8 පරිච්ඡේදය
නිර්වාණය
විමුක්ති සංකල්පය
ලෝකයේ මෙතෙක් පහළ වු හැම ආගමකින් ම වාගේ කිසියම් නිදහස් විමක් , විමුක්තියක් කර පුද්ගලයා යොමු කරවන බව අපි දන්නෙමු.විශේෂයෙන් ම පුනරුප්පත්තිය පිළිබදව අදහස් ආගමික සමාජයේ දියුණු වන්නට පටන් ගැනිමත් සමග විමුක්තිය පිළිබද අදහස් වැඩී ගිය බව පෙනේ. පුද්ගලයා නැවත සසර ඉපදෙමින් දුකට භාජනය විම වළක්වා ගත හැකි ද? නැවත නැවත උපන්නේ මන්ද එය වළක්වා ගත හොත් කෙබදු තත්ත්වයක් ඇතිවේද? ආදි වශයෙන් ඇති කර ගත් කල්පනාවන්ගේ ප්‍රතිඵලය වශයෙන් විමුක්තිය පිළිබද අදහස වැඩිදියුණු විය.
ආත්ම වාදී මත පිළිගත් අය ජීවාත්ම හා පරාත්ම වශයෙන් සංකල්ප දෙකක් ඉදිරිපත් කළ හ. එක් එක් පුද්ගලයා තුළ පවතුනුයේ ජීවාත්ම බවත් , ලොව හැම තැන පැතිර පවතින සදාකාලික පරාත්මයටක් ඇති බවත් ඔවුහු පෙන්වා දුන් හ. පුද්ගලයා නැවත නැවත උපදින්නේ ඒ ජීවාත්මයේ අපිරිසිදු බව නිසා යයි ද, ජීවාත්මයේ එම කෙලෙසි පිරිසිදු කර ගැනිෙමන් පරමාත්ම සමග එක් විය හැකි යයි ද ඔවුහුට විමුක්තිය හැටියට දැක්වුයේ එම පරමාත්ම සමග එක් වීමයි.
මේ අතර ඇතැමිහු පුනරුප්පත්තිය විශ්වාස නොකළ හ. ඔවුන් කියා සිටියේ මේ ලොව හැකි තාක් කමි සැප වීදිම විමුක්තිය බවයි. එමෙන් ම ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයන්ට පත් විම විමුක්තිය හැටියට පිළි ගත් පිරිසක් ද විය. බ්‍රහ්මජාල සුත්‍රයෙදි දී පංච දිට්ඨධම්ම නිබ්බාණවාදි යනුවෙන් විවිධ විමුක්තින් ගැන ඉගැන්වු වාද පහක් පිළිබදව සදහන් වෙයි. මෝක්ෂය කෛවල්‍යය, බ්‍රහ්ම සහව්යතාවය, මූල ප්‍රකෘතිය ආදි විවිධ නමි වලින් හැදින්වෙන්නේ එවැනි ආගමි ඉදිරිපත් කළ විමුක්තීන් ය.
බුද්ධ ධර්මය නිර්දේශ කරන විමුක්තිය හැදින්වෙන්නේ නිර්වාණ (නිබ්බාණ) නිවන, යන නමින් ය. බුදු දහමේ ඉගැන්වෙන පරම නිශ්ටාව නිවනය. ගංගානමි ගග මුහුද දෙසට නැමුනාක් මෙන් ගිහි පැවිදි දෙපක්ෂයම නිවන් අරමුණු කොට සිටින බව බුදුරජාණන් වහන්සේ පහාරාද සුත්‍රයෙදී පැහැදිලිවම දක්වා ඇත.
අනිර්වවනීයයි
බුදු දහමේ ඉගැන්වෙන පර්වාණය පරම සත්‍යයි. ඒ බැවින් එහි ස්වභාවය අප භාශවේ වචන වලින් විස්තර කිරිම දුෂ්කරය. භාෂාවක් සකස් වී තිබෙන්නේ ඇස්, කන් ආදි ඉදුරන් මගින් අත්දක්න දේවල් මෙන් ම සිත තුළ පහළ වන නොයෙකුත් කල්පනාවන් ප්‍රකාශ කිරිම සදහා ය. එ වැනි ලෞකික උවමනාවන් සදහා සකස් කොට ගෙන තිබෙන භාෂාවකින් පරම සත්‍යය අවබෝධය වැනි අලෞකික අනුගූතියක් (අත්දැකීමක් ) විස්තර කිරිම දුෂ්කර ය. ඒ හැරත් නිවන පිළිබදව අප කවරකු විසින් වුවද කරනු ලබන ව්ව්රණ එම සත්‍යය ප්‍රත්‍යක්ස කර ගැනීමෙන් කරන ඒවා නොව , නිර්වාණය ප්රත්යක්ෂ කළ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ ලා විසින් කරන ලද දේශනා ඇසුරෙන් කරන විගුහයන් ය. එ බැවින් නිවන පිළිබද සර්ව සමිපුර්ණ නිර්වචනයක් ඉදිරිපත් කිරිම දුෂ්කඑ විම වුව ද නිවන පිළිබද යමි හැගීමක් අපට ඇති තර ගත හැකි ය. එවන් හැගීමක් යමි ප්‍රමාණයකට හෝ ඇති කර ගැනිමට කනාහැකි නමි අපට නිර්වාණගාමී ප්‍රතිපදාව අනුගමනය කිරිමද අපහසු කාර්යයක් වෙයි. එබැවින් නිවන පිළිබදව අප විසින් යමි වනැටහීමක් ඇති කර ගැනිම අවශ්‍යයය.
චතුරාර්ය සත්‍යය පිළිබදව සදහන් කරන තන්හි, අනුබොධ ඥානය හා පටිවේද ඤානය සදහන් වෙයි. එහි පටිවේද ඤානය යනු මාර්ග ඵලයට පැමිණ ප්රත්යක්ෂ වශයෙන් ලබා ගන්නා දැනුමයි. අනුබොධ ඤානය යනු අනුමාන වශයෙන් ඇති කර ගන්නා වැටහීමයි. බුද්ධ දේශනා ආදිය ඇසුරු කොට ගෙන එම අනුබෝධ ඤානය යමි ප්‍රමාණයකට අපට ඇති කර ගත හැකි ය. ඒ සදහා පෙලෙහා එන විවිධ දේශනා අපට උදවු වෙයි.
නිවන හැදින් විම බසදහා බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ පද භාවිත කොට තිබේ. නිර්වාණය අර්ථවත් කරනු සදහා යොදන ලද එවැනි පද තිස් තුනක් සංයුක්ත නිකායේ අසංණත සංයුක්තයේ සදහන් වෙයි.
“අසංඛතං , අත්තං, අනාසවං, සචිචං, පාරං, නිපුණං, සුදුසුසනං, අංරං, ධුවං අපලොකිතං , අනිදස්සනං නිප්පඤ්ඤච’, සන්තං, අමතං, පණීතං සීවං, ඛේමං, තණ්හාක්ඛයෝ, අචිඡරියං, අබ්භූතං, අනීතීකං, අනීකිතිධමිමං, නිබ්බාණනං, අබා්යපජ්ජෝ, විරාගෝ සුද්ධී, මුත්ති, අනාලයෝ, දීපො, තානං ලේණං, සරණං පරායණං, ” එම බපද සාසාරික ලක්ෂණ හදුන් වන පද සමග සාපේඛෂව යොදා ඇති බව පෙනෙයි. ඒ අතුරෙන් වඩාත් ප්‍රචලිත පද කිහිපයක් පහත දැක්වෙයි. එනමි,
“අසංඛතය, පාරං, නිප්පඤ්ඤ, සන්තං, අමත, සිව, ඛේම, තණ්හක්ඛය, නිබ්බාන, විරාග, සුද්ධි, මුත්ති, අනාලය”
කිනම් වචනවලින් හැදින්වෙතත් වඩාත් ජනප්‍රිය වචනය බවට පත් ව ඇත්තේ “නිබ්බාන” (නිවන) යන පදය බවට අපට පැහැදිලි ය. බුද්ධ දේශනාව අනුව සත්වයාට පුනර්භවය ලබා දෙම්න් සංසාරයෙහි ගමන් කරනුයේ නන්දිරාග සහගත පොනොහොවික තෘෂ්ණාව විසිනි. ජීවිතවලින් සසර විවීම කරන හෙයින් ද,සත්වයවා සසර බදින හෙයින් ද තෘෂ්ණාවට “බාන” යයි කියවේ. ‘නි’ යන උපසර්ගයෙන් නැති යන තේරුම ලැබෙයි. මේ වචන දෙක එකතු වී සෑදෙන නිබ්බාණ යන පදයෙන් තෘෂ්ණාව නැති වු අවස්ථාව යන අරුත ලැබේයි. ඒ බැවින තෘෂ්ණාව ප්රමුඛ කොට ඇති සියලූ කෙලෙසුන්ගේ මීදීම නිවන යි.
