මානව අයිතිවාසිකම්
සමාජ දර්ශනයක විශේෂයෙන් ම සාකච්ජා කළ යුතු මාතෘකාවක් සේ මානව අයිතිවාසිකම් දැක්විය හැකිය. සමාජගත මානවයන් විසින් අනෙකුත් සාමාජිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී භුක්ති විඳින අයිතිවාසිකම් සමුහයක් තිබෙන බව මේ සංක ල්පයෙන් ගම්‍ය වෙයි. එම අයිතිවවාසිකම් සමාජයක සියළු ම සාමාජිකයනට සාධාරණව භුක්ති විඳීමමට හැකි මට්ටමකින් සීමා කරගනු ලැබීම ද අවශ්‍ය වෙයි. එක්එක් පුද්ගලයන්ට තවත් පුද්ගලයන්ගේ අයිතියට බාධා නොවන පරිද්දෙන් භුක්ත් විඳිය හැකි අයිතිවාසිකම් ප්‍රමාණය උපරිම කර ගැනීම උසස් සමාජවල ලක්ෂණය වන අතර සමාජයේ ඉදිරි ගමනට අනර්ථයක් ෙනාවන අයුරින් ඒවා භුක්ති විඳීම ගැන ද අවධාරණය කරනු ලැබේ.
බොහෝ විට මානව අයිතිවාසිකම් පිළිබඳ ව කතා කරනු ලබන්නේ කිසියම් නීතිමය ස්වරූපයකින් බව වර්තමාන මානව අයිතිවාසිකම් සාකකච්ජාවනට සවන් දෙන අයට හැගෙන්නට ඉඩ තිබේ. තමන්ගේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා අන් අයට එරෙහි ව මානව අයිතිය පිළිබඳ සංකල්ප ඉදිරිපත්කරනු ලැබේ. වෙනත් විදියකින් කිවහොත් මානව අයිතිවාසිකම් යනු නූතන ලෝකයෙහි අන් අයගෙන් ලබා ගැනීම සඳහා සටන් පාඨ වශයෙන් හෝ තර්ක කිරීම් වශයෙන් සනාථ කල යුත්තකි. අනුන් කෙරේ අභියෝගාත්මක වෙමින් ලබා ගත යුත්තකි. බුදුසමය සාමකාමී වූත් අන්‍යෝන්‍යාවබෝධය හා අන්‍යෝන්‍ය ගෞරවය ගුරු කරගත්තා වූත් සමාජ දර්ශනයක් ඉදිරිපත් කරන හෙයින් මානව අයිතිවාසිකම් ද අනුන් වෙතින් අභියෝගයෙන් ලබා ගන්නක් ලෙස නොව අනුන් වෙත අවබෝධයෙන් ලබා දෙන්නක් වශයෙන් උගන්වා ඇති බව මුලින් ම අවධාරණය කළ යුතු ව තිබේ.
මානව අයිතිවාසිකම් පිළිබඳ ව බෞද්ධ සංකල්පය මූලික ද්රර්ශනික සංකල්ප කිහිපයක් මත පිහිටා ඇති බව පෙනේ. එනම්,
මිනිසා සහජයෙන් ම නිදහස් සත්වයෙකි.
මිනිසාත් සමාජයත් ප්රතිත්යසමුප්පන්න ය යන සංකකල්ප දෙක මතය
මිනිසා සහජයෙන් නිදහස් සත්ත්වයකු බව ප්‍රතිෂ්ඨාපනය කර ඇත්තේ ඊශ්වර නිර්මාණවාදය, නියතිවාදය, අධිච්චසමුපපනනවාදය වැනි අදහස් ප්‍රතික්ෂේප කිරීමෙනි. මිනිසා කිසිම බාහිර මැවුම්කරුවකුගේ හෝ බලවේගයක නිමැවුමක්නොවේ. ඔහු පාලනය කරන බාහිර අධිභෞතික දෙවියකු හෝ බලවේගයක් ද නැත. මිනිසාගේ ඉරණම හුදෙක් ඔහු ගේ ම ක්‍රියා කලාපය මත රඳා පවතී. ලෝකයේ බලපාන පොදු නියාම ධර්ම අනුව තම උත්සාහය හා පුරුෂ පරාක්‍රමය වගකීමෙන් යුතුව භාවිතා කිරීමෙන් මිනිසා තම අනාගතය සකස් කර ගනියි. ඔහුගේ සසර ගමන හෝ නිවන ඔහුගේ කැමැත්ත අනුව සිදුවන්නකි.
