6 පරිච්ඡේදය
කුසලාකුසල විනිශ්චය
බුදු දහමෙහි පුද්ගලයා විසින් කරැනු ලබන සචේතනික සියළුම ක්‍රියාවන් (කර්ම) මූලික වශයෙන් කුසල - අකුසල (හොද - නරක) වශයෙන් ප්‍රභේද දෙකකට බෙදෙයි. මෙම ක්‍රියා කාහික, වාචසික හා මානසික යන තිරදාරින් ප්‍රකට වන අතර , එම ක්‍රියාවන්ගේ ගුණ විභාගය කුසලාකුසල විනිශ්චය ලෙස හැදින්විය හැකි ය.
මූලික වශයෙන් මෙහි කුසලාකුසල විනිශ්චය හා සමිබන්ධ කරුණු කිපයක් අවධානය යොමු වෙයි.
(I) කුසල් අකුසල් වශයෙන් අර්ථවත් වන්නේ කුමක් ද?
(II) කුසල් අකුසල් වශයෙන් කෙරෙන ගුණ විනිශ්චය සදහා බුදු සමයෙහි නිර්දේශ කරන නිර්ණායක කවරේද ?
(III) කුසල් අකුසල් හා පින් පව් යනුවෙන් අර්ථවත් වන්නේ එකම සංකල්පයක් ද යන කරුණ පිළිබදවය.
කුසල් යනු කවරේද?
බුදු සමයෙහි මිනිස් හැසිරිම් ඇගයිමේදි භාවිතා කර ඇති යෙදුමි කිපයක්ම ධර්ම ග්රන්ථයන් හි අපට දක්නට ලැබෙයි. විශේෂයෙන් ම
කුසල් - අකුසල්
පුඤ්ඤ - පාප
ධම්මචරියා - අධමිමචරියා
සම චරියා - විසම චරියා
සම්මාජීව - මිචිඡාජීව
අරිය - අනරිය
සප්පුරිස - අසප්පුරිස
කල්යාන - පාප
යනුනිතර භාවිත වන එවැනි පද කීපයකි. මේ අතුරෙන් කඅසල් අකුසල් යන යෙදුම අතිශය වැදගත් වෙයි.
මෙහි කුසල යන්නෙහි නිෙරාග , නිවැරිදි, දක්ෂ යන අරුත් ඇත. ඒ අනුව අකුසල් යන්නේහි රොගී , වැරදි, අදක්ෂ , වරද සහගත කරවන, නිවැරිදි කරවන දක්ෂතා ප්‍රකට කරවන ක්‍රියා කුසල ලෙසත් නිරිවචනය කෙරෙයි . අර්ථ දැක්වෙයි.
රාග, ද්වේහ, මොහ, ආදි මානසික දුබලතා නිසා සිත රෝගී කරවයි. සිත පාලනය කර ගැනිමට අපහසු ෙවයි. එවැනි රෝගී තත්ත්වයන් උදා කරන දුබලතා අඩු විම නිසා සිත රෝගී වෙයි. වරදට පෙළඹීමේ නැමියාව පාලවය කර ගැනිම දක්ෂතාවයකි.
කුසල මූල හා අකුසල මූල යන පද ගැන ද මෙහි දැන ගැනිම අවශ්‍ය ය. ලෝභ, දෝස, මෝහ යන තුන අකුසල මූල වන අතර , අලෝභ, අදෝස, අමෝහ යන තුන් කුසල මූල් වශයෙන් හැදින්වෙයි. ඒ අනුව කුසල මූල පදනම් කොට ගෙන කෙරෙන ක්‍රියා කුසල් හැටියටත් අකුසල් මූල පදනම් කොට ගෙන සිදු කරන ක්‍රියා අකුසල් හැටියටත් විග්රහ කෙරෙයි . එමෙන් ම පාපී අකුසල ධර්ම සොලවන , කමිපා කැරෙන, දුරු කැරෙන ක්‍රියා කුසල නමින් ස ධර්මයෙහි හැදින් වෙනයි.
බුදු දහමේ සදහන් පරම නිෂ්ඨාව වන නිවන කරා යොමු කරවන ක්රියාඇගයීමෙහිලාද කුසල යන පදයව භාවිතා කළ අවස්ථා පෙලෙහි දක්වා ඇත. නිර්වාණය සාක්ෂාත් කිරිම සදහා උපකාරීවනචර්යාමය ලක්ෂණ හා මානසික ප්‍රත්‍යයන් විදහා නදැකිවිම සදහාද කුසල යන පදය භාවිත ෙකාට ඇති අවස්ථාද (අං නි v240 – 273) පෙලෙහි සදක්නට ලැබෙයි . නිවන් මගට පිළිපන් දශ අංගයකින් සමන්විත පුද්ගලයා කුසල සමිපන්න පුද්ගලයකු හැටියට හැදින්වෙන් අවස්ථාද දක්නට ලැබෙයි.
දසහි ඛො ථපති ධමිමෙහි සමන්නාගතො
පුරුස පුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්න කසලං
පරම කුසලං උත්තම පත්ති පත්තං සමණං අයොජඣං
යනුවෙන් ම.නි සමණ මණ්ඩිකා සුත්‍රයෙහි එන සදහනට අනුව අසෙඛ සම්මා දිටිඨියේ සිට අසෙඛ සමිමා විමුක්තිය තෙක් අංග දසයෙන් යුක්ත තැනැත්තා සමිපන්න කුසල නමින් හදුන්වා ඇත. මේ නම් රහතන් වහන්සේ ය.
ධර්මයෙහි ඇතැමි තැනක අකුසල් යන්න ආසව ( මනසේ නිදන්ගත අකුසල ප්රවනතා) සලස ද හදුන්වා ඇත. මජ්ඣිම නිකායේ ධම්මදායාද සුත්‍රයෙහි හා සල්ලේඛ සුත්‍රයෙහි අකුසල ධර්මයන්ගේ නමාවලියක් සදහන් වෙයි. ඒ අතර සල්ලේඛ සුත්‍රයෙහි එක් එක් අකුසල ධර්මටය ප්‍රතික්ෂේප කුසල ධර්මයද සදහන් වෙයි.
