බෞද්ධ විශ්වවිද්‍යාල - I
භාරතීය බෞද්ධයන් සතු වූ විශිෂ්ට ගණයේ උසස් බෞද්ධ අධ්‍යාපන ආයතන කිහිපයක් පිළිබද සත්‍යමය ඓතිහාසික සාධක හමු වී ඇත. අද අප විශ්ව විද්‍යාල මට්ටමින් සලකන අධ්‍යාපන ආයතන එකල බෞද්ධයන් විසින් හදුන්වනු ලැබූයේ ‘මහා විහාර’ යන නාමයෙනි. මේ බව සනාථ කල හැකි විවිධ සාධක සමුදායක් ඇත. දේවානම් පියතිස්ස රජු දවස, මිහිදු මහරහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් අනුරාධපුරයෙහි මහමෙවුනාවෙහි ඇරඹි සංඝාරාමය පසුව ‘මහා විහාරය’ නමින් අපේ වංසකතා හදුන්වයි. අනුරාධපුර ‘මහා විහාරය’ ථෙරවාද භික්ෂු පරපුරේ කේන්ද්‍රස්ථානය වූවා සේම උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනය ද වූයේ ය. ‘මහා විහාරය’යන්න උසස් අධ්‍යාපන ආයතන සදහා බෞද්ධයන් භාවිතා කල බව නාලන්දා විශ්වවිද්‍යාලයීය භූමියෙන් ලැබී ඇති “ශ්‍රී නාලන්දා මහා විහාරයීය - ආර්ය - භික්ෂු සංඝයා” යන පාඨය යෙදූ නාලන්දා නිල මුද්‍රාවෙන් ද සනාථ වෙයි.
භාරතීය බෞද්ධයන් සතු වු උසස් අධ්‍යාපන ආයතන පිළිබද ඉතිහාස පුවත් සපයන ඓතිහාසික මූලාශ්රයන් මගින් ද, පුරා විද්‍යාත්මක සාධක සපයන නාණක විද්‍යා මූලාශ්රයන් මගින් ද, දේශ සංචාරකයන්ගේ සටහන් ඇතුළත් ද්විතීයික මූලාශ්රයන් මගින ද ෙම්වායෙහිෛඑතිහාසික සත්‍යතාව සනාථ කොට ඇත.
ශ්‍රී ලාංකිකයන්ගේ පාලි වංශකතා වන දීපවංශ හා මහාවංශ වාර්ථා මගින් භාරතීය බෞද්ධ භික්ෂූන්ගේ ධර්ම දූත සේවා පිළිබද ව හා උන්වහන්සේලාගේ අධ්යාපනටය පිළිබද තොරතුරු වාර්තාගත කොට ඇත. පුරාවිද්‍යාඥයන් විසින් කරන ලද කැනීම් මගින් මේ බෞද්ධ ආයතනවල අතීත තොරතුරු සොයා ගනු ලැබිණි. විශේෂයෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටි භූමි ප්‍රදේශය කැණීම මගින් පොත පතෙහි වාර්ථා කර ඇති බොහෝ තොරතුරු සනාථ වී ඇත.
හියුංසියැං, ෆාහියන් හා ඉත්සිං යන දේශ සංචාරකයන්ගේ දේශාටන වාර්ථාවල මේ ආයතන පිළිබද තොරතුරු ඇතුළත්ව පවති යි. පූර්වෝක්ත දේශ සංචාරකයෝ මේ බෞද්ධ ආයතන සියසින්ම දුටුවෝ ය. සමහරු මේ ස්ථාන වල නේවාසික ව වැඩ වසමින් ධර්ම ශාස්ත්‍ර උද්ග්‍රහණය කළහ. චීන ජාතික හියුංසියැං තෙරණුවෝ නාලන්දා විශ්වවිද්‍යාලයේ නේවාසික ව ධර්ම ශාස්ත්‍ර හදාළ ශිෂ්‍යවරයාණ කෙනෙකි. එබැවින් උන්වහන්සේ විසින් ලියා ඇති ‘බටහිර ලෝකයේ බෞද්ධ වාර්ථා’ නමැති කෘතිය අතිශය ප්රශස්ත වෙයි. මෙේදේශාටන වාර්ථාවේ එදා පැවැතුණු සමෘද්ධිය සවිස්තරාත්මක ව වාර්ථා කරයි. ඒ වාර්ථාවෙහි අන්තර්ගත තොරතුරු දැනට ලැබී ඇති නෂ්ටාවශේෂයන්ගෙන් සක් සදක් සේ ප්‍රකට වෙයි; සනාථ වෙයි.
ටිබෙට් ජාතික තාරනාථ තෙරණුවන් පහළොස්වැනි සියවසේ භාරතයෙහි පැවති බෞද්ධ තත්ත්වය සිය ‘ශාරතීය බුදු සමයෙහි විකාශය’ නමැති ග්රන්ථයෙහි වාර්ථා කර ඇත. භාරතීය බෞද්ධ ආයතන පිළබද ප්‍රථමික මූලාශ්රයන්ගෙන් හා පුරාවිද්‍යාත්මක මූලාශ්රයන්ගෙන් සොයා ගන්නා ලද තොරතුරු තාරනාථ තෙරුන්ගේ කෘතියෙහි තව දුරටත් සනාථ වෙයි. එබැවින් දුරාතීතයකට නෑ සබදතා විහිදුවන බෞද්ධයන්ගේ උසස් අධ්‍යාපන ආයතන, විශිෂ්ට ගණයේ අධ්‍යාපන ආයතන වශයෙන් වියත්හු අවිවාදයෙන් පිළිගනි ති.
නාලන්දා විශ්වවිද්‍යාලය
නාලන්දාව අද ඔරගාඕන් (විහාරගම) යන නමමින් හැදින් වෙයි. ඔරගාන්ඕන් පිහිටා ඇත්තේ රජගහට (රාජ්ගීර්) සැතපුම් හයක් උතුරෙනි. මේ අනුව නාලන්දාව ඕදන්තපුරයටත් (බිහාර්- ඕරිෆ්) රජගහනුවරටත් (රාජ්ගීර්) අතර පිහිටා ඇති බිහාර් ප්‍රදේශයට අයත් කුඩා ගම්මානයකි. ක්‍රි.පූ. සවැනි සියවසේ බුදු රදුන් වැඩ විසූ දවස නාලන්දාවඉතා සශ්‍රීක ව පැවැතිණි. බුදුරජාණන් වහන්සේ නොයෙක් වාරවල මේ නගරයට වැඩම කල හ. නාලන්දාව බුදුරදුන් දවස සිටම බෞද්ධ ආභාසය ලැබූ ගම්මානයක් වශයෙන් හැදින්විය හැකි ය.