නිබ්බාන යන පදයෙහි තවත් අරුතක් තිබේ. එනමි නිවීම යනු යි. ‘නි ’පූර්ව ‘වා’ හැමීමේ ධාතුයෙන් නිපන් වචනයක් ලෙස ගත් විට නිවීම යන අර්ථය ලැබෙයි. නිවන සාක්ෂාත් කළ බුදු රජාණන් වහන්සේ විසින් තමන් වහන්සේ හදුන්වා ඇත්තේ නිබ්බුත, සතිභුත (නිවුන, සිසිල්වුන) පුද්ගලයෙකු ලෙස ය. පහන නවී යන්නාක් මෙන් විමුක්ත පුද්ගලයා ද නිවී යන බව සදහන් වන “නිබ්බන්ති ධීරා යථා යම්පදිපො” යන රතන සුත්‍ර පාඨයෙන් එය වඩාත් පැහැදිලි වෙයි.
රගාදි කෙලෙසුන් නිසා පුද්ගලයාගේ සන්තානය ගිනිගත් ස්වභාවයෙන් යුක්ත වෙයි. සාමාන්‍ය වශයෙන් අධික රාගයක් , අධික තරහක් , ක්‍රෝධයක් ඇති වු අනස්ථාවක් පිළිබදව සිහි කිරිමෙන් මෙය තේරුමි ගත හැකි ය. එවැනි අවස්ථාවක කෙතරමි , දැවෙන , තැවෙන ගතියක් පවතීද යන්න අපට සිතා ගත හැකි ය. ඒවැනි රාගාදි කෙලෙස්, ගිනි වශයෙන් ධර්මයෙහි හැදින්වෙයි. ඒ අනුව මෙහි නිවීම යනු එම කෙලෙසුන්ගෙන් නිවීමය.නිදහස් විමය.අපේ සන්තානයෙහි රාගාදි කෙලෙස් තාවකාලිකව යටපත් විම ය.අපේ සන්තානයෙහි රාගාදි කෙලෙස් තාවකාලිකව බටපත් වි තිබෙන විට අපට ඉමහත් සහනයක් දැනෙනබව පැහැදිලි ය. එසේ නමි එවැනි කෙලෙස් යළිත් ඇති නොවන අන්දමට නිවී ගියොත් කෙතරම් සිසිලසක් සැනසිල්ලක් ලැබේ දැයි සිතා ගත හැකි ය. රාගාදී කෙලෙසුන්ගෙන් මිදිම, ගිනි නිවී යාමක් ලෙස සැලකෙන්නේ මේ නිසා ය. පුද්ගල සන්තානයෙහි බල පවත්වන කෙලෙසුන් අතර තෘෂ්ණාව ප්‍රධාන ය. ඊට හේතුව තෘෂ්ණ යන වචනයෙන් සියළුම කෙලෙස් අදහස් කරන බැවිණි. ඒ අනුව තෘෂ්ණාවෙන් නිවීම නිදහස් විම යන අරුත් ගත්තත් ඒ දෙකෙන්ම සමාන අර්ථයක් දෙන බව සැළකිය යුතු ය. මෙම පොතෙහි චතුරාර්‍ය්‍ය සත්‍ය පිළිබදව විස්තර වන පරිච්ඡේදයෙහි නිරෝධාර්‍ය්‍ය සත්‍ය යටතේ තෘෂ්ණා නිරෝධය නිවන බව දැක්වෙන විස්තර ඇසුරෙන් ඔබට මේ පිළිබදව වඩාත් පැහැදිලිව තේරුම් ගත හැකි වනු ඇත.
විවිධ දේශන පර්යායන්
දේශනා ඥානයෙන් පාරප්රප්ත වු බුදුරජාණන් වහන්සේ එකම සංකල්පය විවිධ ක්‍රම වලින් ද නොයෙක් පර්යාය වචන වලින් ද දේශනා කිරිමට සමත් වුහ. එ බැවින් එකම නිර්වාණ සංකල්පය පටිච්චසමුප්පාද දේශනාවේ දී අවිද්‍යා ආදි ද්වාදශංගයන්ගෙ නිරෝධය වශයෙන් ද වදාළ සේක . ආයතන විභාගයෙදි හා අසංඛත සංයුක්තයේ සදහන් වන සුත්‍ර බොහෝමයක දි ද රාග, ද්වේශ, මෝහයන්ගේ ක්ෂය විම නිවන වශයෙන් වදාළ හ. ( රාගක්ඛයෝ, දොසක්ඛයෝ, මොහක්ඛයෝ නිබ්බානං) ආර්ය සත්‍ය දේශනා කරන බුදු රජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍රය, සම්මාදිට්ඨීසුත්රය, සචිච විභංග සුත්‍රය ආදී සුත්‍රවල තෘෂ්ණා නිරොධය නිර්වාණය බව වදාළ හ. ( යො තස්සායෙච තණ්හාය අසෙස විරාග නිරෝධො නිබ්බානං) තවත් බොහෝ සුත්‍ර වලදි නොයෙක් ආකාරයෙන් විවිධ උපමා ආශ්රයෙන් නිර්වාණය විවරණය කොට ඇත.
නිවන නම් කුමක් දැයි යම් යම් පුද්ගලයන් විසින් අසන ලද ප්‍රශන වලට බුදුරදුන් විසින් මෙන් ද කරන ලද විවරණයන් පෙලෙහි නිතර දක්නට ලැබෙයි. වරක් සැරියුත් මහරහතන් වහන්සේ බෑණනු කෙනෙකු වු ඡන්න නමි පිරිවැඡී තෙම උන්වහන්සේ වෙත පැමිණ “ඇවැත්නී ශාරීපුත්‍රයෙනි, නිවනය නිවනය යැයි කියනු ලැබේ. කුමක් වේ නමි නිවන වේදැයි ඇසීය. ( නිබ්බානං නිබ්බානං සාරිපුත්ත වුච්චති කතමන්නුඛො ආයුසො නිබ්බානන්ති)
“ඇවැත්නි රාග, ද්වේශ, මෝහ ක්ෂය විම නිවන යි.” පිළිතුරු දුන් හ. (යො ඛො ආවුසො රගක්ඛයො දොසක්ඛයො , මොහක්ඛයො, ඉදං වුච්චති නිබ්බාන්න්ති)
මනෝ විද්‍යාත්මක වශයෙන් සළකන විට ක්‍රමයෙන් විමුක්තිය කරා යන මිනිස් සිත අවසානයේ සියකලු සංකල්පයන්ගෙන් මිදුනු තත්ත්වයක් කරා යොමු වෙයි. චේතෙ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති ආදි වශයෙන් හැදින්වෙන්නේ එම තත්ත්වයි. සිත කිසිදු සංකල්පයක, අරමුණක නොගැටෙන ස්වභාවය නිවනෙහි ඇති බව ඉන් අපට පැහැදිලි කර ගත හැකි ය. ඒ සදහා දීඝ නිකායේ එන කේවට්ට සුත්‍රයෙහි නිවනෙහි ස්වභාවය දක්වා ඇති අන්දම විමසා බැලිම අපට වැදගත් වෙයි. ඒ මෙසේ යි.
