අභිධර්ම සාහිත්‍යය
“අභීධර්මය” යන්නෙන් පාලි ත්‍රිපිටකයෙහි තුන්වන පිටකය අදහස් කරන බව ප්‍රකට කරුණකි. එහෙත් අභිධර්ම සාහිත්‍යය ගැන කරන විට එතරම් සරල ලෙස හඳුන්වා නිහඬ වීමට නොහැකි පරිදි අභිධර්ම සාහිත්‍යය විපුල බව කිව යුතුය. ථෙරවාදී බෞද්ධයන් තම තුන්වන පිටකයේ ඇති ග්රන්ථ සප්තකය අභිධර්මය සේ හඳුන්වන විට එම සාහිත්‍යයට වෙනත් ග්රන්ථ සමූහයක් අභිධර්මය සේ ඉදිරිපත් කරන නිකායාන්තර රැසක් ඇති බව සැලකිල්ලට ගන්නට අපට සිදුවෙයි. එමෙන් ම අභිධර්මය යනු බුදුරදුන් විසින් සූත්‍ර මගින් දේශිත ධර්මය විධිමත් ලෙස පද්ධති බන්ධනය කර තේරුම් ගන්නට දැරූ ප්රයන්තයේ ප්‍රතිඵල සේ ගන්නා ඇතැම් නූතන පඬිවරු ථෙරීය අභිධර්මය සාහිත්‍යය පවා ක්‍රම විකාශය වූවක් බව දක්වති. මේ මතිමතාන්තර ගැන අවබෝධයක් ලබා තිබීම බුදුසමය විධිමත්ව හදාරන්නවුනට ඉතා ප්රයෝජනවත්ය.
මුලින් ම අපි ථෙරවාදී අභිධර්ම සාහිත්‍යය පිළිබඳව සළකා බලමු. මෙහිදී ථෙරවාදීන් අතර ප්‍රමුඛත්වය ගන්නා පාලි බසින් අභිධර්ම පිටකය පවත්වාගෙන එන ථෙරීය විභජ්ජවාදී සම්ප්‍රද්‍රය මුල් තැන ලා සැලකිය හැකිය. ජපන් ජාතික බෞද්ධ වියතකු වූ ජේ. තකාකුසු පවසන්නේ අභිධර්ම පිටකය විභජ්ජවාදී ත්‍රිපිටකයේ තහවුරු වූයේ තුනුවන සංගීතියේ දී බවය. එම අවස්ථාවේම ඊට සමාන්තරව තවත් ථෙරීය කණ්ඩායමක් වු සර්වාස්තිවාදීන් විසින් ද අභිධර්මයක් සකස් කරගන්නා ලදී. මෙහිදී අප විසින් තේරුම් ගත යුත්තේ අභිධර්ම සාහිත්‍යය අශෝක රජුගේ සමයෙහි (එනම් තෙවන සංගීති අවස්ථාවෙහි) අළුතෙන් ම ඇති වූ බව නොවේ. අභිධර්මය එසේ එක් අවස්ථාවක සංගීති කාරකයක් විසින් රචනා කරන ලද්දක් නොවේ. තෙවන සංගීති අවස්ථාවෙහි මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසින් සකස් කරන ලද්දේ කථාවත්ථුප්පකරණය පමණි. අනෙකුත් ග්රන්ථ හය ඊට පෙර පැවතුනා විය යුතුය. ථෙරීය විභජ්ජවාදීන්ගේ අභිධර්මයට විරුද්ධව මුල්වරට විකල්ප අභිධර්මයක් සකස් කරගත්තේ සර්වාස්තිවාදීන් නොවේ. අශෝක රජුගේ පියාණන් වූ බින්දුසාර රජ දවස ථෙරීය භික්ෂුවක් වූ වාත්සී පුත්‍ර හිමියෝ එවකට පැවති අභිධර්මය ප්‍රතික්ෂේප කර නව අභිධර්මයක් සැකසූහ. පොත් නමයක් රචනා කර ඉදිරිපත් කළ මෙම නව අභිධර්මයෙන් උන්වහන්සේ කියා සිටියේ බුදු දහමෙහි පුද්ගල සංකල්පය පිළිගැනෙන බවය. බුදුරජාණන් වහන්සේ අනාත්ම වාදය දේශනා කළ නමුත් පුද්ගලයකු නැතැයි වදාරා නැති බව පැවසූ උන්වහන්සේ එම පුද්ගලයා භවයෙන් භවයට විවිධ කායික ස්වරූප ගනිමින් සංක්‍රමණය වී අවසන විමුක්තිය ලබාගන්න බව පැවසූහ. මෙම ‘පුද්ගල’ පංචස්කන්ධයට අතිරේක වශයෙන් පැනවිය හැකි අතර එය ස්කන්ධයෙන් සහමුලින්ම බැහැර දෙයක් නොවන බව ද සංස්කෘත හෝ අසංස්කෘත ධර්මයක් ලෙස වර්ග කළ නොහැකි අව්යකෘතයක් බව ද පවසන ලදී. මේ අදහස් පිළිගත් පිරිස එම ග්රන්ථ නමයේ අභිධර්මය පෙරදැරි කරගනිමින් වාත්සීපුත්‍රීය නමින් නිකායක් පිහිටුවා ගත්හ. ථෙරවාදී ආභිධර්මිකයන් අතර මෙම ප්‍රභේදය හටගන්නා සමයෙහි කථාවත්ථුප්පකරණය රචනා වී නො තිබිණි. එහෙයින් මෙම වාදය හා සර්වාස්තිවාදය පිළිබඳ විවේචන කථාවත්ථුවේ ඇතුළත් කරන්නට හැකි විය.
අභිධර්ම සාහිත්‍යයෙන් සෑහෙන කොටසක් අවශ්‍යයෙන්ම සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාශයක් විග්රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකඡ්ඡා කරමින් විධිමත් ධර්ම ප්‍රකරණයන් සේ සංගෘහිතව ඇතැයි ඒ. කේ. වෝඩර් ප්‍රකාශ කරයි. මෙම කාර්යය බුද්ධ කලයේම සමාරම්භවූ බව ගැන විවාදයක් නැත. බුද්ධකාලීන සංඝරත්නය අභිධර්ම කතාවෙහි නිරතව සිටි අවස්ථා ගැන සූත්‍ර පිටකයෙහි ග්‍රන්ථවල දැක්වෙන්නේ එහෙයිනි. මෙහිදී අභීධර්මය හා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර සම්බන්ධය ද සැළකිය යුත්තකි. සම්ප්‍රදායික මතය අනුව දිව්‍යලෝකයේ දී දේශනා කළ අභිධර්මය බුදුරදුන් විසින් සාරිපුත්ත හිමියනට උගන්වන ලදී. අනෙකුත් භික්ෂූන් වහන්සේ ලා එය උගත්තේ සාරිපුත්ත හිමියන් වෙතිනි. සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය සූත්‍රයේ දැක්වෙන්නේ සාරිපුත්ත හිමියන් අභිධර්ම විවරණ මහා සංඝයාට දේශනා කළ විට ඒවා අනුමත කිරීම බුදුරදුන් විසින් කර ඇති බව ය. ධර්මගුප්තික නිකායේ අභිධර්මය හඳුන්වන්නේ ශාරිපුත්රාභිධර්ම ශාස්ත්‍රීය නමිනි. මේ හැරෙන්නට බහුශ්‍රැතිය නිකායට ද අභිධර්මයක් තිබිණ. මහායානිකයන් අතර විශේෂ අභිධර්ම පිටකයක් සඳහන් නොවුණ ද අභිධර්ම පිටකයන්හි ආ අදහස් විවේඡනය කරමින් තව අභිධර්ම ග්රන්ථ කිහිපයක් යෝගාචාර නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් රචනා කරන ලදී. එම ග්රන්ථ ද අභිධර්ම ග්රන්ථ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. එසේ සමීක්ෂනය කරන විට.