මිනිසා හා සමාජය පටිච්චසමුපපනත බව ද බෞද්ධ දර්ශනයෙහි මූලික පිළිගැනීමකි. ඒ අනුව සෑම දෙයක් ම විවිධ ප්‍රත්‍යයන් හෙවත් සාධක බලපෑම අනුව ප්‍රවර්තනය වෙයි. කිසි ම දෙයක් ඒක හේතුකව හෝ අහේතුකව සිදු නොවෙයි. අප ජීවත් වන්නේ ස්වභාව ධර්මයේ හා සමාජයේ උපකාරයෙනි. ජීව හා අජීව පරිසරය සමඟ සෑම පුද්ගලයෙක් ම අනිවාර්ය ලෙස බැඳී සිටියි.
මෙම මූලික පිළිගැනීම් ෙදක එක්ව ගත් කසෙමාජගත සත්ත්වයාට තමන් නිදහස් සත්ත්වයකු බව පිළිගන්නා අතර ම තම පැවැත්ම සඳහා අන්‍යයන්ගේ පැවැත්ම ඉතා දැඩි ලෙස බලපාන බව ද පිළිගන්නට සිදුවෙයි. එහෙයින් තමන්ගේ අයිතිය, සොම්නස හා ආරක්ෂාව පිණිස අන් අයෙග් අයිතිය, සොම්නස හා ආරක්ෂාව පිළිබඳ කල්පනා කරන්නට ඔහුට සිදුවෙයි.
ජීව-අජීව පරිසරය නැති නම් අයිතිවාසිකම් භුක්ති විදීමට හැකියාවක් ද නැති හෙයිනි. ජීවත්වීම, සංවරණය, කැමති බසක්, ආගමක්, වෘත්තියක්, භූමියක් තෝරා ගැනීම වැනි අදහස් ලෝකයේ ම තනි ජීවියා බවට පත් වු කෙලක අර්ථ ශූන්‍ය වන බව අමුතුවෙන් කිව යුතුද? එහෙයින් සමාජයක් තුළ ම මානව අයිතිය අර්ථවත් වේ. සමාජය පවත්වා ගනිමින් තම අයිතිය ද භුක්ති විඳිය යුතු වේ. කරණීය මෙත්ත සූත්‍රය සියළු ම ඉසත්ත්වයන් අරමුණු කරගෙන මෙත් වැඩීම නිර්දේශ කරන්නේ එහෙයිනි.
වඩාත් පැහැදිලි ව දක්වත හොත් මානව අයිතිවාසිම් ලබා ගැනීමට සටන් කිරීම වෙනුවට එය ලබා දීමට උත්සාහ කළ යුතුය. ලබාගන්නේ ලබාදීම තුළිනි. අපේ ආරක්ෂාව සැළසෙන්නේ අනුන් ආරක්ෂා කිරීමෙනි. එකිනෙකා විසින් අන්‍යයනට ආරක්ෂාව දීම තුළින් සැම දෙනා ම ආරක්ෂා වෙයි. සමාජ ආරක්ෂාව යනු ආරක්ෂාවේ ඓක්‍යය බව මෙහි දී අප තේරුම් ගත යුතුය. “අනුන් රැකීම මඟින් තමා රකියි.තමා රැකීම මඟින් අනුන් රකියි.” (අතතානං රකඛනෙතා පරං රකඛති. රකඛනෙතා අතතානං රකඛති.) යන බුදුවදනේ අරුත එයයි.