කුසලයෙහි යෙදිමෙන් නිරිවාණය නැමැති උත්තරීතර තත්ත්වයට පුදුගලයා අනුක්රමනවයන් පමුණුවන බව අවධාරණය කරන බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම අතර එන සතර සතිපට්ඨානය, සතර සෘද්ධීපාද, පඤ්චඉන්ද්රීය , පංචබල, සප්ත බෝජ්ඣංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයද කුසල් වශයෙන් දේශනා කොට ඇත. රාගය, ද්වේශය, මෝහය අකුසල ලෙසත් විස්තර වන අතර , ඒවායෙහි අභාවය කුසල වශයෙන් විස්තර වෙයි. එමෙන් ම කුසල යන්න වැඩිය යුතු ධර්මයක් හැටියට ද දැක්වෙයි. වරක් කොසොල් රජතුමා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් බුදු රජාණන් වහන්සේ අකුසල පක්ෂයෙහිලා සැලකෙන සියලු සත්ත්වයන් දුරු කළ කුසල පක්ෂයෙහිලා ගැනෙන සියලු සත්ත්වයන් අත් කර ගත් උතුමක් ලෙස දක්වා ඇත. (ම. නි. ii, 116)
නිවන් අවබෝධයට බාධා පමුණුවන පංච නීවරණයන් අකුසල් වශයෙන් හදුන්වා ඇත. විශේෂයෙන් ම නිවන් මගට පිලිපන් අයකු නිවන් මගෙහි සඵලතාව පිලිබදව ඇති කරන්නා වු අලස බව (ථීනමිද්ධ) නොසන්සුන් බව (උද්දච්ච කුක්කුච්ච) සැක සංකා සහිත බව(විචිකිච්චා) යන මානසිත අසිථායිතා විසින් මැඩ පවත්වනු ලබයි. ඒවා නීවරණ වන අතර ම , ඒවා අකුසල වෙයි.
දස කුසල් හා දස අකුසල්
බුදු දහමෙහි දස කුසල් හා දස අකුසල් වශයෙන් ඉගැන්වෙන් ප්රභේදයන් ගැන අපි දන්නේමු. මීළගට ඒ දස කුසල් හා දස අකුසල් කවරේද යන්න පිළිබදවත් ඒවා කුසල් හා අකුසල් වන්නේ කෙසේද යන්න ගැනත් විමසා බලමු.
කායික වාචසික හා මානසික ක්‍රියා මගින් අකුසල ධර්ම දහයක් ප්‍රකාශයට පත් වන බව බුදු දහම උගන්වයි.
(1) ජීවත් වන සෙසු සත්වයන්ට සිදු කරන කායික හානිය හාසමිබන්ධ විවිධ හිංසාකාරී චර්යා ස්වරූප ගත ප්‍රණඝාතය
(2) ස්වකීය ආශාවන් තෘප්ත කර ගැනිම සදහා අනෙකකු සන්තක උරුමයන් උල්ලංඝණය කිරිම හා බැදුනු අදත්තාදානය
(3) කෙනෙකුගේ ලිංගික ජීවිතය හා සමිබන්ධ ඉන්ද්‍රීය පින විමේහිලා ගැනෙන සාවද්‍ය හැසිරිමි හා බැදුණූ කාමමිත්‍යාචාරය හෙවත් පරදාර හෙවත් පර පුරුෂ සේවනය යන තුන කයින් කෙරෙන අකුසල් ය.
(4) බොරුකිම නමි වු මුසාවාදය
(5) කෝපය හා දුෂ්ට චේතනාව ඉස්මතු කෙරෙන අප්‍රසන්න වචනය හෙවත් පරුෂවචනය
(6) පුද්ගලයන් අතර මත භේද ඇති කිරමේ අදහසින් පිසුණාවාචා හෙවත් කේළාම් කිම
(7) අර්ථවත් හෝ ප්රායා්ජනවත් අරමුණක් නොසලකන නිෂ්පල කථා හෙවත් සම්පප්‍රලාප යන සතර වචනයෙන් කෙරෙන අකුසල් ය.
(8) දැඩි ලෝභය හෙවත් අභිද්‍යාව. (9) අන්‍යයා නැසෙත්වා වැනසෙත්වා යි ඇති කර ගන්නා දුෂ්ට චේතනාව හෙවත් ව්‍යාපාදය.
(10) කෙනෙකුගේ සදාචාර ජීවිතයට හානි කර සාවද්‍ය නොහොත් වරදවා ගත් විශ්වාශය හෙවත් මිථ්‍යාදෘෂ්ටිය යන තුන මනසින් සිදු වන අකුසල් ය.
බුදු සමයෙහි ඉගැන්වෙන් සදාචාර ශික්ෂාව (ශීලය) ප්‍රගුණ කිරිම මගින් බලාපොරාත්තු වන්නේ ඉහත දැක් වු පවිටු චර්යා රටාවන්ගෙන් දුරුවිමත් එස චර්යාවන් මෛත්‍රි සහගත ක්‍රියාවන් මගින් වෙනස් කරලීමත් ය. වෙනත් ලෙසකින් කිව හොත් බුදු සමයේ සදාචාර ජීවිතය ලෙස හදුන්වන්නේ ඉහත කී අකුසලයන්ගේ වැලකී සිටිමය.
