7 පරිච්ඡේදය
සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
බෝධි පාක්ෂික ධර්ම හැදින්විම
බුද්ධ ධර්මය මූලික වශයෙන් විමුක්ති මාර්ගයකි. පුද්ගලයා නිරන්තරව සන්තානගතව සහ සමාජගතව විදිනා අනේකවිධ දුක් සමුහයෙන් නිදහස් වන අන්දම පෙන්වා දෙන්කි. චතුරාර්‍ය්‍ය සත්‍යය හා පටිචිචසමුප්පාද දේශනාවන් තුළින් බුදු දහම සත්ත්වයාගේ දුක ඇති වන අන්දමත්, දුකින් නිදහස් වන අන්දමත් හේතුඵලවාදිව පෙන්වා දීඇත.
නිර්වාණ අවබෝධය බෞද්ධයාගේ මූලික අරමූණයි. ඒ සදහා සොවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර මාර්ගඥානයෙන් ස්වකීය සන්තානෙයෙහි උපදවා ගත යුතු ය. බෝධ නමින් හැදින්වෙනඑම ලෝකෝත්තර මාර්ගඥානයන් උපදවා ගැනිම සදහා ඉවහල් වන ධර්ම සමූහය බෝධි පාක්ෂික ධර්ම නමින් හැදින් වෙයි. නිර්වාණගාමී ප්‍රතිපදාවෙ ඇතුළත් වන ශිල, සමාධි, ප්‍රඥා යන ත්රිෂික්ෂා වර්ධනය කිරිම - දියුණුකිරිම - බෝධි පාක්ෂික ධර්ම වැඩීම යි.
බුදුදහමේ ඉගැන්වෙන නිවන් මග අනුපුර්ම ප්‍රතිපදාවකි. අනුක්රමයෙන් ටිකෙන් ටික ඉදිරියට යාමට මග පෙන්වන්නකි. ඒ ඒ පුද්ගලයාගේ ශක්තියේ ප්‍රමාණය අනුව නිර්වාණගාමී ප්‍රතිපත්ති පුරණයට බුදුදහමින් පුද්ගලයාට නිදහස දී ඇත. බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමේදි ද , මේ නිදහස එලෙසින් ම ඇත. යම් කෙනෙකුට අවශ්‍ය නමි දෛනීක ජීවිතයේ වෙනත් කටයුතු රැක
රක්ෂා කරන අතරමත් බෝධි පාක්ෂික ධර්ම ප්‍රගුණ කළ හැකි ය. බෝධි පාක්ෂික ධර්ම වැඩීමට නමි ගිහි ගෙයින් නික්ම පැවිදි විය යුතු ම යැයි කල්පනා කිරිම වැරදිය. යමෙකුට ගෘහ ජීවිතයේ සියලු කටයුතු වලින් නිදහස්ව අනගාරීකව නිර්වාණගාමී ප්‍රතිපදාව සමිපුර්ණ කිරිමි වශයෙන් බෝධි පාක්ෂික ධර්ම වැඩීම ද කළ හැකි ය. මෙසේ කිරිමෙන් සොවාන් ආදි මාර්ග අවබෝධය ඉක්මන් වෙයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ධර්මය ලෝක සත්ත්වයා හට දේශනා කිරිම සදහා සිතු අවස්ථාවේහි සමාජය පියුමි විලක් සේ දුටු බව පෙලෙහි සදහන් වේ. දිය යටම මඩෙහි ගැටුණු පියුමි , දියෙන් උඩට මතු විමට ආසන්න පියුමි සහ දියෙන් උඩට මතු වු පියුමි සේ මේ මිනිස් සමාජයෙහි ද විවිධ මටිටමින් පින් මෙරු පුද්ගලයන් සිටින බව බුදුරජාණන් වහන්සේ දුටහ. එවැනි පින් මුහුකුරා ගිය පුද්ගලයෝ “වෙන්යෙය ජන”
“වෛනෙය ජන’’ යනුවෙන් හැදින්වෙති. එහිදි විවිධ ලෙසින් පින් මේරූ අය නම් මෙවැනි බෝධි පාක්ෂික ධර්ම සමිපුර්ණ කිරිමට සංසාරයේදි අඩු වැඩි වශයෙන් උත්සාහ ගත් අයය. වෛනෙය ජන වශයෙන් හැදින්වෙන පුද්ගලයෝ බෝධි පාක්ෂික ධර්ම ඉතා උසස් ලෙස ප්‍රගුණ කළ අය වෙති. මේ හැකි ප්‍රමාණයකින් හැකි අවස්ථාවක බෝධි පාක්ෂික ධර්ම වැනි ගුණ දහමි සමිප්රර්ණ කිරිමට උත්සාහ කිරිම ඵලදායකය.
සීලය පදනමි කොට ගැනීම
බෞද්ධ විමුක්ති මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශක්ෂාවෙන් යුක්තය. එමෙන් ම එහි අනුපිළිවෙලක් ද ඇත. ඒ අනුව ශීල ශික්ෂාව සමාධි නොකොට සමාධි ශීක්ෂාවට හෝ, යා නොහැකි ය. එමෙන් ම සිල් පිරිම හෙවත් නිවන් මගට පැමිණිම පළමු පියවරයි. මජ්ඣිම නිකායේ රථ වීනීත සුත්‍රයෙහි සත්වයාගේ පවිත්රත්වය හෙවත් විශුද්ධිය සිදු වන පියවර සතක් අනුපිළිවෙළින් දක්වා ඇත. සප්ත විශුද්ධිය නමින් හැදින් වෙන එහි මුල් පියවර ශීල විශුද්ධියයි. බෝධිපාක්ෂික ධර්ම සමිපුර්ණ කිරිමට පටන් ගන්නා තැනැත්තා පළමුව ශලයෙහි පිහිටවිය යුතු ය. ශීලය යනු පුද්ගලයා තුළ පවතින්නාවු යහපත් ස්වභාවයයි.පුහුදුන් පුද්ගලයා තුළ පවත්නා ප්‍රකෘති ස්වභාවය “දූස්සීල” නමි වන අතර , එය සසරට විරුද්ධ වු නිවන් මගට අනුකූල වු නිවනට පටහැනි වු ස්වරූපයයි. ශිලය යනු සසරට විරුද්ධ වු නිවන් මගට අනුකූල වු ස්වරුපයයි. මෙහි ශිලය නමි පංච ශිලය, ආජීව අෂ්ටමක ශීලය, අෂ්ටාංග ශීලය හෝ දශ ශීලයයි. බෝධීපාක්ෂික ධර්ම වැඩීම හා ශීලයඅතර සමිබන්ධයක් තිබේ. ශීලය බෝධී පාක්ෂික ධර්ම වලට ඇතුළත් වන අතර බෝධී පාක්ෂික ධර්ම වැඩීමෙන් කෙලෙස් තුනී වී සිල් ආරක්ෂා කිරිමට පහසු වන්නේය.
බෝධීපාක්ෂික ධර්ම දේශනා කිරිම
බුදුරජාණන් වහන්සේ මෙන්ම සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් ද වරින් වර කරන ලද දේශානාවන්හි බෝධීපාක්ෂික ධර්ම ඇතුළත්ව තිබේ. වරක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සාම ග්‍රාමයෙහි වැඩ විසු හ. එහිදි ආනන්ද තෙරණුවන් හා චුන්දසමණුද්දේසයන් ද අමතා , තමන් වහන්සේ වටහා ගෙන ඇති ධර්මය හැටියට සතර සතිපට්ඨාන, සතර සම්යග්ප්රධාන, සතර සෘදධිපාද, පංචේන්ද්‍රිය, පංච බලය, සත්ත බෝජ්ඣංගය හා ආර්යඅෂ්ටාංගික මාර්ගය හදුන්වා දුන් බව මජ්ඣිම නිකායේ සාම ගාම සුත්‍රයේ සදහන් වේ. කුසිනාරා නුවර බළිහරණ වන පෙදෙසෙ දි සතර සතිපට්ඨාන, සතර සම්යග්ප්රධාන, සතර සෘදධිපාද, පංචේන්ද්‍රිය, පංච බලය, සත්ත බෝජ්ඣංගය හා ආර්යඅෂ්ටාංගික මාර්ගය භික්ෂුන් අමතා මේ කරුණුම වදාළ බව මජ්ඣිම නිකායේ කින්ති සුත්‍රයෙන් පෙනෙයි. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදිම ධර්මය සංගායනා කිරිමක් හැටියට සැරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් අමතා දේශනා කරන ලද ධර්ම කොට්ඨාෂ රාශියක් දීඝ නිකායේ සංගිත් සුත්‍රයෙහි සදහන් වෙයි. එම දහමි කොටස් අතර සතර සතිපට්ඨාන, සතර සම්යග්ප්රධාන, සතර සෘදධිපාද, පංචේන්ද්‍රිය, සත්ත බෝජ්ඣංගය හා ආර්යඅෂ්ටාංගික මාර්ගය ද ඇතුළත් විය. එහි පංච බලය නොදැක්වේ. ඒ වෙනුවට විරිය බල, සති බල, සමාධි බල හා පඤ්ඤා යන බල සතරක් ගැන සදහන් වෙයි. සද්ධා බලය නොදැක්වෙයි.
බුදුරජාණන් වහන්සේ වරක් සැවැත් නුවර ජේතවනාරාමයේදිම භික්ෂුන් අමති මහා සළායතන සුත්‍රය දේශනා කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන තැනැත්තා තුළ සතර සෘදධිපාද, පංචේන්ද්‍රිය, පංච බලය, සත්ත බෝජ්ඣංගය ධර්මයන් වැෙඩන බව වදාළ හ. එමෙන් ම සියලු භික්ෂුන් විසින් මෙම සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් සමගියෙන් සතුටින් වැඩිය යුතු බව බුදු රජාණන වහන්සේ විසින් කුසිනාරා නුවර බලිහරණ වනයේදි දේශනා කළ බව මජ්ඣිම නිකායේ කින්ති සුත්‍රයෙන් පෙනේ.
කමටහන් ලෙස
නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කරන්නවුන්ට මෙම බෝධි පාක්ෂික ධර්ම කර්මස්ථාන වශයෙන් ගෙන වෙන වෙන ම වැඩිය හැකි ය. එසේ බෝධිපාක්ෂික ධර්ම වෙන වෙනම වැඩු භික්ෂුන් වහන්සේලා පිරිසක් ගැන මජ්ඣිම නිකායේ ආනාපාන සති සුත්‍රයේ සදහන් වේ. එක් පසළොස්වක් පොහොදිනක සැවැත් නුවර පුර්වාරාමයේ බුදුරදුන් වැඩ වසද්දි , සැරියුත්, මුගලන් දෙනම ඇතුළු තෙරවරුන් සමුහයක් එළිමහනෙහි වැඩ වෙසෙමින් භාවනායෝගීව කල් ගෙවු හ. උන්වහන්සේ අතර සෝවාන්, සකෘදාගාී , අනාගාමී, අර්හත් මාර්ගඵල ලාභි භුක්ෂුන් පසුවන බවත් එමෙන් ම ඒ භික්ෂුන් වහන්සේ අතර සතර සති පට්ඨාණ භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද, සතර සම්යග්ප්රධාන භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද, සතර සෘද්ධපාද භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද, පංච ඉන්ද්රිය භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද, පංච බල භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද,සප්ත බොධ්‍යංග භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද, ආර්ය අෂ්ටාංගික භාවනාවේහි යෙදුනු භික්ෂුන් ද, ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළ හ.
බෝධීපාක්ෂික ධර්ම තිස්හත
1. සතර සති පට්ඨාන - කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය චිත්තානුපස්සනා සතිපට්ඨානය ධම්මානුපස්සනා සතිපට්ඨානය.
2. සතර සම්යග්ප්රධාන -උපන් අකුසල් ප්‍රහීන කිරිම සදහාත් , නුපන් අකුසල් නුපදීම සදහාත්, නුපන් අකුසල් උපදනු සදහාත් නුපන් කුසල් වැඩි දියුණු කිරිම සදහාත් , කරනු ලබන උත්සාහය හෙවත් වීර්යය.
3. සතර සෘදධිපාද - ඡන්ද, විරිය, චීත්ත, විමංසා (ප්‍රඥා) යන සෘදධිපාදයි.
4. පංච ඉන්ද්‍රීය - සද්ධා, විරිය, සති, සමාධි හා ප්‍රඥා යන ඉන්ද්රියයන් ය.
5. පංච බල - සද්ධා, විරිය,සති, සමාධි, පඤ්ඤා
6. සප්ත බොජ්ඣංග - සති, ධම්මවිචය, විරිය,පීති, පස්සදී, සමාධි හා උපේක්ෂා යන සම්බොජ්ඣංග යි.
7. ආර්ය අෂ්ටාංගික මාර්ගය - සම්මා දිටිඨි, සම්මා සංකප්ප, සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා අජීව, සමිමා වායාම, සමිමා සති, සමිමා සමාධි යනුයි.
මෙහි බෝධීපාක්ෂික ධර්ම තිස්හතක් යනුවෙන් සදහන් වුවද ඇත්තේ සත් ආකාරයකට කොටස් කරන ලද ධර්ම දහ හතරකි.
එනමි, ඡන්ද චිත්ත උපේක්ඛා, සද්ධා, පස්සධි , පීත , - සම්මා දිටිඨි, සම්මා සංකප්ප, සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා අජීව, සමිමා වායාම, සමිමා සති, සමිමා සමාධි යන මෙවායි. සත්තිස් බෝධිපාකේෂික ධර්මයන් අතර එක් වරක් බැගින් සදහන් වන ධර්ම නමයකි. එනමි ඡන්ද, චිත්ත, සමිමා වාචා, සමිමා කමිමන්ත, සමිමා ආජීව, සමිමා සංකප්ප, පස්සද්ධිපීති හා උපේක්ඛා යන මෙිවායි. ශ්‍රද්ධාව දෙතැනක සදහන් වෙයි. සමාධිය සතර තැනක සදහන් වෙයි. ප්‍රඥාව පස් තැනක රයි. සතිය අට තැනක එයි. වීර්යය නව තැනක සදහන් වෙයි.
චුද්දසෙ ව අසම්භින්නා
හොන්තේ තේ බෝධිපක්ඛියා
කොට්ඨාසතො සත්ත විධා
සත්ත තිංසප්පභේදතො
“අසම්භින්න වශයෙන් බෝධි පාක්ෂික ධර්ම තුදුසකි. කොට්ඨාෂ වශයෙන් සප්තවිදය. ප්‍රභේද වශයෙන් සත් තිසකි. ” යනුවෙන් බොධිපාක්ෂික ධර්මයන්ගේ ප්‍රභේද දැක්වෙයි.
සතර සතිපට්ඨානය
සතර සතිපට්ඨානය නමි කායානුපස්සනා, වේදනානුපස්සනා චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනායි. එය සිවි වැදෑරුමි සිහිය පිහිටුවා ගැනිමයි.
මෙහි සති නමි සිහියයි. පට්ඨාන නමි මනා කොට පිහිටුවා ගැනිමයි. ඒ අනුව පුද්ගලයාගේ සිහිය වෙනත් අරමූණු කරා යා නොදී කායාදි අරමූණු කෙරෙහිම මනාව පිහිටුවා ගැනිම සතර සතිපට්ඨානය යි.
බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස්සදම්ම නියම් ගම වැඩ වසන සමයෙහි භික්ෂුන් අමතා මෙම සති පට්ඨාන සුත්‍රය දේශනා කළ හ. “සත්වයාගේ පිරිසිදු විම පිනිසත් , සෝක පරිදේවයන් ඉක්මවිම පිණිසත් , දුක් දොමිනස් දුරලීම පිණිසත් , නිවන් ප්රත්යක්ෂ කිරිම පිණිසත් ඒකායන මාර්ගය මෙම සතර සතිපට්ඨාන ධර්මය ය.
ඒකායනො අයං හිකඛවේ මගෙගා සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සං අත්ථංගමාය , ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සචිඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨාන..............”
(දී . නි . මහා සතිපට්ඨාන සුත්‍රය)
යනුවෙන් උන් වහන්සේ සතර සතිපට්ඨානය වැඩීමෙහි අනුහස් දේශනා කළහ.
මේ ස්සනෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්්‍යයෙන් ද, නිවැරිදිප්රඥාවෙන් ද, සිහියෙන් ද, යුක්තව ශරීරය පිළිබදව බලා්භය හා ද්වේශය සංසිදුවාගෙන කයෙහි කය අනුව දක්නා ස්වභාවයෙන් වෙසේ ද වේදනාවන්හි ලෝභය හා ද්වේශය සංසිදුවාගෙන විදිම් කොරහි වීදීමි අනුව දක්නා ස්වභාවයෙන් වෙසේ ද , සිතෙහි ලෝභය හා ද්වේශය සංසිදුවාගෙන , සිතෙහි කය අනුව දක්නා ස්වභාවයෙන් වෙසේ ද , ධර්ම රාශීයෙහි ලෝභය හා ද්වේශය සංසිදුවාගෙන ඡධර්මයන් කෙරෙහි ධර්මය අනුව දක්නා ස්වභාවයෙන් වෙසේද , මේ සතර සති පට්ඨානයයි. හෙවත් සිහිය පිහිටුවා ගැනිමේ සතර ආකාරයයි.
සත්වයාගේ සිත නිරන්තරයෙන්ම විවිධ අරමූණූ කරා දුවන, එකග කර ගැනීමට ඉතා දුෂ්කර ධර්මයකි. විවිධ කමනීය අරමූණූ කෙරෙහි ඇලෙමින්ද ,පාපයෙහි ඇලෙමින් ද, පවතින්කි. නිර්වාණ අවබෝධය පිනිස මේ තත්ත්වයෙන්මුදවා ගත යුතු ය. නිවන් මගෙහිදි උපදවාැ ගත යුතු සෝවාන් ආදි ලෝකෝත්තර මාර්ගඥානයන් ළගා කර ගැනිමට නමි සිත සංසිදුවාගෙන ස්කන්ධ ආදි ධර්ම කෙරෙහි පවත්නා සැබෑ තත්ත්වය සොයදෙැන ත යුතු ය. ඒ අනුව සිත දමනය කිරිමට ඇත් හෝදම මාර්ගය නමි සතිපට්ඨානය දියුණු කිරිමයි. බුදුරජාණන් වහන්සේ විසින් සතර සතිපට්ඨානය නිවන් ලැබීමේ ඒකායන මාර්ගය හැටියට උගන්වන ලද්දේද මේ නිසා ය.
සතිපට්ඨාන සුත්‍රයෙන් ඉගැන්වෙන්නේ බුදු සමයෙන් පෙන්වා දෙන උසස්ම භාවනා ක්‍රමයයි. මූලික වශයෙන් සමථ භාවනා හා විපස්සනා භාවනා යැයි භාවනා ක්‍රම දෙකක් ගැන අපි දනිමූ. සමථ භාවනාව සිතේ එකග බව - සමාධිය දියුණු කරන්නකි. මෙය උසස් යෝගී තත්ත්වයන්ට මූල්වෙයි. නැතහොත් ලෞ කික ධ්යාය උපදවා ගැනිමට සමත් භාවනා ක්රමයකි. මෙම භාවනා මාර්ගය බුද්ධ කාලයට දපරද පැවතිනි. විදර්ශනා භාවනා ක්‍රමය මගින් පංචස්කන්ධයත්රිලක්ෂණයට නගා බැලීමක් සිදු කෙරේ. බුදු රදුන් විසින් ම යෝදා ගන්නා ලද බෞද්ධ භාවනා ක්‍රමය විපස්සනා භාවනාවයි. මෙම භාවනා ක්‍රම දෙක තුළ ම සිහියත් (සතිය) අවදාණය හා නීරීක්ෂණයක් (අනුපස්සනා), දියුණු කර ගැනිම අවදසාරණය කර ඇත.
සතිපට්ඨාන සුත්‍රයෙහි ඉගැන්වෙන්නේ වැඩි වශයෙන් ම විදර්ශනා භාවනාවයි. කායානුපස්සනා භාවනා අතුරෙන් අනාපානසති භාවනාව සමථ භාවනාවක් හැටියවටත් , විදර්ශනා භාවනාවක් හැටියටත් වැඩිය හැකි ය.
කායානුපස්සනා සතිපට්ඨානය
සතර සති පට්ඨාන අතුරෙන් මුල් ම සති පට්ඨානය කායානුපස්සනාවයි. මෙය භාවනා කිරිමට පහසු අධුනිකයන් විසින් පළමුව දියුණු කළ යුතු භාවනාවකි. වෙනත් අරමූණකට යා නොදී ආශ්වාස ප්‍රශ්වාස ආදි වශයෙන් කය අරමූණු කොට ගෙනම සිත පිහිටුවා ගැනීම , දියුණු කර ගැනිම කායානුපස්සනා සතිපට්ඨානය නමි වේ.
මහා සතිපට්ඨාන සුත්‍රයෙහි කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම තුදුසක් (14) දක්වා තිබේ. එනමි,
1. ආනාපාන පබ්බ - අශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරිම.
2. ඉරියාපථ පබ්බ - ඇවීදීම, සිටීම, හීදීම, නීදීම යන ඉරියව් මෙනෙහි කිරිම.
3. චතුසම්පඡඤ්ඤ පබ්බ - සාත්ථක, සප්පාය, ගෝචර, අසමෝහ.
4. පට්ක්කුල මනසිකාර පබ්බ - පිළිකුළ මෙනෙහි කිරිම් වශයෙන් සතිය වැඩීම
5. ධාතුමනසිකාර පබ්බ - පඨවි ආදි ධාතු මෙනෙහි කිරිමි වශයෙන් සතිය වැඩීම
6. නවසීවථීකා පබ්බ - සොහොනෙහි දැමු මළ කදක් පිළිබද අවස්ථා නවයක් වන සීවථීකා වශයෙන් සතිය වැඩීම.
මෙම තුදුස් ආකාරයන් අතුරෙන් ද , බෝහෝ යෝගාවචරයන් විසින් පුරුදු කරනුයේ අශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරිම නම් වු ආනාපානසතිය වඩීමත් , ධාතු මනසිකාර හා පට්ක්කුලන මනසිකාරයත් ය.
වේදනානුපස්සනා සතිපට්ඨානය
කයෙහි හෝ සිතෙහි හට ගත් සැප වීදීමය, දුක් වීදීමය. මේ දෙක අතරෙහි වු මධ්‍යස්ථ වීදීමය , යන තෙවෑදෑරුමි වීදීම් වේදනා නම් වෙයි. මේ වේදනා ප්‍රකට දෙයකි එහෙත් මෙහි සෑබෑ තත්ත්වය ජනයා නොදනිති. ඇතැමි විට පුද්ගලයෝ සැප වේදනා ඇති කර ගැනීම සදහාත් , දුක් වේදනා නැති කර ගැනිම සදහාත් වෙහෙසෙති. නොයෙකුත් අකුසල් ද කරති .මෙම සුඛ දුක්ඛ වේදනාවන් නිසා පුද්ගලයා තුළ තණ්හා, මාණ, දිට්ඨි, වැනි කෙලෙස් ඇති වෙයි. කාමච්ඡන්ධ, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ, කුක්කුච්ච, විචිකිචිචා යන පංච නීවරනයන් ද ඇති වන බව ධර්මයෙහි සදහන් වෙනයි. මේ සියල්ල සිදු වන්නේ වේදනාවන්ගේ යථා තත්ත්වය නොදැනීම නිසයි. මෙම වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩීම මගින් වේදනාව පිළිබද මුලාව දුරු වන අතර, එහි යථා තත්ත්වය තේරුම් ගැනිමට හැකි වෙයි. එබැවින් ම වේදනානුපස්සනා සතිපට්ඨානය යනු වේදනාවේ යථා තත්ත්වය වටහා ගෙන නැවත නැවත මෙනෙහි කිරිම හැටියට හැදින් විය හැකි ය. වේදනනානුපස්සනාවට අරමූණූ වන වේදනාව නව වෑදෑරුම් කොට සතිපට්ඨානයෙහි විස්තර වෙයි.
1. සුඛ වේදනා
2. දුක්ඛ වේදනා
3. අදුක්ඛම සුඛ වේදනා
4. සාමිස සුඛ වේදනා
5. නිරාමිස සුඛ වේදනා
6. නිරාමිස සුඛ වේදනා
7. නිරාමිස දුක්ඛ වේදනා
8. සාමිස අදුක්ඛසුඛ වේදනා
9. නිරාමිස අදුක්ඛසුඛ වේදනා
මෙම සියලු වේදනාවන් යනු පුද්ගලයෙක් හෝ සත්වයෙක් නෙවේ. පුද්ගලයක් හෝ සත්ත්වයකු උපදවන්නක් ද නොවේ. හේතුන්ගේ සංයෝගයෙන් ඇති වන්නකි. ඇතිව වහා බීදී යන්නකි. එබැවින් , වේදනාවන් සියල්ලම අනිත්‍ය, දු:ක්ඛ, ආනාත්ම යන ත්රිලක්ෂණයට යටකත් ය. එසේ තමා පිළිබදව හෝ අනුන් පිළිබදව හෝ ඉහත දැක්වු නව වෑදෑරුම් වේදනාවන්ගේ ස්වභාවය - යථා තත්ත්වය - නුවණින් සලකා බලා තේරුම් ගැනිම වේදනානුපස්සනාවයි.
අනුසස්
මෙසේ වේදනාව අනුව බලමින් , මෙනෙහි කරමින් භාවනා කරන යෝගාවචරයාට වේදනාව නිසා ඇති වන තණ්හා, මාන, දිට්ඨිඇති විම අඩු වේ. වේදනාව නිසා ඇති වන අකුසල් ඇති නොවේ. ලෝකොත්තර, අර්හත් මාර්ගයට පැමීණිම ද පහසු කරවයි.
චිත්තානුපස්සනා සතිපට්ඨානය
සිත අනුව බලමින් භාවනා කිරිම , සිත පිහිටුවා ගැනිම චිත්තානුපස්සනා සතිපට්ඨානය නමි. සාමමාන්යයෙන් සිත එකක් වුවද , ප්‍රභේද ඇත. එවැනි ප්‍රභේද දහසක් ගැන සතිපට්ඨාන සුත්‍රයෙහි දැක්වේ. එනමි,
1. සරාග චිත්තය
2. වීතරාග චිත්තය
3. සදෝස චිත්තය
4. වීතදෝස චිත්තය
5. සමෝහ චිත්තය
6. වීත මෝහ ච්ත්තය
7. සංඛිත්ත චිත්තය
8. වික්ඛිත්ත චිත්තය
9. මහග්ගත චිත්තය
10. අමහග්ගත චිත්තය
11. සඋත්තර චිත්තය
12. අනුත්තර චිත්තය
13. සමාහිත චිත්තය
14. අසමාහිත චිත්තය
15. විමුත්ත චිත්තය
16. අවිමුත්ත චිත්තය
සරාග චිත්තය යනු අට වැදෑරූම් ලෝභ සහගත සිත් ය. වෙනත් ලෙසකින් කිවහොත් රාගය සහිත සිත්ය. ආදරය, ආලය, ප්‍රේමය යන වචන වලින් කියවෙන්නේ ද මේ රාගයමය. යමෙකු පිළිබදව කෙෙනකු තුළ ආදරය ඇති විම යනු රාගය සහිත සිත පහළ විම ය. එසේ වු විට මම අසවලාට ආදරය ඇත්තෙමී ආදි වශයෙන් එම සිත ආත්ම වශයෙන් ගෙන කල්පනා කරයි. එසේ තිතෙනුයේ එය සිතක් හැටියට නොව , තමා හැටියට ගෙව වරදවා ගැනිම නිසා ය. සරාග සිත රාගය දියුණු වන අරමූණු නිසා ඇති වන්නක් මිස එහි සත්තව වශයෙන් ගත යුත්තක් නැත. එබැවින් එවැනි සිතක් උපන් කල්හි එය සරාග සිතක් වශයෙන් කල්පනා කිරිම චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩීම නමි.
සරාග චිත්තය තමා හැටියට ආත්ම වශයෙන් ගැනිම නිසා පුද්ගල සන්තානයේ රාගය වැඩෙයි. එහෙත් කලින් වේදනානුපස්සනාව ගැන සදහන් කළ අන්දම පරිදිම, මෙම සරාග චිත්තය රාගයට හිත වු අරමුණක් නිසා උපන්නකි. එය මම නොවේ. අනෙකකු ද නොවේ. ම විසින් උපදවන ලද්දක් හෝ අනෙකකු විසින් උපදවන ලද්දක් නොවේ. රාග අරමුණක් හේතු කොට ගෙන උපන්නත් , එය ද අනිත්‍යය, අනිත්‍යය නිසා ම දුක්ය. දුක් බැවින් මමය මගේය කියා නොගතහැකි ය. එබැවින් අනාත්මය. මෙසේ සිහිය පිහිටුවා ගැනිම නිසා රාග සිත නොවැඩේ. එහෙයින් රාගය දුරු වු ඔහුගේ සන්තානයෙහි වීතරාගී සිත් පහළ වෙයි. එම වීතරාග සිස ගැන ද කලින් කීපරිදි ම ආත්ම සංඥාව ඇති විය හැකි ය. එවිට වීතරාග චිත්තයත් , ප්රතත්යයන් නිසා හට ගත්තක් බවත් එයද අනිත්‍ය, අනාත්ම දු:ඛ, වන බවත් මෙවනහි කළ යුතු ය. එසේ ම සෙසු සිත් පිළිබදවද නුවණින් සලකා බලා භාවනා වැඩිම චිත්තානුපස්සනා සතිපට්ඨානය නමි
ධම්මමානුපස්සනා සතිපට්ඨානය
ඉහත දක්වන ලද සතිපට්ඨාන ධර්මයන් අතුරෙන් කායානුපස්සනාව මුල් කොට ගෙන රූපස්කන්ධයද, වේදනානුපස්සනාව මුල් කොට ගෙන වේදනා ස්කන්ධයද , චිත්තානුපස්සනාවමුල් කොට ගෙන සංඥා ස්කන්ධය පිළිබදව යථා තත්ත්වය සිහියට නගා ගැනිමත් සිදු වෙයි. මීළගට විස්තර වන ධම්මානුපස්සනාව කරණ කොට ගෙන සංඥා ස්කන්ධයද, සංස්කාර ස්කන්ධය ද, පිළිබද යතා තත්ත්වය සිහියට නගා ගැනිම (සම්මශීනය) සිදු කෙරෙන අන්දම විස්තර කෙරෙයි.