ජෛංන ආගමික ග්රන්ථ වල ද නාලන්දාව ගැන සදහන් වෙයි. බුදුරජාණන් වහන්සේ නාලන්දා ගමට වැඩම කිරීමට පෙරාතු ව නිගණ්ඨනාතපුත්තතුමා හා මක්ඛලීගෝසාලතුමා ඔවුනොවුන්ට මුණගැසුනේ නාලන්දාවේදී ය. අග්‍රශාවක දම් සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ජන්මලාභය ලැබූ නාලකග්රාමය නාලන්දාව යයි තාරනාථ තෙර සිය කෘතියෙහි ලා සදහන් කරයි. සැරියුතක් තෙරණුවන් පිරිණිවන් පා වදාළේ ද නාලන්දාවේ දී ය. ධර්මාශෝක අධිරාජයා විසින් සැරියුත් මහ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ චෛත්‍යය සමීපයෙහි ප්‍රථම නාලන්දා විහාරය ගොඩනගන ලදි.
තාරනාථ තෙරුන්ගේ ‘භාරතීය බුදුසමයෙහි ඉතිහාසයේ’ සදහන් වන පරිදි මාධ්‍යමික දර්ශන සම්ප්රධායෙහි ආදිකර්තෘවර ආචාර්ය නාගාර්ජුන පාදයන් සහ එතුමාගේ ශිෂ්‍යවර ආර්යදේව පාදයෝ දිගු කලක් නාලන්දාවෙහි වාසය කලහ. තාරනාථ තෙරුන්ගේ වාර්ථාව නිවැ4රදි නම් මාධ්‍යමික දර්ශන සම්ප්රධායයේ ආරම්භක ස්ථානය වශයෙනුත්, ප්‍රභල මධ්‍යස්ථානය වශයෙනුත් නාලන්දාව සැලකීමට පුළුවන. ඒ අනුව නාලන්දාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් දෙ වැනි සියවස තරම් ඈත කාලක සිට පැවත එන්නේ යැයි පිළිගත යුතුව පවති යි.
නාලන්දාව ගැන පූර්ණ විස්තරයක් හියුංසියැං තෙරණුවන් විසින් සිය දේශාටන වෘත්තාන්තයෙහි සටහන් කොට ඇත. හියුංසියැං හිමියන් නාලන්දාවෙහි වැඩ සිටි නිසා ඒ පිළිබද තොරතුරු සියසින්ම දැක අත්දැකීම් ඇසුරෙන් විස්තර කරනු ලබන නිසා නාලන්දාව ගැන සදහන් කරන අනෙක් වාර්ථාකරුවන් තිදෙනාගේ ම වාර්ථා වලට වනඩා එම විස්තරය විශ්වසනීය වෙයි. බෙහෙවින් නිවැරදි තොරතුරු එහි ඇතුළත් වී ඇතැයි පිළිගත හැකිය. උන්වහන්සේගේ වාර්ථාවෙහි සදහන් බොහෝ තොරතුරු පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ද සනාථ වී ඇත.
ආරම්භය
ඓතිහාසික තොරතුරු වලට අනුගත ව නාලන්දා මහා විහාරය ශක්‍රාදිත්‍ය හෙවත් පළමු වැනි කුමාරගුප්ත (ක්‍රි.ව. 415- 455) රජතුමා විසින් ගොඩනගන ලදි.
නාලන්දා මහා විහාරය ආගමික වත්පිළිවෙත්, පුද පූජා ආදිය පැවැත්වීම සදහා ගොඩජනගන ලද පන්සලක් නොවේ; හුදෙක් භික්ෂූන් වහන්සේලාට වැඩවිසීම සදහා තැනූ සංඝාරාමයක් ද නොවේ; භික්ෂූන් වහන්සේලාට උසස් අධ්‍යාපනය ලබා දීම සදහා ආරම්භ කල උසස් අධ්‍යාපන ආයතනයකි. බෞද්ධ උගතුන් සහ මධ්‍යස්ථ මතධාරී ඉතිහාසඥයන් බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය ශක්‍රාදිත්‍ය රාජ්‍යසමයේ දී ආරම්භ වූවා සේ සළකන්නේ එහෙයි නි.
නාලන්දා මහා විහාරය ශක්‍රාදිත්‍ය රජතුමා ඉදිකළ සංඝාරාමයෙන් ආරම්භ වූයේ ය. ඉක්බිතිව රජ වූ බුද්ධගුප්ත (ක්‍රි.ව. 455 - 467) තථාගත ගුප්ත (ක්‍රි.ව. 467 - 500) බාලාදිත්‍ය (ක්‍රි.ව. 500 - 525) සහ වජ්ර (ක්‍රි.ව. 525)යන රජවරු නාලන්දා මහා විහාරය විවිධ විහාරාංග ඉදිකොට පුළුල් කලහ.
බුද්ධගුපුත රජතුමා ශක්‍රාදිත්‍ය රජු තැනවූ සංඝාරාමයට දකුණින් සංඝාරාමයක් ඉදි කරවී ය. ඊට නැගෙනහිරින් තුන් වැනි සංඝාරාමය තථාගතගුප්ත රජු විසින් ගොඩනංවන ලදි. බාලාදිත්‍ය රජතුමා ඊසාන දිගින් සිවු වැනි සංඝාරාමය හා අඩි 300 ක් උස වූ ප්‍රතිමා ගෘහයක් කරවී ය. බාලාදිත්‍ය රජතුමාගේ පුත් වූ වජ්ර කුමරු බටහිර දිශාවෙන් පස් වැනි සංඝාරාමය තැනවූයේ ය. මීට කලකට පසු මධ්‍ය ඉන්දියාවේ රජකු වූ හර්ෂී විසින් උත්ර්න් ස වැනි සංඝාරාමය ද, ම්ළු නාලන්දා මහා විහාරයම වට කොට මහා ප්රාකාරයක් ද ගොඩනංවන ලදි. දහ වැනි ශත වර්ෂය වන විට නාලන්දා විශ්වවිද්‍යාලය 10,000කට නේවාසික පහසුකම් සැලසූ, සියළු සැප පහසුකම් වලින් අනූන විශාල විද්‍යා පීඨයක් බවට පත් ව පැවතිණි.
නාලන්දා විශවවිද්‍යාලයේ තනවන ලද සියළුම ගොඩනැගිලි මහල් වලින් යුක්ත විය. ජනේල වලින් බලන කල වළාකුළු කැටි ගැසෙන අයුරු දැකගත හැකිව පැවතිණි. නාලන්දා විශ්වවිද්‍යාල භූමිය කැණීමේ දී හමු වූ ශිලා ලේඛනයක වළාකුළු ස්පර්ශ කරන කූටාගාර පන්ති ගැන සදහන් ව තිබීමෙන් මෙය තහවුරු වෙ යි. ගොඩනැගිලිවල මුදුනේ නිරීක්ෂනාගාර වූයේ ය.
