සතර පරමාර්ථ පිළිබඳ ලක්ෂණ කථනය
අභිධර්මයෙහි ලෝකය හා සත්වයා පිළිබඳව කෙරෙන විග්රහ එකම ආකෘතියක් නොගනියි. අභිධර්ම ග්‍රන්ථවල මෙම විෂය දෙස විවිධ දෘෂ්ටිකෝණවලින් කෙරෙන විග්රහ හමුවෙයි. කුසල-අකුසල වශයෙන්, ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් වැනි විවිධ විභජන ක්‍රමවලින් මෙම විග්රහ කර ඇත. කවර ආකාරයෙන් විග්රහ කළද අභිධර්මයෙහි විෂය චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ යන මූලික කරුණු හතරින් පරිමිත කරගත හැකි හෙයින් අභිධර්මය පිළිබඳව කරනු ලබන අධ්‍යයන මෙ සතර පරමාර්ථය වටා ගොනු කර ගැනීම පහසු වෙයි. අභිධර්මයෙහි යථාර්ථය හැඟවීම පිණිස පොදුවේ ‘ධම්ම’යන පදය යෙදෙයි. එම ධම්ම යන සංකල්පය සංඛත ධම්ම හා අසංඛත ධම්ම වශයෙන් ද හඳුන්වනු ලැබේ.
අභිධර්මයේදී ධර්ම වශයෙන් ලෝකය විශ්ලේෂණය කර දක්වන්නේ ධර්ම එකිනෙකට අසම්බන්ධ තනි තනි ඒකක වශයෙන් පවතින නිසා නොවේ. එසේ දැක්වීම බහුත්ව වාදයකි. බුදුදහම බහුත්ව වාදය (සබ්බං පුථුත්තං) ප්‍රතික්ෂේප කරයි. සියළු සංස්කෘත ධර්ම එකිනෙකට පටිච්ච සමුප්පාද ක්‍රමයට සාපේක්ෂක වශයෙන් බැඳී පවතියි. විග්රහනය මෙන්ම සංග්රහනය ද දක්වමින් සියළු ධර්ම සංශේලෂණ වශයෙන් මෙන්ම විශ්ලේෂණ වශයෙන් ද දක්වන්නේ එහෙයිනි. එහෙත් ඒ ධර්ම ඒකත්වයක් (සබ්බ ඒකත්තං) යන වැරදි නිගමනයද අභිධර්මයෙන් නො කියැවේ. නාම රූප ධර්ම නිතරම එකිනෙකට සම්බන්ධව අන්‍යෝන්‍ය බලපෑම් ඇතිව ක්‍රියාත්මක වෙයි. ඒවා වෙන වෙනම දක්වන්නේ නිර්වචනය හා විවරණය පමණි. ධර්ම වනාහි සමූහ වශයෙන් ඉපිද ප්‍රවර්තනය වන සංඝටකයෝ වෙති. නාම ධර්ම මෙන් ම රූප ධර්ම මෙසේ සාමූහිකව ඉපදීම එක ධර්මයක තනිව ඉපිදීම ප්‍රතික්ෂේප කිරීම තුළින් තහවුරු කර ඇත. චිත්තයක් උපදින විට අවම වශයෙන් ඵසස, වේදනා, සඤඤ, චෙතනා,එකගගතා, ජිවිතින්ද්රිය (අරූපී) හා මනසිකාර යන සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයෝ ද උපදිති. චිත්තය හා අනිවාර්ය චෛතසික හත අතර ඇත්තේ සහජාන සම්බන්ධයකි. චිත්තය මෙසේ ධර්ම පද්ධතියක් වන අතර රූප සම්බන්ධයෙන් ද මෙසේ පැවසිය හැකිය. රූප ධර්මවල කුඩාම ඒකකය සුදධටඨකය නම් වේ. එහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූත හතර ද කලාප වශයෙන් එක්ව පවතියි. එහෙයින් එයද නියත සහජාත (අනිවාය්යීයෙන් ම එකට උපදින) ධර්ම වන අතර පෙදෙස කො අවිනිබ්භෝග (ස්ථාන වශයෙන් වෙන් කර තැබිය නොහැකි) ද වෙයි. මේ අනුව අප වටහා ගත යුත්තේ පරමාර්ථ ධර්ම යනු ප්‍රතිත්‍ය සමුප්පාදයෙන් බැහැර වූ නිරපේක්ෂ වූ කේවල ධර්ම නොවන බවය. ඒවා තව දුරටත් සියුම් ලෙස බෙදිය නොහැකි බව පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත් ය.
