Pujawaliya (පූජාවලිය)
පූජාවලිය-නිග්‍රොධාරාම පූජා කථා
තව ද අප බුදුන් බන්ධු සමාගමයෙහි දී ලද නීග්රො ධාරාම පූජා නම් කවරයත්:ත්‍රි ඟුවන චූඩාමාණික්යත වූ මාගේ බුදුරජාණන් වහන්සේ මෙසේ රජගහා නුවර වෙළුවන නම් ආරාමයෙහි ලෝවැඩ සාධා වසන කල ශුද්ධෝදන රජ්ජුරුවෝ ‘මාගේ පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ ලොවුතුරා බුදුවූ ල, ධම්සක් දෙසූ ල, දැන් රජගහා නුවර බිම්සර රජහුගේ වේළුවනාරාමයෙහි වෙසෙත් ල, තව දක්වාත් තමන් මා ඇස දක්වා නො පියති, ඉතා තදවූ කෙනෙක. ම පුතණුවෝ’යි කියා එක් ළදරු අමාත්යගයකු කැඳවා දහසක් ඇමැතියන් ඕහට පාවා දී “තෝ සුදු පිළි හැඳ මඟුල්වෙස් ගෙනම පුතණුවන් කරා වේළුවනයට ගොස් නුඹවහන්සේගේ පියාණෝ ශුද්ධොදන රජ්ජුරුවෝ නුඹවහන්සේ කැඳවා එවුදෑ ය, තමන්සේ වූ දැඩි කෙනෙක් නැත, මට සොරා නො කියා ම ගොස් මහණව ගියෝය, සහවුරුද්දක් මුළුල්ලෙහි එක දවසෙක ත් මා ඇස පෙනී නො ගියෝය, දැන් බුදුවලා ත් නිවන් අමා යයි යන දෙයක් ලෝවැසියන්ට බෙදාදෙතියි ඇසිම්, තමන් වැදු මෑණියන් පියාණන් බඩදළයෙන් වෙවුල වෙවුලා සිටිය දී සෙසු සත්ත්වයන් කවා පොවා පින්කොට ඇවිදිනා කෙනෙක් මෙලොව තමන්මුත් අනික් කිසි කෙනෙකුත් නැත, මම තමන් වැදු පියාණ කෙනෙක් විමි නම් තුමූ මාගේ පුතණු කෙනෙක් වූ නම් වහා මා කරා අවුදින් ඒ දහම් අමා මට ත් දෙන්නේය, බොහෝ දෙනා අතින් අසා තමන්ගේ දහම් අමාවට මා මහත් තෘෂ්ණා අති පරිදි කියාල’යි උගන්වා ලා දහසක්දෙනා හා සමඟ ඒ අමාත්යහයා බුදුන් කරා යවූහ.
ඒ ඇමැති දහසක් දෙනා පිරිවරා සැට යොදුන් මඟ ගෙවා රජ ගහා නුවරට ගොස් වේළුවනාරාමයෙහි මහ පිරිස් පිරිවරා ගුවන් සඳක් සේ වැඩහිඳ ධර්මදෙශනා කොට වදාරන බුදුන් දැක රජහු ගේ මෙහෙවර අසුන් තබා මා බණ අසාගත මැනවැයි සිතා පිරිස් කෙළවර සිට බණ අසා සපිරිවරින් රහත්ව එහි භික්ෂු භාවයෙන් මහණ වී ය. රජ්ජුරුවන්ට අසුන් මාත්‍ර ය කු ත් කියා යවන කෙනෙක් නැත.
රජ්ජුරුවෝ මෙඝකාලයක් ප්‍රා ර්ථනා කරන්නාවූ මයුර රාජයකු සේ සර්වඥ නමැති මහා මෙඝ ය කවර කලෙක දකිම් දෝ හෝ යි ප්රාතර්ථනා කරන්නාහු පෙරමඟ බල බලා විඩාව; නැවත අනික් අමාත්යායකු කැඳවා දහසක් පුරුෂයන් හා සමඟ මඟුල් වෙස් ගන්වා පෙර සේ ම උගන්වා යවුවාහු ය, ඒ අමාත්ය්යා ද බණ අසා රහත්ව සපිරිවරින් එහි භික්ෂුභාවයෙන් ම මහණ වි ය. මෙසේ රජ්ජුරුවෝ ගිය ගිය වුන් ම පෙරලා නො එන හෙයින් නව වාරයෙක නව මහා ආමාත්‍ය යකු නවදහසක් පිරිස් දී පෙර සේම යවුවාහු ය. ගිය ගිය ඇමැතියෝ සහ පිරිවරින් රහත් ව එහි භික්ෂුභාවයෙන් ම මහණ ව අසුන් තබා සසුන් වැද සුව විදිති. එසේ හෙයින් රජ්ජුරුවන් කියා යවන පවත් බුදුන්ට දන්වන එක කෙනෙකුත් නැත.
තව ද ශුද්ධොදන රජ්ජුරුවෝ සක් රුවනක් පතන සක්විති රජකු සේ...තව ද ශුද්ධොදන රජ්ජුරුවෝ සක් රුවනක් පතන සක්විති රජකු සේ බුදුන් දැකුම් පත පතා පෙරමඟ බල බලා විඩාව; නැවත බුදුන් හා එකදා උපන් කාළුදායි නම් අගමැතියාණන් කැඳවාලා ‘පුත කාළුදායිනි! තොප හා එකදා උපන් එක කෙළි මඬලෙහි වැඩි තොප හා ඉතා යහළු වූ ම පුතණුවන් සිද්ධාර්ථ කුමාරයන් කැඳවා දහස් දහස් ඇමැතියන්දි නව වාරයෙක නව මහා අමාත්යදයකු යවමි, මේ නව දහසක් දුතයන් අතුරෙන් ම පුතණුවන් ගෙනෙන්නා තබා එක කෙනෙකුන් අසුන් පමණක් කියා එන කෙනෙක් නැත; තෙපි ද දහසක් දෙනා හා සමඟ මඟුල් වෙසින් ගොස් ම පුතණුවන් මා ඇස දක්වා ලිය හෙවුදැ’යි විචාළාහුය.
කාළුදායීහි කියන්නෝ: මම ගියෙම් නම් නුඹ පුතණුවන් ඇස දක්වාලමි, බල එකෙක් ඇත: බුදුන් දුටු විටම බුදුන්කෙරේ මහණ වෙමි, මහණ වන්ට අවසර ලදිම් නම් දැන්ම යෙමි යි කිවු ය.
රජ්ජුරුවෝ කියන්නාහු: පුත තෙප මහණ ව වේව යි මහණ නොව වේව යි මපුතණුවන් මා ඇස දක්වාපු නම් මට නො කළ උපකාරයක් නැතැයි කීහ.
ඉක්බිත්තෙන් ඒ කාළුදායි නම් ආමාත්යකයාණෝ රජ්ජුරුවන් වැඳ සමු ගෙන දහසක් ඇමැතියන් ගෙන සුදු පිළි හැඳ සුදු මල් පැලඳ සුදු විලවුන් ගෙන ශුද්ධ ටවූ බුදුන් කරා මෙසේ ශුද්ධවූ මඟුල් වෙසින් ගොස් පිරිස් කෙළවර සිට බණ අසා රහත් ව එහි භික්ෂුභාවයෙන් මහණ වූහ.
මෙසේ මහණ ව ඒ කාළුදායි නම් මහතෙරුන් වහන්සේ මහණ වූ සත් අට දවස් ගිය කල මැදින්දින මස මැදිපොහොය සම්ප්රා්ප්ත වි ය; සියලු හෙමන්ත කාලය ඉක්ම ගිය, වසන්ත කාලය සම්ප්රානප්ත වි ය; හැම භූමිමණ්ඩලය නිල් හීතණයෙන් ගැවසී සිටගත: සියලු වනළැහැබ් නන්මල්පෙළින් සැදී විසිතුරුව සිටගත; බුදුන් නෑයන් කරා කිඹුල්වත් පුරයට වඩනා කලැ යි සිතාලා එදා බුදුන් කරා ගොසින් වැඳ බුදුන් අභිමුඛයෙහි ඇඳිලි බැඳ ආදරයෙන් සිට මෙසේ දන්වන සේක:
අඩ්ගාරානො ‘දානි දුමා හදන්තෙ-එලෙසිනො ඡදනං විප්පහාය,
තෙ අච්චිමන්තො ‘ව පහාසයන්ති-සමයො මහාවීර භගීරථානං.
නාති සීතං නාති උණ්හං-නාතිදුබ්භික්ඛ ධාතකං,
සද්දලා හරිතා භූමි-එස කාලො මහාමුනි-යි.
යන මේ ආදි ගාථා සැටක් බුදුන් අභිමුඛයෙහි සිට විසිතුරු කොට කියා: සවාමිදරු වූ බුදුරජාණෙනි, හෙමන්ත කාල ය දැන් අතික්රාආන්ත වි ය, වසන්ත කාලය සම්ප්රාමප්ත වි ය, අනෙක ප්‍රකාර වූ වෘක්ෂ රාජයෝ තමන් තමන්ගේ පුරාණ පත්‍ර,යන් නුඹවහන්සේ වඩනා මඟ කසළ හරනවුන් සේ පහකළාහු ය; නන් විසිතුරු කුසුමයෙන් පූජාකොට සිටියවුන් වැනියහ; තව ද අභිනව පල්ලවාඬ්කුරයන් හෙතුකොට ගෙන ඒ වෘක්ෂරාජයෝ නුඹවහන්සේට ශිතන්වාරණයට ගිනි අඟුරු කබල් ගෙන සිටිනවුන් වැන්නාහ; නොහොත් නුඹවහන්සේට ලොහිතඬ්ක මානික්ය් රාශියෙන් පූජාකරන්නන් වැනියහ; මාර්ගයෙහි පිටිමංහැර වැටකඩොලු නැතිව නුඹවඩනා මඟ නිරවුල් වි ය; සියලු සතුන්ට රෝ බිය නැත, සියලු ජනයන්ගේ කොටුගෙවල් පිරී ඉතිර තිබෙන සම ය ය, එසේ හෙයින් බත් බුලතින් ද සමෘද්ධ ය, ඉතා ඇලු ත් නැත, ඉතා ගිමු ත් නැත, මෙ තැන පටන් කිඹුල්වත දක්වා සැට යොදුන් මාර්ගයෙහි නුඹ වහන්සේට පූජාවට ඉඳුනිල් මිණි පෝරුවක් තනා අතරතුරෙහි රුවන් ගල් ඔබලූවා සේ උභය භාගයෙහි හටගත්තාවූ නීල තෘණ ජාතීන් අතුරෙහි රතිඳු ගොවුවෝ පෙළ පෙළ දී සිටගත්හ; යනාදීන් මෙසේ මාර්ගය වර්ණනා කළ සේක.
ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ....ඉක්බිත්තෙන් බුදුරජාණන් වහන්සේ: කිමෙක් ද උදායිසථවිරය මධුර සවරයෙන් ගමන් ම වර්ණනා කෙරෙයිනැ යි වදාළසේක. ඒ උදායි මහතෙරුන් වහන්සේ: සවමීනි, නුඹගේ පියාණෝ ශුද්ධොදන රජ්ජුරුවෝ නුඹ වහන්සේගේ මේ බුද්ධ මහිම අසා මේ ධර්ම පුවාහ ය අසා, මේ නිවන් අසා නුඹ වහන්සේ දැක තුමූ ද ශ්‍රී විඳුනා ලොහයෙන් මා ඇතුලු ව දසදහසක් අමාත්යදයන් දශ වාරයෙක නුඹවහන්සේ කරා දූත මෙහෙවර එවා තව දක්වා දැක්ක නොහී මඟ බල බලා හිරු උදය ප්රාාර්ථනා කරන පියුම්විලක් සේ, නුඹ වහන්සේගේ දැක්ම ප්‍රා ර්ථනා කොට කොටම හිඳිති, තව ද නුඹ වහන්සේගේ මවු පිය දෙපක්ෂයෙහි බන්ධු සමූහයෝ ද සදරස් පතන කෞමද සමූහයක් සේ නුඹ වහන්සේගේ පිය මහ රජ්ජුරුවන් ආදි වූ බන්ධ සමූහයාට අනුග්රාේහ කොට වැඩ වදාළ මනා කල් වේදැයි වදාළ සේක.
එවේලෙහි සවාමිදරුවෝ පූර්ව බුද්ධවරයන් බන්ධුන්ධ සංග්‍ර හ කළා වූ කාල ය මේ ය යි දැන ‘මාගේ බුද්ධවංශ චාරිත්‍ර ය කෙරෙමි’යි සිතා ‘මැනව! උදායිය, බන්ධුසංග්රදහයට යෙමි, භික්‍ෂුගණයාට තෝ ම ගොස් කියා දැන් ම රැස් කරව’යි වදාළ සේක. තෙරුන් වහන්සේ බුදුන් වදාළ බස් මුදුනෙන් පිළිගෙන එ කෙණෙහි ම ගොස් එ පවත් භික්‍ෂුගණයාට සැලකළ සේක.
එ වේලෙහි අඟු-මගධ දෙරටින් මහණ වූ දස දහසක් රහතන් වහන්සේ ය, කිඹුල්වත් සිට රජ්ජුරුවන්ගේ මෙහෙවරට අවුදින් මහණ වූ දස දහසක් රහතන් වහන්සේ ය යි මෙසේ විසිදහසක් රහතන් වහන්සේ, මණි කවචයෙන් සන්නද්ධ වූ ගඳැ ‘ත් පොව්වන් සේ, සුපිපි රත් පියුම් වනයක් සේ ‘අපි බුදුරජාණන්ට දරුවැ නිකම් පිළියෙන් සිවුරු වළඳුමෝදැ’යි ආකාශයට අත් පොවා සඳ වලාපටලයන් ඇදගෙන හැඳ පෙර ව ගන්නා සේ ශොභා සම්පන්න වූ සූරක්ත වූ පාංශුකූල චීවරයන් ධරාගෙන අවුත් බුදුරජාණන් පිරිවරා සිට ගත්හ.
එ කෙණෙහි සවාමි සරුවෝ දුරුතුමස පටන් මැදින් දින මස දක්වා දෙමසක් මුළුල්ලෙහි ප්රතබන්ධයෙන් වාසය කළාවූ ඒ වෙළුවනාරාමයෙන් එම මස මැදි පොහෝදා ඒ විසිදහස් රහතන් පිරිවරා වැඩ කිඹුල්වත පටන් රජගහා නුවර සැට යොදුන් පමණ මාර්ගය සැට දවසෙකින් යෙමි යි සිතා දවස දවස යොදනක් තැන් බැගින් වඩනාසේක, ගම ගම දී ම මහත් වූ ධර්මදෙශනාවන් කොට බොහෝ සතුන් නිවන් දක්ව දක්වා ම වඩනාසේක.