නේවාසික සරසවියකි
“......... මෙසේ බොහෝ රජුන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අතිදක්ෂ ශිල්පීන් යොදවමින් ගල් කැටයම් සහිත කොට ගොඩනැංවූ මේ මහා සංඝාරාමය දුටුවන් විස්මය පත් කරවන්නක් බවට පත්විය....... ප්‍රධාන දොරටුවෙන් ඇතුල්විය හැක්කේ මැද පිහිටි මහා ශාස්ත්‍ර ශාලාවට ය. එයින් ගොස් අවට ශාලා අටට ඇතුල් විය හැකිය. එයින් පිටත පිහිටි ලැගුම් ගෙවල් සියල්ල සිවු මහලකින් යුක්ත වේ. එක් එක් මහලෙහි පිටතට නෙරා ගිය නාගරූප ද, වර්ණවත් අවට පියසි ද, නොයෙක් කැටයමින් හා සැරසිලිවලින් යුතු රතු කණු හා ගරාදි පේලි ද ඇත්තා හ. වහලවල උළු නොයෙක් පාටින් දිලිසෙති. විසිතුරු ලෙස සැරසූ බොහෝ වූ කූටාගාරයෝ ද මුදුන් කොත් ද කදු මුදුන් මෙන් පෙනෙති. ආකාශ වස්තු පරීක්ෂණ ස්ථානයෝ ද උඩු මහල්වල ජනෙල්වලින් චන්ද්‍ර සූර්යයග්රහනාදිය ද, වලාකුළු ගමනාගමනය ද බැලිය හැකි ය. විනිවිද පෙනෙන දියෙන් යුත් ගැඹුරු පොකුණු ඉතා රතු පැහැති ‘කනක’ පුෂ්පයෙන් හා මිශ්‍ර වූ නිළුපුල්වලින් ගැවසී තිබෙත්. එසේම තැනින් තැන සිහිල් සෙවණ දෙන අඹවනයෝ වෙති.දඹදිව ලක්ෂ ගණන් සංඝාරාමයන් ඇතත් මේ මහා විහාරය ගොඩනැගිලි ආදියෙන් ඒ සියල්ල පරදව යි.
මෙහි නිවැසි භික්ෂු සංඛ්‍යාව දස දහසකට අඩු නොවේ. මේ සියළු දෙනාම මහායානික ග්රන්තයන් උගනිති. හේතු විද්‍යා- ශබ්ධ විද්‍යා- චිකිත්සා විද්‍යාවන් හා අථර්වවේදාදිය ද සාංඛ්යමතාදිය ද මෙහි දී උගන්වනු ලබයි. සූත්‍ර හා ශාස්ත්‍ර කොටස් විස්සක් ඉගැන්විය හැකි ආචාර්යවරු දහස් දෙනෙක් ද, කොටස් තිහක් ඉගැන්විය හැකි ආචාර්යවරු 500 දෙනෙක් ද, කොටස් 50 ක් ඉගැන්විය හැකි ආචාර්යවරු 10 දෙනෙක් ද මෙහි ඇත්තා හ. මෙහි ප්‍රධානතම වූ ශීලභද්‍ර මහ තෙරණුවෝ මේ සකල ධර්ම ශාස්ත්‍රයන්හි පාරගතයෙක් වූහ. උන්වහන්සේගේ තපෝ වෘද්ධත්වයත්, ඥාන වෘද්ධත්වයත්, වයෝ වෘද්ධත්වයත් නිසා එතුමන් සංඝ පීතෘවරයා ලෙස පිළිගෙන සිටිති.” (හියුංසියෑං භ්‍රමණ වෘත්තාන්තය, පි. 274 - 275)
ආචාර්යවරු
හියුංසියෑං හිමිපාණන් විසින් නාලන්දා මහා විහාරය කරනු ලබන මේ විස්තරය අනුව, නාලන්දාව නේවාසික විශ්වවිද්‍යාලයකි. මෙහි නේවාසිකව වාසය කළ ආචාර්ය, ශිෂ්‍ය සහ සේවක පිරිස 10,000 කි. මේ පිරිසෙන් 1,510ක් ආචාර්යවරු ය. ඒ ගුරු පිරිසෙන් 1,000 කට සූත්‍ර හා ශාස්ත්‍ර ග්රන්ථ කාණ්ඩ විස්සක් විස්තර විවරණ සහිත ව පැහැදිලි කළ හැකි විය. පන්සියයකට සූත්‍ර හා ශාස්ත්‍ර තිහක් ද, දහ දෙනෙකුට කාණ්ඩ පනහක් ද පැහැදිලි කල හැකි විය. නාලන්දා විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට සූත්‍ර හා ශාස්ත්‍ර ග්රන්ථ සියල්ල ම පැහැදිලි කල හැකි වූයේ ය. නාලන්දා විශ්වවිද්යාලයාදපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඥානවෘද්ධ වූහ;තපෝවෘද්ධ වූහ; ගුණවෘද්ධ වූහ. එතුමෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය, ශිෂ්‍ය, සේවක යන තෙපිරිසගේ ම නොමද ගෞරවාදරයට පාත්‍ර වූහ; සියළු දෙනා විසින් පූජිත වූහ.
එක් දහස් පන්සිය දහදෙනෙකුගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයට ඇප උපස්ථාන කිරීම සදහා ‘මාණව’ නමින් හැදින් වුණු එක්දහස් පන්සියයක් පමණ පිරිසක් සිටින්නට ඇත. සියුංසියෑං තෙරණුවන් කරන විස්තරයට අනුව මේ එක්දහස් පන්සියයක් පමණ වූ මානවකයෝ විශ්වවිද්‍යාලයේ නේවාසික වූ ආචාර්ය භවතුන්ට ඇප උපස්ථාන කල අතර, අධ්‍යයනයෙහි ද නිරත වූහ. විශ්වවිද්‍යාලය ශුද්ධ පවිත්‍ර කිරීම, දර රැස් කිරීම හා ජලය සම්පාදනය කිරීම ඇදී අත්‍යවශ්‍ය පොදු කටයුතු ක්‍රියාත්මක කරලීම සදහා වෙන ම සේවක පිරිසක් වූහ.
ශිෂ්‍යයෝ
ඉගනීමෙහි නියළි සිසු පිරිස දළ වශයෙන් 7000 ක් පමණ වන්නට ඇතැයි නිගමනය කල හැකිය. මේ පිරිසෙන් වැඩිම සංඛ්‍යාව භික්ෂූන් වහන්සේ ය. ගිහි ශිෂ්‍යයෝ ද වූහ. එහෙත් ඔවුන් ඉතා අල්ප පිරිසක් වන්නට ඇත. දේශීය හා විදේශීය ශිෂ්‍යයෝ ද බෞද්ධ මෙන් ම අබෞද්ධ ශිෂ්‍යයෝ ද මෙහි සිප් සතර හදාළහ.
