පුෂ්ප වග්ගය
44. කෝ ඉමං පඨවිං විවෙස්සති
යමලෝකං ච ඉමං සදේවකං ? කෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්ඵම්ව පචෙස්සති ? සිංහල තේරුම : කවරෙක් මේ ආත්ම භාවය නම් වු පොළවත් , සතර අපායත්, සදෙව් ලොවත් , මිනිස් ලොවත් තමාගේ නුවණින් දැක ගනීද ? කවරෙක්, දක්ෂ මල්මාලා ගොතන්නකු තෝර තෝරා නොයෙල් මල් එක්රැස් කරන්නක් මෙන් බුදුපියාණන් විසින් දේශනා කරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් විමසා දන ගනීද ? |
45. සෙඛො පඨවිං විජෙස්සති
යමලොකඤ්ච ඉමං සදෙවකං සෙඛො ධම්මපදං සුදෙසිතං කුසලො පුප්ඵ මිව පචෙස්සති සිංහල තේරුම : (නිවනට නැඹුරුවු) සේඛ පුද්ගල තෙමේ මේ අත්බවය නමැති පොළවත් , සතර අපායත් , සදෙව් ලොවත්, මේ මිනිස් ලොවත් තමාගේ නුව ණින් දන ගන්නේය. දක්ෂ මල්මාලා ගොතන්නකු තෝර තෝරා නොයෙක් මල් එක්රැස් කරන්නා සේ , ඒ සේඛ පුද්ගලයා බුදුපියාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මන කොට විමසා දැන ගන්නේය. |
46. ඵේණුපමං කායම්මං විදිත්වා
මරීචිධම්මං අභිසම්බභිධානෝ ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි අදස්සනං මච්චුරාජස්ස ගච්චේ සිංහල තේරුම : අපේ මේ ශරීරය පෙණ පිඬක් වැනියි දැනගෙන , මිරිගුවක් බදු යි වටහාගෙන,කෙලෙස් නමැති මාරයාගේ පැවැත්මට හේතු වු අකුසල් සහමුලින්ම සිද දමා කෙළෙසුන් දුරු කල උතුමා (රහතන් වහන්සේ) මාරයාට කිසිදා ලංවිය නොහැකි නිවනට යන්නේය. |