දස අකුසලයන්ගේ න් වැලකි සිටිම කුසලයන් ප්‍රගුණ කිරිමක් වන්නේ කෙසේද යන්න මීළගට විමසා බලමු . පළමු කුසලය ප්‍රාණඝාතයෙන් වැළකි සිටිමය. ප්‍රාණඝාතයක් යනු ප්‍රාණීන් විනාශ කිරිමක් බව පැහැදිලි ය. තමා විසින් විනාශ කරනු ලැබිම, අනුන් ලවා විනාශ කරවීම, විනාශ කරන කෙෙනකුට අනුබල දිම යන තුනෙන් ම මෙම අකුසලය සිදු වෙයි. ඒ අනුව කුසලය වන්නේ ඉහත කී තුන් වැදෑරුමි ක්‍රමයෙන් ම සත්ත්ව ඝාතණයෙන් ප්‍රාණ වධයෙන් වැළකිම ය. කොතරම් වුවමනාව තිබුණත් හැකියාව හා අවස්ථාව තිබුණත් මේ ප්රාණියාත් මා වාගේම මරණයට අකමැතියි ජීවත් විමට කැමතියි, සැපයට කැමතියි ආදි වශයේන සිතා යම් සත්ත්වයකුගේ ජීවිත හානියෙන් වළකි නමි එය කුසලයකි. කුසල යන්නෙහි ඇති තෙුරුම අතර දක්ෂතාවය (කෞශල්‍යය) එකක් ලෙස අපි උගත්තෙමු. ඒ අනුව වරදින් මීදිම හා වරදට නොපෙළඹීමේ දක්ෂතාවයම කුසලය වශයෙන් ගැනේ . හුදෙක් සතුන් මැරිම ආදියෙන් වැළකිම පමණක් නොව සියලු සත්ත්වයන් වෙත් මෙත් සිත වැඩිමද බුදු දහමෙහි කුසලය යන්නේන් අර්ථවත් කෙරෙයි.
“නිහිත දණ්ඩො නිහිත සත්ථො ලජ්ජී දයාපන්නෝ සබ්බපාණගූත හිතානුකම්පි විහරති”
යනුවෙන් දැක්වෙන පරිදි දඩු මුගුරු බැහැර ලා දයා සමිපන්න සකල සත්ත්වයා වෙත හීතානුකම්පී විම අවශ්‍යය. එමගින් ඉගැන්වෙන්නේ මෛත්‍රි සහගත වීම ය. ආචිර විද්‍යාත්මක පක්ෂයෙන් සලකන විට මිමරණය , වැලකීම පමණක් නොව කායික මානසික වශයෙන් ක්‍රියාත්මක විම ද අවධාරණය කරන බව පිලි ගත යුතු ය.
සොරකම් කිරිමට යම් ද්‍රව්‍යයක් තිබියදි එහි අව්ශ්‍යතාවක් ඊට සුදු පරිසරයක් තිබියදී සොරකමින් වැළකී සීටිම කුසලයකි. කාමමිථ්‍යාචාරය ගැන සිතුවත් ඊට අවස්ථා නැති කම නිසා ඉන් වැළකී සිටිම නොව , මිථ්‍යාචාරයේ ආදීනව සැළකිමෙන් ඇතිවන වෙන් වීම (විරමණය) කුසලය. මේ අන්දමට සෙසු අකුසල් පිළිබදය සලකන විට ඒ සදහා අවස්ථා , හැකියාවහා සුදුසු පරිසරය තිබියදී, එය කිරිමට ඔහු තුළ ඇති ඕනෑකම පරදවා , එම ක්‍රියාවන්ගේ ඇති අනාර්ථකාමී බව අවැඩදායි බව නුවණින් කල්පනා කොට , මෛත්‍රි සහගතව සිතා එම ක්‍රියාවන්ගෙන් වැළකිම කුසලය යයි.
කුසල් හා සම්මිදිටිඨිය
කුසල උපදවා ගැනිම සදහා සම්මා දටිඨිය වැදගත් ය. සම්මා දිටිඨි නමි මැනවින් දැකීමයි . (සම්මා දිටිඨිකො අවිපරිත දස්සනො) වීපරිත නොවී දැකිම සම්මා දිටිඨිය ලෙස දැක්වෙයි. දුකත්, දුකට හේතුවත් , නිවනත් නිවන් මගත් පිළිබදව ඇති කර ගන්නා යථා තත්ත්ව අවබෝධය යන චතුරාර්ය සත්‍යය පිලිබදව නිවැරිදි දැකිම ද සමිමා දිටිඨියයි. ඒ හැරුනු විට තම මවට සැළකිමෙන් , පීයාට සැළකීනමන් හොද ප්‍රතිඵල ඇතැයි යමෙකුට පෙනේ නමි එය පිළි ගනි නමි එය ද සම්මා දිටිඨියයි. කම්මසකතා සම්මි දිට්ඨිය නමින් ද එය හැදින් වේ.
මෙවැනි සමිමා දිටිඨියක් නැතිව නිසි දසැකිමක් නොමැතිව කුසල් උපදවා ගැනිමට නොහැකි ය. නිදසුනක් ලෙස ගත හොත් පෝෂදියි ආහාරයක් යයි සිතා යමි් සතෙකු මරා ගෙන කෑම හොද යයි සිති ම මිථ්‍යා දෘෂ්ටියයි. එහෙත් හැම සතෙකුටම ජීවිතය ප්‍රියය කියා කලිපනා කොට සතා මැරීවමන් වැළකීමට හැකි වන්නේ සම්මා දිට්ඨිය නිසා ය.
මේ අනුව කුසල් සදහා සම්මි දිටිඨිය අවශ්‍ය බව පැහැදිලි ය. සමිමා දිටිඨිය ඇති කර ගැනිම සදහා මූලික වශයෙන් කරුණූ දෙකක් අවශ්‍ය වෙයි . ඉන් පළමු වැන්න නමි , පරතො ඝොසයයි. ධර්ම ශ්‍රවණය පොත පත කියවීම ආදියෙන් ද වරද හා නිවැරද තේරුම් ගැනිම මෙයින් අදහස් කෙරෙ. දෙවැන්න නම් යොනිසො මනසිකාරයයි. නුවණින් කල්පනා කිරිම යනු එරහි සාමාන්‍ය තේරුමයි . ගැඔුරෙන් විමසා බලන විට හේතු යුක්ති ඇති ව නුවණ මෙහෙයවා කල්පනා කිරිමයි.
කුසල් හා පින්
පින් පව් හා කුසල් අකුසල් යනුවෙන් දැක්වෙන්නේ එකම අර්ථ දෙන යුගල පද දෙකකැයි ඇතැමෙක් වරදවා තේරුම් ගනිති. දස පින්කිරියවත් යනු ද දස කුසල් හැදින්විමට යෙදෙන තවත් නමක් යැයිද තේරුමි කිරිමට ඇතැමෙක් පෙළඹෙන්නේ මේ සංකල්ප දෙක නිවැරිදිව තේරුමි නොගැනිම නිසා ය. සැබවින්ම මේ යමි ප්‍රමාණයකට එකිනෙකට වෙනස් චර්යා ස්වරූප දෙකකි.