මාර්ගඥානය නැමැති උසස් ඥානයෙන් දතයතු වු ප්‍රකෘති ඇසින් දැක්ක නොහැකි , ඇතීවිම් නැති විමි වශයෙන් වෙන් කොට පෙන්විය හැකි කොන් නැති , හැම පැත්තේම ඇතුළු විය හැකි තොටුපොල ඇති නිර්වාණ ධාතුවක් ඇත. එහි පඨවි , ආපෝ, තෙජෝ , වායෝ යන සතර මහා භුතයන් නැත. මතු උපතට හේතු වන නාමරූප (ස්කන්ධ පංචකය) සම්පුර්ණයෙන් නිරුද්ධ වී ඇත.
විඤ්ඤාණං අනිදස්සනං - අනත්තං සබ්බතො පභං
ඵත්ථ ආපො ච පඨවි - තෙජො වායො න ගාධති
ඵත්ථ දීඝං ච රස්සං ච - අනු ථුලං සුභා සුභං
ඵත්ථ නාමං ච රූපඤ්ච - අසෙස උපරුඡ්ජති
විඤ්ඤානස්ස නිරොධෙන - ඵත්ථං උපරූඡ්ජති.
මෙයින් ප්‍රකට වන්නේ සත්වයන්ගේ කායික, මානසික, යන දෙඅංශය ම මෙහි දි අහොසි වී යන බවයි. ක්ලෙශ පරිණිරිවාණය , ස්කන්ධ පරිනිර්වාණෙය වශයෙන් ද හැදින්වෙන එය උච්ඡේදයක් නොව අසංඛත තත්ත්වයක් කරා පැමිණවිමයි.
“භව නිරොධො නිබ්බානං යනුවෙන් භව නිරෝධය නිවන හැටියට හැදින් වෙයි. භවයෙන් මීදීම හෙවත් නැවත නැවත ඉපදීමෙන් නිදහස් විම මෙහි නිවන හැටියට දැක්වෙයි. මෙහි සදහන් වන “රොධ” යන පදයෙන් බැදීම, හිර විම යන අරුත් දෙ9යි. එයින් නික්මීම හෝ ඒ බදු බැමිමක් නැති විම නිරෝධයයි. සත්වයා සසරට බැදී සිටින්නේ නැවත නැවත උපදින්නේ සංස්කාර (කුසල් - අකුසල් ) රැස් කිරිමේ ප්‍රතිඵලයක් වශයෙනි. නිර්වාණ අවබොධයෙන් පසු සංස්කාර රැස් නොකරන නිසා නිවන දුකෙහි කෙළවරක් ලෙස ද හැදින් වෙයි.
සසර හා නිවන
සංසාරය නිරූපණය කෙරෙන පදවලට විරුද්ධ අර්ථ දෙන පද ඇසුරෙන් ද නිවනෙහි ස්වභාවය තේරුමි ගත හැකි ය. ඒ අනුව සංසාරය දුක නමි සැපය. සසර බන්ධනයක් නමි නිවන විමුක්තියයි. සසර මහා භය මහෝඝයක් නමි නිවන ෙක්ෂම වු දිවයිනකි. මේ අනුව නිවන නමි සංසාරයට පටහැනි වුවක් බවද පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර රමිමක බමුණාගේ අසපුවේදී භික්ෂුන් අමතා අරියපරියේෂණ සුත්‍රය දේශනකා කරමින් තමන් වහන්සේ නිවන සොයා ගත් අයුරු විස්තර කලහ. තමන් වහන්සේ අවබොධ කර ගන්නා ලද්දේ ඉපදීමෙන් (ජාති) , වයසට යාමෙන් (ජරා) ,ලෙඩවිමෙන් (ව්‍යාධි) , මරණයෙන් මෙන්ම ශෝක ආදියෙන් තොර, නිරුත්තර වු , යෝගකේෂම වු නිර්වාණය බවද එහි දී වදාළ හ.
හේතු ඵල වශයෙන් අනිත්‍ය වු සංස්කෘත පදාර්ථයක් හෙවත් සාමාන්‍ය ලෞකික දෙයක් නොවන බව හැග විම සදහා නිවන නොඋපන්, නොහටගත්, නොකරන ලද ප්රත්යයකින් නොතැනුණ ස්වභාවයටකින් යුක්ත බව වදාළ හ. (අජාතං, අභුතං, අකතං, අසංකතං) විශයෙන් ම බුදු රදුන් අසංඛත යන පරිභාෂික වචනයෙන් නිවන හදුන්වා ඇති බව පෙනේ. සංඛත යන්නෙහි විරුද්ධාර්ථය හගවන පද අසංඛත යනු යි. සංඛත යනු හේතු-ඵල සමිබන්ධතාවයෙන් යුත් සියළුම ප්රපංචයන් ය. අසංඛතය හෙවත් , අසංස්කාරය හේතු - ඵල සමිබන්ධතාවයෙන් තොරවය. උපන්, හටගත්, කරන ලද, ප්රත්යයකින් තැනුණු යන ලක්ෂණ තුන ම (ජාත, භුත, කත) සංඛතයන්ගෙන් ඇත. වෙනත් ලෙසකින් කිව හොත් ලොකයෙහි පවතින පුද්ගල, වස්තු, සිද්ධි යන සියල්ලෙහි ම මෙම ලක්ෂණ තුන නැත. අසංඛතය නොඋපන්, නොහටගත්, නොකරන ලද, ප්රත්යයකින් නොතැනුණේ වෙයි.
ලෝකයට අයත් ජීවී , අජීවී, ද්‍රව්‍ය, අද්‍රව්‍ය, සවිඥානක, අවිඥානක යන සියල්ල හේතු-ඵල සමිබන්ධයෙන් යුක්තය. එ බැවින් ඒ සියල්ල සංඛත හෙවත් සංස්ඛාර නමි.සියලු සංස්කාර ධර්මයන්හි දක්නට ලැබෙන ලක්ෂණ තුනක් ඇත. එනමි,
(1) උප්පාදය = ඇති විම හෙවත් ආරම්භය
(2) ව්‍යය = නැති විම හෙවත් අභාවය
(3) අන්‍යතාභාවය = වෙනස් වෙමින් පැවතීම, විපරිනාමය
මේ ලක්ෂණ තුනම නිර්වාණය සමිබන්ධයෙන් අදාළ නොවේ. ඊට හේතුව නිර්වාණය ප්රත්යාසමාග්රියෙන් තොරවීමයි. ඒ බැවින් බුදුරජාණන් වහන්සේ නිර්වාණය අසංඛත යන පරිභාෂික පදයෙන් හැදින්වු හ. සංඛත ගුණයට අයත් වන ලොව ඇති කිසිම දෙයකට සමාන කොට හෝ උපමා කොට හෝ නිවන හදුන්වා දිය නොහැක්කේ ද එ බැවිනි.
“මහරජතුමනි, නිර්වාණය හා සමාන වුවක් නැත. නිර්වාණය පිළිබද රූපයක් , සටහනක්, ප්‍රමාණයක් ද නොමැත. මිනුමකින් හෝ උපමාවකින් හෝ කරුණකින් හෝ තර්ක ක්‍රමයකින් හෝ එය දැක් විය නොහැකි ය. ” යනුවෙන් මිලිදු නාගසේන සංවාදයෙහි දී නාගසේන තෙරුන් මිලිදු පැවසුවේද මේ කරුණ ම පැහැචිලි කරමින් ය.