ථෙරිය විභජ්ජවාදී අභිධර්ම සාහිත්‍යය
ථෙරිය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍යය
වාත්සි පුත්‍රීය හා ඔවුන්ගේ අනුනිකායිකයන් (ධර්මොත්තරීය භද්‍රයානික, ෂණ්ණාගාරික, සම්මිතිය) විසින් නිර්මිත පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යය
ධර්මගුප්තික නිකායේ ශාරිපුත්රාභිධර්මය
බහුශ්‍රැතිය නිකායේ අභිධර්මය
මහායාන යෝගාචාරනිකායේ අභිධර්මය
සෞත්‍රාන්තිකයන් අභිධර්මය විවේඡනය කරමින් ඉදිරිපත් කළ සාහිත්‍යය
යන වශයෙන් ඉතා පෘථුල අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳව අපට කථා කළ හැකි වෙයි. මේ හැර විවිධ මහාසංඝික නිකායයන් විසින් ඉදිරිපත් කළ විකල්ප අභිධර්ම කෘතී ද රාශියක් තිබෙන්නට ඇත. එහෙත් දැනට අපට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පමණි. නිදසුනක් වශයෙන් පුද්ගලවාදී නිකාය පහ විසින් රචිත අති මහත් ග්රන්ථ සමූහයෙන් අද අවශේෂව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රය පමණි. (එය ද ලැබුණේ චීන බසිනි. ශාන්ති නිකේතනයේ වෙන්කථරමණන් විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.) මේ හැම අභිධර්ම සම්ප්රදායයක් ම බෞද්ධ චින්තනයේ පොදු උරුමයට හිමිකම් කියන අතර විස්තර ව්යාඛ්යාතයන්හි දී වෙනස්කම් දක්වති. විභජ්ජවාදීන්ගේ පට්ඨාන ප්‍රකරණය ප්‍රත්‍ය විසිහතරක් ගැන කරුණු දක්වතත් සර්වාස්තිවාදීන්ගේ අභිධර්මයේ ප්‍රත්‍ය හතරක් පමණක් දැක්වෙයි. (ඔවූහු හේතු හයක් ද දක්වති.) ශාරිපුත්රාභිධර්මයේ ප්‍රත්‍ය දහයක් හා හේතු තිස්තුනක් දක්වති මෙසේ යම් යම් ප්‍රභේද දක්නා ලැබෙන්නේ අභිධර්ම පිටකයන්ගේ සංවර්ධනය නිකාය භේදයෙන් පසුව ද සිදුවූ හෙයිනි. වෙනත් විදියකින් කිවහොත් අභිධර්මය පිළිබඳ ව ඇතිවුණු මතභේද නිකාය භේද රාශියකට මුල් වූ බව කිව හැක.අබි අභීධර්මය පසෙක ලා සූත්‍ර කරා යමු යැයි සෞත්‍රාන්තික නිකායේ අය පැවසුවේ ද මෙම මතභේද අභිධර්මය නිසා සිදුවන බව පෙනුණු හෙයිනි. එහෙත් ඒ වනවිට ඇති වී තිබුණු ගැටළුවලින් මග හරින්නට ඔවුනට නොහැකි විය. එහෙයින් අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළත් අභිධර්ම ගැටළු මග හරින්නට බැරි වූ තැන ඔවූහු අභිධර්මයට විකල්ප සාහිත්‍යයක් ඉදිරිපත් කළහ. එය ද අභිධර්ම නම නැතත් අභිධර්මයක් ම බව කිවයුතුය.
ථෙරිය විභජ්ජවාදී සම්ප්රදායයෙහි අභිධර්ම කෘති හතක් දක්නා ලැබේ. එනම්.
ධම්මසංඝණිප්පකරණ
විභංගප්පකරණ
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
ධාතුකථාප්පකරණ
කථාවත්ථුප්පකරණ
යමකප්පකරණ
පට්ඨානප්පකරණ
වශයෙනි. මේවා සෘජු ලෙස ම සම්බුද්ධ භාෂිත කෘති බව ථෙරවාදී අට්ඨකථාව අවධාරණය කරයි. මොග්ගලීපුත්තතිස්ස හිමියන් කථාවත්ථුප්පකරණය සකස් කිරීම පිළිබඳ ව ප්‍රශ්නයක් මතු වීම වැළකිය නොහැක. ථෙරවාදී අටුවාචාරීන් එයට පිළිතුරු දෙන්නේ මොග්ගලීපුත්ත තිස්ස හිමියන් එම කෘතිය කර ඇත්තේ බුදුරජුන් විසින් දෙන ලද න්‍යායය පදනම් කරගෙන නිසා එහි කර්තෘත්වය ඒ හිමියනට නොව බුදුරදුන්ට ම හිමිවන බවයි.