එ කල උදායි නම් මහතෙරුන් වහන්සේ ....එ කල උදායි නම් මහතෙරුන් වහන්සේ ‘බුදුන් නික්මුණු පරිදි පිය රජ්ජුරුවන්ට කියා සතුටුකරවමි’යි සිතා බුදුන් නික්මුණු දෙවන දා උදාසන ම ආකාශයෙන් වැඩ රජ්ජුරුවන්ගේ ප්රාෙසාදයට බැස සිත ප්රඩසාද කරවා සිටිසේක. රජ්ජුරුවෝ මහතෙරුන් වහන්සේ දැක හඅඳින බුදුන් දුටුවා සේ සතුටුව සිංහාසනයෙහි වඩා හිඳුවා තමන්ට පිසන ලද්දාවූ නොයෙක් රසයෙන් යුක්ත වූ රාජ භොජනයෙන් පාත්රසය පුරා පිළිගැන්වූහ. තෙරුන්වහන්සේ නික්මෙන ආකාර දැක්වූසේක; රජ්ජුරුවෝ ‘පුතණුවන් වහන්ස, මා දැක්ක දී වළදා වදාළ මැනවැ’යි කීහ. එ බසට තෙරුන් වහන්සේ’ බුදුන්කරා ගොස් එකතනකදී වළඳමි’යි වදාළසේක. බුදුහු දැන් කොයි දැයි විචාළාහුය; මහරජ! විසිදහසක් රහතන් පිරිවරා තොප දක්නා නිසා මාගේ ආරාධනියෙන් බුදුහු දැන් වඩමින් සිටිසේක් වේදැ යි වදාළසේක. එ බසට රජ්ජුරුවන්ගේ සියලඟ නවානූදහසක් ලොම් කීල නැඟී කෙළින් සිටගත, රජ්ජුරුවන්ගේ දෙවනුව සතුටු කදුළු පිනිගතු නිලුපුල සේ පිරී සිටගත.
මෙසේ සතුටු වූ සිත් ඇති ව ‘එසේ වී නම් නුඹවහන්සේ මේ බත් ම ගෙයි දී ම වළඳා වදාළ මැනව, යම් දවසෙක මාගේ පුතණුවන් වහන්සේ මෙ නුවරට වඩනාසේක් ද, එ දවස් දක්වා මාගේ ගෙන් ම බත් ගෙන ගිය මැනවැ’යි ආරාධනා කොට තෙරුන්වහන්සේ ඒ බත් වළඳවාලා ඒ පාත්රාය සෝධවා ලා සුවඳ සුන්නෙන් උළා පරිශුද්ධ කොට බුදුන් පෙර ගමැ වසන කල අනුභව කොට පුරුදු අග්රරවූ තුන් හවුරුදු සුවඳ කවා තුබූ සුවඳ හැල්සාලේ බත් හා නොයෙක් සූප ව්ය ඤ්ජන රසයෙන්පාත්ර් ය පුරා: ම පුතණුවන් මා කෙරේ ප්‍රේ ම ඇතෝතින් අනික් දනක් නො වළඳා මා ගෙන් ම යවූ බත් වළඳන්ට වදාළ මැනවැ’යි කියාලා පාත්රබ ය තෙරුන් වහන්සේ අත තබාලූහ.
තෙරුන් වහන්සේ ‘මා මෙ තෙත පටන් ආකාශයෙන් යන නියාව ත්, පාත්ර් ය බුදුන්ට පිළිගන්වන නියාව ත්, බුදුන් ඒ බත් වළඳන නියාවත්, රජ්ජුරුවන්ට පෙනේව”යි අධිෂ්ඨාන කොට ලා හුනස්නෙන් පැනනැඟී සියලු ජනයන් බල බලා සිටිය දි පාත්රන ය ආකාශයට හැරපියා තමන් වහන්සේ නිල භාංග රාජයක්හු පෙරට කොට පියුම් වනයකට ගමන් ගත් රාජහංස ලීලාවෙන් ලීලොපෙත ව වැඩ පාත්ර් ය ගෙන ගොස් පුදුන් ශ්රීව හස්තයෙන් තබාලූසේක; බුදුහු එ බත් ම වළදා වදාළසේක.
මෙ ම ක්රසමයෙන් ම තෙරුන් වහන්සේ රජ්ජුරුවන් පහදවා දවස දවස රජගෙන් බත් පාත්රකයක් බැගින් ගෙනෙන සේක, අනික් බතක් නො වළදා බුදුහු එ බත ම වළදා වදාරන සේක් ම ය; තෙරුන් වහන්සේ ද දවස දවස වළදා අන්තයෙහි රජගෙට ගොස් ‘අද බුදුහු මෙ තෙක් යොදුන් වැඩිසේක, අද බුදුහු මෙ තෙක් යොදුන් වැඩි සේකැ’යි රජ්ජුරුවන්ට හා සියලු රාජකුලයට බුදු ගුණයෙන් යුක්තවූ කථා කියා සූහෙය්ය් ර්ාදය බලන්නාවූ පද්මයන් සේ රාජකුල පද්මයන් සන්තොෂ කරවා පහදවන සේක. ඒ කාරණයෙන් බුදුහු උන්වහන්සේට “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං කුලප්පසාදකානං යදිදං කාළුදායි”යි එතදග්රව පාළි ය වදාරා තමන් වහන්සේගේ ශාසනයෙහි කුල පහදවන්නන් කෙරෙහා ැග්රග වූ තනතුරු දුන්සේක.
මෙසේ සැට දවසෙකින් වැඩ වෙසඟ මැදි පොහෝ දා බුදුන් කිඹුල්වත් නුවැට වැඩි කල.....මෙසේ සැට දවසෙකින් වැඩ වෙසඟ මැදි පොහෝ දා බුදුන් කිඹුල්වත් නුවැට වැඩි කල එක්ලක්ෂ සැට දහසක් කුලෙහි ශාක්ය් රජදරුවෝ ‘අපගේ නෑ උතුමා අද බලම්හ’යි රැස්ව බුදුන් වසන්ට සුදුසු තැන් කවරේ දෝ හෝ යි පරීක්ෂා කරන්නාහු ‘නිග්රොුධ නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ උයන ඉතා රම්යනය. ඉතා සුදුසු ය, යි සන්ටුහන්කොට එහි කළමනාවූ රාත්රාහසථාන දිවාසථාන චංක්රුමණාදි විහාර කර්මාන්ත නිමවාලා බුදුන්ට පෙර ගමන් කරන්නාහු: සියලු අලංකාරයෙන් හෙබියාවූ සොළොස් හැවිරිදි සිටු කුමරුවන් සරහා සුවඳ මල් දී පන්සියයක් දෙන පලමුකොට පෙරමඟට යවා, දොළොස් හැවිරිදි සිටුකුමරියන් පන්සියයක් සරහා මහනෙල්මල් කලබ් අතට දී දෙවනු ව යවා, බක්බිත්තෙන්පන්සියයක් ශාක්‍ය කුමරුවන් සුවඳ මල් දී මහ පෙරහරින් යවා, සතරවනු ව පන්සියයක් ශාක්යම කුමරියන් සරහා යවා, පස්වනු ව එක්ලක්ෂ සැටදහසක් ශාක්‍යය රජදරුවෝ මහ පෙරහරින් ගොස් මහත් වූ පූජායෙන් සුවඳින් මලින් සුවඳ සුන්නෙන් පුද පූදා බුදුන් වඩා නිග්රොිධාරාමයට ම ගෙන ගියාහු ය.
මෙසේ ස්වාමිදරුවෝ ඒ ආරාමයට වැඩ විසිදහසක් රහතන් පිරිවරා පනවනලද බුද්ධාසන මුදුනෙහි සවනක් රසින් දිලිහි දිලිහී බාලාර්ක මණ්ඩලයක් සේ වැඩහුන්සේක. ඒ ශක්‍යද රජදරුවෝ නම් ස්වභාවයෙන් ම මානිහු ය, මානයෙන් මජනා ලද්දාහු ය; එසේ හෙයින් සිතන්නාහු; “සිද්ධාර්ථ කුමාරයෝනම් තමන් බුදුවූ බවක් මුත් අපගේ බාල මලණුවෝ ය, බෑණනුවෝ ය, පුතණුවෝ ය, මුනුබුරාණෝ ය”යනාදීන් කල්පනා කොට බාල රජකුමරුවන් ළඟට කැඳවා කොඳුරා මෙසේ මෙසේ කියති: “දරුවෙනි, තෙපි අපට පෙරටව සිට සිද්ධාර්ථ කුමාරයන් වැඳලව, අපි කොප හැමට පිටි පසුව ලා නො හඟවා හිඳුම්හ: මුළු දඹදිව රජදරුවෝ ද දැන් උන් වඳිත් ම ය, දෙවියෝ දක්වා ත් වඳිත් ම ය; අපහැම උන් නොවැන්දැ යි සැලව ගියේනම් සිද්ධාර්ථ කුමාරයන් කෙරෙහි ඔහු ඇම සරු මඳ වෙති, එසේ හෙයින් මෙ සොරකම කාට ත් සැල නො කරව”යි උගන්නාලූහ. එ බස් අසා බුදුන්ට බාල වූ රජකුමරුවෝ බුදුන් වැඳලා මාලු නෑයන්ට අවසර නොදී දහස්ගණන් ඉඳගත්හ, ඉක්බිත්තෙන් මාලු නෑයෝ ඔවුන් අසු අස්සේ සැඟවී හිඳගත්තා හු ය.
මෙසේ ඒ ශාක්‍යය නෑයන් තමන් වහන්සේ නො වැඳ උන් වේලෙහි උන්ගේ අදහස් දැන ලා “ මාගේ නෑයෝ තමන් හැම මෝහයෙන් වැඩිමහලු හෙයිනුත්, බුදුබල නොදන්නා හෙයිනුත්, දැන් මා නො වඳනාහු ය; පූර්වයෙහි මා සේ ම සර්ව්ඥවරයෝ නෑයන් අතින් කෙසේ වැඳුම් ගත්තු දෝ හෝ”යි බලා වදාරා ලොවට අදුභූත වූ යමක ප්රාෝතිහාය්ය්රර් දක්වා මුළු ලොව විස්ම ය පත්කොට නෑයන් අතින් නමස්කාර පූජා ලද්දාහු ය යි දැන: ඒ මාගේ වංශයෙහි අනන්තාපය්ය්ාර්න්දත වූ බුදුන් කළාවූ චාරිත්රඅ ය අද මම ද මෙතෙන දී කොට මේ නෑයන් අතින් වැඳුම් ගනිමි යි සිතාලා පීත කසිණ සමාපත්තියට සමවැද ලා මා ඇඟින් නික්මුණු ප්‍ර හාස්කන්ධයෙන් දසදහසක් සක්වළ එකාලොක වේව යි අෂිෂ්ඨාන කොට වදාළ සේක.
එ කෙණෙහි ස්වාමිදරුවන් සිතූ සිත හා සමඟ විදුලිය කළබක් දිවුවා සේ.....එ කෙණෙහි ස්වාමිදරුවන් සිතූ සිත හා සමඟ විදුලිය කළබක් දිවුවා සේ බුද්ධ ශරීරයෙහි අඟලක් සා නෙතින් රස් කඳෙක් දිව සතිස්ලක්ෂ දසදහසක් තුන්සියපනස් යොදුන් වට ඇති සක්වළ ගබ මුළුල්ලෙහි යුගන්ධර පර්වතය සිසාරා දිවන අනන්ත නම් නාගරාජයා සේ තුන්යළක් දිව සක්වළ ගබ අවකාශ නැත්තෙන් අකනිටා බඹ ලොව ගැසී එයින් දසදහසක් සක්වළ මුළුල්ලෙහිද මෙ සෙයින් ම රන්වන් රසින් පුරාගෙන හිරු දහස් සුවහස් නැංගා සේ ඒකාලොක කෙරෙමින් සිටගත, ඒ ශරීර ප්රේභාව ඔබ මොබ දිවන්නා දැක දස දහසක් සක්වළ බදිව්ය බ්රීහ්මයෝ අපගේ බුදුහු අද විශෙෂ වූ ධර්මදෙශනාවක් දෙසත් වනැ’යි සන්තුෂ්ට ව නොයෙක් පූජාභාණ්ඩ ගෙන ඔවුනොවුන් පරයා දිව අවකාශ ය මුළුල්ලෙහි විදාපු සිතියම් කඩක් සේ දිලිහි දිලිහී ගහනව සිටගත්හ.
එ කෙණෙහි ස්වාමිදරුවෝ අවකාශය බලා වදාළසේක. එ වේලෙහි බුදුන්ගේ අභිප්රාදයෙන් දසදහසක් සක්වළ මුළුල්ලෙහි දසදහසක් ටැම් හිඳුවාලූවා සේ දසදහසක් රන්මෙර එක පංක්තීන් සිට ඒ මුදුනෙහි දසදහසක් සක්වළ පූර්වචක්රඑවාටයෙහි පටන් පශ්චිම චක්‍ර වාට ය දක්වා එක්දහස් දෙසිය තුන්කෙළ පන්සාලිස් ලක්ෂයක් යොදුන් දිග රුවන් සක්මනෙක් මැවී ගි ය.
ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මේ රුවන් සක්මන දැක උදය පර්වතයෙන් පැනපැඟී ළහිරුමඬලක් සේ මුහුද රළ පෙළ මැඬ එදාම රෑ ගුවන්කුසට පැන නැඟී සොළොස් කලාවෙන් සම්පූර්ණ චන්ද්රසයාගේ ශොභා තමන් වහන්සේගේ පාදමූලයට හයාගෙන යුගාන්ත වාතයෙහි පවන් වේගයෙන් අහස් කුසට පැනනැඟි ඝන රන් මෙරක් සේ සවනක් රසින් දිලිහි දිලිහී ආකාශයට පැන නැඟි තමන් වහන්සේට අභිමාන කළා වූ නෑයන් ඉස්මුදුනෙහි පිය පස් වගුරුවන්නා සේ ඒ රුවන් සක්මන සක්මන් කරන්ට පටන්ගත් සේක.
