ජාතිවාදය සහ සමාජ ස්තරායණ
මිනිස් වර්ගයා විවිධ ආකාරයෙන් බෙදා දැක්වීම දුරතීතයේ පටන් ම පැවත ආ සිරිතකි. ජාති වශයෙන්,පන්ති වශයෙන්, කුල වශයෙන්, ගෝත්‍ර වශයෙන් බෙදී වාර්ගික හැගීම් මගින් එකිනෙකා පරයා කැපී පෙනෙන්නට හා වරප්‍රසාද ලබන්නට යත්න දැරීම නිසා මිනිස් වර්ගයා අතර සාමය බිදි වැටුණු අවස්ථා සුළබය. ඡවි වර්ණය, හිස කෙස්, මුහුණේ විශේෂතා ආදිය මුල් කරගෙන කෝකසොයිඩ්, නෙග්රොයිඩ් හා මොංගලොයිඩ් වහයෙන් බෙදා දැක්වීම කරන අතර. මෙම වර්ගයන් නැවත නැවත අනු ප්රභේදනට බෙදනු ලැබේ. නට්සිවාදීහු (හිට්ලර් විසින් නායකත්වය දෙන ලද චින්තන ක්රමයකි.) ඉතා අන්තවාදී ක්‍රමයකට ලෝකයේ ඉතා පවිත්‍ර වර්ගයන් ගැන විශ්වාස කොට දරුණු ගැටුම් ඇති කළහ.ජාතිය හැරුණු කොට කුලය හා එබදු වෙනත් ප්‍රභේද මුල් කරගනිමින් වරප්‍රසාද හා ලාබ ප්‍රයෝජන ලැබීම ද සමාජයේ දක්නට ලැබෙන්නකි.
භාරතයේ බුද්ධකාලීන ව පැවති මූලික බෙදුම වූයේ ක්ෂත්රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර වශයෙන් කොටස් හතරකට බෙද්‍ර දැක්වීමයි.ජාති, කුල, ගොතත, වණණ යන පද හැමෙකක් ම පාහේ මාරුවෙන් මාරුවට මෙම ප්රභේදයන් සදහා පෙළ පොත්වල යොදා ඇත.භාරතීය ප්‍රධාන ආගමික සම්ප්‍රද්‍රය වු බ්‍රාහ්මණික චින්තනයෙහි මෙම වර්ණ හතර උසස් හා පහත් වශයෙන් වෙන් කර ආර්ථික සමාජ හා දේශපාලන වරප්‍රසාද ඒ අනුව අඩු වැඩි වශයෙන් නීර්ණය කර තිබිණි. එහෙත් තමන් වහන්සේ මෙම වර්ණ හතර අතර කිසිම වෙනසක් නොදක්නා බවත්, ඒ හතරේ ජනයා සම සම බවත් බුදුරදහු වද්‍රළහ. කවර බාහිර ලක්ෂණ තිබුණ ද මුළු මහත් මානව වර්ගයා ම අයත් වන්නේ එකම මිනිස් ගණයට බව නූතන විද්‍යාඥයන් විසින් ද පිළිගනු ලැබේ. බුදුසමයද මෙම ස්ථාවරයේ පිහිටා ඇති බව බුදුරදුන්ගේ දේශනා විමසුම් සහිතව නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත.
භාරතයේ පැවති චතුර්වර්ණය පිළිබද ප්‍රභේදය ඉතා වැදගත් ආගමික සංකල්පයක් වශයෙන් අවධාරණය කළේ බමුණන් විසිනි. ලෝකය නිර්මාණය කළ මහාබ්‍රහ්ම මනුෂ්‍යයා නිර්මාණය කළේ චතුර් වර්ණය අනුවම බව සෘග්වේදයෙහි පුරුෂ සුක්තය මගින් ඔවුහු ප්‍රකාශ කළහ.
“බ්රාහ්මණෝස්ය මුඛමාසිද් - බාහු රජන්යඃ කෘත :
ඌරු තදස්‍ය යද් වෛශ්යඃ - පද්භ්‍යාං ශුද්‍රෝ අජායත”
(ඍග්-x-90.12)
මේ ප්‍රකාශය අනුව වර්ණය හෙවත් කුලය මිනිසාගේ ජන්ම උරුමයකි. එ ය වෙනස් කළ නොහැක.මෙසේ වර්ණ භේදය ආගමික සංකල්පයන් බවට පත් කොට නොනැතුණ බමුණෝ සියළු ආගමික-දේශපාලන-ආර්ථික සහ අධ්‍යාපනික කටයුතු මේ වර්ණ අනුව සහජයෙන් ම ඒ ඒ අයට වෙන් කොට ඇති බවද ප්‍රකාශ කළහ.
ඒ අනුව,
1.බ්‍රාහ්මණ වර්ණය - ඉගෙනීම, ඉගැන්වීම, යාග-හෝම කිරීම, දන් දීම හා දන් පිළිගැන්වීම.