මේ ක්‍රමයට සංඛත ධර්මයන්, චිත්ත, චෛතසික හා රූප වශයෙන් බෙදා දක්වන අභිධර්මය නිර්වාණය, ලෝකෝත්තර පරමාර්ථ ධර්මය වශයෙන් දක්වයි. නිර්වාණ පූර්වෝක්ත සංඛත ධර්ම හා එක්ව සතර පරමාර්ථ ලෙස ව්‍යවහාර කරනු ලැබුව ද එය චිත්ත, චෛතසික හා රූපවලින් සහමුලින් ම වෙනස් බව මෙහිදී අවධාරණය කළයුතුව පවතියි. චිත්ත, චෛතසික හා රූප ධර්මයෝ පරමාර්ථ වශයෙන් හඳුන්වනු ලැබුව ද නො වෙනස්ව පවත්නා නිත්‍ය පදාර්ථයෝ නොවෙති. ඔවුන්ගේ පැවැත්ම අනිත්‍යය. එහෙත් නිර්වාණය පරමාර්ථ සත්‍යය වශයෙන් වචනයෙන් විස්තර කළ නොහැකි බව පිළිගත් කරුණකි. එය අනිර්වචනීය ය.
චිත්ත
අභිධර්මයේ දී යමක් පැහැදිලි කිරීම සඳහා ක්‍රම තුනක් භාවිතා වෙයි. එනම් (1) කාරකයකු හෙවත් කරන්නෙකු පිළිබඳ අදහස මුල් කරගෙන කර්තෘත්ව සමරෝපණයෙන් කරනු ලබන කර්තෘ සාධනය, (2) උපකරණ අර්ථය මුල් කරගෙන කරන් ලබන කරණ සාධනය හා (3) ක්‍රියා සන්තතිය සිදුවන බව මුල් කරගෙන වියුක්ත ස්වරූපයෙන් කරුණු දක්වන භාව සාධනය වශයෙනි. චිත්ත චෛතසිකාදිය පිළිබඳ කරුණු දක්වන විට මේ ක්‍රමය උපයෝගී කරගෙන තිබේ. ආරමමණං විනෙතතීති විතතං (අරමුණ සිතන හෙයින් සිතය) යි පැවසූ විට කර්තෘ සාධනය ද විනෙතනති එතෙන (මෙය කරණ කොටගෙන සිතයි) පැවසූ විට කරණ සාධනය ද විනතන මතතං එව චිතතං (සිතීම් මාත්‍රය ම සිත ය) හෝ පස්ස විජානනං චිත්තං යි පැවසූ විට භාව සාධනය ද ප්‍රකට වෙයි.
“ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං” යන විග්රහයට අනුව අරමුණු විජානනය කරන බැවින් හෙවත් දැන ගන්න ලක්ෂණය ඇති බැවින් සිත යයි නම් කෙරෙයි. ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රීය පස හා මනෝදවාරය නිසාත් ඇති වන විවිධාකාර ඒ සියලු දැනීම සිත්ය. සාමාන්‍ය ව්යහාරයෙහි දැකීම, පෙනීම, ඇසීම වශයෙන් සඳහන් කරන්නේ ද සිත්ම ය. ඇසෙහි රූපයක් ගැටුණු විට ඒ පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එහෙත් එහිදී දැනීම යන වචනය ව්‍යහාර නොකොට දැකීමය. පෙනීමය යන වචන භාවිතා කරයි. කනෙහි ශබ්දයක් ගැටුණු විට ඒ හඬ දැනගැනීමේ සිතක් පහළ වේ. එය අපි ඇසීම යනුවෙන් ව්‍යහාර කරන්නෙමු. මේ අන්දමට ඉන්ද්‍රියන් හා අරමුණු ගැටුණු විට දැනුනාය, පෙනුනාය, ඇසුනාය, කල්පනා වුනාය, හැඟුනාය, තේරුණාය ආදී විවිධ වචන අපි භාවිතා කරන්නෙමු. ඒ සියල්ලෙන් ම ප්‍රකාශ වන්නේ සිතම ය.