එ වේලෙහි “මේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි බ්‍ර හ්මයෝද, දිව්ය්යෝ ද, මනුෂ්යවයෝ ද, පක්ෂිහු ද, දියෙහි වසන සත්තු ද, හැම නරකවල සත්තු ද, ලොකන්තරිකාදි නරකවල දුක් ගන්නා ප්රෙනතයෝ ද,යටත් වසයෙන් මේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි කිහිඹි කුහුඹුවන් දක්වා ත් හැම දෙන ම නො වරදවා මාගේ බුද්ධ ශ්රීහ දකිත්ව”යි අධිෂ්ඨාන කොට වදාළසේක.
එ කෙණෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි සියලු සත්හු බුදුන් සිත් සේ බලන්ට පටන්ගත්හ, හැම සතුන් ඔවුනො’වුන් දකිති, බ්රටහ්මයෝ කුහුඹුවන්ට පෙනෙති, කුහුඹුවෝ බ්රතහ්මයන්ට පෙනෙති, තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි තෙළෙස් ලක්ෂ සැටදහසක් පමණ නරකවල ගිනි නිවිණ, ගිනි පඝා මහ පියුම් පැන නැංග. එ කෙණෙහි ඒ නරකවල දුක් ගන්නා සත්ත්වයෝ හැමදෙන ම දුකින් මිදි සිහිල් වූ ශරීර ලදින් ඒ පියුම් පිටට පැන නැඟි බුදුන් දැක දොහොත් මුදුන්දී “අනේ බුදුරජාණෙනි! තෙලෙ සක්මනින් පහ නොවන්න, හිමියාණෙනි! මේ නරකවල නිවුණු ගිනි දෙ වනුව දැල්විය නො දෙන්න, ස්වාමිනි බොහෝ දවසක් දුක් ගෙන ගැලවී ගියම්හ”යි යනාදීන් බැගෑ තෙපුල් කිය කියා බුදුන් බල බලා සිට ගත්තාහු ය.
එ කල බුදුහු තෙජොකසිණ සමාපත්තියට සමවැද....එ කල බුදුහු තෙජොකසිණ සමාපත්තියට සමවැද දසදහසක් සක්වළ දුමවා සියලඟින් ම ගිනිකඳ හරනට පටන්ගත් සේක, දසදහසක් සක්වළට ම සියලඟින් දියකඳ හරනට පටන්ගත් සේක. දකුණු උරමඬලෙන් නාඹ තල්කඳ සා ගිනිකදෙක් නැඟෙයි, වම් උරමඬලෙන් නාඹ තල්කඳ සා දියකඳෙක් බස්සී, ගිනිකඳ නැඟි නෙතින් දායකදෙක් බස්සී, දියකඳ බටතෙනිත් ගිනිකඳ නැඟෙයි, දකුණු කන්සිදුරෙන් නාඹ තල් කඳ සා ගිනිකඳෙක් නැඟෙයි, වම් කන් සිදුරෙන් නාඹ තල්කඳ සා දියකඳෙක් බස්සී, ගිනිකඳ නැඟිනෙතින් දියකඳ බස්සි, දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු නාසා සිදුරෙන් නාඹ තල්කඳ සා ගිනිකඳෙක් නැඟෙයි. වම් නාසා සිදුරෙන් නාඹ තල්කඳ සා දියකදෙක් බස්සී, ගිනිකඳ නැඟිතෙනින් දියකඳ බස්සී, දියකඳ බට නෙතින් ගිනිකඳ නැගෙයි. දකුණු ඇස්වලින් නාඹ තල්කඳ සා ගිනිකඳෙක් නැඟෙයි, වම් ඇස්වලින් නාඹ තල්කඳ සා දියකදෙක් බස්සී, ගිනිකඳ නැඟි නෙතින් දියකඳ බස්සී, දියකඳ බට තෙනින් ගිනිකඳ නැඟෙයි. දෑත දස ඇඟිල්ලෙන් නාඹ තල්කඳ සා ගිනිකඳ නැඟෙයි, නැවත නාඹ තල්කඳ සා දියකඳ බස්සී, දෙප ය දස ඇඟිලි අගින් ද වෙන් වෙන් ව නාඹ තල්කඳ සා ගිනිකඳ නැඟෙයි, නාඹ තල්කඳ සා දියකඳ බස්සී, අසූසියයක් පමණ සන්ධියෙන් ද නාඹ තල්කඳ සා අසූසියයක් පමණ ගිනිකඳ එකවිට ම නැඟෙයි, නැවත එ ම සන්ධිවලින් අසූසියයක් දියකඳ බස්සී; නවානූ දහසක් රොමකූපයෙන් ද එකවිට ම නාඹ තල්කඳ සා නවානූ දහසක් ගිනිකඳ නැඟෙයි, නරවත ඒ රෝමකූපවලින් නවානූදහසක් දියකඳ බස්සී; නැවත එ ම අසූඅස්සෙහි සියලඟින් හරනා සවනක් එසින් දසදහසක් සක්වළ ඉතිරගෙන යෙයි. ගිනිකඳ හරනා ක්ෂණයෙහි තෙජොකසිණ සමාපත්තියට සම වදනාසේක, දියකඳ හරනා ක්ෂණයෙහි ආපොකසිණ සමාපත්තියට සමවදන්නාසේක. නිල් බුදුරස් හරනා කල නිලකසිණ සමාපත්තියට සම වදනාසේක, රන්වන්රස් හරනාකල පීතකසිණ සමාපත්තියට සම වදනාසේක, සුදු බුදුරස් හරනාකල ඔදාතකසිණ සමාපත්තියට සම වදනාසේක, සෙසු රස් හරනා කල වෙන වෙන සමාපත්තියට සම වදනාසේක, නොයෙක් රස් හරනා කල නොයෙක් සමාපත්තියට එකවිට ම සමවදනාසේක. එ දා බුදුන්ගේ ශ්‍රීල ශරීරයෙන් නික්මුණු දිය කඳින් දසදහසක් සක්වළ මුළුල්ලෙහි අල්ලක් සා ත් නො තෙමුණාවූ බිමෙක් නැත්ම ය. එසේ හෙයින් බුදුන්ගේ ජන්ම ක්ෂෙත්රැයෙහි මහපොළෝවල පස් පවා විමසා බැලුව හොත් ධතු කොට ත් පුද ත් සුදුසු ම ය. එ දා එ දිය තෙමෙනු කැමැත්තන් තෙමයි, නො කැමැත්තන් නො තෙමෙයි. දසදහසක් සක්වළ මුළුල්ලෙහි බම බමා දිවන ගිනිකඳින් මකුළු හූයකට ත් වන හානියෙක් නැත. මෙසේ මාගේ ස්වාමිදරුවෝ මා සේ වූ එක සත්ත්වයකුගේ මුඛයෙන් තබා දහසක් ලක්ෂයක් සත්ත්වයන්ගේ මුඛයෙනුත් කියා නිමවාගත නො හැකි යමකප්රානතිහාය්ය්කර්යෙ න් ලොව විස්මය කොටලා ඒ සක්මන සක්මන් කරන්නාසේක.
එ කෙණෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍ය බුහ්මයෝ සක්මනින් එක ඇළයෙක සේසත් ගෙන සිටගත්හ, දසදහසක් සක්වළ ශක්රකයෝ අනික් භාගයෙහි ජයසක් ගෙන සිටගත්හ, සුයාමයෝ පෙළෙක් මිණිවාමර සලති, සන්තුෂිතයෝ පෙළෙක් මිණිතල්වැට සලති, සෙසු දෙවියෝ මල් වර්ෂා වස්වති; මෙසේ පූජා විඳ මාගේ ස්වාමිදරුවෝ ඒ සක්මන සක්මන් කරනසේක. සක්මන් කරනකල දසදහසක් සක්වළ මුළුල්ලෙහි ඇවිද සක්මන් කරනසේක. හැම සතුන්ට නො වරදවා ම පෙනෙනසේක. බුදුන් සක්මන මහතැයි මහත් ශරීරයක් මවා ගත්තෙත් නැත, තමන් වහන්සේ කුඩාහෙයින් ඒ සක්මනද කුඩාකොට ගත්තෙත් නැත. ඒ මාගේ බුදුන්ගේ අචින්ත්යඩ වූ බුද්ධවිෂයෙක් ම ය, තුඩකම සේ ත් නො කොට බණ ත් වදාරනසේක. මෙසේ මේ දසදහසක් සක්වළ බුදුන්ගේ බුද්ධශ්‍රී.යට ම අවකාශ ය, දසදහසක් සක්වළ සත්වයෝම එක බුදුන්ගේ රූපශ්රීී බලා ප්රාසතිහාය්ය්එර් බලා ඇස් හයාගත නො හෙති.
ඒ අවස්ථාවෙහි දෙවන ඉරක් දෙවන සඳක් නැංගා සේ ...ඒ අවස්ථාවෙහි දෙවන ඉරක් දෙවන සඳක් නැංගා සේ දෙවන කප්රුකක් නැංගා සේ, දෙවන අමාකඳක් නැංගා සේ දෙවන බුදු කෙනෙකුත් මැවූ සේක, දසදහසක් සක්වළ සත්ත්වයෝ ම “කොල! ආදි එක බුදුකෙනෙක, දැන් දෙ බුදුකෙනෙකැ”යි බල බලා සතුටුව සිටිති. එක් බුදුකෙනෙක් වැඩහිඳිනාසේක, එක් බුදුකෙනෙක් සක්මන් කරනා සේක; සක්මන් කරන බුදුහු වැඩ හිඳිනා සේක,වැඩහුන් බුදුහු සක්මන් කරනා සේක; සමහරවිට දෙදෙනා වහන්සේ ම සක්මන් කරන සේක. එක් බුදුකෙනෙක් බස්නාහිර සක්මන් මෝවිට සිට වඩනාසේක, එක් බුදුකෙනෙක් නැඟෙනහිර දසාවේ සක්මන් මෝවිට සිට සිට වඩනාසේක; මැද සක්මන දී ඔවුනොවුන් කරා නකත් තරු දෙකක් සේ පැමිණ ග්රදහ යුද්ධයෙහි විමනින් විමන ගැසි ඉවත් ව කැමැති කැමැති වීථීයෙහි යන ග්රනහවිමන් දෙකක් සේ දෙදනා වහන්සේ ඔවුනොවුන් කරා පැමිණ ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන් දෙදෙන ම ඔවුනොවුන්ට මඟ හැර ඉවත් වන සේක. ඒ දුටුවා වූ දිව්යඔමනුෂ්යැයෝ සාධුකාර දෙති. එ වේලෙහි මවා ගත් බුදුන් විචාරන පැන ලොවුතුරා බුදුහු කියන සේක, ලොවුතුරා බුදුන් විචාරන පැන මැවූ බුදුහු කියන සේක. දෙ බුදුහු ම එක් වැනි උස ඇතිසේක, එක්වැනි මහත ඇති සේක,එක්වැනි වූ ශරීරප්ර භා ඇති සේක, එක්වැනි වූ බ්යාබමප්ර භා ඇති සේක,එකුවැනි වූ ගමන් ඇති සේක, එකුවැනිවූ දෙශනා ඇති සේක, එක්වැනි වූ කටහඩ ඇති සේක, දසදහසක් සක්වළ මුළුල්ලෙහි මෙසේ දෙදෙනා බුද්ධශ්රීඇපානා වේලෙහි මුන්වහන්සේ ලොවුතුරා බුදුහු ය, මුන්වහන්සේ නිර්මිත බුදුහු ය යි දැනගන්නාවූ එක ද දෙවියෙක් බඹෙක් නැත.
මාගේ ස්වාමිදරුවාණන් එකලා වූ බුදුවෙසින් දසදහසක් සක්වළ ම්රසළුල්ලෙහි පළමු ව ප්රානතිහාය්ය්යර් පානා වේලෙහි ඔබගේ බුද්ධශ්රීමයට දසදහසක් ලොව එක යොහොඹු වැලෙක, යෙළ සියයක් යොදුන් ගරුඩරාජයා හිඳගත් වේලෙහි යොහොඹුවැල නො පොහොනා සේ විය, සතර රියන් ගබඩාවකට හිරුමඬල සඳමඬල වැද ගියා සේ බුද්ධශ්‍රී යට ලොකශ්රීම හක විය. මෙසේ හක වූ ලොකයෙහි බුදුහු දෙදෙනකු වහන්සේ ප්රාරතිහාය්ය්වර් පානා වේලෙහි ලොව කුඩා වූ නියා වට ත්, බුදුසුරි බොහෝ වූ නියාවට ත්, උපමාවෙක් මාගේ සිතට නො වැටහේ ම ය; දොළොස් යොදුන් බ්රාහ්මරාජයන් දෙදෙනකු කැටපත් වටක් සා බිමෙක පෙනි ගියා වැන්නැයි කියා ත් නො කියමි.
මෙසේ අද්භූත වූ මෙසේ ආශ්චය්ය්ෙර් වූ, මෙසේ විස්මය වූ, මෙසේ අසදෘශ වූ, මෙසේ අනූපම වූ, මෙසේ අප්රමමාණ වූ, ප්‍රා තිහාය්ය්සර්යෙින් බුඬශ්රීර දක්වා මේ රුවන්සක්මන මෙසේ සක්මන් කරන වේලෙහි ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ රජගහා නුවර ගිජ්ඣකූට නම් පර්වතයෙහි වැඩවසන සේක් බුදුන්ගේ මේ ප්රාඣතිහාය්ය් ර් දැක ඉතා ආශ්චය්ය්ේර් වූ සිත් ඇති ව “මාගේ ස්වාමිදරුවාණෝ අද මුළු ලොවට අද්භූත වූ පෙළහරක් දක්වා වදාරන සේක, මා දැන් උපෙක්ෂාවනු නො යෙදෙයි, මම එතෙනට ගොසින් බුදුන් හා සමඟ කථාවක් කෙරෙමි”යි සිතා තමන් වහන්සේගේ පන්සියයක් රහතන් කැඳවා ඇවැත්ති! බුදුන් කරා යම්හ යි ඔවුන් හා සමඟ ආකාශයට නැඟිලා ‘අද මේ සියලු දසදහසක් සක්වළ බුදුන්ගේ ප්රාැතිහාය්ය් ර් ය බලන සියලු සත්ත්වයෝ ම මා දකිත්ව’යි අධිෂ්ඨාන කොට ලා රුවන් සක්මන බලා නික්මුණු සේක. දසදහසක් සක්වළ සියලු සත්ත්වයෝ සැරියුත් ස්වාමින් වඩනා ශ්රීස දැක “කොල!ආදි එක බුදුකෙනෙක, පසු ව දෙ බුදු කෙනෙක, තවත් බුදුකෙනෙක් එති, තුන් බුදුන්ගේ ශ්රීද බලම්හ”යි කිය කියා සතුටු වෙත්, පස්සෙහි පන්සියයක් දෙනා වහන්සේ වඩනා දැක ‘බුද්දු තුන්දෙනෙක් ම නො වෙති, පන්සියයක් බුද්දු එන්නැ’යි යෙති.