සතිපට්ඨාන සුත්‍ර දෙශනාවන්හි විස්තර වන අන්දමට මෙම ධම්මානුපස්සනිව පස්වෑදෑරුමිය.
1. නීවරණ සම්මර්ශනය
2. ස්කන්ධ සම්මර්ශනය
3. ආයතන සම්මර්ශනය
4. බෝධ්‍යංග සම්මර්ශනය
5. ආර්ය සත්‍යය සම්මර්ශනය යනුයි.
නීවරණ සම්මර්ශනය
කාමච්ඡන්ධ, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යනුවෙන් නීවරණ ධර්ම පහකි. ධ්‍යාන ආදී කුසල ධර්මයන් හා නිවන අරමූනූ කරන්නට ඉඩ නොදි මුවා කරන හෙවත් නිවන් මග වසාලන යන අර්ථයෙන් නීවරණ නමි වෙයි. මෙම නීවරණ ධර්මයන් දුරු කර නොගෙන ධ්‍යාන ආදි ධර්මයන් ළගා කරගත නොහැකි ය. එබැවින් කවරකු විසින් හෝ නිවන්අපේක්ෂා කරන්නේ නම් නීවරණ ගැන සැළකිල්ලක් දැකි විය යුතු ය. පළමු කොටම තමන් තුළ නීවරණය ඇති නැති බව තේරුම් ගැනිමට උත්සාහ කළ යුතු ය. නීවරණ ධර්ම මනසිකාර භාවනාවක් වශයෙන් දක්වා තිබෙන්නේද එබැවිනි.
කාමච්ඡන්ද නීවරණ
රූප, ශබිද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයන්හි යම් ඇල්මක් වේද, තණ්හාවක් වේද, ස්නේහයක් වේද, දැවිල්ලක් වේද, මෙය මාගේ යැයි දැඩි කොට අල්ලා ගැනිමක් වේද, එය කාමච්ඡන්ධ නීවරණය නමි. චෛතසික ධර්ම අතුරෙන් මෙය පලා්භ චෛතසිකයකි. වෙනත් ලෙසකින් දක්වතොත් ඇස, කකන, ආදි ඉදුරන් පිනවන්නා වු වස්තුන් ගැනත් , පුද්ගලයන් ගැනත් ක්‍රියා හා වචන ගැනත් ඇති ආශාව - ලොභය කාමච්ඡන්ධ නීවරණය නමි . පුද්ගලයා එක් අරමුණක රැදි සිටිම අපොහසත්ව , වික්ෂිප්තව, විසුරුණු සිතකින් ක්‍රියා කරන්නේ නමි මෙම නීවරණ ධර්මය නිසයි . මෙය නිවනට බාධාවක් බැවින් , යෝගාවචරයන් විසින් පළමු කොටම , මෙම නීවරණය තමන් තුළ ඇත් ද , නැත්ද කියා විමසා බැලිය යුතු ය.
කාමච්ඡන්ධ ඇත්ද, නැත්ද යනුවෙන් අදහස් කරන්නේ , තමාගේ සමාධියට බාධා වන පරිද්දෙන් නිතර කාමච්ඡන්ධ ඉපදිමය. එසේ නිතර නිතර නුපදනා බව කාමච්ඡන්දය නැති බවයි. කාමච්ඡන්දය තමාගේ සන්තානයෙහි නිතර උපදි නමි , එය තමා තුළ ඇති බව සැළකිය යුකු ය. නිතර නුපදි නමි එය යටපත් වි තිබේ නමි කාමච්ඡන්දය නැත යයි සැලකිය යුතු ය.
භාවනා කරන කලිහි සිත සමාධිගත නොවේ නමි , නොයෙක් අරමුණු වලට වේ නමි එයින් කාමච්ඡන්දයඇති බව දත යුතු ය. එයින් ඇති නැති බව සිතා බලා , තමා කෙරෙහි කාමච්ඡන්දය ඇත්තේ නම් ඇති බවද , නැති නමි නැති බවද , නුපන් කාමච්ඡන්දය ඉපදීමේ හේතුද , උපන් කාමච්ඡන්දය දුරු විමේ හේතු ද ප්රහාණය කරන කාමච්ඡන්දය මතු කිසි කලෙක නුපදනා ලෙස දුරු කරනා සැටි ද සිති ය යුතු ය. එසේ කිරිම කාමච්ඡන්දය පිළිබද භාවනාවයි. අනෙකු නීවරණයන් ද ඇති නැති බව දැනගත යුත්තේ ද මේ ආකාරයටයි.
යම් කිම සිතුවිල්ලක් ඇති වු විට එහි අදීනවය නොසලකා එය ප්රහාණය කොට එය පිළිගෙන එයට අවශ්‍ය දේ සෙවීමටත් , එම කාම සිතුවිල්ලට අවශ්‍ය ලෙස ක්‍රියා කරන්නටත් , ඉඩ හැරිය හොත් ඒනිසා තවත් බොහෝ දේ පිළිබදව කාමච්ඡන්දයෝ උපදිති.
රූප, ශබ්ද ආදි ලෝභනීය වස්තුන්හි ආශ්වාදනීය භාවයක් ඇතුවාක් මෙන්ම ඒවායේ ආදීනව රාශීයක් ඇති බව සැළකිය යුතු ය. එහි අනිත්‍ය,දු:ඛ , අනාත්ම යන ලක්ෂණයක් මෙනෙහි කළ යුතු ය. එසේ නොකොට නිත්‍ය , සුඛ, ආත්ම වශයෙන් සැළකිම ලෝභනීය වස්තුන් නුසුදුසු ලෙස මෙනෙහි කිරිමක් ෙවයිඓසේ වු විට නුපන් කාමච්ඡන්ධයෝ උපදිති. උපන් කාමච්ඡන්ධයෝ වැඩෙති. එහෙත් එසේ නොකොට රූප ශබිද ආදි ලෝභනීය වස්තුන් අනිත්‍ය, දු:ඛ, අනාත්ම, අසුභ වශයෙන් මෙනෙහි කිරිමෙන් උපන් කාමච්ඡන්දය දුරු වන අතර, නුපන් කාමච්ඡන්දය නො ඉපදෙයි.
සමාධිය වළක්වන්නාවු කාමච්ඡන්දය දුරු කිරිම පිණිස උපකාරි වන ධර්ම සයක් ගැනද ඉගැන් වේ.
1. අසුභාරම්මණය සිතට ගැනිම
2. අසුභ භාවනාවේ යෙදිම
3. චක්ෂුරාදි ඉදුරන් සය ආරක්ෂා කිරිම
4. ආහාරයෙහි පමණ දන්නා බව
5. කල්යාන මිතුයන් ඇසුරු කිරිම
6. සත්ප්‍රාය කතා හෙවත් යහපත් කාලෝචිත කතා ඇති බව
මෙම කරුණු ඉවහල් කොටගෙන කාමච්ඡන්ධය යටපත් කිරිම වශයෙන් දුරු කොට ගෙන භාවනාවෙහි යෙදෙන යොගාවචරයාට අනාගාමී විවමන් යළි කිසි කලෙක නුපදනා පරිද්දෙන් කාමච්ඡන්දය දුරු වෙයි.
ව්‍යාපාද නීවරණය
යමිකිසි පුද්ගලයෙක් හෝ වස්තුවක් පිළිබදව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවය , විරුද්ධ ස්වභාවය ව්‍යාපාද නමි වේ. කෝපය,වෛරය, ක්‍රෝධය, ද්වේශය යනුවෙන් හැදින්වෙන්නේ ව්යාපාදයමයි. නව විධ ආඝාත වස්තුන් අරමුණු කොට ගෙන සිතෙහි ඇති වන දුෂ්‍ය බව,විපර්යාසය, දැඩිබව, සැඩබව,ක්‍රෑර බව ද ව්‍යාපාදය හැටියට ධර්මයෙහි විස්තර වෙයි.
1. මට අනර්ථයත් කළේය.
2. දැනුදු මට අනර්ථයක් කරයි;
3. අනාගතයෙහිද මට අනර්ථයක් කරන්නේ ය;
4. මගේ ප්‍රිය මනාප හිතවතාට අනර්ථයක් කළේ ය;
5. දැනුදු කරන්නේ ය;
6. අනාගතයෙහිද කරන්නේ ය;
7. මගේ විරුද්ධකාරයාට අර්ථයක් කළේ ය;
8. දැනුදු අර්ථයක් කරයි;
9. අනාගතයේ ද අර්ථයක් කරන්නේ ය;
යනුවෙන් කල්පනා කිරිම නව ආඝාත වස්තු නම් .
ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇති වන , එම දූෂිත ස්වභාවය ගැන මනාකොට මෙනෙහි කිරිම, තමා තුළ එවැනි ව්යපාදයක් ඇතැයි සිතිම , ඊට හේතු කාරණා හා ඉන් මීදීම ගැනත් සීතිම මගින් ව්‍යාපාදය දුරු කිරිමට හැකි වෙයි. වෛරී පුද්ගල ආදින්ගේ අගුණ පිළිබදව ගුණ පක්ෂය ගැන මෙනෙහි කිරිමෙන් දෙවෂය ඉපදිම අඩු වේ.
උපකාරක ධර්ම
නුපන් ව්‍යාපාදය නුපදවීමටත් , උපන් ව්‍යාපාදය දුරු වීමටත් නැවත නැවත ඉපදීම වශයෙන් දියුණු නොවිමටත් හේතු වන උපකාරක ධර්ම හයක් පිළි බදව ධර්මයෙහි විස්තර වෙයි.
1. මෙත්තා චේතෝ විමුක්තිය ගැන සුදුසු පරිදි මෙනෙහි කිරිම.
2. මෛත්‍රි භාවනාවෙහි යෙදිම.
3. තමන් හා අනුන් යන දෙපක්ෂය සමිබන්ධව විපාක දෙන කර්මය ගැන මෙනෙහි කිරිම.
4. කර්මයට තමා අයත් බව ප්රත්යාවේක්ෂා කිරිම බහුලත්වය.
5. කල්යාන මිත්‍රයන් ඇති බව.
6. සත්ප්‍රාය කතා හෙවත් කාලෝචිත කතා ඇති බවයි.
මේ කරුණු සයෙන් දුරු වු ව්‍යාපාද නීවරණය අනාගාමී මාර්ගයට පැමිණිමෙන් නැවත නුපදන පරිදි , ප්‍රහීණ වෙයි.
ථීනමිද්ධ නීවරණය
ථීන - මිද්ධ යනු අකුසල චෛතසික දෙකකි. ප්‍රභේද වශයෙන් අසු නවයක් හෝ එකසිය විසි එකක් වන , සිතෙහි හෙවත් විඤඤාණස්කන්ධයෙහි ගිලන් බවක්, අකර්මණ්‍ය බවක්, අලස බවක් ඇත් බනමි එය ථින නම් වේ. දෙපනස් චෛතසිකයන්ගේ බමි රෝගී බවක් , අදුරු බවක් අකර්මණ්‍ය බවක් වේ නමි එය මිද්ධ නමි වේ. ඒ අනුව චිත්ත චෛතසික ධර්මයන්ගේ පවතින දුර්වල ස්වභාවය ථින - මිද්ධ වශයෙන් හැදින් විය හැකි ය. මෙම පාප ධර්ම දෙක එකටම බැදි පැවතෙමින් කුශල ධර්මයක් අවධාරණය කරන බැවින් , නීවරණ හැටියට හැදින් වෙයි. මෙම පාප ධර්ම දෙකම නීවරණයට ප්රතික්ෂේපය. මෙම නීවරණ සිත්හි ඇති විම නිසා භාවනාදි ක්‍රියා සිදු කිරිමට පසු බසි. උදේ කළ යුත්ත සවසට කල් දමයි. උදාසීන බවක් ඇති කරයි. එසේ ඇති විට ථින - මිද්ධ ඇති බව තේරුමි ගත යුතු ය. එසේ ථින - මිද්ධ ඇති ව කරන භාවනාවෙන් ඵල ලද නොහැකි ය. එබැවින් මෙම ථින - මිද්ධ නීවරණ ඇති බව තේරුම් ගෙන උපන් ථින - මිද්ධය නැති විමටත් , නුපන් ථින - මිද්ධය නුපදවිමටත් උත්සාහ කළ යුතු ය.
ථින-මිද්ධය දුරු කිරිම
නුපන් ථින-මිද්ධය නුපදීමටත් , උපන් ථින-මිද්ධය දුරු කිරිමටත් , ආරම්භ ධාත් , නික්ඛම ධාතු , පරක්කම ධාතු යන නම් ඇති එකිනෙකට බල පවත්වන වීර්යයෙහි අනුසස් මෙනෙහි කළ යු තු ය. ආරම්භ ධාතු යනු යම් කාර්යයක් පිළිබද පළමුව ඇති වන වීර්යයි. නික්ඛමිම ධාතු යනු ඊට වඩා බලවත්ව පසුව ඇති වන වීර්යයයි. පරක්කම ධාතු යනු එම ක්රියාවේහි තවත් ඉදිරියට යන පළමු වීර්යය දෙකටම වඩා බලවත් වීර්යයයි.
ථින-මිද්ධය දුරු කිරිමට හේතු වන කරුණු හයක් පිළිබදව ධර්මයෙහි විසිතර වෙයි.
එනමි :
1. අතිභෝජනය පිළිබද අවබෝධය .එනමි , පමන දැන ආහාර වැළදිමයි.
2. ඉරියව් වෙනස් කිරිම.
3. ආලෝකය මෙනෙහි කිරිම.
4. එළිමහනේ වීසිම.
5. කල්යාන මිත්‍රයන් ඇසුරු කිරිම.
6. සත්ප්රායහ කතා.
මෙම නීවරණ ධර්ම, කාමාවචර කුසල ධ්‍යාන ආදිය උපදවන කල්හි තදඩග, විශ්කම්භන වශයෙන් ද, අර්හත් මග නුවණින් සමුච්ඡේද වශයෙන් ද ප්‍රහීන වෙයි.
උද්ධච්ච කුක්කුච්ච
සිතෙහි පවතින නොසන්සුන් බව , විසුරුණු ගතිය, සෙලෙවෙන ගතිය, උද්දච්ච නමි. එය අකුසල චෛතසිකයකි. එයින් යුක්ත වු සිත එක් අරමුණක තබා ගත නොහැකි ය. කුක්කුච්ච යනු කළ වරද ගැන හෝ යහපත ගැන පසුතැවෙන ස්වභාවය වේ. එයද අකුසල චෛතසිකයකි. මේ චෛතසික දෙක එකට යෙදුන විට උද්ධච්ච කුක්කුච්ච නීවරණය ලෙස හැදින්වේ.
කලින් සදහන් කළ ථින-මිද්ධ දෙකම උද්ධච්ච කුක්කුච්ච දෙක හැම විටම එකට බැදැ නො පවති. අකුසල සිත් සියල්ලෙහිම උදච්චය ඇත. එහෙත් කුක්කුච්චය ඇති වන්නේ දෙලොස් ආලාර අකුසල සිත්වල හා දෝෂමූලික සිත් වල පමණි. දෝෂ මූලික සිත් දෙකෙහි කුක්කුච්ච ඇති වන්නේ කළ නොහැකි පව් පින් ගැන තැවෙන අවස්ථාවල පමණි.