ධම්මසංගණීප්පකරණය ථෙරවාදී අභිධර්මයෙහි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් එැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙම මාතෘකා ධම්මසංගතියට පමණක් නොව සමස්ත අභිධර්ම පිටකයට ම පොදු බව සැළකිය යුතු ය. මාතෘකා එකසිය විසි දෙකක් වශයෙන් වර්ග වෙයි. එයින් මුල් විසිදෙක තීක නමින් හැඳින් වේ. ඉතිරිය දුක වශයෙන් හැඳින් වේ. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝ ය. නිදස්නක් වශයෙන් දක්වතහොත් කුසල, අකුසල,අව්‍යකත යන තුන කුශල ත්‍රිකය ලෙස දැක්වේ. සුඛ, දුක්ඛ. අදුක්ඛමසුඛ යන තුන වෙදනා ත්‍රිකය සේ දැක්වේ. මෙබඳු ත්‍රික විසිදෙකකි. දුක හෙවත් දෙකේ ගණවලට නිදසුන් සේ හේතු- නහේතු යන දෙක, හේතු දුකය ලෙස ද, සහේතුක, අහේතුක දෙක සහේතුක දුකය සේද දක්වා තිබීම පෙන්වා දිය හැක. මෙම ලැයිස්තු දෙක නිමවන්නේ සුත්තන්තමාතිකා නම් වූ ධර්ම ගණ හතලිස් දෙකකිනි . ඒවා අභිධර්මයට නොව සූත්‍රවලට අයත් ප්‍රභේද වුව ද සැරියුත් හිමියන් විසින් ඒවා ද ධම්මසංගනී මාතිකාවලට එක් කළ බව අටුවාවේ දැක් වේ.
මාතෘකාවලින් අනතුරුව ධම්මසංගණීය කාණ්ඩ හතරකින් අභිධර්මයෙහි මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එම කාණ්ඩ හතර නම්.
චිත්තුප්පාද කාණ්ඩය-චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසලා කුසල හා අවඨාකත වශයෙන් සළකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳව සාකච්ඡා කරයි. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර,හා ලොකුත්තර භූමිවල පවත්නා ආකාරය ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙයි. අනතුරුව ඒවා කුසල, අකුසල, අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේදැයි විග්රහ වෙයි. මේවා ධම්මවවත්ථානවාරයේදී මොහ්නස, දොම්නස වැනි කවර ගුණයක් තිබේදැයි දක්වනු ලැබේ. කොට්ඨාශවාරයේදී බන්ධ, ආයතන, ඡාතු ආදී කොටස් වර්ග කරනු ලැබේ. කොට්ඨාසවා, සූඤ්ඤතවාර වශයෙන් වඩාත් සියුම් ව විග්රහ කරනු ලැබේ.
රූප කාණ්ඩය- භෞතික රූප පිළිබඳ සාකච්ඡාව ද මාතෘකාවලදි දැක්වූ ප්‍රථම .ත්‍රිකය අනුව ම කෙරෙයි. චිත්තුප්පාදයේදී කෙටියෙන් දැක්වූ අව්‍යකත ධම්ම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ රූප අයත් වන්නේ ඒ ගණයට හෙයිනි. රූප 28ක් සාකච්ඡාවට භාජන වෙයි.
නික්ඛේප කාණ්ඩය- මුලදී වර්ග කර ගන්නට නොලද පරිද්දෙන් ඒ ඒ මාතෘකාවන් අතුරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාව මෙතෙකැයි වෙන්කර දැක්වීම මෙහිදී සිදුවෙයි.
