විද්‍යාව, තාක්ෂණය සහ කාර්මීකරණය
බුදුදහම සියළු සත්ත්වයන්ගේ පෞද්ගලික මෙන්ම සමාජගත දුක් පිළිබඳ විග්‍රහයක් හා විසඳුමක් වශයෙන් හඳුන්වනු ලැබේ. “මහණෙනි, මම දුකත් දුක නැති කිරීමත් යන කරුණු දෙක උගන්වමි” යි බුදුරජාණන් වහන්සේ විසින්ම වදාරා ඇත්තේ එහෙයිනි. චතුරාර්ය සත්යයෙන්ඉදිරිපත් වන්නේ ද පූර්වෝක්ත කරුණ ම ය. මෙහි දී පුද්ගලයාගේ සන්තානගත දුක හෙවත් සසර දුක පමණක් නොව සමාජගත දුක පිළිබඳව ද උද්යොගයක් දක්වා තිබීම වැදගත් වෙයි.
සත්ත්වයාෙ/් සසර දුක පිළිබඳ විග්රහයෙහිදී සහ විසඳුමේ දී බුදුසමය අසහාය බව පිළිගත යුතුව තිබේ. සංසාරය පිළිබඳ යථා තත්ත්වය බුදුසමයෙහි තරම් මැනවින් විවරණය කරන වෙනත් දහමක් ගැන සිතිය නොහැකි තරමි. සංසාර දුකෙහි මහා නිදානය තෘෂ්ණාව බව පැහැදිලි කර එම තෘෂ්ණාව සමුලෝත්පාටනය කරන නිරාකූල ප්‍රතිපදා මාර්ගය බුදුසමයෙහි නිර්දේශ කර තිබේ.
සමාජ දුක පිළිබඳ සාකච්ඡාවේ දී නූතන මිනිසා හමුවෙහි බුදුසමය සමග ම එක්වන තවත් ආකර්ශණී ය මාර්ගයක් ලෙස විද්‍යාව දැක්විය හැකිය. ලෝකය පිළිබඳ ඉන්ද්‍රීය ගෝචර සාධක විග්රහාත්මක ව අධ්‍යයනය කිරීම මගින් විද්‍යාව මිනිසා හමුවේ දැනුම් සම්භාරය පදනම් කරගෙන මිනිස් දුක අඩු කිරීමේ ප්රයත්නයක් වශයෙන් තාක්ෂණය බිහිවෙයි. මිනිසුන්ගේ බෞතික පරිසරය වඩාත් සුව පහසු එකක් බවට පත්කර යන්ත්‍ර සූත්‍ර බහි කර ජීවිතය පහසු කරන්නේ තාක්ෂණය මගිනි. තාර්මීකරණයද තාක්ෂණික ඥානය හේතුවෙන් සිදුවන්නකි. මිනිසුන්ගේ පාරිභෝග භාණ්ඩ නිෂ්පාදනය මහා පරිමානයෙන් සිදු කිරීම සඳහා කර්මාන්තශාලා ඇති කරමින් සමාජයක් කෘෂිකාර්මික ස්වරූපයේ සිට කාර්මික ස්වරූපයට පත්වීම සමාජ විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ කාර්මීකරණය නමිනි. කාර්මීකරණයෙහි අනිවාර්ය ලක්ෂණ වශයෙන් මිනිස්සු කර්මාන්තශාලා අසල වාසයට පැමිණෙති. එහෙයින් නාගරික ජීවිතයක් හා ජනගහන විපුලත්වයක් ද ඇති වෙයි. තමන්ගේ ම ආදායමක් ලැබීම වෙනුවට ස්වාමි පක්ෂය වෙතින් වැටුපක් ලබා ජීවත්වීමේ ක්‍රමයට මිනිස්සු හුරු වෙති.