2.ක්ෂත්රීය වර්ණය - ප්‍රජා රක්ෂණය (රාජ්‍ය පාලනය) යාග- හෝම පැවැත්වීම, අධ්යයන්ය
3.වෛශ්‍ය වර්ණය - පශු පාලනය,කෘෂිකර්මය, වෙළදාම,මුදල් ණයට දීම,අධ්‍යයනය,යාග පැවැත්වීම.
4.ශුද්‍ර වර්ණය - ප්‍රථම වර්ණ තුනට මෙහෙ කිරීම.
යන ආකාරයට වර්ග කරන ලදී.මේ එක් එක් කාර්ය්ය භාර එම වර්ණයට අයත් ස්වධර්මය වශයෙන් නම් කරන ලදී. එම ධර්ම නිසි පරිදි අනුගමනය කිරීම ඉතා උතුම් ආගමික පැවැත්මක් බව ද එසේ ස්වධර්මය අනුගමනය කිරීම මගින් විමුක්තිය ලද හැකි බව උගන්වන ලදි. ප්‍රථම වර්ණ තුනේ අයට විපත්ති අවස්ථාවකදී තමන්ට වඩා පහත් වර්ණවල ධර්මය ද අනුගමනය කිරීමට අවසර දි තිබිණ. එය හදුන්වන ලද්දේ ‘ආපද්ධර්මය’ නමිනි.ප්‍රථම වර්ණ තුනේ අයට උපනයනය නම් වු දෙවන උත්පත්තියක් බදු වැදගත් ආගමික තත්වය ලබා ගත හැකි වූයේය. එහෙයින් දෙවරක් උපදින්නෝ යන අරුතින් ඔවුහු ‘ද්විජ’ නම් වුහ.
මිනිසුන් මෙසේ උපතින් ම බෙදා ඔවුන්ගේ දේශපාලන-ආර්ථික හා සාමාජික අයිතීන් සීමා කර ප්‍රගතියට බාධා කර තිබීම අනිසි දෙයක් බව බ්‍රාහ්මණ ධර්මානුකූල ව තම චින්තනය මෙහෙයන්නෝ නො පිළිගනිති. ඔවුන්ගේ අදහසේ හැටියට මෙම වර්ණ සංකල්පය ශ්‍රේෂ්ඨත්වය පිළිබද සනාතන මිනුමකි. බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨය,අනිත් වර්ණ පහත්ය. බ්‍රාහ්මණයෝ සුද්ධිය ලබති. අන්‍යයෝ නොලබති’යි බුද්ධකාලින බමුණෝ පැවසුහ. සියළු ආර්ථික- දේශපාලන හා සමාජ ඇගයුම්වල පදනම මෙම වර්ණ ධර්මය බව විශ්වාස කළ ඔවුහු තම සමස්ත සමාජ දර්ශනයම ඒ හා ගැලපු හ. මෙම වර්ණ සංකල්පය පිළිබදව වර්තමාන විවේචන නුරුස්නා භාරතීය හින්දු ලේඛකයෝ මෙය ශ්‍රම විභජනය සදහා නිරාකූල හා ස්ථාවර පදනමක් සපයන බව කියති. මෙම ක්‍රමය පිළිගන්නා සමාජයක හැම වෘත්තියකට ම අද්‍රළ පුද්ගලයන් හිග නොවන බව පවසන ඔවුහු එසේ නොවුවහොත් ඇතැම් රැකියා කිරීමට පුද්ගලයන් නැතිව යා හැකි බව පවසති. එමෙන් ම එක් පරපුරක- පවුලක පුද්ගලයන් දිගටම එක ම වෘත්තියක නිරතව සිටින විට පුහුණු ශ්‍රමය හා විශේෂඥතාව ලබාගැනීමේ පහසු තත්ත්වයක් උද්රවන බව ද ඔවුහු පවසති.
එහෙත් බුදුරජාණන් වහන්සේ මෙම වර්ණ භේදය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි වු ඓතිහාසික වශයෙන් අර්ථ ක්රියාකාරිකකකත්වය ඉක්මවා ගිය (යල් පීනු) විද්‍යාත්මක හා තාර්කික නොවන නිරර්ථක සම්මුතියක් මිස ආගමික හා සනාතන වැදගත් කමකින් යුක්ත නොවුවක් බව පෙන්වා දුන් හ. එසේ පෙන්වා දීමෙන් නොනැවතුණු උන් වහන්සේ ප්‍රායෝගික ක්‍රියා මාර්ග තුළින් එයට විරුද්ධව ක්‍රියාකරමින් මානව සමානත්වය ස්ථාපිත කිරීම පිණිස ආදර්ශයන් ද දුන්හ.