පාලි පුඤ්ඤ යන පදයට බුදු දහමෙහි අරුත් ගන්වා ඇති අයුරු විමසා බැලිමෙන් මෙයතේරුමි ගත හැකි ය. සද්ධර්ම කෞ මුදි නමි ධම්මපද විවරණයෙහි පුණ්‍ය යන්න තේරුමි කොට ඇත්තේ දාන ශිලාදි චිත්ත සනිතානය පිවිතුරු කරන බැවින් , පුණ්‍ය වන බවයි.ඒවා සැපතට හේතුවන නිසා පුඤ්ඤ යනු සැප හැදින්විමට යෙදෙන වෙනත් වචනයැකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
“මා හික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ” - සුඛස්සේථං හික්ඛවේ අධිවචනං”
(ඉතිවුත්තක මා පුඤ්ඤභායී සුත්‍රය)
පූඤ්ඤං චෙ පුරිසො කයිරා - කයිරාථ තං පුනප්පනං
තමිහි ජන්ධ කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උචිචයෝ
(ධම්මපද)
ඉදින් යමෙක් පිනක් කළේ නමි ඒ නැවත නැවත කළ යුතු ය. එහි සිත ඇලවිය යුතු ය. ‘පින් රැස් කිරිම සැපයට හේතු ය’. යන ප්‍රකාශ තුළින් පුකට වන්නේ පූඤ්ඤ යන්න සැපයට හේතු වන්නක් බව ය.
සත්ත්වයාට පරළොව දී පිහිට වන දේ පින් වන බවත් , දුර ගමනක් ගොස් කලකට පසු පැමිණෙන ඤාතියෙකු පිළිගැනිමට පෙළ ගැසෙන්නාක් මෙන් පූණ්යාවන්තයා පිළිගැනිමට පරලොව දී පින් ඉදිරිපත් වන බවත් බුදු දහමෙහි සදහන් වෙයි. පින පුද්ගලයකුට සුගත්ගාමී විමට බලපාන අතර , පාපය ඔහුගේ සසර සැපතට හානි පමුණුවයි. පින් රැස් කළ අය සුගතිගාමී වන බවත් , පව් කළ අය නීරයගාමී වන බවත් ධර්මයෙහි විස්තර වෙයි. මහජන සුභ සිද්ධිය සදහා උද්‍යාන රෝපණය , වන රෝපණය, ලිං පොකුණු තැනීම ආදිය මගින් සැමදා පින් වැඩෙන බවත් එහි ප්‍රතිඵල වශයෙන් මතු දෙව්ලොව උපත ලබන බවත් සදහන් වෙයි. පින් කළ තැනැත්තේ මෙලොව හා පරලොව යන දෙක්හිම සතුටුවන අතර , සුගතියට පැමිණ බෙහෙවින් ප්රමෝදයට පත් වන බව ධම්ම පදයේ එන ගාථාවක සදහන් වෙයි.
“ඉධ නන්දති පෙච්ච නන්දති - කත පූඤ්ඤෝ උභයත්ථ නන්ධති
පූඤ්ඤං මෙ කතන්ති නන්දති - භීයො නන්දති සුග්ගතිංගතො”
පෙළ දහමෙහි සදහන් වන කුසමල හා අකුසල යන පදයන් පිරික්සා බැලීමෙන් පෙනී යන්නේ අර්ථයෙන් එම පද පුඤ්ඤ සහ පාප යන පදයන්ගෙන් වෙනස් වන බවයි. බුදු දහමේ නිර්දේශ කරන පරම අධ්‍යාත්මික නිෂ්ඨාව කරා ගෙන යාමට ඉවහල් වන ක්‍රියා ඇගයීමෙහිලා කුසල යන පදය විශේෂයෙන් භාවිත කොට ඇති බව පෙනෙයි. නිවනෙහි ඇතුළත් අධාත්ම ප්‍රමෝදය කරා පමුනුවන යහපත් ක්‍රියා ව්ශේෂ කොට දැක්විම සදහා කුසල යන්න පැහැදිලිවම භාවිත කොට ඇත. ශ්‍රේෂ්ඨතම කුසල තත්ත්වය නමි සියලු චිත්තෝපක්ලෙශයන් දුරු කිරිමෙන් ලබන චිත්ත විමුක්තිය හා පඤ්ඤා විමුක්තිය බව ධර්මයෙහි සදහන් වෙයි. පූඤ්ඤ යන පදයෙන් වැඩි වශයෙන් ම අදහස් කොට අත්තේ සංසාරිය ජීවිතයෙහි ඉන්ද්‍රීය බද්ධ සැපයට හේතු වන සත් ක්‍රියාවන් ය. එහෙත් නිර්වාණ අවබොෙබාධය කළ උත්තමයා සියලු මාමයන් බිදලන ලද බැවින් ඔහු පූණ්‍ය අවස්ථාව ඉක්ම වුවෙක් වෙයි. කිසිදු පුණ්‍ය හෝ පාප ක්‍රියාවක ප්‍රතිවිපාක සදහා නිර්වාණයෙහි අවකාශ නැත. සත්‍යාවබෝධ කළ උත්තමයා පින් - පව් යන දෙකම ප්‍රහීන කළ අයෙකි. (පූඤ්ඤ පාප පහීනස්ස )ඔහු තව දුරටත් කුසල ධර්මයන්ගේ ප්‍රතිමූර්තියක් වෙයි.
පූඤ්ඤ හෙවත් පින් ප්‍රහීන කළ යුතු දෙයක් වන අතර කුසලය වැඩිය යුතු ගුණයක් වෙයි. බුදු රජාණන් වහන්සේ පිළිබදව සදහන් වන තන්හි වුවද උන්වහන්සේ දුරු කළ යුතු අකුසල පාප ධර්මයන් දුරැ කළ , වැඩිය යුතු නේකවිධ කුසල ධර්මයන්හි පරප්රාප්තියට පත් වු උත්තමයකු ලෙස දැක්වෙයි. සදාචාරාත්මක වශයෙන් සාධු ධර්මයන් අත් කොට ගත් බැවින්ම උන් වහන්සේ පූජාර්භ වු සේක. උන් වහන්සේ වැඩිය යුතු දෑ වැඩු , දුරු කළ යුතු දෑ දුරු කළ උත්තමයානන් වහන්සේ ය.