බෙරයකට ගසන විට ඒ එක් එක් පහරකට අනුව වෙන වෙනම බෙරහඬ ඇතිවන්නාක් මෙන් ඇස ආදී ඉඳුරන් හි රූපාදී අරමුණු ගැටුණු කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම සිත් ඇතිවේ. ඒ අනුව අරමුණක් නැතිව සිත් ඇති නොවන බව ද තේරුම් ගත යුතුය.
අරමුණු දැන ගැනීම ලක්ෂණ කොට ඇති මේ සිත යම් ක්‍රියාවක් හෙවත් බේදයක් ලෙස ද හැඳින්විය හැකිය. එමෙන්ම බෙරයකින් නිකුත්වන හඬ සැණෙකින් නැතිව යන්නාක් මෙන් මේ සිත් නම් වූ ක්‍රියාවන් ද, වේගවයන්ද සැණෙකින්ම නිරුද්ධ වේ. නැති වී යයි. යම් සිතක් පහළවීමට ගත වූ කාලය ම එහි පැවැත්මටත් නැතිවී යාමටත් ගතවේ. එය සිතේ ස්වභාවයයි. ඒ අනුව සිතකට ඇත්තේ ඉතා කෙටි අායු කාලයකි. සිතක් ඇතිව පැවති, නැති වී යන කාලය “චිත්තක්ෂණය” යනුවෙන් හඳුන්වන්නේ එහි ඇති ක්ෂණික බව නිසාය. සන්තානයක එකවර සිත් දෙකක් නූපදින අතර දෙවන සිතක් උපදින්නේ කලින් උපන් සිත සම්පූර්ණයෙන් නැතිව ගිය විටය. සිතක් ඇතිව නැතිව යන කාලය ඇසිපිය හෙලන කාලයෙන් කෝටි ලක්ෂ ගණනකින් කොටසක් තරමට අල්පය.
එක් සිතක් ඉපිද නැතිවනවාත් සමගම ඒ ක්ෂණයෙහිම අලුත් සිතක් පහළවීම ද සිතේ තවත් ලක්ෂණයකි. නිරොධ සමාපත්ති අවස්ථාව හා අසංඥ භූමියේ ඉපිද සිටින අවස්ථාවක් හැරුණුවිට චිත්ත පරම්පරාවේ සිත් නූපදින අවස්ථාවක් නැත.
විචිත්‍ර බව ද සිතේ පවත්නා තවත් ලක්ෂණයකි. සාමාන්‍ය ඉන්ද්රීයානුබද්ධ ලෝකය විචිත්‍ර ය. එසේ ලෝකය විසිතුරු වී ඇත්තේ අප්‍රමාණ වූ සත්ත්ව, පුද්ගල, වස්තු ද්‍රව්‍ය ආදියෙන් යුක්ත වන නිසාය. සිත ද මේ විචිත්‍ර වූ ලෝකය හා බැඳි විචිත්‍ර ව පවතී. ෙලාව ඇති එක් අරමුණක් ගැනම වුවද සිත එකිනෙකට වෙනස් ලෙසින් පහළ වේ. එමෙන් ම ඒ ඒ අරමුණු කෙරෙහි එක් එක් පුද්ගලයා තුළ පහළ වන සිත් ද විවිධය. එබැවින් ලොව පවත්නා විසිතුරු බවට ද වඩා අප්‍රමාණ ගුණයකින් සිත විචිත්‍ර බව කිව හැකිය.
චිත්තය චෛතසිකය හා බැඳී පවතින්නකි. මේ දෙකෙහි පවත්නා වෙන් කළ නොහැකි සබඳතා මෙසේ අභිධර්මයෙහි දැක්වෙයි.
චිත්ත චෛතසික එක්ව උපදී (එක්කුප්පාද)
චිත්ත චෛතසික එක්ව නිරුද්ධ වේ. (ඒක නිරොධා)
චිත්ත චෛතසික එක අරමුණක එල්බ පවතී. (ඒකාලම්භන)
එක් වස්තුවකම එක් තැන්හීම පවතී.(ඒක වත්තුක)
අභිධර්මයට අනුව චිත්තය ක්‍රියාත්මක අවස්ථා වශයෙන් පුළුල් ක්ෂේත්‍ර හතරකට බෙදා දක්වා තිබේ.
