චූල නිද්දේස පාළි of Buddha Jayanthi Tipitaka Series
ජීවිතය අනිත්යයි. ජරා මරණ ඔබ වෙත ළං වෙමින් පවතියි. පරලොව දී පිහිට වන්නේ කුසල් පමණකි. ජීවිතය , නටුවෙන් ගැලවෙන්නට ආසන්න කහ පැහැ ගැනුණු ,ඉදුණු කොළයක් මෙන් ය. ‘පණ්ඩ පලාසෝවදානිසී...’ යනුවෙන් අනිත්යතාව සරල උපමාවක් මඟින් පෙන්වා ඇත. තෘෂ්ණාවෙන් වට කැර ගත් සත්වයෝ ‘මළ පුඩුවේ බැඳුණු සාවකු මෙන්’ බිය වෙති.