මෙම චෛතසික ධර්ම දෙක නීවරණ ධරැ්ම දෙකක් ලෙස නොගෙන එකක් වශයෙන් ම දක්වා තිබෙන්නේ කෘත්‍යයෙන් ද , උප්පත්ති හේතුන්ගෙන්ද , ප්‍රති විරුද්ධ ධර්ම අතින් ද සමාන වන බැවිනි. මෙම චෛතසික දෙකින්ම දෙකින්ම සිදු කෙරෙන කෘත්‍ය නමි සීත නොසන්සුන් කිරිමය. සමාධිය මේ චෛතසික දෙකටම විපක්ෂ ධර්මයයි.
සිතෙහි නොසන්සුන් බව උද්දච්චයයි. එය ඇති වු කල්හි , එය හැදි ගෙන ප්රහාණය කිරිමට වීර්යය නොකොට ඊට අනුකුලව සිතිම මේ නීවරණ හට ගැනිමටත් , උපන් උද්ධච්ච කුක්කුච්ච වැඩි දියුණු කිරිමටත් හේතු වේ. සිතේහි සංසිදිම- සමාදිය - ඇති කල්හි නුවණින් මෙනෙහි කිරිම හේතු කොට ගෙන උද්ධච්ච කුක්කුච්ච ප්රහාණය වෙයි. ඒ හැරුනු විට උද්ධච්ච කුක්කුච්ච නීවරණය ප්රහාණය පිනිස උපකාර වන ධර්ම සයක් ගැනද ධර්මයෙහි විස්තර වෙයි.
1. බහුස්සුතා - ධර්මය ඉගෙන තිබෙන බව.
2. පටිපුච්ඡිකතා - කැප අකැප බව පිළිබද විචාරීම, ප්‍රශ්න කිරිම.
3. විනයේ පකතඤ්ඤුතා - විනයෙහි සැටි දැනගෙන සිටිම
4. වුද්ධ සේවතා - ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ අය ඇසුරු කිරිම.
5. කල්යාන මිත්තතා - කල්යාන මිත්‍රයන් ඇති බව.
6. සත්ප්‍රාය කතා - කැප අකැප පිළිබද කතා.
උද්ධච්ච කුක්කුච්ච අකුසල් චෛතසික දෙකම මෙම උපකාරක ධර්ම නිසා යටලත් වන අතර , කුක්කුච්ච අනාගාමී මග නුවණින්ද , උද්ධච්ච අර්හත් මග නුවණින්ද ද සමුඡ්ඡේද වශයෙන් ප්රහාණය වෙයි. යළි නුපදනා පරිදි සංසිදෙයි.
විචිකිච්ඡා නීවරණය
විචිකිච්චා යනු සැකයයි. නොයෙක් සැක පිළිබදව සැක ඇති වේ. එහෙත් ඒ හැම සැකයක්ම විචිකිච්ඡා නීවරණය නොවේ. මෝහමූල ව්ච්ක්ච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි යෙදෙන්නාවු විචිකිච්ඡා චෛතසික කුසලයන්, ධ්‍යාන , මාර්ග ඵල ආදි ය ලැබිමට බාධා පමුණුවන්නකි. මෙහි විචිකිච්ඡා යනු එම චෛතසිකය යි. නීවරණ හැටියෙට සැළකෙන සැක අටකි. එනමි, බුදුරදුන් කෙරෙහි කැක කිරිමය. සංඝයා කෙරෙහි සැක කිරිමය. පෙර භවය පිළිබදව සැක කිරිමය. අනාගත භවය පිළිබද සැක කිරිමය. ඒ දෙකොටස ගැනම සැක කිරිමය, යන එම අට තැන්හි ඇති වන සැකයන් ය.
අනෙක් නීවරණයන් ප්‍රහීන කිරිමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය මේ සදහා සුදුසු ය. තමා තුළ විචිකිච්ඡා නීවරණය ඇත්දැයි විමසිය යුතු ය. අත්නමි ඇති බවද, නැත් නම් බවද , තේරුම් ගෙන එය ඉපදීමේ හේතු ආදියද විමසිය යුතු ය.
විචිකිචිඡා ඉපදිමේ පලවත් හේතුව උද්ධච්ච කුක්කුච්ච එක් කරුණක් ගැන වරදක් ඇති වු විට විචිකිච්ඡා ප්රහාණය නොකළ හොත් එය නැවතත් උපදී. බුදුරදුන් කෙරෙහි විචිකිච්ඡාව ඇති වුව හෝත් ඉතිරි සත කෙරෙහි විචිකිච්ඡා ඇති වේ. ඒ නිසා නිසි මගින් කල්පනා කිරිම නමි වු යෝනිසෝමනසිකාරය මගින් විචිකිච්ඡා නීවරණය ප්රහාණය වෙයි. මෙම නීවරණ ප්‍රහාණයට ඉවහල් වන ධර්ම සයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි.එනමි,
1. ත්‍රිපිටක ධර්මය සපුරා හෝ කොටසක් හෝ ඉගෙන තිබීම.
2. තෙරුවන් පිළිබදව ප්‍රශ්න විචාරීම.
3. ව්නයෙහි ප්‍රගුණ බව හේවත්විනයෙහි ස්වභාවය.
4. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති බව
5. තෙරුවන් කෙරෙහි පැහැදිමක් ඇති කලණ මිතුරන් ඇති බව.
6. සුදුසු කතා ඇති බව
මෙම කරුණු වලින් ප්රහාණය කළ විචිකිච්ඡා මග නුවනින් නුපදනා පරිදි ප්රහාණය කළයුතු වෙයි.
මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමචිඡන්දය ඇත්තේ යැයි තමා තුළ ඇති කාමචිඡන්දය දැන ගනි.ඔහු තමා තුළ කාමචිඡන්ධය නැත්තේ යැයි තුළ නැති කාමච්චන්දය දැන ගනියි. නුපන් කාමච්ඡන්දයාගේ ප්රහාණය ද ප්‍රහීන වු කාමච්ඡන්දයාගේ නැවත ඉපදිම ද ඔහු දැන ගනියි.
ව්‍යාපාද, ථීන-මිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිචිඡා යන නීවරණ සමිබන්ධයෙන් ද ඒ ආකාරයටම ඔහු දැන ගනියි.
මෙසේ ඔහු තමා තුළ වු ධර්මයහිත්, අනුන් පිළිබදව වු ධර්මයන්හිත් නුවණින් බලමින් පසුවෙයි. නීවරණ ධර්මයන්ගේ හට ගැනිමත් , නැති නුවණින් බලමින් පසු වෙයි. (පුද්ගලත්වය නැතිව)උදක් නීවරණ ධර්ම ඇත යන සිහිය ඔහු තුළ ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිනිස පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටියෙන් ඈත්ව වෙසෙයි. ලොව කිසිවක් මමය මාගේ යැයි නොගනි. භික්ෂුව මෙසේ පංච නීවරණ ධර්මයන්හි ධර්මය අනුව බලමින් වෙසෙයි. මෙය නීවරණ පුරුකයි. (පබ්බයයි)
උපාදානස්කනධ වශයෙන් ධම්මානුපස්සනාව
රූප , වේදනා,සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධ ධර්මයන් අරමුණු කරගෙන විදර්ශනා වැඩීම මෙයින් අදහස් කෙරේ. රූපය මෙසේ ය. රූපයේ හට ගැන්ම මෙසේ ය. රූපයේ නැතිවිම මෙසේ ය. යනුවෙන් භික්ෂුව තමා පිළිබදව හෝ අනුන් පිළිබදව පංච උපාදානස්කන්ධයන්හි ධම්මානුපස්සීව (ධර්මයට අනුව බලමින් ) වෙසෙයි. වේදනා,සඤ්ඤා, සංස්කාර,හා විඤ්ඤාණ පිළිබද ඔහු මෙසේ ධර්මයන්හි හට ගැන්ම හා නැති විම නුවණින් බලමින් වෙසෙයි. ඔහුට (පුද්ගලත්ව නැතිව) පංචස්කන්ධ ධර්ම පමණක් ඇත යන සිහිය ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වෙයි. ලොව කිසිවක් මමය මාගේ යැයි නොගනි. මෙය පංච උපාදානස්කන්ධ යන්හි ධර්මය අනුව බැලීමයි. හෙවත් පංච උපාදානස්කන්ධ වශයෙන් ධම්මානුස්සීව විසීමයි. මෙය ස්කන්ධ පුරුකයි.
ආයතන වශයෙන් ධම්මානුපස්සනාව
චක්ඛු, සෝත, ජීව්හා, කාය, මන යන අධ්‍යාත්මික ආයතන සයත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර ආයතන සයත් යන ආයතන ධර්මයන්හි අනුව බලමින් විදර්ශනා වැඩීම ආයතන වශයෙන් ධම්මානුපස්සනාවයි.
කර්ම විපාක වශයෙන් හටගත් චක්ඛුප්පාසාද රූපය ඇස බවත් , එම චක්ඛුප්පාසාදයට ගෝචර වු වෙනස් විමි ස්වභාවය ඇති යමක් වේ නමි එය රූපය බවත් , එම චක්ඛුප්පාසාද ද බාහිර රූපය වු රූපය ද යන දෙක නිසාම කාම රාග, පටිඝ, මාන, දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, ඉස්සා , මච්ඡරිය, අවිජ්ජා යන දස වැදැරුමි සංයෝජන උපදින බවද , යථා ස්වභාවයෙන් දැන ගැනිමද , එම සංයෝජන ධර්මයන්ගේ ප්‍රහාණ, ක්රමයද සෝවාන් ආදි මාර්ගඵලයන්ට පැමිණ සංයෝජනයන්ගේ නැවත නුපදින පරිදි නිරෝධය සිදු වන සැටිද මනා නුවණින් බලයි. මෙසේ ම කණ හා ශබ්දයත්, නාසය හා ගන්ධයත් , දිව හා රසයත් , ශරීරය හා පොට්ඨබ්බයත් සිත හා ධර්මයත් යන ආයතන ධර්මයන් ගැන අධ්‍යාත්මිකව (තමාගේ ) මෙන් ම බාහිර( අනුන්ගේ) සන්තානය පිළිබදවද නුවණින් බලමින් වාසය කිරිම ආයතන වශයෙන් ධම්මානුපස්සනාව වැඩීමයි.
මෙසේ ධම්මානුපස්සීව (ආයතන වශයෙන් ධර්මය අනුව බලමින්) වාසය කරන භිකුෂුවට (පුද්ගලත්වය නැතිව ) උදක් ධර්ම ආයතන පමණක් ඇතැයි යන සිහිය ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි වලින් ඈත්ව වෙසෙයි. ලොව මමය, මාගේ යැයි නොගනී. මෙසේ අධ්‍යාත්මික හා බාහිර ධර්මය අනුව බලමින් වාසය කිරිම ආයතන පුරුකයි.
බොජ්ඣංග වශයෙන් ධම්මානුපස්සනාව
සති , ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි ,උපේක්ඛා යන බෝධි අංග සත අරමුණු කොට ගෙන සිහිය පිහිටුවා ගැනිම මෙයින් අදහස් කෙරේ. සති යනු එළඹ සිටි සිහියෙන් යුක්ත වීමය. පළමු කොට සති බොජ්ඣංගය තමා තුළ ඇති බව හෝ නැති බවද, නුපන් බොජ්ඣංගයේ ඉපදීම වන සැටිද , උපන්නාවු බොජ්ඣංගය වැඩි දියුණු වන සැටිද මනා නුවණින් හා සිහියෙන් යුක්තව බලමින් විසිම බොජ්ඣංගය පිළිබදව ධම්මානුපස්සනාවයි. මෙසේ ම සෙසු බොජ්ඣංගය සය පිළිබදවද මනා නුවණින් හා සිහියෙන් යුක්තව බලමින් වාසය කිරිම බොජ්ඣංග ධර්මයන්හි අනුව බලමින් වාසය කිරිමයි.
ඔහුට (පුද්ගලත්වය හැර) බොජ්ඣංගයධර්ම පමණක් ඇත යන සිහිය ඇති වෙයි. එය නුවණ හා සිහිය වැඩීම පිණිස හේතු වේ.තෘෂ්ණා දෘෂ්ටියෙන් ඈත්ව වෙසෙන ඔහු මමය මාගේ යැයි ලොව කිසිවක් නොගනි. මෙය බොජ්ඣංග ධර්ම පුරුකයි.
චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයන් වශයෙන් ධම්මානුපස්සනාව
දු:ඛාර්යසත්ය, දු:ඛ සමුදයාර්යා්යසත්ය, දු:ඛ නිරෝධාර්යසත්ය , දු:ඛ නිරෝධගාමීණී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යන චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයන් අනුව බලමින් වාසය කිරිම මෙයින් අදහස් කෙරේ. තමන් තුළ මෙන්ම, අනුන් තුළ ද , චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයන්හි (හට ගැන්මත් , නැතිවිමත්) ක්‍රියාකාරීත්වය පිළිබදව නුවණින් මෙනෙහි කරමින් වාසය කිරිම මෙයින් අදහස් කෙරේ. එසේ වාසය කරන (පුද්ගලත්වය හැර) උදක් චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මය පමණක් ඇත යන සිහිය ඇති වේ. එය නුවණ හා සිහිය වැඩීමට හේතු වේ.තෘෂ්ණා දෘෂ්ටියෙන් ඈත්ව වෙසෙන ඔහු කිසිවක් ලොව මමය මාගේ යැයි නොගනි. මෙය සච්ච පුරුකයි.
බොජ්ඣංග ධර්මයක් හැටියට සැළනකන මෙම සතර සති පට්ඨානයන් යටත් පිරිසෙන් සත් දිනක් වඩන්නා හට මේ අත් බැවිහිදිම රහත් ඵලය ලැබීමට හෝ අනාගාමී ඵලය ලැබීමට පුළුවන. මේ සදහා සුදුස්සන් වනුයේ ශ්‍රද්ධා ආදි ඉන්ද්රියයන් දියුණු කළ පුද්ගලයන් ය.
සතර සම්යග්ප්රධාන
ලෞකික වශයෙන් ලබන සෑම සැපතක්ම තාවකාලිකය. සක්විත් රජ සැප ලැබුවද ඇතැමි විට ඊළග භවයක දි අපායගාමීව දුක් විදිමට සිදු වනු ඇත. ලෞකික ධ්‍යාන වලින් වුව ද පිරීහි දුකට පත් වුවන් ගගැන බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙයි. එ බැවින් සොවාන් ආදි මාර්ගපල අධිගමය මගින් නුවන් මගට යොමු විම උතුම් ය. අපරාජීතය. එහෙත් එම විමුකිත් මාර්ගයෙහි විවිධ බාධක ඇත. එම බාධාවන් ජය ගෙන ඉදිරියට යාම සදහා මහත් වීර්යයක් , උත්සාහයක් අවශ්‍යය. බුද්ධ ධර්මයේ දැක්වෙනසම්යග් ප්‍රධානයන් එම උත්සාහයයි. වීර්යයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා වායාම යනුවෙන් දැක්වෙන්නේ ද මේ මහා වීර්යයි. සම්යග්ප්රධාන යන්න විස්තර කරන් තන්හි “සමත් , ඇටත් , නහරත් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. ලේ මස් වියළි යතොත් වියළි යේවා. පුරුෂ විර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ලොකොත්තර ධර්මයකට පැමිණිය යුතු ද එයට නොපැමිණ කිනමි කරුණක් නිසාවත් වීර්යය ලිහිල් නොකරමී.” යනුවෙන් පවත්වන චතුරංග සමන්නාගත වීර්යය මෙහි සම්යග්ප්රධාන වීර්යය ලෙස හැදින්වෙ යි.