පුද්ගල පරිවර්තනයකි
නිර්වාණය පුද්ගලයාගේ සන්තානගත පරිවර්තනයක් සිදු විමෙන් එළඹෙන තත්ත්වයක් හැටියට ද හැදින් විය හැකි ය. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් යුක්ත වු මානසික තත්ත්වය වීතරාගී, වීතදෝෂී, වීතමෝහී තත්වයට පත් විම නිවනයි. රාගය නමි අරමුණු වල ඇලෙන ගතියයි. දෝසය යනු අරමුණු වල ගැටීමයි. ඒ දෙකටම හේතුවන්නේ අරමුණු වල යථා ස්වභාවය තේරුමි ගැනිමට නොහැකි විමයි. මෝහය යනු එයයි. එහි දි සුදු වන්නේ අරමුණෙහි මුලාවීමකී. ඒ චිත්ත ගති වලින් සමිපුර්ණයෙන් ම නිදහස්විම නිවන යි.
එහෙත් එහිදි සිදුවන්නේ සමිපුර්ණයෙන් ම ශ්රන්යතාවයකට පත් වීමක් යැයි තේරුමි ගැනීම සාවද්‍ය ය. විමුක්ත පුද්ගලයාගේ සන්තානය රාගයෙන් තොරය. එහෙත් විරාගයෙන් යුක්තය. දෝසයෙන් තොරය. අදෝසයෙටන් යුක්තය. මොහයෙන් තොර ය. එහෙත් අමෝහයෙන් යුක්ත ය. වෙනත් ලෙසකින් කිවහොත් නිවන් දුටු පුද්ගලයාගේ සන්තානය රාගය, තෘස්ණාව, මානය, උපාදානය, අවිද්‍යාව, පිපාසය, ආලය, කුසල්, අකුසල් රැස් කිරිම ආදියෙන් වියුක්තය. මෛත්‍රි, කරුණා, මුදිතා, උපේක්ෂා යනාදි ලක්ෂණ වලින් යුක්ත ය. ස්වාර්ථය මෙන්ම පරාර්ථය සිදු කරන සදාචාරමය ක්‍රියාවන්ගෙන් යුක්තය.
නිබ්බාන යන වචනයත් සමග නිතර යෙදෙන , නිබ්බාති, පරිනිබ්බායති, යන ක්‍රියා පද භාවිත නකාට තිබීමෙන් ද ප්‍රකට වන්නේ නිර්වාණ අවබෝධය පුද්ගලයාගේ අභ්‍යන්තරිකව සිදු වන පරිවර්තනයක් බව ය. නිර්වාණය ප්රත්යක්ෂ කළ ආර්යයන් වහන්සේ විසින් එම අනුභුති මය ලක්ෂණ (අත්දැකීමි) ප්‍රකාශ කළ අවස්ථා පෙලෙහි නිතර හමු වෙයි. එහි දී උන්වහන්සේ විසින් භාවිත කොට ඇති යෙදුමිවලින් ද නිර්වාණ ප්රතිලාභයේදි සිදු වු පුද්ගල පරිවර්තනය පැහැදිලි වෙයි.
“සබ්බසෝක අතික්කන්තෝ
අසොකෝ හොති නිබ්බුතො” (සුත්තනිපාත)
නිවන් ලද පුද්ගලයා සියළු ශෝක නිමවා ශෝක නැත්තෙක් බවට පත් වෙයි.
“නිබ්බානං සුඛා පරං නත්ථි” (ථෙරි ගථා)
නිවන් සුවයට වැඩි සුවයක් නැත.
“ප්ට්ඨස්ස පරමාසන්ති නිබ්බානං අකුතො භ යං”
පරම ශාන්තිය ස්පබර්ශ කොට නිවන් ලද තැනැත්තාට කවර විදියේ හෝ භයක් නැත.
“හිත්වා රතිඤ්ච අරඤ්ච සිතිභුතං” (සංයුක්ත නිකාය)
රතිය හා අරතිය යන දෙකම අතහැර නිවී ගියේ ය.
“තණහා තෙසං න විඡ්ඡති” (සංයුක්ත නිකාය)
ඔවුන් තුළ තණ්හාවක් නොමැත.
“සබ්බ මිත්තො සබ්බසඛො
සබ්බ භුතානුකම්පකො” (ථෙරි ගාථා)
සියල්ලන්ටම මිතුරු ය. සියල්ලගේම සගයෙකි. සියල්ලන්ගේම හිත සුව පතන්නෙකි.
නිවහනෙදි සිදු වන පුද්ගල පරිවර්තනය තේරුමි ගැනීම සදහා නිවන විෂයෙහි යෙදෙන විවිධ පද ව්‍යවහාර විග්රහ කිරිමෙන් ද පිටුවහලක් ලද හැකි ය. ඒ වැනි වචන නිවන හැදින් විම සදහා යෙදෙන සමානාර්ථ පද මෙන් ම පිළිවෙලින් සිදු වන ක්‍රියාදාමය උපරිම අවස්ථාවක් ද ප්‍රකට කරයි. එ බදු පද රටා කිහිපයක් සලකා බලමු.
“මෙම බඹසර විසීම සසර කළකිරිම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, දුක් සංසිදුවිම පිණිස, අභිඥාව පිණිස, සමිබෝධිය පිණිස, නිර්වාණය පිණිස පවති.”
“ඉදං බ්රහ්මචරියං ඒකන්ත නිබ්බිදාය , විරාගය, නිරොධාය, උපසමාය, අභිඤ්ඤාය, සමිබෝධාය, නිබ්බානාය, සංවත්තති”
(දී. නි. මහා ගෝවින්ද සුත්ත)
“සියලු සංසාකාරයන්ගේ සීදීමක්,
සියලු උපාධීන්ගේ දුරලීමක්, තෘෂ්ණාව ක්ෂය වීමක් , විරාගයක් නිර්වාණයක් වේ නමි එය ශාන්ත ය. ”
“එතං සන්තං ඒතං පණිත’ සබ්බ සංඛාර සමථො සබ්බූපධි පටිනිස්සගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං”
(අං. නි. ගිරිමානන්ද සුත්ත)
“රාගාදි දම වඩනා පවස් සංසිදුවන ආලය හා තෘෂ්ණාව නසන නිරන්තරව පැමිණෙන විට දුක් සිදු වන තෘෂ්ණා ක්ෂය කරන ප්‍රහීන වු රාග ඇති නිරොධ සංඛ්‍යත නිර්වාණයක් වේ. ”
“යදිදං මද නිමිමදනො , පිපාය විනයෝ, ආලය සමුග්ඝාතො , වට්ටුපච්ඡයෝ , තණ්හක්ඛයො, විරාගො, නිරොධො නිබ්බානං”
(අං. නි. අග්ගපස්සාද සුත්ත)
පොදුවේ ගත් විට මෙම පාඨ වලින් සදහන් වු “සබ්බ සංඛාර සමථ” “සබ්බූපධි පටිනිස්සග්ග” “තණ්හක්ඛයෝ” විරාග , මද නිමිමද , පිපාස විනය, ආලය සමුග්ඝාත,වට්ටුපච්ඡේද ආදි යෙදුමි වලින් නිර්වාණ අධිගමයෙන් පුද්ගලයා තුළ සිදු වු චර්යාත්මක පරිවර්තනය ප්‍රකට වෙයි. එ මෙන් ම විමුක්ත පුද්ගලයා පිළිබදව හදුනන පාඨ ඇසුරෙන් ද මෙය තවදුරටත් පැහැදිලි වෙයි .
“ආශ්‍රවයන් ප්‍රහීන කළ , වසනලද බඹසර ඇති, කළ යුත් දේ කොට නිමවු , බහා තැබු බර ඇති, උත්තරීතරත්වයට පැමිණ, භව සංයෝජන බිද දැමු , මනා ව මිදුනු පුද්ගලයා”
යනුවෙන් කරන හැදින්විමි අපට නිතර පෙලෙහි දැක ගත හැකි ය.
නිර්වාණය අත්දකිනු ලබන අනුභුතිමය අවස්ථා හැදින්විම සදහා ද බුදුරජාණන් වහන්සේ විසින් භාවිත කොට ඇත්තේ ක්රියාවාදි සාක්ෂත්කරණය යන්න යි. දුක්ඛ නිරොධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු ය. (සච්ඡිකාතබ්බං) සාක්ෂාත් කරන ලද බව (සච්ඡිකතං) යන යෙදුමි වලාන් මෙය පැහැදිලි වෙයි.