අට්ඨකථා කාණ්ඩය- මෙය අතිරේක සංග්‍රහයකි. කුශල යනු කුමක් ද? අකුශල යනු කුමක් ද, ආදී වශයෙන් ප්‍රශ්න නගා පැහැදිලි කිරීම මෙයින් සිදුවෙයි.
විභංගප්රකරණය
ධර්ම පිළිබඳ විවිධ වර්ගීකරණ ඇතුළත් විභංගප්‍රකරණයෙහි මාතෘකා දහඅටක් න්‍යාය තුනකට අනුව විභාග කර දක්වනු ලැබේ. ඒ මාතෘකා දහඅට මෙසේ ය.
(1) බන්ධ (2) ආයතන
(3) ධාතු (4) සච්ච
(5)ඉන්ද්‍රීය (6) පටිච්චසමුප්පාද
(7) සතිපට්ඨාන (8) සම්මප්පධාන
(9) ඉද්ධිපාද (10) බොජ්ඣංග
(11) මග්ග (12) ඣාන
(13) අප්පමඤ්ඤා (14) සික්ඛාපද
(15) පටිසම්භිදා (16)ඥාණ
(17) බුද්දකවත්ථු (18) ධම්මපදය
මේවා මුලින්මසූත්ර පිටකයෙහි ඇතුළත් ක්‍රමයට අනුව විභාග කර එය සුත්තන්ත භාජනීය වශයෙන් හඳුන්වනු ලැබේ. එම පද ම අභිධර්මයෙහි ක්‍රමයට අනුව විග්රහ කරන විට අභිධම්ම භාජනීය නම් වේ. අනතුරුව ප්‍රශ්න නගා පිළිතුරු සැපයීමේ ක්රසයට සාකච්ඡා කෙරෙයි. එම න්‍යාය හඳුන්වන්නේ පඤහ පුච්ඡා වශයෙනි.
විභංගයෙහි සාකච්ඡා කෙරෙන කරුණු දහඅටෙන් මුල් 6 තුළ සත්වයන්ගේ මානසික හාකායික සංඝටක ඇතුළත් වන අතර එම සංඝටකයන් හසුරුවන ප්‍රධාන නියාම දෙක වශයෙන් අනිච්ච හා පටිච්ච සමුප්පාද දැක්වේ. හත්වැන්නේ සිට දොළොස්වැන්න දක්වා ඇති ධර්ම සත්වයන් සසරින් මුදවන මාර්ගයෙහි අංග වෙති. දහතුන් වැන්නේ සිට 18 වැන්න දක්වා ඇත්තේ මුල් කොටසේ කරුණු පිළිබඳ වඩාත් පරිපූර්ණ ලෙස කෙරෙන විග්රහ වෙති.
ධාතු කථා
මෙය මුල් පොත් දෙක හා එක්ව ගත්විට අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමට අදාළ ප්රමුඛ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකියැයි විචාරකයෝ පවසති. මෙම කුඩා ප්‍රකරණයෙහි ධාතු පිළිබඳ විභංගයට ද වඩා ගැඹුරු විවරණයක් ඇතුළත් වෙයි. මෙහි උපයුක්ත විශ්ටල්ෂණ ක්‍රමය විභංග ක්‍රමයට වෙනස් ය. තික හා දුක ආදී මාතිකා වශයෙන් මුල් ග්‍රන්ථවලදී කැටැ කළ ධර්ම ධාතූ කථාවෙහි දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් බෙදා දහහතර ආකාරයට විශ්ලේෂණය කිරීම මෙහිදී සිදුවෙයි. එම දහහතර විධිය ග්‍රන්ථයේ පරිච්ඡේද දහහත බවට පත්වෙයි.