අභිඤෙඤය්‍යං අභිඤ්ඤාතං
භවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තසමා බූද්ධොස්මි බ්‍රාහ්මණ
(සුත්ත නිපාත සේල සුත්‍රය)
මේ අන්දමට විමසා බලන විට පෙනි යන්නේ බුදු දහමෙහි කුසලය හා පූඤ්ඤ යන පදයන් යොදා ඇත්තේ එකිනෙකට සුවිශේෂි අර්ථයන්ගෙන් බව පැහැදිලි ය. එහෙත් පද චෙකම යෙදී ඇත්තේ ඇගයීමි අර්ථයෙන් බව පැහැදිලි ය. කුසලයන්හි ප්‍රධාන ලක්ෂණය වන්නේ අයහපත් තත්ත්වයන්ගෙන් වැළකීමයි. විරමණයයි, සාධු ගුණ දියුණු කර ගැනිම යි. පුණ්‍ය ක්‍රියාවල කළ යුතු අංශයක් ඇත. පින් රැසි කිරිමක් වන අතර කුසලය රැස් කිරිමක් නොවේ. පින් සසර සැපතට හෙතු වන අතර කුසල් සසරින් එතෙර වීමට උපකාරි වෙයි. රහතන් වහන්සේ පින් හෝ පව් නොකරන සේක. එහෙත් උන් වහන්සේ කුසලයෙන් යුක්ත වන සේක. උන්වහන්සේ විසින් කරනු ලබන වත් පිළිවෙත් ආදිය ක්‍රියා මාත්‍රම වේ.
කුසලාකුසල විනිශ්චයේ ප්‍රමාණ (නිර්ණායක)
බුදු සමයේ (හොද නරක) කුසලාකුසල විනිශ්චය සදහා විවිධ පුමාණ භාවිත කොට ඇති බව පාළි සුත්‍ර ඇසුරෙන් පැහැදිලි වෙයි. ඒ අතර ප්‍රකට ව පෙනෙන එක් නිර්ණායකයක් නමි චේතනා විගායයි ලෝභ , ද්වේශ ,මෝහ අකුසල මූල ලෙස හදුන්වන අතර එවැනි චේතනා මුල්ව කෙරෙන ක්‍රියා අකුසල් ලෙස හදුන්වයි. කුසල කර්මයට මූලික වන්නේ මේවායෙ විරුද්ධ පැත්තයි . අලොභ, අදොෂ, අමෝහ යන තුන කුසල මූල වෙයි. මේවා නිශෙධ පද මගින් දක්වා ඇතත් , ඒවායින් ධ්වනිත ව්න්නේ පරිත්‍යාගය , මෛත්‍රිය හා ප්‍රඥාව වර්ධනය කිරිම පිළිබද උතුමි චරණයයි. එවැනි චේතනා මුල් ව සිදු කරෙන ක්‍රියා කුසල් හැටියට ඉගැන්වේ.
චේතනාවට මුල්තැන දි කුසලාකුසල විනිශ්චය කිරිමේදි අනතුරු ප්‍රශ්නයක් පැන නගි. එනමි ලෝභ, දෝෂ, මෝශ හා අලෝභ , අදොෂ, අමොහ යන මේවා සමග යෙදෙන චේතනාවන් කුසල් අකුසල් වන්නේ කෙසේ ද? බුදු සමයෙන් ඊට පිළිතුරක් සැපයේ. එනමි විපාකය දෙස බලා විනිශ්චය කිරිමයි. අලොභ ආදි හොද චේතනා මුල් ව කෙරෙන ක්‍රියාවන්ගෙන් හොද විපාක (සුඛුද්රයං සුඛ විපාකං) සැලසෙන් අතර ලොභ ආදි නරක චේතනාවන් මුල් ව සිදු කෙෙරන ක්‍රියාවන්ගෙන් නරක විපාකය ( දුඛුද්රයං දුඛ විපාකං ) ගෙන දීමට හේතු වන බව බුදු සමය පෙන් වා දෙයි. කිලිටි සිතින් යමක් කරයිද කියයිද ඒ හේතුවෙන් හට ගත් දුක් ඒ පුද්ගලයා ලුහුබැද යයි. ගැල අදින්නාවු ගොනුගේ පසු පස යන කරත්ත රෝදය මෙනි. ප්‍රසන්න වු සිතින් යමක් කරයි හෝ කියයි නමි ඒ හේතුවෙන් හට ගත සැපය ඒ පුද්ගලයා අනුව යයි. ශරීරය හැර වොයන සෙවැනැල්ල මෙනි.
විපාකය අනුව කුසල අකුසල විභාග කිරිමේ ක්‍රමය අනුව සචේතනික මිනිස් ක්‍රියාවන්ගේ සංකීරත්වය සලකා ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදා දක්වා ඇත.
i. කළු විපාක දෙන කළු කර්ම
ii. සුදු විපාක දෙන සුදු කර්ම
iii. කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම
iv. කළුත් නොවු සුදුත් නොවු විපාක දෙන නොකළු නොසුදු කර්මක්ෂය පිනිස පවතින කර්ම වශයෙනි.
මෙසේ (කණ්හ) කළු (සුක්ඛ) සුදු යන වර්ණ සංකේත කර කර ගනිමින් කර්ම විභාගය දක්වන බුදුරජාණන් වහන්සේ කළුයනුවෙන් අනිටු විපාක දෙන අකුසල කර්ම ද සුදු යනුවෙන් ඉෂ්ට විපාක දෙන කුසල කර්මද දක්වා ඇත. කුසල අකුසල දෙපසටම නොවැටෙන කර්ම නොසුදු නොකළු කර්ම ලෙස දක්වා ඇත.
විපාකය පදනමි කොට ගෙන කර්මය විභාග කොට දක්වන තවත් අවස්ථාවක් ධම්මපදයෙහි එන ගාථාවක මෙසේ දැක්වෙයි.