නාලන්දා විශ්වවිද්‍යාලයෙහි ඉගෙනීම කල සිසු පිරිස කොටස් තුනකට වර්ග කල හැකි ය.
1. මූලික අධ්‍යාපනය වෙනත් ගුරු කුලයකින් ලබා, අවුරුදු පහළොව සම්පූර්ණ වූ පසු නාලන්දාව අවට ප්‍රදේශ වැසි ශිෂ්‍යයෝ මෙහි ඇතුළත් වූහ. මෙලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවෝ පුරා අට වසරක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය යුත්තාහ.
2. මූලික හා ද්විතියික අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු විස්ස සපිරුණු පසු උපාධි අපේක්ෂකයන් වශයෙන් ශිෂ්‍යයෝ මෙහි ඇතුළත් වූහ.ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් මෙබදු ශිෂ්‍යයෝ ආහ. මොවුන්ට අවුරුදු තුනක් පාඨමාලා හදාරා උපාධිය ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබිණි. වර්ථමාන විශ්වවිද්‍යාලයක සාමාන්‍ය උපාධි පාඨමාලාව සේ මෙය පැවතියේ යයි සිතිය හැකි ය.
3. දේශීය හා විදේශීය වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිප්සතර හදාරා සිය දැණුම ඔප මට්ටම් කරගනු වස් හෝ නාලන්දාව ලබා තිබූ කීර්තිය නිසා එම ආයතනයෙහි උපාධිධරයෙකි’යි පවසා ගැනීමට හෝ සමහරු මෙහි පැමිණියහ. මේ පිරිස වත්මන් වහර අනුව පශ්චාද් උපාධි අපේක්ෂකයන් වශයෙන් හදුනාගත හැකිය. පිටරට වලින් පැමිණි බෝහෝ ශිෂ්‍යයෝ මේ ගණයට ඇතුළත් වෙති. පශ්චාද් උපාධි ලබා ගැනීම සදහා ටිබෙටය, චීනය, ජපානය, කොරියාව, සුමාත්‍රා, ජාවා, මොංගෝලියාව වැනි මැද පෙරදිග රටවලින් ද තුර්කිය වැනි අපරදිග රටවලින් ද සිසුහු ආහ.
ප්‍රවේශ පරීක්ෂණය
නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ පරීක්ෂණය අතිශයින් තියුණු වූයේය. විද්‍යාලයට ඇදී ආ ශිෂ්‍ය පිරිස අධික වීම මීට හේතු වූවා විය හැකි ය. මෙහි ඉගන ගැනීමේ භාෂා මාධ්‍යය සංස්කෘත විය; ව්යාකරණාවබෝධය වැදගත් විය. සංස්කෘත භාෂාව, වාග් විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, අභිධර්මකෝශය, ජාතක මාලා ආදිය පිළිබද මනා පුටුත්වයක් අවශ්‍ය විය. චතුර්වේදය, උපනිෂද් දර්ශනය, ෂට් දර්ශනය ආදිය පිළිබද සාමාන්‍ය ඥානය අපේක්ෂා කරන ලදි. ශාස්ත්‍රීය මට්ටමින් මෙබදු ප්‍රවේශක දැණුමක් අපේක්ෂා කල අතර, සෑම ශිෂ්‍යයකුම සදාචාර සම්පන්න ගති පැවතුම් වලින් හෙබි යහපත් චරිතයකින් යුක්ත වීම ද අත්‍යවශ්‍ය විය.
විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අපේක්ෂා කල ප්රවේශකයෝ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල වූ තෙමහල් ද්වාර මන්දිරයෙහි නතර විය යුත්තාහ. මෙහිදී ප්‍රවේශ පරීක්ෂණය පැවැත්විණි. ධර්ම ශාස්ත්‍රයන්හි නිපුණ විවාදයෙහි ප්‍රවීණ පඩිවරු අපේක්ෂකයන් පරීක්ෂා කලහ. මේ පරීක්ෂණය පිළිබද සියුංසියෑං හිමියෝ මෙලෙස සටහන් කරති.
“පිටතින් යමකු........පැමිණි කල දිවාරශාලාවෙහි පඩිවරයා ඔහුගෙන් ගැඹුරු ප්රශණ අසයි. බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්ණ වලට උත්තර දිය නොහැකිව හැරී යත්. පුරාණ වූද අළුත් වූද ග්රන්ථයන්හි පතළ දැණුමක් මෙහිදී අපේක්ෂාකරන බැවින් ඇතුළු වීමට පැමිණෙන්නන්ගෙන් දසයට හත්අට දෙනෙක් නෂ්ටාශා ඇතිව හැරී යති. ඇතුල්වූවන් අතරෙන් ද තියුණු නුවණ නැති ඇතැම් කෙනකේ විවාද වලින් පැරද අපකීර්තියට පත්වෙති. බොහෝ දේ උගත් විශිෂ්ට ගුණයෙන් හෙබි පුද්ගලයෝ මෙහිදී අතිශයින් කීර්තිමත් ව වැජඹෙති.”
(සියුංසියෑං භ්‍රමණ වෘත්තාන්තය, පි.274)
විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී සිටින අපේක්ෂකයන්ගෙන් සියයට අසූවක් පමණ අසමත් වූ බව ප්‍රකට වෙයි.විදේශීය ශිෂ්‍යයන්ගෙන් දහ දෙනෙකුගෙන් තිදෙනෙකු පමණ ප්‍රවේශ පරීක්ෂණය සමත් වූ බව පැහැදිළි වෙයි. මේ අනුව නාලන්දා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය තරගකාරී වූ බව පැහැදිළි වෙයි.
ප්‍රවේශ පරීක්ෂණය සදහා ජාති, කුල, ගොත් කිසිත් නොසැලකිණි. සැම ශිෂ්‍යයෙක්ම සාධාරණ සමාන තත්ත්වයක් ඉසුලූයේ ය. මෙහි නේවාසික සිසුන් මිස අනේවාසික ශිෂ්‍යයෝ නොවූහ. නේවාසිකාගාර පාලකවරුන් ආදී කොට සියළුම අංශ විධිමත් ව පවත්වාගෙන යාම සදහා ඒ ඒ අංශය පිළිබද එකල සිටි ඉතාමත් ප්‍රවීන දක්ෂ පුද්ගලයන් නිළධාරීන් ලෙස පත් කරන ලදි.
