බෝධිසත්ව ධර්මය
ආදි බෞද්ධ චින්තනයෙහි අර්හත්වය හා නිර්වාණය ලැබීම පිළිබද ව විස්තරාත්මකව කරුණු ඇතුළත් වෙයි. රහත් බව ලැබීම සදහා පිළිපැදිය යුතු වත් පිළිවෙත් රැසක් පිළිබද විවිධ සූත්‍ර වල විස්තර කර තිබේ. මේ පිළිබදව දීඝ නිකායේ සාමඤ්ඤථල සූත්රයේත් මඣිම නිකායේ මොග්ගල්ලාන හා ගෝපක මොග්ගල්ලාන යන සූත්‍ර දෙකෙහිත් අංග සම්පූර්ණව විස්තර දක්වා ඇත. පෙළ දහමට අනුව බුදුරජාණන් වහන්සේ ද මහරහතන් වහන්සේලා සංඛ්‍යාවට මඇතුළත් වෙති. ආගමික චර්යාවේ දී කෙනෙක් සියළු ආශ්‍රව ධර්ම සමුච්ඡේද වශයෙන් ප්රහාණය කිරීම නිසා අර්හත් පදවියට පත් වෙති. එතුමා ස්වකීය ශක්තියෙන් ම විමුක්තිය උදාකරගත් උතුමෙකි. දිව්‍ය- මනුෂ්‍ය යනුවෙන් හැදින්වෙන සියළු ශාපයන්ගෙන් මිදුණු උතුමා සම්බුද්ධ ධර්මය ජනතාවට දෙසමින් මෙරමාගේ හිතසුව පිණිස හැසිරෙයි. ස්වකීය ශ්‍රාවකයනට බුදුරදුන්ගේ අවවාදය වූයේ ද එයයි. බුදුරදුන් ඇතුළු රහත් හැටඑක් නමකගේ ජීවිතය කැප වූයේ පරාර්ථ චර්යාව විශයෙහි ය.
ක්‍රි.පූ. දෙවන සියවස තරමේ දී ඇතැම් භාරතීය භික්ෂූහු මේ පිළිවෙතින් තරමක් ඈත් වූහ. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේගේ චර්යාව හුදෙක් රහත්බව ගැන පමණක් යොමු වූ ආරාමීය ජීවිතයක් බවට පරිවර්තනය වූයේය ය.පොදුමහ ජනතාව වෙනුවෙන් ඉටුකල ආගමික සත් කාර්යයන් කෙමෙන් අඩු වන්නට ඇත. පරහිතකාමිත්වයෙන් පමණක් නොව අධ්‍යාත්මික ශක්තියෙන් ද ඇතැම් භික්ෂූන් දුර්වල වනු දුටු තත්කාලීන බෞද්ධ පඩිවරු මීට ප්‍රතික්‍රියාවක් සේ බෝධිසත්ව ධර්මය ඉදිරිපත් කල හ. බෝධිසත්ව සංකල්පය නිසි පරිදි වටහා ගැනීමට නම් එකල පැවිදි ජීවිතයේ විද්‍යාමාන ශාන්ත විවේකී තත්ත්වයත්, එහි ම නිලීන ව අප්රකටව පැවති අකාර්යක්ෂම උදාසීන භාවයත් අප විසින් තේරුම් ගත යුතු වෙයි.
