ජනගහනය හා සංවර්ධනය
බුදුදහම සංවර්ධන චින්තනයක් බව බෞද්ධ ආර්ථික දර්ශනය හා දේශපාලන චින්තනය පිළිබඳ පරිච්ඡේද වලින් පැහැදිලි කර ඇත. වුද්ධි, වඩ්ඩි....... , අත්ථ, සමිද්ධි වැනි වචනවලින් බුදුරදුන් විසින් නිරතුරු ව පෙන්වා දී ඇත්තේ මිනිසා ආධ්‍යාත්මික වශයෙන් මෙන් ම බාහිර වශයෙන් ද සංවර්ධන විය යුතු බව ය. මහා මංගල සූත්‍රය බුදු සමයෙහි ඉගැන්වෙන සමතුලිත සංවර්ධන සංකල්පය දීර්ඝ සවිස්තර හා පූර්ණ වශයෙන් ඉදිරිපත් කරයි. බාල අවධියෙහි ලබන මනා පරිසරය තුළ ශාස්ත්‍රීය හා ශිල්පීය අධ්‍යාපනයක් ද සාරධර්ම ශීක්ෂණයක් ද ලබමින් ආගමික, ආර්ථික හා සාමාජික චර්යාවන් විධිමත් ව නිර්වද්‍ය ව පවත්වමින් උසස් ආධ්‍යාත්මික තත්ත්වයක් ගොඩනගා ගන්නා අයුරු එහි මැනවින් දක්වා තිබේ. ලොව සියල්ල අනිත්‍ය හෙයින් දුප්පත්තම ද අනිත්‍ය බව තේරුම් ගෙන චතුර්විධ සම්පදා සහිත ව ධන නිෂ්පාදනය කරගනිමින් තම සමාජ යුතුකම් ඉටු කරමින් භාග්‍ය සම්පන්න ජීවිතයක් සකස්කර ගත යුතු ය.
පුද්ගලයන් එකිනෙකා තම තමා ගේ සංවර්ධනය සලසා ගැනීම මෙන් ම සමාජය ද පොදුවේ සංවර්ධනය විය යුතු ය. ඌන සංවර්ධිත රටවල් සංවර්ධනය කරා පියනැගිය යුතු ය. එය කළ හැක්කේ සැලැස්මක් අනුව ත්‍රියා කිරීමෙනි. කූටදත්ත සූත්‍රයේදී රටකට සංවර්ධන සැලැස්මක් යෝජනා කරන ලද්දේ “ඉමං සංවිධානං ආගම්ම” යනුවෙනි. මෙහි සංවිධාන නම් සැලැස්ම යි. එහෙයින් සංවර්ධනය සඳහා සැලැස්මක් අවශ්‍ය ය. මේ සම්බන්ධ කරුණු පෙර පරිඡ්ඡේදවල දක්වා ඇත.
සංවර්ධනය පිළිබඳ නූතන සාකච්ඡාවන්හි නිතර නගනු ලබන ගැටළුවක් වූ ජනගහනය පිළිබඳ ව මෙම පරිච්ඡේදයේ දී අපගේ අවධානය යොමු කරමු.
රටක සංවර්ධනය සම්බන්ධයෙන් එරට ජන සංඛ්‍යාව බෙහෙවින් බලපාන බව දැන් පිළිගනු ලැබේ. මෙය සිදුවන්නේ ඒ ඒ කාලවල ආර්ථික ව්‍යූහයෙහි වෙනස්කම් අනුව ය. “කෘෂිකාර්මික සමාජවල ජනගහනය ප්‍රශ්නයක් සේ නො සැලකිණි. වර්තමාන කාර්මික සමාජයෙහි විරැකියාව, සෞඛ්‍ය-අධ්‍යාපන- නිවාස පහසුකම් විරලවීම වැනි තත්ත්වයන් යටතේ මෙය ගැටළුවක් විය” යි සරලව කිවහැකි නමුදු එය පූර්ණ සත්‍ය නොවේ. කෘෂිකාර්මික සමාජයක වුව ද ජනගහන ප්රශ්නය උදාවිය හැක. ආදී යුගයෙහි ළදරු මරණ වැඩිවීම, පරමායුෂ අඩුවීම, ස්වභාවික විපත් වැඩිවීම ආදිය නිසා ජනගහන ප්‍රශ්නයක් නො පෙනිණ. වර්තමාන සෞඛ්‍ය පහසුකම් නිසා ළදරු මරණ අඩු වී, ජීවිත කාලය දිකිවී ඇත. එහෙයින් ජනගහනයේ වැඩිවීමක් පෙනේ.
ජනගහනය වැඩිවන විට සමාජයක ප්‍රගතිය හීන වෙයි. ඊට හේතු වන්නේ ජනගහනය සමග සම්පත් වැඩි නොවන අතර භූමිය ද වැඩි නොවන හෙයිනි. වැඩිවන ජනගහනයට අධ්‍යාපනය සැපයීම, සෞඛ්‍ය පහසුකම් සැපයීම, නිවාස, මහාමාර්ග ගමන් පහසුව ආදිය සැපයීම රැකීරක්ෂා සැපයීම ආදී ප්‍රශ්න රාශියක් ඇතිවන විට රටකට සංවර්ධන කටයුතු මනාව කරගෙන යාම දුෂ්කර වෙයි. මේ නිසා නූතන ලෝකය පුරා ජනගහනය සීමා කළයුතු යැයි හඬක් නැගෙයි.