පුග්ගල පඤ්ඥත්ති
අභිධර්මයේදී ධර්ම විභාගයෙහි පදනම වශයෙන් සම්මුති හෙවත් පඤ්ඤත්ති වශයෙන් එක් ධර්ම වර්ගයක් ද පරමත්ථ වශයෙන් තවත් ධර්ම වර්ගයක් ද දක්වනු ලැබේ. පරමාර්ථ සත්‍යය වියුක්ත පද භාවිතය මගින් විග්රහ කිරීම අභිධර්මයේ මූලික අරමුණ වුවත් හුදෙක් පරමාර්ථ වශයෙන් පමණක් ධර්ම සාකච්ඡා කිරීම දුෂ්කර කටයුත්තකි. ශ්‍රාවකයනට කරුණු අවබෝධ කිරීම පිණිස ලෝක සම්මුතියට අනුව දෛනික ව්‍යවහාර පද හා සංකල්ප භාවිත කිරීමට සිදුවෙයි. අභිධර්මය දෙවිදියක ප්රඥප්ති ගැන කථාතරයි. ප්‍රථම වර්ගය ලොවසැබැවින්ම ඇති දේ ගැන ද සඳහන් කරන අතර දෙවන වර්ගය යථාර්ථ වශයෙන් නැති දේ ගැන සඳහන් කරයි. යථාර්ථ වශයෙන් ම විද්‍යාමාන ප්රඥප්ති ගණයට වැටෙන්නේ ස්කන්ධ, ධාතු, ආයතන හා ඉන්ද්‍රීය වැනි දේ ය. දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා, ස්ත්‍රිය, දෙවියෝ, පුද්ගලයා වැනි යථාර්ථ වශයෙන් බලනවිට විද්‍යාමාන නැතත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරය සඳහා අවශ්‍ය හෙයින් පිළිගත යුතු ප්රඥප්තිය.
අභිධර්ම පිටකයෙහි මුල් ග්රන්ථ වූ ධම්මසංගනී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලදී මුල් ගණයට වැටෙන ස්කන්ධ, ධාතු, ආයතන, සච්ඡ හා ඉන්ද්‍රීය පිළිබඳ සාකච්ඡා හා විශ්ලේෂණ ප්‍රමාණවත්ව සිදුකර ඇත. පුග්ගල පඤ්ඤත්ති ග්‍රන්ථය ඉතිරි ප්රඥප්ති පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ කර ගත්තකි. එහෙත් පඤ්ඤත්ති පිළිබඳ සාකච්ඡාවක් අංග සම්පූර්ණ වීමට නම් පූර්වෝක්ත විද්‍යාමාන ප්රඥප්ති පිළිබඳ ව ද සඳහන් කිරීම අවශ්‍ය හෙයින් ඒවා පිළිබඳ ව ද කෙටියෙන් දක්වා ඇත. බන්ධ පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ඡ පඤ්ඤත්ති, ඉන්ද්‍රීය පඤ්ඤත්ති සහ පුග්ගල පඤ්ඤත්ති වශයෙන් මෙහි පරිච්ඡේද හයකි. හයවන පරිච්ඡේදයේ තම පොතෙහි නම වශයෙන් යොදා ඇත්තේ පොතෙහි මූලික අරමුණ පුද්ගල වශයෙන් ගත හැකි අවිද්‍යාමාන ප්රඥප්තීන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරන හෙයිනි. මෙහි දී අංගුත්තර නිකායේ ද භාවිත ක්‍රමය වන උත්තරෝත්තර ක්‍රමයට සංඛ්‍යාගත කළ පුද්ගල වර්ග අනුපිළිවෙලින් දක්වා ඇත. එබඳු අනු ඛණ්ඩ දහයක් එම පරිච්ඡේදය තුළ දක්වා තිබේ.
කථාවත්ථුප්පකරණ
මෙම ග්‍රන්ථය (පුග්ගල පඤ්ඤත්තියමෙන් ම) සාමාන්‍ය පරමාර්ථ සත්‍ය විග්රහ ක්‍රමයෙන් බැහැරව ව්‍යවහාරික ගැටළුවක් වූ ධර්ම විරෝධී මතිමතාන්තර විවේචනය වෙනුවෙන් කැප වූවකි. “පුද්ගලයෙක් ඇත” “ආත්මයන් ඇත” වැනි ධර්මය විකෘති කරන සංකල්ප බෞද්ධ නිකායාන්තරයන් අතර ඇති වූ හෙයින් ඒවා නිසි සේ නිරාකරණය කොට ථෙරවාදී විභජ්ජවාදී ස්ථාවරය තහවුරු කරලනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රාජ සමයේදී මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. එහෙත් මේ සඳහා භාවිත කර ඇත්තේ බුදුරදුන් විසින්ම දෙන ලද න්‍යාය හෙයින් හෙය ද බුද්ධ වචන වශයෙන් ම සළකා ථෙරවාදී අභිධර්ම පිටකයට ඇතුළත් කර ඇත.