වර්ණ භේදය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට පටහැනි වු, ප්රජාතන්ත්රවාදී නොවු ඒක පාක්ෂික බෙදුමක් බවත්, එය පිළිගැනිමට මිනිසුන් බැදී නැති බවත් හෙළි කරනු ල බන්නේ එසුකාරී සූත්‍රයෙනි. බුදුරදුන් හමුවට පැමිණි එසුකාරී බමුණා බ්‍රාහ්මණයන් විසින් බ්‍රාහ්මණ, ක්ෂත්රීය, වෛශ්‍ය හා ශුද්‍ර යන සිවු කුලයට චතුර්විධ පිළිපැදීම් (පාරිචරියා) ක්‍රමයක් නිර්දේශ කර ඇතැ’යි පැවසු විට එය සිවු කුලයේ ම ජනයා විසින් ඒකමතිකව පිළිගෙන තිබේදැයි උන්වහන්සේ විමසු හ. එයට බමුණා ‘නැත’යි පිළිතුරු දුන් විට එසේ නම්, බමුණන් කරන්නේ මිනිසෙකුට බලහත්කාරයෙන් මස් කවා මුදල් අයකර ගැනීම වැනි ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් හ. යමකු නොපිළිගන්නා ප්‍රභේදයක් බලහත්කිරයෙන් ඔහු පිට පැටවීමේ වරද බමුණන්ට මෙහිදී පැවරේ. බමුණන් ප්රජාතන්ත්රවාදී නොවන ඒකපාක්ෂික ඒකාධිපති ක්‍රියාවක් කර ඇති බව මෙයින් හෙළි කර ඇත.
වර්ණ භේදය යුක්ති’යුක්ත කිරීම පිණිස බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරන ලද ඥන විභාගමය පදනම ද බුදුරදුන්ගේ විවේචනයට ලක් වී තිබේ. බමුණන් මෙම වර්ණ භේදය සනාථ කරන්නේ එය වෛදික ශ්රැතියෙහි අන්තර්ගත වු තමන් වෙත පරපුරෙන් උරුම වු ආගමික පිළිගැනිමක් බව කියාපාමිනි. එම පදනම පිළිගත නොහැකි බව අස්සලායන සූත්‍රයේදී පෙන්වා දී ඇත. බ්‍රාහ්මණයන් උපන්නේ බ්‍රහ්මයාගේ මුඛයෙන් බව දැක්වෙන බ්‍රහ්මණ මතය ගැන බුදුරදුන්ගේ අදහස අස්සලායන විසින් විමසන ලදී. එවිට බුදුරදුන් පවසා ඇත්තේ බ්‍රාහ්මණයන්ගේ උත්පත්ති ක්‍රමය සාමාන්‍ය වෙනත් පුද්ගලයන්ගේ උත්පත්ති ක්රමයම බව වැඩිවිය පැමිණෙන ගැබ් දරන දරුවන් බිහි කරන හා දරුවන්ට කිරි ෙපාවන බැමිණියන් දක්නට ලැබීමෙන් සනාථ වන බවය. ඊට වඩා වෙනස් ක්‍රමයකින් ආදි ම බ්‍රහ්මනයන් පහළ වුවා විය නොහැක. එසේ බවට බමුණන් තර්ක කරන්නේ අනුස්සාවය හෙවත් පරම්පරාගත විශ්වාසය ප්‍රමාණ වශයෙන් ගනිමිනි. එහෙත් පරම්පරාගත විශ්වාස ඇත්ත වීමට මෙන්ම බොරු වීමට ද ඉඩ කඩ ඇති බව බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇත.චංකී සූත්‍රයෙහි දී උන්වහන්සේ වද්රළේ “මම මෙය දකිමි, මම මෙය දනිමි” යනුවෙන් කියාපාන්නට සමත් අයකු බමුණු පරපුරේ කිසි කලෙක නොසිටී බවය. හැම දෙනම හුදු සාම්ප්‍රදායික විශ්වාසය ම දක්වන බවය.එසේ එහෙයින් බමුණනගේ විශ්වාසය අන්ධයන්ගේ පෙරහැර බදුය. මුලින් ගමන් කරන අන්ධයාට මග නොපෙනේ. ඔහුගේ වේවැල(කනවැල) අල්ලාගෙන පස්සෙන් යන අය අතර අන්තිමයා දක්වා කිසිවෙක් මග නොදකිති. එහෙයින් අනුශ්රාවය වැදගත් ප්‍රමාණයක් නොවන හෙයින් කුල භේදයේ වැදගත බව එමගින් තහවුරු නොවේ.
