නීතිය, යුක්තිය සහ දණ්ඩනය
පුද්ගලයන් සිය කැමැත්තෙන් සදාචාර සම්පන්නව යුක්තිගරුක ව නොහැසිරෙන විට නීතිය අවශ්‍ය වෙයි. නීතියෙන් උත්සාහ කරන්නේ සමාජගත ව ජීවත් වන පුද්ගලයන් අන්‍යයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකරමින් සාමකාමීව සංවර ව ජීවත් කර වීමටය. එසේ ජීවත් කරවීමෙහි ලා නීතිය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන අයට දඬුවම් පැනවීමට ද නීතිය ක්‍රියා කරයි.
මානව සමාජ ඉතිහාසය බුදුසමය ඉදිරිපත් කරන පුරාඛ්යානය අගගඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙයි. මිනිස් සමාජය ක්‍රමයෙන් සංකීර්ණය වී සමාජය තුළ ඇතැම් සමාජවිරෝධී ක්‍රියා ඇති වූ අයුරු හා එම තත්ත්වය යටතේ මානයව අයිතිවාසිකම් ආරක්ෂා කරනු පිණිස නීතිය හා දණ්ඩනය අවශ්‍ය වූ අයුරුත් එහි විස්තර වෙයි. එහි දක්වා ඇති පරිදි නීතිය හා රාජ්‍යය එක වරම මෙන් විකසිත වූ ආයතන වෙති. ඊට පසුබිම් වූයේ තෘෂ්ණාව හේතුවෙන් ඇතැම් පුද්ගලයන් දේපළ අයිතිය පිළිබඳ මූලික මානව අයිතිවාසිකම් බිඳ හෙළීමයි. එයින් සටහන් වන්නේ යුක්තිය බිඳ වැටීමකි. එහෙයින් යුක්තිය ඉටු කිරීම මඟින් කාගේත් අයිතිවාසිකම් රැක දීම පිණිස නීතිය හා දණ්ඩනය ඇති වූ බව පෙනේ.
‘මහාසම්මත’ නමින් හඳුන්වන ලද මුල් ම රජු නීති පනවා, ඒවා ක්‍රියාත්මක කර, නීති කඩ කරන්නවුනට දඬුවම් දීමේ අයිතිය ලබා ගත්තේ ජනතාව වෙතිනි. දේපළ නීති හා අපරාධ නීති වෙන වෙනම සංවිධානය නොවු එම ප්‍රාථමික අවදියේ සියළු නීති මහා සම්මත රජු වෙත කේන්ද්‍ර වූ ජනතාව විසින් පවරා දුන් පරමාධිකාරිය අනුව සකස් වූයේ එක ම රාජ නීති වශයෙනි. රජකු සතු වැදගත් කාර්ය භාරයන් අතර අපරාධ සිදුවන්නට ඉඩ නොතැබීම ද එකක් බව චක්කවත්ති සීහ නාද සූත්‍රයෙන් හෙළිවේ. (මා ච තෙ විජිතෙ අධම්ම කරො පවතතිතථ) අපරාධ මර්ධනය සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම ද එකක් වැදගත් ප්රතිපත්තියකි. එය පුද්ගලයන් විසින් නොව ජනතාව සංකේතවත් කරන රජ හෝ එබඳු රාජ්‍යය නායකයකු විසින් ම කළ මනාය. මුලදී එක්එක් පුද්ගලයන් අපරාධකරුවන් තම මනාපය පරිදි අත් අඩංගුවට ගෙන (එසේ කිරීමට පෙර තෙවතාවක් අවවාද කර නිදහස් ර ඇත.) ජනතාවට දැක් වූ බවත් ජනතාව විසින් ඔවුන් අවවාද කර නිදහස් කළ විට අපරාධකරුවන් තමා නිකරුණේ අත් අඩංගුවට ගෙන හිරිහැර කිරීම ගැන ප්රතිචෝදනා කළ බවත් තිබ්බත දුල්වා ග්‍රන්ථයේ දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ නීතිමය කටයුතු තවත් ප්‍රමාණයක් අධිකාරයක් හා නුවණක් ඇති අයකු විසින් පමණක් කළ යුතු බව ය. මුලදී ජනතාව සතු වූ මේ බලය පසුව රජු වෙත ප වරන ලදී. එසේකරන ලද්දේ අපක්ෂපාතී ව, නිවැරදි ව, සාධාරණ ව නීතිය ක්‍රියාත්මක කිරීමටය.