නාලන්දා විශ්වවිද්‍යාලයේ විශය ධාරා පහක් යටතේ අධ්‍යාපනය ලබා දී ඇත. ඒ අධ්‍යයන විෂය ධාරා පහ මෙසේ යි:
i. භාෂා අධ්‍යයන විෂය ධාරාව
ii. බුද්ධධර්මය අධ්‍යයන ධාරාව
iii. දර්ශන අධ්‍යයන ධාරාව
iv. ලෞකික විශය අධ්‍යයන ධාරාව
v. ලලිතකලා අධ්‍යයන ධාරාව
(i) භාෂා අධ්‍යයන විෂය ධාරාව
එකල ඉන්දියාවේ පැවති භාෂා සමූහයක් ම ඉගැනිවිණි. භාෂා මාධ්‍ය වශයෙන් සංස්කෘත භාෂාව අනිවාර්ය වූයේ ය. භාෂාව හා බැදුණු වාග් විද්‍යාව, ඡන්දස්, ව්‍යාකරණ, අලංකාර, නිරුක්ති ආදිය හදාල යුතු විය. භාෂාවක ප්‍රභූත්වය ලබා ගැනීම සදහා ඇවැසි ඒ හා බැදුණු සියලු උපාංග ශිෂ්‍යයින් විසින් ප්‍රගුණ කළ යුතු විය.
(ii) බුද්ධධර්මය අධ්‍යන විෂය ධාරාව
(අ) මහායාන බුදුසමය අනිවාර්ය වූයේය. මහායාන සූත්‍ර හා ශාස්ත්‍ර, විභාෂාදි ග්රන්ථ පිළිබද මනා පටුත්වයක් ලබා ගත යුතුවිය.
නාලන්දා විශ්වවිද්‍යාලය ජ්‍යාත්‍යන්තර කීර්තියට පත්වූයේ මහායාන බුදුධධර්මයේ කේන්ද්‍රස්ථානය වශයෙනි. මහායාන බුදුසමය බිහිකොට ව්‍යාප්ත කල ස්ථානය වශයෙන් නාලන්දාවට ඓතිහාසික ගෞරවයක් හිමි විය. මහායාන බෞද්ධ දර්ශනය පිළිබද සුවිශේෂ ඥාන සම්භාරයක් හිමි කොට ගත් වියතුන් රාශියක් මේ ස්ථානය බැබලවූහ. මේ නිසා මහායානික ඉගැන්වීම් පිළිබද අවසාන නිර්වචනය හා නිගමනය අපේක්ෂා කළ බොහෝ දෙන මෙහි අවුත් ඥානාලෝකය ලබා ගත්හ. අභිධර්මය හා බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය පිළිබද පුළුල් පර්යේෂණ හා අධ්‍යන කටයුතු මෙහි දී සිදුවිය.
(ආ) ශ්රාවකයාන බුදුසමය පිළිබද අධ්‍යයනය ද වෙන් වශයෙන් සිදුවිය. ශ්රාවකයානික බෞද්ධ සම්ප්රධායයන්ට අයත් විවිධ ශාඛා මගින් ඉදිරිපත් කැරුණු විවිධ සංකල්ප ගැන මොවුහු දැඩි විචාර ඉදිරිපත් කලහ. ගුරු- ශිෂ්‍ය දෙපිරිස එක්වී ඒවා පිළිබද සංවාද පැවැත්වූ අතර විචක්ෂණ හා ප්‍රවීන ආචාර්යවරු ග්රන්ථ සම්පාදනය ද කලහ.
(ඇ) බුද්ධධර්ම අධ්‍යයන විෂය ධාරාව යටතේ තන්ත්රයාන බුදුසමය පිළිබද අධ්‍යයනය ද සිදු විය. මහායාන බුදුසමයෙන් ම බිහි වූ සේ සැලකෙන තන්ත්රයානය මන්ත්‍ර, ධාරණී, යෝග සමාධි ආදී අංශ වලින් සමන්විත වූයේ ය. බුදුසමය දැඩි භක්තිවාදයකට නැඹුරු කල තන්ත්රයානික බුදුසමය විවිධ මුද්‍රා භාවිතා කරමින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට මග පෑදී ය.
එ ලෙස ම විවිධාකාර දෙවිදේවතාවුන්ගේ ප්‍රතිමා ඉදිකිරීමට මග සැලසී ය. නාලන්දාවේ බෞද්ධයන් තන්ත්රයානික දෙවිවරුන් ඇදහූ බවට සාධක කිසිවක් නොමැත. එහෙත් නෂ්ටාවශේෂවලින් ලැබී ඇති මේ නිර්මාණ කලාකෘතීන් වශයෙන් බෙහෙවින් අගයනු ලැබෙයි.
(iii) දර්ශන අධ්‍යන විෂය ධාරාව
පැරණි භාරතීය උසස් අධ්‍යාපන ආයතනවල දර්ශන විෂයට විශේෂ ස්ථානයක් හිමි විය. පුරාණ කාලයේ සිට ම බ්රාහ්සණික අධ්‍යාපන ක්රමයෙහි දර්ශන විෂයට වැදගත් තැනක් හිමි විය. සාමයික ඉගැන්වීම් විශයෙහි දාර්ශනික බලපෑම දක්නට ලැබෙයි. එ බැවින් නාලන්දා විශ්වවිද්‍යාලයෙහි දර්ශන අධ්‍යයන විෂය ධාරාව ප්‍රභලව පැවති බව පෙනේ. චතුර්වේදය, බ්‍රාහ්මණ ආරණ්‍යක, උපනිෂද් කෘති විෂය මාලාවට ඇතුළත් විය. ඒ සමග සාංඛ්‍ය, යෝග, න්‍යාය, වෛශේෂික, පූර්ව වීමාංසා, උත්තර වීමාංසා යන ෂඩ් දර්ශනය ද ජෛන සමය ද ශිෂ්‍යයන් විසින් ප්‍රගුණ කරන ලදි.හියුංසියෑං තෙරණුවන් සදහන් කරනව පරිදි එතුමා නාලන්දාවට පැමිණ ඇත්තේ යෝග ශාස්ත්‍රය හැදෑරීමට ය. එම සදහනට අනුව නාලන්දාවේ යෝග ශාස්ත්‍රය පිළිබද විශේෂඥ ගුරුවරුන් සිටිය බව සිතිය හැකිය.