සත්ත්වයන් මෙසේ සිත ව සිත වා මහත් වූ....සත්ත්වයන් මෙසේ සිත ව සිත වා මහත් වූ ප්රාහතිහාය්ය්දර් දක්ව දක්වා පන්සියයක් රහතන් පිරිවරාගෙන අවුදින් රුවන් සක්මන කෙළවරට වැඩ බුදුන් වැඳලා සක්මන් මෝවිට වැටී, අගෙක නඟාලු ප්රුදිපයක් සේ දෝත් මුදුනෙහි තබාගෙන බුදුන්ගේ ශ්රීු මුඛ ය බල බලා වදාරන සේක්:
කීදිසො තෙ මහාවීර-අභිනිහාරො නරුත්තම,
කස්මිං කාලෙ තයා ධීර-පත්ථීතා බොධි මුත්තමා-යි.
යන මේ ගාථාව බොහෝ දිව්යාසේනාව බල බලා සිටිය දී වදාරා: “ස්වාමීනි! ලොවුතුරා බුදුරජාණෙනි! මේ ලොකයෙහි මට වඩා පිනැත්තාවූ සත්ත්වකෙනෙක් නැත. කාරණ කිම ය යත්:
නුඹ වහන්සේ වැනි නිවන් අමා දෙන මෑණි කෙනෙකුන් ලදිමි, නුඹ වහන්සේ වැනි සසර දුකට පිහිට වූ පියාණ කෙනකුන් ලදිමි, නුඹ වහන්සේ වැනි සියල්ල නිමවා දන්නා ගුරු කෙනකුන් ලදිමි, නුඹ වහන්සේ වැනි සඬ්ම්ර් මහානිධානයක් ලදිමි. නුඹ වහන්සේ වැනි ස්වාමිදරු කෙනකුන් ලදිමි, නුඹ වහන්සේ වැනි සිතු සිතු ප්රුශ්න නමැති රුවන් දෙන සිතුමිණ රුවනක් ලදිමි, නුඹ වහන්සේ වැනි කෙලෙස් නමැති දුක් නසන දිව්යි ඖෂධයක් ලදිමි, නුඹවහන්සේ වැනි ලෝ උතුමාණ කෙනකුන්ට අගසවු ව දෙවන තනතුැු ලදිමි, මේ මේ කාරණයෙන් මට වඩා පිනැ’ති කෙනෙක් මේ ලොකයෙහි නැත් ම ය; අද නුඹ වහන්සේගේ මේ බුද්ධශ්රීකයට දසදහසක් ලොව එක පැලක් සේ කුඩා වි ය, නුඹ වහන්සේගේ බුද්ධ ශ්රී් පොහෝ ව ගිය; නුඹ වහන්සේගේ රූප දර්ශනයට දෙවි මිනිසුන්ගේ ඇස් මඳ ව ගිය, රූප ශ්රීි බොහෝ ව ගිය; නුඹ වහන්සේගේ දේශනා ගංගාවට දෙවිමිනිසුන්ගේ කන් තැටි පවා මඳ වි ය, දෙශනා බොහෝ ව ම ගියහ, අද නුඹවහන්සේගේ බුඬාලෙම්බන ප්රීවති නමැති මහා වර්ෂාවට ලෝවැසියන්ගේ සිත් එක ලියද්දක් සේ මඳ ව ගිය. බුද්ධාලම්බන ප්රියති බොහෝ ව ගිය. මෙ බඳුවූ බුඬ ශ්රීග ලැබීමට පෙර කෙසේ වූ බුදුකෙනකුන් දැක කෙසේ වූ ප්රාශර්ථනාවක් කළ සේක් ද, ඒ මට විශෙෂයෙන් වදාළ මැනවැ”යි ආරාධනා කළ සේක.;
එකල මාගේ ස්වාමි දරුවෝ ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ තෙපුල් අසා “අද මේ ස්ථානයෙහි දී බුද්ධවංශ දෙශනාව කෙරෙමි. ඒ දෙශනාවගේ කෙළවර බොහෝ සතුන්ට අධිගම ය වෙයි” සිතා තමන් වහන්සේගේ මුඛ නමැති කරඩුව හැර සැඟවී තුබූ නිධාන වස්තුවක් දක්වා සියලු සතුන්ට බෙදා දෙන්නා සේ බුද්ධවංශ දෙශනාවට පටන්ගත්සේක. කෙසේද යත්:
අසඟ! ශාරිපුත්රදස්ථවිර ය, ගිය දවස සාරාසංඛ්යෙවය කප්ලක්ෂයකින් යට එක් කල්පයෙක....අසඟ! ශාරිපුත්රදස්ථවිර ය, ගිය දවස සාරාසංඛ්යෙවය කප්ලක්ෂයකින් යට එක් කල්පයෙක: තණ්හංකර ය, මෙධංකර ය, සරණංකර ය, දීපංකර ය යි බුද්ධ දිවාකරයෝ සතරදෙනෙක් ගොව පහළවූහ. එයින් අසංඛ්‍ය යක් කප් බුද්ධශුන්යගව ගිය කල එක්කපෙක කොණ්ඩඤ්ඤ නම් බුදුකෙනෙක් උපන්නාහුය. එයින් අසංඛ්යමයක් කප් ගියකල මංගල ය-සුමන ය-රෙවත ය-සොභිත ය යි බුදුහු සතරදෙනෙක් උලන්නාහුය. එයින් අසංඛ්‍ය-යක් කප් ගියකල එක් කල්පයෙක අනොම දස්සී ය-පදුම ය-නාරද ය යි සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහුය, එයින් අසංඛ්යරයක් කප් ගිය කල අපගේ මේ මහා භද්‍ර-කල්පයට ලක්ෂයක් වන කප පියුමතුරා නම් බුදුකෙනෙක් උපන්නාහු ය. ඒ ලක්ෂයක් වන කපින් සැත්තැ දහසක් කප් බුද්ධශුන්යටව ගිය කල මේ කල්පයට තිස් දහසක් වන කප සුමෙධ ය-සුජාත ය යි සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහු ය, එයින් විසිනව අටළොස්වන කප පියදස්සී ය-අත්ථදස්සී ය-ධම්මදස්සී ය යි සර්වඥවරයෝ තුන් දෙනෙක් උපන්නාහු ය. එයින් බුද්ධශුන්යර වූ කප් සූවිස්සක් ගිය කලමෙයටසුවානුවනකප සිඬාර්ථනම් බුදුකෙනෙක් උපන්නාහුය. එයින් බුඬශුන්යප වූ එක් කපක් ගිය කල තිස්සය-ඵුස්ස යයි සර්වඥ වරයෝ දෙදෙනෙක් උපන්නාහුය. එයින් කප් දෙකක් ගිය කල මෙයට එකානුවන කප මහා විපස්සී නම් බුදුකෙනෙක් උපන්නා හු ය. එයින් බුඬශුන්යග වූ කප් පනස් නව දෙනකු ගියකලමෙයට එක්තිස් වන කප සිඛි ය වෙස්සඟු ය යි සර්වඥවරයෝ දෙදෙනෙක් උපන්නාහු ය. මේ මහා භද්‍ර කල්පයෙහි කුකුසඳ ය-කොණා ගමන ය-කාශ්‍යාප ය යි බුදුහු තුන්දෙනෙක් උපන්නාහු ය, දැන් මම සතරවනු ව ගෞතම නම් බුදු විමි, මතු මෛෙත්රදයෙ නම් බුදු කෙනෙකුන් උපසනාහු ය, එසේ හෙයින් මේ කල්පය බුදුන් පස් දෙනකුන්ගෙන් උතුම් වූ හෙයින් භද්රහකල්ප නම් වි ය.
ශාරිපුත්‍ර සථවිර ය, ඒ දීපංකරාදි සියලු සර්වඥවරයෝ ම සොළොසාසංඛ්යග කප්ලක්ෂයක් හෝ පාරමිතා පූරණය කළාහුය, ඒ සියලු සර්වඥවරයෝම කෙළවර වෙස්සන්තරාත්මවන්සමයෙහි මහ පොළොව ගුගුරුවා පුත්රනදාරාදි පරිත්යාොගයෙන් මුළු ලොව විස්මයපත් කළාහුය; ඒ සියලු සර්වඥවරයෝම තුසීපුරෙන් සැව මවුකුස පිළිසිඳ මාසේම ලොවුතුරාබුදුව ලෝවැඩ කළාහු ම ය යි යනාදින් මෙසේ බුඬවංශ දෙශනාව වදාරා තමන් වහන්සේ ඒ ඒ බුදුන් නො වරදවා දැක කළ පින් සම්භාරයෙන් වදාරණ සේක්:
තව ද ශාරිපුත්රරසථවිර ය, මම ඒ දීපංකර නම් බුදුන් සමයෙහි සුමෙධ නම් තාපස ව උෂ්ඨධම්ර්යෙවන් යෙදි ජීවිතයෙන් පූජා කොට මේ බුදුබවට ම ප්‍රා ර්ථනා කෙළෙමි. කොණ්ඩඤ්ඤ නම් බුදුන් සමයෙහි විජිතාවි නම් චක්‍ර වර්ති රජ ව බුදුන්ට තුන් මසක් අසදෘශ මහ දන් දී චක්රරවර්ති රජ ය පුදා මේ බුදුබවට ම ප්‍රා ර්ථනා කෙළෙමි. මංගල නම් බුදුන් සමයෙහි සුරුවි නම් බ්‍රාහ්මණ ව දොළොස් යොදුන් සත් රුවන් මඬුවෙක කෙළ ලක්ෂයක් රහතන් හා සමඟ බුදුන් වඩා හිඳුවා චතුමධුර කිරිපිඬු සත් දවසක් වළඳවා කෙළ ලක්ෂයක් සිවුරුපිරිකරදී මේ බුදුබවටම ප්රාළර්ථනා කෙළෙමි. සුමන නම් බුදුන් සමයෙහි අතුල නම් නාගරාජන් ව කෙළලක්ෂයක් බුදු පාමොක් මහසඟපිරිස් දිව්ය් භොජන වළඳවා දෙකෙළ ලක්ෂයක් දිවසළු පුදා මේ බුදුබවට ම ප්රාාර්ථනා කෙළෙමි. රෙවත නම් බුදුන් සමයෙහි අතිදෙව නම් බ්රාාහ්මණ ව දහසක් වටනා උතුරු සළුවක් පුදා බුදුන් බල බලා සිට විසිතුරු සොලෝ දහසක් බැඳ ස්තුති පූජා කොට මේ බුදුබවට ම ප්රාසර්ථනා කෙළෙමි. සොභිත නම් බුදුන් සමයෙහි සුජාත නම් බමුණු ව බුදුන්ට තුන් මසක් මහ දන් දී මේ බුදු බවට ම ප්රාමර්ථනා කෙළෙමි.
අනොමදස්සී නම් බුදුන් සමයෙහි මහෙශාක්‍ය වූ යක්ෂ රාජන් ව ඉපද සත් දවසක් බුදු පාමොක් මහ සඟ පිරිසට දිව්‍ය භොජන දන් දී මේ බුදුබවටම ප්රාඟර්ථනා කෙළෙමි. පදුම නම් බුදුන් සමයෙහි සිංහ රාජන්ව ඉපද ධ්යාාන සුවයෙන් වැඩ හුන් බුදුන් දැක ප්රීීතීන් තුන් යළක් පැදකුණු කොට තුන් යළක් සිංහ නාදයෙන් පුදා සත් දවසක් ඇස නො මරා බුදුන් බල බලා සිට ඇස් දෙකින් පූජා කොට මේ බුදුබවටම ප්රාලර්ථනා කෙළෙමි. නාරද නම් බුදුන් සමයෙහි උග්රසවූ තාපසව අසූ කෙළක් රහතන් හා සමඟ මා කරා වැඩි බුදුන් දැක සත්දවසක් බුදුපාමොක් මහ සඟ පිරිසට උතුරුකුරු දිවින් දිව්යාකහාර ගෙනවුන් වළඳවා අනර්ඝ වූ රත් සඳුනක් බුදුන්ට පුදා ද මේ බුදුබවට ම ප්‍රා ර්ථනා කෙළෙමි. පියමතුරා නම් බුදුන් සමයෙහි ජටිල නම් මහ රැටි ව බුදු පාමොක් සඟ පිරිසට මහදන් හා සිවුරු පිරිකර දී මේ බුදුබවටම ප්‍රා ර්ථනා කෙළෙමි. සුමෙධ නම් බුදුන් සමයෙහි උත්තරනම් මානවකව අසූකෙළක් ධන එකදා වියදම්කොට දන්දී ඒ බුදුසසුන් වැද මහණ ව මේ බුදු බවට ම ප්රාොර්ථනා කෙළෙමි. සුජාත නම් බුදුන් සමයෙහි සප්තරත්න නම් චක්රීවර්තී රජ ව ඒ සත්රුවන හා සමඟ රජ ය බුදුන්ට පුදා එ දා මහණ ව මේ බුදුබවට ම ප්රාමර්ථනා කෙළෙමි. පියදස්සී නම් බුදුන් සමයෙහි කාශ්යථප නම් ධන මාන වක ව කෙළ ලක්ෂයක් ධන වියදම් කොට සංඝාරාමයක් කරවා බුදුන්ට දන් දී මේ බුදුබවට ම ප්රාටර්ථනා කෙළෙමි.