මේ අනුව නිර්වාණය යන්න පුද්ගලයා විසින් තම තමන් විසින් ම ක්‍රියාත්මකව අත්පත් කර ගත යුත්තකි. (පච්චත්තං වේදිතබ්බො) එමෙන් ම එය පුද්ගලයාගේ සහජ ලක්ෂණ ප්‍රහීන කිරිමෙන් සිදු වන චර්යාත්මක පරිවර්තනයක් ලෙස ද හැදින් විය හැකිය .
යථාතත්ව අවබෝධය සහ නිවන
ලොව පැවති බොහෝ ආත්මවාදි ආගමිවල ඉගැන්වෙන පුද්ගල විමුක්තිය මරණයෙන් පසුව ලැබෙන්නකි. හිනුදුන්ගේ බ්‍රහ්ම සහව්‍යතාව මෙන් ම ජෛන සමයේ ඉගැන්වෙන වෛල්යයට පත් විය හැක්කේ ද මරණයෙන් පසුවය. එහෙත් බුදු සමයෙහි ඉගැන්වෙන පරමනිෂ්ටාව වන නිවන කාලයෙන්හා දේශයෙන් ඔබ්බෙහි පිහිටි අධිභෞතික වු ලොකොත්තර තලයක් නොව, මෙ ලොව ජීවිතයෙදිම අත්පත් කරගත යුතු යථාතත්ව අවබෝධයයි. පුද්ගල අනුභුතියෙන් (අත්දැකිමෙන් ) සාක්ෂාත් කරගත යුතු නිෂ්ටාවකි.
“ඉමස්මිං යෙව ඛ්යාමමත්තෙ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලොකං ච පඤ්ඤපෙමි ලෝකසමුදයඤච , ලෝක නිරොධඤ්ච ලොක නිරොධ ගාමිණි පටිපදා ච”
- සංයුක්ත නිකාය ලෝක සුත්‍රය
“මේ සිත් පිත් සහිත බඹයක් පමණ වු සිරුරෙහි ම ලෝකයත්, ලෝකයේ හට ගැනීමත් ලෝක නිරොධයත් , නිරෝධයට පැමිණ මගක් දක්වමී”
යටනුවෙන් සදහන් වන බුද්ධ දේශනාවේන් එය පැහැදිලි වෙයි. මෙහි ලෝක නිරොධය ලෙස දැක්වෙන් නේ ලෝක නිර්වාණයයි. එය සාක්ෂාත් කරගත යුත්තේ මේ ශරීරය ඇසුරෙන් මය.
රාග, දෝෂ, මෝහ, ක්ෂයවීම නිර්වාණය බව අප මීට පෙර උගත්තෙමු. එය සිදු වන්නේ පුද්ගලයාගේ මරණයෙන් පසුව නොව ජීවත් ව සිටිය දීය. බුදුරජාණන් වහන්සේ “අරහං” යන ගුණ පදයෙන් හැදින්වෙති. එ නමි සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වු නිසයි. උන්වහන්සේ එ තත්වයට පත් වුයේ ජීවිතය බීදි යාමට පෙර මිස ඉන් පසුව නොවේ. එ මෙන් ම රහතන් වහන්සේ ක්ෂිණශ්රව (ආශුව ක්ෂය කළ) යනුවෙන් හැදින්වෙති. උන් වහන්සේ ඒ තත්ත්වයට පත් වුයේ ජීවත් ව සිටිය දී මය.
නිර්වාණ පරමාර්ථ ගවේශනය පිළිබදව සදහන් වන තන් හි , එය සෙවිය යුත්තේ බාහිර ලොකයෙහි ෙනාව , තමා තුළ මය. මෙ ලොව දීමය. නිවන “සන්දිට්ඨික” යන පදයෙන් විශේශණ කොට ඇත්තේ ද එබැවිනි. එමෙන් ම එම කාර්්‍ය සිත අනුභූතියෙන් ම තනි තනි වම කළ යුත්තකි.
බුදුරජාණන් වහන්සේ උපක ආජීවකයාට තමන් වහන්සේ හදුන්වා දී ඇත්තේ “සීතිභුතොස්මි නිබ්බුතො” යනුවෙනි. ඒ අනුව උන්වහන්සේ නිවන අවබෝධ කොට ගෙන අැත්තේ පිරිනිවිමට පත් ව ඇත්තේ වයස අවුරුදු තිස්පහේදසි ය. “පරිනිබුබුතො සො භගවා පරිනිබ්බානාය ධමමං දෙසෙති”යනුවෙන් පිරිනීවිමට පත් . බුදුරජාණන් වහන්සේ අනෙක් අයටද පිරනිවිමට පත් විම සදහා දහමි දෙසන බව ධර්මයෙහි සදහන් වෙයි. මේ අනුව පිරිනීඑීම නොහොත් නිවනට පත් විම මරණින් මතු සිදු වන්නකක් නමි එසේ අනෙක් ශ්‍රාවකයන්ට පිරිනිවීම සදහා උන් වහන්සේ ධර්මය දෙශනා කරන්නේ කෙසේ ද ? මෙයින් පැහැදිලි වන්නේ නිවන මෙලොවදීම සාක්ෂාත් කර ගත යුත්තක් බවය. මෙහි දි පරිණිර්වාණය සඋපාදිසේස හා අනුපාදිසේස වශයෙන් දෙවෑදෑරුමි වන අතර පරිනිබ්බුතො සො භගවා යන පාඨයෙන් අදහස් කළේ සොපධිසේස පරිණිර්වාණය බව සැළකිය යුතු ය.
නිර්වාණයෙහි අවස්ථා
බුදුදහමෙහි ඉගැන්වෙන නිවනෙහි ඇති සුවිශේෂත්වය මෙන් ම එය මො ලොව දී ම අත් දැකිය හැකි සත්‍යයක් බව තේරුම් ගැනීම සදහා , එහි පවත්නා මූලික අවස්ථා දෙක ගැන විමසා බලමු. ඉතිවුත්තක පාලියෙහි නිබිබානධාතු සුත්‍රයෙහි නිවනෙහි පවත්නවා එම අවස්ථා දෙක මෙසේ හදුන්වා ඇත.
(i) සඋපාදිසේස නිබ්බාන ධාතු
(ii) අනුපාදිසේස නිබ්බාන ධාතු
පුද්ගලයා සියලු කෙලෙසුන් ප්රහාණය සිරිම සඋපාදිසේස නිර්වාණය අවස්ථාවයි. කෙලෙස් පරිනිර්වාණය හැටියට ද මෙය හැදින් වෙයි. මෙය විමුක්ත ආර්ය පුද්ගලයා සුජීවත්ව සිටිමින් මෙ ටලාව වශයෙන් (සාන්දෘටික වශයෙන් ) නිර්වාණ ප්රත්යක්ෂ කරනු ලබන අවස්ථාවයි. මෙහි දි ඇගයුම් අවස්ථා දෙකක ඇත. එනමි,
(i) නිරොධ සමාපත්තියට සමවදින්නේ නැතිව සාමන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුතුව සිටි අවස්ථාව
(ii) නිර්වාණයෙහි පරම සැපයට හෙවත් නිරොධ සමාපප්තියට සමවැදි සිටින අවස්ථාව යනු යි.