එසේ නම් කුල භේදය වැන්නක් සමාජයේ පවතින්නේ කවර හෙයින් ද? එය පහළ වුයේ කවරදාද? එය කිසි කලෙකට සමාජයට ප්‍රයෝජනවත් සංකල්පයක් නොතිබිණිද? මේ ගැටළු පැහැදිලි කිරීමද බුදුරදුන් විසින් කළයුතුව තිබිණි. උන්වහන්සේ එම කරුනු අගගඤඤ සුත්‍රයෙහි දි ෙඑතිහාසික හා සමාජ- මානාව විද්‍යාත්මක ස්වරූපයෙන් පැහැදිලි කර තිබේ.මෙම විවර්ත කල්පයෙහි මුල් අවදියේ දී මිනිසා ඍජු පරිභෝජන ආර්ථිකයෙන් කෘෂි ආර්ථිකයට මාරු වු සමයෙහි ඉඩම් අයිතිය පිළිබද ආරවුල් නිසා සමාජයේ අධර්ම තත්ත්වයක් ඇති විණි. එය නිරාකූල කර යුක්තිය පසිදලීම පිණිස රජ කෙනෙකු පත් කර ගැනීම ස්වභාවික අයුරින් ඇතැම් පවුල් විවිධ සමාජ- ආර්ථික කාය්යීවලියට යොමු විය. වර්ණ සම්මුතියක් ඇති වුයේ එහි ප්‍රතිඵලයක් වශයෙන් බව එම සූත්‍රයෙහි විවරණය වෙයි. එහි දැක්වෙන පරිදි, මහාසම්මත රජුගේ පවුලේ අය ඛන්තීය හා රාජා යන නාමයන් ලැබුයේඔවුන් ඉටු කළ කාර්යය අනුවය. මුල් යුගයේ බමුණෝ පව් බැහැර කරන්නෝ යන අරුතින් බ්‍රාහ්මණ වුහ. වෙන් වෙන් ශිල්ප කර්මාන්තයේ නිරත වූවෝ වෛශ්‍ය නම් වූහ. සුළු සුළු හා රළු මෙන් ම දුෂ්කර වෘත්තීන්හි නිරත වූවෝ ශුද්‍ර වූහ. එම ව්‍යවහාරය ඔවුන්ගේ චය්යීයා ධර්ම අනුව මිස ඊට පටහැනිව භාවිත නොවූ බව පවසා තිබේ.(ධම්මේනේව නෝ අධම්මේන) එය කෘතය මූලික (යෙදුණු වෘත්තිය මුල් කර ගත්) සම්මුතියක් විය. ඒ රැකියා අත්හරින විට, සමාජ කාය්යී මාරුවන විට එම සංඥ ද වෙනස් විය යුතුය. බුද්ධ කාලය වනවිට බමුණන් ගොවිතැනට බැස තිබුණු අතර ක්ෂත්රීය හා වෛශය පවුල් වල අය ආගමික- දාර්ශනික කටයුතු වලට යොමු ව තිබිණි. එබදු විටක වෘත්තිය අනුව ගොවියා ගොවියෙකු ලෙස හදුන්වනු මිස බමුණෙකු යයි කීම අනවශ්‍යය. (කම්මනා කස්සකෝ හෝති.කම්මනා හෝති සිප්පිකෝ= කරන රැකියාව හෙවත් කර්මය නිසා කෘෂිකාර්මිකකේ හෝ ශිල්පී කාර්මිකයෙක් වෙයි යනු මෙහි අරුතය.) වෙනත් විදියකින් කිවහොත් බුද්ධ කාලය වන විට වර්ණ හතර යල් පැන ගිය, අර්ථ ක්‍රියාකාරිත්වය ඉක්මුණු ව්‍යවහාරයකි. වැදගත්කමින් තොර වු සමාජ සම්මුතියකි. සමාජයක් යනු නිරතුරුව වෙනස් වන්නක් හෙයින් සමාජවල පන්ති ද නිරතුරුව වෙනස් වෙයි.එයට නිදසුනක් වශයෙන් යෝන හා කාම්භේජ යන ප්‍රදේශ බුදුරදුන් විසින් ම දක්වා තිබේ. එම ප්‍රදේශවල ඇත්තේ ආර්ය සහ දාස නම් වු පන්ති දෙකක් පමණි. කලින් කල සිදුවන විපර්යාසවලට අනුව එක් කලෙක ආර්ය හෙවත් ස්වාමි ගණයෙහි සිටි මිනිස්සු එයින් පිරිහී දාස බවට පත් වෙති. ඒ අනුව මිනිසුන් පිළිබදව ඇතඅ කරගන්නා සමාජ සම්මුති සනාතන වශයෙන් වලංගු වන්නේ නැත. ඒවා පදනම් කරගෙන මිනිසුන් උස්- පහත් වශයෙන් වර්ග කර ඔවුන්ට විමුක්තිය හෝ වෙනත් ආගමික- සාමාජික හිමිකම් අහිමි කිරීම යුක්ති සහගත නොවන බව ෙබෟද්ධ ස්ථාවරයෙන් ගම්‍ය වෙයි.