කාමාවචර සිත් (කාම ලෝකවල වැඩි වශයෙන් හටගන්නා සිත්)
රූපාවචර (රූප බ්‍රහ්ම ලෝකවල වැඩි වශයෙන් පහළ වන සිත්)
අරූපාවචර (අරූප ලෝකවල වැඩි වශයෙන් හටගන්නා සිත්)
ලෝකෝත්තර (පංචස්ඛන්ධ සංඛ්‍යාත ලෝකය ඉක්මවා පවත්නා මාර්ග හා ඵල සිත් නිර්වාණය අරමුණු කර ගත් සිත්)
මේ අතුරෙන් කාම රූප, අරූප යන භවත්‍රයට අයත් චිත්තය, ත්‍රෛභූමික සිත් ලෙස හැඳින්වෙයි. සොවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත්, සතර මහ සතර ඵල හා සම්බන්ධ සිත් ද චතුර්භූමික සිත් ගණනයට ඇතුළත් වෙයි. මෙසේ සිත භූමී වශයෙන් සිව් වැදෑරුම් කොට දැක්වෙන අතර, එම සිත්වල පවත්නා සදාචාරාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කෙරෙන ප්‍රභේදයක් ද ඇත. ඒ අනුව සිත අරමුණ ගැනීම් වශයෙන් එක් ආකාරයෙන්, අහේතුක සහේතුක වශයෙන් දෙ ආකාරය, කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් තුන් ආකාරය, කුසල, අකුසල, විපාක, ක්‍රියා වශයෙන් සිව් ආකාරය.
චෛතසික
අරමුණු දැනගැනීම සිත හැටියට අපි හඳුනා ගත්තෙමු. එසේ අරමුණු දැන ගැනීමේ ක්‍රියාව හා සම්බන්ධව පවත්නා අප්‍රධාන ක්‍රියා චෛතසික ලෙස හැඳින්වේ. එවැනි චෛතසික පනස් දෙකකි.ඉතිරි චෛතසික හතලිස් පහ වර්ග කරනු ලබන්නේ මෙසේ ය. චිත්තක, විචාර, අධිමොක්ඛ, වීරිය, පීති. ජන්ද යන ප්රකීර්ණක චෛතසික හය කලින් සඳහන් කළ සබ්බ චිත්ත සාධාරණ චෛතසික හත සහ මෙම ප්රකීර්ණක චෛතසික හය එක්ව ගත් විට අන්‍ය සමාන නමින් හැඳින්වේ. මේවාට අන්‍යසමාන යයි නම් කරනු ලබන්නේ ඔවුනොවුන්ට ප්‍රතිවිරුද්ධ වූ ද සෝභන සහ අකුසල චෛතසික දෙවර්ගය සමඟ ම මෙම චෛතසික යෙදෙන නිසා ය.
ඉතිරි චෛතසික තිස් නමයෙන් දාහතරක් අකුසල චෛතසික ලෙස හැඳින්වේ එනම්, මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දොස, ඉස්සා මච්ජරිය, කුක්කුච්ජ, ථීනමිද්ධ, විචිකිච්ජා යනුයි. මේවා අකුසල් සිත් දෙළහේ පමණක් යෙදෙන බැවින් අකුසල් චෛතසික නමින් හැඳින්වෙයි.
ඉතිරි චෛතසික විසි පහ සොභන රාශිය නම් වේ.එනම්, සද්ධා, සති, හිරිය, ඔත්තප්ප. අලෝභ, අදොස, තත්රමකජ්ඣත්තතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කායලුහුතා, චිත්තලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, ප්‍රඥා.මෙයින් මුල් දහනමය සොභන සාධාරණ චෛතසික නමි. ඒවාට ඒ නම යෙදෙන්නේ සියලු ම සොභන සිත්වල යෙදෙන බැවිනි. සොභන සිත් නම් අකුසල් දොළහ සහ අහේතුක දහ අට යන සිත් තිස හැර ඉතිරි සිත් ය. ඉතිරි හය සොභන අසාධාරණ චෛතසිකයෝ වෙති. ඒ හයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරති නමින් හැඳින්වේ. මේවා විරති නමින් හැඳින්වෙන්නේ කයින්, වචනයෙන් කෙරෙන අකුසලයන්ගෙන් වෙන් කිරීමක් සිදුවන නිසායි. කරුණා. මුදිතා යන දෙක අප්පමඤ්ඤා නමින් හැඳින්වේ. ඒවාට අප්පමඤ්ඤා යයි නම් කරන්නේ අප්‍රමාණ සත්වයන් අරමුණු කොට පහළ වන බැවිනි. අවසානයට ඉතිරි වන්නේ ප්‍රඥා චෛතසිකය යි. සිතින් දැන ගන්නවට වඩා හොඳින්, වඩා පිරිසිදු ලෙස නිවැරදිව අරමුණු ගන්නා ස්වභාවය ප්‍රඥා චෛතසිකය යි.