අත්ථදස්සී නම් බුදුන් සමයෙහි සුසීම නම් තාපස ව.....අත්ථදස්සී නම් බුදුන් සමයෙහි සුසීම නම් තාපස ව බුදුන් අතින් බණ අසා එ කෙණෙහි ම දිවගොස් ශක්රසයාගේ පරසතු ගස සලා පරසතුමල් වර්ෂාවක් වස්වා පරසතු මලින් දිවමල් මඬුවක් මවා පරසතුමල් කුඩයක් ඒ බුදුන් සිරසට පුදා එදා ද මේ බුදුබවට ම ප්රාමර්ථනා කෙළෙමි. ධම්ම දස්සී නම් බුදුන් සමයෙහි ශක්‍ර දෙවෙන්ද්රා ව ඉපද ඒ බුදුන්ට දිවමල් සුවඳින් පූජා කොට මේ බුදුබවට ම ප්රාාර්ථනා කෙළෙමි. සිද්ධාර්ථ නම් බුදුන් සමයෙහි මංගල නම් තාපස ව දඹදිවට සලකුණු වූ සියක් යොදුන් උස දඹගසින් මහ දියකළ සා දඹ ගෙනවුත් නවකෙළ ලක්ෂයක් රහතන් හා සමඟ ඒ බුදුන් දඹ වළඳවා මේ බුදුබවට ම ප්රාහර්ථනා කෙළෙමි. තිස්ස නම් බුදුන් සමයෙහි සුජාත නම් රජ තවුස් ව යොදනක් සා කරඩුවකින් දිවමල් පුදා මහ පියුමක් බුදුන් සිරසට පුදා එ දා ද මේ බුදුබවට ම ප්‍රා ර්ථනා කෙළෙමි. ඵුස්ස නම් බුදුන් සමයෙහි විජිත නම් රජ ව රජය හැර බුදුන් කෙරේ මහණ ව පිටකත්රඵය ගෙවාදැන බුදුසස්නෙහි ධර්මකථිකයන් කෙරෙහි අග්රරව ප්රාතිපත්තීන් බුදුන්ටපූජාකොට මේ බුදුබවටම ප්රාදර්ථනාකෙළෙමි. විපස්සි නම් බුදුන් සමයෙහි අතුල නම් දිව්යැ නාගරාජන් ව සඳමඬලක්සාමඬුවෙකදී සත්දවසක් බුදුන් සඟුන්වළඳවා අනඝ්ර්වූා මිණි පලඟක් පුදා එ දා ද මේ බුදුබවට ම ප්‍රා ර්,නා කෙළෙමි.
සිඛී නම් බුදුන්සමයෙහි අරින්දනම් රජව සත්දවසක් මහදන් දී ඩමඟුලැ’තු සරහා ඇතුඋසට කප්පිය භාණ්ඩ පුදා එදාද මේ බුදුබවටම ප්රාබර්ථනා කෙළෙමි. වෙස්සභු නම් බුදුන්සමයෙහි සුදසුන් නම් රජව දහසක් විහාරකරවා බුදුන්පිළිගන්වා රජසැපතුත් පුදා මහණව තවද තෙළෙස් ධුතංග ප්රිතිපත්තීන් ඒ බුදුන්ටපුදා මේ බුදුබවට ම ප්රාගර්ථනාකෙළෙමි. කකුසඳනම් බුදුන්සමයෙහි ඛෙම නම් රජ ව සතලිස් දහසක් පමණ රහතන් හා සමඟ ඒ බුදුන් පවරා මහදන්දී සතලිස් දහසක් පමණ පාත්‍රා සිවුරු හා අඳුන් ආදි නොයෙක් බෙහෙත් බඩු දන් දී මේ බුදුබවටම ප්‍රා ර්ථනා කෙළෙමි. කොණාගමන නම් බුදුන් සමයෙහි පර්වත නම් නරෙන්ද්රෙ ව වස් තුන්මසක් බුදුන්ට දන් දී බුදු පාමොක් මහ සඟපිරිසට සළු සිවුරු පිරිකර දන් දී අනගි වූ රුවන් මරවැඩි සඟළක් පුදා එදා ද මේ බුදුබවට ම ප්රාඅර්ථනා කෙළෙමි. කාශ්ය ප නම් බුදුන් සමයෙහි ජොතිපාල නම් බමුණුව ඝටීකාර නම් කුම්භකාරයාගේ මිත්රෙබල යෙන් බුදුසසුඅන්වැද මහණව තුන්පිටකය ගෙවා දැන ප්ර්තිපත්තීන් පූජා කොට මේ බුදුබවට ම ප්‍රා ර්ථනා කෙළෙමි.
මෙසේ ශාර්පුත්රා සථවිර ය, ලොවුතුරා බුදුබව නම් එසේ මෙසේ සාධාගත හැක් සම්පත්තියෙක් නො වෙයි; යම්සේ ලක්ෂ ගණන් මහා ගංගාවල ජලය මහ මුහුදට අනවකාශයෙන් වදු ත් මහ මුහුද උතුරුවාලිය නො හැක්කා සේ, කපක් මුළුල්ලෙහි වස්නා වර්ෂාජලයෙන්ද පුරාලිය නොහැක්කාසේ, මේ බුදුබව ද කෙතෙක් පුණ්ය් සම්භාරයන් රැසිකොට ත් පුරාලිය නො හැක්කේ ම ය. පාරමිතාවන් වැඩු වැඩූ සේ බුඬශ්රීලත් වැඩි වැඩීම පල දෙන්නේ මය. එහි විහාග මංගලාදින් බුදුන්ගෙන් ම දතයුතු.
“මෙසේ දීපංකරාදි හැම බුදුන් නො වරදවා ම දැක මෙසේ මෙසේ වූ මාගේ ධන පමණින් කරන ලද කුසල් නමැති මහා ගංගා සමූහයන්, පාරමිතා නමැති මහ මුහුදට මෙහෙයා, සාරා සංඛ්‍යන කප් ලක්ෂයකින් ඒ මුහුද පුරා උතුරුවාගෙන දන් සිල් නමැති නැවෙහි ඉඳ සිත් සේ ධ්ාමුන සුවයෙන් නිවන් කෙළියට පටන් ගතිමි”යි වදාරා මෙසේ ස්වාමිදරුවෝ විසිතුරු වූ ගාථා දහසකින් ප්රයතිමණ්ඩිතවූ මේබුඩවංශදෙශනාව ගෙනහැරදක්වා වදාරා:
න මෙ දෙසිසා උහො පුත්තා-මද්දිදෙව් න දෙස්සියා,
සබ්බඤ්ඤුතං පියං මය්හං-තස්මා පියෙ අදසහං,
යනාදී වසයෙන් චය්ය් ර්ාපිටකයෙන් මේ බුද්ධවංශ දෙශනාව නිමවා වදාළසේක.
මේ දෙශනාවගේ කෙළවර අසංඛ්‍යයක් දෙවියෝ සෝවාන් පෙලෙහි පිහිටියහ; අසංඛ්‍යෙයක් දෙවියෝ සෙදගැමි පෙළෙහි පිහිටියහ, අසංඛ්යියක් දෙවියෝ අනගැමි පෙලෙහි පිහිටියහ, කෙළ ලක්ෂයක් දිව්යයබ්රඅහ්මයෝ අමාමහ නිවන් දැක සසරසයුරෙන් ගොඩ නැංගාහ.
තව ද මෙසේ බුඬවංශ දෙශනාව නිම කල ධම් සෙනෙවි සැරි යුත් මහතෙරුන් වහන්සේ...තව ද මෙසේ බුඬවංශ දෙශනාව නිම කල ධම් සෙනෙවි සැරි යුත් මහතෙරුන් වහන්සේ දෙවතාවන්ගේ ධම්ර්ලොමහ ය තව නුසුන් සේ දැක සිවුරු එකාංශ කොට බහාගෙන චක්රුවර්ති රජක් ඉදිරියට ප්රෙ ම වඩා යන පරිණායක පුත් රුවනක් සේ පියවරක් පියවරක් ඔසවා ගොස් බුදුන්ට මඳක් ළංව නම්නව සිට දෝත්මුදු නෙහි තබා “මාගේ ස්වාමිදරුවූ බුදුරජාණෙනි, නුඹවහන්සේගේ මේ විශෙෂ වූ දෙශනාව අසා මාගේ ද, සියලු සතුන්ගෙ ද, සියලු කාක්ෂාවෝ දුරු ව ගියහ, තව ද නුඹවහන්සේම විසින් ‘මතු මෙ කප මෛෙත්රි්ය නම් බුදුකෙනෙකු ත් උපදිති’යි වදාරන ලද, ඒ මෛෙත්රිමය නම් බුදුහු කවරකලෙක උපදිත්ද, කෙසේ වූ බුද්ධශ්‍රී ඇතිහායු ද, ඒ විශෙෂයෙන් අසනු කැමැත්තෙමි”යි ආරාධනා කළසේක. කීයේ දිමැනෝ;
සාරිපුත්තො මහා පඤ්ඤො-උපතිස්සො විනායකො,
ධම්මසෙනාපති ධීරො-උපෙත්වා ලොකනායකං.
අනාගතං ජිනාරම්භ-ආපුච්ජි කංඛමත්තනො,
තුම්හානන්තරිකො ධීරො-බුඬො කී දිසකො භවෙ,
විත්ථාරෙනෙ ‘ව ‘හං සොතුං-ඉච්ජාමා ‘චික්ඛ වක්හුමා-යි.
මෙසේ ධම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ආරාධිතවූ බුදුහු මහා වෂ්ර්ාවක් වස්වන්නාසේ නැවත අනාගතවංශ දෙශනාවට පටන්ගත් සේක්:- “ශාරිපුත්රැ සථවිර ය, මේ මාගේ කරුණා ශාසන ය මා නැති පන්දහසක් හවුරුදු නො නැසී සිටිනේ ය, එයින් මත්තෙහි ලොව අබුඬොත්පාද වන්නේය, සත්ත්වයන්ගේ ආයුසංස්කාර ය අකුශලයන් උත්සන්නභාවයෙන් ක්ර මයෙන් පිරිහි දසහවුරුද්දට ආයු වෙයි. එ කල සත්ත්වයෝ තිරිසනුන් වැනියහ. මවුපියෝයයි වෙනසක් නො දනිති, නැඟණියෝ ය, නැති ව තම තමන් කෙරෙහි ම ප්රෙ ම කෙරෙති, පස්මැසි කුමරුවන්ට පස්මැසි කුමරියන් ශරණ පාවා දෙති, සියලු රස ම අන්තර්ධාන වෙයි, හැල් වී අන්තර්ධාන වෙයි,වරාසාලේ බත් රජ දරුවන්ට අග්රු භොජන වෙයි, මෙසේ ලොව සියලු දෙයින් ම හීනවූ කල ත්රියවිධවූ අන්තඃකල්පයන් අතුරෙන් දැන් සත්ත්වයාගේ ද්වෙෂ ය උත්සන්න වීම හෙතුකොට ගෙන ශස්ත්රව අන්තඃකල්පයෙන් ලොව විනාශ ය වෙයි. හේ කෙසේ ද යත්:
අන්තඃකල්ප ය නස්නට පළමු ව සත්වන දවස කාමාවචර දෙවතා කෙනෙක් අවමඟුල් වෙසක්ගෙන “සත්ත්වයෙනි! මෙයින් සත් දවසක් ගිය කල මෘගසංවෂ්ර්ාව ය යි යන විනාශකර වූ මහ වැස්සෙක් සත් දවසක් ධාරානිපාතයෙන් වස්සී, එහි තෙමුණු කෙනෙක් ඔවුනොවුන් ඇසට මුවන් සේ පෙනි ඔවුනොවුන්ගේ ජීවිත විනාශ කෙරෙති, දිවි රක්නා කෙනෙක් ඒ සත්දවසට දිය දර බත් පැන් සහල් ලුණු ඇඹුල් රැස්කොට තබාගෙන ගල්ගුහා පර්වතගුහා ආදියට වැද දිවි රකුව”යි කිය කියා කෙළ ලක්ෂයක් සක්වළ ඇවිදිති. එබස් අසා සත්ත්වයෝ තමන් අඥන හෙයින් “ඒ දුටුවෝ කවුරු ද, ඇසුවෝ කවුරු ද, දැක ආවෝ කවුරු ද, එ නම් කුමන බසෙක් දැ”යි නො ගිවිස සිනාසෙති. සමහර නුවණැ’ති කෙනෙක් කවුරු දනිත් දැ යි දෙවියන් කී සැටියේ ම ගල්ගුහා ආදියෙහි දෙදෙනෙක් ඔවුනොවුන්ට නොපෙනෙන සේ හිඳිති.
එ කල මෘගසංවර්ෂාව කෙළලක්ෂයක් සක්වළ මුළුල්ලෙහි.....එ කල මෘගසංවර්ෂාව කෙළලක්ෂයක් සක්වළ මුළුල්ලෙහි එක පැහැර ධාරානිපාතයෙන් වස්නට පටන් ගන්ති, පොද බන්දු වෙකිනු ත් තෙමුණාවූ යම් කෙනෙක් ඔවුනො’වුන් ඇසට මුවන් සේ පෙනෙති, කොල! තෙල මුවා ගනුව, මරව,හනුව,හසුකරව යි කිය කියා ඔවුනො’වුන් ලුහුබඳවා ගන්ති, තණපත් පරඩලාපත් සියුම් මුවහත් ඇති කඩුපත් සේ මැවි යෙයි, එ කල සත්ත්වයෝ එ සත්දා මුළුල්ලෙහි මෙසේ ඔවුනොවුන් මරා එක මස් කලවිටක් සේ කොට ලොව ලෙහෙ මුහුදු කෙරෙති. ඉක්බිත්තෙන් වැසි හල කල ජීවත්වූ කෙනෙක් එළිබැස මළ මළ නෑයන්ගේ පොලුගෙන තිබෙන අතුල් පතුල් ඉස් කන් නාසාදි වූ ඇඟ මස් දැක “අපගේ නෑයෝ අප කියමන් නොගෙන හැමදෙනම දැන් නටහ”යි මහත් වූ කරුණා උපදවා “අපි හැම ජීවත්වූ පමණෙක් ඔවුනො’වුන්ගේ ආත්ම රක්ෂාවෙහි අප්‍ර මාද වම්හ”යි ඔවුනොවුන් කෙරෙහි මෛත්රි් ඇති ව ‘මෙ තැන් පටන් ප්රාූණඝාත නො කරම්හ”යි පළමුකොට පාණාතිපාතා ය දුරු කෙරෙති, ඒ කුශලයෙන් ඔවුන් වැදු දරුවන්ට විසි හවුරුද්දට ආයු වෙයි. ඔහු දෙවනු ව අදත්තාදානය හැර පියති, උන් වැදු දරුවන්ට තිස් හවුරුද්දට ආයු වෙයි. තුන්වනුව පර දාර ය හැර පියති, උන් වැදු දරුවන්ට සතලිස් හවුරුද්දට ආයු වෙයි. සතරවනුව මුසාවාද ය හැර පියති, උන් වැදු දරුවන්ට බනස් හවුරුද්දට ආයු වෙයි. පස්වනු ව පිසුනාවාච ය හැර පියති, උන් වැදු දරුවන්ට සැට හවුරුද්දට ආයු වෙයි, මෙම ක්රයමයෙන් දශවිධ වූ අකුශල ධම්ර්යුන් හැර දශවිධ වූ කුශල ධම්ර්යේහි පිහිටා යෙති, ඒ කුශල ධම්ර්යුන්ගේ ම ආනුභාවයෙන් ක්රධම ක්රහම යෙන් වැඩි දෙසියයක් හවුරුද්දට ආයු වෙයි. එ කලට දඹදිව ඉතා සමෘර්ධ ව බරණැස්නුවර නම් නො පෙරළි එ නමින් ම ව්යරවහාර වෙයි.