වර්ණ හතර මිනිසා පිළිබද ස්ථාවර වර්ගීකරණයක් සේ සැලකීමට නම් එයට විද්‍යාත්මක වු පදනමක් තිබිය යුතුය. එබදු ජීව විද්‍යාත්මක ප්‍රභේදයක් ලෙස වර්ණ භේදය තහවුරු කිරීමට ජාති ලක්ෂණ වර්ණ හතරට වෙන වෙන ම නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ගස් වැල් වෙන් කර හදුනා ගන්නේ ඒ ඒ ශාක වර්ගයට උරුම ජාති ලක්ෂණයන් ඇති නිසා බව වාසෙට්ඨ සූත්‍රයේ දී පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ සතුන් පිළිබදව ද තත්ත්වය එයම බව දැක් වුහ. තණ පදුරු, මහා වෘක්ෂ, කෘමීන්,පක්ෂීන් සිවුපාවුන් අතර එක් එක් වර්ගයා වෙන් වෙන් ව හදුනනු වස් භාවිත ප්‍රකට ජීව විද්‍යාත්මක පදනම මිනිසුන් අතර නැත.හිස කෙස් පටන් පාදය දක්වා කායික ලක්ෂණ හා කටහඩ, මෛථුනය වැනි ලක්ෂණ පවා අපගේ අවධානයට යොමු කළ බුදුරදහු ඒ හැම එකකින් ම හෙළි වන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයා එක් ජීව විද්‍යාත්මක කොට්ඨාශයක බව යැයි පෙන්වා දුන් හ.
මිනිසුන් පිළිබද විද්‍යාත්මක වර්ගීකරණයක් වශයෙන් වර්ණ හතර අර්ථ ශුන්‍ය බව දැක්වීමට ඔවුන්ගේ කායික සාඵල්‍යය ද තර්කයක් ලෙස භාවිතා කර ඇත. අසසලායන සූත්‍රයේ දී විවිධ ජාතික මිනිසුන් සියයක් ගෙන්වා ඔවුන් ලවා ගිනි දැල් වුවහොත් ඒ ගිනි වල වෙනසක් මිනිසුන්ගේ ජාති ගෝත්‍ර අනුව නොපනෙන බව පෙන්වා දි ඇත. බමුණන් කාටත් වඩා උතුම් ජාතියක් නම් ඔවුන් දල්වන ගින්න ආලෝකයෙන්,තාපයෙන්, වර්ණයෙන් හා ප්‍රමාණයෙන් අන් අයගේ ගිනි අභිබවා සිටිය යුතුය. ස්නානයද නිදසුනක් සේ ගෙන කවර ජාතියක පුද්ගලයකු ගගට බැස ස්නානය කළද එක සේම දැලි කුණු සෝදා හැර පිරිසිදු වන බව ද දක්වා ඇත. මහෙදී බුදුරදුන් විද්‍යාත්මක චින්තනයට අනුරූපව ඉන්ද්‍රීය ගෝචර අත් දැකීම් පදනම් කරගනිමින් ප්‍රායෝගික තර්ක මාර්ගය අනුගමනය කර ඇති බව පෙනී යයි.
කුල භේදයෙහි නිරර්ථක භාවය මෙන් ම ඒ හා බැදුණු උස්-පහත් බව හා පාරිශුද්ධිය පිළිබද අදහස් වල නිරර්ථක බව දේශපාලන හා සමාජ සදාචාරයන් රාජ නීතියත් ආගම ධර්මයත් ඇසුරෙන් ද පැහැදිලි කර ඇත. මිනිසෙකු කවර කුලයක උපන්න ද ස්වධර්මය ඇතහැර පැවිදි ජීවිතය තෝරා ගත් විට ඔවුන් හදුන්වන්නේ ශ්‍රමණ නාමයෙනි. එකම ශික්ෂණයක් මගින් ඔවුන් ලබන සාධන වලදී වෙනසක් දක්නට නොලැබේ. සදාචාර ධර්ම ප්‍රගුණ කිරීමෙහි දී වර්ණ භේදය බල නොපාන බව බ්‍රාහ්මණ චින්තකයකු වු අසසලායන ලවා ම පිළිගැනිමට සලසා තිබේ. සදාචා ර ය රහිත ශුද්‍රයා වුව ද රජුගේ ප්‍රසාදයට ලක්වේ. බ්‍රහ්මණයා වුවද පංචවිධ දුශ්චරිතයෙහි යෙදේ නම් පුරවැසියෙකු වශයෙන් ගර්හාවට ලක්වෙයි. සුචරිතවත් ශුද්‍රයා දුසිරිහෙි යෙදෙන බමුණාට වඩා සමාජයට ප්‍රයෝජනවත් ය.සදාචාර ජීවිතය බමුණන්ගේ ජන්ම උරුමයක් බව කියා ගනිතත් එය අනුගමනය කිරීමට පහත් යැයි සම්මත කුල වල අයට ද හැකියාවක් ඇති අතර, එයින් බමුණන් ලබන ප්‍රතිඵලය ද ලැබීමට පුළුවන. දුශ්චරිතයෙහි හැසිරෙන බ්‍රහ්මණයා දුගතිගාමී වන අතර සදාචාර සම්පන්න ශුද්‍රයා සුගතිගාමී වන බව අසසලායන සූත්‍රයෙහි දක්වන්නේ බමුණකු ලවා ම කියවන පරිද්දෙනි.