පසේ බුදුවරු ද ස්වශක්තියෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගත් අය වෙති. එහෙත් උන්වහන්සෙලා දුකේ ගැලී වසන පොදු මහාජනතාව ඒදුකින් මුදවා ගැනීමට උත්සුක නො වෙති.පොදු ජනයා වෙත කරුණාව හා පරහිතකාමීත්වය නොමැති පුද්ගලයන්ට ‘බුද්ධ’ යැයි ව්‍යවහාර කිරීම නුසුදුසු යැයි මහායානිකයෝ සිතූහ. මහායානිකයන්ගේ බෝධිසත්ව ධර්මය ආරම්භ වූයේ උදාසීන ආරාමීය ජීවන පිළිවෙතට මෙන් ම ආත්මාර්ථකාමී සේ පෙනෙන ප්රත්යෙක බුද්ධ සංකල්පයට ද එරෙහි වූ ව්‍යාපාරයක් වශයෙනි.මහායානිකබෝසත්වරයාශ්රාවකයානිකයන්ගේ රහතන්වහන්සේලාගේ හා පසේ බුදුවරුන්ගේ අධ්‍යාත්මික ආත්මාර්ථකාමය හෙළා දුටුවේ ය. මේ බෝධි සත්ව ධර්මය පිළිගත් අය රහතන් වහන්සේගේ නිර්වාණාවබෝධය ශේෂ්ඨ යැයි නො පිළිගත් හ. ඔවුහු බුදුරදුන්ගේ මූලික දේශනාවල අනුත්තර සම්මා සම්බෝධිය පිළිබද ව මිස අර්හත්ව බෝධියක් ගැන සදහන් නොවෙති යි ප්‍රකාශ කලහ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ‘බෝධිය’ ලබා ගත්හ. ඒ අනුව අනෙක් අය ද එසේ කළ යුතුය. අර්හත් පුද්ගයන්ගේ නිර්වාණාබෝධය පර්පූර්ණ ඥාන ප්‍රතිලාභයක් නොවේ. එබැවින් බෝසත්වරු මෙලොව වෙසෙන සියළු සතුන් දුකින් මිදවීම සදහා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරති. අර්හත්වය මගින් ලබන නිර්වාණාවබෝධය පහත් කොට සලකති.
බෝධිසත්ව සංකල්පය
කෙසේ වුව ද සියළු බෞද්ධ සම්ප්රධායන්හි බෝධිසත්ව සංකල්පය දක්නට ලැබෙන බව කිව යුතුය. බෝධිසත්ව යන පදය “බෝධි+සත්ව” යනුවෙන් දෙකට වෙන් කල හැකි ය. බුද්ධත්වය හා ධර්මාවබෝධය සේ අරුත් දැක්විය හැකිය. බුද්ධත්වය හා අධ්‍යාත්මික බලමහිමය යන අදහස් ද මෙහි ගැබ් ව ඇත. සත්ව(= සක්ත-්හක්ත) යන්නෙන් ‘ධර්මාවබෝධය ලැබීමෙහි ඇළුණු පුද්ගලයා’ යන්න පැවසෙයි. ඒ අනුව බුදුබව පතා ගුණ දහම් පුරන්නා වූ පුද්ගලයා ‘බෝධිසත්ව’ වෙයි. එ නම් බුද්ධාංකුරයා ය. ථෙරවාද පාලි ත්‍රිපිටකයෙහි ‘බෝධිසත්ත’ යන්න යෙදී ඇත්තේ මේ අරුතිනි. පසුකාලීන විවිධ අර්ථකථන හමු වුව ද මූලික අර්ථය එය සේ අප විසින් වටහාගත යුතු වෙයි.
බෞද්ධ ජීවිතය ගිහි - පැවිදි වශයෙන් දෙවැදෑරුම් බව අපි දනිමු. මේ දෙපිරිසෙන් බෝධිසත්වවරයාගේ ජීවිතය මහායානිකයන් සම්බන්ධ කරන්නේ ගෘහස්ථයෙකුගේ ජීවිතය සමග ය.බෝධිසත්ව සංකල්පය හා පැවිද්ද අතර ඇති සම්බන්ධය දුරස්ථ ය. ගිහි ජීවිතයෙන් ඇරඹෙන බෝධිසත්ව ජීවිතය අනුක්රමයෙන් පැවිදි ජීවිතයට සම්බන්ධ වෙයි. මහායානික බෝධිසත්ව චර්යාව පර්පූර්ණ වශයෙන් විස්තර කෙරෙන බෝධිචර්යාවතාරයෙහි මුල් පරිච්ඡේද කිහිපයේ දී නිරූපණය වන්නේ අලෞකික ජීවිතයට ක්‍රමයෙන් පරිවර්ථනය වන උදාර ගෘහස්ථයකුගේ ජීවිත පිළිවෙත යි. එහෙත් එය පාරමිතා පුරන අවධිය වන විට පැවිදි ජීවිතයකට පරිවර්ථනය වෙයි. එ බැවින් බෝසත් ජීවිතය ගිහි - පැවිදි ජීවිත දෙක්හි ම විශිෂ්ටතර ප්රතිමූර්තියකි.