තව ද එයින් මත්තෙහි කුශල ධම්ර්යකන් වැඩි වැඩිසේ ම සත්ත්වයන්ගේ ආයු ක්රිම ක්රලමයෙන් ම වැඩී අනූදහසක් හවුරුද්දට ආයු වෙයි, එ කලට බරණැස් නුවර නම් පෙරළී උත්පල නම් නුවරෙක් වෙයිඅ, එ නුවර දිගින් පුළුලින් යොදනක් පමණ මහත් ව සමෘද්ධ වෙයි. එයින් මත්තෙහි තව ද ආයු ක්රහම ක්රෙමයෙන් වැඩී ලක්ෂයක් හවුරුද්දට වූ කල උත්පල නම් නුවර නම් පෙරළි අයම් විතරින් සත් යොදුන් පමණ ඇති පදුම නම් නුවරෙක් වෙයි. තව ද0 වඩ වඩා කුශල ධර්මයන්ගේ ම බලයෙන් අසංඛ්යනයක් හවුරුද්දට ආයු වෙයි, එ කල පදුම නම් නුවර නම් පෙරළි දොළොස් යොදුන් අයම් විතර ඇති මන්දාර නම් නුවරෙක් වෙයි; ඒ අවධියට මිනිස්ලොව දෙව් ලොවට ත් වඩනේ ය, උපන් කල් නො දන්ති, මියන කල් නො දන්ති, ජරා විලි පිලි නො දන්ති, රොගන්තරා ය නැත.
මෙසේ සුව විඳිම හේතුකොට ගෙන දුක් නම් කෙසේ බව ත් නොදැන සත්ත්වයෝ කුශල්කිරිමෙහි ප්‍ර මාදවෙති, ඒ අකුශලයෙන් ආයු පරිහානියට බපැමිණ ක්රදම ක්රවමයෙන් අසූදහසක් හවුරුද්දට ආයු වෙයි. එකලට මන්දාර නම් නුවර නම් පෙරළි කෙතුමතී නම් රාජධානියෙක් වෙයි. වදාළේ මැනෝ:--
තදා කෙතුමතී නාම-රාජධානි හවිස්සති,
ද්වාදස යොජනායාමා-සත්තයොජන විත්ථතා-යි,
තව ද සාරිපුත්‍ර සථවිරය, එ නුවර දිගින් දොළොස් යොදුන..තව ද සාරිපුත්‍ර සථවිරය, එ නුවර දිගින් දොළොස් යොදුන, පුළුලින් සත් යොදුන, අවටින් අටතිස් යොදුන, අන්තයෙහි පොළොව පළා නැඟි සත්රුවෙන් පවුරු සතෙක් මැවී නුවර සිසාරා සිට දව රෑ වෙනසක් නො දක්වා ප්‍ර භාමත් කෙරෙයි; එහි අන්තරන්තරයෙහි රිදිමය වූ කඳ ඇති, ඉන්ද්රිනීල මාණික්යතමයවූ පත් ඇති, ඝනඑන්මය වූ ළුල ඇති, තාලවෘක්ෂ පංක්තීහු සත් වළල්ලක්ව වටින් වට ගසා සිටගත්ති, සතර දිශාවෙහි සත්රුවන් ම ය වහසල් සතරෙක් මැවී සත් සත් මහල් ඇති ව, දව රෑ වෙන සක් නො දක්වා නුවර අලංකාර කෙරෙයි; ඒ සතර වාසල්දොර කප්රුක් සතරෙක් පොළොව පළා ගෙන පැන නැඟි නන් විසිතුරු වූ සම්පත්තීන් සැදි සිට්ටි, මුළු දඹදිව සත්ත්වයන් කැමැති කැමැති වස්ත්රා්භරණ ඉන් එක කප්රුකෙකින් ගෙන යත් ඒ අසූදහසක් අවුරුදු මුළුල්ලෙහිත් ඇද නිමවාගත නො හැක්ක. තව ද එ න්වර මැද පැනනැඟි සත්රුවන් ම ය වූ ශාලාවෙකු දු ඇත, ඒ ශාලාවට සතර දිගද කප්රුක් සතරෙක් මැවී තිබෙයි; ඒ කෙතුමතී නම් රාජධානියෙහි දන්ඩෙන් පනින් කළ ගෙයෙක වසන්නා වූ එක ද සත්ත්වකෙනෙක් නැත; සත්රුවන් ගෙවල ම වාසය කෙරෙති; ද්ව්යැමය වූ උයන් හා දිව්යලමය වූ පොකුණින් ගැවසී ගත.
එ කල ඒසා දඹදිව මුළුල්ලෙහි සත්ත්වයන් කෙරෙන් සාන වපුරන කෙනෙක් වෙළදාම් නවාම් කරන කෙනෙක් බඩ නිසා දුක් ගන්නා වූ එක ද මනුෂ්යම කෙනෙක් නැත. පොළොව පළා ගෙන ස්වයං ජාත වූ රත් හැල් පැනනැඟෙයි, කරල්වල කුඩු තෝ නැතිව මුතුදැල් සේ සාල්ගෙන තිබෙයි, එක බිජුවටක්හුණුතෙනිත් නැඟි පඳුරෙයි කරල් කඩා මැඩගත්කල දෙදහස් දෙසිය දෙසැත්තෑ ගැල්පුරා සොළොසාමුණු අට ළාස්සක් සාල් ඉතිරි වෙයි, ඒ සාල් මැණික්බඳනෙහි ලා මැණික් උදුනෙහිදී පැසවා ඇමසත්ත්වයෝම අනුභව කෙරෙති, සත්ත්වයන් මල මුත්‍ර වහන ය කරම්හ යි සිතු වේලෙහි නිල් වලාකඩෙක් දිවගෙන අවුදින් තිරයක් සේ සිසාරා සිටගත්ති, එකෙණෙහි පොළොව පැළි මහ වළෙක් මැවී යෙයි. එහි ශරීරාධාන ය කළ කල එ වළ අන්තර්ධාන ව පැන් පොකුණෙක් මැවි යෙයි, එයින් උදකකෘත්ය් ය කළ කල ඒ වලාකඩ අන්තර්ධාන වෙයි. එ සමයෙහි ඒ කෙතුමති නම් රාජධානි ය දිව්ය්පුරයක් වැන්න.
තව ද ශාරිපුත්‍ර සථවිර ය, පෙර දිඹුල්දන්ඩෙන් ගෙයක් නඟා වස් වස්වා පින් කළ කුළුපතු-දෙපුතු පියන් අතුරෙන් පුතණුවෝ මාගේ ශාසනයෙහි භද්දිය නම් සිටු ව නිවන් දකිති, පියාණෝ තමන් කළ පින් නුමූ කළ හෙයින් මේ බුද්ධාන්තරය මුළුල්ලෙහි සදෙවුලොව සැරිසරා ඇවිද එකල ඒ කෙතුමතී නම් රාජධානියෙහි සංඛ නම් චක්‍ර වර්ති රජ ව උපදෙනාහු ය, ඒ රජහු පෙර කළ ආවාස දානයාගේ කුශලයෙන් පෙර දහාපනාද රජ්ජුරුවන් අසංඛ්යගයක් හවුරුදු හිඳ රාජ්යප ය කළ පස්විසි යොදුන් උස ඇති සියක් මහල් ඇති, සුවාසූ දහසක් රුවන් ගබඩා ඇති, ඉදුන්ල්මිණිමය වූ බිම් ඇති, ඝනරන්මය වූ ටැම් ඇති, රිදීමය වූ කොතුරු හා පේකඩ ඇති, ප්රනවාලමය වූ ව්යාුඝ්රය පංක්ති ඇති, රන්මය වූ පලසෙවෙනි ඇති, පස්විසි යොදුන් ඒ පාය ආකාශයට පැනනැඟි දෙවන සඳක් සේ අවුදින් නුවර මැද පිහිටා යෙයි, චක්රදරත්නය, මාණික්‍ය රත්නය හස්තිරත්න ය, අශ්වරත්න ය, පරිණායකරත්න ය, ගෘහපතිරත්න ය, ස්ත්රී්රත්න ය යි යන සත්රුවන ද පහළ වෙයි. එ රජ තමා හා සම බල දහසක් පුතුන් ඇති වෙයි, ආකාශයෙන් යන සෘද්ධි ඇති වෙයි, සඳුන් සුවඳ වහන ශරීර ඇති වෙයි, මහනෙල් මල්සුවඳ මුඛ ඇති වෙයි, දෙවියෝ සතර දෙනෙක් සතර දිග කඩු ගත් ඇති ව රකවල් ගෙන සිටිති, සතර මහා ද්වීපයෙහි මහ සෙන් සමඟ එක දා ඇවිද සියලු සතුන්ට පන්සිල් රකුව යි අවවාද කියා දාවල් බතට සිය නුවරට එයි.
මෙසේ ඒ සංඛ නම් චක්රනවර්ති රජ දිඹුල්දඬු ගෙයි පිනින් ඒ සා මහ පායක් ලබයි. එ ගෙයි ලා ලූ එක ඇඳෙහි පිනින් සූවාසූ දහසක් යහන් ලබයි, එක ඇතිරියෙහි පිනින් සූවාසූ දහසක් ආස්තරණ ලබයි, බැලමෙහෙ කොට දුන් දානයෙහි පිනින් දිව්‍ය භොජන ලබයි, ඒ ගෙයි ලා ලූ එක පීඨයෙහි පිනින් සුවාසූ දහසක් සිංහාසන ලබයි. එ කල සමසිතින් දන් පිසූ ස්ත්රිසය ප්රහධාන කොට සුවාසූ දහසක් බිසෝවරුන් පිරිවරයි, එ පන්සල වටා වැට කරවාලූ පිනින් නුවර වටා සත්රුවන් පවුරුසතක් ලබයි, වෙහෙර වටා හිඳුවාලූ තල්පෙළෙහි අනුසසින් සත්රුවන්මය වූ තල්ගස් නුවර සිසාරා සත්වළල්ලෙකින් එලගෙන සිට ගන්ති, සත්වසක් වස් වැස්වූ පිනින් සත්රුවන් ලබයි, වස් අන්තයෙහි නො වරදවා දුන් වස්වාසික සිවුරු පිළියෙහි පිනින් ඒ සා මහත් කප්රුක් ලබයි, මෙසේ සංඛ නම් චක්රිවර්ති රජ එ කල ඒ කෙතුමතී නම් රාජධානියෙහි ශක්‍ර යා සේ සුව විඳුනේ මැ යි. වදාළේ මැනෝ:---
සංඛො නාම සො රාජා-අනන්තබලවාහනො,
සත්තරතන සම්පන්නො-චක්කවත්ති මහබ්බලො-යි,
තව ද ශාරිපුත්‍ර සථවිර ය, ඒ මෛෙත්රි ය බුදුහු පෙර මුහුර්ත නම්.....තව ද ශාරිපුත්‍ර සථවිර ය, ඒ මෛෙත්රි ය බුදුහු පෙර මුහුර්ත නම් බුදුකෙනකුන් සමයෙහි ප්රරභාවන්ත නම් චක්‍රවර්ති රජක්ව මා සේම අෂ්ටාංග ධම්ර්යෙන් යේදී ප්ර්ථමාභිනිහාර ය ලදින්, එ තැන් පටන් සොළොසාසංඛ්ය් කප්ලක්ෂයක් පැරුම් පුරා එදෑතුරෙහි බුදුවූ දහස් ගණන් බුදුන් අතින් මා සේ ම විවරණ ලදින් කෙළවර විශ්වන්ත රාත්ම වන් ජාතියෙන් සැව ගොස් තුසීපුරයෙහි ඉපද, එතැන් පටන් මේ බුද්ධාන්තරය මුළුල්ලෙහි දිව සුව විඳ එ කල දසදහසක් සක්වළ දිව්‍යම බ්රුහ්මයන්ගේ ආරාධනා ඉවසා පස්බැලුම් බලා බ්රාහ්මණවංශ ය උතුම් සේ දැක කෙතුමතී නම් රාජධානියෙහි සංඛ නම් චක්රුවර්ති රජ්ජුරුවන්ට අග්‍රෙ පුරොහිත වූ සුබ්රහහ්ම නම් බ්රාුහ්මණ මහාසාරයාණන්ගේ බ්රිහ්මවති නම් බැමිණිදේවීන් කුස පිළිසිඳ දසමස් පුරා වැස දසදහසක් සක්වළ දෙවුබඹුන් මධ්යසයෙහි මෛත්රිස පිඬක් සේ මහාබ්රයහ්මයා අතට බිහිව අජිත නම් කුමාරව තරු පිරිවර සඳක් සේ වඩිති.
දොලොස් දොළොස් ගවු උස ඇති සිරිවඩ්ඨක වූ වඩ්ඨමාණකය -සිඬාර්ථය-චන්ද්රඩක යයි යන සත්රුවන්මය වූ තුන් සෘතුවට වෙන වෙන තුන් පායෙක් වෙයි. එකි එකි පායෙක්හි සත් සත් මහල; එකී එකී මාලෙක් හි ලක්ෂයක් ලක්ෂයක් කුළුගෙවල: එකි එකී පායට සත් සත්සත් රුවන් පවුරු ය, සත් සත් රුවන් වාසල; එ තුන් පායෙහි පසඟ තුරුරැවු විහිදුනා රන් රසුදැල් එල්වා තිබෙයි; මුදුනෙහි සත් රුවන්මය වූ ධ්වජ නඟා තිබෙයි; ඒ ධ්වජ කකුල්වල බඳනාල රන් මිණි ඝොෂයෙන් නුවර එකනින්නාද වෙයි. ඒ ප්රාමසාදයන් තුන්දෙනාගේ භික්ති සත්රුවන්මය වූ තාල පංක්ති ය-මකර පංක්ති ය-සිංහ පංක්ති ය-ව්යා ඝ්රය පංක්ති ය-හස්ති පංක්ති ය-අශ්ව පංක්ති ය-රථ ප’ක්ති ය-මයුර පංක්ති ය-හංස පංක්ති ය-යනාදි නිර්මිත වූ කම්ර්ාන්තයෙන් ශොභාමත; දවස්පතා මල්වැසි වස්නේ ය. එකි එකි මාලෙක සත්සියක් සත්සියක් රුවන් ගබඩා ය, සත්සියක් සත්සියක් සිංහාසන ය, සත්සීයක් සත්සීයක් සේසත, සත්සීයක් සත්සීයක් යහන. එකි එකි පාය සිසාරා පිරිවරා ජද්දන්ත නම් හස්තිරුජයා ප්රීමුඛ වූ සත් දහසක් සත් දහසක් මංගල හස්තීහු සැරහී සිටිති; වලාහක අශ්වරාජයා ප්රහමුඛ වූ සත් දහසක් සත් දහසක් අශ්වයෝ සැරහී සිටිති; සත්රුවන් ධ්වජ නැඟු හිරුමඬල වැනිවූ සත් දහසක් සත් දහසක් රථපංක්ති සරහා තිබෙයි. එකි එකි මාලෙහි සත් දහසක් සත්දහසක් නාටක ස්ත්රීයහු සැරහී සිටිති.