මෙම සංකල්පය යටතේ මිනිස් අයිතිවාසිකම් තෙරුම් ගන්නට වෑයම් කරන විට අනුන් වෙනුවෙන් කැප කිරීම් කරන්නට යාමෙන් අපේ නිදහස සීමා වෙති’යි යමෙකුට ද්රෙම්නසක් ඇති වෙන්නට ඉඩක් ඇත්නම් එය ද අහෝසි වෙයි. අප කැප කිරීම් කරන්නේ අනුන්ට අයිතිවාසිකම් ලබා දෙන්නට පමණක්ද? අප එසේ කරන්නේ අනුන්ගේ අයිතිය ලබාදීම තුළින් පමනක් ම අපගේ අයිතිය ලබාගත හැකි හෙයිනි. නිදසුනක් වහයෙන් ජීවත් වීමේ අයිතිය පිළබඳ ගැටළුව ගනිමු. අපි කිසි ම අවහිරයකින් තොර ව අප ගේ ජීවිතය ආරක්ෂා කර ගන්නට කැමති වෙමු. එය කිසිවෙකු විසින් විනාශ කර දමනවාට අකමැති වෙමු. මෙය අපගේ මූලික මානව අයිතිවාසිකමක් සේ අවධාරණයෙන් කියාපාමු. එසේ නම් එම අයිතිය රැක ගත හැක්කේ ෙකසේද? අනුන් අපගේ ජීවිත විනාශ කිරීමෙන් වළකා ගැනීමෙනි. ඔවුන් අපගේ ජීවිත නොවනසන තත්ත්වයට පත් කරගත හැක්කේ ජීවත් වීමේ අයිතිය ඒ අයට ද ලබා දීමෙනි. සියළු දෙනාටම ජීවත් වීමේ අයිතිය ඇති බව ඔවුන් ද පිළිගන්නේ නම්, ඔවුන් තම ජීවිතය අපෙන් ආරක්ෂා කර ගැනීමට කැමති වනු ඇත. දෙපක්ෂයේම මානව අයිතිය ගැන එකම ස්ථාවරයකට පැමිණ ජීවිතාරක්ෂාව පිළිබඳ අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කරගත් විමසුමකට පැමිණිය හොත් මෙය පහසු වනු ඇත. එක් එක් පුද්ගලයා පරපණ නැසීමෙන් වැළකීම තුළින් කරන්නේ තම පණ රැකීම ෙනාවේද? එහෙයින් අනුන් මැරීමෙන් වැළකීම තුළින් අප කරන්නේ අපේ නිදහසක් සීමා කර ගැනීම නොව අපගේ අයිතිය ලබාගැනීමකි. අන්‍යයන්ට ජීවන අයිතිය අහිමි කිරීම අපේ ජීවන අයිතිය දෙවිධියකින් ම අහිමි කර ගැනීමකි. එක් විදියක් නම්, අන්‍යයන් ද පරපණ නැසීමේ නිදහස භුක්ති විඳිමින් අපේ ජීවන අයිතිය අහිමි කර අප මරා දමන්නට ඉඩ ඇති වීමයි. දෙවැනි විදිය නම් එකිනෙකා මරාගෙන අනුන් ලොවින් තුරන් වුවහොත් අපේ ජීවත් වීමේ අයිතිය අර්ථ ශූන්‍ය වීමයි. අප තනිවම ජීවත් වන විට එය “ජීවත්වීමේ අයිතිය භුක්ති විඳිනවා” යන නිර්වචනයට නොගැපේ. එය අයිතිවාසිකම් නොව ඉබේ ම ලැබෙන්නකි. අනෙක් අතට එබඳ ජීවිතයක් අතිශයින් ම අමිහිරි නිසරු එකක් හෙයින් දිවිනසා ගන්නට අප පෙළඹෙන්නට ද ඉඩ තිබේ. දිවි නසා නොගත්ත ද අපේ සියළු වැඩ අප ම කරගෙන ජීවත් වන්නේ කෙසේද? වඩු වැඩ, මේසන් වැඩ, ගොවිතැන, රෙදි විවිම, ඇඳුම් මැසීම, පාවහන් සාදා ගැනීම, පතපොත ලියා කියවා ගැනීම, ආහාරපාන පිළියෙල කර ගැනීම, වාහන සකසාගෙන ඉන්ධන සපයාගෙන සංචාරය කිරීම ආදී දහසකුත් එකක් අවශ්‍යතා අපට ම කරගත හැකිද? කරගත හැකිම වුවද තනිකම පියවා ගන්නේ කෙසේ ද ?