වමය බොධිපාක්ෂික ධර්මයට අයත් වන්නකි. එමෙන ම මාර්ගඵල අධිගමය පිණිස අවශයෙන්ම වැඩිය යුත්තකි. සම්යග්ඵ්රධාන සාමාන්‍ය එකක් වුවද එයින් සිදු කරන කාර්යයන් වශයෙන් සලකන විට සතරක් සැටියට ධර්මයෙහි විස්තර වෙයි. වරක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතා සතර සම්යග්ප්රධාන මෙසේ විස්තර කළ හ.
“මහණෙනි සම්යග්ප්රධානයෝ සතර දෙනෙකි.ඒ සතර කවරේද? මේ සසුනෙහි මහණ තෙම,
i. නුපන් අකුසල් දහමි නොඉපදිම පිණිස ඡන්දය උපදවයි.වෑයමි කරයි. වීර්යාරමිභ කරයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් විර්යය කරයි.
ii. උපන් අකුසල් දහමි ප්‍රහීන කිරිම පිණිස ඡන්දය උපදවයි.වෑයමි කරයි. වීර්යාරමිභ කරයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් විර්යය කරයි.
iii. නුපන් අකුසල් දහමි ඉපදිම පිණිස ඡන්දය උපදවයි.වෑයමි කරයි. වීර්යාරමිභ කරයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් විර්යය කරයි.
iv. නුපන් කුසල් දහමි පැවැත්ම පිණිම නොවිසිරිම පිණිස , විපුල විම පිණිස, වැඩීම පිණිස, සමිපුර්ණ විම පිණිස, ඡන්දය උපදවයි. වෑයමි කරයි . වීර්යාරමිභනය කරයි . සිත දැඩි නකාට ගනියි. ප්‍රධන් වීර්ය කර යි.
මහණෙනි, මේ සතර සම්යග්ප්රධානයෝය.’’
1. නූපන් අකුසල් නූපදිනු පිණිස කරන වීර්යය ප්‍රථම සම්යග්ප්රධානය යි.
වර්තමාන භවයෙහි ත.මාගේ සන්තානයෙහි පරියුට්ඨාන වශයෙන් එතෙක් නූපන්නා වු ක්ලේශයන් තිබිය හැකි ය. එමෙන් ම තමා අතින් මෙතෙක් සිදු නොවු ප්‍රාණඝාත ආදි පාප ක්‍රියා ද ඇත. එ වැනි කෙලෙස් මතු වන්නටත් , ඉඩ නොසැලකිම සදහා සීල භාවනා ආදියෙහි යෙදිමට ගන්නා වීර්යය නූපන් අකුසල් නූපදිනු පිණිස කරන වීර්යයි.
2.උපන් අකුසල් ප්රහාණය පිණිස කරන වීර්යය දෙවන සම්යග්ප්රධානයයි. තමාගේ සන්තානගතව පරියුට්ඨානභාවයට පැමිණි යම් ක්ලේශ ධර්ම ධර්ම තිබෙන්නට පුළුවන. ඒ කෙලෙස් නිසාම යම් පාප ක්‍රියා කරන්නට ද ඇත. ඒ සියල්ල උපන් අකුසල්ය. එම ඇකුසලයන් තමාගේ සසර දුකට හේතු වන බවසලකා මතු එවැනි අකුසල් ඇති වන්නට ඉඩ නොදි , ඒවා සහමුලින්ම උපුටා ලිම සදහා සීල, භාවනා ආදියෙහි යෙදිම සදහා කරන වීර්යය දෙවන සම්යග්ප්රධානයයි.
3.නුපන් කුසල් ඉපදිම සදහා කරන වීර්යය තුන් වන සම්යග්ප්රධානයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්රිෂික්ෂාව මෙන්ම , සීල, විසුද්ධි, චිත්ත විසුද්ධි , පටිපදා ඤාණ දස්සන විසුද්ධි , ඤාණ දස්සන විසුද්ධි , යන සත්ත විසුද්ධි සමිබන්ධ කොට ගෙන ද ධර්මයෙහි විස්තර වෙයි.
සීලය ගැන සලකන විට පන්සිල් , අටසිල් , දසසිල්, සාමණේර සිල් ,උපසමිපදා සිල් , ලෞකික සිල් වේ.මෙතෙක් කිසි සීලයකනොපිහිටි තඅනඅත්තාට ඉහත කී සියල්ලම නුපන් කුසල් ය. පන්සිල් රකින්නාට ඊට උසස් සිල් නුපන් කුසල් ය. ඒ කුසල් සිල් පුර්ණය සදහා ගන්නා උත්සාහය නුපන් කුසල් ඉපදිම සදහා කරන වීර්යයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන සමිමා වාචා, සමිමා කමිමන්ත, සමිමා ආජීව, යන අංගත්රය ලොකෝත්තර සීලයට අයත් ය. කලින් සදහන් කළ ලෞකික සිල් සමිපුර්ණ කරන තැනැත්තාට මෙම සමිමා වාචා ආදි ලොකොත්තර සිල් නුපන් කුසල ය.
සමාදියද ලෞකික ලොකෝත්තර වශයෙන් දෙවැදෑරූමි ය. එයින් ලෞකික සමාධිය, කාමාවචර, රූපාවචර, අරූපවාචර වශයෙන් තෙවැදෑරැමි ය. කිසිත් භාවනාවක නොයෙදුන තැනැත්තාට මේ සියල්ලම නුපන් අකුසල් ය. ආනාපාන ආදි භවනාවක් කරන තැනැත්තාට පරිකර්ම සමාධිය උපන්න කුසලයකි. උපාචර , අර්පණා, සමාධින් නූපන් කුසල් ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන සමිමා වායාම, සමිමා සති, සමිමා සමාධි යනකු ලොකෝත්තර සමාධියයි. එහි දි ද නැවත ප්‍රථමධ්‍යාන, ද්විතියධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්යාන වශයෙන් සිව් වැදෑරුමි ය. ඒ අනුව මුලින් සදහන් කළ ලෞකික සමාධි උපදවා ගත් තැනැත්තාට ලොකොත්තර සමාධි නුපන් කුසල් ය.
ප්‍රඥාවද ලෞකික ලොකෝත්තර වශයෙන් දෙවැදෑරූමි ය. ලෞකික ප්‍රඥාවේද ප්‍රභේද ඇත. කමිපන දක්නා නුවණ ය. පියවි ඇසට නොපෙනන දෑ දක්නාවු දිබ්බචක්ඛු නමි වු නුවණ, පියවි කණට නොඇසිය හැකි ශබ්ද ඇසිය හැකි දිබ්බසෝත නුවණ , අනුන්ගේ සිත් දන්නා පරචිත්තවිජානන නුවණ , තමන්ගේ අතීත ජාති දැන ගන්නා නුවණ, අතීතානාගත දෙක දන්නා නුවණ, මරණින් මතු සත්වයන් උපදින තැන් දක්නා නුවණ දක්නා නුවණ, ස්කන්ධාද් ධර්මයන්ගේ අතීත්යාදි ලක්ෂණ දක්නා නුවණ , යන ඥාන ලෞකික ප්‍රඥා වේ. සත්ත විසුද්ධි අතරෙන් දිට්ඨි විසුද්ධ්, කඩ් කවිතාර විසුද්ධි , මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, යන සතර ලෞකික ප්‍රඥා ගණයට වැටෙන අතර, ඤාණ දස්සන විසුද්ධිය ලොකෝත්තර ප්‍රඥාවට අයත් වේ. එමෙන් ම සෝවාන් , සකෘදාගාමී , අනාගාමී අර්හත් යන කලාකෝත්තර මාර්ගයන්හි දි හමු වන සමිමා දිට්ඨි, සමිමා සංකප්ප යන මාර්ගාංග දෙක ද ලොකෝත්තර ප්‍රඥාවට අයත් ය. වර්තමාන භවය ගැන සලකා බලන විට මේ එකද ප්‍රඥාමය කුසලයක් නුපද වු තැනැත්තාට සියලුම ප්‍රඥාවන් නුපන් කුසල් ය. ලෞකික ප්‍රඥාවන් උපදවා ගත හැකි තැනැත්තාට ඒවා උපන් කුසල් වන අතර , ලොකෝත්තර ප්‍රඥාවන් නූපන් කුසල් ය. තුන් ප්‍රධන් වීර්යය යනුනේ අදහස් කෙරෙනුයේ මෙසේ නූපන් ත්රිශික්ෂා ලාභය සදහා වීර්යය වැඩීම ය.
4. උපන් කුසල් වැඩිදියුණු කර ගැනිම සතර වන සම්‍යග් ප්රධානයයි. මෙම ප්‍රධන් වීර්යය ගැන සාකච්ඡා කිරිමේ දි ක්ලෙශයන්ගේ අවස්ථා තුන ගැනත් , ක්ලේශ ප්රහාණය හා ත්රිශින්ෂා අතර සමිබන්ධය ගැනත් තේරුම් ගැනිම අවශ්‍යය.
ලෝභාදි ක්ලේශයන්ගේ අවස්ථා තුනක් ඇත. අනුශය අවස්ථාව , පරියුට්ටාන අවස්ථාව,හා විතික්කම අවස්ථාව යනු යි. අනුශය අවස්ථාව යනු යම් කරුණක් ඇති වු විට නැගි ආ හැකි පරිදි ක්ලේශයන් යටපතව් සැගවි පවත්නා අවසිථාවයි. ලොකෝත්තර මාර්ගයෙන් මතු නුපදිනා පරිදි , කෙළෙස් පහ නොකළ කෙනෙකු නමි , කොතරම් සිල්වතකු වුවද , ධ්‍යාන ලාභියෙකු වුවද අනුශය අවස්ථාවෙහි සිටින කෙලෙස් ඔහු තුළ සැගවි ඇත.
ඉන්ද්රිය දමනයක් නැති , කුසල ධර්ම වැඩිමක් නැති අයගේ සන්තානවල නිදා සිටින ක්ලේශයෝ අරමුණක් ලද විගසම නැගි සිටිති. එම අවස්ථාව පරියුට්ඨාන අවස්ථාවයි. පරියුට්ඨාන අවස්ථාව පැමිණි ක්ලේශ ධර්ම සමහර විට වෙනත් පාප ක්‍රියාවක් සිදු නොකෙට සන්සිදි යාමට ඉඩ තිබේ. සමහර අවස්ථාවක පරියුට්ඨාන පමණකින් නොනැවති ප්‍රාණඝාත ආදි පාප ක්‍රියා සිදු කොට පුද්ගලයා දුසිල් බවට ද පත් කරයි. මෙය විතිකකම අවස්ථාවයි.
ත්රිශික්ෂාවෙහි ඇතුළත් වන ශීල ශීක්ෂාවෙන් ක්ලේශයන්ගේ ව්‍යතික්‍රමණය, ප්රහාණය කරයි.ලෞකික සමාධියෙන් ක්ලේශයන්ගේ පර්යුත්ථානය ප්රහාණය කරයි. . ලෞකික ප්‍රඥාවෙන් පර්යුත්ථානය, ව්‍යතික්‍රමණය, අවස්ථා දෙකම ප්රහාණය කරයි. ලොකෝත්තර සීල, සමාධිප්රඥා තුනෙන් ක්ලේශයන්ගේ අනුශය ප්රහාණය කරයි.
මෙහිදි උපන් කුසල් වැඩි දියුණු කිරිම සිදු වන්නේ කෙසේ ද? සීලයෙන් ක්ලෙශයන්ගේ ව්‍යතික්‍රමණ වළක්වන බව, ප්රහාණය කරන බව මීට පෙර සදහන් කළෙිමු. එයෙත් දුර්වල ශිලාධ්යාශය නිසා බලවත් ක්ලේශ ව්යාතික්රමණ අවස්ථාවට පැමිණිමට ඉඩ තිබේ. එ වැනි අවස්ථාවක දි “ශරීරයේ සමත් , ඇටත් , නහරත් පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. ලේ මස් වියළි යතොත් වියළි යේවා. කුමක් සිදු වුවත් ශිලය නො බිදෘමි යි’’ යනුවෙන් ක්ලේ ශයන් විසින් නොපැරදවිය හැකි අන්දමට ශීලාධ්‍යාශය බලවත් වීර්යයයේන යුක්ත කර ගැනිම උපන් සීලමය කුසල් වැඩි දියුණු කිරිමය. තව දුරටත් සීලය ජීවිත කාලය පවත්නා අනිදමට සම්යග්ප්රධාය වීර්යයයේන යුක්ත කර ගැනිමෙන් පමණක් සෑහීමකට පත් නොවිය යුතු ය. එම ලෞකික සීලය නිවනට පැමිණෙන තුරු නොනස්නා ලොකෝත්තර සීල භාවයට පත් වන තුරු වීර්යය කිරිම ද උපන් සීලමය කුසලය වැඩිදියුණු කිරිම ය.
සමාධිය සමිබන්ධයෙන් ද අනුගමනය කළ යුත්තේ සීලය ගැන සදහන් කළ මේ ක්‍රමය මය. බලවත් ක්ලේ ශයන්ගෙන් පරියුට්ඨාවනය වැලැක්විමට දුබල සමාධිය අසමත් වෙයි. බලවත් ක්ලේශයන්ටද නොමැඩිය හැකි වන අන්දමට සම්යග්ප්රදාන වීර්යයෙන් යුක්ත කොට සමාධිය බලවත් කර ගැනිමද , ලැබු සමාධියත් වඩ වඩා උසස් තත්ත්වයට පත් කර ගනිමින් ලෝකොත්තර සමාධිය දක්වා පවත්වා ගෙන යාමද උපන් සමාධි කුසලය වැඩිමකි.
ප්‍රඥාවෙහි ද විවිධ ප්‍රමාණ ඇත. ප්‍රබල ක්ලේශයන් මගින් දුර්වල ප්‍රඥාවේ අනුභාවය නසා , එම පරියුට්ඨානයට ද , ව්‍යති කුමයට ද පැමිණිමට ඉඩ තිබේ. එහෙත් කවර හෝ බලවත් ක්ලේශයකට මැඩිය ෙනාහැකි පරිදි , ප්‍රඥාව දියුණු කිරිමද , අනුශය ප්‍රහාණයට සමත් වු ලොකෝත්තර ප්‍රඥාව ළගා වන තුරු ලෞකික ප්‍රඥාව දියුණු කිරිම ප්‍රඥාමය කුසලය වැඩීමය.
