රජතුමා විසින් ම ඉස්මතු කොට දක්වා තිබේ.
“දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී මහරජුගේ දැහැමි අනුශාසනා පිළිපදින්නෝ හැම තන්හිම සිටිති. යම් රටකට දේවානම්ප්‍රිය ප්‍රියදර්ශී මහරජුගේ දූතයෝ නො යත් ද, ඒ රටෙහි ජනයා පවා මේ දහම් අනුශාසනා අසා දැහැමෙහි හැසිරෙති. ඒහැම තන්හිම දිනු මේ දැහැමි දිනුම සතුට උපදව යි. දැහැමි දිනුමෙන් ලැබෙන්නේ සතුට ය.”
මාඝාතය
මාඝාතය (=සතුන් නොමැරීම) පැණ වූ ප්‍රථම බෞද්ධ අධිරාජයා ධර්මාශෝක රජතුමා ය. එතුමාගේ පස් වැනි ටැම් ලිපියෙහි ඒ පිළිබදව විස්තරාත්මක ව කරුණු සදහන් කොට තිබේ. එ මගින් සතුන් පමණක් නොව වෘක්ෂලතාදිය ද ආරක්ෂා කළ කුතු බව අවධාරණය කොට ඇත. පරිසර සංරක්ෂණය පිළිබද මේ මහගු ආදශය එතුමා ක්‍රියාවෙන්ම මූර්තිමත් කළේය .
“රජ මෙසේ කිය යි. අභිෂේක කළ සිවිසිවක් ඇත්තා වූ මා විසින් මේ ජීවීහු නො නැසිය යුතු කරන ලද හ. එ නම් ගිරවු සැළලිහිණි යන මොවුහු ද පරිභෝගයට නොගන්නා හ. නොකන සියළු සිවුපාවෝ ද යන මොවුහු ද වෙති. එළු දෙන ද හූරු දෙන ද ගැබිණි වූවා හෝ කිරි පොවන්නී වූවා නොමැඑිය යුතු ය. සමසක් නොවු පැටවු ද නො නැසිය යුතු ය. කුකුළන් අභීජ නොකල යුතු ය. ඉබ්බන් වැනි පොතු ඇතුළේ ජීවත් වන සතුන් පණ පිටින් නොදැවවිය යුතු ය. වනය නිකරුණේ හෝ සතුන්ට හිංසා පිණිස හෝ නො දැවිය යුතු ය. ප්‍රාණියකුගෙන් සතෙකු මරා දීමෙන් ප්රාණියෙකු පෝෂණය නොකළ යුතු ය. නියමිත හැම උපෝස්ථ දිනයන්හි ද සතුන් නොමැරිය යුතු ය. නො විකිණිය යුතු ය. මෙකී දිනවලම නාග වනයෙහි ද, මසුන් මරන්නන් ගේ පොකුණු වල ද යම් අන්‍ය වූ සත්ත්ව වර්ගයෝ වෙත්නම් ඔවුහු ද නො නැසිය යුත්තා හ.”
බෞද්ධ පාලකයා මිනිසුනිට පමනක් නොව සිවුපාවුන්ට හා පක්ෂීන්ට ද ආරක්ෂාව සැලසිය යුත් බව ඉහත දී අපි සාකච්ඡා කලෙමු. ලෝක ඉතිහාසයේ පළමු වරට අශෝක රජතුමා මේ බෞද්ධ ඉගැන්වීම් ක්‍රියාවට නැගූ අයුරු මේ ප්‍රකාශයෙන් ප්‍රකට වෙයි. මිහිතලය සියළු දෙනාටම අයත් බවත්, මිනිසාගේ පැවැත්මට සිවුපාවුන් පක්ෂීන් පමනක් නොව වෘක්ෂ ලතා ද අවශ්‍ය වන බවත් ඉහත සදහන් ප්‍රකාශයෙන් ගම්‍යමාන වෙ යි.
විධායකය හා අධිකරණය එකට බැදී පවති යි. ප්‍රජා පාලනයෙහිදී වැරදි කරුවන් සුමගට ගැනීම සදහාත්, සමාජ යහපැවැත්ම සදහාත් නීතිය ක්‍රියාත්මක කල යුතු වෙ යි.නීතිය සමග දණ්ඩනය ද අත්වැල් බැද ගෙන සිටී. බෞද්ධ අධිකරණ ක්‍රමය වුකලි හුදෙක් දඩුවම සදහා ම වෙන් වූයේ නොවේ. දඩුවම මගින් පුනරුත්ථාපනය සිදු වෙ යි. දඩුවම් පමුණුවා වරදකරු සුමගට ගැනීමට බෞද්ධ නීතිය උපදෙස් සපය යි. එ බැව් දත් අශෝක රජතුමා බන්ධනාගාර ගත වූ සිරකරුවන් විසිපස් වරක් නිදහස් කල බව සදහන් වී ඇත.
“අභිෂේක කොට සවිසි වසක් ඇති මා විසින් මේ දක්වා අතරතුර කාලයෙහි සිරකරුවන් නිදහස් කිරීම් විසි පහක් කරන ලදි.”(5 ටැම් ලිපිය)
මූලික වශයෙන් අශෝක සෙල්ලිපි ඇසුරු කරමින් ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය පාලනය පිළිබද ඉහත සාකච්ඡාව සිදු කළේ ඓතිහාසික ව ඒ කරුණු සනාතව ඇති හෙයිනි. දේශපාලනය පිළිබද බෞද්ධ ඉගැන්වීම හුදෙක් පොතට හෝ දේශනයට හෝ සීමිත වූවක් නොවේ. එය භාවිතයෙන් තොර වන හුදු සිද්ධාන්ත පද්ධතියක් පමණක් ද නොවේ. ඉතා යහපත් සේ භාවිතයට ගත හැකි මූලධර්ම සමුදායකි. එය ඓතිහාසික වශයෙන් සත්‍ය බව ධර්මාශෝක රජතුමා මූර්තිමත් කොට දැක්වූයේ ය.