මෙසේ පරික්ෂා කර බලන විට බුදුසමය මානව අයිතිය දෙස යොමු කර ඇති දෘෂ්ටිය අතිශයින් තත්ත්වානුරූප හා ප්‍රමෝද ජනක එකක් බව පෙනීයයි. සැම දෙනාම විසින් ම අනුන්ගේ අයිතිවාසිකම් ගෞරවයෙන් ආරක්ෂා කර දීම තුළින් අයිතිවාසිකම් පිළබඳ අර්බුධ විසඳී, සටන් පාඨ නැවති නිරායාසයෙන් ම හැම දෙනාටම මානව අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව සැලසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මූලික මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්රකාශනයක් ද කර ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1948 දෙසැම්බර් 10 ද්‍ර ය. එම ප්‍රකාශය එම සංවිධානයේ සාමාජිකයන් තම රාජ්‍යය වල මානව අයිතිවාසිකම් රැකීමෙහි ලා මිනුම් දණ්ඩ වශයෙන් භාවිතා කළ යුතුව ඇත. එහි වගන්ති 30කින් ජාති, කුල, ආගම්, වර්ණ, භාෂා හා දේශපාලන භේද විරහිතව පොදුවේ සියළු මිනිසුනට ජීවත්වීමේ, දේපළ පරිහරණය කිරීමේ, පවුල් ජීවිතයක් ග කිරීමේ, සංචරණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සමිති සමාගම් පිහිටුවීමේ, වැඩ කිරීමේ, විවේක ආස්වාදනය කිරීමේ හා අධ්‍යාපනික සංස්කෘතික සාධක ලබා ගැනීමේ අයිතිවාසිකම් අවධාරණයෙන් උදීරණය කර තිබේ. බුදුදහම මේ හැම අයිතියක් ම ඍජු ව හෝ වක්‍රව අවධාරණය කරන බව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අයිතිවාසිකම් අධ්‍යයනය මඟින් නියත ලෙස පිළිගෙන ප්‍රකාශ කර තිබේ.
මානව අයිතිවාසිකම් වලින් වැදගත් ම අයිතීන් බෞද්ධ සමාජයක තහවුරු කරලන්නේ පංචශීලය මඟිනි. සියළු බෞද්ධ ගෘහස්ථයන් සෙච්ච්ජාවෙන් පිළිපදින සදාචාර ධර්ම පද්ධතිය පංච ශීලය යි. එමගින් පුද්ගලයන්ලග් ජීවත් වීමේ අයිතිය, විවාහ ජීවිතය හා සම්බන්ධ අයිතිය, නිවැරදි අදහස් හුවමාරු කර ගැනීමේ අයිතිය හා උපක්‍රම මඟින් විකල් කර නොගත් සංසුන් සමාජයක් තුළ ජීවත් වීමේ අයිතිය තහවුරු කරනු ලැබේ.