පධානියඩ්ග පස
සම්යග්ප්රධාන වීර්යය වඩා ප්‍රතිඵල බලාපොරොත්තු වන පුද්ගලයක් සතුව තිබිය යුතු ගුණාංග පසක් ගැන අංගුත්තර නිකායේ පංචක නිපාතයෙහි සදහන් වෙයි. එනමි,
1. තථාගතයන් වහන්සේ සමිමා සමිබුද්ධත්වයට , විජ්ජාචරණ ආදී ගුණ පිළිබදව විශ්වාශ කිරිම.
2. රෝග නැති අයෙකු විම මෙන් ම කවර වුවද ආහාරයක් දිර විමට සමත් බඩගින්න ඇත්තකු විම.
3. කෛරාටික නොවී, තමාගේ වරද, තම දුබලකමි තම ගුරුවරයාට නො වළහා ප්‍රකාශ කරන්නකු විම.
4. අකුසලයන්ගේ ප්රහාණය කිරිම හා කුසලයන් ඇති කර ගැනිමට නො පසුබට වන අදහස් ඇත්තකු විම.
5. සංස්කාරයන්ගේ ඇති විම හා නැති විම දෙක දක්නා නුවණ ඇති අයකු විම.
මෙහි සදහන් අංග පසෙහි අඩුවක් විම බෝධිපාක්ෂික ධර්ම වැඩීමට බාධාවක් නොවේ. එහෙත් විශේෂයෙන් ම මෙහි පළමු අංගය වු බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාශය අවශයෙන්ම තිබිය යුතු බව පෙනේ.
මේ හැරුණු විට ප්‍රධන් වීර්යය වැඩීමට නුසුදුසු කාල පහක් පිළිබදවද අංගුත්තර නිකාය පංචක නිපාතයේ නීවරණ වග්ගයේ සදහන් වෙයි. එ නමි , ජරාවෙන් ජීර්ණ වු විට , දුර්භික්ෂයක් පවත්නා විට , යුද්ධ ආදියෙන් රට කැළඹි පවතින විට , සංඝයා භේද වී සිටින විට යන අවස්ථා පහයි.
සතර සෘද්ධි පාද
දෘද්ධි යනු යමි කිසිවක සිදු විම ය. යම් යම් ාද් කළ හැකි ශක්තියටද සෘදෟධි යන නම යෙදේ . ලොව බොහෝ සෘද්ධි ශක්ති ඇත. එහෙත් මෙම බෝධිපාක්ෂික ධර්ම පිළිබදව කියැවෙන තනිහි සෘද්ධි වශයෙන් ගැනෙන්නේ බුදුදහමෙහි භාවනාවෙන් උපදවා ගන්නා වු ධ්‍යාන අභිඥා මාර්ග ඵල ආදි වශයෙන් ගැනෙන ලොකෝත්තර ධර්ම සමුහය ය. එවැනි සෘද්ධින් පහක් බුදු සමයෙහි සදහන් වෙයි.
1. අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤා සිද්ධි
චිත්ත, චෛතසික, රූප, නිබිබාණ යන පරමාර්ථ ධර්ම මෙතෙක් යයි වෙන් වශයෙන් හා ලක්ෂණ වශයෙන් , පවත්නා ආකාරය වශයෙන් නිවැරිදි ලෙස දැන ගැනිම .
2. පරිඤ්ඤේය්යෙසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි
දුක්ඛාර්ය සතය්යයට අයත් රූප, අරූප ධර්මයන්ගේ වෙන් වෙන් වු ලක්ෂණ හා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සනාතන ලක්ෂණ පිරිසිද දැන ගැනිම.
3. පහාතබ්බේසු ධම්මෙසු පහාන සිද්ධි
සමුදයාර්ය සත්‍යය නමි වු ථෘෂ්ණාව හා අවශෙශ ක්ලේශයන්ගේ ද ප්රහාණය.
4. සචිඡිකාතබ්බේසු ධම්මෙසු සච්ඡිකිරියා සිද්ධි
තම සන්තානයෙහි අනුශය වශයෙන් පවත්නා වු තෘෂ්ණාව හා සෙසු ක්ලේශයන් ද මතු නුපදින පරිද්දේන් නුපදිනා පරිදි නිරෝධයට පත් විම නමි වු නිර්වාණ ධාතුව ස්වකීය ඥාණයෙන් ප්රත්යක්ෂ කිරිම.
5.භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි
ලොකොත්තර මාර්ග ඥානය ලබන තුරු සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂාවන් දියුණු කිරිම ලොකෝත්තර මාර්ගය පහළ විම එම සෘද්ධිය සමිපුර්ණ විම.
මේ අන්දමට නෙයෙක් ආකාරයන් හැදින්වෙන ශාසනික සෘද්ධින් ගැනද බුදු දහමෙහි සදහන් වෙයි. එවැනිකවර සෘද්ධියකට පැමිණිම වුවද දුෂ්කරය. ඒ දුෂ්කර වු සෘද්ධින් ලැබිමට උපකාරී වන ධර්ම සමුහයක් ද ඇත. ඒ වායේ ආධාරයෙන් සෘද්ධින් ලැබිය හැකි ය. එම උපකාරක ධර්ම සෘද්ධි පාද ධර්ම නමින් හැදින්වෙයි.
සෘද්ධි ලැබිමට උපකාරීවන සෘද්ධි පාද ධර්ම හතරක් පට්සම්භිදාමග්ග , පඤ්ඤාවග්ගයේ ඉද්ධි කථා යටතේ සදහන් වෙයි . එම සෘද්ධි පාද සතර මෙසේ වෙයි.
1. ඡනින්ධි පාදය
2. චිත්තිද්ධි පාදය
3. විරියිද්ධි පාදය
4. වීමංසිද්ධි පාදය
ඡන්දය යනු යම් කිසිවකට ඇති කැමැත්තයි .සෘද්ධි පාදයක් වශයෙන් ගැනෙන ඡන්දය බෙහෝ සෙයින් බලවත් වුවකි. කොතෙක් වෙහෙස වන්නට වුවද , කොතෙක් සැප අත්හරින්නට වුවද , කොතෙක් දුක් ගැහැට විදින්නට වුවද සෘද්ධිය ලබන තුරු ම නොසන්සිදෙන බවත් බලවත් කැමැත්ත ඡන්දිද්ධිපාද නමි වෙනයි.
සම්‍යයක් වීර්යය යටතේ විස්තර වුණු වීර්යම විරියිද්ධිපාදය වශයෙන් දැකිවිය හැකි ය.
සෘද්ධිය ලබන තුරු අනෙකකට නොනැමෙන අතිශය්න්ම සෘද්ධිය ට නැමුණු සිත චිත්තිද්ධිපාද නමි.
අපා දුකෙහි බියකරු බවත් , සසර දුකෙහි මහත් බවත් දකින සෘද්ධියේ අනුහස් දකින , ස්කන්ධදාදි ගැඹුරු ධරුම තේරුමි ගැනිමට සමත් ඥානය වීමංසිද්ධිපාදය යි . බෝධිපාක්ෂික ධර්ම හැටියෙට සැළකෙන මෙම සෘද්ධි පාදයන්ගේ එකක් හෝ ඇති තැනැත්තා මේ භවයෙහිදි ම හෝ අනතුරු භවයෙහිදිම මගඵල ලැබිමට සමත් වන බව ද සදහන් වෙයි.
ඉන්ද්‍රීය ධර්ම පහ
අන්‍යයන් කෙරෙහි තමන්ගේ අධිපති බව පවත්නා රාජ ආදීන් මෙන් ම , නාමරූප ධර්මයන්හි අදිපති බව පවත්නා වු ධර්ම ඉන්ද්‍රීය ධර්ම නමින් හැදින්වෙයි. අධිබති බව නමි අන්‍ය ධර්මයන් තමා යටතට අනුකූල කරවා ගැනිමයි. බුදු දහමෙහි එවැනි ඉන්ද්‍රීය ධර්ම විසි දෙකක් සදහන් වෙයි. ඒ නිසාම බෝධි පාක්ෂික ධර්ම යශයෙන් හැදින්වෙන එම ධර්ම පහ පිළිබද ව, අංගුත්තර නිකායේ මහා වග්ගයේ ඉන්ද්‍රීය කථා යටතේ සසදහන් වෙයි. ඒ අතුරෙන් සමිබෝධියට උපකාරී වන ඉන්ද්‍රී ධර්ම පහක් ගැනද සදහන් වෙයි. ඒවා නමි සද්ධින්ධිය, විරියින්ද්රිය, සතින්ද්රිය හා පඤ්ඤින්ද්රිය යි.
සද්ධින්ද්රිය
සද්ධා යනු බුද්ධා දී තෙරුවන් ගුණ පිළිබද විශ්වාශයත් , කර්මඵල විශ්වාශයත් ය. ශ්‍රද්ධාව ඇති විවෙන් බුදු ගුණ ආදිය පිළි ගැනිමට බාධා කෙරෙන කෙළෙස් පහ වෙයි. එයින් සිත පැහැදේ. චිත්ත,චෛතසික, ධර්ම බුදු ගුණ ආදිය පිළ ගැනිමට අනුකුල කරවා ගනියි. එ බැවින් එය සද්ධින්ද්රිය වශයෙන් හැදින්වෙයි.
හැම පිනක්ම කරන අයකු තුළ සද්ධින්ද්රිය ඇත. එහෙත් ඒ සද්ධින්ද්රිය හැම ම බොධිපාක්ෂික ධර්මයක් හැටියට නොගැනෙයි. බොධිපාක්ෂික සද්ධින්ද්රිය හැටියට සළකනුයේ භාවනා කිරිමේදි සිතට ආශ්වාදයක, සතුටක් ලබාදි එහි සිත පිහිටු විමට තරමි බලයකින් යුත් ශ්රද්ධාවයි. ප්‍රකෘති ශ්‍රද්ධාව ඒ තත්ත්වයට දියුණු කළ හැකි වන්නේ ද භාවනාවේ යෙදිමෙන් ය. මෙය භාවනා ශ්‍රද්ධාව වශයෙන්ද හැදින් විය හැකි ය.
බුද්ධා දී රත්නත්‍රයෙහි ගුණයක් ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වු කල්හි ඉන් සිතට මිහිරක් , ආශ්වාදයක් ඇති වේ නමි ධ්‍යානයට සම වැදුනු කෙනෙකුට මෙන්ම කැමති තාක් කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේනමි එය සද්ධින්ද්රිය දියුණු වි ඇති බව තේරුමි ගත යුතු ය. බුද්ධානුස්සති භාවනාව මේ සදහා සුදුසු භාවනාවකි. ශ්‍රද්ධා නැති අය දුරු කිරිමෙන්ද ,සැදැහැ ඇත්තවුන් ඇසුරු කිරිමෙන්ද ප්‍රසාද දනවන සුත්රාන්තයේ මැනවින් ශ්‍රවණය කිරිමෙන් ද යන තුන් අයුරින් ශ්රද්ධේන්ද්රය දියුණු වන බව ධර්මයෙහි සදහන් වේ.
විරියින්ද්රිය
යමි ක්‍රියාමක් එය නො නිමවා නො නවත්වා වු ද ක්‍රියාව මනා කොට සිදු කරන්නා වු ද කළ යුතු කාර්්‍යය කෙරෙහි අධිපති බව පවත්නා වුද වීර්යය චෛතසිකයයි. වීර්යය, කායික හා මානසික වශයෙන් දෙවෑදෑරුමි ය. ඉන් විරියින්ද්රිය වනුයේ මානසික වීර්යයි. එමෙන්ම කුසල පකන්ෂයෙහිලා ගැනෙන වීර්යය, ප්‍රකෘති වීර්යය හාභාවනාමය වීර්යය යි දෙවෑදෑරුමි වන අතර ඉන් ද මෙහි විරියින්ද්රිය හැටියට සළකනුයේ භාවනාමය වීර්යයි. නොවැඩු වීර්යය ඇති යෝගාවචරයාගේ සිත භාවනාටවට වන් කල්හි දූර්වල වන අන්දම කුසීත වස්තු අටක් යටතේ අංගුත්තර නිකාය අට්ඨක නිපාතයේ දක්වා ඇත. නොවැඩු වීර්යය ඇති යෝගාවචරයා වැඩක් කරන්නට තිබෙන විටත් , වැඩක් නිම වු විටත් , ගමනක් යාමට ඇති විටත් , ගමනක් ගොස් පැමිණි විටත් , බලාපොරොත්තු පරිදි භෝජනයක් නොලද විටත් , රිසි පරිදි භෝජනය කුස පුරා වැළදු විටත් , සුළු රොගයක් හට ගත් විටත් , රෝගය සුව වු විටත්, ධ්‍යාන ආදිය සදහා වීර්යය නොකරයි. එහෙත් දියුණු වු විරියින්ද්රිය ඇති යෝගාවචරයා ඉහත සදහන් කුසීත වස්තු අටට නොවැටි ධ්‍යානාදිය ලැබිම සදහා වඩාත් උත්සහා කරයි. බෝධිපාක්ෂික විරියින්ද්රිය වනුයේ එම භාවනාමය වීර්යයි.
ලෞකික කටයුතු වලදි වීර්යය කොට පුරුදු ඇත්තකුට විරියින්ද්රිය වැඩීම පහසුය. ධර්මය පාඩමි කිරිම , සක්මන් කිරිම, බොහෝ වේලා වාඩී වී සිටිම ආදිය කායික වීර්යයි. සමාධිය වැඩීමෙහි හා අනිත්‍යාදි වශයෙන් සංස්කාරයටන් මෙනෙහි කිරිමේදි ද තිබිය යුතු වීර්යය මානසික වීර්යයි. බෝධිපාක්ෂික ධර්ම වඩන්නකුට මෙම වීර්යය දෙකම අවශ්‍යය. වත් පිළිවෙත් කිරිමෙන්ද, පිණ්ඩපාතික ආදි ධුතාංග පිරිමෙන් ද කායික වනීර්යය දියුණු වෙයි. එම කායිත වීර්යය උපයෝගී කර ගෙන භාවනාවෙහි යෙදීවමන් මානසික වීර්යය ඇති කොට ගත හැකි ය. එමෙන්ම කුසීත පුද්ගලයන් දුරුලීමෙන් ද ආරබ්ධ වීර්යයෙන් යුතු පුද්ගලයන් ඇසුරු කිරිමෙන් ද , සම්යග්ප්රදානයන් ප්රත්යාවේක්ෂා කිරිමෙන් ද යන තුන් අයුරින් විරියින්ද්රිය පිරිසිදු වෙයි. දියුණු වෙයි. සතර සම්‍යග් ප්‍රධාන අනුව බලා විරියින්ද්රියේ දියුණුව දත යුත් ය.
සතින්ද්රියය
සතින්ද්රිය යනු සිතට පංච කාම විශයෙහි ම යන්නට ඉඩ නොදි අකුසල පැත්තට බර වන්නට ඉඩ නොදි එය කඅසල් පැත්තෙහි පිහිටුවන චෛතසික ධර්මයකි. සිහිය යනුනේ ද මෙය හැදින් වෙයි. මෙම චෛතසිකය තමා හා යෙදෙන සිතත්ත , සෙසු චෛතසිකයනුඅත් තමාට අනුකුල අනුකුල කරවන බැවින් මෙය ඉන්ද්රිය ධර්මයක් වශයෙන් හැදින් වෙයි. මෙම චෛතසිකය වැඩි දියුණු කළ විට ක්‍රමයෙන් ලොකෝත්තර අරි අටගි මගෙහි එන සමිමා සතිය බවට පත් වෙයි. බෝධිපාක්ෂික ධර්මයක් වන මෙම සතින්ද්රිය දියුණු වන්නේ සිහිමුළා වු පුද්ගලයන් දුරලීමෙන් , එළඹ සිටි සිහියෙන් යුතු පුද්ගලයන් ඇසුරු කිරිමෙන් හා සතිපට්ඨානයෙන් ප්රත්යාවේක්ෂා කිරිමෙන් යන තුන් අයුරින් ය.