සපුරන ගුණ දහම් අනුව බෝසතුන් තුළ පවත්නා සද්ගුණ රහත් නමක් තුළ ඇති සද්ගුණම ය. ඔහුගේ අධිශ්ඨාන ශක්තිය ප්‍රභල ය. දාන, ශීල, ක්ෂාන්ති,වීර්ය, ධ්‍යාන භාවනාව සහ පඥාව යන ගුණාංග ඔහු විසින් ඉතා නිවැරදිව වගා කල යුතුය. එහෙත් එහු බැතිමතෙකි. අතීත, වර්ථමාන සහ අනාගත බුදුවරුන්ට දවිවිධ උත්තර මානුෂික බෝසත්වරුන්ට ද නමස්කාර කරයි. පාපයෙහි නොයෙදෙන බවට ප්‍රතිඥා දෙයි. එසේම ඔවුන් ඉදිරියෙහි පාප දේශනයක (පාපොච්ඡාරණයක) ද යෙදෙ යි.
මහාකරුණාව හා මහාප්‍රඥාව
මහායානික පිළිගැනීම අනුව බෝධිසත්වවරයකු තුළ ඇති මහාකරුණාව අපරිමිතය. මහාප්‍රඥාව අනන්තය. බෝසතුන්ට මහාප්‍රඥාව අවශ්‍ය වන්නේ කරුණාව ක්‍රියාත්මක කිරීම සදහාය .මේ මහාකරුණාව ඔහුගේ පරාර්ථ චර්යාවෙන් මූර්තිමත් වෙයි. බෝධිසත්වවරයෙකු යම් ප්‍රමාණයකට පරාර්ථ චර්යාවෙහි නිමගුන වෙයි ද එපමනට ඔහුගේ කරුණාවේ මහත්වය පුකට වෙයි.
බෝධි චිත්තය පිළිබද ශාන්තිදේව පාදයන් ‘බෝධිචර්යාවතාර’ ග්රන්ථයෙහි දී කරණු ලබන විවරණය සංක්ෂිප්තව හෝ අප විසින් වටහා ගත යුතු වෙයි. මහායානික ධර්ම ග්රන්, අතර බෝධිචර්යාවතාරය ඒ කරුණ පිළිබද ප්‍රමාණික ග්‍රන්ථය සේ සැළකෙන හෙයිනි. “පින විදුලිය සේ දුර්වල වුව ද , අනිත්‍ය ද වේ.පව ඝනදුර සේ බලවත් ද භයානක ද වේ.” සම්බෝධි චිත්තය නොවන්නේ නම් එම පව ජය ගන්නේ කෙසේ ද ? ඒ පිණිස සම්බෝධි චිත්තය ම ප්‍රාර්ථනා කල යුතු වන්නේ ය.
බෝධිසත්ව අවධියේ පටන් අනල්ප කල්ප ගණනක් බෝධි චිත්තය වඩමින් බුදුවරයන් විසින් බුද්ධත්වය අවබෝධය කරන ලදි. නිදුකින් ඒ බුද්ධත්වය ම අප්‍රමාණ ජනයා සසර සයුරින් එතෙර කරන්නේ ය.
නිරය ගතීන්හි සිය ගණන් සසර දුක් හා ලෝකයාගේ ජාත්‍යාදී දුක් දුරලනු කැමතියන් විසින් ද , දිව්‍ය මනුෂ්‍ය සැප විදිනු රිසියන් විසින් ද කිසි දිනක බෝසත් සිත අත් නොහළ යුතු ය.
සංසාර නැමැති බන්ධනාගාරයෙහි බැදුණු අසරණයෙකු නමුදු බෝධි චිත්තය උපදවා ගත් කෙනෙහි බුද්ධ පුත්‍රයෙකැ’යි කියනු ලැබේ. එමතු නොව සුරනර අසුර ලෝකයාගේ වන්දනාවට හා ස්තුතියට ද හෙතෙම සුදුසු වූවෙක් වන්නේ ය.
ඒ බෝධි චිත්තය බෝධි ප්රනීධි චිත්තය, බෝධි ප්‍රස්ථාන චිත්තය යනුවෙන් දෙවැදෑරුම් වේ යයි නුවණැතියන් විසින් සැකෙවින් දත යුතුය. මෙහි වෙනස ගමනක් යනු කැමැත්තාගේ සහ ගමන යන්නාගේ ඇති වෙනස සේ ය.