වර්ණ භේදය, මිනිසා මවද්දී ම බ්‍රහ්මයා විසින් මැවූ වැදගත් මානව ප්‍රභේදයක් බව දක්වමින් වර්ණ සංකරතාව හෙවත් කුල ගෝත්‍ර මිශ්‍ර වීම වළකාලන්නට බමුණන් ගත් ප්රයත්නය සාර්ථක වී නැති බව ද බුදුරදුන් විසින් පැහැදිලි කර තිබේ. අමබටඨ සූත්‍රයෙහි දක්වා ඇත්තේ කුල පාරිශුද්ධිය පිළිබද විශ්වාසය ඉතිහාසය හමුවේ නිරර්ථක වී යන ආකාරයයි. කුල අතර සම්බන්ධතා ඇති වීම වළකනු පිණිස වර්ණ සංකරත්වයට ඉඩ ඇහිරීම ක්ෂත්රීයන්ගේ වගකීමක් බව බමුණෝ ලියා තැබූහ. එහෙත් දිග මිනිස් ඉතිහාසය තුළ එය එසේ පවත්වා ගන්නට හැකි නොවීය. බුද්ධකාලීන බමුණන් තම පරපුරේ පිරිසිදුකම මා-පිය දෙපසින් සත් වන පරපුර දක්වා පමණක් අතීතයට සෙවීමේ ක්‍රමයක් ආරම්භ කළේ මේ ගැටළුව නිසා බව විචාරකයෝ දක්වති. කෙනෙකුගේ වර්ණ පාරිශුද්ධිය ඓතිහාසිකව සහතික කිරීම කෙතරම් දුෂ්කරද යන්න බුදුරදුන් අසසලායනට පෙන්වා දෙන්නේ සිත් ගන්නා තර්කයකිනි. “ඔබ ගේ මව බ්‍රහ්මණයන් සමග පමණක් ලිංගික හැසිරීම් වල යෙදුන බව ඔබ නිසැකවම දනිත් ද?” යි උන්වහන්සේ ප්‍රශ්න කළහ. එයට ඔහු පිළිතුරු දුන්නේ තමන් එසේ නිසැකව නොදන්නා බව පළ කරමිනි. එහෙයින් තමන් ඉතා පරිසිදු අයුරින් එක් වර්ණයකට ම අයත් බව සහතිකව කියාගන්නට කිසිවකුට හැකි නොවේ.එසේ නම් පිරිසිදු කුල ගැන විශ්වාස කරමින් කුල භේදය පවත්වාගෙන යන්නට උත්සාහ කිරීමේ තේරුම කුමක් ද? පුනර්භවය පිළිගන්නා අය සදහා මේ තර්කය තවත් පියවරක් ඉදිරියට ගෙන යා හැකි බව අසසලායන සූත්‍රයෙන් පෙනේ. දරුවකු කුස පිළිසිද ගන්නේ ඍතුවීමට බදුන් වු වනිතාවක් පුරුෂයකු හා ලිංගිකව එක්වීම හා උපතක් අපේක්ෂා කරන ගන්ධබ්බයකු එම අවස්ථාවට එළඹීම නිසාය. මෙසේ එළඹෙන ගන්ධබ්බයා ක්ෂත්රීයද, බ්‍රාහ්මණද, වෛශ්‍ය ද නැතහොත් ශුද්‍ර දැයි දැන ගැනීමට ක්‍රමයක් නැති බව බමුණන් ලවා ම ප්‍රතිජානනය ඒ අනුව තමා බමුණකු වශයෙන් හදුන්වා ගැනීමේ පදනම නිරර්ථක බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.