(iv) ලෞකික විෂය අධ්‍යයන විෂය ධාරාව
දේශීය හා විදේශීය ගිහි සිසුන් මහත් රැසක් මෙහි අධ්‍යාපනය ලැබූහ. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් ලෞකික විෂය ධාරාව ද ව්‍යාප්ත ව පැවැතිණි. රාජ්‍ය පාලනය, වාණිජ කටයුතු, කෘෂිකර්මය ආදී ක්ෂේත්‍ර වලට අදාළ විෂයන් ගිහි සිසුන්ගේ ප්‍රයෝජනය සදහා උගන්වන ලදි. බෞද්ධ සංකල්ප වලට අනුරූප වන පරිදි ඒ විෂයන් ඉගැන්විණි යැයි අනුමාන කල හැකිය.ජ්‍යෝතිර් ශාස්ත්රයත් තාරකා විද්‍යාවත් විධිමත්ව ඉගැන්විණි. මෙහි පැවති උසම ගොඩනැගිල්ලෙහි ඉහළ මහල ආකාශ වස්තු පර්යේෂණාගාරයක් වශයෙන් භාවිත කොට ඇත. මේ ආකාශ වස්තු පර්යේෂණාගාරය පිළිබද හියුංසියෑං හා ඉත්සිං යන දේශාටකයෝ සිය වාර්ථාවන්හි සදහන් කරති. එබැවින් කාලගුණ විද්‍යාව හා තාරකා විද්‍යාව පිළිබද ප්‍රවීණත්වය ලත් ආචාර්යවරුන් සිටිය බව සිතිය හැකි ය. එසේ ම ඒ විෂය ක්ෂේත්රයට අදාළ පාඨමාලා ද විධිමත් වකාලය මැන බලා මුළු නගරයට ම වේලාව නිවේදනය ක කළ පෑ තැටියක් මෙහි තිබිණි.
පුරාණයෙහි සිට මභාරතයෙහි ඉතා දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් වූයෙ ය. නාලන්දාවෙහි උගැන්ම ලත් සිසුන්ට ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ පහසුකම් සලසා තිබිණි. රෝග හදුනා ගැනීම, රෝග විනිශ්චය, ඹෟෂධ නියම කිරීම ආදිය ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ සිදු විය. විවිධ රසායන බෙහෙත් වර්ග ද නිෂ්පාදනය කරනු ලැබිණි. ඇතැම් රෝග සදහා ශල්‍යකර්ම ද සිදු කරන ලදි.
ජ්‍යෝතිර් විද්‍යාව ඉගෙනීමත්, ඒ සමග නොයෙක් ලෙඩ රෝග වලට යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීමත් පුහුණු කරන ලදි. ලෙඩ රෝග වැළදුණු විට බෞද්ධයන්ට ද යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කිරීමට සිදුවිය. නාලන්දාවේ ආචාර්ය මණ්ඩලය බමුණන්ගේ යන්ත්‍ර - මන්ත්‍ර ක්‍රමය බෞද්ධ ස්වරූප ගන්වා බෞද්ධ මුහුණුවරකින් යුතුව සිය සිසුන්ට ප්‍රගුණ කල බව සිතිය හැකිය. සර්පයන් දෂ්ට කළ විට ප්‍රතිකාර කිරීම ද මෙහි ඉගැන්විණි.
(V) ලලිතකලා අධ්‍යන විෂය ධාරාව
මහායාන බුදුසමය කාලීන වශයෙන් සුඛනම්‍ය වී වර්ධනය වූ අතර පොදු ජනතා අවශ්‍යතා ගුරු තන්හි ලා සැලකූ බව එහි ඉතිහාසයෙන් හෙළිපෙහෙළි වෙ යි.බෝධි සත්ත්ව සංකල්පය මහායාන බුදුසමය තුළ දැඩි අවධානයකට යොමු වී ඇත්තේ මේ කාලීන සමාජ අවශ්‍යතා සපුරාලීමට එය ඉදිරිපත් වූ බැවිණි. මේ නිසා ගිහියන්ගේ ප්‍රයෝජනය සදහා ලෞකික විෂය ධාරාව ඇතුළත් වූ සෙම ඔවුන්ගේ සෞන්දර්ය රසඥතාව වර්ධනය කරලනු වස් ලලිතකලා විෂය ධාරාවක් ද විය. සංගීතය, චිත්‍ර, නැටුම් ආදී සෞන්දර්ය විෂයයන් මෙන් ම මූර්ති ශිල්පය, වාස්තු විද්‍යාව, කැටයම් කලාව, කාව්‍ය නාටක ආදී විවිධ අංශ ඉගැන්වූ බව සිතිය හැකිය. තාන්ත්‍රික බුදුසමයේ ඉගැන්වීම් තුළින් තාන්ත්‍රික ස්වරූප ගත් බුදු පිළිම, දේවතාරූප, බෝධිසත්ව ප්‍රතිමා ආදිය නිර්මාණය කොට ඇත. විහාර ගොඩනැගිලි ඉදිකොට ඇත. නාලන්දාවෙන් ලැබී ඇති නෂ්ටාවශේෂ වලින් ලලිත කලා අංශය නියෝජනය කරන සාධක ලැබී තිබීමෙන් ප්‍රකට වන්නේ එහි ලලිත කලා අංශය ප්‍රභලව පැවති බව යි.
අධ්‍යාපන ක්‍රමය
විශ්වවිද්‍යාලයේ සිසුන්ට දැනුම ලබා දීම සදහා අධ්‍යාපන ක්‍රම කිහිපයක් අනුගමනය කොට ඇත. දේශන ක්‍රමය, විවාද ක්‍රමය හා පෞද්ගලික සාකච්ඡා ක්‍රමය යන අංශ තුන ම ක්‍රියාත්මක වූයේ ය.
(අ) දැනට විශ්වවිද්‍යාලවල දක්නට ලැබෙන්නා සේ ඒ ඒ විෂයන් සදහා දේශන පැවැත්විණි. සාමාන්‍යයෙන් දිනකට දේශන 100කට අධික ප්‍රමාණයක් පැවති බව සදහන් වෙයි. මෙහිදී ගුරුවරයා අදාළ මාතෘකාව යටතේ දේශන පැවැත් වූ අතර ශිෂ්‍යයෝ සවන් දී සටහන් තබා ගත්හ.
(ආ) විවාදාපන්න විෂය කරුණු පිළිබද විවෘත විවාධ පැවැත්විණි. මේ විවාධ සියළු සිසුන් සදහා විවෘත වූයේ ය. ඕනෑම විද්‍යාර්ථියකුට ප්රශණ මතු කරමින් තර්ක විතර්ක කිරීමට ඉඩකඩ සැලසිණි. මේ කාලයේ දාර්ශනික, ආගමික, න්‍යායික විවිධ මත පිළිබද තියුණු වාද විවාද පැවති බව ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මේ විවාද ක්‍රමය ඉතා විචක්ෂණ ව සිදු වූ බව සිතිය හැකි ය.