මෙසේ මහත්වූ ශ්‍රී විශූතීන් ඒ මෛෙත්රිකය නම් බොධිසත්ත්වයෝ....මෙසේ මහත්වූ ශ්‍රී විශූතීන් ඒ මෛෙත්රිකය නම් බොධිසත්ත්වයෝ මෙසේ වූ තුන් පායෙහි තුන් සෘතුවෙහි වෙසෙති. සංඛ නම් චක්‍ර වර්ති රජ්ජුරුවන් ආදී වූ දඹදිව සූවාසූ දහසක් රජදරුවෝ මඟුල් කඩු ගෙන බෝසතුන් කරා අවුදින් හිමි නුඹට සේවය කරම් හ යි කියති; මාගේ පර්ෂද් බෙහෙව, තොපි තොපගේ රාජ්යසශ්රීි ම විඳුවයි යවන්නාහු ය. කැටි ව දෙවුලොව සිට අවුදින් එක දා උපන් අටලොස් කෙළක් අමාත්යවයෝ නිති ම එ බෝසතුන්ට ආරක්ෂා ගෙන සිටිති.
මෙසේ ඒ අජිත නම් මෛ්ෙත්රිතය බෝසතාණෝ බුදු මුඛයකිනුත් කියා නිමවා ගත නො හැක්කා වූ මහත් වූ ශ්රීය සම්පත් විඳ අටදහසක් හවුරුදු ගිහිගෙයි වැස තුන් පූර්වනිමිත්ත දැක සසර කලකිරි සතරවනුව දෙවියන් මවා පෑ තපස්වෙස දැක මහණවනු කැමැති ව වන්ද්රවමුඛී නම් අගමෙහෙසි දේවීන් බ්රකහ්මවර්ධන නම් පුත් රුවන වැදු දා මහණවෙමි යි සිතා එ කෙණෙහි ම එම රුවන් පායෙහි ම පලග් බැඳ මතු මාල්තෙලෙහි ඉඳ සත් දවසක් දුෂ්කර ක්‍රි යා පුරන්නාහු ය. එ වේලෙහි සංඛ නම් චක්ර්වර්ති රජ්ජුරුවෝ සුවුසූ දහසක්රජුන් හා සුවාසූ දහසක් බිසෝවරුන් පිරිවරා පූජාභාණ්ඩ ගෙන සිසාරා එ සද්දා ම අරක්ගෙන සිටිනාහු ය. එසේ ම දසදහසක් සක්වළ දෙවියෝ ද දිව්ය් පූජාභාණ්ඩ ගෙන අහස්කුස පුරා සිටිනාහු ය.
මෙසේ සත් දවසක් දුෂ්කරක්රි යා පුරා කිසිකෙනකුන් හා මුවෙන් නො බැණ ක්සි කෙනකුන් මුහුණ නො බලා දවස් යැවූ කල ඇම බුදුන් බුදුවන වෙසඟ මැදි පොහෝදා මහභිනික්මන් කෙරෙමි යි සිතු ක්ෂණයෙහි රන්පාය සත්පවුරු සත්දොරටු පිරිවරා සිටි මහ සෙනඟ සමඟින් ආකාශයට පැන නැඟි බෝමැඬ දිශාවට නික්මෙයි, කැටි ව මහණවනු කැමැති සියලු සත්ත්වයෝ ම සිටි සිටි පළින් ආකාශයට පැනනැඟී පියුම් විලකට දිවන රාජහංස පෙළක් සේ යෙති, මෙසේ මහත් වූ පුණ්යසප්ර භාවයෙන් ගොස් එ රන්පාය මහ සෙනඟ හා බෝසතුන් ගෙන බෝමැඬ කරා බස්සී; එ කෙණෙහි මඟුල්කඩුව විදිලිය පතක් සේ හයා කෙස්වැටිය කපා ආකාශයට දමා මහබඹුන් දුන් සිවුරු පිළිගෙන මහණ වෙති.
තව ද: මේ බුද්ධොත්පාදයෙහි පින්කොට ප්රාාර්ථනා කළා වූ ස්ත්‍රිව-පුරුෂයෝ බොහෝදෙන එම විට ම මහණ වෙති. චතුර්වේද යෙහි නිපුණවූ බ්රාහහ්මණයෝ සුවාසූදහසක් එම විටම මහණවෙති.
තව ද: මේ ශාසනයෙහි පින්කළ ඉසිදත්ත ය-පුරාණ යයි යන දෙබෑ කෙනෙක් සුවාසු දහසක් පිරිස් ගෙන මහණ වෙති. තව ද: ජිතමිත්රහ ය-අජිතමිත්ර යයි යන පණ්ඩිතවරු දෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පර්ෂද් ගෙන මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ සිද්ධාර්ථ නම් සිටාණ කෙනකුන් හා සුනන්දා නම් සිටු දියණි කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පුරුෂ ස්ත්රීණන් හා සමඟ මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින් කළ සංඝ නම් උපාසක කෙනකුන් හා සංඝා නම් උපාසිකා කෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් පුරුෂ ස්ත්රිකන් හා සමඟ මහණ වෙති. තව ද: මේ ශාසනයෙහි පින්කළ යශවති ය-විශාඛා යයි යන යෙහෙළියෝදෙදෙනෙක් සුවාසූ දහසක් සුවාසූ දහසක් ස්ත්‍රීයන් හා සමඟ මහණ වෙති. අවශෙෂ වූ රජ-බමුණු-වෙළඳ-ගොවි ලක්ෂ ගණන් එමදාම මහණ වෙති.
ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ මහණ වලා ඒ චන්ද්‍ර මුඛී නම් අග්රත දෙවින්...ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ මහණ වලා ඒ චන්ද්‍ර මුඛී නම් අග්රත දෙවින් දුන් කිරිපිඬු වළඳා එම දා ම සවස අපරාජිත ස්ථානයෙහි පැනනැඟී විදුරසුන් නැඟී නාග ශ්රීද බොධියට පිටලා හිඳිනාහු ය. එ නාග ශ්රී් බොධා ය නම්: රිදීකඳක් සේ සමවට වූ කඳය, එක්සිය විසි රියන් උසය, පඤ්ච මහාශාඛාවෝ ද එක්සිය විසි එක්සිය විසි රියන් උස ය, ම්ල පටන් අග දක්වා දෙසිය සතලිස් රියන් උස ය: පූර්ව ශාඛාග්රා ය පටන් පශ්චිම ශාඛාග්රෙ ය දක්වා දෙසිය සතලිස් රියන: උත්තර ශාඛාග්රිය පටන් දක්ෂිණ ශාඛාග්රද ය දක්වා දෙසිය සතලිස් රියන: ශාඛාමණ්ඩල ය වටින් සත්සිය විසි රියන. ඉඳු නිල්මිණි සේසතක් සේ ඇම දා ම ශොභාමත් ව තිබෙයි; ඇම දා ම විලික්‍ෂ ව වැගිරෙන පතෙකුදු නැත; මුහුකළ පත් බන්ද්රඳනිල මාණික්‍ය මය ය; අසු අස්සෙහි ලිය හා අංකුර ප්ර්චාලමය ය. එ කෙණෙහි ම නාග ශ්රීප බොධි ය මුල පටන් අග දක්වා මලින් සැදි සිටිනේ ය; දොළොස් නැළියක් පැන්ගන්නා පමණ කැකුළු වෙයි, පිපි මල් මහ ගැල් සක් පමණ වෙයි; එකි එකී මලෙක්හි නැළියක් පමණ රේණු වෙයි; එදා පිපි මල් අසූදහසක් හවුරුදු පර නොවී තිබී ඒ බුදුන්ගේ පරිනිර්වාණය හා සමඟ හැම මල් පරව නටුවෙන් ගිලිහි පෙත්තකුත් බිම නොහී ආකිශයෙන් ගොස් දර සෑයෙහි ම වැගිර බුදුන් හා සමඟ ආදාහන වෙයි.
තව ද: බෝමැඩ සිසාරා වටින් දෙගවු පමණ තෙත සත් රුවන් වැලි පැන නැඟී තැනී තිබෙයි; එ වට සත්රුවන්මය වූ පවුරෙක් වෙයි; හයින් පිටත වට දොළොස් දොළොස් ගවු පමණ තෙත නන් විසිතුරු වූ සුවඳ මල්ගස් සමූහයෝ ඇමදෙන ම ඒ නාග ශ්රීන බොධියට වැඳුම් ගෙන එකපංක්තින් සිටිනාහු ය.
මෙසේ ඒ මෛත්රෙීය බුදුහු තමන් සොළොසාසංඛෙය්යස කප් ලක්ෂයක් මුළුල්ලෙහි පිරූ උග්රර වූ පාරමිතාවන් ගේ මහිමයෙන් ම ලබනලද මෙබඳු වූ නා සිරි බෝ පිටලා අට පනස් රියන් විදුරසුන් නැඟී චතුරංග වීය්ය්ටර්ාධිෂ්ඨානයෙන් දසදහසක් සක්වළ දෙවිබඹුන් ගෙන් පූජා විඳ විඳ හිඳිනාහු ය.
එ කෙණෙහි වශවර්තිමාරයා මහත් වූ මරසෙනඟ ගෙන ‘ඔහු අද බුදු විය නො දෙමි, දෙ කකුල ගෙන පරසක්වළ ගසමි යි කිපි දිව සක්වළ මුවවිට සිට ඒ මෛත්‍රෙ ය නම් බුදුන්ගේ මෛත්රිිපිඬක් බදු වූ ශ්‍රී මුඛය දැක ළංවිය නොහී භයින් වෙවුලා පැරද දිවපි යයි. මෙසේ මරසෙන් බිඳ එදා රෑ අලුැයම් වේලෙහි ලොවුතුරා බුදු ව අනන්තාපය්ය්සර්න්සත වූ සක්වළට බුදුරස්කඳ විහිදුවති.
තව ද;ශාරිපුත්රන සථවි ය, ඒ මෛත්රෙක ය නම් බුදුහු අශොක ය-බුහ්මදෙව යයි යන අගසවු දෙදෙනකු හා සමඟ මහත් වූ ශ්රා-වක ගණයා ඇතියහ. ඇමදා ම දිවා රාත්රිරයෙහි පස්විසි යොදනෙක පවත්නා බ්යාදමප්රදභා මණ්ඩල ය ඇතිය හ. තව ද: ඒ මෛත්රෙයය බුදුන්ගේ බුඬකාය ය අටඅසූ රියන් උස ය; ශ්‍රී:පාදයෙහි පටන් දණ මඬලට දෙවිසි රියන් උස ය, දණමඬල පටන් නාභිමණ්ඩලයට දෙවිසි රියන් උස ය; නාභිමණ්ඩලයෙහි පටන් අකුධාතුවටදෙවිසි රියන් උස ය, අකුධාතුවෙහි බටන් ශිරොධාතුවට දෙවිසි රියන් උස ය, දකුනු උරමඬලෙහි පටන් වම් උරමඩලට පස්විසි රියන් පළල ය; විදුලිය දෙකක් වන් කන්පට දෙක සත් සත් රියන; එකී එකී ඇස දිග පස් පස් රියන; දෙබැම අතුරු පස් රියන; නාසිකාව සත් රියන, සුරක්ත වූ තොල් සඟළ පස් පස් රියන; සුරක්ත වූ දිව දස රියන; ශිරො ධාතුවෙහි වට පස්විසි රියන; රන්වන් වූ ශ්රීද මුඛමණ්ඩල ය පස්විසි රියන් වට ය; රන් මිහිඟක් සේ වට වූ ග්රීීවා ධාතුව පස් රියනක් උස ය. රන්වන් වූ ශ්‍රී හස්ත දෙක සතලිස් සතලිස් රියන; එකි එකී අතුල් පස් පස් රියන; ශ්රීරපාද දෙක තෙළෙස් රියන් එක් වියත් සාඟුල් මහණ දිග ඇත්තේ ය.
මෙසේ ශ්රීදමත් වූ බුඬකායයෙකින් ධම්සක් පැවතුම් සූත්රි දෙශනාදි වූ අප්රේමාණ වූ ධම්ර් දෙශනා කොට සියපු සතුන් සංසාර සාගරයෙන් ගොඩනඟා මෛත්රෙරය බුදුහු අසූදහසක් හවුරුදු ආයුශ්රීග වළඳා හිඳිනාහු ය.
එ කල සංඛ නම් චක්රිවර්ති රජ්ජුරුවෝ තමන්ගේ පස්විසි යොදුන් රන් පාය සංඝාරාමයක් කොට....එ කල සංඛ නම් චක්රිවර්ති රජ්ජුරුවෝ තමන්ගේ පස්විසි යොදුන් රන් පාය සංඝාරාමයක් කොට බුදුන්ට දන් දී සියලු චක්රනවර්ති රාජ්ය්ය බුදුන්ට පුදා පෙර ගමන් දිඹුල්දඬින් ගේ නඟා වස්වසවා කළ පින්බලයෙන් ම කැටි ව පින් කළ ස්ත්රිෙය හා සමඟ නවකෙළ දහසක් අමාත්‍ය යන් ගෙන බුදුසසුන් වැද මහණ ව අමා මහ නාවන් දක්නාහු ය.