රූප
සියළු භෞතික පදාර්ථ රූප වශයෙන් දැක්වේ. රුප්පනය හෙවත් සිඳෙන, බිඳෙන සුළු බව රූපයේ ලක්ෂණ වෙයි. පඨවී, ආපෝ,තෙජො සහ වායෝ යන මහා භූත හතර හා වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදාය රූප , රූප වශයෙන් හැඳින්වේ. මෙම අට සුද්ධට්ඨක නම් වේ. මෘත පදාර්ථවල මෙම අට ඇති අතර ජීව පදාර්ථවල ‘ජීවිත’ ද පවත්නා හෙයින් එය ජීවිත නවක කලාප ලෙස හැඳින්වේ. මෙය සත්වයන් සම්බන්ධයෙන් ගන්නා විට තවත් සවිස්තරව රූප 28ක් සේ දැක්වෙයි.
රූප පරමාර්ථය
රූප යන්න විවිධ අර්ථයන්හි යෙදෙයි. එහෙත් බහුල වශයෙන් රූපය ශරීරය යන අර්ථයෙන් යෙදෙයි. දිග, කොට, හතරැස්, වටකුරු ආදී සටහන් ඇති, කුඩා. මහත් ආදී ප්‍රමාණ ඇති එමෙන් ම යම් වර්ණයක් ඇති, සත්වයෙක් හෝ එසේ නොවන සියල්ල ම රූප යැයි හැඳින්වෙයි. වෙනත් ලෙසකින් දක්වතොත් රූපය යන්න ශරීරය යන්නට සමානව යෙදෙන පදයකි.
පරමාර්ථ ධර්ම නාම රූප වශයෙන් බෙදෙයි. එහි එන චිත්ත චෛතසික නිබ්බාන යන තුන් පරමාර්ථ ධර්මයන්හි කිසිඳු සටහනක් දැක්විය හැකි හැඩයක් වර්ණයක් වශයෙන් දැක්විය නොහැකි බැවින් නාම පමනක් නිසා ඒ අනුව තේරුම් ගතයුතු බැවින් නාම යයි හැඳින්වෙයි. ලක්ෂණ කීපයක් එක්තැන් වී ශරීරයක් වශයෙන් රූපයක් වශයෙන් දැක්විය හැකි කොටස රූප වශයෙන් දැක්වෙයි.
රුප්පනය වන බැවින් රූප නම් වේ.(රූපතීති ඛෝ භික්ඛවේ තෂ්ණා රූපන්ති වුච්චති) යනුවෙන් ද රූපය යන්න ධර්මයෙහි නිර්වචනය කොට ඇත. අර්ථ දක්වා ඇත, ශීත, උෂ්ණ ආදියෙන් වෙනස් වීමට විනාශයට පත් වීම මෙහි ‘රුප්පනය’ යන්නෙන් අර්ථවත් වෙයි.
වෙනස් වන ලක්ෂණයෙන් සියලු ම රූප එකසමාන නමුත් මහා භූත රූප උපාදාය රූප යනුවෙන් රූප දෙවර්ගයකට බෙදා දැක්වෙයි. රූපයක් උපදවන, හටගන් වන යන අර්ථයෙන් භූත රූප යන නනම යෙදෙයි. රූපයක් නිසා පවත්නා රූප උපාදාය රූප නම් වෙයි.