(ඇ) නාලන්දා විශ්වවිද්‍යාලය දේශන ක්‍රමය හා විවාද ක්‍රමය යන අංශ දෙකට ම වඩා වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ පෞද්ගලික සාකච්ඡා ක්‍රමය කෙරෙහි ය. ඉතා ම ජනප්‍රිය ක්‍රමය දඑය විය. සැම ශිෂ්‍යයකුටම පෞද්ගලික ආචාර්යවරයෙක් සිටියේ ය. ශිෂ්‍යයාගේ ඉගෙනීමේ කටයුතු පිළිබද සොයා බැලීම මේ ගුරුවරයාට භාර විය. ශිෂ්‍යයාගේ අවශ්‍යතා, ඉගෙනෘමේ දුර්වලතා, ඒ සදහා යෙදිය යුතු පිළියම් ආදිය පිළිබද මූලික කරුණු මොහු විසින් සොයා බලා අවශ්‍ය ප්‍රතිකර්ම යොදවනු ලැබිණි. ශිෂ්‍යයාට දුෂ්කර පොතපත හැදෑරීමට, ඒවායෙහි ගැටළු නිරාකරණය කර ගැනීමට මේ ආචාර්යවරයා සහාය වූයේ ය. ශිෂ්‍යයාගේ හැසිරීම හා විනය පිළිබද සම්පූර්ණ වගකීම පෞද්ගලික ආචාර්යවරයා වෙත පැවැරිණි.ශිෂ්‍යයා පිළිබද කවර ආකාරයක ගැටළුවක් වුව ද මොහු වෙත යොමු කල යුතු ය. හියුංසියෑං තෙරණුවන් සිය පෞද්ගලික ආචාර්යවරයා ගැන සදහන් කොට ඇත. ඒ සදහනට අනුව පෞද්ගලික අාචාර්යවරයා සතු වගකීම ඉතා බැරෑරුම් වූ බවත්, වගකීමෙන් යුතුව ඔවුන් ක්‍රියාත්මක කල බවත්, එය හුදෙක් නාමමාත්රික පත් වීමක් නොවන බවත් ප්‍රකට වෙයි.
පුස්තකාලය
නාලන්දා විශ්වවිද්‍යාලය සතු ව සුවිසල් පුස්තකාලයක් වූයේ ය. ‘ධර්මගඤ්ජ’ නමින් හැදින්වුණු මේ පුස්තකාලය රත්නසාගර, රත්නෝදධි හා රත්නරඤ්ජන යන නමින් හැදින්වුණු මන්දිර තුනකින් සැදුම් ලද්දේ ය. රත්නෝදධි නමැති පුස්තකාල මන්දිරය තට්ටු නමයකින් සමන්විත විය. එහි මහායාන බුදුසමයට අයත් වූ ග්රන්ථ පමණක් තැන්පත් කොට තිබිණි. ඒ අනුව ඉහත සදහන් මන්දිර තුනෙන් සැදුම් ලත් පුස්තකාලය කොතරම් සුවිශාල දැයි සිතා ගත හැකි ය.
ඉත්සිං වාර්ථාවෙහි සදහන් වන පරිදි ඔහු නාලන්දාවේ වාසය කල වසර දහය ඇතුළත ශ්ලෝක 5,00,000ක් ඇතුළත් සංස්කෘත ග්රන්ථ 400ක් පිටපත් කරගෙන ඇත. පොත් පිටපත් කිරීම ද නාලන්දා සිසුන්ගේ දින චර්යාවට ඇතුළත් ව පැවතිණි. නාලන්දා විශ්වවිද්‍යාලයීය පුස්තකාලය වර්ථමාන විශ්වවිද්‍යාලයක පුස්තකාලයක් බදු යයි සිතීම නිවැරදි ය.
ග්රන්ථකරණය
කිසියම් විශ්වවිද්‍යාලයක කීර්තිය පැතිර යාමට එහි ආචාර්ය මණ්ඩලය බෙහෙවින් බලපායි. විචාරපූර්වක වූ ඉගැන්වීම් වලට අමතරව පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්රන්ථ පළ කිරීම ගෞරවයට හේතු වෙයි. නාලන්දා විශවවිද්යාලයෙහි එබදු වියතුන් සමූහයක් වාසය කලාට කලාට කිසිදු සැකයක් නොමැත. ඇචාර්ය නාගාර්ජුන, ආර්යදේව, චන්ද්‍රකීර්ති, ධර්මපාල, ශීලභද්‍ර, ශාන්තිදේව, ශාන්තරක්ෂිත, කමලශීල, භාවවිවේක, දින්නාග, ධර්මකීර්ති ආදී ආචාර්යවරු මේ සංඛ්‍යාවට ඇතුළත් ය. මාධ්‍යමික දර්ශන සම්ප්රදායෙහි ආරම්භක කතුවර ආචාර්ය නාගාර්ජුනපාදයෝ මෙහි ලා විශිෂ්ට වෙති. උන්වහන්සේ විසින් මූල මාධ්‍යමික කාරිකාව ආදී කොට ඇති දාර්ශනික කෘතීන් මහත් රැසක් රචනා කරන ලදි. බෞද්ධ තර්ක ශාස්ත්‍රයෙහි අසහාය විශේෂඥයා වශයෙන් සැලකෙන ආචාර්ය දින්නාග පාදයෝ න්‍යාය ප්‍රවේශය,න්යායද්වාර හා ප්‍රමාණ සමුච්චය යන තර්ක ශාස්ත්‍ර ග්‍රන්ථවල කතුවරයාණෝ ය. මූල මාධ්‍යමික කාරිකා වෘත්ති නමැති ග්රන්ථයෙහි කතුවර ආචාර්ය චන්ද්‍රකීර්ති පාදයාණෝ ද බෞද්ධ තාර්තිකයෙකි. අභිධර්ම කෝශ කතුවර ආචාර්ය වසුබන්දු පාදයෝ ද නාලන්දා ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ශාන්තරක්ෂිත පාදයන්ගේ තත්ත්ව සංග්‍රහ පඤ්ජිකා නමැති අටුවා ග්‍රන්ථයත් මහායානික ග්රන්ථාවලියෙහි සම්භාව්‍ය කෘතීහු වෙති.
නාලන්දා විශ්වවිද්‍යාලයේ මුල් ම වියතුන් අතර අසංග වසුබන්ධු යන දෙනමට ප්‍රමුකස්ථානයක් හිමි වෙයි. මේ දෙනම සහෝදරයෝ ය. බෞද්ධ යෝගාචාර දර්ශන සම්ප්‍රධාය තාර්කිකව ඉදිරිපත් කිරීමට මේ දෙපළ උද්යෝගිමත් වූහ. යෝගාචාර සම්ප්රධායෙහි ආරම්භකයන් ලෙස මේ දෙනම සැලකෙති. යෝගාචාර ධර්ම සංග්‍රහ, අභිධර්ම සමුච්චය යන ග්රන්ථ දෙකේ කර්තෘ අසංග පාදයෝ යි. අශිධර්ම කෝශය, විඥප්ති මාත්රතා සිද්ධි ශාස්ත්‍රය ආදී ග්රන්ථ කිහිපයක් ම ආචාර්ය වසුබන්ධු පාදයන් විසින් රචනා කරන ලදි.