විද්‍යාව, තාක්ෂණය හා කාර්මීකරණය එකිනෙකා අත්වැල් බැඳ ගනිමින් වර්තමාන මිනිසුන් වෙත සම්ප්‍රාප්ත වී ඇත්තේ වෙනත් සියළු දේට වැඩි බලපෑමක් ඔවුන්ගේ ජීවිත වෙත ඇති කරමිනි. ආගම හා සම්ප්‍රදායික ඥානය විද්‍යාව සමග ගලපා ගන්නට බැරි වන විට විද්‍යාවේ පැත්ත ගැනීම නූතන මිනිසාගේ සිරිතයි. භෞතික විද්‍යාව ඉන්ද්‍රීය ගෝචර දත්ත මත රඳා පවත්නා නිසා සත්‍යය ලෙස පිළිගන්නා ඔවූහු අධිභෞතික විද්‍යාව (ඉන්ද්‍රීය ගෝචර නොවන දේ පිළිබඳ සංකල්ප) අර්ථශූන්‍ය වෙතැයි පවසති. තාක්ෂණය ආශිර්වාදයක් සේ ගනිමින් කාර්මීකරණය මගින් පහසු මිලට බොහෝ භාණ්ඩ ලබාදීම තුළින් ජීවිතයේ ඇතිවන ගුණාත්මක වර්ධනය අගය කරති. මෙහි තෙරුම මේ හැම එකක්ම අනිවාර්යයෙන් ම යහපත් බව නොවේ. නූතන මිනිසා ඒවායේ ඇති උපයෝගාත්මක භවය හේතුවෙන් ඒවාට දැඩි අගයක් පිරිනමන බවය. විද්‍යාව, තාක්ෂණය හා කාර්මීකරණය රජයන සමාජයක් තුළ සාම්ප්‍රදායික ආගම් බලවත් අභියෝගයකට මුහුණ පා සිටින බව පෙනේ. ඊට හේතුව බොහෝ ආගම්වල විශ්වාස පාරභෞතික වීම හා ග්‍රාමීය ජීවිත රටාවන් මත රැඳ වූ සාරධර්ම (Values) හා ප්‍රතිමාන (Norms) යෝජනා කිරීම ය. බුදුසමය සම්බන්ධයෙන් මෙම කරුණ බලපාන්නේ කෙසේද?
බුදුදහම ආකල්පය විසින් විද්‍යාව සමග බෙෙහවින් සමීපවන බව මෙහි දී මුලින්ම සටහන් කරගත යුතුව පවතී. පරම්පරාගත කරුණු හුදු අමූලික ශ්‍රද්ධාවෙන් පිළිගැනීම බුදුසමයෙහි අනුමත නොවෙයි. පරම්පරාගත ඥානය යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් විධිමත් නිරාකූල චින්තනයෙන් පරීක්ෂා කර බැලීම බෞද්ධ ක්‍රමයයි. පූර්ව විනිශ්චයයන්ගෙන් තොරව තමන් විසින්ම දැන-දැක(ජාතං පස්සං) තහවුරු කර ගන්නා දේ (සයං අභිඤඤා සච්ජිකත්වා) පමණක් සත්‍ය වශයෙන් ප්‍රතිජානනය කරන බුදුදහම විමර්ශනය හා පරීක්ෂණය දිරි ගන්වයි. එහෙයින් විද්‍යාවෙහි ඉදිරි ගමනට බුදුදහම බාධාවක් නොවේ. වර්නර් හයිසන්බර්ග් නම් විද්‍යාඥයා පවසා ඇත්තේ ජපානයේ විද්‍යාත්මක ගවේෂණ මෙතරම් උසස් මට්ටමින් සිදුවීමට හේතුවූයේ බුදුදහම ඒවාට බාධා නොකිරීම බවයි. එමෙන් ම විද්‍යාව ද බුදුදහමට බාධාකර නොවන්නේ බුදුදහමෙහි එන බොහෝ ඉගැන්වීම් විද්‍යාත්මක චින්තනය හමුවේ වඩාත් පැහැදිලිව අවභෝධ වන හෙයිනි. “බුදුදහම විවෘත වූයේම බබළයි. සඟවනු ලැබ නොබබළයි” යන පැරණි බෞද්ධ කියුම පරිද්දෙන්ම විද්‍යාත්මක ලෙස විග්රහ- විවරණ කරමින් කළහැකි ඉගැන්වීම් විශාල ප්‍රමාණයක් බුදුදහමේ එයි. විද්‍යාව විසින් හෝ තර්කය විසින් හසුකර ගත නොහැකි දෙයක් වශයෙන් බුදුදහමෙහි දැක්විය හැක්කේ නිර්වානය පමණි. එය තර්කයෙන් බැසගත නොහැක්කකි. විද්‍යාවෙහි පරීක්ෂණ ක්‍රම ඉක්මවා පවත්නා නිර්වාණය සියළු භෞතික ධර්ම සමිතික්රමණය කොට පවත්නකි. එහෙත් එය දෙවියන් වහන්සේ මෙන් ලෝකෝත්තරව පවතිමින් ලෞකික ජීවිතයට බලපාන පදාර්ථයක් නොව සියළු ලෞකික දුක්ඛයෙහි නීරෝධය යි. එහෙයින් එය වෙනත් ආගම්වල පාරභෞතික සංකල්පවලට වඩා වෙනස් බව කිව යුතුය. භෞතික ලෝකයේ නියාමයන් විග්රහ කරන විද්‍යා ව ම ඒ සම්බන්ධ කිවයුතු කිවහැකි කිසිවක් තිබිය නොහේ. එය විද්‍යාවේ ක්ෂේත්රය කෙරෙහි බලපෑම් කිරීමේ යෙදෙන්නක් නොවන හෙයිනි.