විශේෂයෙන්ම සතර සති පට්ඨාන භාවනාවේ යෙදෙන කල්හි සතින්ද්රියෙහි දියුණුව තේරුමි ගත හැකි ය. අශ්වාස ප්‍රශ්වාස හෝ කේශාදි කායික කොටස් ගැන මෙනෙහි කරන විට සිත වෙනත් අරමුණකට නොගොස් එම අරමුණෙහිම පවති නමි සතින්ද්රිය දියුණු වී ඇතැයි සැළකේ.
සමාධින්ද්රියය
ලොව ඇති විවිධ අරමුණු කරා එළඹ යාම සිතෙහි ස්වභාවයයි. එකම අරමුණක වුවද විවිධ අරමුණු පැති කෙරෙහි යොමු විම ද තවත් ලක්ෂණයකි. සිතෙහි පවත්නා මේ අසංවර ස්වභාවය නිසා එක දෙයක් ගැනවත් නිවැරිදි අවබොධයක් ලද නොහැකි ය. සිතෙහි පවත්නා මෙම අසමාහිත ස්වභාවය වෙනස් කොට එක් අරමුණක පිහිටු විම සදහා උපකාර වන ධර්මයක් අවශ්‍යය. සමාධින්ද්රිය යනු එසේ සිත එක් අරමුණක පිහිටු විම වශයෙන් පාලනය කරන ධර්මයයි. මෙය ඒකග්ගතා චෛතසිකය ලෙස හැදින්වෙයි.
පොදුවේ සලකන විට කෙනෙකුට යම් කරුණක් සමිබන්ධයෙන් සිතේ එකග බවක් පවත්වා ගත හැකි ය. එහෙත් ධ්‍යාන ආදිය සදහා යෝග භාවනා වැඩීමට එය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම එය බොධිපාක්ෂික සමාධින්ද්රිය ද නොවේ. ධ්‍යාන ආදිය සදහා යෝගී භාවනා වඩන සත් පුරුෂයන්ට සිත් බොහෝ ගණනක් එකම අරමුණක එකම ආකාරයට පැවැත්විය හැකි ය. වන් සමාධිය බොධිපාක්ෂික සමාධින්ද්රිය යි. එය පරිනර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය යයි තෙ වැදැරූමි ය. කැළඹුන සිතින් යුතු පුද්ගලයන් දුරුලීමෙන් ද තැන්පත් සිතින් යුතු පුද්ගලයන් ඇසුරු කිරිමෙන් ද ධ්‍යාන විමොක්ෂයන් ප්රත්යාවේක්ෂා කිරිමෙන් ද තුන් අයුරින් සමාධීන්‍ද්‍රිය පිරිසිදු වෙයි. ප්‍රථම, ද්වීතිය, තෘතීය හා චතුර්ථ යන සතර වැදෑරුමි ධ්‍යාන ඇසුරෙන් ද සමාධින්ද්රියේ දියුණුව දත යුතු ය.
පඤ්ඤින්ද්රිය
සිකට හැම දෙයක් ම දැනෙයි . එහෙත් එක් දෙයක් වත් පිරිසිදු ලෙස නො දැනේ. සිත හා එක් වී පිරිසුදු ලෙසත් නිවැරිදි ලෙසත් අරමුණු දැන ගන්නා ධර්මයක් ඇත. එනමි ප්රඥාවයි. එම ප්‍රඥාව අරමුණු නොවරදවා ඇති සැටියෙන් ගැනිම හා එක්ව යෙදෙන ධර්මය (සමිප්රයුක් ධර්මය) යොමු කොට පාලනය කරන නිසා පඤ්ඤින්ද්රිය ලෙස හැදින් වේ. අභිධ්මයෙහි මෙය මෝහ චෛතසිකය ලෙස හැදින් වෙයි.
සමාන්‍ය ජනයාගේ සන්තාන වලද විටින් විට ප්‍රඥාව ඇති වේ. එහෙත් එම ප්‍රඥාවේ ප්‍රභල දර්ශන ශක්තියක් නැත. ඇසින් දුටු දෙයක් ඇසට නැවත පෙනෙන්නාක් මෙන් සිතින් දැකිම අපහසු කාර්යයකි. ධ්‍යාන ලැබිම සදහා ඉදිරියේ ඇති කසිණ ආදි අරමුණක් ඇසට පෙනෙන සේම සිතින් ගත හැකි විය යුතු ය. ඒ සදහා දියුණු තියුණු කළ ප්‍රඥාවක් අවශ්‍යය. ලොකෝත්තර මාර්ගය සදහා වඩනු ලබන විදර්ශනා භාවනාට ඊටත් වඩා දියුණු ප්‍රඥාවක් අවශ්‍යය. ඒ අනුව බොධිපාක්ෂික ධර්ම අතරෙහි සදහන් වන පඤ්ඤින්ද්රිය යනු එසේ සමථ විදර්ශනා භාවනාවන්ට යෝග්‍ය වන අන්දමට දියුණු කරන ලද ආලෝකවත් නුවණ ය.
සමථ භාවනාව සදහා භාවනාවෙන් ම ප්‍රගුණ කළ ප්‍රඥාවක් තිබිය යුතු ය. විදර්ශනාව උගෙනිම හා භාවනාව කිරිම යන දෙකින් ම දියුණු කළ ප්‍රඥාවක් තිබිය යුතු ය. සමථ භාවනාවෙන් ඇති වන ප්‍රඥා වර්ධනයේ අවසානය නමි , ඉද්ධිවිධ, දිබ්බසොත ආදි අභිඥා ඇති විම ය. විදර්ශනා ක්‍රමයෙන් දියුණු කළ ප්‍රඥාවේ අවසානය, ලොකෝත්තර මාර්ගඵල ප්‍රඥාවන් පහළ විමය. සමථ විදරිශනා දෙකින් ම ප්‍රඥාව දියුණු කළ යුතු ය. පඤ්ඤින්ද්රියේ දියුණුව දත හැකි වන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය ඇසුරෙන් ය. චතුරාර්‍ය්‍ය සතය්‍ය ගැන සිතන විට එය යමි ප්‍රමාණයකට වැටහේ නමි ඒ පමණටම පඤ්ඤින්ද්රිය දියුණු වී ඇති බව වටහා ගත යුතු ය.
ඉන්ද්රිය ධර්මයන්ගේ කාර්යය
බොධිපාක්ෂික ධර්ම වශයෙන් ගැනෙන ඉන්ද්‍රීය ධර්මයන්ගේ ප්‍රධාන කාර්යය දෙකකි. එකක් නම් අන් චිත්ත චෛතසිකයන් තමා ට අනුකූල කරවීම ය. අනෙක නමි ප්රතිපක්ෂ චෛතසිකයන් මැඩ පැවැත් විම ය. ඉහත ඉන්ද්‍රීයයන් යටතේ සෙසු චෛතසික ධර්ම තමාට අනුකූල කිරිමේ අර්ථයෙන් ඉන්ද්‍රීය වන බව සදහන් කළෙමි. මේ හැරුණු විට ප්රතිපක්ෂ ධර්ම මැං පැවැත්විම වශයෙන් ද ඉන්ද්‍රීය ධර්ම විස්තර කළ හැකි ය. ඒ අනුව,
• සද්ධින්ද්රිය වැඩිමෙන් විචිකිචිඡාව මැඩ පැවැත් වේ.
• විරියින්ද්රිය වැඩීමෙන් ථීන මිද්ධය, කුසීත බව මැඩ පැවැත් වේ.සිතින් බැහැර වේ.
• සතින්ද්රිය වැඩීමෙන් කාමචිඡන්දය , ප්‍රමාදය මැඩ පැවැත් වේ. සිතින් බැහැර වේ.
• සමාධින්ද්රිය වැඩීමෙන් උද්ධත භාවය සිතේ නොසන්සුන් බව මැඩ පැවැත්වේ.සිතින් බැහැර වේ.
• පඤ්ඤින්ද්රිය වැඩීමෙන් මොහය , අවිද්‍යාව සිතින් බැහැර වේ. මැඩ පැවැත් වේ.
බල ධර්ම පහ
ප්‍රධාන බල ධර්ම පහක් බොධිපාක්ෂික ධර්ම ලෙස හැදින් වේ. ඒවා මෙසේ ය. සද්ධා බලය ය, වීරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, පඤ්ඤා බලය යයනු බල ධර්ම පහයි. මේ පහ නිවනට බාධා කරන පංචනීවරණ ආදි සතුරු පාප ධර්මයන් වනසාලන අර්ථයෙන් බල ධර්ම නමින් හැදින් වෙයි.
ලෝභා දී කෙලෙසුන්ගේ නො සෙල් විය හැකි පමණට , කෙළෙස් පීඩනය ඉවසිය නොහැකි පමණට , කෙලෙසුන් පැරදවිය හැකි පමණට , නැසිය හැකි පමණට ශක්තිමත් වු ශ්‍රද්ධා බලයකි. දහමි ඇසි ආදිය නිසා ශ්‍රද්ධාව ඇති වු බොහෝ දෙනා දන් දීමට, සිල් රැකීමට උනන්දු වෙති. එහෙත් තෘෂ්ණාව ඉපිදි එම අදහස් ඔවුන්ගෙන් බැහැර වෙයි. එය තෘෂ්ණාව නැසීමට තරමි බලවත් ශ්‍රද්ධාවක් නොවේ. ඒ බැවින් එසේ ඇති වන ශ්‍රද්ධාව බොධිපාක්ෂික ශ්‍රද්ධා බලය හැටියට නො සැළකේ.
ශ්‍රද්ධා බලය ක්‍රමයෙන් දියුණු වන්නකි. දහමි ඇසිමෙන් , දහමි පොත පත කියවීමෙන් සමථ විදර්ශනා භාවනා වැඩීමෙන් , මෙම බලය උපදවා ගත හැකි ය. එක් බලයක් ඇති කර ගත් තැනැත්තාට අනෙක් බල උපලදවා ගැනිම පහසු ය.
ප්‍රමාදයෙහි නොසැලීම සති බලයයි. සෙස්ස ශ්‍රද්ධා බලය මෙනි.
සිතේ නොකැළඹිම (උද්ධත භාවය දුරු කිරිම) සමාධි බලයයි. සෙස්ස ශ්‍රද්ධා බලය මෙනි.
සත්ත බොජ්ඣංග
බෝධි + අංග යන වචන දෙක එක් වි බොජ්ඣංග යන වචනය සැදි ඇත. මෙහි බෝධි යන්නෙහි පුධාන අර්ථ දෙකක් ඇත. එනමි නිර්වාණ ප්රත්යක්ෂ කැන ධර්ම සමූහය, නිර්වාණය ප්රත්යක්ෂ කරන පුද්ගලයා යන අර්ථ දෙකයි. නිර්වාණ මාර්ගයට පිළිපන්නාවු පුද්ගලයාට ලොකෝත්තර මාර්ගය උපදවා ගැනිමට බාධක වන කරුණු රැසක් තිබේ. ථින මිද්ධය නමි වු සිතේ හැකිළෙන ස්වභාවය, උද්ධච්චය නමි වු සිතේ නො සන්සුන් ස්වභාවය, ලෝභාදි ක්ලෙශයන් වශයෙන් (අභිසංස්කාර) සසර නැවතී සිටින ස්වභාවය , කාමසුඛල්ලිකානු යෝගය, අත්ථකිලමථානුයෝගය, උච්ඡෙද දෘෂ්ටිය, ශාසවත දෘෂ්ටිය යනු එවැනි බාධා කිහිපයකි. බොජ්ඣංග නමින් හැදින්වෙන් නේ එ වැනි නිර්වාණ ප්‍රතිවේධයට බාධක ධර්ම දුරු කරන , ඒවාට ප්‍රතික්ෂේප ධර්ම සතකට ය. බෝධි නමි වු ධර්ම සමුහයේ අංග යන අරුතින් ද, නිර්වාණ ප්රත්යක්ෂ කරන බෝසත්වරයාගේ අංගය, යන අරුතින් ද බොජ්ඣංග වන බවද ධර්මයෙහි විස්තර වෙයි.
සංයුක්ත නිකායේ බෝජ්ඣංග සංයුත්යේ සදහන් වන අන්දමට වරකි භික්ෂු නමක් බුදුරදුන් වෙත පැමිණ කවර හේතුවක් නිසා බොජ්ඣංගය යැයි කියනු ලැබේදැයි විමසී ය. “නිර්වාණය අවබෝධ කිරිම පිණිස පවතින හෙයින් බොජ්ඣංගය යයි කියනු ලැබේ.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන් හ. සත්ත බොජ්ඣංගය වඩන්නාවු භික්ෂුවගේ සිත කාමාශ්‍රව, භාවාශ්රව හා අවිද්යශ්රව යන ආශ්‍රව ධර්මයන්ගෙන් මිදේ යැයි ද , එසේ මිදුනු විට තමා මිදුනේ ය යන ඥානය පහළ වන්නේ යයි ද බුදුරජාණන් වහන්සේ වදාළ හ.
“මහණෙනි, වඩන ලද්දා වු නැවත නැවත වඩන ලද්දා වු මේ බොජ්ඣංගයෝ සත් දෙන සංසාරය නැමැති මේ තෙරින් නිවන නැමැති ඒ තෙරට යාම පිණිස පවත්නා හුය. කවර සත් දෙනෙක් ද යත් , සති බොජ්ඣංගය, පීති බොජ්ඣංගය, ධමමවිචය සමි බොජ්ඣංගය, වීරීය සමි බොජ්ඣංගය, පීති සමි බොජ්ඣංගය, උපෙක්ඛා සමි බොජ්ඣංගය යන මොවු හු ය. මහණෙනි, වඩන ලද්දා වු නැවත නැවත වඩන ලද්දා වු මේ බොජ්ඣංගයෝ සත් දෙන සංසාරය නැමැති මේ තෙරින් නිවන නැමැති ඒ තෙරට යාම පිණිස පවත්නා හ. ”
ඉහත දේශනාවට අනුව නිර්වාණය අවබොධය පිණිස හේතු වන සති , ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන ධර්ම සත බොජ්ඣංග නමි වන බව පැහැදිලි ය.
සති බොජ්ඣංගය
යනු සතිපට්ඨාන සුත්‍රයෙහි දැක්වුණු සිහියයි. පුද්ගලයාගේ චිත්ත පරමිපරාව අකුසලයට බර වන්නට ඉඩ නොදී, කාය, වේදනා, චිත්ත, ධම්ම යන අරමුණු සිතට මතු කර දිම වශයෙන් ඒවායේ සිත පිහිටු විම , කුසල පැත්තෙහි යොමු කරවිම මෙම සති සමිබොජ්ඣංගයෙන් සිදු කෙරෙයි. ලෞකික වශයෙන් කාමාවචර , රූපාවචර, අරූපාවචර , කුසලයන් හා ලොකෝත්තර මාර්ග ඥානය ලබා දෙන සිහිය සති බොජ්ඣංගය යැයි ද හැදින් විය හැකි ය.