මෙම අවස්ථා දෙකෙහිදිම විමුක්ත පුද්ගලයා කෙරෙහි නිර්වාණය ප්රත්යක්ෂ වෙයි. විමුක්ත ආර්වය ශ්‍රවකයාට නිරොධ සමාපත්තියට සම නොවැදී සිටින අවස්ථා වුවද පෘථක්ජන පුද්ගලයකු සමග සසදන විට වෙනස තෙුරුමි ගත හැකි ය. විමුක්ත පුද්ගලයා රාග, දෙෂ, මෝහ දුරු කළ අයෙකි. ඔහු කෙරෙහි ඇත්තේ විමුක්ත චිත්ත ස්වභාවයයි. පසිදුරන් පවත්නා බැවින් අරමුණු ගැනිම හා සැප දුක වීදීම කරන නමුත්, ඒවායේ ඇලීමක් හෝ ගැටීමක් නැත. මීළගට නිරොධ සමාපප්තියට මසමවැදී සිටීම නම් නිර්වාණයෙහි අවේදයිත සැපය අත් විදිනු ලබන අවස්ථාවයි. විමුක්ත පුද්ගලයා මේ අවස්ථාවෙ කායික වශයෙනව් භෞතික පරිසරයක සිටින සිටින නමුත් අධ්යත්මීක වශයෙන් සිටිනුයේ යෝගී සමාධී අවස්ථාවයි. මෙම අවස්ථා දෙකම සොපාදිසේස නිබ්බාන ධාතු අවස්ථාවට අයත් වන අතර විමුක්ත පුද්ගලයා පසු කරන මෙම අවස්ථාව නිබ්බාණ ධාතු සුත්‍රයෙහි ම මෙසේ දැක්වෙයි.
“මේ ශාසනයෙහි භික්ෂුවක් අර්හත් වෙයි. හෙතෙම ආශ්‍රව ක්ෂය කළ අයෙකි. බඹසර වැස නිම වුවෙකි. විමුක්තිය සදහා වන කටයුතු නිම වුවෙකි. සද්භාවයට පැමිණියෙකි. භව සංයෝජන ක්ෂය කළ අයෙකි. මනාව දැන මිදුනෙකි. ජීවත් වන්නා ඔහුගේ පසුදුරන් අවිකලව ඇති බැවින් හෙතෙම ඉටු අනිටු අරමුණු ගනියි. සැපදුක් විදියි. ඔහු කෙරෙහි යම් කාම රාගක්ෂයක්, ද්වේෂක්ෂයක් , මොහක්ෂයක් වේ ද එය සඋපාදිසේස නිබ්බනෙ ධාතුවයි.”
විමුක්ත පුද්ගලයාගේ ස්කන්ධයන්ගේ බීදී යාම (මරණය) අනුපාදිසේස නිබ්බනෙ ධාතු නමි. මෙය භව නිරොධයයි. යලි නුපදින තත්ත්වයට පත් විමයි.
ආශ්‍රව පහ කළ බඹසර වැස නිම වු මගඵල පසක් කිරිමෙන් , කරන ලද කටයුතු ඇති කෙලෙස් බර බහා තැබු අනුක්රමයෙන් සිය පරමාර්ථ ඉටු කරගත් බව භව සංයෝජන බිද දැමු කරුණු මැනවින් දැන විමුක්තිය දැක රහත් වු තැනැත්තාගේ සියලු සැප, දුක් වීදීමක් නැති ව සැනසීයාම අනුපාදිසේස නිර්වාණ ධාතුව නම්.
එටහත් මෙයින් ප්‍රකාශ වන්නේ නිවන් දෙකක් නොවන බවත් , අවස්ථා දෙකක් පමණක් බවත් අප විසින් තේරුමි ගත යුතු ය. මෙම අවස්ථා දෙකෙදී ම සිදු වන්නේ දුක්ඛ නිරොධයයි.
“බුදුරජාණන් වහන්සේ නිවන් පුර වැඩිය හ. නිවන් දොර හැරිය හ. ” වැනි ජනප්‍රිය යෙදුමි භාවිතයට පැමිණ ඇතිතේ ද නිවන මරණින් මතු ලැබෙන්නක්ය යන වැරදි අදහස නිසා ය. එ මෙන් ම ක්කෙෂ පර්ණිර්වාණය (සඋපාදිසේස පරිණිර්වාණය) අමතක කොට රඑහතන වහන්සේ ගේ පිරිනීවිම (අනුපපාදිසේස පරිනිර්වාණය) පමණක් නිවන ලෙස සැළකිම නිසා යි.
විමුක්ත පුද්ගලයා
නිර්වාඛණය ගැන සාකච්ඡා කිරිමේද් විමුක්ක ආර්යයන් වහන්සේ ගේ අභාවයෙන් හෙවතත් පිරිනිවන් පපෑමෙන් පසු තත්ත්වය ගැන ද විමසීම වැදගත් ය. අද මෙන් ම බුද්ධ කාලයෙදි ද මේ පිළිබදව ප්‍රශ්න පැන නැගී තිබුණි. එහෙත් මේ ප්‍රශ්නයට (ඒකාංශිකව) එක එල්ලේම පිළිතුරක් දීමට භාශාවේ ප්‍රයෝග පුමාණවත් නොවන බැවින් බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රශ්න අව්‍යකත (විස්තර නොකළ - ඨපනිය) ප්‍රශ්න ගණයට ඇතුළත් කොට තැබුවහ. පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් ගැන සලකා නැත.
විමුක්ත පුද්ගලයාගේ අභාවයෙන් පසු ව භවයෙහි රැදි සිටිමට අවශ්‍ය වන හේතු -ඵල සමිබන්ධය නැති වෙයි. එ බැවින් අහසෙහි පියාසර කරන පක්ෂින්ගේ පිය සටහන් පෙන්වා දිය නොහැකි ය. මෙන් (ආකාසෙව සකුන්තානං ගත්සේසං දුරන්නයා) විමුක්ත පුද්ගලයාගේ අභාවයෙන් පසුව මෙ බදු යැයි පෙන්වා දිය නොහැකි තත්වයක පවතී. රතන සුත්‍රයෙහි සදහන් පහත දැක්වෙන ගථාටෙවන් එය වඩාත් පැහැදිලි වෙයි.
“ඛීණං පුරාණං නවං නත්ථී සමිභවං - විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණඛීයා අවිරුළ්හිච්ඡාන්දා - නිබ්බන්ති ධීරා යථායමිපදීපො”
යමි කෙනෙකුගේ පැරණි කර්ම රහත් මගින් ගෙවී ගියේද , අලුත් කර්මයක් නැද්ද මතු භවය කෙරෙහි නොඇලුණු සිත් ඇති , ප්රතිසන්ධි විඤ්ඤාණය නැති කළ , නැවත ඉපදීමෙහි කැමැත්තක් නැති ධීර වු රහතන් වහන්සේ මේ පහන නිවී ගියාක් මෙන් නිවෙති යනු එම ගාථාවේ අදහසයි.
සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ එන සුත්‍රයකට අනුව වරක් උපසීව නමි බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ඇසු ප්‍රශ්නයකට උන්වහන්සේ විසින් දෙන ලද පිළිතුර වුයේ නාමරූප නිරොධයෙන් නිවනට පත් පුද්ගලයාගේ ඇතැයි හො නැතැයි කියා හෝ කියා ව්‍යවහාර කළ හැකි ප්‍රමාණයක් නැති බව ය. (අත්ථං ගතස්ස න පමාණමත්ථ) මේ තත්වය අභාවයට යාමක් ලෙස උන්වහන්සේ පෙන්වා දුන්හ. අග්ගිවච්චගොත්ත පිරිවැඡීයා විසින් ද මේ ප්‍රශ්ණය බුදුරදුන්ගෙන් ඇසී ය. දර තෙල් ආදිය අවසන් විමෙන් නිවී ගිය ගින්න ගිය දිසාවක් කිව නොහැකි මෙන්ි හේතු-ඵල සමිභන්ධය අවසන් විමෙන් සිදු වන රහතන් වහන්සේ ගේ අභාවයෙන් පසු තත්වය ගැන කතා කළ නොහැකි බව පෙන්වා දුන් හ.