න කතං කමිමං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං
විපාකං පටිසේවති
“යම් ක්‍රියාවක් කොට පසුතැවිලි වන්නට සිදු වෙයි නමි කදුළු පිරුණු මුහුනින් යුතුව හඩා වැළපෙමින් විපාක විදින්නට සිදු වෙයි වමි එබදු කර්ම නොකිරිම හොදය. ”
න ච කමිමං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසේවති.......”
“යම් ක්‍රියාවක් කිරිමෙන් අනතුරුව පසු තැවිලි වන්නට සිදු නොවන ප්‍රීතීමත්ව සොමිනසින් යුතුව විපාක විදින්නට සිදු වන ක්‍රියාවන් කිරිම මැනවි.........’’
වෙනත් වචන වලින් දක්වතොත් මෙහි (ප්‍රියංකර) ඉෂ්ට විපාක ලබා දෙන්නේ කුසල කර්ම වන අතර , අනිෂ්ට විපාක ලබා දෙන්නේ අකුසල කර්ම වෙයි.
ප්‍රායෝගික පදනමක්
කුසලාකුසල විනිශ්චය කිරිම නිර්ණායක තුනක් පිළිබදව මජ්ඣිම නිකායේ අමිබලටිඨීක රාහුලෝවාද සුත්‍රයේ දක්නට ලැබෙයි . එහි එන පරිදි කුඩා රාහුල තෙරණුවන් අමතන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
“රාහුලය, ඔබ කුමක් සිතන්නෙහි ද? ”
“කැඩපතෙහි ඇති ප්‍රයෝජනය කුමක් ද?”
“ප්රත්යවේක්ඛණයට යි ස්වාමීනි .......... ”
“ඒ අයුරින් ම ඔබ සෑම ක්‍රියාවක් කරන විටම සෑම සිතිවිල්ලක් සිතන විටම ප්රත්යාවේක්ෂණය කළ යුතු ය. ඔබට යමක් කරන්නට වුවමනා විට එය තමන්ගේ හෝ අනුන්ගේ හෝ උභය පක්ෂයේම විපතට හේතුවේද? දුක ඇති බවට පෙරළන සාවද්‍ය ක්‍රියාවන් හෝ අකුසලය වීද යනුවෙන් ප්රත්යවේක්ෂණය කළ යුතු ය. ප්රත්යවේක්ෂණයෙන් එය දුක් පිනිස පවති යයි වැටහේ නමි ඒකාන්තයෙන්ම ඔබ එය නොකල යුතු ය. එහහෙත් ප්රත්යවේක්ෂණයෙන් එය දුක් පිනිස නොව සුව පිනිස පවතී යැයි හැගේ නමි ඩබ එය කළාට වරදක් නැත...... ”
මෙහි දැක්වෙන නිර්ණායක තුන නමි තමා, අන්‍යයා හා උභය පක්ෂය යන තුන් වැදෑරුම් අංශ කෙරෙහි ප්‍රතිළුලය බලපාන අන්දම සලකා බලීම යි.ඒ සමගම එම දේශනාව ඇසුරෙන් අපට නිගමන රැසකට බැස ගත හැකි ය.
(i) කුසල් අකුසල් තීරණය කිරිමේදි ප්රත්යවේක්ෂණය ෙහවත් ඒ මෙහෙත තුලදී ම නැවත නැවත සිතා බැලීම වැදගත් ය.
(ii) කුසල් අකුසල් තීරණය කර යත්තේ ප්‍රතිඵලයට සාපේක්ෂවය. සුව පිනිස වේ නමි එය කුසලයකි. (හොද හැසීරිමකි) දුක් පිනිස වේ නමි එය අකුසලයකි. (නරක හැසීරිමකි.)
(iii) ප්‍රතිඵලය තීරණය කිරිමේදී එය ජන හිතකාමී පරාර්ථ චේතනාවෙන් මෙහෙයවන බව , මින් බැස ගත හැකි තවත් නිගමනයකි. තමාට පමණක් සැප පිණිස හෙවත් යහපත පිණිස විමෙන් පමණක් යමි ක්‍රියාවක් - යහපත් ක්‍රියාවක් හේවත් කුසලයක් නොවේ. කුසලයක් විමට නමි තමා අනුන් යන දෙපක්ෂයේම හිත සුව පිණිස පැවතිය යුතු ය.
(iv) අහිංසාව කුසලායහි ප්රමුඛ ලක්ෂණය වන අතර , හිංසාව අකුසලයේ ප්රමුඛ ලක්ෂණයකි.
බුදු රජාණන් වහන්සේ විසින් ප්රත්යාවේක්ෂණය මුල් කොට ගෙන කුසලාකුසල තීරණය කිරිම සදහා ඉදිරිපත් කොට ඇති මිනුමි කුමය මනෝවිද්‍යාත්මකය. ප්රත්යාවේක්ෂණය මනෝ විද්‍යාවේ එන අන්තරාවලෝකනය නැමැති සංකල්පය හා සමිබන්ධය. අන්තරාවලෝකනය නමි අභ්‍යන්තරයට එබී බැලීමයි. හෘද සාක්ෂියකට එකගව හොද නරක තීරණය කිරිමේ කුමයක් ලෙසද මෙය හැදින් විය හැකි ය.
බුදුරජාණන් වහන්සේ කාලාමරුවන්ට කළ ඉගැන්විමි ද කුසලා කුසල විනිශ්චය පිළිබද බෞද්ධ ආකල්පය පුකට කෙරෙන තවත් අවස්ථාවකි. කුසලය නිර්වචනය කිරිමේදි තථාගතයන් වහන්සේ හා අන්‍ය ශාස්තෘවරුන් හා ආගමි කරතෘ වරුන්ගෙන් වෙන්ස් වන අයුරුද එයින් පැහැදිලි වෙයි.