ජනගහනය අඩුකිරීම සඳහා දරු උපත් සංඛ්‍යාව අඩුකර ගතයුතු බව ද ඒ සඳහා මිනිසුන් සිතා මතා විවිධ ක්‍රියාමාර්ග ගතයුතු බව ද කියනු ලැබේ. එහෙත් මෙයින් ඇතැම් ක්‍රියාමාර්ග දැඩි මතභේදවලට තුඩු දී පවති යි. ආගමික ආයතන මේ සම්බන්ධව විවිධ විග්රහ ඉදිරිපත් කරන හෙයින් බෞද්ධ මතය කුමක්දැයි පහදා ගැනීමට වෑයම් කිරීම කාලීන වශයෙන් අර්ථවත් ය.
බුදුසමය හේතු-ඵල වාදී දහමක් හෙයින් ජනගහන ගැටළුව විෂයයෙහි ද එම න්‍යායය ම යෙදිය හැක. යම්කිසි ගැටළුවක් ඇතිවීමට හේතුව සොයා ගත්විට එම හේතුව නැතිකර ගැටළුව විසඳා ගත හැකි වෙයි. ජනගහනය වැඩිවීම, උපත් පාලනය මගින් වළකා ගැනීම හැර වෙනත් මගක් නැතිබව මේ අනුව අපට පිළිගත හැකිය. වර්තමානයෙහි ජනගහන වෛපූල්යය සමාජ- ආර්ථික ව්‍යාධියකට තුඩු දී ඇති බව නො රහසකි. එසේ වුව ද මෙම ව්‍යාධිය පිළිබඳ ව පැරණි පාලි සූත්‍රවල කිසිවක් දක්වා නැති හෙයින් පිළිතුරු දීම ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කළයුතු වෙයි.
දැනට ලොව පුරා ජනගහන පාලනයෙහි ලා උත්පත්ති නිවාරක උපකරණ භාවිතය, වන්ධ්‍යාකරණය, මෛථූන විරතිය , ගර්භ පාතනය වැනි ක්‍රියාමාර්ග රාශියක් අනුගමනය කරති. මෙයින් මෛථූන විරතිය හැර අන්කිසි ක්‍රමයක් අනුමත කළ නොහැකි බව ඇතැම් ආගම් විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. බුදු සමයෙහි එබඳු නිල ප්‍රකාශ කිරීමේ බලතල ලත් ආයතනයක් නැති හෙයින් ධර්මානුකූල ව මේ ගැටළුව විසඳා ගැනීම ඒ ඒ පුද්ගලයන්ටම භාර වෙයි.
පෙළ පොත්වල ඉගැන්වෙන ධර්මයට අනුව ඉඳුරාම ප්‍රතික්ෂේප කළයුතු උත්පත්ති පාලන ක්‍රමයක් සේ ගබ්සාපාතන හෙවත් ගබ්සා කිරීම දැක්විය හැක. එය දාරක ඝාතනය හා සමාන කුරුරු කමකි. ඝාතන චේතනාව මෙහි ලා මුල්වන හෙයින් “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”යි වදාළ බුදුවදන සිහිපත් කරමින් එහි නොමනා බව හෙළි කළ හැක. එමෙන් ම මෛථූන විරතිය ඉඳුරා ම අනුමත කළහැකි ක්රියාමාර්ගයකි. මෛථූනයෙහි ලා සංවර වීම බෞද්ධ ශීක්ෂණ ක්‍රමය අනුව උසස් ගුණයකි. එය මානසික සංවරය සඳහා ඉවහල් වෙයි. අනෙකුත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද?
කුසලා’කුසල නිර්ණය සඳහා වූ බෞද්ධ නිර්ණායක මෙහිලා උපකාර කර ගතහැකිය. ලෝභ, දෝෂ, මොහ චේතනාවලින් තොරව ක්‍රියා කළහැකි නම් එය අකුසලයක් නොවන හෙයින් උපත්පාගන ක්‍රියාමාර්ග පිළිබඳ ව එම න්‍යායය අනුව ක්‍රියා කිරීම වටියි. ප්‍රතිසන්ධියක් ලද ජීවියකු කුස තුළ නැසීම විෂයයෙහි ඇතිවන චේතනාවලට වඩා වෙනස් චේතනා සමූහයක් උපකරණ භාවිතයෙන් ප්රතිසන්ධි නිවාරණය කිරීමෙහිදී ජනිත කරගත හැක. ගෘහස්ථයකුට මෛථුන විරතිය වැනි උසස් ක්‍රියා පිළිවෙතක් අනුගමනය අපහසු විය හැකි හෙයින් ඔහුට මෛථූනයෙහි යෙදෙමින් උපන් සීමාව ද කළ හැකි පහසුකම් උපකරණ භාවිතයෙන් සැලසෙයි. එහිලා ජනගහන වෘද්ධියෙන් තම රටට, රටෙහි සංවර්ධනයට සිදුවිය හැකි අනර්ථය මෙනෙහි කොට එයට තමා විසින් කළ හැකි ප්රතිකර්මය සේ සිතා පිළිසිඳුම වළකා සිටීම මෙහිලා කළ හැකිය. එහෙයින් බෞද්ධයනට කුසලා’කුසල නිර්ණායක තමා ම භාවිත කරමින් ජනගහන වෘද්ධියෙන් සංවර්ධනයට එළඹෙන බාධාඅඩු කිරීමට ක්‍රියා කළ හැකි ය.