කථාවත්ථුප්පකරණයේ ඇතුළත් කරුණු සකවාද (තම පක්ෂයේ මතය) හා පරවාද (ප්‍රතිවාදින්ගේ මතය) වශයෙන් දෙවැදෑරුම් වෙයි. සකවාද පන්සියයක් ද පරවාද පන්සියයක් ද මෙහි ඇතුලත් ය. ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිවාදියකු හා මොග්ගලී පුත්තතිස්ස හිමියන් අතර ඇති වන විවාදයක විලාසය අනුගමනය කරමිනි. වාද ප්රතිවාද සාකච්ඡා රටාවෙන් ඉදිරිපත් කරන මෙම රීතිය වෙනත් අභිධර්ම ග්‍රන්ථවල රීතියට බෙහෙවින් වෙනස්ය. ඒ වන විට ඇතිව තිබූ මිත්‍යාමත මෙන් ම ඇති වෙතැ යි හැඟුණු මත ද මෙයට ඇතුළත් කර සාකච්ඡා කළ බව කියනු ලැබේ. මේ අදහස් කවර කවර නිකායයනට අයත්දැයි හඳුන්වා දෙනු ලබන්නේ කථාවත්ථු අටුවාවෙනි.
යමකප්පකරණ
බෞද්ධ තර්ක හෙවත් න්‍යාය ශාස්ත්රයේ මූල ග්රන්ථයක් ලෙස සැලකිය හැකි යැයි රිස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් හඳුන්වනු ලබන මේ ග්‍රන්ථය බෞද්ධ දාර්ශනික ගැටළු හා පාරිභාෂික පද පිළිබඳ විචක්ෂණයක් වගා කර ගැනීම පිණිස අදාල වන්නකි.
අභිධර්ම පිටකයට අයත් ඡම්මසංගණී, විභංග හා ධාතු කථා යන ග්රන්ථවලින් සංඛාර ලෝකයේ පවතින ධර්මයන් පිළිබඳ ව පැහැදිලි කරන ලදී. පුග්ගල පඤ්ඤත්තිහා කථාවත්ථු මගින් සත්ව ලෝකයහෙවත් පුද්ගලයන් හෝ ජීවින් විසින් නිරූපණය කරනු ලබන යථාර්ථ නොවූ එහෙත් යථාර්ථ වශයෙන් පෙනෙන ලෝකය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. සංඛාර ලෝකය හා සත්ව ලෝකය පවතින්නේ එකට ය. මේ දෙක ම එක් කර ඔකාසලෝක (අවකාශ ලෝකය) වශයෙන් හැඳින්වේ. මෙම ලෝකත්‍රය ම එකට ගෙන එහි පවතින ධර්ම හා පුද්ගල අතර පවත්නා අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කිරීම යමක මහා ප්‍රකරණයෙන් කරනු ලැබේ. යමකය මෙම කාර්යය ඉටු කරන්නේ ධර්ම යුගල වශයෙන් ගැනීමෙනි. එක් එක් පදයක සම්පූර්ණ වැදගත් කම හා සීමාවන් තීරණය කිරීම සඳහා අනුලෝම හා පටිලෝම යන තාර්කික ප්‍රතිපදා දෙක අනුව මෙම විමර්ශනය සිදු කෙරේ. මෙහිදී කිසියම් පදයක් පිළිබඳ සංශයක් ඇතිවීම වැළකීම සඳහා වෙනත් අර්ථ එයට නොගැලපෙන ආකාරය තහවුරු කිරීම ද කරනු ලැබේ. මේ කාර්යයන් ඉටුකර ගන්නේ ප්‍රශ්න නගා පිළිතුරු දීමේ රටාවෙනි.