පඨවි,අපො, තෙජො, වායෝ යනු භූත රූප සතරයි. අධික තද ගතියෙන් යුත් ගල්, ඇට. මස් ආදිය පඨවි ධාතුවයි. වැගිරෙන ස්වභාවය ඇලෙන ස්වභාවය ඇති වතුර, ලේ, සෙම, ආදිය අපො ධාතුවයි.උණුසුම් ගතියෙන් යුත් ගින්න තේජෙ ධාතුවයි. සැලෙන ගතියෙන් යුත් සුළඟ වායෝ ධාතුවයි. අභිධර්ම විග්රහයට අනුව මේ ධාතු වෙන් වෙන් වශයෙන් පවත්නා දේ නොව, පස්, දිය,ගිනි, සුළං යන සියල්ලෙහි ම ධාතු සතරම පවතියි.
පටවි ධාතු
කර්කශ බව පඨවි ධාතුවෙහි ලක්ෂණය හැටියට දැක්වෙයි. (කක්ඛලත්තා ලක්ඛණතා පඨවි ධාතු) එසේ පඨවි ධාතුව කර්කශ ලෙස ද තද ගතියෙන් යුක්ත ලෙස ද දැනෙන්නේ රූප කලාප ඝනව පිහිටීම නිසාය. රූප කලාප ඝනව නොපිහිටි, වායුව අධිකව ඇති වස්තූන්හි කර්කශ බව මෘදු වූවක් සේ දැනෙයි. කලු ගලක් හා ළදරු සිරුරක් ආදී නිදසුන් කොට බැලීමෙන් එය තේරුම් ගත හැකිය. මේ අනුව රූප කලාපවල පිහිටීම අනුව තද බව හෝ මොළොක්, මෘදු බව පවතින නමුත් තද බව හා මෘදු, මොළොක් යන දෙක ම පඨවි ධාතුවයි. රූප කලාප ඝනව පිහිටා ඇති ගලෙහි හෝ යම්කිසි ලෝහ වර්ගයක් බරට දැනෙයි. වායුව හෙවත් ආකාශ, ආකාශ බහුලව පවත්නා පුළුන් පිඩෙහි සැහැල්ලු බවක් දැනෙයි. ඒ අනුව බර බව හා සැහැල්ලු බව ද පටවි ධාතුවමය.
අපෝ ධාතුව
කර්කශ ස්වභාවයයි දැකපු පඨවි ධාතුවට විසිර යා නොදී ඒකරාශී කොට, පිඬු කොට පවත්වා ගන්නා වූ ස්වභාවය අපෝ ධාතුවයි. ඕනෑම රූපයක අපෝ ධාතුව ඇතුළත පිටත දෙක්හිම පැතිර පවතියි. තමා හා ගැටී ඇති දෙය තමා වෙත ඇඳ ගැනීම, උරා ගැනීම තමාගෙන් ඉවත් වන්නට නොදී අල්ලා ගැනීම අපෝ ධාතුවේ බලයෙනි. ලෝකයේ ඇති වස්තූන් ධූලි මෙන් බැඳී ඝන වී පවතින්නේ අපෝ ධාතුවේ බලයෙනි. පඨවි ධාතුවේ අධිකව ආපෝ ධාතුව අඩුවෙන් පවතින වස්තු ඝනව කැටිව පවතියි. සත්ව ශරීරවල ඇති ඇට, නහර, මස් ආදියෙත්, පස්,ගල්, යකඩ, දැව, ආදියෙහි ආපෝ ධාතුව මදය, පඨවි ධාතුව වැඩිය. තෙල්, වතුර ආදිය දියාරු වැගිරෙන ගතියෙන් යුක්ත වන්නේ පඨවි ධාතුවේ අඩුවෙන් ද ආපෝ ධාතුව බහුලව ද ඇති බැවිනි.