නිර්වාණය පරම සුවය බව
පවතින තත්වය දුක් සහගත බවත් ඉන් මිදි සැපය සෙවිය යුතු බවත් , සෑම ආගමකම මූලිකම ඉගැන්විම වෙයි. බුදු සමයද සාංසාරික තත්වය දුක් සහගත බව උගන්වන අතර ඉන් මීදිම නමි වු නිර්වාණය පරම සුවය ලෙස පෙන්වා දෙයි. චතුරාර්ය සත්‍ය දේශනාවේදී “දුක්ඛ නිරෝධං අරිය සචිචං” යනුවෙන් නිවන දුකින් මීදීම පිළිබදව ආර්ය සත්‍ය වශයෙන් විවරණය කොට ඇත. දුකෙහි අවසානය හැටියට සැළකෙන නිවන පරම සැපය වශයෙන් හැදින් වු අවස්ථා පෙලෙහි නිතර හමු වෙයි.
“නිබ්බානං පරමං සුඛං” (ධමිමපදය)
නිවන උතුම් සැපයයි
“නිබ්බානං සුඛා පරං නත්ථි” (ථෙරි ගාථා)
නිවන් සැපතට වඩා උසස් සැපයක් නැත.
“නත්ථි සන්ති පරං සුඛං” (ධමිමපදය)
“නිබ්බානාරභීතො මච්චො - සබ්බ දුකඛා පමුච්චති”
(සංයුත්ත නිකාය1)
නිර්වාණ අභිලාශී පුද්ගලයවා සියලු දුක් වලින් මිදේ .
“සුසඛං වත නිබ්බානං - සමිමා සමිබුද්ධ දේසිතං”
(ථෙරි ගාථා)
සම්බුදු රදුන් විසින් දේශනා කරන ලද නිර්වාණය අතිශයින් ම සුඛ සහගතය.
“සුඛා විරාගා ලොකෙ”
විරාගි බව - නොඇලුනු බව ලෝකයෙහි සැපතකි.
“අසිමී මානස්ස යො විනයෝ එතං වේ පරමං සුඛං”
(මහා වග්ග පාළි)
අස්මී මානයෙන් දුරු වීම උසස්ම සැපතයි.
ධර්මයෙහි සැප වර්ග දෙකක් ගැන සදහන් වෙයි.
(i) වේදයිත සැපය - වින්දනය කරන සැපය
(ii) අවේදයිත සැපය - විදීමෙන් තොර වු සැපය
නිර්වාණය මෙයින් පරම සැපදායි අවේදයිත සුඛයයි. වුපසම සුඛයි. වේදයිත සුඛයක් නොවේ. නිවන සැපයක් වුවද එහි ඇස, කන, නාසය ආදි ඉදුරන්ගේන් විද ගන්නා සුවයක් නැත. වීදීමත් නැති තත්ත්වය සුඛ සහගත වන්නේ කෙසේද යන්න තේරුමි ගැනිම තරමක් අපහසුය.
අංගුත්තර නිකායේ නවක නිපාතයේ ඇති සුත්රයකසදහන් වන අන්දමට වරක් උදායි තෙරණුවන් හා සැරියුත් මහ රහතන් වහන්සේ අතර නිවනෙහි පවත්තනෙ (විදීමක් නැති සැපය) අවේදයිත සුඛය පිළිබද සංවාදයක් ඇති විය.
“ඇවැත්නි, මේ නිර්වාණ සැප වන්නේ ය. ”යනුවෙන් සැරියුත් මහ රහතෙරණුවෝ භික්ෂුන් අමතා වදාළ හ.
“සුඛං මිදං අවුසො නිබ්බානං’’
ඇවැත්නි, සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, වීදිමක් නැත්නමි නිවනෙහි ඇති සැපය කුමක් දැයි උදායි තෙරණුවෝ විමසු හ.
“කි පනේත්ථ ආවුසො සාරිපුත්ත සුඛං - යදෙත්ථ නත්ථි වේදයිතං”
ඇවැත්නි විදීමි ස්වභාවයක් නැති කමම නිවනෙහි ඇති සැපයයි. සැරියුත් මහ රහතන් වහන්සේ වදාළ හ.
“එතං දෙවෙත්ථ ආවුසො නිබ්බානං සුඛං යදෙත්ථ නත්ථි වේදයිතං”
ඉන් අනතුරුව සැරියුත් තෙරණුවෝ නිවන් සුවය පිළිබදව දීර්ඝ වශයෙන් පැහැදිලි කළ හ. එක් අවස්ථාවක සුවයක් හැටියට විදීමින් සිටි සැපයක් ඊට වඩා උසස් වින්දනයක් ලැබෙන සැපයක් ලැබුණු විට කලින් සඅපය යැයි සිතු සැපය සිතු දෙය දුකක් වන අන්දම සැරියුත් තෙරණුවෝ පෙන්වා දුන්හ. මෙසේ සැප මෙන්ම ධ්‍යාන සුව ආදී ලෞකික වු හැම වේදයිත සුවයකම පවතින අසාරත්වය බව වදාළ හ.
සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ සදහන් වන පරිදි බුදුරජාණන් වහන්සේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපෙක්ෂා වේදනා, (අදුක්ඛමසුඛ වේදනා) යනුවෙන් වේදනා තුන් වර්ගයක් පෙන්වා දුන්හ. එහෙත් යමක් විදීමි ස්වභාවයෙන් යුක්ත නමි ඒ සියල්ලම දු:ඛ ස්වභාවයට ඇතුළත් වන බවද වදාළ හ. “යං කිඤ්චි වේදයිතං සබ්බං තං දුක්ඛස්මිං වදාමි” යනුවෙන් එය දක්වා ඇත. එසේ දු:ඛ ස්වභායෙන් යුක්ත වන්නේ ඒ සියලූම සැප අනිත්‍ය වන නිසා බව වදාළ හ.
එහෙත් අවේදයිත සැපයක් ලෙස හැදින්වෙන නිවන වෙනස් නොවන නිත්‍ය තත්වයකි. ශාන්ත සුඛ ස්වභාවයකි. එ මෙන් ම නිවන වේදනාත්මක හෙවත් විදින සැපයක් ලෙස විවිරණය නොකිරිමට හේතු දෙකක් දැක්විය හැකිය. එනමි වේදනාව , තෘෂ්ණා වධයට හේතු වන නිසා ය. “වේදනා පචිචයා තණ්හා ” යන්නෙන් එය පැහැදිලි ය. තෘෂ්ණාව නිර්වාණයට ප්රතිපක්ෂය. නිවනෙහිදි වේදනාවන් ක්ෂය වේ. ඒ හැරත් සියලුම වේදනාවන් සියලූම සංඛත ලක්ෂණයන්ගේන් යකුත නිසා අවසාන වනශයෙන් දුක බවට පත් වේ. එ බැවින් නිවන් සුවය අවේදයිත සුවය ලෙස හැදින්වෙයි. නිවන් සැපය කිසිවක් අත්තර ගැනීමෙන් ඇති වන සැපයක් නොව සියල්ල අත් හැරීමෙන් ලබන සැපයකි.
නිවන් සුවය සාක්ෂාත් කළ පුද්ගලයා නැවත කවදාවත් සංසාරික දුකට භාජනය නොවේ. එ බැවින් නිවන් සුවය වෙනස් නොවන , ස්ථීර සැපයක් ලෙස හැදින් වෙයි. එහෙත් ඒ සුවය මෙසේ යයි වචනයෙන් විස්තර කිරිම දුෂ්කරය. නිදසුනක් ඇසුරරන් දක්වන්නේ නමි වතුර පිපාසය වු අවස්ථාවක වතුර බීමෙන් පිපාසය සංසිදෙයි. එහෙත් ඒ සංසිදුන ස්වභාවය කෙනෙකුට විස්තර කිරිම අපහසුය. එමෙන් ම රාගාදී කෙලෙස් දැවිල් ඇති විමෙන් තාවකාලිකව හෝ ඇති වන මානසික සහනය ආශ්‍රය කර ගෙන කෙනෙකුට අනුබෝධ වශයෙන් (අනුමායෙන්) සියලූම කෙලෙස් දැවීලි නැති විමෙන් ඇති වන සිසිල් තත්වය ගැන වැටහීමක් ඇති කර ගත හැකි ය.