මතු බුදු වන ඒ මෛත්‍රෙ.ය නම් බුදුන් නො දක්නෝ කවුරු ද, දැක සසරින් ගැලවෙන්නෝ කවුරුදැයි යතහොත්? මවුන් මැරූ වෝ ය, පියන් මැරූවෝ ය, රහතන් මැරූවෝ ය, බුදුන් ඇඟින් ලේ සෙලවුවෝ ය, සංඝහෙද කළෝ යයි මේ පඤ්චානන්තය්ය්නර් කම්ර් කළා වූ සත්ත්වයෝ ඒ එන මෙතේ බුදුන් දැක්ක නොහෙත් ම ය. දාගබ් බිද බොධි ශාඛා කපා රන්පිළිම පොතු ලොලා බණ පොත් සිඳ මේ පවුකිරිම හා ආනන්තය්ය්ොර් කම්ර්යබට ඇතුළු වන හෙයින් ඔහු ත් ඒ බුදුන් නො දකිත් මය. සංඝයා වහන්සේට ආක්රොශශ පරිභව බිණුවාවූ සත්ත්වයෝද, සිල්වතුන්ට බොරුවෙන් වත් දොස් ඉපදවූ සත්ත්වයෝ ද, ධම්ර්යලට අනාදර බිණු සත්ත්වයෝද යන මොහු ත් ඒ බුදුන් දැක්ක නොහෙත් මය. දන්වැට කෑවෝද, කුසලාන් ගසා කෑවෝද, බුදුන් සතුදෙය කෑවෝද, ධම්ර්‍ය සතු දෙය කෑවෝද, සඟ සතුදෙය කෑවෝද යන මොහු ත් ඒ බුදුන් දැක්ක නොහෙත්මය. මේ බුඬොත්පාදයෙහි අළුගා මිත්ථ්යාකදෘෂ්ටි ගෙන මෙලෝ පරලෝ නැතැ යි අවිදුනා සත්ත්වයෝද ඒ බුදුන් දැක්ක නොහෙත්මය. හිසරඳ දෙවියන්ටද, වැසිවලා දෙවියන්ටද දෙස් කළාවූ සත්ත්වයෝද ඒ බුදුන් දැක්ක නොහෙත් ම ය. නරක-තිරිසන්-අසුර යන තුන් අපායෙහි උපන්නාවූ සත්ත්වයෝ ද ඒ බුදුන් දැක ගැලවිය නොහොත් ම ය.අරූතල-අසංඥතල පරසක්වළ යනාදියෙහි උපන්නාවූ සත්ත්වයො ත් ඒ බුදුන් නොදකින් ම ය.
තව ද: මේ බුඬොත්පාදයෙහි බණ අසා මෙලෝ පරලෝ දැන තමන් තමන් ශක්ති පමණින් දන් පින් කළෝ දකිති, තව ද: සිල් රක්ෂා කළෝ දකිති, පෙහෙවස් රක්ෂා කෙළෝ දකිති, බඹසර වස් රැක්කෝ දකිති, දාගබ්-දාකරඬු කැරැවූවෝ දකිති, බෝධි පිහිටුවූවෝ දකිති, පුෂුපාරාම-ඵලාරාම කැරුවූවෝ දකිති, හේදඬු ලැවුවෝ දකිති, මාවත් එළිකළෝ දකිති, ගොනටුකඳ තැනවූවෝ දකිති, ළින් පැන් පොකුණු කැණවූවෝ දකිති, නටබුන් වෙහෙර කැරැවූවෝ දකිති, බණ කියා ලෝවැඩ කෙළෝ දකිති, බණ කියවූවෝ දකිති, ධම්ර්ශා ලා තැනවූවෝ දකිති, ධම්ර්ාසන කැරුවූවෝ දකිති, ධම්ර්ශා ලාවෙහි වියන් බැන්දවූවෝ දකිති, බණ පොත් ලියවා දුන්නෝ දකිති, එ පොත් අකුරු ගණනේ චක්ර්වර්ති සම්පත් ආදී වූ බොහෝ සැපත් ලදින් සුව විඳ මෙතේ බුදුන් දැක නිවන් දකිති, කබලිදණ්ඩාසන බණවසුන් ලැවුවෝ දකිති, ධම්ර්කදථිකයන් පය සේධවූවෝ දකිති, බණ කියන්නන් උපචාරයෙන් සත්කාරයෙන් වඩා ගෙනාවෝ දකිති, බණ කියන කල සාධුකාර දුන්නෝ දකිති, බණට අඬගෑවෝ දකිති, විජිනිපත් දන් දුන්නෝ දකිති, විජිනිපත් අතට ඔසවා දුන්නෝ දකිති, ධම්ර්ාසනයෙහි මල් සුවඳ පුදුවෝ දකිති, වස්ත්රාදභරණ පිදුවෝ දකිති, බණ කියන ගෙයි පහන් දැලුවූවෝ දකිති, මේ සියලුල පිමවා බණ පැවැත්වූවෝ දකිති, ගිලනුන්ට අත්පා මෙහෙ කළෝ දකිති, ආවාස දාන කරවා දුන්නෝ දකිති, චීවර පිණ්ඩපාත දන් දුන්නෝ දකිති, ලාබත්-පෝබත් අවධිබත් දන්දුන්නෝ දකිති, මවුපියන්ට අත්පා මෙහෙ, කළෝ දකිති, යටත් වසයෙන් එක මලක් එක පානක් එක බත් කෙණෙස්සක් දන් දී වේ ව යි තුනුරුවන් කෙරෙහි සිත පහදවා වේව යි යම් යම් කෙනෙක් මෛත්රෙනය බුදුන් දකුම්ව යි කියා මාගේ බුද්ධොත්පාදයෙහි ප්‍රා ර්ථනා කළාහු වූ නම්, ශාරිපුත්රත සථවිර ය ඔහු මතු මෙතේ බුදුන් දැක සංසාර සාගරයෙන් ගොඩ නැඟෙන්නාහු ම ය යි වදාරා මේ අනාගතවංශ දෙශනාව නිමවා වදාළසේක.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ තමන් නො වඳුම්හ යි මන් කළ ඥතිගණයා මධ්යේයෙහි ආකාශයට පැනනැඟී ඒ රුවන්සක්මන දී මහත් වූ යමක ප්රාආතිහාය්ය් ර් ය දක්වා ධම්සෙනෙවි-සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් මේ බුඬවංශය හා අනාගතවංශය දෙශනා කොට නිමවා, නෑයන්ගේ මන් බිඳ ආකාශයෙන් බස්නා බුන්සඳක් සේ බැස පළමුව වැඩහුන් බුද්ධාසනයෙහි පෙනී ගිය සේක.
ඒ ආශ්චය්ය්ෙර් ය දුටු ශුද්ධොදන රජ්ජුරුවෝ පුතණුවන් වහන්සේගේ...ඒ ආශ්චය්ය්ෙර් ය දුටු ශුද්ධොදන රජ්ජුරුවෝ පුතණුවන් වහන්සේගේ ශ්‍රී පාදමූලයට ගොස් දොහොත් මුදුනෙහි තබාගෙන සන්තොෂ බාෂ්පයෙන් දෙනුවන් තෙම තෙමා ස්වාමිනි, මාගේ බුදුරජාණෙනි, මාගේ සිද්ධාර්ථ කුමාරයෙනි, මාගේම පුතණුවන් වහන්ස, පුත්රධව්යාෙජයෙන් ලොවට වැඩ පිණිස මාගේ ගෙයි උපන් මාගේම පියාණන් වහන්ස, අද පටන් නුඹ මට දරු නොවනදෑය; මම නුඹට දරුයෙමි. එසේ හෙයින් මා සේ වූ නුඹගේ දාසයකුත් නො වටනා හීනවූ පියක්හට මෙබඳු වූ ප්රාාතිහාය්ය්කර්යඹක් දක්වා මුළු ලෝ වෙවුල්වා කුමක් නිසා දුක් ගෙන වදාළසේක් ද: මම නුඹ වහන්සේ උපන්දා කාළදේවල නම් සෘෂින්ගේ නළල්මැද නුඹගේ තෙල සිරිපතුල් දෙක පෙනීගිය ප්රාමතිහාය්ය්ර්යෙ දැක සතුටු ව එදා ද මේ සිරිපතුල් දෙක නළල් තබා වැන්දෙමි, ඒ මාගේ පළමුවන වැඳීමය. තවද නුඹ පස්මැසි කල වප්මගුල් කරනදා දඹගස මුලදී කළාවූ ප්රාැතිහාය්ය්නර්යල දැක සතුටු ව එදා ත් මේ සිරිපතුල් දෙක වැන්දෙමි, ඒ මාගේ දෙවන වැඳිම ය. අද මා වැනියකු තබා දිව්යෙ බුහ්මයනු ත් නුදුටු නො ඇසූ විරූ මෙ බඳුවූ ප්රාුතිහාය්ය්දර් දැක රාජ්යල ය පුදා පියම් නම් ඒ නුඹ අලුයම දැමූ කෙළපිඩක් සේ පිළිකුල්කොට හැරපියා ගිය රාජ්යම ය වුව: ජීවිතය පුදාපියම් නම් නුඹගේ බුඩශ්රීර වඩ වඩා දකිනා ලොභය මාගේ බොහෝ හෙයිනුත් ඒ ජීවිත පූජාව නුඹ නො ඉවසන හෙයිනු ත්, ජීවිතය ත් පුදාපියා නො හෙමි යනාදීන් කිය කියා බුදුන්ගේ ශ්‍රී පාද දෙක ඉස්මුදුනෙහි තබාගෙන මේ තුන් වන වැඳිම ය යි කිය කියා ඒ ශුද්ධොදන රජ්ජුරුවෝ සිටගත නොහි මුලින් සිඳහෙළූ කනක රූපයක් සේ බුදුන් පාවිට ම වැඳ පෙරළී ගියහ.
රජ්ජුරුවන් වැදි කල එක්ලක්ෂ සැටදහසක් පමණ ශාක්‍ය රජ දරුවෝ සිටි සිටි පළින් සිටගත නොහී යුගාන්තවාතයෙන් හුණු මහ සල්වනයක් සේ වැඳ පෙරළි ගියහ. එක රජෙකු ත් බුදුන් නො වැඳ සිටිමට සමර්ථ නු වූයේ ම ය, ඇම ශාක්යබයන්ගේ ම මානය සුළං දුටු වලාකඩක් සේ සිඳි බිදී ගියහ.
ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ ඥති සමාගමයෙහි මුදුන් පැමිණ නෑයන්ගේ මාන භංගකොට වදාළසේක: හැම ශාක්‍ය යෝම බුදුන් වැඳ නැඟී මණි බැඳ දොහොත් මුදුන් දී නමස්කාර පූජායෙන් හිඳ ගත්තාහු ය.
එ වේලෙහි ශක්‍ර දෙවෙන්ද්රියා මලාගිය මලස්නෙක පැන් ඉස්නා ශ්රූඬාවන්ත හුදියකු සේ.....එ වේලෙහි ශක්‍ර දෙවෙන්ද්රියා මලාගිය මලස්නෙක පැන් ඉස්නා ශ්රූඬාවන්ත හුදියකු සේ, බුදුන්ගේ ශාක්‍ය කුල නමැති බන්ධු කුසුම යන් සන්තොෂ කරවා මහත් වූ පොකුරු වැස්සක් වස්වා පූජා කළේ ය. ඒ පොකුරු වැස්සෙහි තඹවන් දිය යට පොළොවින් දිවෙ යි; තෙමෙනු කැමැත්තෝ තෙමෙති, නො තෙමෙනු කැමැත්තෝ නොතෙමෙති; ඒ ආශ්චය්ය්ොර් දැක විසිදහසක් භික්ෂුහු බුදුන්ගේ ඛන්ධුසමාගමෙහි වට පොකුරු වැස්සෙක මහිමයක් බලුව යි ස්තුති කළසේක.සවාමිදරුවෝ ඒ අර්ථොත්පත්තියෙහි: මහණෙනි, දැන් මතු නො වෙයි, පෙර ත් මාගේ බන්ධු සමාගමයෙහි පොකුරු වැසි වටුයේ ම වේදැ යි වදාරා දහසක් ගාථාවෙන් ප්රැතිමණ්ඩිත වූ මහා වෙස්සන්තර ජාතක ය ගෙනහැර දක්වා ධම්ර්දෙවශනා කොට වදාළ සේක. එ වේලෙහි ද බොහෝ ප්රාරණිහු සෝවාන් ආදි මාර්ගඵලයට පැමිණියාහ.
ඉක්බිත්තෙන් ඒ ශාක්යස රජදරුවෝ බුදුන් වැඳ ප්‍ර දක්ෂිණා කොට බුද්ධදර්ශනයට විෂය තාක් තැන් පසු බැස බැස ගොස් දශී නාවසානයෙහි සිට නැවත නැවත පසඟ පිහිටුවා වැඳ ‘ශාක්යිසිංහ, ‘ශාක්යබකෙතු’ යනාදීන් බුදුන්ට ස්තුති කොට ගියහ.
මෙසේ මාගේ බුදුහු පළමුවන ඥාතිසමාගමයෙහි දී යමකප්රා තිහාය්ය්ාර්යප දැක්වූ දා දසදහසක් සක්වළ දිව්යු බ්රනහ්ම රාජයන් කළා වූ දෙලක්ෂ සතලිස්දහස් නමස්කාර පූජාය, ශාක්ය් රජදරුවන් කළ එක්ලක්ෂ සැටදහසක් නමස්කාර පූජාය, ශක්රනයා කළ පුෂුකර වෂ්ර්ා නම් පූජාය, විසිදහසක් මහරහතන් විසින් කරනලද ස්තුතිපූජායයි මෙසේ සාරලක්ෂ විසිදහස් එකුතුරු මහාප්රතජාවක් ලත්හෙයිනුත්, මෙසේ වූ වික්රහමයෙන් පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ශාක්යෙ කුල සිංහ වූ, ශාක්යහකුල තිලක වූ, ශාක්යිකුල ධ්වජ වූ, ශාක්‍ය කුල කෙතු වූ, ශාක්‍ය කුල කිරීට වූ, ශාක්‍ය කුල චූඩාමාණික්‍ය වූ, ශික්යිකුල චින්තාමාණික්යක වූ, ශාක්යිකුල කල්පද්රැාම වූ, ශාක්‍ය කුල මහා නිධාන වූ, ශාක්යිකුල ප්රයදීපායමාන වූ, මාගේ සවාමිදරුවූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පුජෝවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්ථානු රූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං-යි
මේ පූජාවලියෙහි අප බුදුන් බන්‍ධුසමාගමයෙහි දී ලද නිග්රොාධාරාම පූජා කථා නම් වූ පසළොස් වන පරිච්ජෙදය නිමි.