සංයුත්ත නිකාය(Part 6) of Buddha Jayanthi Tipitaka Series
සංයුත්ත නිකායේ සච්ච සූත්‍රයේ චතුර්ථ (4) වෙනි ආමකධඤ්ඤ පෙය්යාල වර්ගයට අයත් උක්කෝටනාදි සූත්‍රයේ සමාජයේ අද බහුල වශයෙන් පවතින විෂමාචාර ක්‍රියාවක් එදා බුදු නුවණින් දුටු අයුරු කදිමය.
අල්ලස් ගැනීම, මුළා කිරීම, රැවටීම යන වංචාවෙන් වෙන් වූවෝ අල්ප වෙති. අල්ලස් ගැනීම් ආදියේ නිරතවූවෝ ම බහුල වෙති යයි එම සූත්‍රයේ සඳහන් වේ.
සිඳීම්, වධදීම්, බැඳීම්, පැහැර ගැනීම්, සාහසික සහ බලහත්කාරකමින් වෙන් වූවෝ ඉතා ස්වල්පයක් වෙති. එවැනි දෑ වලින් වෙන් නොමවූවෝ බහුල වෙති යයි ඡේදනාදි සූත්‍රයේ සඳහන් වේ.
සංයුත්ත නිකායේ පංචගති පෙය්යාල වර්ගයට අයත් කෙටි සූත්‍ර ගණනාවක අඩංගු කෙටි දහම පණිවුඩ ද අද සමාජයේ යථාර්ථය පිළිබිඹු කරන කරුණුවලින් යුක්ත බව පිළිගත හැකිය.
එහි මනුස්සචුති සංයුක්තයේ සඳහන් වන්නේ මිනිසුන් අතරින් චුත වී මිනිසුන් අතර උපදින සත්වයෝ ඉතා ස්වල්පයක් සිටින බවකි.
මිනිසුන් අතර ඉපිද නිරයේ උපදින තිරිසනුන්ව උපදින, ප්‍රේත විෂයෙහි උපදින සත්වයෝම බහුල වෙති.
තිරිසන් ලොවෙන් චුතව, ප්‍රේත ලෝකයෙන් චුතව, මිනිස් ලොව උපදින සත්වයෝද අල්ප වෙත් යයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
සංයුත්ත නිකායේ සච්ච සංයුත්තිය වටා ගොනු වූ දහම් කරුනු සැබෑ සත්‍යය ලොවට හෙළිකිරීමට අප්‍රමාදව උත්සාහ කළ පුද්ගලයන්ගෙන් තොරතුරුවලින් අනූන බව ද සිහිපත් කළ යුතුය.