බෝධි ප්රණීධි චිත්තයෙහි ද සංසාරයෙහි මහත් ඵල වන්නේ ය. එහෙත් ප්‍රස්ථාන චිත්තයාගේ මෙන් නොසිදී පවත්නා ඵලයක් එහි නැත. (බෝධිචර්යාවතාර 6-17)
බෝධිචර්යාවෙහි නිරත බෝසත්වරුන්ගේ සිත් තුළ පුණ්‍ය චේතනාදාමය නිවන් දකිනා තුරු නොසිදී පවති යි. පහත් අදහස් ඇති අයට සම්‍යක් සම්බෝධියට පැමිණිය නොහැකි ය.ඒ අයට ශ්‍රාවකයානය හා ප්රත්යෙකබුද්ධයානය රුචි වෙයි.මෙය එක සත්වයකුගේ හිසරදය දුරලීමත්, එක් එක් සත්ත්වයා විශය කොට සිළු සතුන්ට පිළියම් කිරීමත් අතර පවත්නා වෙනසට සම කල හැකිය. එබැවින් බුදු බවම විශිෂිඨ වෙයි. යමෙක් බෝධිසත්වයන් කෙරෙහි අපකාරයක් කරන්නේ නම් එය බුදුරදුන් කෙරෙහි කළ අපකාරයකි. එ පමනක් නොව බුද්ධත්වය නැසීමක් දදෙව් මිනිසුන්ගේ අභිවෘද්ධිය විනාශ කිරීමකි ද වෙයි.
බෝධි චිත්ත ප්‍රතිලාභයෙන් පසු බෝධිසත්වයන්ගේ සිරුර පූජාර්හ ශරීරයක් බවට පත් වෙයි. එබදු බෝසතුන් කෙරෙහි සිත පැහැදවීමෙන් පවා මහත් කුශලයක් ලැබෙන්නේ යැයි බෝධිචර්යාවතාරයෙහි සදහන් වෙයි.
ධ්‍යානී බෝසත්වරු
මහායානික ග්රන්ථ වල බෝධිසත්වයන්ගේ සංඛ්‍යාව අසීමිත බව දක්වා තිබේ. ලක්ෂ ගණන් බෝසත්වරු වෙති. ඔවුන් අතරින් ප්‍රධානම බෝසත්වරුන් කිහිප දෙනෙකුගේ නම් මහායාන සාහිත්‍යයෙහි දක්නා ලැබේ. ධ්‍යානී බෝධිසත්ව(මහාස්ථාම ප්‍රාප්ත හෝ ත්‍රෛලෝක්‍යවිජයී) වශයෙන් හැදින්වෙන බෝසත්වරු අට දෙනෙක් වෙති.
අවලෝකිතේශ්වර සර්ව නිවාරණ විශ්කම්භ
ආකාශගර්භ මෛත්රය
වජ්‍රගර්භ සමන්තභද්‍ර
ක්ෂිතිගර්භ මඤ්ජු ශ්‍රී
ඇතැම් මහායාන සූත්‍ර වල ධ්‍යානී බෝසත්වරුන්ගේ සංඛ්‍යව මීට වෙනස් ය. මහායාන බෞද්ධයෝ මේ බෝධි සත්වයන් දෙවිවරුන් මෙන් අදහති. මේ ධ්‍යානී බෝසත්වරුන්ට මුද්‍රාවක් ද, සංකේතයක් ද, වාහනයක් ද ඇත්තේ ය. ධ්‍යානී බෝසත්වරුන් අතර ප්‍රධාන අයලෙසට ගරු බුහුමන් වලට බදුන්ව සිටිනුයේ අවලෝකිතේශ්වර හා මඤ්ජු ශ්‍රී යන බෝසත්වරු දෙපල ය. සමහර කරුණු වලින් අවලෝකිතේශ්වර ප්‍රධාන ය. සමහර කරුණු වලින් මඤ්ජු ශ්‍රී ප්‍රධාන ය. මහායාන බුදුසමය ලක්දිවට පැමිණීමේදී මේ බෝසත්වරු ද හදුන්වා දෙන ලද හ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ බෝසත්වරුන්ගේ ස්වරූපය ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි වෙනස් වූ බව පෙනේ. ලක්දිව දී අවලෝකිතේශ්වර බෝධිසත්වයන් උපුල්වන් හා නාත දෙවියන් බවට පෙරළිණි. සමන්තභද්‍ර බෝධිසත්වයෝ සමන් දෙවියෝ වූහ.