නිර්වානය හැරෙන්නට ඉන්ද්‍රීය ගෝචර ලෝකයේ ස්වභාවය සම්බන්ධයෙන් බුදුසමය ඉදිරිපත් කරන ඉගැන්වීම් සමූහය විද්‍යාව ට ද පොදු ක්ෂේත්රයෙහි රැඳෙයි. හේතුඵල සම්බන්ධය පිළිබඳ බෞද්ධ මතය වූ පටිච්චසමුප්පාදය මීට හොඳ නිදසුනකි. එයින් ඉදිරිපත් කෙරෙන්නේ ලොව පවත්නා ඉන්ද්‍රීය ගෝචර වස්තූන් ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ සාපේක්ෂකත්වය යි. ඒකහේතු-ඒකඵලවාදය වෙනුවට ප්‍රත්‍ය සාමග්‍රීය පදනම් කරගත් ඉදප්පච්චයතාව නම් වූ ගැඹුරු සංකල්පය බුදු සමයෙහි ඉගැන්වෙයි. එම සංකල්පයෙහි විද්‍යාත්මක බව අවිවදනීය ය. එමෙන්ම සියළු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම දිනෙන් දින වඩාත් ඔප් නැංවෙන්නේ විද්‍යාවේ ප්‍රගතිය මගින් ම ය. ආත්මයට දැක්විය හැකි සනාතන අවිපරිණාමී, පරිපූර්ණ පදාර්ථයක් ලෞකික කිසිවක නොමැති බව ද විද්‍යාව විසින් සනාථ කර ඇත. සියල්ල දුක් බව විද්‍යාව විසින් ප්‍රකාශ නොකළ ද බොරු කළ නොහැක. විද්‍යාත්මක චින්තන ක්‍රමය ගරු කරන දාර්ශනිකයෝ මිනිසාගේ ජීවිතයෙහි ඇති නිසරු බව අතෘප්තිදායක බව පසක් කර සිටිති. එහෙයින් විද්‍යාව සමග සතුරු වන්නට බුදුදහමට අවශ්‍යතාවයක් නොමැත. එය විද්‍යාවට වඩා විද්‍යාත්මක වූ දහමක් සේ හැඳින්විය හැක්කේ අන්ධ භක්තිය රජ කළ යුගයක විද්‍යාත්මක ආකල්පය රජ කරවන්නටත්, සනාතන සත්‍යයන් ප්‍රකට කරන්නටත් සමත් වූ හෙයිනි. ඒ තථාගතයන් වහන්සේ ගේ සර්වඥතා ඥානයෙන් බෞද්ධයනට ලැබුණු අමූල්‍ය අනූපම ධර්ම දායාදය බව කිව හැක.