තේජො ධාතුව
උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුවය.පඨවි, ආපෝ, වායෝ යන අනෙක් ධාතුන් පාලනය කරන බලවත් ස්වභාවයක් මෙහි ඇත. මෙමගින් පඨවි ධාතුවෙහි තද බව අඩු කරයි. ආපෝ ධාතුවෙහි වැගිරෙන ස්වභාවය ද අඩු වැඩි කරයි. නිදසුනක් වශයෙන් ගතහොත් මැටියෙන් තැනු බඳුනක් පිලිස්සීමෙන් තද බව වැඩි කරයි. එහිදී පඨවි ධාතුවේ තද බව වැඩි කිරීමකි. ඉටි වර්ග මොළොක් වන්නේ තේජෝ ධාතුවෙන් පඨවි ධාතුවෙහි තද ගතිය අඩු කිරීමෙනි. පැණි හුණු කළ විට කැටි වන්නේ තේජෝ ධාතුවෙන් ආපො ධාතු බලය හීන කිරීමෙනි. ඉටි දියවන්නේ ආපෝ ධාතු බලය වැඩිවීමෙනි. ජලය උණු කරන යිට දුම් නගින්නේ තේජෝ ධාතුවෙන් වාතය වැඩි කිරීමෙනි. මදකුත් පෙර පසු නොවී සිත හා එකටම ඉපදීමත්, සිත නැතිවනවාත් සමගම නිරුද්ධවීමත් සිතින් ගන්නා අරමුණ ම ගැනීමත් සිත හටගන්නා තැනම හටගැනීමත් යන කරුණු සතර චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණයි. “එකුප්පාද නිරොධාව, ඒකාලම්භක වත්ථුකා” යනුවෙන් අභිධර්මාර්ථ සංග්රහයෙහි මේ ලක්ෂණ හතර දක්වා ඇත.
කිසිවිටෙකත් සිතෙන් වෙන්ව චෛතසික ඇති නොවේ. සිතක් (අරමුණු දැන ගැනීමක්) නැතිව ඉපදීමට ශක්තියක් චෛතසික වලට නැත. එමෙන්ම චෛතසිකයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙන්ව සිතකට ද පහළ විය නොහැකිය.
එම චෛතසික සියල්ලම එක සිතක් (අරම්ණු දැන ගැනීමේ ක්‍රියාවක් ) හා නිශ්රයව උපදින්නේ නැත. එක් එක් සිතක් සමග පහළවන්නේ ඒ ඒ සිතට සිත හා චෛතසික අතර පවත්නා සමීප සම්බන්ධය උපමාවකින් දක්වතහොත් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යන ගමනක් නිදසුන් කර ගත හැකිය. එම ගමන සිත හා සමානය. මෙම ගමන තවත් ක්රයාවන් දෙකකින් තොරව කිසිසේත් සිදු කළ නොහැකිය. එම ක්‍රියා දෙකනම් තමන් දැනට සිටින ස්ථානයෙන් ඈත්වීම සහ යන්නට අරමුණු කරන ස්ථානයට ලංවීමයි. ගමන ආරම්භ කරන විට ම මෙම ක්‍රියා දෙක ද සිදුවේ. ගමන චිත්තයට සමාන නම් දෙවනුව දැක්වූ ක්‍රියා දෙක චෛතසික හා සමානය.
පංචස්ඛන්ධ විග්රහයේදී ද විඤ්ඤාණ ස්ඛන්ධයට අයත් චිත්තය, වේදනා සඤ්ඤා, සංඛාර යන ස්ඛන්ධ සමග එකට ක්‍රියාත්මක වන බව ද දැක්වේ.
චිත්තය සමග චෛතසික අනිවාර්යයෙන් ම යෙදෙන බව දැන් අපට පැහැදිලිය. චෛතසික පනස් දෙකෙන් ඕනෑම සිතක් සමග අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික සංඛ්‍යාවක් තිබේ. ඒවා හඳුන්වන්නේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික නමිනි. සිතක යෙදෙන මෙම අවම චෛතසික නම් ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා සහ ජීවිතින්ද්රීය (අරූපි) සහ මනසිකාර යන හතයි.
සෑම රූප කලාපයකම තේජො ධාතුව ඇත. තේජො ධාතුව මගින් අලුත් රූප කලාප ඇති කොට එම වස්තූන් හෝ සත්වයින්ගේ ශරීර විශාල කිරීමත්, ශක්තිමත් කිරීමත් සිදුවන අතර වස්තුවේ පැහැය, ශක්තිය අඩු කිරීම ද සිදුවෙයි. කුඩා දරුවකු ක්‍රමයෙන් වැඩෙන්නේ ද නැවත මහලු බවට පත් වන්නේ ද තේජෝ ධාතු මගින් රූප කලාප පරම්පරාව මෙහෙයවීම නිසාය.