නිදසුනක් වශයෙන් :-
සියළු රූප රූපස්කන්ධ ද? යන්නට පිළිතුරු වශයෙන් රූප යන්න ප්‍රිය රූප, මෙබඳු රූප වැනි වාක්‍යාංශ වල ද යෙදෙයි. එහෙත් ඒ තැන්හි රූප යන්නෙන් රූපස්කන්ධය නොහැඟේ යයි පවසා සියළු රූපස්කන්ධ රූප ද යන ප්රශෟනය නගා එයට රසේය’ යන පිළිතුර දෙනු ලැබේ. රූපස්කන්ධ යන්න පුළුල් අරුත් ඇති පදයක් හෙයින් එයට පියරූප-ඵවරූප වැනි පද ඇතුළත් වෙයි.
පට්ඨානප්පකරණ
මෙය විශාලතම අභිධර්ම ප්‍රකරණය වනඅතර අභිධර්ම පිටකයෙහි සංශෙලෂණ කාර්යය ඉටුකරන ග්‍රන්ථය සේ ද හැඳිනවෙයි. ධම්මසංගනියෙහි දැක්වූයේ ධර්ම විශෙලෂණය කරන ආකාරයයි. ධර්ම බෙදමින්, විග්රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මය නම් බහුත්ව වාසයකි යන මිත්‍යාදෘෂ්ටිය කිසිවකුට ඇති වුවහොත් එය දුරුවීමට ධර්ම සංශෙලෂණයක් වූ පට්ඨාන මහා ප්‍රකරණය උපකාර වෙයි. ධර්ම නම් එකිනෙකට අසම්බන්ධව පරිබාහිරව වියුක්තව පවතින දේ නොවෙති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතියි. ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත ඒකක රාශියකි. කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරු එකකි. පට්ඨානය එම සම්බන්ධතා විසිහතර ආකාරයක්නි දක්වයි.ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙයි.
අනුලෝම පට්ඨානය - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතාවන් පවත්නා ස්ථාන විග්රහ කරයි.
පච්චනීය පට්ඨාන - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතා නො පවත්වා සථාන විග්රහ කරයි.
අනුලෝමපච්චනීය පට්ඨාන - සමහර ප්‍රත්‍යය සම්බන්ධතා පවත්නා සහ සමහර සම්බන්ධතා නො පවත්නා තැන් පිළිබඳව දක්වයි.
පච්චනීය අනුලෝම පට්ඨාන - සමහර පච්චය සම්බන්ධතා නැති නමුත් සමහර ඒවා පවත්නා තැන දක්වයි.
පටිච්ච සමුප්පදායෙහි අංග අතර පවත්නා සූවිසි ප්‍රත්‍යයන් මෙම චතුර්විධ ප්‍රභේදය තුළ ආකාර හයකට ක්‍රියාත්මක වන බව දක්වා තිබේ.
තික පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය තික විසි හතරක් අනුව යෙදේ.
දුක පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය දුක සියයක් අනුව බෙදේ.
දුක - තික පට්ඨානය - දුක සියය තික විසි හතරට මිශ්‍රව යෙදේ.
තික - දුක පට්ඨාන - විසි හතරක් වූ තික, සයයක් වූ දුක හා මිශ්‍රව යෙදේ.
තික - තික පට්ඨාන - තික විසිහතර එකනෙක මිශ්‍රව යෙදේ.
දුක - දුක පට්ඨාන - සියයක් දුක සියයක් දුක හා එකිනෙක මිශ්‍රව යෙදේ.
(මෙහිදී දුක නමින් දෙකේ ගොඩ යන්න ද තික යන්නෙන් තුනේ ගොඩ යන්න ද අදහස් වෙයි.) මෙසේ සතරකාර සිවු පට්ඨානය ෂාඩාකාර සය පට්ඨානය හා මිශ්‍ර වූ විට කාණ්ඩ විසි හතරක් වන හෙයින් මහා ග්රන්ථයක් බවට පට්ඨානය පත්වෙයි. එහෙයින් ටිකානු ටිකාවන්හි එය අනන්තනය සමන්තපට්ඨාන ලෙස හඳුන්වා ඇත.