පංචශීලයේ ප්‍රථම ශිල් පදය වූ ප්‍රාණඝාතයෙන් වැළකීම අප විසින් සමාජයේ සියළු දෙනාට ම ජීවත් වීමේ අයිතිය සහතික කීරීමේ ක්‍රියාවලිය ඉටු වන්නේ කෙසේ දැයි මෙහි මුලින් පැහැදිලි කරන ලදී. සියළු සත්ත්වයන් මරණයට අකමැති බවත් (අමරිතු කාමා), ජීවත් වන්නට කැමති බවත්(ජීවතු කාමා), දණ්ඩනයට බිය බවත් (දණ්ඩන භීතා) තේරුම් ගැනීම ශික්ෂාවෙහි පදනමයි. තමන් මෙන් ම අනුන් ද අකමැති මෙම ප්රාණවදයෙන් සියළු දෙනා ම වළකින්නේ නම් සියළු සත්ත්වයන් තම ජීවන අයිතිය ලැබ සුවපත් වන බව බෞද්ධයෝ දනිති.එහෙයින් ප්‍රාණඝාතයෙන් වැළකී අවි අයුධ අතහැර(නිහීත දණෙඩා නීහිත සතේථා) පාපයට ලැජ්ජා වෙමින්(ලජ්ජි) දයාන්විත ආකල්ප ඇති ව(දයාපනෙතා)සියළු ප්‍රාණ භූතයන් වෙත හිතානුකම්පී ව (සබ්බ පාණ භූත හිතානුකම්පී) ජීවත් වෙයි.
ප්‍රමාණවත් සද්පළක් ධර්මානුකූල ව ශ්‍රමය යොදවා(සෙද්රවකඛිතෙතහි,බාහා බල පරිචිතෙහි) උපයා ගැනීමටත්, එය දැහැමිව පරිභෝජනය කිරීමටත් සැම පුද්ගලයකුට ම අයිතියක් ඇත. මෙම අයිතිය බෞද්ධ ඉගැන්වීම තුළ සපුරා පිළිගැනුණකි. දැහැමි පෞද්ගලික දේපළ නීත්‍යානුකූල බව(අදණඩාහර) ද සමාජය විසින් පිළිගත යුතු බව (අනනුවජ්ජ) ද අයිතිකරු කැමති පරිදි පරිහරණයට ඉඩ හළ යුතු බව ද ධම්මපදටඨ කනථාවේ දක්වා ඇත්තේ එහෙයිනි. බෞද්ධ පංචශීලයේ දෙවන ශික්ෂා පදය කිසිවකු තම ධනය අන්යනයකුට සිය කැමැත්තෙන් පවරා ෙදන තුරනෛාගත යුතු බවත් හඟවන්නේ මෙම අයිතීන් තහවුරු කරනු පිණිසය. අනුන්ට මෙම මුලික මානව අයිතිය ලබා දෙන්නා නුදුන් දේ ගැනීමෙන් වැළකී දෙන දේ පමණක් ගැනීමට බලාපොරොත්තු වෙමින් එපමණක් ම ගනිමින්, සොර සිත් නැති ව පිරිසිදු සිතින්(දිනනද්රයි දිනනපාටීකංඛී අථෙනෙත සුවිභුතෙන චෙතසා) වාසය කරයි. සියළු දෙනා ම මෙෙස් කරනවිට දේපළ පරිහරණය පිළිබඳ මානව අයිතිවාසිකම් මනාව ආරක්ෂා වෙයි.
ඒ ඒ සමාජවල කාලීන ව පිළිගැනෙන විවාහ නිතීරිතී වලට අනුකූල ව තම විවාහ ජීවිතය යහපත් ව පවත්වා ගැනීමට අයිතියක් හැමට ම තිබිය යුතුය. එය ද පංචශීලයේ වෙන ශිල්පදයෙන් සමාජයට ප්‍රද්‍රනය කල හැක්කකි. දෙමාපියන් සොහොයුරු සොහොයුරියන් කලතන්ත්රයන් විසින් හෝ තමා ම තමා රැක ගනිමින් වසන කවර ස්ත්‍රී පුරුෂයකුට වුව ද බලහත්කාරයෙන් හෝ රවටනු ලැබීමෙන්දුරාචාරයට භාජනය වන්නට ඉඩක් නැති වන අයුරින් ‘කාමේසු මිච්ජාචාරා වෙරමණී’ යන ශික්ෂාපදය සකස් වී ඇත.