නිදහස් අධ්‍යාපනය
නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නිදහස් ය. ශිෂ්‍යයන්ට අවශ්‍ය ආහාරපාන හා නේවාසික පහසුකම් ද නොමිලේ සැපයිණි. ආගම , ජාතිය, කුලය වශයෙන් කිසිදු භේදයක් නොවී ය.
විශ්වවිද්‍යාලයට රජවරුන් විසින් පුදන ලද ගම්වර දෙසීයක් තිබිණි. නාලන්දාවට අවශ්‍ය අාහාර පාන සපයන ලද්දේ මේ ගම් වලිනි. සිවුපසයෙන් කිසිදු ගැහැටක් නොවූ නිසා සිසුන්ට මුළු කාලය ම ඉගනීම සදහා කැප කළ හැකි වූ අතර ආචාර්යවරුන්ගේ විවේක කාලය ග්රන්ථ සම්පාදනය සදහා යෙදවිය හැකි වූයේ ය.
පැවිදි ශිෂ්‍යයන්ට පෙරවීමට සිවුරු විශ්වවිද්‍යාලය මගින් සපයන ලදි. සිසුන් සියළු දෙනාගේ සිවුරු එක බදු ය. ආචාර්යවරු තම පාණ්ඩිත්‍යය අනුව දිග රතු හිස් වැස්මක් පැළදූහ. ගුරුවරයාගේ උගත්කම වටහා ගැනීමට මෙය උපකාරී විය.
සංඝාවාස වල කාමර වෙන්කරනු ලැබූයේ භික්ෂූන්ගේ තත්ත්වයන්ට අනුරූපව ය. උගත්කමින්, සිල්වත්කමින් හා වෘද්ධභාවයෙන් වැඩි භික්ෂූන්ට ලොකු කාමර ද ශිෂ්‍ය භික්ෂූන්ට කුඩා කාමර දවෙන් කෙරිණි.
නේවාසික සිසුන්ගේ දින චර්යාව කාල සටහනක් අනුව ක්‍රියාත්මක වූයේ ය. විනාඩි 45 කට වරක් බෙරය හැඩවිණි. ආහාර ගැනීමට හා ජල ස්නානයට වෙලාවක් විය. විශ්වවිද්‍යාලය අසල දියනෑම සදහා තනනා ලද පොකුණු දහයක් පමණ තිබිණි. විනය නීතිරීති වලට අනුව නේවාසිකයන්ගේ දින චර්යාව සිදු විය. ජල ස්නානය සදහා සංඝාවාස වලින් යා නොහැකි අයට සංඝාරාමය තුළ මස්නාන පහසුකම් සලසන ලදි.
උදේ ජල ස්නානයෙන් පසු කවුරුත් බුද්ධ වන්දනාවට සහභාගී වෙති. පළමුව බුද්ධ ප්‍රතිමාව සුවද පැනින් නාවති. නාවා අවසන බුදු පිළිමය පිරිසිදු වස්ත්‍රයකින් පිස දමති. උඩු වියන් අල්ලා බුදු පිළිමය මලසුන කරා වැඩමවති. ඉක්බිති මල් පහන් පූචා කරති.
සවස කල වන්දනාව චෛත්‍ය වන්දනාව නමින් හැදින්විණි. නේවාසික සැම භික්ෂුවක් විසින් ම සංඝාරාමයෙන් බැස ස්ථූපයට මල්, සුවද දුම් පුදා පැදකුණු කරනු ලැබිණ. ඉන් පසු දනින් වැටී වන්දනා ගාථා ගීත ස්වරයෙන් උස් හඩින් කියනු ලැබිණි.
ජල ස්නානය, බුද්ධ වන්දනාව හා ආහාර ගැනීම ආදිය සදහා පමණක් නොව ඉගනීමේ කටයුතු සදහා ද නියමිත කාල සටහනක් වුයේ ය. හියුංසියෑං තෙරණුවන් සිය කාලසටහන පැහැදිලි ව සදහන් කර ඇති ආකාරයෙන් එය වටහා ගත හැකි ය.
ධර්ම දූත සේවා
නාලන්දා විශ්වවිද්‍යාලයේ පඩිවරු ටිබෙට්රට, චීනය ආදී රටවල් රැසක ම ධර්ම දූතයන් වශයෙන් ගිය හ. ශාන්තරක්ෂිත, පද්මසම්භව, කමලශීල ආදී තෙරවරු ටිබෙට් දේශයට වැඩම කොට ධර්ම ප්‍රචාරයෙහි යෙදුනාහ. උන්වහන්සේ එහි උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කල බවද සදහන් වෙයි.
නාලන්දාවට විදෙශීය ශිෂ්‍යයෝ බහුලව පැමිණියහ. නාලන්දාව හැම අතින් ම ජාත්‍යයන්තර විශ්වවිද්‍යාලයක් වී යයි කිව හැකි ය. පුරුතන බෞද්ධ අධ්‍යාපනයේ සකලාංග පරිපූර්ණ ආදර්ශවත් බෞද්ධ ආයතන නාලන්දා විශවවිද්‍යාලය මගින් මූර්තිමත් කැරිණි. මේ තත්ත්වය පුරා වසර දහසක් පමණ පැවතියේ ය.
දහතුන් වැනි සියවසේ මුස්ලිම් ආක්රමණික භක්තියාර් ඛිල්ජි බළසෙන් පිරිවරා නාලන්දාව වටලා එය සුනු විසුනු කළේ ය. එහි වූ භික්ෂූන් හිස් ගසා මරා දමනු ලැබූහ. සංඝාරාම ගිනිබත් කැරිණි. ගින්නනේ නොදැවී ඉතිරි වූ පෙතක් කියවා ගැනීමට හැකි භික්ෂුවක් ඉතිරි නොවූයේ ය. මේ කෲර ඝාතනය ක්‍රි.ව. 1200 දී පමණ වී යයි සැලකේ.
විනාශ වූ විශ්වවිද්‍යාලය නැවත ඉදි කිරීමට මුද්රිතභද්ර තෙරණුවෝ දිරිදැරූහ. එහෙත් මේ දැවැන්ත ආයතනය නැවත ගොඩනැගීම දුෂ්කර වූයේ ය.
වසර දහසක් පමණ භාරතීය ජනතාවට ධර්මාලෝකය හා ශාස්ත්රාලෝකය බෙදා දුන් නාලන්දා විශ්වවිද්‍යාලය, මුළු ආසියාව පුරා කීර්ති රාවය පැතිර වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ආයතනය වූයේ ය. මෙසේ දීප්තිමත් ප්‍රදීපස්තම්භයක් බදු වූ නාලන්දාව අතීත තොරතුරු පවසමින් නටබුන් අතරට එකතු වූයේ ය.