දශභූමි
බෝධිසත්වවරයෙකු බුද්ධත්වය ලැබීමට පෙර පත්විය යුතු ‘භූමි’ හෙවත් ‘අවස්ථා’ දහයක් ඇත. මෙහි ‘භූමිය’ යන්නනේ එක්තරා ‘තත්ත්වයක්’ අදහස් කරණු ලැබේ. මෙම දශ භූමි ථෙරවාද බුදුසමයෙහි සෝවාන් ආදී වශයෙන් දැක්වෙන අවස්ථා හෙවත් තත්ත්වවලට සමාන කල හැක. දශ භූමි ලැයිස්තුව නම් වශයෙන් වෙනස් ලෙස සමහර තැනක සටහන් වී ඇත. දශ භූමි සූත්‍රයේ ඒ දහය දැක්වෙන්නේ මෙසේ ය:
1 ප්‍රමුදිතා =ප්‍රීතිමත්
2 විමලා= නිර්මල
3 ප්‍රභාකරී=බබළන
4 අර්චිස්මතී= ඔප්නැගෙන
5 සුදුර්ජයා= අත්කර ගැනිමට දුෂ්කර
6 අභිමුඛී= මුහුණට මුහුණ ලා සිටිම
7 දූරාංගමා= ඈත ගමන් කරන
8 අචලා= නිශ්චල
9 සිධුමතී=යහපත් අදහස් ඇති
10ධර්මමේඝා= දහමි වලාකුළක් වැනි
1. බෝසත්වරයකුට මනඃප්රණිධියත් සමගතමා නියත වශයෙන් බුදු වන බවත්, සියලු සතුන් නිවන් දැක්විය හැකි බවත් වැටහෙ යි. එ බැවින් හෙතෙම ප්‍රීතියෙන් පිණා ය යි. අවශේෂ පුද්ගලයන්ගේ මානසික මටිටම ඉක්මන හෙතෙම ආත්මාර්ථය මැඩලා පරාර්ථය ඉස්මතු කොට ගනියි. බුද්ධ බෝධිසත්වරුන් ඇසුරු කිරීමට පෙළඹෙ යි. සිය වගකීම වටහා ගන්නා ඔහු පැවිදි වී ධ්‍යාන භාවනා වඩයි. බුදු බව ලැබෙන තෙක් ගුණ ධර්ම වඩ යි.
2. බෝසත්වරයා හීන වූ ග්‍රාම්‍ය වූ සියළු ඇවතුම් පැවතුම්වලින් දුරු වෙයි. කිසිදු දූෂණයකට බදුන් නොවෙ යි. ශීල පාරමිතාව වඩ වඩාත් පුර යි, දශ කුසල් වඩ යි.
3. මේ අවස්ථාවෙහි දී බෝසත්වරයා නොයෙක් ආකාරයෙන් බබළන්නට පටන් ගනි යි. ප්‍රඥාව වඩමින් භාවනා වඩ යි. එහි ලා හෙතෙම පඤ්ච අභිඥා හා අෂ්ටසමාපත්ති ලාභියෙක් වෙ යි. මේ අවස්ථාවෙහි ක්ෂාන්ති පාරමිතාව වඩ වඩාත් පුර යි.
4. අර්චිස්මතී අවස්ථාවෙහි දී බෝසත්වරයා බෝධි පාක්ෂික ධර්ම වලින් දීපුතිමත් වෙ යි. ලෝකය පිළිබද පවත්නා වැරදි හැගීම් සියල්ල ඉවත ලයි. වීර්ය පාරමිතාව ප්‍රභලව පුර යි.
5. සිය සිත මනාව පාලනය කරගන්නා බෝධිසත්වවරයා සායළු බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කර ගනි යි. ශුන්‍යතාව ද අවබෝධ කරගනි යි. ධ්‍යාන පාරමිතාව වඩාත් ශක්තිමත් ලෙස සම්පූර්ණ කරගනි යි.