දුක හට ගන්නේ සසර පවත්නා අනේකවිධ බැදීම් නිසාය. එම බැමිවලින් නිදහස් විමෙන් ඇති වන සැනසීමම නිවන් සුවයයි. මජ්ඣිම නිකායේ දේවදහසුත්රයෙහි එන ස රල නිදසුනක් ඇසුරෙන් එය ද තේරුමි ගනිමු. කාන්තාවක් කෙරෙහි යමි පුද්ගලයකු බැදීමක් ඇති කර ගෙන සිටින්නේ යැයි සිතමු. එම කාන්තාව වෙනත් පුරුෂයකු සමග ඇසුරක් , හිතවත් කමක් ඇති කර ගෙන සිටින බව දුටු විට කලින් සහදන් කළ පුද්ගලයාට දැඩි වේදනාවක් , නොසතුටක් දොමිනසක් ඇති වෙයි. එහෙත් එම පුද්ගලයා එම කාන්තාව කෙරෙහි තිබුණ බැදීම සමිපූර්ණයෙන්ම අත්හැර දැමු විට ඒ කාන්තාව කවර පුරුෂයකු ඇසුරු කළත් අර පුද්ගලයාට දුකක්, අසතුටක් , දොම්නසක් ඇති නොවේ. ඊට හේතුව නමි තමන්ගේ සිතෙහි ඇය කෙරෙහි බැදීමක් නොමැති වීමයි. එ මෙන් ම පඤ්චස්කන්ධය කෙරෙහි ඡන්දිරාගය පවත්නා තුරු දුක පවතී. එය ඉවත් වීමෙන් දුක අවසන් වේ. එයින් ඇති වු සැපත රාගාදිය සංසිදිමෙන් ඇති වුවක් නිසා නිවන් සුවය වුපසම සුවය හැටියට , අවේදයිත සැපය හැටියට හැදින් වෙයි.
සාමාන්‍ය මිනිසා සැපයක් ලෙස සලකන්නේ යමක විදීමි ස්වභාවයක් ඇතිනමි පමණි. එහෙත් විමුක්ත ආර්යයා එය වෙනත් ලෙසකින් දකී. සංයුක්ත නිකායේ එන පහත දැක්වෙන ගාථා පඨයෙන් එය වඩාත් පැහැදිලි වෙයි.
“යං පරේ සුඛුතො ආහු
තදරියා ආහු දුක්ඛතො
යං පරෙ දුක්ඛතො ආහු
තදරියා සුඛතො විදූ”
පෘථග්ජනයන් විසින් “සුඛ” ලෙස හදුන්වනු ලබන දේ පණ්ඩිතයන් විසින් දුක් ලෙස හදුන්වනු ලැබේ. පෘථග්ජනයන් විසින් සැප ලෙස හදුන්වන ලබන දේ පණ්ඩිතයෝ දුක් ලෙස අවබොධ කර ගනිති. නිවන සැපයක් ලෙස සැලකෙන්නේ එහි විදීමි ස්වභාවයක් නැති නිසා බව මෙවැනි කැරුණු වලින් අපට තේරුමි ගත හැකි ය.
ගිහියන්ටත් පැවිද්දන්ටත් ලැබෙන භෞතික හා අධ්‍යාත්මික නොයෙක් සැප ඇති බව බුදුරජාණන් වහන්සේ පිළිගත් හ. ගිහි සුඛය, පැවිදි සුඛය, කාම සුඛය, නෙක්ඛමිම සුඛය, කායික සුඛය, චෛතසික සුඛය ආදි වශයෙන් නමි කෙරෙන සැප පිළිබදව බුදු සමය පෙන්වා දෙයි. එසේ වුවද ගැඹුරින් විමසා බලන විට ඒ හැම සැපයක්ම ස්ථාවර සැපයක් නොවේ. විපරිනාම ලක්ෂණයෙන් යුක්තය. එ මෙන් ම ඒ සියලූමහ වේදයිත සුඛයන්හි යමි සුවයක් ප්රීයක් ඇතැයි පිළිගත්තත්, බෝහෝ දුක් කරදර වලට හේතු වෙයි.
(අප්පස්සාදාකාමා බහු දුක්ඛා, බහුපායාසා ආදිනවො ඵත්ත භියෙයා)
පස් කමි සැප වලට වඩා ඉහළ මටිටමක පවතින සැප ඇති බව බුදුසමය උගන්වයි. භාවනා තුළින් ලද හැකි එවන් සැප ගැන පෙලෙහි සදහන් වෙයි. බුදුරදුන් විස්න් පෙන්වා දෙන ලද එවැනි සැප ගැන සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේහි සදහන් වෙයි. ඒ නිසා මිනිස් මනස කාම සුඛයන්ගෙන් බැහැර කොට විවිධ සමාධි වලට පුද්ගලයා වින්දනය කරන සැප විවිධ මට්ටමි වල පවතින බවත් , එකිනෙකට උසස් සැප දක්නට ඇති බවත් සදහන් වන අතර, එම ධ්‍යාන සුවයන් හි ද ඇතුළත් වන බවත් සදහන් වෙයි. මජ්ඣිම නිකායේ එන බහූ වේදනීය සුත්‍රයෙද මෙවැනි ම මෙලොව දි වින්ද යුතු (දිට්ඨ ධම්ම සුඛ විගාර) ධ්‍යාන සුවයක් ගැන විස්තර වෙයි. එහෙත් සියල්ල වේදයිත සුඛයන් ය. වේදනාවන් පංචේන්ද්‍රියන් හා ඉතා කිටිටු සමිබන්ධයක් ඇත. වේදනාවන් පටිච්ච සමුප්පන්න වන නිසා අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තය. අසිථීරය, වෙනස් වන සුළු ය. ඒ නිසා එහි ද ඇත්තේ දුකකි. එහෙත් නිරොධ සමාපත්තිය හා නිර්වාණ අවේදයිත සුඛය ලෙස පරම සැපය ලෙස බුදු සමය විවිරණය කරයි.
නිවන පසක් කළ බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ පිළිබදව කෙරෙන විවරණය ඇසුරෙන් තව දුරටත් නිර්වාණය පරම සුවයක් වන අන්දම තේරුමි ගත හැකි ය.
සමිමා සමිබුදුරජාණන් වහන්සේ සිහිල් වුවාහු නිවුනාහු වෙති.
(“එකොම්හි සමිමා සමිබුද්ධො - සීතිභූතොස්මි නිබ්බූතො”)
ජලාශයක ජලය මෙන් සිසිල් බවට පත් වුයේ වෙයි.
(“පරිනිබ්බූතො උදක රහදො වාසිතො”)
නිවුන තඅනඅත්තා සියලූම ශෝකයෙන් බැහැර කළ , ශෝක රහිත වු අයෙකි. කිසිදු දෙයකින් නොසැලී බිය රහත් වුයේ ය.
(“පූට්ඨසස පරමා සන්ති නිබ්බානං අකුතො භයං”)
වෛර සහගතව ජීවත්වන්නවුන් අතර අපි වෛර රහිතව ඒකාන්තයෙන් ම සුවසේ ජීවත් වෙමු.
(“සුසුඛං වත ජීවාම - වේර්නේසු අවේරිනො”)
කිංචන හෙවත් කෙලෙස් නැති අපි ඉතා සැපසේ ජීවත් වෙමූ.
(“සුසුඛං වත ජීවාම - යෙසං නො නත්ථි කිංචන”)
රහතන් වහන්සේ මෙවැනි මානසික තත්වයක් ඇති ව වෙසෙන්නේ උන්වහන්සේ සියලූම ගැටීමි වලින් නිදහස් වන බැවිනි. මේ කරුණූ වලින් ප්‍රකට වන්නේ බුදු සමයේ ඉගැන්වෙන නිවන අවේදයිත වු පරම සුවය වන බවයි.