මානව සමාජයේ මුලික නීතිය හා දණ්ඩනය ඇරඹුණු අයුරු මෙසේ දැක් වුවද බුදුසමය අපේක්ෂා කරන පරමාදර්ශී තත්ත්වය මෙය යැයි වරදවා නොගත යුතුය. මෙම පුවත මඟින් බුදුරදුන් දක්වන්නේ ප්‍රාථමික සමාජයක තොරතුරු ය. සමාජයෙහි නීතිය හා දණ්ඩනය විෂයෙහි පරිණාමි ක්‍රියාවලිය තුල ඇති අර්ථ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමත් මෙයින් සිදුවෙයි. සංකීර්ණ සමාජය තුළ නීතිය වඩ වඩාත් සංකීර්ණ කරගන්නට සිදුවන්නේ අළුතෙන් උදාවන තත්ත්වයනට මුහුණ දීම පිණිස ය. භික්ෂු සමාජය තුළ ද නීති විරහිතව අවබෝධය මත ස්වයං ශික්ෂණයක් පැවැති යුගයක් තිබිණ. බුදුධත්වයෙන් වසර විස්සකට පසු නීති පැණවීම හා දඬුවම් කිරීම ඇරඹිණ. එම අවස්ථාවේ දී තමන් නීති පනවන්නේ කරුණු දහයක් පදනම් කරගෙන බව දකවා තිබේ. එනම්,
සංඝයාගේ සතුට පිණිස
සංඝයාගේ සුවපහසුව පිණිස
වැරදි කරන්නවුනට නිග්‍රහ පිණිස
මනාව හික්මුණු අයගේ පහසුව පිණිස
හටගෙන ඇති වැරදි දුරු කිරීම පිණිස
ඇති විය හැකි වැරදි වළකා ගැනීම පිණිස
නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස
පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිස
සද්ධර්මයෙහි පැවැත්ම පිණිස
හික්මීම දියුණු කිරීම පිණිස
මේ අතුරින් 1 සිට 6 දක්වා කරුණු ගිහි සමාජයේ නීති පැනවීමේ පදනම වශයෙන් සලකනු ලැබීමට යෝග්‍ය බව පෙනේ. සමාජයේ යහපත, පහසුව, සුරක්ෂිතතාව රැක ගනු පිණිස වැරදි කරන්නවුන් හික්මවා යහපත් පුරවැසියනට වාසයට හිතකර පරිසරයක් ඇති කර දීම පිණිසනීති පැනවීම සුදුසු බව පෙනේ. කෙසේ වුවද වඩාත් ප්‍රිය කරන්නේ දකට බියෙන් වරදින් වැළකීමට වඩා සිය කැමැත්තෙන් හා අවබෝධයෙන් වරදින් වැළකී සදාචාර සම්පන්න ව වසන ප්‍රජාවක් ඇති කර ගැනීමට ය. බෞද්ධ දේශපාලන චින්තනයට අනුව උසස් ම රාජ්‍ය ධර්මයක් අනුගමනය කරන චක්‍රවර්තී රාජ්‍යය තුළ නීතිය වශයෙන් ක්‍රියාත්මක වන්නේ පංචශීලය යි. එය ද ජාත්‍යයන්තර මට්ටමෙන් ම ක්‍රියාත්මක වන බව දක්වා ඇත. පංචශීලය නම් සිය කැමැත්තෙන් ම බාරගෙන පිළිපදිනු ලබන සදාචාර ධර්ම පද්ධතියක් ද හා ආඳන ලද නීති පද්ධතියක් නොවේ. එය සෙචවච්ජාවෙන් අනුගමනය කරන සමාජයක සියළු දෙනාටම ආරක්ෂාව සැළසෙන අතර මුලික මානව අයිතිවාසිකම් ද තහවුරු වන හෙයින් දණ්ඩ නීතියක අවශ්‍යතාව පැන නොනඟියි.
බුදු දහම අපේක්ෂා කරන උසස් සමාජයේ ද වැදගත් තැනක් උසුලන බවක් නො පෙනේ. දඬුවම් කරනු වෙනුවට මිනිසුන් වැරදි කරන්නේ මන්දැයි සොයා බලා එම නිධානයට ප්‍රතිකර්ම කළ යුතු බව කූටදත්ත හා චකකවතති සීහනාද වැනි සූත්‍රවලින් පෙනේ. රටේ අපරාධකරුවන් වරදට පෙළඹෙන්නේ ධනය නොමැති කම නිසා බව තේරුම් ගෙන නිර්ධන පංතිය ධන නිෂ්පාදන සිදු වන ආකාරයට කටයුතු යෙදීමෙන් අපරාධ විරහිත සාමකාමී දැහැමි සමාජයක් නිර්මාණය කරගත හැකි බව එම සූත්‍රවලින් ගම්‍ය වෙයි. විශේෂයෙන් ම සියළු දෙනා ම ජිවිතයට ප්‍රිය බව තේරුම් ගන්නා බෞද්ධයන් අතර මරණීය දණ්ඩනය පැවතිය නොහැක. වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව මෙන් ම පළි ගැනීම පහත් ක්‍රියාවක් බව ද බුදුසමය