6. ප්‍රඥාව දියුණු තියුණු කරගනි යි. ප්‍රඥා පාරමිතාව වඩමින් ලොව පිළිබද යථාභූත ඥාන දර්ශනය උපදවා ගනි යි.
7. දූරංගමා භූමියේ දී කය, වචනය හා හිත වඩ වඩාත් පිරිසිදු කරගනි යි. බෝසතකු විසින් සුරකිය යුතු විනය සම්පූර්ණ කරගනි යි.
8. අචලා අවස්ථාවෙහි දී විශ්වයේ විකාශය පිළිබද අවබෝධය ඇතිකරගනි යි. බුදු බව සදහා අමුතු ප්රයත්නයක් නොදරන අතර විශ්ව මෛත්‍රිය පතුරුව යි.
9. සාධුමතී අවස්ථාවෙහි දී සියළු ලෞකික හා ලෝකෝත්තර ධර්ම අවබෝධ කොට ගනි යි. අනුන්ට ධර්ම අවබෝධ කර දීමට පොහෝනා ශක්තිය ලබා ගනි යි.
10. ධර්ම මේඝ අවස්ථාවේ දී බෝධිසත්වවරයා දහම් වැසි වස්සව යි. එ මගින් සියළු සතුන්ගේ කෙලෙස් ගිනි නිවාල යි. විවිධ ප්රාතිහාර්යයන් පෑමේ කුශලතාව ද ඔහුට හිමිය. දැන් ඔහු තථාගත භූමියට පත්ව සිටි යි.
මේ දශ භූමි අනුව බෝසත්වරයා අධ්‍යාත්මිකව උපරිම ශ්‍රේණියට පත්වන අයුරු පැහැදඅළි වෙයි. අධ්‍යාත්මික ශාන්තිය උදාකර ගත් එතුමා සකල ලෝ වැස්සන් ඒ තත්ත්වයටගෙන ඒමට ප්රයත්න දරයි. බෝධිසත්ව ධර්මයේ අනිවාර්ය කාර්යය එය යි.
පාරමිතා
ථෙරවාද බෞද්ධයෝ බුද්ධකාරකත ධර්ම සෙ දශ පාරමිතා හදුන්වති; පිළිගනිති. මහායාන බුදුසමයේ මුල් යුගයේ පාරමිතා හයක් පමණක් වූ අතර, පසුව එය දහයක් බවට වර්ධනය විය. ෂඩ් පාරමිතා මෙසේ වෙයි:
දාන පාරමිතා
ශීල පාරමිතා
ක්ෂාන්ති පාරමිතා
වීර්ය පාරමිතා
ධ්‍යාන පාරමිතා
ප්‍රඥා පාරමිතා
පසු ව මේ හයට පහත සදහන් පාරමිතා හතර එකතතු විය.
උපාය කෞශල්‍ය පාරමිතා
ප්‍රණීධාන පාරමිතා
බල පාරමිතා
ඥාන පාරමිතා
ඉහත දැක්වූ ෂඩ් පාරමිතාවන්ගෙන් ද පුධාන ස්ථානයේ ලා සලකනු ලබන්නප්රෙඥා පාරමිතාව යි. මෙහි ශ්‍රේෂ්ඨත්වය විදහා පෑම සදහා ලියන ලද ‘ප්‍රඥා පාරමිතා’ නමිනි වූ විශාල ධර්ම සාහිත්‍යයක් ද වෙයි. අවශ්‍යයෙන්ම භාවිතා කල යුතු ප්‍රඥා පාරමිතාව සදහා දාන -ශීලාදී සෙසු පාරමිතා උපකාරී වෙති. ප්‍රඥා පාරමිතාව ‘පුණ්‍ය සංසාර’ නමින් විස්තර කෙරේ. බුදුබව ලැබීමට අනිවාර්යයෙන් ම ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කල යුතුම වෙයි.
ථෙරවාද බෞද්ධ ඉගැන්වීම් අනුව එක් එක් පාරමිතාව, පාරමිතා, උපපාරමිතා පරමත්ථ පාරමිතා යනුවෙන් තෙ වැදෑරුම් වෙ යි. ඒ අනුව දස පාරමිතාව තිහක් බවට සංඛ්‍යාත්මක ව වර්ධනය වෙයි. එබදු බෙදීමක් මහායාන බෞද්ධයන් අතර අප්‍රකට ය.