විද්‍යාව පදනම් කරගෙන වැඩුණු තාක්ෂණය හා කාර්මීකරණය නිසා මිනිසුනට බොහෝ යහපත සිදු වී තිබීම සම්බන්ධයෙන් බුදුදහමට අන්ව ප්‍රීති විය හැකි බව ද කිව යුතුය. බුදුදහමේ ඉගැන්වෙන “ශිල්ප ඥානය මංගලයකි. පතිරූප දේස වාසය මංගලයකි” වැනි ඉගැන්වීමක් ඇසුරෙන් එසේ කිවහැකි නමුදු නූතන විද්‍යාඥයන් හා තාක්ෂණිකයන් විසින් ලෝකයට උදාකර ඇති භයානක තර්ජන හා කාර්මීකරණයේ ප්‍රතිඵල වශයෙන් උදා ව ඇති සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් බෞද්ධයනට ප්රීතිවිය නොහැක. බුදුදහම උගන්වන්නේ ඥානය නිරතුරු ව ම කාරුණික ව භාවිතා කළ යුත්තක් බව ය. මිනිසුන් ප්‍රඥාවන්තයන් මෙන් ම කරුණාවන්තයන් ද විය යුතුය. විද්‍යාඥයන් තම නුවණ යොදවා කර ඇති ඇතැම් නිශ්පාදන අද මානව වර්ගයාගේ විනාශය ඉක්මන් කරන්නට හේතුභූතව තිබේ. මෙබඳු අවාසනාවන්ත ඉරණමකට මිනිසා මුසුණ පා ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය සාර ධර්මවලින් තොරව භාවිතයේ යොදවා ඇති හෙයිනි. විද්‍යාව නම් සාරධර්මවලින් තොරව කේවල ශාස්ත්‍රීය විලාසයෙන්ම පැවැත්විය යුත්තක් බව විද්‍යාඥයෝ සිතූහ. එහෙයින් ඔවුන් අතින් සිදුවී ඇති විනාශය බරපතල ය. සිදුවන්නට ඇති අනාගත විනාශයන් වලකාගන්නට නම් විද්‍යාඥයන් හා නිශ්පාදකයන් ඉක්මනින් ම සාරධර්ම කෙරේ සිත් යොමු කළ යුතු ව තිබේ.
විද්‍යාඥයන් සාරධර්ම ප්‍රතික්ෂේප කළේ ඔවුන් හමුවේ පැවති සාම්ප්‍රදායික ආගම්වල සාරධර්ම පාරභෞතික සංකල්පයක් වූ මැවුම්කරු විසින් පැණවූ නියමයන් හා සම්බන්ධ කර තිබුණු හෙයිනි. ඉන්ද්‍රීය ගෝචර ප්රත්යක්ෂයන් මත රැඳ වූ මානවවාදී ආචාර ධර්මයන් ඔවුනට ප්‍රිය විය හැකි ව තිබුණු නමුත් මැවුම්කරු පිළිබඳ මිත්‍යා සංතල්පය ප්‍රතිත්ෂේප වනු සමග ම ආචාර ධර්ම ද ප්‍රතික්ෂේප වෙතැයි සිතූ ‘හෙයින්දෝ ඔවූහු මානව භක්තියෙන් තොරව විනාශකාරී ලෙස ක්‍රියා කළහ. එහි ප්‍රතිඵල අතිශයින් ම අනර්ථදායක වූ බව පැහැදිලි කරුණකි. බුදු දහම තම ආචාර ධර්ම තහවුරු කරන්නේ පාරභෞතික සංකල්ප ගෙනහැර පාමින් නොවේ. මානව වාදයටත් වඩා පුළුල් වූ ජීව හිතවාදයක් මත ලෝකයේ සකල ජීව වර්ගයා ම ජීවත්වීමට කැමති බව හා මරණයට, දඬුවමට අකැමති බව දක්වමින්, තමා ජීවියකු වශයෙන් තමාට වෙනත් අය කරනවාට අකමැති කිසිවක් තමන් අන් අයට නොකිරීම මගින් සමස්ත ජීව සංහතියට ම නිර්භය ව සතුටින් විසිය හැකි තත්ත්වයක් උදා කරන්නට බුදුසමය වෑයම් කරයි. විද්‍යාඥයනට මෙම පදනම පිළගැනීමෙහි ලා බාධාවක් ඇති විය නො හැක. ආගමික පක්ෂපාතීත්වයක් එහි ලා අනවශ්‍යය ය. එසේ වුව ද විද්‍යාඥයාට ගැලපෙන ආගම බුදුදහම බව පැවසීමෙහි ලා අපට පැකිලෙන්නට කිසිදු හේතුවක් නොමැත.