බුදුරජාණන් වහන්සේ කේසපුත්තනීය කාලාමවරුන් වෙත් වැඩම කර අවස්ථාවේ ඔවුනට පැන නගි ඇති ගැටළුවක් උන්වහන්සේට ඉදිරිපත් කළ හ. එනමි තම ගමට පැමිණෙන විවිධ මහණ බමුණන්ගෙන් හොද නරක විනිශ්චය පිළිබදව එකිනෙකට වෙනස් විසංවාදි උපදෙස් ලැබෙන බැවින් කවරක් හරිද කවරක් නිවැරිදි යැයි විනිශ්චය කර ගැනිම දුෂ්කර වී ඇති බවයි. ඔවුන්ගේ සැකය සාධාරණ බව පැවසු බුදුරජාණන් වහන්සේ හොද - නරක විනිශ්චය පිළි බදව පරත්රන්ත්ර වු මිණුමි දඩු හයක් ම ප්‍රතික්ෂේප කොට ස්වතන්ත්‍ර වු ස්වාදීන වු මින්රමි දණ්ඩක් ඉදිරිපත් කළ හ. කාලාමවරුන් උන්වහන්සේ කළ අනුශාශනාව අනුව කුසලාකුසලා භාවය නිරවද්යා තාවය තීරණය කළ යුත්තේ තමන් මය.
“ඔබට ම මේ කුසල් ය, මෙය අකුසල් ය, මෙය නිවැරිදිය, මෙය පිළි ගත් විට සුශ සිද්ධිය හා සැපත පිණිස පවතී කියා වැටහේ නමි ඔබ එය පිළි ගන්න. ” යනුවෙන් වදාළ හ.
තව දුරටත් කරුණු පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ කාහටත් පොදුවේ පිළිගත හැකි කරුණු මත හොද නරක , කුසල් - අකුසල් විනිශ්චය කරගත යුතු අන්දම පැහැදිලි කළහ.
“කාලාමයෙනි, ඔබ කුමක් සිතන්නෙහිද ? පුරුෂයකුගේ අධ්‍යාත්මය තුළ ලෝභය උපදින්නේ නමි එය ඔහුට හිත පිනිස උපදි ද අහිත පිනි උපදි ද ?
“කාලාමයෙනි, ලෝභී වු පුද්ගලයා ලෝභයෙන් යටපත් වු ලෝභයෙන් සෑම අතින් ම වෙළුනු සිත් ඇති ව ප්‍රාණඝාතයේ යෙදෙයි . සොරකමි කරයි. පරදාර සේවනයෙහි යෙදෙයි. බොරු කියයි. අනුන් ලවා එම ක්‍රියා කිරිමට අනුබල දෙයි. එය දිගු කල් දුක් පිනිස, අහිත පිනිස හේතු වෙයි.
බුදුරජාණන් වහන්සේ කාලාම වරුන්ට කළ මෙම ඉගැන්විම අනුව දහාද නරක කුසලාකුසල වින්ශ්චය කළ යුත්තේ පුද්ගලයාගේ හෘද සාක්ෂියට එකගවය. , එමෙන් ම එම ක්‍රියාවන්ට මුල් වන මානසික ගති ලක්ෂණ සැළකිල්ලට ගැනිමෙන් ය. අකුසල ක්‍රියාවන්ට මුල් වන මානසික ගති ලක්ෂණය වන්නේ ලෝභය, ද්වේශය හා මෝහයයි. මෙම ධර්ම අකුසල් ය. , සාවද්‍ය , නු බුදුරජාණන් වහන්සේ වැණැත්තන් විසින් ගර්භිතය, ප්‍රාණඝාත ආදි අයහපත් අකුසල ධර්ම සිදු වන්නේ මෙම මානසික ලක්ෂණ මුල් විමෙනි. අලොභය, අදොසය, අමෝහය කුසල මූලයන් ය. මෙම මානසික ලක්ෂණ පුද්ගලයා තුළ පහළ විම සිත පිනිස පවතී. ඒවා මුල් විමෙන් සිදු වන ක්‍රියාවන් නිරවද්‍යය, එමෙන් ම ඒ නිරවද්‍ය වු කුසල ධර්මයන් පුද්ගලයාට දඅගු ලකක් හිත පිනිස , සැප පාණිස පවතී. ඒ අනුව එවන් හාත පිනිස , සැප පිණිස පවත්වන ක්‍රියාවන් කුසල් සලසත් , දුක් පිණිස, අහිත පිණිස අනර්ථ පිණිස පවතින ක්‍රියාවන් අකුසල් ලෙසත් බුදු දහම අවධාරණය කරයි.
කුසල් අකුසල් විනිශ්චය පිළිබද බෞද්ධ ක්‍රමය ප්‍රකට කෙරෙන තවත් අවස්ථාවක් නමි මජ්ඣිම නිකායේ බාහිතික සුත්‍රය යි. එහි දැක්වෙන් පරිදි ප්‍රශංසා කටයුතු හා ගර්හා කටයුතු ක්‍රියා වෙන් කොට හදුනා ගැනිමේදි භාවිත කළ යුතු මිනුමි දණ්ඩ කවරේදැයි කොසොල් රජතුමා අනද තෙරණුවන්ගෙන් විමසා ඇත. ඊට පිළිතුරු සපයන අනද තෙරණුවෝ අකුසල චර්යා නමි වධයට හෝ හානියට සමිබන්ධ ගති පැවතුමි (සාවජ්ජ) බව පැහැදිලි කළ හ. එමෙන් ම යමි ක්‍රියාවක් තමන්ටත් අන්‍යයාටත් හානිකර ප්‍රතිඵල ගෙන දේ නමි එය අකුසල් බව පැහැදිලි කළහ. එසේ නොවන ක්‍රියා කුසල් බව එයින් ප්‍රකට වේ.
පරීක්ෂණ ක්‍රම තුනක්
කුසලාකුශල විනිශ්චය දසහා අවශ්‍ය වන තවත් පරීක්ෂණ ක්‍රම තුනක් පිළිබදව අංගුත්තර නිකායේ තික නිපාතයේ එන සුත්‍රයකින් දැක ගත හැකි ය.එනමි,
1. අත්තාධිපත්‍යය ක්‍රමය
2. ලෝකාධිපත්‍යය ක්‍රමය
3. ධම්මාධිපතෙය්‍ය ක්‍රමය
යනුයි.
අත්තාධිපත්‍යය ක්‍රමය ක්‍රමය නමි, ප්රත්යාවේක්ෂණයෙන් හා නුවණින් සිතා තුලනය කිරිමෙන් කුසල් අකුසල් තීරණය කිරිමයි .