‘මුසාවාදා වෙරමණී’ ශික්ෂාපදය සැකසී ඇත්තේ භාෂාවේ ගෞරවාන්විත හා අර්ථාන්විත භාවිතය පිළිබඳ මානවයාට ඇති අයිතිය තහවුරු කරනු පිණිස ය. බොරුකීම මඟින් සිදුවන්නේ භාෂා භාවිතයෙහි ප්‍රධානත ම අරමුණ වූ අර්ථාන්විත සන්නිවේදනය බිදීයාම යි. බොරු කියන පුද්ගලයකු සමග අදහස් හුවමාරු කරගන්නට උත්සාහ කිරීම නිරර්තකය. සමස්ත සමාජය ම එබඳු තත්ත්වයකට පත් වුවහොත් භාෂාව නිෂ්ප්රයෝජන උපකරණයක් භාවිතයෙන් ඉවතට යා හැක. එවිට සංස්කෘතතියෙහි ඉදිරි ගමන ද නවතියි. සංස්කෘතිය හා මානව ඥානය පරපුරෙන් පරපුරට පවරා දෙන්නේ භාෂාව වාහනය කරගෙන බැවින් මේ අභාග්යයජනක තත්ත්වය වලකා ගත යුතුම ය. එහෙයින් සත්‍යයම භාවිතා කරමින් සත්‍යයට ම කැප වෙමින් මුසාවාදයෙන් වළකිමු’යි ප්‍රතිඥා කිරීම තුළින් අර්ථාන්විත සන්නිවේදනයේ හා නොරවටනු ලැබීමේ මූලික මානව අයිතිය තහවුරු කළ හැකිය.
පස්වන ශිල්පදය වු සුරාපානයෙන් හා සියළු මත්දව්‍ය වලින් වැළකීම පිළිබඳ ප්‍රතිඥාව සාමකාමී සංසුන් සමාජයකට ඉතා අවශ්‍යය. සුරාවෙහි විවිධ ආදීනව බුදුසමය පෙන්වා දෙයි. පානය කරන්නාගේ සෞඛ්‍ය තත්ත්වය, කීර්තිය, විලිබිය හා සදාචාරයෙහි විචක්ෂණය එමඟිනි පිරිහෙයි. විවිධ පාප ක්‍රියාවනට හේ පෙළඹෙයි. ඔහුගේ දේපළ හා අඹු දරුවෝ ද නිරාරක්ෂක වෙති.මෙබඳු ආදීනව විඳින පුද්ගලයන්ගේ සදාචාර විචක්ෂණයෙහි පරිහානිය මුළු සමාජයට ම බලපාන්නකි. කිසිවෙක් එබඳු දුරාචාරීන්ගේ අතවර, අභියෝග හා කලිකළහ මැද ජීවත් වන්නට ප්‍රිය නොවෙති.සමාජයේ අන්‍යයන් සුරා ධුර්ත වුවහොත් අපි මහත් ව්‍යසනයකට මුහුණ පාමු. අප එබඳු ධූර්ත තත්ත්වයකට පත් වුවහොත් අන්‍යයන් ද එබඳු අර්බුදයක මැදි වනු නියත ය. එහෙයින් එබඳු දුරාචාරිත්වයට පත් නොවන බව පිළිබඳ පුද්ගලයන් විසින් කරනු ලබන ප්රතිඥාවන්ගේ ඓක්‍ය වශයෙන් මානව අයිතිය තහවුරු වනු ඇත.
මෙතෙක් කළ සාකච්ජාවෙන් ෙබෟද්ධයන්ගේ දෙනික සදාචාර පද්ධතිය වු පංච හීලයෙන් මානව අයිතිවාසිකම් රාශියක් තහවුරු වන බව අපට පැහැදිලි විය. බෞද්ධයන් සියළු ආගමික කටයුතු , රැස්වීම් හා පුදපූජා අවස්ථාවන් හිදී සාමූහිකව හඬ නගා පන්සිල් සමාදන් වන්නේ පංචශිලය තමන් රකින බව හැමට ම දන්වා සිටිනු පිණිස ය. එසේ ප්‍රසිද්ධියේ පන්සිල් නොගන්නේ නම් ඔවුන් අනුන් වෙත මූුලික මානව අයිතීන් ප්රදානය කරන බව දැනුම් දෙන්නට ක්‍රමයක් නැත. එහෙයින් ප්‍රසිද්ධියේ පන්සිල් මානව අයිතිවාසිකම් විෂයයෙහි අපගේ කැපවීම අන්‍යයන් හමුවේ ප්‍රතිඥා කිරීමකි. නීතිාරීති හා අරගල මගින් තහවුරු කිරීමකට වඩා මෙම සෙච්ච්ජා ප්‍රතිඥාව මගින් හැම දෙනා ම හැම දෙනාගේ ම අයිතීන් විෂයයෙහි සහතික වීම කෙතරම් ප්‍රසන්න ක්‍රියා මාර්ගයක් ද?