ධම්ම විචය සම්බොජ්ඣංගය
සත්ත්ව, පුද්ගල , ආත්ම වශයෙන් පෙනී සිටින රූප අරූප ධර්ම එම ප්රඥප්තිය බිද හැර ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් ද අනිත්‍ය, අනාත්ම, දු:ඛ ආදි වශයෙන් නොයෙක් විධියෙන් පිරිසිද දැකීමෙන් හා දැකීමෙහි සමත් තියුණු නුවණ ධම්ම විචය සම්බොජ්ඣංගය යි. මෙම බොජ්ඣංගය ක්‍රමයෙන් වැඩි දියුණු කළ කල්හි අර්හත් මාර්ග ඥානය බවට පත් වන්නේ ය.
විරිය සම්බොජ්ඣංගය
කලින් සදහන් කළ සම්‍යක්ප්‍රධාන වීර්යයෙහි දැකි වු පරිදි, යෝග කර්මයෙහි දී (භාවනාවෙහි) නො පසු බැස, එය ඉදිරියට ගෙන යා හැකි පරිදි සිතට අනුබල දෙන , අපේක්ෂිත තැනට ළගා වන තුරු සිත ඉදිරියට යවන්නා වු , බලවත් වීර්යය , විරිය සම්බොජ්ඣංගය යි. එය අනුක්රමයෙන් වීර්යයට ප්‍රතික්ෂේප කෙලෙසුන් දුරු කොට අවසානයෙදි බෝධි නමි වු ලොකෝත්තර මාර්ග ඥානය උපවා ගැනීමට සහය වෙයි.
පීති සම්බොජ්ඣංගය
භාවනායෝගීව සිටින යෝගාවචරයාගේ සිත පිනවන්නා වු ප්‍රීතීය මෙයින් අදහස් කෙරේ. භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් හෝ උපදවා ගැනිමට කලක් ගත වේ. ඒ දිගු කාලයේ දී එය දිගටම කර ගෙන යාමට යමි ප්රීයක් අවශ්‍යය. ප්‍රිතීය බෝධි අංගයක් වන්නේ එහෙයිනි . එය යෝගාවචරයාගේ සිත මෙන් ම කය ද පිනවන්නකි. ආහාරයක් වශයෙන් බලය ලබා දීමට සමත් ය. භාවනාවෙහි නෙසෙතුටු වු අරති නමි වු සියුම් ද්වේශය හා ථින මිද්ධය ද, ඒවාට හිතකර කෙලෙස් දුරු කොට භාවාරාමතා ආදී අරියවංස ධර්මයන් සපුරා අවසානයේ බෝධි සංඛ්‍යාත ලොකෝත්තර මාර්ග ඥානය උපදවා ගැනිමටද මෙම පීති සම්බොජ්ඣංගය සහාය වෙයි.
පස්සද්ධි සම්බොජ්ඣංගය
භාවනා කිරිමේදි ඇති වන වෙහෙස සන්සිදු වන කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි වශයෙන් දැක්වෙන චෛතසික දෙක පස්සද්ධි සම්බොජ්ඣංගය යි. භාවනාවේ යෙදී සිත එක අරමුණක තබා ගැනිමට ගන්නා උත්සාහය නිසා කයට හා සිතට වෙහසක් ඇති වේ. එම වෙහෙස සන්සිදිම ම පස්සද්ධි සම්බොජ්ඣංගය යි . එසේ එම සිතෙහි ඇති වන එම වෙහෙස හා සැලෙන දැවෙන ගතිය පැවතුනහොත් ප්‍රථම ධ්‍යාන ආදී උසස් සමාධි හෝ ඥානයක් ලබා ගැනිම අපහසු වෙයි. ඒ සදහා සිත සන්සිදිවිම අවශ්‍යමය. එම පස්සද්ධි මගින් උපන්නා වු අකුසලයන් දුරු කිරිම ආදිය නකාට ක්‍රමයෙන් වැඩි දියුණු වී ලොකෝත්තර මාර්ග ඥානය ලබා ගැනිමට සහාය වෙයි.
සමාධි සම්බොජ්ඣංගය
මීට පෙර සදහන් කළ සමාධි ඉන්ද්‍රීය , සමාධි බලය මෙහි සමාධි සම්බොජ්ඣංගය වෙයි. සිත නොයෙක් අරමුණු කරා යන්නට ඉඩ නොදි එක් අරමුණකම පිහිටනුයේ සමාධියයි. මෙය ද ක්‍රමයෙන් වැඩි දියුණු වී මාර්ග ඥානය උපදවා ගැනිමට සහාය වෙයි.
උපේක්ඛා සම්බොජ්ඣංගය
භාවනාවෙහි යෙදි සිටින යෝගාවචරයාගේ සිත අලස බවට පත් විමට ඉඩ නොදි සැලෙන්නට ඉඩ නොදි සමව පවත්වා ගන්නා වු තත්‍රමජ්ඣත්තතා නමි වු චෛතසිකය උපේක්ඛා සම්බොජ්ඣංගය නමි. ලොකොත්තර මාර්ග ඥානය ඇති විම සදහා සමාධිය හා වීර්යය සමව තිබිය යුතු ය. ඒ සදහා මෙම බොජ්ඣංගය සහාය වෙයි.
බොජ්ඣංග වැඩීමට පාදක වන නිශ්‍රය ධර්ම
බෝජ්ඣංග ධර්මයන්ගේ උසස් බවත් , ඒවා නිර්වාණ අවබෝධයට අත්‍යාවශ්‍ය දහමි බවත් පැහැදිලි ය. ඒසේ ම මේ බොජ්ඣංග ධර්ම උපදවා ගැනිමට කැමති වන තැනැත්තා විසින් ඒ සදහා උපකාර වන පාදක වන , නිශ්‍රය(උපකාර වන ) ධර්ම තමා කෙරෙහි උපදවා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන් වා දී ඇත. එනමි ශීලය, කල්‍යණමිත්‍ර සේවනය හා යෝනිසෝ මනසිකාරය යි.
බොජ්ඣංග ධර්මයන්ගේ කාර්යයන් හා අනුසස්
බොජ්ඣංග ධර්මයන් අතරින් සති සම්බොජ්ඣයේ කෘත්‍යය, කමටහේ සිත බැහැරව යන්නට ඉඩ නොදි පාලනය කීරීම යි. විරිය ධම්ම විචය සම්බොජ්ඣයේන් කමටහන ප්‍රකට කරයි. විරිය සම්බොජ්ඣයේ අත් නොහැර භාවනාව දිගට ම කර ගෙන යාමට රුකුල් දෙයි. පීති සම්බොජ්ඣයේ භාවන කාර්ය්ය පිළිබද ව සිත පිනවයි. පස්සද්ධි සම්බොජ්ඣයේ කාය චිත්ත, පීඩාවන් සන්සිදවයි. සමාධි සම්බොජ්ඣය භාවනා අරමුණෙහි සිත නො සැලෙන පිහිටුව යි. උපේක්ඛා සම්බොජ්ඣයේ කාර්යය, සියලු සම්බොජ්ඣයන් සම තත්ත්වයෙන් පවත්වා ගැනිම යි.
රාගා දී මානසික රෝග මෙන් ම කායික රෝග සුව කිරිමේ බලයක් ද මෙම සම්බොජ්ඣයේධර්මයන් හි. වරක් පිප්ඵලී ගුහාවෙහි වැඩ සිටින මහා කාශ්ය තෙරණුවන් අමතා ද, තවත් අවස්ථාවක ගිලන් ව ගිජ්ඣකූට පර්වතේ වැඩ සිටි මුගලන් තෙරණුවන් පඅමතා ද, බුදුරජාණන් වහන්සේ මෙම සත්ත බොජ්ඣංගය දේශනා කළ අන්දම සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තයේ එන තොරතුරු වලින් හෙළි වෙයි. “මා විසින් මැනවින් දෙසන ලද , වඩන ලද, බහුලව වඩන ලද සත්ත බොජ්ඣංග ධර්ම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසත් , නිවන් පිණිසත් පවතින්නේ ය.” බුදු රජාණන් වහන්සේ වදාළ හ.
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ආර්ය අෂ්ටාංගික මාර්ගය ද බෝධිපාක්ෂික ධර්මයකි. සෝවාන් , සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මාර්ග සිත් හි එක වරම බෝධි නමි වු නිවන් අරමුණු කොට උපදනා බැවාන් , මෙම ධර්ම අට බෝධිපාක්ෂික ධර්ම නමින් හැදින් වෙයි.
ඒවා මෙසේ ය.
(1) සමිමා දිට්ඨි (2) සමිමා සංකප්ප (3) සමිමා වාචා (4) සමිම කමිමන්ත (5) සමිමා ආජීව (6) සමිමා වායාම (7) සමිමා සති (8) සමිමා සමාධි
සමිමා දිට්ඨි ආදි වශයෙන් සදහන් වන මෙම අංග අට නිර්වාණ මාර්ගයෙහි බඅංගයන් ය යන අරුතින් මාර්ගාංග ලෙස හැදින් වෙයි. නිවණ ලබා ගැනිමට උපකාර වන බැවින් මග්ග යැයි කියනු ලැබේ. මෙහි මග්ග යනු ප්‍රතිපදාවයි. එම ප්‍රතිපදාවේ අංග අටක් ඇති බැවින් අටඨාංගික මග්ග යනුවෙන් හැදින්වේ. මෙම මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයාට ආර්ය ඵලය ලබා දෙන බැවින් , වමය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හැදින් වේ.වෙනත් ලෙසකින් කිව හොත් , අනාර්ය වු පෘථග්ජන පුද්ගලයන් සෝවාන් , සකෘදාගාමී , අනාගාමී , අර්හත් යන ආර්ය භාවයට පමුණුවන ආර්ය මාර්ගය වන බැවින් මෙයට ආර්ය අෂ්ටාංගික මාර්ගය යන නම ඵභාව්ත කෙරෙයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර ප්‍රධාන තැනක් ලබයි. ඊට හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කල්හි , සතර සති පට්ඨානයන් ද, සතර සම්යග්ප්රධානයන් ද, සතර ඉද්ධි පාදයන් ද, පංච ඉන්ද්රියයන් ද, පංච බලයන් ද, සත්ත බොජ්ඣංගයන් ද පුර්ණත්වයට වැඩි දියුණුවට පත් විමයි.
සම්මා දිට්ඨි
දිට්ඨි යනු දැකීම යි . සමිමා දිට්ඨි යනු නිවැරිදි දැකිමයි. කර්ම ඵල පිළිබද නිවැරිදි දැකිම හා දුක්ඛයත් , දුකඛ නිරෝධගාමීනී පටිපදාවත් යන චතුරාර්ය සත්‍යය නිවැරිදිව දැකීම යි.
සම්මා සංකප්ප
සංකප්ප යනු කල්පනාවයි. මෙහි සමිමා සංකප්ප යනුවෙන් ගැනෙනුයේ නෛෂ්ක්‍රම්‍ය සංකප්පය , අව්‍යපාද සංකප්පය හා අවිහිංසා සංකප්පයයි.
සමිමා වාචා
බොරු කීමෙන් , කේළමි කීමෙන් , පරුෂ වචන කීමෙන් යන වචනයෙන් සිදු වන වැරදි වලින් වැළකිම සමිමා වාචා නමි වෙයි.
සමිමා කමිමන්ත
ප්‍රාණඝාතයෙන් වැළකිම, සොරකමි කිරිමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසීරීමෙන් වැළකීම යන කායික දුශ්චරිතයන්ගෙන් වැළකීම සමිමා කමිමන්ත නමි වෙයි.
සමිමා ආජීව
දිවි පැවැත්ම සදහා කරන දුශ්චරිත වලින් වැළකීම සමිමා අජීවයයි. දිවි පැවැත්ම සදහා කරන කාය වාග් දුශ්චරිත වලින් මෙන් ම අධර්ස වෙළ දාමි වලින් ද වැළකීම , ගිහියන් සමිබන්ධයෙන් ගැනෙන සමිමා අජීවයයි. පැවිද්දන් සමිබන්ධයෙන් ගත් විට අේනසන මිච්ඡාඡීව විරතිය , කුහාහන මිච්ඡාඡීව විරතිය, තිරශ්චීත විද්‍යා මිච්ඡාඡීව විරතිය සමිමා අජීවයයි.
සමිමා වායාම
නුපන් අකුසල් නුපදිනු පිණිස කරන උත්සාහය , උපන් අකුසල් ප්රහාණය කිරිම පිණිස කරන උත්සාහය , නුපන් කුසල් උපදිනු පිණිස කරන උත්සාහය, සහ උපන් කුසල් වල දියුණු ව පිණිස කරන උත්සාහය යන පසතර වැදෑරූමි වීර්යය සමිමා වායාම නමි ඉහත විස්තර කළ සතර සම්යග්ග්රධාන , විරියින්ද්රිය, විරියිද්ධි පාද, වීරිය බල, වීරීය සමිබොජ්ඣංග යන නම් වලින් හැදින් වුව වීර්යයම මෙහි සමිමා වායාමය නමි.
සමිමා සති
කාය, වේදනා, චිත්ත, ධර්ම යන සතර සතිපට්ඨානය මෙහි නිවැරිදි සිහිය වශයෙන් සැළකේ. සතර සතිපට්ඨානය යි කියනුයේ දෙපනස් චෛතසිකයන්ය. “සති’’ නමි වු චෛතසිකයයි. බෝධිපාක්ෂික ධර්ම වශයෙන් මෙහි ගනු ලබන්නේ නිවන් පිණිස කරන කුසල් පිළිබද සතිය යි.
සමිමා සමාධි
ප්‍රථම ධ්‍යාන සමාධිය, ද්වීතීය ධ්‍යාන සමාධිය, තෘතීය ධ්‍යාන සමාධිය හා චතුර්ථධ්යාන සමාධිය යන සමාධි සතර සමිමා සමාධි වේ.
ප්‍රභේද වශයෙන් සත් තිසක් වන මෙම බෝධිපාක්ෂික ධර්මසමුහය පරමාර්ථ වශයෙන් සති, වීරීය, ඡන්ද, චිත්ත, පඤ්ඤා, සද්ධා , ඒකග්ගතා, පීත, පස්සද්ධි, තත්‍රමජ්ඣත්තතා, විතක්ක, සමිමා වාචා, සමිමා කමිමන්ත, සමිමා ආජීව යනුවෙන් දහ හතරක් වෙයි. (තුදුසක් 14)
සංයුක්ත නිකායේ අසංඛත සංයුක්තයේ අසංඛත වර්ගයෙහි සුත්‍ර හතලිස් පහක් දක්නට ලැබේ. ඒ අතර වන වැඩි ගණනක්ම කෙටි සුත්‍රවල අන්තර් ගතව ඇත්තේ මෙම බෝධිපාක්ෂික ධර්ම ය. ඒ හැම සුත්‍රයකම සදහන් වන අන්දමට මේ ධර්ම සමුහය නිවන් මග වන බවත් , නිවන් මග පිළිබදව තමන් වහන්සේගේ අනුශාසනාව බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණ්‍ය කොට ඇත.