එසේ නම් මිනිසා උසස් හා පහත් වශයෙන් බෙදීමක් නැති ද? කුල භේදයට වඩා වැදගත් වු නිර්ණායක(මිනුම් දඩු) මත මිනිසුන්ගේ උසස් පහත් ස්වභාවය තීරණය වන බව බුදුසමය අනුව පෙනේ. සමාජ වරප්‍රසාද අහිමි කිරීමට උපත භාවිතා කිරීමේ අනුවණ ක්‍රියාවට වඩා බෙහෙවින් වෙනස් ව එය කළ හැකි බව ද කිව හැක. මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වය මනින නිර්ණායක උත්පත්තිය නොවන බව බුදුරදුන් බමුණකුගේ මුවින් ම මතු කර ගත් අයුරු අස්සලායන සූත්‍රයෙහි වාර්තා වෙයි. මුලදී උත්පත්තියම ශ්‍රේෂ්ඨත්වයේ නිර්ණායකය බව පවසමින් පැමිණි අස්සලායන පසුව විටින් විට තම ස්ථාවරය වෙනස් කරමින් සදාචාරය, නිසා මිනිසා උසස් වන බව පිළිගත්තේ ය.ජාතියට වඩා ශීලය උතුම් ය. සිල්වතා වඩා ශ්‍රේෂ්ඨවන්නේ ය. මෙය අස්සලායන සූත්‍රයේ දී සනාථ කර ඇත්තේ සහෝදර බමුණන් දෙදෙනෙකු අතුරින් මුලින් ම සංග්‍රහ කරනු ලබන්නේ දුස්සීලයාට නොව සිල්වත් යහපත් තැනැත්තාට බව ප්‍රකාශ කරවීමෙනි. ප්‍රයෝගික වශයෙන් සමාජයේ දී මිනිසුන් ගේ උසස් බව සමාජ තත්ත්වය ආර්ථික ශක්තිය හා ෙද්ශපාලන බලමෙත රදා පවත්නා බව බෞද්ධ සාහිත්‍යයේ පිළිගැනෙයි. කිසියම් ධනවත් පුද්ගලයකුට අවශ්‍ය නම් බ්‍රාහ්මණයකු වැටුප් දීමෙන් තම සේවකයා බවට පත් කරගන්නට ද පිළිවන. ආර්ථික හා දේශපාලන සාධක මෙයට බලපාන ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජ වලදී වඩාත් පැහැදිලි ව පෙනේ.මේ සදහා බුද්ධ කාලීන නිදසුන නම් යෝන හා කාම්භෝජ දෙරටෙහි ආය්‍යී-ද්‍රස භේදය නිතර නිතර පෙරැළෙන ස්වරූපයෙන්ම පැවතීමයි. වරක් ආය්යීයෙක් හෙවත් ස්වාමියෙක් ව සිටී පුද්ගලයා තව වරක ද්රසයෙක් හෙවත් සේවකයෙක් වෙයි. ඒ හෙයින් උත්පත්තියෙන් ශ්‍රේෂ්ඨ වන බව පැවසීම හුදෙක් බමුණන්ගේ සටන් පාඨයක්(ඝොසො) පමණි.
භාරතීය බ්‍රාහ්මණයෝ කුලය මිනිසා ශ්‍රේෂ්ඨත්වයට උපතින් ම පත් කරන මිම්මක් සේ ගෙන උපතෙහිදී යම්කිසි මිශ්‍රණයක් සිදුවී ඇත්නම් ඒ හේතුවෙන් සංකර උපතක් ලබන්නා පංචමයකු හෙවත් කුල හතරෙන් ම පිටුවහල් වු අයකු ලෙස සැලකූ හ.(එහෙත් උසස් කුල දෙකෙහි මිශ්‍රණයේ දී නම් විකල්පයක් දක්වමින් එවැන්නා කුල දෙකටම අයත් බව සිතා ඇතැයි අස්සලායන සූත්‍රයෙන් හැගේ.) වර්න මිශ්‍රණය මිනිසා පහත් කරන්නට නොව උසස් කරන්නට හේතු වෙතැයි කීමට වුව ද තාර්කික හැකියාවක් ඇතැයි බුදුහු පෙන්වා දුන් හ.(එහෙත් එය තාර්කික භව්‍යතාවක් පෙන්වා දීම පමණි. බුදුදහමට අනුව ජන්මය එබදු උසස් බවක් ධ්වනිත නොකරයි.)
කොටළුවකුට ද්‍රව වෙළඹකගේ කුසින් උපදින පැටවා අශ්වතරයෙකි.හෙවත් කිශෝරයෙකි.එසේ නම් වර්ණ සංකරතාව වළකන්නේ කවර හෙයින් දැයි ප්‍රශ්න කළ යුතුව තිබේ. බමුණෝ මෙය හුදු විකල්පයක් සේ සලකා එම ස්වභාවය මිනිසුන් විෂයයෙහි සාධාරණ රන්නට මැලි වූහ.