මානව අයිතිවාසිකම් පිළිබඳ බුදුසමයෙහි කාර්ය භාරය පංච ශීලයට සීමා වුවක් නොවේ. බෞද්ධ දේශපාලන හා ආර්ථික චින්තනයෙන් ද සමාජ විචාරය තුළින් ද එය ප්‍රකට කර ඇති බව කිව යුතු ය. තමන් කැමති පාලකයකු තෝරා ගැනීම, පාලකයන් අධර්මිෂ්ඨ වන විට ඔවුනට විරුද්ධව විවේචනය කිරීම, සාධාරණ ජන්ද ප්‍රකාශන අයිතිය, ජාති, කුල, ගෝත්‍ර, ආගම්, වර්ණ භේද වලින් තොරව එකම මානව වර්ගයේ සාමාජිකයකු වශයෙන් සාධාරණ නිදහස් පුරවැසියෙකු ෙලස ක්‍රයි කිරීමේ අයිතිය වැනි කරුණු පිළිබඳ ව බුදුසමයෙහි ප්රබුද්ධ අදහස් දක්වා ඇත.
අගගඤඤ සූත්‍රයෙහි දී ජනතාව තම පාලකයා තෝරා ගත්තේ සාකච්ජා කොට ඒකමතිකව බව සඳහන් වීම මෙහිදී නිදසුන් වශයෙන් දැක්විය හැකිය.ඔහුවු එක්ව සම්මන්ත්‍රණයෙන් ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට මහා සම්මත රජු පත් කර ගත්හ. සියළු දෙනාටම සාධාරණ ලෙස ආරක්ෂාව සැපයීම රජුගේ පරම යුතුකම විය. මානව අයිතිවාසිකම් උත්කර්ෂවත් අන්දමින් සරැකෙන හොඳම දේශපාලන සන්දර්භය වූ ප්රජාතන්ත්රවාදය පරමාදර්ශී ස්වරූපයෙන් ඉදිරිපත් කළ ප්‍රථම ෙඑතිහාසික අවස්ථාව අගගඤඤ සූත්‍රය දේශනා කිරීම බව මෙහි ලා සඳහන් කළ යුතුව පවතී. බුදුසමයෙහි ඉදිරිපත් කෙරෙන ප්රජාතන්ත්රවාදය මානව අයිතිවාසිකම් විෂයයෙහි කෙතරම් දැඩි ලෙස අවධාරණය කර ඇත් ද යන්න කාකඋලුක ජාතකයෙන් පැහැදිලි වේ.බකමූණා පක්ෂීනගේ රජු වශයෙන් ඔටුනු පැළඳවීම සඳහා සියළු පක්ෂීන් එකඟව සිටි අවස්ථාවකදී පවා විරුද්ධව සිටි එකම පක්ෂීයා වූ කපුටාට තම අදහස් සබා රැස්වීමේ දී පැහැදිලි කිරීමට ඉඩ දුන් බව එහි කියවේ. තමා නිවැරදි යයි සිතන අදහස ජනතාවට පැහැදිලි කර ජනමතය දිනා ගැනීම සඳහා වූ මූලික මානව අයිතිය මෙම කතාව මඟින් බුදුදහම ලොව හමුවේ තබයි.