වායෝ ධාතුව
පිම්බෙන, පුම්බවන, තෙරපන ස්වභාවය වායෝ ධාතුවය. කර්කශ ස්වභාවය වූ පඨවී ධාතුව හා බැඳී සිට එයට විසිරී යන්නට නොදී එය ඇඳ බැඳගෙන තබාගැනීම ආපෝ ධාතුවෙන් කෙෙරන අතර, වායෝ ධාතුවෙන් එය පුම්බවනු ලැබේ. නිදසුනක් හැටියට පුළුන් පිම්බී තිබීම වායෝ ධාතුවෙන් කෙරන්නකි. යම් වස්තුවක් ආකර්ශන වේගය ඇති දෙසට ඇදෙන එය තල්ලු කෙරෙන්නේ වායො ධාතුවෙනි. එබැවිනි තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ලෙස දක්වන්නේ යම් වස්තුවක සෙලවීමක් ෙවතොත් වනුයවොයෝ ධාතුව නිසාය. ඇතැම් දෙයක වායෝ ධාතුව අධිකය. එය සැහැල්ලුය. ඒ නිසාම සෙලවෙන සුළුය.
පොදුවේ ගත්විට මේ ධාතු සතරෙන් එකකටවත් අනික් ධාතු තුනෙන් වෙන්වී පැවතිය නොහැකිය. හැම ධාතුවකම මේ සතර මිශ්‍රව පවතී. මේ අනුව යම් තැනක එක් ධාතුවක් වේ නම් ඉතිරි ධාතු තුනද පවතී. ඒවායින් එකකට අනෙක් තුන නිශ්‍රය වේ. දෙකකට ඉතිරි දෙක නිශ්‍රය වේ. මෙම ධාතු ද්‍රව්‍ය නොවන අතර ශක්තීන් ලෙසද බලවේගයන් ලෙස ද හැඳින්විය හැකිය.
භූතරූප ද්‍රව්‍යන් නොවන අතර ඒ සතර අන්‍යොන්‍ය ග්රාහකව පවතියි. එහි ප්‍රතිඵලය වශයෙන් ද්‍රව්‍යයෙහි කුඩාම සංඝටක පහළ වෙයි. පරමාණුව ඉතාම කුඩා දෙයකි. එයද සෑදී තිබෙන්නේ රූප කලාප ගණනාවක් එක්වීමෙනි. රූප කලාපයන්ගේ සියුම් බව, කුඩා බව වඩාත්ම තේරුම් ගතහැකි වෙයි.
උපාදාය රූප
කලින් සඳහන් කළ මහා භූත රූප සතර ඇසුරු කොටගෙන පවත්නා බැවින් උපාදාය රූප යනුවෙන් හැඳින්වෙන අප්‍රධාන රූප විසිහතරක් ගැන සඳහන් වෙයි.
(1) චක්ඛු, සොත, ඝාණ, ජීවිහා, කාය (ප්‍රසාද රූප 5)
(2) රූප, ශබ්ද, ගන්ද, රස (විසය රූප 4)
(3) ඉත්ථින්ද්රීය, පුරිසින්ද්රීය (භාව රූප 2 )
(4) හදයවත්ථු
(5) ජීවිතින්ද්රීය
(6) ආහාර රූපය
(7) ආකාශ ධාතුව
(8) කාය විඤ්ඤත්ති, වචි ඤ්ඤත්ති (විඤ්ඤත්ති රූප 2)
(9) ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා (විකාර රූප 3)
(10) උපවය, සන්තති, ජරතා, අනිච්චතා (ලක්ඛන රූප 4)
නිර්වාණය
පරමාර්ථ ධර්ම අතරට ගැනෙන නිර්වාණය අනෙක් පරමාර්ථනයට වඩා වෙනස් ය. එය ලෝකෝත්තර සිතට පමණක් අරමුණු වන්නකි. රාගාදී කෙලෙස්වලින් හා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්වලින් තොරවූ ශාන්ත සුඛ ස්වභාවයක් වන නිවන බුදුදහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාවයි.
අලෞකික අනුභූතියක් වන නිර්වාණය සැබැවින්ම ලෞකික වූ ව්‍යවහාර භාෂාවන්ගේ වචනවලින් විස්තර කිරීම දුෂ්කර වූ අනිවචනීය ස්වභාවයකි. ප්‍රඥාව වැඩිවීමෙන් සතර මාර්ග ඤාණයෙන් ම පසක් කළයුතු සුඛ ස්වභාවයකි.