පිළිගනී. මහාසම්මත රාජ පරම්පරාවේ අය ඉතා ම දැඩි දඬුවම් වශයෙන් ක්‍රියාත්මක කළේ තැලීම(තාළන) ගර්හා කිරීම(ගරහන) හා පිටුවහල් කිරීම(පබ්බාජන) පමණක් බව දක්වා ඇත්තේ එහෙයිනි. මහායන බෞද්ධ ආචාර්යවරයෙක් වූ නාගාර්ජුන හිමියන් දඩුවම පිළිබඳ බෞද්ධ ආකල්පය හකුළා දක්වන්නේ මෙසේ ය. “රජකු වැසියනට දඬුවම් කලයුත්තේ කරුණාවෙන් හා ඔවුන් සත්පුරුෂයන් බවට පත් කරගන්නා අභිලාෂයෙනි. වෛරයෙන් හෝ විෂම ලෝභයෙන් ක්‍රියා නොකළ යුතුය. භායානක අපරාධ කළවුන්ට වුවද කාරුණික ව ක්‍රියා කළ යුතුය. නීතියට අනුව තාඩනය, සිරදඬුවම වැනි දේ පැණවූවා වුව ද සිරකරුවන්ගේ ශුභසිද්ධිය සලසා දිය යුතුය.කිසිවෙකු ජීවිතාන්ය දක්වා සිර නොකළ යුතුය.” අත් පා කැපීම හෝ මරා දැමීම කිසිසේත් නොකල යුතුය. සංඝ සමාජයේ ක්‍රියාත්මක අධිකරණ ක්‍රමය තුළ ද බරපතල ම දඬුවම වන්නේ පලවා හැරීම ය. එය ද බරපතල ම වැරදි හතර වූ පාරාජික වරදක් කළහොත් පමණි. අනෙකුත් සෑම අවස්ථාවක දීම උත්සාහ කරන්නේ වැරදි කරු පුනරුත්ථාපනය කිරීම පිණිස ය.
සියළු ම අවස්ථාවන් හිදී යුක්තිය හා සාධාරණය ඉටු විය යුතු බව බුදුසමයේ පිළිගැනීම හෙයින් නීතිය හමුවේ සියළු මිනිසුන් එක සමාන බව පිළිගනිමින් හැම දෙනාටම සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත්, නිවැරදි විනිශ්චයක් ලබා දීමටත් ක්‍රියා කිරීමේ වැදගත්කම, අවධාරණය කර ඇත. අධිකරණ විනිශ්චයට එළඹෙන විනිසකරු කෝපයෙන් තොරව මැදිහත් සිතින් එය කළ යුතු බව දක්වා තබේ. කෝප වූ තැනැත්තාට යුක්තිය නොවැටහේ.(කූදෙධා අත්ථං න ජනානි) සංවර මැදහත් සිතින් යුතුව සියළු කරුණු විමසා තීරණයකට එළඹීම අත්‍යවශ්‍ය ය. එබඳු අවස්ථාවල විශේෂඥ උපසදස් අවශ්‍ය නම් ඒවා ලබා ගැනීම ද සුදුසු ය. කුමාර කශ්‍යප මාතාව පිළිබඳ සිද්ධියේ දී විශාකා උපාසිකාවගේ උපදෙස් ලබාගෙන ඇත්තේ එපරිද්දෙනි.
සංඝ සමාජයේ නඩු විනිශ්චයේ දී අනුගමනය කරන අධිකරණ ගැටළු අතර නූතන ගෘහස්ථනයට ද වැදගත් කරුණු දක්නා ලැබේ. විශේෂයෙන් ම සම්මුඛා විනය නම් වූ චූදිතයා අධිකරණය ඉදිරියට කැඳවා නඩු විභාග කිරීම ඉතා වැදගත් ය. එමෙන් ම සිහි මුලා වී සිටි අයට සමාවක් දීම වූ අමූළ්හ විනය නම් වූ ක්‍රමය ද ඉතා ප්‍රජාතාන්ත්‍රික වූ සාධාරණ වූ ක්‍රියා මාර්ග බව පෙනේ. විශේෂයෙන් ම සංඝයා අතර ක්‍රියාත්මක වූ අතීතයට බලපාන පරිදි නීති ක්‍රියාත්කම නො කිරීම අගය කළ හැකිය. විනය නීතියක් පැනවීමට කළින් වරදක් කළ කිසිවෙකුට පැණවූ නීතියට අනුව දඬුවම් කර නැත. ශික්ෂාපද නැති අවධියේ දී ආදීනව නොදැක (අපඤඤතෙත සිකඛාපදෙ ආනාදීනව දස්සී) කළ වරදක් හෙයින් එයට පූර්ණ සමාව හිමි ය. එමෙන්ම වරදක බාහිර ස්වරූපයට වඩා එයට මුල් වූ චේතනාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ද බෞද්ධ ක්‍රමය යි. මෙයින් අපට පැහැදිලි වන්නේ බුදුසමය නීතිය හා මිනිසාගේ යහපත පිණිස සකස් කරගත් දෙයක් වශයෙන් ක්‍රියා කරන බව හා යුක්තිය පිළිබඳ දැඩි අවදිකමකින් ක්‍රියා කරන බවය. දඬුවම් ලබා දීම ද වරදකරු පුනරුත්ථාපනය පිණිස මිස ඔහු විනාශ කිරීමට නොවන බව ද පැහැදිලි විය.