පෞද්ගලිකව තොරා බේරා ගැනීමක් නොමැතිව හොද- නරක නිශ්චය කිරිමේ වැදගත්කම මීට පෙර දැක් වු කාලාම සුත්‍රයෙන් ද පැහැදිලි විය.
දෙවැන්න වු ලෝකාධිපත්‍යය නමි, ලෝවැස්සන්ගේ මතය හෙවත් මහජන මතය පිළිගෙන තීරණය කිරිමයි. සම්මත භාවිත රීතීය පිළි ගැනිම මෙයින් අදහස් කෙරේ. සදාචාර ධර්මයක් ලෙස පැහැදිලි කිරිමේ දි මේ ක්‍රමය සැළකිල්ලට ගෙන ඇත. වස් විසිමේ ක්‍රමය නිර්දේශ කිරිමේදි මේ ලෝකාධිපත්‍යය ක්‍රමය අනුගමනය කළ බව පෙනෙයි. තුන් වැන්න වු ධම්මාධිපත්යය නමි වු ධර්මයට අනුව තීරණය කර ගැනිමයි. මෙය සමාජ ධර්මතාවයට අනුකූලය. තථාගතයන් වහන්සේ විසින් ද මැනැවැයි පසසන ලද්දේ ය, ආදි වශයෙන් සිතා බලා පිළිගැනිම මෙයින් අදහස් කෙරේ. (හොද -නරක) කුසලාකුශල විනිශ්චය කිරිමේ ගැටළුවකට මුහුණපෑ විට මේ පරීක්ෂණ ක්‍රම තුන මගින් ම ගැටළුව අත්හදා බැලිය හැකි ය. පරීක්ෂණ ක්‍රම තුනෙන් ම එකම පිළිතුර ලැබේ නමි තීරණය ඉතාම නිවැරිදි ය.
තමා උපමාවට ගෙන හොද - නරක , කළයුතු - නොකළයුතු දේ තීරණය කිරිමේ ක්‍රමයක් ගැන වේළුදවාර සුත්‍රයේ සදහන් වෙයි. අත්තුපනායික ධර්ම පරියාය ක්‍රමය ලෙස ද එය හැදින් වෙයි.
“මම බොහෝ කල් ජීවත් වෙනු කැමැත්තෙමී. සුව පහසු විදින කැමැත්තෙමී.බොහෝ කල් නොමැරී සැප විදිමින් ජීවත් විමට කැමැතිය. එමෙන් ම දුක් පිළිකුල් කරන අනෙකුකුගේ ජීවිතය මවි විසින් තොර කෙරේ නමි එය ඔහුට අප්‍රිය අමනාප වන්නේය. යම් ධර්ම ස්වභාවයක් මට ද අන්‍යයන්ටද අප්‍රිය අමනාප වේ නමි කෙසේ මම අනිකකු එබදු දෙයක යොදවන්නෙමී දැයි නුවණින් සලකා තෙමේ ද පණිවායෙන් (ප්‍රාණඝාතයෙන් ) වැලකෙයි. අන්‍යයන් ද පණිවායෙන් වැළකීමේ යොදවයි. පණිවායෙන් වෙන් විමේ ගුණ වර්ණනා කරයි. ”
මෙසේ කල්පනා කොට යම් කෙනෙකු එම හැසිරිම් සකස් කොට ගන්නේ නමි එය තමා උපමා කොට ගෙන හොද නරක විනිශ්චය කිරිමයි. අන්‍යයන් කෙරෙහි හොද හැසිරීමි ඇති කර ගැනිමේ ක්‍රමයක් ලෙස මෙය හැදින් විය හැකි ය.
“මහණෙනි, මෙසේ තමා ගැන අනුමාණ කළ යුතු ය. යම් පුද්ගලයෙක් පවිටු වුයේ නමි පාපි සිතුවිලිවලට වසග වුයේ නමි එම පුද්ගලයා මට අප්‍රිය ය.මම ද පාපීවුයේ නමි පාපී සිතුවිලි වලට වසග වුයේ නමි අනෙක් පුද්ගලයින් ට මාද අප්‍රිය වේ. අමනාප වේ.”
මෙසේ අනෙක් පුද්ගලයින්ගේ ක්‍රියා තමන්ට ප්‍රියා මනාප නොවන බව කල්පනකා කොට එබදු ක්‍රියා කළ හොත් තමන් ද අනුන්ට අප්‍රිය වන්නේ යයි සිත (අකුසලයන්ගේ) නරක හැසිරිමිවලින් වැළකීම අන් පුද්ගලයන්ගේ ආකල්ප තුළින් තමන් ගැන අනුමාන කිරිමේ ක්‍රමය ලෙස හැදින් විය හැකි ය.
පොදුවේ සලකන විට බෞද්ධ ආචාර විද්යාවේහි කුසලාකුසල හෙවත් හොද නරක විනිශ්චය කිරිමේ ප්‍රාමාණීක මූල ධර්මය හැටියට පෙනී යන්නේ සැප හා දුක මූල් කොට ගැනීම යි. සුඛයපිණිස, හිතපිණිස, පවත්නා කුසල් ලෙසත් , දුක් පිණිස අහිත පිණිස පවත්නා ක්‍රියා අකුසල් ලෙසත් සැළකෙයි. විශේෂයෙන් ම දුකඛ නිරොධයෙන් උදා කර ගත යුතු පරම සැපය වන නිවන අරමුණු කොට ගෙනම කුසලාකුශල විනිශ්චය කරයි. නිර්වාණය වෙත් යොමු කරවන ක්‍රියාවන් කුසල් ය.නිවන් මග අවුරන ක්‍රියාවන් අකුසල් ය. නිවනට තුඩුසදන ක්‍රියා නමි අලෝභය, අද්වේශය, අමෝහය මුල් වී සිදු වන ක්‍රියාවන් ය. ඒවා කුසල් ය. නිවන් මගට පටහැනිව පවත්නා ලෝභ, ද්වේශය, මෝහය අකුසල් ය. මේ අනුව බුදු දහමේ ඉගැන්වෙන පරම සැපය වන පරම නිෂ්ඨාව වන නිර්වාණය අරමූණු නකාට ගෙන කුසලාකුශල විනිශ්චය කරන බව ද අවසන් වශයෙන් සදහන් කළ හැකි ය.