ආර්ථික ක්‍රියාවලියට සහභාගිවීමේ දී පුද්ගලයකුට ඇති අයිතිය කූටදත්ත සූත්‍රයෙන් පැහැදිලි කළ හැක. එම සූත්‍රයෙහි දැක්වෙන්නේ ජනතා අසහනය හේතුවෙන් කැරලි කෝළහල තත්ත්වයට ඇද වැටුණු රාජ්‍යයක් සංවර්ධන සැලැස්මක්විධිමත්ව අනුගමනය කිරීමෙන් සමෘද්ධිය කරා යොමු කළ ආකාරයයි. එහි දී බෝධිසත්තවයන් මහ රජතුමාට එම සැලැස්ම විස්තර කරද්දී පවසා ඇත්තේ කෘෂිකර්මය,පශු රක්ෂණය, වෙළඳ්‍රම, කර්මාන්ත, රාජ්‍ය සේවය වැනි වෘත්තීන් ජනාවගේ කැමැත්ත පරිදි තෝරා ගන්නට ඉඩ සළසන සේය. බෞද්ධ පතපොතෙහි අධාර්මික වෙළඳාම් වශයෙන් මස් පිණිස සත්තව වෙළඳාම, ආයුධ වෙළඳාම, විෂ වෙළඳාම, මස් වෙළඳාම, මද්‍ය වෙළඳාම යන ව්‍යාපාර තහනම් කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් නොවේ දැයි මෙහිදී කිසිවෙකු ප්‍රශ්න කරන්නට ඉඩ ඇත.එයට පිළිතුරු වන්නේ එම වෙළඳාම් තහනම් කර ඇත්තේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව ඒවා ආරක්ෂා කිරීමට බවය. පූර්වෝක්ත වෙළඳාම් පහෙන් ම සිදුවන්නේ සාර්ථක ජීවිත ගත කරන්නට බලාපොරොත්තු වන පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි. ජීව-අජීව පරිසරයට හානියකි. එම වෘත්තීන්හි නිරත වූවන් ගේ මනස පවා අධර්මයට හුරු වනු මිස ආය්‍යී මාර්ගයට යොමු නොවන බව අමුතුවෙන් පැහැ්්දිලි කළ යුතු නැති තරම්ය.
කිසිම පුද්ගලයකු උපතින් බ්‍රාහ්මණ හෝ වසලයකු නොවන බව දක්වා ක්‍රියා කලාපය මඟින් මිනිසාගේ උසස් පහත් බව මැනගන්නට ඉඩ හැර තිබීම ද සමාජ ගතිකතාවය තුළ උසස්වීම සඳහා මානවයනට මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමකි. තම කුසලතා උපයෝගී කරගනිමින් දියුණුවීම සඳහා අධ්‍යාපනය, ආර්ඡතික ක්‍රියාමාර්ග හෝ දේශපාලන චය්යීයාවන් උපයෝගී කරගැනීමට බුදුදහම එරෙහි නොවේ. මහ මඟින් අහුලාගත් මීයකුගේ මළ සිරුර විකුණා සිටුවරයකු බවට පත් දුඟියකු පිළිබඳ ජාතක කතාවක් ජාතක පොතෙහි එයි. විශේෂයෙන් පැවිදි වූ පසුව සියළු කුල, වර්ණ, ගෝත්‍ර ආදිය දිය කර හැර එක ම ආය්‍යී ශ්‍රාවක පිරිස තුළ සසුන්ගත වීමට ඕනෑම පුද්ගලයකුට ඉඩ සලසා තිබීම මානව අයිතිය ගරු කිරීම පිළිබඳ ඉතාමත් ව්‍යයක්ත නිදර්ශනයකි. බුදුරදුන්ගේ දහම කිසිම ප්‍රාදේශීය ව්‍යවහාරයක හෝ භාෂාවක හිර කර නොතබා විවිධ ප්රසද්ශවල විවිධ ප්රජාවනට තම තම භාෂා ව්‍යවහාරයන්ගෙන් ඉගෙනුමට ඉඩ සලසා ඇත්තේ ද මානව අයිතිය සුරකිමිනි.