මෙසේ යථාර්ථවත් වු කරුණු රාශියක් ඉදිරිපත් කරමින් බුදුරදුන් නිගමනය කළේ මිනිසෙකුගේ නම හා ගෝත්‍රය හුදු සම්මුති මාත්‍රයක් හෙයින් ජාති-කුල-ගෝත්‍ර සංඥා ද සම්මුති මාත්‍ර පමණක්(සමඤ්ඤහේස ලෝකස්මිං) බව ය. එක් වර්ණයක් පමණක් උසස් බව පැවසීම හුදු බමුණන්ගේ නිරර්ථක සටන් පාඨයක් මිස සාරවත් සංකල්පයක් නොවේ.වර්ණ හතරම එක හා සමාන වෙති.(චත්තාරෝ වණ්ණා සම සමා හොන්ති) එහෙයින් ව්‍යවහාරික වශයෙන් දේශපාලන,ආර්ථික හා සමාජ කටයුතු වලදි දේශයෙන් දේශයට යුගයෙන් යුගයට විවිධ තාවකාලික සම්මුති මගින් උස්-පහත්, බලීන බලහීන, ආය්‍යී-ද්‍රස වැනි ප්‍රභේද ඇති වුව ද ඒවා හුදෙක් කෘත්‍යමය ය. සනාතන වැදගත් කමකින් තොරය. එහෙත් ආගමික චය්යීයාව හා බැදෙන ශීලය, තාපස, භාවනා වැනි උසස් ගුණාංග මගින් ශ්‍රේෂ්ඨත්වය ඊට වඩා වැදගත් හා සාරවත් සනාතන මිනුම් ලැබේ.
“තපේන බ්‍රහ්මචරියේන - සංයමේන දමේන ච
ඒතේන බ්‍රාහ්මණෝ හෝති - ඒතං බ්රහ්මණමුත්තමං
තීහී විජජාහි සම්පනෙතා - සනේතා කීන පුනබ්භවෝ
එවං වාසෙට්ඨ ජානාහි - බ්රහ්මා සකේකා විජානතන්ති”
මෙසේ දෘෂ්ටිමය වශයෙන් වර්ණ භේදය පිළිබද මිථ්‍යාව නිරවද්‍ය කිරීමෙන් පමණක් නොනැවතුණු බුදුරජාණන් වහන්සේ විවිධ ප්‍රායෝගික පියවර මගින් සමානත්ව ධර්මය ක්‍රියාත්මක කළහ.සිවු කුලයේ ම ජනයාට පැවිද්ද විවෘත කිරීම මේ අතර ඉතා උසස්ම ක්‍රියාව විය. ක්ෂත්රීය කුමාරවරුන් පිරිසක් තම කරණවෑමියා සමග පැවිදි වීමට පැමිණි අවස්ථාවේ දී කරණවැමියා මුලින් ම පැවිදි කළේ වර්ණ භේදයෙහි නිරර්ථකත්වය ක්‍රියාවෙන් ම සනාථ කරනු පිණිසය. බුදුරදුන් වෙත පැවිදි බොහෝ හීන යැයි සම්මත කුල දරුවෝ රාජරාජ මහාමාත්‍යාදින් ගේ පමණක් නොව දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ වන්දන මාන ආදියට ද පාත්‍ර වූහ.
වර්ණ භේදයට එරෙහිව බුදුරදුන් ගත් තවත් පියවරක් නම් සියළු ම කුලවල ජනයාගෙන් ප්‍රත්‍යය පිළිගැනීමයි. ශුද්‍රයන්ගෙන් බමුනන් ආහාර නොගත් නමුත් බුදුරජාණන් වහන්සේ එහිලා වෙනසක් නොකළහ. එමගින් සමාජයේ වරප්‍රසාද අහිමි ව සිටි පහත් යැයි සම්මත ජනයාට ද ආත්මාභිමානයක් හා මානසික තෘප්තියක් සැළසුණා නියත ය.
වර්ණ භේදය පිළිබද පැවති ඇතැම් බාහිර සංකේත හැදුනුමෙහිද ව්‍යාකූලත්වයක් බුදුරදුන් විසින් ඇති කළ බව පෙනේ. වරක් බුදුරදුන් හිස ආවරණය කරගෙන ගසක් මුල වැඩ සිටිනු දුටු බමුණෙක් උන්වහන්සේ බ්‍රාහ්මණයකු සිතා භෝජනයක් පිළිගැන්වීමට පැමිණි බව ද උන්වහන්සේ තම මුඩු හිස දැක් වූ විට “තත්රෙව මුණ්ඩක, තත්රෙව වසලක”(හිස මුඩු කළ තැනැත්තා,වසලය,ඔතන ම සිටුව) යි අපහාස කළ බව ද කියවේ. එයින් හැගෙන්නේ මුඩු හිස වසල බවෙහි සංකේතයක් බවය. තමන් හා තම ශ්‍රාවකයන්ගේ සංකේතයක් බවට පත් කර වර්ණ භේදයෙහි බාහිර සංකේත අවුල් කරලීමෙන් උන් වහන්සේ ගෙන ඇත්තේ අභියෝගාත්මක පියවරක් බව පෙනී යයි.
එකල ජනතාවට බලවත් පීඩාවක් හා අනර්ථයක් ව පැවති අතාර්කික වූ විද්‍යාත්මක නොවූ සංස්ථාවක් වෙනස් කිරීමට බුදුරදුන් දේශනයෙන් මෙන් ම ප්‍රායෝගික ක්‍රියා මාර්ග මගින් ද දරා ඇති ප්රයත්නය මානවවර්ගයාගේ ප්රණාමයට ලක් විය යුතුය.